"අඩෝ රණා මේ පැත්තට සිග්නල් කඳුළක් නෑනේ බං . ඉතින්
මල් කුමාරි ෆේස්භුක් ගියේ කොහොමද . මට නම් මේක අල්ලන්නෑ
බං " බයික් එකෙන් බහින්න කලින් මම රණමල් ගෙන් ඇහුවා .
මල් කුමාරි ටවුමේ කොමිනිකේෂන් එකක වැඩ බං ඒකෙ ඉන්න වෙලාවට තමා ෆේස්බුක් එන්නේ . උඹටත් මොනවදෑ සැක නැත්තේ . ?
මල් කුමාරිගේ ගෙදර උදවිය අපිව බොහොම ඉහළින් පිළිගත්තා එදා අපිව පිළිගන්න කෙල්ලගේ වටේ පිටේ උන්න නෑදෑයෝ බොහොමයක් ඒ පුංචි ගෙදර එක්කාසු වෙලා අපි එනකම් මග බලාන උන්නා. වෙල්කම් ඩ්රිංක් එක හැටියට කෙල්ලගේ නෑදෑ වෙච්චි අක්කා කෙනෙක් අසෝක වීදුරු පුරෝලා ගෙනද්දීපු පැනිදොඩම් අපි එක හුස්මට බීවා .
"උඹ ඔක්කෝම බොන්ඩ එපා ඔයි පැනිදොඩම් වීදුරුවෙන් බාගයක් මල් කුමාරිට දියන් සිරිත් විරිත් දන්නැද්ද බං ?.”
රිපිටා රණමලාගේ කනට කරලා කියාපු බයිලේ මට ඇහිච්චි නිසා හොඳා නැත්තම් විහිළු නොදන්න රණමලා අපි හැමෝමගෙම රෙදි ගැලවෙන්න එදා රිපිටා කියපු ගොබ්බ වැඩේ හැබෑවටම කරනවා .
කෙල්ලගේ ගෙදර මහ එවුං අපි ගෙනාපු අයිසිං කේක් ගෙඩිය අපි ඉස්සරදීම කපලා අපටම දුන්නු මොහොතේ අපේ හිත් ඒතරම් තැළුණේ නැති වුණත් කේක් කපාපු පිහේ තිබුණු වැලි අයිසිං එක්ක මිශ්‍ර වෙලා අපේ දත් අස්සෙයි විදුරුමහේ ඇමිණෙද්දී අපි හැමනියං කාලෙකදීම මේ ගමට වැස්ස වැටෙන්න කියලා ප්‍රාර්ථනා කෙරුවා .
මොහොතකින් කෙල්ලගේ මාමා (කෙලීගේ පියාගේ අයියා) ගෙදර උදවියව අපිට අඳුන්වා දුන්නා ඊට පස්සේ රණමලා උගේ පාප මිත්‍රයන් වෙච්ච අපිව කෙල්ලගේ ගෙදර උදවියට අඳුන්වා දුන්නා .
"මේ සාගර , මේ පුස්පෙ , මේ රිපිටා , මේ ජානක , එතකොට මෙයා තමයි සඳරු මෙයා නිසා තමයි මල් කුමාරිටයි මටයි අඳුනගන්න ලැබුණේ .”
"ආ එතකොට මෙයා කපු මහත්තයා නේ !”
කෙල්ලගේ පැත්තේ උන්නු නාකි ලොක්කෙක් මට අමු ටොකක් දුන්නා
"නිකං නෙවේ ෆේස්බුක් කපුවා !” රිපිටා හීන් හඬින් කොඳුරද්දී අපේ එවුන් හෙමි හෙමිහිට හිනා වුණා
"ආපිට ගියාම මම තෝව මරන එක මරනවා !" රිපිටා එක්ක මලේ මල පැන්න මම හිතෙන් හිතාගත්තා
මොහොතකින් ඇතුළු කාමරේක ඉඳන් විලි ලැජ්ජාවෙන් ගැහෙමින් මල් කුමාරි අපි ඉස්සරහට ආවා. මල් කුමාරි කැත කෙල්ලක් නෙවෙයි ඒත් . අවුවේ වැඩ පල කරලා නිසාදෝ ඒකි බොහොම කළුයි ඒත් ඒ කලු කෙල්ල ගාව සුදු කෙල්ලෝ සියක් දෙනෙක් ගාව නැති අමුතු සුන්දරත්වයක් තිබ්බා.කඩාදාපු කොණ්ඩේ මාගලක් වගේ දිගයි . අර කප් මේකප් නැති මූණෙන් අහිංසක කම බේරෙනවා. ඒකි දැක්ක මොහොතේ මට ඇති වුණේ පුදුමාකාර දුකක් මල් කුමාරි දියෙන් ගොඩ දාපු ගප්පි පැටියෙක් වගේ ගැහෙනවා . බොහෝම හෙමින් බිම බලාගෙන ඇවිදං ආපු මල් කුමාරි ඒ පුංචි ගෙදර සාලේ ලෑලි බංකුවක ඉඳගත්තා .
විනාඩි කීපයක් ගත වුණා . කවුරුත් කතා නෑ . කට්ටියම බකමූණු බිත්තර ගිල්ලා වගේ !
"රණමල් උඹ නංගිත් එක්ක එළියට ගිහින් කතා කරහන්කෝ .”
මම එහෙම කීවාම රණමල් නැගිට්ටා. උගේ පස්සෙන් මල් කුමාරිත් හෙමීට එළියට ඇදුණා . උන් දෙන්නා මිදුලේ ටිකක් දුරින් තිබුණු දෙළුම් ගහක් මුල කතාවට වැටුණා .
"අම්මපා කපු මහත්තයා නම් රාජකාරිය දේවකාරියක් ගානට කරනවා . හබෑවට කොම්පීතරෙන් කපුකම් කරනවා කියලා අපි දන්නේ අද . කොම්පීතරෙන් සාත්තර බලන විත්තිය දැන උන්නාට කපුකම් කරනවා කියලා දන්නෑ නොවැ . “
කෙල්ලගේ ගෙදර හිටි තරුණ පහේ කොල්ලෙක් ආයෙත් වංඟියක් මට ඇදලා ඇරියා .
"මේ මම කපුවෙක් නෙවෙයි අයියා . මම කොම්පිවුටර් පන්ති කරන කෙනෙක් .”
මට මල පැනලා කියලා තේරිලාද මන්දා ඊට පස්සේ එකෙවත් මට කපුවා කීවේ නෑ .
දවල් කෑම වෙලාව ලං වෙද්දී පිරිමි විතරක් ගෙයි සාලේ ඉතුරු කරපු ගෑනු හැමෝම කුස්සියට රිංගවුවා . හිටි ගමන්ම ගෙයි මුල්ලකින් තුවක්කුවක් ඇදලා ගත්තු මල් කුමාරිගේ තාත්තා සරමත් උස්සගෙන එළියට පනිද්දී මම හිතුවේ අපේ රණමලා මල් කුමාරිට අවැඩක් කරලා ඒක මල් කුමාරිගේ තාත්තට පෙනුණා කියලයි ඒත් මම වැරදියි .
ඩෝං ගාලා ඇහුණු ෂොට් ගන් එකේ වෙඩි සද්දෙට ගෙයි ටකරං වහලෙ දෙදරුම් කෑවා . මොහොතකින් ලේ බේරෙන වලි කුකුළෙක් අතින් අල්ලගත්ත මල් කුමාරිගේ තාත්තා කිසිම ගාණක් නැතිව ගෙයි මැදින් කුස්සියට ගියා . අපේ එවුන් මූණට ගලාපු දාඩිය කමිස අත් වලින් පිහිදමන්ඩ පටන්ගත්තා .
"ඒ මුං පුදුම මිනිස්සුනේ බං ?”
රිපිටා මගේ කනට කොඳුරවුවා
වලි කුකුල් මසුයි , කතුරුමුරුංගා කොළ මැල්ලුමකුයි . උකුවට හදාපු කවුපි හොද්දයි බෝල බටුත් ,මල් පපඩමුත් එක්ක ගෙදර මිනිස්සු අපිට රජ කෑම වේලක් ලැහැත්ති කරලා තිබුණා . කලු ගල් වගේ හයිය වලි කුකුල් මස් කෑලි අතරේ තිබිලා මට මූනිස්සමක් මට හැපුණාම මම ඒක හොරෙන්ම රිපිටාගේ බත් පිඟානට දමාපු හැටි කවුරුත් දැක්කේ නෑ .
බත් කාලා ඉවර වුණ අපිට අපිම ගෙනාපු දිගාමඩුලු මීකිරි කන්ඩත් බඩ දිග ඇරගන්ඩ සිද්ද වුණා . ඔය අතරේ දිගාමඩුලු කිරි ගැන අභිමානයක් දැනිලා අපේ සෙට් එකේ උන්නු සාගර අයියා ලොකු ටෝක් එකක් දෙන්ඩ ගිහින් අපි කවුරුත් පච වුණා .
"දිගාමඩුලු මීකිරි මුලු ලංකාවෙම ප්‍රසිද්ධයි . රුහුණේ මිකිරිත් කිරිද ? දිගාමඩුලු මීකිරි තමා අම්මාපල්ල මීකිරි ! “
සාගර අයියා බොහෝම ආඩම්බරෙන් මල් කුමාරිගේ ගෙදර උදවියට දිගාමඩුල්ලේ අභිමානය දෙසාබෑවා .
"ඒ පැත්තේ වැස්සියෝ රට වටේම කිරි පොවුව පොවුවා යන නිසා ගමේ වස්සන්ට පිටින් කිරි බොන්ඩ වෙලා වෙන්ටැ නේද ? .”
ඉඳලා ඉඳලා කතා කරපු මල් කුමාරිගේ තාත්තා අපි කවුරුත් ඉදිරියේ ලෝක කුණුහරුපයක් කීවා .
"මොකක්ද්ද බං අර මිනිහා කීව වඳුරු කුණුහරුපේ ?. ඒකිගේ දූ අහල පහළ ඉන්නවා කියලාවත් හිතවුවේ නෑනේ ඒකා . . මහ ජඩයෙක් ඌ නම්"
"කට වහං ඉඳින් . වලි කුකුළට වෙච්චි දේ දැක්කානේ .”
මම එහෙම කීවාම මගේ කනට කොඳුරමින් උන්නු සාගර හෙමීට සයිඩ් වුණා .
නොකෑ එකා දරණ ගහනවා කෑ එකා යන්ඩ ඇදෙනවා . සතා සරුපයාගේ වුණත් සුබාවේ ඒකයි . ඒ බව හොඳ හැටි දන්න නිසා අපි කවුරුත් කාලා බීලා මොහොතක් ගත වුණාම ගෙදර මිනිස්සුන්ට සමු දීලා හොඳ හිතින් යන්ඩ පිටත් වුණා . අපිව ඇරලවන්නත් පෙරමගට ආපු ඒ හොඳ මිනිස්සු අපිට ගෙදර ගෙනියන්ඩ බඩ ඉරිඟු සහ ගස් ලබු මලු දෙකක් පිරෙන්ඩම තෑගි කරන්ඩත් අමතක කළේ නෑ .
රණමලාට මල් කුමාරිව යමින් කැපෙනවා . උන් දෙන්නාට දෙන්නා බොහොම ආදරෙයි . ෆේස්බුක් ගිණුමකින් පටන් ගත්තු ආදරයක් මේතරම් ලස්සන වේවි කියලා මම කවදාවත් හිතවුවේ නෑ . අපි ගෙදර පරෙස්සමින් ආවාදැයි බලන්න රණමලාගේ ෆෝන් එකට කෝල් කරපු මල් කුමාරි අපි ආපු එකට අපට නොසෑහෙන්න ස්තූති කරන්ඩ අමතක කළෙත් නෑ . ෆේස්බුක් ගිණුමක් රණමලාට හදාල දුන්නු මටත් මල් කුමාරි බොහොම පින් දුන්නා . ගෙදරදී ලැජ්ජා කාරි වුණාට ඒකි ෆෝන් එකෙන් බොහොම කටකකාරයි .. !
දින සති ගෙවෙනකොට මල් කුමාරිගේ ගෙදර උදවිය අපේ ගම් පළාත වෙච්චි වැවුගම්පත්තුවට අවුදින් රණමලාගේ දෙමවුපියන් මුණ ගැහෙන්න දින දමා ගත්තා . රණමලාගේ අම්මා අප්පා ඩබලත් පදියතලාවේ ඇත්තෝ මුණ ගැහෙන්න කැමති වුණ නිසා රණමලා උන්නේ බොහෝම සන්තෝසෙන් . ඉතින් අපටත් බොහොම සන්තෝසයි .
මල් කුමාරිගේ ගෙදර උදවිය එන නිසාම රණමලා අපිත් එක්ක එක්කාසු වෙලා ගේ දොර කල එළි කරලා වත්ත පිටිය පිරිසිදු කරලා ගන්ඩ බොහොම මහන්සි ගත්තා . අපේ එකාට බොක්කෙන්ම උදවු දීපු අපිත් බෑ නොකියා මහන්සි වෙලා රණමලාගේ ගේ පොඩ්ඩ දිව්‍ය මාලිගාවක් වගේ හැඩ වැඩ ගැන්නුවා .
රණමලාගේ කෙල්ලගේ පැත්තේ නෑයෝ වැවුගම්පත්තුවට එන දවස උදා වුණාම ඒ උන්දෑලට මග පෙන්වන්න මමත් රිපිටත් බයික් බයික් එකෙන් උහන හන්දියට වෙලා කට්ටිය එනතුරු මග බලාන උන්නා. මහඔය, මංගල ගම, පියංගල, පහුකරලා උහනට එනකම් ආපු ඩීමෝ බට්ටා ලොරියක මල් කුමාරිගේ නෑදෑ පිරිස අවුදින් තිබුණා මල් කුමාරි නම් එදා අවුදින් හිටියේ නෑ. අපේ බයික් එක ඉදිරියෙන් ගිහින් රණමලාගේ ගෙදරට එනකම් ඒ ලොරියට මග පෙන්නවුවා .
"බලහං මචං අතපය දිග ඇරලා ලොරියක් පුරෝලා තෑගි බෝග ගෙනත් අපිට කොයින්ද බං මේ වගේ කෙල්ලෝ ලබන්ඩ වාසනාවක් . අනේ මටත් ෆේස්බුක් එකක් හදාල දියංකෝ පදීතලාවේ කෙල්ලක් සෙට්කරගන්ඩ .”
මගේ බයික් එකේ පිටුපස උන්නු රිපිටා තමා එහෙම කීවේ . !
අලුත මුණ ගැහුණ නෑදෑයෝ බොහෝම සුහඳව කතා බහ කරනවා හිනා වෙනවා දැකලා මට දැනුණේ පුදුම සැනසීමක් . ජීවිතේ එක වතාවක් හරි මගේ අතින් පටන්ගත්තු වැඩක් බොහොම ලස්සන අවසානයකට කිට්ටු වෙනවා කියලා මට හිතුණා .සත්තයි ! අවංකවම මම එදා ගොඩක් සන්තෝස වුණා ..
"සඳරු පුතේ අරවා ගෙනාවද ?”
කඩිමුඩියේ මාගාවට දුවගෙන ආපු රණමල්ගේ තාත්තා මට කලින් කියපු පයිණ්ඩයක් ගැන විතර ඇහැවුවා .
"ගෙනාවා මාමා !”
එහෙම කියාපු මමයි රිපිටයි අපි දෙන්නාගේ ඉනේ හංඟාගෙන උන්නු හිඟුරානේ පෙරන රවුන්ඩප් ! බෝතල් එක හමාර හෙමිහිට රණමලාගේ තාත්තා අතට දුන්නා .
"අච්චර දුර ඉඳන් ආපු ඈයින්ට නොසලකා කෝමද ? . සඳරු පුතේ අර උගුරැස්ස පඳුර යට ඉස්ටූල් එකකුයි පුටු තුන හතරකුයි තියලා පොඩ්ඩක් ලයින් කරහන්කෝ මේ වැඩිහිටි අයට සලකන්ඩ .”
රණමල්ගේ තාත්තගේ අණ පරිදි රණමලාගේ යාළුවෝ වෙච්ච අපි . උගුරැස්ස පඳුරක් යට මධුවිතට සෙට් වෙන්න හැකිවෙන්ඩ බොහොම පොඩි පොට් එකක් ගොඩ නගලා පදියතලාවෙන් ආපු නෑයින්ට එතනට ආරාධනා කෙරුවා .
වැඩිහිටියන්ට රවුන්ඩප් කෙලින්ඩ දීලා අපි නිදහසේ පදියතලාවෙන් ආපු මල් කුමාරිගේ නෑදෑ කෙල්ලන්ට ඇහැ දැම්මා . ඉතින් වෙලාව යනවා දැනුනෙවත් නෑ . පදියතලාවේ උදවිය අපිට කරපු සංග්‍රහයට නොදෙවනි සංග්‍රහයක් පදියතලාවේ උදවිය වෙනුවෙන් රණමලාගේ ගෙදරත් ලැහැත්ති කරලා තිබුණා .
යාන්තම් බත් දීසිය මේසෙට ගෙනාවා විතරයි . !
"අඩෝ කවුද Paකෝ මට පැස්ටොල් පෙවුවේ . ? මුන් මට පැස්ටොල් පෙවුවා තිරිසන්නු .!මේ අරක්කු නෙවේ මේ පැස්ටොල් ! ! ! “
මහ හයියෙන් කෑදෙන්නේ කවුද කියලා බලන්න රණමලයි, මායි, රිපිටයි දෙන්නා ගෙයි පිටිපස්සට දිවුවා .අපි දැක්කේ ජීවිතේට එක වතාවක් විතරක් බලන්න ලැබෙන බොහොම වටිනා දර්ශනයක් .
මල්කුමාරිගේ තාත්තා සරම ගලවලා කරේ දාගෙන අමු හෙළුවෙන් පපුව අතගගා කුස්සිය පැත්තෙන් ගෙඩ ගොඩ වෙන්න හදනවා . රණමලාගේ තාත්තා බිම වැටිලා . ගෑනු විලාප තියෙනවා හොදි හැළියක් බිම ඉහිරිලා .
"මොකෝ මේ ?”
අපි හනිකට එළියට පැනලා ඇහැවුවා .
"මුන් මට පැස්ටොල් පෙවුවා අරක්කු කියලා . මයෙ පපුව දනෝ මයෙ පස්ස දනෝ . ඉන්ඩ බැරෝ . වතුර දියෝ . !”
මම පට් පට් ගාලා ගිහින් ගුටියක් වැදිලා බිම වැටිලා උන්න රණමලාගේ තාත්තව නැගිට්ටෙවුවා
පදියතලාවේ නෑදෑයෝ ඉක්මනට ක්‍රියාත්මක වෙලා කලබල කරන මල්කුමාරිගේ වයසක තාත්තව අතපය ගැට ගහලා ලොරියේ ඉන්දෙවුවා
"අනේ අපෙ මහත්තයට අසනීපයි මොළේ ටිකක් හොඳනෑ . එයා බිවොත් අසනීපේ වැඩිවෙනවා ඇකිරියං කුඹුරෙ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා මෙයාට වැරදිලාවත් අරක්කු බොන්ඩ එපා කීවා .”
මල්කුමාරිගේ අම්මා එහෙම කීවාම අපිට මල්කුමාරිගේ තාත්තාගේ අමුතු හැසිරීමට හේතු කාරණා සේරෝම තේරුම් ගියා .
"ඉතින් හත්තිලවුවේ අපි දන්නවාය .? බොනවදෑ කියලා අහපුහාම බොමුය කීවානේ. හාහා ඒකෙන් මේකෙන් කමක් නෑ වෙච්ච දේ අපි අමතක කරමු අපි කවුරුත් මිනිස්සුනේ අපි කවුරුත් ලෙඩ වෙනවා නොවැ. කට්ටියම හොඳ හිත නරක් කරගන්නැතුං කෑම කමු .”
රණමලාගේ තාත්තා බොක්කෙන්ම එහෙම කියද්දී පදියතලාවේ නෑයොන්ට ඇඬුණා .
රණමලා ගිහින් පිස්සු තදවෙච්චි මල්කුමාරිගේ තාත්තට බත් කැවුවා . අතපය ගැටදාලා ලොරියේ ඉන්දවලා තිබුණු නිසාම රණමලා බය නැතුං ගිහින් පොරට බත් ගුලි ගිල්ලෙවුවා .කවුරුත් කාලා බීලා ඉවර වුණාම රණමලාගේ දෙමවුපියෝ රණමලාටයි මල්කුමාරියි දෙන්නගේ සම්බන්දෙට අවසර දුන්නා .
ඉතින් හැමෝම බොහොම සන්තෝසෙන් යන්ඩ ගියා . ඉතිරි වෙච්ච ගල් බාගයක් ඉනේ ගහගෙන රණමලාගේ ගෙදරින් බත් එකකුත් ඔතාගත්ත මායි රිපිටයි දෙන්නත් හෙමීට කැලේ පැත්තට පද්දවුවා .
*******
කල් ගතවෙනකොට අපි කාටත් ඔය කෙළි අමතක වෙලා ගියා මටත් රණමලාව වැඩියෙ හම්බුනේ නෑ . ඒත් පහුගිය සතියේ දවසක මට නොදන්නා කෙනෙක් ෆේස්බුක් පණිවිඩයක් එවලා තිබුණා . මමත් හොඳට ළංවෙලා බලවුවා . හත්තිලවුවේ ඒ මල් කුමාරි .
"සඳරු අයියේ රණමල් මට කෝල් කරන්නේ නෑ . එයා ෆේස්බුක් එකට එන්නෙත් නෑ . අනේ මට කෝල් කරන්ඩ කියන්ඩ .”
මල් කුමාරි එවාපු මැසේජ් එක දැකලා පොඩ්ඩක් කලබල වෙච්ච මම එදා හවස් වරුවේ රණමලා හොයාගෙන ගියා . කැටකෑල ගහක් යට ඉඳන් දුම් වැටියක් බොන ගමන් රණමලා මට උගේ ආදර කතාවේ අවසානය කිවුවා .
"මම මල් කුමාරිව අතෑරියා බං .! . මට ඒකි ළොවෙත් හොඳයි කිසි අඩුවක් නෑ . ඒත් බං ඒකි මට නිතරම කියනවා අපි දෙන්නා එකතුවෙලා අන්තිම සතේ හරි වියදම් කරලා තාත්තව සනීප කරමු කියලා . “
"ඉතින් පවුනේ බං "
"පවු තමා බං . යකෝ ඒකිගේ තාත්තව ගොඩ දාන්න වියදං කරන්ඩ මට සල්ලි කෝ .තාත්තට බෙත් කරන්ඩ උන් මුලු සේසතම දිය කරලාලු තියෙන්නේ . මමත් රුපියල් හත්දාහක් දුන්නා එක වතාවක් බං . මේක හරියන්නෑ මෙහෙම ගියොත් සඳරු මල්කුමාරිගේ තාත්තගේ පිස්සුව හොඳ වෙද්දී මට පිස්සු හැදිලා තියේවි .”
"උඹට හරියි කියාල හිතෙන දෙයක් කරහන් රණා .”
"අපි කියලා සල්ලි කාරයෝ නෙවෙයිනේ සඳරු . ඒකි ඒකිගේ දෙමවුපියෝ ගැන හිතනවා වගේ මම මගේ දෙමවුපියෝ ගැන හිතන්ඩ ඔනෑ . මම හම්බුකරන තුට්ටු දෙක උන්ට වියදම් කරන්ඩ මට බෑ බං. ඒක මට යාදින්නෑ . “
"හ්ම්. උඹ හරි රණා .. ඒත් උඹ ඒ බව මල්කුමාරිට කියහන් . “
"අපෝ බෑ සඳරු ආයේ ඒකිත් එක්ක කතා කරන්ඩවත් මට බෑ මට ඒකිව දැක්කොත් ආයේ ආදරේ හිතෙනවා . උඹ මයෙ ෆේස්බුක් එකවුන්ට් එක මකලා දමාපං . මම සිම් එකත් තළලා ඇළට විහික් කෙරුවා .”
"හ්ම් . මං එහෙම කරන්නම් .”
"ආ සඳරුවා තව උදවුවක් කරහන් .”
"මොකක් ?”
රණමලා මට උගේ සාක්කුව ඇදලා මල් කුමාරිගේ පොටෝ එකක් දුන්නා
"මේක පුච්චාපිය . දැන්ම පුච්චාපිය .”
රණමලා දුක්බර හඬින් එහෙම කියද්දි මම අතේ තිබුණු සිගරට් එකෙන් මල් කුමාරිගේ ෆොටෝ එකේ ඇස් දෙකයි කටයි පුච්චවුවා අන්තිමේට ෆොටෝ එකම පුච්චලා දමවුවා .
ඉතින් ඔය විදිහට මම මුල් වෙච්චි තවත් එක සිදුවීමක් කඳුලකින් අවසන් වුණා . රණමලා ටික දවසක් මූඩ් ගහලා ඉඳලා ආයෙමත් පුරුදු විදිහට වැඩ කරන්ඩ පටන් ගනීවි .මල් කුමාරිත් ටික දවසකින් රණමලාව අමතක කරලා දමාවි. ඉන් පස්සේ ආයෙමත් හෑම දෙයක්ම හරියාවි .දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් සල්ලි වලටම විතරයි .දුප්පත්කම අස්සේ අවංක ආදරේට කිසිම තැනක් නෑ.! මම ඒ වග මේ කතාවෙදිත් හොඳට තේරුම් ගත්තා .