5.10.16

බාල දක්‍ෂයෝ සහ පකිරිම්බෝ






ඔය සිද්ධිය පත්තු වුණේ මං අකමැත්තෙන් ඉස්කෝලෙ යන කාලේ .. තවත් ලං කළොත් ඒ මම දහය වසරේ ඉගෙනගන්න කාලේ ..

ඔය කීව දවස් වල මගේම පන්තියේ හිටිය එක අපූරු කෙල්ලක් එක්ක බැඳිච්චි මරු කතාවක් මට බත් කන වෙලාවට නිතරම මතක් වෙනවා . බත් කාලා අත හෝදාගත්තම ආයේ ඒ කතාව මට අමතක වෙලා යනවා .. ඉතින් ඒ නිසා ඒ කතාව ලියලා දාන්න මට හිතුණා .

හැබැයි ...අම්මපා ..!! මෙවුවා කියෝලා මදි උඹලා ඒකිව දකින්ඩම ඔනෑ...

ඒකිගේ නම නන්දනී ..

පන්තියේ හිටිය කෙල්ලන්ගෙන් ලස්සනම ඇඟපත පිහිටලා තිබුණේ නන්දනීට .කුරුලෑ ටිකක් තිබ්බට.. මූණෙත් කියන්ඩ තරම් වරදක් නම් තිබුන්නෑ .. ඒත් ඉතින් ඇඟපසඟ සහ පසුපස නම් අඩුවක් පාඩුවක් නැතුං යස අගේට තිබුණා. ඒ මදෑ සැනසෙන්ඩ ..

තේඩාව වගේ කොණ්ඩෙ ගොතලා, දණිහෙන් යාන්තමට උඩට හිටින්න ගවුම ඇන්ඳ නන්දනීට මං ආසයි .. නන්දනී පන්තිය අතුගානවා බලන්නත් මම ආසයි .

කොහු අඩු කොස්සෙන් පන්තිය අතුගානකොට නන්දනීගේ ඇඟ ලතාවට පැද්දෙනවා . බිමට පාත් වෙලා කඩදහි කොළ අතින් අහුලගනිද්දී මේ දැං හදවුව කිරිබත් තලියක් වගේ සකල සරීරෙම ගැස්සෙනවා ..ඕං එතකොට තමයි මට මයෙ පපුකැවුතු කඩාන කන්න හිතෙන්නේ ..!

ලස්සන කෙල්ලක් දැක්ක තැන පපු කැවුතු කඩාන කන්ඩ හිතෙන එක වියළි කලාපේ ජීවත් වෙනකොට ඇතිවෙන අතුරු ආබාද අතරින් එකක් මිස වනචර කමමත් නෙවෙයි..

ඉතින් ඔයිං මෙයිං දවස ගෙවුණා.. මයෙ හිතත් නියපොත්තෙන් කොනිත්තාපු ලබු දල්ලක් වගේ නන්දනීගේ පැත්තෙට හේත්තු වෙමින් තිබ්බා .

අපෙ ඉස්කෝලේ බාලදක්‍ෂ ජම්බෝරියක්ද පම්පෝරියක්ද ? කියලා මොකද්දෝ වඳුරු නැටුමක් පැවැත්තුවුණේ ඔය කියන දවස් වල .. මම නම් ඔය බාල වැඩ වලට සම්මාදං වෙන්න කවදාවත්ම කැමති වුණේ නෑ . ඉතින් ඒ නිසා මං බාල දක්‍ෂ කණ්ඩායමේ උන්නෙත් නෑ ,කවුරුත් මාව ගත්තෙත් නෑ. ඒත් හදිසියේම වගේ හෙණයක් පාත් වෙලා මටත් බාලදක්‍ෂ වැඩේට එක්කාසු වෙන්ඩ සිද්ධ වුණා . ඒකත් හරි පුදුම දෙයක් .!

සඳරු පොඩ්ඩක් මෙහෙට එනවා .”

ඔන්න දවසක් හදිසියේම බාලදක්‍ෂ වැඩ භාර බාලසූරිය සර් මට කතා කළාම මම සුදු කමීසේ හෙම පට් පට් ගාලා යට කරගන්න ගමන් උන්දැ ළඟට ගියා ..

ඇයි සර් ?”

හෙට හවස අපේ ඉස්කෝලේ බාල දක්‍ෂ කඳවුරක් තියෙනවා.. ඉස්කෝල කීපයකින්ම ළමයි ඇවිදින් ඒ වැඩ සටහනට එක්කාසු වෙනවා .”

ළමයි එන්නේ කොයි කොයි ඉස්කෝල වලින් දෑ සර් ?” මං මැදිං පැන්නා

පූජියාමා විද්‍යාලයෙනුත් එනවාලු .. ඒත් වැඩියෙන් එන්නේ මහනුවර ගුවාවා විද්‍යාලයෙ ළමයි ..”

ෂා !! ගුවාවා විද්‍යාලේ ළමයිත් එන එක අපිට කොච්චර ආඩම්බරයක්ද

හ්ම් හ්ම් එහෙනං උඹත් හෙට පන්තියේ කොල්ලෝ ටිකක් එක්කාසු කරගෙන වරෙන්

සර් මං ඔයි බාල දක්‍ෂ වැඩ වල නෑ නේ ! මොකට මං එන්නේ ..?“

.. අපේ ඉස්කෝලේ බාල දක්‍ෂ කණ්ඩායමේ ළමයි අඩුයි .. ඉතින් උඹලත් ඇවිත් ඉස්කෝලේ වෙනුවෙන් පෙනෙන්න ඉඳගෙන හිටපල්ලා වෙන මුකුත් කොරන්න ඔනෑ නෑ !. “

ඉස්කෝලේ ඇඳුමින්ම එන්ඩ ඔනෑද ?”

“ඕන්නෑ ...”

ආ...!! හෙනං අපි එන්නං සර් .. “

බාලසූරිය සර්ට පොරොන්දු වෙච්ච විදිහටම මමයි අපේ පන්තියේ පකිරිම්බො සෙට් එකයි පහුවදා දවල් වරුවේ ඉස්කෝලේ නෑවිදින් ඉඳලා ,හවස නාලා, දත් එහෙමත් හොඳට මැදලා, කිට මරලා ආයෙමත් ඉස්කෝලෙට යද්දි වෙලාව හැන්දෑවේ හතරකුත් ගානට විතර ඇති .

මහනුවර ගුවාවා ඉස්කෝලෙන් කෙල්ලොත් එනවැයි කියලා හිතාගෙන අපි බොහොම සුමටව සියුමැලිව අපේ හැඟීම් පාලනේ කරගෙන ඇඳ පැළඳගෙන සීරුවෙන් වගේ ඉන්න හිතට ගත්තා ..

පිට ඉස්කෝල වලින් නොසෑහෙන්න කොල්ලෝ අවුදින් හිටියා ඒත් දෙයිහාමුදුරුවනේ එකම එක ඉස්කෝලෙකින්වත් කෙල්ලෝ ඇවිත් හිටියේ නෑ .. බැලූ බැලූ අත හිටියේ කොල්ලෝ යායක් විතරයි .. මම හිතාගෙන උන්නේ මහ නුවර පැත්තේ පින්න ඉහුණ බාබන්ඩේසියා මල් බන්දේසියක් වගේ බාලදක්‍ෂිකාවන් රෑනක් අපේ ඉස්කෝලෙටත් ඒවිය කියාලා ..ෂිහ් !!

ගමට හුළං විතරක් හිමි හන්දා… නගරේ පුහුලං අපිට කොයින්දා ? .. අපි හිත හදාගත්තා

හ්ම්..අතරින් පතර අපේ ඉස්කෝලේ කෙල්ලෝ ටික නං හිටියා .. නොහිටියා ..අපි උන් දිහෑ බලාගෙන හිත් නලෝගත්තා .. ලේ කෝප කරගත්තා ....

රිපිටයි , ලපයයි , බත් ඇටයයි, මමයි යන ෆෝ මස්කචියර්ස් ලා තුන් දෙනා එකට හිටි හින්දාදෝ හිතට අමුතු ජවයක් දැනුණා . ඒ විතරක් නෙවෙයි එහෙන් මෙහෙන් ඇවිදලා, හිනා වෙලා, පොඩ්ඩක් උඩ දාලා යන නන්දනීව දැකපු හැටියේම මගේ හිත පිනුම් ගැහැවුවා .

අඩෝ මේ පිටිං ආපු එවුන් ඉස්සරහා අපි හාල් වෙන්ඩ බෑ මේ අපේ වැයික්කිය ඒක හිතට ගනියවු.පිට ඉස්කෝලෙ එවුන්ට පදිරි වෙන්ඩෙපා !!”

රිපිටා අපි හැමෝටම මෝඩිවේසන් ඉන්ස්ට්‍රක්සන් දුන්නා ..

හිරේ ගියත් ගේමක් නෑ ඩෝ!! අපි නැගෙනහිර පකිරිම්බෝ !”

මම ඒ වගේ බැල්මට් එකක් මවාගෙන පිට ඉස්කෝල වලින් ඇවිදින් උන්නු එවුන් දිහාවට කෂඩ බැල්මට් එකක් දැම්මා . මගෙත් එක්ක උන්නු සෙට් එකත් "පස්ස ගාතේ කනවා ඩෝ !!" කියන බැල්ම දාගෙන, " ඉස්කෝලේ..." ගැම්ම පපුවටම අරගෙන, පපුව උඩටම අරගෙන බෝම ආඩම්බරෙන් ඉස්කෝලේ වටේ රවුමක් යන්න පටන්ගත්තා… විතරයි....!!

අනේ සඳරු හනික ඔය පිට්ටනියේ ඉන්න හරක් රංචුව එලෝලා දානවා ..”

චිහ් විතරක් !! කිරි හැලියට ආච්චිගේ රෙද්ද වැටිච්චි කීවාලු ... !! ක්ලයිමැක්ස් කුඩු !! ..බාල සූරිය මගේ නම්බුව කෑවා .පිටිං ඇවිල්ලා හිටි එවුන් සේරෝම මං දිහා බලවුවා . මං අහක බලවුවා .

 සඳරු ළමයෝ කං ඇහෙන්නැද්ද ? අර හරක් ටික ගේට්ටුවෙන් එළියට යවනවාකෝ .”

ආයෙත් බාලසූරිය සර්ගේ හඬ ..

හ හා සර් ! “

දී හරකා දී !! හුයි ! හුයියා හුයි හුයි ! .

අපි කට්ටියම එකතු වෙලා ඉස්කෝලේ පිට්ටනියේ ස්ථිර පදිංචි කාරයෝ වෙච්ච හරක් රංචුවක් ඉස්කෝලෙ වත්තෙන් එළියට එලවවුවා . හරක් අපිට කිණ්ඩියටත් එක්ක ගොම දාගෙන දිවුවා .

හරක් එලෝලා ඉවර වෙලා අපි පිට්ටනියේ ගොමත් ඇද්දලා පිට්ටනිය සුද්ද බුද්ද කළා . නුවරින් ආපු කොල්ලෝ බලාන උන්නා . අපි මූණ හංඟාගෙන ගොම ඇද්දා .

අපේ ඉස්කෝලේ ඇත්තම බාල දක්‍ෂ ළමයි සෙට් එක හොඳට ආතල් ගත්තා.. උන් බාලසූරිය සර් එක්ක එකතු වෙලා පිට ඉස්කෝල වලින් ආපු එවුන් එක්ක අතට අත දෙමින්, සතුටු සාමිච්චියේ යෙදෙමින් බාලදක්‍ෂ වැඩ ගැන කතා වෙවී උන්නා .. අහසින් පාත් වුණ පකිරිම්බෝ වෙච්චි අපිට ගොම අදින්න උනා .!!

චිහ් බලහං බං මේ බාලසූරිය කාරයා කරපු වැඩේ .. අර බාල දක්‍ෂ පැටවු ටික බබ්බු වගේ තියාගෙන අපිට කියලා මේ ගූ වැඩ ටික කරවනවා ..”

මෙවුවා දමලාගහලා යමු යන්ට .”

කෂ්ටියටම යකා නැගලා ..

මේ මේ දැං යන්ට බෑ ලොක්කා බලං ඉන්නවා ..”

පොඩ්ඩ ඇත්තං මල පයින ලොකු සර් අපි දිහා බලාන උන්න නිසා අමු කුණුහරපෙන් බැණ බැණ අපි ඔහේ උන්නා ..

අපිට දැනී … අනික් එවුන්ට නොදැනී රෑ බෝ වුණා . . බාල දක්‍ෂයෝ කට්ටිය එකතු වෙලා ඉස්කෝලේ වත්තේ තඩි ගිනිමැලියක් ඕගනයිස් කරලා ඒක පත්තු කරගන්න බැරිව තැටමුවා .


ඔහොම එක උඩ ලී ගහලා මැලේ අවුලන්ට බෑ .. ඉන්ට මං අවුලන්ට ...”

මගේ බැජියා වෙච්චි අපෙ ලපයා මැදිහත් වුණේ බාල දක්‍ෂයන්ට වැඩ පෙන්වන්ට හිතාන නෙවෙයි .. හේන් කොටලා ,ගිනි මැළ අවුලලා, පැල් රැකලා, ගිනි තැපලා ඌට හොඳට හුරු හන්දයි ..

මේක බාලදක්‍ෂ ක්‍රමේට හදන ගිනි මැලේ.. ඔයා පොඩ්ඩක් අහකට වෙනවා .. මෙතන බූමිය ඇදයි ඒකයි මේ අවුලන්ට අමාරු .. හා හා ඔය පුතාලා කරගෙන යන්ට .”

බාලසූරිය සර් කාරයට බාලගිරියා වත් වැහිලාද .. ? මේ හොඳ හිතින් උදවු වෙන අපිට අරින්ඩම හදන්නේ ..

ඔනෑ දෙයක් ..කොරගන්ට මයෙ මොකෝ .. ! “ ලපයා හීන් සීරුවේ අහකට වුණා ...

බාලදක්‍ෂයෝ ටික කොච්චර දැඟලුවත් ගිනි නෙවෙයි ඇවිලුනේ ... හැබැයි යහමින් දුම දැම්මා . ඒ දුම වැදිලා වෙන්නැති බාලසූරිය සර්ගේ ඇස් දෙක රතු වෙලා තිබුණා .

දුං කකා ඉන්න බැරි තැන මමයි ලපයයි දෙන්න ගිහින් ප්‍රින්සිපල් සර්ගේ හොන්ඩා බයික්කෙන් පැට්ටොල් පොල්කට්ටක් ඇදලා ගෙන ඇවිත් ගිනි මැලේ අවුලලා දැම්මා . බාලාංශ පන්තියක පොඩි එවුන්ගේ ඩෙස් එකක් පොළවේ ගහලා, පළලා ලෑලි ගෙනද්දාලා ගින්න තව තව බෝ කරා ..අපෙ අත් ගුනේද මන්දා ගිනි මැලේ යහමින් ඇවිලුණා..

බාලදක්‍ෂ අත් පොතේ ක්‍රමේට ගිනි මැලේ අවුලන්ට බැරි වුණ එක තමා හිතේ දුක ..” බාලසූරිය සර් කම්මුලේ අත තියාන රඟනවා ..

බල දක්‍ෂ හරි බාලාංශ හරි මොකක් හරි ක්‍රමේකිං ගිනි ගොඩක් අවුලාපු එක නොවැ වැදගත් මේ අඳ බාලයන්ට ඒක නොතේරෙන හැටි..

අපි අවුලාපු ටික ගිනි මැලේ වටේ වාඩි වෙලා බාල දක්‍ෂයෝ මහ බහුබූත සින්දු කියන්ඩ පටන් ගත්තා . මට අපේ මුතුබණ්ඩා මාමා මතක් වුණා .. පොරත් බීවාම ඕං ඔය වගේ සින්දු තමා කියන්නේ .. විකාර විතරයි මෙලෝ රහක් නෑ ..

තුහ් නෙද්දකිං .. සඳරුවා .. බලහං කොච්චර ආතල් ගන්න පුළුවන් වයසක්ද බං මුං මේ බාල දක්‍ෂයෝ වෙලා නිස්කාරනේ නාස්ති කරන්නේ ..”

රිපිටා එහෙම කීවේ දුකෙන් වගේ ..

ඇයි ..?”

දැන් බලහං අපි නං සිගරට් පාරක් ඇදලා. බියර් දෙකතුනක් ගහලා , මස් ටිකකුත් පුච්චලා, අසංක ප්‍රියමන්තගේ සින්දු දෙකතුනකුත් ඇදලා, වෙරි වෙලා හූ කියලා, නටලා, අමර ආතල් එකක් ගන්නවානේ .ඒකට මෙවුං ..”

රිපිටාට උත්තර දෙන්න හදනකොට අමුතු දෙයක් දැකලා මයෙ පපුව පත්තු වුණා ..

නන්දනීට පිට ඉස්කෝලෙන් ආපු කොල්ලෙක් චොක්ලට් කෑලක් දුන්නා .. කවුරු නොදැක්කත් ඒක මං දැක්කා ..

අඩෝ ආං අරූ නෝට් කරහං .. ඌ කෙල්ලට සීන් කෙරුවා !!” මං හනිකට කෑ ගහලා වෝනිං දුන්නා ..!

නන්දනීට චොකෝ මෝල්ට් දුන්න කොල්ලාව නෝට් කරගෙන මං සුබ වෙලාවක් බලලා බාලසූරිය සර් ගාවට කිට්ටු කළා ..

සර් ..”

ඕ සඳරු ..”

සර් අර කොණ්ඩෙ පස්සට පීරලා තොප්පිය ඉනේ ගහගෙන ඉන්න ළමයා .. අපේ පන්තියේ ගෑල්ළමයෙක් එක්ක පොඩ්ඩක්.. අනේ මන්දා.... මං දැන් දැක්කා මිනිහා හත් අට පාරක්ම ගෑල්ලමයට අතට අත දුන්නා .. අතේ මුනා හරි තිබ්බත් වගේ...අර ගෑල්ළමයි මත් කරන මත් ද්‍රවය……..”

අනේ මේ සඳරු..! කෙනෙක් තවකෙකුට අතට අත දෙන්නේ ..දැන අඳුනගන්න ..”

එතකොට අපි කෙල්ලෙක්ගේ අතින් අල්ලවුවොත් .. විනය කැඩෙන්නේ කොහොම ?”

තොපි අල්ලන්නේ වල් කමට නේ ! “

හැබෑද ? “

මං හෙමීට අහකට විසි වුණා ..

වෙලාව ගත වුණා .. ගිනි මැලේ නැගලම ගියා , විකාර කතා සහ අමුතු මති මතාන්තරත්, ජනාධිපති පදක්කං සහ ලොග් පොත් ගැන කයිවාරු අස්සේ වෙලාවත් ගියා .. මං හෙමීට නන්දනී ළඟට ගියා ..

ආ නන්දී .. “

ආ සඳරූ .. ඉතින් කොහොම ? අපේ බාල දක්‍ෂ කඳවුර ?”

හොඳා ..ඒක නෙවෙයි ඔයා අද රෑ මෙහේ ඉන්නවද ?”

පිස්සුද ? අන්න තාත්තා ඇවිලා ගේට්ටුව ගාව පඩිපෙළේ බුදි .. මම තව පැයකින් විතර යනවා .. කෙල්ලොන්ට පුළුවනෑ රෑ ඉන්න..?

ඒක හැබෑව ඔය ගුවාවා විද්‍යාලේ කොල්ලෝ සුවර් නෑ ..උන්ගේ චොකෝමෝල්ට් කෑව වගේ නෙවෙයි .. දිරවගන්ඩ අමාරු වුණාම ..” මං කෙළින්න තියෙන දේට කෙළින්ම ඇදබෑවා..

කෑවේ නෑ බං මං ඒ චොකෝ බල්ලන්ට දුන්නා .. අපෝ නැත්තං රූපයියා මාව මරයි ..!”

මොකා රූපයියා .. ?”

ඇයි කොමස් එකේ .. රූපදේව අයියා !!”

... උඹ ඌත් එක්ක සෙට් ද ?”

කටෙන් මුකුත් කියන්ඩෝන්නෑ ..කෙල්ලගේ ඇඹරිල්ලෙන් මට ඔක්කොම තේරුං ගියා .. තත්පරේකට මගේ පපුවත් මටත් නොකියම නාය ගියා ...

..රෙඩ්බුල් ගහැව ඇතා වගේ නන්දනීට සීන් කරන්ඩ ගියවුව මං ලෑතර කෑව රිළවා වගේ ආපිට ඇවිත් යාළුවෝ ගාවින් ඉඳගත්තා .. නෙවෙයි ඉන්ඳ වුණා .හිතේ දුක වැඩි හන්දා වෙන්ඩැ මට අතුල ශ්‍රී ගමගේ ගේ සින්දු සේරෝම වාගේ මතක් වුණා ..

රෑබෝ වුණා .. උයලා තිබුණ බත් හැලි පිටින් බාල දක්‍ෂ බුවාලා කෙලින්ඩ පටන් ගත්තා .. නන්දනීලෑ බාල දක්‍ෂිකා ගැන්සිය නම් බත් ඔතාගෙන ගෙදර යන්ඩ ලැහැත්ති වුණා .. කන එවුන්ගේ කටවල් දිහෑ බලාන අපි කට්ටිය මදුරුවෝ තලමින් උන්නා ..

එනවලා කන්ඩ ..”

ලෝක පුදුමයක් !! අපේ ළඟටම ආව බාලසූරිය සර් අපිට කන්ඩ කතා කළා .. බත් කන්ඩ ඔනෑ නෑ ඒ වචනෙට මගේ බඩ පිරුණා .

බාලසූරිය සර්ගේ කීමට නන්දනී සහ අනෙකුත් කෙල්ලෝ තුන් හතර දෙනා අපිට බත් බෙදලා ගෙනාවා .. බාල දක්‍ෂ බුවාලට වඩා දක්‍ෂ විදිහට අපි කෑම පිඟන් අතුරුදහන් කළා ..බත් කාපු පිඟාන හෝදන්න ටැප් එක ළඟට ගියාම මට ගුණත්ව හම්බුනා ...

ගුණත් කියන්නේ ජර්මන් සෙපඩ් වර්ගයට දුරින් නෑකම් කියන විශාල දඩෝරි බල්ලෙක් .. ගුණත් ගේ තාත්තා පොලිස් බල්ලෙක්.. ගමේ මිනිස්සු කියන විදිහට ගුනත්ගේ තාත්තා පොලීසියෙන් පලා ඇවිල්ලා ගමේ බැල්ලියෝ සේරෝටම හදි කොරලා තියෙනවා .. ඉතින් ඒ හදියෙන් ජාතක වෙච්ච ගුණත් බලු රාළත් තාත්තට නොදෙවනි සද්දන්ත ඇඟපතකට අයිතිවාසි කං කීවා ..

ගමේ උදවිය සහ ඉස්කෝලේ අපි කවුරුත් මේ දැවැන්ත බලුරාළට “ගුණත්” කියලා නම දැම්මේ පොලීසියේ හිටපු ගුණවත් අයිපී මහත්තයෙක් සිහිවෙන්ඩයි ..

චිප් ගුණත් අහකට ..!!

මං ගුනත්ව පැත්තකට එලෝලා ආයෙත් පිට්ටනියට ගියා ..

දවල් ඉඳන් බාල දක්‍ෂ ඇඳුමින් සැරසිලා උන්නු ගුවාවා විද්‍යාලයේ බාලදක්‍ෂ විෂය භාර ගුරුතුමා බාල සුබ්‍රමනියම් සර් ඒ ඇඳුමින් නිදහස් වෙලා නා කියාගෙන සරමක් හෙම ගහගෙන ඇවිදින් නිදැල්ලේ උන්නා ..

ඔය අතරේ කොහේදෝ උන්න ගුණත් ඇවිදින් පැත්තකින් තියලා තිබුණ හිස් කෑම හැළියකට ඔළුව දැම්මා .. බල්ලංගේ හැටි ඔහොම තමයි හැදියාව බින්දුවයි.. ගුණත් ගේ ඔළුව ලොකු නිසා හැළිය ඔළුවේ හිර වුණා .. මහ දැන මුත්තාගේ කථාවේ එළුවා වගේ ගුණත් හැළිය බිම දිගේ තල්ලු කරගෙන ඇවිදින්න ගත්තා .. ඒක දැකලා අපි කවුරුත් බඩ අල්ලං හිනා වෙන්න පටන්ගත්තා ..


ඒ ෂතාට අපි උදවු කරන්ඩ ඕනෙ අප්පා

එහෙම කියවුව ගුවාවා විද්‍යාලයේ බාලදක්‍ෂ ගුරු බාලසුබ්‍රමනියම් මහත්තයා .. පොඩි පොලු කෑල්ලක් අරගෙන ගිහින් ගුණත්ට පොඩි තට්ටුවක් දාලා ඉංග්‍රීසි සහ ද්‍රවිඩ බසින් පොඩි විස්තර කථනයකුත් කළා ..

ඩොගී .. ගෝ ගෝ අවේ .. …පෝ පෝ පෝඩ් අවේ

ඔළුවේ හැළිය හිර වෙලා බීත වෙලා හිටිය ගුණත් තමන්ගේ පිටිපස්සට වදින තට්ටුවට තවත් බය වුණා . ගුණත් වැරදාලා ඇදලා මුට්ටියෙන් ඔළුව නිදහස් කරගත්තා ..ඌ ඊළඟට දත් විලිස්සාගෙන බාලසුබ්‍රමනියම් සර්ගේ ඇඟට පැන්නා .. බාලෙ සර් පස්සට පැන්නා .. ඒත් එතකොටම උන්දැට උන්දැගෙම සරම පෑගුණා . සරම ගැලවිලා දෙපාමුල වැටෙද්දී සර් බිම පතබෑ වුණා ..ගුණත් බාලෙ සර්ගේ ඇඟට පැනලා හොඳ හැටි හපා කන්න ගත්තා ..

මහා දූවිලි ගොඩක් ඇවිස්සිලා අහසට නැංඟා .. කෙල්ලෝ බය වෙලා හූ තීවා , බාල දක්‍ෂයෝ බීත වෙලා උන්නා.. බාලසූරිය සර් ඔළුවේ අත ගහගෙන ඉන්දෙද්දි අපි කෂ්ටිය ගේමට බැස්සා ..

මම ලාවට දැල්වෙමින් තිබ්බ ගිනි මැලෙන් ගිනි පෙල්ලක් අරන් දුවලා ගිහින් නරුම බල්ලාගේ පිට මැදටම කෙළියා..

ගිනිපෙල්ලෙන් මල්වෙඩි විසි වුණා..ඒත් දඩෝරි බල්ලට ගානක්වත් නෑ .. අපි කෂ්ටිය බලු දණ්ඩාට ගල් මුල් වලින් ගහමින් බාල සුබ්‍රමනියම් සර්ව ඇදලා ගත්තා . මම එල්ලේ බලලා බල්ලට ගහපු වැලි අහුරක් බාලසුබ්‍රනියම් සර්ගේ මූණ පුරා වැදුණා ..

එතකොටම ලපයා අපි දවාලේ ගොම ඇදපු විල් බැරෝව වේගයෙන් තල්ලු කරගෙන ආවා .. ඌ හනි හනිකට ඒ විප්බැරෝව ගුනත්ගේ ඇඟේ හැප්පුවා විල් බැරෝ එක වැදුණ නිසා බය වෙච්ච ගුණත් බලුරාල වැටි වැටී දීවා ..

සර්ගේ කෙනෙකුගේ බයිකෙකක් අරගත්තු අපි බාලසුබ්‍රමනියම් සර්ව පටෝගෙන ගිහින් පිඹගෙන ගිහින් උන්දැව මහරෝහලේ ඇඩ්මිට් කෙරුවා ..


පහුවදාට එළි වුණා .. උදේ ඉස්කෝලේ ගණිත පීරියඩ් එකයි ඊළඟට තියෙන ඉංග්‍රීසි පීරියඩ් එකයි කට් කරන්න ඕනෑ නිසාම අපි නිකාං බොරුවට වගේ බාල සුබ්‍රනියම් සර්ව බලන්න මහ රෝහල පැත්තේ ගියා ..

රෝහල ඉස්සරහා කඩේකින් ප්ලේන්ටියක් ගහලා බ්‍රිස්ටල් දෙකක් බෙදාගෙන ගහලා හෙමීට හෙමීට වාට්ටුව පැත්ත ඇවිදලා පොඩ්ඩක් කාලේ කාලා මෝචරිය පැත්තෙත් ඇවිද්ද අපි අන්තිමේදී.. බාල සුබ්‍රනියම් ලොක්කව බලන්ඩත් ගියා ..

බාල සුබ්‍රනියම් සර් ඇඳේ ඉඳගෙන උඩ බලාන ඉන්නවා .. අපිව දැක්ක මිනිහගේ ඇස් දෙක උඩ !!.. කන කටේ !!... ඒ මදිවට බුවාට ජෙට් ආතල් !! .

.ඔන්න ඔයි මොහොතේ ඉතිහාසේ වෙනස් වුණා අපේ ගැන්සිය දැක්කලා සන්තෝස වෙච්ච මේ ලෝකේ හිටපු එකම ගුරු තුමා විදිහට මහ නුවර ගුවාවා විදුහලේ බාලදක්‍ෂ විෂය භාර බාලසුබ්‍රනියම් සර් ඉතිහාස ගත වුණා .. අපි බාලෙ සර් එක්ක කතාවක් පටන්ගත්තා ..

සෑර්ට දැන් කොහොම ? මේං අපි සෑර්ට හැලපයක් ගෙනාවා ! ..

රිපිටා ඉටවල් එකට කන්න ගෙනාපු කුරක්කන් හැලපෙයක් අරං බාල සුබ්‍රමනියම් සර්ට පූජා කළා !! මිනිහගේ ඇස් වල ජිල් බෝල සයිස් කඳුළු ගුලි දිස්නෙ දෙනවා මං දැක්කා ..දෙමළ කඳුළු නුහුරු වෙච්චි මගෙ හිතත් ඒ කඳුළෙන් සසල වෙච්චි.. !!

අඩෙ අප්පා දරුවනේ මාව බේරපු දරුවනේ ..හෙට ටිකට් කපයි. මට ගොඩාක් සතුටුයි අප්පා !

සන්තෝසේ බල්ලා කෑ හන්දද ?”

අඩෙ නෑ අප්පා ..! මේ දරුවන් මාව බලන්ඩ ආවනේ අප්පා ඒකයි !”

අපි ඒමයි සර් අපේ බොක්ක හොඳයි ..

අපේ ඉස්කෝලේ ළමයි ටික ආපහු ගිහින් .. එයාලා මාව බලන්ඩ ආවෙත් නෑ අප්පා ...

අල්ලලා දාන්ඩප්පා අපි ආවනේ .අප්පා .

බාලසුබ්‍රමනියම් සර්ව පොඩ්ඩක් නලෝලා හෙම අපි බස් ටෑන්ඩ් එකේ ඩියුටිත් කරලා ඉස්කෝලෙ අරින වෙලාවට ගෙදර ගියා ...

--------------------------------------------------------

පහුවද උදේත් අපි පරක්කු වෙලා ඉස්කෝලේ ගියේ උදේ රැස්වීම මග අරින අදහසින් .. ඒත් ඒ රැස්වීම මග ඇරපු නිසා අපිට ජීවිතේ කිසිම දවසක ලබන්න බැරි දෙයක් මිස් වෙලා තිබුණා ...

බාල සුබ්‍රමනියම් සර් ටිකට් කපාන ඇවිදිල්ලා ... උදේ රැස්විමේදී අපේ ගුණ වර්ණනා කරලා තිබුණා ..ලු

බාල දක්‍ෂ දිනය දා වත්ත පිටිය සුද්ද කරපු , හරක් එළවලා ගොමත් ඇදපු , ගිනිමැළෙත් අපූරුවට අවුලාපු .. දරුණු ගණයේ බල්ලෙකුගෙන් තමාවත් බේරාගත්තු .. ඉස්කෝලෙටම උන්න පකිරිම්බෝ සෙට් වෙච්චි අපි තමයි නියම බාල දක්‍ෂයෝ කියලා හඳුන්වලා දීලත් තිබුණා ... ලු

ඒත් අප්පා ඒ අසරණ දෙමළ මුනියා අපි කාගෙවත් නමක් ගමක් දැනං උන්නේ නෑ ...ලු .... ඉතිං ඒක නිසා ... ඒ මනුස්සයා දන්න සිංහලෙන් මෙහෙම කියලා තිබුණා ...ලු

උෂ ළමයා මාව බේරගත්තා , කලු ළමයා මාව උෂ්ෂා ගත්තා , මිටි ළමයා බයික් එකේ මාව හොෂ්පිට්ල් ගෙනාවා ... ආඬවනේ අප්පා පහුවද ඒ ළමයින් මාව බලන්ඩ හෙලපත් අරන් ආවානේ අප්පා

ආදී වචන කියලා අපිට නොසෑහෙන්න පිං දුන්නා ..ලු

අපි එනකම් පැය කීපයක් ඉස්කෝලෙට වෙලා බලාගෙනත් ඉඳලා .. බස් එක පමා වෙන නිසා බැරිම තැන යන්න ගිහින් තිබුණා ... ලු

ඒ තමයි අපි අපේ පාසල් ජීවිතේ ගුරුවරයෙකුගෙන් ලබාපු මුල්ම සහ අවසානම ඇගයීම .. නමුත් ඒ ඇගයීම අපිට ලැබුණේ නෑ ... අපේ ඉස්කෝලේ හිටි බාල දක්‍ෂ කණ්ඩායම මේ හැමදේකම ගෞරවය ආතල් එක කික් එක නිල වශයෙන්ම අරගෙන තිබුණා ...

විදුහල්පති තුමාගේ කාමරයට වී අයි පී විදිහට ගියපු අපේ ඉස්කෝලේ බාල දක්‍ෂයෝ ටික වෙන වෙනම ගරු නම්බු අරගෙන තිබුණා ..වෙච්චි සීන් එක වෙනම වර්ෂන් එකක් උන්ගේ ලොග් පොතේ පවා ලියලා තිබුණා.

අපි හැමදාමත් වගේ පදිරිවෙලා පැත්තකට වෙලා චොර වෙලා උන්නා ...

මේ අව නඩුව කියා පාන්න ආයෙමත් එක දවසක බාල සුබ්‍රනියම් ලොක්කා ආයෙ දවසක අපේ ඉස්කෝලෙට එනකම් අපේ කොල්ලෝ කීපදෙනා මග බලාන උන්නා ..

හැබැයි මං නං නන්දනී දිහෑ බලාන උන්නා ... බලාන ඉඳලා බැරිම තැන මං හොරෙන්ම ගිහින් ඒකිගේ ඩෙස් එක උඩ රතු පෑනකින් කවියක් ලිවුවා ...

එහෙන් මෙහෙන් ඇවිදිං යන
ඇඹුල් කෙහෙල් කැන් පරදන
නන්දනී ඔයා හරියට
බෙර කඳක් වගේ …

ඇති පදමට කිරි වැටිච්චි
කෙහෙල් දල්ල මත වැටිච්චි
ඔය දියාරු ඇඟපත මට
කිරි බතක් වගේ..

(මෙතනටත් පද හතරක් තිබුණා දැන් එවුවා මට මතක නෑ )

ඉතිං උඹ ඇවිත් යනකොට
විටිං විට මගේ පපුවට
දැනෙන්නේ හැඟෙන්නේ මට
ඩයිබිටික් වගේ..

වල් වැදිච්චි හිත පල්ලේ
උඹ නිදං වෙලා කෙල්ලේ
ඇයි ඉතිං මගේ අල්ලේ
රටා නැති කළේ … ?


මං ආතල් එකට ලියාපු මේ විකාර කවි කෑල්ල හිතාගන්න බැරි විදිහට ජනප්‍රිය වුණා .. මුලු ඉස්කෝලෙම සහ හතර වටේ තිබ්බ හෑම ඉස්කෝලෙකම ළමයි සහ ගුරු මණ්ඩලේ මේ කවිය ගැන කතා වුණා ....ඒත් දෙයියෝ මේ කවියේ කොපිරයිට් අයිතිය .. මට හිමි වුණේ නෑ ...

නන්දිනීගේ කොල්ලා වෙච්ච රූපදේව ගොයියා මේ කවිය ලීව කියලා වරදවා වටහාගෙන අට වසරේ පොඩි කොල්ලෙකුට නිකරුණේ තඩිබලා තිබුණ නිසා .. මේ කවියේ හිමිකම මට අහිමි වෙලා ඒ කොහෙවත් හිටි පොඩි එකාට හිමි වුණා ..

රූප දේවයාගෙන් ගුටි කාපු අට වසරේ පොඩි එකා .. ෆුල් ආතල් සොමිබර කවියෙක් විදිහට මුලු පළාතෙම ප්‍රචලිත වුණා ...


බක්තියෙන් ලවු කරලා, ලොරි ගණං දුක් වින්ඳ මට… අන්තිමේ ලොරි කැඳ විතරක් ඉතිරි වුණා ..

99 comments:

Dhamith Dhanasinghe said...

nice post bro...
අන්තිමේ ලොරි කැඳ විතරක් ඉතිරි වුණා ..[Best part in your post]

miuranga said...

ඇයි ඉතිං මගේ අල්ලේ
රටා නැති කළේ …

miuranga said...

ඇයි ඉතිං මගේ අල්ලේ
රටා නැති කළේ …

Gayan Rupasinghe said...

Adenawa malli me kathawat... hehe. Kal ganne nathiwa liyahan.
Jaya....

Gayan Rupasinghe said...

Adenawa malli me kathawat... hehe. Kal ganne nathiwa liyahan.
Jaya....

අභීත said...

පෝස්ට් එක කියෙව්වෙ නෑ.. උඹ පෝස්ට් එකක් දාපු සතුටට කමෙන්ට් කලා.. කියවලා ආයෙ කමෙන්ට් කරන්නම්..

Anonymous said...

aparaade umba me post eka kiyewwe.

CM said...

මේකත් මරු බං. ජයවේවා!

Menaka Niroshan said...

Appa Kalekata Passe.. Thank you Sadaru.

Ravi said...

/(මෙතනටත් පද හතරක් තිබුණා දැන් එවුවා මට මතක නෑ )/

ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි,
එහෙං මෙහෙං වැගිරි වැගිරි,
උඹ දිහාම බලං ඉඳල,
වෙලා මගේ හිතත් පදිරි,

මරු ඕයි!!! මරේ මරු!!!

Maathalan - Priyantha Hewage said...

උඹ එක අකුරක් ලිව්වත් රහයි බං. කාලෙකින් රස උතුරන බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා. උඹට පින්.

එදිරි said...

පට්ට ඹ්යි

Praසන්ன said...

හැක්..හැක්... සඳරුවා. උඹ බුකියෙ මූන පෙන්නල තියෙනකොට මෙහෙම විපරියාසයක් හිස් අහසට වෙයි කියල මට නිකමට වගේ හිතුන‍.

මොනව කරන්නද බං. ලබා උපං හැටියට නේ බඹා වැනෙන්නේ කියල හිත හදාගනිං මල්ලි.

ඒක නෙමෙයි මොක්කුද බං පකිරිම්බො කියන්නෙ.

ඉයන් said...

නියම කවිය ඒකටම ගැලපෙන මරු පෝස්ට් එක.

රාජ් said...

අඩෝ කවිටික සුපිරියි බං.... ඒ වගේ වයසකදි ඔහොම ලියන්න පුළුවන් කියන්නෙ ඉතිං......

[°•_•°] {`^`…´^´} (~•`_´•~) said...

පට්ට !උඹෙන් පෝස්ට් එකක් වැටෙනකං කොච්චර බලන් ඉන්නවද (Y)

ඉන්ද්‍රජිත් said...

ගෞරවය ලැබෙන්නෙම වෙන උන්ට වගේ...

කම්මල said...

අපරාදෙ අර කවියට ලැබෙන්න තිබ්බ නම්බුව වගේම ඒකට රූපදේවය දුන්න තෑග්ගත් සදරුටම ලැබෙන්න තිබ්බෙ.
උඹේ පෝස්ට් එකක් බැලුවම තමයි බන් හිත පිරෙන්නෙ.

Anonymous said...

Ela do!

ලොකු පුතා said...

මරු කතාවයි කයියයි...
හාවා හඳ දකින්න වගේ පෝස්ට් දාන්නේ නැතුව ළඟ ළඟ දාපන්කෝ...

Hasitha Prasad said...

කතාව මැවිල පෙනුනා. කවි පන්තියත් සුපිරියි.

දොස්තර හොඳහිත said...

පට්ට කවිය
නියමයි....

Chandana Nawarathna said...

සදරු ගෙ කතා දෙබස් ආයෙ ආයෙ කියවන්න පුලුවන් අමුතුම රටාවක් තියෙන්නෙ. ඔයාගෙ ලිපියක් එනකල් මග බලන් ඉන්නෙ.

Bushita said...

Excellent sandaru. Your writing style is wonderful.

Supun Kanchana Chandrarathna said...

අම්මෝ ඇති යන්තම් හිස් අහස ආපහු පිරිලා....අනේ සදරුවෝ මාසෙකට එකක්වත් දාපන් දෙයියෝ..

Sa rasa said...

:D
සුපිරි!

Praසන්ன said...

ඕං අහස බලපු එවුවො ලක්ෂ 16 ත් පැනල.

සින්දු ඇනෝ said...

පට්ටයි සඳරුවෝ ....උඹේ පොස්ට් එක හැමදාම වාගේ පට්ටයි .ඔන්න වත් පොතේ කියපු ඒවා ඉල්ලා අස්කරගත්තා හරිය ...හැක් හැක්

නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...

ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා...
දැන්ද සුව ගෙනේ විදි සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා..

ගායනය : සේනානායක වේරලියද්ද
පද රචනය : නන්දා උඩවත්ත
සංගීතය : සිරිල් පෙරේරා

සෙන්නා said...

අද උදේ බ්ලොග් රෝල දිගෑරගත්තාම පලාතම දිස්නේ ගහන එළියක් විහිදුනේ මොකද කියලා බැලුවා !

මුලු සිංහල බ්ලොග් අවකාශෙත් හරි බන් උඹත් හරි....

වෙලාවක් ඇතොත් තව මොනා හරි ලියහන්...

ජය !

චතුවී said...

ඇති යන්තම් මද,
උබත් හරියට අර මද කිපෙන අලි වගේ , කාලෙකට විතරයි ,, :ඪ්
…ජයවේවා

Anonymous said...

Patta pata pata .. Thawath liyamu me wagema....

ඉන්දික උපශාන්ත said...

සින්දුවක් ලියපන් ...ඔය කෙල්ලට.

හැබැයි එකක්, ඒකි උඹට ලැබුනනම් ඔය කවියත් නෑ, සමහරවිට අපිට බ්ලොග් ලියන සඳරුත් නෑ.

තනි අලියා said...

අරූගෙං ගුටිනොකා හිටිය එකම මදෑ :D

මම හිතන්නෙ එක එක බාලයො ගැන අවංකවම කතා කරල තියනව :)

SDC said...

නියමයි !!!!!!! සඳරුවෝ......

Trans Sylvania said...

Pav Appa

hiru jaya said...

hamadama wage ela thama.tikak wadipura liyahanko ban

Dilshan said...

විටිං විට ඇවිත් මෙතනට
පට්ට කතන්දර පවසන
සඳරුවා උඹත් මාහට
මහමෙරක් වගේ...

සඳරුවෝ.... මාතෙ කීවා වගේ රහ උතුරන පෝස්ටුවක්

ශෂී said...

කාලෙකට පස්සෙ ..පට්ට ලිවිල්ල

හිස් අහස said...

දැනට හැමෝටම තැන්කූ මචංලා ...පොඩ්ඩක් හැන්දෑවෙලා .. එකිනෙකාට වෙන වෙනම ස්තූතිය පාස් කරන්නම් .. ..

Indika kularathne said...

ෂෙක් අප්පා...... මාරයි ඈ.......

Pra Jay said...

කියවල තියන හොඳම ලියවිල්ලක් ! ස්තුතියි

Dude said...

සුප්පා බොල සුප්පා. කියන්න වචන නෑ. අනික උඹ පොලිටිකල් කරෙක්ට්නස් එක නොබලා ලියන ලිවිල්ලට සැලියුට් එකක් නොගහා බෑ.

සූටික්කා said...

ඇයි ඉතිං මගේ අල්ලේ
රටා නැති කළේ … ?

ඒ ටික තමා මරු බං.....

අපි පව් බං..... ටිකක් අපි ගැනවත් හිතලා ලියපංකෝ...
ඔන්න නැත්තං කපිල ගයාන් එක්කගෙන එන්නේ නැතුව ඉන්නවා.....

surangamlr said...

උඹේ ලිවිල්ල දැක්කහං හිතුනෙ
මේං මේ වගේ වැස්සක් වැටුනනනං බදුල්ලටත් එක පැයකට.
උඹෙ ලිවිල්ලත් ඒ වගෙ වැස්සක්.

Alexander Cage said...

උඹට එදා ඒ කවිය නැතුවට අද මුළු සිංහල බ්ලොග් ලෝකෙම තියෙන්නෙ. අර කිව්වත් වගේ ඇවිත් අකුරක් හරි ලියල පලයං.

ඉන්දික. said...

ගමේ වචන ටික අපුලක් නැතුව කියවන්න නම් උබේ පැලට ගොඩවෙන්නම ඕනෙ.වෙනද වගේම ඉතා රසවත්.ඉදල හිටලා හරි ලියපන්.වෙලාව ලැබෙන විදිහට ගොඩ වෙලා යන්න එනවා.

Manosh Sandaruwan said...

අම්මප බං ඔය බාල විකාරයන්ටන්ම් තනිකරම පිස්සු තමා.

උඹෙ ලිවිල්ලක් කියෙව්ව කියන්නෙ තුන් මාසයක් නොකා ඉඳල කෑව වගේ..

මැලේ රාළ said...

නන්දනිගෙ fb id එක දිපන්කො....

තරු said...

උයා කොහිද අනේ ගීන් ඉටියෙ ?

Pag Hasantha said...

පුදුම රහයි උඹ ලියන ඒවා..ජය!ඉක්මනට තව එකක්... බුදු සරණයි!

දුකා said...

පිස්සු හැදිලා ආයේ හැදෙනවා බන් . . . ආපහු පරන සඳරුවාගේ ස්ටයිල් එකෙන් පෝස්ට් එකක් කියවනන් ලැබෙනවා කියන්නේ මල් මසුරන් තමා

මාරයාගේ හෝරාව said...

දණීහෙට ඉහලට ගවුම ඇඳන් කොල ඇහිදින්න පාත් වෙච්ච නන්දනී...
මට හිතා ගතෑකි... :D
අල්ලේ රේකා විතරක් නැති වෙලා නැවතුනා මදෑ...

Aruna Perera said...

කාලෙකට එකයි.....ඒකත් පට්ටම රහයි.

සමී said...

//වල් වැදිච්චි හිත පල්ලේ
උඹ නිදං වෙලා කෙල්ලේ
ඇයි ඉතිං මගේ අල්ලේ
රටා නැති කළේ … ?// :D :D :D

අදටත් බ්ලොග් පෝස්ට් එකක්දාපුවාම දැං බ්ලොග් ලියන්නෙ නැති පුරාණ බ්ලොග් කාරයො තාම ජීවත්වෙලා ඉන්නව කියල දැනෙන්නෙත් හිස් අහසෙදි විතරයි.. ආඩම්බර වෙයන් සඳරු :D

Chinthaka Wickramasinghe said...

patta pata pata

The Modern Patriot said...

මුකුත් කියන්න ඕන නෑ. බ්ලොග අද මුලින්ම කියවපු බුකිකරුවෝ කීපදෙනෙක් ඉන්බොක්ස් කරපුවා දැක්කහම, උඹ මිත්තරයෙක් වෙච්ච එක ගැන ආඩම්බරයි

hiru jaya said...

බාලසූරිය ,බාලසුබ්‍රමනියම් බාලදක්ශයෝ.හම්මේ ඉතින්.

Tapovanaye Sutadhara said...

ඔබේ හැකියාව විශිෂ්ටයි. ඔබේ පාසල් සමයේ දී ඉගෙනුම කඩා වැටීමට හේතුව ඔබේ වරදක් නෙවෙයි. ඒක අධ්යාපන ක්‍රමයේ පවතින ප්‍රශ්නයක්.මේක මාලුව ගිලෙයි කියල ගහ උඩින් තියන තරමේ 'කරුණාවන්ත' අධ්යාපන ක්‍රමයක්. දැන් ඔබ ඔබේ හැකියා හඳුනාගෙන තියෙනවා. ඉදිරියට යන්න පුලුවන්. කාලය යොදන්න පුලුවන්නං පොතක් ලියන්න. ඔබට පාඨකයො රාශියක් ඉන්නවා. පොත පල කරන්න උදවු හම්බවෙයි. බය නැතුව ලියන්න. ඔබේ පාසැල් විත්ති ටිකම හොඳ පොතක් වගේම අධ්යාපන ක්‍රමයේ පවතින ගැටලු රාශියක් ගැන ඉතාම නිර්මාණාත්මකව මෙන්ම සංවේදීව මොලයට වගේම හිතටත් වදින විදියට ලියන්න පුලුවන් බව ඔබ ඔප්පු කොට තියෙනවා. නෙළුම් යායෙ තිබුන 'ඔබේ බාල දක්ෂයෝ සහ පකිරිම්බෝ' කියවල ඔබේ බ්ලොගයට ගොස් 'ගෝනගල ...', සහ 'පෙම්වතියගෙ නිවසට ගොස්...' කියන කතා දෙකත් කියෙව්ව. ඒ හැම එකකින්ම ඔබට විවිධ හැකියා රශියක් ඇතිබව ඔප්පුකොට තියෙනවා. ඔබේ මිතුරන්ම පවසා ඇති විදියට ඔබ හිරු සඳ තරු පිරිවරාගත් අහසක්.ඔබේ ප්‍රතිභාවට අලගු තියන්න බැරි අය පොත් ලියා පල කරල එයින් මුදලකුත් හම්බ කරනව. මං ඔබව රවට්ටන්න කියනව නෙවෙයි. තරුණ ලමයින්ට ඉගැන්වීමේ අත්දැකීම් තියෙන වැඩිහිටි හාමුදුරු නමක් මං. ඔබට ජය!

එල ද බ්‍රා මෙන්ඩා said...

සදරු මචෝ ,
බ්ලොග් කියලා දෙයක් තියනවා කියලා ලක්බිම පත්තරේ කියවලා දැනගත්තු මම ඉසරවෙලම බැලුවෙත් උබගේ බ්ලොග් ඒක ...තවමත් මම එකට ආදරෙයි
මම sajith mendis
දැන් එල ද බ්‍රා මෙන්ඩා

Bunny said...

අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එකකටකමෙන්ට් එකක් දැම්මා. ආයෙ බ්ලොග් කියවන්න ආසවක් ආව මේ මගුලෙන්. උඹ එක්ක බෑ..

Bunny said...

අවුරුදු ගානකට පස්සෙ බ්ලොග් එකකටකමෙන්ට් එකක් දැම්මා. ආයෙ බ්ලොග් කියවන්න ආසවක් ආව මේ මගුලෙන්. උඹ එක්ක බෑ..

Sumith Niriella said...

පට්ට කවිය. කොහොමහරි මතක්කරලා හැලිච්ච පදෙත් දාපං බං...

Manoj Fernando said...

කතන්දෙර්ට දෙවැනි නැති පට්ට කවිය බං .අඩු පද හතර ගලපා ගන්න ට්‍රයි එකක් දුන්නා.ම්හ්

මම මම මයි said...

කාලෙකින් ආයෙමත් මරු කතාවක් රසවින්දා
නියමයි සදරූ මල්ලි

Unknown said...
This comment has been removed by the author.
Amith hasantha said...

නියමයි මචන්

කාන්සිය | Kaansiya said...

හැමදාම වගේ නියමයි පුතේ.

kumara said...

සඳරු
ඇත්තටම අර උඩ කමෙන්ට් එකෙ කියනව වගේ පොතක් ලියමුද? බ්ලොග් කරුවන් අතරින් සමහරු පොත් ලියලා තිබුනත් හැකියාව තියන ඔබ,හෙන්රි,රවි වැනි අය ඒ ගැන සැලකීමක් නෑ. කොහොම වුනත් පෝස්ට් එක රස වින්දා.

හිස් අහස said...

අඩේ උඹලා හැමෝටම බෝම ස්තූතියි අප්පා .. ඔක්කොටම උත්තර දෙන්ඩ පොඩියක් අමාරුයි මොකෝ කියනවානම් ඔෆිස් එකෙන් නොවැ ඉන්ටර්නෙට් එන්නේ .. අනික මේකේ රිපලයි නෑ නොවැ .. ඊළඟ පෝස්ට් එකේ ඉඳලා රිප්ලයි එක දෙන්නම් .. උඹලට ස්තූතියි බොක්කෙන්ම ..

Sham said...

සුපිරියි!!

Ajith Dharma said...

රසවත් බ්ලොග් පෝස්ටුවක්. කවිය නම් කියල වැඩක් නැහැ. හැබැයි ඇගයීම් ලැබුනේ නැති වෙන එකනම් සෑහෙන්න දුක හිතෙන දෙයක්. ඔයවගේ සිද්ධි ළමයින්ට වෙනවා අනන්ත දැකල තියනවා. කරපු එකාගේ හැම යනව පැත්තක ඉන්න වුන් උඩ යනවා.

ඉවාන් පවුලූශා said...

ඔය උඩිං තියෙන කමෙන්ට් ඔක්කොම දැම්මෙ මම. අයේ මොනව කියන්නද පුතේ

ඉවාන් පවුලූශා said...

ඔය උඩිං තියෙන කමෙන්ට් ඔක්කොම දැම්මෙ මම. අයේ මොනව කියන්නද පුතේ

කල්‍යාණ මිත්‍ර said...

සුරංගයා කියුවහෙ.. බදුල්ලට වැස්සක් වැටුනා වගේ.. :)))

ගස් ලබ්බ said...

පට්ටම රහයි මචෝ... උඹ ලියන්නෙ නිකන් හෙණයක් ගැහුව වගේ.. කියවල ඉවර උනාම ටික වෙලාවක් යනවා ආයෙ පියවි ලෝකෙට එන්න.
ජයවේවා..!!

නිම්නයක තනි වී හීන දකින්නී. said...

මට තියන ප්‍රශ්නේ තමයි විවිධ හැකියාවන් වලින් පරිපූර්ණ අය සතුටින් ජීවත් වෙන්නේ නැත්තේ ඇයි කියන එක.. හොඳ ලීවිමේ හැකියාවන් ඇති බොහෝ පෝසට් වල තියෙන්නේ අතීතයේ දුක් කතා, මුහුණ දුන් අසාධාරනකම්, ජිවිතේ පැරදුම්.. වගේ සෘනාත්මක දේ..තමන් තමන් ඇතුලෙම හුදකලා වෙලා කියලයි මට ගොඩක් විට දැනෙන්නේ...තම හැකියාවන් තුලින් වර්තමානයේ වැඩක් ගෙන ජීවිතය සතුටින් විඳින්නන් ලියමන් තුලින් දකින්න පුලුවන් නම් හරි අගෙයි..

Anonymous said...

සඳරු ගේ කවිය කියෙව්වම මට හිතුන දෙයක් තමා, ඇයි මේ වගේ ටැලන්ට් පාසල් අවධියේදීම 'හොයාගැනුනේ ' නැත්තේ කියල. ක්‍රිකට් වල හොඳ බෝලර්ල , හොඳ මලල ක්‍රීඩකයින් වගේ අය පාසල් කාලයෙදීම 'හොයාගැනෙනවා ' වගේ, අනිකුත් දක්ෂතා වලට අත දීමේ ක්‍රම තියෙනවද.

Maathalan - Priyantha Hewage said...

දැන් තියෙනවා... සමාජ ජාලා

Prasad Sanjeewa said...

සුපිරි පෝස්ට් එකක් සදරු....

kanchana hemal said...

Ela sandaru. Digatama liyannA

kanchana hemal said...

Ela sandaru. Digatama liyannA

Anonymous said...

" ඇති පදමට කිරි වැටිච්චි
කෙහෙල් දල්ල මත වැටිච්චි
ඔය දියාරු ඇඟපත මට
කිරි බතක් වගේ.."

මේ කෑල්ල හරියට තේරුම් ගියේ මූණු පොතේ මේ ගැන තිබුණු ආලෝචනයක් දැක්කමයි. මේ උපමාව මෙතන සාකච්චා වෙලා නැති හින්ද, ඒක මෙතනට ගෙනල්ල දමන්න හිතුව.

".. පදමට කිරි වැටිච්ච, දියාරු කිරිබතක් උපමාව හරිම අපූරුයි. යම් කාලයකට ඉහත දුෂ්කර වන්නි ප්‍රදේශයක දරුවෙකුට අතුරුපසට හැදෙන ජෙලි ගැන අදහසක් තියෙන්න නැතුව ඇති. ඒ ගැන දැනන් හිටියත්, එහෙ මහේ යන එනකොට ලඹ දෙන ශරීරයක් ගැන කියන්න, මේක ඊට වඩා හර්දයාංගම උපමාවක්. ........................................
අපේ යුගයෙ ජන කවි කියල දෙයක් ගැන කවද හරි කතාකෙරුනොත්, මේ කවියත් ඒවට එකතු විය යුත්තක්. කොහොමත් 'කතෘ අඥාත' නිසා ජන කවියක් වීමේ හැකියාව වැඩියි. "

කුරහන් හේනේ මල් මල්ලී said...

අටමාගේ බ්ලොග් රෝලේ තිබිලා අහම්බෙන් මේ බ්ලොග් එකට ආවේ. මේක කියවලා හිනාව වැඩිවෙලා මගේ ඇස්වලට කඳුලු ආවා. ඔෆිස් එකේ මිස්ලා අහනවා මොකද බං තනියම හිනාවෙන්නේ කියලා. මමත් ඉස්කෝලේ කාලේ බාලදක්ෂයෙක් වෙලා හිටියා. හැබැයි මගේ චරිතේ වැඩියෙන් ලං උනේ මේකේ ලියවිලා තියෙන ඔයාගේ චරිතයට. කොහොම උනත් මාර රහ ලියවිල්ලක්. මම මගේ බ්ලොග් රෝලට මේ බ්ලොග් එක ඇඩ් කරගත්තා. දිගටම ලියහං. උඹට මාර හැකියාවක් තියෙනවා.

Janaka Manjula said...

//ලස්සන කෙල්ලක් දැක්ක තැන පපු කැවුතු කඩාන කන්ඩ හිතෙන එක වියළි කලාපේ ජීවත් වෙනකොට ඇතිවෙන අතුරු ආබාද අතරින් එකක් මිස වනචර කමමත් නෙවෙයි..//
වනචරකම නෙමේ බන්, වල්කම වල්කම...:D

Janaka Manjula said...
This comment has been removed by the author.
රෝමාන්තික රස්තියාදුකාරයා said...

රහයි බන් උපරිම

රෝමාන්තික රස්තියාදුකාරයා said...

රහයි බන් උපරිම

Dilshan said...

සන්ජීව මෙන්ඩිස් කවදද යකෝ සජිත් මෙන්ඩිස් උනේ?

uwiniran said...

හැමදාම වගේ උම්බේ කතාව ගොඩක් ලස්සනයි

එල ද බ්‍රා මෙන්ඩා said...

මම ඉස්සර වෙලාම පවිජ්ජි කරපු නම සජිත් මෙන්ඩිස්

සිරාගෙ කාමරේ said...

මයෙ හිතත් නියපොත්තෙන් කොනිත්තාපු ලබු දල්ලක් වගේ // මේ වගේ අමුතුම තාලෙ උපමා උඹේ ලියවිලි වලින් විතරමයි කියවන්න ලැබෙන්නෙ...එදා වගේම පස්ටයි බං...වැඩි වැඩියෙන් ලියහං...අපේ ඔපීසියෙත් ඉන්නවා අල්ලෙ රේඛා නැති එකෙක්...ඒ හින්දා ඌට ඇගිලි සලකුණ තියාගන්න විදියක් නෑ උදේට වැඩට ආවම...අපි දැන් පරිපාලනයට යෝජනා කරලා තියෙන්නෙ ඌට දිව තියන්න පුලුවන් විදියට හදලා දෙන්න කියලා....බොට ජය !

කුල්‍ෙ මල්ලි said...

නියමයි සහෝ.( හැබැයි හැම බාලදක්ෂයෙක්ම ඔය කියපු විදියේ නැතෝ ... ...... )

Tharidu Lakshan said...

නියමයි

Tharidu Lakshan said...

නියමයි

නාඩියා නාඩිරත්න said...

යකෝ! උඹලට නම දාන්න තිබ්බේ බාලයක්‍ෂයෝ කියලා! ;D

Thejan Rajapakshe said...

අනේ වාසනාවන් නන්දනී :D

sanka said...

Sandaruwoo ubanam yakshayek.... jaya wewa...!!!!

sanka said...

ඔන්න එහෙනම් දෙවෙනි වතාවටත් "හිස් අහස" මුල ඉඳලා අගටම කියවලා ඉවර කලා.ආයෙත් කියෙව්ව කියලා රසයෙන්නම් අඩුවක් නෑ...නියමයි සඳරුවෝ...දිගටම ලියන්න. ජය වේවා...!!!.

Viraj Rathnapriya said...

අන්තිමට ලොඳ හරි ඉතුරුවුනා මදැයි !

Post a Comment

Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ජය වේවා !!