26.11.10

හිස් අහසේ හිරු නැගෙන තුරු !



හෙට දවස උදා වෙනකම් මට නම් ඉවසිල්ලක් නෑ. අහන්න එපා ඒ ඇයි කියල මමම කියන්නම් මොකද්ද විශේෂත්වය කියලා

හෙට මම කෙනෙක්ව බලාපොරොත්තුවෙන් ඉන්නවා. සති දෙකයි දවස් හතරකින් නොදැකපු කෙනෙක්.

අපෝ ! මහ කාලයක්ද සති දෙකයි දවස් හතර ?

ඔවු ..

ආදරේකරන අයට තත්පරයක් උනත් කල්පයක් තරම් දිගයි .!

අපි හෙට ආයෙත් වරක් හමුවෙනවා .....

කාවද ?

ගොඩක් අය දන්නවා !

ලස්සන හිනාවකුත් අරගෙන ...
මගේ කන්දෙක පිරින්න කතන්දර ගොඩකුත් අරගෙන ...
මදි නොකියන්න සතුටත් අතේ ......
බලාපොරොත්තු ගොඩකුත් එක්ක
ඒ කතන්දර කියන ඇස්දෙකෙන් ඉඟිකරන ගමං
ඇතිවෙන්න ආදරේ අරගෙන එන ........
මම මගේ පවුලේ අයට තරම්ම මුළු හදවතින්ම ආදරේකරන ...

මට ආදරේ ඉගැන්වූ පුංචි දෙවඟන ...................

හෙට අපි හමුවෙනවා .....!

මම ඉන්නේ පුදුම කලබලයකින් ....මගේ අත්වලටත් දාඩිය දාලා ..පපුව ගැහෙන හඬ මටම ඇහෙනවා . හිත කලබල වැඩියි . ඇයි දෙවියනේ සති දෙකක් ! මම එයාව නොදැක හිටියා !

මේතරම් කල් මම බලං හිටියේ මෙහෙමයි මගේ ෆෝන් එකේ තියන එයාගේ පිතූර කිහිපය පැයකට සිය වතාවක් විතර බැලුවා. එයා එවන SMS කට පාඩම් වෙනකම් බැලුවා.බ්ලොග් කියෙවුවා ...

දවල්ට නම් වැඩ නිසා දුක පාලුව ටිකක් අඩුයි. ඒත් හවසට රෑට ! ඒ වෙලාවන් වලට මම එයා නැති පාලුව මකාගන්න තව ගොඩක් දේවල් කරා .සමහර විට ටිකක් අමුතු දේවල් පවා !

වැඩ කරන ආයතනයේ වහලට නැගලා පාර දිහා බලං හිටියා. පාට පාට කුකුල් සායම් පැකට් ගෙනල්ලා වතුර බෝතල්වට දාලා ඒව දිහා බලං හිටියා . අන්තිමට ඒ ඔක්කොම එක භාජනේකට දැම්මා දාලා ඒදිහා බලං හිටියා බලං ඉඳලා ඇති උනාම විසිකරා . මගේ සපත්තු දෙක පැය ගනං පොලිෂ් කරා වෙලාව යවාගන්න ඕන නිසා . ෆෝන් එකෙන් ගේම් ගැහුවා...මාකර් පෑන් අරං බිත්තිවල චිත්‍ර ඇන්දා ..( මකන්නත් උනා ) සිගරට් ගොඩක් බොන්න උනා .. මධුවිත් යම් ප්‍රමානයකට අරගත්තා ...

ඒ වගේ විකාර වැඩත් මම කරා ..

ඒ පුංචි කෙල්ල මට කරපු දෙයක් ! මම කොච්චර හොඳට හිටපු මිනිහෙක්ද ? එච්චරම හොඳට හිටියා කියන්නත් බෑ ! ඒත් දැං මට ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න අමාරුයි

කවදාවත් බොක්කෙන්ම ලවුකරන්න එපා

යාළුවන්ට උපදෙස් දීපු මට වෙච්ච වැඩේ .

මගේ පුංචි ආදරී තව ටික දිනකින් 10 වසරේ මේ දවස්වල එයාට වාර විභාගේ . ඒක නිසා මම එයයගෙන් ඈත් වෙලා හිටපු එක හොඳයි කියලා මට හිතුනා . ඒත් අද උදෙන්ම මට ඒ පුංචි කටහඬ . ෆෝන් එකෙන් ඇහෙන්න් පටන් ගත්තා .

මට හෙට ඔයාව බලන්න ඕන

ඒ පැත්තෙන් ඇහෙනවා .. මගේ තත්වෙත් එහෙමමයි . මටත් එයාව බලන්න ඕන . ඉතිං අපේ ආදරේ අපිට වඩා ඉස්සර වෙලා . අපි දෙන්නම තීරණය කරා හෙට අපි හමුවෙන බවට ඉතිං හෙට මම ඒ අදරේ ආයිම වතාවක් දකිනවා . ආයෙත් මම උපදිනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ . මේ ඉවසිල්ලක් නැතිව තත්පරෙන් තත්පරේ ගනං කරන්නේ ඒකයි .

මගේ ආදර කතාවට දුශ්ඨයෙකුත් හිටියා කියලා හැමෝම දන්නවනේ මට මාරුවක් ලැබිලා මගේ කෙල්ලගෙන් ඈත් වෙන්න උනේ ඒකයි හැබැයි ඒ ඈත්වීම නිසා අපිට කිසිම අයහපතක් උනා කියල නම් මම කියන්නේ නෑ ! මොකද ඈත් වීම නිසා මමත් එයත් අපි දෙන්නගෙම හිත් වලින් තව තවත් ලං උනා .

මමත් එයත් අන්තිමටම හම්බ උනේ මට ස්ථාන මාරුවක් ලැබුන දවසේ . එදා මම පුදුම දුකකින් තමයි හිටියේ . ඒයත් එහෙමයි . හොඳටම ඇඬුවා . අඬලා ඉවර උනාට පස්සේ එයාම මගේ හිතට හයිය දුන්නා !

ඔයා යන්න මම ඔයා එක්ක හැමදාම ඉන්නවනේ

කඳුලු මැදින් මට ඒ පුංචි කෙල්ල හයියක් දුන්නා . මට පුදුම හිතුනා ! මම මගේ ආදරී දිහා ගොඩාක් වෙලා බලං හිටියා . ජීවිතේ මොන තරම් කරදර ආවත් මට එයා මේ වගේ හයිය දෙන බව මට එදා හිතුනා . මට ඒක විශ්වාසයි ! මම තවත් බලං හිටියා.....ඒයාගේ ලස්සන කොන්ඩේ ඒ වෙලාවේ හිමිහිට හමපු හුලඟකට ලතාවකට ගැස්සුනා .

දෙවියනේ මම ආදරේ කරන්නේ කොයිතරම් ලස්සන කෙල්ලෙකුටද ?

මට එහෙම හිතුනා .මම කවදාවත් මේ අහිසක කෙල්ලට දුකක් වේදනාවක් වංචාවක් කරන්නේ නෑ මම මටම පොරොන්දු උනා ! මෙයා මට ආදරේ කරන්නේ කොයිතරම් අවදානමක් අරගෙනද ? ඉස්කෝලෙන් , ගෙදරින් . මේ කොහෙන් දැනගත්තත් බැනුං අහන්න , ගුටිකන්න මේ හැමදෙයක්ම මුලින්ම මගේ පුංචි කෙල්ලට විඳගන්න වෙනවා .

මීට කලින් මම දෙපාරක් ආදරේ කරල තියනවා මේ මගේ පලවෙනි ආදර කතාව නෙවේ . මම ඒ සේරම මගේ පුංචි කුමාරිට කියලයි තියෙන්නේ . මට එයාට හංගන්න දෙයක් නෑ !

ඇයි අරක්කු බොන එක ? ඒක කියල නෑ නේ !

ඒක ද ? ඒක එයා මගෙ කටින්ම අල්ලගත්තා .

දවසක් මම යාලුවෙක් එක්ක පොඩ්ඩක් සප්පායම් වෙලා අවිල්ල හිටියා ඒ අතරෙම මගේ පුංචි කෙල්ලත් මට එයාලගේ ගෙදර හදපු කැවිලි වගයක් හොරෙං අරං දුවගෙන ආව . මමත් බීවේ ගඳ නැති බ්‍රෑන්ඩ් එකක් නිසා ලඟටම වෙලා කතාකරා . එයා පහුවදා හම්බවෙලා මගෙන් මුලින්ම ඇහුවේ

සර් ඔයා අරක්කු බීව නේද ඊයේ ?
මට එකපාරටම නෑ කියවුනා ! ඇයි මෙයා තරහ උනොත් එහෙම .

බොරු කියන්න එපා ! මට අරක්කු ගඳ හොඳටම ආවා ඊයේ . ඇත්ත කියන්න ?

මොනා කරන්නද මම ඇත්ත කීවා . එදානම් එයා ගස්සගෙන ගියා . මම හිතුවේ ඉවරයි ! මෙයා තරහ උනා තමයි කියලා . නෑ එයා ඇත්තටම හවස ආපහු ආවා . දැන් ඒ බයත් ඉවරයි . මට බොන්න එපා කියලමයි එයා කට ඇරියොත් කියන්නේ

හැමදේම වෙන්නේ හොඳටම නේ . ....

ඔන්න අද හවස කෝල් එකක් මට ආවා

කාගෙන්ද ? වෙන කාගෙන්ද ? මගේ ආදරනීය පුංචි සුරංගනාවිගෙන් තමයි

හෙට එහෙනම් නොවරදවාම එන්න මම ඔයාට ඔන්න තෑග්ගකුත් ගත්තා

ඒ පුංචි කෙල්ලට මම එක වරකුත් කීවුවා මට තෑගි ගන්නවනම් රස්සවක් කරපු දවසකට ගන්න කියලා .

මේක සල්ලි වලට ගත්ත එකක් නෙවේ මම හදපු එකක්

එහෙනම් ගෙන්න්න

මටත් පුදුමයි මොනාද මෙයා හදන්න ඇත්තේ ?

එයා කියන්න හැදුවා ඒත් මම එපා කීවා . මම කැමතියි මොනාද මට ගේන්නේ කියලා බලාගන්න .

ඉතිං ඔයාට මොනාද මම ගේන්නේ ? මම ඇහුවා

මට මොනවත් එපා ගෙනාවොත් මම එන්නේ නෑ

එහෙමද දැං ඉතිං ලොකු හිත්නේ !

අපෝ නෑ එහෙනම් ඉතින් .............................චොකෝ ගේන්න්න

ඔන්න මගෙන් එයා කන්න වැඩියම කැමති කෑම ඉල්ලුවා . තවම 9 වසරේ හින්දද මන්දා හරිම කැමතියි චොකලට් කන්න .

ඔන්න ඉතින් මම ලොකු චොකෝ එකකුත් ගත්ත .... එහෙනම් ඔක්කොම හරි මගේ ආදරෙත් මග බලං ඉන්නව හෙට මොනවත් කරදරයක් නොවුනොත් අපේ හෙට දවස ගොඩක් ලස්සන වෙයි ! හෙට නෙවෙයි කතා වෙන් කතාවෙන් අද වෙලා .. දැන් වෙලාව 1 ලඟයි .

ආයේ දවස් කීයකට හම්බවෙන්න වෙයිද මන්දා ? මට දෙවියන්ගෙන් එක වරයක් ඉල්ලන්න පුලුවන්නම් මම ඉල්ලන්නේ මේ ආදරේ මටම දෙන්න කියලයි කවදාවත් ඒක මගෙන් ඈත් කරන්න එපා කියලයි ! මම හිතනව ඒ වරය මට ලැබෙයි කියලා !

ස්ථාන මාරුවක් ලබපු මම කොහොමද මෙහේ ඉන්නේ ඔයාලට ඒක ගැටළුවක් වෙන්න ඇති . මම මෙහේ ඉන්න හේතුවක් තියනවා ..ඒක මම කියන්නේ නෑ ගොඩ දෙනෙක් නම් ඒක දන්නවා .

සඳරු
2010-11-25 1:54 පෙ.ව.

18.11.10

මුල්ල පටස් පානය කලෙමි !

ටික කාලෙකට පස්සේ සතුටු හිතෙන ආරංචියක් මට අහන්න ලැබුනා මාරම හැපී ! අද තමයි කෝල් එක ආවේ . මේ සිකුරාදා මට ගෙදර යන්න පුලුවන් . වැඩි දවසකට නම් නෙවෙයි සිකුරාදා ඇවිදින් සඳුදා ආපහු යන්න වෙනවා.

ගෙදර අයවත් නොදැක ඉන්න බැරුව හිටියේ ඒ වගේමයි මට ආයේ මගේ පුංචි කෙල්ලව මොහොතකට හම්බවෙන්න පුලුවන් වෙයි ඒ නිසාම අද මට පුදුම සතුටක් තියෙන්නේ . හෙට දවස ඉතින් බොහෝම හෙමීට ගෙවෙයි …
ඉතිං මම සතුටෙන් ඉන්න අද දවසේ මම මගේ යාලුවෙකුට වෙච්ච පොඩි සිද්ධියක් කියන්න හිතුවා .
මේක මුල්ල පටස් නැමති අමෘත්තය පානය කිරීමට යාම නිසා සිදු උනු හදියක්
..............................................................................................................................................................................................................................................................................................

අවසරයි !
සොඳුරු සිත” වත් අක්කා ප්‍රමුඛ අමද්‍යප බැටෑලියන් එකෙන් .!

ඔන්න දවසක් මගේ යාලුවෙකුයි තව මායි නිවාඩු දවසකදී අපේ ගෙදරදී හම්බ උනා. ඉතිං අපි ටිකක් වෙලා කතාවක් දාගෙන උන්නා. අපි ඉතිං IT පැත්තේ අය නිසා කතාකරේ තොරතුරු තාක්‍ෂණය ගැන තමයි. ඉතිං ගොඩාක් වෙලා අපි තොරතුරු තාක්‍ෂණය ගැන කතාකර නිසාද කොහෙද මගේ යාලුවට තිබහක් දැනෙන්න ගත්තා ! මම ඉතිං කීව මචං තැබිලි ගෙඩියක් බොමු නේද ? කියලා ඇඟටත් ගුනයිනේ !

මේකා ගත්කටටම කියපි.

“යකෝ තැබිලි බොන්න තූ: ! මටනම් එපා නැද්ද අරවා”? …...මට වැඩිය අරවා කීවට මීටර් උනේ නෑ
මොනා බං අරවා කීවේ ? ..

අනේ නොදකිං තෝ ඒවවත් දන්නේ නැද්ද කියලා මූ මගේ කනට කරලා මොකක්ද වචවයක් කීවා !
සීවරං දෙයියනේ !

මාගේ සරුවාංගෙම Refresh වෙලා ගියා මූ කියපු ජරා කතාව අහලා
මොකකද දන්නවද කනට කරලා කීවේ
“මුල්ල පටස්" ටිකක් බොන්ඩ බැරිවෙයිද මචෝ ? ”

මම කියන්නම් “මුල්ල පටස්” කියන්නෙ මොනවාද කියලා. සමහර අය නම් දන්නවා ඇති. ඒව සැර ජාතියක් සුපිරි වෙළඳ සැලෙන් එහෙම මේවා ගන්න බෑ. මේවා දේශීය නිෂ්පාධන.

හදන්නේ කවුද ඒවා ?

ඇත්තටම අපේ පලාතේ එක දෛර්යවන්ත මනුස්සයෙක් හිටියා . ඒ මනුස්සයාගේ නම කියන්න බෑ. මම ඇඩ්ඩිං මාමා කියලා කියන්නම් .පෙනුමෙන් නම් හරිම කරුනාවන්තයි .පෝයට සිල් නොගත්තට , හරිම ගුනයහපත් මිනිහා.දේහ දාරී පුරුෂයා . ඒ මනුස්සයා රැකියාවක් කලේ නෑ ගුන යහපත් කම නිසා කවුරුත් කුලී වැඩකට වත් කතාකලේ නෑ. ඒ උනාට මිනිහා වීර පුරුෂයෙක් පටංගත්තා තමංගෙම කියලා ස්වයං රැකියාවක් . ඒ තමයි “මුල්ල පටස්” නැමති මහා බලසම්පන්න ඔසුව සෑදීම ….
අපේ පලාතට මේක අලුත් කටින් කට මේක හෙමීට පැතිරිලා ගියා “මුල්ල පටස්” වෙන පලාත්වල තිබ්බට අපේ පැත්තේ මේවා එවකට තිබුනේ නෑ.. “කචල් ෆැන්ටා” නම් කලින් තිබුනා ඒත් වසර 2පෙර ඒව හදාපු ජීවක තුමා පරලොව් සැපත් උනා !

ඉතිං මගේ යාළුවත් ඒ බෙහෙත පානය කරන්න පුදුම ආසාවකින් තමයි ඉඳලා තියෙන්නේ ...උගේ හද ගැහෙනා රාවය මට ඇහුනා ! මම නම් ඕව වැඩිය පාවිච්චි කරන්න කැමතිනෑ ! ඒක නිසා මම බෑම කීවා ...ඒත් ඉතිං ඌ මාව බලෙන්ම ඇදගෙන ගියා ඇඩ්ඩිං මාමගේ පරීක්‍ෂනාගාරයට .

ඇඩ්ඩිං මාමත් එතකොට මේ බෙහෙත වෙලඳපොලට නිකුත් කරලා නෑ. මාමත් මාමගේ යාළුවෙකුගෙන් තමයි බෙහෙත හදන ෆෝර්මියුලා එක ඉල්ලගෙන තිබුනේ. ඉතිං පරීක්‍ෂන මට්ටමේ තමයි මේක තිබුනේ .මමයි යාලුවයි දෙන්නම මාම හම්බවෙලා මේ ගැන කතාකලා මාම හරිම කරුනාවන්තයි ...

“මාමෙ අපිට මුල්ල පටස් ටිකක් දෙන්න බලන්න ” යාළුවා ඉල්ලුවා
“දෙන්නම් දෙන්නම් හැබැයි දරුවනේ මේක තමයි පලවෙනි සාම්පල් එක තාම මම චෙක් කරලා නෑ ඔය දෙන්නා රස පරීක්‍ෂාවක් තියලා බලන්නකෝ පලවෙනි කස්ටමර්ල දෙන්නනේ ”

අපි දීපු රු.200 අතට අරං ඇඩ්ඩිං මාමා “ටුක්” ගාලා ඇටයක් කඩන ගමං කීවා
“තව දෙයක් තියනවා මගෙ දරුවනේ “ මාමගේ කටින් කරුනාව බේරෙනවා !

එයා මෙහෙම කීවා
“මගේ අතින් පොඩ්ඩක් ඉස්ප්‍රීතු වැඩි උනා ඒක නිසා ඩිංග වෙන්න ගන්න මොකද ඕකේ ජීවශක්තිය කොච්චර කල් තියෙයිද දන්නේ නෑ මේව නියම ගෙදර හදපු බඩුනේ ඒකනිසා පවර් එක වැඩියි”

අපි නොබී ඉඳියි ඔහොම කීව කියලා ! එහෙම කියලා මගේ යාලුවා බේත එක හුස්මට බීව ..

‍අප්පට සිරි එල කොල්ලා ! මාමට මාර ෆන් .

ඉතිං මං සෙකන්ඩ් වෙන්නේ කොහොමෙයි ! මමත් ඇදලා දැම්මා … “අඩේ මූත් මගේ කොල්ලා “! මාම දරු සෙනෙහසින් අන්දවෙලා ..

මුල්ල පටස් වලින් කියපුතරම් බලයක් අපට ලැබුනේනෑ ! අපි මාමට කින්ඩිය දැම්මා .

අයියෝ ඇල් ජලය සේ මට හැඟේ ! යාළුවා කීවා
“ඕක වැඩකරන්නේ තැපැල් ඒකියන්නේ පහු වෙද්දී එලටම වැඩකරයි දැන් රෑ වෙලා දෙන්න යන්න ”

ඉතිං අපිත් යන්න පිටත් උනා ….......................ඒත් ….

මගදී යාලුවට ටිකක් හති වගේ
මොකද බං ! ?
නෑ මම වීල් එකක් කතාකරගෙන යන්නම් බං උඹත් එහෙම කරපං .

ඌ කියනවා ..ඉතිං මම ඌව ටවුන් එකට ගිහිං වීල් එකකට දැම්මා …
මම නම් තව ටිකක් දුර යන්න ඕන ...කිලෝමීටර් 3 විතර මට කිසි අවුලක් නෑ ..දැනට එලටම මම යනවා ...ඒත් ටිකක්දුර යද්දී මුල්ල පටස් වැඩකරන්න පටන් ගත්තා !

ඒක මහ පුදුම ඔසුවක් කියන්නේ මුලින්ම මගේ දෙපය හිරි වැටීගෙන එන්න ගත්තා. අඩිය තියන්න තියන්න මාරම අමාරුයි ..කකුලේ වංගෙඩි බැන්දා වගේ .. අම්මෝ ! කකුලක් උස්සන්න තියන අමාරුව.
ඈත බස් හෝල්ට් එක තියනවා පේනවා ….

ඇදපං පුතා ඔය ටිකත් මම පුරුෂ ශක්තිය දෙපයට ගත්තා …...තව අඩි පනහක් හැටක් විතර තමයි තියෙන්නේ . ඇදපා …...පා.....න් මම කකුල් දෙකට චියර් කරා …..

මම ඇද වැටුනා !

ඒත් මම විගහට නැගිටලා බස් හෝල්ට එකටම ගියා වෙලාවට කවුරුත් නෑ ….මට එතනම නින්ද ගියා .............

….මම හිතන්නේ ම්ම ඇහැරලා බලනකොට….වෙලාව 8.00 විතර මයෙ හිතේ . මොකෙක්ද මහ ජරා යකෙක් මෙතන කබරයා පාරකුත් දාලා ෂි:හ්
නින්ද ගිය පැය දෙකට මට ටිකක් සනීපයි ..මම හෙමීට ගෙවල් බලා ගියා ...දැන් මෙහෙම ගියොත් ගෙදරට මාට්ටු ඒක නිසා මම ලඟම මිතුරෙකුගේ නිවසට ගියා ...ඌ වැඩේ තේරුම් ගත්තා ඌ මගේ නියම බොක්කක්. ගිය මාසේ පොර හමුදාවට ගියා.

පොර මගේ ලඟින් හමන සුවඳ එහෙම අඩුකරා මූන හෝදන්න චතුර එහෙම දීලා ...මාව ගෙදරට බයික් එකෙන් ගිහින් දැම්මා … ගේ ගාවට ….

මම ගියපු ගමං ඇඳට පැනලා දොයිය ගත්තා …........................................................
මොනවා උනාද මන්දා අහරිනකොට වෙලාව උදේ 6..00 ඇත්තටම මට ඉන්න බැරිව හිටියේ ,,,,

මම නාල එහෙම එනකොට අම්ම අහපි
ඇයි ඔය මූන ඉදිමිලා ? ඇස් දෙකත් ඉදිමිලා !

ඒ හැටි
එහෙම කියලා මම ඉක්මනින් වැඩට ගියා ...වැඩට ගියත් මට ඉන්න හරිම පහසුවක් දැනෙනවා ..

“වෙනදා වගේ නෙවෙයි ඔයා අද හරි හැන්සම්”
අපේ පිලිගැනීමේ නිලධාරිනිය එහෙම කීවා !

මම ගිහින් අද උගන්වන්න තියන පාඩම ටිකක් බලාගන්න කියලා පොත අතට ගත්තා ! හපොයි මෙන්න අකුරු දිහා බැලුවා විතරයි මාව කැරකෙන්න ගත්තා ….බුදු අම්මෝ ! දැනුන සනීපේ !
මේ මොකද ? මුල්ල පටස් තාම වැඩකරනවාද ? මට හිතාගන්න බැරි උනා …......කං දෙකෙන් මිහිරි හඬකුත් එනවා ..බඩෙන් අමුතු සද්දෙයක් එනව .. ඒ මදිවට ..ඊයේ උදේට කාපු කෑම වල රස නැවත නැවත දැනෙනවා....ඔලුව මේසේ ගහගෙන උන්නා මං මද වේලාවක් …........

වෙලාව ගියා. තත්වේ බයානකයි මම උගන්වන පන්ති සේරම නැවැතුවා ලමයිව ආපහු ඇරියා !!

බොස් ඇවිලා අහනවා !

සඳරු මොකද අසනීපේ අපි බෙහෙත් ටිකක් ගමුද ?

ඕන් නෑ සර් ..දැං අඩුවෙයි මේ ඔලුව ටිකක් රිදෙනවා ….......................

කොහොම හරි හවස් උනා ….මාව ඔෆිස් එකේ එකෙක් ගෙදරටම ගෙනල්ලා දැම්මා ….ඒ ආපු ගමං මං කලේ බුදිය ගන්න ගිය එක ….

අම්ම මේ වතාවේ නම් බය උනා …...

බෙහෙත් ගන්න යමු කියලා වදේ …....මම කීවා හෙට අඩු නොවුනොත් බලමු පොඩි ඔලුවේ කැක්කුමක් නේ කියලා …

කීව වගේම අනික් පහුවදා උදේ වෙනකොට මට ගානක්වත් නෑ …...හරිම සතුටුයි !

ඉතිං මං වැඩට ගියා …..නෝට් එකත් හදාගෙන ...පන්තිය ඇතුලට ගියා ….ලමයි නැගිටලා මාව පිලිගත්තා වෙනදා වගේම ...

අප්පේ ..! එකපාරටම ප්‍රොජෙක්ටර් එක දිහාට මගේ ඇහැ යවුනා … .මෙන්න මුල්ල පටස් ආයේ වැඩ කරන්න ගත්තා ...යකෝ! දැන් දවස් 2ත් ඉවරයි ඒත් මෙවුවගේ පවර් එක ඉවර නෑ !
අමාරුවෙන් මම එලියට ගියා ...මං වැටෙන්න ආසන්නනයි ….අමාරුවෙන් ඉඳගත්තා පුටුවක …..ඒ පන්තියත් කල් දැම්මා …

එදානම් මම තනියම වීල් එකක් කතාකරං බෙහෙත් ගන්න ගියා ඩොක්ටර්ට සේරම කීව ….

මම මුල්ල පටස් බීවා !

බඩු තාම වැඩ

..ඉන්ඩ බෑ මොනාහරි දෙන්න කියලා...

ඩොක්ටර් මට කියනවා මුල්ල පටස් විකුනපු කෙනා කියන්නලු ! පොලීසියට කියන්න ...එයාගෙ නම මම දන්නේ නෑ කියලා මම යන්තමට ඇඩ්ඩිං මාමව බේරගත්තා !

ඉතිං තව දින දෙකකින් පසු මට හොඳටම හොඳ උනා ….ආයේ කවදාවත් මම "මුල්ල පටස්" නම් බොන්නේ නෑ …. මගේ යාලුවා ..මාත් එක්ක බීපු එකා ඌ සතියක් ඉස්පිරිතාලේ ඉඳලා !

ඉතිං මං ඔය ජරාව බොන එක එදාට පස්සේ නැවැත්තුවා ! ….....

දැං බොන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒත් වැඩිම උනොත් දුකක් වේදනාවක් ආවොත් විතරමයි .
කිසිම සතුටදී බොන්නෙත් නෑ !

ඔයාල එහෙම කවදාවත් ඔය වගේ බාල. ප්‍රමිතියකින් තොර ඒව බොන්න එපා !

මේ කතාව ඇත්තටම පහුගිය මැයි මාසේ මගේ යාලුවෙකුට සහ ඒ යාලුවාගේ යාලුවෙක් වන මට වෙච්ච දෙයක් මට මේක මතක් උනේ මම අද පුදුම සතුටකින් ඉන්න නිසා ..‍

මම අනිද්දාට ගෙදර යනවා ඒක මතක් වෙනකොට තියන සතුට කියලා නිම කරන්න් බෑ . ඒ ඇයි කියලා මගේ කලින් කතාව බලපු අය දන්නවනේ


සෙනසුරාදා රෑට මොනවා හරි තව ලියන්න ඕන්න …...........
එතකම් …

.ජයවේවා ! !


ප:ලි

ඇයි මේවට මුල්ල පටස් කියන්නේ කියලා දන්නවද ?
මේව දාල දෙනේ බෝතල් වල නෙවේ ! පොඩි ෂොපින් බෑග් වල. ඉතින් ෂොපින් එකේ ගැටේ ලිහ ලිහා ඉන්න බැරි නිසා බෑග් එකේ මුල්ල "පටස්" ගාල අතින් කඩන්න ඕන පස්සේ කටේ හලා ගන්න ඕන
ඕකයි මුල්ල පටස් කියන නම දාන්න හේතුව ..














14.11.10

හිස් අහසේ මතක තරු .....


                                     වෙනදා නම්... ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නේ පුදුම  කැමත්තකින් වෙනදා උදේට නැගිටින්නේ අද මම ඒ පුංචි මූන දකිනවා නේද කියන සතුටත් හිතේ තියාගෙන .

වෙනදා නම්..............
 ඒ ලස්සන හිනාව උදෙන්ම මගේ දවස එලිය කරා ! .
ඒ ලස්සන කටහඬ මගේ හිතේ දුක අතුරුදහන් කරා ! .
ඒ අමුතු බැල්ම මාව හිරිවැට්ටුවා !

ඒත් ඒ හැමදේකටම වඩා !

ඒ ආදරේ මාව ජීවත් කරා !

ඒ මීට දින කිහිපයකට කලින් .
ඒත් දැන්  ඒ ලස්සන දේවලින් වැඩි හරියක් මට අහිමි වෙලා .

ඒ ලස්සන ඉරිදාව !
උදේට ඉස්කෝලේ යන ගමන් එයා මට දීපු ලස්සන හිනාව. !
 අපි අතරේ සිද්ධ උන ඒ ලස්සන කතාබහ !
මාව බලන්න එද්දී හැමදාම වගේ ගේන ඒ බලාපොරොත්තු !

දැන් ඒ කිසිම දෙයක් මට තවදුරත් හිමි නෑ..!   ඒ.. ත්  එක දෙයක් මම ලඟ තවම තියනවා !

එයා මට දුන්නු ආදරේ !

ඒ නිසා මම මේ හැම දුකක්ම වේදනාවක්ම යටපත් කරලන්න උත්සාහ කරමින් ඉන්නවා

මම දැන් ඉන්නේ එයාගෙන් ගොඩාක් දුර . මගේ ගෙදරින් ගොඩාක් දුර මගේ යාලුවන්ගෙන් ගොඩාක් දුර . මේක කියවන ඔය ගොල්ලෝ විතරයි මගේ ලඟ ඉන්නේ .

දන්නවනේ මගේ කතාව ?
ඇයි අර පවුකාර කතාව !  9 වසරේ කෙල්ලෙකුට ආදරේ කරලා වැඩ වරද්දගත්ත කෙනාගේ කතාව . ඒ තමයි මගේ කතාව.

ජීව්තේ අපිට හිතන්න ඉඩක් දෙන්නේ නෑ ඉක්මනින් වෙනස් වෙනවා  ඒ වෙනස් වෙන ජීවිතේට හැඩ ගැහෙන්න බැරි උනොත් හැමදාම හිතින් විඳවන්න වෙනවා !. දැන් මමත් ඒ වගේ

අපේ ආයතනයට ඉගනගන්න ආපු පුංවි කෙල්ලෙකුට මම ආදරේ කරා.ඒක වැරැද්දක් කියලා හිතපු මගේ බොස් මාව දුර පලාතක Branch එකකට මාරු කලා

 ඒ නිසා ටිකක් විඳවනවා ! ගොඩක් නෙවෙයි. මීට වඩා ලොකු දුකක් මම අවුරුදු ගානක් හිතේ තියං ඉඳලා තියනවා.

මාව දුර පලාතකට මාරු කලාට පස්සේ එලඹෙන පලවෙනි ඉරිදාව හෙට.
ඒත් හෙට මට එයාව දකින්න වෙන්නේ නෑ නේද .! ඕක මතක් වෙනකොට ………………..ඇත්තමයි මට මගේ ලඟපාත තියන හැම දෙයක්ම කුඩුකරලා දාන්න තරහක් එනවා !

ආයේ මගේ කෙල්ලව මම කවදද දකින්නේ ?

මම අන්තිම පෝස්ට් එක ලියපු දවසේ . මාව මාරු කරා කියලා කියපු දවසේ මම මගේ සුරංගනාවිට මේ කතාව කිවුවා

“මට ආයේ කවදා මෙහේ එන්න වේවිද දන්නේ නෑ”

. ඒ පුංචි ලාමක හදවතට මේ දුරස් බව දරාගන්න පුලුවන් වෙයිද බැරි වේවිද කියලා කියන්න කලින් මම හිතුවේ නෑ . ඒ පුංචි කෙල්ල අතේ තිබුන ෆයිල් කවරෙන් මූන වහගෙන ඉකි ගගහා අඬාපු එක විතයි කලේ. මම කලේ අහක බලාගෙන හිටපු එක විතරයි . එයාව සනසන්න මොනවා කියන්නද කියලා මට මට හිතාගන්න බැරිවයි හිටියේ .

අපි ආදරේ කරලා තවම ගත උනේ ටික කාලයක උනත් අපි දෙන්නා ගොඩක් ලංඋනා .එයා මගේ ජීවිතයම උනා !.

මගේ පුංචි කෙල්ල මට අද හවස කෝල් එකක් නම් ගත්තා යාළුවෙකුගේ ෆෝන් එකකින් .ඒත් විනාඩි 5 විතර , ඒ විනාඩි පහටම අපි කතා කරපු දෙයක් නෑ. එයා අඩපු එකත් මම ගල් වෙලා හිටපු එකත් ඇරෙන්න අපි වැඩි දෙයක් කතා කරේ නෑ .

හෙට දවසේම මැරීගෙන උගන්වන්න තියනවා ලමයි ගොඩකට ඒත් මට වෙනදා වගේ කිසිම වැඩක් ලස්සනට නිවැරදිව කරගන්න බැරිවෙයි. සමහර විට මම හැම වැඩක්ම අනාගනියි. නිදාගන්නේ කොහොමද ? නින්ද යන්නෙත් නෑ . හිත හදාගෙන වැඩක් කරන්නත් බෑ .මේ නරක කාලේ ඉක්මනට ගෙවිලා යනවනම් .

හෙට කොහොම හරි එයාට කෝල් එකක් දෙන්න හිතෙනවා ! ඒ විදිහට හිතන කොට හිතේ කැකෑරෙන මේ දුක පොඩ්ඩක් විතර අඩු වෙනවා . හෙට මම එයා එක්ක කතා කරනවානේ ඒවිදිහට  හිතලා . මම මගේ හිත හදාගත්තා අද දවසෙම .

මාව මාරු කරපු අලුත් Branch එක ගැන කිවුවොතින් . වැරදිම විතරයි මෙහේ මට පේන්නේ . පරිගණක නම් ගොඩාක් තියනවා .හොඳ ඉන්ටර්නෙට ලයින් එකතුත් තියනවා . එච්චර තමයි හොඳේ.  ඇත්තටම අපේ බොස් මාව මෙහෙට මාරු කලේ මාත් එක්ක තරහකින් නෙමේ කියලා මට ඊයේ තේරුනා .

“කොහොමහරි මේහාට අළුත් කෙනෙක් හොයාගන්නකං අල්ලගෙන යන්න "සඳරු" ඊට පස්සේ ඔයාව ආයේ පුරුදු තැනටම ගන්නම් ”  බොස් කීවේ නම් එහෙමයි , ඒත් මම තමයි දන්නේ මට තව සෑහෙන කාලයක් මෙහේ දුක් විඳින්න වෙනවා කියන එක .

මෙහේ ඉන්න මැනේජර කාරයත් අමු පන්ඩිතයෙක් . මට පේන්න බැරි චරිතයක් . මොනවා කරන්නද . ඉවසපං හිත තව ටික කාලයක්. මම මේ දවස්වල තවත් ජොබ් දෙක තුනකටම ඉල්ලයි තියෙන්නේ . ගමට එකක් සෙට් උනොත් නම් අනිවා මම මාරු උනා . එතකං ඉවසං ඉන්න බලනවා  .

ඉතිං ඕං අද දවස හෙමීට ගෙවුනා පුදුම දුකක් තමයි මගේ පුංචි කෙල්ල නැතිව මම විඳින්නේ ! ඒ දුක බෙදාගන්න මම පරන යාලුවෙක්ව මගේ ලඟට ගෙන්න ගත්තා .

බෝතලේ !
මගේ හිතේ තියන හැම දුකකටම මෙයා ලඟ පොඩි විසඳුමක් තියනවා

මම බොන්නේ ආසාවට නෙවෙයි මගේ දුක නැති කරන්න හිතාගෙන . ඇත්තටම බිවුවට පස්සේ  පැය කීපයක් යනකම් මට ලැබෙන නිදහසට මම පුදුම විදිහට ආදරේ කරනවා ! .

ඇත්තමයි බිවුවට පසේ මට නිකම් වතුර යට ඉන්නවා වගේ හැඟීමක් තමයි එන්නේ . පුදුම නිදහසක් දැනෙනවා. සමහර අයට වගේ අමුතු හයියක් ඇවිදිං කුනුහරප කියවෙන්නේ එහෙම නෑ . පැයකට දෙකකට පස්සේ මට හොඳටම නින්ද යනවා . මම ඒ ලබාගන්න සැනසීම මට වෙන ලබාගන්න ක්‍රමයක් නෑ කොහෙත්ම නෑ !

 ඉතිං මම මේ වැරැද්දක් තමයි කරන්නේ . ලොකූ ගානක් වියදම් වෙන එක තමා අවුලකටත් තියෙන්නේ . ඒත් ඉතිං මම වෙන මොනවා කියලා කරන්නද ? බොන එක ඇරෙන්න .

කියන්න දේකුත් නෑ වෙනදා වගේ!
 මම විතරක් තනියම.
 ඉතින් තනියම මොන ආදර කතාද ?
ලියන්න දේකුත් නෑ ඉස්සරහට …….

මගේ සැබෑ ආදර කතාව . කියවපු අයට ඉස්තූතියි.

 හිතෙන් ගොතාපු කතාවක් උනා නම් හොඳ ලස්සන අවසානයක් දෙන්න තිබ්බා . මගේ මේ ආදරේ අවසානය කොහෙන් කෙලවර වෙයිද මන්දා ? මමවත් කවුරුවත් ඒක දන්නේ නෑ !

ඒත් අපේ “සොඳුරු සිත” ! ලියන වත් අක්කා  හිස් අහසට මෙහෙම කියලා තිබුනා


අහසක් කිසිදින ..
හිස් නොකෙරෙනු ඇත...
මතක තරු අතුල ...
අහස නුඹය ..ඇයට ..

වත් අක්කේ !
ඇය ගැන දුන් බලාපොරොත්තුවට ඉස්තූතියි.!




~වෙලාව පාන්දර 1ත්පැනලා !~

එහෙනම් රෑ උනාට කමක් නෑ අවසරයි මට මගේ මිතුරා “ Mendis ” සමග එක්වෙන්න !
දුකේදී සැමදා මා හා ඉන්න ඔබ ......
ඔන්න පින්තූරෙකුත් දැම්මා !

 


ලියන්න විශේෂ දෙයක් තිබ්බොත් මම ලියන්නම් . එතකං හැමෝටම …………..

ජය වේවා !!

 
1:01:14 AM




 .




10.11.10

දුරස් වෙන හිස් අහස !


මම දන්නේ නෑ අද ලියන්න පටන්ගන්නේ කොහොමද කියලා මගේ ආදර කතාවේ අවසානයට මම ලඟාවෙලා කියලා මට හිතෙනවා මාව දුර පලාතකට මාරු කරා ! දැන් මගේ ආදරේ ඉවරයි වගේ තමයි . දැන් මම පරාදයි !

මෙච්චර කාලෙකට හිතේ සතුටක් තිබුනද. දැන් ඒකත් ඉවරයි මගේම වැරදි නිසා ….මම විඳවපුවාවේ ! මේවට වැරදි මම. කැමතිද අහන්න මගේ කාළකන්ණි කතාවෙ අලුත්ම තත්වේ එහෙනම් අහගෙන ඉන්න .

2010 – 11 – 08 සඳුඳා

8 සුබ අංකයක් කියලයි මම අහල තිබුනේ . මම වෙනදා වගේම වැඩට ගියා එදත් උදෙන්ම උදේ තිබුන පන්තියත් පැය දෙකක් යන්කම් කරා …. වෙලාව 10.30 විතර ඇති . මම බයෙන් හිටපුදේ සිද්ධ උනා ! …මට බොස් ගෙන් නියෝගයක් ආවා .

අපේ *****බ්‍රාන්ච් එකේ හිටපු lecturer අයින් උනා ඒ වෙනුවට ඔයා එහේ යන්න ……!

වෙනදා නම් මෙහෙම නෑ ඒ පලාතෙන්ම කෙනෙක් හොයාගන්නවා ….හරි මට තේරුනා. මම හිතපු දේ හරි. මගේ තරහ කාර lecturer මම ගැන කේලමක් බොස් ගේ කනේ තියලා තියනවා කේලම තමයි මම අපෙන් ඉගන ගන්න එන නවය වසරේ ගෑනු ලමයකුට ආදරේ කරන වග…

…ඉතිං… හෙට ඒ කියන්නේ බ්‍රහස්පතින්දා හෙට ඉඳලා මට වෙනම පලාතක වැඩ බාරගන්න වෙනවා

දෙවියනේ මට අමතක කරන්න වෙනවා.. !

අවුරුදු තුන හමාරක්ට වැඩිය ඉගනගත් …එතනින් පස්සේ අවුරුදු එක හමාරක ඉඳලා රැකියාව කරන මේ ආයතනය . මගේ ආයතනය . මගෙත් එක්ක වැඩකරන මගේම සහෝදර සහෝදරියෝ හැමෝම (එකෙක් හැර ) …කැඩෙන කැඩෙන ගානට මම මගේ අතිං හදපු හැම පරිගණකයක්ම , මම උගන්වපු හැම කෙනෙක්ම හැම වයස් තරාතිරමකම . වයසක අය , මැදිවියේ අය, මගේ වයසේ අය , අහිංසක පොඩි එවුං (මට වැඩියෙන්ම ආදරේ කරන එවුං) . හෙටින් පසු දකින්න නෑ සමහරවිට ආයේ කවදාවත්

මම උගන්වන පන්ති හැම එකක්ම අතරමග අමතක කරන්න වෙනවා ඒ හැම පන්තියක්ම අර මගේ තරහ කාර lecturer ට බාර වෙනවා !

ඇයි මම මේ පන්ති බාරගත්තේ ? මේ පන්ති මම බාරගත්තේ පුදුම සතුටකින් මම පටන් ගත්ත මේ හැම එකක්ම මමම ඉවර කරන්නයි හිතාගෙන උන්නේ !

තමන් අතින්ම පුංචි පැලයක් හිටවලා ඒක ලොකුවෙනක්ම් බලාගෙන ඉන්නේ කොයිතරම් ආසාවෙන්ද ? මමත් ඒ වගේ ආසාවෙන් හිටියා. මම පටන්ගත් මේ හැම පන්තියක්ම මමම ඉවර කරන්න කිසිම දවසක ඒ පන්තියකට ඉගැන්වීම් මම මගහැරලා නෑ .මොන අසනීපේ මොන වැඩේ තිබුනත් මම අර පුංචි එවුංගේ පංති මග ඇරලා නෑ . සතියේ දවස් හයක් මට ඉගැන්වීම් තිබුනා

අපේ ආයතනයට ආපු මුල්ම දිනවල Mouse එක අල්ලන්න බයෙන් හිටපු හය, හත , වසර වල ඉගනගන්න සමහර පුංචි එවුංට මගේ තරහා කාර lecturerබනිනකොට මම ඌ එක්ක රංඩු උනා මේ පලාතේ අවුවට වේලිලා කරවෙලා හතරට පැලිච්ච පොලවේ.දුප්පත් පුංචි එවුං වැඩිදෙනෙක් එදාම තමයි Mouseඑකක් අල්ලන්න ඇත්තේ . මම පුලුවන් තරම් සරලවම උන්ට කියලා දුන්නා .ඒ පුංචි එවුං බය ටිකෙන් ටික ඇරගෙන . පරිගණකය ටිකෙන් ටික හසුරුවද්දී මට දැනුන සතුට අකුරුවලින් ලියන්න බෑ . ඒත් ඒ ළමයි 200 ගෙන්ම මට දැන් සමුගන්න වෙලා ………

පාඨමාලාව ඉවරකරලා අවසානයේ පවත්වන Examඑකට මේ පුංචි එවුං හොඳට සූදානම් කරලා හැමෝටම certificate එකක් අරං මගේ අතින්ම දෙන්න හිතාගෙනයි මම හිටියේ . ඒ පාඨමාලාව ඉවරවෙන්න තව මාස කීපයක් තියනවා .දැං ඉතිං වෙනදේ මට හිතාගන්න පුළුවන් .

ඔන්න ඕකයි උගෙයි මගෙයි තරහ. මගේ කතාව මුල ඉඳලා බලපු අය මේ ගැන දන්නවා ඇති
ඒ තරහට ඌ බොරු වැරදි කීපයක්ම මගේ පිට පටවන්න හැදුවා . අපේ ගේම තවත් වැඩි උනා .

මේ හතුරව හදාගත්තේ මූව මේ ආයතනයට ගෙන්නවාගත්තේ ඔක්කොම කරේ මම ඉතිං මට මෙහෙම වෙලා මදි ! අපේ බොස් lecturer කෙනෙක් හොයනකොට “අහවලා ගමු සර් මිනිහා හොඳයි” ඔහොම කියලා කියපු ඒ දවස මට වෙනස් කරන්න පුලුවන්නම් ආයේ !!!!!!!!!! මට මොකද මේ උනේ . මම විසි උනා !

අපේ බොස් ගොඩාක් හොඳ මනුස්සයෙක් එයා තමයි මාව මේ තත්වෙට ගෙනවේ මට හැම දෙයක්ම ඉගැන්නුවේ . කවදාවත් ඒ මනුස්සයා මට වරදක් කරන්නේ නෑ .මම වැරදි පාරක යනවා කියලා බොස් හිතනවා ඇති කතාකරන විදිහෙන් බලන විදිහෙන් මට ඒක පේනවා මම මුලින්ම ආපු දවසේ කියපු දේවල් මට හොඳට මතකයි

කිසිම ළමයෙක් එක්ක වැරදි සම්බන්ධ ඇතිකරගන්න ගන්න එපා !.

බොස් මාව විශ්වාසකරා මම ඒ විශ්වාසේ කැඩුවා .ඉතිං මම වැරදි. ඒත් මගේ හිත ඒක පිලිගන්නේ නෑ .

Everything is fair in Love & War ! කියමන හරි කියලයි මට හිතුනේ
ඒත් මට නැතිඋන දේවල් ………..මේච්චරද …………..මට මොනාද අමතක උනේ ..අමතක උනානම් කොච්චර හොඳද

………….හැමදේම නැති වෙච්චිදෙං ඒත්……………

ඒත් මගේ ආදරේ !!! ඒක ගැන මොකද ?

ඒ අහිංසක ඇස් . රතු වෙච්ච මූන , නිතරම තියන හිනාව .ඒ දඟකාරකම , මගේ ආත්මයම එලියට ඇදලා දාන ඒ බැල්ම .ඒ සුවඳ,මාව ජීවත් කරවන ඒ ආදරේ ! ………………

හෙටිං පස්සේ ඔක්කොම අවසන් වේවි ටිකෙන් ටික…කතා කරන්නත් බැරුව හමුවෙන්න බැරිව ජීවත් කරවන්න පුලුවන්ද මගේ ආදරේ . බෑ ! . මගේ සුරංගනාවිගේ පංතිය . ඒ පන්තියත් තව ටික දවසකින් ඔවු…ඒ පන්තියත් ලබන සතියේ ඉඳලා මගේ හතුරට බාරයි ….!
මම තාම යන්න තීරනය කරලා නෑ !මට මගේ ඒන්ජල් දාලායන්න බෑ එයා තාම මේක දන්නෙත් නෑ මම කොහොමද කියන්නේ ? අද හවසට කියනවා ……

ඒත් ජොබක් නැති උනොත් . මම කොහොමද ජීවත්වෙන්නේ . මට මේ දෙකම ඕන .

මම ඈත් පලාතට ගියත් බ්ලොග් කියවන එක නවත්වන්නේ නෑ .මම බ්ලොග් ලියන එකෙන් බොන එක අඩුකරගත්තා.මම එහේදිත් ලියනවා දිගටම ….මම ගියොත් මගේ ආදරේ මටත් හොරා නවතීවි
එතකොට ලියන්න මගේ ලඟ ආදර කාතාවක් නෑ

…………………………………………………….................................................................
මේක කියවන ඔයා මෙහෙම හිතනවා ඇති මම ඇයි අර හොර තක්කඩියගේ කනට ගහන්නේ නැත්තේ කියලා එහෙම නේද ? ඔයාල හරි මම ඒක කරනවා මම යන දවසට….

පිරිමියෙක් වගේ මට ඔලුව කෙලින් තියාගෙන යන්නයි ඕන ...........




සඳරු
2010-11-10
3:05:45 පෙ.ව.

7.11.10

මගේම ආදර කතාව



ඔන්න මගේ කථාවෙන් පවුකාර කියන වචනය මම හැමදාටම ඉවත් කරා මගේ කථාව බලන ගොඩක් අය මට කියලා තිබුනා මගේ ආදරේ පවුකාර නෑ කියලා .

මාව දන්නවනේ මම සඳරු .මම ආදරේ කරන්නේ මට වඩා අවු හතක් බාල නවය වසරේ අවු 14ක පුංචි ගෑනු ලමයෙකුට . හෙටට මේ ආදරේට මාස 1 සති 1. මේ තමයි මගේ සැබෑ ආදර කථාව . මම මගේ ආදර කථාව ලියනකොට කවදාවත් බොරුවක් ලියලා නෑ . මගේ අනන්‍යතාව හංගන්න ඕන නිසා මගේ ගම් පලාත . වගේ දේවල් මම කියන්නේ නැහැ. අහන්නත් එපා !

ඉතිං කාලේ බොහෝම හෙමීට ගෙවිලා යනවා . මම උගන්වන IT Institute එකට මගේ පුංචි කෙල්ල . සතියකට දෙපාරක් පන්තිවලට එනවා .බොස් නැති දවස් වලට නම් එයා ඉස්කෝලේ ඇරුන වෙලාවට විනාඩි කීපයකට ඇවිල්ලා යනවා මාව බලන්න . ඔහොම තමයි මගේ ආදර කථාව මාසයයි දවසක් වෙනකල්ම ගෙවල් වලට හොරෙන් කරගෙන යනවා .

මම හංගගෙන ආපු මගේ ආදරේ අපේ අම්මා දැනගත්තා ! ඒත් මට බැන්නේ වත් මගේ ආදරීට බැන්නේ වත් නෑ . මම මුල ඉඳලම මේ සතියෙ මට වෙච්ච දේවල් කියන්නම් .

මුලින්ම 2010 නොවැම්බර් 2 අඟහරුවාදා .වෙලාව 1.45 ඉස්කෝලේ ඇරිලා ඒ ගමන්ම එයා පුරුදු විදිහටම පන්තියට ආවා . එදා අපේ ආයතනයේ. Reception ඉන්න අක්කා වැඩක හිටියේ ඒක නිසා මම ලමයින්ගේ නම් ලකුනු කරා . නම් පොත දිහා බලාගෙන පෝලිමට එන ළමයින් ගේ නම් ලකුනු කරමින් ඉන්න අතරේ  හොඳට පුරුදු කටඬක් මගේ කන ලගින්  නමක් කියනවා ඇහුනා . ***** නි . ඒ තමයි. එයාගේ නම මට පොඩි හිනාවක් ගියා . ළමයි ගොඩක් ඉන්නවා ඒත් මම කාටත් හොරෙං මගේ පුංචි කෙල්ලට ඇහැක් ගැහුවා . එයාගේ මූන දැක්ක මම ඒ වෙලාවේ හොඳටම රතුවෙලා ! එයා එකපාරටම බිම බලාගත්තා.නම් පොතේ එයාගේ නමට ඉස්සරහින් හරි ලකුනක් දාලා මම එයාට පන්තිය ඇතුලට යන්න ඇරියා.

පන්තිය පටන්ගන්න වෙලාව හරි මගේ නෝට් එකත් අරං මම පන්තිය ඇතුලට ගියා . වෙනදා වගේම ලමයි නැගිටලා මාව පිලිගත්තා . මමත් එයාලට සුබ මද්‍යහනක් වේවා! කියලා . පාඩම පටන් ගත්තා.

 කෝ මෙයා  ?

මම පන්තිය වටේට ඇහැ යවන ගමං හොයන්න ගත්තා .මෙන්න ඉන්නවා . හරි හරියටම මැද පේලියේ වාඩි වෙලා ! ඉතිං මම පාඩම කරගෙන ගියා….වෙලාව ඉක්මනට ගෙවිලා ගියා …පන්තිය ඉවරයි මම මගේ මේසේ ගාවට ආවා. මගේ ආදරීත් එක්ක කතාබහ කරන්න එදා හොඳ දවසක් නෙවේ . ලමයි, ලමයි එක්ක යන්න එන දෙමවුපියෝ, එදා පිරිලා අද කතා කරන්න බෑ  මම එහෙම හිතලා හිත හදාගත්තා . …. එයා මට හිනා වෙලා යන්න ගියා. එදා දවස ඉවරයි මම ගෙදර ආවා …..

මම ගෙදර එනකොට හවස 6.00 විතර ඇති ..අම්මයි නංගියි ගේ ඇතුලේ මගේ කාමරේට වෙලා මාව පිලිගන්න බලං ඉන්නවා . මේ මොකෝ ? හරි වැඩේ මාට්ටු අම්ම මගේ දිහා බලන එක බැල්මෙන්ම මම තේරුම් ගත්තා .

පුතා ඔයා නවය වසරේ කෙල්ලෙක් එක්ක යාලු උනාද ? අම්ම මගෙන් කෙලින්ම ඇහුවා !

කවුද කීවේ ? කියපු කෙනාගේ නම ගේ නම අම්ම මට කිවුවේ නෑ !  

ඇත්තද පුතේ ඒක ?

ඔවු .!

අම්ම මට කවදාවත් බැනලා නෑ . මම දන්නවා මේ ප්‍රශ්නෙදීත් අම්ම මට බනින්නේ නෑ

අම්ම ගොඩක් දේවල් මට පැහැදිලි කරා .ඊට පස්සේ මට අන්තිමේට මෙහෙම කීවා !

 ඔයාට 21 ඒ ළමයට තාම 14 එයා ඔයාගේ නංගිටත් වඩා අවුරුද්දක් බාලයි ! ඒක නිසා තාත්තගේ නම කැත වෙන දෙයක් නොකරන්න වගබලාගන්න  . තාත්තා කොහේ හරි ඉඳං අපි දිහා බලං ඇති …. හිතල බලල වැඩ කරන්න . ඒ ලමයා තාම පොඩියි . …එයාව වැඩිය මුන ගැහෙන්න එපා ! ..එයාට ඉගන ගන්න දෙන්න …මමත් ඔක්කොටම හා කිවුවා .

අනිත් පහුවදා ..හැදෑවේ මම ගෙදර ආවම මගේ නංගි මට කතාකරා

අයියේ එන්නකෝ !.. මොකෝ ? මම ඇහුවා ඔන්න ඔයාගේ අරයා මට ලියුමක් දුන්නා .
දෙන්න බලන්න මෙහේට

ඒක තමුසෙට නෙවෙයි එයා ඒක දුන්නේ මට .. එයා දැන් මගේ හොඳම යාලුවෙක් හරිද !

කොහොමෙයි ඒක ඔයාට  දුන්නේ ?

 ඉස්කෝලේ අරිලා එනකොට තමයි එයා මට ඒක දුන්නේ ..

හරි ඉතින් මටත් පෙන්නනවකෝ .. මමත් කෙල්ල මගේ නගාට දීපු ලියුම බැලුවා

ඒ කොලේ ගොඩාක් දේවල් ලියලා තිබුනා .. මගේ ගැන විස්තර තමයි වැඩියෙන්ම අහල තිබුනේ මොනව කියන්නද මන්දා ? දුකකුත් සතුටකුත් තියනවා . මගේ ආදරේ මගේ නංගි දැනගත්තා . ඒ ගැන දුකයි .. මගේ කෙල්ලයි මගේ නංගියි ..හොඳම යාලුවෝ උනා . ඒකට නම් සතුටුයි.

2010 නොවැම්බර් 4 = අදනම් අපි දෙන්නට විනාඩි 30 හම්බවෙලා කතාකරන්න පුලුවං උනා

අපේ කෝස් එක තව කොච්චර කල් තියනවද ? එයගේ පලමු ප්‍රශ්නේ  

එතකොටයි මට මතක් උනේ අපට හම්බ වෙන්න පුලුවන් වෙන්නේ මේවිදිහට මේ කෝස් එක තියනකම් විතරයි .. ඊට පස්සේ හම්බ වෙන්න අපට සෑහෙන අවදානමක් ගන්න වෙනවා .

බලමු තව මාස දෙකක් විතර තියනවනේ මම කිවුවා !

 ඇත්තටම තව මාස දෙකක් විතර තමයි අපට නිදහසේ හම්බවෙන්න ඉඩකඩ තියෙන්නේ .
එයා එයාගේ පුංචි අතකින් මගේ අත අල්ලගත්තා . ඒ අත ගොඩක් සීතල වෙලා .

මේ කෝස් එක ඉවර උනාට පස්සේ ඔයාට මාව අමතක වෙයිද ?

මම හිතාගෙන හිටියේ කෙල්ලෙකුට කවදාවත්ම බොක්ක්කෙංම ආදරේ කරන්නේ නෑ ! ඒත් මටත් නොදැනීම මෙයා මගේ ජීවිතේ වෙලා දැන් ඉතින් මෙයා අමතක කරන්න නම් මට මැරෙන්නම වෙයි .

කවදාවත් මම ඔයාව අමතක කරන්නේ නෑ ! . ඒ තමයි මගේ උත්තරේ .

එයාගේ පුංචි ඇස් දෙකෙන් ලොකූ සතුටක් මම දැක්කා

වෙන්දා වගේම එදත් එයා යන්න සූදානම් ….වෙන්දා වගේම ඔන්න එදත් මේ පුංචි කෙල්ල මට වැන්දා .

ඊට පස්සේ පාරදිගේ හෙමිං යන්න ගියා ………………………….

අපි දෙන්නට දෙන්නා දවසින් දවස ලංවෙනවා . ඒත් මම හැමදාමත් ඉන්නේ බයකින් . මේ ආදරේ මට ටිකක් බර වැඩියි . කෙල්ලට අයියලා 3 ඉන්නවා . එතන පොඩි ගැලුවක් , අනික තමා මගේ ආදර කතාවටත් සතුරෙක් වගේ එකෙක් ඉන්නවා . මමත් එක්කම අපේ ආයතනයේ උගන්වන එකෙක් . ගොඩ කාලෙක ඉඳලා මගේ හතුරා. මම මුලින්ම බොස් ගෙන් බැනුමක් ඇහුවේ ඕක නිසා .

ඔන්න ඌ මේ සතියේ මගේ ආදරේට පලමු සතුරුකම කරා.

මගේ හතුරා මටත් මගේ ලවු එකටත් පලමු රතු එලිය පත්තු කරේ  මේ විදිහට.

මේකයි උනේ . මගේ හොඳම යාලුවාත් මේ කතාවට සම්බන්ධ වෙනවා . උගේ කෝඩ් නේම් එක “දුකා” දුකාගේ කෙල්ල අපේ ආයතනයේ FIT පාඨමාලාව හදාරන්න එනවා . මගේ තරහ කාරයා මගේ යාලුවා දුකාට කියලා තිබුනා මම දුකා ගේ කෙල්ලට ට්‍රයිකරනවා කියලා . ඔන්න උගේ  පාහර වැඩ .

මගේ යාලුවා දුකා මාව පොඩිකාලේ ඉඳාලා දන්න එකෙක් ඌ මාව කවදාවත් අවිශ්වාස කරන්නේ නෑ .දුකා ඔය කතාව මට කියලා මගෙත් එක්ක අරූට බැනලා ගියා . අපිදෙනගේ යාලුකම කේලමෙකුට කඩන්න බැරි උනා .

මම මේ කථාව මගේ පුංචි කෙල්ලටත් කීවා එයාටත් මාව විශ්වාසයි ඕව ගනං ගන්න එපා රංඩු ඇතිකරගන්නත් එපා ! එයා මට දීපු උපදෙස ඒක

ඒත් මම මේක මේ කේලං කාරයාව ලේසියෙන් අතාරින්නේ නෑ . ලොකුම පරශ්නේ තමයි මගේ ආදරේ ගැන ඕක දන්නවා . ඕක ඒ ගැන අපේ බොස් ට කීවොත් ඒක මට ලොකු ගැටළුවක් වෙනවා . අපේ ආයතනයේ නීති තදයි . කෙලින්ම මට අස්වෙන්න වෙනවා. ඒත් ඉවසන්නේ එකපාරයි ඊලඟපාර මම ඌට හොඳ වැඩක් කරනවා

අද ඒ කියන්නේ 2010/11/07 මාව හම්බවෙන්න මගේ පුංචි කෙල්ල එන දවස අදත් මට ගැටලුවක් වෙන එකක් නෑ

දැනට මගේ ආදරේ ගොඩාක් හොඳට තියනවා දවසින් දවස පන ලබනවා . බලමු තව අවු 4,5 විතරනේ බයවෙන්න තියෙන්නේ . මේ යන විදිහට නම් මට මගේ ආදරේ මාස 5 වත් කෙල්ලගේ ගෙදර අයගෙන් පරිස්සම් කරගන්න බැරිවෙයි වගේ .

ඒත් ගැටළුවක් නෑ මම ඒකටත් ලෑස්තියි ………………..


  
සඳරු..
11/7/2010 12:52 AM

3.11.10

හිස් අහස හිස් උනු හැටි


කාලය:-1997
මාසය:- කියන්නේ නෑ

දිනය :- කියන්නේ නෑ

පලාත :- ලංකාවේ දුශ්කර පළාතක්


ඔය දුශ්කර පළාතේ ළමයෙක් හිටියා. ඒ වෙනකොට ඒ ළමයා ඉගන ගත්තේ 3 වන වසරේ . 1997 ඔය කාල වකවානුව හැමෝටම මතක ඇති . මිනීමරු කොටි රටම ගිනි තිය තිය හිටපු කාලයක් .

ඒ ළමයා ජීවත් උනේ කොටි තර්ජන වලින් තරමක් ඈත් උන පලාතක . ලස්සන ගෙදරක . ගෙදර හිටියේ ළමයයි , ළමයගේ මාස 3ක චූටි නංගියි, අම්මයි තාත්තයි විතරයි හැබැයි ඒ ගෙදරට වෙඩි සද්දෙත් ඉඳල හිටල නෑහුනාම නෙවේ. ළමයගේ තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක් ළමයගේ තාත්තා වැඩකරපු වසම තිබුනේ ටිකක් දුර කිලෝ මීටර් 150 විතර දුරින් . වැඩට ගියේ බස් එකේ . ළමයාගේ පොඩිකාලේ වීරයා තමයි ළමයගේ තාත්තා හොඳම යාලුවත් තත්තා. ඒ දෙන්න. දෙන්න ඒකාලේ හැමතැනම රවුම් ගහනවා . මේ ළමයා හරිම ආසයි තාත්ත එක්ක ඇවිදින්න. පොඩි කාලෙනේ .!

ළමයාගේ තාත්තා වැඩට ගියාම එන්නේ දවස් දෙක තුනකින් තමයි . ඉතින් මම මග බලාගෙන ඉන්නවා . තාත්තා එනකම් . ළමයගේ නංගිට නම් කිසිම ගානක් නෑ ඒ දවස් වල හිනාවෙන්න විතරයි පුලුවන් මාස 3යි නේ . ඉතිං ඔය පවුලේ අය හිනාවෙවී කාලයක් හිටියා….

ඔන්න අඟහරුවාදා දවසක තාත්තා වැඩට යන්නයි සූදානම. උදේ තාත්තා එක්ක ඇවිදින්න අර ආසාවක් ළමයගේ හිතට ආවා .ළමයා මොකද කරේ . බොරු ලෙඩක් ඇඟට ගත්තා . ඉස්කෝලේ යන්න බැරිවෙන්න .හැබැයි ළමයගේ තාත්තා ඒතරම් ලේසියෙන් රවට්ටන්න බැරි බවත් ළමයා දැනං හිටියා . ඒක නිසා ළමයා අමුතු වැඩක් කරා . උදේ තේ එක බීලා . කාටත් හොරෙන් ඇඟිල කටේ ගහලා ඇඳ ලඟ වමනේ කරා .මට හොඳටම අමාරුයි ඔලුව හොඳටම රිදෙනවා. එහෙම කියලා අඬන්න ගත්තා . ගෙදර අය රැවටුනා . තාත්තා ඉක්මනට ලෑස්ති උනා එහෙන්ම් අපි බෙහෙත් ටිකක් ගමු කියලා ඩිස්පැන්සරියට යන්න සූදානම් උනා. ඉතිං ළමයා ඩිංස් පැන්සරි ගියා බොරුවට බෙහෙත් ගත්තා . මගදී තාත්තා ලමයට සෙල්ලම් බඩුවකුත් අරංදුන්නා පැය 3 විතර ඇවිදලා . දෙන්නම ගෙදර ආවා දැන් ලමයට හරිම සතුටුයි . ඒත් ළමයාගේ තාත්තාට එදා වැඩට යන්න බැරි උනා .

අනිත් පහුවදා බදාදා උදේ උනා . ළමයාගේ තාත්තා ඉක්මනට වැඩට යන්න සූදානම් උනා .

“අද නොගියොත් වැඩ ගොඩ ගැහෙනවා ඔක්කොම හිර වෙනවා” කියන ගමං

ඉතිං ළමයාගේ තාත්තා උදෙන්ම නැගිටලා කෑමත් උයලා .ලමයට බත් කැවුවා, ළමයගේ නංගිටත් පුංචි බත් ඇටයක් කැවුවා . ළමයගේ අම්මා ළමයගේ තාත්තට ඉක්මනට බත් එකක් බෙදලා දුන්නා. ඒත් ! එක බත් කටක්වත් කන්න කලින් .. ඒ වීදුරු බත් පිගාන තාත්තගේ අත උඩම දෙකට මැදින් පැලුනා . කෑම වල රස්නෙට තමයි . ඒත් තාත්තට හිතුනේ නෑ මේ මොකක්ද උදේ පාන්දර උන අසුබ ලකුන කියලා. එයා වෙන පිඟානකින් කෑම කාලා . ළමයවත් ඉස්කෝලේට ගිහිං දාලා වැඩට ගියා .

දවල් උනා ඉස්කෝලේ ඇරිලා ලමය ගෙදර ආවා . ඒත් එදා . මහ නරකම නරක දවසක් . ළමයාගේ තාත්තා වැඩට ගිය පාරේ වාහන වලට කොටි දිගටම වෙඩි තියනවලු . බස් සේරම ආපහු හරවලා එවනවා . ළමයාගේ තාත්තා ගිය බස් එක ආපහු ආවා . ඒත් ළමයාගේ තාත්තා ඒකේ නෑ . ළමයගේ අම්මා බස් එකෙන් ඇහුවා මහත්තයා කෝ ? කියලා . ඩ්‍රයිවර් කිවුවා .එයා වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා වැඩට ගියා අපි නම් බස් හරවගෙන ආවා කියලා . ළමයයි ගෙදර අයයි නෑදෑයොයි තොරතුරක් එනකම් බලං හිටියා ….

එකපාරටම නිල්පාට ලොරියක් ඇවිල්ල ඒ අයගේ ගේ ඉස්සරහා නැවැත්තුවා. එකේ හිටියේ තුවක්කු ගත්ත හමුදාවේ කට්ටියක් බව ළමයා දැක්කා . එයාලා ලොරියෙන් බැහැලා ආවා. ඇවිල්ලල . ළමයගේ අම්මගෙන් මෙහෙම ඇහුවා. අදට අවුරුදු 14 කලින් උනත් ලමයට ඒ වචනටික මතකයි.

මහත්තයා ගෙදර ආවද ?
නෑ !

මේ .. මේ... මහත්තයාට පොඩි කරදරයක් වෙලා !

ඒක අහපු ගමං ළමයගේ අම්මා අඬපු හැටි ළමයට තාම මතකයි . අමතක වෙන්නේ නෑ කවදාවත්
ළමයට නම් හිතුනේ පොඩි තුවාලයක් වෙන්න ඇති පොඩි කරදරයක් නේ කියලා .

ටික ටික ළමයගේ ගෙදරට කට්ටිය පිරුනා කට්ටියක් ගෙදර කැලන්ඩර් අනික් පැත්ත හරවනවා , තව කට්ටියක් . උඩු වියන් බඳිනවා. ළමයා ඇත්තටම හිතුවේ මෙන්න මේවගේ දෙයක්.

පිරිතක් කියන්න යනවා ඇති තාත්තිට සනීප වෙන්න! කියලා !

ටිකකින් කට්ටියක් වාහනයකින් ලොකු පෙට්ටියක් අරං එනවා ළමයා දැක්කා . ඔවු ඒක මිනී පෙට්ටියක් ! මම ඒක අඳුරගත්තා ගෙදර සාලේ මැද ඒක තියලා කිහිපදෙනෙක් ඒක ඇරියා. ළමයගේ තාත්තා ඒකේ නිදාගෙන හිටියා. තාත්තගේ ඔලුව සම්පූර්නයෙන්ම වෙලුම්පටි වලින් ඔතලයි තිබ්බේ.කකුලත් අතත් ඒවගේ .

කෙනෙක් ළමයට කීවා පුතේ මේ ඉන්නේ තාත්තා. කොටි එයාට 4 පොලකට වෙඩි තියලා . …..බලන්න තාත්තා බස් හරවලා යවද්දීත් වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා නේ . ඊයේ නිවාඩු දාපු නිසා අද කොහොම හරි යන්න ඕන කීවලු.ලොරියට ආමි එකේ කට්ටියකුත් නැගලා ඉඳලා . කොටි ඒ සේරමලව මරලා …

………..ළමය ඒක ඇහුනම තේරුම් ගත්තා තමන් බොරු ලෙඩක් ගත් නිසා නේද මේක උනේ කියලා. ඒත් දැන් පරක්කුයි . ආයේ තාත්තා එන්නේ නෑ. ළමයා අම්ම දිහා බැලුවා අම්මට සිහිය නැතිවෙලා ඇඳක නිදිකරවලයි හිටියේ .!

1997 ඉඳලා අද වෙනකම් ළමයා තමන් ගත්තේ බොරු ලෙඩක් කියන එක කාටවත් කියලා නෑ !

ළමයා පොඩිකාලේ කාත් එක්කවත් කතානොකර ඉන්න උත්සහා කලා. වයස 18 විතර වෙනකොට මේ හිතේ හිරවෙච්ච රහස බර වැඩි නිසා බොන්න ගත්තා

. අදවෙනකම් ඒ ළමයා . …..ඒ විදිහයි.

ටිකක් ඉගන ගත්තා , ගොඩක් බිවුවා යාලුවොත් හදාගත්තා ජොබක් හොයාගත්තා . ඒත් එයාගේ ජීවිතේ හිස් !

………තාත්තා නැතිවෙලා අවු 14 වෙන දවස ලඟම එනවා .

තාත්තගේ අවු 14 දානයට සහභාගී වෙනකොට වෙනදා වගේ නැතුව මේක කාට හරි කියලා .හිත නිදහස් කරගෙන ඉන්න ඕන කියලා ලමයට හිතෙන්න ඇති..මොනව උනත් ඒ තමන් කලේ සමාව දෙන්න බැරි වරදක් බව ළමයා නොදන්නවා නෙවේ !

ඔයාලට හිතෙන්නේ තාත්තගේ මරනෙට ළමයා වග කියන්න ඕන කියලද ?