31.1.11

උඩ පන්දුවක් ගිලිහුනා ...!




අහස තවම යාන්තමට කඳුලු වගුරනවා . හ්ම්. ලස්සන මල් වැස්සක් .සීනි ඇට වලටත් වඩා ගොඩාක් පුංචි වැහි බින්දු එකින් එක අහසින් හෙමිහිට බිමට වැටෙනවා . අතරේ යාන්තමට අවුවත් පායලා . …….

මට ඉස්සරහා තියන ලොකු ගහේ උස අත්තකට වැටුනු  අමුතුම වැහි වතුර බින්දුවක් ඉර අවුවට දිලිසුනා . දියමන්තියකටත් වඩා ලස්සනට . !

ඒත් මේ ලස්සන වතුර බින්දුව මට අයිති කරගන්න බෑ නේද ?

බව දැන දැනත් මම වතුර බින්දුවට ආදරේ කරා

ටිකෙන් ටික ලස්සනම ලස්සන වතුර බින්දුව අත්ත දිගේ පහලට බේරෙන්න පටන්ගත්තා තව මොහොතකින් වතුර බින්දුව ගහ ගහ මුලට වැටෙනවා.ඊට පස්සේ කවදාවත් මට ආයෙමත් ලස්සන බලන්න වෙන්නේ නෑ .!. ආයේ කවදාවත් මට ලස්සන වතුර බින්දුව දකින්න වෙන්නෙත් නෑ …!

මේ ලස්සන මට හැමදාම දකින්න ඇත්නම් .!

මේ ලස්සන දිලිසෙන වතුර බින්දුව මට මගේම කරගන්න පුලුවන් නම් ..

හැමදාකම උදේට මේ ලස්සන බලාගෙන අවදි වෙන්න තියනවා නම් !

හැම රෑකම මේ ලස්සන බලල නින්දට යන්න තියනවානම්!

මගේ ජීවිතේ ආයේ කිසිම දවසක දුකක් දැනෙන එකක් නෑ

කොහොමත් මම ඒතරම් දුකකින් නෙවෙයි ඉන්නේ ..ඒක නිසා මේ වැහි බින්දුව මට නැති උනා කියලා .මම ඒතරම්ම දුක් වෙන එකක් නෑ

ඒත් .. ඒත් . එත් එත්‍

මටත් වඩා මගේ හිත දැන් මේ ලස්සනම ලස්සන වැහි වතුර බින්දුවට ආදරේ කරනවා ..! මටත් හොරෙන් .. ඒත් මම හොඳටම දන්නවා මේ වැහි වතුර බින්දුවකට අයිතිවාසිකම් කියන්න මට පුලුවන්කමක් නෑ ..ඒක නිසා මට ඔය පුංචි වතුර බින්දුව ආයෙමත් ඕන නෑ

ඒත් ……

මම කොයිතරම් නම් මගේ හිත රවට්ටන්නද ?

මම හොඳටම දන්නවා අර ඈතින් පේන කඳු වලලු වලිනුත් ඈතට ඈතට . ඈතටම …….ගිහිං හැංගිලා හිටියත් . කිසිම කෙනෙක් එක්ක කතාබහක්වත් නොකර ..ලෝකෙන්ම වහං වෙලා හිටියත් . මගේ හිත එකම එක වැහි බින්දුවක් ගැන හිත හිත දුක් වෙනවා ..

මගේ ජීවිතකාලේ ඇතුලත වස්සාන කාල බොහොමයක් මම දැකලා තියනවාඒත් පහුගිය කිසිම වස්සාන කාලයක් . මගේ ජීවිතේට මේ තරම් ලස්සන වැහි බින්දුවක් තිලිණ කලේ නෑ .

ඉතින් .

මේ රිදී පාටින් දිලිසෙන පුංචි වතුර බින්දුව මගේ අතට ගන්න පුදුමාකාර ආසාවකින් මගේ හදවත නලියනවා .   

ඒත් .මම මේ ගැන කාටවත් කියන්න බය උනේ ඇයි ?

සඳරු අර පුංචිම පුංචි ලස්සන වතුර බින්දුව ඔයාගෙද ?

මගේ හිත කියවන්න පුලුවන්වෙච්ච අය මගෙන් අහන වෙලාවට .මට කියන්න කිසිම දෙයක්නෑ! වෙලාවේ මම ගොළු උනා ..

නෑ නෑ ! මගේ නම් නෙවෙයි 

ගත් කටටම අහන අහන කෙනාට මම විදිහට කීවුවා !

ඉතින් දැන් මම කොහොමද එක පාරටම කාගෙන්වත් උදවුවක් ඉල්ලන්නේ ?

අර දියමන්තියක් වගේ ලස්සන පුංචිම පුංචි වතුර බින්දුවට මම ආදරෙයි ..ඒක මගේ ලඟට ගන්න මට උදවු කරන්න .

ඇයි දැං ඔයාගේ නෙවේ කියලා කිවුවේ ?

 හැමෝම මට විදිහට කියයි ..ඒක නිසා . මෙතනදී මොහොතකට මම තනි වෙලා

හදවත මොහොතකට නතර උනා වගේ !!!!!!

වැහි බින්දුව එක පාරටම ගොඩක් පහලට ලිස්සලා ආවා තව මොහොතකින් ..තව මොහොතකින් ..කවම කවදාකවත් ආයේ මට ගන්න බැරි වෙන්නම . මේ පුංචිම පුංචි වතුර බින්දුව පහලට වැටෙනවා ..! ඊට පස්සේ ආයේ පසුතැවිලා වැඩක් නෑ .. දුක් වෙලා වැඩක් නෑ ..

එක දෙයයි කරන්න තියෙන්නේ !

ලස්සන වැහි වතුර බින්දුව වැටෙන කොටම පැනලා අල්ල ගන්න එක ..!

ඒත්

වටේ ඉන්න අය මොනවා නොකියාවිද ?

මොනවා කිවුවම මොකද ? මම මේ ලස්සන වතුර බින්දුව නැති කරගන්නේ නෑ !

ඇත්තටම ආදරේ කියන්නේ වේලිච්ච හදවතකට වැටෙන
වැහි වතුර බින්දුවක්නම් ..
විරහව නැමති පොලවට වැටෙන්න කලින්
අපට අල්ලගන්නත් බැරිනම්.
ආදරය නැමති වතුර බින්දුව වැටිලා
විරහව නැමති පොලවට උරාගන්නවා
එතකොට අපේ හදවත දුක කියන නියගයට අහුවෙලා
ඉරි තැලිලා කෑලිවලට කැඩිලා යනවා.

දැන් කරන්න තියෙන්නේ එකම එක දෙයයි ..මම මේ ලස්සන වතුර බින්දුව මගේම කරගන්නවා ..බිම වැටෙන්න දෙන්නේ නෑ කීයටවත් ..මම පැනලා අල්ලගන්නවා ..

ඒත් ,………

මට ඉස්සරහා ලොකු කම්බි වැටක් ..මේ වැටෙන් පනින්නේ නැතුව දිලිසෙන වතුර බින්දුවට කිට්ටු වෙන්න අමාරුයි වැටෙන් පනින්න්ද ?

වටෙන් එහාට පැන්නොත් ආයේ මෙහාට එනවා බොරු …….

වතුර බින්දුව දැන් අග්ගිස්සටම ඇවිල්ලා තව තත්පරයක්වත් නෑ මට මොකද මම කරන්නේ ..වැට පනින්නත් බෑ

වතුර බින්දුව වැටුනා !!!!

පුලුවන් තරම් වැට ලඟට ගිය මම ..මට පුලුවන් උපරිමේටම මගේ අත දික්කරා.. දියමන්තියකට වඩා මට වටින ..හැමදේකටම වඩා මට ලස්සන. ලෝකයක් තරම් ආදරේ කරන.. හුරුබුහුටි වැහි වතුර බින්දුව අල්ල ගන්න ..

වේගයෙන් පහල ආපු ලස්සන වතුර බින්දුව ..මගේ අතේ ඇඟිල්ලක යාන්තමට ගෑවිලා පහලට වැටුනා ..! වැටිලා නොපෙනී ගියා



මගේ ඇඟිල්ලක යන්තමට ගෑවුනත් .. වැහි බින්දුව මගේ ආත්මයම සීතල කරා.! 
 මොහොතකට මගේ ජීවිතයම වර්ණවත් කලා .!  
මට ගොඩාක් ආදරේ කරා

අන්තිමට යන්න ගියා …………………………………………………………

කමක් නෑ මට හොඳටම ඇති ..

ඇත්තටම වතුර බින්දුවක් අයිති කාටද අහසටද ?, පොලවටද ?
පොලව හැමදාමත් කරන්නේ අහසට වතුර බින්දුවක් දීලා ආයේ වතුර බින්දුව උදුර ගන්න එක

ඉතින් හැමදාමත් අහස

හිස් අහසක්

සඳරු //







~~නිහඩ ලොව බිදින්න~~

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.






.








24.1.11

කඩ්ඩ කුඩුකරගත් එදා .!


        වෙන ලමයි වගේම මමත් පොඩිකාලේ ඉස්කෝලේ ගියා එක වසරේ දී මම පන්තියේ පලවෙනියා උනා . දෙක වසරේදීත් පලවෙනියා උනා  . තුන වසරෙන් පස්සේ මං පුදුම කාලකන්නියෙක් උනා . මගේ තාත්තගේ වෙන්වීමත් එක්ක . ..

ඉතින් තාත්තා නැති උනාට පස්සේ මම මෑතක් වෙනතුරුම හිතට අරගෙන කිසිම වැඩක් කරේ නෑ . මුලදී මට ගොඩාක් ආදරෙන් හිටපු ගුරුවරු මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා . මට සැර වැර කරන්න පටන් ගත්තා . මට තාම මතකයි තුන වසරේදී මගේ හොඳම යාලුවා සමීර මම එයාගෙන් කොපි කරනවා කියලා . ටීචර්ට කියලා මට ගුටි ගස්සවාපු හැටි. පහ වසරේදී මගේ හොඳම යාලුවා වෙලා හිටපු කුසල් එයාගේ දෙමවුපියෝ ඇවිදින් එයාව මම හිටපු පේලියෙන් අයිං කරා .  කුසල්ව ඉගන ගන්න ලමයි ඉන්න පේලියකට දැම්මා

 ඔන්න ඔය විදිහට පන්ති බේදය මගේ හිතට පලමුවෙනි වතාවට දැනුනා . එදා ඉඳන් මම පීඩිත පන්තියේ කොල්ලෙක් බවට පත්උනා ..ජීවිතේ හැටි ..
ටිකෙන් ටික අපි පන්ති පන්ති ඉහලට ගියා . සාමාන්‍ය පෙළ පන්ති වලට වෙනකම්ම . ඉස්කෝලේ වෙනස් නොවුන නිසා පන්ති බේදයත් මමත් එක්කම ඉහලට ආවා . ඉහලට යන්න යන්න .මේ අතරේ මම දැනගත්තා මම විතරක්ම නෙවේ පීඩිත පන්තියේ ඉන්නේ කියලා . තව කීපදෙනෙක් මට සෙට් උනා .. ඇත්ත ..මමත්  ගැන්සි බැස්සා .!

මම සඳරු මේං මගේ ගැන්සිය = , ලැම්බට් , කිතුලා , මාමා, බටයා , පද්මේ

මුලු ඉස්කෝලේම අපිට පුදුම සෙනෙහසක් ආදරයක් දයාවක් දැක්වුවා . අපිව දැක්ක තැන බිමට කෙල ගහන්න තරම් ආදරයක් මේ ගැන්සිය ඇතුලේ හිටපු මම . අනිත් පස් දෙනාටම වඩා ගොඩාක් නිහඬව ඉන්න හැම වෙලාවෙම මහන්සි ගත්තා . ඔය විදිහට අපි 11 වසරේ අවසානයට ලං උනා . ……..ඔන්න ඔය දවස්වල මහා භයානක සිතිවිල්ලක් අපේ ගැන්සියේ හයදෙනාගෙම හිත්වල හොල්මං කරන්න ගත්ත බව අපි හය දෙනාම දැනංහිටියා . මූසල බයානක සිතිවිල්ල තමයි
 
English

මොන හේතුවක් උඩද මන්දා . ඉස්කෝලේ ටිචර්ලා , සර්ලා , ගමේ සල්ලිකාරයෝ , ඔන්න ඔයවගේ ධනපති පන්තියේ ලමයින්ට විතරමයි හොඳටම ඉංග්‍රීසි පුලුවන් උනේ . ඉතින් අපි ගැන කවර කතාද ? අපි නිරායාසයෙන්ම ඉංග්‍රීසි විරෝධීන් බවට පත් උනා . අපිට ඇහෙන්න ඉස්කෝලේ කිසිම කොල්ලෙකුට ඉංග්‍රීසියෙන් කතාකරන්න අපි ඉඩ තිවුවේ නෑ . මට තවම මතකයි . අපි ඉස්සරහා ඉංග්‍රීසි කතාකරලා අහු උනොත් අපි රු 5 දඩයක් ගැහුවා . සමහරු මේ දඩේ ගෙවුවා . සමහරු කනේ පාරවල් කෑවා.. ඒවගේම අමතක නොවෙන සිදුවීම් අතර ඕන තරම් එක දවසක් මචං මම ටොයිලට් එකට ගිහිං එන්නම් එකෙක් කියාගෙන ගියා විදිහට කියපු කෙනාට උනේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ . කිවුවොතින්  මාව මානව හිමිකම් කොමිසම් සභාවෙන් කුදලාගෙන යාවි .. දඬුවම් විඳපු අය අපට අනේක වාරයක් සාප කරන්න ඇති. "තොපි ඉංගිරීසි පේල්ම වෙයවු" කියලා

ඔය විදිහට ඉංග්‍රීසි වලට වෛර කරමින් අපි කාලයක් වැනි වැනී හිටියා  . ටිකෙන් ටික සාමාන්‍ය පෙළ විභාගයට දින ලංඋනා ..අනේ අන්තිමේදී කාලකන්නි දවසත් උදා උනා සාමාන් පෙළ ඉංග්‍රීසි විශය පැවැත්වෙන දවස උදා උනා ..!

වෙනදා වගේ ලස්සනට එදා ඉර පෑවුවේ නෑ . මහා වැහි අඳුරකින් පිරුනු අහසත් English වලට වෛර කලා . එදා උදේ නැගිටින කොටම මම ඔලුව බදාගත්තා මම කල්පනා කලා අද මොනවද මම English පේපර් එකට ලියන්නේ කියලා .. පලමු වෙනි වතාවට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි කෙනෙක්ට ඔය වගේ ලස්සන අවස්ථාවක් අමුතුවෙන් පැහැදිලිකරන්න ඕන වෙන එකක් නෑ . ඇත්ත මම එලටම බය උනා .! ටිකෙන් ටික මම ගෙදරි පිටවෙලා ඉස්කෝලේ ගාවට යන්න පිටත් උනා . .යන අතරමග මම දාහක් දේවල් හිතුවා ..ඇයි දෙවියනේ මම ඉංග්‍රීසි හොඳට ඉගන ගත්තේ නැතේ ? , මොකටද මේ සිංහල රටට ඉංග්‍රීසි . සුද්දන්ට සුද්දන්ගේ අම්මලාට මම හිතෙන් ආසිරි පැතුවා .. විදිහට මම ටිකෙන් ටික ඉස්කෝලේ ගේට්ටුව ලඟටම ආවා ..මම හිතුවා හරි. මගේ ගැන්සියේ පස්දෙනාම පාංකියාගන්න බැරුව . ගේට්ටුව ලඟ ලතවෙවී ඉන්නවා

සඳරු මොකද බං අපි දැං කරන්නේ ? මගේ ගැන්සියේ කිතුලා මුලින්ම මගෙන් ඇහුවා . කෙලවිලා යන්න ලියමු බං
 
මගේ පිලිතුර උනේ ඒක . ඇත්තටම කිතුලාට තමන්ගේ නමවත්  ඉංග්‍රීසියෙන් ලියාගන්න බැහැ  . මටනම් යන්තමට නම ලියාගන්න පුලුවන් ..අරක්කු වර්ග ඔක්කෝගෙම නම් මතකයෙන් ලියන්නත් කියන්නත් මට හැකියාව තිබුනා.. 

අපි ගේට්ටුවෙන් ඇතුල්වෙලා ඉස්කෝලේ ඇතුලේ විභාග ශාලාවට යන්න පටන් ගත්තා . වෙනදා අපි මේ ඉස්කෝලෙට ආවේ වීරයෝ වගේ . ඒත් එදා අපි හරියට මී පැටැවු රංචුවක් වගේ . අපි ඉස්කෝලේ ඇතුලට ආවා ඉංග්‍රීසි නියමෙට පුලුවන් කොල්ලෝ අපි ඉස්සරහින් ගියේ නිකං සිංහයෝ වගේ . පලමු වෙනි වතාවට අපි එදා බලු උනා …… ඒත් ..මගේ ගැන්සියේ වලි කාරයා  බටයා එක පාරටම කටහඬ අවදිකරා

අඩෝ කරන්න එක දෙයක් තියනවා ..අපිට කඩ්ඩ ගොඩ දාගන්න පුලුවන් .. 

මොකක්ද කොප්ප ගහලද ?  අපි ඇහුවා

අපෝ නෑ වෙන දෙයක් නියම භාන්ඩයක් .”

කියපිය යකෝ !

මලක්  තියනවා..හෙමිං අදිමු.! එතකොට අපේ බය නැති වෙනවා. නොදන්න කඩ්ඩත් එතකොට මතක්වේවි    බටයා කියාගෙන ගියා.
 
මලක සුවඳ පිටිපස්සේ පන්නන අහිංසක වන බඹරු වගේ අපිත්  මල පිටි පස්සේ ගියා . කාටවත් නොපෙනෙන තැනක ඉඳන් මලේ සුවඳ ඉරුවා .. ගලාගෙන ගිය දුම් රැලි අතරේ ඉංග්‍රීසි හෝඩියම පාවෙලා යන හැටි බාගෙට ඇරුනු ඇස්වලින් මම දැක්කා . මොහොතේම අපි පුදුම විදිහට ඉංග්‍රීසියෙන් සන්නද්ධ උනා ..! 

දැං අපි ඕනම, ගේමකට ලෑස්තියි . අපි හයදෙනාම ආයෙමත් සිංහයෝ වගේ ගිහිං . විභාග ශාලාවේ අසුන් ගත්තා ඇත්තටම අපි ඇවිදලා ආවේ නීල් ආම්ස්ට්‍රෝන් හඳේ ඇවිදිනවා වගේ . ඉතාම පහසුවෙන් . ඔන්න අපිට පේපර් එකත් ලැබුනා

මලෙන් ලබා ගත්තු පවර් එක සමගින් . පෑනෙන් දුං විසිවෙන තරමට මම පේපරේ ලියාගෙන ගියා . පැය දෙක ඉවර වෙනකම්ම මම ලීවා ..මට මං ගැනම ආඩම්බරයක් ඇති උනා . ඉතින් විදිහට අපි ඉංග්‍රීසි අවසන් කරලා ගෙදර ආවා මේ පාර මොනාට නැතත් ඉංග්‍රීසි වලට A  එකක් සුවර් කියාගෙන .. 

ඒත් එකපාරටම මට එක්තරා සිදුවීමක් මතක් උනා .

දෙවියනේ මම මුලු පේපර් එකම ලීවේ සිංහලෙන් නේද ?
 
 ඔලුවේ අත ගහගෙන මම පැය ගානක් කල්පනා කරා ..අපරාදේඑ මට S එකක් හරි ගන්න තිබුනු අවස්ථාව මම මලක් අදින්න ගිහිං නැති කරගත්තා නේද ? කමක් නෑ .. පේපර් බලන කෙනා දුක හිතිලාවත් මට  S එකක් දුන්නොත් බලාපොරොත්තුව හිතේ තියාගෙන මම මාස 5ක් විතර result එනකම් හිටියා .

ඔන්න result out කලා ලියලා පනිවිඩේ ආවා . මමත් Communication එකකට දුවලා ගිහිල්ලා මගේ result එකත් බැලුවා
මෙන්න බොලේ මට ඉංග්‍රීසි වලට A එකක්  දෙයියනේ මම ඉංග්‍රීසි පාස් ඉහලින්ම
ඇත්තටම  එහෙම කීවේ ලැජ්ජාවට ... මම ඉංග්‍රීසි වලට F   මලක් නිසා ඉංග්‍රීසි වලට F  ගත්ත දවස මට කවදාකවත් අමතක වෙන එකක් නෑ ඔන්න මගේ පරාජිත ජීවිතයේ තවත් එක ජරා මතක සටහනක්

 සඳරු //
:ලි = කොහොම හරි මල් ගැන ආයේ කිසිම දවසක හිතනේවත් නෑ කියලා දෙවියන්ටත් කියලා ..දෙවනි පාරටත් ඉංග්‍රීසි වලට මුහුන දුන්නා !  ඒපාර නම් වැඩේ ගොඩ .. උනාට මගේ result එක මම කියන්න කැමති නෑ