30.3.11

මරුමුස් වල් අලියාගේ සිරුර සොයා ගියෙමි.


බදාදා උදේම මම වැඩට යන්න පිටත් උණාටික දුරක් යනකොට හුස්ම ගන්න බැරි තරමට මම මහ දරුණු ගන්ධස්සාරයක් මගේ නාස් වලට දැනුණා ! මොකද්ද මේ ගඳ .? සතෙක් මැරිලාද ? ඒත් මේතරම් ලොකු ගඳක් . සත්තු රංචුවක්ම මැරුණත් මේ තරම් දරුණු ගඳක් එන්න විදිහක් නෑ නේ . මදුරු කොයිල් දුම කාගෙන ඉගිල්ලෙන මදුරුවෙක් වගේ . දැනුණු මහා දුර්ගන්ධය මැදින් මමත් ඉස්සරහට ගියා .. කියන්න පුදුමයි කිලෝ මීටර් කීපයක් දුරට යනකම්ම ගඳ මාව ලුහු බැන්ඳා . …......

දවස් ගාණක් තිස්සේ එක දිගටම දැනුණු නහය කඩාගෙන යන කුණු ගඳ පහු ගිය දවසක අවසන් උණා. ටික දවසකින් මට දැන ගන්න ලැබුණා මේ මහා ගඳ ආවේ කොතනින්ද කියලා . අපේ ගමට තර්ජනයක් වෙලා තිබුණු අපේ ගම්මාන වල මිනිස්සු බය කරගෙන හිටපු . සද්දන්ත තනි අලියෙක් . අවසන් ගමන් ගිහිල්ලා . ! මේ සතාව බලන්න යන්න මට අමුතු ආසාවක් ඇති උණා . මගේ බොස් ගෙන් කැමරාවත් ඉල්ලගෙන මැරිච්ච මිනීමරු තනියා වැටිලා ඉන්න හැටි බලන්න මමත් මගේ හොඳම යාළුවෙකුත් පිටත් උණා

හිස් අහස බ්ලොග් එක බලන ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් මම පිළිවෙලින් අපේ ගමනේ පින්තූර ටික ඉදිරිපත් කරන්නම්

අපි ගමනට පිටත් වෙනකොට වෙලාව උදේ නවයට විතර ඇති . ටිකක් විතර මහ කැලේ ඇතුළට යන්න ඕන නිසා මම මගේ හොඳම මිතුරෙකුත් මේ ගමනට එකතු කරගත්තා මගේ මිතුරා "රවිනාත් එක්කම මහ කැලේ ගැන හොඳාකාරවම දන්නප්රේමලාල් අයියත් අපිට මගපෙන්වන්න කැමත්තෙන්ම ඉදිරිපත් උණා .
....................................................................................................................................................................















දැනට සෑහෙන කාලෙකට කලින් කැඩුණු නමට පමණක් අලි වැටෙන් පැනලා අපි වල් අලින්ගෙන් පිරුණු මහ කැලෑවට ඇතුල් උණා . මේ අලි වැටේ මම දන්න විදිහට කවම දාකවත් විදුලියක් ගමන් කරලා නැතුව ඇති . යන්තම් කනු ටිකක් සහ කම්බි ටිකක් ඉතිරි වෙලා තියනවා . එච්චරයි









කැලේට ඇතුල් උණා විතරයි මගේ මිත්රයා රවිනාත්ට ලොකුම ලොකු බඩගින්නක් ඇතිවෙලා කරඹ ගහක තිබුණු ගෙඩි ටික සේරම කන්න පටන් ගත් නිසා අපි එතන විනාඩි 20 වැඩිය පමා උණා !


වෙඩි කාපු තනියා අමාරුවෙන් ඇවිදගෙන ගිය තැලී පොඩිවී ගිය මග සටහන් දිගේ අපි ටිකෙන් ටික කැලේ ඇතුළටම ගමන් කරා . ප්රේමලාල් අයිය ඉස්සරහින්ම , ඊළඟට රවිනාත් , කැමරාව සමග මම අවසානයටම
 





අලින් නිතරම ගැවසෙන ඉඩෝරයකටත් නොහිඳෙන උල්පත
 කැලේ කොයිතරම් පුරුදු උණත් ප්රේමලාල් අයියත් අපිත් මොහොතකට අතරමං උණා !


ක්ෂණිකවම ප්රේමලාල් අයියා නැවතත් හරි පාරට වැටුණා . දැන් අපි බින්තැන්න පත්තුවේ විශාලම වනය මැද !




මොහොතකින් ගම්මාන ගණනාවක මිනිස් ජීවිත කිහිපයක් බිලිගත් බිහිසුණු තනියාගේ සතියක් පරණ දිරාගිය සිරුර සිඳී ගිය පොකුණක් මැද වැටී තිබෙනු මැද අපිට දකින්න ලැබුණා



සද්දන්තයා වැටී සිටි අයුරු


කොතරම් සෙවුවත් අපට මේ අලියාගේ නැට්ට සොයාගත නොහැකි විය !



ගමනේදී සහයට සිටි මගේ මිතුරා "රවිනාත්"




නිල මැස්සන් සහ ඉහඳ පණුවන්ගෙන් පිරුණු තනියාගේ මුහුණ



අලි හක්ක පැන්නීමට රවිනාත් ප්රබල උත්සාහයක ඒත් උත්සාහය පසුව අතහැර දමනු ලැබුවා!

කිසිදු මුදලක් නොගෙන අපට මග පෙන්වූ ප්රේමලාල් අයියා.... 
....................................................................................................................................................................
           අසනීප තත්වයක්වත් වෙන මොකවත් හේතුවක් හින්ද නම් නෙවෙයි මේ සද්දන්තයා .මැරිලා තියෙන්නේ . ඉවසලා ඉවසලා බැරිම තැන පත්තු කරපු වෙඩිල්ලකින් .තමයි මේ සතා මැරුණේ . හන්දියේ තේ කඩේදී තනි අලියා මැරිලා කියලා කෙනෙක් ඇවිල්ලා කියපු හැටියේ . කිසිම මිනිහෙක් දුක් උණේ නෑ . ලංකාවයි එංගලන්තෙයි අතර ක්රිකට් මැච් එක දිනපු වෙලාවේ ප්රේක්ශකාගාරේ හිටපු මිනිස්සු සතුටු උණා වගේම . පුංචි තේ කඩේ හිටපු මිනිස්සුත් සතුටු උණා . සතුටු උණේ වෙන මොකකටවත් නෙවේ ! තමන්ගේ පවුලේ උදවිය, තමන්ගේ පුංචි ගෙදර, තමන්ගේ හේන, තමන්ගේ ජීවිතය ගැන හිතලා

හිතන්න එපා ! මගේ ගමේ ඉන්නේ සතෙක් මැරුණාම සතුටු අමානුෂික මනුස්ස කොට්ඨාශයක් කියලා. අපිත් අනිත් මිනිස්සු වගේමයි . ඒත් අපි අලින්ට කැමති නෑ . පොඩ්ඩක් වත් කැමති නෑ . අලිත් වගේමයි අපිට දෙන තරමක් දෙන්නේ කරදරම විතරයි . මට මගේ ගෙදරට ළඟදී නම් අලි කරදර සිද්ධ නොවුණත් . එහා ගමේ මිනිස්සුන්ට අලින්ගෙන් වෙච්ච කරදර මම හොඳාකාරවම දන්නවා . කළෑ වැදුණු හරකෙක් හොයන්න කැලේට යන්න අපේ මිනිහෙක් සිය පාරක් හිතනවා . රෑ හතෙන් පස්සේ පාරේ බැහැල යන්න කැමති මිනිහෙක් ඉන්නවා නම් බීපු මිනිහෙක් විතරමයි ….

ලංකාවේ අය . වෙනත් රටවල අය මගේ මේ ලිපිය දැකලා මට බණියි . අලි කියන්නේ සම්පතක් කියලා කියයි . මම ඒක දන්නවා . මගේ ගමේ මිනිස්සුත් ඒක දන්නවා . මිනිහෙක්ගේ පස්සෙන් පන්නලා . වගා ළිඳකට වැටුණු වල් අලියෙක්ව ගොඩ ගන්න අපේ ගමේ මිනිස්සු විඳපු දහදුක මම ඇස්දෙකෙන්ම දැකලා තියනවා .ඒක නිසා මගේ ගමේ ඉන්නේ .මිලේජ්යයෝ නෙවෙයි කියලා මට සහතික කරලම කියන්න පුළුවන් . තමන්ව මරන්න පන්නපු අලියා ළිඳක වැටිලා ගොඩ එන්න බැරුව ඉන්නකොට . සතාට කන්න පාන් ගෙඩියක් ගෙනෙල්ලා දීපු මිනිහෙකුත් මගේ ගමේ ඉන්නවා !

ලංකාවේ වගේම පිටරට වල හැමෝම අලින්ට ගොඩක් ආදරෙයි . සත්තුවත්තේ ඉන්න අලින්ට කන්න බොන්න දෙන . මාළිගාවේ ඉන්න ඇතාගේ බඩඩ යටින් රිංගන ඔයාලා අලියෙකුට ආදරේ කරන එක අලියෙක් සුරතල් කරන එක පුදුමයක් නෙවේ. ඒත් තමුන්නාන්සේලා මොහොතකටවත් හිතුවද මද කිපෙන කාලෙට වල් අලියෙක් කුලප්පු උණාම කොයි වගේද කියලා ?

. අපි අලින්ට කන්න බොන්න දෙන්නේ නෑ අලි ඇවිල්ලා බලෙන්ම අපෙන් කෑම උදුරන් කනවා. අපේ ගමේ වී ගබඩාවේ කැඩිච්ච බිත්ති මට මැවිලත් පේනවා . අලියගේ බඩ යටින් යන්න සමහර උදවිය ආසා කළාට අපේ ගමේ ඉන්න මිනිස්සුන්ට අලියෙක් දැක්කම බඩත් යනවා ! රෑ ගමන් බිමන් යන මිනිස්සු පාරේ තියන බෝඩ් ලෑලිවලට පවා අලියෙක් කියලා හිතල බය වෙච්ච අවසථාත් ඕනෑතරම් .

අලියෙක් මනුස්සයෙක්ව මැරුවොත් රු ලක්ෂයක මුදලක් වන්දි ….. මිනිහෙක් අලියෙක්ව මැරුවොත් . ලක් පහක් දඩ . සාධාරණද ? අසාධාරණද අපේ ගමේ දුප්පත් මිනිස්සු ආසාවට අලි දඩයමේ යන උන් නෙවෙයි ! තමන් අමාරුවෙන් හදාගත්ත ගේ පොඩ්ඩ අලියෙක් ඇවිල්ලා කඩා බිඳ දානකොට . අලියව මරන්න නොහිතෙනවානම් ඒක පුදුමයක් ….







 
සඳරු //