"නෝනා වරුනි මහත් වරුනි සහෝදර සහෝදරියනි …........................විසින් 7 වෙනි වරටත් සංවිධානය කරනු ලබන මහා බක්මහ උලෙළ සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු"
ලවුඩ්ස්පීකර් කීපයකින්ම ඇහෙන්න පටන්ගත්ත ඒ කෙල්ලෙකුගේ සියුමැලි කටහඬට මම මොහොතක් හොඳට කන් දීගෙන හිටියා . ඇඳේ කොට්ට ගොඩක් මැද නිදාගෙන හිටපු මම ඇඳෙන් නැගිටලා ජනේලය ගාවට ගිහිල්ලා ආයෙමත් ඒ ඇහෙන හුරු පුරුදු කටහඬට කන් දුන්නා.....
ඒ එයාද ?
ඔවු ! ඒ එයාම තමයි . මේ ලෝකේ ඕනෑම හඬක් අතරින් මට ඒ සියුමැලි කටහඬ වෙන් කරලා අඳුරගන්න පුළුවන් .මට හොඳටම විශ්වාසයි .. කතා දෙකක් නෑ ඒ එයාමයි !
මාස කිහිපයකට උඩදී මගේ කන් දෙක වැඩියෙන්ම අහන්න ආසා කරපු ඒ හුරතල් කටහඬ මේ දැන් මට මගේ ගමේ අවුරුදු උත්සවයෙන් ඇහෙනවා .! මගේ ගමේ අවුරුදු උත්සවයේ නිවේදන කටයුතු . මගේ හිටපු කෙල්ලට බාරදීලා ! ඉතින්.....එදා මගේ කනට කරලා රහස් කොඳුරපු ඒ කටින් අද මුලු ගමටම අමතන්නයි මගේ හිටපු ආදරවන්තිය සූදානම් වෙන්නේ ! .. මටත් පොඩි හිනාවක් ගියා . ටිකෙන් ටික අවුරුදු උත්සවය පැත්තෙන් ඇහුණ ඒ සියුමැලි කටහඬට තවත් එක කටහඬක් එකතු උණා ! . ඒ පිරිමි කටහඬක් ! .. පිරිමි කෙනෙකුත් නිවේදනයට ඇවිදිල්ලා !
"කමක් නෑ .ඔන්න ඔහේ එනවුන්ස් කරපුදෙන් ! මගේ ඇඟේ වදිනවැයි"
මම එහෙම කියලා හිතලා සැනසුනා ! .
ටිකෙන් ටික උදේ ගෙවිලා මද්දහනෙට ඉර මුදුන් වෙන්නයි හදන්නේ ! ..... අවුරුදු උත්සවයත් ජයටම නැගලා යනවා . ඒ පැත්තට ගිහිල්ලා මගේ අතිජාත මිතුරු සේනාව සමග එකතු වෙන්න පුදුම අසාවකුත් මට නැතුව නෙවෙයි . ඒත් . …. මොකද්ද මන්දා අමුතු හැඟීමක් යටි හිතේ තෙරපෙන හින්දා මෙදා පාර මට ඒ පැත්තට යන්න කිසිම ආසාවක් නෑ ..ඒත් ගියපාර අවුරුදු උත්සවේදී මමයි මගේ යාළු මිත්‍රයෝ සේනාවයි කරපු විකාර වැඩ එකින් එක මතකෙට එනකොට . මේ විදිහට පැත්තකට වෙලා ඉන්න කොහොමටවත් හිත දෙන්නේ නෑ …
"දැන් මොකද කරන්නේ රේඩියෝ කට්ටවත් දාගෙන වැඩිකරගෙන අහනවා”...... එහෙම හිතලා සාලේ පැත්තට යන්න . පුටුවෙන් නැගිටා විතරයි !
"ඇන්ටී ….. ඇන්ටී ….. සඳරු ඉන්නවදෝ"
අන්න මගේ පාප මිතුරු සේනාව මාව හොයාගෙන ඇව්ත් . දැන් ඉතින් නිවාස අඩස්සියේ හිටපු කාලසීමාව අවසන් .. මමත් අම්මා එන්න කලින් ඉක්මනට ඒ හඬ එන පැත්තට ගියා
"සඳරු අන්න උඹගේ පරණ කෑල්ලයි ඒකිගේ අලුත් ලවු එකයි . ඉස්ටේජ් එක උඩ ජෝගි නටනවා !”
"මොකක් කීවා ඒ ඩිංගට තව එකෙක් එක්ක …...................?”
"වරෙංකො යන්න... අනිත් එවුනුත් උඹ එනකම් බලං ඉන්නේ …. ඉකමනට ලැහැත්ති වෙලා වර"
"හරි උඹලා ඔහොම ඉඳපලා ගෙට එන්න ඕන නෑ .. මම විනාඩියෙන් එන්නම් …”
මගේ හිතේ මහා ලොකු කුතුහලයක් තෙරපෙනවා .
කවුද එයාගේ අළුත් ආදරවන්තයා ?
ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට මට දැනෙන හැඟීමට කියන්න නමකුත් මම තාම දන්නෙ නෑ ! .

ගේ ඇතුළට දුවලා ගියපු මම ඇඳන් හිටපු ඇඳුමටම අස්ප ලාඩං දෙක වගේ ගෙවිච්ච මගේ සෙරෙප්පු කටු දෙක දාගත්තා.... කලු නයිට් ජෙල් ඩිංගක් උලාගෙන කොණ්ඩේ බෙකම් වගේ හදාගත්තා .මුල්ලක තිබිච්ච ෆෝන් එකත් සාක්කුවට දාගත්තා … අම්මා හංගලා තිබිච්ච මගේ මුදල් පසුම්බියත් හොයලා අරගත්තා ,! ක්‍රියාදාම චිත්‍රපටයක ප්‍රධාන නළුවා අවසන් මෙහෙයුමට යන්න සූදානම් වෙනවා වගේ . මමත් ඒ අවුරුදු උත්සවයට යන්න සූදානම් උණා !
මගේ හිතේ මහා ලොකු කුතුහලයක් තෙරපෙනවා .
කවුද එයාගේ අළුත් ආදරවන්තයා ?
ඌ මට වඩා වැඩ්ඩෙක්ද ?
ඌ මට වඩා හැණ්ඩියෙක්ද ?
ඌ ජොබක් කරනවද ?
ඌ එයාව රවට්ටනව වත්ද ?
ඊටපස්සේ මම හෙමීට ඔළුව හරවලා . දකුණු පැත්තේ හිටපු අනිත් නිවේදකයා ඒ කියන්නේ මගේ හිටපු කෙල්ලගේ අළුත් පෙම්වතා ! එයාව බලන්නත් මම ඔළුව හැරෙවුවා …
මෙතැන් සිට සියලුදේම ලියැවෙන්නේ ..පැරදුණු පෙම්වතෙකුගේ දෘෂ්ටි කෝණයෙනි !
"මූද බං එයාගේ අලුත් කොල්ලා . බලහංකෝ මුගේ හැටි" ! මම අත දික්කරලා මගේ යාළුවන්ට පෙන්නුවා
"ඒ උඹට පේන විදිහනේ බං . මූ තමයි අහවල් වේදිකා නාට්‍යයේ . පැනියාගේ චරිතය රඟ දක්වලා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර උණේ …. ඌ උඹට වඩා නම් හැණ්ඩියෙක් බං !”
"අනේ උඹලෑ ඇස් පේන්නේ නෑ . මූ මොකෙද්ද ?”
"නෑ නෑ බං ඉරිසියාවට උඹගේ ඇස් අන්ධ වෙලා තියෙනේ ඒකයි …. කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම ඔන්න සම්බන්දෙට කැමත්තත් දීලා"
"සඳරුවා මොකද බං මූඩ් ගහලා ? “
"පිස්සුද බං
උඹට ඉරිසියයි නේද මචං ….?”
නෑ කියන්න හිතුණත් ඒ වෙලාවේ මගේම යාළුවෝ ඉස්සරහා මොකට බොරු කියනවද කියලා මට හිතුණා …
"හ්ම්... අම්බානෙට ඉරිසියයි බං"
මොහොතකින් මගේ වටේ හිටපු යාළු මිත්‍රයෝ එක එක අදහස් දෙන්න පටන්ගත්තා .
"අපි එහෙනම් මූට හූවක් දාමු …. පොඩි මිස්ටේක් එකක් වෙනකම් ඉඳලා ඌට මයික් එක දාලා දුවන්න හූ කියමු . එතකොට උඹට සැටිස් බං"
මගෙත් මූණේ හිනාවක් ඇඳෙන්න ඇති . මමත් එක පයිං ඒ යෝජනාව ස්ථීර කළා .!
"හරි මෙතන ඉන්න අපි සේරමලා එකපාර ලොකු හූවක් දාමු . අරපැත්තේ ඉන්න එවුනුත් එතකොට එල කැඩෙන හූවක් තියාවි" …
ඉතින් මම ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති ඒත් මගේ හිතේ මොහොතකට නැගිච්ච ඒ ඉරිසියාව හැමදේකටම වැඩිය ලොකුයි …මම මේක කරන්නම ඕන !
ඉතින් මගේ පුංචි ආදරවන්තියගේ බ්‍රෑන්ඩ් නිවු පෙම්වතා එක වචනයක් යන්තමින් වරද්දගන්නකම් අපි විනාඩි 15 විතර බලාගෙන හිටියා................................. අන්තිමේදී අපි බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත උදා උණා …
ඔවු මෙන්න පිළිගන්න ලීස් ගහේ මුදුනටම ගිය ඒ ජයග්‍රාහකයා !
මම හිතන විදිහට ග්‍රීස් ගහයි ලිස්සන ගහයි කියන වචන දෙකම එකවර කියැවෙන්න ගිහිං .. පෙම් බුවාගේ කටින් පිටවුණේ ලීස් ගහ කියන වචනය !
"ඇඩෝව් ඊයේ රෑට කෑවේ ලීක්ස් දෝ ??”
මෙන්න නිවේදකයක්ට ලූස් හැදිලෝ .! ! ! ! !
ඌ මට වඩා හැණ්ඩියෙක්ද ?
ඌ ජොබක් කරනවද ?
ඌ එයාව රවට්ටනව වත්ද ?
උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසේවත් මගේ හදවත මේ තරම් ගැහුණේ නැතිව ඇති . ගේටුවෙන් ඇතුළට ගිහිල්ලා . පිට්ටනිය පුරාම හිටපු කොල්ලෝ කෙල්ල්ලෝ අංකල්ලා ඇන්ටිලා අතරින් . මාව ඇදගෙන මගේ යාළුවෝ ඉස්සරහටම ගියා …. වේදිකාව ළඟටම
ඉතින් ඒ මොහොත උදා උණා . බිම බලාගෙන හිටපු මම හෙමීට ඇස් දෙක ඇරලා . ස්ටේජ් එක උඩ හිටපු පුංචි නිවේදිකාව දිහා බැලුවා.... මම කලින් ආදරේ කරපු .හිස් අහස බ්ලොග් එකේ පිටු පුරවාපු . මගේ ජීවිතේට අරමුණක් දීපු .ඒ පුංචි කෙල්ලව ආයෙමත් වතාවක් බලාගත්තා .ඒ රන්වන් පාට ළමා සාරියකින් සැරසිලා හිටියේ... එදා කෙනාමයි
ඊටපස්සේ මම හෙමීට ඔළුව හරවලා . දකුණු පැත්තේ හිටපු අනිත් නිවේදකයා ඒ කියන්නේ මගේ හිටපු කෙල්ලගේ අළුත් පෙම්වතා ! එයාව බලන්නත් මම ඔළුව හැරෙවුවා …
මෙතැන් සිට සියලුදේම ලියැවෙන්නේ ..පැරදුණු පෙම්වතෙකුගේ දෘෂ්ටි කෝණයෙනි !
හද්ද පරණ සරමක් අඳගෙන...බුජාලා වැඩියෙන් යොදාපු සුදු කමීසයකින් සැරසිලා කොණ්ඩේ තෙල් ගාලා මදින් බෙදාපු කොල්ලෙක් මයික් එකක් අතේ අරගෙන ඉන්නවා මුහුණවර හරියටම. සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයාගේ වගේමයි !
"මූද බං එයාගේ අලුත් කොල්ලා . බලහංකෝ මුගේ හැටි" ! මම අත දික්කරලා මගේ යාළුවන්ට පෙන්නුවා
"ඒ උඹට පේන විදිහනේ බං . මූ තමයි අහවල් වේදිකා නාට්‍යයේ . පැනියාගේ චරිතය රඟ දක්වලා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර උණේ …. ඌ උඹට වඩා නම් හැණ්ඩියෙක් බං !”
"අනේ උඹලෑ ඇස් පේන්නේ නෑ . මූ මොකෙද්ද ?”
"නෑ නෑ බං ඉරිසියාවට උඹගේ ඇස් අන්ධ වෙලා තියෙනේ ඒකයි …. කෙල්ලගේ අම්මයි තාත්තයි දෙන්නම ඔන්න සම්බන්දෙට කැමත්තත් දීලා"
මගේ යටි බඩ සිසිල් වේගෙන ගියා . මෙච්චර කල් ආදරේ කරපු මට කැමැත්ත නොදුන් ඒ දෙමවුපියෝ කොහේවත් ඉන්න කොල්ලෙකුට කැමැත්ත දීලා ! ඒත් මගේ හිතට පොඩ්ඩක්වත් දුකක් දැනුණේ නෑ . මොකද කියනවා නම් මම දැන් මේ සේරම දේවල් අතීතයට එකතුකරලා ඉවරයි . ඒත් මොකද්ද මන්දා මහ අමුතු හැඟීමක් මේ මොහොතේ ඉඳන් මගේ හිත ඇතුළේ කැලැත්තෙනවා .
"සඳරුවා මොකද බං මූඩ් ගහලා ? “
"පිස්සුද බං
උඹට ඉරිසියයි නේද මචං ….?”
නෑ කියන්න හිතුණත් ඒ වෙලාවේ මගේම යාළුවෝ ඉස්සරහා මොකට බොරු කියනවද කියලා මට හිතුණා …
"හ්ම්... අම්බානෙට ඉරිසියයි බං"
මොහොතකින් මගේ වටේ හිටපු යාළු මිත්‍රයෝ එක එක අදහස් දෙන්න පටන්ගත්තා .
"අපි එහෙනම් මූට හූවක් දාමු …. පොඩි මිස්ටේක් එකක් වෙනකම් ඉඳලා ඌට මයික් එක දාලා දුවන්න හූ කියමු . එතකොට උඹට සැටිස් බං"
මගෙත් මූණේ හිනාවක් ඇඳෙන්න ඇති . මමත් එක පයිං ඒ යෝජනාව ස්ථීර කළා .!
"හරි මෙතන ඉන්න අපි සේරමලා එකපාර ලොකු හූවක් දාමු . අරපැත්තේ ඉන්න එවුනුත් එතකොට එල කැඩෙන හූවක් තියාවි" …
ඉතින් මම ආත්මාර්ථකාමියෙක් වෙන්න ඇති ඒත් මගේ හිතේ මොහොතකට නැගිච්ච ඒ ඉරිසියාව හැමදේකටම වැඩිය ලොකුයි …මම මේක කරන්නම ඕන !
ඉතින් මගේ පුංචි ආදරවන්තියගේ බ්‍රෑන්ඩ් නිවු පෙම්වතා එක වචනයක් යන්තමින් වරද්දගන්නකම් අපි විනාඩි 15 විතර බලාගෙන හිටියා................................. අන්තිමේදී අපි බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත උදා උණා …
ඒ මොහොතේම මගේ ගමේ හොර පොල් කඩන අංකල් කෙනෙක් ලිස්සන ගහ මුදුනටම නැගලා කොඩිය ගත්තා …. එතකොටම අපේ ඉලක්කය වෙලා හිටපු නිවේදක පෙම්වතා . එකවරම ෆෝම් වුණා
මම හිතන විදිහට ග්‍රීස් ගහයි ලිස්සන ගහයි කියන වචන දෙකම එකවර කියැවෙන්න ගිහිං .. පෙම් බුවාගේ කටින් පිටවුණේ ලීස් ගහ කියන වචනය !
අපිට ඒ හොඳටම ඇති ….. එක වරම පිරිස මැද්දෙන් නැගපු හූ හඬට අහල පහළ ගම්මාන හතක් හෙලවෙන්න ඇති . හිතේ දහසක් හැඟීම් හිරකරගෙන හිටපු මම ඒ සේරම හැඟීම් හූ හඬකට පෙරළලා . හුළඟේ පා කරේ … පුදුම ආතල් එකකින් …. මම මගේ ජීවිතේට ඒතරම් හයියෙන් හූ කියලා නැතුව ඇති ...
"ඇඩෝව් ඊයේ රෑට කෑවේ ලීක්ස් දෝ ??”
මෙන්න නිවේදකයක්ට ලූස් හැදිලෝ .! ! ! ! !
කොල්ලෝ සේරම තව තව වචන දාලා කෑගහන්න ගත්තා . ග්‍රීස් ගහ මුදුනේ හිටපු කොඩිය ගත්ත ජයග්‍රාහකයා පවා හිනහ වේවී පහළට එන අතරේ . ගමේ අවුරුදු උත්සවේට ආපු වයසක සීයාගේ ඉඳලා . පොඩි දරුවා වෙනකම්ම විනාඩියක් විතර හිනහා උණා ….හැබැයි දෙන්නෙක් ඇරෙන්න .. කටවල් කජු ලෙලි වගේ කරගත්ත. මොහොතකට ගොළුවෙච්ච නිවේදක ජෝඩුව ...සද්ද නැතුව මොහොතක් හිටියා ...නිවේදක පෙම්වතාටනම් ඇපත් නෑ . එයා හරිම ලැජ්ජාවෙන් හිනා වෙන්න උත්සහ කළත් ඒ හිනාව බලෙන් මවා ගත් හිනාවක් කියලා හිටපු හැමෝටම පෙනුණා … සමහර අය නැවත නැවත හූ කියන්න ගත්තා …. නිවේදක බුවා මයික් එකට පිඹිනවා . මයික් එක වැඩ නෑ වගේ රඟපානවා . එක කෙලියයි...
වේදිකාව උඩ ඇස් දෙකක් මගේ දිහා බලාගෙන ඉන්න බව මම දැක්කේ මොහොතක් ගියාට පස්සේ . මාව දවලා අළු කරන තරමේ නපුරු බැල්මක් දීගෙන හිටියේ .. මීට මාස ගාණකට කලින් මගේම ආදර කථාවේ මගේ ආදරණීය පෙම්වතිය වෙලා .මගේ ලෝකයම මගේ ජීවිතයම වෙන්න පොරොන්දු වෙලා මගෙත් එක්ක හිටපු අද මගේ හිටපු පෙම්වතිය වන ඇය... මගේ හිනාව ඒ මොහොතේම අතුරුදහන් උනා .!
මේක ලියන දැනටත් මම එයා එක්ක තරහ නෑ . හැබැයි මෙගේ හිතේ කොනකවත් ආයේ එයා ගැන අංශුමාත්‍රයකවත් ආදර හැඟීමකුත් නෑ . මම එයා ගැන හිතන්නෙත් නෑ . අදින් පස්සේ එයා කවුරු එක්ක හිටියත් මට කමකුත් නෑ !
ඒත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට මට දැනෙන හැඟීමට කියන්න නමකුත් මම තාම දන්නෙ නෑ ! .
සඳරු //
Image[ http://raptorsrepublic.com/wp-content/uploads/2010/04/booing.jpg ]