27.6.12

බතලයෙකුගේ කතාවක්. 3

පලමු කොටස 
දෙවනි කොටස

 රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි . 

රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස උන්නු මානවිකාවෝ ඩබල පැත්තකට වෙලා ඉඳන් හාංචිපයිස් ගහලා ඉරිසියාවෙන් බලාන උන්නා . රුවන් කතාව නවත්තලා ආපහු මම උන්නු දිහාවට එන්න හැරුණේ කල්ල වඩන සෑර්ගේ කාර් පොඩිත්ත දූවිලි කාගෙන ඇවිදින් පන්තිය ඉස්සරහා නතර කළායින් පස්සෙයි . 

“
ඉතින් මොකෝ වුණේ ?”

“
මොකුත් නෑ අපි කතා කළා . වැඩේ නම් ඒ හැටි හොඳට කෙරුණේ නෑ .”
රුවන් මූණ එල්ලගෙන උත්තර දෙනකොට මටත් ටිකක් අප්සට් .

“
ඉතින් උඹලා ජෝඩුව අර බොහොම ලස්සන මුකුළු කර කර කතා බහ කළේ . මට පෙනුණේ නෑ උඹලා අවුලෙන් කතා කරන වගක් .”

“
ඉතින් සඳරු අයියේ මට කෙල්ල අකමැති කොට මම අර ළමයි සේරම ඉස්සරහා අඬන්නද ? මමත් කොල්ලා වගේ ෆේස් කළා . ඒකි ඉඳන් හිනා වෙවී මට බෑ කීවා .”

“
කමක් නෑ ඔන්න මගෙන් වෙන්න ඕනෙ හරිය මම කළා . ආයේ එහෙම මාව සල්ලි වලට ගන්න හදන්න එපා . මම මලත් ප්‍රතිපත්ති කඩන එකෙක් නෙවේ .”

“
අනේ මම නොදන්න උඹගේ ප්‍රතිපත්ති”
ඔය විදිහට වල්පල් කතා කරමින් පාරට ගියපු අපි ගෙවල් දිහාවට යන බස් කට්ටක එල්ලිලා ගෙදර ගියා . හවහට වැවු පිට්ටනියේ ව්‍යායාම එන බවට මම රුවන්ව පොරොන්දු කරගත්තේ පුදුම දහ දුකක් විඳලයි .

දවස් කීපයක්ම ඔය විදිහට මමයි රුවන් මල්ලියි ව්‍යායාම කරන්න වැවු පිට්ටනියට ගියා . මම හීතල බියර් බොන අතරේ රුවන් වැටෙමින් පෙරළෙමින් ව්‍යායාම කළා . උගේ පරුවතයක් වගේ ඇඟ නම් යන්තම්වත් අඩු වෙලා තියන වගක් මට පෙනුණේ නෑ ඒ වුණත් උගෙන් මම කලින්ට වඩා අමුතුම ප්‍රාණවත් බවක් දැක්කා . සුදුමැලි වෙලා තිබුණ මූණත් පාට වැටිලා ඇවිල්ලා . ඉස්සර ළඟින් ළඟින් තියාපු පියවර වළ පරතරය දැන් වෙනදටත් වඩා වැඩියි . 

දවස් ගාණක් තිස්සේ හම්බුවෙච්ච මගේ දවසේ දීමනාව නිසා . මගේ පොකැට්ටුව නම් සෑහෙන දුරට පිරිලා. මගෙ හිතත් අමුතු සතුටකින් පිරිලා . සතුටයි සල්ලියි කොයිතරම් එකතුයිද කියලා මට එදා හිතුණා . 

අතේ සල්ලි තියන කාලේ සතුටෙන් ඉන්න ඕනෙ. අද තියන සල්ලි හෙට වාෂ්ප වෙලා යන්නේ බිම නමාපු ආෆ්ට සේවු වගේ . අදම සල්ලි වලින් වැඩක් නොගත්තොත් හෙට වෙන්නේ හූල්ලන්න . ඒ නිසා මම පහුවදා උදෙන්ම පෙම්වතියත් එක්ක සාප්පු සවාරි යන්න වෙලාවක් වෙන් කරගත්තේ හැමදාම මට සල්ලි වලින් උදවු කරන මගේ කෙල්ලට මොනා හරි සුකුරුත්තං ටිකක් අරගෙන දීලා ඒකිගේ හිත පොඩ්ඩක් නළවන්න හිතාගෙනයි . 

ඉතින් එක බ්‍රහස්පතින්දා දවසක හැන්දෑ ජාමේ මමත් මගේ පෙම්වතියත් සාප්පු සවාරියක් ගියා . අතින් කටින් බඩු මලු එල්ලගෙන ගෙවල් බලා එන්න හදන වෙලාවේදී කෙල්ල මට තවත් ඩෙන්ඩර් එකක් පාත් කළා .

“
සඳරු මගේ කොණ්ඩේ පොඩ්ඩක් හදාගන්න ඕනෙ . අපි යමුද කුකීගේ සැලුන් එකට . ?”

ගෙදර ගිහින් ඇලට් එකක් දාන්න හිතාගෙන උන්නු මට තවත් මරාලයක් පාත් වුණා . දැන් ඉතින් මෙයා කොණ්ඩේ කපලා හෝදලා වේලගෙන එනකං ඒ ගෑනු සැලුන් එක ඉස්සරහට වෙලා මට වේලි වේලි තමා ඉන්න වෙන්නේ . කුම්බලා කරෝල කෑවා නං විඳපං පූසෝ කියලා හිතෙන් කියාගෙනම මමත් එයාගේ පස්සෙන් ඇදිලා ගියා . 

“සඳරු මම හනිකට එන්නම් ඔයා මේ එළියට වෙලා ඉන්න .”

“
ඇයි මම ඇතුළට එන්න එපාද ?”

“
අපෝ එපා . ඔයා අවොත් මට නිදහසේ කොණ්ඩේ කපා ගන්නවත් නෑ ඔයා හැම දේකම ඇද කුද හොයනවා නේ”

“
අනෙ ඔයා බූ ගාගෙන ආවත් මට මොකෝ .. මම එළියෙම ඉන්නවා . !”

කුකීගේ සැලුන් එකේ මිදුලේ ලෑලි වලින් හදපු පුංචි බංකු පොඩියක් තිබුණා . කෙල්ලොත් එක්ක ඇවිදින් මෙතන චාටර් වෙන අහිංසක කොල්ලෝ වෙනුවෙන්ම ඒ බංකු පොඩිත්ත හදන්න ඇති කියලා මට හිතුණා . අතේ තිබුණු බඩු මුට්ට මම ඒ බංකුව උඩින් තිවුවේ බඩු මුට්ටු උස්සගෙන හිටියොතින් මේ සැලුන් එකට එන යන කාන්තාවෝ මම නාටාඹි ගොයියෙක් කියලා සැක හිතාවි කියලා හිතලයි . 

සැලුන් එකට යන එන නොයෙක් වර්ගයේ පොමනේරියන් කෙල්ලෝ දිහා බලමින් මම ඒ බංකුව උඩ විනාඩි විස්සක් විතර සතුටෙන් වේලි වේලි ඉන්න ඇති .එක වරම තරමක් වේගෙන් ආපු බයික් දෙකක් මගේ ළඟම නතර කළා . . ඒ බයික් දෙකට පිටිපස්සෙන් පුට් සයිකල් දෙකකුත් ඇවිදින් නතර කළා . ඒ චාටර් බයික් සයිකල් ගැන්සිය දිහා මම බලාන හිටියේ ඔච්චමට වගේ .ඔන්න එතකොටම ඒ බයික් ගැන්සියෙන් එකෙක් ඉදිරියට ඇවිත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. 

“මේ බයික්කේ කාගෙද ?”
කාගෙද මන්දා බයික් එකක් පෙන්වමින් ඌ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා

“
මගේ නෙවෙයි !”

“
තොගේ නෙවෙයි වුණාට කමක් නෑ මේක අයිනට දාපිය .”

“
මොකද්ද තමුසෙ කීවේ අනුංගේ බයික් අහක දාන්න මම මොකෙක් කියලද තමුසේ හිතුවේ ?”

“
තමුසේ එහෙනම් අපෙ කොල්ලොන්ගේ නංඟිලාට කොල්ලෝ සෙට් කරන්න දඟලන්නේ ඒ ඇයි ?”

එතකොටම මට තේරුණා මෙතන වෙන්නේ මොකක්ද කියලා . මේ ඇවිදින් ඉන්නේ පොල් මීයගේ සෙට් එක . මගේ පපුව වේගෙන් ගැහෙන්න වුණා . කොයි එකටත් කියලා මම අත ගුලි කරගත්තේ ගුටි කනවා වගේම එක ගුටියක් හරි දෙන්නත් හිත හදාගෙනයි .හිත හදාගත්ත මම හතර වටේට ඇස් හරවමින් පොල් මීයව හෙවුවා . ඒත් ඌ එතන හිටියේ නෑ . 

“
මොනාද ඩෝ බලන්නේ ? ඉඳා”

එකෙක් පැන්න ගමන් මගේ මූණට දාර පාරක් දුන්නා . මම ඒ පාරට කොහෙත්ම සූදානමින් නම් නෙවෙයි හිටියේ . ඒක නිසා මාව අඩියක් විතර පස්සට තල්ලු වෙලා ගියා . හිතේ තිබුණු තරහවටයි කලබලයයි හන්දා වෙන්න ඇති මට ඒ ගහපු පාර යන්තම්වත් දැනේ නෑ . 

මමත් පැන්න ගමන් මට ගහපු එකාගේ මූණටම හොඳ පාරක් දුන්නා මූණ සම්බල් වෙන්නම . ඌ පස්සට විසි වෙනවාත් එක්කම මම පැන්න ගමන් උගේ බෙල්ලෙන් අල්ලාගෙන ඌට තවත් ගුටි කීපයක් දුන්නා . ඔන්න ඔය අතරේ තමයි වටේ හිටි එවුන් ටික මට නෙලන්න ගත්තේ . 

එකෙක් මගේ ඔළුව පිටිපස්සට හෙල්මට් එකකින් ගැහුවා . මට දැනුනෙවත් නෑ . තවත් එකෙක් මට පයින් ගැහුවා ඒත් එවේලේ තිබුණු මොකක්දෝ මන්දා අමුතු හැඟීමක් නිසා මට රිදුණේ නම් නෑ . මම වටේ පිටේ ඉන්න එවුන් ගැන යන්තම්වත් නොහිතා මට පළමු පහර ගහපු එකාගේ මූණටම ගුටි ගහමින් හිටියා .. මේ වලිය විනාඩි පහක් හයක් විතර තියෙන්න ඇති මගේ හයිය හත්තිය ටිකෙන් ටික අඩු වෙලා ගියා හතර වටින්ම වදින පාරවල් ටිකෙන් ටික මට දැනෙන්න පටන්ගත්තා . 

ඔය අතරේදී දූවිලි කාගෙන ආපු පල්සර් බයික් එකක් අපේ ගැටුම සිද්ධ වෙන තැනට ආවේ පුදුම වේගෙන් .ඒ බයික් එකේ උන්නු එකාව මට ඒ මොහොතේ හරියට නොපෙනුණත් මම බයික් එකේ හඬින් ඒ ආපු එකාව ඇඳින්නා .මගේ හිතට දැනුණේ පුදුම සතුටක් .එක්ක අමුතුම හයියක් . ඒ ආවේ මගෙ හොඳම මිත්‍රයා වෙච්ච කිතුලා.

‍

කිතුලා බයික් එකෙන් බැහැලා ආවේ හරිම සන්සුන් විදිහට . ඒ කිතුලගේ හැටි බය කියනදේ අපි ඇඳින්නට ඌ බය කියන දේ අහලාවත් නෑ . හෙල්මට් එක දෑත බදලා අරන් කිතුලා වලිය මැදට පැන්නා මොනා වුණාද කියලා නම් දන්නේ නෑ වලිය නම් ඉවරෙටම ඉවරයි වලියට ආපු එවුන් ගිහිල්ලත් ඉවරයි . 

මම දකුණු අතෙන් ගලන ලේ පිහදාන්න බිම වැටිලා තිබුණු පත්තර කෑල්ලක් අතට ගත්තා . මගෙ අත හයියෙන් වෙවුලන්න වුණා .

“
සඳරුවා උඹට අමාරුද බං ?” කිතුලා මගෙන් එහෙම ඇහැවුවේ ටිකක් විතර අවුලෙන් වගේ .

“
මට අවුලක් නෑ බං අනූ දැක්කොත් තමා කෙළිය . ඒකි කලබල වෙයි ඒක නිසා මම හනිකට ගිහින් මේ අත හෝදගෙන එන්නම් .”

“ආයෙ දකින්න දෙයක් නෑ උඹගේ කෙල්ල තමා මට කෝල් කළේ . එවේලේ මම බාලිකා හන්දියේ උදයපාලගේ ගැරිජ් එකේ හිටියේ බයික්කේ චේන් එක තද කරන ගමන් . කෝල් එක ආපු ගමන් මම පැනලා බයික්කේ අරන් ආවා චේන් එක තද කර කර උන්නු උදයපාලයා බයික් එකට යට වුණාද මන්දා . හෙක් හෙක් .” 

මම ආපහු හැරිලා කුකීගේ සැලුන් එකේ ඉස්සරහා අඳුරු වීදුරුව දිහා බැලුවා . ටිකක් වෙලා ඒ දිහා බලද්දී ඒ වීදුරුව විනිවිද යන බැල්මට් එකක් දාන්න මට පුළුවන් වුණා . පර වෙච්ච මලක් වගේ මූණක් එක්ක මගේ දිහා බලාන හිටියේ මගෙ කෙල්ල . එයාට පිටිපස්සෙන් තවත් සැලුන් එකට ආපු ගෑනු පෝලිමක් කම්මුලේ අත තියාගෙන මගේ දිහා බලාන හිටියා . “වසල නෝන්ඩිය” . මම හිතෙන් මිමිනුවා . 

එදා රෑ නිදාගන්න ඇඳට වැටුණහම තමා මට හැන්දෑවේ අල්ලපු අඩවුවේ සැප දැන්නෙන්න ගත්තේ .මගේ ඔළුව ගෙඩි ගැහිලා තිබුණා ඒ විතරක් නම් මදෑ යටි බඩත් කොර වුණා. ඒත් පහුවදා අවදි වෙද්දී ඒ අමාරු බොහෝමයක් නැතිවෙලා ගිහින් තිබුණා . ඉතින් එදා මම වැඩට නොගිහින් ගෙදර හිටියේ ඇඟ පතේ අමාරුවෙ ආයෙමත් උත්සන්න වෙයි කියලා හිතලයි .

එදා හවස හතරට විතර කිතුලා මාව හම්බුවෙන්න ආවා. ඌ එනකොටත් මම තුවාල වෙච්ච අතේ දම්පාට බෙහෙත් ආලේප කරන ගමන් .

“
උඹට මම කොච්චර කියලා තියනවාද ඔය චීත්ත සීන් වලට යන්න එපා කියලා කෝ උඹ අහන එකක් යැ .”

“
මොනා කරන්නද බං.? අර රුවන් මලයා මට සල්ලි පෙන්නුවානේ ඉතින් මම කොර වුණා. උඹ දන්නවානේ මේ දවස් වළ මගෙ අතේ සතේ නැතුව මම වේලි වේලි හිටිය විත්තිය .”

“
ඒක නෙවෙයි සඳරු මම ආවේ උඹව යාළුවෙක් හම්බු වෙන්න එක්ක යන්න .”

“
කාවද ?”

“
පොල් මීයව .”

“
ඒ මොකටද ඌට ඕන්නං ඇවිදින් මාව හම්බු වෙන්න කියාපං . මම මොකටද ඌ ගාවට බඩගාන්නේ ?”

“
මචං අපිට ඔය යකඩ බජාර් එකේ එවුං එක්ක කේස් දාගෙන මේ පැත්තේ වසන්න වෙන්නේ නෑ උඹ දන්නවානේ උං එක්ක හැප්පෙන්න කවුරුත් නැති විත්තිය . ඉතින් අපි මේක ෂේප් කරමු .”

කිතුලා කීව කතාවට මගේ හිතත් අවනත වුණේ ඉබේටමයි . ඇත්ත..! යකඩ බජාර් එකත් එක්ක පැටලෙනවට වඩා උංව අපේ යාළුවෝ වගේ තියාගන්න එක ඇඟට පතට ගොඩාක් සනීපයි . හෙල්මට් එකකුත් අරගෙන කිතුලාගේ බයික් එකේ පිටිපස්ස සීට් එකේ මම ඉඳගත්තේ යකඩ බජාර් එකත් එක්ක සටන් විරාමයකට සෙට් වෙන්න කියලා හිතාගෙනයි . 

කිතුලා බයික් එක පැදගෙන ගිහින් ටවුමේ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එක පිටිපස්සේ තිබුණු කක්කුස්සිය ගාව නතර කළා . යාන්තමට ගැහි ගැහී මම ඒ බයික් එකෙන් බිමට බැස්සේ ආයෙ වතාවක් නම් ගුටි කන්න හයියක් මගේ ඇඟපතේ යන්තමටවත් නැති බව හොඳටම දැනගෙනයි . 

කක්කුස්සිය අද්දර තිබුණු අන්දර ගහක් යට පොල් මීයා වාඩි වෙලා හිටියා . යකඩ බජාර් එකේ තවත් අයියලා හත් අට දෙනෙක් ඌ එක්ක බිම ඉඳගෙන බීඩි ගහමින් සතුටු සාමිච්චියේ යෙදෙමින් හිටියා . හෙල්මට් එක අතට අරන් කිතුලා ඉස්සර වුණා . 

“ඔන්න අපි ආවා . දැන් කියන්න තියන දේ කියපං ..!”
කිතුලා පොල් මීයට ටෝක් කළ විදිහ දැකලා මට පුදුම හිතුණා . උගේ ඒ හැසිරීම ඉදිරියේ මගේ බයත් කොහෙ ගියාද මන්දා ?

“
සඳරු වාඩියං පොඩ්ඩක් අපි ටිකක් ආස්සරේ කරමු .”

මමත් කිතුළත් පොල් මීයා ඉඳගෙන උන්නු අන්දර ගහ යට ඉඳගත්තා සාක්කුවෙන් කැප්ටන් සිගරට් පැකට් එක අතට ගත්ත පොල් මීයා ඒකෙන් එකක් සහ ගිනි පෙට්ටියක් මගේ දිහාවට පාස් කළා . මගේ සිගරට් එකෙන් දුම් නගින්න ගත්තාට පස්සේ පොල් මීයා කතාවට බැස්සා . ඒ කතාව රතු ඉන්දියානු නායක සියැටල්ගේ කතාව තරම්ම උත්කෘෂ්ටයි.

“සඳරු උඹගේ නංඟිට කවුරුහරි කොල්ලෙක් ටෝක් කළොත් උඹ මොකද කරන්නේ ? මම හොඳටම දන්නවා බං උඹ කරන දේ . උඹ ඌව බය ගන්නන්න හදයි බැරිම වුනොතින් නෙළයි . මමත් කළේ ඒ වැඩේ තමයි . අපේ පොඩි කෙල්ලෝ තාම උසස්පෙළ කරන වයසේ බං කොළඹ නුවර එවුන් මේ කාලේ වෙනකොට කරන්න ඕනෙ වල් වැඩ සේරම කරලයි ඉන්නේ ! ඒත් මේ අම්පාර බං ඉස්කෝලේ යන කාලේ ලවු කරන එක මේ පළාතට මැජික් ! . ඔවුවායිං වෙන්නේ කෙල්ල චා වෙන එක.අම්පාරෙදී කෙල්ලෙකුට කැත කතාවක් හැදුණොත් ආයෙ කිරි කළ හතකින් නාවලාවත් ගෙට ගන්න බෑ යකෝ . නැද්ද මං අහන්නේ ?” 

“
හ්ම්”

“අපි ඉස්කෝලේ යන කාලේ ගන්න තියන හැම ආතල් එකක්ම අරගත්තා . ඒත් අන්තිමට අපිට වුණේ කාලකණ්ණි වෙන්න .අපි මොකටද බං ඒ වැඩේ අපේ පවුලේ අනික් එවුන්ටත් වෙන්න දෙන්නේ ? සඳරුවා මම උඹට මේ හොඳින් කියන්නේ උඹ ආයේ ඔය වගේ සීන් වලට සම්මාදං වෙන්ඩ නම් එපා .” 

“
හරි මගේ අතිනුත් වරදක් වුණා . මට සමාවෙයං . මම ආයේ ඔය වගේ සීන් වලට යන්තමවත් ගෑවෙන්නේ නෑ .”

“හරි උඹ එක්ක අපි ෂේප් ! ඒත් තව පොඩි වැඩක් කරන්න තියනවා . ඔය මගේ නංඟිට අවලං මැසේජ් ගහන තඩියාව මට හොයාගන්න ඕනෙ . හොයාගෙන උගේ ගෙදර මහ එකාලට සද්දයක් දාලා ඌට දෙකක් නෙලන්නත් ඕනෙ . එහෙම කරන්නේ ආය ඌ ඒ වගේ වැඩ නොකරන්න .” 

“
ඕන දෙයක් කරගනිල්ලා හැබැයි මගෙන් නම් අහන්න එපා ඌ ඉන්න තැන මම කියන්නේ නෑ .”

“
උඹට උගේ විස්තර දෙන්න බැරිනං හංඟා ගනිං . මට මගේ නංඟි ඌ ගැන සේරම ඩීටේල් දුන්නා . මට තියෙන්නේ වෙලාවක උගේ ගෙදෙට්ට ගිහින් පොඩි සද්දයක් පාත් කරන්න විතරයි . මම ඒක කරනවා .”

පොල් මීයටයි උගේ සේනාවටයි ඕනෙ දෙයක් කරගන්න ඇරලා මමයි කිතුළයි එතනින් හෙමිහිට මාරු වුණා . ආයේ නම් සල්ලි නෙවෙයි මුතු මැණික් දෙනවා කියලා කීවත් මම මේ වගේ වැඩ වලට සම්මාදම් නොවී ඉන්න තදින්ම හිතා ගත්තා . පොල් මීයාගේ පැත්තෙන් බැලුවාම ඌ සීයට සීයක්ම හරි . ඌ අද ඉන්න තැන මම උන්නා නම් මම කරන්නෙත් ඔය දේම නේද කියලා මට නිතරම හිතුණා 

******

දවස් දෙක තුනක් ගත වුණා රුවන් නොවරදවාම ව්‍යායාම වලට නම් සහභාගී වුණා ඒ වගේමයි ඌ අමාලිට මැසේජ් යවන එක සහ මිස් කෝල් ගහන එකත් නතර කරලා තිබුණේ නම් නෑ . ඌට ඒ වැඩේ නොකර පාඩුවේ ඉන්න කියලා මම වැන්දේ නැති ටික විතරයි . ඒත් පහන් දැල්ලක් පස්සේ දුවන පලගැටියෙක් වගේ ඌ ඒ කෙල්ල පස්සේ එළවමින් හිටියා . දවසක් රෑ එකොළහමාරට විතර මගෙ ෆෝන් එකට රුවන්ගෙන් කෝල් එකක් ආවා . 

“සඳරු අයියේ පොල් මීයා සෙට් එකක් එක්ක ඇවිදින් අපේ තාත්තට බනිනවා . මම පිටිපස්ස ජනේලෙන් පැනලා වැවට ආවා . අනේ උඹත් පොඩ්ඩකට වරෙං .”

අඳුරෙම අතපත ගාලා සෙරෙප්පු කටු දෙකකුත් හොයාගත්ත මම ෆෝන් එකේ ටෝච් එකත් දල්වාගෙන වැව පැත්තට දිවුවා . වැවේ පිටවාන ගාව කඩාන වැටිලා තිබුණු තිඹිරි ගහක කඳක් උඩ රුවන් වාඩි වෙලා හිටියා .ඌ ඒ ඉන්න විදිහ දැක්කාම මගේ හිතට නම් පොඩ්ඩක්වත් දුකක් නම් දැනුණේ නෑ . 

“
උඹ විහින් දාගත්ත කරදර හන්දා නේ මල්ලි මේ සේරම . දැන්වත් ඔය කෙල්ලව අමතක කරපං එයා තමයි උඹ ගැන සේරම විස්තර පොල් මීයට දීලා තියෙන්නේ . ඒකි උඹට ආදරේ නෑ මල්ලී .”
රුවන් හයියෙන් අඬනවා මම කළුවරේම දැක්කා. ඒ අඬන ගමන් මොනවාදෝ කියන්නත් උත්සහ කරනවා ඒත් ඒ වචන පැහැදිලි නෑ .

“
අඬන එක නවත්තලා ගෙදර යං .” දැන් පොල් මීයා සහ පිරිවර ගිහිං ඇති කියලා හිතුණ නිසා මම එහෙම කීවා .
රුවන් උන්නු තැනින් නැඟිටලා කලිසමේ තිබුණු වැලි පිහදාගෙන මගේ ෆෝන් එකේ එළියෙන් ගෙවල් පැත්තට ගෑටුවා . යන අතරේදී ඌ නාහෙන් අඬන්නත් ගත්තා

“
තාත්තා මට බණියි බං . හෙටම මාව නුවර ගිහිල්ලා දමාවි බං . !”

“
ඉතින් මල්ලී මේ සේරම අවුල් අමතක කරලා උඹ නුවර ගිහින් හොඳට ඉගෙන ගනු .”

“
මට බෑ මට බෑ බං අමාලිව දාලා යන්න මේ ගමේ ඉද්දී ඒකි මට යන්තම් හරි දකින්න ඇහැකි ඒත් මම නුවර ගියාම මම කෝමද ඒකිව බලන්නෙ ?”

“
අනේ මන්දා බං”
මම රුවන්ව උගේ ගෙදර ගෙට්ටුව ගාවටම එක්කරගෙන ආවා . ගෙදර පිලේ ඉඳගෙන හිටි තිලකේ මාමා හනි හනිකට අපි ගාවට දුවගෙන ආවා .

“
සඳරු පුතේ මේකා කොයිබද උන්නේ ?”

“
වැවේ උන්නා මාමේ මම එක්කරගෙන ආවා . බනින්න හෙම එපා හෙමීට කරුණු කාරණා කියාදෙන්න පොඩි එකා නේ !”

“අනෙ මූ හරි හොඳ පොඩි එකා. අර යකඩ බජාර් එකේ උං එක්කයි මූ පෑහෙන්න හදන්නේ . උඹ දන්නවානේ උං මැරයෝ කියලා උං එක්ක පෑහෙන්න අපි හෙහ් .. තෝ හෙටම නුවර යන්න ලැහැත්ති වෙයං . සකලසූරිය බස් එකට මම කෝල් එකක් දීලා සීට් බුක් කළා තෝ හෙටම පල නුවර නැත්තම් මම තෝව පට්ට ගහනවා” 

ඒ දෝස්මුරේ අහගෙන උන්නු රුවන් මීයෙක් වගේ ගෙට රිංඟුවාට පස්සේ මමත් ගෙදර ගියා . මේ හැම ප්‍රශ්නයක්ම හෙට උදේ රුවන් නුවර ගියායින් පස්සේ අවසන් වෙනවා එහෙම හිතාන ඇඳට වැටුණ මට වෙනදාට වඩා හොඳට නින්ද ගියා .

*****

“
අයියේ අයියේ නැගිටිනවා හනිකට .. !”
මගේ නංඟිගේ කෑගැහිල්ල ඇහිලයි මම පහුවදා උදේ අවදි වුණේ .

“
මොකෝ ?”

“
අන්න තිලකේ මාමගේ පුතා හාල් මෝලට අත දාලා අත තුවාල කරගෙන ! උඩහ ලොකු නැන්දලාගේ ත්‍රීවිල් එකෙන් ඉස්පිරිතාලේ ගෙනිච්චා .”

“
අර මොකෝ මෝලට අත දාන්න ගිහින් තියෙන්නේ ?”

“
රුවන් උදේ අමාලිට කෝල් අරගෙන ඒක දැක්ක තිලකේ මාමා ෆෝන් එක අරන් මෝලට දාලා රුවන් ඒක ගන්න අත දාලා”

“
ගොඩක් අමාරුද ඌට ?”

“
වම් අතේ ඇඟිලි දෙකක් කැඩිලා ගිහිල්ලලු ? ආයෙ හදන්නේ කොහොමද නේද ඉතින් ?”

මම ලොකු හුස්මක් පිට කරලා ආයෙමත් ඇඳේ මුනිං අතට පෙරළුණා . හිත කෑගහලා කියනවා මේ සිද්ධ වෙච්ච දේට මමත් වැරදි කාරයෙක් කියලා .රුවන්ට පොතේ පතේ දැනුම තිබුණට කෙල්ලො සම්බන්ධ දේවල් වලදී නම් ඌ අමුම අමු මෝඩයෙක් නැත්තම් කෙල්ලෙක් නිසා උගෙ අනාගතේම කාලකණ්ණි කරගනීවිද ?. 

රුවන් වමත් කාරයා. ඌ අකුරු ලීවේ වමින්. දැං ඉතින් ඌ ලියන්නේ මොන අතින්ද ? මම උගෙන් සල්ලි අරන් ඌට බ්‍රෝකර් වැඩ කරන්න ගියා කියලා තව ටික දවසකින් මේ ගමම දැන ගනිවී ඊට පස්සේ රුවන් කාට කාටත් රත්තරන් පුතෙක් වෙන අතරේ මාව හැමෝටම කටගැස්ම වේවි . 

ඉතින් රුවන් ආයේ කවදාකවත් ව්‍යායාම කරන එකක් නෑ. ආයේ නුවර ඉස්කෝලෙට යන එකකුත් නෑ . උගේ අනාගතේ ඌම කාලකණ්ණි කරගත්තා මමත් ඒකට පංඟු කාරයක් වුණා .

එදා ඉර ගල පයින ජාමෙට බෝතල්කුයි වීදුරු කීපයකුයි අරන් මම වැවු පිටියට ගියා . මම වැවු පිටියට එනකොටත් කිතුළයි මගෙ තවත් හොඳම මිත්‍රයෙක් වෙච්ච මොරටුයි දෙන්නා .බයිට් සහ සෝඩා එක්ක ඇවිදින් හිටියා . ගිනි වතුරෙන්වත් හිත හෝදලා දාලා යන්තම්වත් පිරිසිදුවෙන්නයි මට ඕනෑ වුණේ . බෝතලේ ඉවර වෙද්දී මේ කැලතිලා තියන හිත සන්සුන් වුණත් ආයේ රුවන් දකින දකින වාරයක් ගානේ මට මේ පවුකාර හැඟීම දැනෙන බව මම දන්නවා ..

හැන්දෑ අඳුර වැවු පිටියට වැටෙන අතරේ වතුර නැතිව හිඳිලා ගියපු වැව පුරාම පැතිරුණේ මහ මුස්පේන්තු බවක්. ඒකත් හරියට මගෙ හිත වගේ !..

ලොකු හුස්මක් අල්ලපු මම වීදුරුව පිරෙවුවා . !

ඉවරයි !

හරක් බලන පාල මාමා බන්ටෙක උඩ ඉඳන් අපි දිහෑ බලාන උන්නු හැටි මගේ කැමරාවේ වැදුනේ මෙහෙමයි ! 

125 comments:

  1. 3 වෙනි කොටසත් එනකම් බලාගෙන් හිටියෙ.. ටැන්කූ...

    ReplyDelete
  2. අප්පා බං... උඹත් අත දාන්නෙ ඔය වගේ ඒවටමයි නෙ... මොනව උනත් ඌ හරකෙක්... උගෙ ඔය හපුටු කෙල්ල වගේද ඌව පොඩි කාලෙ ඉඳල හදා ගත්තු අම්මයි තාත්තයි... ඒකි හොඳින් ඉඳීවි, අම්මල තාත්තල එපැයි වද විඳින්න...

    ReplyDelete
  3. niyamaiiiiiiiii..bathalayata jaya wewa..

    ReplyDelete
  4. niyamaii,,hoda welwata kedune egili dekai,,bathalaya hedei den nam

    ReplyDelete
  5. ෂෙහ්...!! එක හුස්මට කියෙව්වා බං සදරු අයියේ...
    මේ සිරාම කතාවක් කිව්වා නේද?

    රුවනා නං පව් බං.... :(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අදනම් නියමයිකියන්න බෑ,නමුත් අතක්නෑ කියන්නෙනම් ඉතිංවහතමා.ඔයවිහින් කරගත්තදෙයක්නෙ බං.නොහිතනවිදියට අතපය නැතිඋන උන්ගැන අද මමත්පෝස්ට් එකක්දැම්ම.දුක් සීන්තමා...

    ReplyDelete
  7. අම්මපා තොත් කරගන්න එව්වා...ඈ යකො උඹ අරක්කු බොන එක නැවැත්තුවා කිව්ව නේද..හික් ආයි බොනකං නොවැ...බොල සල්ලි නැතිඋනත් කමක් නෑ සල්ලිවලට තොගේ ආත්මේ පාවලා දෙන්ට එපා...

    ReplyDelete
  8. idapan ubata dennam mama thawath wadak. uba meka net ekata damma kiyala mama maxi aiyatai,kapila aiyatai kiyanawa. madi paduwata kalu akkatath kiyannam. ubat huuuuuuuuu huuuuuuuuuuuu huuuuuuuuu

    ReplyDelete
  9. muladinam katawa hinawewi kiyewwa.antimatanam mara dukai.e lamayage moda wada walata oya monawa karannada.
    පොමනේරියන් කෙල්ලෝ, hikz. ganu lamainata ehema kiyanna epa afffa :))dukai
    anyway mama oyage okkoma post baluwa.his ahasa nam niyamai.keep going.all d best,

    ReplyDelete
  10. අපොයි ...දෙයියනේ උඹට වෙලාතියෙන වැඩේ..මදැයි ඔයින් ගියා..! ඈ බං උඹ ගුටිකනකන් ගෑල්ලමය බලාහිටියෙ ඇයි.. මැද්දට පයින්නැතිව ..උබට දරුනු පාරක් වැදුනනම්...!

    ReplyDelete
  11. //ආයේ නම් සල්ලි නෙවෙයි මුතු මැණික් දෙනවා කියලා කීවත් මම මේ වගේ වැඩ වලට සම්මාදම් නොවී ඉන්න තදින්ම හිතා ගත්තා//
    අනේ පලයං බං යන්න. උඹ ආයෙ පැටලෙන්නෙ නැතුව ඉඳී කවුරුහරි මේවගේ ගෝතයෙක් කතාකරනකල්.:)

    මොනව කරන්නද! පරිස්සමින් කරන දෙයක්. මේක සිද්ධවුනේ මෑතක වෙන්නෝන.

    ReplyDelete
  12. මචන් සිරාවටම එල කතාව බන්, ඊට පස්සේ මොකද උනේ කියපන්කො බන් ..

    ReplyDelete
  13. 3 වෙනි කොටස එනකන් බලාගෙන හිටියේ...

    අර අයියා අසාධාරණ නෑ නේ.... හැම එකටම අතින් පයින් සංග්‍රහ කරන එක තමයි වැරැද්ද...

    ReplyDelete
  14. අනේ මන්ද සඳරු, මම හිතන් හිටියෙ මේ වගේ සීන් තියෙන්නෙ ප්‍රබන්ධවල විතරයි කියල. උඹටත් ජීවිතේ පුදුම අත්දැකීම් තමා ලැබිල තියෙන්නෙ.

    ReplyDelete
  15. ඔය කරගෙන තියෙන්නෙ. x-(

    //උඹ විහින් දාගත්ත කරදර හන්දා නේ මල්ලි මේ සේරම //

    මේක කන්නාඩියක් ඉස්සරහට ගිහින් තමයි කියන්න ඕනෙ සඳරුවො.
    සඳරුවානම් හැදෙන පාටක් නෑ. වෙලාවට කිතුල වගේ යාලුවෙක් ඉන්නෙ.

    රුවන් ගැනනම් කියල වැඩක් නෑ... පොඩි එකා නිසා තේරුමක් නැතිව විහින් දාගන්න ලෙඩ

    ReplyDelete
  16. දුක්බර අවසානයක්...:( "පේමතෝ ජායතී සෝකෝ" කියන්නෙ නිකන්ද?

    ReplyDelete
  17. රුවනා පවු බන්. ඒත් මට හිතා ගන්න බැරි ඔය ඉලව් වලට බෙල්ල දෙන්න ගිහින් උඹ මොකෙන් මොක කරගනියිද කියල. රාජ් කිව්ව වගේ උඹ කවදාවත් මට්ටු වෙන එකෙක් නෙමේ. ඕන් ආයෙ එහෙම මෙහෙම ගූ කේස් එකකට සම්මාදම් වෙලා එහෙම අපිත් එක්ක ලොකුකම් කියනව එහෙම නෙමේ.

    ReplyDelete
  18. ඒයි සඳරුවො "හාංචිපයිස් ගහලා" කියන්නෙ මොකද්ද බං....ඔක්කොම එල,කොර , මරු කියල කියන නිසා මං මුකුත් කියන්නෙනෑ උඹම හිතාගනිං ඈ......

    X-Porter

    ReplyDelete
  19. මම හිතුව හැබැයි දෙවෙනි පාරටත් යකඩ බජාර් එකෙන් සංග්‍රහයක් හම්බ වෙයි කියල. පොල් මීයාගේ කතාව හරි. උඹත් ඌ වගේ තීරණයක් ගත්ත මතකයි , අර එකෙක්ගේ කැමරා එක කුඩුවෙන්න ගැහුවේ. මෝඩ බතලය ගැන නම් දුකයි. ඊටත් වැඩ උගේ දෙමව්පියෝ ගැන දුකයි. අර කිතුලය කිව්වේ ගාල්ලේ ගියපු එක නේද ? ඌ අයෙත් ආවද? ඌ නම් එල කොල්ලෙක් හැබෑටම

    ReplyDelete
  20. අනේ බං සඳරු වලි වලට යන්නැතුව හිටපන්.

    ReplyDelete
  21. මට හිතෙන විදිහටනම් උඹ අයිය කෙනෙක්, යාළුවෙක් හැටියට කරල තියෙන දේවල්නම් බොහෝම බොහෝම මදි මචෝ........ උබට තිබ්බා තව ටිකක් කියලා උගේ හිත හදන්න..
    ජය වේවා!!!!

    ReplyDelete
  22. ඔක්කොම එක දිගට කියවගෙන ගිය ..

    ඔය කාටත් වඩා මට දුක තිලකේ මාමා ගැන .. උගන්නලා ලොකු මහත්තෙක් කරන්න මහන්සි උන තාත්තා..එ මදිවට ඔයාට කියලා එ කොල්ලගේ ඈ අඩු කරගන්න කිය්ලා දාහක් වැදුම වැදලා එ හැමදේමත් කරලා කොහේදෝ මන්දා ඉන්න කෙල්ලෙක් හන්දා අත් කඩාගෙන ජිවිතේම කලකාන්නි කරගත්තාම එ කෙල්ල එනවද ලඟට..හැමදාම ඉන්න අම්මා තාත්තා තමා එදාටත් ඉන්නේ.. ඉගෙන ගත්තාට මොලේ නැහැ කියන්නේ ඕක තමා..

    ReplyDelete
  23. අනේ අනේ යකෝ ...තොටත් තියෙන්නේ මරු ප්‍රතිපත්ති ඈ....!!! ටිකක් කල් යද්දී රුවනයට මෝඩ කම තේරේවි බන්.උබ වැඩිය හිතන්න එපා.ලිවිල්ල නම් සුපිරි.මම උඹේ පෝස්ට් ඔක්කොම බැලුවා..එළකිරි...

    ReplyDelete
  24. අනේ මන්දා සදරු.ඔයා සෙට් වෙන්නෙම ඔය වගේ වැඩ වලටනෙ.

    පරිස්සමින් වැඩ කරන්න.

    ReplyDelete
  25. උඹටත් කාලෙක ඉඳන් නරක ග්‍රහයෙක්ගේ දෘෂ්ටිය වැටිලා වගේ බන් . . යන යන තැන ගල් වැහි . . ඒත් හොඳ එකෙක්ගේත් බැල්ම තියෙනවා මම හිතන්නේ නැතිනම් මේ බ්ලොග් අවකාශේ දිදුලන තරුවක් වෙන්න ඇහැක් වෙයිද . . ? හෙ හෙ හේ

    ReplyDelete
  26. කිතුලට මල් තියලා වැදපන් බං.........

    ReplyDelete
  27. //සැලුන් එකට යන එන නොයෙක් වර්ගයේ පොමනේරියන් කෙල්ලෝ දිහා බලමින් //

    සහතික ඇත්ත සඳරු අයියේ.යක්කු වගේ ලිප්ස්ටික් ගාලා ගිනි රතු පාටට ඉඳලා මයිල් පිරුණු බූල් බල්ලෝ(ඩියුලක්ස්) වගේ කෙල්ලෝ හිටියම ලස්සනයි කියලනේ හිතන්නේ... මොනා කොරන්නද ඉතින් හැඳිමිට කියලා හිත හදාගන්නවා ඇරෙන්න....

    පොල් මීයාගේ කතාව සාධාරණයි ඒ වුනාට කොහේවත් යන කෙල්ලෙක් නිසා රුවනා උගෙ මුළු ජීවිතේම නාස්ති කරගත්ත එකයි දුක.කෙල්ලෝ ගැන මේ තරම් අත්දැකීම් තියෙන සඳරු අයියා මේ බ්ලොග් එක කියවන්නවත් ඌට පුරුදු කලානම් ඌ මේ මෝඩ වැඩේ කරගන්න එකක් නෑ...

    කතාව නියමෙට ලියලා තියෙනවා අයියේ උපරිමයි.මේ විදියට අත්දැකීම් අකුරු කරන හැටි නම් හිතාගන්න බෑ කිසිම අමාරුවක් නැතිව කියෙවවා වෙනදා වගේ... ජය වේවා

    ReplyDelete
  28. එළ කතාව. කිතුලා ආයිත් උඔලෑ දිහාද ඉන්නේ?

    ReplyDelete
  29. කරොත් එහොම වැඩත් තමා.......

    ReplyDelete
  30. ගෑනු තමයි බං කොල්ලංගේ ජීවිත කන්නේ.කොල්ලො කියන හරක්තත් බෑනෙ ඕක තේරුම් ගන්ඩ.උඹත් ලැජ්ජා නැතුව යනවනෙ එක එකාත ලාම්පු අල්ලන්ඩ. හොඳ වැඩේ බොට.

    ReplyDelete
  31. කිතුලා ආපහු ගමට ආවද? මාතර ගියා කියල කිව්වා මතකයි

    ReplyDelete
  32. මේ ඇත්තටම වුනු දෙයක්ද? මම කිසිවක් නොකියමි. කෙදිනක හෝ හමු වූ විට මගේ ප්‍රශ්න අසමි. එදිනට කියන්න.

    ReplyDelete
  33. ඔය කරල තියෙන්නෙ වැඩේ.
    කොහොම උනත් කෙල්ලො හින්ද මෝඩ වෙන එවුන් ලේසියෙන් හදන්න බෑ මල්ලි.

    කොහොම උනත් කිතුල වගේ යාලුවෙක් ඉන්න එකනං උඹේ පූරුවෙ වාසනාවක්.

    දැන්වත් ඔය වලි වලට පැටලෙන්නෙ නැතිව හිටපිය.

    ReplyDelete
  34. සඳරු කතාව එතරම් රසවත් යැයි නොසිතුනි. නමුත් වෙනදාවගේම ගුටි නොකෑ එක ගැන සතුටුයි

    ReplyDelete
  35. සුද්දෙක්ද කොහොද කියල තියනවනෙ ලව් එකත් හරියට මහත අයට චොකලට් වගේ කියල.
    ඔව් මචං අපේ වයසට ලව් ගෑලපෙන්නෙ නෑහෑ.මමත් ඒකට එකගය්.
    එරංගය නියම වෙලාවට ආවෙ.නෑත්තං ඉතිං සොරි.com තමය්.
    අපරාදෙ බං මට දුක අරු කොහෙවත් යන එකියක් නිසා ඈගිලි දෙක නෑති කරගත්ත එක ගෑන.උබේ වරදක් නෑහෑ සදරු අය්යෙ අපේ එකාගෙ තමය් වෑරෑද්ද.

    ReplyDelete
  36. ඊට පස්සෙ මොකද වෙන්නෙ? මට නම් හිතෙන්නෙ බතලය යකඩ බජාර් එකෙන් හොඩට කාල තමයි නවතින්නෙ.

    ReplyDelete
  37. දැන් රුවන් හොඳින්ද...? තාම ඌ කෙල්ල ගැන හිතනවද...? නැත්තං කෙල්ල දැන් ඌ ගැන හිතනවද...?

    ReplyDelete
  38. ඔයාගෙ හිත දන්නවනේ නරක වැඩක් කරේ කියලා. වැඩිය දුරදිග හිතන්නෙ නැතිව සුලු ලාභයක් වෙනුවෙන් ඔයාගේ ආත්මේ පාවදුන්නා වගේ වැඩක්නෙ. ඉතින් ඔයා ගත්ත සල්ලි වලට හරියන්න ඔයා සල්ලි නොගෙන ඔයගේ කාලෙ යොදවලා දිගටම වියායාම කරවන්න. දකුණු අතින් ලිවීමට පුරුදු කරවන්න. මම දන්න ආච්චි කෙනෙක් ඉන්නවා දකුණු අත පණනැති වූ විට වමතින් ලිවිමට පමනක් නොවේ චිත්‍ර අදින්නත් හුරුවුන. රුවන් මල්ලිගෙ තාත්තට පපොච්චාරනයක් කරලා සමාව අරන් මල්ලිට උදව් වෙන බව කියන්න.

    පොල් මීයා වගේ අයනම් ආශ්‍රයට සුදුසුයැයි නොසිතමි. 1ක් කෙනෙක්ට ගහන්න 5,6 දෙනෙක් එවන පුහු චන්ඩි කල්ලියක සමජිකයෙක් වෙන්න එපා. එය නන්ගිට හොදක් කරන්න ගිහින් මුලු ගමේම එය පතුරපු එකනෙ කලේ. තමන්ගෙ තත්තාගෙ වයසෙ කෙනෙක්ට ගිහින් චන්ඩි කම් පාන්නෙ නම් බයගුල්ලො.

    'අසේවනාච බාලානන්!'

    -අම්බි

    ReplyDelete
  39. මම හිතන්නේ උබට තියෙන්නේ ගුටි කන මූණක්,,ඒකයි යන යන තැන වලිම සෙට් වෙන්නේ,,,කෙල්ලත් එක්ක ඒ සැලුන් එකටම ගිහින් පේශල් එකක් කර ගනින්,,පොඩ්ඩක් මූණ වෙනස් වෙන්නත් එක්ක

    ReplyDelete
  40. අනේ බං උඹ ආයෙත් ගුරි කාලනේ. කලින් කොටසේදී මම කිවුවා උඹ ගුටි කන එකක් නැතුව ඇති කියල. අරුනම් මහා මෝඩ කොල්ලෙක්.

    ReplyDelete
  41. කෙල්ලෙක් නිසා ගෙම්බෙක් වෙන්න එපා කියලා කතාවකුත් තිවනවනේ.. පව් රුවනා.. මොන කරන්න ද ඉතින්...

    ReplyDelete
  42. කලින්ම හිතුන මේක ගුටි කාපු කේස් එකක් කියලා. උඹට වෙන වැඩ තියෙනවා, ඒවා කරගෙන පාඩුවේ හිටපන්... මෙහෙම කියන එක හරි නැහැ.ඒත් රුවන්ගේ ඇඟිල්ලකට වඩා උඹගේ ඇඟිල්ලක් වටිනවා..

    ReplyDelete
  43. ඒ සඳරු අයියේ සිරා කතාව ඈ....
    ඉගෙන ගත්ත උං ලව් කරන්න ගියාම ඇදගෙන නානවනං තමා..

    ReplyDelete
  44. මම හිතන්නේ මේ වගේ දේවල් සඳරු අයියව හොයාගෙන පස්සෙන්ම එනවද කොහෙද???
    මදැයි ඔයිංවත් ගියා

    ReplyDelete
  45. අනේ මන්දා මල්ලියෙ උඹ සිකුරා කොහාටද මන්දා මාරු වෙලා තියෙන්නෙ ? ගුටි කන්ඩ සීන් නම් සෙට් වෙනවා අම්බානකට..හැබැයි කතාවෙ හරය නම් සුපිරි..

    ReplyDelete
  46. පව් තමයි . මෝඩ ළමයෙක් . ඔය වෙලාවලදී ඕව තේරෙන්නේ නැහැ ඉතින් .

    ReplyDelete
  47. මගෙ බොක්ක සඳරු..........මට පේන විදිහට නම් මේකේ හතරවෙනි කොටසකුත් එන්න තියනවා වගේ......බතල මල්ලිගේ අප්ඩේට්ස් ටිකක් පස්සේ බලාපොරොත්තු වෙනවා.ඔය කෙල්ල අතාරින එක හොඳයි.....ඒත් යකඩ බජාර් එකට තවත් රජකම් කරන්න දෙන්නේ ඇයි බං?උඹට මතකනේ උං හින්දා එක වංගියක් උඹට වෙච්ච දේ....අපි මේක ඉවරයක් කරමු.මමත් සෙට් එකක් අරන් එන්නං....උඹ කිතුලවයි තව දෙතුන් දෙනකුයි සෙට් කරගනිං...ලොවෙත් නෙලමු.......

    ReplyDelete
  48. රැවන් ඉන්න වයසෙ කොල්ලෙක් කෙල්ලෙක් පස්සේ වැටුනහම වෙනදේ මම හොදට දන්නවා.
    මමත් ඔය රැවන් වගේ කෙල්ලෙක් හින්දා පිස්සු නැටුවා.
    රැවන්ගේ සහ මගේ වෙනස ඒ කෙල්ල සහ මම ලව් කරපු එක විතරයි,
    පස්සේ ඒකි මට කොකා පෙන්නුවා.
    එදා ඒ සම්බන්දය පටන් නොගන්ඩ මම අද හොද තැනක ඉන්නවා.

    රැවන්ගේ අතේ ඇගිලි ගැන කියන්ඩ තියෙන්නේ මෙච්චරයි.
    ඇගිළි දෙකක් නැති අතකින් වැඩ කරන්ඩ හරිම අමාරැයි.
    මම මූසිකය(මවුස්එක)අල්ලන්නෙත් අමාරැවෙන්.

    ReplyDelete
  49. සඳරු අයියගේ ලිවිල්ල කියවන උන් පිස්සුවට්ටනවා. ආයේ කතා දෙකක් නෑ.

    කාලයාගේ අවෑමෙන් ඔය ඔක්කොම අමතක වෙලා යාවි සඳරු අයියේ.

    ReplyDelete
  50. රුවන් වගේ එකෙක්ට උඹ වගේ අයියා හැමදේටම උදව් කරන අයියා කෙනෙක් හම්බුන එකෙනුත් ඌ වාසනා වන්තෙක් බං.

    ආදරයේදී කොල්ලෝ ගොඩක් සීරියස් ගන්නවා ඒකයි එකපාරට ආදරේ නවත්වන්න අමාරු.අනේ මන්දා මොනා වුනත් කොල්ලා පව්.

    ReplyDelete
  51. අනේ මන්දා බං ඔය කාලේ ඔළුවට ගහන බඩු සීන්.... එක අතකින් සුන්දරයි, තව අතකින් ත්‍රාසජනකයි....! ඔය වගේ අත්දැකීම් ජීවිතේට එකතු කරගන්න එක කොච්චර හොඳද.....! අපේ වගේ වයසට ඇවිල්ලා දරු මල්ලො එක්ක ගත කරන අවිවේකී ජීවිතයකදි ආපස්සට හැරිලා ආවර්ජනය කරනකොට හරිම සුන්දර හැඟීමක් තමයි ඇති වෙන්නෙ.....!

    ReplyDelete
  52. නොහිතපු විදිහේ අවසානයක් සදරුවෝ.. බලාගෙන යද්දි කරන්න ගත්තු වැඩ දෙකෙන් එකක්වත් කෙරිලා නෑ.. ආදරේ හැටි ඔහොමයි කියලවත් හිත හදාගමු සදරුවෝ..

    ReplyDelete
  53. රුවනය මහ හරකෙක්නෙ...

    ReplyDelete
  54. ලගදි වෙච්ච සීන් එකක වගේ... ඒ කියන්නෙ කිතුල ආයෙ ඇවිල්ල... මම ඌට කෝල් කරා මේක කියවල ආන්සර් කරේ නෑ..

    ReplyDelete
  55. මේක තමයි මම හිස් අහසෙ කියවපු ලස්සනම කතාව.

    අපි හැමෝම සල්ලි ඉස්සරහ බලු වෙනවා මචෝ..අගහිඟ කම් එනකොට මොකක් කරලා හරි ඒවා පියව ගන්ඩ තමා හැමෝම දගලන්නෙ..

    ගනන් ගන්ඩ එපා.. මෙතන උඹේ වැරැද්දක් නෑ...ඕක කවදා නමුත් පත්තු වෙන්ඩ තිබුන ගින්නක්.

    ReplyDelete
  56. ඇයි සඳරුවෝ උඹ නහයෙන් එහාට හිතන්නෙ නැත්තෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
  57. පරිස්සමෙන් හිටු. රාවන සිද්ධම් .

    ReplyDelete
  58. බලපන් සල්ලි වලට කරන්න පුළුවන් හරිය
    සල්ලි කියන්නෙ හැමදේම නෙමෙයි කියන්නෙ පරණ කතාවක්
    දැන් සල්ලි කියන්නෙ හැමදේම තමයි

    ReplyDelete
  59. අත්තානං උපමං කත්වා :)

    ReplyDelete
  60. අනේ බං... මම හිතුවා ඔය ටික. දැන්වත් ඔවෑයෙන් පාඩමක් ඉගෙනගනින්.

    ReplyDelete
  61. ඉදිරියට උඹට ඔයිට වඩා කල්පනා කරන්න වෙයි බන් දෙයක් කරන්න කලින්. ගොඩක් වෙලාවට අපි කරන සුළු දේක ප්‍රතිඵලය මහා ලොකු දෙයක්. මුලු කැලයක් අළු කරන්න එක ගිනි පුපුරකට ඇහැකි කියනවනේ.
    ලිවිල්ල ගැන නම් කියන්න දෙයක් නැහැ.... සුපිරි හතයි

    අහින්සක අ.පේ.

    ReplyDelete
  62. අඩෝ පොල් මීයා සුපිරි කකුලක් නේ...හැබැයි සීන් ඒකට උබට වැරද්දක් කියන්න බෑ අරූ ඉල්ලගෙන කන ඒවාට උඹ මක් කොරන්නද ?

    ReplyDelete
  63. අද උදේ වැඩට යමින් ගමන් රීඩරේ ඔබාගෙන කියව කියව ගියේ මේ බ්ලොග් එක. කොටස් තුනම එකටයි කියෙව්වේ.

    සඳරු ලියන විදිහ දවසින් දවසම ඩිවලොප් වෙනවා කියලයි මට නම් හිතෙන්නේ. මේ කතාව කියවලා ඉවර වෙද්දි මගේ හිත අස්සේ ඉබේම අම්පාරේ ඈත කෙලවරේ කුඹුරු අයිනේ පට්ට රශ්නේ චිත්‍ර ඇඬෙමින් තිබුනා. උඹ නම් සුපිරි ලියන්නෙක් මල්ලි.

    ReplyDelete
  64. මේකෙන් හොඳ නව කතාවක් ලියන්න පුලුවන්නෙ..

    ReplyDelete
  65. දැන් කොහොමද බන් "රුවන් " ට..!! මොනා කලත් පව් බන්..!!

    ReplyDelete
  66. කිතුලනම් ඔයාට හරිම හිතවත් යාලුවෙක් බව පේනවා . පරිස්සමින් සඳරූ .
    …
    …ඔයා මේ කියන විස්තරවල හැටියට ඔයාගේ ගම ගැන හරි අපූරු විස්තරයක් හිතේ මැවෙනවා.

    ReplyDelete
  67. කිතුල නම් පට්ට යාළුවෙක් බං. බලපන් වලිය වෙලාවේ සපෝර්ට් එකට ආපු එකාම, වලිය සමාදාන කරන්නත් සපෝර්ට් කරලා. බලාගෙන යනකොට පොල් මීය කියන කතාවත් ඇත්තනේ බං. ඔතන වැරැද්ද උඹේ වත් පොල් මීය ගේ වත් නෙවෙයි. අවුල තියෙන්නේ රුවන් ගේ ගොන් කමෙ.

    ReplyDelete
  68. සදරැවා ආයෙත් කෑවද..... උඹ පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.. හැමදාම අනුන්ගෙ කේස් වලට ගිහින් විහින් කන්නෙ

    රැවන් මල්ලි දුන්නු 7000/- දිපන් ඔය යකඩ බජාර් එක අතුගාලම දෙන්නම්........ වෙලාවක කාමරේ පැත්තෙ ආවොත් හොදා.... ජය!

    ReplyDelete
  69. කාලෙකට පස්සේ කියෙව්වා.........

    රුවන්ට දැන් කොහොමද???? අතින් ලියන්න බැරිද තාම????

    ReplyDelete
  70. උඹ කිසි ගේමක් නැතුව හිතෙන දේවල් ලියන හැටි අදහන්න වටිනවා බං.. පට්ටයි. :)

    ReplyDelete
  71. awit tiyana post walin hitagana puluwan neda uba apy kiyana hagima hamotma danila.
    "ubata wada ubwa watiny apita"
    idala hitala oyawage natnam jewity eka tana.
    Jayawewa..
    Sajith

    ReplyDelete
  72. ශෝයි කතාව....(අරූනං මහ හරක් පැටියෙක්)
    අර කිතුලා ආයිත් ගමට ආවද බං?

    ReplyDelete
  73. සඳරුට වැරැද්දක් වුනා කියලා හිතුනට මට නම් එහෙම හිතුනෙ නෑ..රුවන්ගෙත් මෙතන චරිතයක් තියනවනේ..

    ඒත් හැමදේම ගිනිවතුරවලටයි වලිවලටයි විසඳන්න දෙන එක නම් වැරදියි

    ReplyDelete
  74. ඔයින් ගියා මදැයි ....... මේ ලගදී කෑවේ ඕකට එහෙනම් ......

    ReplyDelete
  75. සඳරු.. මනුස්සයෙකුගේ ශාරීරික අඩුපාඩුවක් නිසා වැඩිදෙනෙක් අතරේ ජනප්රියවන නමක් දාල මේ කතාව නොලිවුවත් උඹේ කතා මිනිස්සු කියවනවා. කතාවේ යමක් නොතිබුනත් උඹේ ලියන අව්‍යාජ කලාව හින්දා කියවන්න රසයි.. උඹ මගේ බ්ලොග් එක පළාතේ ඇහැ නොදැම්මත් මං උඹේ කතා කියවල මොනවාහරි ලියනවා.. අඩුපාඩුවක් උලුප්පලා නමක් හදලා අපහාස කරනකොට ඒකෙ වේදනාව දැනෙන්නේ අඩුපාඩුව තියෙන කෙනාටයි.. ඔන්න උඹටත් එහෙම අඩුපාඩුවක් තිබිලා මිනිස්සු නම් හදලා තිබුනොත් තේරේවි.. මේ වගේ මිනිස්සු සමාජෙන් කොන්වෙන්නේ ඔහොමයි.. අෆොයි උඹ එකට සම්මාදම් වෙන්න එපා.. ඔන්න මං කෙලින්ම කිවුවා. ඒ මගේ හැටි.. වැරැද්ද දැක්කාම අහක බලන් ගුණ වර්ණනා කරන්න මට බැහැ..

    ReplyDelete
  76. රුවන් ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නා. ගමේ උන් උඹව බයිට් එකට ගත්තත් නැතත් උඹේ හිත දන්නවනේ කේස් එකට උඹත් සම්මාදන් කියලා. අනේ මන්දා උඹටත් වෙන වැඩ.

    ReplyDelete
  77. උඹ හැම රෙද්දටම බෝතලේ ඇදල ගන්න එක තමයි බං වැරැද්ද! ගින්දර කතාව! උඹ දවසක විනාශ වෙන්නෙ සල්ලි + ගිනි වතුර නිසා! සල්ලි වලට වහල් වෙන්න එපා! ගිනි වතුරින් ඈත් වෙයන්!

    ReplyDelete
  78. කොටස් 3 ම එක පාර කියෙව්වේ ... උබටත් වෙන්නේ ඔය වගේම වැඩ නේද?, ඔය යකඩ බජාර් එක වලි වලට සෙට් වෙන්නේ අතින් පයින් විතරද බං .. දැන් ගොඩක් උන් ආයුද සන්නද්දව එන නිසා .. වලි වලට පැටලෙන එක හරි අවදානම් ...පරිස්සමින් කොල්ලෝ..

    කතාව ලස්සනට ලියල තියෙනවා
    ජය..

    ReplyDelete
  79. මට නිකමට වගේ හිතුන සීන් එකේ අන්තිමට උඹ අම්බානක ගුටි කයි කියලා... දැන්වත් ඔය අහක යන නයි කලිසම අස්සේ දාගන්න නැතුව හිටපන්... උඹට කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ...
    ටිකක් හිතපන්.. උඹ ගුටි කනකොට උඹේ කෙල්ලට මොනවා හිතෙන්ඩ ඇද්ද.. උඹ ගෙදර ගිහින් තුවාල වලට බෙහෙත් ගානකොට අම්මට කොච්චර දුක හිතෙන්ඩ ඇද්ද...
    දැන්වත් ඔය කුණුගොඩවල් වලට කර නොගහ හිටපන්....
    හැබැයි..... "එල කතාව"

    ReplyDelete
  80. මම තාත්ත කෙනෙක් නම උබව ඇම්ගේ දරුවන්ට ආශ්‍රය කරන්න දෙන්නේ නෙහෙ !. ඒ එය කියල උබ තාත්ත කෙනෙක් වුණාම තෙරෙය්!. සල්ලිය් මත වතුරය් අමතක කරලා හොද මිනිහෙක් වෙන්න බලපන් !

    ReplyDelete
  81. අයියෝ බතලයා :පි

    ReplyDelete
  82. හරිම ගෝත්‍රික සමාජයක නේද අපි ඉන්නේ!

    ReplyDelete
  83. කතාව අවසානේ දුක හිතෙනවා මල්ලී.....ලස්සනට ලියලා තියෙන හින්දයි මෙතරම් දැනෙන්නේ...

    ReplyDelete
  84. ඇත්තටම මොනවා කියන්නද කියල හිත ගන්න බෑ.
    LA

    ReplyDelete
  85. sadaruwa bokkatama liyala thiyanawa... fattay

    ReplyDelete
  86. පව් අප්පා රුවන්..පට්ට කතාව..දුක හිතෙන කතාවක් අනේ..

    ReplyDelete
  87. @ගිහාන් = ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @Anonymous = සහභාගිත්වය නේ වැදගත්
    .............................................................................................................................
    @අහවලා =අද ඊයේ හිතේ උපන්න ලවක් වෙනුවෙන් මවුපියන්ට දුක් දීම නම් වැරදියි තමා ..
    .............................................................................................................................
    @blacky gamage = ඇඟිල්ලක් වුණත් ආයේ වැවෙන්නේ නෑ නේ ඌට පස්සේ තේරෙයි !!
    .............................................................................................................................
    @අඩවි රජ = මේ සත්‍ය කතාවක් බොල
    .............................................................................................................................
    @විමුක්ති = මට උඹගේ පෝස්ට් එක බලන්න එන්න වෙන්නේ ඕං අද තමයි
    .............................................................................................................................
    @Raj = ඩේලි බොන එක නැවැත්තුවා දැන් මත් පැන බොන්නේ නොබීම බැරි මොහොතක පමනයි අයියා
    .............................................................................................................................
    @Anonymous12.37 =අනේ මචෝ කලු අක්කට නම් එන්ඩ කියන්ඩෙපා !!
    .............................................................................................................................
    @Anonymous 12.39= ඇයි අනේ කොන්ඩේ අමුතු විදිහට හදාපුහාම මට ගෑනු ළමයිව පේන්නේ නිකම් බූල් ගොඩාක් වැවුන පොමනේරියන් බවුවෙක් වගේ ඒකයි ඒම කීවේ :)
    .............................................................................................................................
    @වී පොකුර = මමත් ඒක ඇහුවා එයා ඒ වෙලාවේ කොන්ඩේ හදමින් ඉඳලා තියෙන්නේ ඒකයි !
    .............................................................................................................................
    @රාජ් = මේක සිද්ද වුණේ මේ ඊයේ පෙරේදා ? අයියේ
    .............................................................................................................................
    @රොබින් = ඊට පස්සේ වෙච්ච දේවල් ගොඩක් තිබුණත් ඒවා කියන්න හිත දෙන්නේ නෑ මචෝ
    .............................................................................................................................
    @සඳූ= අතින් පයින් සග්‍රහ කරනවාට වඩා කෑමක් නම් සෙට් වුණා කීවොත් හරි නඟා
    .............................................................................................................................
    @The Modern Patriot = ලොකු කමකට කීවා නෙවේ මචෝ මට වෙච්ච දේ ලියාදාන එක මට දැන් පුරුද්දක් වෙලා . ඒකයි
    .............................................................................................................................
    @X-Porter = හාංචිපයිස් ගහලා කියන්නේ නිකම් හුදකලා වෙලා වගේ
    .............................................................................................................................
    @Prabath = කිතුලා ගාල්ලේ ගියා ඌ ආයේ ආවා . පොල් මීයා හරි කියලා මටත් එවේලේ හිතුණා .
    .............................................................................................................................
    @පිණිබිඳු = මම යන්නේ නෑ බං වලි මාව හොයාගෙන එනවා මෙහෙම උන්නට මමත් බයයි
    .............................................................................................................................
    @Sajith Lab = මම ඌට වැන්ඳේ නැති ටික විතරයි බොලේ . ඒත් මට ඌව හදන්න බැරි වුණා .
    .............................................................................................................................
    @නිම්ශා = ස්තුතියි නඟා දිගටම මේ කතාව කියෙවුවට . අකරතැබ්බක් වෙච්ච දාට දෙමවුපියො ඇරෙන්න වෙන කවුද ඉන්නේ ..

    ReplyDelete
  88. @අලුත් බුවා = ස්තුතියි අලුත් බුවෝ . උද්දමනයත් එක්ක ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා නේ
    .............................................................................................................................
    @නිසූපා = ස්තුතියි නිසූ . මගේ අපලේ තමා
    .............................................................................................................................
    @දුකා = ස්තුතියි දුකා අයියා . කේන්දරේ නම් බලෝගන්න ඕනෙ තමා .
    .............................................................................................................................
    @Pajero=ඌ මල් පාවිච්චියක් නෑ බං . ඌ මත් පැන් විතරයි
    .............................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = ස්තුතියි ගැමියා මලේ මගේ කතාව දිගටම කියෝගෙන ගියාටත් වර්ණනා කලාටත් . ජීවිතේ වටිනාකම රුවනට තාම තේරෙන්නේ නෑ ඒකයි
    .............................................................................................................................
    @චරිත = ඌ පොසොන් එකට ආයෙමත් අම්පාරේ ආවා . පෙරේදා විතර ආයෙමත් ගාලු ගියා ලබන මාසේ දිහාවට වගේ ආයෙමත් ඒවි නවතින්නම
    .............................................................................................................................
    @සොඳුරු සිත = දෛවය තමා අක්කේ කෝකටත් හරහට ඉන්නේ
    .............................................................................................................................
    @දිනුක = එහෙම කියන්ඩම එපා බං උද්දමනය එන්න එන්න වැඩි වෙනකොට කවුරුත් හදන්නේ ගානක් හොයාගෙන දිවිගෙවන්න මේ මම වගේ
    .............................................................................................................................
    @Subha = කිතුලා ගාල්ලේ . ඌ ටික දවසක් මෙහේ ඉඳලා ආයෙමත් ගියා ලඟදිම ආයේ එවි
    .............................................................................................................................
    @ඇත්තටම වෙච්ච දෙයක් වෙද මාමේ මම මේ ගැන ඔබට විස්තරේ දෙන්නම් හෙට අනිද්දා දිහාවට
    .............................................................................................................................
    @Praසන්ன = වලි වලට පැටලෙන්න මමත් හෙනම බයයි බං මොකටද බොරු කියන්නේ . වලියක් ආවොත් මම අනිවා කාලා තමා ඒක නිම වෙන්නේ . කිතුලා ඉතින් මගේ බොක ෆිට් එක නේ
    .............................................................................................................................
    @ඊ මේල් කවිකාරි = ගුටි නම් කෑවා අක්කේ .
    .............................................................................................................................
    @Akash tharinda = ඔය වයසට ලවු කලාට අවුලක් නෑ කියලා අපිත් හිතුවා බං ඒත් නිසි කල නිසු ඔසු ලැබ කියලා කතාවක් තියනවා නේ බං . සමහරුන්ට නම් ලෝකේ කාලා ඕනෙ ගැටයක් ගහලා බේරිලා ආ හැකි ඒත් සමහර පොඩි උං ජීවිතේ අනාගන්නවා
    .............................................................................................................................
    @dilu = යකඩ බජාර් එකේ අය රුවන්ට ගැහුවේ නම් නෑ
    .............................................................................................................................
    @prasanna86k = රුවන් දැන් ඇඟිලි ගැන හිතනවා කෙල්ල ඉගෙනීම ගැන හිතනවා . මම තමා
    .............................................................................................................................
    @අම්බි = මම නොකීවත් සීන් එක දැන් ගමේ බාගයක්ම දන්නවා . ආයේ රුවන් හම්බුවෙන්න යන්න නම් මට බෑ වගේ . උගේ තුවාල හොඳ වෙනතුරු ආයේ ව්‍යායාම කරන්න තබා ඒ අතින් යමක් ඔසවන්නවත් බැරි වේවි . මම හිතාගත්තා ඌට උදවුවක් ඕනෙ වුනෝතින් මෙදා පාර ඒක හරියට කරන බවට
    .............................................................................................................................
    @ItalyDilan = මොන ෆේෂල්ද බං මට මගේ මූන හරිගස්සන්න නම් වෙනම එකක් හදන්න වෙයි සුබාවික කංසා කොල දාපු ෆේෂල් එකක් වගේ !

    ReplyDelete
  89. @අසරණයා = ගුටි කෑවා හා සමානව මාත් එකක් හෝ දෙකක් දුන්න හැබැයි
    .............................................................................................................................
    @මල්සරා = කෙල්ලෙක් නිසා නෙවේ වෙන මොකක්ද එකක් නිසා නේද ගෙම්බෙක් වෙන්න එපා කියන්නේ ?
    .............................................................................................................................
    @ඉඳුනිල් = අපි කාට කාටත් මේ වගේ හෝ මීට සමාන දේවල් සෙට් වෙනවා බං දෛවයෙන් කොහොමද අපි ගැලවෙන්නේ
    .............................................................................................................................
    @තරියා අබේ = කියලා වැඩක් නෑ අබේ . ඔය වැඩ දෙකම හරියට කරන්න දන්න උන් ඉන්නේ අතලොස්සක්
    .............................................................................................................................
    @Pramudi = දෛවය තමා යාළු මගේ දෛවයේ ලියවිලා තියන දේ තමා මේ මට සෙට් වෙන්නේ
    .............................................................................................................................
    @Weni = ගුටි කෑවත් මොකෝ වෙනි අයියා . ඒක නෙවේ උඹ දැන් එන්න එන්නම ගැජට් බුවෙක් වෙනවා වැඩියි වගේ . තව ටික කාලෙකින් රොබෝ කෙනෙක් වේවිද මන්දා
    .............................................................................................................................
    @Bindi = මොනා කරන්නද අක්කණ්ඩි
    .............................................................................................................................
    @A.Wickz = නගරාධිපති වෙච්ච අපේ මාමගේ පුතා පවා කාලයක් ඔය යකඩ බජාර් එක පස්සේ එලෙවුවා ඒත් වැඩක් වුණේ නෑ බං උන්ට අපි බයයි . උඹත් බය වෙයන්
    .............................................................................................................................
    @අටමර්පහුර = උඹගෙත් අතේ ඇඟිලි දෙකක් අඩුද බං , ? මොනා වෙලාද යමක් තියනකම් ඒකේ අගේ නෑ නේ කාටවත්
    .............................................................................................................................
    @පැතුම් [සිතුම් පැතුම්] = ස්තුතියි මචෝ කියවලා සප් එකක් දුන්නට
    .............................................................................................................................
    @මඩිස්සලේ නිශාන් = ආදරේ කරන්නත් බං අහවල් එක විතරක් ලොකු වුණාට මදි වයස එනකම් ඉන්නත් ඕනෙ
    .............................................................................................................................
    @දුමී = ළමයින්ට කියන්න නම් කතා දැන් මට තියනවා දුමී අයියේ උඹටත් වඩා . නාකි වුණාට පස්සේ මේ කතා මතක් කර කර හීනියට අඩියක් ගහන්නත් හැකි වෙයිනේ
    .............................................................................................................................
    @Dinesh = ඒක තමා අයියේ ආදරේ වැරදුනොත් වෙන්නේ මේ වගේ එවුවා තමා
    .............................................................................................................................
    @ඉන්ද්‍රජිත් = හ්ම් පොඩි එකානේ බං
    .............................................................................................................................
    @පොඩි මෑන් = ඌ දැන් නම් ඉන්නේ ගාල්ලේ පහුගිය පොසොන් සතියෙම ඌ මෙහේ තමා උන්නේ ආයේ ලබන මාසේ ඉඳන් මෙහේ පදිංචියටම එනවා කීවේ
    .............................................................................................................................
    @සෙන්නා = ස්තුතියි සෙන්නා සල්ලි කියන්නේ කාටත් වටින දෙයක් බං කවුද අකමැති සල්ලි වලට
    .............................................................................................................................
    @Dude = අනේ මන්දා බං මම ලඟ බලනවා වැඩියි වගේ

    ReplyDelete
  90. @rawana = ඒ කීවේ ?
    .............................................................................................................................
    @රැඩිකල් කොල්ලා = සහතික ඇත්ත බං සල්ලි නැත්තං මොකුත් නෑ
    .............................................................................................................................
    @Hasitha = තේරුම නම් මම නොදනිමි මචෝ
    .............................................................................................................................
    @ක්සැන්ඩර් = වෙන්න තියන දේ කාටත් වලක්වන්න බෑ නේ බං
    .............................................................................................................................
    @Nalin Manoj = කල්පනා කරනවා බං ඒත් අපි කවුරුත් කොර වෙන වෙලාවල් තියනවා නේ ඒ වෙලාවට බෙල්ල ගහලා ගියත් දෙයක් කරනවා වැඩිය නොහිතා
    .............................................................................................................................
    @මානවක = ඒක ඇත්ත බං මමත් දැන් එහෙමයි හිතාන ඉන්නේ
    .............................................................................................................................
    @Il mondo di una povera pazza = ස්තුතියි යාලු ලියන විදිහ නම් ඒ විදිහමයි කියලයි හිතෙන්නෙම ඒත් ඔයාලට හොඳක් දැනෙනවා කියන්නේ ඒක මට සතුටක් ගේනවා කියන එකයි .
    .............................................................................................................................
    @Anonymous = මේක ගැන නව කතා ලියලා ගමේ වසන්න බෑ මචං
    .............................................................................................................................
    @පොඩ්ඩා =දැන් නම් ගෙදර ඉන්නවා අමාරුවක් නෑ තාම විසේ නම් එහෙම්මයි
    .............................................................................................................................
    @Gimhani = කිතුලා ඉතින් එක වසරේ ඉඳන්ම මට උන්නු බොක්කක් අක්කේ මගේ ගම ගැන නම් කියලා ලියලා ඉවර කරන්න බෑ ඔන්න මම ෆොටෝ වගයකුත් දැම්මා
    .............................................................................................................................
    @Pisakkaatuwa = රුවන් තාම පොඩි එකානෙව ඌට දැනුම තේරුම ඉහට ගහනකොට ඌ හිතයි අපරාදේ මම අර ඒ කාලේ කරේ මොන තරම් හරක් වැඩද කියලා
    .............................................................................................................................
    @සිරාගේ කාමරේ = කාමරේ පැත්තේ එන්න සිරාගේ ලිපිණය දුන්නානම් නම උඩ ක්ලික් කලාට සිරාගේ සයිට් එකට යන්න බෑ
    .............................................................................................................................
    @හා පැටික්කි = කොහෙ ලියන්නද හාවි ලියන්න තියා තාම ඒ අතින් ෆෝන් එකක්වත් අල්ලගන්න බෑ
    .............................................................................................................................
    @රවින් =ස්තුතියි බං
    .............................................................................................................................
    @Sajith = ජය වේවා මචං උඹලාගේ කමෙන්ට් එකත් මට රටක් වටිනවා නෙව
    .............................................................................................................................
    @uwiniran = කිතුලා පහුගිය පොසොන් සමයේම හිටියේ මේ පැත්තේ දැන්නම් ආයේ ගමට ගිහිල්ලා . ඒත් ලබන මාසෙ දිහාට මේ පලාතට එනවා කියලා කීවේ

    ReplyDelete
  91. @රූ = කවුරුත් වැරදි නෑ රූ කාට කාටත් වරදිනවා මට හිතෙන්නේ එහෙමයි . ගිනි වතුර වලට නම් මොකුත් කියන්නෙපා ඕං :)
    .............................................................................................................................
    @Harshana = අපි කෑවේ නෑ අයියා . ඔයාට මම සීන් එක කියන්නම්
    .............................................................................................................................
    @සරත් ලංකාප්‍රිය = මේ දවස් වල මගේ නෙට් කනෙක්‍ෂන් එක කපලා දාලා නිසා මගේ බ්ලොග් එකටත් එන්න වෙන්නේ අනුන්ගේ ඩොංගල් දන්ඩකින් අයියේ ඒක නිසා මට වැඩිය බ්ලොග් බලන්න එන්න වෙන්නේ නෑ උඹගේ බ්ලොග් එක මම කෝමත් කැමති බ්ලොග් එකක් බං . ස්තුතියි
    .............................................................................................................................
    @රෙපා = මමත් ටිකක් සම්මාදම් තමයි බං ඒත් මම ඒ වෙලේ කල දෙයට දැන් හිත දොස් කියනවා අඩුයි
    .............................................................................................................................
    @මාධව = බෝතලේ ඇදලා ගන්න එක දැන් ගොඩාක් දුරට අඩු වෙලා බං යාලුවෙක් දෙන්නෙක් කතා කලොත් තමයි අපි යාන්තමට බෝතලේ වටා එකමුතු වෙන්නේ . මද පමනට
    .............................................................................................................................
    @chami4u= නෑ යකඩ බජාර් බුවාලා ගාව චේන් නකල් සහ ස්පැනර් තියනවා ඒත් මගෙ වාසනාවට මට එයිං එකකින් වැදුන්නෑ . පංචායුද කුමාරයා ආවත් උං ඌටත් ගහයි බං
    .............................................................................................................................
    @saumiya = අම්මට කීවේ අත උඩට පරිගණකයක් වැටුනා ඉතින් තුවාල වුණා කියලා කෙල්ලට නම් දවස් දෙකක් තිස්සේ අලගිය මුල ගිය තැන ඉඳන්ම කියන්න සිද්ද වුණා බං
    .............................................................................................................................
    @Anonymous = සොරි වෙයං බං
    .............................................................................................................................
    @වර්ණා = පවු අනේ අර පොඩි එකා
    .............................................................................................................................
    @කතන්දර = කාලයත් එක්ක හැම දේම විසඳේවි කකා
    .............................................................................................................................
    @දම්මි = ස්තුතියි දම්මි අක්කේ
    .............................................................................................................................
    @LA = මුකුත් කියන්නෙපා මට හිතේ තියන දේ තේරෙනවා
    .............................................................................................................................
    @Rayan Amarasekara = ස්තුතියි බං .
    .............................................................................................................................
    @@Anonymous = ස්තුතියි ඇනෝ ආවට කියෙවුවට

    ReplyDelete
  92. hemadaama hisahasata evith balala horen giyath ada nam mona hari kiyannama oni kiyalai hithune. mm blog 1 beluwa godak kaalayak idala.hari lassanata liynawa.mokada saho hithenne nedda pothak ehema liyanna?

    ReplyDelete
  93. මට පෙනෙන විදියට මේ සිද්ධියට සම්බන්ධ සියළුම දෙනා අහිංසකයි.

    සඳරු : රෑකියා කරන වයසේ පෙම්වතෙක්ට ආර්ථිකය පැත්තෙන් මුහුණ දෙන අපහසුතා. එහෙත් පාට් ටයිම් වැඩ ටිකක් කලානම් හොඳ නැද්ද ? අපි හොයන සල්ලි සාධාරණ ක්‍රමයක්ට හොයා ගන්න ඕනේ.

    රුවන් : හිතකට ආදරයක් ආවාම කිසිම කෙනෙකුට තමා කවුද, ආදරය කරන අනිත් කෙනා කවුද කියලා පෙන්නේ නෑ. මට හරියන්නේ එයාම තමයි කියල හිතනවා. එතනදි උස්-මිටි,තරබාරු-කෙසඟ,බාල-මහළු බේද දැනෙන්නේ නෑ. මෙතන වෙලා තියෙන්නේ ඒක අමාලිට දැනිලා තියෙනවා. රුවන්ගේ හැසිරීම ගමකට ගැලපෙන්නේ නෑ. එය නගරයට අරුමයක් නොවුනාට ගම්වලට මේ වගේ දේවල ප්‍රවෘත්ති මවන දේවල්.

    අමාලි : ඇය තුල ඇති හැඟීම් යටපත් කරගන්නේ තමන්ගේ සහෝදරයාට තියෙන බයට. ඉතිං මේ වගේ කෙනෙක් ඒ දේ අභිබවා යන්න ආවාම ඇගේ ආරක්ෂාවට ඇය ඉස්සර වී තිබෙනවා.

    තිලකේ අයියා : තමන්ගේ දරුවා වෙනුවෙන් ඔහු කරන පරිත්‍යාග සියල්ල වතුරේ වැටුනත්, දරු-දුක කියන එක කිසිදා නොසිඳෙන ලිඳක් වගේ කියල මම අත්දැකීමෙන්ම දන්නවා. ඔහු කෙතරම් අහිංසකයිද.

    පොල් මීයා : කාටවත් නොපෙනුනත් පොල් මීයාත් අහිංසකයි. තමා පත් වී තිබෙන තත්වය වැරදි බව ඔහු පිලි ගනී. තම නැගනියට වචනයක් පට බැඳේ යන බියෙන ඔහු මේ සියල්ල කරයි. ඔහු මෙතන චංඩියෙකුට වඩා අහිංසකයෙක් බව මට පෙනේ. ගමේ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ නොකොට ඊට අනුගත වන්නට ඔහු දරන වෑයමෙන් එය ඉස්මතු වේ.

    සඳරුගේ පෙම්වතිය : ග්‍රාමීය සමාජ ක්‍රමය තුල තම පෙම්වතාට අකටයුත්තක් වත්දීවත් ඉදිරිපත් නොවන්නේ ආදරයෙහි අඩුවක් නිසා නොව ඉන් පසුව සිදු විය හැකි කතා මාලාවන් තුල අසරණ වන්නට වන බැවිනි. ඇය බිරිඳ වූවානම් මීට හාත්පසින් විරුද්ධ දෙයක වන්නට ඉඩ ඇත. ඇය සිටි තැන ඊට වඩා භායානකය, ඇය ඉදිරිපත් වූවානම අර පොමනේරියන් සමාජය තුල ඇය අසරණ වනු ඇත. ඇය මැදට පැන්නත් එම ප්‍රහාරය නොනවතිනු ඇත. ඇය කල හැකි හොඳම දේ සිදු කර ඇත.

    කිතුලා : අව්‍යාජ මිතුරෙකි. තම ජීවිතයද අණතුරේ දමාගෙන තම මිතුරා වෙනුවෙන ඉදිරිපත් වී ඇත. ඔහුද අහිංසකයෙකි. ඔහු සඳරුට මෙන්ම බ්ලොග් කියවන අපිටද ඉතා වැදගත්ය.

    ReplyDelete
  94. සදරු අයියේ ඉරිදා පත්තරේක කතාවක් යටින් ලියපු කෙනා විදිහට ඔයා ගේ නම තියෙන දවස වැඩි ඈතක නැහැ.. ඔයාට හරියන්නේ ලිවිම නැතුව පරිගණක ඉගැන්වීම නෙමෙමෙයි.. ඔයා අම්පාරේ ඉදන් ලියන කතා මුළු ලෝකෙම ප්‍රසිද්දයි කමෙන්ට්ස් 93 කියන්නේ සුළුපටු ගානක්ද? ඇති විශිෂ්ටයි!!!

    ReplyDelete
  95. සඳරු කතාව මුල ඉඳන්ම කියෙව්වා, හිතා ගන්න බෑ මේක උබේ කතාවක්ද එහෙමත් නැත්නම් ගොතපු කතාවක්ද කියල , එත් මගේ හිත උබ ගැන දොස් කියනවා බන්. , උබ වගේම මමත් සල්ලි වලට ආසයි , මටත් අඩුවෙන්ම් තියෙන්නේ සල්ලි (කොච්චර තිබුනත් නෑ), එත් සල්ලි නිසා මිනිස්සුන්ගේ හැගීම් එක්ක , ජිවිත එක්ක සෙල්ලම් කරන එක වැරදි මචන්, එහෙම කරනවානම් කුඩු විකුණන මුදලාලිගෙයි , කසිප්පු විකුණන එකාගෙයි, සල්ලි වලට ඕනෑම දහාදුරා වැඩක් කරන එකෙකුගේ , උබේයි අතර වෙනසක් නෑ..

    ReplyDelete
  96. බතලයට නුවරට ඇවිල්ල හොද කෑල්ලක් සෙට් කරගන්න තිබ්බ , හපොයි

    ReplyDelete
  97. මම හැමදාම නැතත් පුලුපුලුවන් විදිහට හිස් අහස බලනවා
    ඒත් අදමයි මෙහෙම මුලින්ම අදහසක් දාන්නේ
    සල්ලි වලට ආත්මේ පාවලා දෙන්න එපා අයියේ කවදාවත්,ඒක අම්මව විකුනන් කනවා වගේ වැඩක් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද??

    මේ කතාව කියෙව්වම මට ඔයත් එක්ක පට්ට තරහයි,
    අරූ රුවන් කාරයා බූරුවෙක් ඌ ඒ හින්දයි අම්මයි තාත්තයි අවුරුදු ගානක් පරිස්සම් කරල ලොකු කරලා දීපු අතපය හතරෙන් ඇඟීලි දෙකක් නැති කරගත්තේ.
    ගෑනියෙක් හින්දා එහෙම කරපු ඌට විඳවන්නම වෙයි තවත්..
    මට ඔයා එක්ක මල ඔයා 7000ක් වෙනුවෙන් ඔය කරුමෙට යන්තමින් හරි සම්මාදම් වෙච්ච එකට.
    ඇත්තටම ඔයාගෙ හිතට ඕක අරූ දකින දකින වාරයක් පාස දුකක් ඇති වෙයි,ඒකයි මට තරහ :)

    එහෙනම් ජයවේවා
    අයියා අම්පාරෙනෙ,මාත් ඔයාගේ ප්‍රාන්තෙට අල්ලපු ප්‍රාන්තෙක

    ReplyDelete
  98. පොල් මීය හරි බං...අද්දැකීමෙන් කියන්නෙ... අමාලිනම් කොල්ලගෙ හැඟීම් එක්ක සෙල්ලම් කළේ... පොල් මීයා වැනි අයියෙක් අමාලි වගේ හැඟීම් එක්ක සෙල්ලම් දාපු කෙල්ලෙක් ඉන්න කතාවක් මටත් තියෙනෝ... හික්...
    ඈ බොල උඹ දැන් ඔකඳ වෙන්නෙ නෝට්ටු වලටද :P

    ReplyDelete
  99. උඹ වැරදි නෑ මචන්.මමත් අන්ත දුප්පත්.ඒත් මචං සල්ලි වලට බාල්දු වෙන්න යන්න එපා බං.අන්තිමට කෙලවෙන්නෙම අපිට.
    අනික අරූ ඌට ආදරේ නැති කෙල්ලෙක් නිසා ඌට පණ වගෙ ආදරේ අම්ම තාත්තට දුක් දෙන එක,ඒව ලොකු පව් වැඩ බන්

    ReplyDelete
  100. Sandarutath set wena marala... oka thama idala hitalawath athamita gana nathuwa dura diga gana hithala wada karanna kiyanne... anunge paw walata kara gahanawata wada eka nuwanata hurui neda??

    kohoma unath blog 1 nam supiri... haki paridi puluwan welawata kiyawanawa..

    ReplyDelete
  101. ජිවිතේ මුහුණ දෙන දේවල් යථාර්ථයේන් ලියනවට උබට ස්තුතියි මචන්

    ReplyDelete
  102. හුඟ දවසකින් ගොඩ වැදුනෙ මේ පැත්තට.... කොටස් තුනම බැලුවා... උබටත් කොහෙන් හරි වලියක් තමා... රුවන් නම් පිස්සු පොරක්.. පව්...

    ReplyDelete
  103. රුවන් නම් පව් තමයි බං ......... ඒත් ඌ මහ බූරුවෙක් ඇගිලි දෙකක් නැතිවුනා කියලා කෙල්ල ඌට කැමතිවෙයිද

    ReplyDelete
  104. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු..තෝත් හැමදාම මොකක් හරි වින්නැහියක් කරගන්නවා..පරිස්සම් වෙලා හිටු අනුන්ගේ පව් ගෙවන්නේ නැතුව...

    ReplyDelete
  105. aiyooooooo... sadaruwooooo
    dan hamadama aluth post daanne late wela.
    man me balagena idala idala barima thana kiyanne.
    api blog ekata awilla yanne ape balaporoththu sun karagena.
    ane sathiyata eka post 1kwath danna.
    plzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  106. monawa unath kathawa nam hamadama wage elazz..
    thanks
    hadawathinma suba pathanawa

    ReplyDelete
  107. සදරු අයියා මේ කථා‍ව බේලොග් එකේ දැම්මේ ඔයාගේම හිත නිදහස් කරගන්න නේද?

    ReplyDelete
  108. eka husmata kiyavagena giya okkoma.kochchara salli neti unat prathipaththi venas karanna epa sandaru....

    ReplyDelete
  109. සඳරු අයියේ....
    මම හිස් අහසට ගොඩාක් කැමතියි. මේ බ්ලොග් එක තමයි මාවත් බ්ලොග්කරණයට ගෙනාවේ...ඒ ලක්බිම පත්තරේ ලිපිය කියෙව්වාට පස්සෙ.
    බොහෝම ස්තූතියි. ඔබට ජය වේවා. එදා බස් රේඩියෝවේ සංවාදයත් ගොඩාක් වටිනවා. ලස්සන, හැඟීම්බර කතාවක් කිව්වේ.

    ReplyDelete
  110. අද තම මේ ඔක්කොම කියවල ඉවර කලේ... නියම අත්දැකීම් ටිකක් නෙමේ ගොඩක්. ගොඩක් අසාවෙන් කාර්යාලයේ කාලය අරගෙන ඉවර කලා.

    ReplyDelete
  111. tawa kathawak naddoooooo??????????????

    ReplyDelete
  112. Sadaru... oyage siyaluma katha beluwa. Serama lassanai. eth me tike blog 1 diha balannewath nedda? Aluth post ekak daanakan balan innawa. Jaya!..

    ReplyDelete
  113. සදරු මල්ලි,කිතුලා ආයෙත් ගමේ අවේ අයි?ගාල්ල එපා වෙලාද?

    ReplyDelete
  114. me mase mukuth liyanne nadda sandaru ayiye?????

    ReplyDelete
  115. උඹ කිව්වාමයි මීටර් උනේ, අම්මපා අම්පාරේ ඉස්කෝලේ යන ලව් කරන එක මැජික් වගේ නේන්නං, බෙහෙතකට වත් හොයාගන්ට නෑ.
    මට මේ ලගදි කියනවා ඇහුනා මේ පාර චන්දෙදි අම්පාරට ලව් පොට් එකක් දෙනවලු. එතකොට ඕනේ හැටියට ලව් කොරන්ට බැරියෑ

    ReplyDelete
  116. Aneee ikmanta tawa kathawak dannkoooooo.......blog eka amathaka welada oyata?????????

    ReplyDelete
  117. කෝ? මේ මාසෙට තාම ඒක post එකක්වත් නෑ නේ? :(

    ReplyDelete
  118. Hisahasa amathaka weladaaaaa??????

    ReplyDelete
  119. අඩේ උඹ හොදින්ද ? මොකුත් අලුතෙන් post එකක් දාන් නැද්ද

    ReplyDelete
  120. කලෙකින් ලියා නැති බව මට පෙනේ මලේ
    ආරංචියක් ලැබුනා ඇත්තක් ද බොලේ
    හිස් අහටසටත් පුන් සඳ පායලා දිලේ
    මංගල නැකත තව දිගු වී යයි ද මගේ

    සඳරු ලියන දේ ආසයි කියවන්න
    සඳරුගෙ හාමිනේ ඒකට ඉඩ දෙන්න
    හිස් බොල් සුළං රැල්ලට අසු නොව වන්න
    ඉඩ ඇති විටක අකුරක් කොටල යන්න

    ReplyDelete
  121. ආයේ ඔයවගේ කේස් වලට අත දාන්නේ නැතුව ඉන්න එක නම් හොදයි මලේ.. :)

    ReplyDelete
  122. uba ampare inne kiyala mama danan unne kalin pot eheka colombo idan paya 10ka dura kiyala kiwwama

    ReplyDelete
  123. ඒ සල්ලි කොළ දාඩියට පෙඟිලා තෙත් වෙලා තිබුණ නිසා වෙන්නැති මම දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලිත් රුවන්ගෙන් ගත්ත සල්ලිත් අතර මට වෙනසක් නොදැනුණේ

    ReplyDelete

තැන්කූ බං