31.7.12

කංසා කෝපි කඩේ




ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩේ ඇතුළේ පිරිලා උන්නු සෙනග හන්දා කන්ඩ බොන්ඩ වත් වෙලාවක් තිබුණේ නැති ගානයි


ගංසභා පාර දිගේ කෙලෝරටම ගියාම හැනිබල් මාමගේ කෝපි කඩේට ගොඩවැදුණහැකි . ඒ තරම් සැප පහසුකම් ඇති කඩයක් නොවුණත් ඒ කඩේ ඇතුළේ තිබුණු පැත්ත පෙරළාපු තේකොළ පෙට්ටි උඩත් එළියේ තිබුණු බංකු උඩත් නිතරම මිනිස්සු වාඩිගෙන දුං දමන කෝපි කෝප්ප පැයගණං ලෙව කකා ඉන්න හැටි දවසේ කොයි වෙලේක ගියත් දැකගන්න හැකියි

මුල් කාලේ හැනිබල් මාමා ඒ පුංචි කඩේ විකුණුවේ තේ කහට විතරයි. පස්සේ ගමේ ඇවිදලා හොයාගත්තු පලතුරු වගේ දේවල් බොහෝම සුලු ලාභයක් තියාගෙන විකුණලා ගමේ කවුරු අතරත් හොඳ නමක් දිනාගත්තා . හැනිබල් මාමගේ කඩේ ගැන ගමේ කවුරුත් හොඳ කියද්දී ඒ කඩේ ගමේ උන් හවසට එකතු වෙන ප්‍රසිද්ධ තැනක් බවට පත් වුණේ ඉබේටමයි .

හැනිබල්ගේ තේක නම් පංකාදුයි . !!

හැනිබල් මාමා නෝමල් තේ හදලා දෙන කාලේ ගමේ එවුන් නිතරම හැනිබල් මාමගේ තේ එක වර්ණනා කළා . ඒ වගේ වෙලාවට හැනිබල් මාමා හීන් හිනාවක් දාලා මෙහෙම කියනවා

උඹල තාම මගේ වට්ටෝරුවෙන් එක තේකයි බීලා තියෙන්නේ .. හෙක් හෙක් .
එකමත් එක දවසක ගමේ වැඩි දෙනෙක් කඩේට ගොඩවෙලා හිටි වෙලාවකදී හැනිබල් මාමා පිටි කරපු කංසා පොඩිත්තක් පැහෙන වතුරට දාලා ඒ වතුරට කෝපි කුඩුත් එක්කාසු කරලා කළත්තලා ගමේ උන්ට අමුතුම පානයක් හදලා දුන්නා . එදා ඒ පාන ජතියට හිත නොගිය කෙනෙක් කඩේ උන්නු බවක් නම් මට මතක නෑ

උඹ නං දෙයියෙක් හැනිබලෝ !!

කංසා කෝපි කෝප්පෙට වසඟ වෙච්ච එවුන් හැනිබල්ට වැන්ඳේ නැතුවා විතරයි .ඔන්න එදා ඉඳන් තමා අපේ ගමේ කංසා කෝපි ඉපදුනෙත් හැනිබල් මාමගේ අතමිට සරු වුණෙත් .

කෝපි කුඩු එක්ක කංසා ඇබිත්තක් මුසු කරලා පැහෙන උණුවතුරත් ඒ උඩට වත්කරලා කෝප්පෙන් කෝප්පෙට මාරු කරලා හැනිබල් මාමා හදලා දෙන කෝපි කෝප්පේ බීවාම දෙවුලොව සැප සුටුස් ගාලා ලැබෙනවා කියලයි කවුරුත් කීවේ .ඒ නිසාම කෝපි දිහාවේ ඇහැක්වත් ඇරලා නොබලන මලබද්ද කාරයෝ පවා හැනිබල් මාමගේ කෝපි කෝප්පේ නම් උගුරට දෙකට වග කියලා දැම්මා.

හැනිබල් මාමා පිටගං කාරයා . උන්දැ කියන විදිහට නම් මේ තරම් රහට, සැරට කංසා කෝපි හදන්න උන්දැ දැන ඉගෙන ගෙන තියෙන්නේ නේපාලේ ඉඳන් ආපු හාමුදුරු නමකගෙන් . ඒ හාමුදුරුවෝ දවසක් හදා දුන්නු කෝපි වඩියක රහ වැටිච්චි හැනිබල් මාමා ඒ හාමුදුරුවෝ ගාව මාස ගණනක් ඇබිත්ත කමේ ඉඳලා මේ කෝපි සූත්තරේ ඉගෙන ගත්තා කියලයි කීවේ . ඊට පස්සේ රට පුරාම ඇවිදිමින් උන්නු හැනිබල් මාමා අපේ ගමටත් පරෙන්දුවෙලා ගමේ කාටත් අයිති නැති තැනක කඩයක් අටෝගෙන ගමටම කෝපි බෙදන්න ගත්‍තා .

පිඹිනකොට පවුඩර් වගේ විසිරිලා යන ලා කොළ පාට කංසා කුඩු මල්ලක් කොයි වෙලාවෙත් හැනිබල් මාමගේ කඩේ මුල්ලක හංගලා තිබුණා . කෝපි කුඩුත් එක්ක ඒ කංසා කුඩුත් මුසු කළාම කෝපි කෝප්පෙත් ලා කොළ පාටට හැරෙනවා . පාටින් වගේම විහිදෙන සුවඳින් ඕනෙම කෙනෙකුට කංසා කෝපිත් නිකං කෝපිත් අතර වෙනස දැන අඳුන ගතහැකි .

කෝපි බොන්න අකමැති උදවිය වුණත් ඕනෙ තරම් මේ ගමේ හිටිය නිසා හැනිබල් මාමට ඒ උදවිය වෙනුවෙන් වෙනම පානයක් නිර්මාණය කරන්නත් සිද්ධ වුණා . නැස්ටෝමෝල්ට් සමග කංසා මුසුකරලා වෙනම පාන වර්ගයක් හැනිබල් මාමා හදවුවේ ඒ කෝපි නොබොන උදවිය වෙනුවෙන්මයි . ඒ කංසා මෝල්ට් කංසා බීවාම බලය , ජවය ශක්තිය ඩබල් වෙලා සිරුරට ලැබෙනවා .

වයස අවුරුදු දාහතේ දහාටේ කොල්ලො බොහොමයක් හැනිබල් මාමට වැඳගෙන උන්නේ උන්දැව යාප්පුවෙන් තියාගෙන ඉඳලා හිටලා හරි කංසා මුසු කරපු කෝපි කෝප්පයක් හරි කංසා මෝල්ට් කිරි වීදුරුවක් හරි බොන්න ඕනෙ කම නිසාමයි . වතුර නොබී උන්නත් හැනිබල් මාමගේ කෝපි නොබී ඉන්න බැරි වෙන තරමටම ඒවට ඇබ්බැහි වෙච්ච එවුනුත් මේ අවට ගම්මාන කීපයේම හිටියා .

කොලු කම හන්දා අපි වුණත් නිතරම හැනිබල් මාමගේ කඩේට ගොඩ වෙලා උන්දැට පොඩ් බෝලයක් බස්සලා කඩේ පිටිපස්සෙ තැග්ගැහිලා ගමේ වැඩිහිටියන්ට නොපෙනී කංසා කෝපි තොලගාපු අවස්ථා වුණත් එමට තිබුණා . රැහේ වැටුණාම ඉතින් යන්නං වාලේ පෙළට යනවා මිසක් යන මග හරිද වැරදිද කියලා කොලු කාලේ හිතෙන්නම නෑ නේ .. !

කංසා විකිණීම ලොකු වරදක් . හැනිබල් මාමා කඩේ කරන සන්දිය වෙනකොටත් ඒ තහනම ඒ විදිහටම පැවතුණා ඒත් මේ වගේ ගමක ඇතුළේ හැදෙන කංසා කෝපි කෝප්පයක සුවඳ නගරේ පොලීසියෙ මහත්තුරුන්ගේ නාස් වලට නම් නොදැනෙන තරමට දුරයි . ඒක නිසයි ගමේ මිනිස්සු කොයි කවුරුත් බය හැක අහක දාලා කංසා කෝපි බීවේ . හැනිබල් මාමව පාවලා දෙන්න තරම් මිනිහෙක් වුණත් මේ අහල ගම් කීපයේම හිටියෙත් නෑ .

දවසේ වැඩ ඉවර කරලා ඇළට බැහැලා නාන බොහොමයක් පිරිමි අය ඉන් පස්සේ හනි හනිකට දුවන්නේ හැනිබල් මාමගේ කංසා කෝපි උගුර බොන්න . උදේ ඉඳන් වෙහෙස වෙච්ච ඇඟවල්, කටවල් හැනිබල්ගේ එක කෝපි උගුරකින් නිවිලා යන බව නම් ඉර හඳ වගේ කාටත් විශ්වාසයි . ගමේ රා පොළටයි , කසිය පොළටයි එකතුවෙන සෙනග මහා සද්දෙට ගිල්ලාමුරේ තීවත් හැනිබල් මාමගේ කඩේ නම් හරිම නිහඬයි . කංසා කෝපි බොන අය ඇස් අඩවන් කරගෙන එක දිගට බිම ඉඳගෙන බලාගත්තු අතේ බලාන ඉන්නවා . එතන රණ්ඩු සරුවල් නෑ , කළ කෝලාහල නෑ . හීන් හඬින් කන වැටෙන්නේ බොයිලේරුවේ වතුර පැහෙන හඬ විතරමයි .

හැනිබල් මාමගේ කෝපි කෝප්පය කොයිතරම් රහ වුණත් ඇඟට පතට දැනෙන්න කියලා එයින් කෝපි කෝප්ප දෙක තුනක් නම් බොන්න නරකයි . හැනිබල් මාමා කාටවත් දෙවනි කෝපි වඩිය නම් දෙන්න කැමති නෑ ඒත් ඉතින් වදෙන් පොරෙන් දෙවනි කෝප්පෙත් ඉල්ලාගන්න සමහරු හතරගාතෙන් දපලා ඉන්න හැටි කඩේ පිටිපස්සට ගියාම බලාගත හැකි . කාලයක් බොහෝම හොඳින් හැනිබල් මාමගේ කෝපි වෙළඳාම නැගලා ගියා ඒත් එක දවසක් හරිම අමුතු දෙයක් සිද්ධ වුණා . එදයින් පස්සේ ගමේ අය කංසා කියන නම අහන්නවත් කැමති වුණේ නෑ.

මට මතක විදිහට එදා තරමක වැහි දවසක් හරියට කීවොතින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වෙන්න කලින් දවස.එදා වෙනදාටත් වඩා සෙනගක් එදා කෝපි බොන්න කඩේට එක්කාසු වෙලා උන්නා ඒ හැමෝගෙම අතේ තිබුණු කෝපි පිරුණු කෝප්ප, වීදුරු වලින් දුම් නගිමින් තිබුණා.. මමත් මගේ යාළු මිත්‍රයෝ කීප දෙනෙකුත් එදා හැනිබල් මාමගේ කඩේ ඇතුළේ පුංචි බංකුවේ හරිබරි ගැහිලා ඉඳගෙන එක කංසා කෝපි වීදුරුවක් බෙදා හදාගෙන බොමින් හිටියා . හැමදෙනාටම එක කෝපි කෝප්පය ගානේ ගන්න සල්ලි නැති වෙනකොට අපි කවුරුත් කළේ සාක්කු අතපත ගාලා එකතුවෙන පොඩි සල්ලි ටිකෙන් යාන්තම් එක කංසා කෝපි වීදුරුවක් අරගෙන බීපු එක .

මොහොතකින් ඔය කෝපි බීව කොයි කවුරුත් එක එක විකාර දේ කියමින් විලාප තියන්න ගත්තේ ගමටම ඇහෙන තරම් සද්දෙන් .

මට හුස්ම ගන්න හැටි මතක නැතෝ කෝමෙයි මම හුස්ම ගන්නේ කියාපියෝ !

තවත් සමහරු මෙහෙමත් කෑගෑවා

අපොයි මාව ඉස්පිරිතාලේ ගෙනිපල්ලා මේ ලෝකෙ කැරකෙනවා බොලං .

කංසා කෝපි නොබීපු සිහි කල්පනාව හොඳ හැටියට තිබුණු එවුන් එතන හිටියේ කීප දෙනයි .

සමහරු හුස්මගන්න හැටි අමතක වෙලා කෑමොර දෙන්න ගනිද්දී තවත් අය බිම මුනිං අතට පෙරළිලා මඩ ගාගෙන දඟලන්න වුණා . එක වීදුරුවක් බෙදා හදාගෙන බිවුව නිසාද මන්දා අපිට නම් කියන්න තරම් වෙනසක් දැනුණේ නෑ . වටෙන් පිටෙන් මිනිස්සු කඩේට වට වෙනවා දැක්කම අපි හෙමින් සීරුවේ කැලේට පරෙන්දු වුණා . ගමේ වැඩිහිටියන්ට අහුවුනොතින් අහගන්න වෙන දෝස්මුරේ රහ අපි දන්න නිසාමයි අපි ඒ විදිහට කැලේ පැන්නේ .

ඒ වෙලේ මේ සේරෝම දිහා බලාගෙන උන්න හැනිබල් මාමා නම් කළේ හනිකට සල්ලි ලාච්චුව අරං සරමට හලාගෙන පස්ස දොරෙන් පැනලා කැලේට දිවුව එක . එදයින් පස්සේ හැනිබල් මාමා නම් ආයේ ගම ආවේ නෑ . ඒත් මට ආරංචියි ම්නිහා මේ ලංකාවේ කෙළවරක යහතින් ඉන්න විත්තිය .

හැනිබල් මාමා හදලා දුන්නු කංසා කෝපි ජෝගුවට වැඩිපුර කංසා මුලක් වැටිලා තියන බවයි ගමේ අය කතා වුණේ . එදා විකාර කරපු සමහරු ඉස්පිරිතාලෙත් උන්නා . තවත් සමහරු ගොඩගන්න මාස ගාණක් අත් බේත් කරන්නත් වුණා .

ආශාවෙන් තොල ගෑවත් කවුද හිතුවේ කෝපි කෝප්පයක් ඒ තරම් හදියක් කරාවිය කියලා . කවදාකවත් කංසා කෝපි කටේ තියන්නේ නෑ කියලා මමත් මගේ යාළු මිත්‍ර සෙනගත් තදින්ම හිතාගෙන උන්නට ඇඟපත වෙහෙසලා වැඩ පල කරලා සසර කළ කිරුණු දවසකදී අපිට හැනිබල් මාමගේ කංසා කෝපි උගුරේ සුවඳ නම් හීනිවට දැනෙනවා

-------------------------------------------------------------------------------------------------------------------------------------

/ලි - රැකියා විරහිත තරුණයෙක් වුණාම ඇඟට පතට දැනෙන හැඟීම නම් මම පහුගිය කාලේ සැපට විඳගත්තා.ඉතින් කෝමද හිතේ සැනසීමෙන් දෙයක් ලියන්නේ ?. ඕනෙවාට එපාවට ලියලා දාන්ඩ බැරි හන්දයි නොලියා උන්නේ . එහෙම නැතුව මට පට්ටම් තාන්න මාන්න ලැබිලා නම් නෙවෙයි .පොඩි පොඩි වැඩ කරමින් අහුවෙන හැම සතයක් පස්සෙම දුව දුව උන්නාම කොයින්ද ලියන්න වෙලාවක් .

මම ගැන හොයලා බලලා ඊමේල් එවාපු ෆෝන් කෝල් දීපු ෆේස්බුක් මැසේජ් එවාපු සෙට් එකටම තුති .කුණු හරපෙන් බැනලා ආයෙත් බ්ලොග් එක ලියාපි නැත්තං ###$@$@ කරපිය කීව එකාටත් ඩබල් තුති .

මේ කථාවත් මම කලින් ලියලා රැජින පත්තරේට දීපු කථාවක ලෝං වර්ෂන් එක . මේ කරදර සේරම අහවර වුණාම මම ආයෙමත් බ්ලොග් එක ලියනවා වෙනදා වගේම .


143 comments:

  1. මේ බිස්නස් එක උඹලගේ ගම් පළාතේ අපිට වුණත් ආයි පටන් ගන්න පුලුවන් වගේ.... :D

    ReplyDelete
  2. වෙනදා වගේම එල ඈ ...

    ReplyDelete
  3. "රැකියා විරහිත තරුණයෙක් වුණාම ඇඟට පතට දැනෙන හැඟීම කොයිවාගෙද කියලා මම පහුගිය කාලේ සැපට විඳගත්තා."

    හැක හැක මම එක අද ඉඳං විදින්න යන්නේ......

    ReplyDelete
  4. ගොඩ කාලෙකට පස්සේ සදරුගෙන් පොස්ට් එකක්..අපි හිතුවා කාර්යබහුල වෙලාවත්ද කියල...

    කථාවනම් වෙනදා වගේම සුපිරි..

    ReplyDelete
  5. කංසා කෝපි ගැන ඇහැව්වමයි...පහුගිය දොහේ කරදර කම්කටොලු දැන් ඉවරෙයි?.....

    ReplyDelete
  6. ලක්මාල්31 July 2012 at 10:39

    එළ.. වෙනද වගේමයි.. මක්කෙයි බන් උඹගේ රස්සාවට වුණේ.. මම හිතුව ඒකෙ වැඩ රාජකාරි බහුල නිසා ලියන්නේ නෑ කියල...

    ReplyDelete
  7. කංසා උරන එක විතරයි අහලා තිබ්බේ කංසා බොන එක අහලා තිබ්බේ නෑ.
    බලාගෙන ගියහම හැනිබල් මාමා මාර මනුස්සයෙක් නෙව. :)

    ReplyDelete
  8. මට හුස්ම ගන්න හැටි මතක නැතෝ කෝමෙයි මම හුස්ම ගන්නේ කියාපියෝ !” අන්න පදම

    ඒ වගේම චතුරිකා අර නෙස්ටමෝල්ට් එක බීවොත් ගසුත් නගියි ...

    උඹට වරදින්නේ නැහැ. ලෙඩ දා ගන්නේ නැතිව කරන දෙයක් කරහන්... FB බලන්න..

    ReplyDelete
  9. ඇති යංතං මචන්... (පෝස්ට් එක කියවන්ඩ කලින් කමෙන්ට් කරේ)

    ReplyDelete
  10. කනගාටුයි සඳරු, ඉක්මනට හොඳ ජොබක් සෙට්වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    අම්මෝ .... මුං බයසැක නැතිව කංසා බීපු හැටි. අනෙක ප්‍රසිද්ධියෙ. මේ පැත්තෙ එහෙම උනානම් ඇටකටුත් කුඩුකරගන්ට තිබ්බා.

    ReplyDelete
  11. හප්පේ සඳරුව දැකපු කල්.
    හැනිබල් මාමගෙ කංස කෝපි වලට වගේම උඹේ බ්ලොග් කෑල්ලටත් ඇබ්බැහි වෙච්ච එව්වො ඉන්නව බොලවු.

    ReplyDelete
  12. අලුත් ලිපියක් එනකල් මාසයක් විතර බලාගෙන ඉඳලා හොඳටම ඇතිවෙලා හිටපු වෙලාවක අපි වෙනුවෙන් මේ ලිපිය දැම්මාට ස්තූතියි.

    ජයවේවා!

    ReplyDelete
  13. කට්ටෛය අදම මේක ටැස් කොරල බලනවා බුදු සුවර්..
    අපිට කොහෙද එච්චර පිනක් :(

    ReplyDelete
  14. ඔය බෙහෙත දාපු කෑම ජාති කිහිපයක්, ඕව දාපු බව නොදැන මමත් කාල තියනවා. කොච්චර කැවත් මදි. දවසක් ඔපිසියක කාන්තාවෝ කට්ටියක් කන්දක් මුදුනේ තියන මල ගෙදරක පයින් ගියා. අමාරුවෙන් කන්ද නගින්න පටන්ගත්ත කට්ටියට අතරමගදී ඔය බෙහෙත දාපු කෑම වගයක් කන්න හම්බවුනා. මෙන්න කාන්තාවෝ ටික හිනාවෙවී හිටු කියල කන්ද නගිනවා. හිටපු ගමන් ලඳු කැලැ අස්සට රිංගනව.
    රැකියා විරහිත කිව්වේ එතකොට උඹේ ජොබ් කට්ට දැන් නැද්ද ?

    ReplyDelete
  15. හ්ම්ම් මේ ඇවිත් ඉන්නෙ ඇති යන්තම් ..
    …ඔයාගෙ ගම ගැන මොනතරම් රසවත් සිදුවීම් තියනවද. අපිටත් දැන් මේ චරිත හුරු වෙලා .

    ReplyDelete
  16. අඩෝ මං බීලා නෑනේ! කොහෙද උඹලා මෙහෙ එන වෙලාවකවත් ඔයවගේ වැදගත් දෙයක් අරං එන්නෑනේ! ;)

    ReplyDelete
  17. මුලින්ම මල්ලී ඔයාගේ පොස්ට් එකක් දකින්න ලැබුන එක ගැන නම් සතුටුයි. මේක කිව්වහම මතක් වුනේ අක්කරේපත්තු වලින් ගෙනාපු නිසාම් කෝපි බීල මගේ යාලුවෙක්ට වෙච්ච වැඩක්. එකත් මාරු කතාව මම ලියල දැන්නම්.

    ReplyDelete
  18. ඇති යන්තම් පෝස්ට් එකක් දාලා. මමත් හිතුවේ ආඩම්බරකමට කියල වැඩිය ලියන්නේ නැත්තේ. මොකද ජොබ් එකට උනේ ?

    ReplyDelete
  19. ඕ........මම පොඩි එකා මේවා දන්නේ නැත..:)

    ReplyDelete
  20. කොහෙද ගිහින් හිටියේ ...

    ReplyDelete
  21. ඇති යන්තං post එකක් දාල.
    කරදර ඉක්මනට අහවර වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  22. කතාව නම් වෙනද වගේම එලයි. කොළඹ මහජන පුස්තකාලෙත් ඔහොම සීන් එකක් ගියා වගේ මතකයි.
    ඉක්මනට රස්සාවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
    JH

    ReplyDelete
  23. අපිත් කලින් ඔය කොපි බිල තියෙනවා .ක්‍රිකට් මැච් ගහන්න යනකොට .(තහනම් උත්තේජක)මාර ශක්තියක් ඇගට එන්නේ .දුවනවා පනිනවා ටීම් එකේ කට්ටිය හරියට යක්කු වගේ.එත් පස්සේ කලෙක ඕක නතර කරලා දැම්මා ඕකට අපේ කට්ටිය ඇබ්බැහි වෙයි කියලා. අපේ මාරයා අයියට කියන්නම් කෝ ඔය කොපි රෙසිපිය මාරසරනියේ දන්නා කියලා නොදන්නා අයට හදාගන්න .මේවා චතුගේ මෝල්ට් වගේ නෙමයි බීවොත් බඩුම තමා.

    ReplyDelete
  24. හපොයි ඔයින් ගියා මදෑ.මං හිතුවෙ දෙතුන් දෙනෙක් මැරිලා කියලා.

    මොකද තිබුන රස්සාවට වුනේ? වෙන ආරංචියක්නම් ආවා.ඒකට සුභ පැතුම්...

    ReplyDelete
  25. හරිම රසවත් කතාවක්..කංසා කෝපිත් රහ ඇති නේ...ඒකනෙ කට්ටිය ඔච්චරටම ආවෙ..:)

    ReplyDelete
  26. රැකියා විරහිත?
    ඇයි දැං ජොබ නැද්ද?

    ReplyDelete
  27. කතාවේ මිහිර නැති උනා අන්තිමේදී උඹට ජොබක් නැ කියල කිව්වම. කාලෙකින් ලස්සන ලිපියක් ලිව්වට බොහොම ස්තුතියි

    ReplyDelete
  28. හ්ම්ම්ම් හැමදාම වගේ රසවත් කතාවක් සඳරු අපිටත් බැරිද ඔය කංසා කොපි එකක් එහෙම බොන්න ඔය කෝපි මෑන් දැන් සෑහෙන පෝසත් ඇති මයේ හිතේ.

    ReplyDelete
  29. ගංජා කියන්නෙ අමුතුම බඩුවක්. හිතේ සතුට ඇතිවෙනකොට පිටවෙන රසායනික බිදවැටීම අවම කරල දිගටම ආතල් එක හිට්ටෝනව.

    ReplyDelete
  30. උඹල එල ජොබක් සෙට් වේවායි පතනවා..

    ReplyDelete
  31. අනුරාජපුරේ වැවක් මුල පැලක් ලඟ දවසක් බිවුව "ඩල් කෝපි" කියල එකක්.ඒකත් මේකම වැන්ටෑ.ඒක හදල දුන්නු ආරච්චිල කියන බුවා නං කිවුවේ.. කංසා ඇට කුඩුකරල හදන්නෙ කියල.........අරූට ගැලපෙන නම "හැනිබල්".... හුකෑස්.. හිහ්...හිහ්....අපෙත් පොරක් හිටිය ඌට කියන්නෙ හැනිබල් අක්ක... ඌත් කොරන්නෙ ඔයවගේ නසරානි වැඩ......

    X-Porter

    ReplyDelete
  32. දැන් ඉතින් රෙසපි එක හම්බ උනානේ ‍‍ටක් ගාලා කංසා ටිකක් හොයා ගත්තනම් නෙස්ටමොල්ට් ගෙදර තියෙනවා.

    ජය වේවා !!

    ReplyDelete
  33. මේකත් ගුලි සහ නෙස්ටමෝල්ට් වගේම තියෙන්න ඇති...

    ReplyDelete
  34. //ගිල්ලාමුරේ// දෙමල වචනයක්ද..?
    ඕව දාල කෑමත් හදනව කියල අහල තියෙනව තොප්පිදාන අයගේ හෝටල්වල..!

    ReplyDelete
  35. අඩේ මචං ජොබක් හොයාගනු ඉකමනට.මොකෝ 2500න් කාලා ඇඳලා ඉන්ඩත් ජොබක් එපායැ.
    කතාවනං එළැය

    ReplyDelete
  36. හැමදාමත් වගේ හරිම ලස්සනට ලියලා තියෙනවා සඳරු අයියේ... කාට වුනත් කරදර ලැබෙනවනේ අයියට ඇති වෙච්චි කරදරත් ඉක්මනට ඉවර වෙන්ඩැයි ප්‍රාර්ථනා කරනවා... මේක කියවන හැමෝම එහෙම හිතන බව සහතිකයි.


    ජය වේවා අයියේ

    ReplyDelete
  37. මල්ලී කරදර පසුබැසීම් කියන ඒව ජීවිතයෙ අනිවාර්ය අංග... උඹ සැලෙන්න එපා... මේ වගේ වෙලාවට නැවතිලා කල්පනා කරපන්... හැකියාවන් වැඩි දියුනු කර ගනින්... නැවත ජීවිතයට මුහුණ දීපන්... උඹට අනිවා කලින්ට වඩා හොඳ තැනකට එන්න පුළුවන්...

    ReplyDelete
  38. උඹ දන්නේ නැද්ද බන් ඔය කෝපි හදන විදිහ? :-D

    ReplyDelete
  39. ඕක හොඳ ශක්තිජනක පානයක් නෙව... ඒ දවස්වල අපේ බිලට් එකෙත් නැගලා යන වැඩක් ඔය...

    ඇඹිළිපිටිය..රංචා මඩම..උඩ වළවේ..වලස් මුල්ල..පැති වල කොල්ලෝ ටිකක් හිටියා..උන් නිවාඩු ගියාම එන්නේ බත් එකක් වගේ ඔයින් පාර්සලයක් අරං..හැබැයි ඒක කලවං..දඬු කොල මුල් ඇට මල් රොඩු ඔය හැම එකම තියේ.. මන්නා පිහියෙන් කොටලා කොටලා සමහරු ගිරෙනුත් කපලයි ගේන්නේ.. ඕකක් ආවාම ඕක පිරිපහදු කරන්නේ අපේ මල් බණ්ඩා.. ඒ කියන්නේ අර බොර තෙල් වලින් පැස්ටෝල් ඩීසල් ගන්නවා වගේ වැඩක්.. ඌ ඒකට හැබෑ දස්සයා...

    මුල් හා දඩු කෑලි මුලින් වෙන් කරනවා.. කොළ ටික තව පැත්තකට මල් වල සුන් බුන් තවත් පැත්තකට.. ඔය අස්සෙන් ඇට ටික වෙනම ගන්නවා... අර දෝණ බමුණා ධාතූන්වහන්සේලා හංග ගත්තා වගේ මූ අනිවා ආට ටික හංගනවා..ඒක තමා උගේ කුලිය. ඊට පස්සේ අර වෙන් කරන ලද කොටස් වෙන වෙනම අයට බෙදලා දෙනවා...

    ඒකෙන් කොල සහ සියුම් කොටස් එකතුවක් වෙනම අරං තියනවා..ඒ තමා හවස ටී කෑන් එකේ පංගුව...

    හමුදාවේ ටී දෙන්නේ ඇළුමීනියම් ලොකු කෑන් වලට... ඒවායේ රස්නේ අල්ලලා හිටින විදියට ඇතුලත හා පිටත භාජන දෙකක් හැටියටයි තියෙන්නේ... සාමාන්‍යයෙන් සෑහෙන වෙලාවක් ඕකට දාන තේ වතුර රස්නෙට හිටිනවා.

    බිලට් එහෙක 50ක් විතර ඉන්න හින්දා ඕක පුරෝලා ටී අපට ලැබෙනවා හවසට මෙස් එකෙන්..ඒක ගේන්න දෙන්නෙක් හැමදාම යන්න ඕන කෑන් එකත් උස්සං..

    ඉතිං ටී කෑන් එක ගෙනාවම මුලින්ම ඔය ශාකසාර බෙහෙත් වලට අකමැති අයට ටී බෙදනවා.. ඊ ළගට අපේ බණ්ඩා කොළුවා අර අරං තියාපු කොල ටිකක් අරං අල්ලේ තියලා අනිත් අල්ලෙත් තද කරලා පොඩි කරනවාඑහෙම තලලා අඹරලා ගත්ත බඩු ටික දානවා ටී කෑන් එකට වහනවා පියන..දැන් ඒක ඔහේ තියෙනවා විනාඩි 15ක් 20ක් විතර... ආන්න එයින් පස්සේ තමා දෙවෙනි වටේ තේ බොන අපේ යාළුවෝ ටික කෝප්ප අරං එන්නේ... ඒකෙන් කෝප්පයක් ගැහුවම ආයේ රෑට කන්න යනකල් සනීපයි.. හුළං වඳිනවා වගේ කට්ටිය ඉන්නේ.. රෑට ඉතිං මෙස් එකේ කල්දේරමට බත් දාලා ඉවරයක් නැහැ මෙස් එකේ කෝප්‍රල්ලට.. අපේ උන් හොඳි නැතිව අමු බත් හරි ගිලිනවා එක සීරුවට...

    සමහර කාල වලට බඩු ඉවර උනාම කාගේ හරි එකෙක්ගේ ආච්චිව මරලා ඌව නිවාඩු යවලා හරි අඛණ්ඩ බඩු සප්ලයි කිරීමේ ක්‍රම වේදයකුත් තිබුනා ඒ කාලේ.. හප්පා එව්වා දිග කතා.. මේ ඇති...

    හැකි ඉක්මනින් රැකියාවක් ලැබේවා..!
    (යකෝ මේ බ්ලොග් කියවන උන් අතරේ නැද්ද අපේ එකාට හරියන වැඩක් සෙට්ල් කරන්න තරං බුවෙක්... පොඩ්ඩක් ඒ ගැන හිතහල්ලා...)

    ReplyDelete
  40. "ගංජා කියන්නේ අවුසදයක්" ඔන්න ඔහොමයි වැඩිහිටියෙක් දවසක් දා අපිට කිව්වෙ.

    ReplyDelete
  41. කරදර කියන්නේ මේ දවස්වල මගේත් හොදම යාළුවා...කොච්චර ළග හිතවතෙක්ද කිව්වොත් කරදර පිර පිට ආවත් ඌ මාව දාල යන්නේ නෑ...

    උඹ හිත හොද එකා විත්තිය අපි හැමෝම නොදන්නවා නොවේ. දුකට සැපට හිටපු උඹේ හිස් අහස ට උඹේ දුකත් කල් නොඇර ලියල දාපන්. උඹට උදව් කරන්න ඕන තරම් උන් කැමත්තෙන් ඉන්නවා...හිතට හයිය ගනින්....උඹට වරදින්නේ නෑ...

    ReplyDelete
  42. ඔක්කොම හරි.. ඒත්,
    "රැකියා විරහිත තරුණයෙක් වුණාම ඇඟට පතට දැනෙන හැඟීම කොයිවාගෙද කියලා මම පහුගිය කාලේ සැපට විඳගත්තා" මොක්ද බං මේ කථාවේ තේරැම...?

    ReplyDelete
  43. මම ඒත් බැලුවා මොකද හිස් අහස නිහඩ වෙලා කියලා.. ඒ කියන්නෙ දැන් උඹ රැකියා විරහිතයෙක්ද ? මොකද බන් වුනේ.. ?
    අපිට කරන්ඩ පුලුවන් මොනා හරි තියේද ?

    ReplyDelete
  44. ඇයි බන්.. උඹට මොකෝ උනේ???

    ReplyDelete
  45. ඇයි බන් උබේ ජොබ් එකට මොකද උනේ?

    ReplyDelete
  46. කතාව නම් උපරිමය්. එත් සඳරුගේ තත්වේ ඇහුවම අප්සෙට් ගියා.ලියන්නේ නැත්තේ බිසී වෙලා කියලය් හිතුවේ. හොඳ ජොබක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.කංසා කෝපි එකක් වෙලාවක ට්‍රය් කරන්න ඕනේ.

    ReplyDelete
  47. හැනිබල් කෝපි එක අත්හදා බලන්නත් හිතෙනවා වෙලාවක....

    දැන්නම් අපිත් රැකියා විරහිත මට්ටමට ඇවිත් තියෙන්නෙ.....!!!

    ReplyDelete
  48. "..කතාව නම් හැමදාම වගේ සුපිරි ... ඒත් අන්තිමට උඹේ ජොබ නැති වෙල කියල දැනුනම දැනුනේ පට්ටම දුකක් ... බය වෙන්න එප සහො .. උඹ වගේ සමාජේ බැහැලා චර්ටර් වෙච්ච එකෙක්ට කරන්න බැරි ජොබක් නැ.. ඒක නිසා බය නැතුව හිටිං ... නියං කාලේ හැමදාම නෑ ...
    උඹට ඕනි උදවුවක් තියේ නම් මට කියපන් ... පුළුවන් ඕනිම දෙයක් කරන්නම් සහෝදරයෙක් නිසාම...
    ෆේස් බුකියට ප‍යිංඩයක් එවාපන් ඕනිම වෙලාවක... බුදු සරණයි උඹට ....! .."

    ReplyDelete
  49. මේ ජාතියේ කොපි කෝප්පයක් ගැන ඇහුවමයි. මදැයි ගමේ එකාලට වෙච්ච දේ. සඳරු අයියගේ සියලු කරදර ඉක්මනට ධුරින්භූත වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  50. අලුත් පෝස්ටුවක් එන්න මෙච්චර පරක්කු වෙනකොට මමත් කම්පනා කොලා මොකක්ද කාරණේ කියලා... අද තමා ඔන්න සහසුද්දෙන් විස්තරේ දැනගත්තෙ... ඔච්චර ආසාවෙන වැඩ කොරපු Institute එකෙන් අයින් වුනා වත්ද ? සිරා කොලුවත් කොම්පීතර සම්බන්ධ රැකියාවක් කරන නිසාම උදව්වක් කරන්න බැරි වෙන එකක් නෑ.. මගේ කාමරෙන් ඉසව්ව බලාගෙන මේල්ලුවක් දාන්න... පුලුවන් දෙයක් කරන්නම්... ජය!

    ReplyDelete
  51. hamadama awith giya sandaru...adath puruddata goda une .menna thiyenawa ada nam,,eth anthima baluwama katha epa una appa..mokada job ekata une.waliyak dagena pannada eliyata..dan ithin aye wawe bunt ekai arahey mehey rasthiyadu wennada kalpanawa.aluth thanak hoyanna nikam kale kanne nathuwa.

    ReplyDelete
  52. සිරාවට දැක්ක කල්....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  53. කංසා කෝපි.. ඒකත් සිරා වැඩක් වගේ බලද්දි..

    "ඒ කංසා මෝල්ට් කංසා බීවාම බලය , ජවය ශක්තිය ඩබල් වෙලා සිරුරට ලැබෙනවා.."

    මේක නම් සිරාම කතාව..

    ඔක්මනටම හොද රස්සාවක් ලැබේවි සදරුවෝ..

    ReplyDelete
  54. කතාව එල... කංසා බඩේ අමාරුවට හොදයි කියන කතාව ඇත්තද...

    ReplyDelete
  55. ube livilla nam supiri..godak denekta wage matath ahanta thiyenne moko job 1ta une kiyala thamai..jaya wewa !!

    ReplyDelete
  56. බ්ලොග් එක පෝස්ට් නැති වෙනකොට මම හිතුවා ගම රට දාලා ගිහින්වත්ද කියලා,මොනවා උනත් ආයෙත් ලියන එකනම් හොදා,අනේ මමනම් මෙහෙම කෝපි ගැන ඇහුවමයි.ඉක්මනට රැකියාලාභියෙක් වේවා

    ReplyDelete
  57. හොදයි හොදයි තමන්ට බ්ලොග් එකක් තියෙන විත්තිය මතක් වුණ එක!
    ඉක්මණටම හොද රස්සාවක් හම්බවේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනං.

    ReplyDelete
  58. මම මෑතක බ්ලොග් කියවන්න පුරුදු වුන කෙනෙක්. කතන්දරගේ බ්ලොග් එක තමා බ්ලොග් කියවන එක විනෝදාංශයක් වෙන මට්ටමටම මාව ඇදගෙන ආවේ. ඉස්සර දවසක මම වැරදිලා වගේ හිස් අහසට ආවා මට මතකයි. ඊට‍ පස්සේ ගොඩ කාලයක් යනකම් හිස් අහස කියන නම මගේ මතකයට ආවේ නෑ. නමුත් මේ ලගදී දවසක මම ගූගල් ඔස්සේ කරපු සොයා බැලීමක් හින්ද මට ආයෙත් හිස් අහසට එන්න වරම් ලැබුන. සඳරු ලියපු ගොඩක් ලිපි මම කියෙව්වා. හැබැයි මගේ කම්මලිකමටද, කුහක කමටද මම දන්නේ නෑ, මම කවදාවත්ම කමෙන්ටුවක් දාල ගියේ නෑ. එත් අද මට හිතුන මේ ගැන කමෙන්ටුවක් දාල ගියොත් හොදයි කියලා. හැබැයි මේක මේ පොස්ට් එක ගැන නෙවෙයි සඳරුගේ සමස්ත බ්ලොග් එක ගැනයි මම ලියන්නේ.
    සඳරු කියන්නේ මම හිතන හැටියට මගේම වයසේ කොල්ලෙක්. ඔහු සතුව තියෙන රචනා විලාශය ඇති විශිෂ්ට එකක්. වචන කීපයක් එහා මෙහා කරලා මිනිස්සුන්ව හිනා ගස්සවන්න වගේම අඩවන්නත් ඔහුට පුළුවන්. අම්පාර කියන්නේ මම දන්නා හැටියට දැන් ගොඩක් දියුණු වීගෙන යන ප්‍රදේශයක්. හැබැයි මිනිස්සු තවමත් ඔහුව හදුන්වන්නේ ගැමියෙක් හැටියට. ඔව්, සඳරු ගැමියෙක් තමා, ඔහු නිර්ව්‍යාජ බවත් හැබෑව. ඔහු ග්‍රාමීය හුදෙකලා භාවයෙන් තමාගේ අතීතය තුල පීඩා විදලා තියෙන බවත් හැබෑව. නමුත් ඔහු කියන පුංචි සිද්ධියකින් පවා ඔහු ගැමියෙක් කියලා අපිට ඒත්තු ගැන්වෙන්නේ ඇයි? ඒකට පිළිතුර තමා ඔහුගේ තියෙන ග්‍රාම්‍ය බස් වහර. මම හිතන හැටියට ඒකට ගහන්න මේ බ්ලොග් අවකාශේ කව්රුත් නෑ. ඒක හින්දම සඳරුට බ්ලොග් අවකාශේ තුල විතරක් නෙවෙයි ජීවිතය තුල උනත් දිනන්න පුළුවන් කියන එක සක්සුදක් වගේ පැහැදිලියි.
    මම දැන් බැංකු කාරයෙක් උනාට මීට කලින් ප්‍රසිද්ද ගුවන් විදුලි ආයතනයක නිවේදකයෙක් විදියට කටයුතු කලා. ඒක මගේ ආසම ජොබ් ඒක උනත් මම තීරණය කලා ඒ ජොබ් එකෙන් සමුගන්න. තවමත් ජීවිතයේ මම ලබපු කලින් කියපු එකත් ඇතුළුව නොයෙකවිධ පරාජයන් දිහා ආපහු හැරිලා බලලා මම නිතරම දුක් උනත්, මේ හැම දෙයක්ම වෙන්නේ මට විතරයි කියලා හිතුනත්, සඳරුවාගේ ජීවිතේ කියවල බලද්දී මට වඩා පරාජය වුනු මිනිස්සු, මේ ලෝකේ මට වඩා සතුටින් ජීවත් වෙනවා කියලනම් මට නිරන්තරයෙන්ම හිතුනා. මගේ හිතේ එහෙම සිතිවිල්ලක් ඇති කළා කියන්නේ සඳරු සාර්ථකයි. අති සාර්ථකයි.
    එච්චර සාර්ථක මිනිහෙක් ජොබ නැති උනා කියල වැටෙන්නේ න කියන එක මම දන්නවා. උඹට වරදින්නේනම් නෑ. ඉක්මනටම හොඳ ජොබක් සෙට් වේවා කියල මමත් ප්‍රතන කරනවා. සුබ!

    ReplyDelete
  59. මම නම් මේ පාර කිසි කරදරයක් කළේ නෑ, මල්ලි මොක්ද වුණේ කියලා අහලා. පත්තරේ දැක්කම මම දන්නවා කොල්ලා හොඳින් කියලා. අනිත් එක relationship status ත් වෙනස් වෙලා තිබුණනෙ.

    ඒ වුණාට නිකමට වත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙලා ඇති කියල. ඉවසිල්ලෙන් වැඩ කරන්න මල්ලි. හොඳ දෙයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. Machan sadaruge fb name eka poddak kiyahanko..

      Delete
  60. යකෝ මාරයියේ අනුපාතය කියපංකෝ! :D

    ReplyDelete
  61. මොකෝ රස්සාවට උනේ? ඉක්මනින් හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්....

    ReplyDelete
  62. @පූසා...

    සාමාන්‍ය අල්ලක මැද තියෙන වල පිරෙන තරමට.. ඒ කියන්නේ පුරෝපු තේ හාන්දක් වගේ හොඳට අල්ලෙන් පොඩි කරලා අර 50කට ගේන ටී කෑන් එකේ ඕක නොගන්න උන්ට බෙදලා අන්තිමට ටී 15 කට 25කට අතර ප්‍රමාණයකට තමා ඒ ටික දාන්නේ.. ඒ හොඳටම ඇති.

    හැබැයි ඒ සාමාන්‍යයෙන් ටිකක් විතර ලොකු කොල කෑලි වලින්.. ඔය කිය ආකාරයේ ඩස්ට් එකක්නං දාන්නේ ඒ හැටි දාන්න ඕන වෙන එහෙකුත් නැහැ... හැබැයි ඉතිං බඩුවල ප්‍රමිතිය ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා.. අපිට ලැබුනේ වත්තේ පිටියේ නැවුම්ව නෙලා ගත්ත බඩුනේ... මාකට් එකේ තියෙන්නේ ෆෝමලින් ගහපුවනේ වැඩි හරියක්...

    ReplyDelete
  63. අඩෙ අප්පා...
    පට්ට රහක් ඇති නේ???

    ReplyDelete
  64. එල එල නැවතත් හිස් අහස පන ගහල එනවා වගෙ..
    ඉක්මනින් ජොබක් සෙට් වේවා කියලා පතනවා..
    ඒ වගෙම අය්යේ ඔයාගෙ පලාතෙමයි මමත් ඉන්නේ..
    ඒත් හරියටම මොන පැත්තෙද කියනවද.....
    නිකන් දැන අදුන ගන්න එහෙම...
    මේකෙ බැරිනම් බුකියෙන් හරි මැසෙජ් එකක් දාන්න ඈ..
    ජය වේවා

    ReplyDelete
  65. මට නම් හැනිබලයා කන්න කේන්තියි. අර මෝඩ ගැමියෝ ගැන ඊට වඩා කේන්තියි. සඳරුවෝ උඹත් ඕනැ දහජරාවක් ටෙස්ට් කරලා බලලා නිකං ඉන්නෙ නෑ ඒකට ඇබ්බැහි වෙනවා නේ?
    මොකද බං අර ජොබ් කට්ටට උනේ?
    henryblogwalker the Dude

    ReplyDelete
  66. බය නැතුව හිටපන්...

    අර ඇල ලඟ ගහපු චුට්ට එච්චර පංකාදුනම් කෝපි ඩිංග කොහොම ඇත්ද බන්.... :D

    ReplyDelete
  67. සඳරු උඹ අහගත්තේ නැද්ද සිට්ටම් එක....?

    ReplyDelete
  68. දානේ ගෙවල් වල මස් උයද්දී දානවා නේ. ඒ මස් කෑවම පොඩ්ඩක් වැනෙනවා වගේ තේරෙනවා.

    ReplyDelete
  69. කාලෙකින් මේ පැත්තෙ මාත් ආවෙ සඳරුවෝ....
    මොකද උඹේ ජොබ් එකට උනේ....
    ඉක්මනින් ම ජොබ් එකක් ලැබේවා අපේ සඳරුවට .....

    ReplyDelete
  70. හැනිබල් මාම තේ එකට කංසා දානවා වගේ සදරුවත් මේ බ්ලොග් එක ලියනකොට මොනවා හරි දානවද මන්ද. පහු ගිය දොහේ පොස්ටුවක් දාලද බලන්න කී පාරක් නම් මේ බ්ලොග් එකට ආවද. මාසයක්ම හිස් අතින් ගිහිල්ල අද නිකන් නියගයක් ඉවර වෙලා වැස්සක් වැස්ස වගේ.

    ReplyDelete
  71. මාර මාමෙක් තමයි.

    ReplyDelete
  72. post ekata thanq very much.his ahase post ekak vatenakam balagena hitiye.post eka lassanai.hope and wish 2 have a better job sooner.

    ReplyDelete
  73. මචන් හැනිබල් මාමා දැන් කඩේ කරන්නේ කොහෙද කියපන්කො බන් ..

    ReplyDelete
  74. මමත් කාලෙක ඉඳල මේ බ්ලොග් එක කියවන්නෙ.. සඳරුවගෙ රචනා විලාසයනම් ඉතින් ඉස්තරම්..

    කොල්ලො උඹ හොයන්නෙ මොන වගෙ රස්සාවක්ද, උඹ කලින් මොනවද කලෙ වගේ විස්තර ටිකක් මේකෙම දාපන්කො.. අපිටත් මොනව හරි උදව්වක් කරන්න පුලුවන්ද බලන්න...

    තව දෙයක්..උඹේ රස්සාව නැති උනේ සමහර විට උඹෙම හොඳට වෙන්න පුලුවන්.. මොකද උඹ මේ වෙලාව අරන් පොතක් වගේ ලිව්වොත් සමහර විට උඹේ අනාගතෙම වෙනස් වෙන්නත් ඉඩ තියෙනෙව....

    ජය!

    ReplyDelete
  75. රෙසිපි එක හරියට කියපන්කො අපිටත් හදන් බොන්න :)

    ReplyDelete
  76. කංසා කෝපි!!!! ඇහුවාමයි.. සඳරු අයියලාගෙ ගම්පළාතෙනම් ඕවා ඇතිනෙ...:D

    අහ්හ්.. අයියාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා... ආයෙත් ඉක්මනින්ම ඉස්සර වගේ ලියන්න එන්න..:) ජය වේවා!!

    ReplyDelete
  77. ජොබක් සෙට් වේවා!!
    කරදර දුරුම වේවා!!
    අත මිට පිරේවා!!
    ආයු බෝ වේවා!!

    ReplyDelete
  78. Ammoooooo athi yanthan masekata vithara passe blog ekak dala...

    ReplyDelete
  79. අනේ මොකද උනේ ??ගොඩක් කල් blog එකක් නැතුව පාලුවෙන් හිටියේ..ඉක්මනට ජොබ් එකක් ලැබෙන්න ඕනේ..

    ReplyDelete
  80. දුක් කරදර පහව ගිය දවසක, හිත සෑනසිල්ලෙන් එහෙනම් blog 1 ලියන්නකො....
    අලුතෙන් blog 1k දානකන් බලන් හිටියෙ....
    කරදර ජරමර ඉක්මනින් අවසන් වෙවා!

    ReplyDelete
  81. Katwa montaram raswat unat........ubata job ekak set wenkan mukut liyna naha. (ubata mail ekak dala ati).
    Jayawewa.
    Sajith

    ReplyDelete
  82. "boss" gana uba post walat hoda liyala tiyanwa. ea unata dan u eka mata mala. mama loku minhak nami ea unata wena ona daya kiypan......aniwa...kara denwa.
    Jayawewa.
    Sajith

    ReplyDelete
  83. මේ විස්තරේ ඇහුවාම මල්ලි මටත් පුදුම් ආසාවක් ඇති උනේ එහෙම කෝපි එකක් බොන්න. ඕක බොන්නම උඹලගේ පැත්තෙ එන්න හිතයි.

    මොකද සඳරු මල්ලි ජොබ් එක නැති උනේ....?

    ReplyDelete
  84. හිස් අහස කියෙව්වට අදමයි කමෙන්ට් කරන්නේ. හොදම බ්ලොග් අඩවිය ගැන තිබුනු පෝස්ට් එකක් අද ආයෙ කියවන්න ලැබුනා. එතකොට හිතුනා යකෝ මං කවදාවත් හිස් අහසට කමෙන්ට් කරලා නෑ නේද කියලා. ඒ නිසයි ආයෙත් ආවේ.

    කංසා කෝපි නැති වුනාට ඔයිට සමාන එක එක ජාතියේ දේවල් මේ පැති වලත් තියෙනවා. අළුතින්ම එන දේවල් තමයි බෙහෙත් වර්ග.

    අපි කවදාවත් කතා කරලා නැති වුනාට සුබ පැතුම් යාළුවා. ජය.

    ReplyDelete
  85. කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා වගෙයි.......

    ReplyDelete
  86. ඉක්මනට ජොබ් එකක් හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනව. කතාව නියමයි. :)

    ReplyDelete
  87. Good Shit !

    ප.ලි.
    මේලක් දැම්ම. බලපං

    ReplyDelete
  88. උඹේ කතාත් මට හැනිබල් මාමගේ කංසා කෝපි එක වගේ තමයි බං!
    ඕනවට එපාවට ලියනවට වඩා හොඳයි ලියන්නෙ නැතුව ඉන්න එක කියන කෑල්ල මං හිතන්නේ බ්ලොග් ලියන උන්ට උඹෙන් ගන්න පුලුවන් හොඳම උපදෙස!

    ReplyDelete
  89. ජොබට මොකද වුනේ?

    එක්ස්පීරීයන්ස් තියෙන නිසා වැඩි කලක් යන්න කලින්ම වෙන එකක් සෙට් වෙයි.

    පායනා කාලෙදී රූ දවල් මහන්සි වී හම්බ කරද්දී මේ වගේ වස්සාන සමයට ගන්න ටිකක් ඉතුරු කරගත්තාද?

    ReplyDelete
  90. කංසා කියන්නේ අපේ පරණ සිංහල මිනිස්සු යහමින් පාවිච්චි කරපු දෙයක්. මේ කියනව වලේ කෝපි දැන් මුස්ලිම් ජාතිකයන් වැඩිපුර පාවිච්චි කරනවා. හොද ලිපියක්. ජය වේවා!

    ReplyDelete
  91. හැබෑටම මොකෝ රස්සාවට උනේ ...... කොහොම හරි වේවා කාලෙකට පස්සේ ගුරුතූමාගේ කථෘවක් කියවන්න ලැබුන එක ගැන නම් සන්තෝසයි !!!!!!

    ReplyDelete
  92. කාලෙකි ආපු මට අදහස් කන්දක් දීලා ආයේ ලියන්න දිරිමත් කල හැමෝටම ස්තුතියි හෙට දිහාට හැමෝටම වෙන වෙනම උත්තර දෙන්නම්

    ReplyDelete
  93. මාත් එකම එක සැරයක් බීල තියෙනවා මේ කංසා කෝපි.. එච්චරයි.. මල් තරම් වදින්නෙ නෑ මල්ලි.. හැබැයි මල් තරම්ම ඇඟට හානි නැතුව ඇති..

    ReplyDelete
  94. ඉක්මනටම හොඳ ජොබක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  95. ඉක්මනට ජොබ් එකක් ලැබේවා..ජය වේවා යාළුවා!!!!!

    ReplyDelete
  96. ඇම්ස්ටර්ඩෑම් නගරයේත් ඔය වගේ කෝපි කඩ තියෙනව. ඒවයෙ නං කලවම් නොකරපු ඔරිජිනල් බඩු ගන්න පුළුවන් කියල තමයි තතු දත්තෝ කියන්නෙ!

    ReplyDelete
  97. මම මේක කියෙව්වා රැජින පත්තරෙන්... දැන් ඉතින් විස්තර ඇතිවම කියෙව්වා.. ඒක නෙමේ ජනාදිපතිතුමන්ගේ ලේකම් තුමත් සඳරු අයියගේ ලිපි කියවනවා කියල මම දැක්කා ලිපියක් තිබුනා.. අනේ දෙවියනේ මෙතරම් දක්ෂකමක් තියෙන සඳරු අයියට රැකියාවක් දෙන්න කාටවත් ඇස් පෑදෙන්නේ නැත්තේ ඇයි..

    ReplyDelete
  98. කංස කෝපි ගැනනං අදමයි ඇහුවෙ. මටත් පොඩි ට්‍රයි එකක් දාල බලන්ඩ හිතෙනව. හැමදම නිකං කෝපි බොන්නෙ මොකටද. මොකද අයියෙ කලින් තිබුන ජොබට වුනේ?

    ReplyDelete
  99. උඹට ඉක්මනටම ජොබ් එකක් සෙට් වෙවා! ජොබ් එකක් නැතුව ඉන්න එකේ අමාරුව මාත් හොඳට දන්නවා.

    ReplyDelete
  100. රැකියා විරහිත වුනා කියල දැනගත්තමනං දුකයි මලේ...මොකක් වුනත් හැමදේම වෙන්නෙ හොඳට..
    උඹට තිබුනටත් වඩා හොඳ එකක් ඉක්මනට ලැබේවා !

    ReplyDelete
  101. ඉක්මනට රැකියාවක් ලැබේවා..ජය වේවා !

    LA

    ReplyDelete
  102. This comment has been removed by the author.

    ReplyDelete
  103. අඩේ කොලුවා! රැකියා විරහිත කම නං ප්‍රශ්නයක් තමයි! ඒත් මං කියන්නං! උඹ පත්තර කන්තෝරුවක් පැත්තෙ ගිහිං කියහං! මං තමයි සදරු! මට රස්සාවක් දීපල්ලා කියලා! උඹට චාන්ස් එකක් එයි බං! දන්න කියන පත්තර වල කස්ටිය කන්ටැක් කරන් බලපං බං!

    ReplyDelete
  104. ela ela nawatha apu aka loku dayak.mama mara paluwan hitiye kiyawanna dayak nathuwa,mama subapathanawa

    ReplyDelete
  105. ජොබ් එකක් ඉක්මනටම ලැබේවා .. කතාව ඉස්තරම් මට ඔයින් කෝපි තියෙන තැනක් සෙට් උනා තිරිකුණාමලේදි....

    අහින්සක අ.පේ.

    ReplyDelete
  106. ඉක්මණටම හොද රස්සාවක් හම්බවේවා!!!

    ReplyDelete
  107. අනාගතේ යහපත් වෙන්න කියල ප්‍රාර්තනා කොරනව ඔන්න
    ගන්ජා කෝපි අහල තිට්යනව බොන අය ආශ්‍රය කරලත් තියනව ඒත් බීල නෑහෑනෙ අතුරු ආබාද එහෙමත් ඈති නේද?

    ReplyDelete
  108. අඩේ . . උඹේ ජොබ නෑ කියල දන්නේ අද. ඕන වෙලාවක උදව්වක් ඕනේ නං කියපන් මලේ....... අපි ඉන්නවා !

    ReplyDelete
  109. hmmmmm jewewithe katukai kandak naggoth kandak bahinna onna obata jaya souraaaaa oba liyanathuru api balan ennawaaa

    ReplyDelete
  110. උඹත් මොනව හරි බ්ලොගට කලවම්කරනව බන්...අපි උඹේ බ්ලොගට ඇබ්බැහිවෙලා...කෝක වෙන්නෙත් හොදටලු අය්යෙ අඩේ උබල ඔය කොම්පීතර දිසාපාමොක් කමට වඩා ලියන ජොබක් ෆිට් බන්...පොතක් ලියහන්..උණු කැවුම් වගේ විකිණෙයි..ජය වේවා...කෝක වෙන්නෙත් හොදට මචන්...ජය වේවා...

    ReplyDelete
  111. සඳරුවා මොකෝ සද්ද නැත්තෙ.
    prasad F.

    ReplyDelete
  112. "ප/ලි - රැකියා විරහිත තරුණයෙක් වුණාම ඇඟට පතට දැනෙන හැඟීම නම් මම පහුගිය කාලේ සැපට විඳගත්තා"

    හෆ්ෆා මේක ගැන නම් කියල වැඩක් නෑ සදරුවෝ...මටත් මේ සැප උපරිමේටම දැනෙනවා මේ දවස්වල..කොහොම උනත් පුලුවන් පුලුවන් විදිහට බ්ලොග් එක ලියන්න බලන්න...

    ReplyDelete
  113. kalekata passe umbe kathawak kiyewwe.. mata amathaka wela thibbe masekata withara passe baladdi katha godak athi kiyala hithuwa... kamak na umbatath wada athine jayawewa ehenan....

    ReplyDelete
  114. kalekata passe machan umbage blog ekata awe.katha godak athi kiyala hithuwa pahugiya tike ennath bari una nisa...kathawa ela...oya kopi eka thama bila na owwa urala thibbata :) .. oya paththe enna oni langadima ... ehenan jayawewa machan....

    ReplyDelete
  115. හික් හික්..මටත් ඇසය් ඔය කියන ජාතියේ කොපි එකක් බීල බලන්න..සදරු අය්යේ ..ඉල්ල ගත්තේ නැද්ද වට්ටෝරුව...ඇපොය්...මොකද උනේ ජොබ් කට්ටට...?????????????

    ReplyDelete
  116. සදරැවෝ ඉක්මනට පෝස්ට් දාපන්..... දවස් කීයක් බලන් හිටියද..

    ReplyDelete
  117. sandaru..thamath no job da?issara wage post ekak liyapan kiyala karadara karanna hithenneth na.job na kiyanne prashna kotiyakne appa..

    ReplyDelete
  118. liyapan yako monawa hari huththak... apita balannawath blogak naa...

    ReplyDelete
  119. අපෝ සදරු.. ඔයාට මොකද වෙලා තියෙන්නෙ? සෑහෙන කාලෙකින් අලුත් මොකුත් ලිව්වෙ නෑ. ඊයෙ හීනෙනුත් දැක්ක සදරු අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාල තියෙනව :D

    ReplyDelete
  120. Post ekak naddoooooo??????????

    ReplyDelete
  121. අනෙ පුතේ ඉකමනටම ලියහන් මම ඒත් බැලුවා උඹ කොයි කියලා.. මමත් ටික දොහක් වහන් වෙලා නොවැ උන්නේ.. මේකත් මරු කතාව. මලක් ගහල කී බෝඩ් එක ළඟට වරෙන්. කී බෝඩ් එක කතෑකී...

    ReplyDelete
  122. රැවුල ගිනිගත්ත උබෙන් සුරුට්ටුවක් ඉල්ලන්න තරම් මම කුහක නෑ. ඒත් දිගටම ලියපන්,,,,,

    ReplyDelete
  123. පොස්ට් එකක් නැද්දෝ......

    ReplyDelete
  124. අඩේ තාම මුකුට නෑනේ.
    Prasad F.

    ReplyDelete
  125. කතාවනම් වෙනද වගේම මරේ මරු...
    ඒත් ඇයි උඹ තාමත් මම ඉල්ලපු දේ තවම එව්වේ නැත්තේ.
    ඉක්මනට ඒ වැඩේ කරපන්.
    ජය....!!

    ReplyDelete
  126. මිත්‍රය මොකක් හරි අවුලක් ද??

    ReplyDelete
  127. ඔය කෑ ගහපු එව්න් අතර වැඩිපුර හිනා වෙවි එවුන් හිටියෙ නැතෙයි?

    ReplyDelete
  128. කව්රු හරි අත්හදා බලන්න ඉන්නවා නං , සදරැවන්ට මාරයට මිස්වෙච්ච එකක් මේ, අර දාන එව්වා පොඩ්ඩ ලාවට කබලේ බැදලයි ගන්ඩ ඕන.

    ReplyDelete
  129. "Thanamalwila Special Coffee"
    http://www.facebook.com/pages/Gami-Gedera/343229425760903?sk=info

    ReplyDelete
  130. sandaruwo mokada umba liyanne naththe. mukuth prasnayakda?
    polwattacom

    ReplyDelete
  131. අනේ සදරු අය්යෙ බ්ෙලාග අයිමත් ලියන්නෙෙකා තාම ෙජාබක් නැද්ද ?

    ReplyDelete
  132. Maha Wessak Bimata Hela Nidahas U Ahasak Se epa Hidinna.. Ane thawa tikakin Hina Wela Katha Liyanna......

    ReplyDelete
  133. aneeeee post ekak naddooooooooooo???????????

    ReplyDelete
  134. සඳරුවෝ , මම හැමදාම උබගේ බ්ලොග් එක කියවනවා මේක විතරක් නෙමෙයි හැම බ්ලොග් එකම කියවනවා ඒත් කවදාවත් කොමෙන්ට් කරලා නෑ. හැමදාම උබගේ බ්ලොග් එක ලෝඩ් කර කර බලනවා මොකද තාම පොස්ට් එකක් නැත්තේ කියල. අදයි දැක්කේ රැකියා විරහිත කියන කෑල්ල.රස්සාව කියන්නේ ජිවිතේ නෙමෙයි ඒක නැති උනා කියල කවදාවත් මානසිකව වැටෙන්න එපා ඔලුව කෙලින් තියාගෙන වැඩ කරපන් කිසිම කෙනෙකුට උබව වට්ටන්න බෑ. මේවා වැදිබණ නෙමෙයි මචෝ මමත් උබ වගේම රස්සාව නැති කරගෙන නන්නත්තාර වෙලා ඔලුව කෙලින් තියාගෙන හිටපු නිසා අද කාටවත් ඔලුව නවන්නේ නැතුව ස්වාධීනව ඉන්න මිනිහෙක්. ඒක නිසා මොන කරදර ආවත් තමන්ගේ සාමාන්‍ය ජිවිතේ වෙනස් කරන්න එපා.

    ReplyDelete
  135. සඳරු කොහොමද දැන් තත්වේ . . .?

    ReplyDelete
  136. ඔය කියන බීම මම එකා පාරක් තණමල්විල ගිහින් ඉන්දැද්දී බිව්වා, එල මචන්. උඹට ඉක්මනටම හොඳ ජොබ් එකක් ලැබීව කියල මම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  137. Brother, ai oya me blog eka continue krn naththe, meke supiri content thiyenne 😍

    ReplyDelete

තැන්කූ බං