20.9.12

ලක්‍ෂ පනහක සුවඳ


කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත මගෙන් හාර අවුස්සලා අහන එක තමා මට රුස්සනෙම නැත්තේ. එහෙම උදවියට මම මුලින්ම උත්තරයක් තියන්නම්කෝ . එක්කෝ මේක මට වෙච්ච ඇත්තම සිද්ධියක්, එකෝ මේ මම ගොතාපු කතාවක් .


මේ හැම දේකටම මුල තමයි මම වැඩ කල ආයතනයේ පොඩි මූල්‍ය අර්බුදයක් වෙලා මගේ පඩියට තට්ටු වෙච්ච එක . එදා ඉඳන් මාස ගණනක්ම මට ජීවත් වෙන්න වුණේ අම්මගෙන් ඉල්ලගන්න සල්ලි වලින් . අතට හම්බු වෙන හැම රුපියලක්ම කොයිතරම් වටිනවාද කියලා මට තේරුම් ගියෙත් මේ සිද්ධියෙන් පස්සෙයි . ගෙදරට බරක් වෙලා ඔය විදිහට ජීවිතේ ගෙවන අතරේ ගාණක් හොයාගන්න මම නොකරපු දෙයක් නැති තරම් . කොහොමින් කොහොම හරි පහු පහු වෙද්දී රුපියල් දෙදාහකින් මාසෙ ගෙවාගන්න තරම් අති දක්‍ෂයෙක් වෙන්නත් මට පුළුවන් වෙච්ච බව නම් නොකියාම බෑ .

ගෙදරට වෙලා නිකම්ම ඉන්න බැරි තැන ගමේ ගෙදරක වැඩ පලකට යාළුවෙක් එක්ක ගිහින් උදවු වෙලා ගානක් හොයාගන්නත් මම පුරුදු වුණා . පිරිත් කොටුවක් ගහලා , මගුල් ගෙදරක උදවු පදවු කර දීලා , කැඩුණු පරිගණකයක් හදලා දීලා මම මගේ ගාන හොයාගෙන ජීවිතේ ගෙවාගත්තා . මේ කියන්න යන කතාවට මුල් වුණෙත් මම සල්ලි හොයාගන්න කල එක වැඩක්


දවසක් මම බීඩියක් උරන්න උඩහ ඇල පැත්තට ගිහින් බිං කළුවර වැටෙන වෙලාවේ ගෙදරට එමින් හිටියා . මී හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ මූණ වටේ කරකැවෙමින් මට කරදර දෙන නිසාම මෙන්ටේරිය කොළ අත්තක් වනමිනුයි මම එන්න ආවේ . කරුණා අක්කලාගේ ගෙදර කිට්ටුව මහ සියඹලා ගහ යටට මම එනකොටම මම දන්න කියන මගේ මිත්‍රයෙක් අඩි පාරක ඉඳන් ඇවිදින් මගේ මූණටම මුණ ගැහුණා . ඒ ඇවිදින් උන්නේ මගෙ හොඳ මිත්‍රයෙක් වෙච්ච තරිඳු . අපි ඌට ආදරේට කීවේ තලයා කියලා .. !

"
සඳරුවා මම මේ උඹව හම්බුවෙන්න කියලා උඹලෑ ගෙදරත් ගිහින් එනගමන් . උඹලෑ ගෙදරින් තමා කීවේ උඹ මෙහාට ආවා කියලා .

තරිඳු එහෙම කීවම මම හිතුවේ සුවර් එකටම මගෙන් ගාණක් කපාගන්න මාව හොයනවා ඇති කියලයි .

"
අනේ මචං සල්ලි වලින් නම් බෑ ඕං . සෙට් වෙන්නත් බෑ මේ දවස් වල ලෙලි ගිහිං ඉන්නේ ..!"

"
කවුද යකෝ සල්ලි ඉල්ලුවේ . ? තොගෙ සල්ලිය තියාගං . තොපිට කතාකරන්න ආවට අපේ කටවල් වල හුඹස් බඳින්න් ඕනෙ ."

තරිඳුවගේ මූණටම සල්ලි ගැන කීවට මටත් ටිකක් විතර හිතට හරි නෑ . ඌ මගෙන් කීප වංගියක් සල්ලි නම් අරගෙන තියනවග ඇත්ත ඒත් ඌ ඒවා නියම වෙලාවට පියෙවුවා . සෙට් වුණ වෙලාවට වුණත් තරිඳු මටත් එක්ක සල්ලි දාලා බජට් එක සමබර කරපු වෙලාවල් අනන්තයි .

"
කියපං තරිඳු මගෙන් මොනා වෙන්න ඔනෙ ?"

"
මචං උඹගේ ෆෝන් එකවත් වැඩ නෑනේ .."

"
ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙලා බං උඹ කියපං . මොකක්ද කේස් එක ?"

"
පොඩි වැඩකට උඹව සෙට් කරගන්න කියලා .."

තරිඳුවා කොහොමත් හිත හොඳ එකා . මට මතකයි එක කාලයක් ඌට රස්සාවක් ඕනෙ වෙලා ඉන්නකොට මම ඌට මම දන්න කියන තැනක රියදුරු රැකියාවක් හොයලා දුන්නා . පස්සේ ඒ රැකියාවත් උගේම විසේ නිසා නැති කරගත්තා වුණාට මට කෙලවෙලා ඉන්න මේ කාලේදී තරිඳුවා මටත් වැඩ කීපයක්ම සෙට් කළා . ඉතින් තරිඳු අරගෙන ආපු මේ වැඩෙත් මොකක් වුණත් කරනවා කියලා මම හිත හදා ගත්තා .

"
මොකක්ද මචං වැඩේ .. ?"

"
පොඩි ගොඩ දැමිල්ලක් තියනවා හරියටම හරියාවි පරම්පරා හතක් ගොඩ , පොලිස් කේස් ආමි කේස් මුකුත් නෑ .." 

මම ගැස්සිලා ගියා . ගොඩ දැමිල්ලක් කියන වචනේ ආයේ මට තේරුම් බේරුම් කරන්න ඕනෙ වුණේ නෑ .. තරිඳු ඒ කීවේ නිධානයක් ගැන .

"
අනේ මචං ඔවුවට නම් එන්න බෑ උඹ යන්නත් එපා .මම උඹට යන්න දෙන්නෙත් නෑ ."

"
උඹට එන්න බැරි නම් අවුලක් නෑ ඒත් උඹ කාටවත් කියන්න එපා . උඹ නෙවේ කවුරු කීවත් මේ වැඩේ මම නම් කරනවා . මොකද මම දන්නවා මම මේ කරන්න යන්නේ හොර කමක්වත් වංචාවක් වත් නෙවෙයි කියලා ."

"
මොකද යකෝ හොර කමක් නොවෙන්නේ ?"

"
මචං මේක තියෙන්නේ එකෙක්ගේ ගෙදර වත්තේ .. ඌත් එක්ක අපි එකතු වෙලා තමයි මේක ගන්නේ .."

"
ඇයි වත්ත අයිති කාර ගොයියට තනියෙන් ගන්න බැරුවටද උඹලා යන්නේ ?"

"
මේ වැඩේට පිරිමි හයක් ඕනෙ . එක ගෑනියෙක්වත් ගන්න බෑලු . ඒකයි මේ වැඩේට අපිත් යන්නේ" . දෙලොවක් අතර හිරවෙච්ච මම කරකියාගන්න දෙයක් නැතිව ටිකක් වෙලා මොනවා කියන්නද කියලා හිතමින් උන්නා . අන්තිමේදී මම තීරණය කලා මේ ගැන තව ටිකක් හිතලා බලලා තීරණයක් ගන්නවා කියලා

එදා මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහාපිට ඉඳගත්තාමයි මට මතක් වුණේ මගේ අන්තර්ජාල සබඳතාවය මුදල් නොගෙවීම නිසා විසන්දි කරලා තියන විත්තිය . කන්න නැතත් බොන්න නැතත් කොහොමද අප්පා අන්තර් ජාලේ නැතිව ඉන්නේ ? . මට පිසු හැදෙන්නයි ගියේ . දැන් ඉතින් තරිඳු ගෙනාපු වැඩේට බහිනවා ඇරෙන්න ආයේ කරන්න දෙයක් නෑ . මම හිතුවාට වඩා ඉක්මනින් ලේසියෙන් මගේ තීරණය අරගත්තා . මම එවේලෙම තරිඳුවාට කෝල් එකක් දුන්නා .

"
තරිඳු කොහේ බං ඕක තියෙන්නේ ?"

"
මුලිං වචනේ දියංකෝ එනවද නැද්ද කියලා ."

"
එන්නං හැබැයි මේ මායිමේ විතරයි කැලෑ අස්සෙයි හැතැප්ම ගණං දුර ගම්මාන වලයි නම් මොනා තියනවා කීවත් මම නම් එන්නේ නෑ . අනික තමයි දැං ඔය සෙට් වෙලා ඉන්න අනික් එවුන් මට දිරෙවුවේ නැත්තම් මම ඒත් එන්නේ නෑ . "

"
තියෙන්නේ මේ ළඟපාත මම ඇරුණම උඹ තව දන්න කියන පස් දෙනෙක් තමා ඉන්නේ . තව ගුරුන්නාන්සේ කෙනෙකුයි උගේ පුතයි එනවා . උඹට මම හෙට කෝල් එකක් දුන්නාම හිච්චිලාගේ ගෙදරට වරෙන් . එතකොට සේරම දැන අඳුනගෙන කතාව කරගෙන ගිය හැකි .

තරිඳුගේ වැඩේ භාරගත්තාට මොකද මගේ හිතට මහ බරක් දැනෙනවා ඒත් එක්කම හිත ඇතුළෙන් අමුතු සතුටකුත් ඉඳන් හෙමිහිට හිනා වෙනවා . ඔය ඔක්කෝම නිසා ඇතිවෙච්ච පීඩනයට මන්දා මට දෙතුන් වතාවක් කක්කුස්සියට යන්නත් වුණා . ජීවිතේ තියෙන්නේ විඳින්න නම් මොකටද අපි විඳවන්නේ . කටවත් අයිති නැති දෙයක් නෙව අපි ගන්න යන්නේ . ඉතින් මොකටද තවත් කතා . ඔය වගේ කතා වලින් මම මගේ ගැහෙන හිත සනසාගත්තා

පහුවදා දවල් දෙක වෙනකොටත් මට තරිඳුගෙන් කෝල් එකක් නම් ආවේ නෑ . ඉවසිල්ලක් නැතිව හිටිය මම බලාන ඉඳලා බැරිම තැන ඌට කෝල් එකක් දුන්නා .

"
තරිඳු මොකෝ වැඩේ ?"

"
ආ සඳරු තව විනාඩි පහකින් විතර මම එන්නම් . ලැහැත්ති වෙලා ඉඳපන් . මගේ ෆෝන් එකේ සල්ලි නෑ ඒකයි ගන්න බැරි වුණේ ." 

ටික වෙලාවකින් තරිඳු ආවා . මමයි ඌයි දෙන්නා අපේ ගෙවල් වලට ටිකක් විතර දුරින් ඉන්න හිච්චි කියන අපේ යාලුවාගේ ගෙදරට ආවා . අපි හිච්චිලාගේ ගෙදර යනකොට ගෙයි පිළිකන්නේ තවත් කීප දෙනෙක් වාඩිවෙලා උන්නා

එක්කෙනෙක් තමා ගමේ කා අතරත් හොඳ නමක් තියාගෙන උන්නු රුක්මන් මහත්තයා . මිනිහා මගෙත් එක්ක නම් වැඩියෙ කතා බතා කරලා නෑ . ඒ ඇරුණාම සුනන්ද අයියත් , සේන අයියත් හිච්චිත් පිළිකන්නේ වාඩිවෙලා අපි එනකම් බලාන උන්නා . වෙනදා වගේම මමයි තරිඳුවයි තමා සෙට් එකේ බාලම එවුන් වුණේ . අපි කට්ටියම හිච්චිලගේ ගෙයි ඇතුළේ ප්ලාස්ටික් පුටුවල ඉඳගත්තාම රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .

"
දැන් ඔයාලා මෙතන වෙන දේ හොඳට දන්නවා නේ .."

"
රුක්මන් මහත්තයා ඇදලා පැදලා එහෙම කියනකොට සේන අයියා අයියා කට කැඩිච්චි කතාවක් කීවා ."

"
මොනා හරි බොන ගමන් කතා කරන්න තිබුණා නම් තමා හොඳ ."

"
රුක්මන් මහත්තයාට කේන්ති ගියා වුණත් එයා ඒ වගක් නොපෙන්වා කතා කළා"

"
වැඩේ ඉවර වෙනකම් අරක්කු කටේ තියන්නෙපා . අනික තමයි මුලින්ම මම කියන දේ හොඳට අහගෙන ඉන්න

රුක්මන් මහත්තයා වට පිට බැලුවේ ගෙදර කවුරුත් ඉන්නවද කියලා. හිච්චිගේ අම්මා වැඩට ගිහින් නිසා ගෙදර දවල්ට ඉන්නේ හිච්චි විතරමයි ඒ නිසාමයි ගමේ කොල්ලො කවුරුත් මලක් ඔතන්න බෝතලයක් කඩන්න පැණියක් බොන්න හදිසියකට තිප්පොල කරගෙන තිබුණේ . කවුරුත් ගෙදර නැති වග සහ සුද්දෙන්ම දැන කියා ගත්ත රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .

"මල්ලිලා අපේ ගෙයි වත්තේ පහළ කෑල්ලක පොඩි ගලක් තියනවා. අපේ තාත්තා එහෙම ඔය ගලේ දේව රූප කොටලා තියන නිසා පහන් හිටන් පත්තු කළා . මම දවසක් නිකමට වගේ ගුරෙක් ගෙන්නලා පොඩ්ඩක් බැළෙවුවා ඌ කියනවා එතන සෑහෙන වටින දෙයක් නිධන් කරල තියනවා ඇති කියලා . ඊට පස්සේ අපි පාතාල අඳුනක් බැලුවා . ඒකෙන් කියවුණේ එතන වටින දෙයක් තියනවාය පිරිමි හය දෙනෙක් ඒ ගොඩ ගන්න දේට අත ගහලා ගොඩ ගන්න ඕනෙය කියලා . ඒකයි මම උඹලව සෙට් කරගත්තේ . මගේ නෑයොන්ට වඩා මට තරිඳු , සේනක , හිච්චි මල්ලියි සුනන්දයි ෂුවර් , අපි සෙට් එකම කතා වෙලා තමයි සඳරු මල්ලිව මේකට ගාව ගත්තේ .. මල්ලි උඹ මේවට අකමැති නම් ගිය හැකි . අපේ කිසි අවුලක් නෑ .."

"
නෑ රුක්මන් මහත්තයා මම වචනේ දුන්නා නේ මම ආයේ යන්නේ නෑ"

"
එහෙනම් එච්චරයි අපි ගන්න දේ මගේ ඉඩමේ තියන නිසා වටිනාකමෙන් භාගයක් මට අනික් බාගේ ඔයාලා බෙදාගන්න . ඒක සාධාරණයි නේද ?

ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය මහ අමුතුම වැඩකට අත ගැහුවේ මම අතගහල තියන වැඩත් එක්ක බලද්දී මේක තමා මම මගේ ජීවිතේටම කල අවදානම් වැඩිම දේ . යන්තම් වැරදුණොතින් කපෝතියි . ඒත් හරිගියොත් ගොඩම තමයි . ඒකත් නිකම්ම නිකම් ගොඩ යාමක් නෙවෙයි පරම්පරා හතක්ම ගොඩ යාමක් .

                                      මතු සම්බන්ධයි



/ලි - ලියන්ඩ බැරි වුණාට සමාවෙන්ඩ ඕනෙ . හිත නිදහස් නැතුව කොහොමද ලියන්නේ . දැන් නම් හිතේ නිදහස එමට තියනවා ඒකයි ආයේ ලියන්ඩ ආවේ .. පහුගිය ටිකේ කමෙන්ට් වත් ප්‍රසිද්ධ නොකර වුණට සියක් වාරයක් සමාවෙන්ඩ .

86 comments:

  1. ආයෙත් ලියන වැඩේට බැස්ස එකනම් හොඳයි. ඒත් කතාවෙ කියල තියන වැඩේ නම් ටිකක් විතර හරි නෑ. නිධන් කේස් එකක් නෙ.


    ඉතුරු කොටසත් එනකං බලං ඉන්නෙ. කව්ද දන්නෙ සඳරුව නිධන් කේස් එකෙන් පස්සෙ සල්ලි කාරයෙක් වෙලාද කියල.

    ReplyDelete
  2. මචන් සඳරු,

    මේවා කල යුතු දේවල් නෙවේ... මමත් රටට ණය කාරයෙක් වෙලා ඉන්නේ.. ඒත් මමම හොයලා ඒවා ගෙවනවා ඇර ඔය කන්සෙප්ට් එක එච්චර හොඳ නෑ.. මේ බ්ලොග් ක්ශේස්ත්‍රයේ ඉන්න එකම එක්කෙනෙක් දන්නවා නිධානයක් තියෙන්නේ මගේ අතට කොච්චර දුරින්ද කියලා... ඒවා අපට අයිති දේවල් නෙවේ මචන්....

    තව පැත්තක් තියෙනවා... එහෙම අරන් දියුණු වෙච්ච උන් ඉන්නවා ගමකට... මම පුද්ගලිකව දන්නවා.. ඒත් කොච්චර කාලෙකටද කියලා කවුරුත් දන්නේ නෑ...

    උඹට ඕක නෙමෙයිනේ අවස්ථාව.. ඊට වඩා පිලිවෙලකට දෙපා මුලට එන චාන්ස් වලින් ඊට වඩා ප්‍රයෝජනයක් ගනින්.... :D

    ReplyDelete
  3. සාදරයෙන් පිළිගනිමි....

    ReplyDelete
  4. ගොඩක් කලකට පසුව බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ .
    …මේ නිධන් කතානම් කියවන්න ගොඩක් කැමති . හැම කතාවක්ම අවසන් වෙන්නෙ මොකක් හරි ජරමරයකින් . බලමු ඔයාගෙ කතාවත් එහෙමද කියල .

    ReplyDelete
  5. uba Rs.2000n mase gewwa kiyala ape bandula amathithuma danagaththoth iwarai...

    sathutui aye apu ekata ..jaya wewa..

    ReplyDelete
  6. diagma diga comment ekak liwwa.eka bahirawaya gilala wage nathi unane appa..
    dan kammaliy,awata apahu harima sathutui

    ReplyDelete
  7. මේක නිකන් adventure සීරියස් එකක් වෙන්න යන්නේ..ඉතුරු කොටහත් ඉක්මනට දාපන් බන්...

    ReplyDelete
  8. නිධන් කතාවලට නං මාර ආසයි... ඒක නිසා ඊළග කෑල්ල දානකම් බලං ඉන්නවා..

    ඉස්සර නං හිතට නිදහස් නැති උනාම ලියන්න හිතෙනවා... දැන් නිදහස තිබුනන් ලියන්න දෙයක් එන්නේ නෑ ඔලුවට.. අනේ මන්ද... මොක උනත් ලියන්න පටන් ගත්ත එක නම් හොදා....

    ReplyDelete
  9. ෂුවර් එකටම නිධානයක් වෙන්ටෑ...
    බලමු ඊලඟ කොටසින්.
    මලයා සෑහෙන කාලෙකට පස්සේ හරි ආපු එකම මදෑ...

    ReplyDelete
  10. අම්මෝ .... හුඟ දවසකින්. ඉතිරි ටිකත් ඉක්මනට දාන්ඩෝ ......

    ReplyDelete
  11. කාලෙකට පස්සේ දාපු ලිපියට බොහොම ස්තුතියි. ඉක්මනින් එල ජොබක් සෙට් වේවා..

    ReplyDelete
  12. හම්බේ මම ආසම ජාතියේ කතාවක්..

    නහය උඩින් අඟලක් ගිලිලා ඉන්න මනුස්සයට එතනින් එහාට අඟල් දෙකක් ගියත් එකයි තුනක් ගියත් එකයි කියන්නෑහෑ ඒ මිනිහ බේරෙන්ඩ පිදුරු ගහෙත් එල්ලෙනවා කියනකොට සඳරු අයිය ඔය වැඩේ කරන්න හිතාගත්ත එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..

    ReplyDelete
  13. ලියලා තියේනං අහවල් එකටද මතු සම්බන්ධ කලේ.......! හරි බැරි ගැහිලා කියවන්න ගත්තා විතරයි! :)

    ReplyDelete
  14. උඹේ කතාවක් නැතුව අසනීපයි වගේ බං, හැමදාම ඇවිත් බලනව හැමදාම කංසා කතාව. දිගටම ලියපන්කො. මේකේ ඉතුරු ටිකත් ඉක්මනට දාපං ඈ. නියමයි. ජය.

    ReplyDelete
  15. පස් වගයක් කප කප ඉන්නවනං දැක්කා..කවුද දන්නේ යට නිධානේ කියලා...

    ReplyDelete
  16. අප්පට සිරි. දැන් සිද්ධිය වෙලා ඉවරයිනේ. පේන විදියට උඹ මොන්ත ක්‍රිස්තෝ සිටු කෙනෙක් වෙලත් නෑ වගේ. වැඩේ හබක්! කමක් නෑ අතක් පයක් කඩා නොගෙන බේරුනා නම් ඇති.

    අම්මපල්ල උඹට සෙට් වෙන්නෙම මරාල නෙව! ☻

    ReplyDelete
  17. උබලයි ගෙදරට සුදු වෑන් එකක්ටත් එයිද බොලේ.. ඉක්මනටම අනිත් කොටසත් දාන්න...

    ජය වේවා..

    ReplyDelete
  18. බලන අය අහන දේවල් වලට උත්තර දෙන්න බැරිනම් මොන හුත්තකටද ලියන්නේ. කොමෙන්ට් දාන්න බැරිවෙන්න ලියනවකො එතකොට ඉවරයිනේ.

    ReplyDelete
  19. තමන්ගේ ඉඩමක ලැබෙන දේට වුනත් සමහර විට අයිතියක් නැති වෙන්න පුළුවන් ලැබෙන දේත්, අදාළ නීතිත් අනුව... උඹට මොන මුට්ටියක් ලැබුනද බලන්න ඊ ළඟ කොටස දානකම් ඉන්න වෙනවනේ ...

    ReplyDelete
  20. හ‍රි හ‍රි... ඇත්ත නැත්ත අහන්නේ නැහැ. කොහොමහරි සඳරු හොදින් ඉන්නවනේ ඒ මදැයි. ඊලග කොටස ඉක්මනට දාන්න.

    ReplyDelete
  21. බුදු අම්මෝ මක්කැයි උනේ කියල දැනගන්නකම් ඉවසිල්ලක් නැ‍තෝ.???

    ReplyDelete
  22. හැබැයි ඉතින් අර පත්තරේට නම් ලිවුවා. කමක් නැහැ අපි තරහ නෑ බං..

    ReplyDelete
  23. ammeee ethi yantham me peththa mathak wela...

    ReplyDelete
  24. ගොඩක් දවසකින් බ්ලොග් එකේ මකුලු දැල් කඩලා සුද්ද කරලා පාටයි. අනිත් කොටසත් කියවලම බලමුකො

    ReplyDelete
  25. හප්පට බොල. මම උගෙන ගත් පලාතේ මහත්මයෙක් නොවැ. බොහොම අපූරූ ලියවිල්ලක් නොවැ. අපේ පැත්තෙත් ඇවිත් යන්න...
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
  26. අම්මෝ දැඩි නිහැඩියාව බිදගෙන උබ එකපාරටම කඩන් පැන්නා..

    නියමයි..

    බලමු ඉතිරිය...

    ReplyDelete
  27. උඹ මොනව මෙකෙ‍ දැම්මත් කමක් නෑ කොල්ලො අර 2000 න් මාසයක් ජීවත් වෙන කතාවනං ලොකු තැන් දැක්කොත් එහෙම 2500 න් තව 500 ක් කපයි.

    ඊගාව කෑල්ලත් ඉක්මනින් දාන්න.

    ReplyDelete
  28. ඊළඟ කොටසත් කියවලාම අදහස් දක්වන්නම්කො..
    මොනා වුනත් සඳරු අයියා ආයේ ලියන්න ගත්ත එක ගැන ගොඩක් සතුටුයි.හිස් අහස හිස් වෙලා තියෙනවා කියන්නේ බ්ලොග් ලෝකෙම හිස් වෙලා වගේ.

    ReplyDelete
  29. අඩේ මයෙ බොක්ක සඳරු.....දෙයියො දැක්ක වගේ.

    නිධන් කේස් එකක් නේද?අනේ මන්දා...රජත් ගොඩදාන එකේ උඹට බැණලත් වැඩක් නෑ.මොනව උණත් බඩගින්නෙ වේදනාවයි, අන්තර්ජාලේ තනිකමයි මමත් හොඳට අඳුරනවා.සල්ලි ටික කොළඹ කොටස් වෙළඳපොළේ ඇර ඕන මගුලක ආයෝජනය කරන්න.

    ප . ලි : උඹලගෙ පැත්තෙ තාමත් ඩී කූපි ගහනවද? අස්ථිවලට දෙයියන්ගේ පිහිටයි.

    ReplyDelete
  30. මම දැක්කා මුණු පොතේ උබලා වලක් හාරන පින්තූරයක් දාලා තියෙනවා.. ඒ හාරන්නේ නිධානේද...

    ReplyDelete
  31. ඔන්නොහේ පුළුන්නම් කමක් නෑ. දුප්පතුන්නෙ.....

    ReplyDelete
  32. උඹට තමන්ගෙ බ්ලොග් එකේ තමයි ලියවෙන්නෙ නැත්තෙ.අනුන්ගෙ පත්තරේ නම් ලියවෙනව.... කමක් නෑ ඉතින් ඒකත් අපේ සඳරු මල්ලිගෙනෙ. බ්ලොග් එක මොකද , පත්තරේ මොකද නේද......

    ReplyDelete
  33. අර මාරයා කියපි ෆොටෝ එක මමත් දැක්ක. වටේට අත්තිවරම්ක දාල හාරනකොට හිතෙන්නේ ඉතිං ගෙයක් හදනවා කියලනේ. ඒකත් නරක නෑ. එහෙනම් "යූ කැන් සී නින්දන් කමින් අවුට් ලෙටර්" කියල තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
  34. හිතේ නිදහස දැන් එමට තියනවනම් අනිවා වැඩේ ගොඩ ගිහින් ඇති...

    මොනව වුනත් කාලෙකින් හිස් අහසෙ කතාවක් කියවන්ඩ ලැබිච්ච එක අපිට නිකම් නිධානයක් ගොඩ් දැම්මා වගේ..

    අර දෙදහෙන් මාසයක් ජීවත් වෙන විදිහ ගැන හැන්ඩ් බිල් ටිකක් ගහලා දැම්මනම් වෙඩි වගේ විකිනෙයි සඳරුවො.. ආයෙ වෙන මුකුත් කරන්ඩ ඕනා නෑ උඹට.

    ReplyDelete
  35. අනේ බං සදරුවෝ උබට සල්ලි හොයාගන්න වෙන මොකක් හරි ලයින් එකක් බලමු නිකන් මොකටද ඇතුලේ ලගින්න ....

    ReplyDelete
  36. මෙන්න මුන් ලබන සතියේ නිධන් හාරන්න යනෝ.....

    ReplyDelete
  37. ආයෙත් දකින්න ලැබුන එක ළිකු දෙයක්. උඹේ අඩුව හොඳටම දැණුනා. ඒ රසය දෙන්න සමත් කිසිම කෙනෙක් නෑ. මම හිතාගෙන උන්නේ උඹ පත්තරේ ඉස්තිර උනාවත්ද කියලා. කරදර කාටද බන් නැත්තේ. පුනරාගමනයට උණුසුම් සුබ පැතුම්. දීපන් පොරි හැලෙන්න.

    ReplyDelete
  38. ගොඩ ගියත් නැත්ත වෙච්ච දේවල් වල හැරියට උඹ අත පට නොකැඩී ඉන්නවනම් ඒ ඇති. මේ ඇත්තට මේ සාහිත්‍යය මාසේ වෙච්චි එකේ 'සදරුවගේ වික්‍රම' කියල හරි වෙන ඕන මෙව්ව එකක් කියල හරි පොතක් ගහංකෝ.

    ඒත් බැරිනම් යවපං උඹේ කථාවක් දෙකක් අර පෝය දවසේ 'හිත නිවන කථා' වලට. සමහරවිට උන් නම වෙනස් කරයි 'දුක හිතෙන කථා' කියල.

    ReplyDelete
  39. භයානක සීන්කෝන් මචන් මේවා

    ReplyDelete
  40. පුලු පුලුවන් විදිහට ලියහං අපි වෙනුවෙන්!

    ReplyDelete
  41. උඹ තව කතා ටිකකුත් ලියලා පොතක් ගහපං බං!සමහරවිට ඒක වෙන්න පුලුවන් උඹේ නිධානය අර හැරී පෝටර් ලියපු ඇත්තිට උනා වගේ!

    ReplyDelete
  42. දෙදාහක් එක්ක මාසේ රන් කරනවා කියලා බන්දුල ලොක්කා දන්නවානම් බොට නිධානෙ පැත්තක තියලා මීඩියා වැඩක් දෙන්නත් බැරි නෑ..

    ReplyDelete
  43. ඔන්න ඔන්න මල්ලි වැරදි තැනකට තමයි අත ගැහුවේ. උඹලට ගන්න ඕන තරම් දේවල් අපි දීල තියනවනේ. ඕව ඔක්කොම අයිති අපේ රජතුමාටයි එයාගේ නැයින්ටයි. ඕවට විතරක් අත තියල අපි නරක මිනිස්සු කියන්න එපා ඔං හරිය.

    ReplyDelete
  44. අර උඹ බුකියේ දාලා තිබ්බේ නිදන් හාරන වෙලේ ගත්තු පොටෝ ඒකක් වෙන්න ඇති මයේ හිතේ. අම්මපා බං කන්න නැතත් මේ අන්තර්ජංජාලේ නැතුව මොකටද ජිවත් වෙලා. තව මාසෙකට විතර පස්සේවත් මේකේ ඊලග කොටස දාපන්කෝ එහෙනං :)

    ReplyDelete
  45. සඳරුවාට අඩුවෙලා තිබුණේ එච්චරයි.... :P

    ReplyDelete
  46. මටත් කීයක් හරි දියන්කෝ

    ReplyDelete
  47. නියමයි මචං ඉතුරු ටිකත් ලියපං...

    ReplyDelete
  48. අර සබිත් කියලා තියෙන කතාවට මම එකඟයි. ඔයාට ලියන්න හැකියාව ඉහටත් උඩින් තියෙනවා. ලියන්න පොත් ටිකක්

    ReplyDelete
  49. යන්තන් මූ ආයෙ ලියන්න ගත්ත... මොනදේ උනත් ඒ හැකියාවට තිත තියන්නෙපා බං... සියළු කරදර දුරුවේවා... ජය!

    ReplyDelete
  50. අනේ ගොඩ යමන්..... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  51. "දැන් නම් හිතේ නිදහස එමට තියනවා ඒකයි ආයේ ලියන්ඩ ආවේ"

    මේකා දැනටමත් නිධානෙට ගේම දීලද කොහෙද?

    ReplyDelete
  52. //රුපියල් දෙදාහකින් මාසෙ ගෙවාගන්න තරම් අති දක්‍ෂයෙක් වෙන්නත් මට පුළුවන් වෙච්ච බව//.................... යකෝ මේක අපේ ධන රින මහත්තයට නම් ඇහෙන්න කියන්න එපා මහ විනාසයක් වෙන්නේ..........

    කොහොමහරි ආපහු ආපු එක නම් ලොකු දෙයක්. දැන් ඉතින් ඇරියස් අල්ලල ලියපන්.................

    ReplyDelete
  53. මතු සම්බන්ධයි කෑල්ල දකිනකොටත් අන්ගේ මාළු නටනවා!;)
    එත් මොනවා කරන්නද
    ඉතුරු කෑල්ලත් ඉක්මනටම දාන්න!

    ReplyDelete
  54. අඩේ......
    ඊලග කෑල්ල එනකං නං ඉවසිල්ලක් නෑ වගේ..

    ReplyDelete
  55. ලක්මාල්21 September 2012 at 08:03

    උඹේ හිත නිදහස් වෙච්ච එක නම් ලොකු දෙයක්.... ජයවේවා...

    ReplyDelete
  56. අඩේ නිධානයක්.... මරු මරු..... බිල්ලකුත් දුන්නද...

    ReplyDelete
  57. සඳුදාට පබ්ලිෂ් කරන ඊලග කොටසෙදී හැමෝගෙම කමෙන්ට් වලට උත්තර දෙන්නම්කෝ ..

    ReplyDelete
  58. මට කියන්න දෙයක් නෑ බොල කතාව කියවනවා ඇරෙන්ට ....... ආපහු ලියන්න ගත්ත එක නම් ලොකු දෙයක්

    ReplyDelete
  59. අන්තිමට උඹට කෙලවුනා කියලා නම් ෂුවර්
    බලමුකෝ ඊළඟ කොටසත් කියවලා.

    ReplyDelete
  60. දාපිය ඉතිරිටික ඉක්මනට,,

    ජය,,,

    ReplyDelete
  61. දැන් නම් හිතේ නිදහස එමට තියනවා

    ඒ කිව්වෙ නිධානෙ ගොඩ දාලා සදරුවා ගජ පෝසතෙක් වත් වුනාද ?
    රැකියාවක් නැති වෙලා අතේ සතේ නැති වෙලා ඉන්න වෙලාවට දැනෙන පරාජිත හැගීම මමත් හොදට විදලා තියෙනවා... උඹට ජය ! යහපතක්ම වේවා ....

    මම මේ දවස්වල ඇන්ටික් බයිසිමොටෝ ගැන ලියන සිරා

    ReplyDelete
  62. ආන්ඩුවෙන් අරගෙන යන්න කලින් උඹල ගත්ත එක හොඳා‍‍‍......

    ReplyDelete
  63. ඔය නිධානෙට වඩා වටිනවා බන්ධුල මාමත් එක්ක ඡන්දෙ කාළෙට මැතිවරණ රැස්විම්වලට ගියානං. එහෙම ජොබ් එකක් කළානං නිධාන පරාදයි. එයා කිව්වේ රුපියල් 2500 කින් මාසයක් ඉන්න පුළුවං කියලා. එයාගේ රෙකෝඩ් එකත් මෙන්න සඳරුවා කඩලනෙ...

    ReplyDelete
  64. ඕන්න එහෙනම් වෙල්කම් බැක් කිව්වා...

    මච්න් උබවද බිල්ලට දෙන සෙට් කරල තිබුනේ......

    ReplyDelete
  65. මෙන්නෝ හොරෙක්

    ReplyDelete
  66. මහ එකාට හොද නම් උඹලට අපිට මොකෝ බං අයියේ නරක .... ඔන්න ඔහේ ගොඩ දාපන් ......

    ප.ලි - ඕනේ මගුලක් ගොඩදාපන් ..... මතක ඇතුව ඊළග කොටස දාපන් ....... { මේ අවකාසේ කබ්බෝ කබ්බියෝ ෆෝම් වෙලා බං .. (මාත් එහෙම එකෙක්ද දන්නෑ)කොහොම උනත් උඔ වගේ එකෙක් නැති වුනහම තියෙන අඩුවනං නොඅඩුවම දැනුන }

    ReplyDelete
  67. :) අපිත් ආව ඔන්න! :)

    ReplyDelete
  68. අයෙ කියල වැඩක් නහැ නවත්තල තියනව පිස්සු හැදෙන තැනකින්....ඉක්මනට දාන්ඩෝ අනිකත්.........................

    ReplyDelete
  69. මොනා කියන්නද මන්දා බන් ? අවුරුදු 26ක් ..ඔව් උඹට ඇහුනා හරි 26ක් දඟලලා දඟලලා ගොඩ දාගත්ත අධ්‍යාපනේ කියන නිධානෙ භුක්ති විඳින මට උඹට කියන්න දෙයක් නෑ..හිතට හොඳා කියලා හිතෙන දෙයක් කරහන්...

    ReplyDelete
  70. මොනවා කලත් පරිස්සමෙන් ගොඩක් සතුටුයි කරදර අඩු වෙලාතියෙන එකට

    ReplyDelete
  71. පරන සපත්තු පත්තර එතකොට ඉමිටෙශන් නිදන් වස්තු හොඳ ගානට ගන්නවෝ ....පරණ.ස...........ප්පත්තු..හික්ස්

    ReplyDelete
  72. අනිත් කොටස එනකං ඉන්නෙ..

    ReplyDelete
  73. අම්මො ලොකු දෙයක් අායිමත් බ්ලොග ලියන්න ගත්තු ඒක

    ReplyDelete
  74. මට හිතෙන්නෙනම් නිදන් කෙසේ වෙතත් රුක්මන් මහත්තයගෙ වත්තේ තිබ්බ කලුගලනම් කඩලා විකුනලා එතන පොඩි ලිදකුත් බැදලා ගමටම වතුර බෙදලා වගෙයි.

    ReplyDelete
  75. සැමදාම වගේ හොඳටම ලියල තියනවා .
    ඉක්මනට ඊලග කොටස කියවන්න බලාගෙන ඉන්නවා ...

    ReplyDelete
  76. ලියන විදිහ වෙනස් වෙල හික් මීයෝ..ලියවෙන්නේ නැති නිසා මීට සතියකට දෙකකට කලින් බොට කෝල් කරාම ෆෝන් එක වැඩ කරන්නේ නෑ..ඒකත් වික්කය?

    ReplyDelete
  77. කුකුලා වෙනුවට වෙන්න ඇති උඹ අරන් යන්න ඇත්තෙ

    ReplyDelete
  78. 2000 න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් මචං.රස්සාවක් නැතුව අතේ සතයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.ඒ උනාට එහෙම වෙලාවට හිත රිද්දවන්නේ බඩගින්න(උඹට ඒක අදාළ නෑ) දුමක් දාන්න සල්ලි නැති එක නෙවෙයි , අපි රටට ගෙදරට බරක් කියන කාලකන්නි හැගීම.

    අනේ මන්දා ඔය නිදන් කේස් ඒකට මොකුත් කියන්න බෑ.ඒත් පරිස්සමින් වැඩ කරපන්.පොලිසියටත් වැඩිය අපිට නොපෙනෙන දේවල් වලින්.

    ReplyDelete
  79. අඩේ මේකට හෙන සෙට් එකක් ඉන්නවා නේද?

    ReplyDelete
  80. අඩෝ තවත් නිදං හොරු! උඹ නං මාර දේවල් යකෝ ලියන්නෙ!!

    ReplyDelete
  81. කාල් මාක්ස්29 May 2017 at 11:45

    // මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත මගෙන් හාර අවුස්සලා අහන එක තමා මට රුස්සනෙම නැත්තේ.

    තොට රුස්සන්නෙ නෑ කියල අපිට ඉබි කටුද? අපිටත් අයිතියක් තියනව ඒවගෙ ඇත්ත නැත්ත දැනගන්න.

    අමාරුම නං මාපිලා බෝක්කුව යටිං බාගයක් ඇදල බෝතලේ පුකේ ගහ ගනිං.

    ReplyDelete

තැන්කූ බං