13.8.13

රණවිරුවෙකුගේ වම් කකුල .

මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට මාස තුනක් විතර ඇති . සිද්ධියක් වෙච්ච ගමන්ම ඒක ලියන එක මට කොහෙත්ම කරන්න බෑ ඒ සිද්ධිය මාස ගකීපයක් හිතේ තැම්බිලා ගානට පදම් වුණාට පස්සේ තමයි මට ඒ සිදුවීම අකුරු කරන්න හිතෙන්නේ .

මම හිතන්නේ ඒ මම හිතන්නේ ඒ මැයි මාසේ . අවුරුදු කාලා අතේ සතේ නැති මැයි මාසේ කියන්නේ මට වගේම කාට කාටත් අතේ පිච්චිය හිඟ වෙන කාලේ . රස්සාව නැති වුණ මුල් කාලේ නිසාම ඔය වෙනකොට මගෙ අතෙත් සතේ බෝම හිඟයි . ඒ නිසාම මම තීරණට කෙරුවා පුංචි පහේ රස්සාවක් කරන්න .

මම මගේ දන්න කියන යාළු මිත්‍රයෝ මාර්ගයෙන් රස්සා කීපයක්ම හොයලා බැලුවා . සමහර එවුවා නමට රස්සා තවත් එවුවා කරන්න මට සුදුසුකම් මදි . තව සමහරක් රස්සාවලට ගිහිං බැලිං නං එවුවට ගන්නේ කාන්තා පාර්සවේ විතරයි . ඉතින් ඔයි ජාතියේ රස්සා කීපයක්ම හොයලා බලලා අන්තිමේදී පෙම්වතුන්ගේ දෙයියා වෙච්ච හුච් දුරකථන සමාගමේ රස්සාවක් මට සෙට් වුණා . මට ඒ රස්සාව පංගරත්තු කළේ මගෙ ළඟම නෑයෙක් වෙච්ච හෙට්ටි අයියා .

හෙට්ටි අයියා කාලයක් හමුදාවේ සේවය කළා. හමුදා කඳවුරේ ඉන්න අතරේ අවේලාවේ අනව්‍ය ගමනක් ගිහින් ජොනී බට්ටෙක්ද මොකෙද්ද පෑගිලා හෙට්ටි අයියගෙ වම් කකුල සුණේ සුන් වෙලා තිබුණ හන්දා හෙට්ටි අයියා ප්ලාස්ටික් බොරු කකුලක් පැළඳගෙන හිටියා . දවසක් හැන්දෑ වරුවේ මාව හොයාගෙන ගෙදර ආව හෙට්ටි අයියා මට රස්සාවක් හොයාගත්ත සුබ ආරංචිය කියද්දී උන්දැගෙ මූණ හිනාවෙන් බැබලුණා .

"මයෙ මලයට මං අහවල් ෆෝන් කොම්පැනියේ රස්සාවක් පංගරාත්තු කළා . මලයට තියෙන්නේ ඒ මහත්තුරු දෙන බයික්කෙන් ගිහින් . සිග්නල් කුලුනු වල අඩුපාඩු බලලා හදන්න . ලස්ස ගාණක් පඩි දෙයියම්පා .. හෙටම මහ ටවුමෙ ඔෆීසියට ගිහින් විස්තර කතා කරගන්ඩකෝ ."

"ඉතින් හෙට්ටි අයියා ඒතරං ලොකු තනතුරක් මට දෙයිද ? "

"මං නියමෙට ඇනේ ගහලා තියෙන්නේ මල්ලියා. මං ඔයි කොම්පැනියම අල්ලං ඉන්නේ උන්දැල මයෙ වචනෙට පිටින් යන්නේ නෑ මයෙ මලයා .."

හෙට්ටි අයියගේ තියුණු කතාව අහලා ඇතෙක් බරට සන්තෝසේ මයෙ හිතේ පිරුණා. ඒ නිසාම ගොඩක් බලාපොරොත්තු තියාගෙන මම පහුවදා උදෙන්ම ගිහින් මල් කොම්පැනියේ අදාළ මහත්මයෙක්ව මූණටම මුණ ගැහුණා .

"ඔයාට අපි බයික් එකක් නම් දෙන්නේ නෑ ඔයා බයික් එකක් හොයාගන්න ."

මල් කොම්පැනියේ මහත්තයා මට දමා ගහපු පළවෙනි තිත්ත ඇත්තෙන්ම හෙට්ටි අයියා මගේ හිතේ හදාපු අහස් මාළිගා දෙදරලා ගියා .

"ඒතකොට සර් කොයි කොයි පැතිවල ටවර්ද මට චෙක් කරන්න තියෙන්නේ ..?"

"ටවර් චෙක් කරන්නඩ කීවා. මල්ලී ඔයාගේ ඔළුව හොඳ නැද්ද ?. ඔයාට තියෙන්නේ කඩවල් වලට , කොමියුනිකේෂන් සෙන්ටර් වලට කාඩ් , රීලෝඩ් බෙදන්න . පුළුවන්නං කරන්න නැත්තං යන්ඩ ."

"නෑ නෑ සර් මං කරන්නං .."

කරන්නම දෙයක් නැති තැන මම රස්සාව බාරගත්තා ..හෙට්ටි අයියා කියන්නේ බොරුව කියන විෂබීජේ මේ අපි වසන වැවුගම්පත්තුවට ගෙනා මිනිහා වන වග මම හොඳින්ම දැනගෙන හිටියා ඒ වුණත් මම මොහොතකට හෙට්ටි අයියගේ ලොකු කතා වලට අහු වුණා .

අද කාලේ එකෙක් ඉහළට යනකොට අහවල් එකෙන් ඇදලා ඌව බිමට දාන්න බලාන ඉන්න එවුන් වැහි වැහලා . එහෙවු එකේ හෙට්ටි අයියා ඌට හැකි විදියට හරි මට රස්සාවක් හොයා දුන්නානේ . එහෙම හිතවුව මම හෙට්ටි අයියට මෛත්‍රී කෙරුවා . ඉතින් ඔන්න ඔයි විදිහට මම මල් කොම්පැනියේ අතකොලුවක් බවට පත් වුණා .

මයෙ අලුත් රසාව ගැන කීවොත් මට පැවරිලා තිබුණේ උතුරු වැවුගම්පත්තුව අවට ගම්මාන කීපයකම තිබුණ කඩ කෑලි වලට සිම් සහ ෆෝන් කාඩ් බෙදා දෙන්න . මඩ කැන්ද, බයි කෝමාරිය, ජඩයංතලාව , සහ මජිත්පුර කියන හද්ද පිටිසර ගම්මාන ටික මට බාර දීලා අත පිහගත්ත මල් කොම්පැනියේ අමණයෝ ඒ මදිවට මහා අමුතු ටාගට් එකකුත් මට පැටෙවුවේ කිසිම හිරිකිතයකින් තොරවයි .

"ඔයා දවසකට දහදාහක් ටාගට් කවර් කෙරුවොත් ඔයාට අපි හෙලිකොප්ටර් සවාරියක් දෙනවා ."

"සර් දහදාහක් තියා දාහක් වත් ටාගට් ගහන්ඩ බෑ අනික ඒ පළාත් වලට මල් සිග්නල් නෑ නේ ?" මං ගොං කතාවක් කීවා

"පිස්සුද හලෝ අපි ලංකාවටම තීජී හිටං දුන්නා අනික් එකෙක්ටවත් බැරි වුණා ඒම කරන්ඩ ."

"ඒකත් ඒමද. ඒක සර් නෙමේ මම ටාගට් ගැහැවුවොත් මට ලැබෙන හෙළි කොප්පර ගමන නොගිහිං මට අතට සල්ලි ගන්ඩ බැරිද ?" මං ආයෙ ගොං ප්‍රශ්නයක් ඇහැවුවා

"පිස්සුද ? එහෙම්බෑ . ගොං කතා කියන්න එපා" .

සුසුමක් හෙළාපු මම හද්ද පිටිසර ගම්මාන වල මල් ෆෝන් කාඩ් විකුණන්න පටන්ගතේ ඕං ඔය විදිහට .

මම ගිය ඒ දුප්පත් ගම්මාන වලට කිසිම දුරකථන සිග්නල් එකක් හරියාකාරව නැති බව මට හොඳටම තේරුණා. ඒ ගම්මාන වල අසරණ මිනිස්සුන්ට , කොල්ලන්ට, කෙල්ලන්ට ෆෝන් කනේ ගහගෙන මල් කඩනවාට වඩා කරන්න වැඩ එමට තිබුණා . ඉතින් සමහර දාට කාඩ් කීපයක් මගේම මුදලින් ගන්න මම දවසේ ටාගට් එක මගේ අතින්ම දාලා කවර් කරලා දැම්මේ කරන්න දෙයක් නැති කම නිසාමයි .

ඔය විදිහට මගේ අතින් කයිට් ජොබ් එකේ හිර වෙලා හිටි මම එක දවසක හවස් වරුවේ සියලුම වැඩ ඉවර කරලා මුදල් බාරදෙන්න මහ ටවුමේ මල් ඔෆිස් එක වෙත බයිසිකයල පදවමින් උන්නා . ඔය අතරේ තමා මම දැක්කේ මට මේ රස්සාව ලබා දෙන්න දාඩිය මුගුරු , ලේ, කඳුළු වගුරුවාපු අපේ හෙට්ටි අයියා හුරි මාර ගහක් යට ඉඳගෙන බුලත් හපමින් බස් එකක් එනකම් මග බලන හැටි.

"ආ හෙට්ටි අයියා . බෑරක් යන්ඩ ?"

"ඕ මලයා . කෝමද ජොබ් එක මොකෝ මේ මූණ එල්ලං ?"

"ටවර් බලාගන්ඩ කියලා උඹ මාව යවුවට උන් මට දුන්නේ කාඩ් බෙදන්න බං . ඒකත් අර හද්ද ඩොටේ සයිඩ් එකට බං සෙහ් .."

"අනේ මලයා මොකක් නමුත් වැරදීමක් වෙන්ඩැති . මං ආයේ කතා කරලා බලන්නම් මං ඔය කොම්පැනියේ ලොක්කෝ සොක්කෝ සේරමලා අල්ලං ඉන්නේ උඹ බය වෙන්ඩෙපා මයෙ මලයා."

"හරි හෙට්ටි අයියා උඹ දැන් කොහේ යන්ඩ මේ ඉන්නේ ?"

මම එහෙම ඇහැවුවේ මොනා වුණත් කකුලක් නැති රණවිරුවා වෙච්ච වෙච්චි හෙට්ටි අයියා ගැන හිතේ උපන්න කැක්කුම නිසයි .

"මං ටවුමට යන්ඩ මලයා"

"ආ නැගහන් අයියේ මමත් මේ මල් කොම්පැණියට සල්ලි ටික දෙන්න යන ගමන් ."

අඳුනන ගෙදරකින් හෙල්මට් කෑල්ලකුත් ඉල්ලගත්ත මම හෙට්ටි අයියාවත් බයික් එකේ නංඟා ගත්තේ අවලං ගමනක් ගිහිං කකුල කඩා ගත්තා වුණත් රට ජාතිය ගැන හිතලා නිකමට හරි හෙට්ටි අයියා හමුදාවට බැඳුණ අපේ එකෙක් නිසයි .

"අපි වෙනුවෙන් අපි හෙට්ටි අයියා .. උඹ හයියෙන් අල්ලං නේද ඉන්නේ ?" බයික් එක පදවන්න කලින් මම හෙට්ටි අයියා ගැන හොයා බැලුවා .

"අපි වෙනුවෙන් අපි මලයා . මං ලෙසටම අල්ලං ඉන්නේ පිඹලා යමං වැස්සක් එනවා ."

අපි මහ ටවුමට ළඟා වෙනකොට වෙලාව හවස පහකුත් ගාණක් . ගෙවල් බලා යන අක්කලා නංඟිලාගෙන් මුලු මහ ටවුමම පිරිලා . පාර දෙපැත්තෙම හුරුබූහුටි කෙල්ලෝ වැහි වැහැලා . මල් සමාගමෙන් දුන්නු ටීෂර්ට් එක ඇඟලාගෙන බයික් එක පදින මං දිහාත් කෙල්ලො කීප දෙනෙක්ම බැලුවා . මගෙත් හිතේ, ගතේ, වතේ, අතේ, හැමතැනම මල් පිපිලා ..

"දඩිං බිඩිං ඩෝ ....!!"

එකපාරටම බයික් එකට පිටුපසින් ඇහුණු සද්දයක් නිසා මම කලබල වෙලා පිටුපස බැලුවා . හත් දෙයියනේ !! . හෙට්ටි අයියා බයික් එකෙන් බිමට වැටිලා . හෙට්ටි අයියා වැටිච්ච පාරේ සැරට උන්දැගෙ බොරු කකුල ගැලවිලා පාර දිගේ තවමත් රෝල් වෙනවා . අන්දුන් කුන්ඳුන් වෙච්ච මම බයික් එක මහපාර මැද්දෑවෙම නතර කෙරුවේ මේන් ස්ටෑන්ඩ් එක අටවලයි .

මම බයික් එකෙන් බැහැලා හෙට්ටි අයියා දිහා බලනකොට ඌ තමන්ගේ බොරු කකුල ගාවට බඩගාගෙන යන්න ලොකු උත්සාහයක යෙදෙනවා . පාර දෙපැත්තේ ඉන්න උදවියට මැජික් වගේ.

"බුදු අම්මේ මෙන්න මිනිහෙකුගේ කකුල ගැලවිලා වීසික්කා වෙලෝ...!"

කවුද එකෙක් කෑදුන්නු ඒ සද්දේට ටවුන් එකම හෙල්ලුණා . මම හනිකට හෙට්ටි අයියා ගාව දිවුවා . පාර දෙපැත්තේ උන්නු ගෑනු මිනිස්සු ලතෝනි දෙන හඬ අතරින් මම හෙට්ටි අයියට කතා කළා .

"හෙට්ටි අයියා උඹට අමාරුද . ?"

"අම්මා .. මයෙ අත තුවාල වුණා මලයා ඉන්ඩ බෑ කැක්කුම.."

"ඔහොම ඉඳින් .."

මම පුළුවන් හයිය දාලා හෙට්ටි අයියව අත් දෙකෙන්ම උස්සලා වඩා ගත්තා . සිමෙන්ති කොට්ට, යට ලී, බාල්ක.. වගේ බර දේවල් කාලයක් කරගහලම මට බර ඉසිලීමේ හොඳ හැකියාවක් තිබුණා . ඒ පිහිටෙන් මම හෙට්ටි අයියාව උස්සාගෙන ගිහින් බයික් එක උඩ ඉන්ඳෙවුවා .

"මල්ලියා මයෙ කකුල ..."

"ඉඳින් අයියා මං ගෙන්නං .."

මම හනිකට හෙට්ටි අයියාගේ බොරු කකුල ගාවට දිවුවා . ඔන්න එතකොටයි මට වටේ පිටේ පිරිලා උන්නු අයගේ බයෙන් මිරිකුණු මූණු හරියට පෙනුණේ . මම හෙට්ටි අයියාගේ බොරු කකුල අතට ගත්තා..

"අනේ බුදු මල්ලියේ ඔය කකුල අයිස් කැට දමාපු මල්ලක දමාපං මයෙ මල්ලියේ. . . ඔහොම ගන්න හොඳනෑ මල්ලියේ . මම හොස්පිරිතාලේ නර්ස් කෙනෙක් මල්ලියේ .."

තරබාරු නර්ස් අක්කා කෙනෙක් දුවගෙන ඇවිත් මගෙ කරේ එල්ලුණා .

ඒ මොහොතේ මම බොහොම කලබල වෙච්ච නිසා මගෙ අතින් හෙට්ටි අයියාගේ බොරු කකුල බිම අතෑරුනා. ඒක දැකපු නංඟිලා දෙන්නෙක් දඩි බිඩි ගාලා කලන්තේ දාලා ලස්සන ඈන්ගල් එකට බිම ඇදං වැටුණා . පාර දෙපැත්තේ බලං හිටි හැඩි දැඩි ජෙනුයින් අයියලා, මල්ලිලා බොහොමයක් දෙනා අත් වලින් මූණ වහගත්තා ..

"මේක ඇත්ත කකුලක් නෙවි බොරු කකුලක් ... දෙයියනේ ..!!"

එදා මම හෙට්ටි අයියගේ කකුල අතට අරගෙන කාටත් පේන්න ඉහළ ඔසවාගෙන මහ හයියෙන් ටවුන් එක මැද ඉඳන් කෑ ගැහුවා . ..

"එහෙනං ඔය ලේ එන්නේ කොයින්ද ? ඔහේ අර අහිංසකයා හප්පලා බොරු කියලා පැනලා යන්නද හදන්නේ ?"

කවුද මන්දා බුද්ධිමතෙක් මාව නිරීක්‍ෂණය කරලා නිගමනයකට ඇවිල්ලා . මට අසූ හාරදාහට මල.

"ලේ එන්නේ නේද ? ලේ එන්නේ ඔහෙගෙ ගෑ @#$!#$!* න්"

මම හිතේ උපන්න තරහට එහෙම කෑ ගහලා . හෙට්ටි අයියා ගාවට ගිහින් බොරු කකුල ආයෙත් ඌට හයි කළා . ඔන්න ඊට පස්සේ වැවුගම්පත්තුව ටවුමේ කුලප්පු කාරයෝ ටිකත් සන්සුන් වුණා ..

මම හෙට්ටි අයියව ප්‍රයිවට් දොස්තර කෙනෙක් ගාවට එක්ක ගිහින් ඌගේ තුවාල වලට බෙහෙත් දම්ම ගත්තා ..

"ගාන 350යි"

දොස්තර මහත්තයාගේ සහයක තුමා පැන්න ගමන් එහෙම කියද්දී මට හෙට්ටි අයියව එතන දාල දුවන්න හිතුණා බැලුණා. හෙට්ටි අයියා බිම බලාගෙන මගෙන් මෙහෙම ඇහැවුවා ..

"මල්ලි උඹ ගාව සල්ලි කීයක්වත් නෑ ?"

"ඉඳින් හෙට්ටි අයියේ මං දෙන්නං .."

උදේ ඉඳන් කාඩ් විකුණාපු සල්ලි වලින් රුපියල් තුන්සිය පනහක් පට් පට් ගාලා ඇදලා අරගෙන දොස්තර ගාස්තුව ගෙවලා හෙට්ටි අයියත් එක්ක මම එළියට බැස්සා .

"අනේ මලේ මට දැන් ගෙදර යන්න ඕනැ මාව ගෙදර ගිහින් දාපං මට මාර අමාරුයි කැක්කුමයි ." හෙට්ටි අයියා අමාරුවෙන් කෙඳිරි ගෑවා .

"අපි මේ සල්ලි ටිකයි ඉතිරි කාඩ් ටිකයි ෆෝන් කොම්පැණියට දීගෙන අත්සන් කරලා ගෙදර යමු අයියේ .. මම එහෙම කියලා බයිසිකලේ හෙමිහිට පදවාගෙන මල් කොම්පැණියට ගියා ."

හෙට්ටි අයියව එළියෙන් ඉන්ඳවලා මම ලේ තැවරුණු ඇඳුම් පිටින් ඇතුළට ගියා . මට වැඩ භාර දෙන බොසා තව කීප දෙනෙක් එක්ක ඔෆිස් එක ඇතුළේ ඉඳන් මැච් එකක් බලනවා ..

"සෑර් මේ"

"ආ මම තමුන් එනකං තමා උන්නේ .මොකද්ද අර පාරේ පික්ෂුවක් නටලා තියෙන්නේ . තමුන් මොන පික්ෂුව නැටුවත් මට කමන්නෑ ඒත් අපේ කම්පැනි ටීෂර්ට් ඇඳන් එහෙම කරන්ඩ බෑ . තමුන් මේ කම්පැනියට අවනම්බු කෙරුවා .."

ලොක්කා කීව දෙයින් මට ආයෙත් කේන්ති ගියා ..

"සර් ඔයා එහෙම කියඩෙපා . මම අපේ හෙට්ටි අයියට උදවු කළේ . ඔයාලගෙත් හොඳ යාළුවෙක් නේද හෙට්ටි අයියා .."

"අනෙ මම අඳුනන හෙට්ටියෙක් නෑ අයිසේ . තමුන් අපෙ නම කෑවා කෑව කෑවා වා වාවා"

ලොක්කා පිස්සෙක් වගේ කෑගහනවා .

"අනේ මේ සර් ඔහේලෑ නල්ල මලේ කොම්පැනිය දුවන්නේ අර මාසෙට දෙසීයක් දාලා මල් කඩන පොඩි කෙල්ලෝ කොල්ලෝ නිසා . එහෙ නැතුං ඔහේලෑ මොන නම්බුවක්ද ? .. මං ආයේ එන්නේ නෑ වැඩට වෙන කෙනෙක් හොයාගෙන අර ඩොටේ ගම්මාන වල චාටර් කන්ඩ යවන්ඩ.."

"මොකක් කීවේ තමුසේ ?"

"ආ මෙන්න සල්ලි .. මෙන්න කාඩ් . ඔතන තුන්සිය පනහක් අඩුයි . එවුවා පස්සෙ දෙන්න . මං යනවා යන්ඩ.."

මම වීරයෙක් වගේ එළියට බහින්න සූදානම් වුණත් කොම්පැනියේ බොසා මට නිකම්ම යන්න ඇරියේ නෑ .

"මේ අයිසේ ඔය ටීෂර්ට් එක දීලා යනවා .. ඕකෙ කම්පැනි නම තියනවා තමුසෙ අපෙ නම කනවා ඔක ඇඳන් .."

"ආ ගන්න සෑර් අරං ඇඳගන්න ."

මම මල් සමාගමේ ටීෂර්ට් එකත් ගලෝලා දාලා තරහෙන් ගැහි ගැහී එළියට බැස්සා . මාව දැකපු හෙට්ටි අයියගේ මූණ දෙක වෙලා ..

"මොකෝ මලේ මේ කෝ ටීෂර්ට් එක ?. වැඩ ඇරිලා ගෙදර යනකොට ඒකත් ගලෝලා තියන්න ඔනෑද ?"

"ටීෂර්ට් එකත් නෑ රස්සාවත් ඕන්නෑ මම ඒ දෙකම දමලා ගහලා ආවේ බං යමං .."

"අනේ මලේ කලබල වෙන්න එපා මං පොඩ්ඩක් කතා කරන්නං ඒ මහත්තුරුත් එක්ක . ඔය සේරෝමලා මං අල්ලං ඉන්නේ . මං කීවොත් .."

හෙට්ටි අයියා මගේ හිත හදන්න උත්සාහ කළා වුණත් මගේ හිත හැදුණේ නෑ. මගේ හිත තව තවත් තරහෙන් පිරුණා .

"මේ යකෝ දැං උඹ බයික්කෙට නැග්ග වෙලෙත් කීවේ අල්ලං ඉන්නවා කියලා නේද ?. කොයි වෙලේ බැලුවත් අල්ලං ඉන්නේ අල්ලං ඉන්නේ .. මොකක්ද බොල තෝ අල්ලං ඉන්නේ ? iයද ? . අනේ තොගේ කට විතරයි කට වහගෙන යමං ."

හෙට්ටි අයියා ආයේ මගෙත් එක්ක කතා කෙරුවේ නෑ . එදා ඉඳන් දවස් ගාණක් යනකල්ම මමත් හෙට්ටි අයියාව මුණ ගැහෙන්නේ නැතුව මග ඇරියා . මගේම ලොකු අයියාට වගේ මම හෙට්ටි අයියාට ගරු කළේ ඉතින් හෙට්ටි අයියාට කැත වචනයන් බැන්න එකට මගේ හිත මටම දොස් කීවා .. එදා ඉඳන් අද වෙනකම් හෙට්ටි අයියා මට කතා කෙරුවේ නෑ . අඩුම තරමේ උදේට ගුඩ්මෝනිං කියලා සුබ පැතුවේවත් නෑ . හෙට්ටි අයියා මා එක්ක හැබෑවටම අමනාප වෙලා ..

ඔයිකෙන් මේකෙන් වුණේ මට රස්සා එපා වෙච්ච එක .. ඒත් කාලකණ්ණි මං ගැන විශ්වාසය තියලා මට රස්සාවක් දෙන්න බ්ලොග් ලියන්නෙක් ඉදිරිපත් වුණා ...ඊට පස්සේ වෙච්ච ජරමර සහ වැඩි විස්තර ඊගාව ලිපි වලින් කියන්ඩ බැරියෑ ..

67 comments:

  1. රහට මොනා හරි කියවන්න බොටත් මේ වගේම ජරමර අස්සෙ බර කරත්තම වෙන්න ඕනි..ලියහන් මල්ලියෙ ලියහන්

    ReplyDelete
  2. //කවුද මන්දා බුද්ධිමතෙක් මාව නිරීක්‍ෂණය කරලා නිගමනයකට ඇවිල්ලා //

    අද කාලේ හැමදේම ඉන්ස්ටන්ට්, නිගමනයන් ද ඒ වගේ. එතැනත් වෙනසක් තියෙනවා; මිනිසුන් තමන් ගැන තක්සේරු කරන්න කල්පයක් ගන්න පුළුවන්, ඒත් අනුන් ගැන නිගමනය කරන්නේ හරි ඉක්මනට.

    ReplyDelete
  3. අභීත එදිරිසිංහව විශ්වාස කරන්න එපා.... මේක අවවාදයක් හැටියට දෙන්නේ.....

    ReplyDelete
  4. කෝ හච් එකේ කවුරුවත් නැද්ද මේකට ප්‍රතිචාරයක් දෙන්න?

    ReplyDelete
  5. අනේ බන් උබටත් වෙන අලකලංචි... අරුන් මහ ජඩ බල්ලො නේද ? ඔය කම්පැනිය හඳුන ගන්න පුළුවන් සළකුනු පෝස්ට් එකෙන් මකලා දාපන්.. නැත්නම් ඕකුන් තරහටත් එක්ක බොට නඩු දාන්න වුනත් බැරිනෑ.. ටී ශර්ට් එක ගලවලා දීලා ආපු උඹ හැබෑම යකෙක්.. මටනම් ඕක කරන්න බෑ බන්..

    ReplyDelete
  6. ඔය වගේ තිරිසන්නු ඉන්නවා බං. හච් එකෙන්ම නෙමෙයි හැම තැනම ඉන්නවා මිනිස්කම දන්නේ නැති උන්. කළකිරෙනවා මුන් මිනිස්සුද කියලා. මක්කෙයි ඉතිං කොරන්නේ.. :(

    Bora Diyaka Induwara

    ReplyDelete
  7. ඔහොම තාමා බං ජිවිතේ...හෙට්ටියට වැඩිය මට තරහා hutch එකේ හිටි ජඩයෝ එක්ක...උනුත් එක එකාගේ යටත් සෙවකයො වෙච්ච එකේ. තව යටත් සෙවකයෙක්ගේ දුක හොදට අදුනන් ඔනේ එත් උන් කරපු අමන වැඩෙ අසික්කිතයි.

    ReplyDelete
  8. ඔයාලගෙ ගෙවල් පැත්තෙ අලි කරදරයක් ගැන නිව්ස් වල දැක්කා මල්ලි. ප්‍රශ්නයක් නෑ කියලා හිතනවා. ජොබ් ගැන කියනවා නම් අනුන්ගෙ කුණු කතා අහගෙන උන්ටම ඔලුව පාත්කරගෙන ඉන්නැතුව ඔලුව කෙලින් තියාගෙන එතනින් එලියට බැස්ස එක හොඳයි. අලුත් ජොබ් එකක් ගැන කියලා තියෙන නිසා අලුත් ජීවිතේට සුභ පතනවා මල්ලි.

    ReplyDelete
  9. අභීතයගෙ රස්සාවත් හෙට්ටි අයියගේ රස්සාව වගේ තමයි. දැන දැනත් අහු වෙන්න එපා.

    ReplyDelete
  10. ඕව ඔහොම තමයි බං. හෙට්ටියට වඩා මට නං කේන්ති උඹේ බොසා එක්ක.

    ReplyDelete
  11. මම මේ කල්පනා කරන්නෙ අර කලයි කිවුව අමන වැඩේ මොකක්ද කියල හිතාගන්න බැරිවයි..

    ReplyDelete
  12. උඹ ගැන මට ඇත්තටම දුකයි සඳරු... උඹට හොඳ ජොබ් එකක් හම්බවෙයි... ජය වේවා...

    ReplyDelete
  13. හපොයි හච්... පාර මැද්දේ උන්ගේ නම්බුව කෑව මදිවට උඹ මේක දාලා මුළු කම්පැණියෙම රෙදි ගාලෝලනේ සඳරුවෝ... හි හි

    ReplyDelete
  14. පොඩි පොඩි කතන්දර අටෝරාසියක් උඹේ කතන්දරේ තියනවා... උඹටම මෙව්වා වෙන එකනෙ වැඩේ...

    ReplyDelete
  15. අභීත සහන් රංවලටත් පොල්ල තියලා ඉන්නේ පරිස්සමෙන් ගණුදෙනු කරපන්.....

    ReplyDelete
  16. හිස් අහස නිසයි මමත් බ්ලොග් ලියන්නියක් උණේ...

    ඉදහිට හරි ලියන එක සතුටක්... ඒත් සදරු මල්ලිට වෙන අලකලංචි ගැන නම් දුකයි.... හිත හයිය කොල්ලෙක්නේ... ජීවිතේට මුහුණ දෙන්න ධෛර්යය තියෙන බව විශ්වාසයි...

    ReplyDelete
  17. ආමි අයියා බයික් එකේ ඉඳගෙන ඉන්නේ නැතුව, පාරේ කෙල්ලොන්ට සර්කස් පෙන්නන්ඩ ගිහින් ද කොහෙද ?

    ReplyDelete
  18. උඹත් මලේ අර සෝරො ගිය මග ගියා වගේ මම මෙච්චර සතා කවුද කියල කියල තියෙද්දිත්!

    ReplyDelete
  19. හපොයි... ලවු කඩන සිම් එකක් තමා ඔය මල් කොම්පැනි එකෙන් දෙන්නෙ.... අම්මෝ.....

    ReplyDelete
  20. යන්තන් පොලිසි යන්නැතිව වැඩේ ෂේප් කර ගෙන.
    ඒ දඩි බිඩියේ උඔ කකුල හරියට හයි කරපු එකත් මදැයි

    උඹේ කතාවක් කිහවලා ඉවුරවුණාම ආයේ කවදද අලුත් කතාවක් දාන්නේ කියලා මග බල බල ඉන්නේ... ජය වේවා !

    ReplyDelete
  21. ඔය වැඩ අස්සේ ටිකක් හරි ඉගෙන ගන්න බලහන් බං. එතකොටවත් ජොබ් එකක් සෙට් කර ගන්න ලේසි වෙයිනේ.

    ReplyDelete
  22. උඹ වගේ කොන්ද කෙලින් තියෙන උන් තමයි මේ රටට ඕන.. මේවා කියවන උන් බ්ලොග් එකේ රහ විතරක් නොගෙන. මෙන්න මේ ක්‍රියාවනුත් ආදර්ශයට ගන්නවනම් තමා වටින්නේ..

    ReplyDelete
  23. සදරු උඹ රෑ වැටිච්ච වලේ දවාලෙත් වැටුන එහෙනම්....... මම උඹට දොස් කියන්නෙ නෑ.... මොකද මට උඹට දෙන්න රස්සාවක් නෑ...... ඒත් හොර තක්කඩි අණක් ගුණක් ගෑවිච්ච නැති එවුන් එක්ක ගනුදෙනු කරද්දී පරිස්සමෙන්.....

    ReplyDelete
  24. මොන ජොබ් ද බං..? තව එකෙක් සෙට් කරගෙන තේ කඩයක් දාගනින්. එතනින් එහාට යන්න පොයින්ට්ස් හොයාගන්න පුලුවන්.

    ReplyDelete
  25. උබ කියන්න තියෙන දේ කෙලින්ම කියලා එලියට බැහැපු එකනම් හොදයි බන්

    ReplyDelete
  26. අනේ මංද බං මල්ලියෙ උඹටත් වෙන අලකලංචි.
    මොනව උනත් ඔය කොම්පැනි වල එවුවො බලන්නෙ පොඩිඋං දාගෙන උංගෙන් ම‍රව මරව වැඩ ගන්න.

    'ඒක දැකපු නංඟිලා දෙන්නෙක් දඩි බිඩි ගාලා කලන්තේ දාලා ලස්සන ඈන්ගල් එකට බිම ඇදං වැටුණා' මොකක්ද බං ඒ ඈන්ගල් එක.

    ReplyDelete
  27. එතකොට ටීෂර්ට් එක දීලා උඹ ගියේ කොහොමද බං, හොඳ වෙලාවට කලිසම කොම්පැනියේ එකක් නොවුනේ,

    ReplyDelete
  28. “අල්ලං“ හිටහං මලේ “අල්ලං“ හිටහං... :D

    ReplyDelete
  29. සඳරුවා බොරු කියනවද මන්දා . . .

    යකඩෝ උඹ කොම්පීටර් වැඩ කිඩ ඉගෙන ගත්තු එකේ ඩිංගක් හොයලා බලහන් උඹට ගැලපෙන රස්සාවක් ඇති ඔයි අහල පහලම.

    ලංකාදීප පත්තරේ අරන් කියෝලා බලහන්, යකඩෝ එකේ රස්සා වැහි වැහැලා . . .

    අහ් අලුත් රස්සාව ගැනත් කියහන්කෝ මලේ . . .

    මොනව කලත් පරිස්සමින් ඈ . .

    ReplyDelete
  30. උබටත් මාර වැඩ තමයි වෙන්නේ ..
    කාගේ යටතේ උනත් කමක් නැහැ බං හොද කල්පනාවෙන් රස්සාව කරපන් එතකොට වැරදෙන්නේ නැහැ (මම කිව්වේ අලුත් රස්සාවක් සෙට් වෙනවා කියපු එක ගැන )

    ජයවේවා !!

    ReplyDelete
  31. කොච්චර කල්පනාවෙන් වැඩ කලත් වැඩක් නෑ මාසෙ අන්තිමට පඩිය අතට නැත්තම්..... හොරුන්ව විස්වාස කරන්න එපා....

    ReplyDelete
  32. හච් එකෙන් උබේ ටී ෂර්ට් එකත් ඉල්ල ගත්ත නේද?
    බලහන් මුන් වැටිල ඉන්න තත්වෙ!
    හෙට්ටිය හරියට චිත්‍රපටියක ඉන්න චරිතයක් වගේ බං

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
  33. "... මදැයි සහෝට උදෙන්ම උදවුකළා හොයන්න පිංතූරයක් කථාවට ... මෙච්චර හොඳ පිංතූර තියාගෙන බොනිකි කකුලක් ඇද බෑවා නේද ... :) ... එළ මලයා ... පට්ට කථාව ... දිගටම ලියහං මයේ මලයා ...! මම ඉන්නවා බලාගෙන ..."

    ReplyDelete
  34. ලොක්ක මම කියන්නම් උබට සුපිරි බිස්නස් එකක්.දා ගනින් උබ ඔය කියපු ටවුමෙ ඈස්කන්නඩි සාප්පුවක්.හොස්පිට්ල් එකෙන් නර්ස් කෙනෙකුත් අල්ලගෙන.මට පෙන්නෙ ඔන තරම් බිස්නස් තියෙනව වගෙ.

    ReplyDelete
  35. ඕව ඔහොම තමයි බන්, අල්ලං හිටපන් වෙලාව එනකන්, දවසක් එයි එදාට උබ නවත්තන්න කාටවත් බැරි වෙයි, සහතිකයි !!!

    ReplyDelete
  36. ඔක්කොම කතා වගේ මේ කතවත් එළ කිරි . . . කියන්න ඕනෙ මම ඉස්සර බ්ලොග් ස්ටෝරි කියවන්න උනන්දු නෑ . . ඒත් යාළු උබේ පෝස්ට් බලල තමා මට කියවන ආසාව අවෙ කියල වැඩක් නෑ සුපිරි. උබට වෙන මොනත් ඕනෙ නෑ හරියට ආදායමක් එන තැනක ලියන්න හබ්බුනානම් එකෙම්ම
    උබට ජය !

    ReplyDelete
  37. උඹට විතරක් නෙමෙයි මල්ලි අපි කාටත් ඕව වෙනව .... ඒත් උඹට විතරයි ඔහොම ලස්සනට ලියන්න පුලුවන්... ගනන් ගන්ඩ එපා බං... උඹ බලපන් උඹේ ටැලන්ට් එකට සෙට් වෙන වැඩක්... උඹේ හොඳ පෝස්ට් දහයක් විතර තෝරගෙන ඇඩ්වර්ටයිසින් ෆර්ම් වලට යවපන්... උඹට හොඳ කොපිරයිටර් කෙනෙක් උනැහැකි...

    ........................

    ඔය කොම්පැනිය කෝල් ලින්ක් කියල ඉස්සර තිබුනෙ... සින්ගප්පූරු කොම්පැනිය පස්සෙ ආවෙ... ඔය නම වෙනස් කරන්න රිසර්ච් එක මමයි කෙරුවෙ ( වැඩි හරියක් ) උන්ගෙ තුම්මුල්ලෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳන්.... අපි තෝරපු නම හචිසන් ටෙලිකොම් ( උන්ගෙ මවු සමාගමේ ම නම ) පස්සෙ තමා හච් කියල දාගෙන තියෙන්නෙ....

    ReplyDelete
  38. කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව, තමන්ගේ විචාර බුද්ධිය මෙහෙයවන්නේ නැතුව, අනුන්ගෙන්ම යැපෙන්න බලන රට ගොනෙක් තමයි තමුසේ කියලා කනගාටුවෙන් කියනවා හැර වෙනත් දෙයක් නැහැ.

    ReplyDelete
  39. බලාපන්කෝ මුන් කරලා තියන අලුගුත්තේරු වැඩේ තරම!!!

    ReplyDelete
  40. මං මාර ආසාවකින් කියවන බ්ලොග් එකක් මේක සඳරු අයියේ....

    ReplyDelete
  41. හික් . ටවුම මැද්දෙ හොද පදේ කීවේ කොහොම්ද බන්.. කලන්තේ දාපු කෙල්ලොන්ට ආතෙ කලන්තෙ හැදෙන්න ඇති .. හිහි
    …එල
    …අපිට කටට රසට කතාවක් කියවන්න උඹට මොකක් හරි අමන වැඩක් වෙන්නම ඕනේ බන් ..

    ReplyDelete
  42. සාහෙන කාලෙකට පස්සේ හොද කතාවක් කියෙවුවා..මම දැන් බ්ලොග් කියවන්න අරන් ටික කාලයක් වෙනවා..හැබයි මචන් මම කියවපු පලවෙනි බ්ලොග් එක මේක..ඒ වගෙම මුලු බ්ලොග් එකම එක හුස්මට කියවලා මම දන්න කියන යාලුවන්ටත් ලින්ක් එක යැවුවා..මම දකින හොදම දේ තමයි උබ අවන්කෙන් ලියනවා..උබේ බාශාව අවන්කයි..දිගටම ලියපන් මචන්.. මේ සින්හලෙන් අකුරු කෙටිල්ල නම් මල පනිනවා..

    ReplyDelete
  43. ම්ම්ම්...මොකක් කියන්නද මන්දා ....පහුගියකාලේ මං හිටපු ගෙදරට අල්ලපු ගෙදර අය්යත් එයා ෆෝස් එකේ ඉදලා බෝම්බයක් නිෂ්ක්‍රීය කරන්න ගිහින් අත් දෙකම වැලමිට ගාවින් කැඩිලා ගිහිල්ලා.පොර මාත් එක්ක දවසක් කියනවා."දරුවෝ හින්දා ජීවත්වෙනවා මල්ලි,අපේ ගෑනි මට කලින් මැරුනොත් මාත් මැරෙනවා කියලා,මොකද නැත්නම් පුකවත් හෝදගන්න මට එකෙක් නැතිවෙනවනේ කියලා "....

    ReplyDelete
  44. මේ ටික ලියන්නේ සඳරුවාට නෙවේ හරක් වගේ කොමෙන්ට් කරන එවුන්ට. යකෝ තොපි එකෙකුටවත් කරුන්කා ගෙඩියක් තරම් වත් මොලේ තියනවනම් පොඩ්ඩක් කල්පනා කරලා බලලා කොමෙන්ට් කරපියවූ. මේකත් එක කතාවක් විතරයි. ඔය කතාවම වෙන version එකක් මම මීට කලින් අහලා තියනවා මට මතක නැ කොහෙදිද කියලා. අනික තොපි හිතන්නේ මේ විදිහේ කොල්ලෙකුට ජොබක් හොයාගන්න ඔය කියන තරම් කොඩේද?. නොදකින් තොපි වගේ එවුනුත් මේ බ්ලොග් වල ඉන්නවනේ.
    සිරා කතාවක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි තොත්ත බබාලා.යකෝ මේ ගාමන්ට් එකක අතුගාන්න ගියත් රුපියල් 15000ක් විතර ගන්න පුළුවන් එකේ. ලියන්න කියවන්න පුළුවන් කොම්පීටරයක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ එකෙකුට රස්සාවක් හොයා ගන්න නැතිව කුලීවැඩ කරන්න ඕන කියලද තොපි හිතන්නේ. කොළඹට ඇවිත් මේසෙන් බාස්කෙනෙකුට අත් වැඩ දුන්නත් මාසෙකට 30,000 ක් හොයන්න පුළුවන්. උ කියන තරම් කටු කනවනම් 2.50ට කටු කන්නැතිව කොලඹ දිහාට ඇවිත් ඔය වගේ වැඩක්වත් කරපංකෝ.

    බ්ලොග් එකක ලියපු පලියට ඔක්කොම ඇත්ත කියලා හිතන්නේ තොපි වගේ මොල්ලු විතරයි.

    ReplyDelete
  45. ඇනෝ අය්යා...අපේ ගොන්කම් අපිට හොදා....ඔච්චර සීරියස් වෙන්නෙපා අනේ.ඔයාලා වගේ අය මේ රටට සම්පත්.ඉතින් ඒක නිසා ඇනෝ එන්නේ නැතිව profile එකක් හදන් ඇවිත් අපේ මෝඩ වැඩ ගැන කියලා දෙන්නකෝ.

    ප.ලි.- මේක ඇත්ත වුනත් ,බොරු වුනත් කියවලා ආතල් එකක් ගන්න බැරිනම් කරුණාකරලා බ්ලොග් කියවන එක නවත්තන්න

    ReplyDelete
  46. අනුන් ගාව රස්සාවක් කොරන්න බැරි හේතුව ඕක තමා..අනික කොම්පැනි වල.
    තමන්ගෙ කියලමොකක් හරි කොරන්න බෑ ද..? උඹටකොම්පීතර දැනුමත් තියෙන නිසා.

    ReplyDelete
  47. කාලෙකට පස්සේ එළකිරි කතාවක් කියෙව්වා... සුපිරි ඈ... තව තවත් ලියන්න..

    ReplyDelete
  48. සිරා ස්ටොරියක්ද බං මේක.
    කොහොම උනත් පට්ට ඈ..:D

    ReplyDelete
  49. කෝම හරි කැපිල්ල දාන්න බලං ඉන්න මිනිස්සු අතරේ හෙට්ටි අයියා දඩ නයා ඇරගෙන පොඩි හරි ජොබක් හොයලා දුන්න එකානේ..

    ReplyDelete
  50. ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න එපා රැකියා අවස්තා නෑ...... අභීත එදිරිසිංහ ගාව වැඩට යන්න එපා පඩි හම්බවෙන්නෙ නෑ......

    ReplyDelete
  51. මේක හූරා කෑම. බොහෝ ආයතන වල වෙනවා. අපේ රටේ හැම තැනම කාඩ් බෝඩ් වීරයෝ ඉන්න බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා. සමහර බොඩි බිල්ඩර්ලට ලේ පොඩ්ඩක් දැක්ක ගමන් කලන්තේ දානවා.

    ReplyDelete
  52. මම මේ කතාවට වඩා කමෙන්ට් කියවපු නිසයි අහන්නේ,,,, දැන් මේ බ්ලොග් අවකාශේ මිනිහෙකුට රස්සාවක් දෙන්න හරි රස්සාවක් හොයලා දෙන්න හරි ඉන්නේ මම විතරද?

    ReplyDelete
  53. අද හැන්දෑ වරුවේ හැමෝගෙම කමෙන්ට් වලට උත්තර බඳින්නම්කෝ ..

    ReplyDelete
  54. අභීත,

    නෑ. වත් උදව්වක් කරන වේශයෙන් ඇවිල්ල ඒ මිනිහ අමාරුවෙ දාන්නෙ උඹ විතරයි.

    ReplyDelete
  55. නෑ. හිතවත් උදව්වක් කරන වේශයෙන් ඇවිල්ල ඒ මිනිහ අමාරුවෙ දාන්නෙ උඹ විතරයි.

    ReplyDelete
  56. සත්‍යය ප්‍රබන්ධයට ඉක්මවා ගිය වෙලාවක්ද මේ?

    ReplyDelete
  57. උඹ මොනව උනත් බං කතන්දර මවල කියන්න දෙයියා....හෙහ්, හෙහ්...අපාරාදෙ කියන්න බෑ..අනෙ අම්මප.....

    ReplyDelete
  58. ඔය පැත්තේ කොරන්ඩ පොඩි බිස්නස් එකක් එහෙම නැද්ද ? පොඩි කොමිනිකේෂන් එකක් එක්ක ග්‍රැපික් වැඩ කරන්ඩ සෙට් කරගනින් කෝ ..

    ReplyDelete
  59. අනෙක් එවුන් රස්සා දෙනව කියල සඳරුට බොරු නොකරන්නෙ උන් අවංකව රස්සාවක් හොයලා දෙන්න බැරි තැනක ඉන්න නිසා. ඔය දෙනවය කියන එකාටත් රස්සාවක් දෙන්න බෑ තමයි. හැබැයි ඌ ඒක අවංකව පිළි ගන්නෙ නැතුව සඳරු අමාරුවේ දාන්න බලනවා. කිව්වා නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ පහළ ගියොත් පහළ. සඳරු ඔය රස්සාවට ගියාට කමක් නෑ, හැබැයි දැනටම මියගිය ඔබා මාමා ඇතුළු වැඩිදෙනෙක් රවටපු එකෙකුට රැවටිලා අඬන්න වෙන දවසට කවුරුත් උඹට අනුකම්පා කරන්න වත් ඉන්න එකක් නැහැ.

    ReplyDelete
  60. අපරාදේ ඉන්දික උඹ කොටපු යුනිකෝඩ් ටික..

    ReplyDelete
  61. කොයි කම්පනියත් එකයි සඳරු, උන්ට ඕනි අඩු පඩියට වැඩි වැඩක්. ලොක්කො ටික අපි හම්බ කරන දේවල් වලින් යටිමඩි ගහනවා. කනවා බොනවා. අපි මැරෙනවා. අපි එලියට බැස්සොත් ඇතුළට යන්න දාහක් දෙනා පොරකනවා.

    හෙට්ටි අයියනම් එළකිරි පොරක්. මං හිතුවේ ටවුන් එකේ අයියලගෙන් සඳරුවටත් කකුලක් ගන්න වැඩක් සෙට් වෙයි කියලා.

    ReplyDelete
  62. @Weni= ලියන්න දෙයක් තියන කාලේ ලියනවා නැති වෙනකොට නෑමයි අයියා
    .............................................................................................................................
    @ගල්මල්-Coral = සහතික ඇත්ත මචන්. ලෝකයා අපිව නිතරම දකින්නේ වැරදිකාරයෙක් විදිහට අපි විතරයි අපි ගැන දන්නේ .
    .............................................................................................................................
    @Anonymous09.38 = එල
    .............................................................................................................................
    @Deeps = නෑ සහෝදරී එයාලා බිසී ..
    .............................................................................................................................
    @සෙන්නා= එයාලගේ සමාගමේ නමක් මගේ ලිපියේ කොතැනකවත් නෑ මචන් . පප්පා බැනියම ඇඳන් උන්නේ බං ඒකයි වීරයා වගේ ආවේ ..
    .............................................................................................................................
    @බෙන් ටෙනිසන් = මොනා කොරන්නද බෙන්ජා . අපිත් ඉන්නේ කෲර ලෝකෙකනේ .
    .............................................................................................................................
    @රස්තියාදුකාරයා = මොනා කරන්නද මචා . ලොකු එකා පොඩි එකාව බයිට් එකට ගන්නනේ සුබාව දරුමයා විසින් නීති හදාල තියන්නේ
    .............................................................................................................................
    @පිණිබිඳු= අලි කරදර නම් අක්කේ එමට . ඔන්න දැන් ආයේ අලි වැට සකස් කරලා අලි ටික කැලේට දාලා අලි වැටේ දොරටු වැහුවා දැන් කාලෙකට අලි ප්‍රශ්න නෑ
    .............................................................................................................................
    @Anonymous = බලමු
    .............................................................................................................................
    @රාජ් = ඕනෑම තැනක බොසාලා ඕම තමා බං . හරිම රෞද්‍රයි
    .............................................................................................................................
    @සරත් ලංකාප්‍රිය = ඒක කියන එක හරි නෑ ලංකා මොනා වුණත් රණ විරුවෙක් නේ ඌටත් කියලා අතල් එකක් තියෙන්නත් එපෑය
    .............................................................................................................................
    @සොමිකොල්ලා = දුක් වෙන්න එපා මචන් මන් දැන් මාර සොමියේ ඉන්නේ
    .............................................................................................................................
    @හිරු = අපි ඒමයි අපිට කවුරු හරි ගැහුවොත් අපි කෙල හරි ගහනවා (මොනා කීවත් මාත් තාම හච්)

    ReplyDelete
  63. @Anonymous = අඩේ ..!
    .............................................................................................................................
    @තරුරසී = එහෙනම් වහාම ගන්ඩ ගුරු පඬුරු මෙහාට ..අනේ අක්කන්ඩි මගේ හිත බටර් පිඬක් වගේ උණු වෙනවා ඒතරම් හයිය නෑ
    .............................................................................................................................
    @පැතුම් (රයිටර් ) = අනේ මන්දා බං කියන්ඩ බෑ ඌ ටිකක් කුකුලා
    .............................................................................................................................
    @ඉන්දික උපශාන්ත = ගිහිල්ලම බලන්නම් අයියේ මග කොතරම් කටුකද කියලා
    .............................................................................................................................
    @ජීවිතය සුන්දරයි = නෑ නෑ ආල වඩන සිම් එකක් ඒ කොම්පැනියෙන් දෙන්නේ
    .............................................................................................................................
    @geeth = උඹට මොකටද මචන් බොරු කරන්නේ ආයේ කතා මතක් වුණාම ආයේ ලියනවා . ආයේ මතක් වුණේ නැතිනම් මොනාහරි අලයක් පාත් වෙනකම් ඉන්නම වෙනවා
    .............................................................................................................................
    @ධාරා = ඉගනගන්න කාලේ ගියා සහෝදරී . දැන් අපිට ආයේ ලුණුමිරිසක් හදනහැටිවත් උගන්වන්න කෙනෙක් නෑ
    .............................................................................................................................
    @Maathalan= උඹ එහෙම කීව එක ගැන මට සෑහෙන්න ආඩම්බරයි මචන් . ඒත් මචන් මගේ කොන්ද හිටි ගමන් නැවෙනවා .
    .............................................................................................................................
    @Anonymous= ....
    .............................................................................................................................
    @Sumith Niriella = මම කඩයක් දාන්න තමා හිතාගෙන ඉන්නේ :) බොහෝවිට මචන් ඒක ලබන වසරේ මුල් මාසයේදී ඕපන් වේවි .
    .............................................................................................................................
    @රොබින් = එලියට බැස්සේ නෑ බං උන් මාව එලියට දැම්මා :)
    .............................................................................................................................
    @Praසන්ன = ඈන්ගල් එක ගැන කීවොත් ළඟපාත කෙනෙක් හිටියොත් ගෑනුළමයි වැටෙන්නේ නලල අල්ලාගෙන අනේ කියාගෙන ලඟ ඉන්න කෙනාගේ ඇඟට ඒකයි මචන් ඈංඟල් එක
    .............................................................................................................................
    @ඉවාන් පව්ලූෂා = පප්පා බැනියම තිබුණා කලිසම කොම්පැනියේ වුණා නම් මම අස් වෙන්නේ නෑ :)
    .............................................................................................................................
    @මාරයාගේ හෝරාව = මොකද්ද අයියේ ?

    ReplyDelete
  64. @චමී4යූ = ස්තුතියි අවවාදෙට . මගෙ කල්පනාව නම් ටිකක් විතර ....
    .............................................................................................................................
    @Anonymous = නෑ මචන් කීයටවත් හොරුන්ව විශ්වාස කරන්නේ නෑ
    .............................................................................................................................
    @Dula = ඉල්ලවුවාම නොදී පුළුවනෑ මචන් .. දීලා දාලා හිටියා . හෙට්ටියා ගැන තවත් කතා එමට තියේ
    .............................................................................................................................
    @දිනේෂ් තරංග = උඹ කල උදවු සෙට් එකට ස්තුතියි මචන්
    .............................................................................................................................
    @Damith Gunawardane = නෑ මචන් මෙහේ ඇස් කන්නාඩි කඩ ඕනෑ තරම්. මම හිතුවේ CFL බලුබ් කඩයක් දාන්න ඒක මරු බිස්නස් එක. දැන් ටියුබ් ලයිට් ඒ හැටි පාවිච්චියක් නෑ එහෙමත් එකෙක් තමා ටියුබ් ලයිට් දාගෙන ඉන්නේ.. උඹත් වරෙන මචන් අම්මාපල්ල මම උඹට ෆ්‍රී දෙනවා CFLබලුප් එකක් .
    .............................................................................................................................
    @සුජියා= අල්ලං ඉන්නං අයියා අල්ලං ඉන්නං ... ජය වේවා
    .............................................................................................................................
    @Thilanga Sajan = මගේ බ්ලොග් ලිපි ආසාවෙන් කියෙවුවා නම් මට බෝම සතුටුයි මචන් . උඹටත් ජයෙන් ජය .
    .............................................................................................................................
    @සපතේරු උන්නැහේ = උඹ අයියේ ඉතින් එදා ඉඳන් මගෙ පිහිටට හිටි එකා . උඹ කියන දේ මම ඉහලින්ම පිළිපදිනවා . මම පොඩ්ඩක් උඹ කී දේට බැහැලා බලන්නම් .
    .............................................................................................................................
    @Anonymous =කණගාටු වෙන්න එපා මචන් උඹ දැකලා තියනවාද පිට රට ගොං පොර වලදී රට ගොන්නු සමහර මිනිස්සුන්ගේ පුකවල් හිල් වෙන්න අනිනවා ?
    .............................................................................................................................
    @නාඩියා නාඩිරත්න = ඕකුන්ට ගහන්ඩ ඔනෑ වරිග තහන්චියෙන් .
    .............................................................................................................................
    @සිහින සටහනේ ඉමල්ක = බොහොම ස්තුතියි මල්ලියේ උඹගේ බ්ලොග් එකෙත් රසිකයෙක් මම
    .............................................................................................................................
    @චතුවී = හෙමීට කීවා බං කේන්ති ගිහිං හිටි වෙලාවටයි බීලා හිටි වෙලාවටයි මට ආතබූත
    .............................................................................................................................
    @Anonymous= දිගටම ලියන්නම් මචන් උඹලා වගේ දිරිමත් කරන එවුන් ඉන්නකම් කියවල යන එවුන් එන කම් මම දිගටම ලියනවා . ඒත් මට ලියන්න තියන දේවල් ඉවරවෙච්ච දාට මම නතර කරනවා . අමාරුවෙන් හරි උඹ මට කමෙන්ට් එකක් දුන්නට ස්තුතියි
    .............................................................................................................................
    @හස රැල් = අඩේ ඒවගේ සිද්දියක් නම් මම කවදාවත් හිතුවේ නෑ ..උඹගේ කමෙන්ට් එක කියෝලා මගෙ හිතත් හෙල්ලුනා
    .............................................................................................................................
    @Anonymous = මචන් මම මේ බ්ලොග් එකේ ලියා තියන දේවල් සේරම මට වෙච්ච හෝ මම වක්‍රව මුහුණ දුන්න අද්දැකීම් . මචන් මේ කතාවේ වර්ශන් එක දෙක තුන නෑ .. මෙච්චරයි තියෙන්නේ . මචන් මම මේසන් බාස්ලට මුලින්ම අත්වැඩ දුන්නේ වයස අවුරුදු 17දී මට එහෙම වැඩක් ඔනෑ නම් ඒකට කොළඹ එනඩ ඕනෙ නෑ ඒක ගමෙන්ම හොයාගත හැකි මෙහෙත් මේසන් බාස්ලා ඉන්නවා.. හැබැයි මචන් උඹට කියන්න ගෙදරදිවත් කොස්සක් නං අතින් අල්ලන්නේ නෑ . අනික තමා උඹට මේ වගේ අද්දැකීම් නැති පලියට මෙවුවා බොරු කියලා හිතන්ඩත් එපා . උඹ සතියක් මා එක්ක වසන්න වරෙන් මට වෙච්ච දේවල් ගමේ එවුන්ගෙන අහල සහ වෙන දේවල් දැකලා උඹ මට වැඳ වැටෙයි.
    .............................................................................................................................
    @හස රැල් =උඹ රන්ඩු වෙන්නෙපා බං මං ඌට තේරුම් බේරුම් කරලා දුන්නා දැන් හරි

    ReplyDelete
  65. හිතාගන්න බෑ මෙහෙමත් වෙනවද කියලා ඒත් සටන අතාරින්නෙ නැති එක ගැන සතුටුයි.

    ReplyDelete
  66. @Anonymous = අනේ උබේ පුන්ඩේ තමයි .!යකෝ එලියට බැහැල බලාපිය ,රටේ ලෝකේ වෙන දේවල් .! උබට කියවන්න හිතෙන්නේ නැතිනම් පැත්තකට වෙලා හිටු , නිකන් පු #$% දෙන්නේ නැතිව ..!!

    ReplyDelete

තැන්කූ බං