12.1.15

අපේ ගමටත් පොඩි අපේක්ෂකයෙක්

 

මට ඇහැරෙනකොට සුළැඟිල්ලේ උලාපු දම්පාට ජන්ද තීන්ත දුඹුරු පාටට හැරිලා තිබුණා . කොට්ටයක් වෙනුවට රත්නෙ අයියගෙ ලැප්ටොපේ බෑග් එක ඔළුවට තියාන බුදියෑව නිසාම බෙල්ලත් නොසෑහෙන්න රිදුම් දුන්නා . රෑ තිස්සේ බීපු හල්මිල්ල අරක්කු තාමත් උගුර දිගේ ඇවිලා එබිකං කරලා බලලා ආයෙත් යන්නවා .

"නැගිට්ටා නං ගිහිං මූණ හෝදං වරෙං . . ." 
 අජිතයා මගේ දිහෑට ඇංකර් පැකට් එකක දමාපු සබං කෑල්ලං විසි කළා . ඔහේ නැගිටපු මට තවමත් හිත රිදෙන්න විකාශය වෙන ජන්ද ප්‍රතිඵල ඇහුණා . යටි හිතින් දුක් වෙන ගමන් මම මූණ හෝදන්න ළිඳට ගියා

ජන්ද දවස අපේ ගමට අවුරුදු දවසක් වගේ . මේ තරම් ලස්සනට ජන්දයක් සැමරුවේ බොහොම කාලෙකින් .අපි පොඩිම කාලේ ගෙදර තියෙන සැප පහසුම පුටුව ගෙයි ටීවී එක ඉස්සරහට ඇදගෙන ටීවී එකේ ජන්ද ප්‍රතිඵල අතරේ හෙමිහිට දුවන චිත්‍රපටිය බලන්න අපි පුදුම විදිහට ආසා කළා . දැන් කාලේ වෙනස් . දැන් ගෙදර ඉඳන් ජන්දේ අහන්න අපිට හිත දෙන්නෑ . කොහෙන් හරි බෝතලයක් දෙකක් අරගෙන . තවත් එවුන් කීප දෙනෙක් එක්ක ටීවී එකක් තියෙන වැඩිහිටියෝ නැති අපේම අපේ රාජ්‍යකට සෙට් වෙන්නයි අපි කවුරුත් කැමති

ජන්ද ප්‍රතිඵල අහන ගමන් අරක්කු බොන එක , කොච්චි සම්බෝලත් එක්ක මඤ්ඤොක්කා කන එක , නොසෑහෙන්න දුම් බොන අතරේ ජීවිතේට දේශපාලනේ කතා නොකෙරුව එවුන් සෙට් වෙලා දේශපාලනේ කතාකරන එක. . . ජන්දෙක නියම ආතල් එක ඒකයි

මෙදා ජනාධිපතිවරණයට අපි සෙට් වුණේ අජිතයාලෑ දිහෑවේ. අජිතගේ අම්මයි තාත්තයි දෙන්නම ජන්ද ඩියුටි වැටිලා ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකෙන් බාගයක්ම අජිතලෑ ගේ අස්සේ සෙට් වෙලා උන්නා .

"
අජිය කහටෙකක් බොමුද ?”

  කෙළින්ම ටී එකක් ඉල්ලන්ඩ බෑ නේ . ඒ නිසා මම වටෙන් ඇවිදින් විසිල් එකක් ගහලා තේ කහට පාරක් ඉල්ලවුවේ .

"
උඹට කහටෙකක් නේ . උපාලි අයියේ උඹට මොනා ?” 

 අජියා ඇහුවේ බිම රෝල් වෙවි බුදියන ජන්ද දායකයෝ අතරේ විනීතව බුදියාණ උන්නු එකම එකා වෙච්ච උපාලි අයියගෙන් .

"
මට පිටි එකක් දියන් උදේම කහට බීවම ගෑස්ටික් අල්ලනවා .

"
ඒ අජියා මට ටිකක් සීනි අඩුවෙන් දාපන්"

"
මේ උඹලගේ අර අඩිය කළුපාට අඬු කෝප්පෙන් නම් මට තේ ගේන්ඩ එපා ඕං ඈ .. “

බිම බුදියාණ හිටි ජන්ද දායකයෝ එක එකා තම තමන්ගේ තේ ඉල්ලීම් දිරිපත් කරද්දි කුස්සියට ගිය අජියා බෝතල් තුනක් ගෙනවා. ගෙනල්ලා ගෙයි සාලේ මැද්දෙන් තියලා අපේ මූණ බලවුවා .

"
සීනි පන්සීයම ඊයේ රෑට ඉවරයි . නෙස්ටෝ මෝල්ට් පිටි ටික දුකා රොටී වල ගාගෙන කාලා ඒකත් ඉවරයි . තේ කොළත් ඉවරයි ඕනං ටිකක් තියනවා කුස්සිය පැත්තේ අළු කෙහෙල් පඳුර යට එයින් ටිකක් එකතු කරලා ගෙනද්දෙන එවුන්ට තේ දෙන්ඩ පුළුවන් .. දැන් උඹලට තේ ඔනෑද ?”

"
ඔනෑ නෑ ඔනෑ ඔනෑ !” 

 අපි හැමෝම එක හඬින් කියලා බුම්මා ගත්තා .

"
මේ ඊයේ ඉතිරි වෙච්ච හල්මිල්ල බෝතලකුයි තව බාගෙකුයි නම් තියෙනවා

 ජන්දෙත් පැරදුන අපිට ඉතිරි වෙලා තිබිච්චි අන්තිම වස්තුව වෙච්ච හල්මිල්ල එකාමාර අජියා ගෙනල්ලා සාලෙන් තීවා

දුකා පැන්න ගමන් අමුවෙන්ම හල්මිල්ල ෂොට් එකක් ඇදලා ඇරියා . උගේ කට දෙපැත්තෙන් හල්මිල්ල අරක්කු බේරෙන හැටි දැකපු මට හොඳටෝම වෙරි වුණා .

"
මනුස්සයෙක් වගේ අරක්කු බීපං ..” මම දුකාට කීවා

"
ඇඟේ අමාරුවට හල්මිල්ල අවුසදයක් බං .” දුකා කියනවා

"
වහු පැටියෝ ඕකේ ඇති හල්මිල්ලක් නෑ නම විතරයි හල්මිල්ල"

"
ඒත් හිතේ අමාරුවට මෙවුවා හොඳා බං. . . දුකා ඒ ගමන කියනවා
මම අහක බලාගත්තා

"
ගෙයි ඇතුළේ කන්ඩ කිසි දෙයක් නෑ . රෙද්දක් ඇඳගෙන දැම්ම පාරට යන්නත් බෑ බං . සඳරුවා මුනා අපි කන්නේ ?.”

xx
බලකායේ අජියා පොඩ්ඩක් බය වෙලා

ඊයේ රෑ තිස්සෙම මඤ්ඤොක්කා කාලා, අරක්කු බීලා, ජන්දෙ අහලා, පැරදිලා, ඇඟේ ලේ නැතිව ඉන්න අපේ සෙට් එකට කන්ඩ දෙයක් ගේන්ඩ හන්දියට යන්ඩ මම එඩිතර වුණා . බයික්කෙ අරගත්ත මම හීං සිරූවේ ගිහින් ගමේ ඇරලා තිබුණ එකම කඩේ වෙච්ච "බදා අයියගේ කඩේට ගියා .

"
ප්‍රදේශයේ බුද්ධිමත් ජතාව යන එන එකම වෙළෙඳසැල " කාඩ්බෝඩ් එකක ලියාපු පඬි වදනක් බදා ස්ටෝස් එකට යන ඕනෑ කෙනෙක්ට මුලින්ම පේන්න තියෙනවා .

"
බදා අයියේ, බදා අයියෝ . . .” 

මගේ හඬ ඇහිලා බදා අයියා ගෙයි ඇතුළේ ඉඳන් කඩේට ආවා . උගේ අතේ පොල්කටු හැන්ඳක් .

"
ආ මල්ලියා අපි මේ කිරිබත් උයවුවා

බදා අයියා හැන්දේ මිටේ කිරිබත් ටික හූරලා කෑවා . . .

"
අවුලක් බදා අයියේ කාපං . මං මේ ආවේ චිකන් එකක් ගෙනියන්න.. චිකන් තියෙනවා නේද ?

"
හරක් චිකන්ද? , ඌරු චිකන්ද ? “

මගෙ වෙරි ගතිය අනික් එවුන්ට බෝ වෙනවද කියලා මම ටිකක් බය වුණා . පස්සේ මතක් වුණා මේ මුගේ හැටි කියලා .

"
මං ඇහුවේ බං කුකුල් මස් තියේද කියලා"

"
ආ කුකුල් චිකන් ඕ තියේ ! නොම්මර එකේ ගං කුකුල් චිකන් . . කිරිබතට මරුවට කැපෙනවා"

"
ගං කුකුළා කපන්නයි , හපන්නයි බෑ . අනික මම කිරිබත් හදන්නෑ බං.. මට ඔය කටු නැති එකෙන් කිලෝ එක හමාරක්, එකයි අටසීයක් වගේ දියන් . “

"
මල්ලී පොඩ්ඩක් ඉඳින් මම උඹට කිරිබත් දෙන්නං . . . ඇන්න පල , යහමින් කිරිත් දමවුවා.

"
එපා එපා බං උඹ කාහං"
  හෙමි හෙමීට පැයක් විතර කුකුල් මස් කිරාපු බදා අයියා ඒක මට දෙන්නැතුං ආයෙත් කතාව පටන්ගත්තා .

"
මල්ලී කොලොප්පමකට නෙවෙයි .. මම ගමකට කිරිබත් ඊවා මට වැඩියි බං ටිකක් ඇන්න පල . .

"
වැඩියි නං ඔතලා අරං තියාගනිං තව මාස තුනකිං මහ මැතිවරනේ එනවානේ. . . . එතකොටත් කෑ හැකිණේ …"

මම කුකුල් මස් එකයි හැත්තෑවේ පාං ගෙඩි පහකුයි අරගෙන අජිය ලෑ ගෙදර ගියා .

"
අඩෝ සඳරුවා උඹ දෙයියෙක් .” 
 අජියා පැන්න ගමන් චිකන් එක උදුරගත් හැටියට මම හිතුවේ ඌ ඒක අමුවෙන් කාවි කියලා

කට්ටියම එක්කාසු වෙලා බොයිලර් කුකුළාව පලු ගහලා අඟල් දෙකේ හතරේ කුට්ටි කපලා හැළියකට දැම්මා .

"
දැන් කෝ paකෝ ලිපේ දාන්න දර ?” 

කවුරුත් ඇහුවේ අජියාගෙන් .

"
අපේ අයියා දර ටික සේරෝම ඇන්න ගියා බං. ඌ මහ ගල් තලාවෙ ගිනිමැලයක් ගහගෙන එතන ජන්දෙ අහනවා ..

"
දැං ඉතින් ලිපේ දාන්නේ මොක ?

"
පොඩියක් ඉඳින්කෝ .” 
 කඩිමුඩියෙ ගෙයි ඇතුළට දීව අජියා ඇඳක ලෑල්ලක් උස්සාගෙන ආවා .

"
මේක පළමු ලිපේ දාමු.”

"
අපරාදේ යකෝ හොඳ ඇඳ ලෑල්ලක් .

"
කමන්නෑ බං මේක අපේ අයියාගේ ඇඳෙන් ගත්තේ ඕකා කෝමත් අනික් පැත්තට තමා කතිරෙ ගහන්ඩැත්තේ .. ඒ නිසා මේ ලෑල්ල පළමු .” 

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් කියලා අම්පාරේ සිද්ධ වුණ පළවෙනි මැර වැඩේ ඒ විදිහට සිද්ධ වුණා

පලාපු ඇඳ ලෑල්ල හොඳට ඇවිලුණා . කවුරු කවුරුත් ඉතිරි අරක්කු ටික ඉවර කරලා බඩ පිරෙන්න කෑවා . ඇති හිතෙනකං බීඩි බීවා . හිතේ දුක යන්න දුක්බර සින්දු කීවා .

"
මේ ගෙනා රතිඤ්ඤා ටිකත් ලිපේ දාමු බං ඇති වැඩක් නෑ නොවැ . . .

උපාලියා එහෙම කියද්දි මට බය හිතුණා . මූ ඒ වැඩේ හැබෑවටම කරාවිද කියලා . මම කෝකටත් කියලා ලිප උඩ තිබ්බ මස් හැළිය බිමට බෑවා . ඔන්න එතකොටම වාගේ ගෙයි සාලේ තිබ්බ ටීවී එකේ අම්පාර ජන්ද ප්‍රතිඵලය විකාශය වුණා .. . 

කට්ටියම සෙට් වෙලා ලස්සනට රතිඤ්ඤා දැම්මා එළියට බහින්න බැරිව හිටි එවුන් මිදුලට බැහැලා නැටුවා . හූ කීවා .. මාත් ඕං ඔහේ පොඩ්ඩක් නටලා හිතේ දුක එළියට දැම්මා

තව මොහොතකින් මූණ කට හෝදගෙන විටක් එහෙම හපලා අපි කවුරුත් හන්දිය පැත්තට ගියා . පුංචි පාලම ගාව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ද වෙලා . එතන හෙණ කෙලියයි .

XXX
ට ජය වේවා කියලා කෑ ගහපු වයසක පුංචි හාමි නැන්දාට ඇලේ නාන තොටේ පඩිපෙළ ගාව මූණ හෝදමින් උන්න XXXX පාක්‍ෂික ශ්‍රී ලාල් මාමා සරම උස්සලා පශ්චාත් බාගේ පෙන්නලා . . . 

එතනට වෙලා දෙපැත්තේ වැඩිහිටියන්ගේ වාද විවාද බලලා පොඩ්ඩක් හිනා වෙලා ජන්ද ආතල් එක ගත්තම හිතේ දුක ටිකක් දුරට යන්න ගියා

ගමේ කොල්ලෝ ගොඩ දෙනෙක් තැන් තැන් වල ඉඳගෙන බුම්මගෙන ඔහේ තේරුමක් නැති දේවල් කතා කරනවා . ජීවිතේට අහලා නොතිබ්බ විදිහේ අමුතු නීති රීති කිය කියා පාර්ලිමේන්තුවේ 3න් 2කේ බලයක් ගෙනල්ලා ආයෙත් දිනන්න කතා කරනවා ,දණ්ඩ නීති සංග්‍රහය කට පාඩමින් කියෝනවා .

"
මේ අහපල්ලා දැන් XXXපාලනේ ආවා හදිස්සි නොවී අපි ඒකට රිටන් එක දෙමු දොඹෙන් යන්න . . .”

කොල්ලෝ සෙට් එකම මා වටා එක් රොක් වුණා .උන් මම කියන කතා අහනවට වඩා මගේ උඩ සාක්කුවේ තියෙන සිගරට් ටික දිහා බලනව බව මම පස්සේ තේරුම් ගත්තා . මම සිගරට් කීපයක් උන්ට බෙදා දීලා ආයේ කතාව පටන්ගත්තා . ඒක බොහෝම උද්වේගකර කතාවක්

"
අපි වැටුන්නෑ මල්ලිලා . මේ ගමෙ සමහරු හිතාන ඇති අපි වැටිලා කියලා . අපි සංවිධානය වෙමු . මුල ඉඳන් සංවිධානය වෙලා අම්පාරේ අපේ බලේ මුලු ගමටම පෙන්නමු .”

"
ගමට නෙවෙයි රටට නේද අයියේ . .?”
  ලොකු රට්ටං මාමගේ පොඩි එකා කතාව මැදිං පැනලා කට දැම්මා , මට මල පැන්නා .

"
කට පියං හිටිං කියනකං . ඉස්සර වෙලා ගම පස්සේ තමයි බොල රට .” මම ආයේ කතාව පටන්ගත්තා . කොල්ලෝ කටවල් ඇරගෙන අහගෙන උන්නා

"ජීවිතේ ජය පරාජය කියන දේ අපි විඳගන්න ඕන . එදා 19 කොල්ලෝ ගහන්න එද්දී අපි ගමක් හැටියට එකතු වුණා ඒත් උන් ළඟටම එනකොට එකතු වෙච්ච එවුන් ෂේප් එකේ මාරු වුණා . ඉතින් අපේ ගම පදිරි වුණා . ඒත් මෙදා පාර අපි XXXමහත්තයා වටේ එකතු වුණා . අම්පාරේ ජන්ද ප්‍රතිඵලේ බලද්දී උඹලගෙ අපේ එකමුතුව මම හොඳටම දැක්කා ඒ එකමුතු කම අපි ආවුදයක් කරගෙන පෙරට ගිහින් සුපිරි වැඩක් දෙමු … එහෙම නේද ? .”

"
එහෙයි , මචං , එහෙයි අයියා , නියමයි අයියා , දැං ඇති බං , අපිට වැඩ තියෙනවා යන්ඩ ඔනෑ .” වගේ දිරිගන්වන වදන් හතර වටින්ම ඇහුණා

"
තව මාස හතරකින් අපේ වෙලාව එනවා . එතකං නිකං ඉන්න එපා ගම වටේම ගිහින් මිනිස්සු දැනුවත් කරන්න ඕන . උඹලා සූදානම් වෙන්න ඕන . අප්‍රේල් වෙද්දී අම්පාරම හොල්ලමු . මෙදා පොටේ සිංහල අලුත් අවුරුද්දට අපි............... චාමර රණවකව අම්පාරට ගේමු . !”

  දිගු නිහඬතාවයක් ඇති වුණා . . . කතාවට කියනවා "නිහඬතාවයෙන් පෙනී යන්නේ එකඟතාවයයි" කියලා. . .

"
ඒ මොකටද බං ? , මූට පිස්සුද බං ? , තාම බඩුද?, මූ කීවේ චම්පික රණවක කියලද ?


නිහඬ බව බිඳිලා ,කට්ටියටම මං ගැන සැකයක් මතු වෙලා
"මචංලා මම කියනදේ අහපල්ලා . අපි මීට කලින් මේ විදිහට බඩ බැඳගෙන දේශපාලනේ කළේ නෑ . ඉතින් මෙදා පොටේ අපිට හොඳටම රිදුනා නේ. වෙච්ච දේ අමතක කරමු අපි හොඳට සංවිධානය වෙලා චාමර රණවකගේ ඒකපුග්ගල සංඟීත රාත්‍රියක් අපේ ගමේ සංවිධානය කරමු .

"
පුතේ ඒකේ තේරුමක් නෑ නේ ! . ජනාධිපතියි චාමර රණවකයි නිකං ලංකට් එකයි , පැට්ටොල් ලාම්පුවයි වගේනේ කිසි ගැළපීමක් නෑනේ ..” 

 මගේ කතාව අහගෙන උන්න එකම වැඩිහිටියා වෙච්ච ගාමිණී මාමා කලබල වෙලා .. 

"මාමා අහගන්ඩකෝ මාමා. අපි මේ ජන්ද කෙළි අමතක කරමු . මේ ජන්දෙට නොසෑහෙන්න කඩේ ගිහින් මහන්සි වුනනේ ඉතින් ඒ වගේ බොක්කෙන්ම කැප වෙලා චාමර රණවකගේ සෝ එක කරමු එතකොට අපිට අලුත් අරමුණක් තියෙනවා . හිතේ අමාරුවත් ඉවරයි “

වටින් පිටින් බකමූණු හඬ ඇහුණා .

"
ඉතින් බං චාමර රණවක ගෙන්නලා සෝ එකක් තීවට ආයේ රටට වැඩක් වෙනවය .?

අජියා ගොඩක් වෙලාවකට පස්සේ කතා කළා . ඇත්තටම ඌ කතා කල එක මට ලොකු සතුටක් වුණා"

"
මචං අපිට රට හදන්න බෑ .ඒ නිසා අපි රට ආතල් එකක් ගම්මු .. . දැන් උඹලා චාමර රණවකගේ සෝ එකකට ආස නැද්ද ? කරමුද බෑද ?”

"
කරමු කරමු ….! හැබැයි චාමරට ගැලපෙන බෑන්ඩ් එක ඕල් රයිට් . . චාමර එනව නම් ඕල් රයිට් බෑන්ඩ් එකත් ඕන .”
  හැමෝම මගේ යෝජනාවට එකතු වුණා . කට්ටියගෙම මනාපෙන් කවදත් අපේ ගමේ කොල්ලන්ගේ හිතේ ගිනි නිවාපු ගමේ ජනප්‍රියම ගායකයා චාමර රනවකව ගෙනල්ලා ඕල් රයිට් සංගීත කණ්ඩායම සමග ඇට්ටි හැලෙන මැක්සා ආතල් එකක් ගන්න අපි හැමෝම ඒකමතිකව තීරණය කළා .

ඔන්න ඔයි විදිහට අපේ ගමේ කොල්ලෝ කට්ටියක් අලුත් අරමුණක් වෙනුවෙන් කැප වුණා .

මට විශ්වාසයි මෙදා අවුරුද්දට චාමර රණවකව අපේ ගමට ගේන වැඩේ සාර්ථකව කරන්ඩ මට හැකි වේවි කියලා . අරමුණක් වෙනුවෙන් මහන්සි වෙලා පැරදුණාම තරහ යන එක සුබාවිකයි . ඒත් පැරදිලාම පුරුදු අපිට නම් පැරදීමත් ආතල් එකක් . ඉතින් පැරදීමේ අමාරුව යවන්ඩ අපිට හිටි පොඩි අපේක්‍ෂකයා තමයි චාමර රණවක .චාමර රණවක ගේන වැඩේ අපේ කොල්ලොන්ට බාරදීලා මම ආයේ කොළඹ එන්න පිටත් වුණා .

රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගෙ ලෝකෙ කළුවර වුණා //චාමරගේ සින්දු කෑලි කිය කියා අලුත් වැඩේට ලැහැත්ති වෙන අපේ ගම ගැන මට හීනිවට සතුටක් දැනුණා …

ජන්ද ආතල් අහවර වෙලා හැමදේම නෝමල් වේවි. අන්තිමට අපි අපි විතරක් ඉතිරි වේවි . . . කොහොම වෙතත් හිතේ දුකට කිරිබත් නොකෑවට අපිත් අපේ අලුත් ජනාධිපති තුමාට බොක්කෙන්ම සුබ පැතුවා .

53 comments:

  1. Elakiri machan Jayawewa.....!!!!

    ReplyDelete
  2. උඹ සුභ පැතුවට ගොඩක් උන් පලු යන්න බනිනවා... ලොක්කත් ජාතිවාදේ අවුස්සනවා... පරාජය බාර අරන් ගියා කිව්වට එහෙමත් වෙලා නෑ... කොහොම උනත් අපි උබේ දේශපාලන කතා වලට වඩා ගමේ ගොඩේ කතා වලට මනාප....

    ReplyDelete
  3. දැන් ඉතිං ආයත් මහ මැතිවරනෙට තෝ ගමට එනකන් ඉන්න එපැයි කතාවක් කියවන්න..කොළඔ නෙමෙයි මොන තුත්තුකුඩියෙ හරි ඉදලා ලියපිය..
    එල ද බ්‍රා

    ReplyDelete
  4. කොහොම උනත් අපි උබේ දේශපාලන කතා වලට වඩා ගමේ ගොඩේ කතා වලට මනාප..
    එකගයි මචං..

    ReplyDelete
  5. සබරගමු අපිත් MR තමයි ... ඔයාගෙ බ්ලොග් එක දිගටම කරන් යන්න sසදරු aඅයියා....

    ReplyDelete
    Replies
    1. හරියටම අවුරුදු 10කට පස්සෙ ආපහු මේ බ්ලොග පැත්තෙ ඇවිත් බලද්දි හිතුනෙ... කෝ බං ඒ MR

      Delete
  6. Digatama liyapan machan.... Tks

    ReplyDelete
  7. අපොයි දැන් ඉතින් ආයිත් උබ ගමට එනකන් බලන් ඉන්න වෙනවනේ අලුත් පොස්ටුවක් කියවන්න

    ReplyDelete
  8. මරුනේ.. චාමර රණවකව ගමට ගෙනල්ල පට්ට ශෝ එකක් කරහන් මලේ..

    ReplyDelete
  9. චාමර රණවක කියන්නෙ පීඩිත පන්තියට බොක්කටම වදින සින්දු කියන එල පොරක්

    ReplyDelete
  10. //ඡන්ද ආතල් අහවර වෙලා හැමදේම නෝමල් වේවි// ඒ වගේ ම උඹල අපිත් කොහෙවත් තියෙන ඡන්දයක් හින්ද මෙතන මරාගන්නෙ නැතුව කලින් හිටිය වගේ සහෝදර කමෙන් ඉන්න පුලුවන්නං එච්චරයි ඕන.
    උඹල චාමරව ගෙන්නල ආතල් ගනිං. අපිට හිස් අහස ලියල ආතල් දියං මල්ලි.

    ReplyDelete
  11. මෙන්න මිනිස්සු අතර තියෙන රියල් කතාවක්. එල

    ReplyDelete
  12. අන්න වැඩේ! අපිත් ගෙන්නන්න ඕනේ චාමර ගොයියාව...

    ReplyDelete
  13. //xx බලකායේ අජියා පොඩ්ඩක් බය වෙලා . //

    දැන් ඉතින් ඔය හැම බලකායක් ම අලුත්වැඩියා කරලා ගන්නවා කිව්වානේ... ලොකුම නිල්ලවත් පුනරුත්තාපනය කරයිද දන්නෑ උන්ගේ පවුලම ඒක්ක

    ReplyDelete
  14. මහින්ද මහත්තයා පරාද උනේ අධි තක්සේරුව නිසා සහ මේ පවතින ක්‍රමය වෙනස් කරන්න හිතපු නැති නිසා.
    ඒ වගේම බිම් මට්ටමේ කිසිම වැඩ සටහනක් සිදු උනේ නැහැ.
    යුද්ධේ දිනීම සහ සංවර්ධනය නිසා ජන්ද වැටෙයි කියන බලාපොරොත්තුවෙන් ලංගම බස් වලින් ඇදපු සෙනග දිහා බලාගෙන හිතෙන් ජන්දේ දිනුවා. ඒ මදිවට මෛත්‍රී මහත්තයට නොසෑහෙන්න මඩ ගැහුවා.
    මෛත්‍රී මහතා ඇතුළු පිල බිම් මට්ටමෙන් ජන්ද ප්‍රචාරය කලා වගේම ජාලය හරහා පැවතී ආණ්ඩුවේ දුෂණ සහ වංචා තියෙනවාටත් වඩා ලොකු කරමින් පෙන්නුවා.
    ලොක්කට ඒවට උත්තර බඳින්නවත් වෙලාවක් සහ කිසිවකුගේ සහයක් තිබුනේ නැහැ.
    ගොඩ දෙනෙක් බලාගෙන හිටියේ ඒ වෙලාවේ වැඩිය දඟලන්නෙ නැතුව ඉඳල අනිත් පැත්තට පනින විදිහ ගැන හිත හිතා...

    අපිනම් ජන්දේ අහන එක පැත්තක දාල මාළු වලක් ඉහින්න ගියා...
    ඒ වගේම හැමදාම බොන මම එදා නොබී හිටියා... :)

    ReplyDelete
  15. යකෝ.. උඹ ආයෙ මෙහෙම ලියන එකනම් පුදුම සතුටක් බං. ආයෙ කියල වැඩක් නෑ. උඹත් අද අමුතු විදියෙ ගී සංවේදනාවක්ද මංද ලියල තියෙන්නේ. චාමර රණවකගෙ සිංදු වලට මාත් මනාපයි.

    ReplyDelete
  16. එළ කොල්ලෙක් නේ... මෛත්‍රියක්ම වේවා...

    පට්ට පට පට...

    ReplyDelete
  17. ඕල් රයිට් සැට් කොරන්න ඕනා නම් කියහන්,,උදව්වක් කරන්න පුලුවනි..

    ReplyDelete
  18. තාම මහ පාන්දර අප්පා උදේම ආපු ඊමේල් සද්දෙට ඇහැරුනේ. නියමයි. ඔයාගේ කලින් පොස්ට් එකක් කියෙවුවා ආයෙ නින්ද ගියා කමෙන්ට් එකක් දාන්න බැරි වුනනේ.

    ReplyDelete
  19. රසවත් සිද්දියක්.
    නව දේශපාලන පෙරලියෙදේ රට බෙදන ජාතිවාදීන්ගේ පැතුම් ඉටු නොවෙනවා නම් ඒ ඇති

    ReplyDelete
  20. එකක් කියන්නෝන මචෝ. ඔය බුද්දිමත් කියල හිතන් ඉන්න ගොඩක් එවුන්ට බොට තරම් මොලේ නෑ.

    ReplyDelete
  21. හුඟ දවසකින් බං උඹේ පොස්ට් එකක් කියවන්න ලැබුනේ..

    ReplyDelete
  22. චන්දත් පැරදිලා
    මැච් එකත් පැරදිලා දුකෙන් ඉන්න වෙලාවෙ උඹේ කථාව කියවලා බඩ අල්ලගෙන හිනා වුනා ඕයි.

    උඹේ අර ඌරු චිකන් කථාව දැක්කම මට කථාවක් මතක් වුනා

    "බයිට් එක මරු , මොකාද සතා? "

    "ඔය පෝක් බන් "

    " හරි හු*** පෝක් තමා සතා මොකාද කියාපිය."

    ReplyDelete
  23. ade umbath marama dayal ekak thami.......

    ReplyDelete
  24. හිලෑරියස්යැ! එළ සඳරුවා!

    ReplyDelete
  25. මට නම් ඔය කොයි කෙහෙම්මලටත් වැඩිය සතුටු උඹ ටෙම්ප්ලේට් එක වෙනස් කරපු එක ගැන. දැන් කැමති එකෙක්ට (අලි ඔලුවන්ට නෙමේ) දෙකක් කියන්න පුලුවනි.

    චන්දෙ කව්රුවත් පැරදුනාම උඹලට දුක මොකද බන්...

    ReplyDelete
  26. හේ හේ හේ ...සුපිරි කොල්ලෙක්නේ කඩේ එකා .."හරක් චිකන්ද? , ඌරු චිකන්ද ? “.!!
    ඕක වගේම එකෙක් හිටිය අපේ ගමෙත් .උගේ නම "රෝහණ ". සිල්ලර කඩයක් කරේ .හැන්ඩි කොල්ල .හැබැයි කට අරිනකම් ඉතරයි .කට ඇරියොත් වහක් තමයි.දවසක් මමයි ,යාළුවෙකුයි ගියා ගෝල්ලිප් එකක් ගන්න .යාළුවා "ජයසිරි ".උගේ දතක් කකියන්න අරන් .කෙදිරිගගා ඉන්නකොට තමයි මම කඩේ යන්න ඇදගෙන ගියේ . කඩේ ගාවට ගියා ,අත්තම්මල දෙතුන්දෙනෙකුයි පොඩි කෙල්ලෙකුයි ,අම්මෙකුයි ඉන්නවා කඩේ බඩුගන්න ඇවිත් .
    මම ගියා කඩේට,කතා කරා
    මම ...රෝඅන ගෝල්ලිප් එකක් දියන් .
    රෝහණ ...ආ ,ඉඳා .
    මම ...ඉඳා ,සල්ලි .
    එතකොට ජයසිරිය කෙදිරි ගෑව .
    රෝහණ ...මොකෝ බන් කෙදිරි ගාන්නේ ?
    ජයසිරි ...දත රිදෙනව බන් .....!(උගේ මුණ සත පහ වෙලා තිබුනේ ඒ වෙලාවේ )
    රෝහණ ...(එතකොට රෝඅනය ගත කටටම අහපි )කටේද ?????????? :)
    ජයසිරියට මල අතේය.
    " නෑ , උබලගේ අම්මගේ හුXXX තේ ".
    අත්තම්මලගේ ඇස් නතර උනේ නළලේ . පොඩි කෙල්ලගේ කන්දෙක අම්ම වහනවා මම යන්තන් දැක්ක . මම කඩෙන් එලියට පැන්නේ මීටර් 100 දිනපු ඔලිම්පික් ශුරයටත් වඩා හයියෙන් ..!

    ReplyDelete
  27. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
    හොරුන් අටුව බින්දයි කියමුද කාට?
    හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
    දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

    ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
    කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
    ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
    යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

    ගයාත්‍රි

    ReplyDelete
  28. එල මචන් ගේමු චාමර 18 අපිත් උබලට ෆුල් සපෝට් එක දෙනව අනිවා

    ReplyDelete
  29. උඹ කියන විදියට රට පරාද උනේ නෑ බං...දූෂණය, භීෂණය, මැර බලය නම් පරාද උනා...ඉතිං උඹලට දුක ඒ ගැනද ?

    ReplyDelete
  30. ඡන්දේ ප්‍රථිපල බලනකොටනම් හෙන අස්පට් වුනා බං අයියේ.. මක් කොරන්නද XXX දැන් අපේ ජනාධිපති වුන එකේ සහයෝගේ දීලා බලන්නයි මට නම් දැන් හිතෙන්නේ..

    ReplyDelete
  31. නියමයි මචං .. එක හුස්මට කියෙව්වා... මෙන්න මෙව්වටයි කතා කියල කියන්නේ...

    ReplyDelete
  32. I every time spent my half an hour to read this
    webpage's articles or reviews daily along with a cup of coffee.


    Also visit my web page: diets (www.w3ightl055.com)

    ReplyDelete
  33. පට්ට කතාව, ටෙලි නාට්ටියක් කොරන්න ඇහැකි නොවැ.... :D

    ReplyDelete
  34. Spot on with this write-up, I absolutely believe that this amazing site needs a lot more attention. I'll probably be
    back again to see more, thanks for the info!

    Look into my homepage :: dieting; www.w3ightl055.com,

    ReplyDelete
  35. ලොක්ක ෂෝ එක ඉවරවෙලා යු බටේට දාපන්...අපිටත් පොඩ්ඩක් ආතල් ගන්න...

    ReplyDelete
  36. Having read this I believed it was really informative.
    I appreciate you finding the time and effort to
    put this informative article together. I once again find myself personally spending a
    lot of time both reading and commenting. But so what, it was still
    worthwhile!

    My web blog :: diets - -

    ReplyDelete
  37. I do trust all of the concepts you've introduced on your post.
    They're really convincing and can certainly work. Still,
    the posts are too short for starters. May
    just you please lengthen them a little from subsequent time?

    Thanks for the post.

    My webpage ... weight loss - http://www.w3ightl055.com -

    ReplyDelete
  38. http://www.hirunews.lk/sinhala/106314/%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B7%90%E0%B6%9A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1-%E0%B6%B6%E0%B7%80-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90

    ReplyDelete
  39. Ea raa nidaganna yaddi eka paratama mathak una kalekin hisahasa pathe giye na kyala.Idala idala kalekin awata passe menna bole aluth katha 4k.Puduma sathutak danune.A para nidaganne nathuwa katha yika iwara wenakam kyewwa.Nyamai Sadaru ayya.Maasekata sarayakwath aluth kathawak lyanna.

    ReplyDelete
  40. Ko mokada une... aluth katha ekakwath nene..

    ReplyDelete
  41. හැමදාමත් හිතන් හිටියට අද තමයි කොමෙන්ට් එකක් දාන්නේ. ඒ ගැන සමාවෙන්න අය්යේ. මං ඉස්සෙල්ලාම කියෙව්වෙ ඔයාගේ බ්ලොග් එක. ඇත්තටම බ්ලොග් කියවීන්න මං ඇබ්බැහි වුනේ ඔයාගේ ලියමන නිසා. හිතට වදින විදිහට ඔයා ලියනවා. මට කවදාවත් විඳින්න නොලැබුනු, ඒ වාගේම කවදාවත් විඳින්න නොලැබෙන අත්දැකීම් ගොඩක් ඔයාගේ බ්ලොග් ලිපිවලින් මට ලැබුණා. ඒ ගැන ස්තූතියි. ඒත් ඇයි දැං ඔයා ලියන්නේ නැත්තේ ????
    පුළුවන් නම් ආයෙමත් ලියන්න...................

    ReplyDelete
  42. Machan blog liyana eka nathara karana eka moda wadak. Thamanta hakiyawath thiyenawanan e hakiyawen thamai godak diyunu wenawanan wenna puluwan. Nattan rassawak hambuna paliyata eka maththte anith wada padu karaganna epa

    ReplyDelete
  43. මොනවද බං උඹ එනවා එකක් දානවා ආයේ හත් අවුරුද්දකට පැත්ත පලාතේ එන්නේ නෑ. උඹට කරදරයක් මචං?

    ReplyDelete
  44. ane machan apahu blog eka liyapanko plz

    ReplyDelete
  45. කෝ උඹ ලියන්නැද්ද ආයෙ?

    ReplyDelete
  46. සඳරු.. ශෝ එක කරාද?
    නවෝද

    ReplyDelete
  47. අඩෝ සඳරුවා ඕක දිගටම ලියපන් බන්. මම මෙ ලඟදි බ්ලොග් කියවන්න පටන් ගත්ත එකෙක්. මේ දවස් ටිකේම නිදි මරාගෙන උඹේ බ්ලොග් පෝස්ට් ටික මුල ඉඳන් කියවගෙන ගිහින් අද තමා ඉවර කලේ. දිගටම ලියපන් නවත්තන්න එපා උඹ ලෙසටම ලියනව මචන්.

    ReplyDelete
  48. සදරුව ... උබේ අන්තිම පෝස්ට් එක දාල දැන් අවුරුද්දකටත් වැඩි .මොකෝ බන් ලියන්නේ නැත්තේ?හැමදාම ,ඇවිත් පරණ පොස්ට් කියවල යනවා.ලියපන්කො හු%$^% මොනවහරි .මොන ලබ්බ ලිව්වත් ආසාවෙන් කියවනවා බන් .උබේ ජොබ නිසා බිසී නේ .එත් ඇහැක් වෙලාවට ලියපන් බන් .මට මේ ලඟදි උබගේ යාලුවෙක් හම්බුනා.ජනිය, මතකයි නේද ? මට උබ ගැන කිව්වා.

    ReplyDelete

තැන්කූ බං