7.1.15

ඇයි මගේ ජන්දේ මහින්දටම දෙන්නේ ?







"මචං සපෝට් එක කාටද ? මෙදා පොටේ මෛත්‍රීට දියං ආ !”

සමහරු මට එහෙම කියනවා . මම දෙන්න තියෙන්නේ එක උත්තරයයි .

"
අනේ බෑ මචං මගෙ ජන්දෙ මහින්දට" ඔන්න ඊට පස්සේ සමහරු හොඳට හුස්ම ඉහළ පහළ අරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පටන්ගන්නවා

"
මහින්දට කඩේ යනවා , කඩේ යනවා කඩේ යනවා . “

සමහරු මන්තරයක් මතුරනවා වාගේ දවසකට තුන් හතර වතාවක් මට කඩේ යනවා කියලා නොකියා කීම දැන් සාමාන්‍යයි .උන්ට මොනවත් නොකියන මම කට පියාගෙන හිතෙන් හිතෙන් මගේ මනාපේ පරිස්සං කරගන්නවා

"
අරූ මහින්දට කඩේ යනෝ... යනෝ " කියලා මාව පෙන්වලා නොසෑහෙන්න කෑගහන එවුන්ට බැනලා වැඩක් නෑ .

කඩේකට යන්ඩ බැරිව මම වින්ද දුක දන්නේ මම , මම වින්ඳ ඒ වින්ද කරදර වෙන එකෙකුට ඒත්තු ගන්වන්න බෑ

කැස්සට නිවාරන් අනූව පැකට් එකක් ගන්න සෙන්ටර් කෑම්ප් එකේ පියතිලක කඩේට යන්ඩ බැරිව ගතවුණ කාලයක් අපේ ජීවිත වල කළුපාට තීන්තෙන් ඇඳිලා තිබුණා . හැන්දෑවේ හයෙන් පස්සේ කොටි පිස්තෝල කල්ලියේ හැත්ත කළුවර වැටුනායින් පස්සේ බන්ටෙක පැත්තේ කැලෑ පාරවල් වල හැංඟිලා ඉඳගෙන පාරේ යන ඔනෑ එකෙක්ව මරාගෙන කන්නඩ මාන බැලුවා . ඉතින් කොහොමද කඩේ යන්නේ ? . එදා මට තබා ගමේ එකෙක්ටවත් කඩේකට තබා කුඹුරකටවත් බහින්ඩ විදිහක් තිබුණේ නෑ . ඒ මතකය අමතක නැති මම අදත් මගේ ජන්දය බය නැතුව මහින්දට දෙනවා .

"
යුද්දෙ යුද්දෙ කිය කියා හැමදාම හිටියාම හරියනවද ? දැන් යුද්දේ ඉවරයි දැං මෛත්‍රිය කොරහං .” සමහරු නොකියා කියනවා

ඒත් මට එහෙම කරන්න බෑ . මම ටීවී එකේ යුද්දේ දැකපු ඒ දැකපු යුද්දෙන් ඔකඳ වෙච්ච එකෙක් නෙවෙයි .. ඇත්තටම යුද්දෙට ගියපු යුද්දේ හොඳට හුරු පුරුදු සොල්දාදුවෙක්වත් නෙවෙයි . අපේ ගමේ එවුන් කවුරුත් වාගේම මමත් වෙඩි සද්දෙට බය වෙච්චි, දෙවතාවක්ම වෙඩි හුවමාරුවකට මැදිවෙච්ච්චි , යුද්දෙට නොසෑහෙන්න බය වෙච්ච . , ගමේ පිට්ටනියේ ගොඩ ගැහුව මල මිනී කඳු හැබෑවටම දැකලා හීනෙන් පවා බය වෙච්ච එකෙක් . යුද්දේ නිසා ජීවිතේ වටිනාම දෙයක් අහිමි වෙච්චි එකෙක් . ඒ හේතුව නිසා මට නම් යුද්දේ ලේසියෙන් අමතක වෙන්නෑ . සිංහලයට හත් දවසින් ඔනෑ දෙයක් අමතක වෙනවා කියලා මහ කොටියා කීවා වුණත් මට යුද්දේ ගැන කිසි දෙයක් හත් දවසින් අමතක වෙන්නෑ . අමතක කරන්නත් බෑ .

"
යුද්දේ ඉවර කළේ මහින්ද නෙවෙයි .තවත් සමහරු උඩ පැන පැන කියනවා . යුද්දේ ඉවර කල ගෞවරවය ත්‍රිවිධ හමුදාවේ ඉඳන් ගමේ ග්‍රාමාරක්‍ෂකයාට පටන් ලැබෙන්න ඔනෑ . මම කවදාවත් ඒකට නෑ කීවේ නෑ . ඒත් අර කෙහෙම්මල් සටන් විරාම මගුල අහක් කරලා යුද්දෙකට බහින්න මහින්ද තීරණයක් ගත්ත විත්තිය මට අමතක නෑ . ඇත්තටම ඒ මල මගුල් සටන් විරාමේ අද වෙනකල් තිබුණා නම් මේ මමත් මැරුංකාලා සාමදානේ වැළලෙන්න හොඳටම ඉඩ තිබුණා

හමුදාවත් එක්ක හැප්පෙනවට වඩා ආයුධයක් නැති සාමාන්‍ය මිනිස්සු එක්ක හැප්පෙන්න කැමති කොටි හැත්ත මගේ තාත්තවයි, මගේ මාමලා දෙන්නවයි , ලොකු තාත්තවයි , කැත නැතුව මරා දැම්ම. කොටින්ගෙන් ඉතිරිවෙච්ච එවුන් අද පිට රටවල ඉඳගෙන ලංකාවේ කෑල්ලක් ඉල්ලලා කෑ ගහන හැටි දැක්කාම , අපේ රටේ තවත් සමහර එවුන් පහන් පත්තු කරගෙන මැරිච්චි කොටි මතක් කර කර හූල්ලනකොට හිතට දැනෙන තරහත් උපරිමයි

තාත්තගේ මූණත් තහඩුවම අඩු නැතිව පිහිටලා තිබ්බ , මගේ තාත්තගේ නිවුන් සහෝදරයාව බහිරවයෝ වාගේ ඇදගෙන ගිහින් අම්පාරේ එයාපෝට් හන්දියේදී ටයර් සෑයක පුච්චාපු ජේවීපී එක ගැනත් මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ . ඒ නිසාම බුලත් කෙළ පාට ජේවීපී එකටත් මගේ පරම්පරාවේ එකෙක්ගෙන්වත් වැරදිලාවත් ජන්දයක් වැටෙන්නෑ

මගේ තාත්තා තනි යූන් ඇන් පී කාරයා . මගේ තාත්තගේ මුලු පවුලම එහෙමයි . ඒ හේතුව නිසාම වෙන්නැති . යුද්දෙ වවාගෙන කකා හිටපු චන්ද්‍රිකා මැඩම් මගේ තාත්තගේ පැන්ෂන් එකටත් කෙළියේ .

අමාරුවේ වැටිච්ච අපිට චන්ද්‍රිකා මැඩම්ගේ ජනාධිපති ඔෆිස් එකෙන් ලැබුණේ මහ අමුතු ලියුමක්

"
කරුණාකර මියගිය ග්‍රාමනිලධාරියාගේ රාජකාරී දිනපොත සහ රාජාකාරී හැඳුනුම් පත ඉදිරිපත් කරන්න .” 

තාත්තගේ සම්පූර්ණ රාජකාරී බෑග් එකම කොටි අරන් ගියාට පස්සේ . බෑග් එකේ තිබ්බ දේවල් කොහෙන් හොයන්නද ? . අපි බකමූණු බිත්තර ගිල්ල එවුන් වගේ ඔහේ හිටියා . මහින්ද ජනාධිපති වෙනකල් මැරෙන්නැතුව පණ ගැටගහගෙන හිටියා . මහින්ද ජනාධිපති වෙලා මාස කීපයක් ගියාට පස්සේ තාත්තගේ පැන්ෂන් එක සහ .වන්දි මුදලක් අපිට හම්බුනා . සල්ලි වලට තාත්තව ගන්ඩ බෑ තමා . ඒත් ජීවිතේ ගැටගහගන්න අපිට උදවු වුණේ ඒක විතරයි

අම්පාර හදපු ඩී එස් සේනානයක මහත්තයාගෙන් පස්සේ අම්පාරට දැනෙන සංවර්ධනයක් කළේ මහින්දම විතරයි කාටවත් ඒක එහෙම නොවේ කියන්න බෑ . අද අම්පාරෙන් කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක් ගෙවාගෙන කොළඹ ආපු මම අද මගේ අම්මයි නංඟියි වයසක සීයයි දෙන්නව ගෙදර දාලා හිතේ බයක් නැතුව කොළඹ ඇවිත් රස්සාවක් කරන්නේ සමහරුට බයිලයක් වෙච්ච මට යුද්ධයක් වෙච්ච මේ යුද්දේ ඉවර වෙච්ච නිසා . අම්පාර නුවර 18 වංඟුව පාරේ බයක් නැතුව බස් එකේ යන්නේ එන්නේ මහින්ද ඒ පාර හදපු නිසා

මම ලංකාවේ නැගෙනහිර ජීවත් වෙන එකෙක් . මහින්ද දිනුවොත් රට ආයේ යුද්දෙකට නොයන බව නම් මට සහතිකයි . ඒත් මෛත්‍රී දිනුවොත් ඒක කොහොම වෙයිද කියලා මට විශ්වාසයක් නෑ . රටේ නැගෙනහිර කොටස කවුරුත් ඉල්ලන්නැතුං ඉඳීවි කියලා මෛත්‍රීය වඩන උදවියට සහතික වෙන්ඩ පුළුවන්ද ? . 

මට යන්න වෙන තැනක් නෑ .මම ඉපදුණේ අම්පාරේ මැරෙන්නෙත් අම්පාරේ . මෙදා පාර මහින්දට ජන්දෙ දෙන්න කිලෝමීටර් තුන්සීයකට කිට්ටු දුරක තියෙන ජන්ද පොලට ගිහින් මගේ ජන්දේ දාන්ඩ මම නොවරදවාම අම්පාරේ යන්නෙත් ඒ හේතුව නිසාමයි . වෙනදා ගෙදර ඉඳලා ගමේ ඉස්කෝලේ වත්තේ තිබුණ ජන්දපොළට යන්න කම්මැලි කරන මම අද කිලෝමීටර තුන්සීයකට කිට්ටු අම්පාරට ගිහින් මහින්දට ජන්දයක් දාන්නේ කිසිම දෙගිඩියාවකින් නෙවේ . යුතුකමක් ඉටු කරන්නවත්, කෙළෙහිගුණ දක්වන්නවත් නෙවෙයි . ඒකට තියෙන්නේ එකම එක හේතුවක් විතරමයි .. මිස්ටර් ප්‍රභාකරන් පටන්ගත්ත, සමහර පාලකයෝ පෝර දාපු තිරිසං යුද්ධෙන් ඇති වෙච්ච තුවාල අටක් මගේ හිතේ අට පොළක තියෙනවා . ඒ තුවාල අටෙන් එකක්වත් තාම හරියට සනීප වෙලා නෑ

මිස්ටර් ප්‍රභාකරන්ගේ කොටි පැටවු මගේ තාත්තගේ අට වතාවක් වෙඩි තියලා තිබුණා . තාත්තා නිදාගෙන උන්න මිනී පෙට්ටිය වහන්ඩ කලියෙන් තාත්තගේ ඇඟේ අට පොලක තිබුන උණ්ඩ අට ගැලවිලා ඇවිත් මගේ හිතේ වැදුණා වැදිලා හිරවුණා . . . කාටත් අමතක වෙන ඒ පුංචිම පුංචි යුද්දේ මට තාම අමතක නොවෙන්න හේතුව ඒකයි . මහින්දට ජන්දේ දාන්න කියලා මම කාටවත් කියන්නෑ … . ඒත් මගේ ජන්දේ නම් නොවරදවාම මහින්දට . . . 

එදා කොටින්ට බයේ කඩේට ගිහින් කැස්සට බොන නිවාරන් අනූව පැකට් එකක් ගන්ඩ බය ගත්ත මම මම අද මහින්දට කඩේ යන එකෙක් .කඩේ යන්ඩ ලැබුන එක ගැන නොසෑහෙන්න සතුටුයි . බයින එවුන්ට බයින්ඩ බැරියැ !
...................


දුක් විඳලා අත්විඳපු සමහරක් දේවල්.. . . . . හිත් ඇතුළේ තැවරෙනවා
 හත්දොහකින් මැකෙන්නැති ඒ දේවල් සදා කල් ඉතිරි වෙනවා .. .


103 comments:

  1. Baya nathuwa hitahan male meda para mahinda mahaththaya dinuwama 19 weni Amended eka genath janadipathi kama paramparawen paramparawata yana widiyata haduwama umba digatama rajapakshalata kade palayan
    Loku pan mallak hada ganin kade yanna.........
    Machan mage aiyala dennek yuddden maruna ada aiyage namata army eken diary ekak awa 4 weni pituwe suba pathuma Honourable Karuna amman gen
    Baya wenna epa umbe thattatath shokaya pala karala karuna mokak hari ewai
    balan idapan

    ReplyDelete
  2. සඳරු,

    පළමුව ඔයාගේ තාත්තට නිවන් සුව පතනවා.

    දෙවනුව,

    ගොඩක් අයට මේ අතීතය අමතකයි හෝ අමතකයි වගේ ඉන්නවා,

    බහුතරයකට තියෙන්නේ ඉරිසියාවයි, කුහකකමයි විතරයි.

    මගේ චන්දෙත් මහින්දට.

    ප්‍රියන්ත

    ReplyDelete
  3. මම නං මහින්ද රාජපක්ෂට නැවත වතාවක් ජන්දය දී රට අරාජිකත්වයට පත් කිරීමට සුදානම් නැත.මහින්ද දින්නායි කියන්නේ නැවත වසර දෙකක් ඇතුලත තරුණ කැරැල්ලක් අතලග කියන එකයි.

    තව දින එකයිනේ. සියල්ල විසදෙයි.

    ReplyDelete
  4. මල්ලි මෙච්චර යුද්ධෙන් බැට කෑවා කියලා දුක් වෙවී මහින්දට චන්දේ කොටලා එනවා. ඒත් මල්ලිට චුට්ටක්වත් හිතුනේ නැද්ද එදා තුවක්කු අමෝරාගෙන මල්ලිලෑ නෑයෝ මරන්න කියලා අණදීපු කේපි, කරුණා වගේ අය අද ඉන්නේ කොහේද කියලා ?

    මල්ලිට මහින්දයි ඒ කොටියෙකුයි ඉන්න ෆොටෝ එකක් හරි දැක්කට පස්සේ හිත හදාගෙන මහින්දට ඡන්දේ පුදලා එන්න පුලුවන් ද ?

    ReplyDelete
  5. මේ රට මහින්දගෙවත්, සිරිසේනගෙවත්, රනිල්ගෙවත් නොවෙයි. මේ රට අයිති කෝටි දෙකකට ආසන්නව සිටින මේ රටේම ජනතාවටයි. යුද්ධයේදි සියලුම පරිත්‍යාගයන්කලේ මේ රටේ ජනතාවයි.මේ රටේ අනාගතය තීන්දුකලයුත්තේද ජනතාවයි. මේ රට බෙදනවාද නැද්ද යන්න තීරණයකල යුත්තේ ජනතාවයි.අනාගතයේදී එවැන්නක් සිදුකලහොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.මේ රටේ ජනතාවට ව්‍යාජ සංවර්ධනයක් මවා පෙන්වමින්, ව්‍යාජ බෙදුම් වාදයක් පෙන්වමින් කරන දූෂණය, වංචාව වහාම නතරකල යුතුයි. මේ ජනාධිපතිවරණය ඒ සඳහා ලැබෙන අවසාන අවස්ථාවයි. නිවැරිදි තීරණයක් ගැනීම ජනතාවගේ වගකීමයි.

    ReplyDelete
  6. උබේ අත්දැකීම් කියවලා මගේ ඇස් දෙකේ කඳුළු පිරුනා. කියවාලා ටිකවෙලාවක් ඉඳලා තමයි මේ කමෙන්ට් කරන්නේ.

    ඔබගේ අදහසට සම්පුර්ණයෙන් එකගයි.

    බොහෝ දෙනෙක් කියන්නේ රජය දුෂිතයි. හොරකම් කරනවා කියලා ඒ නිසා වෙනසක් කරන්න ඕන කියලා. කියන අය කියන්නේ රුපියල් 100 වියදම් කරලා වැඩ කරන්නේ රුපියල් 20 කියලා. නමුත් කිසිම සාක්ක්ෂියක් මගින් ඒවා සනාථ කරන්නේ නැහැ. මේ නිසා මම පොඩ්ඩක් හොයලා බැලුවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන කොට දිග අතට මීටර් එකක් හදන්න ගිය සාමාන්‍ය වියදම ලක්ෂ 7 විතර අඩුම මීටර් 1 වත් පොලව ගොඩ කරලා පාලම හදලා පිවිසුම් මාර්ග ගොඩනැගිලි ඔක්කොම හදලා තමයි ඔහොම ගිහින් තියෙන්නේ.පොඩ්ඩක් හිතලා බලන්න ලොකු දුෂණයක් වෙලා නැහැ. කියන විදියට ලක්ෂ 7 න් ගිය නියම වියදම ලක්ෂ 2 කියලා ගත්තොත් ඉඩම අරගෙන පස් ටිකවත් ගොඩකරන්න පුලුවන්ද එහෙම ප්‍රමාණයකින්. ඔය දුෂණ කතාව මුලක් තියෙනවා සමස්ත රාජ්‍ය සේවයේම කොමිස්, වංචා කියන එක ලංකාවේ සාමාන්‍ය දෙයක් ඒ සියලුම දේවල් මහින්දට බැර කරන්න බැහැ. මහින්ද පැරදුනත් ඔය දුශිතයෝ ඉවත් වෙන්නේ නැහැ(අර ඔෆිස් වෙලාවේ රාජ්‍ය දේපල අයතා පරිහරණය කර බ්ලොග් පොස්ට් සහ කමෙන්ට් දමන හොරා වගේ උන් අයින් වෙනවාද මහින්ද පැරදුණා කියලා) මම නම් කියන්නේ දැන් තියෙන්නේ දුෂිත රජයක් කියන්නේ අතිශෝක්තියක් විතරයි.

    යුද්ධේ ඉවර කළා වගේම නිදහසෙන් පසු ටික කලක් තුල සිදුකරන ලද ලොකුම සංවර්ධනය කලේ මහින්දගේ රජය. අධිව්ගී මෙන්ම සාමාන්‍ය මාර්ග පද්දතිය, යාපන දුම්රිය මාර්ගය, ගුවන් තොටුපල වාරය, පොර්ට් සිටි, රට පුරාම විදුලිය, කැත නැති නගර, අධ්‍යාපනය දියුණු කිරීම් වගේ දේවල් උදාහරණ ලෙස ගන්න පුළුවන්.

    බය නැතිව ඕන තැනක ඇවිදින්න දීම විතරක් නොවේ බොහෝ දී දීපු එකට කලගුණ සලකන්න ඕන. රටට වැඩක් කරන නායකයෙක් තෙවරක් නොවේ 100 වරක් ඉල්ලුවත් අපි චන්දෙ දිනවනවා. අපිට වෙනසක් අවශ්‍ය නැහැ අපිට ඕන සියලු ජාතීන් සමගියෙන් වෙසෙන එක රටක් .

    ඊළාම් සංකල්පය තවම ඔලුවේ තියෙන TNA, නැගෙනහිර වෙනම කලාප ඉල්ලන හකීම් ඇතුළු බෙදුම්වාදී මුස්ලිම් සෙට් එක සහ ඒවාට සහය දක්වන රනිල් සහ ෆෙඩරල් ලංකාවක හීනය දකින චන්ද්‍රිකා ට ඕන විදියට නටන්න සුදානම් සිරිසේන චන්දෙ දිනුවොත් රට විනාශ වෙනවා. වැරදිලාවත් සිරිසේන දිනුවොත් ඔහුට කඩේ යන අපි මෝඩයෝ සේ සලකන සෙට් එකට තෙරීවී කරගත් ගොන්කම. ඔවුන්ගේ දරුවෝ ඔවුන්ට සාප කරාවි.

    අපිට ඕන සියලු ජාතීන් සමගියෙන් ඉන්න එකම එක රටක්. සුබ අනාගතයක් පිවිතුරු හෙටක් වෙනුවෙන් මේ යන පාර රට බෙදන දිශාවට වෙනස් කරන්නේ කුමකටද? මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි
    සුභ අනාගතයක්

    ReplyDelete
  7. සඳරු මචෝ අයේනම් හීනෙකින්වත් මේ වාගේ කාලයක් දකින්නවත් එපා කියලා තමයි මමත් පතන්නේ .1991 සිංහල අවුරුද්ද දවසේ ඇතිමලේදී අපි බේරුනේ 99.9න් .එදා මිනිස්සු 17 ක් කපලා මරුවා .අපේ ලොකු මාමාත් එදා උන් අතින් මැරුනා .2000-02-08 කොළඹ කොටුවේදී වැලිමඩ බස් එකේ බෝම්බෙට අහුවෙලා නුලෙන් ජිවිතේ බේරුණා .ඒ නිසා ඒ දේවල් මතක් වෙනකොට හීනෙකින්වත් එහෙම කාලයක් ගැන හිතන්නේ නැ ....ඡන්දේ ගැන නම් කතා කරන්නේ නැ බන් .තමන් කැමති කෙනෙකුට මනාපේ දෙන එක තමන්ගේ ස්වාදීන අයිතියක් නේ .

    ReplyDelete
  8. උඹගෙ තාත්තට නිවන් සුව!

    මම චමත් මලයගෙ බ්ලොගෙ එකේ දාපුකමෙන්ට් එකම මෙතන දානව තව වචන දෙකක් එක්ක.

    මගේ තාත්තත් හමුදවෙ, අක්කත් හමුදාවෙ, බාප්ප, අම්මගෙ අක්කගෙ පුතා, එයාගෙ නෝන මේ සේරම ත්‍රිවිධ හමුදාවල. ඒතියා පැන්ෂන් ගිය ලොකු අම්මත් අයි ගියෙ ආමි හොස්පිට්ල් එකේ වැඩට.

    මමත් ගියා 95දි ඕකට බැඳෙන්න. එතකොට 3වෙනි ඊළාම් යුද්දෙ පටන් ගත්ත ගමන්. අපේ තාත්ත ජිල්මාට් එකක් දාල මාව අන්තිමට තිබ්බ ආරක්ෂක අමාත්‍යංසෙ ඉන්ටර්වීව් එකට කලින් හැලුව.

    අපිත් තාත්ත යාපනේ ඉඳල ගෙදර එනකල් මග බලං ඉඳපු, ප්‍රවෘත්ති වලට භය වෙච්චි මිනිස්සු.

    මම 95දි වැළිකන්දෙ ඉස්පිරිතාලෙ බෞද්ධ ශිශ්‍ය සම්මේලන ශාඛාවෙ ළමයි එක්ක වැඩසටහනක් ඉවරකරල ගමේ ගේක හිටියෙ. රෑ එහා ගමට කොටි ගැහුව. අර දොසතර බෙදපු නලා සද්දෙ නිසා යන්තන් කැලේ පැනල හැන්ගිල කජුගස් අස්සෙ රෑ ගතකරල බේරුන.

    වවුනියාවෙදි සිධාර්ථන්ල වෙඩි තියද්දි නූලෙන් බේරුන. උඹල ඔය කියන එෆ්.ඩී.එල් වලට ගිහින් මඩුකන්දෙදි, ඒ කොල්ලො එක්ක දවාලෙ සින්දු කියල කතා කරල උන් එක්ක ඉන්නව කියල හිත හදල ආව.

    කොළඹින් අනුරාධපුරෙන් එහාට යන්න භය කාලෙ අපි මැදවච්චිය, වෞනියාව, මහවිළච්චිය, වැළිකන්ද, දිඹුලාගල ගංවල සිංහල බෞද්ධ ළමයින්ට කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් කරා, ආධාර බෙදුව ධර්ම විජය පදණම එක්ක.

    කොටිම්ම යුද්ධෙ නම් අත්දැකීම සාමාන්‍ය මිනිහෙක්ට එහා ගිහින් උපරිමෙන් වින්ද. නමුත් එහෙමෙයි කියල මේ වෙන දේ ඒවට යට කරන්න, හිලව් කරන්න බෑ මලේ.

    අපිට මිස්ටර් ප්‍රභාකරන්ලගෙ කට්ටිය හැමදාම චනඩිකමෙන් යටත් කරන් ඉන්න බෑ. එහෙම උනොත් උන් ආයි නැගිටිනව. අන්න ඒ නිසා දැම්ම උන්ටයි අපිටයි එකට, එක රටක සතුටෙන් ඉන්න ඕන ක්‍රමයක් හදා ගන්න වෙනව. ඒකට තමා මිනිස්සු ගියපාර 2/3 කිට්ටු බලයක් දුන්නෙ. එහෙම නැතුව 18 ගේන්න නෙමෙයි.

    2/3 තිබිලත් ඒක නොකල කෙනා අයි කරන්නෙ නෑ. ඒනිසා අපි විඳපු දුක අපේ දරුවන්ටත් දෙන්න බෑ.

    අන්න ඒකයි අපි මහින්දට නොදිය යුත්තෙ.

    ReplyDelete
  9. අප ලෝක ඉතිහාසයේ යුද්ධයන්ගෙන් උදාහරණ කිහිපයක් ගෙන හැර දක්වමු
    2001 සැප්තැම්බර් 11 ලෝක වෙළද මධස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව බින් ලාඩන් ට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදි.
    මිත්‍ර හමුදා සමග එකතු වී ඇමරිකාවට ඇෆ්ගනිස්තානයට පහර දෙන්න අති නවීන ආයුධ වර්ග ගණනාවක් භාවිතා කරන ලදී. උදාහරණ ලෙස

    • අපාචි වර්ගයේ හෙලිකොප්ටර( Apache helicopter gunships)
    • Tomahawk Cruise Missiles
    • F/A-18 Hornet fighter-bombers
    • daisy cutter bombs
    • AC-130 gunship
    • පොකුරු බෝම්බ (United States and other NATO countries used large numbers of cluster munitions during the initial stage of the operation. 1,228 cluster bombs containing 248,056 bomblets were used )
    • තවත් නියමුවන් රහිත ඔත්තුබලන ගුවන්යානා , Satellite තාක්ෂනය සහ නොයෙක් ආයුධ භාවිතා කරන ලදී

    එමෙන්ම ඔබ සැලකිය යුතු අති සුවිශේෂී කරුණක් ඇත.

    මුළු ලොවම දන්නා පරිදි ලෝකයේ එදා මෙදා තුර පහල වුනු දරුණුම ත්‍රස්තවාදියා වන්නේ ප්‍රභාකරන්ය. බින්ලාඩන් යනු ප්‍රභාකරන් ගේ අවිබලයෙන් , හමුදා බලයෙන් 1000 න් පංගුවක් වත් බලයක් නැති ත්‍රස්ථවාදියෙකි. ප්‍රභා කරන්ට පුහුණු නාවික , පාබල , හා අවසාන කාලයේ සැහැල්ලු ගුවන් යනා වලින් යුතු ගුවන් හමුදාවක් විය .. ඔවුන් සබ්මැරින තනමින් සිටින ලදී. මහා පුපුරන ද්‍රව්‍ය , ගුවන් යානා නාශක මිසෛල ... මෝටාර් , කාල තුවක්කු පමණක් නොව ... ආයුධ නිෂ්පාදනාගාර , පොලීසි , උසාවි සහ මහා අන්තර්ජාතික රැකවලුන් විශාල පිරිසක් සිටියහ .(ප්‍රබා කරන්ට එරෙහිව යුධ කළහොත් අන්තර්ජාතික හමුධාවක් ලංකාවට බැස බලහත්කාරයෙන් රට බෙදා කොටින්ට රට පාවා දෙන අවදානමක් විය.). එමෙන්ම මෙහි තිබුණු භයානකම තත්වය වන්නේ සැම කොටි සාමාජිකයෙක්ම මරාගෙන මැරීම සඳහා පුහුණු කර තිබීමය. එවැනි මරාගෙන මැරෙන ත්‍රස්ථවාදී හමුදාවක් ලෝක ඉතිහාසයේම හමුවන්නේ මෙහිදීය.

    රටවල් ගණනාවක් එක්වී මෙහෙයුම් ගණනාවක් දියත් කල ද බින්ලාඩන් අල්ලා ගැනීමට හැකි වුයේ ඊයේ පෙරේදාය. බිල් ලාඩන් වගේ දහස් ගුණයක් ප්‍රභල ප්‍රභාකරන්ව අල්ලා විනාශ කිරීමට, ඉතාමත් අඩුම තාක්ෂණයක් සහිතවු අප වීරෝධාර හමුදාවට හැකි වුයේ කෙසේ

    ReplyDelete

  10. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු 2ක් ගෙනහැර දැක්විය හැකිය.

    1. සෙබළුන්ගේ වීරත්වය

    වසර දහස් ගණනක් අතීතයට ගිය ලෝකයේ වීරත්වයෙන් ඉහලතම රණවිරුවන් අප සතුව සිටිය බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් එම රණවිරුවන්ට සටන් කිරීමට අවශ්‍ය කරන උපක්‍රමශීලි සැලසුම් සහ නායකත්වය ලබානොදීම නිසා ඔවුන් පහුගිය පාලන කාලයන් තුල දැඩි යදම් වලින් බැද දමන ලදී.

    2. උපක්‍රම ශීලිත්වය

    මෙම කරුණු ඔබ බුද්ධියෙන් යුතුව තෙරුම් ගත යුතුය . ලංකාවේ අවසන් ඊලාම් යුද්ධය ලෝක ඉතිහාසයේ සුවිශේෂිතම යුද්ධයක් . ප්‍රබලතම ඔත්තු සේවා වන CIA , FBI සහිත, මහා යුධ බලයක්( Military Power ) සහිත ඇමරිකාවට බින්ලාඩන් පරාජය කිරිමට සැහෙන්න කලක් ගත විය . බින් ලාඩන් වාගේ 1000 ක් ශක්තිමත් ප්‍රභාකරන්ව විනාශ කිරීමට ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ විසින් යොදාගත් අති සුවිශේෂී , ඉතාමත් සුක්ෂම යුද උපක්‍රම යුද්ධයේ ප්‍රධානතම භූමිකාව ඉටු කළේය.

    මේවා
    1. සතුරු හමුදා සටන් සදහා යෙදවූ සටන් සංග්‍රාමික උපක්‍රම .
    2. මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවූ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ යුද උපක්‍රම

    ලෙස කොටස් දෙකකට බෙදිය හැකි අතර මෙම උපක්‍රම දෙක තුල War Strategy(යුද්ධෝපක්‍රම), War Tactics (යුධ ප්‍රයෝග), War Deceptions (යුධ මුලාකිරීම්) අන්තර්ගත විය.

    අවසන් ඊලාම් යුද්ධයේදී භාවිත කල යුධ උපක්‍රම වල සුවිශේෂී ලක්ෂන

    අවසන් ඊලාම් යුද්ධයේදී භාවිත කල යුධ උපක්‍රම පිලිබදව අපට සුවිශේෂී ලක්ෂනයක් දැක ගත හැක. එනම් එතෙක් මෙතෙක් ඉතිහාසය තුල කිසිදු අවස්ථාවක මෙම යුධ උපක්‍රම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන යාමට කිසිදු දේශපාලන නායකත්වයක් ඉඩ දුන්නේ නැත. එයට හේතු වන්නේ එවැනි යුද උපක්‍රම භාවිතා කිරීම නිසා ජන්ද පදනම බිද වැටීමේ හේතුවයි.
    ලංකාවේ මාවිල්ආරු දකුණු ප්‍රදේශයේ සිත් ආරු ගඟ අසල සටන, තොප්පිගල සටන වැනි බොහොමයක් සටන්වලට කරුණා අම්මාන්ගේ සටන් කරුවන් දායකත්වය දැක්විය . ඔවුන් යුද්ධය කිරීමට අවශ්‍ය එම භුමියේ භූ විෂමතාව (battle ground) හොදින්ම දැන සිටින ලදී.
    කොටින්ගේ යුධ උපක්‍රම ඔවුන් මනාව දන්නා ලදී. සතුරා සතුරාට එරෙහිව මෙහෙය වීම ලෝකයේ පවතින ප්‍රබලතම යුධ උපක්‍රමයක් වේ. ඇමරිකන්වරු ඇෆ්ගනිස්ථානයට පහර දීමේදී බිල් ලාඩන්ට එරෙහිව එරට ගරිල්ලන් භාවිතා කෙරිණි. ඇමරිකාව ඉරාකයේ සදාම් හුසේන් සමග යුද්ධයේදී ඉරාකයේම ගරිල්ලා බටයන් සදාම් හුසේන්ට විරුද්ධව යොදා ගත්තේය.
    ඇමරිකාව වියට්නාමයට පහර දීමේදී වියට්නාමයට විරුද්ධව වියට්නාම ගරිල්ලන් යොදා ගැනීම අසාර්ථක විය විය . එය ඇමරිකාව වියට්නාමය තුල අසාර්ථක වීමට බලපැ ප්‍රධාන කරුණක් විය.

    ReplyDelete
  11. භුවිෂමතවයට අනුව තොප්පිගල කදුවැටිය ගුවනේ සිට පවා ප්‍රහාරක ඉලක්කයක් ගැනීමට අපහසු ප්‍රදේශයකි. පාබල හමුදාවන් වලට ලෙහෙසියෙන් ඇතුළුවිවීමට නොහැකි ප්‍රදේශයකි. තොප්පිගල කදු මුදුනට පහර දීම සදහා ඉතා සුක්ෂම යුද උපක්‍රම අනුගමනය කර හමුදා බුද්ධි අංශ කොටින් ගෙන්, අප හමුදාවට පහර දීමට අවශ්‍ය තොරොතුරු ලබාගන්නා ලදී. ඇතැම් අවස්ථාවල කොටින්වම කොටින්ටම පහර දීමට යොදා ගත්තේය. කලාතුරකින් හමුදාවට උපක්‍රම ශීලිව හිතවත් කරගත් කොටි සාමාජිකයින් කොටි ඇදුමින් සැරසි ඔවුන්ගේ ම භාෂා වලින් කතා කරමින් ඔවුන්ගේ ආයුධ වලින්ම ඔවුන්ම හදපු ඔවුන්ගේ ම කදවුරු වලට පහර දීමට පෙළඹ වීමට තරම් සේනාධිනායක , ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදා පති වරුන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ සුක්ෂම විය.

    තවත් සමහර වෙලාවට කොටින් ලෙස වෙස්වලාගත් අපේ වීරෝධාර රණවිරුවන් කොටි කදවුරුවලට හොරෙන් ඇතුළුවී මහා ප්‍රහාර එල්ල කළහ... මේවා හමුදාවේ සහ බුද්දි අංශයන්ගේ විස්කම්ය.

    එසේ නොවුවානම් යුද්ධය සඳහා වන්දි ගෙවූ මිනිස් ජීවිත ලක්ෂ කිහිපයකට ආසන්න ප්‍රමාණයක් වීමට හැකියාව තිබිණි. සාමාන්‍ය ජනතාව , රජයේ සහ ත්‍රස්තවාදී හමුදාව කොපමන මියයනු ඇත් දැයි සිතාගත නොහැකිය...

    ඉතිහාසය පුරාම හිටපු දේශපාලන නායකයන් විසින් යුද්දය පාවා දෙනු ලැබීය. ඉන් විනාස උනු ජීවිත සංක්‍යාව අතිමහත් ගණනක් .. ජාතන්තර මැදිහත් වීම් වලදී දේශපාලන නායකයන්ගේ තීන්දු තීරණ නිසා.. ජයග්‍රහණ පෙනී පෙනී රණවිරුවන්ට පසු බහින්නට සිදුවිය... සාම ගිවිසුම් යුගවලදී අවි ආයුද , පුපුරන ද්‍රව්‍ය ටොන් ගණන්, ගුවන් යානා පවා කොටින් විසින් ගෙන එන ලදී. එමගින් සිදු වු විනාසය මිල කල නොහැකිය.

    නමුත් අවසාන ඊලාම් යුද්ධයේදී ,, ,, හමුදා බුද්ධි අංශ මගින් දෙනු ලැබූ තොරතුරු අනුව සේනාධිනායක, ආරක්ෂක ලේකම් , ත්‍රිවිධ හමුදාපති වරු ක්‍රියා කල හෙයින්ද, උපක්‍රමශීලිව සහ අවශ්‍ය විට ඉතාමත් දැඩිව ජාතන්තර මැදිහත් වීම් වලදී ක්‍රියා කල නිසාවෙන්ද මෙතරම් කෙටි කලකින් සහ අවම ජිවිත විනාශයකින් යුද්දය නිම කිරීමට හැකි විය.

    වියට්නාමයට එරෙහිව ඇමරිකාව පහර දෙන විට වියට්නාමයේ සියලුම වැසියන් ඇමෙරිකාවට එරෙහිව යුද්ධයට බටහ . අවු 7/8 වන කුඩා දරුවන්ගේ සිට අවුරුදු 70 /80 දක්වා මහල්ලන් ගැහැණු පිරිමි භේදයකින් තොරව කොන්දේසි රහිතව වියට්නාමය තුල උමං හාරමින් උමන් තුල අපා දුක් විදිමින් වියට්කොන් ගරිල්ලන් ලෙස යුද්ධයට තම උපරිම සහයෝගය දැක්විය.

    කුඩා දරුවන් පවා ඇමෙරිකන් හමුදාවට එරෙහිව ඔත්තු බැලුහ. යුද්ධ කල හැකි සියලු පිරිමින් සහ ගැහැනුන් යුද්ධයට යොදාගෙන මහල්ලන් ලෙඩුන් හමුදා උපකරණ සැදුහ, වගා කළහ.
    වියට්නාම් තරුණියන් වෛශ්‍යාවන් ලෙස ඇමෙරිකන් හමුදා සෙබළු සමග යහන් ගතවී යුද්දයට අවශ්‍ය ඔත්තු සෙවිය. වියට්නාම් තරුණියන් ශරීරය, ආත්මය, පවිත්‍රත්වය පුජා කර ඔත්තු සැපයීය. ඔවුන් විසින් ඇමෙරිකන් භටයින්යහන මතදී මරා දැමීය. වියට්නාම් වැසියන් සියලු දෙනෙක්ම යුද්ධය දිනීම සඳහා තම ආත්මය, ජිවිතය පමණක් නොව, යුධ උපක්‍රම ලෙස විලි ලැජජාවද පුජා කළේය. එයයි වියට්නාමයේ අභිමානය .

    ReplyDelete

  12. ඔබ දන්නවා ඇමෙරිකාව බින්ලාඩන් මරා දමා අහවරව තිබියදී පවා අන්තගාමී මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තවම අහවර කර නොමැති බව.
    අමෙරිකන් CIA වැනි ඔත්තු සේවාවන් මගින් තමන්ගේ සතුරන්ගේ මුලකේශ දක්වා ඉවත් කරමින් සිටියි. ඒ සඳහා වූ නොයෙකුත් යුධ උපක්‍රම භාවිතා කරයි. මෙහිදී ඔවුන් මෙම යුධ උපක්‍රම සඳහා සතුරන් භාවිත කර සතුරන් ට ප්‍රහාර එල්ල කිරීමේ සිට, රහසිගත රාජතාන්ත්‍රික මෙහෙයුම් වල සිට , සටන් අවස්ථා වලදී සතුරාටම අවි ආයුධ සැපයීම දක්වා අපට ඇදහිය නොහැකි යුධ උපක්‍රම භාවිතා කරයි. එම රටවල්වල දේශපාලන පක්ෂ සහ රට වැසියන් මේවා ජාතික ආරක්ෂාව සම්බන්ධ තීන්දු තීරණ නිසා ඒවාට මැදිහත් නොවෙයි. කුමන පක්ෂයක් ජනාධිපති වරයෙක් බලයට පැමිණියද රටේ ආරක්ෂක අංශ ස්වාධීනව කටයුතු කරයි.
    මෑතකදී ඉතාම නින්දිත පාවාදීමක් ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ සිදුවිය. එය අපි ලෝක යුධ ඉතිහාසයටද එක් වීමට ඉඩ ඇත.

    කලින් සඳහන් කල ආකාරයට ...පසු ගිය දින වල පුවත්පත් වල , රුපවාහිනී මාධ්‍යන්ගෙන් සහ සමාජ වෙබ් අඩවි වල චන්ද ආයුදයක් ලෙස ඇතැම් දේශපාලකයින් කරුණා සහ KP වැනි හිටපු කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සමග ඉතාමත් කිට්ටු පෞද්ගලික සම්බන්ධතා පවත්වනවා වැනි ප්‍රචාරණ දියත් කර කෙටි කාලින දේශපාලන වාසි ලබා ගන්නවා දැකිය හැකි විය.

    අප ඉහත සදහන් කල කරුණු වලින් මේවන විට ඔබට යුද්ධයේ බරපතල භාවය වැටහී තිබුය යුතුය. එය තවමත් අවසන් නොමැති බව වැටහිය යුතුය . තවමත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම් රැසක් ක්‍රියාවට නැංවෙමින් පවතී. කරුණා සහ KP සම්බන්ද දේවල් මෙන්ම අනෙකුත් ජාතික සහ ජාත්‍යන්තර ත්‍රස්ත මර්ධන කටයුතු හමුදා බුද්ධි අංශ යන්ගේ නියමයන්ට අනුව සිදුවන දේවල් බව පුරවැසියන් ලෙස ඔබ පැහැදිලිවම තේරුම් ගත යුතු වේ.

    යුද සංග්‍රාමයන් පිලිබද බුද්ධි අංශ ගන්නා තීරණ ඉතා සංකීර්ණ වේ. මෙය මතුපිටින් දකින විට ඉතාමත් ව්‍යාකුල වේ.

    ReplyDelete
  13. මේ පිලිබදව හැදෑරීම සදහා ලෝක යුද්ධ ඉතිහාසයේ අධ්‍යනය කල යුතුය. ඇමෙරිකාවද , ජපානයද , චීනය හා ඉන්දියාව වැනි රටවල් සහ අපේ රට එක් එක් යුද්ධයන් තුලදී අනුගමනය කරපු යුද උපාය මාර්ග ඔත්තු කරුවන් පිලිබදව හා සටන් උපක්‍රම හැදෑරිය යුතු වේ. ඔත්තු සේවා පිළිබඳ හැදෑරීය යුතු වේ. අප වගකීමෙන් යුතුව ඔබෙන් යමක් ඉල්ලා සිටිමු. කරුණා සහ KP පිලිබදව කිසිදු ප්‍රශ්නයක් දේශපාලනිකව භාවිත නොකරන්න. ඔබ කුමන චන්ද අපේක්ෂකයෙකුට සහය දැක්වුවද හමුදා බුද්ධි අංශ ගන්න සංග්‍රාමික හා රාජ තාන්ත්‍රික තීරණ ඒ සදහා ඇදා නොගන්න. මේ ඔබේ මනස තුලින් ව්‍යූත්පන්න කරගැනීම සදහා පහත කරුණු 4 සැලකිල්ලට ගන්න.

    1) කරුණා සහ KP රජයේ සිටීම නිසා ජනාදිපතිවරයාට චන්දය සඳහා වාසියක් සිදුවේද? අවාසියක් සිදුවේද?

    පැහැදිලිවම අවාසියක් සිදුවේ. කරුණා සහ KP පිලිබදව විරුද්ද පක්ෂ වලින් සිදුකරන (මහින්ද රාජපක්ෂ ජනාදිපතිවරයා මෙතරම් හිටපු කොටි සාමාජිකයන්ට සලකන්නේ ඇයි) වැරදි අර්ථකතන හේතුවෙන් සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග කලකිරීමට ඉඩ ඇති බැවින් මෙය පැහැදිලිවම අවාසි සහගත වේ.

    එමගින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්දයෙන් ජනතාව කලකිරී ජනාධිපතිවරයාට ලැබෙන චන්ද ප්‍රමාණය අඩුවී ජනාධිපතිවරයා චන්දයෙන් පැරදවීමේ ප්‍රවනතාවයක් පැහැදිලිවම තිබේ.

    උදාහරණයක් ලෙස අප කලින් සඳහන් කල උදාහරණය ගෙනහැර දැක්විය හැකිය.
    "පුවත්පත් වල , රුපවාහිනී මාධ්‍යන්ගෙන් සහ සමාජ වෙබ් අඩවි වල චන්ද ආයුදයක් ලෙස ඇතැම් දේශපාලකයින් කරුණා සහ KP වැනි හිටපු කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සමග ඉතාමත් කිට්ටු පෞද්ගලික සම්බන්ධතා පවත්වනවා වැනි ප්‍රචාරණ දියත් කර කෙටි කාලින දේශපාලන වාසි ලබා ගන්නවා දැකිය හැකි විය"
    මාධ්‍යන්ගෙන් සත්‍ය රූපරාමු හෙලිවනවිට ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ කෙරෙහි ජනතාව කලකිරී අවසන්ය.

    2) තමාට මෙතරම් අවාසි සහගත තත්වයකදී ජනාධිපතිවරයා ඇයි කරුණා සහ KP රජයේ තබා ගෙන ඔවුන් රජය තුල ක්‍රියාකාරී ලෙස හැසිරෙන බව රටට සහ ලෝකයට පෙන්වන්න උත්සාහ කරන්නේ?

    පැහැදිලිවම ජනාධිපති වරයා විසින් තනිවම කරන දෙයක් නෙවෙයි .. රජය ආරක්ෂක අංශ එක්ව එසේ කරන්නේ එය යුද්ධයේ ඉතුරු ටික නිම කිරීමට අත්‍යවශ්‍ය බුද්ධි අංශ විසින් ගත යුදමය තීරණයක් බැවිණි.

    මෙතෙක් කල් සිටි බොහෝ රාජ්‍ය නායකයන් රටේ බුද්ධි අංශ හා හමුදාව පාවා දෙනවිට , තම පෞද්ගලික වාසිය ගැන නොතකා රට වෙනුවෙන් තීන්ධු රැසක් ගත් ජනපති වරයාට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

    3) ශ්‍රී ලංකා බුද්ධි අංශ, කරුණා , KP සහ තවත් හිටපු කොටි සාමාජිකයන් (ඔබ දන්නා සහ නොදන්නා ) සමග කරට අත දමාගෙන රාජ්‍ය පාලනයට බෙහෙවින්ම සම්බන්ද බව හමුදාවට පවා සුබශිංශන පුද කරන බව පෙන්වන්නට මෙතරම් උත්සහ දරන්නේ ඇයි?

    යුද හමුදා බුද්ධි අංශ වලට අවශ්‍ය වන්නේ රාජ තාන්ත්‍රික වශයෙන් මෙම පැරණි කොටි බලවතුන් දෙදෙනා (සහ ඔබ නොදන්නා තවත් විශාල පුද්ගලන් පිරිසක් ) ඔවුන්ගේ වැරදි තේරුම් ගෙන ශ්‍රී ලංකා රජයට එක්ව ඇති බවක් (ද්‍රවිඩ ජනතාව නියෝජනය කරමින්) ජාත්‍යන්තරයට හැගවිමටය. මෙම සතුරන්ව පාවිච්චි කර සතුරන්ව මුලා කිරීමේ සුවිශේෂී රාජ තාන්ත්‍රික යුද උපක්‍රමය භාවිතා කර ලංකාවේ ස්වයිරි භාවය නැති කරමින් ශ්‍රීලංකාව තුලට ජාත්‍යන්තර හමුදාවක් ඒම වලක්වා ගැනීමට බුද්ධි අංශ ක්‍රියා කර ඇති ආකාරය ප්‍රසන්ෂණියයි.

    All Warfare based on Deception
    -Art of War- Sun Tzu

    ReplyDelete
  14. යුද්දේ ඉවරයි දැන් තියෙන්නේ සුද්දේ....

    ReplyDelete

  15. එමෙන්ම අප දැනගත යුතුයි ශ්‍රී ලංකාව බෙදා යුද ගිනි අවුලුවා ඒ මාර්ගයෙන් ඇමරිකාවට ඔවුන්ගේ යුද කදවුරක් බවට ලංකාව පත් කිරීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙලෙන බව.

    එයට හේතුව වන්නේ ලොව සංක්‍යාත්මකව විශාලතම හමුදාව පවතින චීනය සහ සංක්‍යාත්මකව හතරවන හමුදාව සහිත ඉන්දියාවේ යුද සහ න්‍යෂ්ටික බලය වේගයෙන් වර්දනය වීමයි. ශ්‍රී ලංකාවේ ඇමරිකන් කදවුරක් ස්ථාන ගත කළහොත් එය ඇමරිකාවේ ඉමහත් වාසියට හේතුවනු ඇත. ත්‍රිකුණා මල වරාය ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කයයි.

    මෙම දරුණු අනතුර වලක්වා ගැනීම සදහා ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ විසින් යොදාගන්නා සියුම් යුද උපායන් කිසිසේත් දේශපාලන අරමුණු සදහා යොදා නොගන්න.

    වියට්කොම් තරුණියන් වියට්නාමයේ යුද්ධය ජය ගැනීම සදහා ඔත්තු සැපයීමට ඇමරිකන් සොල්දාදුවන් සමග යහන් ගතවී තම පවිත්‍රත්වය හා තම අභිමානය පවා පුජා කරද්දී...

    ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ යොදා ගන්නා උපක්‍රමයන් වලට යමෙක් අභියෝග කරනවානම්... එයින් හැගී යන්නේ ඔවුන්ගේ දේශ ද්‍රෝහී බවයි ...

    ඔබ දන්නේ කරුණා සහ KP රජය සමග ඉන්නවා , සුභාශිංශන පණිවිඩ, සිප වැලඳ ගැනීම් ගැනීම්වැනි ව්‍යාජ දේවල් පමණි . අනිත් එක ඔබ දන්නේ කරුණා සහ KP ව පමණි. රජය හා සම්බන්ද අනිත් ඔත්තු කරුවන් පිළිබඳ ඔබ දන්නේද නැත. ඔවුන් සම්බන්දයෙන් හමුදා බුද්ධි අංශ මොනවා කරනවාද යන්න ඔබ දන්නේද නැත. කරුණාකර ඒවා ද හරා ඇවිස්සීමෙන් වලකින්න....

    2 January 2002 දින අතුරුගිරියේ Millennium City නිවාස සංකීර්ණයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දිග දුර මෙහෙයුම් බලකායේ විරුවන්ව (Long Range Reconnaissance Patrol of the Sri Lanka Army) පවා දීම ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ සිදුවූ දරුණුතම පාවාදීමක් වන්නේය.
    එවකට සිටි රටේ නායකයා සහ ඉතාමත් සුළු පිරිසක් ඉහලම හමුදා නිලදාරීන් පමණක් දැන සිටි මෙම මෙහෙයුම නිර්දය ලෙස පාවා දෙන ලදී.

    "The Millennium City incident refers to a military scandal that took place within the Millennium City housing scheme, Athurugiriya, Sri Lanka on 2 January 2002. Widespread media coverage and miscommunication between the Directorate of Military Intelligence and the Sri Lanka Police resulted in the exposure of military covert operations unit known as the Long Range Reconnaissance Patrol of
    the Sri Lanka Army. With the A identities of its members were classified and known to only to a few high-ranking military officers and the President of Sri Lanka."

    නැවත වතාවක් මෙවැනි මහා පවා දීමක් වලක්වාගැනීමට පැරණි කොටි සාමාජිකයන් ඔවුන් සමග රජය කරන ගනුදෙනු පිලිබදව කතාකිරීම වහාම නවත්තන්න. කෙටියෙන් කිව්වොත් සියලුම කොටි ක්‍රියාකාරකම් පිලිබදව කතාකිරීමෙන් , share කිරීමෙන් , comment කිරීමෙන් සහ විචාරය කිරීමෙන් වලකින්න. එමගින් මුළු ශ්‍රී ලංකාවම අනතුරකට ලක්වෙන්න ඉඩ තියෙනවා.

    හමුදා බුද්ධි අංශ පිලිබදව පුර්ණ විශ්වාසය තැබිය හැකිවබ අපි සියලු දෙනවා හොදකාරව දනිමු. දහස් ගණනක් රණවිරුවන්ගේ සහ සියලුම රටවැසියන්ගේ ජිවිත බෙර ගනිමින් ඊලාම් යුද්දය අපි 80% ක් අහවර කර ඇත. සම්පුර්ණයෙන් මුලිනිපුටා දැමීමට තව 20% ඇත. එම භාර දුර වගකිම ඇත්තේ හමුදා බුද්ධි අංශ මතය.

    සේනාධි නායකට , ආරක්ෂක ලේකම්ට හරි බැහැ මේ කතාව වේදීකාවක් මත සිට කියන්න. හමුදා බුද්ධි අංශ වලට බැහැ කරුණා , KP සහ අනිත් ඔත්තුකරුවන් ව අපි පාවිච්චි කරනවා කියා නිල වශයෙන් ප්‍රකාශ කරන්න. ඔවුන්ගේ ලෛස්තු හෙළිකරන්න , ඔව්න් සමග සිදුකරන හමුදා මෙහෙයුම් , රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් හෙළි කරන්න හමුදා බුද්ධි අංශවලට නොහැකිය..
    එවැනි ප්‍රකාශයක් කලොත් ඒක පමණක්ම ඇති , ලංකාවේ රණවිරුවන් හමුදා බුද්ධිමය මෙහෙයුම් අනතුරේ වැටීමට , ලංකාවට මහා අන්තර්ජාතික ප්‍රහාරයක් එල්ලවීමට පසුබිම සැකසෙන්න.

    4) පුරවැසියනි ඔබේ අතේ වැරද්දක් නැහැ ඔබ අහිංසකයි. ඔබට facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කොට අපේම පුරවැසියන් අපේම හමුදාවට එරෙහිව යොදාගැනී තවමත් පවතින කොටි හෙවනැලි වලට අවශ්‍යයි. මානව හිමිකම්, මිනීමැරුම් චෝදනා එල්ලකර අපගේ සෙන්පතියන් කෙසේ හෝ අන්තර්ජාතික යුධ අධිකරණයකට ඉදිරිපත් කර විදුලිපුටුවේ ඉඳුවා හෝ එල්ල මැරීමට ඔවුන්ට අවශ්‍යයි .

    මෙවැන්නක් නොවෙන්න හමුදා බුද්ධ් අංශ රහස් මෙහෙයුම් රැසක් මෙහෙයවනු ලබයි.
    සොයුර සොයුරියනි KP සහ කරුණා පිලිබදව කතාව තව තවත් facebook ඒක හරහා කියමින් මේ කරන රට පාවා දෙන වැඩේ නතර කරන්න.

    ReplyDelete
  16. යුද්දේ ඉවරයි දැන් තියෙන්නේ සුද්දේ....

    ReplyDelete
  17. සඳරූ, පෞද්ගලික සංවේදී කාරණා ගැන වාද කරන්න බැහැ. මහින්දට ඡන්දේ දෙන්න හේතු වශයෙන් සඳරූ කියලා තියන කාරණා එක්ක මගේ ප්‍රශ්නයක් නෑ. කවුරු ආවත්, ඉදිරියට තමයි අමාරු හරිය. මම කැමති ආකාරයේ රටකට වැඩි ඉඩකඩ තියෙන්නේ මෛත්‍රී එක්ක කියලා මට හිතෙන්නේ. මගේ මතය වෙනුවෙන් මම වාද කරලා තියනවා. නමුත් මේ වගේ පෞද්ගලික, සංවේදී කාරණාවක් එක්ක වාද කරන්න බැහැ... මේක කියවනකොට මට, මහින්ද, මෛත්‍රී, ගැන හරි ඡන්දය ගැන හරි නෙවෙයි හිතෙන්නේ. උඹ ලබපු අමිහිරි අත්දැකීමේ බරපතලකම ගැන තමයි මට හිතෙන්නේ... උඹේ ඡන්දයත් එක්ක ඒක ගලපගන්න එක උඹේ පෞද්ගලික වැඩක්...

    ReplyDelete
  18. තමන්ට කැමති කෙනාට චන්දෙ දෙන එක තමන්ගේ කැමැත්ත ,,
    එ…අත් මේ යුද්දෙ කියන අකුරු වලට වඩා එහා ලෝකයක් තියෙනව ,, මහින්ද මහත්තය කලේ ජනාධිපති කෙනෙක් කරන්න ඕනෙ දේ ,කොන්ද කෙලින් තියාගෙන එකම තීරනේ හිටපු එක ,,
    …ඒත් සරත් ෆොන්සේකා නැත්නම් ඒ යුද ක්‍රම නැත්නම් අපි තාම යුද්දෙට මැදි වෙච්ච මිනිස්සු ,,
    එහෙම උනත් මහින්ද කියන්නෙ කෙලෙහිගුණයක් නැති බල තන්හාවෙන් පිරිච්ච මනුස්සයෙක් ,,
    උබ අද කි මී 300 ගෙවාගෙන කොළඹ ඇවිත් රස්සාවක් කරනව , ඒත් උබට මාසයක් දුක් විදල ගන්න පඩිය උබට සති දෙකකට මදි ඇති ,,
    …ඒත් මේ රටට මහින්ද මහත්තය කරපු දේ නිසා ,, යුද්දෙ , සංවර්ධනේ කියන වචන දෙකට හැංගිලා ලංකාවෙ මිනිස්සු ලෝකෙට ණයකාරයො කරපු නිසා,,
    මම කියන්නෙ මෛත්‍රී මහත්තය ආව කියල ලංකාව සුරණ්ගනා ලෝකයක් කරයි කියල ,, ඒත් දැණ් මහින්ද මහත්තයට අවුරුදු 10ක් දුන්න ,, ඒ 10 වචන දෙකකට හැංගිලා රටේ නීතියටයි රටේ මිනිස්සුන්ටයි කරපු දේවල් ඇති දැණ් වෙනස් කරන්න ඕනෙ කියල හිතන්න ,,
    යුද්දෙ කාලෙදි උබට තරම්ම මම යුද්දෙට මැදිවෙලා නෑ , ඒත් සමහර දවස් වල වෙඩි සද්දෙට බය වෙච්ච , වෙඩි වැදිච්ච සෙබලු නිසා ලේ වලින් නෑවිච්ච කාලයක් මටත් තිබුන..
    මොකද නැගෙනහිර යුද්ද කරනකොට මැරෙන , තුවාල වෙන සෙබලු ගෙනාවෙ අපේ ඉස්පිරිතාලෙට , ඒ දවස් වල එයාලව හොස්පිටල් එකට ගෙනියන්නෙ අපි ,
    එහෙම අතීතයක් තිබුනට , ඒ අතීතෙ දිහා බලාගෙන මම නම් අනාගතේ විනාශ විනාශ වෙන්න දෙන්න හිතන්නෑ ,,
    ඒ නිසා මට නම් මේක වෙනස් කරන්න කාලෙ හරි කියල හිතෙනව ,,
    එ…අ මගේ මතේ ,, උබ උඹේ මතේ .. ජයවේව ,

    ReplyDelete
  19. දැන් මහින්දව පන්නලා මෛත්‍රීව ගෙනාවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙලා දූෂණය, වංචාව වහාම නතර වෙනව කියල 100% ෂුවර්ද???? මෛත්‍රීත් ඇවිදින් ඒ වැඩේම කලොත් මොකද කියන්නේ?
    ලංකාවේ මොන පාලකයද බං චන්ද පොරොන්දු ඉෂ්ඨකලේ???
    මෛත්‍රීන් මේවිදියටම හෝ ඊටත් වැඩියෙන් දූෂණය, වංචාව කලොත් මොකද කරන්නේ? එතකොට එයා විධායක ජනාධිපතිනේ. කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එක විතරයි.
    ආයෙ ඉතින් එයාව පරද්දන්න වෙන එකෙක් ගේන්න වෙන්නේ අවුරුදු 06කිත් නමයි. එතකොට පෙරහැර ගිහින් මචෝ.
    මටනම් නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි. අඩුගානේ කාලා ඇඳලා හරි ඉන්නවා.

    ReplyDelete
  20. මන්ද බං සඳරු. තියෙන දූෂණ වංචා දැක්කම එකෙක්ට දෙන්න හිතෙන්නෙ නෑ.උඹ කියන කතාවත් අතුළුව, අනෙකා කොහොම රට හැන්ඩ්ල් කරයිද කියල හිතුනම ඌට දෙන්න හිතෙන්නෙත් නෑ...

    ReplyDelete
  21. සඳරුවා ගැන දන්න හින්දම මොකුත් කියන්න හිතෙන්නේ නෑ.. උඹ තාත්තා ගැන දාපු පෝස්ට් එක කියවලා මම ඇඬුවා.. ඒත් මේක කියවද්දි මට උඹ නොලියා හිටියනම් කොයිතරම් හොඳද කියලා හිතුනා.. .. මචං මිස්ටර් ප්‍රභාකරන් වැරදියි තමයි.. ඒත් මහඔයේදී හාමුදුරුවෝ කැති ගැහුවේ, තිස් හතේ ගමක්ම කැති ගැහුවේ කව්ද කියලා උඹේ හිත දන්නවා.. උඹලගේ පැත්තේ නැති උන හැම ජීවිතයකටම වග කියන්න ඕන කව්ද කියලා උඹ දන්නව.. උඹට මිනිහගෙ නම ලියවෙන්නේ නැතුව ඇති.. ඒක අවුලක් නෑ.. ඡන්දය කියන්නේ උඹේ කැමැත්ත.. මේක දැම්මේ උඹේ පෝස්ට් එක අවස්ථාවාදියෙක් ෂෙයාර් කරගෙන යනවා දැක්කම ඇතිවුන පිළිකුලට..

    ReplyDelete
  22. තාත්තලව මරන්න අණ දුන්න කොටි, ප්‍රාඩෝ වල නැගලා ඩිෆෙන්ඩර් වට කරගෙන යනවා දකිද්දී මොන වගේ දෙයක්ද මචං උඹට හිතෙන්නේ ?

    ReplyDelete
  23. මම දන්න උන්ගෙන් කාට යුද්දේ අමතක වුනත් උඹට අමතක වෙන්නේ නෑ කියලා මම දන්නවා. අපි යුද්දේ කාලේ කඩේ යන්න බැරිව හිටපු උන් නොවුනට සමහරවිට යුද්දේ තිබුණ නම් අපි අද ජීවත් නොවෙන්න ඉඩ තිබුණා කියන එක මම දන්නවා.

    ඇත්තම කිව්වොත් දෙපැත්තකට වැනි වැනී තිබුණ ඡන්දේ කාටද දෙන්නේ කියලා මම තීරණය කලා.
    අනිත් එක අපි කඩේ යනවා කිය කියා කෑගහන නෝනලා මහත්වරු මතක තියාගන්නෝනි අපි ඡන්දේ දෙන්නේ කාටද කියන එක අපිට කියලා දෙන්නවත් අඩුම තරමින් කඩේ යනවා කියන්නවත් එයාලාට අයිතියක් නැති විත්තියත්. මොකද මේ දෙන්නේ මගේ ඡන්දය නිසා. නැද්ද බං සඳරු අයියේ..

    ReplyDelete
  24. මෙන්න එල කොල්ලෙක්!

    අග නගර වල ඉඳන් ට කඩෙ ගිහින් ලදරු ආතල් ගන්න කොටහලු නොවුනු කොල්ලන් ටො හොඳ පාඩමක්!!

    අතීතය අමතක කරන්නා ගෙ අනාගතය සැමදාම සුබය.....

    මේ වගේ පෞද්ගලික අත්දැකීම් මත මහින්ද මහත්තයාට කලගුන සලකන කට්ටිය නිසාම මේ පාරත් මගින්ද මහත්තයා අති විශිශ්ට ජයක් ලබනවා!!!

    ජය වේවා !!

    ReplyDelete
  25. දැන් ඔන්න ඇනෝ සෙට් එක බහියි හුරේ කියාගෙන...

    ReplyDelete
  26. Ela machan,
    mage chandet Mahinda Rajapakse Janadipathi thumatama thamai....

    ReplyDelete
  27. ඔබ නියම පුරවැසියෙක්. ඔබත් යුධ ජහග්‍රහනෙ කොටස් කාටයෙක් මොකද අවි ගත්තු බෙදුවාදී යුද්දෙ ඉවර උනාට නිරායුද බෙදුවාදය තවම ඉවර නෑ. අපෙ රණවිරුවො ජීවිත පූජා කරෙ නිරායුද යුද්දය පැරදිලා රටෙන් කෑල්ලක් බෙදුවාදීන්ට පුදන්නෙ නෙවෙ. විපක්ශෙ කියන්නෙ තනිකර බොරුව, බය මාකට් කරලා බල පෙරලියක් කරන්න හදන බල ලොබී පිරිසක්. ඔහුන් බහුතරය අතීතය දන්නෙත් නෑ අනාගතය දකින්න දන්නෙත් නෑ. විපක්ශෙ මිනිස්සු බය කරන්න ගොතන බොරු.

    1) මහින්ද දිනුවොත් තරුන කැරැල්ලක් ඇති වෙනවලු. ඒකෙන් කොල්ලො කෙල්ලො මැරෙනවලු. යකො ඒක හරි කතාවක්නෙ. මිනිස්සුන්ට මහින්ද නායකයා විදියට තව අවුරුදු 6ක් තියාගන්න ඔනෙනම් ඒකට අයිතිය නැද්ද මිනිස්සුන්ට?
    2) මහින්ද අලුත් ව්යවස්ථාවක් ගෙනවලු ජනාධිපතිකම පරම්පරාවෙන් පරම්පරාවට යන. එහෙම කරන්න පුලුවන්නම් හරකුනෙ මහින්ද මොකටද මෙ අවදනාමක් අරගෙන චන්දෙකට යන්නෙ? ඕක කලින්ම කරගනන් තිබුනනෙ.
    3) ඊලග කෙප්පය තමයි කරුණා, පිල්ලයාන් පෙන්නලා කොටි ආණ්ඩුවෙ කීම. කරුණා, පිල්ලයා වෙනම රටක් ඉල්ලනවද? ලන්කාවෙ යුධ අපරාධ උනා කියනවද? කිරීල්ලෙලා වගෙ ජිනීවා දුවනවද? මෙ මුකුත් නොකරන උන් කොටි, මෙ ඔක්කොම කරන දෙමල සන්ධානය පූස් පැටව්.

    කොලඹ ලුම්පන් පන්තියයි, වෙන්ඩ පොශ් උනුයි නොදන්නවා උනාට මෙ රටෙ ග්‍රාමීය ප්‍රදෙශ වලට වැඩිම වැඩක් කරපු ආණ්ඩුව මෙකයි. වෙනසක් කරනවා කියලා කලින් තිබුන කොලබට් කිරි ක්‍රමයයි බෙදුම්වාදීන්ට යටත් වෙලා හිටපු යුගයයි ආයෙත් ගෙන්න ගන්න ගම් වල මිනිස්සුන්ට පිස්සු නෑ.

    ReplyDelete
  28. කියන්න දෙයක් හිතා ගන්න බැහැ මල්ලි... තුවාලේ තිබුන එකා මිස ඒ තුවාලේ වේදනාව අනිත් උන් කොහොමද හරියටම දන්නේ...

    ReplyDelete
  29. හිතට එකගව කතා කරොත් විස්කි මැඩම් අවුරුදු 12ක් රට කරලා රට කාලා ආපහු ඇවිත් බයිලා ගහනවා... මගෙත් හිතේ අවංක ගවුරවය තියෙන්නේ අපේ ජනාදිපතිතුමාට මොකද අනිත් එවුන් වවන් කෑව යුද්දේ එතුමා අවසන කර නිසා... කොටි බෝම්බයකින් ගෙදර කෙනෙක් මැරුණ , තුවාල උන බහුතරයක් ජනාධිපතිතුමාගේ පැත්තේ... යුද්දේ දුක දන්නේ ඒ මිනිස්සු විතරයි මචන් උබ කියනවා වගේ...සොරිසෙනට කඩේ යන එක හුජ්ජ කොල්ලෙක්වත් ඕවා දන්නේ නෑ... යුද්දෙන් පස්සේ ජනාධිපතිතුමා රට සංවර්දනය කරනවට වඩා වේගයෙන් පවුල සංවර්ධනය කරා... එක ඕන පොඩි එකෙක්ට තේරෙනවා... එත් ඔය සොරිසෙනට කඩේ යන උන්ට සහතික වෙන්න පුලුවන්ද සොරිසෙන හොරකම් කරන එකක් නෑ කියලා....??? ඔය සොරිසේනට බයිලා ගහන උන් එකෙක් හරි බලයට පත් උනොත් ඌ ඌට නොකර රටට කරයිද...? ඔතනට යන්නේ අපිට ආදරේට නෙමෙයි... තමන්ට ආදරේට... මම ජනාධිපති උනත් ඔච්චරයි... ඕක අපේ රටේ සිස්ටම් එකේ වැරද්දක්.... ජනාධිපතිතුමා හොරකම් කරත් කොන්ද පන තියෙනවා... එත් බලේට කෑදරකමේ වටේ තියන් ඉන්නේ කුජිත සෙට් එකක්... අනික මේ දවස් වල සොරිසෙනට මඩ ගහන්න ගිහින් එතුමා නිකම් කිච වෙලා ඉන්නේ... මම නම් එකෙක්ටවත් චන්දේ දෙන්නේ නෑ... එත් යුද්දේ ඉවරකරපු ගවුරවේ හැමදාම ජනාධිපතිතුමාට... හොරකම් කරන නිසා ලොකු අකමැත්තකතුත් තියෙනවා... අද රටට ඕනේ නැවත යුද්දයකට හිස ඔසවන්නන් දෙන්නේ නැති රට සංවර්දනය කරන කෙනෙක්... එහෙම කෙනෙක් ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ....

    ReplyDelete
  30. Apith Mahindata thamai machang eda wagema...
    Mage Jeewithe Palaweni Chande dunneth oya manussayata adatath wishwase thiyenawa hari paraka yawi kiyala anith paththata wada.
    Kalu Adu yaka thoragaththa umbath mamath hithata ekagawa balaporoththu wena de itu wewi kiyala wishwasa karamu 9da ude weddi

    Hareen

    ReplyDelete
  31. ජවිපෙන්, කොටින්ගෙන් සහ ආන්ඩුවෙන් ගැහැට විඳපු මිනිස්සු ඕන තරම් ඉන්නව . අපි හැමෝටම ඔය අත්දැකීම් අඩු වැඩි වශයෙන් තියනව.
    හැබැයි අපි අතීතය අමතල කරල ඉස්සරහට යන අය.
    අපේ චන්දය මෛත්‍රීට, දිනුවත් නැතත් ඒ ගැන කනගාටුවක් නෑ.

    ReplyDelete
  32. umbe patten umba sadaranai ban.umbe blog eke mama political article dakalama ne.wadiya ea gana liyanna epa ban.umbe blog ekath samahara blog wage mada godakwei.ravindra

    ReplyDelete
  33. @මධුරංග ඔයා යුද්ධෙටයි උතුර සංවර්ධනයටයි උදව් කල කරුණා, කේපී දැන් ඉන්න තැන අහනවා, එදා ඉඳන්ම කොටින්ට කඩේ ගිය, සඳරු කිව්වා වගේ මැරිච්ච කොටින්ට පාන් පත්තු කල වික්‍රමබාහු, තව මනෝගනෝෂන් වගේ උදවිය දැන් ඉන්නේ කාත් එක්කද? පාමංකඩ රවීලා, තොප්පිගල රනිල් වගේ උන්දැලෑ එක්ක නෙවෙයි වෙන්නැති එහෙනම්

    ReplyDelete

  34. සඳරුව

    ඉඳලා හිටලා බෝම්බයක් පත්තු වෙන්න ඕනේ මචන් ජිවිත හානියක් නොවෙන්න . මන්ද අපේ මිනිස්සුන්ට මේ ඇතිතේ මතක නැහැ. භීතිය ඇති කරන්න ඕනේ කියන එක නෙමෙයි මගේ අදහස

    ReplyDelete
  35. කෝ මගේ කමෙන්ට් එක

    ReplyDelete
  36. මගේ චන්දෙත් මහින්දට.
    Samadhi (http://kolaputha.blogspot.com/)

    ReplyDelete
  37. මචං,

    මම අවුරුදු ගානක ඉදන් ආසවෙන් උබේ මේ ලියවිල්ල කියවපු එකෙක්.
    කලින් සැරේකත් උඹට ලියන්න කියල හිටියත් ලියන්න බැරි උනා.
    දැන් මම කාරනා දෙකම ලියන්නම්.

    1. උඹ බොහොම උජාරුවෙන් ලියන අරක්කු බීමයි, සත්තු මරන එකෙයි ආනිශංස උඹට දැම්ම තේරෙන්නේ නැ. අපි බෞද්ධයෙක් විදිහට මේ ඉපදිලා මේ ලබලා තියෙන්නේ බොහොම දුර්වල උපතක්. උබට මේ කරගන්නේ මේ ලැබුවාවු දුර්ලභ අවස්තාව නැති කර ගන්න එකයි.
    පොඩ්ඩ්ක් පල්ලෙහා ලින්ක්ස් වලට ගිහිල්ලා අහලා බලපන්.
    http://maharahathun.wordpress.com/
    http://www.maharahathunwadimaga.com/

    2. මම උඹ මහින්දට දෙනවට මොනත් කියන්නෙ නැ. ඒත් පොඩ්ඩක් මේක හිතල බලපන්. ප්‍රේමදාස මහත්තයව මැරුවේ ලගම හිටපු "බාබු". LTTE එකේ පහල මට්ටමේ සාමාජිකයෙක්. KP කියන්නේ රටවල් 34ක passport තිබ්බ, නැව් තිබ්බ, රටවල් ගානක් රවට්ටපු පුද්ගලයෙක්. ඔහු කොතරම් බලපැමක් රටට අනාගතයේ ඇති කරන්න පුලුවන්ද?
    https://www.youtube.com/watch?v=6dChZNXaiJo&feature=youtu.be&app=desktop


    මේක ඇත්තටම උඹට විතරක් නෙමේ, හැමෝටම ප්‍රයොජනවත් වෙයි කියලා හිතනව.

    මීට
    Abroadano

    ReplyDelete
  38. මේ පිටුව කමෙන්ට් ටිකත් එක්ක සේව් කරල තියාගන්න.
    යුද්දෙ දිනන අවස්ථාවෙ ජනාධිපති වී සිටීමේ වාසනාව මහින්දට තිබුනා. ඊට කළින් කරපු මෙහෙයුමක් සාර්ථක වුනානම් වීරයා වෙන්නෙ චන්ද්‍රිකා හරි ප්‍රේමදාස හරි වෙන්න ඉඩ තිබුනා. කවුරුවත් යුද්දෙ තියාගන ඉන්න කැමති වුනේ නෑ. යුද්දය මුවාවෙන් අයුතු පල නෙලාගත්ත එක ඇත්ත. මහින්ද තවමත් කරන්නෙ නැති යුද්දෙකිනුත් අයුතු පල ගැනීමයි. පොඩ්ඩක් කල්පනා කරල බලන්න. මහින්ද මොනවද යුද්දෙට කරපු අතිරේක සේවය? සල්ලි වැඩිපුර වෙන් කළාද? ආයුධ වැඩිපුර ගෙන්නවල දුන්නද? මහින්දගෙ කාලෙ වෙනකොට හැම රටකටම ත්‍රස්තවාදය එපා වෙලා තිබුන නිසා කවුරුවත් වැඩි බලපෑමක් කළේ නෑ. ඒ නිසා දිගටම හමුදාව ගැහුවා. ඒ අතරෙත් කී දෙනෙක් යුද්දෙන් අයුතු ලාබ ගත්තද?
    වැඩේ තියෙන්නෙ රටේ අනාගතය කොහොම කරයිද කියන එකයි. 2009 ඉඳල මේ වෙනකන් දෙමළ ජනතාවගෙ ප්‍රශ්න ඉතුරු කරගෙන හිටපු මහින්ද තම නොහැකියාව ඇති තරම් ප්‍රදර්ශනය කරල තියනවා. අනිවාර්යයෙන් (ඔව් අනිවාර්යයෙන්) මහින්ද හිටියොත් ලංකාවට වෙන්නෙ ලිබියාවට වෙච්ච දේ. (මේ කමෙන්ට් එක සේව් කරල තියාගන්න. sudathmobile@gmail.com එකටඊ මේල් එකක් එවන්න තව අවුරුදු දෙකකින්.)

    ReplyDelete
  39. ow sahodharaya, this is my first vote and I will be voting for MR no doubt !

    ReplyDelete
  40. අනේසඳරූ!
    මමත් හැදුනේ වැඩුනේ අම්පාරේ, සඳරු ගේ ගම අහල පහලම තමයි, සඳරු සිඳුවුනු දේ අතිශෝක්තියෙන් ලියන බව දැන සිටියත් ඒවා රසවත් නිසා සහ සඳරුවා අපේ එකෙක්නේ කියලා නිහඩව හිටියා, ඒත් මිනිසුන් නොමඟ යවන අරමුණින් ලියනකොට ඒ ගැන ප්‍රශ්න නොකලොත් මටම මම වැරදිකාරයෙක් කියා හිතෙනවා.
    //හැන්දෑවේ හයෙන් පස්සේ කොටි පිස්තෝල කල්ලියේ හැත්ත කළුවර වැටුනායින් පස්සේ බන්ටෙක පැත්තේ කැලෑ පාරවල් වල හැංඟිලා ඉඳගෙන පාරේ යන ඔනෑ එකෙක්ව මරාගෙන කන්නඩ මාන බැලුවා .// සඳරූ, කොටි පිස්තෝල කල්ලිය අම්පාරේ සිංහල ගංවල පාරවල් අයිනේ හැංගිලා ඉදං මිනිස්සු මැරුවා කියල අහපු පළමු වතාව තමයි මේ.
    // අම්පාර නුවර 18 වංඟුව පාරේ බයක් නැතුව බස් එකේ යන්නේ එන්නේ මහින්ද ඒ පාර හදපු නිසා// පාර හදන්න ඉස්සර 18 වංගුවේ අවුරුද්දකට අනතුරු කීයක් විතර වුනාද? මිනිස්සු කීයක් විතර ඒවාට බයේ රස්සාවට නොගිහින් හිටියාද? සඳරූ ඔයානං හරිම සංවේදී කෙනෙක්, සදාකාලිකවම මහින්දටම දෙන්න වංචා කාරයන් ගේ තේරීම මහින්ද, මහින්දගේ තේරීම වංචාකාරයන්




    ReplyDelete
  41. ඔය විස්තරේ දැනං හිටියෙ නෑ සදරුවෝ.. ඒ ගෞරවය හැමදාම එතුමට තියෙනවා. මට මතකයි බුත්තල බොම්මේ වෙලාව මහින්ද එතැනට ගියාම එක තාත්තා කෙනෙක් අඩ අඩ කියපු දේ.. මටත් ඇඩුනා එතැනදි. බොට කියන්න මගේ සහෝරයෙකුත් ඔය යුද්දේ නිසා අහිමි උනා. ඒත් මොනව කරන්න්ද,... යුද්ධය දිනීම නිසා මහින්දට ජඩකම් කරන්න. රට විනාශ කරන්න, ආර්ථිකය මරන්න ලයිසොන් දීල නැති විත්තිය තමා මම නම් විශ්වාස කරන්නේ. උඹට වගේම මගේ මතය දරන්න මටත් අයිතියක් තියෙනවා. ඒක අනිත් පැත්තට උඹලටත් තියෙනවා. උඹගේ හැගීම මට තේරෙනවා බං..

    ReplyDelete
  42. අපට අතීතය අමතක වී නැත.
    එල් ටී ටී ඊ එකට සාමය සඳහා ආරාධනා නොකරපු නායකයෙක් සිටියේනම් ඒ ඩී බී විජේතුංග පමණකි. (ඒකවත් මිනිහට බැරි නිසා ය.)
    යුද්ධය මුවාවෙන් පුළුවන් වූ හැම කෙනෙක්ම අයුතු ලාබ ගත්තා. ඒත් ජනාධිපතිවරු කවුරුවත් යුද්දය දිගටම තිබුනාවෙ කියල හිටියෙ නෑ. රනිල් සාම ගිවිසුම් ගැහුවෙත් ප්‍රශ්නෙට උත්තරයක් හැටියට මිසක් රට බෙදන්න හිතාගෙන නෙවෙයි. ඒ උත්සාහය වැරදුනා. ඒක වෙනම කතාවක්.
    ජාත්‍යන්තර මතය ත්‍රස්තවාදයට එරෙහි වූ මොහොතක අපට පුළුවන් වුනා අත පෙවීම් වලින් තොරව යුද්ධය නොකඩවා කරගෙන යන්න. දිනුවෙ ඒක නිසයි. නැතිනම් මහින්ද අමුතුවෙන් කරපු දේවල් මොනවද යුද්දෙ දිනන්න.
    ඒත් නැති යුද්දෙත් වවාගෙක කනව මහින්ද.
    තව ටිකක් හිතන්න. යුද්දෙට අපි කළ ගුණ සළකනවා. එයා යුද්දෙ කරපු නායකය හිරේ දානවා.
    අපට මොළේ තියෙන්නෙ අනාගතය ගැන හිතන්න. කරුණාකරල තීරණය නැවත සළකාබලන්න. රටේ අනාගතය ගැන හිතන්න. මිනිස්සුන්ගෙ අනාගතය ගැන හිතන්න. පරම්පරා ගානක් ණය කාරයො කරල අපතයෝ කරල මේ සුන්දර රට වනසන්න එපා.
    අපට රජවරු එපා. අපට ඕනැ නායකයො. දැන් වැඩවසම් යුගය ඉවරයි කියල මතක තියාගන්න. ආයෙ පිටිපස්සට යන්න හදන්න එපා.

    ReplyDelete
  43. මල්ලි දන්නවද ඒ නපුරු ම්ලේච්ච කොටි සංවිධානයෙ ඔය මල්ලිගෙ තාත්ත ඇතුලු නෑයින්ට තියපු හැම උණ්ඩයක්ම ගෙන්නපු , අද ඒ කොටින්ගෙ නිළ නායකය කවුද කියල... ?එයාගෙ නම කේ පී..

    මල්ලි දන්නවද විශේෂයෙන්ම නැගෙනහිර ඔය මල්ලිලෑ ගම් ඇතුලු විශාල ප්‍රදේශ වල කරපු ම්ලේච්ච වැඩ වලට අණ දුන්නෙ කවුද කියල... ? එයාගෙ නම කරුණා අම්මාන්

    මල්ලි දන්නවද නැගෙනහිර ඒ ම්ලේච්ච වැඩ ෆීල්ඩ් එකේ මෙහෙයව්වෙ කවුද කියල ... ? එයාගෙ නම පිල්ලෙයාන්.

    .........,.............

    ඒ වගේම මල්ලි දන්නවද කොටි බෝම්බ ගහල බඩවැල් අතින් අරන් නැගිටපු, ඒ මල්ලිලට කරදර කරපු කොටි සමූළඝාතනය කරපු ඒ නායකය කවුද කියල .. එයාගෙ නම සරත් ෆොන්සේකා..



    හරි පැත්තෙන් හිටගනින් මල්ලි...

    ReplyDelete
  44. තව එකක්.
    මෛත්‍රි දිනුවොත් ආයෙ යුද්දයක් එන්නෙ නෑමයි කියල මට කියන්න අමාරුයි.
    ඒත් මහින්ද දිනුවොත් ඇමරිකන් හමුදාව ලංකාවට එනවා ලිබියාවට ආව වගේ.
    ඔයාට ෂුවර්ද තාත්තට වෙඩි තිබ්බෙ කේ පී නෙවෙයි කියල?

    ReplyDelete
  45. සදරුගේ කතාව ඇත්ත.. සදරු වගේ කෙනෙක් මහින්දට නොදුන්නොත් තමයි පුදුමේ. . දෙයක් වෙච්ච කෙනාට තමයි ඒකෙ දුක , අමාරුව තේරෙන්නේ. . නමුත් යුද්දේ වාසියෙන් තමුන්ගේ බඩ වඩාගන්න දේසපාලුවෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ. . ඒකට ජනාධිපතිත් වග කියන්න ඕනේ.මොකද වටේ ඉන්න හෙන්චයියෝ බුල් කෙලිනකන් බලන් හිටපු එක ගැන. . දූෂණය, වංචාව ඉහල ගිහිල්ල . අමනුස්සයෝ හැම තැනම. . ඇයි තව අවුරුදු දෙකක් ඉදල රටේ විනය හැදුවනම් මහින්දට මෙච්චර ගේමක් නම් නැහැ . . බලමු රටේ තීරණය . .

    සදරුගේ කතාව හරිම සංවේදී. . සියලු දෙනාටම නිවන් සුව පතනවා. .

    ReplyDelete
  46. මචෝ සඳරුවෝ.. මට උඹව තේරෙණවා. උඹේ පැත්තෙන් උඹ හරි. මං උඹත් එක්ක විවාද කරල ඇරගන්නෙ නෑ. මට, අපිට උඹව වටිනවා මහින්දටත්, මෛත්‍රීටත් වඩා. ඒත් උඹේ අදහස් වලට මගේ අදහස් විතරක් එකතුකරන්නම්.

    01. මහින්ද චින්තනේ එතුමා කොහේවත් කිව්වෙ නෑ යුද්දෙ ඉවරකරනවා කියලා. 2005 එන්න කලින් කිව්වෙ කොටිය එක්ක සාකච්ඡා කරනවා කියලයි. ඊළඟට මාවිල් ආරුව වැහුවම යුද්දෙට යමු කියල මහින්දට බල කලේ හෙළ උරුමෙයි, ජවිපෙයි. එදා මුන්දා කිව්වෙ "අපි මුන්ට ගහන්නෙ මොන බම්බුවෙන්ද අයිසෙ" කියලයි.

    තියෙන බම්බුවකින් ගහමු කිව්වෙ ජවිපෙයි, හෙළ උරුමෙයි, හමුදාවෙනුයි. ඕකයි ඇරඹුම. එයාට ඒකට උවමනාවක් තිබුනෙ නෑ. නොකර බැරිකමට කලා මිසක්. ඒත් අන්තිමේදී ඒක එයා තනියෙන් ලියාගත්තා.

    02.අර උඩිනුත් කියනවා වගේ හාමුදුරුවේ බුරුතු පිටින් මරපු, පොලිසියේ හයසීයක් මරපු, සමහර විට උඹේ තාත්තගේ මරණයටත් සම්බන්ධ වෙන්න පුලුවන්, නැගෙනහිර කොටි නායකයා කරුණා, දැන් යහතින් ඉන්නෙ කා ළඟද? අපේ හමුදාවෙ කොල්ලො ඒ මිනී මරුවට සර් ඉයලා සැලියුට් ගහනකොට උන්ගෙ පපුව කොච්චර ඇවිලෙනවද. ඒක මිස්ටර් ප්‍රබාකරන් කියනවට වඩා අමාරුයි නේද?

    03.අන්තිම එක මේක මචෝ.. මහින්ද යුද්දෙ ඉවරකලාම කියමුකෝ. ඒකට මට කියන්න තියෙන්නෙ මෙච්චර්යි. මගේ නංගි ගං වතුරෙ ගහගෙන යනවා. එයා මැරෙන්න ඔන්න මෙන්න. ඉතින් මිනිහෙක් ගන්නගට පැනලා ජීවිතෙත් මරණෙත් අතර සටනින් නංගි බේරගන්නවා. එහෙම බේරගත්තම අපි හැමෝම ඌට් ණය ගැතියි. ඒත් මෙන්න මූ මගේ නංගිව ගං ඉවුරෙ දාගෙන දූෂණය කරන්න හදනවා. ඒක දරාගන්න පුලුවන්ද බං. මං ඌට කළගුණ සලකන්න කියලා ඒකට ඉඩදීල බලන් ඉන්නවද...

    ReplyDelete
  47. සඳරු ගේ චන්දය කාට දුන්නත් ප්‍රශ්නයක් නැත. නමුත් අද බොහෝ දෙනෙක් චන්දය දෙන්නේ තමන්ට ආණ්ඩුවෙන් ලැබුන හෝ ලැබෙන්නාවූ වරප්‍රසාද මත සිටයි. වර්තමානයේ පවතින තත්වය විශ්ලේෂණය කර යහපත් හෙටක් සදහා සුදුසුම අපේක්ෂකයාට චන්දය දීම වඩාත් සුදුසු බව මාගේ හැගීමයි. ප්‍රශ්නය එතැනදී මහින්ද රාජපක්ෂ සිටින්නේ සිටින්නේ අපගේ ඇත ළඟ නොව ගව් ගණනක් ඈතින් වීමයි.

    ReplyDelete
  48. අපොයි.. මූත් මැලුවාම ගොබ්බසේන පරපුරේම එකෙක්නෙ..

    ReplyDelete
  49. ඔන්න මං උඹට මේලකුත් දැම්මා.. පවුලෙ තරම ගැන.

    ReplyDelete
  50. කුහකයින්, ඉරිසියාකරයින් හා facebook මඩ වලට රැවටුන බත්බැලයන් ඉදිරියේ මමත් මහින්දටම තමයි මචන්. ආමි එකේ කොල්ලෝ අතපය කඩාගෙන, ඇස් ඉස් මස් ලේ දන් දීල මේ රට බේර ගත්තේ එක එකාට ඕන විදියට රට කෑලි කරන්න නෙමෙයි.

    ReplyDelete
  51. ඔබ මේ පෝස්ටුව නොදමා හිට්යනං වඩා සුදුසුයි..!

    ReplyDelete
  52. https://www.youtube.com/watch?v=aMjP_Pf1VlU&feature=share

    ReplyDelete
  53. පුද්ගලිකව සිද්ධවෙලා තියෙන සිදුවීම් ගැන කණගාටුයි. ඇති වෙච්ච හිත් වේදනා මහින්ද නිවා දැම්මා කියල හිතනවා නම්... බුලත් අතක් අරන් අල්ලපු වත්තට පැනලා... මහින්දට වැඳලා එන්න. ජාතික ප්‍රශ්නයි... පුද්ගලික ප්‍රශ්නයි... පටලවා ගන්න එපා.

    ReplyDelete
  54. 100% උබත් එක්ක එකග වෙනව. මහින්දට ජය වේවා! රටට ජයවේවා

    ReplyDelete
  55. වහෙන් ඔරෝ කථා වැඩක් නැත. මම මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන්නැයි ඉල්ලා සිටිමි. මහින්දට චන්දය නොදී වෙන කාට දුන්නත් මට කම් නැත. එහෙත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔබේ චන්දය භාවිතා නොකරන මෙන් මම ඉල්ලා සිටිමි.

    මම මහින්දට චන්දය නොදෙන්නේ ත් ඔබෙන් මහින්දට චන්දය නොදෙන මෙන් ඉල්ලා සිටින්නේත් ඇයි.

    ඔහුගේ රජය හොර බොරු නැති, වංචා දූෂණ නොකළ, රට සංවර්ධනය කරන , එතනෝල්, මත් කුඩු, පුත්‍ර සමාගම් සහෝදර සමාගම් නැති රජයක් යැයි නිකමට මොහොතකට හිතමු.

    ඒ සියල්ල එසේ තිබුණත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගෙන යන නිර්ලජ්ජී, ජඩ, නින්දිත සදාචාර විරෝධී ආකාරයම ඔහුට විරුද්ධව චන්දය භාවිතා කිරීමට ප්‍රමාණවත්ය.

    ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම පදනම් වී පවතින්නේ අල්ලස් හා මඩ මතය. අල්ලස් දීම සඳහා හා ප්‍රචාරණය සඳහා රාජ්‍ය දේපල නිර්ලජ්ජී ලෙස යොදා ගනිමින් සිටියි.

    මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ධනය චන්ද දායකයින් අතර බෙදා දීම ඔහු පටන්ගත්තේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමටත් ප්‍රථමය.

    දිනපතා ජනතාව 5000 ක් දෙනා බැගින් ඔහුගේ බලෙන් අල්ලා ගෙන සිටින නිල නිවසට කැඳවා මහජන මුදලින් ඔවුන්ට දන්සැල් පැවත්වීය. එම ජනයාට ප්‍රවාහනය සඳහා වියදම් කලේත් මහජන මුදල්ය.

    ඊ ලඟට ඔහු සිල් රෙදි, ඔර්ලෝසු , සාරි දස දහස් ගණනින් බෙදීම කළේය. මහජන මුදල් තම පෞද්ගලික බූදලයක් ලෙස ගනිමින් ‍තෝරාගත් පිරිස් වෙත නොයෙක් වරදාන , වැ‍ටුප් වැඩි වීම්, යතුරු පැදි ඇතුලු නොයෙක් අල්ලස් ලබා දුන්නේය.

    එසේම ඔහු මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් අති දෑවන්ත කටවුට් අඩියෙන් අඩියට සවි කල අතර තවමත් ඒවා දැකිය හැකීය.

    රාජ්‍ය දේපල අවභාවිතාව සඳහා ඔහුට සීමා නැත. කොතැනක මැතිවරණ ‍රැස්වීමක් පැවත්වූවත් රටේ හතර දිග් භාගයේ සිට ලංගම බස් යොදවමින් නොමිලේම තම හෙංචයියන් ප්‍රවාහනය කරන්නේ පොදු මහජනයා මුහුණ පාන කරදර ගැන අබමල් රේණුවක් වත් තරම් නොතකාය.තමන්ගේ ‍රැස්වීම් වෙනුවෙන් එසේ ජනයා අදින ඔහු විපක්ෂයේ ‍රැස්වීමක් පවතිනදාට සියලුම ලංගම බස් ඩිපෝ වලට ගාල් කර තබනවාට අමතරව පෞද්ගලික බස් සේවාද මැර තර්ජන යොදා නවත්වයි.

    රූපවාහිනිය, අයි ටී එන් රජයේ ගුවන් විදුලි නාලිකා හා ලේක්හවුසිය අමු අමුවේම මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ පුවත් පත් කලාවේ හා දේශපාලනයේ සියලු ආචාර ධර්ම කෙලෙසමින් විපක්ෂ නායකයින්ට මඩ ප්‍රහාර එල්ල කිරීමටත් තමන්ගේ නැති වූ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටත්ය. බොහෝ පෞද්ගලික මාධ්‍ය ද එක්කෝ බියගන්වා එසේ නැතිනම් වරදාන මගින් හෝ තම අතවැසියන් යොදවා මිලට ගැනීම තුලින් අවනත කර ගෙන සිටින රාජපක්ෂ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක මෛත්‍රිපාලට මහා මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින්නේ ලොව සියලු සදාචාර නීති වලට එරෙහිව කුඩා ළමයින් පවා යොදා ගෙනය.

    මේ සියල්ල කර ඒත් අසමත් ව සිටින ඔහු දැන් ප්‍රතිවාදින්ට ශාරිරිකව පහර දෙන තැනට වැටී තිබේ. විපක්ෂ කාර්යාල වලට හා වේදිකාවලට ගිනි තබමින් ආරම්භ කළ මේ මැර ක්‍රියා දැන් විපක්ෂ ආධාර කරුවන්ට , හා අපේක්ෂකයින්ට පහර දීම දක්වා උත්සන්න කර තිබේ.

    තම මැතිවරණ ව්‍යාපාරය මෙලෙස අන්ත මැර , ප්‍රජාතන්ත්‍ර විරෝධී , ලැජ්ජා විරහිත, තුච්ඡ,හා වනචර ආකාරයට පවත්වා ගෙන යන පුද්ගලයෙකු වෙනුවෙන් තම චන්දය භාවිතා කළ හැක්කේ ඊටත් වඩා වනචරයෙකුට හෝ මන්ද බුද්ධික අයෙකුට පමණි.

    එසේ නම් මේ මැතිවරණය යනු ඔබ වනචරයෙක් හෝ මන්දබුද්ධික්ලයෙක් නොවන බව පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය. රටේ බහුතරයක් එවැන්නන් නොවන බවට ලෝකයට පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය. එනම් මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි අට වෙනිදා ඡන්දයෙන් පරාජය කළ යුතුය.
    http://bitternight.blogspot.com/2015/01/blog-post_63.html

    ReplyDelete
  56. https://www.youtube.com/watch?v=GwRzD5c9wwM&hd=1

    ReplyDelete
  57. ඊයේ රුපවාහිනියේ ගාමණී පෙන්වපු වෙලාවේ මට උඹව මතක් වුණා. සජීවී අත්දැකීම් තියෙන මිනිහෙකුගේ හිත කොහොම වැඩ කරනවා ඇතිද කියලා හිතෙන්නේ ඒක දැක්කම. කඩේ යනවා කියන ලේබල් එක ගහන එක තමයි අද මහින්ද විරෝධීන්ගේ ලොකුම තුරුම්පුව. ඒක අහන්න තියෙන ලැජ්ජාවට බොහෝ දෙනෙක් තමන්ගේ අදහස එලියට දාන්නේ නෑ. කරුණා/කේ.පී. ගැන කියනවා. හැබැයි උන් මහින්ද ළඟ ඉඳගෙන ඊලම බිහි කර ගන්න කිසිම උත්සාහයක් නෑ. නමුත් දෙමල සන්ධාන නඩේ කරන්නේ මොකක්ද කියලා ඕන පොඩි එකෙකුට කියන්න පුළුවන්.

    ඔය මහින්ද ගැන විවිධ භීතිකා හදන්න හදන මහත්වරුන්ට මට කියන්න තියෙන්නේ වටවල කහට උත්තරයක්
    "මෙහෙම නායකයෙක් ඇවිල්ලත් නෑ - ආයේ එන්නෙත් නෑ"
    මේකට ඔවු කියලා ලෝකේ තියෙන වැරදි හැම එකක්ම පෙන්වන්න හදයි. හැබැයි මහින්ද කියන්නේ මේ සියවසේ ලෝකේ සාර්ථකම සේනාධි නායකයා. රතුපස්වාලදී චෝදනාව මහින්දට වුනාට යුද්ධේ දිනපු එකේ ගෞරවය හැමෝටම. බංකොලොත් දේශපාලන තර්ක. මහින්දව චන්දෙකින් පරද්දන්න බැරි නිසා වෙන අවලාද කරනවා. මේ රටේ ජනතාව මහින්ද ගැන තියලා තියෙන විශ්වාසය නවවෙනිදා උදේට තේරෙයි.

    ReplyDelete
  58. අපරාද‍ෙ උඹ ම‍‍ෙික අද දැම්ම‍ෙ. කලින් දැම්මනම් සිලුමින‍ේ හෙඩ් ලයින් යනවා ශුර්..

    ReplyDelete
  59. මහින්ද යුද්ධ කරන්න නෙමෙයි ආවෙ සාම සාකච්ඡා කරන්න. හෙළ උරුමෙ බල කරපු නිසයි යුද්දෙට ගියේ. රතන හාමුදුරුවො යුද්දෙට කරපු කැප කිරීම හොයලා බලපන්. යුද්දෙ දිනුවෙ මහින්ද තනියෙන් නෙමෙයි නේද?
    යුද හමුදාපතිට ඡන්දෙන් පස්සෙ බල්ලෙක්ට වගේ සලකපු විදිහ අමතකද?
    කරුණාට, කේ. පී ට සමාව දෙන්න පුළුවන්නම්, යුද්දෙ වෙනුවෙන් ලොකු සේවාවක් කරපු යුද හමුදාපතිට සමාවක් දෙන්න බැයිද?
    රට වෙනුවෙන් ඒ තරම් දේවල් කරපු මනුස්සයාට මඩ ගහන්න, හිරේ දාන්න වටිනවද? එහෙම කලේ කවුද?
    යුද්දෙ ඉවර කරන්න වැඩිම දායකත්වයක් දීපු ඒ මිනිස්සු කියන දේවල් අහපන්.ඒ මිනිස්සු ආයෙ රට අස්ථාවර වෙන්න දෙයිද?
    එහෙම කරන මහින්ද යුද්දෙ විකුණගෙන කාලා රට හූරගෙන කන එක සාධාරණද?
    මහින්ද ජනාදිපති වුණොත් ආයෙත් මේ රට ලේවිලක් වෙයි කියලා අමතක කරන්න එපා.

    ReplyDelete
  60. උඹ හරි බං. ඔය අතීතය දැන් උන්ට මතක නෑ නොවැ. මතක තිබුණත් දැන් උන්ට වෙන වෙන බයිල ප්‍රෂ්ණ තියෙනව. එහෙමත් නැත්තන් එහෙම ප්‍රශ්ණ තියෙන බව පෙන්නල තියෙනව. ඒ දවස් වල කොටියත් එක්ක නිදා ගත්ත උන් පස්සෙ තියාගෙන උඩින් මෛත්‍රිය පෙන්නගෙන එන උන්ට රෙද්ද උස්සන්න උන් හදන්නෙ ඒ නිසයි. කරුණා කේපී ගැන කියවන උඩ ඉන්න හරකට නොතේරෙණ දේ තමයි එල් ටී ටී එක පාවල දුන්නු කරුණා නිසා කොච්චර දෙයක් උනාද තාමත් වෙනවද කියන එක. කේපී නිසා තාමත් කොටින්ට සෙල්ලන් දාන බෑ කියන එක. අනික බං ඔය ඒකාධිපතියා නිසා මට නං තාමත් කිසි කරදරෞඅක් වෙලා නෑ. ඒකා නිසා කරදර වෙච්ච උන් නැට්ට උස්සන් කෑ ගහනවා. උන්ගෙ නැට්ට පස්සෙ යන උන් නැට්ට දිහා බලාන කෑ ගහනවා.. මුන්ගෙ මෛත්‍රිය නැට්ට පල්ලෙහාට වැටෙනකන් විතරයි.

    ReplyDelete
  61. සදරුෙවෝ.... මේ සිද්දිය පිළිබදව මාගේද මුලු සිංහල ජාතියේම බලවත් කණගාටුව. මචන් ප්‍රස්නෙ තියෙන්නේ උඔෙි තාත්ත මැරුවේ හෝ ඉට සැලසුම් කලේ කවුරුද ? දෙවරක් හිතපන් උන් දැන් ඉන්නේ කාගේ ලගද හිතපන්... ඉතින් උඔ කොහොමද චන්දෙ දෙන්නේ?

    ReplyDelete
  62. මල්ලි උබෙ තත්තව මරන්න අනදීපු නෙගෙනහිර නයකය කරුන අම්මන්ටත් තව ගොඩක් කල් නඩු නෙතුව සෑපෙන් ඉන්න ලෑබෙවා කියලම චන්දෙ දාපන්.

    අයි බන් උබට ලොකෙ හොදම හමුදාපති ඉන්න පෑත්ත විශ්වස නෙත්තේ?
    එතකොට උබට විශ්වස KP කරුනා වද ?
    මෙගා දෙශපාලනයෙ උබල අපි පොඩි ඉත්තො මල්ලි
    අපරදෙ 300 KM

    ReplyDelete
  63. සන්දරු මල්ලියේ,
    මට උඹ ගැන ආඩම්බරයි. බ්ලොග් වල බයිලා ලියන අනිත් උන්ට වඩා උඹ පොලොවේ පය ගහලා ඉන්න එකෙක්. අනිත් උන්ට යුද්දයක් රටේ තිබුනද කියලා මතකයක් නැහැ. උඹට තියෙන් කොන්ද මෙතන ඉන්න හුන්ගක් හාල්පාරුවන්ට නැහැ. උන් මොකක්දෝ විකාර වෙනසක් ඉල්ලනවා, මට හිතෙන්නේ යුද්දය තිබුනානම් උන්ට මොනවා හරි ටොපික් ටිකක තියෙනවා බ්ලොග් වල ලියන්න. ඒක නිසා යුද්දය ඉල්ලන වෙනසක් තමයි උන්ගේ ඉල්ලීම.

    ReplyDelete
  64. Sadaru, you changed my vote!

    ReplyDelete
  65. කවදාවත් පුද්ගලික වාසි/අවාසි/අකටයුතු/නොකටයුතු සලකා චන්දය දෙන්න එපා.

    ReplyDelete
  66. /* මිස්ටර් ප්‍රභාකරන්ගේ කොටි පැටවු මගේ තාත්තගේ අට වතාවක් වෙඩි තියලා තිබුණා . */

    කරුණා සහ පිල්ලෙයාන් දෙන්නම දැන් ලොකු ළමයි. තව දුරටත් පැටව් නොවෙයි!

    ReplyDelete
  67. සඳරු, තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන එකා මල්ලි..ඔය තුවාලේ අනික් උන්ටත් වුණානම් සමහරවිට ඔලොමොට්ටල ඔළු ටික හැදෙන්න ඉඩ තිබ්බා..ඒ කාලේ කොළඹට වෙලා ආතල් ගත්ත උන්ට දැන් ඉතින් වෙනසක් ඕන කියන එක විතරයි කියන්න තේරෙන්නේ..උඹේ තීරණය ගැන මගේ සතුට!

    ReplyDelete
  68. සදරු ගේ මේ ලිපිය ඇහින්දාස් My3 මල්වට්ටියක් වගේ කරේ තියාගෙන දුවන ගමන් අපිටත් අතගස්සවන්න එන සින්හල බොග් අවකාසේ මහනායකලා වන මෝඩ මනමාලයන්ටයි ඩොන්කි ඇන්ටිලාටයි බඩ බුරුල් වෙලා යන විරේකයක් වීම ගැන මගේ බලවත් සංවේගය.

    ReplyDelete
  69. I wish Mahinda offers you a good position in the ministry of information technology this time around.

    ReplyDelete
  70. boru liyanna epa ban. ampare koti pisthola kalli sinhala gam wala hengila indagena minissunta wedi thibba kiyanne. apeth nenda inne ampare thamai. umbe thatthawa meruwa wenna puluwan. eka gena mata awankawama kanagaatui. eth rate podu yahapatha pudgalika de wenuwen paawa denna epa. Let's move on kiyala thamai mata kiyanna tiyenne.

    ReplyDelete
  71. සඳරු .. ඔබත් සමග කල්ලතෝනි නොවෙන, හඬක් නැති , හඬ.. මඩ අවලාද වල බලෙන් යටකරල දාපු බොහෝ දෙනෙක් ඉන්නවා .. බුවා , රසික වගේ බෙදුම්වාදයට රෙදි නැතිව කඩේ ගිය , ස්වාමීන්වහන්සේලාට හරක කියා ද්වේශ කල උදවිය , ලංකාවේ බයියන්ට හදිසියේ පහල වෙච්ච කරුණාවෙන් මෛත්‍රී පාලනයක් උදා කරන්න තතැනීම පුදුමයක ට කාරණයක් නෙමෙයි...

    තුට්ටු දෙකේ ලුම්පන්කාරයෝ, රටෙත් නැති කල්ලතෝනි විසින් ග්‍රාම බයියන්/හරකුන් කියා අපහාස කරන මිනිසුන් තමන්ගේ බලය , තමන්ගේ කැමැත්ත හෙට උදේට පෙන්වයි.... කිසිම මොහොතක ඔබ තනි නැහැ.

    ReplyDelete
  72. උබේ තාත්තව මරපු එකාල එක්කම ඉන්න නායකයව තෝරල හෙට උදෙන්ම ගිහින් ආඩම්බරෙන් චන්දෙ දාල වරෙන්.
    උබලට තාත්තල නෙමෙයි,ඒ තාත්තලට උබල වගෙ පුතාල වාසනාවන්.!!

    ReplyDelete
  73. මාතෘ භූමියට ජය

    ReplyDelete
  74. සඳරුවා, උඹේ බ්ලොග් එක මම හෙන කාලෙක ඉඳන් කියවනවා. උඹට හොඳ කියලත් තියෙනවා. මේ කමෙන්ට් එක ඇනොනිමස් දානවා හේතුව තව දවසක හිත හදාගෙන උඹට හොඳ කමෙන්ට් එකක් දාන්න වුවමනා නිසා.
    උඹ හෙනම සංවේදීයි. ඒක අපි දන්නවනේ. මිනිස්සු සංවේදී වෙන්න ඕන. හැබැයි සංවේදීකම කමට දේශපාලන විඥාණයක් නැති කම එකතු වුනහම වෙන දේ හරිම භයානකයි. හොඳම උදාහරණය උඹ සහ මේ පෝස්ට් එක. මට අවංකවම උඹ මේ ගෙනත් තියෙන ලපටි කතාන්දර ඩයිසෙක්ට් කරන්න කම්මැලියි. ඒ නිසා මම මේ ටික විතරක් කියන්නම්. සංවේදී කම මානුෂික කටයුතු වලට තියාගනින්. දේශපාලනේට බුද්ධිය සහ දැනුම යොදවපන්. එච්චරයි.

    පසුලිවීම: මේක බුකියේ ඉන්න අවස්තාවාදීන් සෙට් එකක් දිගට හරහට ෂෙයා කරනවා. එකෙක් අර විමලගේ සී නිවුස් කොලමට ලියන එකා. උන් ඔක්කොම තක්කඩි. උන් මහින්දට ආවඩන්නේ තක්කඩිකමට. කණගාටුයි උඹත් ඒකට අහුවූ එක ගැන.

    ReplyDelete
  75. මචං සඳරු උඹේ පෝස්ට් එකේ හෙඩිම දැක්කට පස්සෙ හෙට නිදිමරන්න වෙන නිසා ලයිට් නිමල බුදියගන්න කියල කෙරෙන තර්ජනත් පැත්තක දාල කියෙව්වා.මම මහින්ද වාදියෙක් නොවෙයි ශ්‍රී ලංකා කාරයෙකුත් නෙමෙයි.මම යුද්දෙ අත්වින්ද එකෙකුත් නෙමෙයි.
    යුද්දෙන් උබලට වුන හානිය ගැන කම්පනයක් ඇතිවුනා.ඒත් මට පස්සෙ හිතුන මේ රටේ හැම සිංහල පවුලකම දෙතුන් දෙනෙක් ඔය විදියට කොටින් විසින් මරල දැම්මනම් හොඳයි කියල.එහෙම වුනානම් බුකියෙ කොටින්ට ආවඩන යූඇන්පී කාරයන්ට මොළේ පෑදෙයි.යූඇන්පී අයට දැන් කොටින්ට වඩා කෙනෙක් නෑ.මල් පූජ කරන්නෙ නැති ටික විතරයි.
    සිංහලයො කියන්නෙ කෙළෙහිගුන දන්නෙ නැති මහම මහ කාලකන්නි ජාතියක්

    මධුරංග මිත්‍රය කියල තුබුන කරුණ කේ පී ගැන.ඇත්තටම ත්‍රස්තවාදී සංවිධානයක දැඩි විනයක් තියනව.ලෝකෙ කොහෙත් එහෙමයි.ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන්ට තමන්ට ඕන ඕන විදියට වැඩකරන්න බැහැ.කරුනාල කේපී ල කරපු දේවලට වගකියන්න ඕනත් මිස්ටර් ප්‍රභාකරන් තමයි.

    ReplyDelete
  76. සඳරු කියන කතාව හරිම දුක්බරයි වේදනාකාරීයි ඒ වගේම සාධාරණයි. ඔබගේ මතය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.
    නමුත් මෙවර සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ගැනම කියන තරම් හොඳක් මා දකින්නේ නැත.මහින්ද මහතා යුද්ධය නවත්තල රට නිදහස් කර ගත්ත බව ඇත්ත. එය කුහක කමින් බලන්නෙ නැතුව පිළිගන්න ඕන.ඔහු කරපු සංවර්ධන වැඩපිළිවෙලත් මිට පෙර කවුරුත් මෙතරම් සාර්ථකව කරල නැහැ. නමුත් ඒ සැමට වඩා ජිවන වියදම ඉහල ගිහින් තියෙනව යුද්දේ කාලෙටත් වඩා. ඔය හැමෝම කියන එතරම් සාක්ෂි නැති කවුරු හරි පන යන්න කෑ ගහ ගහ කියපු දුෂණ වංචාවත් ඕනෙ තරම් තියෙනව. ඒ හැම දෙයක්ම මිට මාසෙකට දෙකකට කලින් වෙනකං බලා හිටපු මයිත්‍රී මහත්තයත් දැන් එහා පැත්තට ගිහින් මහින්දගෙ වැරදි වංචා ගැන එලි කරන ගමන් වෙනසකට මුල පුරන්න ලැහැත්ති වෙනව.
    වෙනසක් කරන්න කියල අපේ බහුතර ජනතාවත් එතුමා පස්සෙ යනව. එකෙත් සාධාරණයක් තියෙනව. මෙච්චර කල් නොකළ දෙයක් කරන්න එතුමා පොරොන්දු වෙන නිසා එය අහක දාන්නත් බැහැ. ඔහු රජයේ සිටින විට හරියට වැඩක් කරපු ඇමති කෙනෙක්. මිනිස්සුන්ට ඒ විශ්වාසයත් ඇති. නමුත් ඔහුව හසුරවන යූඑන්පී එකේ නායකයන් සහ ශ්‍රී ලංකා එකේ නායිකාවන් ඉන්නා කාලයේදී මේ රට තුළ තිබූ අරාජිකත්වය සහ භිෂණය ගැන කිසි කෙනෙකුට මතක නැත. විශේෂයෙන් අද මයිත්‍රී මහතාට සහය දෙන තරුණ තරුණියන්ට කිසිම මතකයක් හෝ දැනුමක් නැහැ එම නායකයන්ගේ පාලන කල තුළ තරුණ ජිවිත වලට අත් වුන ඉරණම.එදා ඒවාට සහය උණු පිරිස්ම අද වෙනසක් ඇති කිරීමට මයිත්‍රී මහතා වටා පෙළ ගැසීම මහත් කුකුසක්. තවද එදා මිස්ටර් ප්‍රභාකරන් එළවීමට එකතු උනාට වඩා සෙනගක් අද මහින්දව එළවීමට එක්වී සිටීම පුදුමයට කරුණකි.
    නමුත් මයිත්‍රී හෝ මහින්ද දෙදෙනාම විදායකයේ රස ගැන හොඳින් හඳුනන්නෝ වෙති. ඔවුන් ගෙන් කවුරු ජනපති උවත් මේ රටට සිදුවන මහා වෙනසක් පෙනෙන්නට නොමැත. ඇත්තේ වචන හරඹයක් පමණි. ජය වේවා!!!

    ReplyDelete
  77. sadaru aiye mama hemadamath oyage posts harima asawen kiyewwa. boru aatopa nathi mata liyanna puluan kiyala oluwa udummawagena nathi aththa athi satiyen sith ganna sulu widiyata liyana oya me blog awakashaye godak ayata wada idiriyen innawa. hodama blog aka una aka gena sekayak na. me thiranayath me post akath bohoma watinawa. pudgalika prashna ha deshapalanaya patalawagannepa kyana ayata notherena de thamai eyala ratata adarei kyala hithan awadana kattiyath thama thamange pudgalika wasi ha tharaha maraha pirimaha ganna balaya labaganime praythanayaka yedenne kiyalae.

    ReplyDelete
  78. මටනම් හිතෙන්නේ ඔය ඔක්කොටම වඩා සඳරුගේ තීරණයට බලපාන්න ඇත්තේ මහින්ද මාමි එයාව කොළඹ ගෙනල්ල මොකද්ද සම්මානයක් දීපු එක කියල.

    ReplyDelete
  79. විශිෂ්ටයි!!!

    ReplyDelete
  80. සදරු අය්යේ ඔයාගේ තීරනය ගෑන මට ගොඩක් සතුටුය්. මන් පොඩි කාලේ ජීවත් වුනේ වෑලිකන්ද කියන ගමේ. කවදාවත් අමතක කරන්න බෑරි කාලයක් ඒක..

    ReplyDelete
  81. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ අපි කනාමැදිරියන්ටත් බයයි!!!

    ReplyDelete
  82. http://lankacnews.com/sinhala/main-news/127025/

    your post is on lankacnews

    ReplyDelete
  83. නියම ලිපියක්.දැන් ඔය කියවන අයත් ඒ කාලේ ගෙවල් අස්සේ හැංගිලා හිටපු උන් වෙද්දී උබ කෙලින් කතා කරපු එක ගැන සතුටුයි කොල්ලෝ ..

    ReplyDelete
  84. මටත් කියන්න තියෙන්නේ මේ වගේ සංවේදී කාරණාවල් එක්ක තර්ක කරන්න මට අයිතියක් නැති බව. හිස් අහස හිස් උන හැටි ඉඳලා මේකේ ගියපු හැම ලිපියක්ම කියවලා තියන මම දන්නවා සඳරු ඔය කියන තුවාල ගැන. ඒ අදහස් වෙනස් කරන්න උත්සාහ කරනන්ත් මට අයිතියක් නැහැ.

    ඒත් මට හිතෙන දේත් කියන්න ඕන නේ. යුද්ධේ පැවතිච්ච කාලේ කොන්ද කෙලින් තියාගෙන ඒක ඉවරයක් කරන්න කැප වෙච්ච එක ගැන මම අදත් මහින්දට ගරු කරනවා. ඒකෙ දෙකක් නැහැ. 2010 චන්දේ වෙලාවෙත් මම හිටියේ මහින්දගේ පැත්තේ. ඒත් මේ අවුරුදු 4 ඇතුළත අහපු දැකපුවා එක්ක මේ පාරනම් හිතට එකඟව මහින්දට චන්දයක් දෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ . නිකමට හිතන්න, මහින්ද දිනුවොත්...දැන් නෙමෙයි, තව අවු 10 කින් විතර රටේ කොයි වගේ තත්වයක් තියේවිද කියලා. විශ්ව විද්‍යාලවලට ළමයි ඇතුල් කරගන්නෙත් උසස් පෙළ ප්‍රතිඵලයෙන් නෙමෙයි, දේශපාලන හයියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පගා වලින්. රටේ තරුණ පරම්පරාව දැනටමත් කුඩු උවදුරෙන් වහගෙන. ඒ වෙද්දී අපේ රටේ වගකීම් අතට ගන්න උගත් පරම්පරාවක් ඉතුරු වෙයිද? රාජපක්ෂලාට ඕනෙත් ඒක තමයි...තමන්ගේ වැරදි වහගෙන රට භුක්ති විඳින්න පුළුවන් වෙන විදිහට මෝඩ ලාංකිකයින් පිරිසක් හදන එක. අපි ඔය දැන් නිදහසේ පාරවල්වල බැහැලා යනවා කියනවා නේද? ඒවා චීනෙට සින්න වෙන දවසත් වැඩි ඈතක නෙමෙයි. නිකන් හිතන්න මෙච්චර එක්ස්ප්‍රස් සංවර්ධනයක් කරන්න තරම් අපිට සල්ලි කොහෙන්ද ආවේ? කවුරුත් පිනට දීලා නෙමෙයි නේද? ඉවක් බවක් නැතුව රටක් ගොඩ නගන්න බැහැ.

    ඔය සේරම පැත්තකින් තිව්වත් මහින්ද තුන්වෙනි වරටත් ජනපති කමට ඉල්ලන එකම ඇති මටනම් ඔහුට විරුද්ධව චන්දෙ දෙන්න. මෙච්චර කාලෙකට කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට අත්තනෝමතිකව බලය පාවිච්චි කරලා නීති වෙනස් කරගත්තේ රටට වැඩක් කරන්න කියලා කවුරුහරි හිතනවද? ඕවා තමා ඒකාධිපති පාලනයකට යාමේ සලකුණු. අද මේ නිතිය වෙනස් කරපු කෙනාට හෙට ඔයිට වඩා දේවල් කරන්න පුළුවන්. එහෙම උනොත් යුද්ධෙන් උනාටත් වඩා වැඩි හානියක් අපේ මිනිස්සුන්ට වෙයි.

    තමන්ගේ රට යුද්ධයෙන් දිනවලා, රටට වැඩක් කරලා ගෞරවාන්විතව රජෙක් වගේ සමු අරගෙන යාමේ අවස්ථාව මහින්ද නැති කර ගත්තා කියලා මට හිතෙනවා. කළ ගුණ සැලකීම, අනුකම්පාව, තරහව වගේ පෞද්ගලික කාරණා ජාතික මට්ටමේ ප්‍රශ්නෙකදී අමතක කරන්න පුලුවන්නම් හොඳයි, රට ගැන හිතලා. ඒත් මම අර කලින් කිව්වා වගේ ඔයා එක්ක තර්ක කරන්න අයිතියක් මට නැහැ. මේක ඒ තරමට සංවේදී කාරණාවක් නිසා. මේ පින්තුරේ දැකලා මම ඇඩුවේ නැති ටික විතරයි....

    ReplyDelete
  85. උබේ තීරණේ හරි මචන්. මහින්දව එළවන්න ඉන්න හැම එකාටම මොකක් හරි තරහක් තියෙනව එතුමා එක්ක. ඒක පෞද්ගලික තරහක්. එහෙම තියාගෙන චන්ද දාන්න ඉන්න අයට කියනව පෞද්ගලික හේතු නිසා ජන්දෙ දාන්න එපා කියල.

    කේ.පී කරුණා සහ සම්බන්ධන් යනු නිශ්ක්‍රීය කල බොම්බයක් සහ නිශ්ක්‍රීය නොකළ බෝම්බයක්.
    දෙකෙන් කොයික ලග තියා ගන්නද කට්ටිය මේ ට්‍රයි එක දෙන්නෙ.

    ReplyDelete
  86. මෙච්චර හෑල්ලක් ලියන්නේ නැතුව, ' කමක් නෑ, යුද්ධේ දිනන්නේ' කියලා දැම්මා නම් ඉවරනේ කොල්ලෝ. හැබැයි ඉතින් එකක් මතක තියාගනින්, මේ ජන්දෙන් කව්රු දිනුවත් ගමේ බයියෝ නම් පරාදයි.

    ReplyDelete
  87. මේ ෆේස් බුක් එකෙන් ආණ්ඩු පෙරලන පොන්න හැත්ත ඕවා දන්නෙ නෑ බන්.
    උන් දන්නෙ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් ගිහින් ෆොටෝ ගහලා ප්‍රොෆයිල් පික්චර් දාන ගමන්,මහින්ද කොමිස් ගැහුවා කිය කිය කෑ ගහන්න.

    වණේ තියෙන එකා තමා ඒකෙ වේදනාව දන්නෙ.

    උඹේ පියා ඇතුලු මියගිය සියලු ඥාතීන්ට නිවන් සුව පතමි.

    භය වෙන්න එපා , ඔය මෛත්‍රී පාලනෙ එන්නෙ නෑ ලොවෙත්

    ReplyDelete
  88. Well said
    "යුද්ධෙටයි උතුර සංවර්ධනයටයි උදව් කල කරුණා, කේපී දැන් ඉන්න තැන අහනවා, එදා ඉඳන්ම කොටින්ට කඩේ ගිය, සඳරු කිව්වා වගේ මැරිච්ච කොටින්ට පාන් පත්තු කල වික්‍රමබාහු, තව මනෝගනෝෂන් වගේ උදවිය දැන් ඉන්නේ කාත් එක්කද? පාමංකඩ රවීලා, තොප්පිගල රනිල් වගේ උන්දැලෑ එක්ක නෙවෙයි වෙන්නැති එහෙනම්"

    ReplyDelete
  89. ඇත්තටම මචන් උඹේ කතාව උඹේ පැත්තෙන් සාධාරණයි. තමන්ගේ විරුද්ධ අපේක්ෂයකයට කවුරුහරි චන්දෙ දෙනකොට එයාට කඩේ යනවා කියලා කියන එක මං අනුමත කරන්නේ නෑ. විශේෂයෙන් එම පුද්ගලයාට පෞද්ගලික ප්‍රතිලාභයක් චන්දය දිමතුලින් ලැබෙනවාද නැද්ද කියලා දන්නේ නැතුව. උඹ මහින්ද මහත්තයට කඩේ යනවා කියන එවුන්ටයි මං ඒක කිව්වේ.

    උඹ දැන් ඡන්දේ දාලත් ඇති. ඒත් මං තාම දැම්මේ නෑ. මං අද දවල් වරුවේ ගිහිල්ල දාන්නේ සිරිසේන මහත්තයට තමයි. ඒ මහින්ද මහත්තය 2010 ජනාධිපතිවරණය ඉඳලා අද වෙනකන් කරපු දේවල් සහ එතුමන්ගේ ගෝලයන්ගේ හැසිරීම ගත්තහම මහින්ද මහත්තයට කතිරයක් ගහන්න හිතෙන්නේ නැති නිසා. අද විපක්ෂය ගැන රාජ්‍ය මාධ්‍ය මවලා තියෙන්නේ රට පාවා දෙන පිරිසක් විදිහට. හකීම්ලාගේ, දෙමළ සන්ධානේ යටි අරමුණු ඇති. ඒත් ඒ මිනිස්සු ජාතික දේශපාලනේට ගෙනාවාම ඔවුන්ට වෙනම පාලන කලාප ඉල්ලන්න එන අවශ්‍යතාවය සහ වටපිටාව අඩු වෙනවා. අනික ඔවුන්ට විතරක් සිරිසේන මහත්තයා හරි ආණ්ඩුවකට බලපෑම් කරන්න හයියක් නැහැ. සිරිසේන මහත්තය පත්වෙන්නේ හකිම්ගෙයි, දෙමළ සන්ධානේ ඡන්ද ටිකෙන් විතරක් නෙමෙයි නිසා. සිරිසේන මහත්තය වටේ ඉන්න අනිත් අයත් බලමු.. රතන හාමුදුරුවෝ,චම්පික, ෆොන්සේකා වගේ අය සිංහල නියෝජිතයෝ. ආර්ථිකය හදන්න පුළුවන් රනිල්, හර්ෂලා වගේ කට්ටිය එජාපෙ ඉන්නවා.

    කොහොමවුනත් අවසානයේ බලය තියෙන්නේ ජනතාව අතේ කියලා ජනතාව තේරුම් ගන්න ඕනේ. සිරිසේන මහත්තයා රටට නොගැලපෙන දෙයක් කරොත් එදාට විරුද්ද වෙන පිරිසට මාත් ඉන්නවා. ඒත් අද මං මහින්දගේ දුෂිත/පවුල් පාලනයට, ඵලදායි නැති ආර්ථික ප්‍රතිපත්තිවලට, අධිකරණයට වැරදි ලෙස අතපෙවීමවලට විරුද්ද වෙන දවසයි.

    ReplyDelete
  90. සඳරු කියන්නෙ හොඳ හදවතක් තියෙන ලස්සන කතා ලියන්න පුළුවන් බ්ලොග් කරුවෙක්. නමුත් එකම දුර්වලකම තීරණ ගන්නෙ හදවතින් වීම, මේක තමයි මේ රටේ ගොඩක් දෙනෙක්ගෙ දුර්වලතාවය. තීරණ ගත යුත්තෙ හදවතින් නෙවෙයි, බුද්ධියෙන්, ඒකයි මහින්දට ඡන්දෙ නොදිය යුත්තෙ.
    මේක කිව්වෙ මේ බ්ලොග් එක බලන මගෙ යාළුවෙක්..." මෙච්චර දවසක් බ්ලොග් එක අතඇරල හිටිය සඳරුවා, ඡන්දෙ පටන් ගත්ත ගමන් බ්ලොග් එක ආයෙම පටන් ගත්තා හීනෙන් නැගිටලා වගේ. ඡන්දෙට ඉස්සරින්ද මහින්දට කඩේ යනකොට මට හිතුණා ගොනා හැරුණෙ පොල් පැලේ කන්න තමයි කියලා. ලොකු එවුන් කෝටි ගණන්වලට විකිණෙන රටේ මූත් පොඩි ගාණකට ආණ්ඩුවට විකිණෙන්න ඇති. ගිලෙන්න යන මහින්දය පිදුරු ගහෙත් එල්ලෙන්වනෙ"... හැබැයි මල්ලි මම නම් එහෙම කියන්නෙ නෑ.

    ReplyDelete
  91. සඳරූ,.....
    ඔයා නම් ෂෝක් මල්ලි.
    මම ඔයාගෙ කතා කියවපු හැමදාකම කමෙන්ට් එකක් දැම්මනම් දැම්මෙ “වෙනද වගේම අජිනමොටෝ ටිකක් වැඩිපුර දාලා වගේ රස වැඩිකර ගන්න” කියලයි. ඒකට හේතුව ඔයාගේ හැම කතාවක්ම අති‍ශෝක්තියෙන් ලියල තිබ්බ බව ගමක ජීවත්වුනු මට හොඳට තේරුණු නිසා.
    Anonymous 7 January 2015 at 11:38 කියල තිබුණ වගේම, අම්පාරෙ සිංහල ගම්වල කොටි පිස්තෝල කල්ලියෙ සාමාජිකයො හිටිය කියල අහපු පළවෙනි වතාව. අනික දහඅට වංගු තියන පාර හදල බයක් නැතිව ගමන් යන්න සැලැස්සුවා එක ගැන කීම නම් අන්තිම හාස්යදජනකයි.
    තමන්ට කැමති කෙනෙකුට ඡන්දෙ දෙන එක වෙනම කතාවක්. ඒත් එයාට ඡන්දෙ දෙන විදියට මධ්ය ස්ථ මිනිස්සු පොළඹවන විදියෙ සංවේදී කතාවක් (අතින් දාපු බොරු ගොඩාරියක් එක්ක) ලියන එකනම් තක්කඩි කමක්.
    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මුලින් මාර ෂෝක් විදියට පටන්ගන්න ඔයාගේ ගමේ කතා සේරම හැමදාම ඉවර වුනේ ශෝකාන්තයකින්මයි. කවමදාවකවත් ඔයාගෙ කතාවක් සතුටින් අහවර වුනු බවක් මම දැකල තිබුනෙ නෑ. (එහෙම එව්වා තිබිල මට මිස් වුනාද දන්නෙත් නෑ) ඉතින් මේ කතාවත් ඒ විදියටම අහවර වෙයි. ඒ කියන්නෙ ඔයා ‍ “රජ” කරවන්න හදන කෙනාටත් දුකම තමා.
    සුබ අනාගතයක්!

    ReplyDelete
  92. මෛත්‍රී ට ජන්දය දුන්නා කියල වෙන යහපත මොකක් වෙයි ද ? කාලය උත්තර සපයාවී ..
    උඹේ මතේ උඹ ට හොඳ නම් අනිත් උන්ගේ මත මොකක් උනත් මොකද

    ReplyDelete
  93. කමෙන්ට් ඔකෝටම උත්තර දෙන්ඩ නම් අමාරුයි ... ඒත් කීපයකට උත්තර නොදීම බැරි නිසා (දෙයියගේ පිහිටෙන් මගේ මේ කමෙන්ට් බලලා පෝට් කියවලා තමන්ගේ මතය වෙනස් කරන්න එපා ..

    සමහරු කියනවා අම්පාරේ සෙන්ටර් කෑම්ප් ගමට කොටි පිස්තෝල කල්ලිය හවස හයෙන් පස්සේ පයින එක බොරුවක් කියලා ...ඒ අයට මට කියන්ඩ තියෙන්නේ එක දෙයයි . පරන පත්තර හොයාගෙන කියවන්ඩ . සෙන්ටර් කෑම්ප් ගමේ අතුරු පාරවල් වල එක දිගට මැරිලා වැටුන මිනිස්සු ගැන හොයලා බලන්න ... ඒත් බැරි නම් අම්පාර කියන ගමේ කොටි කියලා ජාතියක් හිටියේම නෑ කියලා හිතාගන්න ...

    තව කෙනෙක් කියලා තිබුනේ මට ජනාධිපති තුමා සම්මානයක් දුන්නා කියලා ... ඒත් මම මේ කල්පනා කලේ ඒක කෝ කියලා ... කොළඹ රාජකීය විද්‍යාලෙන් දීපු සම්මාන දෙක ඇරුනම මට තියෙන්නේ එම්ටි බොට්ල් සම්මාන තොගයක් විතරයි ..

    කරුනා , කේපි, පිල්ලෙයාන් යුද්දේ අතෑරලා ඉන්නේ .. ඔය අනිත් සෙට් එකේ උන්ගේ ඇස් දිහා බැලුවාම කොටි මොක්කුද කියලා හොඳටම දැනෙනවා . වික්‍රම බාහුවා එහෙම මට හීනෙන් හිටං පේන්නේ ඒකයි ..

    අම්පාරේ ගම්වල කොටි පිස්තෝල කල්ලිය හිටියා කියලා අහලා නැති අයට කියන්ඩ තියෙන්නේ ... ඒ යුද්දේ කාලේ උඹලා බොහොම පොඩියි බං ..ගිහින් වැඩිහිටියෙකුගෙන් අහගනින් ..

    තව කෙනෙක් කීවේ මම ආන්ඩුවට විකිනුනාය කියලා ... කොහොමත් මෛත්‍රී පාක්‍ෂිකයන්ගෙන් වැඩි දෙනා උඹ වගේ එවුන් තමයි ඒ නිසා ඒකේ අවුලක් නෑ

    ReplyDelete
  94. අන්න මේ පෝස්ට් එක විමලගේ සී නිවුස් එක විකුනං කනවා....! අපරදේ සදරූ උබ විකුනුනේ...!

    http://lankacnews.com/sinhala/main-news/127025/

    ReplyDelete
  95. සඳ්රු අයියාගෙයි පර්සි මගේන්ද්‍රගෙයි ලොකු වෙනසක් නැති වුනා අන්තිමට....දුකයි!

    ReplyDelete
  96. Do u work as a production supervisor at a FMCG company

    ReplyDelete
  97. සදරුවා .. උබගේ තාත්තට නිවන්සුව අත්වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා .
    තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන එකා .අනික් උන් දන්නේ "ඕක මහලොකු තුවාලයක්ද" කියල අහන්න විතරයි .තුවාලෙකින් බැට කාපු එකෙක් හැටියට උබේ වේදනාව මට තේරෙනවා .එත් ඕනෑම දෙයක් සතියෙන් අමතක කරන වේසිගෙ පුතාල ඉන්න රටක ..........!!
    උබ බලපන් , මහින්දට බනින විපක්ෂේ ඉන්නේ කව්ද කියල . චන්ද්‍රිකා ,රනිල් ,රාජිත ,TNA ,SLMC එවුන් ටික."මහින්ද ළඟ ගොඩක් වැරදි තිබුන .මහින්දට වඩා මහින්දව කෑවේ ,වටේ හිටපු එවුන් .නාමල් ,බැසිල් ,රාජිත ,SB ,බන්දුල වගේ එවුන්.මහින්ද ඒ ටික හදා ගත්තනම් එයාව හොල්ලන්නවත් බැහැ .". එත් ඒක කරේ නැති නිසා මහින්ද පැරදුන .ඔය කෑගහන චන්ද්‍රිකා ,රනිල් මොනාද ලංකාවට කරේ කියල දන්න මිනිස්සු දන්නව .
    කොටුවේ බෝගහ ළඟ බොම්බේ පිපිරෙනකොට මමයි අම්මයි තාත්තයි හිටියේ ගෑස්පහ හන්දිය ළඟ .අපි බේරුනේ 99 න් .ඒදවස්වල මිනිහෙක් එලියට ගියොත් ,ආපහු එනකම් sure නැහැ . උඩ comment එකක තිබුන ,යුද්දේ කව්රුත් වවාගෙන කෑවේ නැහැ කියල .එහෙම කියනවනම් 12 අවුරුද්දක් චන්ද්‍රිකා රට කරා .17 අවුරුද්දක් UNP රට කරා .ඉවර කරන්න තිබුනනේ .කරේ නැහැනේ . මහින්ද 9අවුරුද්දක් රට කරා .4 අවුරුද්දක් යුද්දේ කරා . ඉතිරි 5 රට කරේ .සංවර්දනය වුනේ නැහැ කියන එවුන් 92-93 පස්සේ ඉපදුන එවුන් බන්.උන් දන්නේ ෆ්‍රී WiFi වලට චන්දෙ දෙන්න .
    88-89 කාලේ රස්සා ඉල්ලපු කැම්පස් කොල්ලන්ට හොඳට සැලකුවේ කව්ද ? unp එක .තරුණ ජීවිත 60000ක්. රටේ වුන දේවල් දන්නේ නැතිව කෑගහන හැත්තට ඕව කියල වැඩක් නැහැ බන් .කට්ටිය කියනවා TNA ,SLMC රට බෙදන්න නෙමෙයි හදන්නේ කියල .යකෝ උන් යුද්දෙන් නැතිව ලස්සනට උන්ගේ වැඩේ කරගන්නවා .බලපන් එක දෙමළෙක් ,හම්බයෙක් උන්ගේ එවුන්ට විරුද්දව කතා කරනවද කියල .නැහැ .ඒකට සිංහලය .හැමදාම වගේ මේ පාරත් බෙදිලා මරාගන්නවා .හම්බයෝයි දෙමලුයි පුකෙන් හිනා වෙන්නේ .
    වැඩක් නැහැ ඔය ගැන කතා කරලා .සිංහලයට මුල අමතකයි කියන එක නැවත වතාවක් ඔප්පු කරා .

    ReplyDelete
  98. mn ube mulu blog1 kiyawapu kenek.namuth kawadawath comment kara ne.meka first comment1.

    mata ubata kiyanna tiyenne mechcharai....game nogath baiyontai/haraktai mahinda porak wenna athi.eth mole tiyena ugath minissu dannawa hari kawda kiyanna.

    ubath rajata pukadena moda game baiyek withari bn.Den wath therum ganna balapan...

    ReplyDelete
  99. පළමුව උඹේ ආදරණීය පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මම ඉන්නේ ලංකාවේ නෙවෙයි හින්ද මට චන්දෙ නැහැ. එත් ගිය දෙවතාවේම දුන්නේ මහින්දට. එත් මේ වතාවේ මහින්ද පරාජය කලයුතුයි කියන මතේ තමයි හිටියේ.. මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ලියවුනු අංක එකේ පොස්ට් එක තමයි උඹ මේ ලියපු ලිපිය.. උඹ වගේ දහ දෙනෙක් මහින්ද වටේ හිටියනම් අද මහින්ද පරාදවෙලා ගෙදර යන්නේ නැහැ. වටෙන් වෙඩි සද්ද ඇහෙද්දී රෑ එළිවෙනකල් ෆෝන් එකයි ටෝච් එකයි අතට අරන් ඇඳ උඩ වාඩිවෙලා හිටපු කාලයක් මටත් තිබ්බ සඳරුවෝ . උඹ මහින්දට චන්දෙ දීපු එක සර්ව සාධාරණයි. මහින්ද පරාද කරන්න ඕන කියන මතයේ හිටියත් මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා පරාජය වීම ගැන හරිම හිතට දුකයි.

    ReplyDelete
  100. උඹ ගණන් ගන්න එපා බං තව දින සීයකින් කවුද පැරදුනේ කියල පෙනෙයි. හැබැයි මුන්ට ඕවා මතක තිබුණොත්.....

    ReplyDelete
  101. වෙන්න ඕන දේ දැන් වෙන්න ඕන විදිහටම සිද්ධ වෙලා ඉවරයි.

    මහින්ද නැති දවසට සදරු කාටද ඡන්දෙ දෙන්නේ? එයා යුද්දේ වෙන්න දෙන එකක් නෑ කියලා ෂුවර්ද? අපිට දෙමළ මනුස්සයව හැමදාම චන්ඩි පාට් වලින් යට කරන් ඉන්න පුළුවන්ද?

    ReplyDelete
  102. Oyaa hari kiyala dennam kaata kaatath therenawa athi malli. Mage school friend kenek innawa dadayamthalawe. Eyaa apita edawas wala apita kiyala thiyenawa oya paththe thathwe. Enisa man dannawa oyaa kiyanne boru newe kiyala

    ReplyDelete
  103. බොහොම කෙටියෙන් කියන්න තියෙන දේ ලියන්නම් .කවදාවත් හිස් අහසේ අදහසක් ලියල නැ හැබැයි ඔක්කොම කතා කියවල තියෙනවා .තාමත් පුරුද්දට මාස 6 කට සැරයක් හරි හිස් අහස පැත්තේ ඇවිත් යනවා අහක බලන්න බැරි කමට .දැන දැනම අපහු එනවා කිසිම අලුත් කතාවක් නැති බව .තමන්ගෙන් මිනිස්සු දෙයක් බලාපොරොත්තු වෙන බව දැන දැනම නොසලකා හරින සඳරු ,උඹ හරිම නපුරු එකෙක් .එච්චරයි .

    ReplyDelete

තැන්කූ බං