16.4.16

අම්පාර බස් එකේ ගම්බාර දෙයියෝ







ගමෙන් ඈත් වෙලා කොළඹ ගෙවන ජීවිතේ .. මාර මස්තෙ..ඉතින් ගමේ යන්ඩ හොඳ නිවාඩුවක් එනකම් මං මග බලනවා .. ගමේ ඉන්නකොට අතේ සල්ලි නැතත් හිතේ ආතල් එක තිබ්බා.. ! .. කොළඹදී කියලත් සල්ලි නම් නෑ .. ඒත් රස්සාවක් තියෙනවා.. 

ගමේ සූටබල් පීපල්ස් ලා වන අපිට මේ කොළඹ තවම ඇලජික් වගේ .... ඉතින් අවුරුද්දට ගමේ යන්ඩ දවස් කිට්ටු වෙනකොට මට ඉන්ඩ හිටින්න බෑ .. තරමට කලබලේ .. අත් දෙකට දාඩියට දානවා .. කතා කරන වචන පැටලෙනවා , බඩ බුරුල් වෙනවා... අයිලේ ගිය හදවතට ගමේ කුයිල දැනුනම ඉවසන්ඩ බෑ...

ඔෆිස් එකේ නිවඩු හම්බෙච්ච දවසේ .. හවස පහ වෙද්දි මං ඔෆිස් එකෙන් පැන ගත්තා.. එකසිය එක බස් එකක නැගලා... කොටුවට ගිහින් මීටර් හස්සීයක් සහ තවත් ටිකක් දිග අම්පාර බස් පෝලීමට එකතු වුණා ...

දෙයියනේ කියලා අවුරුද්දට, වෙසක් එකට , නත්තලට වගේ කාල වලට අම්පාරෙ යන බස් වලට කට කපලා පෝලිම .. මදිවට ලෝඩ් පකීර් ලා වගේ පෝලිම් පැනලා ගිහින් කුණුහරප අහගන්න අපේම ඒරියා එකේ පරයොත් එමට ඉන්නවා.. ඉතින් දුක් වේදනා විඳගෙන , උහුලගෙන විසාල බෑග් එකකුත් පිටේ එල්ලගෙන ... හවස හයේ ඉඳන් රෑ එකොළයි පනහ වෙනකම් මං බස් පෝලිමේ තැපගෙන හිටියා .. 

බස් එක එක යන්න ගියා .. මං පෝලිමේ ඉස්සරට ගියා .. මට පිටි පස්සෙන් තව තවත් පෝලිං කාරයෝ එක්කාසු වුණා ..පෝලිං පයින කපටි සෙට් එක වටේ ඉඳන් ඉව අල්ල අල්ලා උන්නා ..
ඔය අතරේ අම්පාර අන්තිම බස් එක හෙමි හෙමීට පෝලිමට ලං වුණා .. බස් එක දැක්කම පෝලිම නලියනවා .. පස්සේ ඉන්න එවුන් තල්ලු දානවා .. පෝලිං පයින උන්දැලා ටිකත් කෙළ ගිල ගිල බලං ඉන්නවා ..

දෙයියනේ කියලා බස් ඩයිවර් ගොං කමේ ලොකුම එක විද්දා .. පෝලිම දිහා බල බලා ගිය ඩයිවර් උන්නැහේ බස් එක ඈතට කරලා නැවැත්තුවා ... විතරක් නම් මදෑ .. උගේ ගොං කටහඬ අවදිකරලා ගොං කතාවකුත් කීවා ..

කෂ්ටිය හෙනං පෝලිං පයින්නැතුං එන්ට බලන්ට ..!”

බලං ඉඳහං එයි පෝලිමේ ... තොට වැඳගෙන !”

.. පැය ගාණක් චාමෙට තිබ්බ පෝලීම ඇවිස්සිලා සීසීකඩ දුවන්ඩ ගත්තා . පෝලීමේ මුලම හිටි අපි අනාථයි..

මරාගෙන මැරෙන්න තරහ හිතෙන් උතුරද්දී මාත් අනික් එවුන් පෙරළාගෙන බස් එකට දීවා ... කොහෙ යන්ඩද ..? පන්සීයක් විතර සෙනග බස් එකේ ඉස්සරහ දොරේ පොර කනවා .. එකෙක්ටවත් නගින්ඩ බෑ හැමෝම දොරේ හිර වෙලා ..

ඔන්න මං මෙතෙක් වෙලා පුල පුලා බලාන හිටිය චාන්ස් එක ආවා ...

අනේ මේ අයියට ඉඩ දෙන්න .. එයාගේ කකුල අමාරුයි.. එයා නැග්ගට පස්සේ අනික් අය නගිමු ..”

කිහිලි කරුවෙන් ඇවිදින කෙනෙකුට බස් එකට නගින්න ඉඩ දෙන්න කියලා එකෙක් ගෑ ගහනවා..
පිනට ලැදි අම්පාරේ වැසියෝ පොඩ්ඩක් පැත්තට වුණා .. 

ගම්බාර දෙයියෝ මගෙ මූණ බලලා ... මගේ චාන්ස් එක ..ඕක මිස් වුණොත් ගිහින් හමාරයි.. 

 කඟවේනා වගේ දුවපු මං කකුල අමාරු එකාවත් පෙරලගෙන බස් එකට පැනලා කළුවරේම මුල්ලක් හොයාන බිල්ලා වගේ ඉඳගත්තා .. 

චික්කේ මුං වගේ රොඩියෝ !!” 

මහ අසික්කිත අවලමෙක් ..!” 

සක්කිලි බල්ලෙක්

ඕකා අම්පාරෙ වෙන්ඩ බෑ සුවර් එකට පාදාගොඩ හරි , බොක්කෙ බැද්දෙ හරි වෙන්නැති..”
 
අපිට නං බෑනේ මෙහෙම ආබාධිතයෙක් පෙරලගෙන යන්න ..”

බලන්න මේ අසරණ අයියා වැටුණා නේ ..”

පෝලිං පැනපු වැදගත් මහතුරු බයිනවා ,බැණ බැණ ලැබිච්චි චාන්ස් එකෙන් බස් එකට නගිනවා.....

තුම් මාසයක් ගමේ යන්ඩ බලාන ඉඳලා.. රෑ දොළහ වෙනකං පෝලිමේ විනීතව උන්නු මං kරියා වෙලා... අනේ කාලේ ... 

ඕකව එළියට ඇදලා දෙමුද දෙකක් ..”

ලෑතරයක් වගේ මූණ දිග කෙට්ටු පඬරැල් කොල්ලෙක් මාව හොයනවා.. ළඟට ආවොත් හොම්බෙන් යන්න දෙකක් දීලා බෑග් එක අතෑරලා දාලා පස්ස දොරෙන් පැනලා දුවනවා කියලා මං හිතාගත්තා.. හෙමීට බෑග් එකේ තිබ්බ සල්ලි ටිකයි ෆෝන් එකේ චාජරෙයි සාක්කුවට දාගත්තා ..

 වර .. දෙන්නං තොට .. ! 

කොහෙද මාව හොයන්නේ... මාව හොයන මුවාවෙන් කඩි මුඩියේ බස් එකට නැග්ග ඒකා හීන්සීරුවේ ගිහින් සීට් එකක ඉඳගත්තා .. 

පිටේ තිබ්බ බෑග් එකට මගේ මූණ කවර් වුණ නිසා එකෙට්ට වත් මාව මීටර් නෑ කියලා මට බුදු සුවර් .. හිතේ සැක බය අයිං කරලා මං සැප පහසුවට ඉඳගත්තා ...

ඇත්තටම මාස ගාණක් ගෙවල් වල මිනිස්සුන්ගේ මූණු නොබලා උන්න මගේ හිතේ එදා නං සත පහක මනුස්ස කමක් තිබුන්නෑ ..මොකටද ආයිබෝං බොරු කියන්නේ ..? ආබාධිත අයට සීට් එකක් වෙනම තියනවා වුණාට .. අසාධාරණේට ලක්වෙච්ච උන්ට සීට් නෑ නේ .. අසරණයා පොඩ්ඩක් වැටුණා තමයි.. මාත් මානසිකව වැටිලා නොවැ හිටියේ ...

එක්කෝ මගේ දුක දැක්ක අපෙ ගම්බාර පුල්යාර් දෙයියෝ කකුලක් නැති කෙනෙකුගේ වේස් ගෙන ඇවිදිල්ලා මට සීට් එකක් අරන් දෙන්ඩ ඇති .. බයිදවේ ...ඔය කකුල අමාරු හාදයා දුස්ටි මායාවක් වෙන්ටැති .. මං එහෙම හිතාගත්තා .. ඉතින් මයෙ හිතට මාර ෆිට් .. 

මං ඇස් දෙක පියාගෙන හොඳට බුදියෑවා .. නැත්තං ඉතින් කකුල් බිම ගෑවෙන සයිස් එකේ හාල්දන්ඩො වගේ ළමයි වඩාගෙන හිනාවෙවී බස් එකට නැගලා සීට් ඉල්ලන උන්දැලාගෙන් බේරුමක් නැ ... සීට් එක ළඟ ජැක් ගහගෙන බොරු කලන්තේ පෙන්වන බොරුකාරයන්ගෙනුත්,බීලා බොරුවට වමනේ එනබව කියමින් ජනෙල් ළඟ සීට් ඉල්ලන ප්‍රේතාත්ම වගේ නොයෙක් ජාතියේ ගොබිලන්ගෙන් සීට් එක පරෙස්සං කරගෙන ..මං බුදියෑවා!! .. 



බයින්ඩ බයින්ඩ ... රොටි කාලා ,තේ බීලා, චූදාලා යන්ඩ ...”
 
බස් එක හුන්නස්ගිරියේ තේ බොන්ඩ නවත්තලා ... මුස්ලිම් හෝටලේ තම්බි මුදලාලි ගිරිය කඩාගෙන කෑ ගහනවා .. උගේ කටේ සද්දෙට හයිබර්නේට් වෙච්ච වලස්සුන්ටත් ඇහැරෙනවා .. !

මං කෙළ මෝලෙන්ම නැගිටලා ගිහින් අනිත් එවුන් එක්ක දොට්ට කළා.. ඊට පස්සේ සිගරට් එකක් පත්තු කරගෙන බස් එක පැත්තට ගියා ... 

මල්ලී ගින්දර සුට්ටක් !”

හත්තිලවුවයි ... කකුලක් නැති කෙනෙක් ගේ වේශයෙන් ආපු ගම්බාර දෙයියො ... දුම් දාන්ඩ ගින්දර ඉල්ලනවා ... 

ගන්ධ සම්භාර යුත්තේනද මොකද්ද ගාථාව කියන්ඩ අමතක වුණා ...ඒත් මං දෙයියාගේ සිගරට් එක දල්වන්ඩ සප් එක දුන්නා ...

මේ … !” මං කටහඬ අවදි කළා ... 

අයියා වැටුණා නේ ?” 

මල්ලියා .. කවුද එකෙක් තල්ලු කළා නේ ..”

“ #රි වැඩ හැබැයි ඒව නම්” 

මල්ලී ඕකගේ කකුල කැඩෙන්ඩ ඕන ..”

හ්ම්...”

නැද්ද මං අහන්නේ..?”

හ්ම්…..හ්ම්....කකුල මොනා වෙලාද ?”

කබර ගූ පෑගුණා නේ !!”

ඉතිං !! ඔඩු දුවවුවද ?

නෑ දැං හොඳා

ඉතින්ං මේ කිහිලිකරුවෙන් යන්නේ ?

නැත්තං කකුල පාගනවා බං මිනිස්සු

 කොහෙද ගෙවල් ?

මයියංගනේ..”

ඉතින් මයියංගන බස් එකේ යන්ඩ තිබ්බානේ... ඒකේ සෙනග උන්නෙත් නෑ..”

ඒකට වැඩියෙ.. මේක හයියෙන් යනවා …”

හ්ම්...”

අම්පාර බස් එකේ ආපු අය නගින්ට .. නගින්ට ...”
 
කොන්දගේ විලාපය ඇහිලා .. අපි ආයේ බස් එකට නැංඟා ..
දහ අට වංඟුව හසලක, මයියංගනේ පහු වෙලා හීනෙන් වගේ අම්පාරට කිට්ටු වෙද්දී හිතට ලාවට වද දෙන සීන් එකක් ආයේ මතක් වුණා...

අවුරුදු හතරක් ලවු කරපු කෙල්ලත් එක්ක මං තරහ වුණේ මෑතකදී.. ඉතින් අවුරුදු හතරකට පස්සේ තමයි කෙල්ලෙක් නැතුව අවුරුදු කන්නේ .. ඉතින් මං මේ අවුරුද්දේ මොකදෑ කරන්නේ ...මං හිතින් ලැයිස්තුවක් හැදුවා..

1.
බොන එක අඩු කරන්න ඔනෑ ..
3.
යාළුවො බලන්න යන්න ඔනෑ... ගිහින් බොන එක අඩු කරන්න ඔනෑ ..
4.
බයික්කේ හදාගන්න ඔනෑ .. හදාගෙන එනගමන් බොන එක අඩු කරන්න ඔනෑ ..
5.
ගම වටේම යන්න ඔනෑ .. යන ගමන් බොන එක අඩු කරන්න ඔනෑ ..
6. වැවේ නාන්න යන්න ඔනෑ .. බීලා නාන එක හරි , බොන එක හරි අඩු කරන්න ඔනෑ ..
7.
රිපිටයි ,කිතුළයි දෙන්නා මුණ ගැහෙන්න ඔනෑ මුණගැහිලා.....


බස් එක අම්පාරට එද්දි අටට කිට්ටුයි....

ගම වෙනස් වෙලාද ?, මම වෙනස් වෙලාද ? කියලා හිතන ගමන්....... යාළුවෙක්ගේ වැඩපොළට රිංඟලා මං සිගරට් එකක් පත්තු කළා ..අම්පාරට එනකොට හිතින් ගෙනාපු බර සේරෝම දුම් පාරට බාරදීලා මං ගෙදර යන්ඩ පිටත් වුණා ...

යන අතර මගදී ... “ගමේ යන ආතල් එක සල්ලි වලට ගන්න බෑ ..” කියලා පෝස්ට් එකක් හදලා ෆේස් බුක් දාන්න හිතුණා ...

එක්කෝ ආයේ ඕන්නෑ කියල හිතුණා .. !!

……………………………………………………………………………………………………………………………………………………
ඉතින් බ්ලොග් එක ආයේ කවදා ලියැවේවිද අහන්ඩ එපා.. හිතං ඉන්නේ නං මේක දිගටම ලියන්ඩ තමා ..ඒත් කම්මැලිකම ඔකෝටම වඩා ලොකුයිනේ ..

හරි ඒවයිං වැඩක් නෑ කොහොමහරි උඹලා හැමෝටම 

සුබ අලුත් අවුරුද්දක් වේවා !!

ප:ලි
“මේ සක්කිලියා ... අර අසරණ අබාධිතයව පෙරලලා ඇවිදිං මෙතන බ්ලොග් එකෙත් ලියලා...”

එහෙම කියලා මට බඩයින්ඩ ඔනෑ නං බැනහල්ලා ...ඒත් මේ කට කපලා පටෝගෙන කිලෝමීටර් තුන්සිය හතලිහක් දුවන බස් එකක මනුස්සකං වලට ඉඩ නෑ ....

76 comments:

  1. දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙන්න ඔහෙ කොහෙද මකබෑ වෙලා උන්නෙ?

    ReplyDelete
  2. මදැයි අවුරුද්දකට පස්සෙ ඇවිල්ල.සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා! දිගටම ලියන්න..

    ReplyDelete
  4. හපොයි... කොහොමිං හරි උඹ ගමේ ආව නොවැ. ඒ මදැයි...
    රිපිටයි කිතුළයි හම්බවුණාට පස්සෙ නං දෙයියනේ කියල බොන එක අඩු වෙන්නැති?

    ReplyDelete
    Replies
    1. Hikzzz. Ooo. අනිවා බොන එක අඩු වෙන්නැති.

      Delete
  5. //“ඉතින් මයියංගන බස් එකේ යන්ඩ තිබ්බානේ... ඒකේ සෙනග උන්නෙත් නෑ..”

    “ඒකට වැඩියෙ.. මේක හයියෙන් යනවා …”//
    මෙහෙව් ප%යො අනන්ත කෝච්චියෙත් යනවා... ලගපාත කෝච්චිවල කොච්චර ඉඩ තිබ්බත් දුර යන එක්ස්ප්‍රස් එකටම නගින්න එනවා. දුර යන එකාට යන්න එකක් නෑ

    ReplyDelete
  6. අපි අහිංසකයි කියල label කරල තියන ගොඩක් දෙනා නොම්මර එකේ ලෝකෝත්තරයො

    ReplyDelete
    Replies
    1. Lable කරපු එකේ වැරැද්ද මල්ලි

      Delete
  7. ඒත් මේ කට කපලා පටෝගෙන කිලෝමීටර් තුන්සිය හතලිහක් දුවන බස් එකක මනුස්සකං වලට ඉඩ නෑ ..
    ඇත්ත තමයි...මහංසි වෙලා නිදිමරල ඉන්න අපිට නිදහසේ ඉන්න තියන එකම ක‍ාලය බස් එකේ යන ටික

    ReplyDelete
  8. මන් කිව්වෙ, වසන්තය එනවා සත්තයි උඹල ආයි ලියනවනම්...

    ReplyDelete
    Replies
    1. +++++++ ������������

      Delete
    2. +++++++ ������������

      Delete
  9. අවුරුද්දකට පස්සෙ දැකල "හායි"නොකියා යන්නෙ කොහොමෙයි ..... "එසේම වෙවා "එහෙනම්.!!!!

    ReplyDelete
  10. මොන සාධාරනකන්ද බං මේ කැරි සමාජේ. අහු උන තැන ඔබා ගං අනෙක් උන්ට හැමිනෙන්න කියලා...

    ReplyDelete
  11. ඇයි යකෝ ගමේ යන උන්ට ඇති තරම් බස් තියෙනවා කියලා ඔය නිව්ස් වලට කියලා තියෙන්නේ බොරුනේ එහෙමනම්.

    ReplyDelete
  12. සුබ නව වසරක්වේවා .......

    ReplyDelete
  13. සුබ නව වසරක්වේවා .......

    ReplyDelete
  14. සඳරු මලේ නුඹෙ ඉස්ටයිල් එක වින්දා.
    ඔය මොන වුනත් කමක් නෑ ඇරි-යස් එකටත් එක්ක ලියමු.

    ඔන්නා කාලෙකට පස්සේ මලක් දෙකක් පිපෙන්න ගත්තා වේලිච්ච කොරල් පර අඩවියේ.

    ජයෙන් ජය!

    ReplyDelete
  15. අප්පට සිරි සඳරුව ගමේ ඇවිත් ! මම මේ ළඟදි හීනෙනුත් දැක්කා හිස් අහසේ මල් පිපිලා තියනවා. ආයේ ලියහන් බන් පුලුපුලුවන් වෙලාවකට.

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  16. සුභ අලුත් අවුරුද්දක් වේවා...
    අදයි මේ පැත්තේ ආවේ..

    ReplyDelete
  17. හරි ආස හිතුනා හිස් අහස දැකලා. ආසාවෙන් කියවපු බ්ලොගක්. Aru.

    ReplyDelete
  18. කොහොම හරි ආවනේ ඉස්සේල්ලම අද ආවේ මම නම් මෙහේ ....

    ReplyDelete
  19. ඇයි බං සීට් බුක් කරන සීන් එක..? බස් එකේ නොම්බරේ ලේසියකට හොයාගන්න බෑ.. ඒත් පැය හය හතකට කලින් සීට් බුක් වෙලා ඉවරයි.දුර යනකොට නම් කොහොම හරි සීට් බුක් කිරිල්ලෙන් ගොඩ යතහැකි.නැහ්නං අපිව පෙරලං බස් ඔකට නඟිනවා නෙව.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  20. කාලයක් මං පදවියේ ඉස්කෝලෙක ඉගැන්නුවා. උදේ හතට පටන් අරගෙන බස් දෙකක නැගලා නන්ස්ටොප් ගියොත් හවස හතට ඉස්කෝලෙ ගාවින් බහිතැහැකි. අතරමග දෙපොළක විතර තේ බොන්න, හුජ්ජ කරන්න නවත්තනවා.හත්තටපොළක චැක් කරනවා. බස්සෙකෙන් බැහැලා රණවිරුවන්ට බෑග්, අයිඩෙන්ටි පෙන්නන්න ඕනැ. රෑ බස්සෙකේ ගියොත් කැබිතිගොල්ලෑවෙදි බෝනස්. බස් එක තුනට විතර ඩිපෝ එකේ නවත්තලා ආයෙ හයාමාරට විතර තමයි පිටත් වෙන්නේ. බස් එක යන්නෙ වැලිඔය තියෙන ලොවෙත් නැති සම්පත්නුවර කියලා ටවුමකට. ඩ්‍රයිවර් කොහොමහරි කේඬෑරි ගෑනියෙක් සෙට් කර ගන්නවා. කොන්දා උන්ට තියෙන කාමරේක දපලා උදේට මූණ හෝදන්න ඩිපෝව මැද්දෙ ළිඳට යන්නෙ සෝමතිලක ජයමහගෙ ‘විල්තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී' කිය කිය. උදේ ඉස්කෝලෙ ගාවින් බහිනකොට ඇඟ හරක් එක්ක බුදියාගෙන වගේ. කට ගූ කාලා වගේ.

    ReplyDelete
  21. අවුරුදු හතරක් ලවු කරපු කෙල්ලත් එක්ක තරහ වුණේ මෑතකදී. This part is really sad...........

    ReplyDelete
  22. උඹේ ලිස්ටෙකේ 2 මිසිං..:) පිලිප් ශාන්ත මහත්තයා බුකියේ උඹේ වරුණේ කියලා දාපු පෝස්ට් එකෙන් තමා දැක්කේ උඹ ආපහු ලියනවා කියලා.. පෝස්ට් දානවනම් බුකියෙත් ලින්කුවක් දාපන් මං ලිව්වා කියලා.. එහෙනම් සුභ වේවා.!!?

    ReplyDelete
  23. වැසි දැරිය - ආයුබෝං.. මං ඉතින් ටික කාලයක් කම්මැලි කමේ කොළඹට වෙලා හිටියා ආයේ ගමේ ආවාම බ්ලොග් එක දැක්කා ඉතින් ඔය බයිලයක් ලීවා ..
    -------------------------------------------------------------------
    ඉන්දික. - සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ තැන්කූ ආවා ගියාට
    -------------------------------------------------------------------
    ගිහාන් - ගිහාන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ට්ර්යි කරන්නම් දිගටම ලියන්න ..
    -------------------------------------------------------------------
    Dilshan = උඹගේ කමෙන්ට් එක දැක්කාම ආයේ අතීතේ මතක් වුණා බං .. පට්ට සතුටුයි මචෝ.. උඹගේ නිගමනය හරි ..බොන එක කොයිතරම් අඩුද කීනවා නම් තව මට වෙරි මච් !!
    -------------------------------------------------------------------
    තනි අලියා - අඩෝ ඔව් බං මම තමා ඉස්සර ඉස්කෝලේ හිටි අහිංසකම එකා ..
    -------------------------------------------------------------------
    ඩබ්.කේ- සුලු පටු දුරක්ද බං හිටගෙන යන්ඩ තියෙන්නේ .. දුර නේ කේස් එක
    -------------------------------------------------------------------
    ඉන්දික උපශාන්ත - තැන්කූ වේවා මචං ..ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    -------------------------------------------------------------------
    SDC - අවුරුද්දක් ගියා නේන්නං මට නං අද ඊයේ වගේ .. එනිවේ උඹට සුබ අලුත් අවුරුද්දක් වෙචාවේ මචෝ
    -------------------------------------------------------------------
    Maathalan - බක්තියෙන් පෝලිමේ උන්නම ..උන් මට පෝලිමක් දැම්මා කියහංකෝ මචං ..අඩෝ ගොඩක් ඉස්කෝතුයි අපේ බක්කිය පැත්තේ ආවට ..

    ReplyDelete
  24. Manoj Fernando - මොන පික්ෂුද මචං .. වෙනදටත් වඩා එදා නම් අම්පාර බස් අඩුවෙන් තිබුනේ ..
    -------------------------------------------------------------------
    කළු සහ සුදු - ඔයාටත් එසේමයි අලුත් අවුරුද්දක් වේවා !!
    -------------------------------------------------------------------
    ගල්මල්-Coral - දෙයියො බුදුං දැක්කා වගේ ඉස්සර ඉඳන් මේකේ ආපු ගියපු උඹලා දැක්කම මට කොහොමත් අවුරුද්ද සුබයි බං ..
    -------------------------------------------------------------------
    සෙන්නා - සුබ අලුත්ම අවුරුද්දක් වේවා මචෝ ..උඹගේ ජීවිතේ හොඳින් යනවා ඇති කියලා හිතනවා .. ෆේස්බුකියේ උඹ ඉන්නවද කියා මට මතක නෑ .. ඉන්නවා නම් මැසේජ් එකක්වත් දාපංකෝ..
    -------------------------------------------------------------------
    නිර්මාණි - සුබ අලුත් අවුරුද්දක් වේවා සාදරෙන් පිළිගන්නවා මේ පැත්තට .
    -------------------------------------------------------------------
    Aru - තැන්කූ වේවා සුබ අලුත් අවුරුද්දක් වේවා ..
    -------------------------------------------------------------------
    චතු - වෙල්කම් කීවා මචෝ මේ පැත්තට.. ආයේ ඉතින් මේ බ්ලොග් කවදා ලියැවෙයිද නම් දන්නෑ .. ආයේ ලීවොත් ඒත් වරෙල්ලා
    -------------------------------------------------------------------
    Buru Babe - සුබ අලුත් අවුරුද්දක් වෙවා ..
    -------------------------------------------------------------------
    ගස් ලබ්බ - නෑ ලබ්බෝ .. ඔය නිවාඩු දවස් එක ළඟ වැටෙනකොට සීට් බුක් කරන එක අත් හිටෝනවා .. ඒ නිසා එකම විසඳුම පොලිම විතරයි ..
    -------------------------------------------------------------------
    පැරා- ඉස්සර මයියංඟනේ දහට වංඟුව පාර හදලා නැති කාලෙත් ඔය වගේමයි .. මැදමහ නුවර පැන්න ගමන් ගැස්සෙනවා බස් එක .. කුඩා බඩවැල් කට්ං එන තරම් සැරේට .. උඹට කියන්ඩ අයියා ..ඒ ගැස්සිල්ලට ඩ්ර යිවර්ට පවා කබ්බා යනවා ..ඒ කාලේ කොළඹ යනවා කියන්නේ කෙලින්ම පැය දහතුනයි .. කහත් එක්ක වහ කෑවා වගේ බං අයියේ ඒ ගමන ..
    -------------------------------------------------------------------
    Anonymous said... - අස්තිර ලෝකේ ඉතිර කෙල්ලෝ නැතේ ..
    -------------------------------------------------------------------
    පුතා - ඔප්ෂන් ටූ මොකද්ද දන්නවාද මං උඹට නිසා කියන්නම් “ පළමු ඔප්ෂන් එක නොසලකා හැරිය යුතුයි”
    -------------------------------------------------------------------
    Roshitha Chamira - ස්තූතුයි මචා ..

    ReplyDelete
  25. අනෙ බන් මම ඔය ඉලව් බුකියේ නෑ.. දෙකක් කියන්න තියෙනම් මෙන්න මේකට හීයක් විදහන්. නැත්තම් බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාහන්...ඩොං ගාල රිප්ලයි තියෙයි...

    ssdsenna@gmail.com

    ReplyDelete
  26. වෙල්කම් බෑක් සඳරු....පොස්ට් එක කියවන්න කලින් කමෙන්ට් එක දාන්නේ හිස් අහස අප්ඩේට් වෙලා තියනවා දැකපු සන්තෝසෙට..

    ReplyDelete
  27. සුභ අළුත් අවුරුද්දක් වේවා. තමුංගෙ ඉඩකඩං වෙච්චි. ඉඳහිට හරි මායිං කොටල නොතිබිබොත් බොට මායිං ගලුත් අළුතෙන් ඉන්දන්න වෙයි.

    බයි ද වේ : "අවුරුදු හතරක් ලවු කරපු කෙල්ලත් එක්ක තරහ වුණේ මෑතකදී" කියන්නෙත් බොන්නයි ලියන්නයි හොඳ හේතුවක්.

    ReplyDelete
  28. ඔන්න පොස්ට් එක කියෙව්වා. උඹේ පොස්ට් එක කියවන්න මගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක ඉස්සරහ කීපදෙනෙක් පොරකනවා කියහන්කෝ.. හදිසි කාරයින්ට කියවන්න දීල ඔන්න මම අන්තිමට කියෙව්වා.. උඹ දන්නේ නැහැ උඹට තියන ජනප්‍රියත්වේ.. උඹ ඒක අවතක්සේරු කරලා නොලිය ඉන්න එක අපේ රසවින්දනයට කරන අගෞරවයක් මචන්.

    මමත් බ්ලොග් එකක් ලියන්න ඕන කියල හිතුවේ උඹේ බ්ලොග් එක කියෙව්වයින් පස්සේ. පොස්ට් 50ක් තියන බ්ලොග් එකක් අද මට තියෙන්නේ උඹ හින්ද. උඹ හින්ද හදපු බ්ලොග් එක මිනිස්සු අතරට ගෙනිච්චි අපේ අටමා.. උඹල දෙන්න මගේ බ්ලොග් කෙරුවාවේ මුල් පුරුක්. මේ ටික ලිව්වේ උඹලාට හිමි ගෞරවය දෙන්න ඕන නිසා.. දිගටම ලියපන් මචන්..සුභ අලුත් අවුරුද්දක්..

    ReplyDelete
  29. දැන් මේ වෙන කොට කොච්චර විතර බෝතල් ගානක් "බීම අඩු කරලද" ?

    ReplyDelete
  30. අම්බලන්ගොඩ අයියා වයිබරෙන් මැසේජෙකක් දාලා තිබ්බා උඹ බ්ලොග ලියලා කියලා. ඔක්කොම වැඩ නවත්තලා පෝස්ට් එක කියෙවුව කියපංකෝ. කොහොම උනත් උඹ පට්ට කම්මැලියා සඳරු. මම හොඳටම දන්නවා උඹ සම්පූර්ණ නොකරපු පබ්ලිෂ් නොකරපු පෝස්ට් කීපයක් තියෙනවා කියලා. උඹ හැමදාම මට බොරු කියනවා ඒවා දානවා දානවා කියලා. ආයේ කියන්නෑ බොට. දාන්න එපා!!! රෙද්ද!!!
    උඹ අද ඉන්න තත්වේ ගැන මට පට්ට සන්තෝසයි බන්. සිරාවටම. කොළඹ ඇවිත් උඹ ජීවිතේ ගොඩදාගන්න උත්සහ දරනවා. පට්ට සන්තෝසයි බන් පොඩි හරි උදව්වක් කරන්න ලැබීම ඊට වඩා සන්තෝසයි. උඹට අම්මට සහ නංගිට සුභ අලුත් අවුරුද්දක් වේවා!
    මම නවෝද

    ReplyDelete
  31. මම මේ මෙහාට ආවමද?

    කොළඹ අම්පාරබස් සේවය ගැන දැනට කාලෙකට ඉහත තිබුන තත්වයත් අද තත්වයත් අතර විශාල වෙනසක් නැහැ වගේ.

    ReplyDelete
  32. බොහොම සතුටුයි ආයෙත් ලියන්න ගත්ත එක ගැන... එහෙනම් වැඩි වැඩියෙන් ලියවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  33. Suba aluth awuruddak wewaa!
    Oya beema adu karapu nisa ithuru una bothal tika
    Na ekko one na :)

    ReplyDelete
  34. අපේ අප්පේ.... අවුරුදු සරුයි වගේ ඈ!

    ReplyDelete
  35. සඳරුවා උඹ ආපහු ලිව්ව එක මාර සතුටක්. උඹ දිගටම ලියන්න ඕනේ. අවුරුදුද්දක් එක දිගට ලියපං මම කියන්නේ මොකක්ද කියලා උඹට තේරෙයි.

    ReplyDelete
  36. උඹගෙ පෝස්ට් එකක් දැක්ක කියන්නෙ අම්ම ,අප්ප දැක්ක වගේ. ගමේදි වගේ කොළඹදි ලියන්න බැරි ලෙඩේ තියන එකේ තව පෝස්ට් එක්ක ලියලම කොළබ වරෙන්.
    ගමේ හිටපු විදිහට මට හිතාගන්න බෑ උඹ වගේ එකෙක් කොළඹ කොටුවෙලා ඉන්නෙ කොහොමද කියල.

    ReplyDelete
  37. කලකට පස්සේ වෙලකට බැස්සේ

    ReplyDelete
  38. සඳරුවා...

    උඹට නොකීවට, උඹ නොදන්නවා උනාට උඹ ලියන ඕනම දෙයක් කියවන්න, උඹේ ලිවීමේ ආර විඳගන්න මේ සයිබරේ නොසෑහෙන පිරිසක් බලාන ඉන්නවා බං...හැකි වෙලාවට ටික ටික හරි ලියල දාපන් ඒ පිරිස වෙනුවෙන්..

    උඹට සහ පවුලේ හැම දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා..


    මීට...
    උඹව දන්න, උඹ නොදන්න එකෙක්...

    ReplyDelete
  39. මෙන්න මූ ගමට ඇවිල්ල. උඹ මේක නොලිය ඉන්නව කියන්නෙ පාඨක අපිට කරන සෑහෙන්න අපරාධයක් මල්ලි. උඹව FCID එකට ගෙනියන්න තරං වරදක් ඒක. හැක්..
    කිතුලයි රිපිටයි දෙන්න මුනගැහිල සෑහෙන්න බොන එක අඩු කරල තියෙනව කියලනං දැක්ක.

    බොටත් හිස් අහසටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනව.

    ReplyDelete
  40. දැන් උඹ -රියා වෙලා. කබර ගූ පාගාගෙන, හොද වෙච්චි කකුළක් ගැටගහගෙන, මයියංගනේට බස් තියෙද්දි අම්පාර එකක ඉක්මනට යන්න නැගපු එකා පොර වෙලා.... නගින ගමන් කකුලත් පාගාගෙන ම නගින්න තිබ්බේ.....

    මොනවා වුණත් ආයෙම හැකි ඉක්මනින් ලිව්වොත් මේ විදිහට ම අවුරුද්දම හිනාවෙවී ඉන්න තිබුණා.... පට්ට ඈ......

    ReplyDelete
  41. hහිස් අහස ආයෙත් හිස් නැහැ එහෙනම්, ජය.

    ReplyDelete
  42. මැවිලා පේනවා අහිංසකයව පෙරලගෙන තඩි බෑග් එකත් එල්ලගෙන බස් එකට නගිනවා..
    කොහොම උනත් පට්ට...
    ආපහු ලියන්න ගත්ත එකත් පට්ට..
    සුභ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  43. මෙන්න ආයෙමත් ඇවිත්! ඉස්සර කාලෙ කොච්චර ආසාවෙන් කියවපු බ්ලොග් එකක්ද හැබෑට...

    ආයෙත් දිගටම ලියනවා නම් කොච්චර එකක්ද?

    ReplyDelete
  44. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  45. යන්තම් පෝස්ට් එකක් ලියලා. අනේ ඇත්තට මට මේව දකිද්දි එන තරහ නම්.... ඒ විතරයැ... එන සතුට නම්....!
    මොකද්ද මල්ලි මේකෙ තේරුම? දිගටම ලියන්නකො. මං අහන්නෙ.... මාසෙ දවස් 30 ම , පැය 24ම වැඩද? නෑනෙ...? ඉතින් ඒ ඉතුරු වෙන වෙලාවෙන් පැයක් දෙකක් අරගෙන මොකක් හරි ලිවුව නම් මොකුත් නරකක් වෙනවද? :-(

    අර මොකක් හරි ඇප් එකකුත් තියනවද කොහෙද, යන එන ගමන් පෝස්ට් ලියන්න. ඒකවත් දාගෙන මාසෙකට සැරයක් වත් මොකුත් ලියන්න..

    ReplyDelete
  46. යන්තම් පෝස්ට් එකක් ලියලා. අනේ ඇත්තට මට මේව දකිද්දි එන තරහ නම්.... ඒ විතරයැ... එන සතුට නම්....!
    මොකද්ද මල්ලි මේකෙ තේරුම? දිගටම ලියන්නකො. මං අහන්නෙ.... මාසෙ දවස් 30 ම , පැය 24ම වැඩද? නෑනෙ...? ඉතින් ඒ ඉතුරු වෙන වෙලාවෙන් පැයක් දෙකක් අරගෙන මොකක් හරි ලිවුව නම් මොකුත් නරකක් වෙනවද? :-(

    අර මොකක් හරි ඇප් එකකුත් තියනවද කොහෙද, යන එන ගමන් පෝස්ට් ලියන්න. ඒකවත් දාගෙන මාසෙකට සැරයක් වත් මොකුත් ලියන්න..

    ReplyDelete
  47. මහියංගනේටත් මාර අපහාසෙ බං.නිවාඩුවට කලින්ම ආපු නිසා මං නං මහියංගණ බස් එකකම යහතින් ආව කබර ගූ පාගගන්නෙ නැතුව..

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ...

    ReplyDelete
  48. ආපු ගියපු කමෙන්ට් කරපු උඹලා හැමෝටම ස්තූතියි බං ... උඹලා නැත්තං අපේ බ්ලොග් කුඩු වෙච්ච කෑලිත් නෑ .. උඹලා කියෝලා පොඩි හයියක් දීලා යන නිසා තමයි මෙවුවා තාමත් තියෙන්නේ .. ස්තූතියි !!

    ReplyDelete
  49. හිස් අහසයෙම පිරිලා.... සතුටුයි සඳරු ආපහු ලියන්න ගත්ත එක. මං මුලිම්ම බ්ලොග් කියවන්න ඇබ්බැහි උන්‍ෙ බා‍ග‍ෙ හිස් අහස කියවලා.
    දිගටම ලියහං... ආසයි කියවන්න

    අලුත් අවුරුද්ද සුබම සුබ ව්‍ෙවා......!
    ජය.....

    ReplyDelete
  50. හිස් අහසයෙම පිරිලා.... සතුටුයි සඳරු ආපහු ලියන්න ගත්ත එක. මං මුලිම්ම බ්ලොග් කියවන්න ඇබ්බැහි උන්‍ෙ බා‍ග‍ෙ හිස් අහස කියවලා.
    දිගටම ලියහං... ආසයි කියවන්න

    අලුත් අවුරුද්ද සුබම සුබ ව්‍ෙවා......!
    ජය.....

    ReplyDelete
  51. හැමදාමත් කියනව වගේ මම බේලොග් ලියන්න ගත්තෙ හිස් අහස නිසා.. සතුටුයි ඉඳහිට හරි ලිපියක් දකින්න ලැබෙන එක... ලියන්න කම්මැලි නොකර...

    අවුරුදු 16 ක් තිස්සෙ මමත් ගමේ යනවා කියල යනවා.. බොහෝ සති අන්තවල. ඉඳහිට තමයි මගඇරෙන්නෙ. ඒත් තාමත් ඒ ගමන නැවුම් අපේක්ෂාවක්.. ආපසු ගමන දුකක්... මක්කරන්නද?

    ReplyDelete
  52. අවුරුද්දත් ඉවරයි...
    මමත් ගමේ ගිහින් බොහොම අකමැත්තෙන් ඊයේ ආපහු ගෙන්දගම් පොළවට පය ගැහුවා, කරුමේ...
    උඹ ආපහු ලියහන්, වෙන මුකුත් කියන්න ඕනේ නැහැ...
    ලඟදි දවසක මුණ ගැහෙන්න මම කෝල් එකක් දෙන්නම්...

    ReplyDelete
  53. //ලඟදි දවසක මුණ ගැහෙන්න මම කෝල් එකක් දෙන්නම්...// අපිත් අහල පහල ඉන්නවා කියලා මතක තියා ගනිල්ලා..
    උඹට කියන්න.. මම පිටකොටුවෙන් බදුල්ල බස් එහෙක නැග්ගේ සිකුරාදා (8) හවස 3 ට විතර.. 3.40 ට කොළඹින් ඇද්ද 'කාලකන්නි' බස් එක බදුල්ලට ගියේ රෑ 1 ට. කාලකන්නි කියනවට වඩා වෙන කියන්න වචනයක් නෑ. ලොවෙත් නැති සෙමි ලක්ෂරි.. දනිස් පොල්කටු දෙක ඉස්සරහා සිට් එකට හිරවෙලා. අලියෝ වගේ අපි තුන් දෙනෙක් කෑලි තුනේ සිට් එහෙක උරහිස් මාරුවෙන් මාරුවට තියාගෙන.. කරේ හිටන් සෙනග.. කොළඹින් පිටත්වෙලා පැය හතකින් තමයි හුජ්ජ කරන්න නැවැත්තුවේ.. ප්‍රවාහන ඇමති වෙලා ඉන්න බදුල්ලේ මහා එකාට යවන්න කියලා ෆොටෝ ගහ ගහ තුන් කුදු ගැහීගෙන මම පැය නවයක් තිස්සේ මාර සැපක් ගත්තේ.. ඔය පොදු ප්‍රවාහන ලබ්බවල්වල යනකොට මනුස්සයෝ නෙවෙයි දෙවියොත් අමනුස්සයෝ වෙනවා.. මේ අවුරුද්දේ දිගටම ලියමු. එහෙම උනොත් බ්ලොග් වසන්තය තමයි. ජය වේවා මචෝ..

    ReplyDelete
  54. හරි ලස්සන ගෙත්තමක් අවරුදුත් ජයවේවා

    ReplyDelete
  55. අර නව අවුරුදු ප්‍රාර්තනාවල අංක දෙක හැලිලනෙ බ. කෙසේ හෝ උඹව දැකීමත් සතුටක්.

    ReplyDelete
  56. එල කිරි සඳරුවෝ....උඹේ ලිපියක් කියවන එකත් හරියට අර මාස ගාණක් පෙරුම් පුරලා ගමේ යනවා වගේ වැඩක් තමයි....

    ගමේ කුයිල කෙසේ වෙතත් බොට කොළඹ කුයිල නම් හොඳටම ඇඟට වැදිලා වගේ....දැන් එහෙන් මෙහෙන් ඉන්ගිරීසි කෑලි දාලා තමඉ බ්ලොග් ලියලා තියෙන්නේ..... අර උඹ ඒ දවස්වල කිව්වා වගේ, ඉංග්‍රිසී වචනෙකට දඩේ කීයද ?

    ReplyDelete
  57. ඔය කට්ට මං සුපිරියට කෑවා ගිය අවුරුද්දෙ. මාත් ඩොටේ යන්න කියලා ගියා කොටුවට ගිහින් බලද්දි බස් නෑ. අයියා කිව්වා , තෝ වර මහියංගනේට මං ඇහිදගන්නම් කියලා..
    විසේස සේවා බස් එකක් තිබ්බා අම්පාරේ... (බස් එක 138)
    අයියා... මේක මහියංගනෙන් යනවාද?
    ඔව් මල්ලි නගින්න කියලා මූ ටිකට් එකත් කැඩුවා..
    මගදි කන්න නැවැත්තුවත් ඒ ටිකෙත් මං කරන්නේ නිදා ගන්න එක.
    ඇහඅරිලා බලද්දි මෙන්න මූ රත්නපුරේ....

    කොන්දයියා.. මොකක්ද මේකේ තේරුම, මං මයියා යනවාද ඇහුවම තෝ කීවේ යනවා කියලා.. දැන් කොහෙද මේ යන්නේ?

    පොඩි වාදයක ගිහින් මජ ආයේ ඉද ගත්තා
    පස්සෙ මීටර් උනේ , කොන්දා මොනරාගල - මහියංගනේ පටලවන්..

    යන්තම් රැ 11.00 බුත්තල ටවුටමන් බැහැලා , අක්කවත් බලාගෙන ගෙනිච්චා තෑගි ටිකක් දීලා , පහුවදා ගෙදර ගියා.

    මේ පාර එද්දි තාත්තා කින්ඩියට ඇහුවා, අම්පාරේ බස් එකේද එන්නෙ කියලා

    6 කැල්ලේ මල්ලි,,
    කාලයක් වවුල් ගහ හන්දියෙත් හිටියා

    ReplyDelete
  58. අම්පාර බෂ් ෂීන්ස් එක ගැන කථා කරලා වැඩක් නෑ මලයා.....

    ReplyDelete
  59. සදරු ආයෙත් ලියනවෝ,,,, ජය වේවා. !!! 😊😊😊

    ReplyDelete
  60. හිස් අහසේ පෝස්ට් එකක් update වෙනකන් බලන් උන්නු ගොඩක් දෙනා, සතුටු උනා.

    සදරුටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  61. සුභ අලුත් අවුරුද්දක් වේවා සඳරුවා...!

    //අවුරුදු හතරක් ලවු කරපු කෙල්ලත් එක්ක මං තරහ වුණේ මෑතකදී..//

    :( මාමා නැතිකරගන්න එපා බන්...

    ReplyDelete
  62. සඳරු , කාලෙකින් . ... හැම දේ සාර්ථක වෙන්න සුභ පැතුම් ඔබට ....ඔබ හරි , මනුස්සකමත් උස්සගෙන බස් එකට නගින්න බෑ .... අම්පාර බස් එකට විතරක් නෙමෙයි , ගොඩක් "බස් " වලට ....

    ReplyDelete
  63. Hah 😃 aiyo liyann liyanna.... laxsanai ah

    ReplyDelete
  64. Hah 😃 aiyo liyann liyanna.... laxsanai ah

    ReplyDelete
  65. මට මේක මිස් උනා මචෝ කමක් නැහැ පහුවෙලා හරි ආවනේ

    ReplyDelete
  66. එල ද බ්‍රා සහ ප්‍රාජේ මේ පැත්තට එව්වා. ඉහලින් රස වින්ඳා

    ReplyDelete
  67. නියම ලියවිල්ලක්.. ජයවේවා !!

    ReplyDelete
  68. හම්මේ අයියේ .... නිකන් සිත නිවන් ගියා වගේ..මේ අවුරුද්දේ මාර්තු වාර විභගෙදි පාඩම් කරනව වෙනුවට බ්ලොග් එක මුල ඉදන් කියෙව්වා. Result එක තමා පන්තියේ 30 වෙනියා...කමක් නෑ...මොනවා උනත් කොළඹ ගිහින් භාෂාව වෙනස් වෙලා වගේ...කඩ්ඩ එහෙම එහෙන් මෙහෙන් දාලා තියෙන්නේ..නුවර බස් එකේ කිලොමීටර් 70ක් හැමදාම ඉහල පහල යන මම ඔය වැඩෙ එකෙන්ම අනුමත කරනවා...:D

    ReplyDelete

තැන්කූ බං