20.4.16

රිළා පීකුදු






උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්‍රීසි සහ සිංහල මාරුවක් දීලා සැර පොඩියක් බාල කරලා තියෙන්නේ .ඉතින් බය නැතුං බලහං.

තේක්ක ගස්වල මල් පිපෙන එක ග්‍රීස්ම කාලෙ එක දවසක්, අපේ ගමේ කොල්ලෝ සෙට් එක ළිඳක් ඉහින්න සෙට් වුණා .. වතුර පනිට්ටුවක් වත් ඇද්දේ නැති වුණාට උපදෙස් දෙන්ඩයි , එකට එක කියන්ඩයි , කට පල්ලෙන් අහං ඉන්ඩයි ඕන නිසා මාත් ඔතනට එකතු වුණා ..

එදා කවුරු හරි, කාට හරි “kරි කෑව රිලවා වගේ” කියලා පොඩි කිණ්ඩියක් පාස් කළා .. මං හිතන්නේ මට නෙවෙයි වෙන කාට හරි වෙන්නැති .. ඔය කතාව ඇහුණ ගමන් පැත්තකට වෙලා හිටිය රිපිටා නැගිට්ටා ..උගුර පාදලා  ඌ මගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා .

“සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..”

“මේ අපේ ඒවා ඒවා ..?

කියලා ඉවරකරන්න කලින් මං තුං පිම්ම පැන්න නිසා රිපිටට මල ...

“නරියො .. මං කීවේ උන් උන්ගෙම සුක්‍රාණු කනවය කියලා ..”

“රිපිටා බුද්ධිමත් කොල්ලෙක් .. ඒ නිසා උගේ කතා අහක දන්න මම කැමති නෑ ..”

“ඇයි උඹ එහෙම කීයන්නේ ..”

“එහෙම කියන්නේ මං දැකලා තියෙන නිසා ..”

“කියහං බලන්න විස්තරාත්මකව සහ විද්‍යාත්මකව..”

කටේ තිබ්බ විටේ තූ දාලා .. සරමෙං කට පිහගෙන ඌ ලොකු කතාවක් කීවා ..

“රිළවු කියන්නේ මහ වනචර, වලත්ත සත්තු ජාතියක් ..ඒත් වඳුරා .. ඌ ටිකක් ජෙනුයින් ..සඳරු උඹ දන්නවද රිළවා ගෑනු නාන දිහා බලන් ඉඳලා අතේ වින්දනේ ගන්නවා කියලා ..”

“ නෑ මං අහලා නෑ ..”
“එහෙනං අහ ගනින්.. මං මයෙ ඇස් දෙකින් දැකලා තියෙනවා උන් ගෑනු නාන දිගෑ බලාන Aතේ ගහලා කටේ ගාගනවා .. මේං මේම .. ඊට පස්සේ ළඟ ඉන්න රිළවගේ කටෙත් ඒ ටික ගානවා මේං මේම ... .”

රිපිටා රඟපාල වැඩ දාල කියාදෙන හැටි උඹලත් දකින්ඩ ඔනෑ බං ..හරි තාත්තිකයි බං ..

“රිළවු පිටින් දාලා උඹ මොකද ගෑනු නාන දිහෑ බලාන කළේ ?”

“තෝත් එක්ක ආයේ කතා කරලා වැඩක් නෑ .. තොට කතා කියන්නෙත් නෑ .. තෝගෙ කටේ පැත්තක් පණ නැති වෙයං ..ඇටේ පැත්තක් ඉදිමියං ..!”

රිපිටා මල පැනලා කතාව නතර කළා.. ඉතින් එදා පටන් ගත්ත කතාව .. ඊට මාස ගානකට පස්සේ බෝතලේකට සෙට් වුණාට පස්සේ ආයේ දිගෑරුණා ..

දවසක් මට යාළුවෙකුගෙන් දුඹුරු පාට බෝතලේක දාපු විස්කියක් තෑගි ලැබුණා.. ඒ ඉක්මනින්ම මම අපේ ගමේ වැඩිමළෙක් වෙච්චි විජෙ අයියටත් , මගේ බොක්ක වෙච්ච රිපිටාටත් කෝල් කළා ..

“විජෙ අයියා හෙලෝ ..ඔන්න මං රට බෝතලයක් ගේනවා බයිට්ටෙක හදලා තියාපන් ආ .. !!”

රට බෝතල් කීවම විජෙ අයියට පිස්සු වගේ ...

“නියම වෙලාව මල්ලියා..! බයිට් එක මේ දැන් මිදුල මැදිං දීවා.. උඹ වරෙන් දෙයියා මං රජ බයිට්ටෙකක් දාලා තියෙන්නං ..”

බයිට් මිදුල මැදිං දීවා කීවට මට ඒක එච්චර ගාණක් ගියේ නෑ . මං ඉතින් හොඳට නාලා කරලා බෝතලෙත් මල්ලක දාගෙන ඔතාගෙන .. රිපිටාගෙ ගෙදර ගිහින් ඌවත් එක්කගෙන විජෙ අයියගෙ ගෙදර ගියා ...

විජෙ අයියගෙ කිචන් එකේ මිරිස් තුනපහ බැදෙන සුවඳට කටට කෙළ උනවුවා වුණත් මං ඒ ටික සේප් එක ගුඩුස් ගාලා ගිලලා .  විජේ අයියා උයපු බයිට් එකත් මල්ලක දාගෙන අපි තුන් දෙනා කාත් කරුවුරුත් නේන ඇල ඉස්මත්තේ ගිහින් ඉඳගත්තා ..

ගෙදර බොනකොට කිසි නිදහසක් නෑ . කුණුහරපයක්වත් කියන්ඩ බෑ . හිතේ බයෙන් බීවොත් වස් වදිනවා ..! ඒකයි අපි නිදහස් පොට් එකකට ආවේ ..

“විජේ අයියා මොනා මේ මස් ..නිකං කලු දොදොල් වගේ .. අලි මස්ද ?”

“මසේ වං හුං නැතේ - පසේ බුදුවරු නැතේ ..! කෑමක වං හුං හොයන්ඩේපා බං..සෝක් මොලකැටි මෂ් ඩිංග කාපිය කාපිය ...”

විජේ ඇරියොත් අරින්නේ දාර සයිස් ටෝක්...මමත් ඉතින් කැනිබල් නේ .. තට්ටමක් කපලා උයා දුන්නත් අමපා කන එක නම් කනවා .. මමත් ඉතින් ඇදලා ඇරියා..ෂහ් ටොප් මස් ටික ඉදිච්චි ලාවුලු වගේ බුරුලයි..
ඉතින් හිතේ නිදහසේ බිබී ඉන්න අතරේ තමයි පොලීසියේ ජීප් එක ඇවිල්ලා අපේ ගාවම නතර කළේ ..

“අනේ තිලකේ සම්මාත්තයා හිටියොත් හොඳා දෙයියනේ ... !!”

පොලීසියේ අපේ බොක්කේ සාම්මාත්තයා වෙච්ච තිලකේ මහත්තයා ළඟ නම් අපි ඕන ලෙඩකින් බේරෙනවා . මං හිත යටින් දෙයියො යැද්දා .දෙයියංගේ පිහිටෙන් ජිප් එකේ තිලෙකෙ සාම්මාත්තයා අවුදිං හිටියා . දැං ඉතින් හිරේ යයි කියලා බය නෑ . ඒත් උන්දැගේ අවවාද බණ දේසනාව අහං ඉඳලා ලේ බඩ යාවිදෝ කියලා තමයි බය ..

“උඹලට ඉතින් බොන්ඩ තියෙනවා නං, යන්තමට කන්ඩ තියෙනවා නං, රටට ගමට හෙන ගැහුවත්, කුඹුරු යාය පුරං වුණත් .., ගමට අලි පැන්නත් තොපිට වගක් නෑ .. හ්ම්... මොකක්ද මේ බ්‍රෑන්ඩ් එක .. දුඹුරු පාට බෝතලේ දැකලා හුරුයි .. නම...”

ඕක ග්‍රයිපෝටර් නේ සාම්මාත්තියා ..” රිපිටා ළඟ නැමුවා  

“ගහනවා තොගෙ ඔලුවෙන් පැණි එන්ඩ ..මොනා මේ මස් .. සඳරු මල්ලි මොනා මේ .. ඇඹුල් තියල්ද ? .. නැත්තං .”

“දන්නෑ සාම්මත්තය විජේ අයියා ගෙනාවේ ..හැපී කවු [හරක් මස්‍‍ ‍‍වෙන්ඩැති”

“ඒ විජේ මොනා බං මේ .. කැට්ස් ද ?”

“ගො . ගො ..”  පොලීසියට කොහොමත් බය විජේ වෙවුලනවා, ගොත ගහනවා ..

“මොනාද යකෝ ගොක්, ගොක් ගාන්නේ ගොකරැකල්ලොද ? , නැත්තං ගොළුබෙල්ලොද ?” ‍‍

සර් මේ ... !”

“ඕ මොනා...? කියාපිය මං උඹලව ගෙනියන්නෑ ”

සර් රිලා පීකුදු ....!” විජේට බයේ ඇඬුණා , මට ඉක්කා වැටුණා

මොන හු#$@% විජේ උඹ මහ වල් බල්ලෙක් හුthතෝ

දඩයමට කැමති නැති චිකන් විතරක් කන තිලකෙ සාම්මත්තයාට මල  . පොර විජෙ අයියගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා .. අන්තිමට පැය දෙක හමාරක කෙටි දෙසුමක් දීලා ප්‍රාණඝාතයේ නරක ගැන අපිව දැනුවත් කරලා .උදැල්ලක් ගෙන්නලා . විජේ ලවුවාම රිලා පීකුදු බයිට් එක වල දමවුවා ..අන්තිමට අපිව ජිප් එකේ ගෙනල්ලා පාර අයිනෙන් දැම්මා ..

අපි ආයෙත් මුල්ලකට ගිහින් බෝතලේ ඉතිරි ටික හිස් කළා .. මං ගෙනා කොණ්ඩ කඩල පැකට් එක කකා ඒ බෝතලේ ඉතිරිය බොන ගමන් මං බැනුං අහලා දුකින් ඉන්න විජේ අයියව ආයේ කතාවට අල්ල ගත්තා .

විජේ අයියා මොකටදෑ කීවේ අර රිලා මස් කියලා ..?”

මං බය වුණා මල්ලී .. අනික ඒ මස් නෙවෙයි ඒ පීකුද්ද .. ඔර්මජිනල් එක

“කොහොමද රිළවු ඇල්ලුවේ ..?”

උන් කක්කුස්සියට ගෙහුං ඒකේ මැටි කළේ පෙරළුවා.. මං ගිහින් දොර ළඟ රැක්කා........දොරපොල්ලෙන්”

“චික් හෙණ.. පවු වැඩේ .. රිළවා කියන්නේ පොඩි දරුවෙක් වගේ එකෙක් ව්ජේ .. දුක නැද්ද බං ..”

හොඳ පොඩි .. මල්ලියේ උඹ දන්නවාද ඕකුං මයෙ ගෙයි වහලේ උළු කැට සෑහෙන ගාණක් දැනට බිඳලා තියෙනවා කියලා .. යකෝ මට සල්ලි නෑ එවුවා දාන්න .. වහිනකොට ගෑනි මට බයිනවා බොල ..”

“ඒ විතරක් නෙවේ.. ගස් වල තියෙන හැම නාරං බික්කක්ම කඩා දානවා . පොල් ගස් වල කලටි පිටිං බොනවා ..පොලොස් ගැටයක් පේන්න බෑ .කෙහෙල් කැනක මල් ඇවරියවත් තියන්නෑ බං. කුස්සියේ සීනි බෝතලේ පවා ඇන්න යනවා.පන්සලේ බුද්ධ පූජාව ගිලිනවා,

“අප්පටසිරි ..!”

විජේ හිනා වෙනවා .. ඇස්වල තාම කඳුළු .. මට රිපිටා කීව පරණ කතාව මතක් වුණා ..

“විජේ අයියා ඇත්තද බං රිළවු නාන දිහෑ බලාන ගැණු අතේ ... සොරි සොරි බංමේ ගෑනු නාන දිහෑ බලාන ..රිළවු...අතේ...”

දෙයියම්පා ඇත්ත බං ඕකුං බුරුතු පිටිං මරන්ඩ ඔනෑ බං .. මේ ළඟදී මයෙ ගෑණි ළිඳේ නාන ගමන නිකමට උඩ බැලුනලු.. යකෝ රිළා රංචුවක් එක පෝලිමට වහලේයි ගස් උඩයි ...ඉඳන් බලන් ඉන්නවලු හරියට ආමි පෙරඩ් එක වගේලු ..ඔය අතරේ එකෙක් Aතේ ගහනවාලු ...”

“නෑ හ්..!”

ගෑනි බය වෙච්චි පාර වැටි වැටි දුවලා බොල .. මුං පොඩි වුණාට මුංගේ අහවල් එවුවා බැටන් පොලු වගේ සයිස්ලු .. !! ඕ අම්මපා..”

“විජේ අයියා තෝ කෙප්පනේ අරින්නේ ?”

“නෑ නෑ බං ඇත්ත මුන් මරනවා ඇරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ ...”

රිපිටත් රිළවුන්ට එරෙහි වුණා .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල්ලක් කෑවා.ඊටපස්සේ මට මරු අයිඩියාවක් ආවා .

“උඹ ඉඳින් අයියේ .. මං දෙන්නං හොඳ විසඳුමක් ..”

 මං ඒම කීවේ නිකං නෙවෙයි මට ඇත්තටම මරු ප්ලෑනක් මතක් වුණ නිසා ..

“ඇයි උඹ මොනා කරන්ඩ .. ඔන්න ඕක බීලා කෝප්පේ දියං .. පඬිකං කරන්නැතුං .. රිපිටට තද වුණා ..”

ඊට දවස් කීපෙකට පස්සේ මං මගේ ප්ලෑන ක්‍රියාත්මක කළා ..

මං මගේ ලොකු මාමගේ පුතා හෙවත් මගෙ ඉදම්මේ ඥාති සහෝදරයව කන්ටෑක් කරගත්තා .. පොර වැඩ කරන්නේ ලංකාවේ තියෙන හොඳම වායු තුවක්කු කඩේ වෙච්චි තෝමස් සහ පුත්තු වායු රයිෆල් කඩේ ....මං හනිකට අයියව කන්ටෑක් කරලා වායු තුවක්කු ගමට ගේන අදහස උගේ ඔළුවට දැම්මා ..ඉතින් ඒ කීව විස්තර අහලා තෝමස් එකේ උදවිය තීරණේ කළා අපේ පළාතටත් වායු තුවක්කු කඩයක් දාන්න ..

වගාවට පයින රිළවු ඌරෝ වගේ සතුන් සුටුස් ගාලා එලෝලා දාන්න හැකි නිසා .. ගමේ කස්ටිය ගොයං කන්නයක් කැපිච්චි ගමන් තුවක්කු ගත්තේ යුද්දේට යන්න වගේ .

 වඳුරන්ට රිළවුන්ටත් හොඳ කාලයක් ආවා . මොකෝ ඒ තුවක්කුවෙන් වෙඩි තීවම උන් මැරෙන්නැ .. ඌ කෑගහගෙන කැලේට දුවනවා .. එකෙක්ට කෑගැහුණ ගමන් රංචුවම පණ එපා කියලා දුවනවා .. ඉතින් ඒ නිසා ගමේ වඳුරිලා ප්‍රශ්නේ ගොඩ ගියා ... නොගියා ..

වායු තුවක්කු වලින් අපේ ගමේ අය ගත්ත ආතල් එහෙමත් එමට ... ඒවා දන්නවා නම් තෝමස් සමාගම තුවක්කු විකුණන එක අතෑරලා පඳුරු වඩේ විකුණනවා ..ඉතින් ඒ ගැන වෙන දවසක ලියන්ඩ බැරිය ..

උඹලෑ ගෙවල් පැත්තෙත් රිළවු එහෙම යනවා එනවා නම්.. පොඩ්ඩක් ඔය ගෙදර මහිලාවෝ ගැන විමසිල්ලෙන් ඉඳහන් .. ලොකු අවුලක් නං පහළින් කමෙන්ට් කරහල්ලා .. මං උදවුවක් විදිහට අපේ ගමේ විජේව එවන්නං ..ඕනෑම නං මාත් එන්නං ..

හරි.......ඔන්න ඔහොමයි මචංලා මං රිළා පීකුදු කෑවේ .. කැතයි තමා .. පවු තමා .. මංදන්නෑ නේ .. නොදැනුවත්වනේ කැවුණා නේ ..ඒ නිසා උඹලත් අපේ තිලකේ සාම්මාත්තයා වගේ මට බණ කියන්ඩ එපා .. මං උන්දැගෙන් හොඳට අහගත්තනේ .. ඒ නිසා රිළ ඝාතකයෙක් දිහා බලනවා වාගේ මයෙ දිහා නම් බලන්ඩෙපා ඕං කතාව බලලා ආතල් එකක් ගනිල්ල... එච්චරයි !!



--------------------------------------------------------------------------------
හිස් අහස බ්ලොග් එකට මේ මං ලියන එකසිය පනස් එකක් වැනි ලිපිය . ඉස්සර වගේ අත පය දිගෑරලා අවංක කමේ නියමුවා වගේ බ්ලොග් ලියන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක . මට මෙවුවා ලියලා හිරේ ලගින්න වෙයි කියලා බයකුත් හිතේ තියෙනවා ..ඒත් ලියන්ඩත් එපැයි . ඉතින් අද ඉඳන් මම හැම පෝස්ට් එකකටම පහලින් පොඩි ඩිස්ක්ලේමර් එකක් දානවා.. කතාවේ ඇත්ත නැත්ත ගැන දැනගන්නම ඔනෑ නං ..මගෙන් පුග්ගලිකව අහගනිල්ලා ..



සැ.යු
Hisahasa.blogspot.com අඩවියෙහි සඳහන් සියලුම කතා වල ඇති නම් , ගම් සහ සිදුවීම් සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි .. !




73 comments:

  1. kැරි කෑ සඳරුවා.. හැක්. උඹගේ මෙව්ව එක ඒ විදියටම තියෙන එක ගැන සන්තෝසයි.. ඉතිං කෝමද බං... උඹ අවුරුද්දට එකක් දාලා තිබුනා දැක්කා ඒත් තාම කියවන්න උනේ නැහැ..

    ReplyDelete
  2. දේසකයෝ අම්ම මුත්ත දැක්කා වගේ ආයෙමත් උඹව දැක්කම ..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මම අහල තියනව ගිය ආත්මවල කාමයේ වරදවා හැසිරිච්ච කට්ටිය රිලා, වඳුරු කුල වල ඉපදෙනවලු.පිරිමි වඳුරු පැටියෙක් ඉපදුනොත්, මහ වඳුර පැටියගෙ අහවල් එක කඩල ඌව මරණවලු.එහෙම බැලුවම රිලවුන්ට මෙච්චර මොල තියන එක අහන්න දෙයක් නෑ

    ReplyDelete
  5. පිස්සු පීකුදු!

    මැද හරියේ බෝතලේ ඉතුරු ටික ගෙදරදී ගහනකොට විජේ අයියා තිලකේ අයියා වෙලා.. ඒක හදපම්.. :)

    ReplyDelete
  6. රිලවු නම් අජරාමරයි තමයි....උන්ව අන්දන්න ලේසී නෑ.....

    ReplyDelete
  7. රිලවා *රි කෑවා...
    රිලවව සදරු කෑවා...
    ඒ කියන්නේ...? :D :D :D

    ReplyDelete
  8. අහ්ඃ සඳරු සෑහෙන කාලෙකින්. ආයිබෝං කිව්වා.

    අපේ පැත්තෙ නම් වඳුරො රිලව් ඔය මොකෙක්වත් නෑ බං. එහෙම රංචුවක් ඔය කොහෙ හරි ඉඳල ආවත් - අවුරුදු ගානකට සැරයක් වගේ තමා. ඒත් ඉතින් ඔය යන එන ගමනට වත්ත පිටියෙ තියෙන දෙයක් ආලාපාළු (වචනෙ හරිද මන්දා) කරල යනව ඇරෙන්න ඒ හැටි කරදරයක් නෑ.

    ReplyDelete
  9. රිලවා *රි කෑවා...
    රිලවව සදරු කෑවා...
    සදරුවව චානුකයා කෑවා

    ReplyDelete
  10. //රිපිටා රඟපාල වැඩ දාල කියාදෙන හැටි උඹලත් දකින්ඩ ඔනෑ බං ..හරි තාත්තිකයි බං ..//
    //ඊට පස්සේ ළඟ ඉන්න රිළවගේ කටෙත් ඒ ටික ගානවා මේං මේම ...//
    ඒ කියන්නෙ ඒ වෙලාවෙ උඹ රිපිටගෙ kරි කෑව. හැක්..

    ReplyDelete
  11. දැන් ඔය තෝයි විජෙයි එනවා කියන්නෙ අපේ ගෑණු නාන දිහා බලාන අතේ ගහන්නද?

    ReplyDelete
  12. රිලව්ට හපන් බල්ලෝ...

    ReplyDelete
  13. රිලාව් හරි වල් යක්කුනේ බලන් ගියාම.
    රිලා බයිට් එකට වේච්චි හරිය මැදැයි.

    ReplyDelete
  14. //රිළා රංචුවක් එක පෝලිමට වහලේයි ගස් උඩයි ...ඉඳන් බලන් ඉන්නවලු හරියට ආමි පෙරඩ් එක වගේලු ..ඔය අතරේ එකෙක් Aතේ ගහනවාලු ...//

    බලහං හැම රිලවම නරක නෑ. ඕනෙම තැනක එක නරක එකෙක් හින්ද ගැන්සියම චාටර් වෙනව.

    ReplyDelete
  15. සඳරුගෙ අයියා කඩවත තෝමස් එකේද වැඩ කරන්නෙ. නම කියන්න කැමතිද?
    අම්පාර බ්‍රාන්ච් එකක් තියනවද? මං හිතන් හිටියෙ කඩුගන්නාව පැත්තෙ විතරයි කියල.

    අපිට වඳුරන්ගෙන් සෑහෙන්න කරදරයි ඒත් එයාර්ගන් එකෙන් තියන්නෙ නෑ කරුණු දෙකක් නිසා -
    1. මං සත්තු මරණ එකට වඩා අකමැතියි උන්ට වද දෙන එක. එයාර්ගන් පෙලට් එකක් වැදුනාම ඇට කැඩිලා හෝ තුවාල කුණුවෙලා හෝ වද විඳියි කියල බයයි
    2. අපි ඉන්න කොලඹ නගරයට ඉතා ආසන්න පැත්තේත් කැලෑ සතෙක් ලෙස සර්වයිව් වෙලා ඉන්න වඳුරන්ව අගය කරන නිසා

    තව හේතුවක් තියනවා.
    ලංකාවෙ රිලාගහණය ඉතා වැඩී ( උනුත් දේශපාලකයො වගේ අපිට ඔරොත්තු දෙන්නෙ නැති මට්ටමකට බෝවෙලා ) ඒත් වඳුරන් දෙවර්ගයම ( leaf monkey & langur ) එහෙම නෑ.

    ReplyDelete
  16. මදැයි ඉස් ඉස්සෙල්ලම ඇවිල්ලා kරි කතාවක්නේ කියෙව්වේ. ලියලා තියෙන විදියට කතාව මැවෙනවා. අපි වගේ අලුත් පාඨක ඈයෝ ගැන හිතලවත් ඉඳ හිට ලියමු. ජයවේවා!

    ReplyDelete
  17. අපේ පැත්තෙ කළු වඳුරො රංචුවක් ඉන්නවා මලේ...අපේ ගේ ළඟ තියෙන පොදු ළිඳේ නාන ගෑනු දිහා බලන් ඉන්ඩ අපිට ඉඩ දෙන්නෙ නෑ..නෑ මම කිව්වෙ ගෑණුන්ට නිදහසේ නාන්ඩ ඉඩ දෙන්නෙ නෑ ඔයි කියන වඳුරු රංචුව..වරෙන්කො අර කිව්ව දුඹුරු පාට බෝතලෙකුත් අරගෙන දවසක හවසක...

    ReplyDelete
  18. රිලවාගේ තව සිද්ධියක් තියෙනවානේ..... රිලා #කිල්ල....... තත්පරයයි දෙකයි...... ඔය තත්පරයට දෙකට තේ බීලා දාන උන් දැක්කා ම එහෙම අපි කියන්නේ රිලා #කිලි #කන්න එපා බං කියලයි...... හැක්

    ReplyDelete
  19. ඔන්න සඳරුගේ අඩවියට මේ 'සඳරු'ත් ගොඩවැදුනා. මම පරණ ලිපිත් කිහිපයක් කියෙව්වා. ආයෙමත් දිගටම ලියමු ...

    ජය වේවා !!

    ReplyDelete
  20. රෙෂ්පට් සඳරුවා.. එකෙන්ම !!!!

    ReplyDelete
  21. වායු රයිපල් වලින් රිලවු මැරෙනවා මචං.අපේ මල්ලි මීටර් 30 විතර දුරදී තියපු වෙඩි පාරකින් රිලවෙක් මැරුණා.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුන , කුරුම්බ ගෙඩි හිල්වෙන්න තියන්න පුළුවන් එකේ රිලවෙක් වගේ සතෙක් මැරෙන්ඩ පුළුවන්. ඒත් ඉතින් රිලා කරදරේ විදින එකාමනෙ දන්නෙ ඒකෙ දුක

      Delete
  22. පේරදෙණි කැම්පස් එකේ කාන්තා හොස්ටල් වල උඩතට්ටුවල ඉන්න ගෑල්ලමයිටත් ඔය කරදරේ තියෙනවා ලු.සීනි බෝතලේ,බිස්කට්,කිරිපිටි ටින් අරං ගිහිල්ලා ගස් උඩට වෙලා යස අගේට මූඩි ඇරලා කනවා මදිවට බැසියර් කෑලි ඇන්න ගිහින් කෙල්ලො අඳින දිහා බලාගෙන ඒ විදිහටම අඳිනවත් කියන්නෙ.. රිලව හෙන කැමතියි ඔය අත් කරත්ත දක්කන වැඩේට.. කෙල්ලෙක් පේන්න බෑ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  23. බොහොම කාලෙකින් මලේ..එහෙනං ආයුබෝං කිව්වා ඔන්න...:)

    ReplyDelete
  24. කොහොමද මස් රසද? දවසක ඇවිත් බලන්න වටිනා කෙනෙක් සදරු කියන්නේ.

    ReplyDelete
  25. //Hisahasa.blogspot.com අඩවියෙහි සඳහන් සියලුම කතා වල ඇති නම් , ගම් සහ සිදුවීම් සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි .. !//
    මේක තමයි මම ආසම කෑල්ල.
    JH

    ReplyDelete
  26. රිළා වඳුරු හානිය අපේ පැත්තේ නැති නිසා අවුලක් නැහැ, නැත්තන් ඉතින් කොයි වෙලේ අපිටත් ගමේ ගියාම රිළා පීකුදු හම්බ වෙයිද දන්නේ නැහැ...

    මේ පිම්මෙන්ම ලියහන් බං...

    ReplyDelete
  27. සඳරූ.....පට්ට ලියවිල්ලක් බං...රිලවෙක් කැරි කනවා මැවිලා පේන්න ලියලා තියෙනවා.

    ඇත්තටම ඕකුන් ශුකානුභක්ෂක තමයි බං. කාලා අනිත් එකාටත් කවනවා. ඩස්පි වේසිගේ පුතාලා.
    Aru.

    ReplyDelete
  28. සඳරුවෝ...... තොපි කෑවෙත් kරි කාපු රිලවෙක්ගේ පීකුදුද දන්නේ නෑ .....

    ජය වේවා !

    ReplyDelete
  29. ඇත්තවගේ ලියල පහලින් මන්හ්කල්පිතයි කියල දාල තෝ කොටියම කාපිය..හික් හික්..

    ReplyDelete
  30. කෂ්ටියට හෙට උත්තර දුන්නට අමනාප වෙන්ඩ එපා !!

    ReplyDelete
  31. රිලා පොස්ට් එක එල සන්දරුවෝ.. මමත් අවුරුදු ගානක් කතරගම රස්සාව කරපු නිසා රිලව් ගැන දන්නා දේවල් එමටයි.. මමත් ලියන්න ඕන රිලා පෝස්ට් එකක්.
    රිලව් මගේ රස්සාව එක්ක රාජකාරිමය වශයෙන් සම්භන්ධ සත්තු ටිකක් නෙව.. උන්ගෙ වල්කම් ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ.. ආයේ ඇඩ්‍රස් නැතුව වාෂ්ප වෙන්නේ නැතුව දිගටම ලියහන් හොඳේ..

    ReplyDelete
  32. රිළා මස් කනවා කියලා මම ඔය ඇහුවමයි...ඇත්තටම ඕකුන්ගෙන් හරිම කරදරයි නේ බන්..අපේ පැත්තෙනම් ඉතින් රිළව් හැටියට සැළකෙන්නෙ අපිව තමා...

    මම ඇත්තටම ඔය මනහ්කල්පිත කියන වචනෙට මෙච්චර කල් හිතාගෙන උන්නෙ වෙන තේරුමක්නේ බන්... අද තමා හරියටම හරිම තේරුම දැන ගත්තේ...

    ReplyDelete
  33. අඩේ සදරු අයියා ආයෙ ලියන්ඩ අරං 😍

    ReplyDelete
  34. සඳරුට කියන්න මාත් රිලා මස් කාලා තියෙනවා. ඉස්සරෝම කාලෙ මම හිතන්නේ 93 94 වගේ දවසක. මතක විදියට කුකුල් මස් කියලා කන්න දුන්නේ නැත්නම් කැලෑහාවෝ කියලා. අනේ කාලා ඉවර වෙලා අපි මස් රහයි හෙම කිය කිය ඉන්නකොට කිව්වේ නැතැයි රිලා මස් කියලා. වඳුරාද දන්නෙත් නෑ මට මතක නෑ.)
    ආයේ කාපුවා වමාරන්නැයැ මමත් අර සඳරු කියපු වචනේ වගේ හිතින් හිතාගෙන හිටියා...
    සඳරු ලියන්න ආව එක ගැන නම් තියෙන්නේ අප්‍රමාන සතුටක්... !

    ReplyDelete
  35. යකෝ තොපි වාගෙ ජාතියක්.. හිඟුරාන ස්පෙශල් එකට ජාති ඉබ්බෙක් සයිස් කරනෝ..දුඹුරු පාට රට එකට කරකාදි රිලා පීකුදු.... චිහ්....

    ReplyDelete
  36. ඔය මගුලෙන් තියල ඇහැකට එහෙම වැදුනොත් අනිවා මැරෙනවා

    ReplyDelete
  37. රිලවු වඳුරො..දහජරා ජාතියක්...ගහක හැදෙන ගෙඩියක් කන්ඩ නෑ මුං හින්ද...කාලයක් අපේ ගෙදර රිලවෙක් ඇති කලා..ඒ කතා ටික ලියන්ඩ හිතුනා..මේක දැක්කම

    ReplyDelete
  38. රිලව් #රි කනවද කියන්න නම් දන්නෙ නෑ; හැබැයි රිළවියන්ගෙ අහවල් එකනම් ලොවිනවා ලෙසටම.

    ReplyDelete
  39. @ සුමිත් නිරිඇල්ල.....අනේ මන්දා බන් ඔය වැඩේ අපි වගේ වල් කමට කරනවාද, නැත්නම් රිලවි කියන හින්දා කරනවාද කියලා නම් දන්නේ නැහැ......මොනවා වුනත් මාත් ඕකුන්ගේ ඔය උඹ කියන අහවල් වැඩේ දැකලා තියෙනවා. අපිට හොඳට නම් උන්ට මොකෝ එක අතකින්.....

    ReplyDelete
  40. Great writings. If you can please write more frequently.

    ReplyDelete
  41. උඹලා කතාවේ වැදගත් තැනට ඇවිත් නැහැනේ.... උන් දැන් කනවමනය කියමුකෝ... ඊට පස්සෙ මොකද වෙන්නේ? උන් නිකං මලක් ගැහුවා වගේ වෙනවද? අන්න ඔය ගැනත් ඊළඟ සැරේ සාකච්ඡා කරපල්ලා... ඔහොම මොකක් හරි වෙන නිසා වෙන්න ඇතිනේ කතාව හැදිලා තියන්නේ.

    ReplyDelete
  42. එකසිය පනහට සුබ පැතුම් , kරි කාපු රිලවා වගේ නැතුව මේවට උත්තර දීපිය බොල

    ReplyDelete
  43. ු * ීන් එැන් ින් ත්ේි ැ* ාු ිුේ ා ඉන්ා ෙන්න්ෙ. ෙෙ.

    ReplyDelete
  44. ු * ීන් එැන් ින් ත්ේි ැ* ාු ිුේ ා ඉන්ා ෙන්න්ෙ. ෙෙ.

    ReplyDelete
  45. //“සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..” //

    යකඩෝ අද කාලේ රිසර්ච් කරලා මිනිස්සු හොයාගතිපු දේවල් රිලවු ජාන වලින්ම ගෙනාපු හැටි!!

    Correlation between oral sex and a low incidence of preeclampsia: a role for soluble HLA in seminal fluid?

    http://www.sciencedirect.com/science/article/pii/S0165037899000625
    doi:10.1016/S0165-0378(99)00062-5

    මේන් මේ ලිපියේ තියෙන්නේ ඉහත කී වැඩේ කිරීමෙන් කාන්තාවන්ට ලැබෙන වාසි. ඊයා කියල මට බනින්න එපා ඔන්න, බනිනවා නම් අදාළ පර්යේෂක මහත්තුරුන්ට බනින්න.

    සදරු මලයාගේ ලිවිල්ල නම් ඉස්සර වගේම අපූරුයි. අපිත් ගමට ගිය එත් එක්කම.

    ReplyDelete
  46. රිලවු නානායක්කාර වැෙඩ් ෙහවත් නාන තැන්වල බලා ඉඳිල්ල කරනවා මං දැකලා නැහැ. ඒ්ත්, උන් හස්ත ෙෙමථුනය කරනවා නම් මං දැක්ෙක් මං ඒ් වැෙඩ් පටන් අරෙගන වැඩි කාලයක් යන්න ඉස්සර ෙපාඩි කාෙලමයි. ඒ් කාෙල දැන් කාෙල වෙග් අෙප් ෙගවල්වල වහල් උඩත් රිලව් හිටිෙය නැහැ. මං අර සීන්ෙකා්න් ඒක දැක්ෙක සූ ඒෙක්දි. දැන් නම් අපි ඉන්න හරිය සත්තු වත්තක් වෙග්. කවදාවත් ෙනා හිටපු ෙමානෙරකුත් උෙද් අඬලනවා දවසක් අැහුණා. දිගට අැෙහන්නැත්ෙත් අෙප් කට්ටිය ෙමානර මාළු කන්න අැති.

    ReplyDelete
  47. කස්ස : රිලවුන්ට බොහෝම මොලේ තියෙනවා උඹ දන්නවාද මචං උන් බෝතල් වල මූඩි පවා අරින්න ඕන හැටි දන්නවා ..
    ---------------------------------------
    කල්‍යාණ මිත්‍ර : ඒ තරමට වෙරි !! අඩෝ තැන්කූ වරද පෙන්නවුවට .. බලහං ඉතින් බීවම වෙන දේවල් නේ ?
    ---------------------------------------
    Mayya : උන්ව අන්ඳන්න ගිහින් අන්තිමට ඇඳලා තියෙන්නේ අපි මයි බං ..
    ---------------------------------------
    මාරයා : හුටා ! ඒක මතක් වුණේ නෑ නේ ..
    ---------------------------------------
    ඩීඩීටී : ආයිබෝං මචං ..අන්න බලහං කාලෙකට සැරයක් එනවා වගේද බං ඩේලි කඩා පයින්න පටන් ගත්තම
    ---------------------------------------
    Anonymous : චානුකට අහු වුණා නම් පුතේ උඹව කනවා !!
    ---------------------------------------
    Praසන්ன : නෑ බං මං හිතන්නෑ .. එහෙම වුණා නම් මෙලහට මම කෝමා තත්වයෙන් ඉන්නේ ..
    ---------------------------------------
    Ishara Gunawardana - එහෙම ඉතින් කැතට හිතන්ඩ එපා බං .. අපි උඹලට උදවුවක් දෙන්ඩා නේ එන්නේ
    ---------------------------------------
    මාතලන් - බල්ලෝ ඉතින් අපේ මිතුරෝ නොවැ බං අනික උංව කන්ඩ බෑ
    ---------------------------------------
    Manoj Fernando : රිලා බයිට් එක වල දැම්මා බං අන්තිමට
    ---------------------------------------
    කම්මල : මං හිතන්නේ අනික් එවුන් ගෙදර ගිහින් අතේ ගහන්ඩ හිතාන උන්නාද දන්නෑ
    ---------------------------------------
    Pra Jay = ඒකේ තමා වැඩ කළේ ඒත් දැන් පොර ඒකෙන් අයින් වෙලා ගොඩක් කල් මචං . පෙලට් එකෙන් වැදුනම මැරෙන්නමත් වදින වෙලාවල් තියෙනවා .. ඒත් බං අපේ උන් මල පැනලා ගල් ගැහුවත් ඒ සෙතේමයි .. ගොඩක් උස ගස් වල ඉන්න එවුන්ට වායු රයිෆලෙන් තිවුවම පොඩ්ඩක් සැර බාල වෙලාද කොහෙද තමා වදින්නේ ..

    ReplyDelete
  48. Udaya Dissanayake :අඩෝ නෑ බං මං බස් කතාවකුත් ලීවා ගිය සතියේ දිහා ..දැන්නම් දිගටම ලියන්ඩයි ඉන්නේ බලමු
    ---------------------------------------
    වෙනි: අන්න වැඩේ විජේ ඕන්නෑ උඹයි මායි සෙට් වෙමු .. ඔය ගෑණු සෙට් එක අපි දෙන්නා බලා ගම්මු
    ---------------------------------------
    කුරුටු ගෑ ගී පවුර : එහෙම එකක් මං දැනං හිටියෙම නෑ කියහංකෝ
    ---------------------------------------
    සඳරු : අඩෝ වෙල්කම් බං මේ පැත්තට
    ---------------------------------------
    පත්තර මල්ලි : තෑන්කූ බං .. ඒත් එකෙන්ම !
    ---------------------------------------
    jay-c z සහ කම්මල= ඔවු බං මාත් මේ සැර බාල කරලා කිවට මොකෝ මැරෙනවා නං තමා
    ---------------------------------------
    ගස් ලබ්බ - ගෑණු ළමයි නම් අහිතක් නැතුව ඇති නේද ? ..උඹගේ කමෙන්ට් එක තමා දවසේ කමෙන්ට් එක .. ඒක නෙවෙයි උඹ මොනාද ඔය කාන්තා නේවාසිකාගාරේ පැත්තේ .....
    ---------------------------------------
    රවි - දෙයියො බුදුං දැක්කා වගේ අයියා .. තැන්කූ ආවට
    ---------------------------------------
    Salitha Rajamuni = රස නම් උසස් බං මාව හමුවෙයං අවුදිං දවසක
    ---------------------------------------
    JH - මාත් ආසම කෑල්ල ඒක තමා බං
    ---------------------------------------
    ලොකු පුතා - මචං ආයේ මාව හම්බෙන්ඩ ආ දවසක මං මේකේ නොකී කතා කීපයක් උඹට කියන්නම් ..
    ---------------------------------------
    Aruna Perera - තැන්කූ මාචා .. ඩෂ්පි වේෂිගේ පුතාලා බං අම්මපා කිසි චාර්‍යක් නෑ බං .. ඒකයි උන්ට හැමෝම අකමැති .. මුං ඉක්මනට පරිනාමෙ වෙන්නෙත් නෑ නේ
    ---------------------------------------
    Sa rasa - ඩබල් ඩී
    ---------------------------------------
    සූටික්කා = අසූචි කාපු එකෙක්ද කොහෙද බං විජෙ අයියගේ ලැට් එකේ ඉඳලනේ ඕකව අල්ලගෙන තියෙන්නේ
    ---------------------------------------
    Lalith perera : එහෙම දැම්මේ ඇයි කියලා උඩින් ලියලා තියෙනවා බං නැත්තං මාව පොලීසියෙන් අල්ලං යාවි ඒකයි

    ReplyDelete
  49. අම්බලංගොඩ කතා = උඹව එහෙනම් හම්බුවෙන්ඩ වටිනා එකෙක් මොකද මට අදහසක් තියෙනවා මේ රිලා ප්‍රශ්නේ ගොඩින් බේරන්න ප්ලෑනක් ගහන්න .. උන්ට හානියකුත් නොනැතිව අපිට ලෙඩකුත් නැතිව ..
    ---------------------------------------
    සෙන්නා = රිලා මස් නෙවෙයි වඳුරු මස් තමා කන්නේ .. ඒත් මචං ඔය දෙකම එකයි අපේ ගං වල ඔය දෙකම කනවා .. මනංකල්පිත සහ මනහ්කල්පිත තේරුම් දෙකක් ද ?
    ---------------------------------------
    සමී : ඔන්න ඔහේ ලියාගෙන යනවා මලේ
    ---------------------------------------
    Buru Babe = ඔන්න ඕක නිසා මම මොනා හරි මසක් කෑවද ආයේ ඒ ගැන හොයන්ඩ යන්නේ නෑ සේප් එකේ ඉන්නවා .. ඕක ඇහුවොත් තමා බඩ ගිහින් වමනේ ගිහින් දෙක වෙන්නේ ..
    ---------------------------------------
    SDC = මොනා කරන්ඩ මචං ජීවිතේ හැටි තමා ..
    ---------------------------------------
    අටම්පහුර = මං දන්න තරමින් ඕකෙන් තීවම අවධානම වෙන්නේ ඔලුවට නම් වන්සොට්.. පුකට ටූ සොට් ..
    ---------------------------------------
    ඩබ් කේ = අඩෝ ලියහං හීලෑ රිලවෙකුගේ කතාවක් .. පොඩ්ඩක් උඹගේ ලිංක් එක එවපංකෝ
    ---------------------------------------
    Sumith Niriella = ඒක නම් හැබෑව මං දැක්කා .. නොදැක්කා සේ හිටියා
    ---------------------------------------
    Aruna Perera = ඒක ඇත්ත බං උන් කියලත් ආයේ අපි වගේමයි නේ අත් දෙකයි කකුල් දෙකයි අහවල් එකයි ..
    ---------------------------------------
    Sarath Perera = තැන්කූ වේවා සරත්
    ---------------------------------------
    ඉන්ද්‍රජිත් = ස්තූතියි
    ---------------------------------------
    Anonymous = තෑන්කූ වෙච්චාවේ !!
    ---------------------------------------
    තිසර = අන්න ඒක පොඩ්ඩක් පරීක්‍ෂණ කරලා නිගමනයට එන්න ඕන සීන් එකක් .. ආයේ සෙට් වුණ වෙලාවට කතා කරන්න වැදගත් මාතෘකාවක් තමා උඹ දැන් මේ මට මතක් කෙරුවේ

    ReplyDelete
  50. ඉවාන් පවුලූශා= සුබ පැතුමට තැන්කූ ඉවාන් අයියා මේන්න උත්තර
    ---------------------------------------
    චතුවි == මොකද්ද මචං මේ ලැංවේජ් එක
    ---------------------------------------
    Anonymous = අඩෝ තැන්කූ ලිංක් එකට බලමු කාන්තාවන්ට තියෙන වාසි ..කාන්තාවන් ඉන්න තැනක පොඩ්ඩක් මේක ප්‍රමෝට් කරලා බලන්න ඔනෑ
    ---------------------------------------
    පැරා = මචං ඔයාගේ කමෙන්ට් එක දැකලයි මතක් වුණේ .. අපේ එහා ගමේ පොඩි එවුන් ඒ කියන්නේ වයස අවුරුදු 17 ,18 වගේ සෙට් එක මොනර මස් කන්ඩ මාර විදිහට පුරුදු වෙලා .. කරන්ඩ දෙයක් නෑ පැරා පාවා දෙන්ඩත් බෑ .. එක ඒරියා එකේ එවුන් නේ .. මොනර මස් කෑවම ආයුෂ වැඩි වෙනවා කියලා කතාවක් තියෙනවා ඒකයි මේ සේරටම මුල .








    ReplyDelete
  51. නෑ නෑ දෙකම එකයි.. මට ඔය මගුල හරියට ලියාගනන් බැරි නිසා ඔහොම ලියුවේ...මම උඹට පොඩි කිංඩියක් දැම්මේ.... :D

    අනේ බන් රිප්ලයි කොරන්ඩ පුලුවන් ටෙම්ප්ලේට් එකක් දාහන්කෝ....

    ReplyDelete
  52. අපි ඉස්කෝල යන දවස් වල රිලව් සෙට් එකක් හිටිය. උං එන්නෙ පාරෙං එහැ පැත්තෙ තිබ්බ කන්දෙන්. ටැලිපෝං කම්බි වල එල්ලිල මෙහා පැත්තට ඇවිත් ඉස්කෝලෙ වහල උඩට වෙලා ආතල් ගන්නව.
    ඔව් ඔව් අතේ ගහනවත් තමා ඉතිං... ඒත් ඔය කටේ ගාගන්න සීන් එක නං නිච්චියක් නෑ අනික අර විජය කිව්ව වගේ ඒ තරං ලොකුත් නෑ නෙ බං... හිහි...

    ඔය ගෙවල් වලත් රිලව් හදනව නෙ ඔහොම එක ගේක රිලවෙක් හැදුව. ඌ ලොකු වුණා ට පස්සෙ අර හෙණ ආතල් දිදී හිටපු එක උට අමතක වෙලා ඌ ආතල් ගන්න පටං ගත්ත. ගෑණු අයගෙ පපුවට පැනල හපා ගන්න පටං ගත්ත අන්තිමේ ගමෙ උං සෙට්ටෙලා ඌව සෙත්තපෝච්චි කරල දැම්ම හිහි..

    වඳුර හොදයි නේද බං රිලා මස් වලට වැඩිය...

    ReplyDelete
  53. උබ ගමේ ආවද?
    බ්ලොග් ලෝකේ හැමදාමත් උබ මගේ වීරයා උනා.
    ලියපිය...දිගටම ලියපිය .. කැරි කාපු රිලවා වගේ ඉන්නේ නැතුව ලියපන් මස්සිනේ

    ReplyDelete
  54. Sadaru Machan Umba digatama liyapan...

    ReplyDelete
  55. මස්සිනේ, උඹ ආයෙම ලියන එක නං මාාර දෙයක් බං. (මං ඉළට ගාන වාත තෙල් බිස්නස් එකක් පටං ගන්ඩ යන්නෙ)

    අර රිලා සීන් එකට උඹට කරන්ඩ පුළුවං පොඩි කෙමක් තියෙනව. ඒකම අපේ බාප්ප සැරෙයක් කරල, වඳරු සෙට් එකක් කම්මුතු කළා. පොඩ්ඩක් කරල බලහං මේං ලිංක් එක...

    https://drackey.blogspot.com/2015/06/blog-post.html

    ReplyDelete
  56. ලොකු මාමගේ පුතා = ඉදම්මේ ඥාති සහෝදරය

    යන්තම් අද තමයි තේරුම දැන ගත්තේ:D

    මේ දවස් වල බ්ලොග් වලට හොඳ කලක්. හරිම සතුටුයි සඳරුවෝ

    ReplyDelete
  57. අමච්චියේ.. හිස් අහසට වසන්‍තය් ඇවිත්... ලියහං රත්තරනේ ලියහං. රිලා පීකුදු වලට වගේ කෙල් හලනවා උඹේ කතාවලටත් මං.

    ReplyDelete
  58. මින්දද රාමරත්න22 April 2016 at 13:18

    //සැ.යු
    Hisahasa.blogspot.com අඩවියෙහි සඳහන් සියලුම කතා වල ඇති නම් , ගම් සහ සිදුවීම් සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි .. !//

    ඕක කියන්ඩත් දෙයක්ද ඩෝ???? මෙව්වා මන:කල්පිත කතා කියලා අපි දන්නවා.
    එළකිරි කතාව ඈ....(රිලවු aතේ ගහනවා නම් දැකලා තියනවා. ඒත් *රි කනවා දැකලා නෑ.. එකත් නිකම් බලාහිටියා වගේ දැන්. උඹේ කතාව කියෙව්වම)

    ReplyDelete
  59. // උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා //

    ඒ ඉස්සර...
    දැන් කියන්නෙ යහපාලනේට චන්දෙ දුන්නු ටොයියා වගේ කියලා...

    ReplyDelete
  60. කලකට පස්සේ බ්ලොගට බැහැල වගේ...දැකීමත් සතුටක් සඳරු

    ReplyDelete
  61. මේ අහා තියෙන්නේ වඳරු වසංගතේ.රිළවුන්ට වඩා වඳුරො ජෙනුයින් කීවට වඳුරොත් ගෑණු නාන දිහා නම් බලා ඉන්නව තමා.
    සඳරු ආයෙමත් ලියනව දැකීම සතුටක්.ඩිස්ක්ලේමරය දැමීම ගැනත් සතුටුයි.

    ReplyDelete
  62. කමෙන්ට් එක තියෙන තැනම රිප්ලයි කරන්න පුළුවන් වෙන්න හදපන් බං...
    එතකොට හැමෝටම ලේසියි...

    ReplyDelete
  63. ලොකු පුතා කියලා තියන කරණය ඇත්ත

    ReplyDelete
  64. රිලව් හස්ථ මෛතුන්‍යයේ යෙදෙනවා මම දැකලා නෑ. හැබැයි එක පාරක් අපි ලොකු නඩයකුත් එක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ ශ්‍රී මහා බෝධිය පාමුල එක රිලවෙක් මහා නසරාණි වැඩක් කලා. ගිය උපාසකම්මලා (අපේ අම්මලා, ඇන්ටිලා, ආච්චිලා, පුන්චි අම්මලා, නැන්දලා, නංගිලා අක්කලා එක්සෙක්ට්‍රා,) සිල් අරගෙන ඉන්න වෙලාවක, අර බෝධියේ තාප්පයක් උඩට රිලා රංචුවක් ආවා. ඕකේ හිටියා නසරාණි පෙනුමක් තියෙන තරුණ රිලවෙක්. මම හිතන්නේ ඌ තමයි රංචුවේ චන්ඩියා. මූ රංචුවේ ඉන්න හැම රිලවියෙක්වම දෙකට නම නම ශොට් එක දෙක ගානේ දීගෙන ගියානේ. අර පොඩි පැටවු බඩේ බැඳගෙන ඉන්න රිලා අම්මලටත් මුගෙන් ගැලවීමක් තිබුනේ නෑ. හොඳටම තේරිච්ච දෙයක් තමයි මූ මිනිස්සුන්ට පේන්න මේ දේ කරපු බව.

    ReplyDelete
  65. කොහෙද බන් මෙච්චර කල් ගිහින් හිටියේ...ඉන්න තැනක ඉදන් ලියපන් යකෝ

    ReplyDelete
  66. /* .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල්ලක් කෑවා. */

    ඩෙසර්ට් එකටත් මස්?

    ReplyDelete
  67. කාලෙකින් රහට කථාවක් කියෙව්වෙ...සීන් එක දුක උනාට කථාව ආතල්...පව් බං රිලව් මරන්න එපා...පොඩි උන් වගේ...

    ReplyDelete
  68. දැනගෙන රහස තොපේ
    රිලවුත් _ _ _ _ _ _

    ReplyDelete

  69. වායු තුවක්කු වලින් අපේ ගමේ අය ගත්ත ආතල් එහෙමත් එමට ... ඒවා දන්නවා නම් තෝමස් සමාගම තුවක්කු විකුණන එක අතෑරලා පඳුරු වඩේ විකුණනවා ..ඉතින් ඒ ගැන වෙන දවසක ලියන්ඩ බැරිය


    මේ කතාව කෝ සදරුවෝ?
    ..

    ReplyDelete

තැන්කූ බං