29.4.16

නිල්පාට තට්ටම්

මචංලා ගොඩ කාලෙකට ඉස්සල්ලා අපේ රටේ තිබුණා දැයට කිරුළ කියලා පොඩි එක්සිබිසන් එකක් .. මට තාම මතකයි අපේ ගං වල අය ඩීමෝ බට්ටා ලොරියේ ඉඳන් කුබෝටාවේ පවා නැගලා ඈත පළාත් වල පැවැත් වුණ දැයට කිරුළ බලලා ඇවිල්ලා ගමේ ඉඳන් ආතල් ගත්ත හැටි ..

කොහොම හරි සීන් එක පටන් ගත්තේ දැයට අපේ  කිරුළ අපේ පළාතටත් එනවා කියලා නිල වසයෙන් තීන්දු කරලා ඉවර වෙච්ච කාලේ .  ඔන්න ඔය කාලේ තමයි අර මේඩින් චයිනා සීන් එකත් සිද්ද වුණේ .

ඒ දවස් වල ගමේ පාරවල් වල ගන්ඩම දෙයක් තිබුණේ නෑ .. පයින්වත් යන්ඩ බැරි තරමට පාර චාටර් වෙලා තිබුණා .. ඔලුවිල් වල අලුතෙන් හැදෙන වරායට ගල් වැලි ඇදපු සද්දන්ත ටිපර් දාස් ගානක් එක දිගටම ගිහිල්ලා ගිහිල්ලා .. වෙන වාහනයකට යන්ඩ බැරි තරමට පාර නැති නාස්ති වෙලා තිබුණා ..

දෙයියනේ කියළා දැයට කිරුළට පින්සිද්ද වෙන්න ඒ පාරවල් ටික ගින්දර වගේ හැදෙන්න පටන්ගෙන තිබුණා .. ඒත් පාර හදනකොට වදින දූවිල්ල නිසා යන්තම් පාරට බැහලා රවුමක් ගිහින් ආවත් ආයෙත් ගෙදර යද්දි අපේ හැඩ හුරුකම් සෙල්ල කතරගමට බාරයක් ඔප්පු කරන්ඩ බිම දිගේ බඩ ගාගෙන ආපු එකෙකුට සමාන වුණා ..

දවසක් මමයි .. මගේ යාළු මිත්‍රයෝ හය දෙනෙකුයි එක්කාසු වෙලා පොඩි මීටිමක් හෙම සාර්තකව ඉවර කරගෙන අඩවන් දෑසින් තීරණයක් ගත්තා අපේ ගමෙන් ටිකක් ඈත පාරවල් නොහැදෙන නිස්කලංක පැත්තක පොඩි දිය කඩිත්තක් හොයාගෙන ගිහින් නාලා එන්ඩ ඕනෑය කියලා ..

සමීර , ගලප්පත්ති , තාපසයා , රත්නායක , අමරෙ සහ සඳරු කියන අපි හය දෙනාගෙන් යුත් කණ්ඩායම මේ කාලකණ්ණි ගමන යන්න සෙට් වුණා ..

සිලි සිලි බෑග් කීපයක දාගත්ත රෙදි කීපයක් අරගෙන අපි හය දෙනෙක් බයික් තුනක නැගිලා .. අම්පාරෙන් කිලෝමීටර් කිහිපයක් ඈත සුන්දර පළාතක් වෙච්චි පොල් වගා ජනපදය බලා පිටත් වුණා ..


පම්පෝරි ගහනවා නෙවෙයි මචං.. අම්පාරේ තියෙන ලස්සනම ඒරියා එක තමයි අම්පාරෙ පොල් වගා ජනපදය. ඒකට හේතුව තමයි ගල් ඔයේ වතුර ටික ගලා බහින්නේ ඔය පොල් වගා ජනපදය මැදින් වීම .

ගල් ඔය තමයි අම්පාරේ හදවත .. නියගෙටවත් ලේසියෙන් හිඳෙන්නැති ගල් ඔයේ වතුර ටික තියෙන නිසා තමයි නැගෙනහිර අපිත් අද ඩයල් වගේ රඟාගෙන ඉන්නේ ..

පොල් වගාජනපදයට යන පාරත් පට්ට ලස්සනයි.. පාර දෙපැත්තෙන් කොයි පැත්ත බැලුවත් ඇත් දල පාට කකුල් තියෙන කෙල්ලෝ රංචු පිටින් ඇලේ නාන විසුවල් ඕනෑ තරම් .. ඒ මදිවට .. ඇළ ඉවුර දිගේ .. අඹ ගස් ,කජු ගස් , පොල් ගස් එක විමාණයයි මාර සරුසාර පොළොව ..අන්ඩවෙයාර් එක හිටෙවුවත් පැලවෙනවා ..

ඉතින් ඔන්න වගේ මග දෙපස සුන්දර සීන් බල බලා .. ඉස්සරහට ගියපු අපි බොහෝම සාමකාමී තැනක පුංචි දිය කඩිත්තක් හොයාගෙන නා කියාගත්තා .. පිරිමි නාන්ඩ ගියාම ගෑනුන්ට එහා .. පැය ගානක් නාලා නාලා තමා ගොඩ එන්නේ ..

හීතල වතුරෙන් නා කියාගෙන අපි ආයෙත් යන්න පිටත් වෙද්දි වෙලාව පහමාරට කිට්ටුයි ..

දවාලේ තිබ්බ ඉර අවුවත් බැහැලා ගිහින් .. බයික් වල යද්දී වදින හුලං පාරට සිතුවිලි නන්නත්තාර වෙනවා .. අපි පොල් වගා ජනපදේ පහුකරගෙන ටික දුරක් ඉදිරියට යමින් උන්නා .. ඔන්න ඔය අතරේ තමයි අපි හය දෙනා වසරේ මැජික් එක දැක්කේ ..

මොකද්ද ඒ මැජික් එක ..

තට්ටු දෙකේ බස් එකේ බස් එකක් අපේ ඉස්සරහට එනවා .. !! ඒ විතරක්  නෙවෙයි ඒ බස් එක පුරෝලා කෙල්ලෝ... 100% පියෝ කෙල්ලෝ !! ..

ටීවී එකෙන් ඇරුනාම මම නම් තට්ටු දෙකේ බස් එකක් කවදාවත් දැකලා තිබුණේ නෑ .. ඒ මදිවට ඒකේ කෙල්ලෝ .. උන් ට්‍රිප් එකක් යනවා වගේ ජොලි කර කර ගෙදර යනවා ..

ඔවු ..! ඒක ගාමන්ට් ගෑල්ලමයි වැඩ ඇරිලා ගෙදර යන බස් එකක්.. අම්පාර දැයට කිරුළ පැවැත්වෙන නිසා ඒකට විසේසෙන්ම ගෙන්වාපු බස් එකක් ..

පලවෙනි වතාවට අම්පාරෙ ගමන් අරඹපු ඒ බස් එකේ බඳේ දැයට කිරුළ කියලා ලොකුවට ලියා තිබුණා .මහින්ද මහත්තයගේ චුට්ටං ෆොටෝ එකකුත් සයිඩ් එකේ අලෝලා තිබුණා ..

ඉතින් නෝනෝ , මහත්තයෝ .. !

ඒ බස් එකේ ගිය කෙල්ලො සෙට් එක අරන් තිබුණ රිස්ක් එක උඹලා දන්නෑ .. ඔය කෙල්ලන්ගේ ගාමන්ට් එක අයිති ලොක්කා තද යූ ඇන්පී කනුවක් .. නම නොකීවට උඹලා දන්නවා ඇති .. උන්දෑගේ ගාමන්ට් එකේ ළමයින්ට වෙනම බස් සේවයක් තියෙනවා .. ඒත් ඒ බස් සේවේ අතෑරලා මහින්ද මහත්තයාගේ තට්ටු දෙකේ බස් එකේ නට නටා යන්න තරම් ගැම්ම තියෙන මේ කෙල්ලො සෙට් එක ගැන මට පට්ට රෙස්පට් එකක් උපන්නා .. ඉතින් ඒ රෙස්පට් එක නිසාම අපේ බයික් ඉබේටම නැවතුණා .. !

අඩෝ ඒ .. කෙල්ලො සෙට් එකක් යන්නේ .. ආපහු හරෝලා යමං .. ලැයින් පාරක් දැම්ම හැකි ..”

සමීරගේ යෝජනාව අහක දාලා කොල්ලන්ගේ හිත රිද්දන්න බැරි කමට මමත් ආපිට බයික් එක හරෝ ගත්තා.. ඔය කියන සන්දියේ මට කෙල්ලක් උන්න නිසා තවත් ලැයින් දාන්න කොහොමත් මට ඔනෑ වුණේ නෑ .. අනික තට්ටු දෙකේ බස් වල යන කෙල්ලන්ට ලැයින් දාන එක කෝමත් මගේ ඉස්ටයිල් එක නෙවෙයි ..

කලකට පස්සේ ඇළකට බැහැලා හීතල වතුර නාලා කොන්ඩේ පැත්තට පීරලා ප්‍රෙස් පිට හිටපු ගමේ කොල්ලන්ගේ කඩවසම් බව ඒමොහොතේ උච්චතම තලයක තිබුණා .. කඩවසම් බවේ පල නෙලාගන්න මේ තමයි හොඳම වෙලාව .

කෙල්ලන් ගේ බස් එක පස්සෙන් ගාඩ් එකට යන බයික් තුනක් වගේ අපි කට්ටියත් හෙමි හෙමීට තට්ටු දෙකේ බස් එකට ලං වුණා ..

බයික් වල පාස් ලයිට් දල්වලා හීනිය හෝන් පාරක් ගැහුවම කෙල්ලො සෙට් එකටත් පට්ට ආතල් .. උනුත් කිචි බිචි හඬින් ඇහෙන නෑහෙන ගානට මොන මොනාදෝ කියන්ඩ පටන්ගත්තා . අපිට පේන්න නොපෙනෙන්න වගේ නට නටා උන්නා ..

මගේ බයික්කේ පිටිපස්සේ උන්න ගලප්පත්ති .උගේ හෙල්මට් එක ගලෝලා මට දුන්නා ..

සඳරුවා මේක අතේ එල්ල ගනින් ..මාත් නොම්බර් එකක් අල්ලන්ඩ යන්නේ .. ”

අල්ලන ලබ්බක් අල්ලහං වැටෙන්ඩ විතරක් එපා ..”

ගලප්පත්ති හෙල්මට් එක ගලෝලා කොණ්ඩෙ නිකං විවේක් ඔබරෝයි වගේ පැත්තට පද්දලා බයික් එකේ හිට ගත්තා ..

මචලා .. මේ බයික්කේ උඩ හිට ගත්තා කියන්නේ .. ඔය ටැමිල් ෆිල්ම් වල දාන ඇඩ්වාන්ස් වැඩ කෑල්ලක් නම් නෙවෙයි නෙවෙයි.. අපේ ගමෙන් එහෙම වැඩ්ඩො බිහිවෙන්නේ ගොයං කැපෙන කාලෙට විතරයි .. ගලප්පත්තියා කළේ බයික්කේ ඉඳන් හිටි ඉරියවුව මාරු කරලා මගේ කරට බර දීලා නැගිටපු එක විතරයි .. ඒක බෝම ආරක්‍ෂිත ඉරියවුවක් ..

වලවල් බහුල පාරේ ඇද කුද  නුපුරුදු සද්දන්ත දෙමහල් බස් එක ඉදිරියට ඇදුනේ පැයට කිලෝමීටර් විස්සකටත් වඩා අඩු වේගයක් .. බයික් වල ගිය අපේ ගෑනු කිච්චෝ කීපදෙනාට ඒක දෙයියෝ දුන්න චාන්ස් එකක් වුණා.. මමත් අඩියෙන් අඩියෙ  බයික්කේ බස් එකට කිට්ටු කළා ...

ගලප්පත්ති බයික්කෙ උඩ හිටං උගේ ලේන්සුව අරන් බෙල්ල වටේ ගැට ගහ ගත්තා .. ගලප්පත්තිට සප් එක දෙන්න රත්නායකගේ බයික් එකේ උන්න සමීරයත් නැගිට්ටා .. අන්තිම බයික්කේ උන්න තාපසයා නම් යන්තම්වත් හෙල්ලුනේ නෑ .. ඌ ලබ්බ තිබ්බා වගේ වාඩි වෙච්ච විදිහට ගුලි වෙලා උන්නා .. ඒ උගෙ හැටි .!

ගලප්පත්ති අත් දෙක උඩට උස්සලා උදාර ලීලාවෙන්.. සිංහ සෙයියාවෙන් උගේ නම්බර් එක ඇල්ලුවා ..

වන්ටූ තී .. වන්ටූ තී
ආයු බෝ වේවා !! මහ ... රජා නනේ !!

මට බකස් ගාලා හිනා ගියා .. බස් එකේ උන්නු කෙල්ලො ටිකකත් ගුලි කාලා වගේ හිනා වෙනවා .. බස් එකේ කොන්දා පවා ෆිට් එකක් දාලා අපිට සප් එක දුන්නා .. ඉතින් හැමෝටම ආතල් ..

ඔය බස් එකේ හිටියා .. ගලප්පත්තියාටම ගැලපෙන පොඩි කෙල්ලක් .. ඒකිගේ කටත් ගලප්පතිටම දෙවනි නැති බව අපිට තේරුම් යන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ ..

ටික වෙලාවකින් ගලප්පත්ති සමාන හැකර කටක් එක්ක, ආස්මි පාට හමක් තිබ්බ ඒ කෙලිපොඩ්ඩ ගලප්පත්තිගේ සින්දුවට සප් එක දුන්නා ..

ආයි බූ වීවා !!..

කෙල්ල නාසික්‍ය රාගයෙන් ගීතය වළඳනවා ..

.. ෆට්ට ආතල් බං .. උනුත් සින්දු කියනවා .. අපේ උනුත් සින්දු කියනවා .. අපි හෝන් ගහනවා . උන් යාන්තමට නටනවා .. බස් එක ගැස්සෙනවා .. කෙල්ලො බොරුවට කෑගහගෙන වැටෙනවා .අපි හිනා වෙනවා.. ආයේ ඒකාත්මික වෙනවා ..අඩෝ ඒ වගේ රට ආතල් ක්ලබ් වල නෑ ..

පාර දෙපස ඇළ මායිමේ ගස් කොළං බෝමයි .. නෝමල් බස් එකක් නම් මේ වගේ ගස් වල වදින්නෑ .. ඒත් මේ හදිසියේ ආපු දෙමහල් බස් එක අනික් බස් වගේ දෙගුණයක් උසයි .. ඒ නිසා ගස් වල අතු අතර වැදෙමින් පැටලෙමින් බස් එකට ඉස්සරහට යන්ඩ පොඩි ගේමක් දෙන්ඩ වුණා ..

ටිකෙන් ටික ඉස්සරට ගිය දෙමහල් බස් එක පාරට හුඟක් ඉහළින් තිබුන අඹ ගහක අතු වල වැදීගෙන ඉස්සරහට ගියා .. ගහෙන් කඩා හැලුන අඹ මල් වැස්සට අපිව නැහැවුණා .. හින්දි ෆිල්ම් පරාදයි ... සමීරයි විසිල් පාරක් ගැහුවා  ..

ජීවිතේට එන ලස්සන සීන් ඇස්පිය ගහන ඉක්මනට සුං වෙලා යනවා .. ඉතින් ඊළඟට ...

ඊළඟට බස් එකේ වහල බකිනි ගහක පැටලුණා .. දැවැන්ත බස් එක  බකිනි ගහේ අතු රිකිළි කඩාදාගෙන ඉස්සරට ගියා ..  තියරියට අනුව නම් සුවඳවත් බකිනි මල් වැස්සකින් පස්සෙන් එන අපි නෑහැවෙන්ඩ ඕන..  ඒත් එහෙම වුණේ නෑ දෙයියෝ ..

බකිනි ගහේ තිබුන දෙබර කූඩුවක පළුවක්  කැඩිලා බස් එක සහ බයික් අතර මැද පාරෙට වැටුනා .. ආයුබෝ වේවා ගීතය..දෙබර නාදය එක්ක රීමික්ස් වුණා ..

මම දුර තියා බයික්කේ හරවා ගත්තට .. අනික් බයික් තුන සංගීතයෙන් මත් වෙලා බ්‍රේක් නැතුව ගිහින් ඇවිස්සුන දෙබර රංචුව මැද්දෑවේ හිර වුණා ... ඉස්සරහින් ගිය රත්නායක කලබල වුණා ... උගේ පල්සර් 135 බයික්කේ පාර මැද පෙරළුණා  .. පිටිපස්සේ සින්දු කීව සමීර බිම දිගේ රෝල් වුණා .. ක්ලච් එක මිස් වෙලා අමරෙගෙ බයික් එකත් නතර වුණා ..

බස් එකේ උන්න කෙල්ලෝ විලාප දුන්නත් බස් ඩ්‍රයිවර් මොළේ ඇතුව බස් එක රේස් කරලා දුම් දාගෙන ඉස්සරහට ගියා .. ඒ දුම නිසා සහ බස් එකේ දොර ජනෙල් නිසා දෙබර ඇටෑක් එකෙන් කෙල්ලො බේරුණා .. කෙල්ලො ඉතින් මල් වගේ නොවැ .. දෙඹරන්ගෙන් බේරගන්ට එපෑ ....

අපිට මොකෑ වුණේ ..?

මමයි ගලප්පත්තියයි බයික්කේ නතර කරලා දුවගෙන ගිහින් එක තැන කැරැකැවෙමින්, දඟලමින් උන්න සමීරවයි රත්නායකවයි ඇදලා අරං දුවන්න ගත්තා .. කුරුම්බැට්ටි වගේ විසාල දෙබරු දෙතුන් දෙනෙක් ඇඟේ හැප්පුණා වුණත් එකෙක්වත් මට විද්දේ නෑ ..

අපි එතන තිබ්බ පස් කණ්ඩියක් මුදුනිං පැනලා ගම මැදට දිවුවා .. පස්සෙන් ආපු දෙබර රැල ගලප්පත්තිට විදගෙන විදගෙන ගියා .. ඌ කෑගැහගෙන මෙන්ටේරියා පඳුරු යායකුත් කඩා ගෙන  වෙන කොහේද දිවුවා ..

ලංකාවේ ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට .. ඉතින් අපිත් ඇස් මානේ  තිබුන පන්සලට දිවුවා .. රත්නායක පන්සලේ කම්බි වැටට උඩින් පැන්නා .. මං වැටට යටින් බඩ ගාගෙන ආවා .. විනීත විදිහට පන්සලේ ගේට්ටුවෙන් යන්න දුවපු තාපසයා සුපිරි දෙඹර ප්‍රහාරයකට ලක් වුණා ..

පන්සලේ පොඩි හාමුදුරුවෝ ඝාන්ඨාර  කුළුණ ගාව වළඳක් හෝදනවා .. ..

සුවාමින් වහන්ස !! .. දෙඹරු ඇවිත් ... !!”

ඔච්චර වෙලා කට පියාන හිටි අපේ තාපසයා... ලතෝනි දීලා කෑගැහුවා ..
පිංවතුණි.. පිංවතියනි අහිතක් හිතන්ඩ එපා ..ඒ මර ළතෝනියට  බය ගත්තු පොඩි හාමුදුරුවෝ ආවාස ගෙට පැනලා දොර වහගත්තා ..

පන්සල් වත්ත පාළුවට ගිහින් .. පූස් පැටියෙක්වත් පේන්ඩ නෑ .. පොඩි සාදු දොර අරින්නෙත් නෑ ..

කෙල්ලො නැමති මිරිගුව පස්සේ ලුහු බැඳලා ..කරුමය නැමති දෙඹරුන්ගෙන් බැට කාලා , සංසාරේ සෙත්ත පෝච්චි වෙච්චි අපි වගේ අයියලාට පන්සලෙත් පිහිටක් නැති හැටි ..

අපි පන්සල් වත්ත වටේ දුවන්න පටන්ගත්තා ... බෝමළුවෙන් චෛත්‍යට , එතනින් පසු බුදු මැදුරට , වැලි මළුවෙන්, වැසිකිළියට.... අපි නොනවත්වා දුවමින් උන්නා ..

චෛත්‍ය පහු වෙනකොටම .. මට දෙබරු තුන් දෙනෙක් විද්දා .. උරහිසට පිටට සහ ඔළුවට .. ටීෂර්ට් එක ගසා දාලා මම තවත් හයියෙන් දීවා ..පන්සල් වත්තෙන් එපිට ග්‍රාමසේවා කාර්‍යාලේ ගාවට කිට්ටු වෙනකොට දෙඹරුන්ට අපිව මිස් වෙලා උන්නා ..

සමීරට සහ රත්නායකට දෙබරු හොඳට විදලා උන්නත් උන්ට එච්චර අමාරු නෑ.. නැතිනම් අමාරුව පෙන්නුවේ නෑ .. යන්තම් දෙබර පැටවු දෙන්නෙක් විතර විදලා හිටපු තාපසයට මැරෙන්ඩ වගේ අමාරුයි .. ගලප්පත්ති කොහෙ ගියාද දන්නෑ ..

ත්‍රීවීල් එකක් කතාකරගත්තු අපි .. වැහි ආවර්ණ දාගෙන කවර් වෙලා ආයෙත් බයික් තිබුන තැනට ගියා .. ගමේ අය එකතු වෙලා .. පොල් අතු පුච්චලා දෙබරු එලෝනවා ..

ඔයාලත් එක්ක ආපු කෙනෙක් වෙන්නැති අන්න හොඳටම දෙබරු විදලා”

ගමේ එකෙක් එහෙම කියද්දි මට ඉක්ක වැටුනා ..

දෙබරු විද්ද අපේ ඈයොන්ගේ හැඩ රුව බලන්ඩ ලස්සනයි.. ඇඟපුරාම ලාවුලු ගෙඩි වගේ ඉදිමුං ගෙඩි .. මට පූතිගත්ත තිස්ස  තෙරණුවෝ  සිහි වුණා ..

ගමේ අයත් එක්ක එකතු වෙලා ..අපි ගලප්පත්තිව වීල් එකකට දාගත්තා . අමාරුවෙන් හිටපු සමීරත් තාපසයත් , අමරෙවත් ඒ වීල් එකේම පටෝලා.. රත්නායකයි මායි බයික් එකක් අරගෙන වෙඩිල්ල වගේ රෝහලට ගියා .. ඒ ගමන මගේ ජීවිතේටම අමතක නොවේවි ..

ඉගිනියාගල පාරේ කොණ්ඩුවටුවාන කෑම්ප් එක පහුවෙනකොට .. රත්නායකට සෙම වමනේ ගියා ..ඌ වේගයෙන් හුස්ම ගන්න පටන්ගත්තා ..මම පුළුවන් තරම් වේගෙන් බයික්කේ පැදගෙන ගියා .. රෝහලේ ගේට්ටුව ළඟදි රත්නායක අන්තිම වතාවට වමනේ කළා .. එච්චරයි ... !

එතනින් එහා කේස් නෑ බං රත්නායකට අවුලක් වුණේ නැ .. හැබැයි දවස් හයක් දැඩි සත්කාරේ තපින්ඩ සිද්ද වුණා ..

පුවක් ලෙල්ලක් පොඩි කරලා උලාගත්තට පස්සේ මගේ දෙබර අමාරුව හොඳ වුණා .. ඒත් මං මගේ යාළුවෝ සෙට් එක බලන්ඩ හැම දවසකම වගේ රෝහලට ගියා ..

විදින තරමක් දෙබරු විදලා තිබුණේ ගලප්පත්තිගේ තට්ටං දෙකට .. සිල්ක් රෙද්දෙන් මහපු කලිසමක් ඇඳගෙන උන්න නිසා වෙන්නැති උගේ පස්ස වංගෙඩියක් තරමට වෙනකම් ඉදිමිලා තිබුණා ..මට තාම මතකයි ඇඳේ මුනිං අතට දපලා ඉන්න ගමන් ඌ කොච්චරවාත් සිගරට් ඉල්ලමින් මට වාත වෙච්ච හැටි ..

සඳරුවා හොරෙන් බොන්ට බ්‍රිස්ටල් ගෙනෙංකෝ ..”

ඒ ගලප්පත්තිගේ හැටි . තට්ටං කපලා ඉවත් කරත් ඌට ඕන සිගරට්  ..

ගලප්පත්ති රෝහලේ උන්නු දෙවනි දවසේ ඌව බලන්ඩ අමුත්තියක් අවුදිං හිටියා .. රෝහල ඇතුළට යන්ඩ පාස් නැති නිසා ඒ අමුත්තිය සහ එයාගේ සහයට ආපු පරිවාර ඉස්තිරික්ක තුන රෝහලේ සිකුරුටි කාමරේ නැංගුරං දාගෙන හිටියා ..

ගලප්පත්තිට සිගරට් ගේන්න හිතාන ඔතනින් එළියට යමින් උන්න මට රෝහල් සිකුරුටි මහත්තයා කතා කළා .

මල්ලී .. ඔයා නේද දෙබරු විදපු අය බලන්ඩ ආවේ ..”

ඕ ..”

මේං මේ නංගිලත් ඇවිත් ඉන්නේ එයාලව බලන්ඩ .. ඔයාගේ පාස් එකෙන් එක්කෙනෙක් ඇතුළට එක්ක යන්න පුළුවන් ..”

ඒ ඇවිදිං හිටියේ තට්ටු දෙකේ බස් එකේ නාහෙං සින්දු කියපු .. ආස්මිපාට හමක් තිබ්බ පුංචි නංඟි ..

අයියී අර අයියීලට දැන් හුඳයිද ?” ඒකි ඇහුවෙ නාහෙන් ..  

ඔය අපූරුවට ඉන්නේ..”

අර ගලප්පත්ති අයියට කොහොමද ?”

අප්පා මේකි උගේ නමත් දන්නවා .. මං නම් දන්නෑ ඒ කොහොමද කියලා ..
ඌට නංගී හොඳට ඇවිදින්න පුළුවන් .. ඒත් ඉඳගන්න බෑ .. පස්ස පැත්ත නිල් වෙන්ඩ දෙබරු විදලා ..”

මට බලන්ඩ පුළුවන්ද ?”

මොකද්ද ..උගේ පස්ස පැත්තද ?”

චිකේයියා !! නෑ හලෝ .. එයාව .. ”

යං මං එක්ක යන්නම් ..”

ගලප්පත්තිගේ නිල් වෙච්චි, තටටම බලන්ඩ ඒ ගෑල්ලමයා ආපු ගමන ටිකක් දුරදිග ගියා .. නාහෙන් කතාකරන ගාමන්ට් නංඟි සහ මගේ යාළුවා ගලප්පත්ති හඳ පානේ පැනලා ගිහින් කසාද බැන්ඳා ..


කරුම පිට කරුම .. කෝටියක් ආවත් කමක් නෑ .. අන්තිමට හරි පුංචි ආතල් එකක් දැනුනනම් ඒ මදෑ බං ජීවත් වෙන්න ..

ගලප්පත්තිගේ කසාද පාටියේදී මං ඉස්ම යන්ඩ බීලා . පිස්සු නටලා .. ගලප්පත්තිට අත මිට මොලවපු ලියුම් කවරේ ඇතුළේ රුපියල් දාහකුත් එක්ක මං වෙරි පිටම ලියපු මේ කවියත් තිබුණා..


අරුමයක් හොයං අපි ජීවිතේ ගෙවනවා
බුරුමයක් වගේ එක තැනම කැර කැවෙනවා
උරුමයක් තිබුණොතින් පැරදුණත් දිනනවා
කරුමයක් ගෙවෙන තැන ..සැමරුමක් තියෙනවා ..

               සුබ වෙඩිමක් මස්සිනා !!!  



ඊට අවුරුදු එක හමාරකට පස්සේ ගලප්පත්තිලා අසල්වැසි ග්‍රාමාරක්‍ෂක නිලධාරියෙක් එක්ක ඇති කරගත්ත ආරවුලක් දුරදිග ගිහින් තිබුණා .. අන්තිමේට ඒ ග්‍රාමාරක්‍ෂක නිලධාරියා තමන්ගේ රාජකාරි ගිනි අවියෙන්ම ගලප්පත්තිට වෙඩි තියලා මරලා දාලා ජීවිත කාලෙටම හිරේ ගියා ..

-------------------------------
ප.ලි

බ්ලොග් නොලියා හිටි අපිව ආයේ ලියන්ඩ ඇදලා ගත්ත බ්ලොග් වසන්තයට සප් එකක් දෙන්න . ඔබ කැමති ලිපි 5කට මනාපෙ දීලා එන්න ..






20.4.16

රිළා පීකුදු






උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්‍රීසි සහ සිංහල මාරුවක් දීලා සැර පොඩියක් බාල කරලා තියෙන්නේ .ඉතින් බය නැතුං බලහං.

තේක්ක ගස්වල මල් පිපෙන එක ග්‍රීස්ම කාලෙ එක දවසක්, අපේ ගමේ කොල්ලෝ සෙට් එක ළිඳක් ඉහින්න සෙට් වුණා .. වතුර පනිට්ටුවක් වත් ඇද්දේ නැති වුණාට උපදෙස් දෙන්ඩයි , එකට එක කියන්ඩයි , කට පල්ලෙන් අහං ඉන්ඩයි ඕන නිසා මාත් ඔතනට එකතු වුණා ..

එදා කවුරු හරි, කාට හරි “kරි කෑව රිලවා වගේ” කියලා පොඩි කිණ්ඩියක් පාස් කළා .. මං හිතන්නේ මට නෙවෙයි වෙන කාට හරි වෙන්නැති .. ඔය කතාව ඇහුණ ගමන් පැත්තකට වෙලා හිටිය රිපිටා නැගිට්ටා ..උගුර පාදලා  ඌ මගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා .

“සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..”

“මේ අපේ ඒවා ඒවා ..?

කියලා ඉවරකරන්න කලින් මං තුං පිම්ම පැන්න නිසා රිපිටට මල ...

“නරියො .. මං කීවේ උන් උන්ගෙම සුක්‍රාණු කනවය කියලා ..”

“රිපිටා බුද්ධිමත් කොල්ලෙක් .. ඒ නිසා උගේ කතා අහක දන්න මම කැමති නෑ ..”

“ඇයි උඹ එහෙම කීයන්නේ ..”

“එහෙම කියන්නේ මං දැකලා තියෙන නිසා ..”

“කියහං බලන්න විස්තරාත්මකව සහ විද්‍යාත්මකව..”

කටේ තිබ්බ විටේ තූ දාලා .. සරමෙං කට පිහගෙන ඌ ලොකු කතාවක් කීවා ..

“රිළවු කියන්නේ මහ වනචර, වලත්ත සත්තු ජාතියක් ..ඒත් වඳුරා .. ඌ ටිකක් ජෙනුයින් ..සඳරු උඹ දන්නවද රිළවා ගෑනු නාන දිහා බලන් ඉඳලා අතේ වින්දනේ ගන්නවා කියලා ..”

“ නෑ මං අහලා නෑ ..”
“එහෙනං අහ ගනින්.. මං මයෙ ඇස් දෙකින් දැකලා තියෙනවා උන් ගෑනු නාන දිගෑ බලාන Aතේ ගහලා කටේ ගාගනවා .. මේං මේම .. ඊට පස්සේ ළඟ ඉන්න රිළවගේ කටෙත් ඒ ටික ගානවා මේං මේම ... .”

රිපිටා රඟපාල වැඩ දාල කියාදෙන හැටි උඹලත් දකින්ඩ ඔනෑ බං ..හරි තාත්තිකයි බං ..

“රිළවු පිටින් දාලා උඹ මොකද ගෑනු නාන දිහෑ බලාන කළේ ?”

“තෝත් එක්ක ආයේ කතා කරලා වැඩක් නෑ .. තොට කතා කියන්නෙත් නෑ .. තෝගෙ කටේ පැත්තක් පණ නැති වෙයං ..ඇටේ පැත්තක් ඉදිමියං ..!”

රිපිටා මල පැනලා කතාව නතර කළා.. ඉතින් එදා පටන් ගත්ත කතාව .. ඊට මාස ගානකට පස්සේ බෝතලේකට සෙට් වුණාට පස්සේ ආයේ දිගෑරුණා ..

දවසක් මට යාළුවෙකුගෙන් දුඹුරු පාට බෝතලේක දාපු විස්කියක් තෑගි ලැබුණා.. ඒ ඉක්මනින්ම මම අපේ ගමේ වැඩිමළෙක් වෙච්චි විජෙ අයියටත් , මගේ බොක්ක වෙච්ච රිපිටාටත් කෝල් කළා ..

“විජෙ අයියා හෙලෝ ..ඔන්න මං රට බෝතලයක් ගේනවා බයිට්ටෙක හදලා තියාපන් ආ .. !!”

රට බෝතල් කීවම විජෙ අයියට පිස්සු වගේ ...

“නියම වෙලාව මල්ලියා..! බයිට් එක මේ දැන් මිදුල මැදිං දීවා.. උඹ වරෙන් දෙයියා මං රජ බයිට්ටෙකක් දාලා තියෙන්නං ..”

බයිට් මිදුල මැදිං දීවා කීවට මට ඒක එච්චර ගාණක් ගියේ නෑ . මං ඉතින් හොඳට නාලා කරලා බෝතලෙත් මල්ලක දාගෙන ඔතාගෙන .. රිපිටාගෙ ගෙදර ගිහින් ඌවත් එක්කගෙන විජෙ අයියගෙ ගෙදර ගියා ...

විජෙ අයියගෙ කිචන් එකේ මිරිස් තුනපහ බැදෙන සුවඳට කටට කෙළ උනවුවා වුණත් මං ඒ ටික සේප් එක ගුඩුස් ගාලා ගිලලා .  විජේ අයියා උයපු බයිට් එකත් මල්ලක දාගෙන අපි තුන් දෙනා කාත් කරුවුරුත් නේන ඇල ඉස්මත්තේ ගිහින් ඉඳගත්තා ..

ගෙදර බොනකොට කිසි නිදහසක් නෑ . කුණුහරපයක්වත් කියන්ඩ බෑ . හිතේ බයෙන් බීවොත් වස් වදිනවා ..! ඒකයි අපි නිදහස් පොට් එකකට ආවේ ..

“විජේ අයියා මොනා මේ මස් ..නිකං කලු දොදොල් වගේ .. අලි මස්ද ?”

“මසේ වං හුං නැතේ - පසේ බුදුවරු නැතේ ..! කෑමක වං හුං හොයන්ඩේපා බං..සෝක් මොලකැටි මෂ් ඩිංග කාපිය කාපිය ...”

විජේ ඇරියොත් අරින්නේ දාර සයිස් ටෝක්...මමත් ඉතින් කැනිබල් නේ .. තට්ටමක් කපලා උයා දුන්නත් අමපා කන එක නම් කනවා .. මමත් ඉතින් ඇදලා ඇරියා..ෂහ් ටොප් මස් ටික ඉදිච්චි ලාවුලු වගේ බුරුලයි..
ඉතින් හිතේ නිදහසේ බිබී ඉන්න අතරේ තමයි පොලීසියේ ජීප් එක ඇවිල්ලා අපේ ගාවම නතර කළේ ..

“අනේ තිලකේ සම්මාත්තයා හිටියොත් හොඳා දෙයියනේ ... !!”

පොලීසියේ අපේ බොක්කේ සාම්මාත්තයා වෙච්ච තිලකේ මහත්තයා ළඟ නම් අපි ඕන ලෙඩකින් බේරෙනවා . මං හිත යටින් දෙයියො යැද්දා .දෙයියංගේ පිහිටෙන් ජිප් එකේ තිලෙකෙ සාම්මාත්තයා අවුදිං හිටියා . දැං ඉතින් හිරේ යයි කියලා බය නෑ . ඒත් උන්දැගේ අවවාද බණ දේසනාව අහං ඉඳලා ලේ බඩ යාවිදෝ කියලා තමයි බය ..

“උඹලට ඉතින් බොන්ඩ තියෙනවා නං, යන්තමට කන්ඩ තියෙනවා නං, රටට ගමට හෙන ගැහුවත්, කුඹුරු යාය පුරං වුණත් .., ගමට අලි පැන්නත් තොපිට වගක් නෑ .. හ්ම්... මොකක්ද මේ බ්‍රෑන්ඩ් එක .. දුඹුරු පාට බෝතලේ දැකලා හුරුයි .. නම...”

ඕක ග්‍රයිපෝටර් නේ සාම්මාත්තියා ..” රිපිටා ළඟ නැමුවා  

“ගහනවා තොගෙ ඔලුවෙන් පැණි එන්ඩ ..මොනා මේ මස් .. සඳරු මල්ලි මොනා මේ .. ඇඹුල් තියල්ද ? .. නැත්තං .”

“දන්නෑ සාම්මත්තය විජේ අයියා ගෙනාවේ ..හැපී කවු [හරක් මස්‍‍ ‍‍වෙන්ඩැති”

“ඒ විජේ මොනා බං මේ .. කැට්ස් ද ?”

“ගො . ගො ..”  පොලීසියට කොහොමත් බය විජේ වෙවුලනවා, ගොත ගහනවා ..

“මොනාද යකෝ ගොක්, ගොක් ගාන්නේ ගොකරැකල්ලොද ? , නැත්තං ගොළුබෙල්ලොද ?” ‍‍

සර් මේ ... !”

“ඕ මොනා...? කියාපිය මං උඹලව ගෙනියන්නෑ ”

සර් රිලා පීකුදු ....!” විජේට බයේ ඇඬුණා , මට ඉක්කා වැටුණා

මොන හු#$@% විජේ උඹ මහ වල් බල්ලෙක් හුthතෝ

දඩයමට කැමති නැති චිකන් විතරක් කන තිලකෙ සාම්මත්තයාට මල  . පොර විජෙ අයියගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා .. අන්තිමට පැය දෙක හමාරක කෙටි දෙසුමක් දීලා ප්‍රාණඝාතයේ නරක ගැන අපිව දැනුවත් කරලා .උදැල්ලක් ගෙන්නලා . විජේ ලවුවාම රිලා පීකුදු බයිට් එක වල දමවුවා ..අන්තිමට අපිව ජිප් එකේ ගෙනල්ලා පාර අයිනෙන් දැම්මා ..

අපි ආයෙත් මුල්ලකට ගිහින් බෝතලේ ඉතිරි ටික හිස් කළා .. මං ගෙනා කොණ්ඩ කඩල පැකට් එක කකා ඒ බෝතලේ ඉතිරිය බොන ගමන් මං බැනුං අහලා දුකින් ඉන්න විජේ අයියව ආයේ කතාවට අල්ල ගත්තා .

විජේ අයියා මොකටදෑ කීවේ අර රිලා මස් කියලා ..?”

මං බය වුණා මල්ලී .. අනික ඒ මස් නෙවෙයි ඒ පීකුද්ද .. ඔර්මජිනල් එක

“කොහොමද රිළවු ඇල්ලුවේ ..?”

උන් කක්කුස්සියට ගෙහුං ඒකේ මැටි කළේ පෙරළුවා.. මං ගිහින් දොර ළඟ රැක්කා........දොරපොල්ලෙන්”

“චික් හෙණ.. පවු වැඩේ .. රිළවා කියන්නේ පොඩි දරුවෙක් වගේ එකෙක් ව්ජේ .. දුක නැද්ද බං ..”

හොඳ පොඩි .. මල්ලියේ උඹ දන්නවාද ඕකුං මයෙ ගෙයි වහලේ උළු කැට සෑහෙන ගාණක් දැනට බිඳලා තියෙනවා කියලා .. යකෝ මට සල්ලි නෑ එවුවා දාන්න .. වහිනකොට ගෑනි මට බයිනවා බොල ..”

“ඒ විතරක් නෙවේ.. ගස් වල තියෙන හැම නාරං බික්කක්ම කඩා දානවා . පොල් ගස් වල කලටි පිටිං බොනවා ..පොලොස් ගැටයක් පේන්න බෑ .කෙහෙල් කැනක මල් ඇවරියවත් තියන්නෑ බං. කුස්සියේ සීනි බෝතලේ පවා ඇන්න යනවා.පන්සලේ බුද්ධ පූජාව ගිලිනවා,

“අප්පටසිරි ..!”

විජේ හිනා වෙනවා .. ඇස්වල තාම කඳුළු .. මට රිපිටා කීව පරණ කතාව මතක් වුණා ..

“විජේ අයියා ඇත්තද බං රිළවු නාන දිහෑ බලාන ගැණු අතේ ... සොරි සොරි බංමේ ගෑනු නාන දිහෑ බලාන ..රිළවු...අතේ...”

දෙයියම්පා ඇත්ත බං ඕකුං බුරුතු පිටිං මරන්ඩ ඔනෑ බං .. මේ ළඟදී මයෙ ගෑණි ළිඳේ නාන ගමන නිකමට උඩ බැලුනලු.. යකෝ රිළා රංචුවක් එක පෝලිමට වහලේයි ගස් උඩයි ...ඉඳන් බලන් ඉන්නවලු හරියට ආමි පෙරඩ් එක වගේලු ..ඔය අතරේ එකෙක් Aතේ ගහනවාලු ...”

“නෑ හ්..!”

ගෑනි බය වෙච්චි පාර වැටි වැටි දුවලා බොල .. මුං පොඩි වුණාට මුංගේ අහවල් එවුවා බැටන් පොලු වගේ සයිස්ලු .. !! ඕ අම්මපා..”

“විජේ අයියා තෝ කෙප්පනේ අරින්නේ ?”

“නෑ නෑ බං ඇත්ත මුන් මරනවා ඇරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ ...”

රිපිටත් රිළවුන්ට එරෙහි වුණා .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල්ලක් කෑවා.ඊටපස්සේ මට මරු අයිඩියාවක් ආවා .

“උඹ ඉඳින් අයියේ .. මං දෙන්නං හොඳ විසඳුමක් ..”

 මං ඒම කීවේ නිකං නෙවෙයි මට ඇත්තටම මරු ප්ලෑනක් මතක් වුණ නිසා ..

“ඇයි උඹ මොනා කරන්ඩ .. ඔන්න ඕක බීලා කෝප්පේ දියං .. පඬිකං කරන්නැතුං .. රිපිටට තද වුණා ..”

ඊට දවස් කීපෙකට පස්සේ මං මගේ ප්ලෑන ක්‍රියාත්මක කළා ..

මං මගේ ලොකු මාමගේ පුතා හෙවත් මගෙ ඉදම්මේ ඥාති සහෝදරයව කන්ටෑක් කරගත්තා .. පොර වැඩ කරන්නේ ලංකාවේ තියෙන හොඳම වායු තුවක්කු කඩේ වෙච්චි තෝමස් සහ පුත්තු වායු රයිෆල් කඩේ ....මං හනිකට අයියව කන්ටෑක් කරලා වායු තුවක්කු ගමට ගේන අදහස උගේ ඔළුවට දැම්මා ..ඉතින් ඒ කීව විස්තර අහලා තෝමස් එකේ උදවිය තීරණේ කළා අපේ පළාතටත් වායු තුවක්කු කඩයක් දාන්න ..

වගාවට පයින රිළවු ඌරෝ වගේ සතුන් සුටුස් ගාලා එලෝලා දාන්න හැකි නිසා .. ගමේ කස්ටිය ගොයං කන්නයක් කැපිච්චි ගමන් තුවක්කු ගත්තේ යුද්දේට යන්න වගේ .

 වඳුරන්ට රිළවුන්ටත් හොඳ කාලයක් ආවා . මොකෝ ඒ තුවක්කුවෙන් වෙඩි තීවම උන් මැරෙන්නැ .. ඌ කෑගහගෙන කැලේට දුවනවා .. එකෙක්ට කෑගැහුණ ගමන් රංචුවම පණ එපා කියලා දුවනවා .. ඉතින් ඒ නිසා ගමේ වඳුරිලා ප්‍රශ්නේ ගොඩ ගියා ... නොගියා ..

වායු තුවක්කු වලින් අපේ ගමේ අය ගත්ත ආතල් එහෙමත් එමට ... ඒවා දන්නවා නම් තෝමස් සමාගම තුවක්කු විකුණන එක අතෑරලා පඳුරු වඩේ විකුණනවා ..ඉතින් ඒ ගැන වෙන දවසක ලියන්ඩ බැරිය ..

උඹලෑ ගෙවල් පැත්තෙත් රිළවු එහෙම යනවා එනවා නම්.. පොඩ්ඩක් ඔය ගෙදර මහිලාවෝ ගැන විමසිල්ලෙන් ඉඳහන් .. ලොකු අවුලක් නං පහළින් කමෙන්ට් කරහල්ලා .. මං උදවුවක් විදිහට අපේ ගමේ විජේව එවන්නං ..ඕනෑම නං මාත් එන්නං ..

හරි.......ඔන්න ඔහොමයි මචංලා මං රිළා පීකුදු කෑවේ .. කැතයි තමා .. පවු තමා .. මංදන්නෑ නේ .. නොදැනුවත්වනේ කැවුණා නේ ..ඒ නිසා උඹලත් අපේ තිලකේ සාම්මාත්තයා වගේ මට බණ කියන්ඩ එපා .. මං උන්දැගෙන් හොඳට අහගත්තනේ .. ඒ නිසා රිළ ඝාතකයෙක් දිහා බලනවා වාගේ මයෙ දිහා නම් බලන්ඩෙපා ඕං කතාව බලලා ආතල් එකක් ගනිල්ල... එච්චරයි !!



--------------------------------------------------------------------------------
හිස් අහස බ්ලොග් එකට මේ මං ලියන එකසිය පනස් එකක් වැනි ලිපිය . ඉස්සර වගේ අත පය දිගෑරලා අවංක කමේ නියමුවා වගේ බ්ලොග් ලියන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක . මට මෙවුවා ලියලා හිරේ ලගින්න වෙයි කියලා බයකුත් හිතේ තියෙනවා ..ඒත් ලියන්ඩත් එපැයි . ඉතින් අද ඉඳන් මම හැම පෝස්ට් එකකටම පහලින් පොඩි ඩිස්ක්ලේමර් එකක් දානවා.. කතාවේ ඇත්ත නැත්ත ගැන දැනගන්නම ඔනෑ නං ..මගෙන් පුග්ගලිකව අහගනිල්ලා ..



සැ.යු
Hisahasa.blogspot.com අඩවියෙහි සඳහන් සියලුම කතා වල ඇති නම් , ගම් සහ සිදුවීම් සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි .. !