24.9.12

ලක්‍ෂ පනහක සුවඳ. අවසන් කොටස

පලමු කොටසට 

එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණාම කොයිතරම් හොඳද කියලා නින්දෙන් අහරින අහරින වාරයක් පාසා හිතට දැනෙනවා.

රුක්මන් මහත්තයා සුබ නැකතක් බලලා යොදාගෙන තිබුණු දිනේ උදා වුණා . එදා උදේ රුක්මන් මහත්තයාගේ ගෙදර කිරිබතක් උයලා තිබුණා . ලුණු කිරි යහමින් දාලා තිබුණ ඒ කිරිබත උම්බලකඩ නැති කට්ට සම්බෝලයක් එක්ක මම නම් බඩ පිරෙන්නම කෑවා . "කිරිබත් කාලා වැඩේ වෙලාවට පුළුවන් නම් බුදිය ගනිං " තරිඳුවා මගේ කනට කෙඳිරුවා වුණත් මම නෙවේ කෑම අඩු කෙරුවේ

අපි කෑම කාලා ඉවර වෙලා වත්ත පහළට ගියා.යන අතරේ මම රුක්මන් මහත්තයාගේ සාගරයක් තරම් ලොකු වත්ත වටේම මගේ ඇහැ යැවුවා. රුක්මන් මහත්තයාගේ වත්ත සෑහෙන ලොකුයි . කලෙකට ඉහත ගම්මුළාදෑනියෙක් වෙලා උන්නු රුක්මන් මහත්තයාගේ සීයා මේ ඉඩම අල්ලගෙන වැටක් ගහලා තමුන්ගේ නමට හදාගෙන තිබුණා. පහු කාලේ ඉඩම අයිති වුණේ රුකමන් මහත්තයාට. ඒ ඉඩම තරම් ලොකු ඉඩම් ගමේ තව තිබුණ බව නම් මට මතක නෑ

මහ විශාල ඉඩමක හිමි කාරයෙක් වුණත් රුකමන් මහත්තයාට ඒතරම් වත්කමක් තිබුණේ නෑ . රුක්මන් මහත්තයාගේ තාත්තා පිළිකාවක් හැදිල අවුරුදු දෙකක් දුක් විඳලා මැරිලා ගියා තාත්තගේ බේත්‍ හේත් වලට මරණෙට , හද්දා දානෙට රුකමන් මහත්තයාට බරට වියදම් කරන්න සිද්ධ වුණා . ඒ නිසාම රුක්මන් මහත්තයා උන්දැගෙ මහා විශාල ඉඩම උකස් කරලා තිබුණා .ඉතින් මේ වගේ වැඩකට රුක්මන් මහත්තයා අත ගැහුවේ වෙන කරන්න දෙයක් නැති නිසාම වෙන්නැති . වත්තෙ හැදෙන පොල්, දෙහි ,දොඩම්, වලින් ලැබෙන මුදලින් තමා රුක්මන් මහත්තයා උකස් කල ඉඩමට පොලිය ගෙවුවේ ..ඒත් ඒක වුණත් හැමදාකම කරන්න පුළුවනෑ

"කට බලියාගෙන මම නිකම් උන්නොත් මගෙ ඉඩමත් නෑ මට ඉන්න තැනකුත් නෑ .ඉඩම සින්න වෙලා යාවි ඔය පොළවෙ වැළලිලා තියනදේ අරන් ඉඩම බේරගත්තොත් ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ . අනික ඔවුවා වළලා තියෙන්නේ අල බහින්නැයි ! ." 

රුක්මන් මහත්තයා ඔය කතාව නිතර කීවේ තමුන්ගේ හිත සනසවා ගන්න විත්තිය මට තේරුම් ගියා.කරන්න කිසිම දෙයක් නැතිව බෙල්ල මුලින්ම හිර වෙච්ච මිනිහා කරන කොයි දේත් හරි
අපි වත්ත කෙළවරේ තිබුණු පොඩි ගල් තලාවට ආවාම රුකමන් මහත්තයා අතේ තිබුණු ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරලා දැම්මා . මම දැක්කා ඒ ගල් තලාවේ කොනක අමුතු සලකුණු කීපයක් තියන හැටි .

"මේ ගල් තලාවේ භාගයක් අයිති වෙන්නේ මගේ ඉඩමට අනික් බාගේ අයිති ඉතින් අභය භූමියට තමා . මගේ ඉඩමේ මේ කොටහේ තමා බඩු ටික තියෙන්නේ . නා කියාගෙන සූදානම් වෙලා රෑ 11:45 තියන පූජාවට වාඩි වෙමු ඊට කලියෙන් අපි මෙතන ටිකක් සුද්ද කරලා ගමු නේද

රුකමන් මහත්තයා අණ කළා විතරයි අපි කඩියෝ වගේ වැඩ පටන් ගත්තා . ඇඟ පතේ පිරිලා තිබුණු අමුතුම ජවය නිසා අපි පැයෙන් දෙකෙන් ගල් තලාව සුද්ද කරලා දැම්මා. බත් පතක් වුණත් හලාගෙන කන්න පුළුවන් තරම් සුද්දෙට අපි එතන පිරිසිදු කළා . වැඩේ ඉවර කරලා අපි ගල් තලාවේ වැවුණ ලාකඩ පඳුරක හෙවනට වෙලා ඉඳගෙන බීඩි කොට දෙකකුත් දල්වාගෙන කතාවට වැටුණා

"මෙතන කෝටි ගානක බඩු තියන බව නම් මට හොඳාකාරවම කීව හැකි උඹලට කියන්න මෙතන මැණික් ගලින් හදාපු ඉබ්බෙකුගේ රූපයක් තැන්පත් කරලා තියනවාය කියලා පාතාල අඳුනෙන් කියවුණා .ඒක තිබුණොත් මගේ පංගුව ඇරුණාම උඹලා එකෙක්ට කොහොමත් ලක්‍ෂ පනහක් වත් වැටෙනවා සුවර් ." 

මගෙ පපුව හීතල වෙලා ගියා . ලක්‍ෂ පනහක් ? දෙයි හාමුදුරුවනේ . ! මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙන්න ගත්තා . හිච්චි ඔළුවේ අත් දෙක තියාගෙන කටින් බලාගෙන ඉන්න අතරේ සුනන්ද අයියත් සේන අයියත් දෙනට දෙන්න බදාගත්තා

"
පොඩියක් අහගනිල්ලා !!" රුක්මන් මහත්තයා ආයේ කතා කරද්දි අපි හැමෝම ඒ හඬට බලු පැටවු වගේ කීකරු වුණා

"දැන් ඔය ගන්න දේට අපි හතර හය දෙනාම අත ගහන්න ඕනෙලු . නැත්තම් මොනවා වෙයිද මන්දා ඒක නිසා ඔය අත් වලින් පුළුටු එහෙම අල්ලන්න එපා කිළුට තියන තැන් වලට යන්නත් එපා . හුජ්ජ කළත් අත කහ වතුරෙන් හෝද ගනිල්ලා ." 

"
රුක්මන් මහත්තයා කියනවානම් හුජ්ජ කරන්නැතුං වුණත් ඉන්නං මගෙ දෙයියෝ !! සේන අයියා රුක්මන් මහත්තයාගේ කකුල් දෙක ගාව වැඳ වැටුණා ."

ඒ සිද්ධිය දැකින ඕනෙම කෙනෙකුගේ ඇස් වලට කඳුළු එනවා ආයේ ඒකේ දෙකක් නෑ . සේන කියන්නේ කවදාකවත් කාටවත් නැවුන මිනිහෙක් නෙවෙයි ඒත් ලක්‍ෂ පනහක් නිසා ඌ අද රුක්මන් මහත්තයාගේ කකුල් දෙක අල්ලලා වැඳ වැටුණ හැටිත් මම ඇස් දෙකෙන්ම දැක්කා . ඒත් මට ඒක පුදුමයක් වුණේ නෑ . මම වුණත් ඒ දේ කරන්න හොඳටම ඉඩ තිබ්බා

"එහෙනම් දැන් යමු. කට්ටියම තමන්ගේ කටවල් පරිස්සම් කරගන්න . කට නිසා තමා මේක වැරදුණොත් වරදින්නේ ! හවස හය වෙද්දී පිරිසිදු වෙලා මෙතන ඉන්න ඕනෙ අනික තමා මෙතනට එනකොට තනි තනිව වරෙල්ලා ..

රුක්මන් මහත්තයා කීව දේට ඔළුව හොලෝලා . අපි කට්ටිය බෙදිලා ගෙවල් වලට යන්න පිටත් වුණා . ටික දුරක් යද්දී තරිඳු ටවුන් එකේ තිබුණු ෆෝන් කඩේ පැත්තට හැරුණා .

"
මොකෝ රීල් ලෝඩ් දාන්නද ?"

"
නෑ බං ෆෝන් එකක් බලන්න .. "

"
යකෝ තාම ලස්සපතියෝ වෙලා නෑ නේ තව සතියකින් විතර එමු ."

"
අද බලලා යමු ඔන්න ඔහේ ."

තරිඳු ගැන මට දුක හිතුණා වුණත් මොහොතක හිතුණා මගේ හිතෙත් ඔය වගේ හැගීම් කීයක් නම් හැංඟිලා තියනවාද කියලා ඒ හැඟීම් එළියට එන්න කොයිතරම් දැඟලුවත් සල්ලි නැති නිසා උඩට නෑවිදින් හැංඟිලා තියනවා . සල්ලි අතට ආපුහම වතුරේ ගිල්ලාපු රබර් බෝලයක් වගේ ඒවා උඩට එන්නමයි දඟලන්නේ .

පැය කාලක් විතර ෆෝන් තෝරාපු තරිඳුවා සිම් හතරක් දාගත හැකි එක චීන ෆෝන් එකක් තෝරගත්තා දවස් තුන හතරකින් සල්ලිත් අරගෙන ආපහු එනකම් ඒ ෆෝන් එක කාටවත් නොදී ඉන්න බවට කඩේ අයිති කාරයාව පොරොන්දු කරවාගෙන අපි ආපහු ගෙවල් පැත්තට ගෑටුවා 

"
යකෝ ලස්ස පතියෙක්ට චීන ෆෝන් එකක් හරියනෑ !!" එන අතර මගදී මම එහම කීවම තරිඳුට හිනා ගියා .

"
සිම් හතරක් දාන්න පුළුවන් ෆෝන් එකක් කොච්චර වටිනවාද ?"කථාවෙන් කථාවෙන් අපි ගෙවල් වලටත් ආවා . හැන්දෑවේ හය හමාරට ඇල ගාවදී හමුවෙන්න කතා වෙලා තරිදු උගේ ගෙදර ගියා . මම මගේ ගෙදරට ගියා .

මම ගෙදර යනකොට ගෙයි සාලේ මේසේ උඩ සල්ලි බැඳපු රිසිට් එකක් තිබුණා මම ආ හැටියෙම ඒක අරන් බැලුවේ මගේ නම ඒකේ සඳහන් වෙලා තිබුණ නිසයි . ඒ තිබුණේ මගේ අන්තර්ජාල බිල ගෙවා දාපු රිසිට් එක

"
ඔන්න ඉන්ටර්නෙට් බිල ගෙවුවා දැන්වත් ගම වටේ ඇවිදින්නැතුව කමරේට ගිහින් වෙනදා වගේ වැඩක් බලාගෙන ඉන්න . "

කාමරේ ඉඳන් ආපු අම්මා එහෙම කියනකොට මට දැනුණේ පුදුම දුකක් . අන්තර්ජාලේ මට කොයිතරම් වැදගත්ද කියලා අම්මා දන්නවා . ඒකයි එයා මටත් හොරෙන් බිල ගෙවාදාලා තිබුණේ . කමක් නෑ මට සල්ලි ලැබුණ ගමන්ම එයාට ලොකු ගාණක් දීලා දානවා . මම හිත හදාගත්තා

******

වෙලාව යන්තම් රෑ හත වුණා විතරයි මම නාල කරලා හෙමිහිට ගෙදරි පැනලා රුක්මන් මහත්තයාලාගේ ගෙදර වත්ත පහළට එකතු වුණා . පපුව නම් එක දිගටම ගැහෙනවා. නෑවා වුණත් මගෙ ඇඟම දාඩියෙන් තෙත් වේගෙන එනවා . සෙරෙප්පු දෙක පවා ලෙස්සනවා වගේ මට දැනුණේ මගේ යටිපතුල් වලටත් ඒ මොහොතේ දාඩිය දාලා තිබුණ නිසා වෙන්නැති

හතයි පහළොව වෙනකොට අපි කට්ටියම ගල් තලාව ගාව එකතු වෙලා හිටියා . අපිට අමතරව පාදාවේ ගුරුන්නාන්සේ මාමයි උන්දැගෙ පුතයි දෙන්නා ඇවිදිල්ලා හිටියා . උන් දෙන්නා කිසිම කතාවක් නැතිව හෝ ගාලා වැඩ . අපිත් හෙමි හෙමිහිට ගිහින් ඒ වැඩපල වලට උදවු වුණා

ටික වෙලාව ගත වුණා. වෙලාව ගත වෙන්න ගත වෙන්න අපේ හිත් වල බයත් වැඩි වුණා . "මේවා සෙල්ලම් වැඩ නෙවෙයි බහිරවයෝ එළවන්නත් එපැයි !" ගුරුන්නාන්සේ එහම කීවම කට්ටිය ටිකක් බය වුණා . බහිරවයෝ එකෙක් නෙවෙයි සීයක් මේ නිදානෙට අරක්ගෙන හිටියත් මම තනියම හරි මේක ගන්නවාමයි මම තදින්ම එහෙම හිතාගත්තා

හීතල හුළඟක් හැමුවා . මම ඒ වෙලාවේ ෆෝන් එකෙන් වෙලාව බැලුවා වෙලාව පාන්දර එකට කිට්ටුයි . කුරුන්නාන්සේ දිග තේඩාවක් අරගෙන ඒකට මොනවාදෝ මතුරන්න වුණා . ගුරුන්නාන්න්සේගේ පුතා ඒ තේඩාවේ එක කොනක් අල්ලා ගන්නකොට අපි කට්ටියම පිළිවෙළට ගිහින් ඒ තේඩාව අල්ල ගත්තා .පුදුමයි අපිට කරන්න ඕනෙ දේවල් කවුරුවත් කීවේ නෑ අපේ හිත් වලට කවුදෝ ඇතුළේ ඉඳන් උපදෙස් දෙනවා වගේ දැනුණා .. මට දැනුණේ මම නිකං මෝහනය වෙලා වාගේ

මොහොතක් ගත වුණා . තේඩාවේ අන්තිම කොන අල්ලාගෙන හිටි රුක්මන් මහත්තයා තේඩාවත් අරන් නිධානය තිබුණ ගල වටේට යන්න පටන් ගත්තා . අපිත් ඒ පිටි පස්සෙන් ගමන් කළා . විනාඩි කීපයකින් අපි ආයේ හිටපු තැන තේඩාව වළල්ලක් වගේ ගල වටේට විහිදිලා තිබුණා. ගුරුන්නාන්සේ ඇවිදින් තේඩාවේ මුල් කොනත් අග කොනත් එක්කරලා කහ පාට නූලකින් ගැට ගැහුවා ගැට දාන අතරේ නොනවත්වාම මතුරන්නත් වුණා . ඒක හරි අමුතුම මැතිරිල්ලක් . ගැටයක් දානවා මතුරනවා ආයේ ගැටයක් දානවා මතුරනවා .. ! ගැට හැත්තෑ හතක් ගහලා ඉවරවෙලා ගුරුන්නාන්සේ තේඩාව බිමින් තිවුවා

"
කවුරුවත් මම කියනතුරු මේ තේඩාවෙන් වට වෙලා තියන රවුමෙන් පිටට යන්න එපා . ගියොත් වැරදිලාවත් ආපහු එන්න නම් එපා !! . මේ පැත්ත හැරිලාවත් බලන්න එපා ."

ඔන්න ඒ වෙලාවේ තමයි අපි කවුරුත් අපේ ෆෝන් ඕෆ් කරල දැම්මේ . ඒ දිහා බලාන හිටපු ගුරුන්නාන්සේ ෆෝන් සේරම ඕෆ් වුණාට පස්සේ ආයෙමත් ගැඹුරු හඬින් මන්තර මතුරන්න වුණා . ටිකෙන් ටික ගල උඩ පත්තු කරලා තිබුණ තැඹිලි තෙල් පුරෝපු මැටි පහණේ එළිය වැඩි වෙන්න ගත්තා . හිච්චි යකඩ ඉන්නත් , සේන අයියා කුළුගෙඩියත් ගත්තා

"
මම මතුරලා අන්තිමේට තු: කියනකොට කුළුගෙඩි පාර් ගහන්න ඕනෙ හරිද ?" ගුරුන්නාන්සේ සේන අයියා ළඟට කිට්ටු වෙලා කීවා . සේන අයියියා හොඳ මහතට ඇඟ පත තිබුණ එකා . ඌ කුලුගෙඩි පාරවල් විස්සෙන් මේ ගල කඩනවා ආයේ ඒකේ දෙකක් නෑ . මම හිතෙන් මිමිනුවා .

"
ඕං හාරි ජාතා හාරි තූ: !"

සෑහෙන දිග මන්තරයක් අවසානයේදී ගුරුන්නාන්සේ විධානය දුන්නා . සේන අයියා එතකොටම කුළු ගෙඩි පාර දුන්නා මිලි තත්පරයක්වත් අඩුත් නෑ වැඩිත් නෑ නියමම ගාන . කුළු ගෙඩි පාර හෙණ ගහන්නා වාගේ ගලට වදිනකොට පොඩි ගල් කැට වැස්සක් වගේ අපේ දිහාවට විසික් වෙලා ආවා කුළුගෙඩි පාර වැදුණ තැනින් ආවේ බොල් හඬක් . හරියට බෙර හමකට තට්ටු කළා වගෙයි.

"
වැඩියෙ මහන්සි ගන්න එපා . ඇඟේ සේරෝම හයිය දාන්නත් එපා කලබල නොවී ඊළඟ පාරත් ගහන්න ."

ගුරුන්නාන්සේ ආයේ උපදෙසක් දුන්නා සරම කැහැපට ගහගත්ත සේනක අයියා ආයෙමත් කුළුගෙඩිය අතට ගත්තා . ගුරුන්නාන්සේ ආයේ මතුරන්න ගත්තා . ඔය විදිහට කුළුගෙඩි පාරවල් තුනක් විතර ගලට වැදුණා . ගලෙන් සෑහෙන කොටසක් ඒ වෙනකොටත් කැඩිලයි තිබුණේ . අපේ අරමුණට, අපෙ අලුත්ම අළුත් ජීවිතයට තව තිබුණේ කුළු ගෙඩි පාරවල් කීපයක දුරක් ඒ කුළු ගෙඩි පාරවල් වලින් පස්සේ අපි දිහා සමාජය බලන්නේ බොහොම ගරුත්වයෙන් අද ගෙවන මේ ජීවිතයට වඩා කුළු ගෙඩි පාරින් පස්සේ උදාවෙන අළුත් ජීවිතය කොයිතරම් වෙනස් වේවිද ? මම නොනවත්වාම හිතුවා ...ඇත්තටම හැම දේම අකුරටම හරියන්න ඉඩ තිබුණා . ඒත් ....

"
කුළුගෙඩිය අතාරින්න ළමයා .. !" ගුරුන්නාන්සේ බොහොම සන්සුන් හඬකින් සේන අයියට කීවා .. ගුරුන්නාන්සෙගෙ මූණ අමුතු වෙලා .

"
මේ අපි කරන වැඩේ පොලීසියට ආරංචි වෙලා තව විනාඩි පහකින් මෙතනට පොලීසිය එනවා . සේරම දාලා යමු යන්න ."

"
කොහොමද දන්නේ ?" බය වෙලා උන්නු අය අතරින් මුල්ම ප්‍රශ්නේ ඇහුවේ මම .

මට ඒක දැනෙනෙවා . ඔය ඇහෙන්නේ සපත්තුවලට කොළ පෑගෙන හඬ .. හොඳට කන් දෙන්න ".

ඇත්තටම ඒ වෙනකොට චරස් චරස් හඬ අපේ කන් වලට යාන්තමට දැනුණා .අපි දිහාට කවුරු නමුත් එනවා ඒත් ප්‍රධාන පාරෙන් නෙවෙයි අතුරු පාරකින් . තවත් මොහොතකින් ගල් තලාවේ සපත්තු ගැටෙන හඬත් ඇහෙන්න ගත්තා

"
ඔන්න දැන් ගලට කට්ටිය ගොඩ වුණා . තව ටිකකින් අපිව දකීවි කට්ටියම මේ වතුර අරන් මූණේ ගාගන්න ආයේ මේ පැත්ත පළාතේ ඉන්න එපා දුවන්න .. එකටම දුවමු තනි වෙන්න නරකයි ."

ගුරුන්නාන්සේ අපේ මූණුවලට වතුර ඉහලා සේරටම කලින් දුවන්න ගත්තා උන්දැගෙ පුතා ඊළඟට දුවද්දී රුක්මන් මහත්තයා සරමත් උස්සගෙන ඒ පස්සෙන් දිවුවා . අනිත් උන් දුවන පස්සෙන් මමත් දිවුවා . කවදාකවත් දුවපු නැති තරම් වේගෙන්

ගඳපාන කැන්ද පඳුරු අස්සෙන් අපි ඒදා හඳ එළිය නොවැටුන කළුවර මං බල බල වැටි වැටී දුවපු හැටි මැරෙනකම්ම මට මතකෙ තියේවි . එරමිණියා කටු අත්තකට මගේ යටිතොල ඉරිලා යද්දී මගේම ලේ රහ මගේ දිවට දැනුණා . ඒත් මම හයියෙන් දිවුවා මට ඉස්සරහින් පපුව අල්ලගෙන අමාරුවෙන් දුවන රුක්මන් මහත්තයාගේ සරම මට පෑගුණා . සරම කැඩිලා වැටුණත් රුකමන් මහත්තයා වේගෙ වැඩි කරලා දුවන්න ගත්තා .

අපි කට්ටියම වෙල් යායට වැටුණා . මඩ කරලා තිබුණ වෙල් යායට අඩිය තිබ්බ හැටියෙම මගේ කකුල අඩි දෙකක් විතර යට මඩේ එරුණා . සෙරෙප්පු දෙක මඩේ අතුරුදහන් වෙද්දී මම ජීවිතේට දුවපු නැති තරම් වේගෙකින් අනික් සේරෝම දෙනා පහු කරමින් ඉදිරියෙන්ම දුවමින් හිටියා .විනාඩි ගාණක් එක දිගට දුවපු අපි කැලේට රිංගලා ලොකු තෙළඹු ගහක් අද්දර ඉඳගත්තා . දෙයියන්ගේ පිහිටෙන් කාටවත් කරදරයක් වෙලා තිබුණේ නෑ .තුවාල වෙලා තිබුණත් හැමෝම යහතින් හිටියා

සරම නැති නිසා ඇඳන් උන්නු සුදු කමිසේ ඉණ වටේ ඔතාගෙන හිටිය රුක්මන් මහත්තයා ඔළුවේ අත් දෙක ගහගෙන හූල්ලන්න ගත්තා . ඈත වෙල් යායේ විදුලි පන්දම් එළි සෑහෙන ගාණක් කැරකෙන හැටි අපිට පේනවා . සේන අයියගේ ඇස් දෙකෙන් සට සට ගලා කඳුළු වැටෙනවා ඒ කඳුළු වැටෙන්නේ සේන හිතින් මවාපු අහස් මාළිගාව කැඩුණට වෙන්නැති

"
අපි නූලෙන් බේරුණා” . තරිඳු එහෙම කියද්දී රුක්මන් මහත්තයා මගේ මූණ දිහා බැලුවා .

"
මම නම් අහුවෙයි මගේ ගෙදරට දැනටමත් පොලීසිය පැනලා ඇති ."

"
බය වෙන්න එපා රුක්මන් මහත්තයා ඕනෙ දේකට අපි හැමෝම ඉන්නවා" . සුනන්ද අයියා රුක්මන් මහත්තයාව සැනසුවා .අපි පාන්දර හතර හමාර වෙනකම් ඒ තෙළඹු ගහ යට බීඩි උරමින් උන්නා . එළිවෙන්න ඔන්න මෙන්න ජාමෙට යාන්තම් ගෙදරට ගියපු මම මුකුත් නොදන්න ගානට ඇඳට වැටුණා . ඒත් මට නින්ද ගියේ නම් නෑ .. පහුවදා උදේ දහය වෙනකොටත් මම ඇඳේ දිගා වෙලා කොට්ටේ මගේ මූණ උඩින් තියාගෙන කල්පනා කරමින් උන්නා . එතකොටයි මට රුක්මන් මහත්තයාගෙන් කෝල් එකක් ආවේ

"
සඳරු මල්ලි .. ! "

"
රුකමන් මහත්තයා .. ?"

"
මල්ලිට කරදරයක් නැද්ද ?"

"
නෑ රුක්මන් මහත්තයා මහත්තයට කොහොමද ?"

"
මේ..මල්ලි කොණ්ඩ තිලක ඇමති තුමා අපේ දිහා ආවා උදේම . "

"
මොකක් ඒ ඇයි ? "

"
එයා තව කට්ටියක් එක්ක ඇවිදින් අරක අරන් ගියා .. මට ලක්‍ෂ එක හමාරක් දුන්නා කට හෙල්ලුවොත් පොලීසි ගෙනියනවා කීවා . "

"
ඉතින් .."

"
ඉතින් මම මොනා කරන්නද මල්ලි උන් ඇවිල්ලා පටවගෙන අරන් ගියා ... ! "

"
මම තියන්නම් රුක්මන් මහත්තයා "

"
උඹ තරහද සඳරු"

"
නෑ .. "

"
සඳරු ! "

"
ඇයි රුක්මන් මහත්තයා "

"
අර ඉබ්බා ඒක තුවායකින් ඔතාගෙන අරන් යනවා මම දැක්කා සඳරු .. " මම ලොකු හුස්මක් ඇද්දා ඒ හුස්මේ හඬ රුක්මන් මහත්තයාටත් ඇහෙන්න ඇති . එදා හවස අපි හැමෝම හිචිලාගේ ගෙදරදී එකතු වුණා . කාටවත් වෙච්ච දේ හිතාගන්න බැරුවයි හිටියේ හැමෝගෙම ඇස් රතුපාට වෙල තිබුණා . ඒ අඬලාද නැත්තම් නිදි මරලාද කියලා මම දන්නේ නෑ .

අපි හැමෝම හීනයක් දැක්කා ඒ හීනය තමයි ලක්‍ෂපතියෝ වෙන එක . ඒ හීනේ හැබෑ කරගන්න අපිට බැරි වුණා . එක මොහොතකින් ඒ හැම දේම වැරදුණා . කවුරු පොලීයට ඔත්තුව දුන්නද කියලා අපිට හිතාගන්නත් බැරි වුණා . ඒත් ඒ අපේ අයගෙන් කෙනෙක් නොවන බව නම් ඉර හඳ වගේ විශ්වාසයි . රුක්මන් මහත්තයා අපි එක්කෙනාට රුපියල් තුන්දාහ ගානේ දුන්නා

"
මේක මම විතරක් තියාගෙන හරි යන්නේ නෑ උඹලටත් මේ සොච්චමෙන් ටිකක් අයිතියි . මට ඉඩම මේ කපේටවත් බේරගන්න බැරි වේවි .. ඒ නිසා මම ඉඩමෙන් කෑල්ලක් ව්කුණනවා ." රුක්මන් මහත්තයා ඇඬුම් හඬින් කියද්දී මගෙ පපුවත් හෝස් ගලා ගියා ඒත් මම ඒ වෙලාවේ රුක්මන් මහත්තයා දුන්න සල්ලි ටික සාක්කුවේ දාගත්තා .

"
මේ කතාව අපි කාටවත් නොකියා ඉමු .." එහෙම ගිවිසගත්ත අපි ආයේ ගෙවල් බලා යන්න පිටත් වුණා . වෙනදා වගේම මමත් තරිඳුත් එකටමයි

"
තරිඳු උඹගේ ෆෝන් එක කීයද බං ?" බිම බලාගෙන හූල්ල හූල්ල යන තරිඳුගෙන් මම එහෙම ඇහුවා

"
ඒක ආයේ ගන්න වෙන්නේ නෑ ආත්ම හතකට .. ඒක රුපියල් හත් දාහයි .. !"

"
මේ තුන්දාහත් උඹ ගනින් ..එතකොට හයදාහයි නේ තව දාහක් හොයාගෙන උඹ ඒ ෆෝන් එක ගනිං බං . කොහොමත් උඹනේ මේ වැඩේට මාව හොයගෙනත් ආවේ .. තව වැඩක හම්බ වුණත් උඹ මාව හොයාගෙන එන බව මම දන්නවා ." තරිඳුවා ආලවට්ටං මොකුත් නැතුව "පින් සිද්ධ වෙනවා බං" කියලා ඒ සල්ලි සාක්කුවේ දාගත්තා

තරිඳුට යන්තම් හරි සැනසිල්ලක් සතුටක් දැනෙන්න ඇති කියලා මට විශ්වාසයි . කවුරු මොනා කීවත් සතුට කියනදේ සල්ලි වලට ගන්න ඇහැකි බව මම දන්නවා . මේ හැම දේම වුණේ හොඳටයි කියලා මම හිත හදාගත්තා .. ඒත් මට ලක්‍ෂ පතියෙක් වෙන්න කෙස් ගහක දුරක් නේද තිබුණේ කියලා හිතනකොට බඩ පපුව දාලා යනවා.. ! 

මේ හැම දේකින්ම පස්සේ මම වෙනදාටත් වඩා මහන්සිවෙලා මගේ වැඩ පල කරලා ගාන හොයන්න පටන් ගත්තා . අද වෙනකොට නම් හිතේ සැනසීම උපරිමේට තියනවා . සාක්කුවත් පිරිලා . පහුගිය ටිකේ නොලියා හිටපු නිසාම ලියන්න දේවල් බොහෝමයක් හිත ඇතුළේ කැලැත්තෙනවා . දැන් ඉතින් ආයේ පරණ ජීවිතේට වැටෙන්න කාලේ හරි

මේ කතාව කාටවත් කියන්නේ නෑ කියලා ගිවිස ගත්ත වග ඇත්ත .. ඒත් ලියන්නේ නෑ කියලා ගිවිස ගත්තේ නෑ නේ .. 

96 comments:

  1. Good luck kollo kohoma hari mahansi welaa diyunu weyan....

    ReplyDelete
  2. ඉක්මණින් එන සල්ලි ඉක්මණින් යනවා කියලා කියනවනේ...

    ReplyDelete
  3. ඔහොම තමයි බං. දැං කොයි නිධානෙත් ගන්න ඇමතියෙක් වෙන්න ඕන.

    ReplyDelete
  4. ලක්මාල්24 September 2012 at 10:43

    අයියෝ සල්ලී... ඔහොම තමා.. උබට කියන්න මමත් ඔය වගේම වැඩක් කර.. මටත් ඔහොමම උනා.. හැබැයි තාම බඩු එතන තියෙන්ව..
    කවුරුවත් තාම අරගෙන නෑ කියල නම් සුවර්..

    ReplyDelete
  5. උඹ හිතනවට වඩා දෙයක් ඔතන වෙලා තියෙනවා.

    එල මචං දිගටම ලියපන්
    ජය!

    ReplyDelete
  6. පොලෝසියට කිව්වෙ කවුද ?

    කොණ්ඩතිලක ඇමතියා කවුද ?

    ඔන්න මට ඇති වුනු ප්‍ර‍ශ්න... කුතුහලය හොදින් රැකගෙන අන්තිම වෙනතුරු කථාව ඉදිරිපත් කරලා තියෙන විදිය පංකාදුයි. රුක්මන් මහත්තයා සරම නැතුව දුවපු විදිය මට මැවිලා පෙනුනා... පොලෝසියට අහුනොවී බේරුන එකම මැදෑ... සාර්ථකත්වයට කෙටි ක්‍ර‍ම නෑ ගොයියෝ මහන්සි වී වැඩ කිරීම හැර...ඒ නිසා ආයෙත් මහන්සිවෙලා වැඩ කරන්න ගත්ත තීරණය ගැන මට සතුටුයි...උඹට ජය !

    රජයේ අවවාදය දුම්බීම පිළිකා ඇති කරයි !

    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
  7. ඔන්න කලින් එකම කොපි පේස්ට් කරා...
    ලියන විදිහ වෙනස් වෙල හික් මීයෝ..ලියවෙන්නේ නැති නිසා මීට සතියකට දෙකකට කලින් බොට කෝල් කරාම ෆෝන් එක වැඩ කරන්නේ නෑ..ඒකත් වික්කය?

    ReplyDelete
  8. superb,unbeleveble.wht's තේඩාව?? matanam hithenne gurunnasema oththuwa deela welawatama oyalawa boruwata yawala wade dennathi. GD LUCK!

    ReplyDelete
  9. හිමි නැති දේ හිමි නෑම තමයි . කොහොම උනත් ලොකු කරදරයකින් බේරිලා තියෙන බව පේනවා .

    ReplyDelete
  10. ඔයින් ගියපු එක ලොකු දෙයක්.. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනේ සදරු අයියේ..

    ReplyDelete
  11. කොහොමත් නිධානෙකින් ගත්තු සල්ලි යාදෙන්නෑ කියන්නෙ ඒවා අනුන්ගේ දේවල් හින්දා වෙන්ඩැති. අර තුන්දාහත් දීපු එක හොඳයි. දැන් උඔ නිදහස්!

    ReplyDelete
  12. බැලින්නම් මුං නිධන් උස්සනවා කියන කතාව ඇත්ත?

    ReplyDelete
  13. දාඩිය මහන්සියෙන් හොයන සල්ලි තරම් ඔය වගේ ඒවගෙන් ගන්න සල්ලි වටින්නේ නෑ. උඹ අතක් පයක් නොකැඩී බේරුන එක ලොකු දෙයක්.

    ReplyDelete
  14. අතට ගත්තු දේ කටට දාගන්න පින නැහෑ කියන්නේ ඕකට තමයි සදරුවෝ. කොහොම උනත් කතාව නම් සුපිරියට ලියලා තියෙනවා.

    ReplyDelete
  15. හැමදාම වරදින්නේ නැහැ සඳරු. කවද හරි හරියනවා. වැටෙන්න වැටෙන්න නැගිටින මිනිහට තමා හරියන්නේ. ගුඩ් ලක් මචන්.

    ReplyDelete
  16. හනේ මන්දා..ඉක්මන් සල්ලි නම් ඕනි නෑ තමා.ඒ වුනාට කොහෙවත් නැති දේශපාලුවෝ අතට යනවට වඩා අහිංසක මනුස්සයෙක්ගේ අතට නිධානයක් යනවනම් මොකද.
    මොනා කරන්නද ඉතින්

    ReplyDelete
  17. මොනව කරන්නද.. පළවෙන් කොටස කියවන කොට හිතුවෙ මෙකක් හරි ජෝක් එකක් කියලා.. උඩින් පාත් වෛන නිධාන වලට වඩා මහන්සියෙන් හම්බකරන සල්ලි වටිනව කියලයි මම නම් හිතන්නෙ.

    ඒව කොහොම උනත් මේ සිද්දිය ඇත්තම එකක් නම් පබ්ලිෂ් කරපු එක හොදයිද..

    ReplyDelete
  18. "ගුරුන්නාන්න්සේගේ පුතා ඒ තේඩාවේ එක කොනක් අල්ලා ගන්නකොට අපි කට්ටියම පිළිවෙළට ගිහින් ඒ තේඩාව අල්ල ගත්තා .පුදුමයි අපිට කරන්න ඕනෙ දේවල් කවුරුවත් කීවේ නෑ අපේ හිත් වලට කවුදෝ ඇතුළේ ඉඳන් උපදෙස් දෙනවා වගේ දැනුණා .. මට දැනුණේ මම නිකං මෝහනය වෙලා වාගේ ."

    මේක ඇත්තටම වෙච්ච සීන් එකක්ද බං....මට නං හිතාගන්නත් බෑ...

    ReplyDelete
  19. එහෙනම් ඒකත් ඇමතියෙකුටම ගියා......!!!

    ReplyDelete
  20. මම අහන්නේ නැ මේක උඹේ අත්දැකීමක්ද කියල එත් ලස්සනට ලියල තියෙනවා
    ලස්සනයි මචන් ඇයි පහු ගිය දවස්වල ලිව්වේ නැත්තේ ?

    ReplyDelete
  21. උඹට සල්ලි නැතුව ඇති, ඒත් උඹ පට්ට පෝසත් කොල්ලෙක් මල්ලි. උඹට හරියනවා. එදාටත් උඹේ ඔය අද තියෙන කොලිටීස්ම තියාගනින්.

    ReplyDelete
  22. හීනයක් දැක්ක වගේ..ඒකියන්නෙ ඇමතිලා..*****ගොඩදාන කතාව ඇත්ත.

    ReplyDelete
  23. ලන්කාවම බහිරවයො රැළකට අයිති බව දැනගෙන හිටියෙ නැද්ද

    ReplyDelete
  24. අපොයි මහත්තයෝ.. මහත්තයලට ඒ ලැබීම නෑ.. හඳහන එවන්න බලලා එවන්නම්.. ඒ පින් තියෙන කෙනාට තමා ලැබෙන්නේ. මම දන්න කෙනෙක් කීවා ඔය පලාතේ එක ස්ථානයක. මහසෙන රජතුමාගේ, රන් ආභරණ ඔක්කෝම තැන්පත් කරලා තියෙනවලු. පොඩ්ඩක් හොයා බලන්න ඒකටවත් වාසනාව තියෙනවද කියලා...

    ReplyDelete
  25. කතාව නම් එල එත් දුකයි. ෂුවර් එකටම කට්ටඩියා ඔත්තුව දෙන්න ඕන. එයාට මිනිස්සු එන සද්දේ කලින් ඇහෙන්න විදියක් නැ කොහෙත්ම. රුක්මන් අය්යා ගැනත් සැකයි. නිධානය අරන් යන එකා , එයාට සල්ලි දීල යන්නේ නැ එහෙම. කොහොමත් නිධානෙකින් ගත්තු සල්ලි යාදෙන්නෑ. අර තුන්දාහත් දීපු එක හොඳයි. දැන් උඔ නිදහස්!

    ReplyDelete
  26. ඒකත් හාමුදුරුවන්ට.....අනේ අපොයි........

    ReplyDelete
  27. ආයෙ ලියන්න පටන්ගත්ත එක ගැන සංතෝසයි සඳරු...

    ReplyDelete
  28. ඇත්තටම එතන නිදානයක් තිබුනද? මට නම් හිතාගන්නවත් බෑ මොකක්ද වුනේ කියලා.දේශපාලුවො ඔහොම්මම තමයි.සෑලෙන්න එපා මල්ලි, ඔයාට ඔය නිදානෙ නෑති උනාට දියුනු වෙන්න පුලුවන්

    ReplyDelete
  29. හ්ම්ම් මොනවා කරන්නද සඳරු.අතට දීල ආපහු උදුරලා ගත්ත වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ.කතාව නම් එලටම ලියල තියෙනවා මචෝ.

    ReplyDelete

  30. මොකද වුනේ කියල හිතා ගන්න බෑ මට නම් සඳරු මල්ලි. ඒත් මේක කියෙව්වට පස්සෙ පපුව හිර වුණා වගේ දැනෙනනව. ගනන් ගන්න එපා, ඒක ඔයාට අයිති නෑ කියල කවුරු කිවුවත්, ඒක ලැබෙන්න ඔන්න මෙන්න තිබිලා නැති වුණාම දැනෙන හැඟීම මට නම් හිතා ගන්න පුලුවන්.

    රුක්මන් අයියට පස්සෙ ලෝබ කමක් හිතුනද දන්නෙත් නෑ.කට්ටඩියා ව ෂුවර්ද.

    මොනව වුණත් එක අතකට හොඳයි මල්ලි, මේ ඔයාගෙ සාමාන්‍ය සුපුරුදු ජීවිතේනෙ. ඔයාගෙ අයත් එක්ක , මෙච්චර කල් හිටිය වගේ සතුටින් ඉන්න.

    ReplyDelete
  31. අයියා ඔයා හැම අතින්ම පොහොසත්.. ආපහු ලියන්න දිගටම. මේ ලියවෙනවා මදි

    ReplyDelete
  32. අනේ මේ ඇත්තම ඇත්ත කතාවක්ද අප්පා ? මේක හරි අසාධාර?නයිනේ එතකොට කොගෙවත් හිටපු කෙනෙක්ටද නිධානේ අයිති උනේ ?

    ReplyDelete
  33. රුක්මන් මහත්තය කොච්චර විශ්වාස කරන්න පුලුවන්ද කියල මට නිකම් හිතුන...

    වෙනද වගේම ලියවිල්ල සුපිරි.
    මොනා උනත් මල්ලි ඔය නිදන් වලට වඩා තමන්ගේ දෑතේ විරියෙන් හම්බ කරන දේ යි වටින්නේ...ඔයාගේ මේ ලිවීමේ හැකියාවෙන් බ්ලොග් ලියනවා ඇරෙන්න තව ප්‍රයෝජන ගන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  34. මේක ඇත්ත කතාවක්ද බං. ඇත්තම නම් වැඩේ ප්‍රසිද්ධ වුනොත් ඇමතියාටත් ඕක නැති වෙනව, ඕවට අයිතිකාරයෝ ඉන්නව. කමක් නෑ බං, උඹට කවදක හරි හරි යාවි. හිතහොඳ මිනිස්සුන්ට වරදින්නෙ නෑ.

    ReplyDelete
  35. yanthan wena ewa wage nathuwa policiyen uba berila..e athi..

    ubata jaya wewa malliye...

    ReplyDelete
  36. ඔක්කොම වෙන්නෙ හොඳට බන්...

    මොනවද උඹේ වැඩ පල කිව්වෙ ?

    ReplyDelete
  37. machan ubala oka athata gaththe nathi ekama thamai hoda.machan nidan ganna puluwan etha owwa wikunanna giyama jeewithe ganawath sure thiyaganna baha.anika ona gemak denna puluwan.e salli wiyadam karanna giyama thamai okkoma mattu wenne.
    anika ban dan nidan pot dannawanam lesiyenma purawidya eken gennala ganna puluwan.police kase mokuth na.unta 1/2 yi apita 1/2

    ReplyDelete
  38. ශිකේ මෙහෙමත් වාසනාවක්..මගෙත් මයිල් කෙලින් වෙනවා ගාන අහපුහාම...ලක්ෂ පනහක්, මොනවා කරන්න බැරිද සේහ්.... ගණන් ගන්න එපා සඳරු අයියේ. ලක්ෂ පනහ හම්බෙලා පෝසතෙක් වෙනවට වඩා දාඩිය මහන්සියෙන් හම්බකරලා ජීවත්වෙන එක වටිනවා.

    ReplyDelete
  39. බොරුවක් වුනත් අැත්ත විදියටම ලියල නම් තියෙනව

    ReplyDelete
  40. The Common Man ගැනත් මොනවා හරි කියන්න

    ReplyDelete
  41. සතුට කියන එක සල්ලි වලට ගන්න පුළුවන් කියන මතයේ උඹත් ඉන්නවා මාත් ඉන්නවා.... ජයම වේවා. දුක් මහන්සියෙන් වැඩ කරපන්. සල්ලි වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
  42. අනුන්ගෙ රත්තරං මොකටද රත්තරං, උඹට ඔය ලක්ෂ 50 ලැබුන නම් සැනසිල්ලෙ ඉන්න පුලුවන් වෙයි කියලා හිතනවද?

    ReplyDelete
  43. කොටස් දෙකම කියෙව්වා සඳරුවෝ. උඹේ කතා කියවනකොට තේරෙන්නෙ නිකං ෆිල්ම් එකක් බලනවා වගේ. උඹේ සිද්ධි ගැන කරන විස්තර නිකන් ඉන්ද්‍රජාලිකයෙක් ඇස් ඉදිරිපිට මවා පානවා වගේ තමයි.

    ඇත්තටම නිධාන කියලා දෙයක් තියෙනවද සඳරුවෝ ? විශ්වාස කරන්නත් අමාරුයි ඒ වගේ වස්තු ඔය වගේ ගල් තාලවල් වල හංගලා තියෙනවයි කියලා කිව්වත්.

    ReplyDelete
  44. මදෑ කීයක්හරි ඉල්ල ගන්ඩ හිටියා

    ReplyDelete
  45. මුලදිම දැන ගත්තා බඩු හම්බ වෙලා නෑ කියලා. එහෙම එකක් වැදුනනම් බ්ලොග් ලියන්න කොහෙද වෙලාවක් තියෙන්නේ.. ලැබුනේ නැති එකමයි හොඳ.. මට හීනෙන් පේනවා සඳරුයි මාමයි හෙළුවෙන් දුවනවා....

    ReplyDelete
  46. වැඩක් පටන් ගත්තොත් කොහේ හරි කොස්සක් බං එපා වෙනෝ නේ

    ReplyDelete
  47. එතකොට ඔය නිදන් කථා වලත් ඇත්තක් තියනවා. අදුන් බලන එකයි, කනප්පුව ඇවිද්දවන එකයි ගැන අර කාලෝ ෆොන්සේකා මහත්තයටත් කිව්වොත් මොකෝ...

    කොහොම වුනත් අපිට උඹව නැති නොවෙන්න වැඩේ සිද්ධ කරන්න බහිරවයෝ ටික වැඩ සිද්ධ කලා.

    බලනකොට බහිරවයා ඇමතියනේ.

    ReplyDelete
  48. ටික දුරක් යද්දී තරිඳු ටවුන් එකේ තිබුණු ෆෝන් කඩේ පැත්තට හැරුණා .
    "මොකෝ රීල් ලෝඩ් දාන්නද ?"
    "නෑ බං ෆෝන් එකක් බලන්න .. "
    "යකෝ තාම ලස්සපතියෝ වෙලා නෑ නේ තව සතියකින් විතර එමු ."
    "අද බලලා යමු ඔන්න ඔහේ ."

    මේක තමයි ආසම කෑල්ල... :) මමත් තරිඳු වගේ හින්දද කොහෙද බොක්කටම වැදුනා...

    ReplyDelete
  49. කමෙන්ට් කළ නොකළ හැමෝටම ස්තුතියි .. මේ සේරම කමෙන්ට් වලට දැන් උත්තර දෙන්න වෙලා නැතත් හෙට හැන්දෑවේ මේ සේරෝටම උත්තර දෙන්නම් ..

    ReplyDelete
  50. හිතනවට වඩා දෙයක් ඔතන වෙලා තියෙනවා.

    ReplyDelete
  51. මල මගුලයි... අනේ මන්ද උබටත් වෙන වැඩ...

    ජය,,,,

    ReplyDelete
  52. යකෝ කමෙන්ට් නොකල එවුන්ට ස්තූති කරන්නෙ මොකෝ.. ?????

    ReplyDelete
  53. මගේ ප්‍රශ්නය මේකයි.

    කොණ්ඩතිලක ඇමති ලා ගේ පුතාලා ඉදිරියේදී දේශපාලනයට පැමිණ මැටි ඇමටි වූ පසු ඔවුන්ට ගන්නට නිදන් කෝ? මේ යන වේගෙට සේරම නිදන් ඉවර වෙයි නේද?

    මෙන්න ඒකට මගේ විසදුම - කියවා නැති අය සඳහා.
    http://kathandara.blogspot.com/2012/05/for-our-future-leaders.html

    !!!

    ReplyDelete
  54. මචං මම උණත් නිධානේ ගත්තානම් මුලින්ම කරන්නේ අර වගේ ෆෝන් එකක් ගන්න එක... ඒක නෙමේ හුජ්ජ කරලා අත් විතරද කහ වතුරෙන් හේදුවේ... නිකන් අහන්න හිතුණා... පුලුවන් නම් අර සිම් 4 දාන ෆෝන් එකෙ මොඩල් නම්බර් එක කියපන්... ඕනෙ පුකක් හාරලා හරි ගන්න ආස හිතෙනවා.. යකෝ සිම් 4ක් ඈහ්....

    ReplyDelete
  55. Your comment will be visible after approval........ ????

    මහ ලොකු නිධන් හාරන එකා.. කොමෙන්ට් එකකටත් බයයි...

    ReplyDelete
  56. සල්ලි වල ගැවසීම, වැඩියි... ඉවසීම අඩුයි....

    ReplyDelete
  57. නිධාන නැති වෙච්චදෙන් .......... උඔට වරදින්නෑ බං අයියේ....
    ( මුණු පොතේ මැසේජ් එකක් ඇති තරහ නැතුව පොඩ්ඩක් බලහන්කෝ .. ලොකු උදව්වක් . )

    ReplyDelete
  58. රසවත්.

    හැබැයි පුතෝ මේ ඇත්ත සිද්ධියක් මුල් කරගෙන ලියපු එකක් නම් පරිස්සමින්. කරන දේවල් කොහොම උනත් ලියන දේවල් ගැන මීට වැඩිය හිතුවොත් හොඳයි. කේස් එකක් වැටුනොත් උඹේ මේ පෝස්ට් වලට හුරේ දමන උන් කවුරුත් නෑ උඹව බේර ගන්න. (කවුරුත් හිටිය උනත් කරන්න පුලුවන් ලබ්බකුත් නෑ.) මේක ආමි මේජර්ලත් බලු කුක්කො වෙච්ච කාලයක්නෙ. කල්පනාවෙන් ලියපන්.

    ReplyDelete
  59. නිශාන්ත25 September 2012 at 17:46

    කතාව ඉවරවෙද්දි ඇස් වලින් කදුලු පනින්න ඔන්න මෙන්න. මේ ජරා දේශපාලුවො උන්ගෙ බලෙන් හැමදේම අයිතිකරගන්න රටක අපිත් ඉපදුනානෙ. කොහොමවුනත් තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බුකරන රුපියල ඉබේ හම්බුවෙන කෝටියකට වඩා වටිනව සදරු. ඉදිරියට කරන සියලු දෙයම සාර්ථක වේවා කියලා පතනවා.

    ReplyDelete
  60. යකෝ... බහිරවයටත් කලින් ඇමති දැනගෙන නොවෑ

    ReplyDelete
  61. හම්බවෙච්ච 3000ත් දීලා දාපු එක හොදා...
    ඔවුවා යා දෙන්නෑ....
    කතාවනං හැමදාමත් වගේ සුපිරි..

    ReplyDelete
  62. මටත් රුක්මන් ලොක්කා ගැන හෙන සැකයි. කට්ටඩියත් එක්ක එකතුවෙලා ගහපු ගහපු ගැටයක්ද කොහෙද.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  63. මචන් ගොඩ දාන එව්වා ගැන නම් කතා නොකලත් කමක් නැ ඔවා කොහොමත් ‍යා දෙන්නෙ නැ බං අත්දැකිම් නං ඔන තරං ඔක්කොම හොදටයි කියලා තමයි කියන්න තියෙන්නෙ.. බ්ලොග නං මරෙ මරැ..

    ReplyDelete
  64. \\..කවුරු මොනා කීවත් සතුට කියනදේ සල්ලි වලට ගන්න ඇහැකි බව මම දන්නවා..\\
    පුලුවන්ද??:-/

    පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙක් මැදිහත් වෙලා ඉබ්බා රාජසන්තක කරන ඇති!

    ReplyDelete
  65. කවුරු වුනත් මට ඇමතියව සැකයි. එහෙනම් ඒ නිධානෙත් ඇමතියෙක් අරගෙන ගියා ඈ... නිකම් මිනිහෙක්ට ගියානම් දුකක් නෑ..

    ReplyDelete
  66. @Chathura Yapa Bandara = ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @හිරු = කතාව නම් ඇත්ත ඒත් සල්ලි අතට ආවා නම් ඒකම මදෑ
    .............................................................................................................................
    @Praසන්ன = මාත් එහෙම කෙනෙක් වුණා නම් නේද අයියේ
    .............................................................................................................................
    @ලක්මාල් = කොහෙද බං ඒ . ගන්න නෙවේ මම පොඩ්ඩක් විපරං කොරලා බලන්න අහන්නේ
    .............................................................................................................................
    @රැඩිකල් කොල්ලා = හිතනවාට වඩා ගොඩක් දේවල් සිද්ද වුණා කියලා මට තේරෙනවා ඒ දේවල් වෙන්නේ කරුමෙට කියලත් දන්නවා . මොනා කරන්නද බං පවට පින් දුන්න හැකියැ
    .............................................................................................................................
    @සිරාගේ කාමරේ = කීවේ කවුද කියලා නම් දන්නෙම නෑ , කොණ්ඩ තිලක ඇමති තුමා ගැන කීවොත් මට හතර මහා නිධානේ පහල වේවි . දුම් බීවොත් නම් මැරෙයි ඒත් කවදා හරි අපි මැරෙයිනේ බං
    .............................................................................................................................
    @රත්ගමයා = වෙන්න ඇති බං හැම දාම එක විදිහට ලියන්ඩ බෑ නෙව මගේ ෆෝන් එක දැන් වැඩ ඕනෙ වෙලාවක ගනින් .
    .............................................................................................................................
    @Anonymous = මචං තේඩාව කියන්නේ කොහු වලින් හදාපු කඹයට සමා වෙන්න මටත් අමතක වුණා ඒක වරහන් ඇතුලේවත් දාන්න . ස්තුතියි
    .............................................................................................................................
    @Gimhani = මට එය හිමි නැති බැවු හිත නෑ අදහන්නේ .
    .............................................................................................................................
    @මල්සරා = ඇත්ත මල් මල්ලියේ
    .............................................................................................................................
    @බුද්ධි = බුද්ධියා ඒ කතාව නම් ටිකක් විතර යල් පැනගිය එකක් . ඔතන වෙන්නේ එක පාර සල්ලි ගොඩක් අතට ආපුහාම ඕනෙ කෙනෙක්ට ඒක පාලනේ කරගන්න අමාරු වෙලා ප්‍රශ්න ඇතිවෙන එක ලොතරැයියක් ඇදුන කෙනාටත් ඕකම වෙනවා .
    .............................................................................................................................
    @Sabith = කවුද කියන්නේ මචෝ මේ මම නම් නිධන් වත්තු ඇහැටවත් දැකලා නෑ
    .............................................................................................................................
    @චමී4යූ = කියලා වැඩක් නෑ බං
    .............................................................................................................................
    @සුදීක = අතක් පයක් කැඩුනත් මොකද බං වැඩේ ගොඩ ගියා නම් .
    .............................................................................................................................
    @හසිත මදුශංක = පින නම් තියෙන්නේ තියන එකාට විතරයි බං . ස්තුතියි ඇවිදින් කියෝලා ගියාට

    ReplyDelete
  67. @කෝරලේ මහත්තයා = ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @Pramudi = අහිංසක මිනිහෙක් අතට ගියා නම් තමා ඒක නිධානෙයක් වෙන්නේ .
    .............................................................................................................................
    @බණ්ඩා = මම කීවේ නෑ බණ්ඩෝ මේක ඇත්ත කියලා . උඹගේ පැල් කොටේ පැත්තෙත් මම අද ආවා .
    .............................................................................................................................
    @මධුරංග = බොරුවක් කියලා හිතාගෙන අමතක කරලා දාපං බං .. කතාව කියෙවුවාට උඹට කප්පරක් තුති
    .............................................................................................................................
    @Sumith Niriella = අනේද කියන්නේ
    .............................................................................................................................
    @Anonymous = මචං පහුගිය ටිකේ නානාප්‍රකාර වැඩ කිසිම ගැලපීමක් නැති වැඩ ගොඩක් මම කලා . ඉතින් ඒවා කරලා ගෙදර එන්නේ සිද්දාලේපේ ගාලා දොයියගන්න බලාගෙන ලියන්න තියා කියවන්නවත් ප්නක් ඇඟට තිබ්බෙම නෑ බං
    .............................................................................................................................
    @Charmi = තැන්කිවු !
    .............................................................................................................................
    @මාලන් = ස්තුතියි මාලන් අයියා . හැමදාම වගේම අදත්
    .............................................................................................................................
    @වීපොකුර = අනේ මන්දා ? යාළු
    .............................................................................................................................
    @සුජියා = හිකි හිකි
    .............................................................................................................................
    @Inamaluwe Buddadasa = බැංකුවට උකස් කරලද දන්නෑ ! දැන් සින්න වෙලත් ඇති .
    .............................................................................................................................
    @Prabath = නෑ මචං කට්ටඩියා රුක්මන් මහත්තයාගේ නෑයෙක් අනික මිනිහට පුලුවන් වෙන්න තියන අනතුරක් ගැන කල් තියා කියන්න . මිනිහා එහම කරල තියනවා කීප වතවක්ම
    .............................................................................................................................
    @නිසූපා = මොනා කරන්නද නිසු
    .............................................................................................................................
    @පරිකල්පන = ස්තුතියි මචං උඹලා කියවන නිසා නොවැ
    .............................................................................................................................
    @චූටි = ස්තුතියි චූටි අද තමයි මම හිතන්නේ ඔයා මෙහේ පලවෙනි කමෙන්ට් එක දැම්මේ

    ReplyDelete
  68. @අලුත් බුවා = ස්තුතියි අලුත් බුවා
    .............................................................................................................................
    @සිදු = ජීවිතේ නම් වෙනදා වගේම සතුටෙන් ගෙවනවා සිදූ . මොනා කරන්නද අපි කවුරුත් දුවන්නේ සැප යොයාගෙන නේ . මාත් ඒ වගෙයි
    .............................................................................................................................
    @වර්ණා = ස්තුතියි නඟේ බලමු තව ටික කාලෙකින් බ්ලොග් එක වැහිලාම යාවිද මන්දා
    .............................................................................................................................
    @Raj = ඔන්න ඔහොමයි සිද්ද වුණේ
    .............................................................................................................................
    @කාව්‍යා = අපිට වෙන්නෙම අසාධාරණ දේවල්නේ කාව්‍යා . ඉතින් ඕක මොකක්ද
    .............................................................................................................................
    @niroshini = වෙන ඉතින් මොනා කරන්නද යාළු එහෙමට කියලා හැකියාවකුත් නැති බව මම හොඳටම දන්නවා ‍‍
    .............................................................................................................................
    @DDT = ස්තුතියි මචං ඒක නෙවේ මොකද බං නම ඩීඩීටී කියලා දාගත්තේ මදුරුවෝ කයි කියලද ? :)
    .............................................................................................................................
    @සෙන්නා = දන්නැද්ද මචෝ මේ පොඩි පොඩි වැඩ මම වෙලාවක ඒ ගැන කියන්නම්කෝ
    .............................................................................................................................
    @Anonymous = එහෙම සීන් එකක් මම දැනං උන්නේ නෑනේ මචං . මේක නම් වැදගත් නිවුස් එකක් වේවි ස්තුතියි මචං මෙ කමෙන්ට් එක ගොඩක් වටිනවා
    .............................................................................................................................
    @පැතුම් = වටිනවා උනාට බං අම්බානෙට අමාරුයි . මහන්සි වෙලාම ඇඟත් රිදෙනවා බං
    .............................................................................................................................
    @Imalka de silva = ස්තුතියි . කොමන් මෑන් කියන්නේ මොකාද බං ?
    .............................................................................................................................
    @Shashika Fernando = ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @තරු =මචං ඇත්තම කීවොත් අම්මපල්ල ඔවු මට පැයක් හරි සතුටෙන් නින්දයාවි .
    .............................................................................................................................
    @දුමී= ඒගැන ඔයාට මම ප්‍රයිවට් එකේ කියන්නම්
    .............................................................................................................................
    @lakmal kandevidane = කියක් ඔනෙයි ? දැන් වුණත් දෙන්නම්
    .............................................................................................................................
    @මාතලන් = මම කොහ්ද බං හෙලුවෙන් දීවේ . රුක්මන් මහත්තයා නෙව දිවුවේ .
    .............................................................................................................................
    @පුබුදු = කියලා වැඩක් නෑ බං
    .............................................................................................................................
    @The Modern Patriot = එතුමා කියාවි මට ඩිසෝසියේටිව් අයිඩෙන්ටිටි ඩිස් ඕඩර් ලෙඩේ කියලා

    ReplyDelete
  69. @Beetle = අපි කවුරුත් ඔයි වගේ තමයි බං ආසාවල් වලට යට වෙලා තමයි ඉන්නේ .
    .............................................................................................................................
    @ආචාර්ය මීවනපළානේ ජයරත්න =මටත් එහම හිතනවා රාවනා තමයි ඕකට මුල
    .............................................................................................................................
    @Gayan Rupasinghe = කියලා වැඩක් නෑ නැද්ද ?
    .............................................................................................................................
    @තරු = ගතියනේ බං මගේ
    .............................................................................................................................
    @කතන්දර = ඉස්සර රජ දරුවන්ට බැංකු තිබුන්නෑ හදිසියේ සිඅංහාසනෙන් යන්ඩ වුනොත් ආයේ යුද්ද කරනඩවත් සල්ලි නෑ නේ ඒක නිසා කස්ටිය වස්තුව ගල් තලා වල හැංගුවා . අනික තමයි ඒ කාලේ කුලී හේවායෝ පවා තමන්ට වැටුප ලෙසට හම්බුන කහවනු රිදී කාසි අරවා මේවා හොර හතුරන්ගෙන් බේරගන්න ගල් අස්සේ නිධන් කලා ඔවුවා තව එමට තියනවා කකා ගන්න හැකි වේවා වගේම ගන්න නොහැකි ඒවත් .
    .............................................................................................................................
    @තිසර = පුකවල් හාරලා ෆෝන් ගන්න බෑනෙ බං එහෙම හාරලා ගත හැකි ගූ බෙට්ටක් නම් . උඹ ඒවා කරන්න යන්න ඔනෙ නෑ මේ මෙන්න ෆෝන් එක http://www.nairaland.com/603820/4-sim-cards-4-active හොයාගෙන අරගනිං ඔහේ නැත්තං මට සල්ලි එවහං මම ෆෝන් එක උඹට බායි එකේ දාලා එවන්නම් . කමෙන්ට් වලට නම් බයයි බං .
    .............................................................................................................................
    @prasanna86k = අම්මප සහතික ඇත්ත බං
    .............................................................................................................................
    @දිනෙල්ක = මචං මූනු පොතේ පයින්ඩයක් තිබේ නෑ ආයේ දාපන් තරහ නැතිව .
    .............................................................................................................................
    @Anonymous = හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව ලොකුයි කියලා මම දන්නවා ඒක නිසයි මචෝ මේක ලීවේ ඇත්ත කෙලවෙච්ච දාට මම විතරමයි .
    .............................................................................................................................
    @ළහිරු හිමේෂ් = අනේද කියන්නේ දුරදක්නා නුවන
    .............................................................................................................................
    @තරියා අබේ = ස්තුතියි අබේ .
    .............................................................................................................................
    @Dude = රුක්මන් අයියයි කට්ටඩියයි දෙන්නා අහිංසක මිනිස්සු කියලා මට තාම හිතෙන්නේ . (කතාවට අනුව) ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @Thinura nethmina = බ්ලොග් එකට හයියක් දුන්නට ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @නුවන් = සහතික ඇත්ත පුලුවන් සතුට සල්ලි වලට ගන්න පුලුවන් .
    .............................................................................................................................
    @Alexander Cage = ස්තුතියි මචෝ .. ජය වේවා !!

    ReplyDelete
  70. සඳරුවා, මේ කථාවල ඇත්ත නැත්ත මම අහන් නෑ මචෝ. ඒත් මෙහෙම දේවල් ලියද්දි ගොඩක් ප්‍රවේශම් වෙයං. ඒ වගේම බ්ලොග් එකත් දිගටම ලියපං. ජයවේවා!!!!!!!!......

    ReplyDelete
  71. ඒ උඹ කියන කතාව නේ, රුක්මන් අයියා මට කිව්වේ වෙන කතාවක්...

    ReplyDelete
  72. The common man , දන්නෙම නෑ බබා FB eke Chinthaka sandaruwn jayawickramage wall 1ke thibune
    menna U tube link 1ka (මතක නැත්නම්) http://www.youtube.com/watch?v=1di_26kvNgI&feature=youtu.be
    The Common Man.

    ReplyDelete
  73. Uba Lakshpatiyak wela "hisahasa" nati wavi kiyana duka witari mata tiyana.
    api "Hisahasta" Adari.
    Jayawewa.
    Sajith Mendis.

    ReplyDelete
  74. kawda ane me kondathilaka????...

    ReplyDelete
  75. you have a lot of negative thoughts sandaru...think positive and pls change that status above...your are a very talented guy..why do you think that you are a looser ? dont publish this comment ok. You can think positive and you can get all those things you need in your life. pls change your attitude, ok .one day you will definetely reach that position you dream, but you can get those easily and soon if you think positive :))) Good luck malli...!!!

    ReplyDelete
  76. අපි හිතන විදියට හැමදේම සිද්ද වෙනවනම් කොච්චර දෙයක්ද....... බ්ලොග් එකනම් පට්ට සදරු අය්යෙ.

    ReplyDelete
  77. This comment has been removed by the author.

    ReplyDelete
  78. පට්ට කතාව සදරු අයියේ..
    දුකේ බෑ...
    ඕක ඇත්ත කතාවක් නම් ගුරා ගේම දුන්න කියලයි මටත් හිතෙන්නේ...

    ReplyDelete
  79. මචං උඹ ලියන ඒවා බොක්කට ම වදිනවා ... පට්ට ඈ ..

    ReplyDelete
  80. මචන් සඳරුවෝ, මීටඅවුරුදු 5,6කට කලින් මමත් උඹ වගේ ආත පාත නැතුව හිටි කාලයක උඹේ ඉසව්වටම ඇවිල්ලා මාසයක් දෙකක් කටු කෑවා. ඔය වගේම වැඩක් පස්සේ ගිහින්. සල්ලි වලට ආසාව නොතිබුනා නෙවෙයි එත් මට ගොඩක්ම ආසාව තිබ්බේ ඔය කතා ඇත්තද කොහොමද වෙන්නේ කියල බලන්න... ඒ ආසාව නිසාම මමත් එහෙම සෙට් එකකට කොටු වුනා. මොකද උන් ඒ ගැන කතා කරද්දී ඇති වුන කුතුහලෙටම දුර දිග හිතන්නේ නැතුව කැමති උනා.. දැන් වගේ නෙවෙයි ඒ කාලේ කොටිත් හිටපු කාලේ. මධ්‍යම කඳවුර උඹ නොදන්නා පැත්තක් නෙවෙයිනේ. උහනින් හැරිලා ඔය පාරේ කී පාරක් මම රස්තියාදු වෙලා ඇතිද? උඹට වගේම අපිටත් අතට ගන්න කලින් දාලා දුවන්නයි උනේ. හැබැයි උඹේ කතාව මොකා විශ්වාස නොකරත් මම විශ්වාස කරනවා. මොකද මගේ ඇස් දෙකෙන් දැකලා තියන දේවල් නිසා මම දන්නවා දිගාමඩුල්ල පොලව ඔය වගේ රන්, මුතු, මැණික් වගේ වස්තු සම්බාරයක් හංගගෙන ඉන්නේ. හැබැයි එදා ඒ දේ නොකෙරුණ එක ගැන මට ගොඩක් සතුටුයි. එකක් ඕවා අරගෙන දියුණු වෙච්ච උන් වැඩි කාලයක් හොඳට ඉඳලා නෑ. සල්ලි තිබ්බත් උන්ගේ අඩු පාඩු. හිතේ සැනසීමක් නෑ. අනිත් එක එදා ගිය සෙට් එක ගැන කල්පනා කරද්දී මම තමයි හිටපු පොඩිම එකා. උන් මාව කැලේ මරලා දැම්මත් ගෙදර දන්නේ නෑ. අම්මලාට බොරු කියලනේ ඔහොම ගමන් යන්නේ.... තව දෙයක් නම් කටු කාලා කාලා ඔලුව ඉස්සුවහම එකේ තියන සතුට, ආඩම්බරය හදිස්සියේ හම්බවෙන සල්ලි වලින් ලැබෙන්නේ නෑ. උඹට ශක්තිය, දහිරිය තියනවා. ඉවසගෙන හිමින් ඔලුව උස්සපන්. එතකොට කාටවත් වට්ටන්න බෑ. වැටුනත් රිදෙන්නෙත් නෑ. මොකද වැටුනොත් වැටෙන්නේ උඹ කලින් පය ගහලා හිටපු තැනටමයි.... මේ විස්තරේ මම කාටවත් කියලා නෑ. එත් උඹට වගේම අත්දැකීමක් මට මීට අවුරුදු 5,6කට කලින් ලැබුන නිසා සහ ඒ ගැන මම අද සතුටු වෙන නිසයි මේ ටික කියල යන්න හිතුනේ...........

    ReplyDelete
  81. මයෙ බොක්ක මචං සඳරු.....

    අවුලක් නෑ බං.උඩට නගින්න බැරිවුණාට උඹ හිටපු තැනින් පහළට වැටුණේ නෑනේ.අත පය හයිය තියනවනේ.නැගිටපන්!!!! එච්චරයි.

    ReplyDelete
  82. මටත් හිතෙන්නේ මෙතන ගුරා සම්බන්ධ වෙලා තමයි වැඩේ දෙන්න ඇත්තේ.... මේක කියවද්දි මට මතක් වුනේ අයියා කාලෙකට කලින් ලියා තිබුණු කෙටි කතාවක්.අර නිධන් හාරන්න ගිහින් කොහෙන්දෝ ආපු මනුස්සයෙක් අක්කට අලවංගුවෙන් ගහපු සීන් එක.. ඇත්තටම මම මෙතනත් බලාපොරොත්තුවුනේ එහෙම දෙයක් වෙන්න ඇති කියලා.එක අතකට සතුටුයි ජීවිතේට හානියක් නැතිව මේවා මෙයින් ගොඩ ගියපු එක ගැන....

    කරන කිසිම දෙයක් හරියන්නැතිකොට මේ වගේ දේවල් කරන්න හිතෙන එක සාධාරණයි.මොකද මටත් ඔහොම දේවල් හිතෙනවා.පහුගිය ටිකේම ඒ ගැන සෑහෙන්න කලකිරිලා කරන්න නොහදපු දෙයක් නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒ මදිවට කෙල්ලගේ ප්‍රශ්න විසඳන්න ගියාම පිස්සු හැදෙනවා...

    මම ආයෙත් මුල ඉඳලා පටන් ගත්තා.අයියට උපදෙස් දෙන්න තරම් මම සාර්ථකත්වයට පත්වෙච්චි එකෙක් නෙමෙයි ඒ වුනත් ජීවිතේ ගැන ඉස්සෙල්ලා හිතන්න කියන්න ඕනේ.මොකද අම්මටයි නංගිටයි ඉන්නේ උඹ විතරයිනේ...

    හැබැයි අයියේ උඹට වරදින්නෑ... ජය වේවා

    උගන්නන්න පුළුවන් එකේ.ලියන්නත් පුළුවන් එකේ පොඩියට ක්ලාස් පොඩ්ඩක් පටන් ගත්තොත් මොකෑ?? තනියම කරන දෙයක් තමයි ඉතින්... (නැණසල මධ්‍යස්ථාන වලට උගන්නන්න කට්ටිය ගන්නවා කියලා ආරංචියි මගේ යාළුවෙකුත් සෙට් වුනා... ට්‍රයි කරන්ඩෝ)

    ReplyDelete
  83. සඳරුවා.... පණ පිහිටුවල ලියල තියෙනවා බන්...

    ReplyDelete
  84. සැහ්....!! අපරාදෙ..
    මෙක කියවල මාව කඩාගන වැටුන. උඔට කොහොම තියෙන්නැද්ද..

    තවත් අපූරු ජීවිත අද්දැකීමක්.වෙනද වගේම සුපිරියට කතාව ලියල තියෙනව.චිත්ත රූප මැවෙනව කියවගන යද්දි. නවත්තන්න හිතෙන්නෙ නෑ. දිගටම මේ වගේ පොස්ට් ලියන්න දෑත් ශක්තිමත් වේවා කියල සුභ පතනව ඕං...!!

    ReplyDelete
  85. දුක්වෙන්න එපා! මොනවා කරන්නද?

    ReplyDelete
  86. liyannata deyak netha, hithannata dewal godak atha. Man yanawa hithanna.

    ReplyDelete
  87. ai sandaru dan liyanne naththe?

    ReplyDelete
  88. කවුරු මොනා කීවත් සතුට කියනදේ සල්ලි වලට ගන්න ඇහැකි බව මම දන්නවා . හම්ම්..ඇත්ත.. :)

    ReplyDelete
  89. කවුරු මොනා කීවත් සතුට කියනදේ සල්ලි වලට ගන්න ඇහැකි බව මම දන්නවා . හම්ම්..ඇත්ත..:)

    ReplyDelete

තැන්කූ බං