9.10.12

කුණ්ඩවාලයක් පාත් වුණදා





 තැපැල් කන්තෝරුවේ වැඩ කරවුව දාස මාමලෑ ලොකු පුතා රණවීර අයියා මගෙත් එක්ක තරහ වෙලා දැන් මාසෙකටත් වැඩියි . කාලෙකට කලියෙන් මට පණ වුණත් දෙන්න තරම් ලෙංගතු එකෙක් වෙලා උන්නු රණවීර මුලින්ම මා එක්ක තරහ වුණේ මම උන්ගේ ගෙදර උන්නු කම්මැලි නාකි බල්ලට නරියා කියලා කොලොප්පමක් කළ දවසෙයි . එදා මම විහිළුවට කීව කතාව ගෝරියක් දක්වාම ඇදිලා ගිහින් නැවතුණේ රණවීර අයියයි මායි ජම්මාන්තර තරහ කාරයෝ දෙන්නෙක් බවට හරෝලයි . අනේක විහිළු තහළු කරගෙන තිබුණ අපි දෙන්නා මේ කෙඩෑරි බලු නකුටෙක් හන්දා වෛරක්ක්කාරයෝ දෙන්නෙක් වුණේ කෝමද කියලා අපේ ගෙවල් දෙකේ උදවිය පවා කම්මුලේ අත තියාගෙන කතා වුණා . මීට මාස ගණකට කලියෙන් එදා වෙච්ච ඒ සිද්ධිය මට තාම මතකයි . මට හොඳටම විශ්වාසයි මම කල ඒ විහිළුව ඇස් රතු කරගන්න තරම් ජරා විහිළුවක් නොවන බවට. ‍‍

රණේ අයියේ උඹලෑ බලු දණ්ඩා එන්න එන්නම කෙට්ටු වෙනවානේ .! උඹලා කන්න දුන්නෑ මූට ?.
කට තියාන ඉන්න බැරිවටද මන්දා මම දවසක් උගේ ගෙදර ඉස්සරහා පඩි ගැට්ටේ ඉඳගෙන කියෙවුවා . එදා සැටලිමකට උණ ගස් කපන්න ආපු ගමේ කොල්ලො රොත්තකුත් රණවීරලෑ ගෙදර පිලේ කයිය ගහමින් හිටියා .

ඒ උඹට පේන හැටි සඳරු.

නෑ බං මුං කොහොමත් පැට්ටු කාලේ තමා මහත ලොකු වෙද්දී කෙඩෑරි වෙනවා . ඒ මුංගේ වරිගේ හැටි .”

අනේ දන්න බම්බුවක් කතා කරහං සඳරු . මූ හොඳ වර්ගෙ එකෙක් අපෙ උක්කුං මාමා වාවින්නෙ ගිහින් මේකව ගෙනාවේ . මුගෙ වර්ගෙ .ම්.ම්.ම් මට මතක නෑ .

මූ ෆොක්ස් හවුන්ඩ් නේ බං . !” මම විහිළුවට කී කතාව රණවීර අයියා සිරාවට ගත්තා .

අන්න හරි බං ඒ වර්ගෙද කොහේද තමා . තව ටිකක් කල් යද්දී ඔකා හෙණ ජබ්බෙට හැදෙයි .”

හ්ම් ඒ විතරක් නෙවේ ... ! “

ඇයි උඹ නැවැත්තුවේ තව මොනා . ?

පෝය දාට හූ තියන්නත් ගනියි .

මට තේරුන්නෑ !” ‍‍

දැං උඹ පිළිගත්තා නේ මූ ෆොක්ස් හවුන්ඩ් කියලා ඒ කියන්නේ නරි බල්ල කියන එක නේ ! ආ නැද්ද ?”
රණවීර අයියලෑ ගෙදර පිලේ ඉඳන් උන්නු කොල්ලො ටික හීනිවට වගේ හූ තීවා . රණවීර අයියගේ මූණ තරහෙන් රතු වුණේ මම බලාන ඉන්දෙද්දී . දැන් මේකා පුපුරාවි , දැන් පුපුරාවි කියලා මම හිතෙන් ගණන් කළා .

සඳරු තෝ මෙතන නිකං ඉගිරිස් කෑලි දාලා කතා කළාට තෝ ඉංගිරිසි පේල්නේ .. ?

ඒ පළවෙනි පාරනේ බං මම හතරවෙනි පාර පාස් .”

ඉතින් උඹ හරි උගතා ? උඹ ඒමනේ හිතාන ඉන්නේ ?
රණවීරට නප්පියට තදවෙලා තියන විත්තිය මට විතරක් නෙවේ . එතන උන්නු කොල්ලෝ සේරටම වාගේ තේරෙන්නැති . නිලමෙ මාමගේ පුතා හනිකට නැගිටලා රණවීරව සන්සුන් කරන්න හැදුවේ ඒ අතරෙයි .

රණේ ඌ විහිළුවක්නේ බං කළේ උඹ මොකද ඕක රුවිතෙට අරං මෙතන ඩෙඟන්නේ ? අල්ලා දාපං බං . ඔවුවද අපි කරගන්න විහිළු . “

ඒත් රණවීර නෙවෙයි යන්තම්වත් සන්සුන් වුණේ . පුපුරන්න පටන් ගත්තු ගිනි කන්දක් වාගේ රණවීර තරහා අරගෙන තිබුණා . රණවීරගේ කටෙන් අමු තිත්ත කුණුහරප වැලක්ම පිට වුණා . රණවීරගේ අම්මයි නංඟියි දෙන්නා පවා ඒ හඬ ඇහිලා එළියට දුවගෙන ඇවිදින් යකා නටන රණවීරව සන්සුන් කරන්න නොගත්ත උත්සාහයක් නෑ . ඒත් මද කිපුණ අලියා වගේ කුලප්පු වෙච්ච රණවීර කට්ටිය ඉස්සරහා මට බොහොම තුච්ඡ විදිහට බනින්නත් නක්කලේ දාන්නත් ගත්තා .ඒ විතරක් නම් මදෑ මාව මරණ බවට දොරපොල්ල අතට අරන් තර්ජනය කළා

හිටි ගමන් මේ රණවීරෙට මොනා වුණාද කියලා මට හිතාගන්න බැරි වුණා . ඒ වගේමයි මොහොතකින් මගෙත් ඉවසීමේ සීමාව ඉවර වුණා . මමත් හිතේ තරහින් මොනවා කීවද කියලා මටවත් මතක නෑ . ගහ ගන්න ගිය අපි දෙන්නව කොල්ලො එකතුවෙලා දෙපැත්තට කළා . රණවීරගේ නංඟි කවීෂා අඬ අඬා මට ගෙදර යන්න කියන හැටි දැක්කාම මම කෑකෝ ගහන එක නවත්තලා පිලේ තිබුණ මැටි මල් පෝච්චියකට කුඩු සංසාර වෙලා යන්න පයින් පාරකුත් දීගෙන දකුණු කකුලේ සොත්ති ඇඟිල්ලත් තළාගෙන ගෙදර ගියා

දන්න කියන කාලේ ඉඳන් ආස්සරේ කරපු දුකට සැපට එකට හිටපු අපෙ ගෙදර සාමාජිකයෙක් වගේ උන්නු රණවීරයියා මා එක්ක ඔරොප්පු වුණේ ඔන්න ඔහොමයි . ඒත් මට කිසි දුකක් දැනුණේ නෑ . ඒ පොඩි විහිළුවට අවුරුදු ගානක යාළුකමක් කඩාදාන්න කොහෙත්ම බෑ . රණවීරයා මේක උගේ හිතේ මා එක්ක තිබුණ වෙන තරහකට කළ දෙකක් බව මම නිතරම හිතුවා

වැඩි හොඳේ දබරෙටයි කියනවානේ !”

රණවීරගෙයි මගෙයි රණ්ඩුව ගැන ආරංචි වෙච්ච අපේ අම්මා මට දවසක් එහෙම කීවා . ඇත්ත මම සමහරවිට දවසින් වැඩි හරියක් ගිහින් ඉන්නේ රණවීරලෑ ගෙදර . රණවීරත් එහෙම්ම තමා අලුත් චිත්‍රපටියක් , හම්බුණ දාට ඒකත් අරන් දුවගෙන එන්නේ අපේ ගෙදර . . ගල් සහ මල් අරගෙන අපි දෙන්නා ගුවන් ගතවෙච්ච වාර පවා එමටයි . මටත් හිතුණා අම්ම කීව කතාව හරි කියලා . ආයෙ නම් රණේ මලත් මම මළගෙදර වත් නොයා ඉන්න හිතාගත්තා

ඉතින් ඔය සිද්ධිය වෙලා මාස අටක් දහයක් ගත වුණා රණවීරයි මායි පාරෙදී කඩේදී , බස් එකේදී නිතර හමුවුණත් කතාවක් බතාවක් නිකමටවත් සිද්ධ වුණේ නෑ . ඌ දැක්ක තැන මම අහකට කෙළ ගැහුවා . ගමේ කා එක්කත් රණවීරගේ නුගුණ කිය කියා ඌට බැන්නා . මම රණවීරට බනින බව සමහරවිට ඌට ආරංචි වෙනවත් ඇති . ඒත් ඌ ආයේ මට කිසි දෙයක් කීවේ නෑ . මට දැනුණේ හරියට ඌ තමන් කළ වරද ගැන පසුතැවෙනවා වගෙයි . ඉතින් මම යටි හිතෙන් සතුටු වුණා

රණවීරයි මායි අමනාප වුණාට මොකද අපේ පවුල් වළ උදවිය නම් වෙනදා වගේම හොඳින් උන්නා . රණවීර අපෙ අම්මට දකින තැනදී “නැන්දේ” කියලා හිනාවෙලා කතා කළා . මම වුණත් උන්ගේ ගෙවල්වල උදවියට හොඳින් සැලකුවා . ඔන්න ඔය හේතුව නිසාම තමයි මේ පහුගිය දවසක රණවීරලාගේ ගෙදර ඉඳන් අපේ ගෙදරට බුලත් අතක් උඩින් ආරාධනා කාඩ් එකක් ආවේ . රණවීරගේ ලොකු නංඟී කවීෂා කසාද බඳිනවා කියලා ඒ කාඩ් එකේ ලියවිලා තිබුණා . “ඕනෙ කෙනෙක් යයිනේ මම නම් ආයේ උන්ගේ මගුලට තියා මරණෙකට වත් යන්නේ නෑ .. ! “මම තනියම හිතාගත්තා . ඒත් ඒ හිතිවිල්ල පුස්සක් වුණේ මම හීනෙකින් වත් හිතුවේ නැති විදිහට

පහුගිය සතියක සඳුදා දවසක හැන්දෑවේ පහට විතර මම ගෙදර එන වෙලාවට සාලේ ප්ලාස්ටික් පුටුවක රණවීර ඉඳගෙන හිටියා . ගෙට ඇතුල්වෙනකොටම මම ඌව දැක්කා වුණත් නොදැක්ක ගානට කුස්සිය පැත්තට පල්ලම් බහින්නයි හැදුවේ . ඒත් එතකොටම මාස ගානකින් මට රණවීරගේ හුරු පුරුදු කටහඬ ඇහුණා 

සඳරු මල්ලි වැඩක්ද උඹ ?
උගෙ කටහඬට මගේ තරහ හිත නිවිලා ගියේ කොහොමද කියන්න මම තාම දන්නෑ .

නෑ

මේ එළියට පොඩියක් වරෙන්කෝ .
රණවීර මාවත් අඬගහගෙන එළියට ආවා . උගේ මූණේ තිබුණේ මම දකින්න පෙරුම් පුරපු පසු තැවීමක හැඟීමක් . “කොහොම හරි මේකා මගේ කකුල් දෙක ගාවටම ආවනේ ඒකම මදෑ” මම යටිහිතින් හිනා වුණා .

සඳරු එදා වෙච්චදේ අල්ලා දාපන් . මට එදා ගෙදර අයත් එක්ක පොඩි ප්‍රශ්නෙකට තරහ ගිහින් තිබ්බේ ඒ තරහ තමයි සඳරු උඹගේ පිටින් ගියේ . උඹ අවුලක් ගන්න එපා ඈ

දැං උඹට ඕක කියන්න මෙච්චර කල් ගියේ ඇයි ?

අනේ බං ඔන්න ඕක අල්ලා දාපංකෝ හරස් ප්‍රශ්න අහන්නේ ?
රණවීර මගේ බෙල්ල වටේට අතක් දාලා උගේ පරණ යාළු කම පෑවා .

හ්ම් . අවුලක් නෑ රණෙ අයියේ .

ඔන්න ඕමනේ ඉන්න ඕනෙ . යමු ටින් එකක් බොන්න .”

ඉඳහන් සල්ලි කීයක් හරි ගේනකම්

මොන සල්ලිද අද මම ගානේ . යං යං
ඔන්න ඔයි විදිහට තමා රණවීරයි මායි ආයේ අපේ හිත මිතුරුකම ආරම්භ කළේ .එදා අපි බීව බියර් වලින් හේදිලා හිත්වල තිවුණ පරණ තරහා මරහා මැකිලා යද්දී රණවීර මට ආරාධනාවක් කළා .

සඳරු අපෙ කවීෂා ගේ වෙඩින් එක ලබන සිකුරාදා උඹ එදාට එන්ඩෝන . උඹ එනවනේ ?

හ්ම් . උදවු එහෙම ඕනෙද ?

අනේ ඔවු ගෙයි ඉටිරෙදි සීලිම ගහන්න ඕනෙ බිම පොලිස් කරන්නයි තීන්ත ගාන්නයි ඕනෙ තව වැඩ යමරෙට බං උඹත් ඇවිදින් පොඩි සප් එකක් දෙනව නේ ..?

මම එන්නැතුං ඉන්නවද ?
එදා ඉඳන් දවස් කීපයක්ම හැන්දෑ වරුවේ මම රණවීරලෑ ගෙදර උදවුවට ගියා ...

 කෝම හරි මගුල හෙටයි කියලා මමත් තවත් කීප දෙනෙකුත් එකතු වෙලා රණවීරයියලාගේ ගේ වත්ත පිටිය සුද්ද පවිත්‍ර කළා .හවස වැඩ ඉවර වෙලා නාකියාගෙන රෑ වෙලා ඉටිරෙදි සීලිම ගහන්නත් පටන් ගත්තා . රණවීර නම් මට උදවුවට හිටියේ නෑ . ඌ මගුල් පෝරුවක් හදන්න කොන්ත්‍රාත්තුව දෙන්න කොහේදෝ ගිහින් උන්නා . මගෙත් එක්ක වැඩ කරමින් උන්නු කොල්ලො එකා දෙන්නා රෑ බෝවෙද්දී හීනිවට මල් උරලා වැඩිසීනි ප්ලේන්ටිය බීලා මිදුලේ වාඩිගෙන ඔහේ කල්පනාව .ඒත් මොට කියතකින් රීප්ප පටි කපමින් මම තනියම වැඩ කළා

තේකක් බොමු නේ සර්
මගෙ පිටිපස්සෙන් අහුණ හුරු පුරුදු හඬකින් මම හැරිලා බැලුවා. ඒ කතා කෙරුවේ කවීෂා ඒකි මට තේ කෝප්පයක් ගෙනල්ලා . මම පළාතේ පොඩි පරිගණක පන්තියක උගන්වන නිසා කවීෂා මට සිරික්කිය දාන්න නිතරම භාවිතා කළ වචනය වුණේ “සර් .”

ආ මේ මිසිස් කවී නේ

අනේ යනවා යන්ඩ තාම මිස් .
ඒකිගෙ මූණ ලැජ්ජවට රතු වෙලා .ගෙයි සාලේ සුදු පාට සී එෆ් එළ බලුප් එළියට මට ඒක හොඳට පෙනුණා

උදවුවක් ඕනෙද මගෙන් ?

එහෙනං මට ආං අර ඉටිරෙදි ටික මේ ගාන මේ ගාන තීරු වලට කපා දෙනවද ?

මට උදවුවක් කරන්න කෙල්ල බලාන හිටි නිසාම මම කවීශට පොඩි වැඩක් පැවරුවා . ඒකිත් පුංචි ටීපෝ කෑල්ලක වාඩිගෙන නිල් පාටයි සුදු පාටයි ඉටිරෙදි තීරු කරන්න වුණා . සැටියේ වාඩිවෙලා තේ බොන ගමන් මම මගේ ඉස්සරහා තිබුණ ඔපදමාපු කණ්ණාඩි මේසෙක පිහිටෙන් කවීෂා දිහා හොරෙන් බැලුවා

දෙයියම් පල්ල ඒකි නම් පට්ට ලස්සනයි . !!

කවීෂා කොයිතරම් ලස්සන වුණත් සුන්දර වුණත් මගේ හිත යාන්තමට වත් ඒකිව ඉල්ලනේ නම් නෑ . සමහරවිට දැන් මම ආදරේ කරන එකී මගේ හිත සින්නකරේටම ලියවාගෙන නිසා වෙන්නැති ඉස්සර වගේ දකින දකින කෙල්ල ගාව මගේ හිත ඔකඳ වෙන්නේ නැත්තේ.

දැන් එතකොට කවීෂා අම්පාර දාලා කෑගල්ලට යනවා ?
තේ කෝප්පේ ඉතිරි තේ මණ්ඩි ටික ජනේලෙන් එළියට හලපු මම නිල්මිනීගෙන් එහෙම ඇහුවේ ආයි ඒකිව කතාවට අල්ලගන්න මට ජීවිතේටම ඉඩක් නොලැබේවි කියලා හිතලයි .

යන්න වෙලා .”

කොල්ලා ලස්සනද ?

පෙන්නන්නං ඔයාට ?

හ්ම්
කවීෂා ෆෝන් එක අරගෙන ඒකෙ තිබුණ ටිකක් විතර වයස පේන බුවෙකුගේ පින්තූරයක් මට පෙන්නුවා . මූ මහ නාකි දැල්ලෙක් නේ කියලා කියන්න හිතුණත් ඒ හිතිවිල්ල හිත ඇතුලෙම වළ දාලා මම බොරුවක් කීවා .

කොල්ල හොඳයි .”

හෙට ආවම බලාගන්නකෝ ෆොටෝ එක ටිකක් කළුවරයි.

එතකොට කවීෂා අපිව දාලා ගියාම අපිව අමතක වේවි ආයේ වැරදිලාවත් මෙහේ එන එකක් නෑ
කවීෂා මූණ අඳුරු වුණා . යන්තම්වත් කතාබහක් නැතිව ඒකි මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න විනාඩි ගාණක් කල් අරගත්තා .

මෙහේ අමතක වෙන්න නම් මැරිලා උපදින්න වෙයි . ඒක නෙවේ ඉතින් ඔයා කවද්ද මිසිස්ව ගේන්නේ . ? අපිටත් මගුල් කියනවද ?

මොන මගුල්ද මම ඒකිව පොතේ ලියලා ගෙදර ගේනවා . “
කයිය ගැහුවට සීලිම හැදෙනවයැ . මම ආයේ වැඩ පටන් ගන්න හිතාගෙන කියත අතට ගත්තා .එතකොටම තමයි මට බයික් එකක හඬ ඇහුණේ .

අයියා ආවා.. මම නිදාගන්න යනවා
එහෙම කියාපු කවීෂා දනි පනි ගාලා ගෙට දුවලා ඇඳට පනින හඬ මට ඇහුණා

එදා මම මහ රෑ වෙනකම් වැඩ කරලා රණවීර අයියලෑ ගෙදර කැත නෑ කියලා කට පුරෝලා කියන්න පුළුවන් ජාතියේ සීලිමක් ගැහුවා . එදා ගෙදර ඇවිදින් ඇඳට වැටෙනකොට පාන්දර හතර හමාරත් පැනලා . දුම් ගඳ යන්න මූණ හෝදගෙන ඇඳට වැටුණ මට ඇහැරුණේ උදේ නවය හමාරට විතර . එදා තමා කවීෂා මගුල

මම මගුල් ගෙවල් වල යන්න අඳින දිස්නෙ දෙන කමීසෙ අත් නවලා ඩෙනිමට උඩින් දාලා බාටා සෙරෙප්පු දෙක දාගෙන මගුල් ගෙදර දිහාට ගියා . බෝතල් ගැටෙන හඬ වටින් පිටෙන් ඇහුනත් මම ඒ දිහා නොබලා එහෙට මෙහෙට දුව පැනලා මට හැකි විදිහට මගුල් ගෙදරට උදවු පදවු කළා . මගුල් ගෙදර වැඩ කටයුතු වුණත් බොහොම ලස්සනට සිද්ධ වුණා .දාහතේ මහතුං මාමා උන්දැගෙ බත් පිඟානෙම කබරයා දගනිපු එක ඇරෙන්න වෙන කිසිම අවුලක් සිද්ධ වුණේ නම් නෑ .

අවුව පායලා හොඳ එළියක් තිබුණ නිසා මගුල් ගෙදරට තවත් දිස්නෙ වැටෙන පෙනුමක් ඇවිදින් තිබුණා. ඒත් වෙනසකට කියලා තිබුණේ කවීෂා අඳුරු වෙච්චි මූණු ඩිංග විතරයි . මගුල දා නිල් මැණිකක් වගේ දිලිහි දිලිහි තියේවි කියලා මම හිතාන උන්නුත් ඒකිගේ මූණ කේතලේ වගේ කලු වෙලා හිනා පොදක්වත් නෑ. ඒත් කවීෂා මූණත් තහඩුව දිහා බලාන ඉන්න මට මොහොතකවත් වෙලා තිබුණේ නෑ . මට කරන්න සෑහෙන වැඩ තොගයක් තිබුණා . මට යාන්තම් නිදහසක් හම්බුනේ මගුල් ගෙදර අවසානේ වයසක බුවාලා කතා පවත්වන්න පටන් ගත්තාමයි .

අයිස් කෝපි එකක් අතට ගත්ත මම ප්ලාස්ටික් පුටු කෑල්ලක ඉඳගෙන අවසාන ජවනිකාව බලන්න සූදානම් වුණා කොහොමින් කෝම හරි ස්තුති කතා, පම්පෝරි, අවසන් වෙනකොටම ඔන්න මම බලාන උන්නු අවමංගල්ලේ පටන් ගත්තා . මගුල් ගෙදරක අවසානෙට කෙල්ලගේ පැත්තේ එවුන් හූ කිය කිය අඬා වැටෙන එක මට නම් දිරවන්නෙම නෑ . මටනම් ඔය වගේ වෙලාවට මටත් නොදැනීම හිනහා යනවා . ඒත් එදා නම් මට හිනහ වෙන්න බැරි වුණා

මගුල් ගෙදර අවසාන වෙන්න කිට්ටුව ඉකි ගහමින් අඬාපු කවීෂා මල් කලඹ මිදුල මැද අතෑරලා ඒකිගේ කාමරේට දිවුවා . නෑදෑ පරපුර ඒකිගේ පස්සෙන් දිවුවා . වෙච්ච දේ මොකක්ද කියලා හිතාගන්න බැරිව මමත් පොඩියක් උන් තැනින් නැගිටලා විපරම් කරලා බලන්න සුදානම් වුණා විතරයි එතකොටම ගේ ඇතුළෙන් එළියට ආ රණවීර මා ගාවට දුවගෙන ආවා

සඳරු අර කුස්සියේ තියන භාජන ටික ධර්මේ අයියගේ කුබෝටාවේ දාගෙන හතේ ගෙදරට ගිහින් දීලා වරෙන්කෝ .”

මෙවුවගේ තව අල පරිප්පු එහෙම්මයිනේ බං ? මෙවුවා කාලා පස්සේ භාජං ටික ගෙනියමු .” එතනට දුවගෙන ආපු අල්ලපු ගෙදර ජගත් කෑම වලට බැල්ම දැම්මා”

අනේ බං ජගත් ඉතිරි ටික හලපං හලන්න දුකනං උඹ මල්ලක දාං ගිහිං ගෙදර ඉඳන් කාපං බඩේලිය යනකම් හරි කාපං .සඳරු අනේ හනිකට මෙවුවා ගිහින් දීලා වර .”
මමත් හනි හනිකට රණේ පෙන්නාපු ඇලුමිනියම් භාජන හත අටක් එකතු කරලා කුබෝටාවට පැටෙවුවේ තවත් කොල්ලෝ කීප දෙනෙකුගේ පිහිටෙන් . කොට කොටා ගිය කුබෝටාව හතේ ගෙදෙට්ට යන්න විනාඩි 15ක් වත් ගන්නැති මයෙ හිතේ . ගෙයි මිදුලෙන් භාජන ටික බාපු මම . ටිකක් සද්දෙට ගෙදර අයට කතා කළා

තිලකා නැද්දේ . මාමෝ .! මේං භාජං ටික මිදුලෙන් බෑවා ! හරිද බලන්ඩෝ . අඩුනම් දැම්ම කියන්ඩෝ . !
මගේ කෑගැහිල්ල ඇහුණාම තමා හතේ ගෙදර අය එළියට ආවේ . උන් මං දිහා පුදුමයෙන් බලද්දී මට හිතුණා මට කොතැන හරි වැරදිලා කියලා .

සඳරු පුතේ මේ අපේ භාජං නෙවි .” හතේ ගෙදර තිලකා නැන්දා එහෙම කියද්දී මට පුදුම හිතුණා

මට රණවීරයියා කීවා මෙවුවා මෙහෙන් ගෙනබ්බාන්න කියලා .

අනේ බං රණවීරට පිස්සුයැ . මෙවුවා අපේ නෙවි මෙවුවා උන්ගෙම ගෙදර හට්ටි මුට්ටි . මට හොඳට මතකයි වංගියක් අපිත් මෙවුවා මෙහ දානෙකට ඇන්න ආවා . මෙවුවා අපේ නෙවි . ගිහින් දාපං තිබ්බ තැනටම . “

මම ආයෙමත් ඒ භාජන ටික කුබෝටාවේ පටවාගෙන රණවීරලෑ ගෙදරටම ගෙනිච්චා . මම එහෙට යනකොට කවීශාගේ මගුල් පෙරහැර පිටත් වෙලා . මමත් හනි හනිකට භාජන ටික තිබ්බ තැනම ගිහින් බාලා . පුටු මේස ටික පිළිවෙළක් කරලා දාලා ඉතිරිවෙලා තිබුණ ගල් බෝතලේකුත් ඉනේ ගහගෙන හෙමිහිට ගෙවල් දිහාට මාරු වුණා

හය හමාරට හතට විතර මගෙ ෆෝන් එක නාද වෙද්දී මම උන්නේ සැප නින්දේ . ඒත් ෆෝන් එක උස්සලා කනේ තියාගත්තාම අනෙක් පැත්තෙන් මට රණවීරයියගේ කටහඬ ඇහුණා .

සඳරු අද රෑ හතට විතර පොඩ්ඩක් අපෙ ගෙවල් පැත්තේ වරෙන් වැඩත් ඉවර එකේ අපි පොඩ්ඩක් සෙට් වෙන්න කියලා හැදුවේ උඹත් වරෙන් . “

එක හිතෙන්ම ඒ ආරාධනාව පිළිගත්ත මම නාගෙන කරගෙන ඒ පැත්තට හෙමිහිට ගෑටුවා . මම යනකොටත් රණවීර උන්ගෙ ගෙදර බකිනි ගහ යටට මේසෙයක් අරන් ඒ මේසේ උඩ බෝතල් කීපයක් සහ වීදුරු කීපයක් තියලා සරසලා තිබුණා . මම ආවා විතරයි බෝතල් එකිනෙක සට පට ගාලා කැඩෙන්නත් වීදුරු එකට ගැටෙන්නත් පටන් ගත්තා

වෙලාව ටිකෙන් ටික ගත වුණා මට මතක හැටියට රෑ දොළහටත් කිට්ටුයි . රණවීරට ටිකක් බඩු වැඩියි වගේ . ටිකක් එහා පුටුවක උන්නු රණවීර හෙමින් මා ගාවට ආවා .

අඩා ! තිළිණයා ඔය පුටුව මට දිය දැං මං සඳරුවා ගාව වාඩි ගන්නවා . . පල අහකට

මගේ ළඟ හිටපු තිළිණ මල්ලියාව අහකට පන්නපු රණවීර මේ මං ගාවට එන්නේ හොඳකට නෙවෙයි කියලා මට ඉවෙන් වගේ තේරුණා . මගෙ බෙල්ල බදාගෙන තවත් අතකින් වීදුරුවකුත් ගත්ත රණවීර වෙරි පිට ලොකු කතාවක් පටන්ගත්තා . රණවීරයා බීපුහාම උගේ ළඟ රහස් නෑ මම ඒක හොඳට දැනගෙන හිටියා

උඹාලාට මං කතාවක් කීනවා ආගනියවු . අරි . ඔය අපේ ලොකු නඟා කවීෂා ඉන්නවා නේද ? . ඕකි අද ගිය මගුලක් කරගෙන ගෙදරින් ගිය එක මට මාර සතුටක්. දැන් මං නිදහස් . උඹලා දන්නෑ අපි ඕකිට ඔය කසාදේ කොරලා දුන්නා බලෙන්ම . ඔවු අපි එහෙමයි කෙල්ලො හදන්නේ.”

අඩේ කවීෂා කැමැත්තෙන් නෙවේද බං බැන්ඳේ ?
ඉස්කොලෙ කඩේ වස්තු තමා එහෙම ඇහුවේ .!

ඒකි කැමැත්තෙන් හිටියේ වෙන එකෙට්ට. කාටද දන්නවාද ? උඹලා දන්නවාද ?

නෑ නෑ දන්නෑ . අපි දන්නෑ

සඳරු උඹ දන්නවාද ?

නෑ බං මං කොහොම දන්නේ ?

මූ දන්නෙත් නෑ තොපි දන්නෙත් නෑ . මං ඉතයි දන්නේ . කවීෂා මෙන්න මූට යකෝ කැමැත්තෙන් උන්නේ . “
මාව ගල් ගැහිලා ගියේ රණවීර මගෙ බෙල්ලෙන් අල්ලලා අනෙක් එවුන් දිහාවට මාව තල්ලු කළ නිසයි .

මොකද්ද බං ඒ කැත කතාව .”

අහපල්ලා අපෙ නඟා සඳරුවට කැමතියි ඒත් අපි තියා අපෙ හත්මුතු පරම්පරාවම සඳරුවාට කැමති නෑ . ඒක නිසයි මම සඳරුවත් එක්ක තරා වෙලා උන්නේ එහෙම නැතුං මූ අපෙ බලු දණ්ඩාට බැනපු නිසා නෙවි මූ එක්ක මම ආයේ හාද වුණේ කවීෂා මල් ඇට කාලා මැරෙන්න හදපු නිසා .ඒව මේවා කෝම හරි දැන් මං නිදහස් . සඳරුවෝ උඹට කවුද බං කෙල්ලො දෙන්නේ ? . අපිත් එක්ක නම් ඒ විජ්ජාවල් හරියන්නෑ පුතෝ ..”

රණවීරගේ කතාව අහපුහාම මගේ සරුවාංගෙම රත් වෙලා ගියා පපුවත් ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා .

මොනා රණේ අයියේ උඹ මට මේ කියන කතා. මම උඹලෑ ගෙදර ආවේ උඹව හම්බුවෙන්න විතරයි ඒක මේ ගමම දන්නවා . අනික උඹත් හොඳට දන්නවා මට එකියක් ඉන්න විත්තිය . මම උඹගේ නංගි ගැන යන්තම්වත් හිතලා නෑ . දෙයි හාමුදුරුවන් පල්ලා . !! .” 

මට පුළුවන් විදිහට මම කීවත් රා කළ හතක් බීපු නාලාගිරියා වගේ හිටි රණවීර මෙල්ල වුණේ නම් නෑ . ඒ අතරේ මට හිතුණා මූ මට භාජන වගයක් දීලා මාව වෙන අහක යැවුවේ මොකටද කියලත් මට තේරුණා . සමහහර විට මම ඉන්න නිසා කවීෂාට පිටගං යන්න දුක හිතෙන්නැති.

අනෙ උඹද මිනිහා. ඇයි උඹ තාපසයද ? උඹ තමා මේ ඔකෝම කළේ . තොට දෙනවා මං . ඔළු පැලෙන්නඩ හිටපිය .. . . . .තෝ ..”

රණවීර මට ගහන්න බෝතලයක් අරන් පැන්නා . කිසිම සූදානමකින් නොහිටි මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා අනික මම බීවෙ හිඟුරාණ ස්පෙෂල් නිසා මාව හීනිවට කැරකෙනවා ගහගන්න තබා මට කෙළින් ඉන්නවත් බැරිතරම් .මගෙ වෙලාවටද කොහෙද ඉස්කෝලෙ කඩේ වස්තු හනිකට පැනලා එක පාරින්ම රණවීරව බිම දැම්මා .අම්මප වස්තු නොහිටින්න අද මම බෝතල් පාරක් කාලා දැඩිසත්කාරේ

මේසෙ යට වැටිලා උන්නු රණවීරව නැගිට්ටුවන්න කිසි කෙනෙක් හිටියේ නෑ .ගමේ උන් හැමෝම මාවත් ඇදගෙන රණවීරලාගේ ගෙදරින් එළියට ආවා . ඒ විතරක් නෙවේ . මාව ගෙදරටම ගෙනිහින් දැම්මා .

මල්ලී ආයේ රණේ එක්ක ඇයි හොඳයි තියාගන්න එපා . ඒක නෙවේ උඹයි කවීශයි ඇත්තටම ලවුද ? .”
ඉස්කෝලෙ කඩේ වස්තු අයියත් මගෙන් එහෙම අහද්දී මට ඇඬෙන්න වගේ ආවේ මම බීලා උන්න නිසා වෙන්නැති .

අනෙ නෑ වස්තු අයියේ . මම ඒකි මට කැමතියි කියලා දන්නෙවත් නෑ . අනික ඒකිගැන මගෙ තුන් හිතකවත් නෑ . උඹලටත් මාව විස්සාස නෑ ..”

හරි හරි මලයා උඹ දැන් ගිහින් බුදියගනිං .”

මෙච්චර හරියක් වුණාම කොහෙ බුදියන්නද . මම ගිහින් ගෙදර දොරමුල්ලේ හංඟලා තිබුණ ගල් බෝතලෙන් අඩියක් දෙකක් අමුවෙන්ම දාගත්තේ හිතේ අමාරුව මැකෙයි කියලා හිතාගෙන. ඒත් අන්තිමේදී මට සිද්ධ වුණේ වත්ත වටේට කබරයා දාන්නයි

එදා රෑ මම නින්දත් නොනින්දත් අතර හිරවෙලා හීන ගොඩක් දකිමින් එළිවෙනකම්ම ලොකු දුකක් වින්දා . එක හීනෙක මම කවීෂාව දැක්කා , තවත් හීනෙකදී මම රණවීරත් එක්ක ගහ ගත්තා . මම එළිවෙනකම්ම ඔය හීන අතරේ හිරවෙලා උන්නා . ඉස්සර නම් ලස්සන කෙල්ලක් හීනිවට හිනා වුණා නම් මම ඒ පැත්තට නැවුණේ නියපොත්තෙන් කොනිත්තාපු ලබු දල්ලක් වගේ. ඒත් දැන් මගෙ හිත ඒ තරම් බොළඳ නෑ . කෙල්ලෝ කොයිතරම් නෙළුම් කරටි ඇඹරුවත් මම නෙවේ ආයේ ඒවට අහුවෙන්නේ

කවීෂාගේ යාළුවෝ කීප දෙනෙක්ම පස්සේ මට කීවා කවීෂා මට කැමති වග ගෙදරට අඟවලා තියෙන්නේ එයාට ගෙදරින් ගෙනාපු මගුලෙන් ගැලවෙන්න මිසක්ක මගෙ ගැන වෙන යමක් හිතිලා නොවෙන වග .ඒත් මම ඔවුවගෙ ඇත්ත නැත්ත හොයන්න ගියේ නෑ . වෙනදා උන්නා වගේම මගේ පාඩුවේ ඉන්න උත්සාහ කළා .. ඒත් ඊයේ හැන්දෑවේ මට මගේ අනාගත බාරිගෙන් කෝල් එකක් ආවා . “මොන දේ වුණත් දැන් මට ඉන්නේ මේකි විතරයිනේ” සන්තෝසෙන් එහෙම හිතපු මම ෆෝන් එකට හලෝ කීවා ..ඒත් එතකොටම හෙණ ගහන්නා වාගේ . අහක තිවුණ කුණ්ඩවාලයක් මටම පාත් වුණා

ඔයා හරි නාකයි ඔයා අර කවීෂා කියන කෙල්ලට ලයින් දලා මගේ යාළුවෙක් මට දැන් සේරම විස්තරේ කීවා. චික් ඔයා නම් හරි නරකයි , හරිම කැතයි .. මම තරහයි .”

මේ හත්තිලවුවේ ඇත්ත කතාව පොඩ්ඩක් අහගන්න මම එහෙම දෙයක් කළේ නෑ .. .”
ඒත් මගේ කතාව අහන්න අකමැති ෆෝන් එක කට් වුණා .හිත දුකෙන් තරහෙන් පිරෙද්දී දොර මුල්ලේ හැඟිලා උන්නු ගල් අරක්ක්කු බාගේ මගේ දිහා හොරෙන් බලන හැටි මම දැක්කා .

117 comments:

  1. කමෝන් සදරුවෝ...අන්න එහෙම දාපංකෝ...උඹ ලියන තරමට අපිට සතුටුයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හයියෝ සංසාරේ කිව්වලු... ජංජාල ගොඩයිනෙ බොලං.... ඒ පැත්තෙ වෙඩිමකට සැට් වෙලා හීනියට අඩියක් ගහන්න මටත් උපන්නා බන් දොළ දුකක්....උඹ හෙම සදරු පොතේ ලියලා බාරිව උස්සගෙන එන්න සූජානම් වෙන්න එපා අරිද ? අශෝක වීදුරුවෙන් හිගුරාන ෂොට් දෙකක් තුනක් ගහලා බොලාලට සුභ පතන්නත් එක්ක අපිටත් ආරාධනා කලොත් තමා හොද...

    උඹ යන යන තැන අහක යන වලිත් ඇගට එන කාලයක් වගෙයි... වෙඩිමට පස්සෙ ගුටි කෙලියක්.. ඊටත් පස්සෙ බාරි තරහා වෙලා... නරකද මාරයට හරි මාතලන් උන්නැහේට හරි කියලා කේන්දරේ බලා ගත්තොත්.... උඹට ජය !

    ReplyDelete
  4. මයෙ බොක්ක සඳරු...

    මට පේන හැටියට උඹේ හඳහන හොඳනෑ.මේ දවස්වල ෂුවර් එකට අපල ඇති.මොනව වුණත් අර වස්තු කොලුවට මගේ උත්තමාචාරය!!! ඌ නිසා නෙමෙයිනං උඹට මේ පෝස්ට් එක වුණත් ලියන්න වෙන්නෙ නෑනේ...:D

    ReplyDelete
  5. අනේ මන්ද බං, උඹටත් මාර හෙන තමයි පාත් වෙන්නෙ.

    ReplyDelete
  6. අඩේ මරු කතාව මචං, ඉඳල හිටලා අපි හිතන්නෙවත් නැතුව ඔහොම ගිනිගේදී පාත් වෙනවා තමා. හැම මනුස්සයම එක වගේ ආශ්‍රය කරන්න බෑනේ. ඒ ඔච්චර බොන්න එපා බං. ජය

    ReplyDelete
  7. හ හා... විනාසයි යකෝ... උඹටමනේ බන් මේව වෙන්නේ...
    දැන් ඉතින් උඹට නොවදිනා වැදුම් වදින්න වෙනව දැරිවිව යාළු කර ගන්න... හික් හික්

    ReplyDelete
  8. ගණන් ගන්න එපා බන්.බොක්ක හොද උන්ට තමයි හැමදාම හෙන ගෙඩි.උබේ කෙල්ලව ආයේ යාලු කරගත්තද?කෙල්ලන්ගේ හැටි ඔහොම තමයි.පොඩ්ඩ ඇත්තන් කලබල වෙනවා.

    ReplyDelete
  9. සුපිරි පිරි ඉතිරි ලව් ඉස්ටෝරි අස්සේ තව ඉස්ටෝරී. මෙහෙම ලියන්න ඉතින් එකම එකයි ඉන්නේ.. මට නිකං ඩෝප් වගේ ආවා. උඹ ගල් බෝතලේ මතක් කොලාම...

    ReplyDelete
  10. අනේ බං උබටත් සිද්ද වෙන්නේ මහ අමුතුම වැඩනේ... කොහොම උනත් රණවිරලා වගේ උන් එක්ක ආයේ ඇයි හොදයිකම් තියාගන්න එකනම් සුභ නැහැ.. මොකටද බං ඒ වගේ එව්වෝ...

    කථාව නම් එලට ලියලා තියෙනවා.. නට්‍යක් බැලුවා වගේ තමයි..

    ReplyDelete
  11. මැච් එක පැරදුනාට වඩා දුක සීන් එකක්නෙ මේක..

    ReplyDelete
  12. මුනාද සඳරු මේ දාගන්න ලෙඩ? ගූ ගොඩවල් වලට පයින් ගහන්නේ නැතුං හිටපන්කෝ....

    ReplyDelete
  13. ජීවිතේ පැටලුනු නූල් බෝලයක්...

    ReplyDelete
  14. Ane mandhaa malli umbe naraka grahayek aayi belma dhaalaadha mandhaa ?

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. සඳරුවෝ, මේක උඹ ගොතාපු කතාවක් නෙවෙයි නේද බන්. මොකක් උනත් උඹේ ලියවිල්ලනම් ඉස්තරම්.
    අරකා මාර මිනිහෙක්නේ බන්, කියන්න දෙයක් හිතෙන්නෙත් නෑ බන් මේවා කියෙවුවම, අනේ අපොයි කියනවා ඇරෙන්න. උඹේ ගෑනු දැරිවිට ඇත්ත ඇති සැටියෙන් කියා දියන්,

    ඒක නෙමෙයි , මොකද බන් උඹල පළාතේ මේ හැටි අරක්කු, මල් පාවිච්චිය?

    වටරවුමේ මුදියන්සේ

    ReplyDelete
  17. මොකක්ද සඳරු ඒ වෙච්ච වින්නැහිය. මිනිස්සු මාර කපටියි බන් බලන් ගියහම. ඔච්චර බොක්කෙන් ඉඳලත් ඔයවගේ වැඩක් කල කියන්නේ අයියෝ කුණු සංසාරේ කියල හිතෙනවා. මොන උනත් මචන් සැලෙන්න එපා උඹට හරියනවා. එක මට ෂුවර්

    ReplyDelete
  18. //තේ කෝප්පේ ඉතිරි තේ මණ්ඩි ටික ජනේලෙන් එළියට හලපු මම නිල්මිනීගෙන් එහෙම ඇහුවේ ආයි ඒකිව කතාවට අල්ලගන්න මට ජීවිතේටම ඉඩක් නොලැබේවි කියලා හිතලයි .//
    සඳරු මලේ, බොරු නම් දාන්නේ කල්පනාවෙන් . කවීෂා එකපාරට නිල්මිණි උනේ කොහොමද?
    ඒකෙන් කමක් නැහැ , කතාව මල් හතයි. (අර මල් ජාතිය ගැන නෙවෙයි.:D)
    දැන් මාස කීයකට සැරයක්ද පොස්ට් එකෙක් දාන්නේ ?

    ReplyDelete
  19. අනේ මන්දා....පව් කෙල්ල

    ReplyDelete
  20. අර රණවීරයට ඔය වගේ කතා නොකියන්න , ඕකගේ දත් 32ම ගලවල දාන ඕන. මම සඳරු නම් ඕකව ඉතුරු කරන්නේ නැ කරපු කියපු බලු වැඩ වලට

    ReplyDelete
  21. Onawata Wada Mokek Ekkawath Yanna Honda Ne Ban. Ita Passeth Mokada Une Kiyala Demanam Thawath Hondai. Isthuthhi Postuwata.

    ReplyDelete
  22. මොනා කියන්නද මන්දා....

    ////“ඔයා හරි නාකයි ඔයා අර කවීෂා කියන කෙල්ලට ලයින් දලා මගේ යාළුවෙක් මට දැන් සේරම විස්තරේ කීවා. චික් ඔයා නම් හරි නරකයි , හරිම කැතයි .. මම තරහයි .” ////

    මේක නම් සිරා කියපු එකක් නෙවෙයි වගේ.. ආදරේට දාපු හුරතලයක්.... හි හි

    ReplyDelete
  23. සඳරුවෝ..උඹටත් මාර වැඩ තමයි සිද්ධ වෙන්නෙ. කවුද බං අනාගත බාරි...ඒ ගැනත් කියහංකො. මමත් උඹ වගේ ඉම(ර්)ජන්සි ගල් බාගයක් තියාගන්න ඕන හදිස්සියට ගන්න.

    ReplyDelete
  24. අපොයි මේකටත් වෙන දේවල් !!

    ReplyDelete
  25. ඔය අරක්කු නම් ඔහොමම තමයි

    ReplyDelete
  26. හපොයි .. මේ මොන ගිනි ගෙඩියක්ද පාත්වෙලා තියෙන්නෙ....

    කෙල්ලෙක්ට සැකයක් ඇතිවුනාම ඔය වගේ පෙරලි කරන එක සාධාරණයි සඳරුවෝ.. උඹත් තරහ අරගන වැඩේ දුරදිග යවාගන්න එපා.. ඉවසීමෙන් වැඩ කරලා තේරුම් කරල දියන්.. තේරුම් ගන්නෙ නැත්තම් ටිකක් ඉවසීමෙන් බලාගන හිටපන්...සේරම හරියයි..

    ReplyDelete
  27. අයියෝ සඳරු අයියාට වෙන දේවල්.
    කවීෂා පව්. ඔයාට බොරුවට කැමති වගේ අගේව්වත් ඇයි මගුල් පෙරහැරේ යන්න බෑ කියලා දිව්වේ.

    හ්ම්ම් අයියා අනාගත බාරියාවට සියල්ල වටහලා දෙන්න. හැමදේම හරි යාවි :))

    ReplyDelete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  29. ඔන්න මම මුලින්ම කොමෙන්ට් කොරා.උඹ ඕවා ගණන් ගන්න එපා බන්.දැන් කොහොමහරි උබේ කෙල්ල අයිමත් ‍සෙට් කරගනින්.ඒක තමයි අමාරැම වැඩේ.

    ReplyDelete
  30. ඔන්න මම මුලින්ම කොමෙන්ට් කරා. දැන් ‍කරන්න තියෙන්නෙ උබේ කෙල්ල ෂේප් කරගන්න එක.ඒක තමයි අමාරැම වැඩේ.

    ReplyDelete
  31. අනේ මංද උඹටත් වෙන දේවල්.

    ReplyDelete
  32. පව් වැඩේ. සදරු ව රවට්ටලා අරුගෙ ගෙදර වැඩත් කරගෙන. මාර මිනිස්සු තමයි.

    ReplyDelete
  33. හෆ්ෆා ඕක නම් සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක්.... බාගයක් නම් මදිවෙයි මයෙ හිතේ.... මාත් එන්නද? තව බාගයක් අරං.... ඒකනෙමෙයි එළකිරි පහට ලියලා තියනවා... අනාගත බාරි සේප් ද දැං

    ReplyDelete
  34. රණවීර මහ චාටර් ඩයල් එකක් නෙ.. මොනව උනත් අන්තිමට අර දොර මුල්ල දිහාමයි නෙඩ බැලෙන්නේ?

    ReplyDelete
  35. ෆුල්ම පරිප්පුවක් නේ සදරුවට සෙට් වෙලා තියෙන්නේ ? ඇති ඔයිං ගියා කෙල්ලෝ ලගින් ගියත් වලි ...

    ReplyDelete
  36. මචං පිස්සු කේස් එකක්නේ! ඕන එකක්! කව්ද එක??? පස්ට කතාව! ගොඩ කාලෙකින් ආවේ! ඒ නිසා කතා ගොඩක් තියනවා කියවන්න! එල එල මචං!!!

    ReplyDelete
  37. මොනා උනත් කෙල්ල බලෙන් බන්දලා දුන්න එක නම් බලුම බලු වැඩේ බං! බලුම බලු වැඩේ! මට පේන්න බෑ ඔය බලෙන් බන්දන වැඩ! ඒ කියන්නෙ හරියට කෙල්ලව කාට හරි ධීලා දූෂණය කරපං කියන්න වගේ වැඩක්නේ බං! බලුම බලු වැඩේ!

    ReplyDelete
  38. තව මාස දෙකතුනකින් මාත් අම්පාරට එනව රණවීරයාට කෙලවමු !!!!

    ReplyDelete
  39. හනේ මන්දා...:/

    ReplyDelete
  40. මිතුරන් වේසයෙන් ඉන්න හතුරන්ගෙන් තමයි ප්‍රවේසම් වෙන්න ඕන. මම උඹ නම් , අර රණවීරයට අම්බානකට නෙලලා තමයි පස්ස බලන්නේ . උ නම් මහා පජාතම එකෙක්. ඕකව ඔය ගමේ හතර මීමේ තියන්න හොඳ එකෙක් නෙවෙයි . අයේ ඌ එක්ක අස්රයට යන්න එපා මැට්ටා . අන්තිමීදී උඹේ ලව් එකට හුටා වෙන්න යන එක තමයි දුක

    ReplyDelete
  41. මොනවද බන් මේ වෙන්නෙ උඹට?

    ReplyDelete
  42. වෙලා තියෙන දෙයක්.. මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ..

    ReplyDelete
  43. අම්මපා තෝ දාගන්නේම කුන්ඩවාල එදාට අපි එනකොට දවස පැවසීම දැනට තහනම් අම්බානක ගුටි පුජාවක් ලැබෙන එකක් නැහැනේ නේද හික්ස්

    ReplyDelete
  44. "කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...?"

    ලස්සන කතාව මලයා....

    ReplyDelete
  45. මේ කතාව කියෙව්වම කරකවල අතෑරියා වගේ උනා . පුදුම හිතෙනවා ..

    ReplyDelete
  46. උඹ ඉඳල ඉඳල ලියුවෙ හොඳම එකක්... ජීවිතේ ඔහොමයි බං... ඈ බොල බ්ලොගක් තියෙනව කියන එක අමතකයිද?

    ReplyDelete
  47. සිරාවටම සඳරු හොඳනැද්ද කථා පොත් ලිවුවා නම් ගානක් හොයා ගන්න තිබ්බ එක්කෝ සුජීව ප්රසන්නආරච්චි වගේ පත්තරයක් පටන් ගත්තා නම් සඳරු මලයත් යන්නේ සැප කර් එකක තමයි

    ReplyDelete
  48. මචන් කාලේ නරකයි.. නොපැහැදිලි වැඩ වලට ගෑ නොවී ඉදපන්..අපල වලට මොකක් හරි කර ගනින්... පරිස්සමින් ඉදපන් ...

    ReplyDelete
  49. අපොයි උඹට මේ කාලෙ හොඳ නෑ වගේ :/

    ReplyDelete
  50. මෙන්න බ්ලොග් පෝස්ට්.. කාලෙකට පස්සෙ සිරා ස්ටෝරියක් කියෙව්ව.. ස්ටෝරියක් කිව්වට එකක් අස්සෙ හන්ගපු ගොඩක්

    ReplyDelete
  51. මල්ලියේ උබ දැන් ගල් පොල් ගගහා ඉදල තිහ තිස්පහ පැන්නම වියාග්‍රා ගහපන්. ඒත් බැරි උනොත් ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනල ගියා කියල පෝස්ට් එකක් දාල තමයි දුක තුනී කොරන්ට වෙන්නෙ.

    ReplyDelete
  52. නංගිලා සිටින යාළුවෝ අතේ දුරිං ආස්සරේ කල යුතුය...

    ReplyDelete
  53. සඳරු අයියේ, මම ඔයාගෙ blog එක අග ඉඳල මුලටම කියෙව්ව. ඒකෙ ලස්සනට හරියන්න comment දෙන්න නම් මට තේරෙන්නෙ නෑ. කෙටියෙන් කියන්නම්. මාරයි.

    ReplyDelete
  54. මිනිස්සු ගැන ඉගෙනගන්න වෙන්නෙ ඔහොම චාටර් වෙලා තමයි සඳරු. හැබැයි ඉතිං හැම මංගල්ලෙටම අරක්කු බෝතලේ බදාගන්නව කියන්නෙනං හොඳ දෙයක් නෙවෙයි ගොයියො...

    ReplyDelete
  55. උඹලා ළඟපාතකවත් උන්නනං දුක බෙදාගන්නවත් එන්න තිබ්බා!

    ReplyDelete
  56. කෙල්ලෝ ඔහොමමයි සඳරු අයියේ. දැක්ක තැන මරණයක්. හෙහ් හෙහ්.

    නෑ අප්පා, එක අතකට කෙල්ලෝ නැතුවත් බෑ

    ReplyDelete
  57. හයියෝ මෙයාටත් වෙන වැඩ.. අහක යන ඒවා නේ පාත් වෙන්නේ....

    ReplyDelete
  58. උඹට හරි කරදරයි වගේ නේද ? වැඩේ කියන්නෙ ඒ කරදරත් ලස්සනට ලියලා දාන එකනෙ..

    ඉක්මනටම කරදර අඩු වේවා !!

    ReplyDelete
  59. බකන පිඟානටම කබරයා දාපුවම අහක ඉන්න උන්ට පට්ට ආතල් ඇති නේ! :D හැමදාමත් වගේ සුපිරි!

    ReplyDelete
  60. "සිකුර" වැඩි උනත් ලෙඩේ , අඩු උනත් ලෙඩේ..!

    ReplyDelete
  61. මරු පෝස්ට් 1ක් බන්. ටිකක් කියෝනකොට මට හිතුනා මොකක් හරි අප්සට් සීන් එකක් එති කියලා. අර බලෙන් බන්දලා දෙනවයි කියපු සීන් එකනම් මහා බැලුම බලු කුප්ප වැඩක්. ඒ වගේම තමා රණවීරයා තමන්ගේ ලොකුකමයි, හපන්කමයි පෙන්නන්න තමයි උඹ ලඟට පොන්නයෙක් වගේ ඇවිත් මගුල් කියලා එකී යන හැටි උඹට පෙන්නුවේ.

    උඹට ජය!

    ReplyDelete
  62. කේස් එකක් නැති පෝස්ට් එකක් නෑනෙ උඹෙන්....

    මොනව උනත් මේ තමයි ප්‍රකෘති ජීවිතය....

    ReplyDelete
  63. උඹ ගූගල් කරප බලාපන් Murphy's Law කියන සංකල්පය. උඹට මේ ඒකෙ බලපෑමද කොහෙද තියෙන්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  64. අනේ සඳරුවෝ, ඇයි බං උඹටම ඔක්කොම වෙන්නේ??

    ReplyDelete
  65. සද්ද නැති වෙනකොට හිතුවා කොහෙන් හරි අම්බානකට කාලා හොස්සපිටල් එකේ ලැග්ගද කියලත්???
    ඔහොම තමයි බං,අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබල් කියනවනේ!!! ජය වේවා.

    ReplyDelete
  66. ඒක නෙවෙයි සඳරු, මට කලින් අහන්න බැරි වුනා මොකක්ද ‘කුණ්ඩවාලයක්‘ කියන්නෙ.

    ReplyDelete
  67. අන්තිමට උඹට ඉතිරි වුනේ අර ඉනේ ගහහ්ගෙන ආපු ගල් බෝතලේ විතරයි. තිහකින් ගණන් ගිය එකෙක් උඹට තිබ්බේ අර වැව් කන්ඩියට ගිහින් විකුනන්න පොඩි වීදුරුවකුත් එක්ක. කතාව ඇත්ත නම් පරිස්සමින් වැඩ කරපන්.

    ReplyDelete
  68. ගෑනු තමයි මචං ගෑනු.උංගෙ ගැල විජ්ජාවට ඕනෙ එකෙක්ව කරමුලට හිර කරන්ඩ ලෑස්තියි.ඒ විතරක්යෑ අර නිදහසට කාරණා අහන්නැතුව මේ කොහෙවත් යන උන් කියන ඒවා විස්වාස කරගෙන ෆෝන් එක තියන එක තමයි එපාම කොරපු වැඩේ

    ReplyDelete
  69. බීපුවාම තමා කාගෙ කාගෙත් ඇත්ත එලිවෙන්නෙ

    ReplyDelete
  70. සඳරු මලයා, කථාව හොඳයි. ඒත් ඔයා ලියන වේගේ අඩු වීගෙන යනවා. දිගටම ලියපන්.ජයවේවා!!!!!!!!!...........

    ReplyDelete
  71. මොනවා කියන්නද අෆ්ෆා.. උඹටත් වෙන්නේ මාර වැඩ තමයි බන්..

    ReplyDelete
  72. යකෝ මේක හරි කෙලියක්නේ... මට යන්තමින් හිතුනා සඳරු අයියට ඒකි වහ වැටිලා ඉන්නැතියි කියල අර මුට්ටි ටික අයියා අත යැව්වම.දැන් ඒක හරි කියමුකෝ ඇයි අයියේ බොලාටම මේ වගේ අයිටම් වෙන්නේ??

    ඒකෙන් මේකෙන් දැන් අයියගේ කෙල්ල තරහා වෙච්චි එක නම් පොඩි අවුලක්.මේ ඔක්කොටම මුල අර ගල් බාගේ තමා.වෙන මොකක්වත් නෙමේ... මොනා උනත් අකමැත්තෙන් බන්දපු අර කෙල්ල සෑහෙන්න පව් කියලා හිතුනා... ඊට වඩා අයියා පව් කියලා හිතුනා...

    මාධව අයියා කියපු කතාවට පට්ට ලයික්... ඊළඟට මක්ක වෙයිද කියලනම් මට හිතාගන්න බෑ.කෙල්ලෙක්ට දෙයක් තේරුම් කරනවට වඩා ලේසි වෙයි කොටියෙක්ව මෙල්ල කරන එක නම්...

    ReplyDelete
  73. හහ්
    හැමතැනම කුමන්ත්‍රන

    ReplyDelete
  74. When some one searches for his neсеssaгу thing, so he/she desires tο bе available that in dеtail,
    thuѕ that thing iѕ maintаіnеd over here.
    Also visit my blog post free dream interpretation

    ReplyDelete
  75. .''දාහතේ මහතුං මාමා උන්දැගෙ බත් පිඟානෙම කබරයා දගනිපු එක ඇරෙන්න වෙන කිසිම අවුලක් සිද්ධ වුණේ නම් නෑ .''
    මේකම ඇතිනෙ ඉතින්... කතාව කියවලා මගේ බොක්ක රත් උනා සිද්දිය වෙච්චි බොට කොහොමද කියලා හිතාගත්තැහැකි.

    සඳරුවෝ අම්මට වත් කියලා උඹේ වෙලාව ඩිOගක් බලවහන්... මේ කාලේ බොට එච්චර හොඳ නැහැ වගේ......!!!!!!!!!

    අහින්සක අ.පේ.

    ReplyDelete
  76. enada Gansiyak aragena? uba liyana widiha supiri.
    ubage magul gedra kiypan...please...please..
    Jyawewa,
    Sajith Mendis.

    ReplyDelete
  77. මට මේක පෙන්නේ නරියා සහ මිදිවල කතාව වගේ. රණවීර නමැති පවිටු කුහක නරියාට සදරු නමැති මිදී පොකුර සිය නැගණිය වෙනුවෙන් කඩගනීමට නොහැකිව , සදරු නමැති මිදී පොකුර තලා පෙළා දැමීමේ අසාර්ථක උත්සහයක් ලෙසයි පෙන්නේ . රණවීරත් උගේ හත්මුතු පරම්පරාවත් , උගේ ලොකු නැගණියත් උඹට බොක්කෙන් කැමතියි. උඹට එකියක් සිටින නිසා, උන්ට කිසිවක් කරගත නොහී, නගාට බලෙන්ම කසාදයක් කර දෙන්නට යෙදුනා. මේ කතාවේ සබැ යථාර්තය එයයි. රණවීර කියන පරිදි අකමැත්තක් තිබුන නම් මේක මේ විදියට නෙවයි සිදුවෙන්නේ.

    සැ. යු. : අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ නොකර , සුරා පානයෙන් නම් ඇත්වෙන්න. නැත්නම් අර දුපත් වැසියා පැවසු ආකාරයට "... පොල් ගගහා ඉදල තිහ තිස්පහ පැන්නම වියාග්‍රා ගහපන්. ඒත් බැරි උනොත් ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනල ගියා කියල පෝස්ට් එකක් දාල තමයි දුක තුනී කොරන්ට වෙන්නෙ..." තමයි මටත් කියන්න වෙන්නේ.

    ~~~කවුද බෝයි ~~~

    ReplyDelete
  78. උබට වෙන දේවල් බන් සඳරුවො.... හයියෝ... මොනා උනත් ඌ නම් මෙලෝ රහක් නැති යාලුවෙක් නේ බන්.. එහෙම අවුලක් තියෙනම් කෙලින්ම කතා නොකර නිකන් පීචන් සීන් දාන්නේ... මොනා උනත් පරිස්සමට මචන්

    ReplyDelete
  79. කුණ්ඩවාලයක්, හිඟුරාණ ස්පෙෂල් මේවා පැහැදිලි කරලා දෙනවද සදරුවෝ මොකක් වුනත් රණවීරය චාටර් බුවෙක්

    ReplyDelete
  80. ඉක්මනට ඊලග බ්ලොග් පොස්ට් එක දන්නා පරක්කු නොකර

    ReplyDelete
  81. උඹට මාර කතා තමා බන් හිතෙන්නේ මොනා වුනත් ඒවා තාත්විකව ලියනවා ඈ නියමයි.

    ReplyDelete
  82. රනේ ට ගහනන වෙනවා අයියේ ..

    ReplyDelete
  83. ada dewani watawa aymat kiyawa "Kundawalaya" kiyana mokada?
    Jayaewa,
    Sajith.

    ReplyDelete
  84. It's in fact very complicated in this busy life to listen news on Television, therefore I only use web for that reason, and obtain the latest news.
    My page : deal dash

    ReplyDelete
  85. පෙම්වතිය නම් තරහවෙලා තියෙන්නෙ බොරුවට, රනේට වෙන නන්ගිල නැතෙයි.

    ReplyDelete
  86. mata nam meke duka hithenama thena
    "hingurana s.p"(puneelayak ona mata nam, Katata horen badata yawaganna)

    Sathuta hithena de. Paapa mithrayekuge wen weema.

    ReplyDelete
  87. ගල් නං දෙයියෙක් මල්ලි , මේ බලහංකෝ එහෙම කියනකොට පූස් පැටියෙක් වාගේ කම්පියුටර් ටේබල් එක යට තියන ගල් කොටය මගේ කකුලේ ඇතිල්ලෙනවා

    ReplyDelete
  88. හප්පද බොල..අපි දෙන්නම දුක නැති කරගන්නේ එක විදියට බන්..ලගපත හිටියනම් එන්ඩවත් තිබුන සහයෝගෙට..වෙනද වගේම සුපිරි..සදා ජය..

    ReplyDelete
  89. කතාව හොඳයි කියල කිව්වට හොඳ උඹ ලිව්ව විදිය විතරයි. සීන්එක නං අන්තිම කැතයි ‍.රණවීර වගේ එවුන් නං ආශ්‍රය කරන්න එපා මලේ. ඔච්චර ලඟින් ආශ්‍රය කරපු උඹටත් එහෙම නං කලේ තවත් මොන කතාද! එකෙන්ම හලල දාන්න ඕන චරිතයක්. මෙක කියෙව්වම පුදුම අප්පිරියාවක් දැනුන බං මිනිස්සු ගැන.

    ReplyDelete
  90. එක දවසක් බ්ලොග් එක බැලුවාම ආයෙ දවස් හතකට කම්පියුටරේ ඔන් කරන්නත් වෙන්නේ නෑ . ඉතින් මේ වතාවේ කට්ටියගේ කමෙන්ට් වලට උත්තර දෙන්න බැරි වුණා කියලා අමනාප ගන්න එපා .. !!

    ReplyDelete
  91. අදයි මචන් කියෙව්වේ!! කෙල්ල ශේප් කරගන්න එකනේ අමාරු වැඩේ

    ReplyDelete
  92. ඒ වගෙ උන්වනම් මලත් ඔනෙ නෑ අයියෙ

    ReplyDelete
  93. හිතා ගන්න බෑ නෙව මොනව කියන්නද කියල. අන්තිම ටික නිකං අකුණක් ගැහුව වගේ සීන් එකක්නෙ. මොනව උනත් පරිස්සමෙන් සිහිබුද්ධියෙන් වැඩ කරපං සඳරුවෝ

    ReplyDelete
  94. අඩේ සදරු අයියේ..මරු කතාව ඈ..
    සයිලිය නම් වෙනද වගේම නියමයි..
    ආයෙ හිස් අහසට ආපු එක ගැන සතුටුයි....

    ReplyDelete
  95. හිඟුරාණ ස්පෙෂල් මමනං අැහුවේත් අදමය් අව්ලක් නෑ අම්පාරටනෙ අාඩම්බර
    අය්යො සදරු අය්යට වැටෙන බාල්දි :O

    ReplyDelete
  96. නියමයි මචං කතාව.උඹට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා.කතාව ඉතාම රසවත්.ඒ වගේම අන්තිමට ඔයාගේ පෙම්වතිය දක්වපු ප්‍රතිචාරේ හැම කෙල්ලටම පොදුයි.කොයි කෙල්ලත් ඔය වගේ තමයි.අන්තිමට මොකාක්‌ හරි බර බරයක් තමා...

    ReplyDelete
  97. නියමයි මචෝ නියමයි..... කාලෙකින් සිරාවටම බාගෙට නවත්තන්නැතුව කතාවක් කියෙව්වෙ. එල මචං. පට්ට ඈ... තව ලියපන්. මං උඹේ බ්ලොගේ බුක්මාක් කරගන්නවා....

    ReplyDelete
  98. අදමයි ආවේ.ඔබේ බ්ලොග් එකේ පැත්තක ඔබේ නිහතමානිත්වය දැක්ක.ඒම මැදැයි.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com

    ReplyDelete
  99. හ්ම් විනාඩි 10 ක් විතර ගියානේ .ඔහොම යං
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  100. me blog eka avith masayak wennath lagai....sandaru ayyata his ahasa amathaka welawathdo manda???

    ReplyDelete
  101. http://i906.photobucket.com/albums/ac269/Aseja/kalunika.png

    ReplyDelete
  102. අද තමයි මේ පැත්තට ආවේ.,,,
    හොද පොස්ට් එකක් ...
    ඔන්න අද ඉදන් මමත් මේ පැත්තේ කරක් ගැහුවට ..
    කමක් නැනේ ,, :)

    ReplyDelete
  103. පුංචි එකී11 November 2012 at 16:57

    අපරාදේ උඹට කෙල්ල තරහ වෙච්ච එක විතරයි.

    ReplyDelete
  104. ඊයේ තමයි මේ බ්ලොග් එකට ආවේ. ගොඩක් ලස්සනයි සදරු. කියවන්න ගොඩක් ආස හිතෙනවා. සුභපැතුම් සහෝදරයා.

    ReplyDelete
  105. හැමදාමත් කියෙව්වත් අද තමා comment එකක් දාන්නේ.කලින් ආවෙ phone එකෙන්නෙ.හැම කතාවක්ම නියමයි.දිගටම ලියන්න

    ReplyDelete
  106. සඳරු මලයයි කෙහෙල් කොටුවේ උන්දැයි එකතුවෙලා සයිබර් යායම හිස් කලා ද මන්දා?

    මොනා හරි ලියපං මලයා....

    ReplyDelete
  107. කෑගල්ලෙ කොහෙටද ආවෙ කියල දන්නෙ නැද්ද?

    ReplyDelete
  108. මෙවා ඇත්තමද කතාවක්ද? මොනව උනත් ලියවිල්ල නම් මල් හතයි..

    ReplyDelete
  109. ජිංතක ජිල්ලබකිට8 May 2017 at 11:42

    // අපි තියා අපෙ හත්මුතු පරම්පරාවම සඳරුවාට කැමති නෑ. සඳරුවෝ උඹට කවුද බං කෙල්ලො දෙන්නේ ?

    ඉතින් උඹ අහන්න එපැයි ඇයි දෙන්නැත්තෙ කියල.

    මෙන්න මේකෙන් මේ කතාව පට්ට කෙප්පයක් කියල ඔප්පු වෙන්නෙ නෑ.

    //“ඔයා හරි නාකයි ඔයා අර කවීෂා කියන කෙල්ලට ලයින් දලා මගේ යාළුවෙක් මට දැන් සේරම විස්තරේ කීවා. චික් ඔයා නම් හරි නරකයි , හරිම කැතයි .. මම තරහයි .”


    කෙල්ලො තරහ ගන්න විදිහ අපි දැකල නෑනෙ.

    කෙල්ලට ටිකක් ටැපලෙනව වගෙත් නේද? මුලදි 'නාකයි'. පහු වෙනකොට 'නරකයි'.

    උඹලගෙ පැත්තෙ කවීෂා වගේ සිරා නම් තියන කෙල්ලො ඉන්නව කියල අහන එකත් ඇති බම් ඔකඳ වෙන්න. මොකද කොළඹින් පැයක දුර තියන ගාල්ල පැත්තට ගියත් ඉන්නෙ චම්පිකා වගෙ නම් තියන කෙල්ලොනෙ බම්.

    ReplyDelete

තැන්කූ බං