29.11.12

අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය




දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු ඉබි මස් නම් බෑ නොකියා දෙසා බෑවා . මම වුණත් එහෙමයි . හරක් මස් කටේ තොලේ ගෑවෙනවාට පවා අකමැති මම ඉබි මස් කන එක ගැන වෙලාවකට මටම පුදුමයි . ඒත් හැමදාමත් පොල් සම්බෝලෙයි බතුයි කන්න බැරි නිසාම නිකම් හම්බුවෙන ඉබි මසට අපේ අහල ගං කීපයේම මිනිස්සු වගේම මමත් පුරුදු වෙන්න ඇති .

රිපිටා එක අතකින් උගේ ෆෝන් එකේ ටෝච් එක මහ ඇලේ ඉවුර දිගට අල්ලමින් අනික් අතින් සරමෙ කොනක් උස්සගෙන සරුවට ඇල ඉවුරේ වැවුණ තණකොළ ගස් අතරේ ඉබ්බො හොයනවා .උගේ පාප මිත්‍රයා වෙච්චි මමත් අතේ තිබුණ පෝර කවරේ රෝල් කරලා කිහිල්ලේ ගහගෙන ඌට සහය වුණා

රිපිටා තමයි මේ මට උන්නු යාළුවෝ අතරින් පරණම එකා . උගේ තාත්තයි මගේ තාත්තයි දෙන්නම ග්‍රාමසේවක මහත්තුරු ඒ දෙන්නත් මේ අපි වගේම ගජ යාළුවෝ අද වෙනකොට නම් ඒ දෙන්නම මේ ලෝකේ නෑ හිටියා නම් අපි මෙහෙම ඉබ්බෝ අල්ලමින් රෑ පානේ කරක් ගහන්නෙත් නෑ. ජීවිතේ හැටි තමා .කොහොමින් කොහොම හරි තාත්තලා දෙන්නාගේ අතිජාත මිත්‍රත්වය අපි දෙන්නාවත් හොඳම යාළුවෝ බවට පත් කරලා තිබුණේ ඉබේටමයි

අද එළිය අඩු නිසාද මන්දා බං කිරි ඉබ්බො නෑ නේ. ? ඒකටත්තෙක්ක පඩ ඉබ්බො නං ගමකට .”
රිපිටා මඩේ උන්නු මල් ඉබ්බෙකුට පයින් වතුරට විසික්කා වෙන්න පයින් පාරක් ගැහුවා

අප්පට සිරි මම ඊයෙ දැක්කා ලාලනී අක්කලෑ රෙදි ගල යට තුන් දෙනෙක් ලැගලා ඉන්නවා . තාම ඉන්නවාද දන්නෑ බං .”
මහ පාරෙන් යද්දී රෙදි අපුල්ලන ගලක් අස්සේ හැංගිලා ඉන්නවා දැකපු ඉබ්බො කීපදෙනා මගේ මතකෙට ආවා . මම ඒක කීවා විතරයි රිපිටා අඩියට දෙකට මඩෙන් ගොඩට ඇවිල්ලා පාරට පැනගත්තා .

මොකදෑ තෝ ඕක මට කලින් නොකීවේ . ?

හරි දැං කීවනේ ..”

අපි අඩියට දෙකට ලාලනී අක්කලාගේ ගේ ඉස්සරහ ඇල ඉවුරේ දාලා තිබුණු පැතලි සිනිදු ගල් ගෙඩිය ගාවට කිට්ටු වුණා . රිපිටා සරමෙන්ම අමුඩෙ ගහගෙන එක හුස්මට ඇළට බැස්සා . ඇඟේ පතේ සේරෝම හයිය දාලා තටමලා අර මහ විශාල රෙදි අපුල්ලන ගල් ලෑල්ල එක ඌ පැත්තකින් ඉස්සුවා . මම හනි හනිකට ඒ අස්සට එබිලා බැලුවා

අප්පද බොලේ මේං ඉබ්බයි ඉබ්බියි ජෝගි නටනවා මෙතන හැංඟිලා.”

ගනී නී නී නීං හනි...කට... රිපිටා අමාරුවෙන් කෙඳිරුවා .”

අත් දෙකෙන්ම එක ඉබ්බෙක් අල්ල ගත්ත මම ඌර පෝර උරේට අත ඇරියා අප්පා උන්ගේ බර . එකෙක්ම උන්නා තුනක් විතර.ඉතින් ඒ තරමට බර අනෙක් ඉබ්බවත් මම එළියට ඇද ගන්නකොටම තමා රිපිටා දබං !! ගාලා රෙදි අපුල්ලන ගල් ගෙඩිය අතඇරියේ . ගල් ගෙඩිය වැටෙන තැනින් විසික් වෙච්ච මඩ අපි දෙන්නගේ කන් , කටවල් අස්සට පවා ඉහෙන්න ඇති . ඒත් අපිට ගාණක් නොවුනේ ඇති පදං මඩ හෝදගන්න ඇලේ වතුර තිබ්බ නිසා

මඩ හේදුවාට පවු හේදෙන්නේ නෑ නේ බං .”
මම පෝර උරේ කට කකුලකින් පාගගෙන මූණ අතපය හෝදන ගමන් රිපිටාගෙන් ඇහුවා .

මොකක්දෑ දැං පව.? ඉබ්බො කන එකදෑ පව ?

හ්ම් .

එහෙම බැලින්නං බං බොන්ඩ වතුර උණු කොරන එකත් මහ පවක් නේ . කොච්චර නම් ඇහැට නොපෙනන ජීවින් අපි මරා දානවය ? . අපි පිං කරන්නෙම නෑ බං . අපි නොකෑවනං වෙන එකෙක් මේකුංව කයි .”

නෑ මට නිකං පවු කියලා හිතුණා බං මොනා වුණත්

මතක නෑද විද්‍යාවට ආහාර දාමය ගැන අපි ඉගෙන ගත්තා ?

මතකයි .”

ඒකනේ බං පොඩි සතා ලොකු සතාගේ ගොදුර . ඒක නැත්තං මේ ලෝකේ පවතින්නෑ . හැමෝම වෙජිටේරියන් වුණොත් ගස් ටික ඉවරයිනේ .
රිපිටා උසස් පෙළට කළේ මැත්ස් . ඌ එක්ක මට හැප්පෙන්න බෑ . ඌට නරක කාලයක් ලැබුවේ නැත්තං අද අපි කාටත් වඩා ඌ ඉහළ තැනක ඉන්න විත්තිය මට විශ්වාසයි .අවාසනාවට රැකියා විරහිත කොල්ලෙක් වුණත් ඌ පට්ට මීටරේ .

මල්ල බර නම් දිය ?
කිලෝ පහක් විතර බර ඉබ්බො දෙන්නා අතින් අරං මම ඇළෙන් ගොඩ එද්දී රිපිටා මට එහෙම කීවා

අවුලක්නෑ මම ගෙනියන්නං” ‍

තාර පාරට ආපුහම රිපිටා උගේ ෆෝන් එක කමීසෙ සක්කුවට ඔබා ගත්තා . අපි දෙන්නම මාර්ෂල් මාමලාගේ ගෙවල් පැත්තට යන්න හැරුණා . පොලීසියේ ජීප් එක හෝ පොලිස් පුස් බයිසිකල් බලකාය අද නම් එන බවක් පේන්න නෑ .හදිසියේවත් පොලීසිය ආවොත් ඇළට විසි කරන්න හැකි විදිහට මම පෝර කවරේ දකුණු අතට ගත්තා . ඒත් කරදරයක් නැතුං යාන්තමට අටයි කාල වෙද්දී අපි මාර්ෂල් මාමලාගේ දොරකොඩට සැපත් වුණා

මාර්ෂල් මාමා .. ! මාර්ෂල් මාමා ..!
රිපීටා තුන් වතාවක්ම කතා කෙරුවයින් පස්සේ තමා ගෙයි දොර ඇරගෙන මාර්ෂල් මාමා එළියට ආවේ .

අඩෙ ඇහුන්නෑ පුතා . පෙවුත්ති බල බලා උන්නේ .

මොකක්දෑ ඕකෙ ඔච්චර බලන්ඩ තියෙන්නේ .. අපි මේ ආයෙමත් හැරුණේ ගෙදර යන්ඩ කියලා .” රිපීටා ලොකු ටෝක්කක් දුන්නා” .

අනේ පුතා කෝ ඇඹුලා . ?මාර්ෂල් මාමා ඇඹුලය කීවේ ඉබ්බට .

මේං ..”
රිපිටා මගේ අතේ තිබ්බ පෝර මල්ල උස්සලා අරන් මාර්ෂල් මාමගේ අතේ තිබ්බා . කන කට ළඟට ගත්ත මාර්ෂල් මාමා ගෙයි ඇතුළට ගිහින් රුපියල් තුන්සිය හැත්තෑවක් ගෙනත් මගෙ අතේ තීවා .

තව කීයක් හරි දාලා දෙන්නත්තෙක්ක මේකෙන් බාගයක් ලැයින් කොරන්ඩ . මම එකෙක් උයලා තියන්නම් බයිට්ටෙකට .නවය හමාට්ට වගේ වරෙල්ලා උදුලා මල්ලිලෑ ගෙදර අත්තිවාරම උඩ සැට් මෝල් වෙමු . මම තව බෝතලයක් ලැයින් කරා .
අපි මාර්ෂල් මාමලාගේ ගෙදරින් පිටත් වෙලා කෙළින්ම ගියේ නාගන්න කියලා හිතාගෙන .

මචං අපි පොඩි ලැයින් එකක් දාන්න යන්නේ උඹත් වරෙංකෝ .”

අද දවාලේ රිපිටා මට කෝල් එකක් දුන්නම “යම් දෝ ? , නොයම්දෝ?” කියලා මම සිය වාරයක් හිතුවා . කොල්ලො සෙට් එකත් එක්ක බෝතලේකට සෙට් වෙලා ගන්න සැප තරම් සැපක් මම මගේ ජීවිතේදී කෙරුව කිසිම වැඩකින් විඳිලා නෑ . ඒත් අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට කාටද හැකි හමදාමත් සැප ගන්න . තනියම ඉදිද්දී පලතුරු බීම එකක් පවා බොන්න නොහිතෙන මට සැර බීමක සැපත් දැනුණේ තනියම ඉදිද්දී නම් නෙවෙයි යාළුවෝ ටිකත් එක්ක රැහේ වැටුණාමයි


ගමේ කොහේ හරි අකුලක් අස්සේ ඉඳගෙන බෝතල් මූඩිය උඩ ඉටිපන්දමක් පත්තු කරලා සෙරෙප්පු දෙක බිම තියලා ඒ මත්තේ ඉඳගෙන, තනි වීදුරුව රවුමට අතින් අතට යවමින් පරණ සිද්දී මතක් කර කර අපි අනන්ත බෝතල් හිස් කළා. එහෙම සෙට් වෙලා හිඟුරානෙ බාල අරක්කු අමාරුවෙන් බිවුවත් ඒ බොන මොහොතේ මට හිතුණේ මේ ලෝකෙන්ම වාසනාවත්න්තම මිනිහා මමයි කියලා . මදුරුවෝ ලක්‍ෂ ගණං ඇවිදින් අතට පයට විදලා ලේ අරං ගියත් බෝතලේ අඩිය පේනකම් අපිට නම් නෙවෙයි යාන්තමටවත් නැගිට්ටේ

ඉබ්බෙක් දෙන්නෙක් හොයලා දෙන්න හැකි නම් පොඩියට සෙට් වෙමු කියලා මාර්ෂල් මාමා කලින් දවසේ රිපිටා එක්ක කියලා තිබුණා . ඒක නිසා රිපිටා හනි හනිකට මාවත් ඒ සෙට් වීමට එක්කර ගත්තා . ඔන්න ඕකයි අපි ඉබි දඩයමේ ගියපු හේතුව

නවය හමාරට විතර මාර්ෂල් මාමා ඉබිමස් පාර්සලේකුත් අරගෙන උදුලා අලුතෙන් හදන ගෙයි අත්තිවාරම උඩට ඇවිදින් හිටියා . මමත් රිපිටාත් , මංජුලත් , උපුල් අයියත් හරි වෙලාවටම එතනට කිට්ටු වුණා . ගඩොල් කැට කීපයක් තියල රවුමට වාඩි ගත්ත අපි පැය තුනක් විතර යනකල් බෝතල් දෙකක් හිස් කළා

නැන්දගේ මස් පාර නම් ආයේ මරේ මරු උපන් හඳවියකට එහෙම මස් පාරක් කෑවේ නෑ ..
එහෙම කියවුව උපුල් අයියා මැද ඇඟිල්ලත් සූප්පු කරා ..
සෙට් වීම අහවර වුණ හැටියෙම රිපිටා බෝතල් හිස් බෝතල් ටික අතට ගත්තේ විකුණලා රුපියල් 50ක් වත් හොයාගන්න හිතාගෙන වෙන්නැති . ඔය අතරේ මංජුල ඉනේ තිබිලා මල් කිනිත්තක් අතට ගත්තා .

අනෙ අම්මේ මයෙ දෙයියා . මේං මූ මේක මෙච්චර වෙලා හංඟං ඉඳලා .. මට කීවනම් ආයෙ මුනා වෙනවා ?
මාර්ෂල් මාමා පැන්න හැටියේ මංජුලයව අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියා ..

හරි ඉඳපල්ලකොයි මම මේක ඔතලා ලැයින් කරනකම් .. දඟලන්නැතුං ..මංජුල හුරතල් වුණා .

අඩෙ කා ගාවද කොළ කෑල්ලක් තියෙන්නේ .. ?
මංජුල ආයෙමත් එහම අහනකොට තමා කට්ටිය සාක්කු වලට අත දම දමා කොළ කෑලි හොයන්න පටන් ගත්තේ .මලක් ඉඹලා දිවියලෝකේ යන්න තදියම ඉහටත් උඩින් ඒ වෙලේ කාට කාටත් දැනුණා ඒත් කාගෙ කාගෙත් කරුමෙට යාන්තම්වත් කඩදහි කෑල්ලක් හමු වුණේ නෑ ..

සඳරුවා උඹ ගාව වත් නෑ කඩදහි කෑල්ලක් . උඹ ලියන එකා නේ ?”

ඉඳහන් බලන්ඩ .
මම සක්කුවට අත දැම්මේ වැඩි විශ්වාසෙකින් නෙවෙයි . කාලයක් තිස්සේ ලියන කියන එක අතෑරලා දාලා හිටපු මට දැන් කොළ කෑලි කඩදහි දැන් වැඩක්ම නැති ගානයි . ඉස්සර නම් මගේ සාක්කුවේ කොයි වෙලෙත් සුදු කොලේකුයි නිල් පෑනකුයි වැරදුණේ නෑ ...

ආ වාසනාවටද මන්දා එකක් තිවුණේ. මේං මේක ගනිං.”
මම සාක්කුව අත ගාලා අහම්බෙන් අහු වෙච්ච කඩදහි කෑල්ල මංජුලට දුන්නා .

සෙහ් මචං මේක ජාති කොලේ ගතියට කැපෙනවා මල් ඔතන්නම හදාපු එකක් .එහෙම කියවුව මංජුල වංඟියට දෙවංඟියට මලක් ලයින් කළා .” 

මංජුල හදාපු රොකට් එකේ නැඟිලා ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් ඉහළට නැංඟ අපි ඇස් දෙක අඩවන් කරගෙන අභ්‍යවකාශය පුරාම සැරි සැරුවා.ග්‍රහ ලෝක මන්දාකිනි පහු කරපු අපි රොකට් එකේ ඉන්ධන ඉවර වෙන්න කිට්ටුව පොළවට පය ගැහුවේ තවත් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ... යාන්තම් පියවි සිහියට එනකොට . යාළුවෝ කට්ටියට සුබ රැයක් කියාපු මම එතනින් පිට වෙද්දී පාන්දර තුනත් පහු වෙලා

එදා උදේ දහයට විතර වෙනකම් මට නින්ද ගියා . මාව ඇහැරුණේ ළඟපාත ගෙදරක උන්නු ජගත් අයියා . මාව කූද්දන සද්දෙට ..

සඳරු මල්ලි .. අඩෙ නැගිටහං .”

ආ ඇයි ජගත් අයියා .” මම අමාරුවෙන් නැගිට්ටා ..

උඹ මගේ බයික්කේ ඊයෙ අරංගියා නේ .. ?”

. ඉතින් මම ආයේ ගෙනල්ලා තීවා පාන්දරම . බලහං ගෙයි මිදුලේ ඇබිල්ල ගහ යට ..”

නෑ බයික්කේ තියේ . කෝ ආදායම් බලපත්‍රේ ?

මම උඹලෑ ජනෙල් පඩිය උඩ යතුරයි ආදායම් බලපත්‍රෙයි , ඉන්ෂුවරන්ස් එකයි තිබ්බා ..

කෙහෙම්මල ජනෙල් පඩිය උඩ තිබුණේ යතුරයි . ඉන්ෂුවරන්ස් එකයි විතරයි . ආදායම් බලපත්‍රේ තිවුන්නෑ .. අනේ හොයලා දියන්කෝ
මම විනාඩි ගාණක් සාක්කු ඇද ඇද ජගත්ගේ ආදායම් බලපත්‍රේ හෙවුවත් ඒකට වෙච්ච දෙයක් මට මතක නෑ ... අන්තිමට ජගත් තීරණය කළා ඒක තමන් අතින්ම නැති වෙන්න ඇති කියලා ..

අනේ මන්දා මල්ලී සමහර විට වයිෆ් රෙදි හෝදනකොට ඒකත් එක්ක හෝදලා කාණුවට දැම්මද මන්දා බං මේ ගෑනි නම් තියන්න වටින්නෑ..”

ඒකනේ ජගත් අයියා . මටත් මතක මම ඉන්සූරන්ස් එකයි යතුරයි විතරක් ගෙනියනවා වගේ .. පොලීසියෙන් එහෙම නැවැත්තුවානම් මටත් බනිස් බං ...”
ජගත් අයියා හුල්ලලා යන්ඩ ගියා .. ඒත් ලාවට වගේ ජගත්ගේ ආදයම් බලපත්‍රේ මගේ අතින් නැති වුණා වගේ දැනෙනවා . ඒත් එහෙම වුණේ කොහොමද කියලා මම සෑහෙන වාර ගණනක් මතක් කළා .

ඇත්තට ඒ ආදායම් බලපත්‍රෙට මොකෝ වුණේ ? .. හුටා ඒකෙන් නේද අපි මල් ඔතලා කක්‍ෂ ගත වුණේ ? . කළුවරේ මගේ අතට ආපු ආදායම් බල පත්‍රේ මම මන්ජුලට දෙන්න ඇති . ඌ ඒකෙන් කදිමට ඔතලා සූස්තියක් හදන්න ඇති අන්තිමේට ඒක අපි කට්ටියම පාවිච්චි කරන්නත් ඇති කාපු බීපු වෙලාවට කරන කියන දේ ගණං ගන්න හොඳ නැති නිසාම මම මේ සිද්ධිය අමතක කරලා දාන්න හිතා ගත්තා. ඉතින් ..මේ ඇත්ත සිද්ධිය මට හදිසියේ මතක් වුණත් ඒක හරි ඉක්මනට අමතක වෙන්න ඉඩ තියන නිසා මම මේ කතාව අමතක නොවෙන්නම බ්ලොග් එකේ අලවලා දාන්න හිතුවා .. 

176 comments:

  1. මගේ දෙක...

    ReplyDelete
  2. @Anonymous = මොකක් කීවා ..?

    ReplyDelete
  3. මදැයි බල පත්‍රයට වුන වැඩේ....

    ReplyDelete
  4. අඩේ මමනේ දෙවැනියට කමෙන්ට් කරන්නේ.

    වෙනදා වගේම සුපිරි කතාව සදරුවෝ. ඇයි දැන් වැඩිය ලියන්නේ නැත්තේ?

    ReplyDelete
  5. @හිස් අහස
    නෑ මං මේ කියන්න හැදුවේ මම එක කියල.. :D

    ReplyDelete
  6. කාලකට පස්සේ මුටත් බ්ලොගක් තියෙනවා කියලා මතක් වෙලා. මල්ම ගහලා අභ්‍යාවකාසෙටම වෙලා හිටු.
    මේ කිව්වට මටත් බ්ලොගක් තිබ්බද කියලා මතකත් නැහැ වගේ.

    ReplyDelete
  7. හෙන ගානක් වටින රොකට් එකක නැගලනෙ ගුවන්ගත වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  8. ++++++++++++++++++++++
    (ලිපියට , කරපු වැඩේට නෙවෙයි )

    ReplyDelete
  9. ලයිසන් පිටම අභ්‍යකාශගත වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  10. බලපත් සහිත සුස්ති

    ReplyDelete
  11. ඔයට වෙන වැඩ. මේවා කියවනකොට හිනා යනවා. කල්පනවෙන් වැඩකරන්න සඳරු. මම බ්ලොග් එකට අලුත්. ඔයාට සුබ පතනවා

    ReplyDelete
  12. අම්මෝ ඈති යන්තං උඹට මේ පැත්තෙ එන්ට මතක් වෙලා. පත්තරේ ගිය කතා සෙට් එක නම් බැලුවා. ඒවත් හොදයි....
    ජගත් අයියට ඈත්ත සීන් එක කිව්වෙ නැද්ද ? තාම..
    ජය වේවා ! උඹට

    ReplyDelete
  13. අන්තිම ටික කියන්න ඕන නෑ බන්... ඒකෙන් රසේ අඩුවෙනවා... ලයිසමට මොකෑ උනේ කියන තැනින් නැවත්තුවම මීට ලස්සනයි. තනි ඇහැට ඇඬෙනවා බන්... කියන්න වදන් නෑ...

    ReplyDelete
  14. අම්මේ මෙන්න මුට බ්ලොගක් තියෙනවා කියල මතක් වෙලා ..:D

    සඳරු හැමදාමත් වගේ පට්ටය එල කතාව පොලොසියෙන් ඇහුවොත් කියන්න තියෙන්නේ ආදායම් බලපත්‍රය අපේ චන්ද්‍රිකාවත් එක්කම කක්ෂගත උනා කියල :P

    ReplyDelete
  15. නියමයි සඳරු.... වෙන කියන්න දෙයක් නෑ.... හි හි

    ReplyDelete
  16. මදැයි, ජොලියක් දාන්න කියලා ගලක් යටට සෙට් වෙච්චි වල් ඉබ්බෝ දෙන්නට වෙච්චි දෙයක්. ඕක තමයි කියන්නෙ මෝල් කලන්තෙ හැදුනම ගස් ගල් අස්සෙ රිංගන්න එපා කියලා. කෝ ඉතින් අහනවයෑ.....!

    මම නම් ඉබි මස් කාලම නෑ. වෙනස් මස් ජාතියකට කාල තියෙන්නෙ ඉතින් ඔටු මස් තමයි. ඒත් ඒකත් එක පාරක් කාපු ගමන් මටත් ගම හාමිනේටත් එපා වෙලාම ගියා.

    සඳරු මල්ලි පොඩ්ඩක් හොයලා බලහන් වන ජීවි එකේ පොරවලුත් උඹේ බ්ලොගේ කියවනවද දන්නෙ නෑ. දැන් ඉතින් පොඩ්ඩක් වහන් වෙලා හිටු......!

    ReplyDelete
  17. මෙදා පොටේ ලැයිසොමෙන් බේරුණත් ඊළඟ සැරේ මොනායින් මොනා නැතිවෙයිද දන්නෑ සඳරුවෝ....

    කරපු වැඩේ අප්සට් වුනත් ලියන ලිවිල්ල නම් හැමදාමත් වගේ අති සුපිරියි... ජය ‍වේවා සඳරුවෝ

    ReplyDelete
  18. yaluwo eka telak,dumak dala walak bahla kicha wenawa taram sapak ah..hhhhhhhh..
    uba liyana patare mokakda?
    Jayawewa,
    Sajith (Sanjeewa)

    ReplyDelete
  19. අනේ මන්දා බන්.. උඹට බනින්න මට හිතදෙන්නෙ නෑ...

    උඹගෙ ලියමන් ගැනනම් ඉතින් කවර කතාද? සුපිරියි...

    ReplyDelete
  20. මදෑ ආදායම් බලපත්තරේට වෙච්ච හදියක් !

    ReplyDelete
  21. අම්මෝ!!!! යන්තම් මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ..... යාළුවා කිවුවා වගේ බඩගින්න නිවාගන්න සතේක් මරුවා කියලා පවු සිධ්ද වෙන එකක් නෑ මයේ හිතේ.
    ජය වේවා!!!!!

    ReplyDelete
  22. අද වහීද මන්දා... සදරුවට කාලෙකට පස්සෙ බ්ලොග මතක් වෙලා... ඉබිමස් රහද බන් කාලා නැති නිසා ඇහුවෙ...ඔය ඉබ්බො කොහොමද මරන්නෙ හැබෑටම...

    වෙලා තියෙන වැඩේ නම් හරිම කුජීතයි...අභ්‍යාවකාශයට යන්න කෝටි ගාණක් වියදම් කරන්න ඕනෙ එකේ සුළු මුදලකින් යන්න පුලුවන් නම් ආදායම් බලපත්‍ර‍ක් උනත් මොකද බන්.... බොට ජය වේවා !

    ReplyDelete
  23. මටනම් මේපාර කතාව ටිකක් පුරුදු රිද්මෙන් එලියට ගිහින් වගේ තේරෙන්නේ සඳරුවෝ.. සමහරවිට උඹ කාලෙකින් ලියන හින්දා වෙන්න ඇති. ඒත් ඒ මොකෝ..

    ReplyDelete
  24. බලත්දි චීන්නුන්ට ණය වෙන්නේ අහවල එකකට දෑ කියලා හිතෙනවා.

    බ්ලොග් එක තියනව නේද ? මතකද එහෙම එකක් ? හිස් අහස කියලා.

    ReplyDelete
  25. කොහොම උනත් උඹලා බලපත්‍රයක් ඇතිව කක්ෂගත වෙලා තියෙන එකත් මදෑ... වැඩි හරියක් උන් බලපත් රහිතවනේ ඕක කරන්නේ...

    ReplyDelete
  26. හදට යන්නත් ඉතින් ලයිසොන් තියෙන්න එපැයි බන්.. ඒකනේ උබ ආදායම් බල පත්තරෙත් අරගෙනම දුම දදා ගියේ..
    හික් හික්
    ....

    ReplyDelete
  27. අඩේ සඳරු...... උඹත් මරු ඩයල් එකනේ බං...........

    ReplyDelete
  28. max macho. matath ohoma athithayak thibba ....math wenakotath aaaasi.......

    ReplyDelete
  29. යකෝ හදට යන්නත් දැන් ලංකාවෙන් තමයි බලපත්‍රේ......නියමයි ඈ......මලක අසිරිය

    ReplyDelete
  30. මෙය කියවීමෙන් අතිශය කලකිරීමක් මිස වෙනත් කිසදු දෙයක් ඉතුරුවුවේ නැත ! සත්තකින්ම ඔබ අහිංසක සතුන් මරණ කනවා නම් ඔබ පව් කාර මිලේච්ච්ච ජීවිතයකි! අපට මෙනම් සතුනටද ජිවත් වීමේ අය්තියක් ඇත

    ReplyDelete
  31. ඉබ්බො මරන එක නම් පවු කියලා හිතෙනව බන් ඒත් ඔයිට වඩා ඕන තරම් පවු අද රටේ වෙනවනේ... බඩගින්නට හැමදේම යටයි .. ඒක එහෙම වෙච්චාවෙ ඔය උඩින් උඹට අම්බානක දෙස් තියල ඇනෝ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ පස්පවින් වැළකිච්ච මාර්ගඵල ලබාගත්ත උතුම් සැදැහැවතෙක් වෙන්ට ඇති නේද බන්............

    ReplyDelete
  32. අපොයි මල්ලියෙ උඹට බයිසිකලයක් දුන්නත් ඕකෙ ලැයිසම් කරදාසි එහෙම නම් දෙන්න වටින්නෙ නෑ නොවැ..කරලා තියන වැඩේ හැටියට..

    ReplyDelete
  33. ඕක ඒ හැටි දෙයක්යැ..රාජ් ට කියපං. ඌ කියල දෙයි ඩුප්ලිකේට් එකක් ගන්න විදිහ. හැබැයි ඇත්ත විස්තරේ ජගත් ට කිව්වොත් හොදා බං. නැත්නම් නිරපරාදේ අර ගෑණී බැනුං අහනවනේ.

    ඉබි මස් නං කන්නෙම නෑ. ඇයි අන්තිමට විස්තරේ කිව්වේ. ඒක නොකීවනං ටියුබ් ලයිට් පත්තු වෙන හැටිත් බලන්න තිබ්බා.

    ReplyDelete
  34. anthimata hoda tikak thiyenawa wge..
    eka therenne comment dakkama..
    innako aye kiyawanna...

    ReplyDelete
  35. සඳරුවෝ ආයුබෝවන්! කිව්ව ඕං...

    කොහොමෙයි බං ගණ කඩදහියේ ඕව බොන්නේ......

    ReplyDelete
  36. සැහෙන දවසකට පස්සේ... එල (y)

    ReplyDelete
  37. "කොච්චර සුර සැප තිබුනත් මොකටද නීතිය නෑ ආතල් දන්නේ....."

    කථාවක් ලියන්න මලක් ගහන්නම ඕනෙ නේද?

    ReplyDelete
  38. මදෑ කොලා.
    බැරිවෙලා හරි ජගත් මේක දැක්කොත්, සදරුවට අහල ගං හතකින් හදිස්සියකටවත් බයිසිමොටෝවක් ඉල්ල ගන්න වෙන්නෙ නෑ.
    ඉබි මස් නම් කාල නෑ. ඒත් ගුවන් ගතවෙලා තියෙනවා සෑහෙන කාලෙතට කලින්.

    ජය.

    ReplyDelete
  39. ඒ කියන්නෙ අර චන්ද්‍රිකාව හයිකොරන්න ගියෙ උඹද?,
    බයිට් එකට සතෙක් මැරුවට පවු නෑ කියන්නෙ.
    ‍යකෝ ගලුයි මලුයි කියන්නෙ නයි විස නෙ..

    ReplyDelete
  40. උඹේ උප්පැන්නේ සහතිකේ එහෙම පරිස්සන් කොරහන්,
    කඩදාසියක් නැති වුන දාට , ඒකේ හරි නැගලා යයි

    ReplyDelete
  41. ආදායම් බලපත්තරේ සිදාදියට ගිය වෙලාවක ලැමිනේටින් කොරලා තියා ගත්තා නම් ඕක වෙන්නේ නෑනෙව.

    ReplyDelete
  42. කොහෙද යකෝ හිටියේ...ආයේ සතියකට පෝස්ට් එකක්වත් වැටුන් නැත්නම් අඬු කඩනවා අම්මප.අසනීපයක් එහෙම නෑ නෙව මලේ...මදැයි එහෙනම් නැතිවෙලා නෙමෙයි බඩු...දුම් වලින් අහසට යවලා නෙව..

    ReplyDelete
  43. සදරු ,, අයියේ අද තමයි මුලින්ම මේ පැත්තට ආවේ ,,,
    පොස්ටුව නම් එල ආ ....
    ජයෙන් ජය !!!

    ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව "

    ReplyDelete
  44. රොකටෙ නැගලා විශ්වයට ගියේ
    …බිමින් යන බයික් මොකට අයියේ

    ReplyDelete
  45. උඹටත් වෙන වැඩ
    ඊට පස්සේ ඌ ආයේ අලුතෙන් එකක් හදාගෙනද?

    ReplyDelete
  46. මස් නං ඕන තරම් කාල තියනව.(ඉබිමසුත් එකසැරයක් කාල තියනව) ඒත් ඔය වැඩේ නවත්වන්න පුළුවන් නම් තමා හොඳ!
    යකඩෝ ආදායම් බලපත්තරේ මල්ගහන්න පුළුවනෑ? ඒක පත්තර කෑල්ලකටත් වඩා ඝනකම්නේ? මල්වලට වැඩිය කඩදාසි තමයි උඹල බීල තියෙන්නෙ. බෝතලේකුත් බිව්ව නිසා අවුලක් නෑ.

    ReplyDelete
  47. අභ්‍යවකාශ ගත වෙන්න වැඩි දෙයක් ඕන නෑනේ බලන් ගියාම..
    සිරා පොස්ටුව!!

    ReplyDelete
  48. අපරාදෙ රජතුමාගෙ රොකට් එකත් කරට අරන්නෙ..අභ්‍යවකාශගතවෙන්න තිබුනේ..
    පව් අරූ...අදායම් බල්පත්‍රය ආයි ගන්න ..පොලිස් සහතිකයක් එහෙම ඕනෑ නේද...?

    ReplyDelete
  49. @Sanjaya සිතුවිලි = ඒක නේන්නං . මුං කරන වැඩ
    .............................................................................................................................
    @හසිත මදුශංක = වැඩ කෝටියයි මචෝ දැන් . ඒකයි ඒතරම් ලියන්නැට්තේ .
    .............................................................................................................................
    @Anonymous = ඒක මිසක්ක .
    .............................................................................................................................
    @රෙප් මහත්තයා = වැඩ වලට යට වෙද්දී බ්ලොගක් නෙවේ බං කන්න බොන්නත් අමතක වෙනවා .
    .............................................................................................................................
    @Praසන්ன = ආයේ ඉතින් ගමේ හදාපු ඔරිජිනල් ඉන්ධන දාලා ගුවන් ගත කරවුව ඉස්තරම් රොකොට්ටුව
    .............................................................................................................................
    @බුවාගේ සිතිවිලි =බුවා දැක්ක කල්.. ස්තුතියි බුවා ..
    .............................................................................................................................
    @කම්මල = ආයේ එනකොට ලයිසම නැති එක තමා අවුල
    .............................................................................................................................
    @දේශකයා = වෙනිං කොහෙද ඔහොම එවුවා හොයන්නේ
    .............................................................................................................................
    @saduni = ස්තුතියි යාළු දිගටම බ්ලොග් කියවන්ඩ සෙට් වෙන්න . ටික කාලෙකින් බැරිය ඔයාටත් බ්ලොග් එකක් පටන් ගන්ඩ
    .............................................................................................................................
    @geeth = අමතක වෙලාමත් නෙවෙයි . වැඩ වගේකට මැදිවෙලා තෙරපිලා හිටියා ඒකයි කතාවක් ලියාගන්ඩ බැරි වුණේ . ජගතට කොහේ ඇත්ත කියන්නද බං ඇත්ත තිත්තයි නෙව .
    .............................................................................................................................
    @මාතලන් = මටත් එහෙම්ම හිතුණා . අපරාදේ තමා මෙච්ච දේ ගෙඩිය පිටින්ම කීවේ .ස්තුතියි ඈ
    .............................................................................................................................
    @අහවලා = ලොකු වෙනකොට මං හැදෙයි බං
    .............................................................................................................................
    @Shanaka Kumara = අනේ මගේ ආදායම් බලපත්‍රයක් යැ බං ජගත් අයියා අළුත් එකක් හදවා ගනීවි . මම බිල්ලා වගේ ඉන්නවා
    .............................................................................................................................
    @හිරු =හිනාවට ස්තුතියි හිරු .
    .............................................................................................................................
    @දුමී = ඔටු බිත්තර නම් මාත් වංඟියක් කෑවා . ඒත් මස් කාලා නෑ . අපේ දඩයමේ යන එකෙක්ටවත් කියන්ඩ ඕනෙ ඔටුවෙක් දැක්කොත් තියාපිය කියලා . වන ජීවි එකේ නම් ඉතින් අපේ ගාමිණී අයියා තමා මාව මාට්ටු කරොත්.
    .............................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = ඊලඟ වතාවේ ඔය තියන කඩ දහි කෑලි ලැමිනේටිං කරගෙන යන්නයි මම කල්පනා කලේ
    .............................................................................................................................
    @sanjeewa mendis = එහෙම මහ ලොකුවට ලියන්නේ නෑ මචං ඔය රැජින පත්තරේට පොඩි කතාවක් ලියනවා . ඒක විතරයි . සෙට් එකත් එක්ක සෙට් වෙන එක තරම් ආතල් එකක් ලොවෙත් නෑ මචා ..
    .............................................................................................................................
    @ලකී සිරි = බුදු අයියේ මේතරං කාලෙකින් දැක්ක මට බනින එක දුක නැද්ද අප්පා . ස්තුතියි බොලේ
    .............................................................................................................................
    @මධුරංග = අනේ මන්දා ඒකට මොනා වුණාද කියලා

    ReplyDelete
  50. @Sajith Lab= මම කරන පවු මම ගෙනියාවි ඕකෙ හරි වරද මට තේරෙයි මලාට පස්සේ බං. බොලොගේ අමතක කලා නම් නෙවේ . වැඩ තිබ්බා ගොඩක්
    .............................................................................................................................
    @සිරාගෙ කාමරේ = ඉබ්බා මරන විදිහ නම් මම උඹට සේප් එකේ පස්සේ කියන්නම් . කුකුල් රහම තමා බං . ස්තුතියි ආවට
    .............................................................................................................................
    @Alexander Cage = ඇත්ත කාලෙකින් බ්ලොග් එකට ආවේ නැති නිසා මට ඒකේ පාස්වර්ඩ් එකත් අමතක වෙලා තිවුනේ .
    .............................................................................................................................
    @වෙද ගෙදර මහ වෙදනා = අනෙ අම්මේ වෙද මහත්තයෝ පහුගිය ටිකේ තිබිච්ච වැඩ කන්ද හන්දා මට මාර අවුල් . ඒක නිසා කලබලේට බ්ලොග් නොලියා මම ටිකක් කල් ඉවසුවා . හෙමීට හෙමීට ආයේ ලියාගන්නම්කෝ
    .............................................................................................................................
    @මාරයාගේ හෝරාව = ඒකනේ කියන්නේ . අද ඉඳන් දිගටම බලපත් ඇතුව මේ වැඩේ නීත්‍යානුකූලව කරන්නයි මම හිතුවේ .
    .............................................................................................................................
    @චතුවී = අන්න ඒකනේ උඹට තේරුනාට මචෝ ඕක අපේ සමහර බුවාලට තේරෙන්නේ නැති හැටි
    .............................................................................................................................
    @කෝරලේ මහත්තයා =අනේ ඔහේ කාල බීලා ඉන්නවා කෝරලේ හාමුදුරුවනේ .
    .............................................................................................................................
    @Anonymous 11.29= මටත් කවදා හරි ඉතිරිවෙන්නේ මේ අතීතය විතරයි බං ලියලා තියන නිසා කවදා හරි කියවලා හරි බලන්ඩ බැරිය .
    .............................................................................................................................
    @මයියා ( Mayya)= ලංකාවේ කොල්ලෝ වැඩක් කොලොත් ආයේ ඉතින් ..
    .............................................................................................................................
    @Anonymous 11.56 = පවු නම් බං මම උපන්දා ඉඳන් කරනවා . සමහරක් නොදැන , සමහරක් දැන දැන .ඒ අස්සේ වැරදිලා වගේ පිනක් දහමකුත් කරනවා . මමත් සාමාන්‍ය ම්නිහෙක් තමා බං . මිලේච්ච මත් නෑ . අවුලක් නෑ උඹලට කැමති හැටියක් . ස්තුතියි
    .............................................................................................................................
    @Sabith = ස්තුතියි මචෝ
    .............................................................................................................................
    @ahinsaka thelastrow = උම්බල කඩේ කෑවත් පව පවමනේ . අර උඩ කීවා වගේ පොර කියලා තියන දේ හරියටම හරි . මම මේ කරන දේ මම ගෙනියයි බං .ඒක නෙවේ උඹට ස්තුතියි . උඹ බ්ලොග් එකක් ලියනවැයි. .
    .............................................................................................................................
    @Weni = එහෙම කියන්ඩ එපා අයියා . මං වුණත් මිනිහෙක් නොවැ . උඹල කාපු බීපු වෙලාවට ඔය වගේ ජෝගි නටලා නැතෙයි ඈ ..
    .............................................................................................................................
    @The Modern Patriot = ඕකා ගෑනිට පන බයයි බං ඌ කොහේද ගෑනිට බයින්නේ . අපිට නම් බනියි . වෙලාවක සෙට් වෙමුකෝ මේ පැත්තට ඔයාලා ජීවිතේට කාපු බීපු නැති එවුවා දෙන්නම්
    .............................................................................................................................
    @silentsahan = ආයෝබෝං කීයා මේ පැත්තට හෙමීට කියවගෙන වරෙන් මල්ලියේ .
    .............................................................................................................................
    @හීනියට හීනි = අනෙ අම්මේ මචෝ ආයොබෝං . බඩ ගින්නේ ඉන්න වෙලාවට මල් ඉබ්බත් කිරි ඉබ්බෙක් වෙන එකේ . බීපු වෙලාවට කොහෙද බං කඩ දහියේ ගනකම තේරෙන්නේ . ? ‍
    .............................................................................................................................
    @Nimesh = වැඩ වැඩි වුනා මචෝ ඒකයි

    ReplyDelete
  51. @ශශී = කාලයක් තිබ්බා එහෙම වෙච්ච ඒත් දැන්නම් එහෙම නෑ .. තැන්කුයි කීවා කමෙන්ට් එකට
    .............................................................................................................................
    @බණ්ඩා = හැබැයි මේක කියෙවුවොත් නම් අබ සරනයි . ලඟදී මේ පැත්තට සෙට් වුණොත් නම් ගුවන් ගත කෙරුවැකි ෆ්‍රීම
    .............................................................................................................................
    @සුජියා = අනෙ අම්මේ නෑ මචෝ මම මේ කාටවත් අයිති නැති කක්‍ෂයක ගුවන් ගත වුණා විතරයි .
    .............................................................................................................................
    @මුදියන්සේ= අම්මපාබං . අදම ඔයි වැඩේ කරගන්න ඕනෙ .
    .............................................................................................................................
    @පැතුම් [සිතුම් පැතුම්] = වැදිලා ඉන්න වෙලාවට ලැමිනේටින් එක පිටින්ම අදියි අපේ අයියලා
    .............................................................................................................................
    @රතී, = පොඩි වැඩ ගොඩක් මැද මං හුදකලා වෙලා හිටියා රති අයියේ . උඹව දැක්ක කල් අනෙ අම්මේ
    .............................................................................................................................
    @Nipun fernando = මං ආවා කොල්ලෝ උඹගේ අච්චාරුව රහ බලලා යන්ඩ . එල
    .............................................................................................................................
    @ඉන්ද්‍රජිත් = ගුවනෙම ඉන්න බෑනෙව මල්ලියේ .
    .............................................................................................................................
    @මඩිස්සලේ නිශාන් = නැද්ද කොහෙද බං ඌ හොර පාරවල් වලින් පදිනවා තාම
    .............................................................................................................................
    @රාජ් = බීලා හිටි මංජුලයා ඒ වෙලාවේ කාඩ් බෝඩ් කෑල්ලක් දුන්නත් ඒක හීනිවට ඉරලා අරන් ඕක ඔතනවා අයියේ . මට ආදායම් රහ දිවට දැනුනා ඒත් මට ගානක් වුණේම නෑ නේ .
    .............................................................................................................................
    @Chandana = අනෙ නෑ බං වැඩි සීනි ප්ලේන්ටියයි මල් කිනිත්තයි ඕනෙ බං .
    .............................................................................................................................
    @වීපොකුරෙ වීයා =ඒ විතරක්‍ නෙවේ දුම් පරික්‍ෂාවත් කරන්න ඕනෙද කොහෙද බං පරණ එකම ආයේ අළුත් කරගන්න හැකි වුණොත් හොඳයි .

    ReplyDelete
  52. ඉතින් දැන් අලුතෙන් බලපත්‍රයක් ගත්තැයි?

    ReplyDelete
  53. ආදායම් බලපත්‍රෙන් ගැහුවා කිව්වම මටත් රාජ් කියපු එකමයි මතක්වුණේ. ඒක පළු ගැහුවනම් සුපිරි.
    ඔය ඔක්කොටම වඩා ATM වල DUSTBIN සාක්කුවල දමාගෙන ගියානම් සුපිරි

    ReplyDelete
  54. අපරාදෙ සදරු මල්ලි ආන්ඩුව මෙච්චර වියඩන් කරන්නෙ චන්ද්‍රිකා යවන්න රොකට් ගන්න,මුන්ට බෑහනෙ උබල වගෙ විසෙසඣ්ඣ්යින්ගෙන් උපදෙසක් ගන්න.හ්ම්ම්ම්ම් ඉබි මස් නෙහ්...නාමල් ඔය වෑව මතක් වෙනව බන් ඕව කියන කොට.හෑම ලිපියක්ම බෑලුව අද තමයි කොමෙන්ට්ටුවක් දෑම්මෙ.උබට ජය.

    ReplyDelete
  55. බලපත්‍රයක් අරක් කක්ෂ ගත වෙලා නැතිව ඇති අපේ රටේ වෙන එකෙක්වත්! :D
    මම ඉබිමස් කාලා නෑ බං! උඹලෑ පැත්තේ එන දොහක කියන්නං හදලා තියපං ඈ!

    ReplyDelete
  56. මාත් මල් ගැන ලියපු වෙලාවේ උඹත් ලියලා

    "අටම්පහුර" සහ "මහන මැසිම" ලියන ලක්මාල්

    ReplyDelete
  57. තද ඉඩෝරෙකට පස්සෙ වැහැපු වැස්සක්...... කතාව නියමයි සඳරුවො... අනේ ඉස්සර වගේ මාසෙට හතක් දාපන්කො බන්...

    මොනවද බන් ලයින් කරනවා කියන්නෙ ?

    අර මාතලන් කිව්වා වගේ අන්තිම ඡේදෙ නොදා හිටියනම් හොඳා කියලා හිතෙනෙවා.. මාතෘකාවෙත් ඒ ගැන සඳහනක් නොකලානම් කුතුහලය උපරිම වෙනවා.. ඒත් රහේ අඩුවක් නෑ බන්..

    ReplyDelete
  58. මම ලක්බිමේ කතා ටික නම් නොවරදවා කියවනවා. මේකට සාධාරණයක් කරපං මලේ. උඹට මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් කියපන්.

    ReplyDelete
  59. " ගමේ කොහේ හරි අකුලක් අස්සේ ඉඳගෙන බෝතල් මූඩිය උඩ ඉටිපන්දමක් පත්තු කරලා සෙරෙප්පු දෙක බිම තියලා ඒ මත්තේ ඉඳගෙන, තනි වීදුරුව රවුමට අතින් අතට යවමින් පරණ සිද්දී මතක් කර කර "

    මෙන්න මේ ටිකට තමයි මම නම් ආසම... ඒත් ආයෙ නම් මෙහෙම සෙට් වෙන්න වෙන්නෙ නෑ ලොවෙත් කියන එක නම් මට අනිවා. කාලෙකින් උබ ලියල නේ...

    ReplyDelete
  60. අම්මෝ දැක්ක කල්. අපි පත්තරේ නම් බලනවා මලේ . බොට කඩදාසියක් පෙන්න බැහැනේ . අනේ ඇත්තට

    ReplyDelete
  61. අම්මට සිරි වෙන්න. ටොපයි හොඳේ....

    මම ආයේ දවසක එනවා ඔහේ. උඹ ඔය කියන විදියට මහ රෑ, ගහක් යට උඹලාගෙ කාන්ඩෙත් එක්ක සැට් වෙලා කරටි කැඩෙන්න ගහන්න. ලොවෙත් එනවා මයි.

    මම නවෝද..

    ReplyDelete
  62. ඇති යන්තං... මාසයකටත් වඩා මේකට එනකොට පෙනිච්ච කුණ්ඩවවාලේ නැති වෙච්ච එක ලොකු දෙයක් ;)

    දැං ඉතින් අර මනුස්සයා පොලිස් වාර්ථා ගෙනියන්ඩ එපැයි බලපත්තරේ හදා ගන්ඩ.. ඒ මදිවට බලපත්තර කවුන්ටරේ එකාගේ රෙස්පට් බලන්ඩත් එපැයි.. (මාත් ඔය කවුන්ටරේ නෙ වැඩ :p )

    ReplyDelete
  63. යකෝ ඕවා එළිපිට දාන්න එපා. මහින්දයා දැක්කොත් එහෙම ඊලඟ බජට් එකෙන් තව වැඩි කරයි ආදායම් බල පත්‍ර ගාස්තුව.
    හේතුව දාවි .. "මහාමාර්ග වලට අමතරව කක්ෂගත වීම සඳහාද මෙම බලපත්‍රය යොදා ගන්න බැවින් 2014 වසරට බලපත්‍ර ගාස්තුව 200% වැඩිකර ඇත"

    ReplyDelete
  64. බලාගෙන කක්ෂ ගතවෙන්නේ බොල

    ReplyDelete
  65. කක්ෂ ගත වෙනකොට ඉන්ෂුවරන්ස් එහෙම ළඟ තියා ගත්තේ නැද්ද හැබෑටම?


    හඳපානේ ඇලක සිසිලස විඳගෙන කක්ෂ ගත වෙන්න ඇත්නම්...... හප්පා...

    ඉරිසියයි බොලව්.

    ReplyDelete
  66. මල් ඉබ්බන්ට වඩා කිරි ඉබ්බෝ හොඳද ?? කොහොම වෙතත් උඹලා නම් ගල් ඉබ්බෝ :P

    ReplyDelete
  67. ඉබ්බෝ කන එක නම් මහා ජරා වැඩක් සදරුවෝ ,මල් ඉබ්බෝ කියන්නේ තාරකා ඉබ්බන්ටද ? ,
    ඇති යන්තං ආවා :) , පරක්කු නොකර තව පොස්ට් ටිකක් දාන්නෝ................

    ReplyDelete
  68. ඉබ්බා කුකුල් රහ නම් මොන මගුලටද බොල ඉබ්බෝ කන්නේ ?

    ReplyDelete
  69. සමහර ගස්වල අතු කැපුවාම තවත් හොඳට අතු ලියලා එන වෙලාවලුත් තියෙනවා. මේක නම් අප්සෙට් වුනා නේ?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  70. අඩෝ උඹල හදල තියෙන්නේ 100% ලංකාවේ රොකට් එකක් ම වෙන එකක් තියා එකේ ජනරජ ලාන්චනෙත් ගහල තියනවා.සතුටු වෙයල්ලා.

    ReplyDelete
  71. Hena kalekn neh sandaru ayyata apiw amathak wela thiyenne......paththare nm kyawanawa..liyana widiyath wenas welada manda..jaya wewa!!!!

    ReplyDelete
  72. හොරාත කක්ෂගතවෙනවට වඩා ලයිසොන් පිට යන එක හොන්ධා බං.. උබල නීතිගරුක මිනිස්සු

    ReplyDelete
  73. ඓයො සල්ලි, හොඳ වෙලාවට ඕකෙන් බේරුනේ. සාක්කුවේ 100 කොලයක් වගී තිබුනානම් අපහු හඳට යන්න ටිබුනා..

    ReplyDelete
  74. මංජුල හදාපු රොකට් එකේ නැඟිලා ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් ඉහළට නැංඟ අපි ඇස් දෙක අඩවන් කරගෙන අභ්‍යවකාශය පුරාම සැරි සැරුවා.ග්‍රහ ලෝක මන්දාකිනි පහු කරපු අපි රොකට් එකේ ඉන්ධන ඉවර වෙන්න කිට්ටුව පොළවට පය ගැහුවේ තවත් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ... යාන්තම් පියවි සිහියට එනකොට . යාළුවෝ කට්ටියට සුබ රැයක් කියාපු මම එතනින් පිට වෙද්දී පාන්දර තුනත් පහු වෙලා .

    උබ නම් සිරාම මල් කාරයෙක් මල්ලි.........පට්ටම පට්ට.........

    ReplyDelete
  75. කිලිනොච්චියේදි කස්ටිය මලක් ගහනකොට. නොගහ ලග ඉදගෙන හිටපු එකෙකුට පිට යන දුමට වැදිල කියපු කතන්දර ටිකක් තියන වීඩියොවක් මන් ආයෙමත් බැලුව මේක කියවල. මෙ මල් කියන දේ මිනිස්සුන්ට කරන දේවල් තෙරුම්ගන්න බෑ කොච්චර හිතුවත්.

    හොද වෙලාවට බ්ං කවදාවත් බොගෙ සාක්කු වල පන්සීයෙ, දාහෙ කොළ නැත්තෙ.

    ReplyDelete
  76. ඔය වෙලාවට කොහෙද බලපත්‍ර මතක් වෙන්නේ... මලක් නම් ඉතින් උප්පැන්න සහතිකේ එතුවත් කමක් නෑ..... නේද සදරුවෝ....???

    ReplyDelete
  77. කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ. මොනව වෙලා හිටියද? ලස්සනයි කතාව. මොනව හරි නිතරම ලියන්න හොඳේ.

    ReplyDelete
  78. අම්මෝ.. සඳරු අයියාට සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා..:)

    ReplyDelete
  79. හප්පේ.... සෑහෙන්න කාලෙකින් නෙ සඳරු අයියගෙ කතවක් දැක්කෙ?
    අපි මේ කල්පනා කොර කොර හිටියෙ කාලෙකින් කිසි කතාවක් නැතුව උන්නෙ මොකො කියලා? මොකැයි උනේ?
    මොනා උනත් ලයිසොං ඇතුව උඩ ගිය එක නං හොඳා.....

    ----ජිනේ මලයා----

    ReplyDelete
  80. ඈ බං ආදායං බලපත්‍ර කොලේ හෙන ගණකමයිනෙ. අනික ඒකෙං රොකට් එතුවොත් ඇස් දන්න ගන්නවා එකසිය ගානට.

    ReplyDelete
  81. හිහ් හිහ්..මරු වැඩේ
    ජගත් කියලා අයියා කෙනෙක් අපෙත් ඉන්නවා ඔය උහන පැත්තෙ..
    සදරු අයියා මිනිහගෙ බලපත්තරේටද දන්නෑ ඇරලා තියෙන්නෙ..
    හිහ් හිහ්

    ReplyDelete
  82. හැමදාම වගේ ඉතිං කතාව නම් ඉස්තරම්. අර අන්තිම කෑල්ලෙන් පස්සෙ රස සූට්ටක් අඩුවුනා... ඒ නොතිබ්බා නම් තමා හොඳ.... කාන්තා පත්තරේකත් ලියනවා කියලා ඔත්තුවක් ආවා... ඇත්තෙයි?

    ReplyDelete
  83. බලු වැඩ සදරු ඕවා! බලු වැඩ! යකෝ අපේ පැත්තෙත් ඉබ්බො ඉන්නවා! ඒත් ඕකුන් කනවා කියලා හිතන්නෙවත් නෑ බං! අනික් උං කනවනං කාපුවාවේ!! උඹට හිතක් කියලා එකක් තියනවනං හරක් මස් වගේම ඉබි මස් නොකා ඉඳපං!

    ලයිසන් එකට නං බඩු තමා පුතේ!! හිකිස්!!

    ReplyDelete
  84. ඔය ගුවන් ගතවීමේ රහ නං ඉතින් අපිත් දන්නවා .....තිත් දෙකයි ඩී

    ReplyDelete
  85. කොහෙද යකෝ තොලොංචි වෙලා හිටියේ..මට උබේ කුන්ඩවාලේ දැකල ඇති වෙලා තිබුනේ..ආදායම් බලපත්තරේ ඕකට ගනකම වැඩියිනේ බන්..අපිනම් දැන් කක්ෂගත වෙන්නේ මල් වලින් නෙමෙයි..කේරල ප්‍රාන්තේන්..හික් හික්

    ReplyDelete
  86. හෆොයි අර ඉබ්බෝ දෙන්නට ඩිස්ටබ් කරපු එක හරි නෑ මලේ. උන් කොච්චර තරහින්ද මැරෙන්න ඇත්තෙ :(

    ReplyDelete
  87. අප්පට සිරි...

    ReplyDelete
  88. මේක කියෙව්වේ අදනේ...මාර වැඩේ තමයි වෙලා තියෙන්නේ... හික්..

    ReplyDelete
  89. මම උත්සාහ කරන්නම් මගේ අත් දෙකේ ටයිප් කරන්න හයිය තියනකම් මගේ බ්ලොග් බිරිඳව දලා නොයන්න !!

    කියවන ඔබ තමුන්නාසෙලා එන්න . අපේ දුක සැප බෙදා ගන්න !
    අයෙත් පරණ විදියටම ලියහන් මලේ, අඩා මෙවුවා පිට එකට කියන්නේ උබට මනාවිලා තින්නේ ඩා..
    AW ..ෆඉ

    ReplyDelete
  90. Sandaru ayya ko.........

    ReplyDelete
  91. පට්ටයි මචං.එදා යන්තම් ඇවිත් ගියාට වෙන දෙයක් කරන්න වෙලා තිබ්බෙ නෑනෙ.
    උඹව දැක්කම නං හිතෙන්නෙ අහිංසක හා පැටියෙක් කියල.
    වැඩත් සුපිරි ලියන විදිහත් සුපිරි.මේක පැත්තෙ එන්න හිතන් හිටියට අද තමයි එන්න වුනේ.....
    අපිට ඉබ්බොත් නෑ මලුත් නෑ :P

    ReplyDelete
  92. යකෝ උඹව තියන්න වටින්නේ නැහැ..එක්කෝ අර ඉබ්බෝ දෙන්නා වැඩේ ඉවරකරනකල් ඉන්න තිබුන බොල.

    ReplyDelete
  93. හෆොයි දැක්ක කල් සඳරුවෝ........

    ReplyDelete
  94. sandaru ayya kooooooo???????????

    ReplyDelete
  95. හිස් අහස ගැන මම මුලින්ම කියෙව්වෙ ලක්බිම පත්තරෙන්. පත්තරේ තිබුනෙ බීඩි කතාවක්. හිස් අහස හොයාගෙන යන්න තරම් ඒ කතාව රසවත්. හිස් අහසට ආවට පස්සෙ දැන ගත්තා හැම කතාවක්ම වගේ රසවත් කියල :)
    නිකමට හදපු බ්ලොග් එකේ හැබෑවට ලියන්න ආසාව ආවෙ හිස් අහසෙන්. ආසාව තිබුණට හැකියාව ගැන හොයලා බලන්න වෙනවා :D.
    බ්ලොග් වලට මම කෝඩු, ඒ වගේම වියමනකට මම දාන පළවෙනි මගේ අදහස.

    දිනුම නොඅඩුව ලැබෙන කාලයක් ඉක්මනින්ම උදා වේවා!

    මම
    දාස්පෙති

    ReplyDelete
  96. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. කකාගේ වස් කවි...තුප්
      කෝ බොල එකක්වත් ලියවිලා තියෙනවද?
      අඩා සඳරුවා තෝ කොයි මකබෑ වුනාද?

      Delete
  97. ඈ සඳරු මලේ, කොහෙන්ද ඔටු බිත්තර කෑවෙ? :D ඔයාට වටු බිත්තරයි ඔටු බිත්තරයි පැටළුනා නේද? දුමී අයියාගෙ රටේ ඔටුවො හිටියට අපේ රටේ කොයින්ද බං ඔටුවො. ඇරත් ඔටුවො බිත්තර දානවයැ? :D :D

    ReplyDelete
  98. ko sandaruwo.. dan umba liyanne nethei??

    ReplyDelete
  99. ovaa praaNagaatha , apaayea yana vAda :p

    ReplyDelete
  100. snadaru ayya dan liyanne nadda??

    ReplyDelete
  101. අනේ තොගේ ඉබ්බෝ.. තෝම තියාගනින්.... :D :D :D

    ReplyDelete
  102. Machan Sandarooo, aie dan liyanne neththee

    ReplyDelete
  103. e saddaru machan. ara ubalage game hadaya puke thara ga gaththada?

    ReplyDelete
  104. machn me ke kathawak dapan yakoooo

    ReplyDelete
  105. යාලුවෙක් කීපු කීමට මං මේ බැලුවෙ හිස් අහස පිරිල තියෙන්නෙ මොනෑන්ද කියලා...
    අප්පට සිරි...

    හිස් අහස හිස් නෑනෙ අප්පා...

    දැන් ඉතිං මමත් හිස් අහස කියවයි දිගට හරහට... තිබහක් ඉපැද්දුවානං ආයෙ බොන්ට දේවල් දෙන එකයි යුතුකම...

    ReplyDelete
  106. සදරු මල්ලි
    බ්ලොග් කියවන්න පටන් ගත්තේ ඔයාගේ හිස් අහස කියවීමෙන්
    ඉතාම අලංකාරව ලියලා තිබුන හැම පොස්ට් එකක්ම බැලුවා කාලෙත ඉදන්
    සතුටුයි ජයපතනවා
    කාලෙකින් ලියනවා තියා හිස් අහස බලන්නවත් ඔයා ඇවිත් නැ වාගේ
    වැඩ කටයුතු ඉක්මනින් අවසන් කරගෙන ආය ලියන්න හැකිවේවා

    ReplyDelete
  107. Ai dan Sandaru ayya liyanne nathe???

    ReplyDelete
  108. ෆුටා එහෙම වුනාද? :O

    ReplyDelete
  109. තමුන්ට බ්ලොග් එකක් තියෙනව කියල මතක නෑ වගෙයි..)))

    ReplyDelete
  110. මාස 4කින් මොකුත්ම නෑ :(

    ReplyDelete
  111. මොකෝ බන් අලුත් මොකුත් ලියන්නේ නැත්තේ?

    ReplyDelete
  112. තෝ කොහේ මක බෑ උන්ද බොල ... වහාම පොස්ටුවක් දමාපිය ....

    ReplyDelete
  113. අපූරු කතාවක්

    ReplyDelete
  114. ම්ම්ම්ම් මමත් ඔක්කොම පොස්ට් ටික කියේවුව...අලුත් 1 දාල නැ නේ

    ReplyDelete
  115. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  116. ඇයි මල්ලි දැං ලියන්නේ නැත්තේ

    ReplyDelete
  117. ඇයි මල්ලි දැං ලියන්නේ නැත්තේ

    ReplyDelete
  118. me awurudde eka post ekakwath liwwe neththe ai...?

    ReplyDelete
  119. Mokada Ban Penna Naththe..? Mokak Hari Aulakda..?

    ReplyDelete
  120. සඳරු අයියේ,
    අලුතෙන් මුකුත් ලියන්න අදහසක් නැද්ද? හා හා පුරා කියලා මේ අලුත් අවුරුද්දේ මම කුළුදුලේ පටන් ගත්ත බ්ලොග් එකටත් ඇවිල්ලා යන්න,
    http://sondurumanpetha.blogspot.com/

    ReplyDelete
  121. මේ මනුස්පයා ලියන්නෑනේ යකෝ දැන්!!

    ReplyDelete
  122. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගි සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  123. blog eka bankoloth da???

    ReplyDelete
  124. ai ane liyan naththe...

    anu

    ReplyDelete
  125. ko appa sandaru ayya??? Sud van ekak wath awadaaaaa?????

    ReplyDelete
  126. Today, I went to the beach front with my children. I found a sea shell and gave it to my 4 year old daughter and said "You can hear the ocean if you put this to your ear."
    She put the shell to her ear and screamed. There was a hermit crab inside and it pinched her ear.
    She never wants to go back! LoL I know this is completely off topic but I had to tell someone!


    my web site - quick ways to make extra money

    ReplyDelete
  127. What's up, just wanted to mention, I liked this article. It was inspiring. Keep on posting!

    my homepage; best diet plans

    ReplyDelete
  128. I am really enjoying the theme/design of your blog.
    Do you ever run into any browser compatibility problems?

    A few of my blog readers have complained about my site not operating correctly in Explorer but looks great in Opera.
    Do you have any advice to help fix this problem?

    Review my blog post Diet Plans For Women To Lose Weight Fast For Free

    ReplyDelete
  129. What's up, this weekend is pleasant in support of me, since this occasion i am reading this great informative post here at my home.

    Also visit my page workouts to improve vertical jump

    ReplyDelete
  130. Hello there! Do you use Twitter? I'd like to follow you if that would be okay. I'm absolutely enjoying your blog and look forward to new updates.


    My webpage: workouts to improve vertical leap

    ReplyDelete
  131. මොකද උඹට වෙලා තියෙන්නේ ... ලියපන්.....

    ReplyDelete
  132. I have read so many content on the topic of the blogger lovers but this piece of writing is in fact a good post, keep it
    up.

    Look into my homepage - click here

    ReplyDelete
  133. Very nice post. I just stumbled upon your blog and wanted to say that
    I have truly enjoyed browsing your blog posts. In any case I will be subscribing to
    your feed and I hope you write again soon!

    Look at my website ... calories walking

    ReplyDelete
  134. uba blog noliuwata kamak na. puluwannam pothak wath liyapan, jeevithe hadaganna game gahanawa nam eka karaganin noliuwata api tharaha na. uba sira dial eka, ubata hari yanawa sure. api giya. jaya wewa malli.

    ReplyDelete
  135. This paragraph presents clear idea in support of the new visitors of blogging,
    that genuinely how to do blogging.

    Also visit my webpage :: oscardevel.com

    ReplyDelete
  136. Thank you for some other fantastic article. Where else could anybody get that type of
    info in such an ideal method of writing? I’ve a presentation subsequent week, and I am on the look for
    such information.

    Here is my webpage :: eau de cologne

    ReplyDelete
  137. Wonderful article! This is the type of info that should be shared across the internet.
    Shame on the search engines for no longer positioning this publish higher!
    Come on over and discuss with my website . Thanks =)

    Here is my homepage :: the tao of badass

    ReplyDelete
  138. fantastic issues altogether, you just gained a new reader.
    What may you suggest about your post that you just made a few days in the past?

    Any positive?

    Visit my web blog :: Www.Dangreer.Com

    ReplyDelete
  139. Wow that was strаngе. I јust ωrote
    an еxtrеmеly long comment but аfter I сliсked submit my commеnt didn't show up. Grrrr... well I'm not
    wгiting аll that οver agaіn.

    Anyωays, just wanted tο say wondегful blοg!



    my ωeblog :: Greengangmovers.com

    ReplyDelete
  140. Random believed that popped into my head on account of
    my current difficulties.

    Here is my site: Female Mind Mastery Review

    ReplyDelete
  141. Thank you for any other informative site. Where else may just I get that type of info written in such
    an ideal way? I have a venture that I am simply
    now working on, and I have been at the look out for such info.


    my page Cheapoair promo code

    ReplyDelete
  142. I am sure this piece of wгіtіng hаs touched all the inteгnеt peоple, its really reаlly pleasant
    article on buildіng uρ nеw weblοg.


    Feel fгee to suгf to my blog pοst: wire-wound resistor

    ReplyDelete
  143. What's up colleagues, how is the whole thing, and what you wish for to say concerning this article, in my view its in fact remarkable in favor of me.

    Also visit my site: http://youtubekacke.de

    ReplyDelete
  144. Last minute artіcles are аlwayѕ beѕt, the contеnt јust
    pouгs out ontο the screеn.


    My homepagе :: long term unsecured loans bad credit

    ReplyDelete
  145. අඩේ සඳරුවො බොලා ලංකාවෙ ඉන්නවද?

    ReplyDelete
  146. Hi there! Do you use Twitter? I'd like to follow you if that would be okay. I'm
    absolutely enjoying your blog and look forward to new posts.


    My homepage; the jump manual

    ReplyDelete
  147. ERIC at your age i'd consume every thing it is possible to just stay away from sugar,i'd
    also do massive physique component lifting,bench lifeless carry squat with heavy bodyweight reduced reps for 10 weaks then take two months of sunshine lifting then go back towards the 10 week
    system once again.this ought to assist you to gain dimension
    and bodyweight and hold in there you might be nonetheless youthful
    as well as your just starting to get a superb bit of your own
    testosterone and even a lot more in the coming years.keep absent
    in the roids they may stop your bodies all-natural growth at your age(bones)stunt your dimension

    Look into my web blog ... diet plan to gain lean muscle for women

    ReplyDelete
  148. Many thanks for your feedback. Singles inhabitants is barely 1 issue we
    regarded in analyzing best metropolitan areas. As mentioned, employment opportunities carried more bodyweight, as did expense
    of living.

    Look into my homepage: attract a girlfriend

    ReplyDelete
  149. අනේ මචන් ලියහන්කෝ... පට්ට ලස්සනට උබ ලියනවා... අපේ පැත්තෙත් ඇවිත් යන්න වරෙන්... වෙරි වේවා...!!!!

    ReplyDelete
  150. Oh my god Hulk wins he fought Sentry a hero with no weakness and has the same strength and speed (hell perhaps even greater ) lost against the Hulk tremendous
    guy loses, and do not give that bull about him spinning in time and
    beating the hulk like that cause why not do it with each of the Cullen's he fought or friends he lost, cause Superman is f'n stupid, if Superman is
    as strong as y'all say he would taken treatment of every single villain with ease but its just all BS, Batman give Superman a match and he's only
    a man even though y'all make him appear like a God come on actually hands down Superman wins, superspeed will be no good if you got him on the point were you can not hurt him just saying.

    Here is my blog post ... superman stamina free online video

    ReplyDelete
  151. This produced me a bit sad, mostly due to how incorrect it
    is. I suppose if a person have been to create a movie about Islam that mischaracterized it, it could
    be a? big offer. But right here, all I can suggest is to look up Christopher West,
    here on Youtube, to set the record straight on troubles about sexuality.


    Stop by my homepage - car colors that attract women

    ReplyDelete
  152. Blog ekata "HISAHASA" kiyala dana hetuwa uba post ekak liyala tiyanawa. ea wagema dan ape Blog lokayat palu wela machan.
    monawa hari liyapan.
    Jayawewa

    ReplyDelete
  153. me paththata awe sira ayyage hadinweemen...! kalekin yaluwa liyala naha wage. :) ikmaninma liyanna kiyala aradana karanawaa

    ReplyDelete
  154. liyanne nadda yakoooo mata tharaha yanawa hode

    ReplyDelete
  155. I was wondering if you ever considered changing the layout of your site?
    Its very well written; I love what youve got to say. But maybe
    you could a little more in the way of content so people
    could connect with it better. Youve got an awful lot of text for only having 1 or 2 images.
    Maybe you could space it out better?

    My web-site: vigrx plus sold stores

    ReplyDelete
  156. Simply ωant tо say your artiсle is
    аѕ surρrising. The clеarness in yοur put
    up is ϳuѕt eхсellent and і cоulԁ
    aѕsumе you are κnoωleԁgeable on
    thіs subject. Fine along with your permissiοn let mе to
    ѕnatсh уour RSЅ fеed to κeeρ up tο dаte with forthcomіng post.
    Thankѕ а mіllion and pleaѕe continue the rewarԁing work.


    Look аt my homеpаge; nоіѕe of Resistοr (ctoh.legos.obs-mip.fr)

    ReplyDelete
  157. the SMARTER theory along with your fat loss endeavours,
    do not begin on a weak

    Feel free to visit my blog; free weight loss diets

    ReplyDelete
  158. Ko appa me sandaru ayya????????????.......

    ReplyDelete
  159. මොකද බන් මස ගානකින් සද්දයක් වත් නැත්තේ .... පොඩි කවියක් හරි ලිවුවනං ... මේක අත අරින්ඩ එපා ..

    ReplyDelete
  160. ko ban uba warenkooooo aye liyanna

    ReplyDelete
  161. සඳරු ලියන එක නවත්තලම දාලද? නැත්නම් එයට මොකක් හරි ප්‍රශ්නයක් ද??
    බ්ලොග් අවකාශේ කවුරුවත් දන්නේ නැද්ද සඳරුට ඇත්තටම මොකක්ද උනේ කියල??

    ReplyDelete
  162. ඔයා මලාද පොස්ට් 1 dandako

    ReplyDelete
  163. Giya aurudde nov 29n passe anthraasdhaan... Sandaruta mokda une kyala hoyamna balanna vidihak kaurut danne nadda..?

    ReplyDelete
  164. Howdy are using Wordpress for your blog platform?
    I'm new to the blog world but I'm trying to get started and set up my own.
    Do you require any coding knowledge to make your own blog?
    Any help would be really appreciated!

    Visit my webpage :: superman stamina

    ReplyDelete
  165. හි හි මාත් පොඩිකාලේ ඔහොම ඒවා කළා

    ReplyDelete
  166. හේ හේ හේ...!! උබේ part 2 මම .!! හැබැයි අදායම් බලපත්‍රයේ නම් නෙමෙයි .පොලිසියෙන් හම්බෙච්ච දඩ කොලේ ..!!

    ReplyDelete
  167. මචන්ලා ,සඳරු හොඳින් ඉන්නවා ..!! මමත් හොයල හොයල හම්බුනා .!!

    ReplyDelete
  168. @ahinsaka thelastrow

    //ඉබ්බො මරන එක නම් පවු කියලා හිතෙනව බන් ඒත් ඔයිට වඩා ඕන තරම් පවු අද රටේ වෙනවනේ//

    උඹ වගෙ ඔහොම හිතන උන් ඉන්නකම් ඕන තරම් පවු අද රටේ වෙයි තමා

    //ඔය උඩින් උඹට අම්බානක දෙස් තියල ඇනෝ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ පස්පවින් වැළකිච්ච මාර්ගඵල ලබාගත්ත උතුම් සැදැහැවතෙක් වෙන්ට ඇති නේද බන්//

    වරද වරදක් විදිහට දකින්න මාර්ගඵල ලබන්නම ඕන නෑ. පොඩි හරි මොලයක් තිබ්බ නං ඔයි ටික තේරෙනව

    ReplyDelete
  169. කොල්ලො සෙට් එකත් එක්ක බෝතලේකට සෙට් වෙලා ගන්න සැප තරම් සැපක් මම මගේ ජීවිතේදී කෙරුව කිසිම වැඩකින් විඳිලා නෑ . ඒත් අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට කාටද හැකි හමදාමත් සැප ගන්න . තනියම ඉදිද්දී පලතුරු බීම එකක් පවා බොන්න නොහිතෙන මට සැර බීමක සැපත් දැනුණේ තනියම ඉදිද්දී නම් නෙවෙයි යාළුවෝ ටිකත් එක්ක රැහේ වැටුණාමයි .
    (matath ehemai)

    ReplyDelete

තැන්කූ බං