10.10.13

කොලනි කාරයෝ. 2 කොටස




"අපිත් සංවිධානය කරමු වේදිකා නාට්‍යක් මම ගොඩ කාලෙකට කලින් ලියවුව නාට්‍ය පිටපතක් තියනවා .. අද මේ පන්තියේ ඉන්න මේ ගෑනු දැරිවියෝ තුන් දෙනයි මේ කොල්ලෝ කට්ටියයි විතරක් ඒකට සම්මාදම් වුනානම් ඇති .නාට්ටිය හොඳට සංවිධානය කෙරුවොත් ,හොඳට රඟපෑවොත් මම හොඳවයින් ලකුණුත් දෙනවා ..තව දෙයක් අහගනියවු.. අපේ නාට්‍යයේ නම තමයි.."කොලනි කාරයෝ" හෙනං උඹලා හැමෝම ලැහැත්ති වෙල්ලා නළුවෝ වෙන්ඩ..”

 "නියමයි , මරු , කියලා වැඩක්නෑ …" වගේ වදන් පන්තිය වටෙන්ම ඇහුණා ….

"මං දැන්ම ගෙහුං උඹලට පෙර පුහුණුවීම් කරන්ඩ විදුහල්පති තුමාගෙන් වේදිකාව ඉල්ලාගන්නම් ....අපි හෙට ඉඳන්ම පටන් ගනිමු..

ඔන්න ඔය විදිහට ඉංග්‍රීසි ගුරුතුමාට එරෙහිව අපේ එඩිතර සිංහල ගුරුතුමා කැරැල්ලක් සංවිධානය කෙරුවා . ඇත්තටම කීවොත් අපි කලා විෂය හදාරන එවුන්. අපිට ඉංග්‍රීසි ඉහළටම ඉගෙන ගන්නවාට වඩා කලා විෂයන් ඉගෙන ගන්නයි ඔනෑ වුණේ .ඒත් ඒ බව නොතේරුණු ඇජෙන්ඩා සර් උත්සාහ කළේ මුලු පාසලම ඉංග්‍රීසියෙන් ඔකඳ කරවන්නයි ..

අපි වැඩක් පටන් ගත්තොත් ඒක උපන් ගෙයිම හබක් වෙන එක සුවාබාවිකයි ...සිංහල ගුරුතුමා හිතූ විදිහට විදුහල්පති තුමා ඉස්කෝලේ වේදිකාව අපිට දෙන්න සූදානම් වුණේ නෑ ..

"අනේ සිංහල මහත්තයෝ … ඒක නම් කොහොමටවත් කරන්ඩ බෑ අච්චර දුරක ඉඳන් මේ හද්ද පිටිසර බූටෑවේ ඉංග්‍රීසි උගන්වන්න ආපු මහත්තයා පළවෙනි වතාවට මේ ඉස්කෝලේ ඉංග්‍රීසි දිනයක් සමරන්නයි හදන්නේ ඒක කඩාකප්පල් කොරන්ඩ නාකයි. අපි ඒක ඉවර වුණාම ඔය සිංහල නාඩගම නටෝමු වේදිකාව නම් ඉල්ලන්ඩ එපා ..

ඉතින් එහෙම කියවුව විදුහල්පති තුමා අපේ සිංහල සර්ව ආපහු හරෝලා යවලා තිබුණා . ඒත් පරාජය වෙන්න අකමැති සිංහයෙක් වෙච්ච අපේ සිංහල සර් .. අපිව එක්කාසු කරලා අලුත් වැඩසටහනක් සංවිධානය කරා ..

"විදුහල්පති තුමා මට වේදිකාව දෙන්න බෑ කීවා .මොකද මහ ලොකු ඉංගිලිස් ඩේ එකක් එනවලු ලබන සුමානේ . එතකං ඉන්ඩලු මට හුහ් එවුව නං වානා . අපි ගහමු වේදිකාවක් මේ ගහක් යට .ඊට පස්සේ ආදි සිස්සයෝ සහ දෙමවුපියෝ ඉදිරියේ අපි පෙන්නමු අපේ නාට්ටිය. අපි මේ වැඩේ බොහොම කලාබරව හොඳින් ඉවර කරමු. එහෙම නේද ළමයි …?"

අපෙ ගුරුතුමා අපෙන් එහෙම ඇහැවුවේ සිංහ හඬින් ...

"එහෙයි සර් අපි කොරමු ? ඒක නෙවෙයි ඔය ඉංග්‍රීසි ඩේ එකටත් ගේමක් දෙමුද සර් අළු හුළඟේ යන්ඩ …?” වලියටම බර තරිඳු එහෙම ඇහුවා ..

"පිස්සුද ජඩයිනේ උඹලට..? මම කියාපු දේ ඉතරක් කරපියවු ? ගෙහුං හදාපියවු වේදිකාවක් ! “

සිංහල සර්ගේ මග පෙන්වීම යටතේ අපි සිංහ පැටවු වගේ ඉස්කෝලේ වත්තේ නිදහස් තැනක අපේම කියලා පුංචි වේදිකාවක් හදන්න පටන්ගත්තා . ඉස්කෝලේ වත්ත පිටුපස තිබුණ මහ කැලේට රිංගලා උණ ගස්, කොහොඹ ගස් ඉවක් බවක් නැතිව කපාගෙන ආපු අපි පතෝල මැස්සක හැඩ හුරුකම් ගත්තු බොහෝම සුන්දර වේදීකාවක් ගොඩ නැංවුවා.

අපි වේදිකාව හදලා අහවර වෙද්දී අපේ සිංහල ගුරුතුමා බොහෝම ලස්සන වගේම ගීතවත්ව ලියාපු "කොලනි කාරයෝ" නාට්‍යයේ පිටපත අත් දෙකෙන්ම ගෙනල්ලා මගේ අතට දුන්නා ..ජීවිතේ පළමුවෙනි වතාවට වේදිකා නාට්‍ය ගැන පපුව මැදින්ම අමුතුම ආදරයක් කැමත්තක් , කැක්කුමක් ඉනුවේ මගේ සිංහල ගුරුතුමා ලියාපු "කොලනි කාරයෝ" නාට්‍යයේ පිටපත කියෙවුවාට පස්සෙයි ....

ඩී එස් ඒනානායක මහත්තයා ගල් ඔය ව්‍යාපාරේ පටන් ගනිපු අලුත දකුණු පළාතේ ඉඳන් අලුත් දිගාමඩුල්ලේ කොලණියකට පදිංචියට ආපු ගමක ගැමියෝ කණ්ඩායමක් දිගාමඩුල්ලේ දුෂ්කර, වනගත පරිසරයත් සමග ගැටිලා ජීවිතේ ගොඩ නංවාගන්න හැටි ඒ නාට්‍යයෙන් කියැවුණා .."කොලනි කාරයෝ" වේදිකා නාටකයේ මට ලැබුණේ ගල් ඔය ව්‍යාපෘතියේ බුල් ඩෝසර රියදුරෙක් වෙන්න හීන මවාපු "නමින්දුවා" කියන කොල්ලාගේ චරිතය.

නාට්‍ය පෙන්වන්න සූදානම් කරලා තිබුණේ බදාදා දවසක හවස හතකුත් ගානට...ඉතින් ඊට කලින් දවසේ සිංහල ගුරුතුමා ගමේ අයට අපේ නාට්‍ය බලන්න එන්න කියලා ආරාධනා කරන්න ගෙයින් ගෙට ගියා .. කඩිමුඩියේ රඟපාන්න පුහුණු වෙච්ච අපේ නළු නිළියෝ පිරිසත් බයෙන් ගැහෙමින් මර බයින් වෙවුලමින් නාට්‍ය පටන්ගන්න වෙලාව එනතුරු බලාන උන්නා ..

එදා හවස් වරුවේ අපේ වේදිකා නාටකයේ පෙර පුහුණුවීම් අතර තුරේදී අපේ සිංහල ගුරුතුමා මගෙ ළඟට දුවගෙන ආවා ..

"සඳරු කොල්ලෝ .. මාර වැඩේ වේදිකාවට ලැයිට් එකක් දාගන්ඩ විජිහක් නෑ නෙවැ..බලාපන් මම වයර් එකක් ඇදලා ලයිට් ගන්ඩ හිතාන උන්නේ ගුරු නිවාසෙන් ..ඒත් ඉංග්‍රීසි සර් කරන්ටෙක දෙන්ඩ කැමති නෑ.උන්දැ හිතං ඉන්නේ ගුරු නිවාසේ උන්දැගෙ බූදලයක් කියලා.දැං ඉතින් කරුවලේ කොහොමද නාට්ටි පෙන්වන්නේ ?..”

ඔය කියන කාලේ වෙනකොට ඉස්කෝලේ ලැයිට් දීලා තිබුණේ ගුරු නිවාසයට විතරමයි . විදුලි පංකාවක් පවා නැති නිසාත් දවාලෙට විදුලියෙන් කරන්ඩ දෙයක් නැති නිසාත් ඉස්කෝලෙට ලැයිට් ඕනෑ වුණේ නැති තරම් .. ඉතින් මගෙ හිතේ උපන්නේ පුදුම තරහක් .ඇජෙන්ඩා සර් අපේ වේදිකාවට එක බලුප් එකක් දාන්න අකමැති වෙච්ච එක නම් මහාම මහා කුහක කමක් . මම ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තා ..

"සර් බය වෙන්ඩෙපා අපි ගිහින් පැස්ටොල් ලාම්පු දෙක තුනක් ඇන්න අවුදින් එල්ලන්නං ..”

"එහෙනම් අද රෑ උඹලා කොයි දීපංකරෙන් හරි පැස්ටොල් ලාම්පු තුනක් ඇන්න වරෙල්ලා .. හෙට හවස හය වෙනකොට මුළු ගමම එයි අපේ නාට්ටිය බලන්න ..”

එදා පෙර පුහුණු වීම් අවසාන කරලා මමත් , අපේ නාටකේ පොතේ ගුරා වෙච්චි රිපිටාත් , අපේ අසහාය නළුවෝ කට්ටියත් පැස්ටොල් ලාම්පු තුනක් හොයන්න ගම වටේ ඇව්දිමින් උන්නා .. අපේ වාසනාවට රෑ එකොළහ විතර වෙනකොට අපිට යාන්තම් පැස්ටොල් ලාම්පු තුනකුත් ලන්තෑරුම් දෙකකුත් හොයාගන්ඩ පුළුවන් වුණා ..

ඒ අඩුම කුඩුමත් අතේ අරගත්තු අපි ආයෙමත් ඉස්කෝලෙ වත්තට ගොඩ වැදුණේ එකතු කරගත්තු ලාම්පු එල්ලන්න වේදිකාව වටේ උණ ගස් තුන හතරක් හිටවන්ඩ හිතාගෙනයි .. අපි ගුරු නිවාසේ පහුකරගෙන ඉස්කෝලේ පිට්ටනිය දිහාට ගාටමින් ඉන්න අතරේදී එදත් අදත් මගේ ජාති ජාති මිත්‍රයා වෙච්ච රිපිටා එක ලාම්පුවක් උගේ සරමෙන් පිහින්න පටන් ගත්තා..

"මොකද්දෑ බං රිපිටෝ ඔය කරන්නේ ?

"මචං මේ පහන ඇතිල්ලුවාම බැරි වෙලාවත් ඇලඩිංගේ පහණේ වාගේ බූතයෙක් ආවොත් ..අම්මපා මචං බූතයෙක් අවුදින් මගෙන් ඇහුවොත් //උඹට මුනා ඕනේ ?// කියලා මම නම් මුලින්ම ඉල්ලන්නේ අපේ මේ ඉංග්‍රීසි සර් කාරයාව එංගලන්තේ ට පිටුවහල් කරන්න කියලයි ..ඇයි බං අපි ඉඳලා ඉඳලා කරන නාට්ටියට බලුප් එකක් දාගන්ඩ ඉඩ දුන්නැහැනේ .. සෙහ් මෙහෙවු ගුරුවරු ..”
"අඩේ අහපියවු .. ඔයි වැඩේ කරන්ඩ බූතයෙක් ඔනෑ නෑ ..අපි කට්ටිය ඉතරක් උන්නම ඇති ..ගල් පාරවල් ටිකක් කෙළිමු ඇජෙන්ඩා සර්ගේ කෝටස් එකට ..

මගේ හිත ඇතුළේ තෙරපුණු පවුකාර අදහසක් මම එළියට පන්නවුවේ ඒ විදිහට ..මම අදහස දුන්නා විතරයි අපේ නළුවෝ කීපදෙනා ගල් කැට අහුලාගෙන ඔඩෙක්කේ පුරෝගෙනත් ඉවරයි ..

"අඩෝ වහලේ කැඩිලා තිබුණු උළු හැදුවේ අපි .. වහලේ සුද්ද කළේ අපි , ඉතින් අපිට බැරිද බොලවු අපි හදාපු දේ කඩාදමන්න ..! පොඩි ගල් නම් ගහන්ඩ එපා ගහන එකත් ගමු පැණි බේරෙන්ඩ ..!

එක වසරේ ඉඳන් අපේ ඉස්කෝලේ මැරයා වෙච්ච තරිඳු දෙල් ගෙඩි විතර ගල් එක්කාසු කරන්න පටන් ගත්තා ..තවත් මොහොතක් යද්දී අපි කට්ටියම ගල් මුල් වලින් සන්නද්ධ වෙලා . ඇජෙන්ඩා සර් උන්නු ගුරු නිවාසේ ඉදිරියේ එකතු වෙලා උන්නා .

"හරි හැමෝමත් එක්ක ගෙයි දකුණු පැත්තට ගහපල්ලා ..ඒ පැත්තේ තමා ඇජෙන්ඩා සර් ඇත්තේ . ආයේ හැරි හැරී ඉන්ඩ බෑ ගල් ඉවර වෙනකම් ගැහුවා දීවා ..!!

පොතේ ගුරා වෙච්ච රිපිටා බොහොම ලස්සනට අපිට ආරම්භයක් අරගෙන දුන්න්නා .. පළවෙනි ගල් ගෙඩිය ඌ වැර දාලා ඇජෙන්ඩා සර්ගේ ගෙයි දකුණු පැත්තේ වහල මුදුනටම එල්ල කලා ..ඒත් එක්කම සට පට ගාලා අපිත් ගල් මුල් වීසි කෙරුවේ තරඟෙට වගේ .. හිතේ තිබුණු ආවේගේ කොයිතරම්ද කියනවානම් තව පොඩියෙන් මම මගේ වම් අතේ තිබුණු ලන්තෑරුමත් වීසි කරලා ගහනවා ..

"දුවපාං !!!” උළු කැට කීපයක් කැඩිලා වැටෙන සද්දෙ අතරින් රිපිටා කෑ ගැගහලා දුවන්න ගත්තා ...උගේ පස්සෙන් අපිත් දිවුවේ ඔලිම්පික් උලෙළේ මීටර් සියය තරඟයටම ඔබින වේගෙකින් ..

ඇජෙන්ඩා සර් උන්නු ගුරු නිවාසෙට ගල් ගෙඩි වලින් කෙළිය අපි .. පූස් පැට්ටු වගේ ගිහින් අපේ වේදිකාවේ අවසාන වැඩ කටයුතු ටිකත් නිමා කරලා ගෙවල් වලට ගිහින් නිදියෑවා …

පහුවදා ඉස්කෝලේ උදේ රැස්වීමේදී පන්සිල් අරගන්නත් කලියෙන් රැස්වෙලා හිටපු ළමයි හැමෝම ඉදිරියේ අපේ ඇජෙන්ඩා ගුරුතුමා කතාවක් පැවැත්තුවා .

"මේ ඉස්කෝලේ ඉගෙන ගන්න වනචාරී ළමයි කණ්ඩායමක් ඊයේ රෑ මගේ කෝටස් එකට ගල් ගැහුවා .මගේ වාසනාවට ඒ ගල් වැටුණේ මම නිදාගෙන උන්නු ඇඳට අඟල් කීපයක් දකුණු පැත්තට වෙන්න .මම දන්නවා ඒ වැඩේ කළේ කවුද කියලා .. ඔවු මම ඒ වැඩේ කල එවුන්ට අමතක නොවෙන දඩුවමකුත් ඉක්මනටම සූදානම් කරනවා ..”

ඒ කතාව ඉවර වුණායින් පස්සේ උදේ රැස්වීමත් හනි හනිකට ඉවර වුණා ..හිතේ සතුටක් පුරෝගෙන අපි හැමෝම පන්තියට ගියේ ..ඇජෙන්ඩා සර්ට අපිව අඳුනාගන්ඩ බැරි වුණ බව හිතමිනුයි..

"ඇජෙන්ඩා සර්ට අපිව කොහොමටවත් අඳුනා ගන්ඩ බෑ බං .. ඔය උදේ රැස්වීම තිවුවේ අපිව බය කරලා අපේ කටින්ම ඇත්ත දැන ගන්න .. අපි කොහේද බං ඔවුවට අහුවෙන්නේ …"

රිපිටා එහෙම කීවාම අපි කවුරුත් සැනසුම් සුසුම් හෙළුවා ..

එදා හැන්දෑවේ හත වෙනකොට . ඉස්කෝලේ වත්තේ අපි හදාපු වේදිකාව උඩ . කොලනි කාරයෝ වේදිකා නාට්‍ය රඟදක්වන්න සේරෝම වැඩ කටයුතු සූදානම් වෙලා තිබුණා . වේදිකාව හතර කොනේ එල්ලපු පැට්ටොල් ලාම්පු හතරත් ප්‍රේක්ෂකයෝ වාඩි වෙන පුටු බංකු වලට පිටුපසින් එල්ලා තිබුණු ලන්තෑරුමත් නිසා බලුප් දැම්මාට වඩා එළියක් ලැබිලා වේදිකාව රන්වන් පාටට බැබලුණා ..

අපේ පන්තියේ උන්නු ඉංග්‍රීසි විරෝධී කොල්ලෝ හෑම එකෙකුටම මේ නාට්‍යයේ මොකක් හරි චරිතයක් දෙන්න අපේ සිංහල ගුරුතුමා කටයුතු කරලා තිබුණු නිසාම හැමෝම හිටියේ නාට්‍යට උචිත අඳුම් අඟලාගෙන වගේම බයෙන් ගැහෙමිනුයි . ඉංග්‍රීසියට අකමැති කෙලිච්චියෝ තුන් දෙනෙක් විතරක් මේ නාට්‍යට ඉතිරි වුණ නිසාම උන් තුන් දෙනාට නාට්‍යයේ ගීතමය කොටස් තිරය පිටුපස ඉඳන් තාලෙට කියන්න අවස්ථාව දීලා තිබුණා …මීට කලියෙන් කිසිම දාක රඟපාන්න හීනෙකින් වත් හිතවුවේවත් නැති අපි වේදිකාව උඩට නගින්න වාරු නැතිව වේදිකාව පිටුපස්සේම කල් මැරුවා .ඔය අතරේ අපේ සිංහල සර් අපිව හොයාගෙන වේදිකාව පිටුපසට ආවා …

"මොකද ළමයි ප්‍රශ්නේ … අපි නාට්‍ය පටන්ගන්නේ නැද්ද ?

"බයයි සර් …" අපි කවුරුත් එක හඬින් කියද්දී අපේ සිංහල ගුරුතුමාට පොඩි හිනහවක් ගියා …

"උඹලා බය නැතිව මේක ඉවර කෙරුවොත් මගේ ගානේ උඹලට මම තෑගි අරගෙන දෙනවා ..මං වෙනුවෙන් මේක කරපල්ලා මයෙ දරුවනේ .මේක කෙරුවොත් මම මයෙ පපුව ගලෝලා උණත් උඹලට දෙනවා ඉඳා ගනිල්ලා කියලා …"

අපේ බය ලැජ්ජාව කොහෙන් ගියාද නෑ … පොතේ ගුරාට ඇඳගෙන උන්නු රිපිටා අඩියට දෙකට වේදිකාවට ගොඩ වෙලා උගේ ගැඹුරු කටහඬින් නාට්‍ය බලන්න ඇවිත් උන්නු පිරිසට කවියකින් ආචාර කරලා පිළි අරගෙන නාට්‍ය ගැන හැඳින්වීමක් කෙරුවා .. විනාඩි කීපයකින් අපි හැමෝම වේදිකාව උඩට ගොඩවෙලා අපේ රංඟනයන් ඉදිරිපත් කෙරුවේ බොහොම ආඩම්බරෙන්. නාට්‍ය බලන්න ආපු සෙනග කටවල් ඇරගෙන අපේ දිහාවේ බලාන ඉන්නවා දැකපු මට දැනුණේ පුදුම සතුටක් …

ගොඩ දෙනෙක් දන්නවා මට යන්තමට හෝ හරි ගියොත් කෙලවීමකුත් ඒ ළඟම තියන වග ….

 මතු සම්බන්ධයි..!

43 comments:

  1. කතාව කියවන්ඩත් කලිං මේ කොමෙන්ටුව දාන්නේ.යකෝ කලා විශය කියද්දි කැපිටල් ළ යන්න ලියන්නෑ බං.සිම්පල් ල යන්න ලියන්නේ.කැපිටල් ළ යන්න දැම්මම එන්නේ කරා, කෙරුවා කියන තේරුම.

    ReplyDelete
  2. ඔන්න කලින්ම සුභ පැතුම් අයියේ

    ReplyDelete
  3. ආතල් නේ බං වේදිකාවේ කට්ටිය කට ඇරං බලං ඉන්නකොට පොර වගේ රඟන එක.ඒකත් එක්ක කකුල් දෙක වෙවුලල තොල කට වේලිලා එන ආතල් එක.

    ReplyDelete
  4. @දිනුක - තැන්කිවු මචං .. ඔන්න හරි ගැස්සුවා

    ReplyDelete
  5. යකො ඉලගට මොකද්ද වෙන්නෙ කියල බලන්න හො ගල කියව කියව ඉන්නකොට උම්බ පකයෙක් වගෙ හෙටක් ගැන කියන්වනෙ ඔකනෙ මම කියන්නෙ උබත් එක්ක මුකුත් කරන්න බැ කියල ... දැන් අපි හෙට වෙනකන් උබෙ කතාව බලන්න බලන් ඉන්න කියලද යකො කියන්නෙ.....

    ReplyDelete
  6. නියමයි සදරු අයියේ.වෙනද වගේම සුපිරි.ඉතිරි කොටස හෙටම බලමු එහෙනම්.

    ReplyDelete
  7. ඔන්න එහෙනම් කලින්ම හැපී බර්ත් ඩේ කිව්වා

    ReplyDelete
  8. 'හිතේ තිබුණු ආවේගේ කොයිතරම්ද කියනවානම් තව පොඩියෙන් මම මගේ වම් අතේ තිබුණු ලන්තෑරුමත් වීසි කරලා ගහනවා' යකෝ බොලා ගල් ගහන්න ගියේ ලන්තෑරුනුත් උස්සගෙනද?

    දැං ඉතිං තව දවසක් හිටහංකො ඉතුරුව කියවන්න.

    ReplyDelete
  9. එහෙනං හෙටම සුබ පතන්නම්

    ReplyDelete
  10. ආපහු කෙලියා....#@$%%^^
    කෙසේ වෙතත් තුන් වෙනි අවුරුද්දට ජය පතුම්

    ReplyDelete
  11. අඩේ එල එල.... මමත් නාටිටියක රගපෑව.. කකුල් දෙක මැන්ඩලිනුත් ගැහුව...

    පට්ට ඕයි පට්ට...

    ඉක්මනට ලියපන්...


    නැත්තම් උබ මරනව...

    ප.ලි.


    හෙටට යෙදෙන උබගේ අවුරුදු 03 ඇනවසරි එකට මගේ උණුසුම සුභ පැතුම්.....

    ReplyDelete
  12. //ඇජෙන්ඩා සර් උන්නු ගුරු නිවාසෙට ගල් ගෙඩි වලින් කෙළිය අපි .. පූස් පැට්ටු වගේ ගිහින් අපේ වේදිකාවේ අවසාන වැඩ කටයුතු ටිකත් නිමා කරලා ගෙවල් වලට ගිහින් නිදියෑවා …//

    ඔතනින්ම වැඩේ මාට්ටුනෙ බන්. ගල් ගහපු වෙලවෙ වත්තේ ඉදල තියෙන්නෙ උබල විතරයිනෙ..!

    ReplyDelete
  13. හෙට වෙද්දි උඔලගෙ වේදිකාවටත් ගල් පාරවල් විසි වෙයිද? කියලා හිතෙනවා බලමු හෙට ජය වේවා !

    ReplyDelete
  14. මේ වෙලාවේ අපි පන්තියේ කරපු මගෝඩි වැඩක් මතක් වුණා. එහෙනං කොලනියේ විස්තරේ ඊළඟ කොටසින් බලමු.

    ReplyDelete
  15. “කොලනි කාරයෝ 3 “ බලන්නයි සුභ පතන්නයි අනිවාර්යෙන් හෙට එනවා...

    ReplyDelete
  16. උඹේ බ්ලොගේට අවුරුදු තුනක් පිරෙන කතාව කියෙව්වාම උඹ කතාව මෙතනින් කඩපු එකට ආපු කේන්තිය යටපත් වුනා. උඹ අවුරුදු තුනට මිලියන් එකකට වඩා හිට්ස් අරන් තියෙනවා කියන්නේ කොච්චර ජයග්‍රහණයක්ද සඳරූ. මගේ උණුසුම් සුභ පැතුම්.

    අනේ හෙටින් ඉවරවෙන්නම දාපං ඈ, මම අදත් බල බලා හිටියේ මේක පබ්ලිෂ් වෙනකල්. ශෙඩ්‍යූල් කරලා තියාපිය, උඹ බීලා කොහෙ හරි වැටිලා හිටියත් අපිට මේක කියවන්න පුලුවන් වෙන්න.

    ReplyDelete
  17. අඩා මේකේ ඉතුරු කොටහත් ඉක්මනින් දාන්

    ReplyDelete
  18. සුබ පැතුම් 3 වෙනි උපන්දිනයට. කතාවත් කියෙව්වා ලස්සනයි

    ReplyDelete
  19. .අම්මපා මචං බූතයෙක් අවුදින් මගෙන් ඇහුවොත් //උඹට මුනා ඕනේ ?// කියලා මම නම් මුලින්ම ඉල්ලන්නේ අපේ මේ ඉංග්‍රීසි සර් කාරයාව එංගලන්තේ ට පිටුවහල් කරන්න කියලයි .



    හුකැස්

    ReplyDelete
  20. SUBA PATHUUM SANDARUWA.....JAYA WEWA.........

    ReplyDelete
  21. මා පුතා උබ මුනා ලියව්වත් ආයේ මොනා ඉතින් තලප ගිලින්නැහේ එක හුස්මට කියවතැකි, මේ නමක් නැතුව බැන බැන යන හැත්ත ක්ෂණික මොචන කාරයෝ හිතන්නේ උන්ට වගේම සදරුවටත් ඒ ලෙඩේ ඇති කියල වෙන්න ඇති, පුලුවන්නම් සතියකට එකක් වෙන්න දාපන් සඳරුවෝ..

    ReplyDelete
  22. හෙටට යෙදෙන උබගේ අවුරුදු 03 ඇනවසරි එකට මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
  23. අවුරුදු 3ක් ඇ ....... ලේසි නෑ ....සුභ වේවා ......
    උඹ දන්නවනේ අපි කිව්වෝත් ඉතිං බොක්කෙන්ම තමයි කියලා ....
    අර මං උඹට කෝල් කරපු සීන් එක ඊළඟ මාසේ මුල පටන් ගන්නවා .... ලෑස්ති වෙලා හිටිං

    ReplyDelete
  24. තුන්වැනි උපන්දිනේට කෙල වෙන එව්වා ඔබන්ඩ් එපා ඉතින් .. මේ ටික අදම දාලා වෙන කතාවක් උපන්දිනේට දාන්ඩ බැරියා .....

    ReplyDelete
  25. තුන්වෙනි සැමරුමට සුභ පැතුම් මචන්.. දිගටම ලියපන්..

    ReplyDelete
  26. ගහපියව් තොපිලටත් ගල්. :P
    හෙටම සුභ පතන්නම්

    ReplyDelete
  27. කෙළවීමකුත් ඒ ළඟම තියෙන වග // හි හි... ආයිත් අහලා... නේද සඳරුවෝ...

    ReplyDelete
  28. ලන්කවේ ජනප්‍රියම බ්ලොග් ගල් වාඩිය වන සදරු අය්යගෙ "හිස් අහස" බ්ලොග් එකට වසර 3ක් පිරීම වෙනුවෙන් මාගෙ උනුසුම් සුබ පෑතුම් සදරු අය්යට ඉස්සරහටත් අපිට හිස් අහස කියවන්න ලෑබෙවා
    ජය වේවා

    ReplyDelete
  29. ඉංගිරිසි සර් හොදට උගන්වන්න නැතුව ඇති. ඒකනේ ළමයි ගල් ගහන්න හිතුවෙ..

    ReplyDelete
  30. superb ayye anik kotasath dannaa

    ReplyDelete
  31. අයියෝ ආතල් එක කෑව. එක හුස්මට කියවන් ඇවිල්ලා මතු සම්බන්දයි කිවුවම පිස්සු හැදුනා.ඳැන් ඉතින් හෙට වෙනකම් ඉදපන්කො. අවුරුදු 3 උපන් දිනේට හෙටම සුභ පතන්නම්. හෙටත් එනවානෙ.

    - ප්‍රියා.

    ReplyDelete
  32. හෙට වෙනකන් හිටුකෝ..

    ReplyDelete
  33. මේකගෙ ආච්චිට.........ආ.......ඉතුරු ටික දානවද?හොද මලයා....මම වැඩියම ආස මලේ උබගෙ අතින් ලියැවෙන අද අපි අතරින් අබාවයට යන ගැමි ජන වහර ආයෙමත් උපදින එකට මලේ.උබේ තුන සමරන එකට මගෙනුත් සුබ පැතුම්.හැමදාම වගේ අදත් කියන්නෙ ජයවේවා.....සියලු සිතුම් පැතුම් මගදි ඉටුවේවා....කියල.
    මම ඉන්දික KSA

    ReplyDelete
  34. මගේ බ්ලොග් කෙරුවාවට මග කිව්ව හිස් අහසෙ මේ විදියට නිතරම ලිපි ලියවෙනවා නම් ඉතාම සතුටුයි සදරුවො...නගරෙ අපි අත්දකින තරගකාරී සමාජ රටාවත් එක්ක උඹලගෙ මේ අත්දැකීම් ඇතුලෙ කොච්චර ස්වභාවික කමක් තියෙනවද කියලයි මේ ලියමන කියවන ගමනුත් මම කම්පනා කොලේ...එදා අපි මුලිච්චි වෙච්ච වෙලේ ඔය රිපිටා හිටියෙ නැද්ද...බොගේ කථා කීපයකටම රිපිටා හිටියා කියලා මට මතකයි...

    ඊළග කොටසින් ඇජෙන්ඩා සෑර් ඇජෙන්ඩාවට අනුව දුන්න රිටර්න් එකක් බලාපොරොත්තු වෙමි.
    බොට ජයම වේවා !

    ReplyDelete
  35. උබලගෙ චෙතනාව මුල ඉදලම කැතැයිද මන්ද.

    ReplyDelete
  36. අවුරුදු තුනට සුබ පැතුම් මචො

    ReplyDelete
  37. සුබ පැතුම් 3 වෙනි උපන්දිනයට සදා අයියේ එල,,දිගටම ලියමු ,,අපි බලන් ඉන්නවා

    ReplyDelete
  38. ස්කොලේ ගිය කාලේ සර්ලගෙ මිස්ලගේ ගෙවල් වලට ගල් ගහපු හැටි මටත් මතක් උනා බන්.

    මේ කොළඹ ඔය තරම් රහ නැ බන් .




    ඉතිරි කොටසත් ඉක්මනට දාපන්

    ජය වේවා !!

    ReplyDelete
  39. // ගොඩ දෙනෙක් දන්නවා මට යන්තමට හෝ හරි ගියොත් කෙලවීමකුත් ඒ ළඟම තියන වග …. //

    අන්න ඒකම තමයි අපිටත් දැන ගන්නම ඕන.. මොකෝ උඹ ගැන අපි දන්නවනේ බං..

    ReplyDelete
  40. කමෙන්ට් කරන්න හිටු. හෙටම ...

    ReplyDelete
  41. .මං මේ දවසක් පහු කරල ආවෙ දෙකම බලල ලියන්න.. කෝ සඳරු අනික් කෑල්ල. එකත් එකටම ඇජෙන්ඩා කාරයා වේදිකාව යටින් කපල තියෙන්න ඇති දඩ බඩ ගාල කඩන් වැටෙන්න..

    ReplyDelete
  42. සඳරූ....බ්ලොගේ තුනට ජය! උඹේ තුනට සැප!!!!! කොලනි තුන හෙට නේද?

    ReplyDelete

තැන්කූ බං