9.10.13

කොලනි කාරයෝ


මේ ලියැවෙන කතාව සිද්ධ වෙච්චි දින වකවානු ආයේ ආයේ මතක් කරන එක මල කරදයක් නිසා මම ලේසියට මෙහෙම කියන්නම්..ඒ මාව ඉස්කෝලෙන් බලෙන්ම දොට්ට දමාපු අවුරුද්ද... කෙටියෙන්ම කීවොත් .. ඒ මම දොළහ වසරේ ඉගෙන ගත්තු කාලේ ..

මම ගියවුව ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වාපු ගුරුතුමී එතුමියගේ දුෂ්කරක්‍රියා සමය නිමා කරලා අපෙන් සමු අරගෙන එතුමියගේ ගම් පළාතේ ඉස්කෝලෙක වැඩ බාරගත්ත දවසේ පටන් අපේ ඉංග්‍රීසි පීරියඩ් එක ක්‍රියා විරහිත වුණා .සුද්දගෙ ඉංග්‍රීසියට වෛර කරපු වැදි පැටවු වෙච්ච මමයි මගේ යාළුවෝ සෙට් එකටයි ඒ කාල වකවානුව නිකම් නත්තල් කාලේ වගේ දැනුණා .

අක්‍රිය වෙච්චි ඉංග්‍රීසි පීරියඩ් එක අපි හැඳින්නුවේ සිගා පීරියඩ් එක කියලයි .ඉස්කෝලේ මුල්ලකට වහං වෙලා බාල දුම් වැටි පැකට් පිටින්ම ඒ පීරියඩ් දෙක අතරේ ඉවර කරවුව අපි අපේ බොක්කේ ඉඳන්ම එළියට ඇදිලා යන දුම් වවලු දෙයියන්ට පුදලා හෑම විටෙකම පැතුවේ ඉස්කෝලෙට ඉංග්‍රීසි ගුරුවරයෙක් නම් එන්ඩ එපා කියලයි ..

කාලකන්නියෝ වෙච්චි අපි ඉංග්‍රීසි ගුරුවරයෙක් නැතිව සතුටුවෙන අතරේ අපේ උසස් පෙළ පන්ති කීපයේ තවත් දිරිය දරුවන් පිරිසක් ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති දුකින් තැවෙමින් උන්නා . ඉගෙන ගන්න පට්ටම අසා කරවුව ඉදිරිපස පේළියේ බ්‍රයිට් කොල්ලෝ කෙල්ලෝ ටික කීප විටක්ම විදුහල්පති තුමා හමුවෙලා ඉස්කෝලෙට උසස්පෙළ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති අවනඩුව කීප විටක්ම කියාපෑවා ..

හැමදාම නත්තල් නෑ ..!

ඉගෙන ගන්න ආසා කරපු ඉදිරිපස පෙළේ එවුන්ගේ කන් කරච්චලේ ඉවසා ගන්න බැරිවද කොහෙද . අපේ ඉස්කෝලෙටත් අලුත් ඉංග්‍රීසි ගුරුවරයෙක් ආවා . වැදගත් පළාතක ඉඳලා මාරුවක් අරගෙන අපේ අවුවට කරකුට්ටං වෙච්ච ඉස්කෝලෙට ආපු අලුත් ඉංග්‍රීසි ගුරුතුමාව විදුහල්පති තුමා මල් මාලා දාලා, තොරන් ගහලා සාදරයෙන් පිළිගත්තා .

මට තාම මතකයි අපේ අලුත් ඉංග්‍රීසි ගුරුතුමා වැඩ ඇල්ලු හැටියේම උදේ රැස්වීමේදී ළමයි හැමෝම අමතලා කරපු කතාව .. අම්මාපල්ල ඒ කතාව තාමත් මගේ කන් අස්සේ හිරවෙලා වගෙයි ..මේ පහළින් ලියලා තියෙන්නේ අළුත් සර් කරපු කතාව මට මතක විදිහට ..

"මම අලුත් ඇජෙන්ඩා එක්කට අනුව හැමෝටම පට් පට් ගාලා ඉංග්‍රීසි උගන්වනවා . මගේ ඇජෙන්ඩා එකට මේ ළමයි හැමෝම හැඩ ගැහෙන්ඩ ඕනේ . මම කලින් වැඩ කළේ ඉංග්‍රීසියට දක්‍ෂ ළමයි උන්නු කොලේජියක ඒ ඉස්කෝලේ ළමයි .. අම්මපා!! උන් තමා ළමයි .. ඒ ළමයි සිංහල කතා කරන්නෙම නැති තරම් .. ඉංග්‍රීසි ඒ ළමයින්ගෙ කටවල් පල්ලෙන් බෙරේනවා.ඒ ළමයි ඉංග්‍රිසියෙන් අමතනවා නෙවේ වැලපෙනවා!!. මගෙ ඇජෙන්ඩා එකට අනුව මම ඔය ළමයින්වත් ඉංග්‍රීසියට දක්‍ෂයෝ කරලයි පස්ස බලන්නේ ..”

සමහරු අලුත් ඉංග්‍රීසි සර්ගේ අර්ධ සිංහල කතාවට උඩ පැනලා අත්පුඩි ගහන අතරේ තවත් සමහරු දත්මිටි කෑවා .ඔය අතරේ පාසලේ ඉංග්‍රීසි විරෝධී ශිෂ්‍ය බල මණ්ඩලය අලුත් සර්ට "ඇජෙන්ඩා සර්" කියලා නම රෙජිස්ටර් කෙරුවා ..

"කළා පන්තියේ ඉන්න අපිට මුනාට බොල ඉංග්‍රිසී ?

රිපිටා රැස්වීම ඉවර වෙලා පන්තියට යන අතරේදියි මගෙන් එහෙම ඇහුවේ

"කවුද්දං ?මං එහෙම කියලා නිකං උන්නා .

අක්‍රිය වෙලා තිබිච්චි ඉංග්‍රීසි පීරියඩ් එක අළුත් සර් ආ දවසේ ඉඳලා හරියටම ක්‍රියාත්මක වෙන්ඩ පටන් ගත්තා .. ඉංග්‍රීසි අකුරක්වත් ජීර්ණය නොවුණු අපි ඒ වෙලාවේ පන්තියෙන් පැනලා යන්න උත්සාහ කෙරුවා ඒත් ඉංග්‍රීසි පාඩම් මග හරින ඉංගිරිසි විරෝධීන්ට මුලු ඉස්කෝලෙම ඉදිරියේ ඇජෙන්ඩා සර් දඬුවම් දෙන්න පටන් ගත්තායින් පස්සේ කවුරු කවුරුත් අකමැත්තෙන් වුණත් ඉංග්‍රීසි පීරියඩ් එක වෙලාවේ පන්තියේ ඉඳගෙන උන්නා ..

ඉංග්‍රීසි සර් ඉස්කෝලෙට ආවායින් පස්සේ ඉංග්‍රීසි ඉගෙනගන්න ආසා කරපු දක්‍ෂ එවුන්ගේ මූණු පොඩි වලට අළුත් එළියක් වැටුණා . පිළිවෙළට ඇඳ පැළඳගෙන ඉස්කෝලෙට එන ඉංග්‍රීසි සර්ට විදුහල්පති තුමා වුණත් දැක්කුවේ පුදුම ගෞරවයක් වගේම අමුතු බයක්..

ටික දවසක් ගිය තැන ඉස්කෝලේ පැත්තක ජරාවාස වෙලා තිබුණු ගුරු නිවාසය අපේ අසරණ අත් වලින්ම අළුත් වැඩියා කරවා ගනිපු ඉංග්‍රීසි සර් . එතුමාගේ වයිෆ් සමගින් ඒ ගුරු නිවාසයේ බින්න බහින්න සූදානම් වුණා .. ඉස්කෝලේ ඇඟ වෙහෙසලා වැඩ කරන නමුත් මොළේ වෙහෙසන්න අකමැති එවුන් වෙච්ච අපි දවස් කීපයක්ම බිං කළුවර වැටෙනකම් නොසෑහෙන්න මහන්සි වෙලයි ගුරු නිවාසේ මනුස්ස වාසයට ගැලපෙන විදිහට යාන්තම් හරිගස්සවුවේ .

ගුරු නිවාසේ අලුත් වැඩියා කරලා ඉවර කරපු දිනයේදී අපි කවුරුත් ගුරු නිවාසේ ඇතුළේම බිම ඉඳගෙන පොඩි කයියක් ගැහුවා ..මම මගේ අතේ තිබුණ සිගරට් මගේ යාළුවෝ කීප දෙනාටත් බෙදා දීලා මමත් එකක් කටේ හිටවා ගත්තා ..

"මචං ඇජෙන්ඩා සර්ගේ ඉංග්‍රීසියට දක්‍ෂ කොලු කෙලිච්චියෝ ටික මොකෝ මේ පැත්ත පළාතේ නාවේ?

"උන්ට මචං ඉංගිරිසියෙන් කීවොත් තමාලු එන්නේ සිංහලෙන් කීවම නෝ අඩස් ටෑං "

"අඩේ ඇජෙන්ඩා සර්ගේ වයිෆා මේ පළාතෙලු බං ..?

"ඒක තමා එහෙනං ඇජෙන්ඩා සර් අච්චර හොඳ කොලේජ් එක දාලා මෙහෙට්ට පද්දවුවේ ..!”

කයියට බර වුණොත් කොල්ලො කෙල්ලොන්ටත් අන්තයි .. මෙලෝ සිහියක් නෑ .. අපි ඔහේ කයිය ගහමින් දුම් අදිමින් ඉන්නා අතරතුරේ අපි යාන්තමටවත් දැක්කේ නෑ අපි පිරිසිදු කරවුව ගුරු නිවාසයට ඇජෙන්ඩා සර් සහ එතුමාගේ බිරිඳ අවුදින් ඉන්න වග .. අපි හිතන්නත් කලියෙන් අපේ පෙනහලු වල පිරිලා තිබුණු දුම් එළියට පිඹින්නත් කලියෙන් පරල වුණු ඇජෙන්ඩා සර් .. අලුත ගෙනාපු ඉදලෙන් අපිට පන්න පන්නා ගැහුවා ..

"තොපි ජරා හැත්ත .. තොපි ළමයි නෙවෙයි බහිරවයෝ ..”

ඉඳලෙන් එක ගුටිය බැගින් කාපු අපි හෙමි හෙමීට ඈතට යද්දී අපේ ඉංග්‍රීසි ගුරුතුමා අපිට සුද්ද සිංහලෙන් බැණ වැදුණා ..

පහුවදා ඉස්කෝලේට අපි ගියේ කලින් දවසේ වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම අමතක කරලා දමලයි.. ඒත් පන්තියේ දෙවනි පීරියඩ් එක පටන් ගන්න හදනකොටම පන්තියට කඩා වැදිච්ච විදුහල්පති තුමා කලින් දවසේ ගුරු නිවාසේ ඇතුළේ දුම් බීපු අපි හැමෝටම මදි නොකියන්න අඩි දුන්නා ..

"තොපි මහා ජරා ජාතියක් .. නැකතින් ගිනි දල්වලා කිරි උතුරුවන්ඩ තිබ්බ ගුරු නිවාසේ ..අස්සේ සිගරට් පත්තු කළා තොපි ..දණ ගහපියවු ගිහින් අර පිට්ටනිය මැද්දෑවේ ..

කඩං වැටිච්ච හිත් අතේ අරං දුම් බී අත් අඩංගුවට පත් වුණු අපි හය දෙනෙක් ගිහින් පිට්ටනිය මැද්දෑවේ දණ ගැහුවා ..හරියටම කීවොත් කැප්පෙටිපොළ නිලමෙ තුමා ඉංග්‍රීසින් විසින් හිස ගසාදාන්න කලියෙන් දං ගෙඩිය ඉස්සරහා දන ගැස්සෙවුවා වාගේ..

"අඩේ මුනා බං මේ අපිට වුණේ ?

දණ ගහපු හය දෙනාගේ සෙට් එකේ හිටපු රිපිටා මගෙනුයි එහෙම ඇහුවේ

"අඩි දුන්නානේ බං අපිට ..”

"අඩෝ හෙණ බලු වැඩේ බං අපි කට්ටිය දවස් ගාණක් මහන්සි වෙලා ඔය බූත බංගලාව වගේ තිබ්බ කෝටස් එක එළිය කරලා ගත්තේ මේ බල මයෙ අත් දෙකම ලෙලි ගිහින් ..අඩෝ එහෙවු කෙරුව අපිට මෙහෙවු සලකාවි කියාල කවුදෑ හිතවුවේ ?

සෙට් එකේ උන්නු ළපටි සුදා එහෙම කියද්දී උගේ ඇස් දෙකේ කඳුළු කැට දිලිසුණ හැටි කවුරුත් දැක්කා ..

උදේ නවයයි ගාණකට පිට්ටනිය මැද්දෑවේ දන ගහාපු අපි ගිනි කූටක අවුවට පිච්චි පිච්චි උදේ එකොළහ විතර වෙනකම් දන ගහගෙන උන්නා ..අඩිය තියාලා ඇවිදින කාලේ පටන්ම අවුවේ සෙල්ලං කරලා හුරු නිසාම අපි කාටවත් අවුවේ උන්නාය කියලා කරදරයක් වුණේ නෑ.. ඒත් අපේ හිත් වල ඇජෙන්ඩා සර් ගැන මහා අප්පිරියාවක් ගොඩ නැගුණා ..

සතියක් දෙකක් ගෙවුණා …........................

ඇජෙන්ඩා සර් කිවුවා වගේම මුලු ඉස්කෝලේ පුරාවටම ඉංග්‍රීසි වපුරුවන්න පටන් ගත්තා .එතුමා ඉස්කෝලෙ වත්ත පුරාම තිබුණු කොහොඹ , ඉපිල් , හුරිමාර, මයිල ආදී ගස් වල ඉංග්‍රීසි නම ලියැවුණු බෝඩ් එල්ලුවා ..ඒ ඉංග්‍රීසියෙන් කියැවෙන දිව උල්ලුකු වෙන වචන උච්චාරණය කරගන්න බැරි නිසාම ඉස්කෝලේ ගුරුවරු පවා ඒ ගස් යටින් හනි හනිකට අහකට ඇවිදං ගියේ හරියට දූරියන් ගහ යටින් මර බයේ දුවන වල් අලි වාගෙයි .

ගස් කොළන් වල බෝඩ් එල්ලලා නතර නොවිච්චි ඇජෙන්ඩා සර් ඉස්කෝලේ ඉංග්‍රීසි තරඟ ,ඉංග්‍රීසි සමිති, ඉංග්‍රීසි නාට්‍ය වගේ දේවල් නිතරම සංවිධානය කෙරුවා ..ඉතින් පාළුවට ගිහින් තිබුණු ඉස්කෝලේ වේදීකාව කොයි වෙලේත් ඇහුණු ඉංග්‍රීසි සද්ද බද්ද වලින් පිරිලා ඉතිරිලා දෙදරුම් කෑවා .. කළා විෂය හදාරන අපේ පන්තියෙත් ළමයින් බාගෙට බාගයක් ඉංග්‍රීසියට නම්මවා ගන්න අපේ ඇජෙන්ඩා නිකම්ම සර්ට පුළුවන් වුණා ..දොළහ වසර කළා පන්තිය ටිකෙන් ටික හිස් වෙලා අන්තිමේදී ඉංග්‍රීසියට අකමැති කාලකණ්ණි ටික වෙච්ච අපි විතරක් පන්තියේ ඉතිරි වුණා ..

සිංහල විෂය උගන්වන අපේ හිත හොඳ සිංහල ගුරුතුමා එක පන්තියට පොත් මිටියත් අරගෙන එනකොට පන්තියේ උන්නේ .. ඉංග්‍රීසි විරෝධී ශිෂ්‍ය බල මණ්ඩලයේ කොල්ලෝ කීප දෙනා සහ කෙල්ලෝ තුන් දෙනෙක් විතරයි ..

"හත්තිලවුවේ .. කොහේදෑ මේ පන්තියේ අනික් එවුන් ?

" ඒ අය ඉංගිලිස් ඩේ එක ළඟ එන නිසා ඉංග්‍රීසි සර් එක්ක නාට්ටියක් සංවිධානය කරනවා ..”

"මොක කීවා ? ඉංගිරිසි නාට්ටි ? යකෝ මේක දොළහ වසර කළා පන්තිය නේද ?

"ඔවු සර් ..!”

"ඉඳපල්ලා ඕකුං ආවොත් වද්ද ගන්නෑ පන්තියට ..

ඇජෙන්ඩා සර්ගේ ඉංග්‍රීසි හමුදාවට ඉස්ම යන්ඩ සුද්ද සිංහලෙන් බැනපු සිංහල සර් පීරියඩ් එක ඉවර වෙලා යන්ඩ ලැහැත්ති වෙලා . අපිට පොඩි යෝජනාවක් කෙරුවා ..

"අපිත් සංවිධානය කරමු වේදිකා නාට්‍යක් මම ගොඩ කාලෙකට කලින් ලියවුව නාට්‍ය පිටපතක් තියනවා .. අද මේ පන්තියේ ඉන්න මේ ගෑනු දැරිවියෝ තුන් දෙනයි මේ කොල්ලෝ කට්ටියයි විතරක් ඒකට සම්මාදම් වුනානම් ඇති .නාට්ටිය හොඳට සංවිධානය කෙරුවොත් ,හොඳට රඟපෑවොත් මම හොඳවයින් ලකුණුත් දෙනවා ..තව දෙයක් අහගනියවු.. අපේ නාට්‍යයේ නම තමයි.."කොලනි කාරයෝ" හෙනං උඹලා හැමෝම ලැහැත්ති වෙල්ලා නළුවෝ වෙන්ඩ..”


46 comments:

  1. මුනාද බන් ඉතිරි ටිකත් අදම දන්න තිබ්බනේ .. දැන් දවසක් බලන් ඉන්න වෙනවා :(

    ReplyDelete
  2. සිංහල ගුරුතුමා නාට්‍යක් හදන්න සෙට් වෙන්නේ ඉංග්‍රිසී ගුරුතුමාගේ ඉන්ග්ලිශ් ඩේ එකට අභ්යෝගයක් වෙන්නනේ...ඔන්න ඕකට තමයි තරඟකාරිත්වය තුලින් පාරිභෝගියාට වාසී වෙනවයි කියන්නේ...:) ඉස්සර සිඅංහල නාටයක් තිබ්බේ නැති ලමයින්ට දැන් සිංහල නාට්‍යත් තියෙනවා ඉංග්ලිශ් ඩේත් තියෙනවා......

    ReplyDelete
  3. අප්පොච්චියේ සෑහෙන්න කාලයක් බලා හිටිය බොලා ලියනකන්.
    තැන්කූ වේවා.

    ReplyDelete
  4. එළ එළ මහා ඉංගිලිසි සිංහල සංග්‍රාමයේ ඉතුරු ජුන්ඩ හෙට දිනයේ ඔබේ ආලින්දයට.......පාං පර පාං....

    ReplyDelete
  5. හෙට වෙනකම් ඉදපන් කෝ දැන් ඉතින් ..
    එල ඈ .. ජය වේවා !!

    ReplyDelete
  6. ."කොලනි කාරයෝ"

    එල එල බන් දිගටම ලියපන්

    ReplyDelete
  7. යන විදියට ඇජෙන්ඩට කෙලවෙයි වගේ

    ReplyDelete
  8. බලපං ඉතිං "හොඳම කෑල්ල" හෙටනේ! ලොමු ඉලිප්පෙන කතාවක් වගේ!

    ReplyDelete
  9. ෂෑක්.. සිංහල සර් නං අන්තිමයි... මේ කට්ටි පැන පැන හිටපු උන්ව නාට්ටියකට අල්ලගත්තනෙ.... හි හි....

    ReplyDelete
  10. බලමුකෝ නලුවන්ගේ වැඩ...

    ReplyDelete
  11. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ ආභාරයනයක් කර ගන්න නෙවේ, ලෝකය පිලිබඳ පුළුල් අවුබෝධයක් ගන්න. පුරන් අප්පු පවා හොදින් ඉංග්‍රීසි දැන හිටියා කියලා කියන්නේ.

    ReplyDelete
  12. මුකද බන් දෙකට කැඩුවා ......අදම කීන්ට තිබ්බනේ .....

    ReplyDelete
  13. ඉස්කෝලේ කාලෙනං ඉංගිරිසි කුජීතයි තමා...... :D
    ඉතිරි කොටහත් මේකටම දැම්මනං එක හුස්මට කියෝගෙන යන ඒකනේ..................

    ReplyDelete
  14. මෙන්න උඹලත් එක්ක කැලේ රිංගලා අර වදේ කඩලා කෙලවගත්ත සර් කාරයගේ කතාවට පස්සෙ ඒ වර්ගයෙම කතාවක්. බලා ඉන්නවා ඊලඟ කෑල්ල එනකල්.

    ඒයි සඳරුවා. උඹ ඉංගිරිස් ගුරෙක් ගැන ලියද්දි, ඉංගිරිස් ගුරෙක් වන මම ලිව්වා එවලාස්ටිං සිගරට් සහ මැජික් ලේබල් ගල් අරක්කු ගැන. ගිහින් බලාපං තවම දුම් දානවා..

    ReplyDelete
  15. sihiya nathuwa kiyogena giya. ayyooo awasaneta mathusambandailu.
    matanam thawamath ingirisi kohomba kola amuwen kanawa wage.
    ape ayyata jaya.
    --sanduni nangi--

    ReplyDelete
  16. අයියෝ ...සදරු මලයා ....හොඳම හරියෙන්නේ නවත්තලා තියෙන්නේ...කමක් නෑ...හෙට බලමු ඉතිරි ටික..

    ReplyDelete
  17. උබට වෙන්නෙම ඔය වගෙ එවද මචන්.මොනා උනත් මටනම් හිතෙන්නෙ ඔය ඉන්ග්‍රිසි සර් වටින මිනිහෙක්.වැඩියෙන්ම දුශ්කර පැත්තකට

    ReplyDelete
  18. ela elaaaaaa.......

    ReplyDelete
  19. ඒනං සඳරුත් නලුවෙක් උනා ඈ :D

    බලමුකෝ ..........

    ReplyDelete
  20. අඩේ උබ නම් නියමෙට ලියල තියෙනව... එල කොල්ලෙක් .... මමත් විරුද්දයි ඔය භාශාවට... ඒ ඉස්සර... දැන් එහෙම නෑ බොල....

    ReplyDelete
  21. අනේ මෙ අ සදරු මොන HUත්තක් ද බන් උම්බ කරන්නෙ මාසෙකට විතර පස්සෙ ඈවිත් කතාවෙ භාගයක් දාල යනවා... මෙ පකයෙක් වෙන්නෙ නතුව අඩුම ගානෙ සතියකට පොස්ට් 2ක් වත් දාපන් නැත්නම් මම නරකයෙක් කියල කියන්න එපා OK

    ReplyDelete
  22. //ඒ ඉංග්‍රීසියෙන් කියැවෙන දිව උල්ලුකු වෙන වචන උච්චාරණය කරගන්න බැරි නිසාම ඉස්කෝලේ ගුරුවරු පවා ඒ ගස් යටින් හනි හනිකට අහකට ඇවිදං ගියේ හරියට දූරියන් ගහ යටින් මර බයේ දුවන වල් අලි වාගෙයි . //

    උඹේ උපමා රූපක නම් නියමයි බං.

    යකෝ ඇජෙන්ඩා සෑර්ගෙ ඇජෙන්ඩා එකට සෙට් වෙලා ඉංග්ලිෂ් හරියට ෆලෝ කරානං උඹට ඔය අබීත වගේ ඩයල් ලඟ ජොබ් කරන්න වෙන්නේ නෑනේ. කවුද්දං උඹේ පූරුවෙ පවද කියලා....

    ReplyDelete
  23. ඔය කරේ අගේට............. දැන් ඉතින් හිටපන්කො හෙට වෙනකන්

    ReplyDelete
  24. හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙටලු.
    ඉංගිරිසි නම් ඒ කාලේ මටත් එහෙමයි.

    ReplyDelete
  25. හැබැයි සඳරු උඹ වරදවා හිතන්න එපා උඹ ඒ කාලේ ගැන. මමත් එහෙම දුක්වෙන නිසා

    ReplyDelete
  26. මගුලක් කරනවා උබ ..පට්ට කතාවක් කියවගෙන එනකොට නවත්තනවා.....අර මොකද්ද කරනකොට අන්තිම හරියෙදි නවත්තන්න උනා වගේ

    ReplyDelete
  27. නියමයි. දැන් ඉතින් හෙට වෙනකම් ඉන්න වෙනවනෙ ඉතුරු ටික කියවන්න. මං අදයි මේ පැත්තෙ ආවේ ඔන්න ෆලෝ පාරකුත් දාලම යනවා. හෙට කොටස කියවන්නත් එපෑ.

    - ප්‍රියා.

    ReplyDelete
  28. අපිටනම් ඒ කාලේ හොඳට ඉංග්‍රීසි ඉගැන්නුවා අපේ චූටි ටීචලා....අපිත් පුදුම "ආදර" බක්තියකින් තමයි ඉගෙන ගත්තේ...

    ReplyDelete
  29. ඉංග්‍රීසි සර් ගේ වැඩ පිළිවෙල හොද මදි .. ගුරුවරයෙක් කියන්නේ දක්ෂ ශිස්ය්යන්ට උගන්න පුළුවන් කෙනා නෙවේ අදක්ෂ මග අරින අයට උගන්වන්න දක්ෂ කෙනා ....

    ReplyDelete
  30. අඩේ මම දන්න ඉන්ගිරිස් ගුරෙක් ඉන්නවා පොරත් ඔය පැත්තෙ උගන්නලා එහෙම තියනවලු.. මේ මෑන්ස්ද මංදා ? දැන්නම් පොර කරවල වාඩියකලු ඉන්නෙ. :D :D

    මොනාඅද ඩෝ මැරෙන කතා කියන්නෙ.. මේක දාලා තෝ එල්ලෙන්නවත් ගියාදා ?

    ReplyDelete
  31. අපේ ඉස්කොලෙත් සතියට එක දවසක් ඉංග්‍රිසියෙන් කතා කරන්න ඕනා.. එදාට ඉස්කෝලෙම සැහෙන්ඩ නිහඩයි.එදාට සමහරු ඉස්කොලේ එන්නෙත් නෑ......ඒ දවස මතක් වෙද්දිත් දිව හිරි වැටෙනවා. ;) හොදම හරිය බලන්න හෙට එන්නම් ජය වේවා!

    ReplyDelete
  32. කමෙන්ට් කරපු කියෝපු කාට කාටත් ස්තූතියි ... සමාවෙන්ඩ හැමෝටම උත්තර දෙන්ඩ අද බැරි වුණාට .. මේ කතාවේ ඊඅඟ කොටසේදී හැමෝගෙම කමෙන්ට් වලට උත්තර දෙන්නම් ..

    ReplyDelete
  33. අඩේ හෙට බලන්න ඕන අනිත් එක.. උඹලගේ වැඩ වල ඉතිහාසේ හැටියට මේකට මොකක් වෙයිද කියලා සැකයි බං.

    ReplyDelete
  34. මට මනෝගේ ගුරු තරුව මතක් උනා බං..

    ReplyDelete
  35. මේ කතාව ඉන්ග්‍රීසියෙන් දැම්ම නම් කියවනවා.
    සින්හලෙන් දැම්මම නිකං ගෝ ගෝ එක නෑ වගේ බං :D

    ReplyDelete
  36. පර සුද්දා අපිට දීල ගියෙ උගෙ බාසාවයි උන්ගෙ පඩ්ඩත්තරකම් ට්කයි විතරයි අපේ තිබ්බ ඔක්කොම වටින දෙවල් අරන් ගියා

    ReplyDelete
  37. දිව උල්ලුකු වෙන වචන උච්චාරණය කරගන්න බැරි නිසාම ඉස්කෝලේ ගුරුවරු පවා ඒ ගස් යටින් හනි හනිකට අහකට ඇවිදං ගියේ හරියට දූරියන් ගහ යටින් මර බයේ දුවන වල් අලි වාගෙයි .
    -------------------> මේක නම් පට්ට.. බන්.. :v :v :v

    ReplyDelete
  38. අපේ හෙන්රි මල්ලි වගෙ කෙනෙක් මේ ඇජෙන්ඩා කාරයත්..

    ReplyDelete
  39. වේලාව 8.30. දිනය 2013-10-10. ඉතුරු කොටස කෝ....

    ReplyDelete
  40. ඉංග්‍රීසියට සුද්ද සිංහලෙන් ගහන්න වගේ හදන්නෙ. බලමුකොඑහෙනං ඉතුරු ටිකත්.

    ReplyDelete
  41. මම දැන් ටික දවසක ඉදන් මේ බ්ලොග් ඒක කියවනවා.ලිවීමේ ශෛලියට කැමතියි ඔබ තුමා අම්පාරේ කොහෙද

    ReplyDelete
  42. @අසංක = මම ඉන්නේ අම්පාර උහන 17 කොලනිය උදයපුර ගමේ ..

    ReplyDelete
  43. Masekatath kittu una.... Aluth post ekak nene. Umbata asaneepayakwathda sandaroo male...

    ReplyDelete

තැන්කූ බං