11.10.13

කොලනි කාරයෝ. අවසන් කොටස




අදට හිස් අහස බ්ලොග් එක ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකම් බ්ලොග් එකට ආපු ගියපු කියෝපු හෑම කෙනෙකුටම ස්තූතියි !!

කොලනි කාරයෝ කතාවේ පහුගිය කොටස් නොබලපු අය ඉනවා නම් මෙහෙන් ගිහින් ඒ කොටස් කීපයත් බලලාම අවසන් කොටසට එකතු වෙන්ඩ





" නළු බට්ටෝ බැහැපියවු බිමට .තොපිත් එක්ක මට ගනුදෙනුවක් බේරගන්ඩ තියෙනවා"
නාට්‍ය බලමින් උන්නු පිරිස අතරෙන් නැගිට ගත්තු බීමත් බුවෙක් ඌ ඉඳගෙන උන්නු පුටුව වීසි කරලා නගිටලා ඇවිදින් වේදිකාව උඩටම නැග්ගා. ඒ වෙච්චි දෙයින් තක්බීර් වුණ මම මගේ ඉනේ තිබුණු දෙබස් කොලේ අතට අරගෙන ආයෙත් බැලුවේ මට දෙබස් වැරදිලා මිනිස්සු කුලප්පු වෙන කුණු හරුපයක් වත් කියවුණාදැයි කියලයි.

"මයෙ මස්ෂිනාට ගල් ගැහුවා තොපි ? අද බාවනවා තොපිව...


බීමත් බුවා පැන්න හැටියෙ වේදිකාවේ අයිනේ උන්නු පොතේ ගුරා වෙච්ච රිපිටාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා

මම දැක්කා එතකොටම අපේ ඇජෙන්ඩා ගුරුතුමා හනි හනිකට දුවගෙන අවුදින් වේදිකාවට නගින හැටි. මම හිතුවේ ඇජෙන්ඩා සර් ඇවිදිල්ලා මේ බේබදු මිනිහාව අහකට ගෙනියාවි කියලයි "ඇති යන්තම් දැන් රිපිටා බේරෙනවා" මම හිතෙන් එහෙම හිතුවා වුණාට සිද්ධ වුණේ වෙනම දෙයක් ..

ඇජෙන්ඩා ගුරුතුමා ඇවිදින් අපි හැමෝම දිහාට ඇඟිල්ල දික්කරමින් අපෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තා ..

"ඇත්ත කීවොත් මේ අයියා තමුසෙලාට යන්ඩ දෙයි .එහෙම නැතිනම් ඉතින් ගුටි තමයි
"

අපි කවුරුත් බිම බලාගත්තා . හැංඟිලා ගල් ගැහුවා වුණාට අපි කවුරුත් ගුරු වරුන්ට පුදුම බයකින් ගෞරවයකින් උන්නා . වෙනෙකක් තියා අපි ගුරුවරයෙකුගේ මූණ දිහා බලාගෙන කෙළින් බලාගෙන කතාකරන්නත් අපි බයයි ..

"ඇත්තමයි සර් අපි ගැහුවේ නෑ ...

ගුරුන්නාන්සේ කෙනෙකුගේ චරිතයට ඇඳලා උන්නු තරිඳු එහෙම කියලා බිම බලාගත්තා .එතකොටම චටාස් ගාලා කම්මුල් පාරක් තරිඳුගේ කම්මුලකට වැදුණා . තරිඳුවාට ගානක්වත් නෑ ඉස්කෝලේ වියදම් පියවාගන්න පොල් ගස් බඩගාලා පොල් කඩාපු එකෙක් වෙච්ච තරිඳුගේ අතපය යකඩ වගේ හයියයි . කොටියෙකු තරම් හයියක් තිබුණ ඌට ඔනෑ නම් ඇජෙන්ඩා ගුරුතුමාවයි එයාගේ මස්සිනාවයි දෙන්නාම විනාඩියෙන් බිම දාන්න පුළුවන්කම තිබුණා. ඒත් ගුරුතුමා ඉදිරියේ උන්නු නිසා ඌ ගුටිකලා බලාගෙන උන්නා ..

බෙල්ල වටේ තුවායක් දමාගෙන ඉනේ සරමක් දවටාගෙන නාට්‍යයේ නමින්දුවා චරිතය ඇඟටම අරගෙන බොක්කෙන්ම රඟපාපු මගේ ගාවට ඊළඟට කිට්ටු වෙච්ච ඇජෙන්ඩා සර්ගේ මස්සිනා මගේ බෙල්ල වටේ දාගෙන උන්නු තුවායෙන්ම මාව ඇදලා අරගෙන මගෙ බඩට පාරක් ගැහුවා ..හත්තිලවුවේ එතකොට මම ඇඳගෙන උන්නු සරම ඉණෙන් ගැලවිලා වේදිකාව උඩ වැටුණා ..

එදා මගේ සීයා කල්මුණෙන් ගෙනල්ලා දුන්නු ගල් සෝට සරමට යටින් ඇඳගෙන හිටියේ නැතිනම් ..අම්මපා මට සිද්ධවෙන්නේ වහ බොන්ඩ .. "සරමට යටින් සෝට ගහගෙන දෙමළෙක් වෙන්ඩ එපා යකෝ..
කියලා මගේ යාළුවෝ මට කොයිතරම් විහිළු කෙරුවා වුණත් එදා මම නිකමට වගේ සෝටක් ඇඳගෙන උන්නා..

මොහොතකින් අපේ පණ බේරාගන්න විදුහල්පති තුමා එක්ක අපේ සිංහල ගුරුතුමා දුවගෙන ආවා ..සිංහල ගුරුතුමාගේ අතේ සංග්‍රහ කටයුතු වලට ගෙනා බිස්කට් පැකට් එකකුයි ප්ලාස්ටික් බීම බෝතලයකුයි තිබුණා .එතුමා ඒවා වීසි කරලා දාලා අඩියට දෙකට අවුදින් අපේ ඉදිරියෙන් හිටගත්තා ..

"තිරිසන් වැඩ කරන්න එපා ඉංගිරීසි මහත්තයා .ගහනවා නම් ගහන්ඩ මේ මට .විදුහල්පති තුමා මේ බලන්ඩ මේ අසරණ ළමයි නාට්‍ය කරමින් උන්නු තැනට බේබද්දෙක් ගෙනල්ලා .මේ ඉංගිරිසි මහත්තයා කරාපු වැඩක් .මේවා කවදාවත් අපේ ඉස්කෝලෙ වෙලා නෑ..


විදුහල් පතිතුමා දිහාට වෙවුලන අතපය දික්කරපු සිංහල සර් එහෙම කීවා .

ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ වෙච්ච අපෙ විදුහල්පති තුමා දෙපාරක් තුන්පාරක් එහාට මෙහාට ඇඹරුණා ..ඊළඟට ඉංග්‍රිසි උගන්වාපු ඇජෙන්ඩා සර් දිහාවට හැරිලා බයාදු හිනාවක් පාපු විදුහල්පති තුමා අපිට මෙහෙම කීවා

"හා වෙච්චි දේ වුණා ඔය දරුවෝ දැන් කල වරදට මේ ඉංග්‍රීසි සර්ට වැඳලා සමාව අරං මේ නාට්‍ය ආයේ කරගෙන යන්ඩ
"

ඒ කතාව අහලා අපේ සිංහල සර්ට එකසිය හැටට කේන්ති ගියා හරියට කාබයිට් කෑල්ලක් උණු වතුරේ දැම්මා වගේ . වේදිකාව වටේ එල්ලලා තිබුණු තිර රෙදි එක හුස්මට පැනලා කඩලා පාගලා දමාපු සිංහල සර්

"උඹලා එකෙක්වත් වඳින්ඩ එපා !! ඉඳපල්ලා . මං වඳින්නං . අනේ ඉංග්‍රිසී මහත්තයෝ අපේ නාට්‍ය කෑවාට, අපේ දවස් ගානක මහන්සියට කෙළෙවුවාට, මගේ කලා පන්තියේ ළමයින් බාගෙට බාගයක් මෙදාපාර සිංහල විෂය පේල් කරන්න මහන්සි ගත්තාට ,මට ලැජ්ජා කොලාට ඔබතුමාට බොහෝම ස්තූතියි !!


එහෙම කියවුව අපේ සිංහල ගුරුතුමා ගිහින් ඇජෙන්ඩා සර්ගේ දෙපා මුල වැඳ වැටුණා ..

ඒක බලාන ඉන්න අමාරු දසුනක් හරියට තාත්තා කෙනෙක් පුතෙකුට වඳිනවා වගේයි..රිපිටා උගේ අතේ තිබුණු කවි පොතෙන් මූණ වහගත්තා . සින්දු කියන්න හිටපු කෙල්ලෝ තුන් දෙනා අඬන්න පටන්ගත්තා . තරිඳු කුටු කුටු ගාමින් කුණුහරප මුමුණන අතරේ .. මම හෙමි හෙමිහිට සරම ඇඳගත්තා .

ඇජෙන්ඩා ගුරුතුමා උන්දැගෙ නල්ලමලේ මස්සිනාවත් ඇදගෙන ගුරු නිවාසය දිහාවට ගියා .සිදු කියපු කෙලිච්චියෝ ටික ගෙදර යවාපු අපි කට්ටිය අපේ සිංහල ගුරුතුමාව එක් කරගෙන එතුමාගේ ගෙදරට පයින්ම ගියා ..

සිංහල ගුරුතුමාගේ නෝනා අපිට නාගන්ඩ වතුර සබන් තුවා ආදිය ලැහැත්ති කරලා .අපිට හිතේ හැටියට කන්න කන්න කියලා දඩ මස් උයලා රොටී පුච්චලා තිබුනා . රොටී කන්න කලියෙන් අපේ සිංහල ගුරුතුමා අපි කාට කාටත් එතුමාගේ අල්මාරියේ හංඟාගෙන හිටපු ෆ්‍රෑන්ක්ලින් බ්‍රැන්ඩි බෝතලයක් කඩලා ඉන් එක වීදුරුව බැගින් බොන්න දුන්නා . ගුරුතුමා ඉදිරියේ බොන්නැතුව හෙමීට එකා බැගින් අඳුරු මුල්ලකට ගිහින් ඒ වීදුරුව ඉවර කරලා ආවාට පස්සේයි අපි කවුරුත් රොටී කෑවේ ..

අපි කෑම කාලා ඉවර වෙලා අපේ සිංහල ගුරුතුමාට වැඳලා යන්ඩ පිටත් වෙනමොහොතේ .. එතුමා අපිට බොහෝම දුක් බර කතාවක් කීවා ..

"මම ඉංග්‍රීසි සර් එක්ක එකට එක කරන්න හැදුවේ නෑ කොල්ලනේ.. මම එදා ඉඳන්ම කීවා අපේ ලොකු සර්ට මට මේ ළමයි දම්මලා නාට්‍යක් කරන්න ඕනෙයි කියලා . ඒත් සිලබස් එකෙන් පිට යන්ඩ එපාය කියලා ලොකු සර් මට ඒ වැඩේ කරන්ඩ අවසර දුන්නෙම නෑ .ඒත් මේ අද ඊයේ ආපු ඉංග්‍රීසි සර්ට වැඩියෙ සලකනවා දැකල මම හිතුවා හොඳින් හරි නරකින් හරි මම මේ නාට්‍ය කරනවා කියලා .උඹලා හරි ලස්සනට රඟපානවා දැකලා මට ඇඬුණා . මම උඹලගේ රඟපෑම් පෙන්නන්න විදුහල්පතිතුමා එක්ක එන්නඩ ගිය ටිකට සේරම විනාස වුණා ..


"දුක් වෙන්ඩ එපා සර් . අපි ආයේ වතාවක් මේ නාට්‍ය කරමු ..


"අනේ ඔවු සර් කරමු කරමු .
අපි කවුරුත් එක හඬින්ම පින්සෙන්ඩු වෙද්දී සිංහල ගුරුතුමා කමිස අතෙන් කඳුළු පිහදාගත්තා ..

"ආයේ නාට්ටි කොරන්ඩ වෙන්නේ නෑ මම
කොළනිකාරයෝ" නාට්‍ය පිටපත ලිපේ දැම්මා . උඹලා ඔය කාපු රොටී පිච්චුනේ ඒ ගින්නෙන් . මමත් මේ ඉස්කෝලෙන් මාරුවක් ගන්නවා ..මට දැන් මේ අහලකවත් ඉන්ඩ පිරියක් නෑ ..

ගුරුවරයෙකුට උපදෙස් දෙන්ඩ, ගුරුවරයෙකුගේ හිත හදන්ඩ අපි මොක්කුද ? .. අපි ඔහේ බලාන උන්නා . බකමූණු බිත්තර ගිල්ල එව්වුවෝ වගේ කතා කරගන්ඩ බැරිව අපි ගොළුවෙලා උන්නා .ඔහොම ගොළුවෙලා ඉඳලා අන්තිමේදී රෑ දොළහත් පැන්නාට පස්සෙයි අපි කවුරුත් ගෙවල් බලා යන්ඩ පිටත් වුණේ ..

පයින්ම ගෙදර යන්න පිටත් වෙච්ච අපි කාගෙත් හිත් මහා දුකකින් වැහිලා තිබුණා .කවුරුන්ටත් වඩා වැඩිපුරම දුක් වුණේ මම . මගේ ගල් ගැහිල්ල නිසා තමයි මේ හෑම දෙයක්ම මේ විදිහට අවසාන වුණේ . හෑම සුබ වැඩකම හෙනහුරා මම කියලා මගේ හිතට දැනෙනකොට මට මැරෙන්ඩ තරම් දුකක් ඇති වුණා ..

"දැං අපි ගෙදර ගිහින් නිදියා ගන්නවාය ?
පිටිපස්සෙන්ම ඉරටු කූරක් වන වනා ආපු තරිඳුයි අපෙන් එහෙම ඇහුවේ

"නැතුං මෙතන නිදියාගන්නවය ?
රිපිටා එහෙම ඇහුවා

"නෑ නෑ . බොලවු මට පොඩි වැඩක් මතක් වුණා .අපි ආයේ වතාවක් ගල් පාරක් කෙළිමු ගුරු නිවාසෙට .අර අපිට ගහපු ඇජෙන්ඩා සර්ගේ මස්සිනා කාරයත් අද රෑ නිදියනවා ගුරු නිවාසේ .. ඌට වදින්න කියලා හිතාගෙන හරි ගහමු බං . මොකටද අපි වෙන එකෙකුට පදිරි වෙන්නේ . ගුරුවරයෙකුගෙන් නම් ගුටි කෑවත් දුක නෑ ඒත් ඌ මොකාද ?


"ඒක නම් කරන්න වටින වැඩක් ..කෙළිමු බං ..ඉස්ම යන්ඩ කෙළිමු"

රිපිටා යෝජනාව ස්ථීර කෙරුවා ..

"පොඩ්ඩක් ඉඳහල්ලකෝ තවත් පොඩි වැඩක් දෙමු .මම එනකම් උඹලා ඔහොම්ම ඉඳහල්ලා කොහේවත් යන්ඩ එපා මම විනාඩි පහෙන් එනවා ..


තරිඳු කළුවරේම ඉස්කෝලේ පැත්තට දිවුවා .අපි කට්ටිය තරිඳු එනකම් පාරේ අයිනක වාඩි වෙලා දුම් වැටියක් අතින් අතට මාරු කරන අතරේ තරිඳු ගියේ මොකටද කියලා නොදැන කුතුහලයෙන් බලාන උන්නා . විනාඩි දහයකට විතර පස්සේ තරිඳු ආවේ තඩි පොහොර උරයකුත් බිම දිගේ ඇදගෙනයි .

"උඹ මල්ලක් පිරෙන්ඩ ගල් ගෙනාවය ..?


තරිඳු ගෙනා මල්ල දිහා බලන අතරේ මං එහෙම ඇහුවා .

"යකෝ මේ ගල් නෙවෙයි ..බලාපියවු ..මල්ලට ඔළුව දාලා ..


තරිඳු ගෙනාපු පොහොර මල්ලට එබිලා බලාපු අපි දැක්කේ කිලෝ පහක විතර තරබාරු තලගොයෙක් ඒ මල්ල ඇතුළේ දඟලමින් ඉන්නා හැටි .

"මොකෙදෑ මේ තලගොයි නාම්බෙක් උස්සං ඇවිල්ලා .


"මේකා උන්නේ ඉස්කෝලේ පරණ වතුර ටැංකියේ... අපි මෙහෙම කරමු අපි මේ තලගොයාගේ නැට්ටට ලණුවක් දාලා මේකාව ඔළුව පහළට හිටින විජිහට ගුරු නිවාසේ උළුවස්සේ එල්ලමු. ඊට පස්සේ ගල් ගහමු .දොර ඇරගෙන එළියට එන එකාගේ බෙල්ලම මූ බදාගනීවි
"

තරිඳුවාගේ අදහස ඇහිලා මගේ කන් දෙකෙන් දුම් පිට වුණා ..

"අඩෝ තොගේ මොළේ තමා මොළේ
ඒත් මේ ගොයා උයලා නම් කන්ඩම තමා හිත"

මම කට හොල්ලන්ත් කලියෙන් අපේ නළුවෝ ටික තරිඳුවාට ප්‍රශංසා කරන්න පටන්ගත්තා . මමත් එක පයින්ම තරිඳුගේ යෝජනාවට කැමති වෙච්ච නිසා ආයේ වාද විවාද නොකර අපේ සැලැස්ම ක්‍රියාවට නංවන්න අපි එදා රෑම කටයුතු කෙරුවා .

තලගොයා යමක් බදා ගත්තොත් ඌව ආයේ ඒකෙන් ගලවා ගන්නවා බොරු . බිම බඩගාගෙන යන සතෙක් වුණාට තලගොයි කියන්නේ බොහෝම හයිය හත්ති තිබුණු සත්තු ජාතියක් . රිපිටා අපි හැමෝටම කියලා දුන්නා ඉස්සර කාලෙක දීඝවාපිය පන්සලේ ඉඩමේ අනවසරයෙන් ගෙවල් හදාගෙන උන්නු මට්ටයෝ කීපදෙනෙක් එළවන්න දීඝවාපියේ සිංහල මිනිස්සු වගයක් මේ විදිහටම තලගොයි ගැටහපු කතාවක්


අපි කීපදෙනෙක් එකතු වෙලා මල්ල ඇතුළේ දඟලන තලගොයාව තදකරලා අල්ලාගෙන ඉන්න අතරේ . මල්ලෙන් තලගොයාගේ නැට්ට අමාරුවෙන් එළියට ගත්තු තරිඳු සාක්කුවෙන් ගත්තු රෙදි පටියකින් උගේ නැට්ට තදින් වෙළුවා ..

විනාඩි කීපයක් ගිය තැන අපි තුන් දෙනෙක් තලගොයා දමාගත්තු මල්ලත් උස්සාගෙන හෙමි හෙමිහිට ගුරු නිවාසය ළඟට කිට්ටු කළා . වත්ත හතර මායිමේ ඔත්තු බලන්න අපේ අනික් නළුවෝ කීපදෙනා හිටපු නිසා කිසිම හිතේ බයක් නැතිවයි අපි ගුරු නිවාසයට කිට්ටු කෙරුවේ .

"උඹලා ඔහොම බිම ඉඳපල්ලා මම මේ කණුව දිගේ නැගලා මේ එළියට ඇවිත් තියන පරාලෙන් තලගොයාව ගැටගහන්නම් .. උඹලා පොඩ්ඩක් ඕකව මල්ල පිටින් උඩට උස්සලා සපෝට් එක දියල්ලා" ..

බිම ඇවිදිනවාට වඩා හොඳට ගස් උඩ බඩගාලා පුරුදු තරිඳු . කිසිම අමාරුවක් නැතිව උළුවස්ස කෙළින්ම වහලේ අගුවෙන් එළියට ආපු පොල් ලීයක තලගොයාව ගැට ගැහුවා . අපේ වාසනාවට අපි කාටවත් තලගොයාගෙන් නියපොතු පාරවල් නම් කන්න වුණේ නෑ . තලගොයාව ගැටගහලා ඉවර වෙලා හිස් පොහොර මල්ලත් අරගෙන අපි හනි හනිකට ගුරු නිවාසෙන් ඈත් වුණා ..

වෙලාව මැදියම් රැයත් ගෙවිලා ගිහින් . පළාතම කට්ට කරුවලයි . ගුරු නිවාසෙන් එළියට බහින එකෙකුට කිසිම විදිහකින් තලගොයාව නොපෙනෙන බව නම් අපිට විශ්වාසයි . ඉතින් අපි කවුරුත් එක්කාසු වෙලා අවසන් ජවනිකාව රඟදක්වන්න සූදානම් වුණා .

ඉවසුම් නැතිව හිටි මම ගලක් ගුවන් ගත කරලා මුදුනා වෙන්න ලැහැත්ති වෙනකොටම රිපිටා මාව නැවැත්තුවා ..

"පොඩ්ඩක් ඉඳපල්ලා කලබල වෙන්ඩ එපා. ඇජෙන්ඩා සර් එදා රැස්වීමේදී කීවා නේද අපි එදා ගහපු ගල් වැටුනේ ඇජෙන්ඩා සර්ගේ ඇඳට අඟල් ගාණක් දකුණින් කියලා ..


රිපිටා කියන්නේ බොහෝම සුළු දේවල් ගැන පවා හොයලා විමසිල්ලෙන් වැඩ කරන එකෙක්

"කීවා නේන්නම් ...‍


"එහෙනම් බොලවු .. මෙදා පාර ගහපිය එදාට වඩා වම් පැත්තට බර කරලා"

"එකයි දෙකයි තුනයි ගහපල්ලා ..!!


තරිඳුගේ ගනං කිරීමත් එක්කම අපි කවුරුත් ගල් පාරවල් සෑහෙන ගාණක් ගුරු නිවාසෙ වහලට කෙළින්න ගත්තා . එකවරම ගුරු නිවාසේ ඇතුළෙන් කෑ ගහලා බනින හඬකුත් එක්ක කවුරු හරි කෙනෙක් ටෝච් එකක් දල්වාගෙන එළියට බහින්න දොර ඇරියා ..

බුදු අයියේ !!! මම නැතෝ මාව බේරගනියෝ

ඒ ඇහුණු කෑ ගැහිල්ලෙන් තලගොයා සිප වැළඳගෙන තියෙන්නේ කාවද කියලා අපි කාටත් තේරුම් ගියා . ඒත් තව මොහොතක්වත් එතන නාට්‍ය බලන්න නොහිටි අපි කවුරුත් නතර වුණේ ගෙවල් වලට ඇවිත් ඇඳන් වලට පැනලා ඔළුවේ ඉඳන් රෙදිත් පෙරවාගෙනයි ..

අපි මීටර් ගාණක් ඈතර දුවනකල්ම අපිට තලගොයා බදාගෙන උන්නු එකාගේ විලාපය ඇහුණා ..ඒ විලාප හඬ අපේ ඉංග්‍රීසි ගුරුතුමාගේ හඬ නම් නෙවෙයි .. ඒ කෑ ගැහුවේ ඉංග්‍රීසි ගුරුතුමාගේ මස්සිනා පොඩ්ඩ . අපිට හැන්දෑවරුවේ තග දාපු බීමතින් අවුදින් අපේ නාට්‍ය විනාස කරපු උන්දෑගේ මූණ තලගොයා තදින්ම මිරිකාගෙන .

පහුවදා උදේ තේ බොන වෙලාව වෙනකොට මට වටින් ගොඩින් ආරංචි ගලාගෙන එන්න වුණා . ඇජෙන්ඩා ගුරුතුමාගේ මස්සිනාගේ මූණ බදාගෙන උන්නු තලගොයාව ගලවා ගන්න හැකි වෙලා තියෙන්නේ වටේ පිටේ ගෙවල් කීපයකම මිනිස්සු ඇවිදින් මේස පුටු තියලා උඩ නැගලා වහලේ පොල් ලීයක දවටලා තිබුණු රෙදිපටිය කපා දැම්මාටත් පස්සේලු .ඒ වගේම මට ආරංචි වුණා මෙදා සැරේ අපි ගහපු ගල් ඉලක්කෙටම වැදිලා තියන බව.

පහුවදා ඉස්කෝලේ නොගිය නිසාම කවුරු කවුරුත් දැන ගන්න ඇති මේ අවලං වැඩේට වග කියන්න ඕනේ අපි බව . අපේ සිංහල ගුරුතුමා වෙන ඉස්කෝලෙකට මාරු වෙලා යන බවත් . කලින් දවසේ හැන්දෑ වරුවේ අපේ නාට්‍ය කඩා කප්පල් කරපු එකට ආදි ශිෂ්‍ය සංගමය විදුහල් පති තුමාට නෝක්කාඩු කියාපු නිසාත් අපෙන් කවුරුත් ප්‍රශ්න කරන්න ආවේ නෑ ඒ මදිවට කවදාවත් අපේ ඇජෙන්ඩා සර් අපේ පන්ති පළාතේ ආවේ නෑ ..

මේ සිදුවීම් සේරෝම අවසාන වුණත් අපේ හිතේ අපි දිනුවා කියලා හැඟීමක් නම් ඉපදුණේ නෑ . අපි හොඳටම දැනගෙන උන්නා අපි පැරදුන වග . රටක් වටින සිංහල ගුරුතුමෙක් අපේ පාසලෙන් ඉවත්වෙලා වෙනත් පාසලකට මාරු වෙලා ගියා . ඒ අතරෙම කොලනි කාරයෝ නට්‍ය ආයේ කිසිම දාක එළියට නොඑන විදිහට අළු බවට පත් වෙලා ගියා .හිතාගන්නවත් බැරි තරම් සුන්දර කතා පුවතක් තිබුණු කොලනි කාරයෝ නාට්‍ය උපන් ගෙයිම මියැදුනා ..

ජීවිතේ පළවෙනි සහ අවසාන වතාවට මම රඟපාපු "නමින්දුවා" චරිතය මගේ හිතේ තාම ජීවත් වෙනවා . දෙවරක් චක්කරේ වත් , ඉංග්‍රීසි හෝඩිය වත් කටපාඩම් නොහිටින මට අදටත් මම රඟපාපු නමින්දුවා චරිතයේ හෑම දෙබසක්ම, කවියක්ම කවදාකවත් අමතක
නොවෙන්න මගේ හිතේ රැඳිලා තියෙනවා

මේ සිදුවීම වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. දැන් නම් වේදිකා නාට්‍යක් බලන්න තබා ඒ ගැන අහන්නවත් මට ආසාවක් නෑ කොලනි කාරයෝ නාට්‍යත් එක්කම මහේ හිතේ උපන් වේදිකා නාට්‍ය ගැන කැක්කුම කොලනි කාරයෝ නාට්‍යත් එක්කම මැරිලා ගියා ..

මේ කතාව ලියන්න කලියෙන් මම මගේ සිංහල ගුරුතුමාගේ අවසර අරගන්නත් අමතක කෙරුවේ නෑ ..
ගුරු දිනේ කල් පැනලා තිබ්බා වුණාට කමක් නෑ මම හිතනවා මම මේ ලීව කතාව මගේ සිංහල ගුරුතුමාට උපහාරයක් වෙච්චාවේ කියලා ..

"උඹගේ කතාව එක්ක අපේ පොටෝ එකකුත් දමාපං" කියලා ගුරුතුමා ඉල්ලා හිටපු නිසා මම මේ පහළින් මගෙ සිංහල ගුරුතුමාගේ සහ රිපිටාගේ පින්තූරයක් පල කරන්නම් "


කොලනි කාරයෝ නාට්‍ය අවසාන වෙන මොහොතේදී නමින්දුවා කියන මේ කවි කීපය එදා මට වේදිකාව උඩදී බොහෝම සංවේදී විදිහට ගායනා කරන්න මගේ සිංහල ගුරුතුමා මට පුහුණු කෙරුවා, ඒත් මට කවදාවත් ඒ කවි කියන්ඩ ලැබුණේ නෑ


කුම්භස් තලය මුදුනින් කලු දුම පිඹින
ඇතෙක් දුටිමි දම්වැල් දෙපයක් තිබෙන
හෙණ්ඩුවක් නැතත් දෙන අණ පිළිපදින
අමතයි ඌට බුල් ඩෝසර යන යමින

නාලා ගිරි ඇතා උව බියවෙන ලෙසට
ඇන්ජින් හඬ නගයි ගස් පෙරලනා විට
ගම් බිම් අතැර සිදුවේවී ද පැනයන්ට
මද කිපෙනා කලට බුල් ඩෝසර් ඇතුට

ගියර් කඩන හඬ සවනට සුවය ගෙනේ
පැස්ටොල් පුසුඹ රැඳි දුම හදවතට දැනේ
ලොවක් මවිත කල ජර්මන් තාක්‍ෂනේ
මලත් සැපයි බුල් ඩෝසරයක් සෙවණේ

නිමි ..............! 


96 comments:

  1. මුලින්ම සුභ පතනවා අවුරුදු 3ක් සම්පුර්ණ වෙන අද තව දුරටත් අපිත් එක්ක ඉන්න ලැබෙන්න කියලා.
    අද කොටස ගැන නම් කියන්න දෙයක් ඉතුරු උනේ නෑ මට. පුදුමා කාර රසවත් ඒ වගේම සංවේදී කතාවක්.

    ReplyDelete
  2. කතාව ඛේදාන්තයක් වුනාට උඹ අපූරුවට ලියලා තියනවා. ඉංග්‍රීසි ගුරාට මොකද වුනේ..?

    අවුරුදු තුනේ සංවත්සරයට සුබ පැතුම් !

    ReplyDelete
  3. elama thama oya wage oluwa idimila tiyana unta karanna one oya wage weda thama

    ReplyDelete
  4. අවුරුදු තුනක් ගියත් පහක් ගියත් උඹේ කථාවක් කියෙව්වහම ලැබෙන වින්දනේ කිසිම අඩුවක් නෑ බං ..........
    අවුරුදු 3ට තුන්සීයක් ආයුබෝ වේවා ....

    ReplyDelete
  5. සංවත්සරයට සුබ පැතුම් මගෙනුත්.

    ගුරු ගෝල හැසිරීම් නම් අජූතයි.

    ReplyDelete
    Replies
    1. කතන්දර, එවන් ගුරුවරු ඔබට නොසිටින්න ඇති.. ඒත් එය ඔබේ අවාසනාව. ජේවිතය කියන්නෙ කාර්‍යාලය ගෙදර පමනක්ම නොවේ.

      Delete
  6. උඹේ ලිවිල්ල හැමදාම සුපිරියි.

    ඊට වඩා වැදගත් කාරනාව.සිංහල ගුරුතුමාගෙ පින්තූරෙ දැකල ..සංවේදී මිනිසුන් උන අපිටත්..හිතට මෙව්ව උනා බං...! ඒ මනුස්සයගෙ තියෙන අව්‍යාජ පෙනුම...!
    අනික ඉන්න තැන එතුමගෙ ගෙදර වෙන්න ඇති නේද..? තාමත් කපලාරු නොකරපු බිත්ති..උන්නැහේගෙ..ජීවනතත්වය තේරුම් කරනව. අල්පේච්ඡ ජීවිතයක් ගෙවාගෙන ජීවත් වෙන මෙවන් ගුරුවරුන්ගෙ හදවත හරිම පෝසත් කියල දන්නව.

    ReplyDelete
  7. මචන් සදරු.... කමෙන්ට් නොකලත් හැමදාම උබේ බ්ලොග් එකේ,, පොස්ට් එකක් නෑර මම කියවනවා.... හැමදාම මොකක්ම හරි අලුත් කතාවක්,,, උබ කුනුහබ්බයක් කිව්වත් එකෙත් පොඩි ලස්සනක්.. හිටිය වගේම තවත් ගොඩක් කාලයක් බ්ලොග් අඩවි ලෝකයේ වැජබෙන්න ලැබේවා කියල ඉතා සින් ප්‍රර්ථනා කරනවා///

    ReplyDelete
  8. wnada wagema adath apuruwata liyala thiyanawa.... his ahase thun weni sanwathsarayata magenuth suba pathum....

    ReplyDelete
  9. කියවගෙන එද්දි ඇස් ‍දෙකට කඳුළු ආව සඳරුවො. ඔය වගේ කඩාකප්පල් වැඩක් කළානං ගුරුවරයෙකුට උනත් සලකන්න ඕන නියම ක්‍රමය උඹල අනුගමනය කරල තියෙනව. බොලාගෙ සිංහල ගුරුතුමා නියම මනුස්සයෙක්. ඒවගේ ගුරුවරු තමයි ඉස්කෝලෙකට ඉන්න ඕන.

    අවුරුදු තුනක් අපිව හිනස්සවන්න, අඬවන්න උඹ මේ බ්ලොග කරගෙන ආව එකට සුබ පැතුම් සඳරු මල්ලි. තව බොහෝ කාලයක් මේක ලියන්න හැකියාව ‍ලැබේවා කියල පතනවා. උඹේ අනික් වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියල පතනවත් එක්කම.

    ReplyDelete
  10. දුක ,සතුට ,කුතුහලය, මේ හැම දේම මේ කථාවෙ තියෙනවා. ඒවාගෙ කතා කොච්චරවත් ජීවිත වල තිබුණුත් රහට ලියන්න නම් උඔ තරම් කාටත් බැහැ සදරැවෝ... සුභ පැතුම් අවුරැදු 3 සැමරැමට ජය වේවා ! බුදු සරණයී!!

    ReplyDelete
  11. තවත් දිග කාලයක් මේ වගේ රසබර ලිපි අප අතරට ගේන්ට සඳරුට සුබ පැතුම්. :)

    ReplyDelete
  12. ela machan... issellaama suba pathanawa ubata aurudu 3k blog eka liyapu ekata..elama kiri..blog eka hamadama liyapan aulak na api kiyawanawa :D jaya wewa!

    ReplyDelete
  13. සඳරු, වසර 3ක් බ්ලොග් කෙරුවාවට සුභපැතුම්!!

    ReplyDelete
  14. සඳරු,

    මම ලියන්නට ඕනේ මොනවාදැයි කියලා හිතමිනුයි ඉන්නෙ.
    සංවේදී සිදුවීමක් කියවනවිට හිතට දැනෙන හැගුම් වචනයට ගන්න බෑ.
    කොහොමත් ඉස්කෝලවල විදුහල්පති තුමාලා එක එක විදිහයි.
    මාත් ඒක අත්දැකීමෙන් දන්නවා.
    අපේ කාලේදී ඉස්කෝලෙ විද්‍යා අංශෙන් මොන වැඩක් කලත් සහයෝගය ගොඩක් අඩුයි, නමුත් කලා, වානිජ අංශවලට බොක්කෙන්ම වැඩ.
    ඒවා ඉතින් ඒ ඒ ආකාරයි.

    මිත්‍රයා,
    අවුරුදු තුනක උපන් දිනය සමරන අද දවසේ තවත් ‍ බොහෝ කාලයක් හිස් අහස ලිවීමට නුඹට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
    තෙරුවන් සරණින් නුඹට යහපතක්ම වේවා.

    ප්‍රියන්ත.

    ReplyDelete
  15. ආසාවෙන් කියවපු කතාවක්. 3වෙනි සංවත්සරයට සුභ පැතුම්..

    ReplyDelete
  16. උබට හදවතින්ම සුභ පතනවා මචන්. ඉන්ග්‍රිසි ගුරාට මොකද උනේ

    ReplyDelete
  17. මේ නාට්ටිය උපන් ගෙයිම මැරිලා ගිය ක අපරාදේ,
    මේ වගේ කුහක ගුරුවරු මොන සේවෙ කරත් මොකටද කියලා හිතුණා සඳරුවෝ...

    සිංහල සර් පිටපත පිච්චුවේ අපරාදේ...

    අර බේබද්දාව නම් තලගොයා බදාගත්තු එකමයි හොඳ..

    //"එහෙනම් බොලවු .. මෙදා පාර ගහපිය එදාට වඩා වම් පැත්තට බර කරලා"// රිපිටා තමයි රිපිටා :D

    මේ කතන්දරේ ඇතුලේ සතුට දුක සංවේදීකම ඔක්කොම තිබුණා... එහෙනම් අවුරුදු 3ට සුභ පැතුම්...තව ගොඩක් කල් අපිට මේ වගේ පොස්ට් කියවන්න ලැබේවා...!

    ReplyDelete
  18. තුන්වන සංවත්සරයට සුබ පැතුම්...දිගටම ලියන්න හැකිවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජයවෙවා

    ReplyDelete
  19. මස්සිනා මෙච්චර කල් ඇදගන ආවට සුබ පතනවා. ඒ වගේම තව හුඟක් ඇදගෙන යන්න කියලත් සුබ පතනවා. ලස්සන කතාව, මරුවට ලියල තියෙනවා. හැබෑටම ඉංගිරිසි සර්ට මොකද උනේ. පවු කියලත් හිතෙනවා. සිංහල සර් දැන් මොකෝ කරන්නේ. උඹලට ජය වේවා.

    ReplyDelete
  20. පසු ගිය ටිකේ ලිපි කීපයක් මග හැරුනා. විවේකීව කියවන්න ඕනෙ . සිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනකට සුභ පැතුම් !. තවත් ලස්සන කතා අප වෙනුවෙන් ලියන්න මල්ලි .

    ReplyDelete
  21. සිංහලයට නැති තැන ඉංග්‍රීසියට තාමත් තියෙනව බං.. මොනා කරන්නද.. ඒ අපේ රටේ හැටි.. අඩුගානෙ උඹල ගුරුවරුන්ට ගුරුවරු හැටියට සලකපු අන්තිම පරම්පරාව වෙන්නැති... මොකද දැන් ගුරුවරුන්ව සල්ලි වලින් වහල්ලු කරගත්ත දෙමවුපියෝ පරම්පරාවක් ඉන්නෙ... ළමයි ගැන කුමන කතාද...

    ReplyDelete
  22. අවුරුදු 3 කියන්නේ පොඩි කාලයක් නෙමේ,මට මතකයි උබේ මුල්ම පෝස්ට්,ගූගල් බස් පදින කාලේ උබේ ලින්ක් එක කවුරු හරි දැම්මා එතන,ඊට පස්සෙ තමා උබව කියවන්න්න ගත්තේ...සිංහල සර්ට සතුටු ඇති උබ ලියනවා කියල දැනගෙන, ලක්බිමේ එහෙම කතා දකින්න ඇති නේ
    පහු ගිය ටිකේ ලිපි මුල් කාලේ ඒවා තරම් මගේ හිතට වැදුනේ නෑ,ඒත් මේක ආයෙත් ඒ ගතියම අරන්

    ReplyDelete
  23. එළ සිද්දිය මචං.පට්ට කතාව.උඹේ අවුරුදු තුනේ බ්ලොග් උපන්දිනේට සුභපැතුම් මචං.

    ReplyDelete
  24. 3වෙනි සංවත්සරයට සුභ පැතුම්!!! . දිගටම ලියන්න හැකිවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  25. අවුරුදු තුනට සුභ පැතුම්.....

    ලියැවිල්ල වෙනදා වගේම සුපිරියි...

    මට පේන විදිහට ඇජෙන්ඩා සර් යි, සිංහල සර්යි දෙන්නම වැඩ කාරයෝ...ඒත් ප්‍රින්සිපල් ඒ දෙන්නගේන් වැඩ ගන්න දන්නේ නැති එකයි ප්‍රශ්ණේ ව්ලා තියෙන්නේ.....සදුරුලගේ ගැන් එක හැසිරීම කොල්ලන්ගේ වැඩක්...ඕවාට කලබල වෙන්න ගියෝත් කවදාවත් ඉස්කෝල වල උගන්වන්න වෙන්නේ නෑ..ඒව චිසදගන්න ක්‍රම තියෙන්වා...

    ප්‍රින්සිපල් සර් දෙගොල්ලන්ගේන් එක්කෙනුට වැඩිපුර සලකන්න්න ගිය එකෙන් තමයි ප්‍රශ්නේ දුර ගියේ..දෙන්නටම හොදට සැලකුව නම් දෙන්නම් හොද වැඩක් කරන්න පුලුවන් මිනිස්සු....

    ReplyDelete
  26. හිස් අහසට වසර 3ක් සම්පූර්න වුනාට මගේ සුබ පැතුම් සදරු අයියේ.මම මේ blog එකේ හැම පෝස්ට් එකක්ම කියවලා තියනවා.ඒත් වැඩියෙ comment කරල නෑ.මේ වගේම දිගටම blog එක කරගෙන යන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා..!!

    ReplyDelete
  27. මාරයිනේ බං. මම මෙතන කවුද හරි කවුද වැරදි කියලා විනිශ්චයකට එලඹෙන්න යන්නේ නෑ. කතාව යන මගදි එහෙම හිතුනත් දැන් ඒ අදහස නෑ.
    උඹ උඹට මතක තියෙන දෙබස් ටික ලියලා, යාලුවෝ වටකරගෙන උන්ට මතක තියෙන දෙබස් මතක් කරගන්න කියලා හිස්තැන් පුරවපං. එතකොට ඔය නාට්‍ය පිටපත සම්පූර්ණ කරගත්තෑකි.
    උඹලට දැන් වුනත් සර් කාරයව අල්ලගෙන ඒකෙ අඩුපාඩු හදාගෙන නාට්‍ය කලෑකි, ඕනෙ කමක් තියෙනවා නම්.

    උඹේ බ්ලොගටත් උඹටත් නැවතත් ජය පතනවා, සඳරු.

    ReplyDelete
  28. Ammooo ayyeeee....maara story ekakne eekaa. echchara sanwdiy kiyala hithuwe na.
    sinhala sir ochchara vayasay kiyala hithuweth na..
    lassanata liyala thiyanawa.

    thawath idiriyata hodata liyanna...

    -sanduni nangi-

    ReplyDelete
  29. Good luck sandaru. Wish you all the best!

    ReplyDelete
  30. කතාව කියවලා පින්තූරෙත් බැලුවාම ඇස් දෙකට කඳුළු ආවා මල්ලි, මටත් මගේ ඉස්කෝලේ කාලේ හිටපු හොඳ / නරක ගුරුවරු මතක් උනා. ඔයා හැමදාම ලියන එවා මම කියවනවා, ඒත් comment කරන්න වෙන්නේ නෑ. සුභ පැතුම්! දිගටම ලියන්න

    ReplyDelete
  31. කියන්න දෙයක් නෑ මචන්.....

    ReplyDelete
  32. සුබ පැතුම්
    ජය වේවා .....!

    ReplyDelete
  33. අවසානෙ ලොවෙත් නෑ මචො

    රිපිටත් කිතුලා වගේම උම්බෙ බොක්කක් කියලා හිතනවා

    තුන්වෙනි අවුරුද්දට දැම්මේ පොස්ට් 10ටත් අඩුවෙන්නෙ හතරවෙනි අවුරුද්ද ට පොස්ට් 50ක් වත් ලියන්න වාසනා....
    ජය

    ReplyDelete
  34. සංවේදී කතාවක් සඳරු ඊට වඩා ගොඩක් සංවේදියි කවි 3න

    ReplyDelete
  35. ජීවිතයේ විවධ හැල හැප්පීම් මද උඹ ආව ගමනට මම සුබ පතනවා. උඹේ අහස හිස් නොවී සඳ තරු වලාකුල් වලින් පෝෂණය වෙන්න කියලත් පතනවා. අලුතෙන් එන දේ බාර ගන්න පුරුදු නොවුනොත් පරාදයි. ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් අහක යන්නේ නෑ. මේ වගේ අය ගුරුවරු නෙවේ ලංකාවේ ඕනෑම මිනිස් නියදියක සුලබයි.

    ජයවේවා !!!!

    ReplyDelete
  36. දවස් තුනේම දාපු කතා තුන කියෙව්වා. ආපහු උඹ ලියන්න පටන් ගත්ත එක ගැන මාර සතුටුයි.

    අවුරුදු තුනේ සැමරුමට සුභපැතුම්.....!

    ReplyDelete
  37. පින්තූරේ දැක්කම ගුරුතුමාගේ ගැන වෙන් මොනවත් කියන්න ඕනේ නෑ. අවුරුදු තුනට සුබ පැතුම්.....! ජයෙන් ජය

    ReplyDelete
  38. අවුරුදු තුනට සුභ පැතුම්...සුපිරි ලියැවිල්ල .දිගටම ලියන්න..

    ReplyDelete
  39. මරු ගුරු ගෝලයෝ බං උඹලා .
    අවුරුදු 03 මගෙනුත් සුභ පැතුම්....!

    ReplyDelete
  40. උබලගේ ඉංගිරිස් ගුරා නම් අජූතයි බං, මහන්සියෙන් පුරුදු පුහුණුවෙලා කරන නාට්‍යක් කඩාකප්පල් කරලා දාන එක ගුරුවරයෙක් කරන වැඩක් නෙමේ.. සිංහල ගුරුතුමාට මාගේ ප්‍රණාමය..

    ReplyDelete
  41. උඹටත් නැවතත් ජය පතනවා.
    JH

    ReplyDelete
  42. Patta machan... digatama liyapan...

    ReplyDelete
  43. අවුරුදු 3 ට සුභ පතනවා මචන් ... ඔය ඉංග්‍රීසි ගුරුතුමා නියම ගුරුවරයෙක් නං වෙන්ඩ බෑ මට සැකයි මිනිහට ඉංග්‍රීසිත් පුලුවන්ද කියලා ....

    ReplyDelete
  44. හැමදාමත් වගේ කථාව නම් උපරිම ලස්සනය්..අවුරුදු 3 සන්වත්සරෙට සුභ පැතුම් මල්ලි..තව ගොඩාක් කල් මෙහෙම ලස්සනට ලියන්න ලැබෙන්න ඕනෙ. ආය් ඉස්සර වගෙ මාසෙකට පෝස්ට් 7 ගානෙ බැරිනම් අඩුම ගානෙ 4ක් වත් අපි වෙනුවෙන් දාන්න

    ReplyDelete
  45. හැමදාමත් වගේ කථාව නම් උපරිම ලස්සනය්..අවුරුදු 3 සන්වත්සරෙට සුභ පැතුම් මල්ලි..තව ගොඩාක් කල් මෙහෙම ලස්සනට ලියන්න ලැබෙන්න ඕනෙ. ආය් ඉස්සර වගෙ මාසෙකට පෝස්ට් 7 ගානෙ බැරිනම් අඩුම ගානෙ 4ක් වත් අපි වෙනුවෙන් දාන්න

    ReplyDelete
  46. කියන්න වචන නැහැ මචං බ්ලොග් කියන දේවල් හොයන් තියන්නේ උබලා වගේ එවුන්ට බන් සුන්දර අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට උබට ජයෙන් ජයම වෙන්න ඕනි

    ReplyDelete
  47. සඳරු කියන්න වචන නෑ....මගේ ජීවිතේ අතීත සිද්දියකුත් මතක්වුනා.

    ReplyDelete
  48. රසම රසයි
    තුනට ආසිරි!

    ReplyDelete
  49. අවුරුදු තුනක් උඹ පරණ නෑ බං! හැමදාම අලුත් රහක්!!

    ReplyDelete
  50. හිස් අහසෙ හැම හිතුවිල්ලකටම එකග නැතත් හදවතටම දැනෙන මනුස්සකමින් පිරිච්ච මේ ලියැවුම් රටාවට කවදත් තුන් හිතින්ම ආදරේ කරනවා.ඉතින් තව දිගු කලක් මේ බ්ලොග් අවකාසෙ නම රඳවන සොදුරු බ්ලොග් කරුවෙක් වෙන්නත්,පෞද්ගලික ජීවිතෙත් වෘත්තීය ජීවිතෙත් සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්නත් කියලත් සෙනෙහසින් ප්‍රාර්ථනා කරනවා.සුබ පැතුම් සොහොයුරේ හදවතින්ම!

    ReplyDelete
  51. තෙවසරක ගමනට මගේ අක්මාවෙන්ම සුභ පැතුම්...ලංකාවට ආපු දවසක උඹව බලලා යන්න ඔය පැත්තට එනවා සදරුවො...මේ සිංහල සෑර්වත් එදාට හමුවෙන්න පුලුවන්ද ? මේ කථාව කියෙව්වට පස්සෙ මට එතුමාව බැහැ දකින්න තදබල දොළදුකක් උපන්නා...සැබැවින්ම දෙවියෙක් බදු ගුරු දේවතාවෙක්...අද කථාව බොහොම දුක්බරයි බන්...

    ReplyDelete
  52. අවුරුදු 3 සංවත්සරයට උණුසුම් සුභ පැතුම් ..
    ~~~තිබුණු ආවේගේ කොයිතරම්ද කියනවානම් තව පොඩියෙන් මම මගේ වම් අතේ තිබුණු ලන්තෑරුමත් වීසි කරලා ගහනවා ..~~~
    මේ වගේ සීන් එකක් නම් මටත් ඇත්තටම වෙලා තියෙනවා බන්..
    මම ගැහුවෙ අතේ තිබ්බ ෆෝන් එකෙන් බන්..

    ReplyDelete
  53. අදහස් දුන්නු කියවාපු හැමෝටම ස්තූතී හෙට කාට කාගෙ කාගෙත් කමෙන්ට් වලට උත්තර බඳින්නම් .. අද පොඩ්ඩක් වැඩියි වගේ ..

    ReplyDelete
  54. අවුරුදු තුනට සුබ පැතුම්..
    තවත් ගොඩාක් කල් ලියන්න වාසනාව හා ශක්තිය ලැබේවා!!

    ReplyDelete
  55. ඔයාගේ සිංහල ගුරුතුමා වගේ තමන්ගේ ජීවිතයම ළමයි වෙනුවෙන් කැපකරන ගුරුවරු දැන් කාලේ හරි අඩුයි. ඒ අතියි මේ සිංහල සර් නම් දෙයියෙක්. මොනා උනත් ඉස්කෝලේ යන එවුන්ට බොන්න දුන්න එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.
    අපිත් එක්ක අවුරුදු 3 ක් හිටියාට සුබපැතුම්.

    ReplyDelete
  56. වසර 3 ක් හිස් අහසේ ඇදි සිතුවම් වලට මගෙත් සුභ පැතුම්! තව අවුරුදු 300 හිස් අහසේ රැදීමට හැකි වේවා!.

    - ප්‍රියා.

    ReplyDelete
  57. කරපු වැඩේ ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑ.. එක අතකට එහෙම දෙයක්වත් කරපු එක හොදයි කියලා තියෙනවා..

    සුභ පැතුම් සදරුවෝ.. මේ ගෙවුන අවුරුදු 3ට උඹ මේකේ ඉන්න හැමෝටම වඩා හොද තැනකට ඇවිත් තියෙනවා.. ඒකට අවංකවම සතුටු වෙනවා බං.. දිගටම මේ වගේ ලියපං.. අපි අනිවාර්‍යෙන් එනවා මේ පැත්තේ..

    ReplyDelete
  58. පට්ට කථාව කියල මන් මේ කථාවට අපහස කරන්නේ නෑ.... උබේ හැකියාව ඉතින් එකෙන්ම එකනේ

    තුන් අවුරුද්දට සුභ පැතුම්

    ReplyDelete
  59. hAppY HaPpY BirTHdAy HIS AHASA !!!!!!!!!!!!
    එළටම ලියලා තියනවා මචෝ..... මොනවා වුනත් සිංහල සර්නම් නියම පිරිමියෙක්..

    ReplyDelete
  60. සුබ පැතුම් සඳරු මචං :D අවුරුදු 3ක් තිස්සෙ බ්ලොග් එක කියෙව්වට අද තමයි කමෙන්ට් එකක් දැම්මෙ....

    ReplyDelete
  61. අවුරුදු තුනට මගේ උණුසුම් සුබ පැතුම් මල්ලී.. කතාවටත් වඩා ඔයා දාල තියෙන සර්ගෙ පින්තූරෙ ලොකු කතාවක් කියනවා. තමන් ගන්න පඩියටත් ණය, ගුරුහොරු අතරෙ ඔයාගෙ සිංහල ගුරුතුමා නියම ගුරු පියෙක් කියලයි මට නම් හිතෙන්නෙ......

    ReplyDelete
  62. elzzzzzz............supiri..........jaya wewa.........

    ReplyDelete
  63. sandaru me blog eka kiyawanakota mata mathakwenne "Mallige Viththi" potha.
    oya godak lassanata me blog eka liyala thiyanawa.
    Jivithe vindina duka sathuta oya lassanata kiyawana ayata hithata danenna liyala thiyanawa. hama post ekak kiyawanakotama e dewal mavila penna tharam oyage liyana dewal rasawath. masekata 1 post ekakata vadiya danna balanna.
    mokada oya eva etharamatama rasawath. Thank you

    ReplyDelete
  64. @Black Puma= ස්තූතියි පූමා.මුලින්ම අවුදින් අදහසක් දාලා සප් එකක් දීලා ගියාට
    .............................................................................................................................
    @සෙන්නා = මචං ඇජෙන්ඩා ගුරුතුමා මම ඉස්කෝලෙන් අයින් කරන දවසෙත් හිටියා . තාමත් ඉන්නවාද කොහෙද .සුබ පැතුවට ස්තූතියි සෙන්නා
    .............................................................................................................................
    @ආන්ඩුවට කඩේ යන්නා = උඹගේ නම දැක්කාම මට හිනා බොල .. මතකනේ මම උඹට වතාවක් අවවාද කෙරුවා . කමෙන්ට් එකට ස්තූතියි
    .............................................................................................................................
    @දිනෙල්ක = ස්තූතියි මචං බොක්කෙන්ම
    .............................................................................................................................
    කතන්දර = කකා ගෙන් මම බලා පොරොත්තු වෙච්ච කෙලින් කමෙන්ට් එක ඒ විදිහටම තියනවා .. ස්තූතියි .මොනවා කරන්නද කකා පොඩි අජූත බවක් තියෙනවා තමයි ඒත් ගරු කල යුතු තැනදී ගුරු වරුන්ට බොක්කෙන්ම ගෞරවයත් අපි දුන්නා
    .............................................................................................................................
    @වීපොකුරෙ වීයා = ඔවු මචං සර්ගේ ගෙදර තමා . ගේ ඉදිරි පස කොටස නම් හොඳට හදලා තියෙන්නේ ඔය බැක් සයිඩ් එක ..මොනා වුණත් මේ ගුරුතුමාගේ හිත උඹ කීවා වගේ බොහොම පෝසත් නම් තමයි .
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි ..!!
    .............................................................................................................................
    @Gayan Rupasinghe = මචං ගයාන් කමෙන්ට් නොකලත් උඹලා එන යන විත්තිය මට තේරෙනවා . කියවලා පලයල්ලා මට ඒ හොඳටම ඇති . ස්තූතියි මචං සුබ පැතුමට
    .............................................................................................................................
    @Stewart =සුබ පැතුවට ගොඩක් ස්තූතියි යාළු .
    .............................................................................................................................
    @Praසන්ன = ප්‍රසන්න අයියා උඹ එදා ඉඳන් අද වෙනකම් මට හයිය දුන්නා ඒ හයියත් අවුරුදු තුන ගෙවාගෙන එන්ඩ මට නොසෑහෙන්න උදවු වුණා මචං .. ස්තූතියි
    .............................................................................................................................
    @Nimesh Gamage = ස්තූතියි මචෝ
    .............................................................................................................................
    @geeth = ගීත් ස්තූතියි උඹටත් . සුබ පැතුවට වගේම නිතරම කතා බහ කරලා ෆිට් එකේ ඉන්නව එකට
    .............................................................................................................................
    @Podi Kumarihami= ස්තූතියි සුන්දරී ..!!
    .............................................................................................................................
    @Naya = තැන්කිවු නයා . උඹලා එන නිසා තමයි තාම නවත්තන්නැතුං ලියන්නේ (අඩෝ මම නයි නලඟන ටයිප් එකෙක් නෙවෙයි ඈ)
    .............................................................................................................................
    @එස්. ඒ =බොක්කෙන්ම ස්තූතියි ඩී එස් ඒ

    ReplyDelete
  65. @ප්‍රියන්ත. = මගෙත් ඉස්කෝලේ ගිය අවුරුදු 12දී දෙයියෝ වගේ විදුහල්පති තුමන්ලා ගොඩක් මුණගැහිලා තියෙනවා මචන් . නපුරු අයත් හිටියා ඒත් ඒ උදවිය එහෙම හැසිරුනු එකේ වරදක් කියන්ඩත් බෑ . කොහොම නමුත් මචං උඹගේ සුබපැතීමට බොහොම ස්තූතියි
    .............................................................................................................................
    @cjgayan = ජය වේවා !!
    .............................................................................................................................
    @රෙහානි = ඔයා මට සුබපතන්න මෙහේ ආපු අතරේ මම ඔයාට සුබපතන්න ඒ පැත්තට ගියා . පිටපත පිච්චුවේ අපි ඉන්න තැන නම් ගින්දරට අත දාලා හරි මම ඒක අරගෙන එනවා .. රිපිටා නම් මසුරං ඩයල් එකක් තමා ඒක හැමෝම කියන දෙයක් සහෝදරී ..ස්තූතියි ඔයාගේ සුබ පැතීමට
    .............................................................................................................................
    @Thilina Dhananjaya =ස්තූතියි කොල්ලෝ උඹලා කියවනකල් මම ලියනවා මචං ..
    .............................................................................................................................
    @Asanka Rubasinghe = මචා . මෙච්චර කාලයක් ඇදගෙන ආවේ උඹලා වගේ කියෝන ඈයෝ මට දුන්නු සප් එක නිසාමයි . අපේ ඉංග්‍රීසි මහත්තයා තාම මේ පලාතේ ඉස්කෝලෙක ඉන්නවා මං හිතන්නේ සිංහල සර් දැන් පැන්ෂොන් ගිහින්
    .............................................................................................................................
    @Gimhani = ඉතින් ඉතින් ඔයාව දැක්ක කල් . දැක්කත් සතුටුයි ස්තූතියි ආවට සුබපැතුවට
    .............................................................................................................................
    @හිරු = හැබෑව හැබෑව . මටනම් වෙච්ච දේවල් වල හැටියට ඉංග්‍රීසියත් එක්ක තියෙන්නේ මහ පුදුම වෛරයක් අම්මප හිරු
    .............................................................................................................................
    @ItalyDilan = බොක්ක තමයි මචං . උඹලට දැනුනානම් මට ඒ ඇති ඊට එහා දෙයක් එපා මට .. ස්තූතියි මචං සුබ පතලා ගියාට
    .............................................................................................................................
    @දිනුක = ස්තූතියි මචං බොකු බඩවැල් හෑම එකකින්ම
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි මචං බොක්ක තමයි
    .............................................................................................................................
    @Mayya = ඔයට තේරුනා . ඇත්තටම මටත් හිතෙනවා අපේ ඇජෙන්ඩා ගුරුපියා තරුණ වයසේ නිසා එයාටත් පොඩ්ඩක් කේන්ති යනවා කියලා . අපිත් ඉතින් විසේ කාලෙ නිසා පොඩ්ඩක් අවුල් ගියා .. දෙන්නටම එකම හැන්දෙන් බෙදුවා නම් අද මමත් සුද්දෙක් .. ස්තූතියි ඔයාට
    .............................................................................................................................
    @sisira warnakulasooriya = කමෙන්ට් මොනාට මල්ලී ..උඹලා එන යන එක කියවන එක මට මසුරං වටිනවා . සුබපැතුවට ස්තූතියි
    .............................................................................................................................
    @Henry Blogwalker= මචං මෙතන වරද ඉතින් අපේ තමයි ඇයි ඉතින් ඉවසීමක් නැති මද කිපෙන කාලෙනේ බං හරි වැරදි හොයන්නේ බලන්නේ නෑ අපි ඒ කාලෙට ..උඹ හරි නාට්ටිය ආයේ පටන්ගන්න හැකි ඒත් මමයි රිපිටයි තරිඳුයි විතරයි දැන් ගමේ ඉන්නේ අනෙක් එවුන් ඉන්නවා ඒත් උන්ට උදේට කාපු බීපුවා වත් මතක නෑ මචං මම හිතාගත්තා වැඩේ ආයේ පටන්ගන්න බලමුකෝ .. ස්තූතියි මචං
    .............................................................................................................................
    @sanduni nangi = ඔවු සඳුනි අපේ සිංහල සර් ඔය සිදුවීමෙන් පස්සේ පැන්ෂන්ගියා . ඒතරම්ම වයසකුත් නෑ තාම හිතින් පට්ට තරුණයා .. ඉතින් ස්තූතියි සුබපැතුවාට
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි ඇනෝ ..
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි බොක්කෙන්ම
    .............................................................................................................................
    @චූටි = කමෙන්ට් නැතුවාට කමන්නෑ චුටි ආවා ගියා කියෙවුවා නම් මට ඒ ඇති ..ස්තූතිය්

    ReplyDelete
  66. @rawana = ස්තූතියි මචං ..
    .............................................................................................................................
    @ගාලු කොල්ල්ලා = ජයෙන් ජය මචං!!
    .............................................................................................................................
    @Sanka Ranawaka = රිපිටා මචං මගේ මොන්ටි සෝරි කාලෙටත් වඩා පරණ යාළුවෙක් . . බලමු බලමු මගෙත් හිත මේ අවුරුද්දේ එල කැඩෙන්න බ්ලොග් එක පිරෙන්ඩ ලියන්ම ..
    .............................................................................................................................
    @කෝරලේ මහත්තයා = ස්තූතියි කෝරලේ මහත්තයා !!
    .............................................................................................................................
    @සුදීක = ජයවේවා සුදීක අයියා . උඹ හරි ඒත් මට බැරි වුණේම ඉංග්‍රීසියට හැඩ ගැහෙන්න . මම තාමත් ඒ බාසාව ඉගෙන ගන්නවා එ කාලේ ඉගෙන ගන්න බැරි වුණ ඒ බාසාව දැන් නම් මම ගොඩක් දුරට අල්ලගත්තා
    .............................................................................................................................
    @දුමී = ස්තූතියි දුමි අයියා . උඹගේ බ්ලොග් එකත් ආයේ පනගහල ලියන්ඩ පටන් ගනින් හිනා නොවී ඉඳලාම මගේ කටත් දැන් ලොප් වෙලා මචං යේ කට කහන කතා ටිකක් දාපං
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි මචං දිගටම ලියන්නයි හිතාන ඉන්නේ
    .............................................................................................................................
    @Manoj Fernando = අපි ඒමයි මනෝ . අපිව ගෝලයෝ කරගන්ඩ තාම මිනිස්සු බය ඒකයි .අපි ආවොත් පැත්තක් යනවානේ ඒකයි
    .............................................................................................................................
    @චමී4යූ~chami4u = මොනා කරන්නද බං ඇජෙන්ඩා මහත්තයත් තරුණයා නිසා පොඩ්ඩක් මලපයිනවා වැඩියි .

    @JH = බොක්කෙන්ම ස්තූතියි මචෝ

    @Anonymous = අනිවා මචං දිගටම ලියන්නයි ඉන්නේ

    @sameera = පොර අමාරුවේ වැටුන අවස්තා කීපයකුත් නැතුවම නොවෙයි ඒත් හරි නෑනේ බං .. නැත්තං මං ඒ සිද්දි ටිකත් මෙහෙම්ම ලියාලා දානවා
    @mekuwi = මාසෙකට හතක් දාන එක නම් දැන් මට කරන්නම බැරි වැඩක් යාළු ..බලමු මාසෙකට පහක්වත් ලියාගන්ඩ පුලුවන් වේවිද කියලා .
    ස්තූතියි අදහසට

    @kkroxc = උඹලා ඇව්දිල්ලා කියවලා යන නිසා තමා මේ අද්දැකීම් මට ආයේ ආයේ මතකෙට එන්නේ .ස්තූතියි උඹලට .. ජයවේවා මචං !

    @හසරැල් = ඉතින් ඒක ලියමු .. මොටද මචං මතකෙට එන ඒවා අමතක වෙන්ඩ අරින්නේ එවුවා බෙදා ගම්මු

    @Ajith Jayasinghe = බොහොම ස්තූතියි .

    ReplyDelete
  67. @නාඩියා නාඩිරත්න = ස්තූතියි මචං උඹල කියවන නිසා තමයි මම නීරස කතා අතරින් රස එවුවා හොයලා තෝරලා ලියන්නේ
    .............................................................................................................................
    @වර්ෂා = බොහොම ස්තූතියි වර්ෂා ලස්සන සුබපැතුමක් දිලා හයියක් දීලා ගියාට . ඔයාටත් ජයෙන් ජයම වෙච්චාවේ !!
    .............................................................................................................................
    @සිරාගේ කාමරේ = අනිවා වරෙන් සිරා අයියේ . එකවතාවකුත් අවුදින් උඹලා තකහනියක්ම ගියානේ . ආයෙත් වරෙන් මෙදා පාර ඉතින් කඩි මුඩියේ යන්ඩ නෙවෙයි හීන් සීරුවේ පොඩි දවසක් ඉඳලා යන්ඩ බලාගෙන වරෙවු.. ස්තූතියි මචං
    .............................................................................................................................
    @තරු = අඩේ ඒ කාලේ මට ෆෝන් එක නෑ තිබ්බා නම් ඒ වැඩේම වෙන්නත් ඉඩ තිබ්බා .. මට මේ ලඟදි උනා ඔය වගේ වැඩක් මම ගැහුවා මචං ඩොංගල් එකෙන් කොල්ලෙකුට ..ඕං බලහංකෝ සිහිය නැතුව කරන වැඩ
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි මචං .. උඹටත් ජයම වේවා !!
    .............................................................................................................................
    @pandukabaya = ස්තූතියි මචං සිංහල ගුරු මහත්තයා නම් දෙයියෙක්ම තමා තාමත් අපි ගෙදර ගියාම අපිට සලකන්නේ බොහොම ආදරෙන්
    .............................................................................................................................
    @Chathuranga Priyashad = 300ක් නම් බැරි වෙයි මචං ඒ වුණත් බලමු තව පුලුවන් කාලයක් යනකම් මොනා හරි කරගෙන ඉන්ඩ
    .............................................................................................................................
    @Dinesh = හොඳ තැනකට මම ආවෙ උඹලා මාව එතනට ගෙනද්දාපු නිසා දිනේශ් ..උඹලා එනකම් මම ලියනාවා උඹ එදා ඉඳන් මට සප් එක දුන්නා මට ඒක අමතක නෑ
    .............................................................................................................................
    @සුදර්ශන ලියනගේ = ස්තූතියි මචෝ .. උඹලගේ වචන හයියක් ඒ නිසයි මේ තාම ලියන්නේ
    .............................................................................................................................
    @Sajith Lab =ඔයාටත් බොක්කෙන්ම. ස්තූතියි සුබපැතුවාට ..!!
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි මචං කමෙන්ට් නොකලත් අවුලක් නෑ උඹලා කියවන එක මට ඇති ..
    .............................................................................................................................
    @දඟ මල්ල = අනිවා යාළු අසෝක සර් උතුම් මිනිහෙක් අපි අදටත් ඒ ගෙදර ගිහින් එයා එක්ක කතා බහ කරලා ආතල් එකේ ඉඳලා එන්නේ ඒ මනුස්සයාගේ ගුනේ අපිට තේරුණු නිසයි . ස්තූතියි ඔයාටත්
    .............................................................................................................................
    @Anonymous = ජයම වේවා මචන්
    .............................................................................................................................
    @kanchana hemal = මට මෙන දේවල් ඒ විදිහටම බ්ලොග් එකේ ලියන එක දැන් පුරුද්දක් වෙලා . කියවන උදවිය බොහොම ආසාවෙන් කියවන නිසාම තව තවත් ඒ දේවල් ලියන්න මට හිත දෙනවා . ඉතින් තාමත් ඔහේ මම ලියාගෙන යනවා . ගොඩක් ස්තූතියි දැනෙන කමෙන්ට් එකක් දුන්නට . මම උත්සාහ කරනවා මාසෙකට පෝස්ට් වැඩි ගානක් ලියන්න ..

    ReplyDelete
  68. අද තමා අවසාන කොටස් දෙකම එකට කියවලා දාන්න උනේ... ඊයේ පෙරේදා දෙකේ වැඩ වැඩි වෙලා බ්ලොග් කියවන්න උනේ නැහැ...

    කථාව ගැන කියනවනං රසවත්කම ආරස්සා වෙන්න ඕනම සිද්ධියක් කැටයං දාලා මෙහෙම ලියන්න තියෙන උඹේ හැකියාව අති සුපිරියි...
    කතාවේ අන්තර් ගතේ ගැන කියනවනං උඹලගේ නින්ජා කෝස් එක මල් මසුරං.. හැබැයි ඔයිටත් හොදා කට්ටියත් එක්කලා අර ගුරාගේ හෙංචයියට වේදිකාව උඩම නෙළුවනං ගුරාට උණ ගැනෙන්නත් එක්කලා... ඌ දක්ෂ ගුරෙක් වෙන්න ඇති.. ඒත් තුට්ටු දෙකේ පීචං බුවෙක්... ගුරු නිවාසෙන් ලයිට් එකක් දෙන්න බෑ කිව්ව තැන හිටලා.. පිටින් එවුන් ගෙනල්ලා ගෝලයින්ට සත්තම දාන්න ඌ මොන හුකමන්තෙක්ද..? උගේ හෙංචයියට ගහලා..මදිනං ගුරා කියලා නොබලා ඕකටත් නෙළුවනං හරි...
    අනිත් අතින් අර අහිංසක සිංහල ගුරුවරයාගේ වැද වැටීම ගැන පුදුම දුකක් හිතුනේ... කොන්ද පණ නැති උඹලගේ පිනාටත් ගල් පාරක් අරින්න තිබුනේ..
    තලගොයි සාත්තුවනං සුපිරි... දැන් ඉතිං අපේ එකාලත් තලගොයි හොයන්න යයි වලියක් ගිය ගමන්.. :D

    අවසාන වශයෙන් ඈත එපිට කාස්ටක ගම්මානෙක ඉපදිලා.. ඒ කාස්ටකේම හැදිලා වැඩිලා කරකුට්ටං උන... පළාතේ හැටියට.. මිනිස්සුන්ගේ හැටියට අත්දැකීම් අරගෙන... බොහෝමයක් දුෂ්කර දේවල් වලට මුහුණ දිලා.. ඒ හැම දුෂ්කරතාවයක්ම අවසානයේ බොහෝම අලංකාර විදියට හැඉ වැඩ දාලා මුළු රටක්.. ලෝකයක් කියවන මට්ටමට ගෙනල්ලා.. කැලෑවේ පිපිලා කැලෑවටම පර වෙලා නොයා... ලෝකයක් දැන හදුන ගත්ත උඹ.. ඒ ලෝකෙට කතා කරන්න හදාගත්ත මාර්ගය වෙච්චි මේ බ්ලොග් එකට අවුරුදු 3ක් පිරෙනවා කියන්නේ බ්ලොග් ලියන කියවන අපි කාටත් සතුටක් ගෙන දෙන දෙයක්... ඒ වගේම මං දකින විදියට සිංහල බ්ලොග් අවකාසේ අංක එකක් ගැන කවුරු හරි කතා කරනවනං.. ඒ අංක එකේ වැඩිම කාලයක උරුමක්කාරයා උඹ.. කිසිම කෙනෙකුට උඹට අයිති ඒ ගෞරවය උඹෙන් උදුරගන්න කවදාවත්ම බැහැ මල්ලියේ... ඒ වගේම හැම එකා එක්කම හොඳින් කතා බහ කරලා.. වලි දාගන්නේ නැතිව උඹ යන ගමන බොහෝමත්ම අපූරුයි... මුල ඉඳලම උඹේ ලිපි කොහොම හරි කියෝපු එකෙක් හැටියට.. උඹගේ මේ සංධිස්ථානේ දිහා බලලා බොහෝමත්ම සතුටු වෙන එකෙක් මම...

    තව තවත් ඉදිරියට මේ බ්ලොගය කරගෙන යන්නත්.. බ්ලොග් වලින් එපිට ලෝකෙයත් උඹේ කතා රස විදින්න අවස්ථාව ලබා දෙන්නත් උඹට හැකියාව ලැබේවා... ඈත එපිට කටුක ගමක කාස්ටකේ හැදුන කෙස්ටු කොලුවාගේ කතාව අදටත් වඩා හෙට දවසේ මුළු මහත් ලෝකයක් ආසාවෙන් කියවත්වා..!
    උඹට සුභ පැතුම්...

    ReplyDelete
  69. @මාරයාගේ හෝරාව =බොහොම ස්තූතියි ලොකු අයියා . උඹ එදා ඉඳන් මට උපදෙස් දුන්නා . මම ලියන එවුව කියෙවුවා . අමාරුවේ වැටෙන්න ගිය වෙලාවලදී කෝල් කරලා හිටං පාර පෙන්නුවා .. මට එවුවා අමතක නෑ බං . උඹගෙන් ඔය වගේ සුබපැතුමක් ආපු එක මට ගොඩක් වටිනවා . උඹ කීව දේ පොඩි අවුලක් කියලා තියෙන්නේ මම කෙට්ටු නැති එක විතරයි . දැන් මචං මම පුෂ්ටිමත් කොල්ලෙක් ...

    ReplyDelete
  70. අවුරුදු තුනට සුභ පැතුම් සඳරු. කතාවෙ කළු,සුදු නැති අළු චරිත තමා ඔක්කොම. සමහර විට ඒ ලියල තියෙන විදිහත් නිසා වෙන්නැති. චරිත වල තියෙන 'අළු' පාට සඳරුගෙ, හැම කතාවකදීම වගේ මේකෙත් පේනව. මේ විදිහට කැටයම් දාල තව බොහෝ කාලයක් ලියන්න උනන්දුව තිබේවා කියල ප්‍රර්ථනා කරනව :)

    ReplyDelete
  71. සඳරු මල්ලී, කතාව නම් හැමදාම වගේම ලස්සනට ලියලා තියෙනවා...
    ගුරුවරයෙක් කියන්නෙ රටක අනාගත පරපුරක් ගොඩනඟන වැඳුම් පිඳුම් ලබන චරිතයක්. ඇජෙන්ඩා සර් වගේ මිනිස්සු ඒ වගේ උතුම් තනතුරකට කොහෙත්ම සුදුසු නැහැ.ලමයින්ගෙ වැරදිවලට ගුරුවරයෙක් දඬුවම් කරන්න ඔනේ. ඒත් මේ වගේ පිට මිනිස්සු ගෙන්නලා මැර පාට් දාලා ලමයි කරන හොඳ වැඩක් කඩාකප්පල් කරලා ඇජෙන්ඩා සර් කරලා තියෙන්නෙ හරිම අසික්කිත වැඩක්...

    අවුරුදු 3ක් අපිව හිනස්සලා, දුක හිතවලා, හිතල බලන්න දෙයක් අපේ ඔලුවලට දීලා හිස් අහසේ ලියවුනු රස කතා ඒවගේම ඉදිරියටත් තව තවත් රසට ලියවේවා.... කොමෙන්ට් කොලේ නැති වුනාට හිස් අහසේ කතා මං ආසාවෙන් කියෙව්වා.. හිස් අහසට මගේ හදපිරි උනුසුම් සුබ පැතුම්...!!

    ReplyDelete
  72. කවුරු මොනවා කිව්වත් මට නම් උඹලගේ සිංහල සර් රත්තරන් මණුස්සයෙක්.

    ReplyDelete
  73. කාලෙකින් මේ පැත්තෙ ආවේ! කතා ගොඩක් කියෙව්වා මචං! නියමයි! හොඳට ආතල් එක ගත්තා! අවුරුදු 3කට උඹට නියම සෙට් එකක් එකතු වෙලා තියනවා! සුපිරි! ඕන එකක්! දිගටම ලියපං! උඹට ජය පතනවා මචෝ! නියමයි!

    ReplyDelete
  74. අන්තිම කොටස කියෙව්වෙ අද....සුභ පැතුම් බ්ලොග් එකේ උපන් දිනේටත්..වෙනද වගේම කියන්න තියෙන්නේ සුපිරියි කියන එක තමයි..ජීවන අත්දැකීම් අනිත් අයට දැනෙන විදියට ලෙසටම ලියන ලියපු බ්ලොග් කාරයො ටික මම දැක්ක විදියට පිළීවෙළට මෙතන ලියන්නම්.....
    1) සඳරු(උඹ)
    2) මාරයා
    3) අකේලේ හම් දිනේෂ් (මූ දැන් අන්තර්දාන වෙලා..)
    4)බුද්ධි( කෙසෙල් කොටුවෙ චූටි මහත්තයා)
    5) රත්ගමයා
    6) සිරකරුවා
    7) ඉලන්දාරියා (අප අතරින් සමුගත් බ්ලොග් මිතුරා)
    8)නදී (ගලායන ජීවිතය)
    9) සොදුරු සිත (වත්සලා)
    10) පූසා (වීදුරු ගෙවල්)
    11) බ්ලොග් ගඩොල් පුරු පුරු
    12) රාජ් (රාජ්ගේ සිතුවිලි)
    13) මහ වෙදනා
    14) මාතලන්
    15) වැප් නිශාන්ත
    ...
    ...
    ...

    ReplyDelete
  75. සුභ පැතුම් මචෝ... නමින්දුවාගේ බුල්ඩෝසර් කවිය කියවද්දී නාට්ටිය බාගෙට බලපු මිනිස්සු අතරේ මාත් හිටියා වගේ දැනුනා...

    උඹලාගේ රිපීටලාගේ ජීවිත මෙච්චර හැපනින්(සිංහල වචනයක් ආවේ නෑ :) ) උඹලා හෙට මොනවා වෙයිද කියලා බය වෙන්නේ නැතුව අද දවස උපරිමෙන් ජීවත් වෙන හින්දා වෙන්න ඇති... ඒ ගැන ඊරිසියයි...

    ReplyDelete
  76. පිටින් ඉඳන් බලනකොට හරියි වැරදියි කියලා අපිට හිතෙන අවස්ථා ගණනාවක් තිබ්බට, සමහර විට ඒ කාලය සහ පරිසරය අනුව මේ දේවල් වලට අපිත් මූණ දුන්නා නම් වැඩි වෙනසක් හිටින එකක් නැහැ. අවසාන රඟපෑම කියන එක කියන්න දැන්ම කල් වැඩියි... සමහරවිට කොලනිකාරයෝ පහු කාලෙක එළි දකීවිද කියන්න බැහැනේ...

    තුන් අවුරුද්දට සුභ පැතුම්..... ඉතා ආසාවෙන් කියවන බ්ලොගයක් මේක

    ReplyDelete
  77. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. මම හරිම කම්මැලියි කමෙන්ට් ලියන්න. ඒක වස නරකයි.. ඒත් හිස් අහස කියවනවා. හැකි හැම විටම ජය

    ReplyDelete
  78. සදරුවා, මම කවදාවත් නවකතාවක් කෙටිකතාවක් තියා කතන්දර පොතක්වත් කියවන්න ප්‍රියක් ඇති එකෙක් නොමෙයි බං. ඒත් උඹ ලියන කතා,කයි කතන්දර ඔක්කම මම කියවනව. එලස් අවුරුදු තුනට මගෙන් සුබපැතුම්....

    ReplyDelete
  79. මං උඹට සුබපතනවා පුතා.. බ්ලොග් කලාව වගේම උඹේ ජීවිතෙත් පලදරනවා කියල අහන්න අපිට ලැබේවි කියල හිතනවා පතනවා.

    ReplyDelete
  80. ඔක්කොම පෝස්ට් කියෙව්වා
    ලස්සනට ලියලා තියෙනවා
    දිගටම ලියන්න අයියේ. මම සුබ පතනවා

    ReplyDelete
  81. aiye thawa kathawak ikmanatama danna.oyage kathanam niyamai.jayawewa

    ReplyDelete
  82. hamadama wage niyamai kathawa.thawa kathawak ikmanata daanna aiye.jayawewa

    ReplyDelete
  83. හොඳ ගුරුවරයෙක්, සිංහල සර්

    ReplyDelete
  84. මම මේ බ්ලොග් එකට අලුත්.මම මේක දැක්කේ දවස් දෙකකට තුනකට විතර කලින්.එදා ඉඳලා අද වෙනකම් ඔෆිස් එකේ වැඩක්වත් හරියට කරන්නේ නැතිව මේක කියෙවුවා. ඇත්තටම මමත් ඒ දවස් ටිකේ සඳරුවන් වගේම අම්පාරේ (මම හිතන්නේ උහන ) ජීවත් වුනා කිවුවොත් තමා හරි. ඇත්තටම අපි කාටවත් නොතිවුණ සුන්දර ලමා කාලයක් ඔයාට තිබිලා තියෙනවා. ඊරිසියා කරන්න දෙයක් නෑ. පැහැදිලිවම සතුටුයි. ඔයාට ජයෙන් ජයම වේවා සහෝදරයා. අද ඉඳලා මමත් මේකේ යාව ජීව සාමාජිකයෙක්........

    ReplyDelete
  85. නියමයි සඳරු.... සුපිරි කතාව....
    හැම කතාවක් අවසානයේම කෙලවීමක් තිබුනත් ජයෙන් ජයම වේවා කියල මම උඹට සුබ පතනවා...
    ඒ වගේම මගේ උණුසුම සුබපැතුම් අවුරුදු තුනට....
    දිගටම ලියහන්.... හෙමෝම කැමති උඹේ කතා අහන්ඩ...

    ReplyDelete
  86. නාට්‍යයේ කවි තුනෙන් නැඟෙන උපහාස රසය හරි අගෙයි..

    වෙනස් විදිහක කතාවක්.. ජන වහර භාවිතයත් අගෙයි.. මේ කතාව කොටස් වශයෙන් දිගට ම ලියන්න.. තමන් ව බද්ධ කර නොගෙන.. අන්තිමට හොඳ පොතක් හැදෙයි.. එක හුස්මට කියවා යා හැකි ලෙස ලියා තිබෙනවා.. මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  87. ela malaya. jaya wewa!!!

    ReplyDelete
  88. හුඟ කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් පස්සේ යන්නේ.. ඔයා ලියපුවා හෙමින් සැරේ බලන්න ඔනේ ..ඉස්සරනම් නොවරදවාම කියවනවා..ආයෙත් පටන් ගන්න ඕනේ

    ReplyDelete
  89. හප්පා! කේදාන්තයක් උනාට හිනාවෙලාම බඩත් රිදෙනවා :D
    මුළු කතාවම තවත් නාට්‍යයක් වගේ තමා...

    ReplyDelete
  90. අවුරුදු තුනක් පිරිලා කියලා දැන් දැක්කෙ හදවතින්ම සුභ පතනවා බ්ලොග් ලෝකෙ ජයගත්ත එක ගැන.මටත් ලියන්න ආසාවක් ඇති කලේ සඳරු අයියම තමයි තවමත් ඒකට ණයගැතියි.දිගටම යං ජය වේවා

    ReplyDelete
  91. ඇයි මචං දැන් ලියන්නැත්තේ

    ReplyDelete

තැන්කූ බං