28.11.13

මේඩින් චයිනා අවසන් කොටස


පලමු කොටසට මෙතනින් 

මාපිලා බෝක්කුව යට පෙරාපු මත් වතුර වල උකු ගතිය වැඩි නිසාම බෝතල් දෙක ඉවර වෙනකොට දෙන්නෙක්ම කට් වුණා . අපි කාටත් වඩා මාපිලා පානය බීපු චීනත් චීන සරුංඟලයක් වගේ ඔහේ කරකැවෙමින් උන්නා.තව මොහොතක් ගිය තැන මගෙත් ඔළුව කැරකැවෙන්න ගත්ත නිසාම මමත් බීම නතර කලා මාව අනුගමනය කල අනෙක් එවුන් හැමෝමත් තමන්ගේ ප්ලාස්ටික් කෝප්ප පොඩි කරලා වීසි කරලා ඉතිරි වෙච්ච මත් වතුර ටික අහකට හළලා දමවුවේ ගෙවල් බලා යන්ඩ හිතාගෙන .

අපරාදේ කියන්ඩ බෑ අපේ එවුන් පමණට බීව ගමන් එතනින් නැගිටලා ලෙස්සලා යන්ඩ බොහෝම කැමතියි .. නොකෑ නොබී එකා තමා දරණ ගහන්ඩ ඉන්නේ .! කාපු බීපු එකා යන්ඩ යනවා .. ඔන්න ඔය කියමන අපේ ගමේ උන් අතර බොහොම ප්‍රසිද්ධයි . ඒත් ගෙදර යන්ඩ කලියෙන් අපි කට්ටියම යාන්තමට එහාට මෙහාට වැනි වැනී සින්දුවක් දෙකක් කීවා . අපේ සිංහල සින්දු චීනාට නොතේරෙන නිසාම වෙනසකටත් එක්ක අපි කවුරුත් දන්න කියන චීන සින්දුවක් කීවා ..

ඉඟි මරන තරු රෑන කෝ
චිචිං
චුං චිචිං චූං චීනා කෝ
චැං
චුං චිං චුං චූං චීං චූං චීං
චූං
චෑං චීං චීනා කෝ ..

සින්දුව කටෙන් අහගෙන උන්නු අපේ චීන මිත්‍රයා යොන්ග් අපේ ගායන හැකියාව දකලා ඔකඳ වෙලා වැවේ වතුරට වමනේ කලා 

සර් අපි යං ..!

බඩු
වැඩි වගේ තේරුණ නිසා අපේ සෙට් එකේ එකෙක් යොන්ග්ට එහෙම කීවේ ඉංග්‍රීසියෙන් නම් නෙවේ අමු සිංහලෙන් . ඒත් ඌ කියාපු දේ ඉවෙන් වගෙන් තේරුම් ගත්ත නිසාද මන්දා අපේ චීන මිත්‍රයා පටස් ගාලා නැගිටලා දුම් වැටියකුත් දල්වාගෙන යන්න ලැහැත්ති වුණා . චීනා පඬියා වගේ පෙරමුණ ගත්ත නිසාම අපි කවුරුත් මිනිහගේ පස්සෙන් වැටුණා . අඟල් දෙකක් විතර වතුර පාරක් එපිටට ගලාන යන වැවේ දිය සෙවෙල් බැඳුණු පිට වාන දිගේ යොන්ග් හෙමින් හෙමින් අඩිය තියමින් යන හැටි පිටිපස්සෙම හිටපු මට හොඳටම පෙනුණේ රිපිටාගේ චීන ෆෝන් එකේ ටෝච් එළිය නිසයි .ඒත් අඩි කීපයක් ගිය තැන ජබුක් හඬක් මට ඇහුණ නිස මම කලබල වුණා ..

අඩේ අල්ලපං හු ..!

චීනාට
පිටුපසින් ගිය රිපිටා කෑගැහුව හඬට මම ආයෙත් ඉදිරිපස බැලුවේ ඉබේටම වගෙයි . හත්තිලවුවේ !! අපිත් එක්ක එකට බීපු අපේ චීන මිත්‍රයා යොන්ග් ඉස්පීල් එකෙන් පහළට වැටිලා මහ ඇල දිගේ ගහගෙන යනවා  ..

"මෙන්න ඉස්පීල් එකෙන් වැටුණෝ කොල්ලෝ !!

බීලා
හිටි අපේ උන් තරඟෙට කෑගැහුවා . ඒත් වතුරට පැනලා යොන්ග් ව හොයන්න හයියක් තියන කවුරුත් අපි අතරේ හිටියේ නෑ . කෙළින් ඇවිදගන්නවත් බැරි තත්වයට පත් වෙලා හිටි අපි කාටවත් ඒ මහා වතුර පාරට බහින්න තරම් හයියක් තිබුණේ නෑ . අපි කවුරුත් කලේ කෑගහපු එක විතරයි . ඒත් අපේ හඬ ඈහෙන මානෙක මාළු කාරයෙක් වත් නොහිටියේ ඒ වෙනෙකොට වෙලාව මැදියම් රැයත් පන්නලා ගෙවිලා යමින් තිබුණ නිසාම වෙන්නැති .

විනාඩි
කීපයක් ගත වුණ තැන අපිත් එක්ක උන්නු උපුලා සාක්කුව අතගාලා උගේ සන්තකේටම තිබුණ ෆෝන් එකයි මුදල් පසුම්බියයි මගේ අතේ තියලා වැනි වැනීම ගලාගෙන යන මහ වතුරට බැස්සා . අපිත් ඇල ඉවුර දිගේ වැටි වැටී දිවුවෙ ආයේ  අපේ චීන මිත්‍රයාගේ කහපාට මූණු ඩිංග බලාගන්න ලැබෙයිදෝ ? නොලැබෙයිදෝ? කියලා හිතන අතරෙයි .

කිලෝ
මීටරයක විතර දුරක් අපි මහ ඇල ඉවුරදිගේ දුවන්න ඇති . ඒත් යන්තම්වත් අපිට චීනාගේ සලකුණක් දැකගන්න බැරි වුණා . ඇල දිගේ පීනමින් ආපු උපුලාත් අමාරුවෙන් ඇල ඉවුරට ගොඩ වෙලා හති අරින්න පටන් ගත්තා .

වැටිච්ච පාරට ගලක වැදුනද දන්නෑ බං .. ?

හති
දම දම උපුලා කියද්දී මගේ ඇඟ හීතල වෙලා ගියා .දෙයියනේ චීනා මියැදුණොත් අපට ලේසි වෙන්නෑ . චීනේ අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නත් බැරි නෑ . ජීවිතාන්තේ දක්වා හිරේ විලංඟුවේ වැටෙන්නයි අපට සිද්ධ වෙන්නේ .. මාව වෙවුලලා ගියා ..

පැයක්
දෙකක් ගිය තැන ගමෙන් බාගයක්ම එවුන් අපිත් එක්ක එක්කාසු වෙලා වතුර පාර දිගේ දුවමින් ටෝච් එළි අල්ලමින් ගහගෙන යන චීනෙක් හොයමින් හිටියා . 119 පොලිස් ජීප් එකත් හිටි හැටියෙම එතනට කඩාපාත් වුණේ අපේ බොකු බඩවැල් හීතලෙන් ගල් කරවන අතරෙයි .

කවුද දැන් වැටුණ කෙනා එක්ක හිටපු අය ..?

119 ජීප්
එකේ ආපු තිලකරත්න සාම්මහත්තයා එහෙම අහනකොට අපි කවුරුත් උත්තර නොදී බිම බලාන හිටියා .. ඒත් අපේ සෙට් එකේ හිටපු උපුලා තෙත රෙදි ගසලා දමලා එක පාරම මෙහෙම කීවා ..

සර් වැටුණ කෙනා මාත් එක්ක ඩ්‍රින්ක් එකක් ගනිමින් හිටියේ .බන්ටෙකේ යනකොට එක පාරටම කකුල ලෙස්සලා වැටුණා . මගෙයි වැරැද්ද ? මම වතුරට බැහැලා බැලුවා හොයන්ඩ බැරි වුණා .

උපුලා
හමුදාවේ විශේෂ බලකායේ අවු14ක්ම සේවය කරලා ඉවත් වුණ එකෙක් . ඌට හොර බොරු දිවරන්නෙම නෑ . ඒක නිසාමයි ඌ අපි කාවවත් පාවලා නොදී තමන් විතරක්ම උන්නයි කියලා පොලීසියට කීවේ .

හ්ම් දැං තමුසෙලා ගෙදර යනවා වැටිච්චි චීනා අන්න යහතින් උගේ කාමරේ බුදි . තමුසෙලා මේ පොඩි දේටත් හෑන්ඩ් ෆෝන් එකේ අංක ඔබ ඔබා අපේ ලේ ටික පුච්චනවා .

අනේ සාම්මාත්තයා  චීනා කොහෙද උන්නේ ? අපෙ තව එකෙක් කඩිමුඩියේ එහෙම අහද්දී සාම්මාත්තයා ජීප් එකට ගොඩවෙන්න අඩිය ඉස්සුව විතරයි .

ඇලදිගේ හෙණ පහළට පාවෙලා ගිහිල්ලා ඩබල් බෝක්කුව දිහායින් කාපට් පාරට ගොඩ වෙලා ඇවිදින් පාරේ ගිය ආටා එකක් අරන් ආපහු ටවුන් ගිහිල්ලා නයිට් කඩෙන් සිගරට් පෙට්ටියකුත් බලෙන්ම අරගෙන  ආං දැං උගේ බෝඩිමේ බුදිලු තොපි පලයවු දෙයියනේ ගෙවල් වලට ..

මේ අපේ චීනා ..! යහතින්ද ? අඩා යමවු ඒකව බලලා එනඩ..!  මට ඉබේටම කියවුණා

බොල බල්ලෝ දැන් බීලා මෙතන නටන්නැතුං පල යන්ඩ .. දුප් .

පොලීසියේ
මහත්තයෙක් මාව වනලා තල්ලු කෙරුව නිසා මම ගිහින් රිපිටාගේ මූණේ හැප්පුණා .

මේ උපුල් තමුසේ නිසයි මම මෙවුංව අතාරින්නේ නැත්තං දනී මයෙ හැටි මං දන්නවා මුං සෙට් එක තමා ඔය ඉංජිනේරු මහත්තයාට බොන්ඩ දුන්නේ කියලා..!

තවත්
මහා සද්ද පූජාවකට පොලීසියේ මහත්තුරු මුලපුරනඩ කලියෙන් උපුලා අපිවත් ඇදගෙන හනි හනිකට එතනින් අහකට කැපුනා . හතරගාතෙන් වගේ රිපිටලාගේ ගෙදරට ගියපු අපි හැමෝම අපේ ගෙදර කියලා හිතාගෙන හිතේ හැටියට වත්ත වටේ වමනේ දාලා උගේ ගෙයි සිමෙන්ති පොළවේ හතරගාතේ දමලා නිදියෑවා .

පහුවදා
උදේ අපේ බේබදු මිත්‍රයෝ කීපදෙනාට නිදහසේ නිදියාගන්ඩ ඉඩ දීලා මමයි රිපිටයි දෙන්නා උදෙන්ම අවදි වෙලා අපේ චීන මිත්‍රයා යොන්ග් ගේ සැප දුක බලල එන්න උගේ බෝඩිමට ගියා . අපි යනකොටත් යොන්ග් ගෙයි ඇතුළේ තැන් තැන්වල තිබුණු වමනේ ගොඩවල් අයින් කරනවා ..එදා ඔළුව කැරකැවෙන ඇඟට පණ නැති මස්තබාල්දු උදෑසනක් වුණත් අපේ චීනා අපිව දැක්ක ගමන් ඉදිරියට දුවගෙන අවුදින්  ගුද් මූනිං ගුද් මූනිං .. කියලා අපිට සුබ පැතුවා ..

අයි හේට් දැට් ඩ්‍රින්ක් ..! එහෙම කියවුව චීනා වමනේ පිරිච්චි පෝච්චියක් අතින් අරගෙන ගිහින් එළියේ තිබුණු අළු කෙහෙල් පඳුරකක් මුලට හැළුවා . ඊට පස්සේ ගේ හෝදලා ඉවර කරලා මේසයක් උඩට නැගපු චීනා බිත්තියේ සවි කරලා තිබුණු ඒසී මැෂින් එකත් ඔන් කලා.පස්සේ සිගරට්ටුවක් එහෙම දල්වලා අපිටත් දීලා විනාඩි පාළොහක් විතර තටමලා තටමලා චීනා තමන්ට වෙච්ච අකරතැබ්බේ රිපිටාටයි මටයි දෙන්නටම බාගෙට චීන බාගෙට ඉංග්‍රීසි යන චිංග්ලිස් භාෂාවෙන් විස්තර කරවුවා . මගේ චීන මිත්‍රයා යොන්ග් ඒ මොහොතේ අපිට කීව කථාවේ පිරිසිදු සිංහල පරිවර්තනයක් මම පහළින් ඉදිරිපත් කරන්නම් .

වගේ බීමක් නම් මම ජීවිතේට බීලා නෑ ඉතින් මට නන්නපුක් වෙන්න වැදුණා ඒකයි මම ස්පීල් එකෙන් පහළ ඇළට වැටුණේ ඒත් අවුලක් නෑ මම ඉස්කෝලේ සුයිමිං චැම්පියන් කෙනෙක් . . මම ඇළෙන් ගොඩ වෙලා හීනෙන් වගේ නිච්චි නැතිව ඇවිදං යනකොට පාරදිගේ ත්‍රීවිල් එකක් ආවා . මම  ඒකට ගොඩ වුණේ බෝඩිමට එන්න හිතාගෙන ඒත් ටික දුරක් යද්දී මට තේරුණා මගේ සිගරට් සේරම පෙඟිලා කියලා . ඉතින් මම ඒ ත්‍රීවිලර් එකේම ටවුම පුරාම ගිහින් අන්තිමේට නයිට් කඩේට ගොඩ වුණා .. කඩේ තිබුණේ එකම එක සිගරට් පැකට් එකයි ඒක මට දෙන්න මුදලාලි කැමති වුණේ නෑ ඒත් මම බලෙන්ම මගේ ළඟ තිබුණු සේරෝම සල්ලි දීලා සිගරට් පැකට් එක අරගෙන ආයෙමත් ත්‍රීවිලර් එකේම මෙහේට ආවා ..

යකෝ වෙරි පිට සාක්කුවේ තිබ්බ දාහෙ කොළ මිටියම කඩේ මුදලාලියාට දෙන්න ඇති .. මූ මහ ගොනෙක් බං

රිපිටා
මට එහෙම කීවා..

සෝ වට් හැපන් .. දෙයා මම එහෙම අහපි

ත්‍රීවීලර් එකට සල්ලි දෙන්න බලනකොට මගේ අතේ සල්ලි නෑ . සිගරට් පැකට් එකට මගේ ගාව තිබුණු සල්ලි සේරෝම මම වෙරි පිටම දීපු නිසා මගේ ගාව ආයේ සල්ලි තිබුණේම නෑ .. වෙලාවේ තරහා ගියපු ත්‍රීවිලර් කාරයා උගේ කලිසමේ බෙල්ට් එක ගලවලා මට ගහන්න හැදුවා . ඉතින් ගුටි කන්ඩ බැරි නිසා මම මගේ අතේ තිබුණු මගේ වටිනා කියන ෆෝන් එක ඒ මිනිහට දීලා බේරිලා ආවා ..

යුවර් ෆෝන් ..හවු මච් ඉටි ඉස්..?

චීන්නුංගේ
ෆෝන් වල සුපිරි ගති ගුණ එදා ඉඳන්ම දන්න නිසයි මම එහෙම ඇහුවේ

අත්
දෙකේ ඇඟිලියි කකුල් දෙකේ ඇඟිලියි සේරෝම එක්කාසු කරලා චීනා කියන්න හදාපු විදිහට නම් ඒ ෆෝන් එක බොහොම වටින ෆෝන් එකක් . අඩුම ගානේ රුපියල් විසි තිස්දාහක්වත් වට්නවා .. ඒත් ඉතින් යොන්ග් ට ආයෙමත් ඒ ෆෝන් එක ඉල්ලන්න උවමනාවක් තිබුණෙත් නෑ .. සල්ලි කාරයෙක් නෙව ඒ නිසා අපිත් කට පියාගෙන උන්නා .

ඉතින්
ඔය සිදුවීම වෙලා තුන් දවසකට පස්සේ යොන්ග් ආපිට චීනෙට යන්ඩ කියලා අපි කාගෙනුත් සමු අරගෙන පිටත් වෙලා ගියා .දින කීපයක්ම හිතේ තදකරගෙන හිටපු සැලැස්මක් රිපිටා මාත් එක්ක කියාපෑවේ චීනා යන්න පිටත් වුණා දවසේමයි ..

මචං මේ අදම අපි ගිහින් නයිට් කඩේ මුදලාලිගෙනුයි .. අර ත්‍රීවිලර් කාරයාගෙනුයි චීනාගේ ෆෝන් එකයි සල්ලියි ඉල්ලගම්මු ..මේක අපිට දෙයියෝ දුන්න චෑන්ස් එකක් .

උන් අපිට දෙයිද එවුවා ?

මොකදෑ නැතුං ..? උන් විදේශිකයෙක් ගෙන් අසාධාරනව සල්ලි ගත්තු නිසා බයෙන් ඇත්තේ .. අපි මෙහෙම කරමු . මුලින්ම නයිට් කඩේට ගිහින් සිගරට්වල ගාන බේරලා ඉතිරි සල්ලි සේරෝම අපිදෙන්නා ඉල්ල ගම්මු . ඊටපස්සේ වීල් කාරයා හොයාගෙන ගිහින් උගේ හයර් එක තිතටම බේරලා ෆෝන් එක අරගෙන විකුණලා ගාන බෙදාගම්මු .. අපි කියමු චීනා තමයි අපිව එවුවේ කියලා ..ෆෝන් එකයි සල්ලි නොදුන්නොත් චීනා පොලීසි යාවි කියමු ..ඕකුං බයට දේවි ..

උඹගේ අදහස නම් . . .  . ජෙට් ආතල් බං !

අපි
එවේලෙම ගමේ මසුරං ස්ටෝස් එකෙන් ණයට ගත්තු පෙට්‍රොල් බාගෙකුත් බයික් එකට හලාගෙන චීනා සිගරට් ගත්තු නයිට් කඩේට ගියා .රෑට නයිට් කඩයක් වුණාට දවස පුරාම ඒ කඩේ ඇරලා තිබුණු නිසා අපිට කඩේ මුදලාලියාව හමුවෙන එක ඒ හැටි අමාරු වුණේ නෑ .

මුදලාලි බී26 පාර හදපු චීන ඉංජිනේරු මහත්තය තමා අපිව එවුවේ . එයා සිගරට් පැකට් එකක් අරගෙන ඉතිරි සල්ලි සෑහෙන ගාණක් මෙහේ තියලා ගියා කීවා .. අපි කීවා එවුවා ඉල්ලං එන්ඩ කියල ..

මොක කීවා ?

දැං කී එක තමා ..ඉතිරි සල්ලි දෙන්ඩ ..

මුදලාලි
ඉනේ අත තියාගෙන අපි දිහෑ රවලා බැලුවා ..ඉතින් මට නම් තේරුණා අවුලක් අත ළඟම බව

මේ අයිසෙලා..! ඔය කියන චීනා කඩේට ඇවිල්ලා බිත්තර රොටි පහක් කාලා සිගරට් තුනක් අරන් සිගරට් දෙකක සල්ලි මට දීලා ත්‍රීවීලර් එකට ගියා ගියාමයි ඌ ආයේ ආවේ නෑ .. ඔහේලා උගේ යාළුවෝ නම් ඔහේලා මගෙ සල්ලි දෙන්ඩ .

රිපිටයි
මමයි මූණෙන් මූණ බලාගත්තා ..

අනේ මුදලාලි ඕකා අපෙත් සල්ලි වගයක් අරගත්තා .. අපිට කීවා මෙහෙ ඉතිරි සල්ලි වගයක් ඇති එවුවා ඉල්ලගන්ඩ කියලා ..බලන්ඩ ඉතින් මෙහෙමත් චීන්නු නේද ?

ඒකනේ කියන්නේ දරුවෝ ඕකුං මේ රටට අවුදින් මේ රටට ණය දීලා බාගෙට පාරවල් හදලා අපිවත් කොටවලානේ යන්නේ කොහෙද මේ රජෙයේ වැරදි මෙවුවා ..
 

මම
තැනට සුදුසු නුවන පාවිච්චි කරලා පචයක් කෙළිය නිසා ආණ්ඩු විරෝධී මුදලාලියා අපිගැන අනුකම්පා කෙරුවා .. නිසාම අපිට යහතින් ඒ කඩෙන් එළියට එන්ඩ හැකි වුණා ..

යකෝ මාර වැඩක්නේ ..? දැන් මොකද කරන්නේ අපරාදේ මෙහේ එන්ඩ ගහපු පෙට්‍රොල් .. රිපිටා කලබල වෙලා ..

ආපු එකේ චීනාගේ ෆෝන් එකවත් අරගම්මු බං ..

මම
එහෙම කියාපු නිසා අපි දෙන්නා ආයෙමත් ත්‍රීවීලර් පාක් එක දිහාවට ගෑටුවා .. වීල් පාක් එකේ කොල්ලෝ කීපදෙනෙක් අපි අඳුනනවා ඒ නිසා බය නැතුං අපි වීල් පාක් එක අතුළටම බයික් එක දමලා නතර කෙරුවා ..

අඩෝ අපේ පාරෙ වැඩ කරන චීන ඉංජිනේරු මහත්තයෙක් හයර් එකට සල්ලි මදිවෙලා ආටා එකේ එකෙකුට ෆෝන් එක දීලා ඇවිල්ලා ඒ ෆෝන් එක ගත්තු එකාගෙන් ඒක ආපිට ඉල්ලගෙන යන්නයි අපි ආවේ .. කවුද ගත්තේ ෆෝන් එක .! මම බයික්කෙන් බහින්නෙත් නැතිව සද්දයක් දැම්මා ..

ෆෝන් එක මං ගත්තේ ! ඇයි මොකෝ ?

හයේ
හතරේ ඇඟක් තිබ්බ 18 හන්දියේ ඇල්බා අපි ළඟට කිට්ටු වුණා .. රිපිටා හීං සීරුවේ බයික්කෙන් බිමට බැහැගත්තා ..

මේ මචං ෆෝන් එක අපි ගෙනියන්න ආවේ .. උඹගේ හයර් එක දෙන්නම් ..ෆෝන් එක දියන් ..

හයර් එක හාරසිය පනහයි ..

ත්‍රීවිලර්
එක ඇතුළෙන් ගෙනාපු ෆෝන් එක ඇල්බා මගේ අතින් තිබ්බා .. ඉඳා ..

මේ මොකක්ද බොලේ මේ .. ?

රිපිටයි
මමයි ඒ අරුම පුදුම ෆෝන් එක දැකලා අන්ඳුන් කුන්ඳුන් වුණා .. මම චීන ෆෝන් අනන්තවත් දැකලා තිවුනා වුණත් උපන් හඳවියකට එහෙවු චීන ෆෝන් එකක්නම් දැකලා නෑ ..

මේක රිමෝට් එකක් නේද ? යන්තම් සිහි එලෝගත්තු මම ඇල්බාගෙන් ඇහුවා ..

ඔවු යකෝ මේක ඒසී එකක රිමෝට් එකක් . අර වේ# බල්ලා චීනා මට කළුවරේදීලා තියෙන්නේ මේකනේ..! කලබලෙන් හිටි නිසා මමත් ගත්තු ගමන් මේක වීල් එකේ හංඟවුවා.. ඒකෙන් මේකෙන් වැඩක් නෑ හයර් එක දියන් ..

ඇල්බාගේ
ගොරහැඩි හඬ අතරින් මට මතක් වුණා . චීනා උගේ කාමරේ සවිකරලා තිබුණු ඒසී මැෂින් එක එදා මේසයක් උඩ නගලා අතින් ක්‍රියාත්මක කලේ මොකද කියලා එහෙනම් මේ hu##ගේ චීනා මුලු වැවුගම්පත්තුවම ඇන්ඳුවා ..ඉතින් ඇල්බාට දෙන්න අපි ගාව සල්ලි තිබුණේ නෑ .. ඒකෙන් මේකෙන් කතාව දුර දිග ගිහින් අපි එතන ගෝරියකුත් දාගෙන රිපිටාගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩියකුත් නැති කරගෙන උපක්‍රම ශීලීව අපේ ගමට පසුබැස්සා ..

ආටා
එකේ හයර් එක දෙනතුරු වීල් පාක් එකේ එවුන් රිපිටාගේ බයික් එකේ සයිඩ් කණ්ණාඩිය ඇපේට තියාගත්තු නිසා රිපිටා හිටියේ බොහොම දුකින් .. ඒත් අපි ගමට ආපු ගමන් අපිට වෙච්ච කරදරය අහලා එකසිය හැටට කෝපගත්තු අපේ උපුල් අයියා එවෙලෙම ත්‍රීවිලර් පාක් එකට ගිහින් ඇල්බාව උස්සලා පොළවේ ගහලා රිපිටාගේ සයිඩ් කණ්ණාඩිය ආයේ අරගෙන ආපු නිසා අපේ ප්‍රශ්න නිමා වුණා .. අන්තිමේදී හැමදාමත් වගේ මතක් කරලා හිනාවෙන්න කතාවක් සහ චීනා හදාපු කාපට් පාර විතරක්ම අපිට ඉතිරි වුණා ..

කපටි
කෛරාටික චීනා අපෙන් සමු අරගෙන ගියේ චීනෙට ගිහින් අපිට විවිධාකාරයේ තෑගි එවන බවට පොරොන්දු වෙමිනුයි . රිපිටාට ඉලෙක්ට්‍රික් ගිටාරයකුත් , මට ලැප්ටොප් පරිගණකයකුත් , ජානකට ඩෙක් සූස් දෙකකුත් , කුරුට්ටාට සහ උපුල් අයියාට හොඳ ජංගම දුරකථන දෙකකුත් , මුදියංසේ මාමට කරන්ටෙකෙන් රැවුල බාන රේසරයකුත් , වනිගෙ අයියාට කැමරාවකුත් , ආදී වශයෙන් තෑගි ගොඩක් එවන්ඩ මේ චීනා පොරොන්දු වුණා .. ඒත් අද වෙනකම්ම ඒ තෑගි තබා අපේ චීනාගේ මයිලක්වත් මම ඇහැට දැක්කේ නෑ ..
කරන්ටෙකෙන්
රැවුල බාගන්න හීන දකිමින් ඉඳලා ඒ ඉලෙක්ට්‍රොනික් රේසරේ කිසිමදාක නොලැබෙන බව සහතික වුණාම හිත හොඳටෝම රිද්දා ගත්තු මුදියංසේ මාමා නිතරෝම කීව එක කතාවක් මට හොඳට මතකයි ..

දෙයියම්පා මුං චීන්නු නෙවෙයි. මුං චයින්නු !

60 comments:

  1. elatama liyala tinawa....

    ReplyDelete
  2. අඩේ දැන් කාලේ චීන්නුත් ලංකාවේ උන් වගේම හෙන ඇඩ්වාන්ස්නේ..., ෂුවර් එකටම චීනා ඕවා පුරුදු වෙන්න ඇත්තෙත් ලංකාවට ආවට පස්සෙම තමයි..,

    ReplyDelete
  3. ඉල ඇදෙනව හිනවෙලා

    V.R.S

    ReplyDelete
  4. පට්ට කතාව මචන්...උබේ මේ ඔක්කොම කතා දාලා අපි පොතක් ගහමුකෝ බන්....උබට නියමෙට ලියන්න පුලුවන් බන්....

    ReplyDelete
  5. උඹලා යන්තන් පොලිසිය ඈවිල්ලත් කූඩු වෙන්නැතුව බේරිලා.
    දැන් කොහෙ බැලුවත් චීන්නුනෙ බං
    ලියවිල්ල නම් වෙනදා වගෙම සුපිරි ඉතිං.... ජය වේවා!

    ReplyDelete
  6. චීනා වෙලාවට මේ කොට්ටාව පැත්තෙ පාර හැදුවෙ නැත්තෙ..... නැත්තන් උගෙත් කනෙන් රින්ගන්න පුළුවන් අයියලා තමයි එහෙ ඉන්නෙ.... හිනාවෙන්න එන්න කියලා තමයි වැඩේ දෙන්නෙ....

    ReplyDelete
  7. Ela kiri Kathava ...

    ReplyDelete
  8. මිත්‍රයා මම 9 කොලනියේ , උඹේ කතා 2010 ඉඳල කියවනවා. මහරගම කිව්වට මට නිකන් හුරු ගතියක් දැනුනා. උඹ ඇත්තටම කොහෙද කියල දැනගත්තම පොඩි ආඩම්බරෙකුත් දැනුනා. ඒවා වැඩක් නෑ. උඹේ කතා ඔක්කොම හරිම ලස්සනයි. මම දැන් ඉන්නේ අම්පාරේ නෙවේ. එත් මට උඹේ බ්ලොග් එක කියවත්දී මම ඔහේ ඉන්නවා වගේ දැනෙනවා. සුබ පැතුම් මිත්‍රයා.

    ReplyDelete
  9. අයියො... මම ඕකව පුරුදු කරල එව්වේ...

    ReplyDelete
  10. හොඳ වැඩේ තොපිට
    සුද්දෙක් දැක්කම උන්ව හූරගෙන කන්න හදනවට
    :-D

    ReplyDelete
  11. යකෝ ඌ නම් නියම පොරක්... උං හදපු පාරත් පොඩ්ඩක් චැක් කොරලා බලපං, මොනවෑන්ද හදලා තියෙන්නේ කියලා...

    ReplyDelete
  12. මේ පෝස්ට් එකත් අප්ඩේට් වෙලා නෑ බ්ලොග් රෝල් වල...

    ReplyDelete
  13. හයියු චයින්නු.... පට්ට පට පට ..

    ReplyDelete
  14. අම්මප හිනා වෙලා බඩ රිදෙනව යකෝ තාම.. ඔෆිස් එකේ උන් බලනව මට පිස්සු හැදිලද කියල. උඹේ මුලු බ්ලොග් එකම කියෙව්වත් කමෙන්ට් එකක් දාන්නේ පලවෙනි පාරට. ලියපන් මලේ දිගටම ලියපන්.

    ReplyDelete
  15. පට්ට මචන්. ඇඩෙනවා ...උඹේ ශෙයිලයට කතාව පටට්ටේට ලියල තියනවා ... උඹේ කතා සෙට් එක එකතු කරලා පොතක් ගැහුවනම් උණු කැවුම් වගේ විකිනෙයි ...

    ReplyDelete
  16. “දෙයියම්පා මුං චීන්නු නෙවෙයි. මුං චයින්නු ! “
    සුපිරි කතාව....

    ReplyDelete
  17. මේකා චිනේම හදපු චීනෙක්!!!!

    ReplyDelete
  18. මං හිතුවෙ උඹල චීනව මහනකලා කියල. බැලින්නං ඒකෙ අනිත් පැත්ත.

    ReplyDelete
  19. උන් අපිව අන්දලා කියලා අපි තේරුම් ගන්නකොට කෝච්චිය ගිහිල්ල ඉවරයි අපේ රටට.. මේ රටේ අපි පිළිපදින එක රීතියක් තියෙනවා. "චීනෙක් නම් තඹේකට විස්වාස කරන්න එපා" ඔන්න ඒක..

    ReplyDelete
  20. ඌ ලංකාවෙම ඉඳල මේඩිං ලංකා වෙලා ඇත්තෙ. මිනිහ උඹලගෙ වස්තරෙත් ගලවගෙන ‍නොගිය එක ගැනවත් හිතල සතුටු වෙයං මල්ලි.
    යකෝ ලංකාවෙ 119 ඔච්චර කාර්යක්ෂමද?

    ReplyDelete
  21. සඳරුගෙන් තවත් කුජීත වෙච්ච කතාවක්!!!!!

    ReplyDelete
  22. උඹලට තිබුනේ ඌට හොදට මිරිස් දාල හදපු කෑම ටිකක් දෙන්න :D :D

    ReplyDelete
  23. නියමයි :)

    ReplyDelete
  24. මජෝ! එහෙනං කෑවා නේද පුදිය! එල එල! උඹල සේරම අන්දලා! අමු හිඟන චීනා! මට නං චීන්නුංව පේන්න බෑ බං!

    ReplyDelete
  25. Siravatama patta

    ReplyDelete
  26. ආන්න ඒකනෙ..තොට මං කලිම්ම කිව්වනෙ ඔය චීන්නු කියන්නෙ එහූ අණක් ගුණක් නැති මහ පඳුරො ජාතියක්ය කියල..

    ඕන්න බලාපං ඕකා වැටිච්චි ඇලෙං වතුර දෙන කුඹුරු වලට මේ කන්නෙ මක්කද වෙන්නෙ කියල... :)

    ReplyDelete
  27. මල්ලි උඹේ කතාව ජෝක් එකක් වුණාට ... කවද හරි චීන්නු මෙහෙන් යන්නෙ ලංකාවටම ඔය පෝරියල් එක දීල... අනිවා..

    .........

    උඹ සාජන් මහත්තය කියන එක සාම්මහත්තය කියල කතාකරන බාසාවෙන් ලියල තියෙනව දැක්කම මගෙ පරණ යාලුවෙක් මතක් වුණා... [ ඌ සුද්දෙක්... එංගලන්තෙ ලිවර්පූල් කියන පැත්තෙ ඉඳන් ආපු එකෙක්... උන් ඉංග්‍රීසි කතාකරන්නෙ කට ඇතුලෙ තියාගෙන.. බල්ලෙකුට තේරෙන්නෙ නෑ මොනව කියනවද කියල...] ඌත් ඔය සාම්මහත්තය වගේ වචන කියනව... සන් ඔෆ් අ බිච් කියන එක ඌ කියන්නෙ "සම්මොබිච්" කියල..

    ReplyDelete
  28. ලස්සනට කතාව ලියල තියනවා. ඔක්කොම ලිපි ටික කියෙව්වේ එක හුස්මට.

    චීන්නු නම් ඔහොම තමයි. උන්දලාගේ බඩුත් එහෙමයි. සුභ පැතුම් දිගටම ලියන්න.

    ReplyDelete
  29. මචන් පට්ට කතාව
    ඕකුන් ඇවිල්ල අපිට ගිනි පොලියට ණය දීලා කරන PROJECT ටුත් ඔහොමම තමා

    ReplyDelete
  30. හොද වැඩේ.ගියා බඩ මැදින් වෙලාගෙන චීනගෙ ඉතුරු රෙද්ද අරගන්න.....දැන් ගෙවහන්කො උගෙ ණයත්....මොනව උනත් උබලට වැඩක් දෙන්න චීනෙක්ම ආපු එක හොදා ඕ....න්. කතාව වෙනද වගේම නියමයි මලය..උබට ජය..
    මම ඉන්දික

    ReplyDelete
  31. okawa wewata wetila marunnathi eka ahanna deyakda? maha kapati chinek :D

    ReplyDelete
  32. අද ලෝකෙ හොල්ලන රට වෙලා තියෙන්නේ ඕක නේ,,උබලටම කරපු දේ ඕකුන් මේ රටටම කරලයි යන්නේ

    ReplyDelete
  33. ආපෝ ඌ ගෙදර ගිහින් කියන්න ඇති ''කොණ්ඩේ බැඳපු ලංකාවේ උන් ටිකක් මට අහු වුනා'' කියල .
    හය්යෝ .ඔයින් ගියා මදැයි. මෙහෙ උන්ට චීන්නු පේන්න බැහැ ..අල්ලපු රටේ වුනාට ..

    ReplyDelete
  34. "දෙයියනේ චීනා මියැදුණොත් අපට ලේසි වෙන්නෑ . චීනේ අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නත් බැරි නෑ . ජීවිතාන්තේ දක්වා හිරේ විලංඟුවේ වැටෙන්නයි අපට සිද්ධ වෙන්නේ .. මාව වෙවුලලා ගියා .. " patta macho..

    ReplyDelete
  35. ඌනම් පට්ට ගල් ආඳෙක් බොල. අපේ ගමේ ඉන්නවා චීන්නු සෙට් එකක් දැන් පරම්පරා දෙකක ඉඳන් වගේ. උන්ගෙ ජොබ් එක තමා දත් බඳින එක. හැබැයි උඹලෑ චීනනම් දත් ගලවන එකෙක්..

    උඹේ මේ කතාව පිටිපස්සෙන් දුවන බයානක ඇත්තක් තියනවා. ඒ කියන්නෙ රාජතාන්ත්‍රික වශයෙනුත් උන් අපිව අන්දනවා කියන එක

    උඹ දැන පදමට හාස්‍ය රසයත් මුසු කරනවා බන්.. එළටම එළ..

    ජයම වේවා ! නිවන් දක්නා තුරු නැවත චීනන්ට අහු නොවේවා !!

    (ඔන්න මේකත් ජයග්‍රාහී ලෙස බ්ලොග් රෝලෙ අප්ඩේට් උනේ නෑ.. නිකමට ඇවිත් බැලුවෙ.)

    ReplyDelete
  36. ඊළඟ අවුරුද්දේදී හම්බන්තොට හයිවේ එක හදන්න චීන්නු අපේ ගමටත් එන නිසා උන්ගේ හැටි දැනගත්ත එකම හොඳා....

    ReplyDelete
  37. බොල සඳරුවෝ, මම බොට හැමදාම කියනවා වගේ මේ කතා සේරම දාලා පොතක් ගහපිය.

    ReplyDelete
  38. නියම කතාවක් මලේ. ඌ වමනේ දැම්මෙත් බොරුවට දන්නේ නෑ.

    ReplyDelete
  39. එල කිරි බං ! ජයසේන අත්තගේ තේ කඩේ කියන්නේ උඹ මට එදා රෑ පෙන්නපු කඩේ ද ? රිපිටා යි උපුල යි එල කිරි . . . . .

    ReplyDelete
  40. මම කියන්න ගිය එක බින්දි කියලා.. බලාගෙන ගියාම අපි නේ බන් කොන්ඩෙ බැඳලා ඉන්නේ. අපේ නෝනගෙ ගමෙත් ගිං ගග ප්‍රොජෙක්ට් එක කොරන කාළේ චීන්නු ඉඳලා තියෙනවා. උන් ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ආයෙත් චීනේට ගියාට, උන් හිටපු බවට සාක්කි ඉතුරු කරලා ගිහින් තියෙන්නේ. අදත් ඒ පැත්තේ හින්ගල කතා කරන චීන්නූ 3-4 දෙනෙක් ඉන්නවා. එහෙම බැලුවම උඹලයො චීනා හොඳ එකා.

    ReplyDelete
  41. malliya mamath podi kale hitiye 26 kolaniye, umba weeragoda wewa kiyala kiyanne ara weeragoda iskole pahu karala enakota thiyena ekada.

    ReplyDelete
  42. අපේ පැත්තෙ ඕය වගේ ගල් චීන්නු ටිකක් හිටපු ගමන් එනව ඕරලෝසු විකුනන්න.

    ReplyDelete
  43. පළමු සැරේට මෙහි පැමිණියේ. රසවත් බ්ලොග් කතා පෙළක්ම කියෙව්වා.ස්තූතියි හිස් අහස. චීන්නු ගැන ඔහොම කතා ඇහුවෙත් අදයි

    ReplyDelete
  44. ubat ekka mamat etana hitya wage danne tramata elatama liyala tiyanawa.

    ReplyDelete
  45. මං ඔයාගෙ බ්ලොග් එකට අලුත් සේරම කියවලත් නෑ. ඒත් කියවපු ඒව බැලුවම මේකට කමෙන්ට් එකක් දාන්නම ඕන කියල ඔයාගෙ පෝස්ට් කියවපු මගේ හිත කිව්වා. ඔය වගේ ළමයෙක් මත්පැන් නිසා විනාශ වෙන්නෙ ඇයි කියන කලකිරීමක් මට නිතරම දැනෙනවා ඒකයි මේක ලියන්නෙ. ඔයා ඒක විනාශයට මුල කියල දැන දැනත් මත්පැන් බීම නවත්තන්නෙ නැත්තෙ ඇයි කියන්න මට තේරෙන්නෑ . ඇබ්බැහි වෙලා වගේ. එත් මේ සේරම හදාගෙන ගොඩ එන්න ඔයාට ඕන තරම් කල් තියෙනවා. ඔයාගෙ ෆීල්ඩ් එකේ ගොඩක් දුර යන්න පුලුවන් ඉගෙන ගන්නත් පුලුවන්. ඒත් ඒකට උනන්දුව මං ගොඩයනවා කියන කැපවීම ඕනමයි. ඔයාට හැම දෙයන්ම ලැබෙන්නෙ පරාජය කියල හිතන්න එපා ඒක හීනමානයක් වගේ. අනික මේ මත්පැන් කතාව ඔයා ප්‍රොපයිල් එකටත් ගෙනත්. එතකොට ඔයාට ඒ මත්පැන් ඕන නෑ කියන හැලීමෙන් මිදෙන්න බෑ. ඔයා ගොඩක් දක්ෂයි. ලස්සනට ලියනවා. ඒත් ඒ යටින් ඉන්න මත්පැනින් ජීවිතේ කාලකන්නි (සමාවෙන්න වචනෙට) කරගන්න මනුස්සයට මං කැමති නෑ. මත්පැන් බිව්වම ඔයාට සතුටුයි කියල හිතුනට ඒවා ඔයාවත් ඔයාගෙ වටේ අයගෙ මානසික සතුටත් නැතිකරල දානවා. හිතට අරන් හැදෙන්න. ඔයාට ජීවිතේ දින්න පුලුවන්මයි හොඳේ.

    ReplyDelete
  46. Sandaru ayya ayeth missingda???????:O

    ReplyDelete
  47. යකෝ දැන් කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නේ වැව්ගම්පත්තුවේ ද ?

    ReplyDelete
  48. බ්ලොග් එකේ අගසිට මුලටම කියවල ඇවිල්ල තමයි කමෙන්ට් කරන්නේ, :D :D
    උඹ ලියන අමු ස්ටයිල් එකනම් මරු ඈ ,,
    සුභ පැතුම් (Y) (Y)

    ReplyDelete
  49. Aluth katha danne nane dang:(

    ReplyDelete
  50. Excellent writing. Keep up the good work

    ReplyDelete
  51. අර රිමෝට්ටෙකේ කතාව නං බොරු වගේ නේද? ඌ බොලා එකක් බොන්න එන ගමනෙදි මොකෑ රිමෝට්ටෙක ගෙනාවෙ. වතුරට වැටුනෙත් ඒ ගමනෙදිමයි. ගොඩවෙලා බිත්තර රොටි කන්න ගියෙත් ඒ ගමනෙදිමයි. එතන අවුල් කොල්ලො

    ReplyDelete
  52. මචන් සඳරුවන් මම උඹේ ෆෑන් කෙනෙක් උනේ ලඟදි. හරියටම කිවුවොත් අදට හරියටම දවස් තුනකට කලින්. කියවපු ඔක්කොම කතා සුපිරි. උඹට ජය

    ReplyDelete
  53. සදරු මම උබෙ කතා ලිස්ට් එක කියවන ගමන් පට්ට ආ

    ReplyDelete

තැන්කූ බං