24.1.14

Facebook කපුවාගේ කතාව 2. අවසන් කොටස







"අඩෝ රණා මේ පැත්තට සිග්නල් කඳුළක් නෑනේ බං . ඉතින් මල් කුමාරි ෆේස්භුක් ගියේ කොහොමද . මට නම් මේක අල්ලන්නෑ බං " බයික් එකෙන් බහින්න කලින් මම රණමල් ගෙන් ඇහුවා .

මල් කුමාරි ටවුමේ කොමිනිකේෂන් එකක වැඩ බං ඒකෙ ඉන්න වෙලාවට තමා ෆේස්බුක් එන්නේ . උඹටත් මොනවදෑ සැක නැත්තේ . ?

මල් කුමාරිගේ ගෙදර උදවිය අපිව බොහොම ඉහළින් පිළිගත්තා එදා අපිව පිළිගන්න කෙල්ලගේ වටේ පිටේ උන්න නෑදෑයෝ බොහොමයක් ඒ පුංචි ගෙදර එක්කාසු වෙලා අපි එනකම් මග බලාන උන්නා. වෙල්කම් ඩ්‍රිංක් එක හැටියට කෙල්ලගේ නෑදෑ වෙච්චි අක්කා කෙනෙක් අසෝක වීදුරු පුරෝලා ගෙනද්දීපු පැනිදොඩම් අපි එක හුස්මට බීවා .

"උඹ ඔක්කෝම බොන්ඩ එපා ඔයි පැනිදොඩම් වීදුරුවෙන් බාගයක් මල් කුමාරිට දියන් සිරිත් විරිත් දන්නැද්ද බං ?.


රිපිටා රණමලාගේ කනට කරලා කියාපු බයිලේ මට ඇහිච්චි නිසා හොඳා නැත්තම් විහිළු නොදන්න රණමලා අපි හැමෝමගෙම රෙදි ගැලවෙන්න එදා රිපිටා කියපු ගොබ්බ වැඩේ හැබෑවටම කරනවා .

කෙල්ලගේ ගෙදර මහ එවුං අපි ගෙනාපු අයිසිං කේක් ගෙඩිය අපි ඉස්සරදීම කපලා අපටම දුන්නු මොහොතේ අපේ හිත් ඒතරම් තැළුණේ නැති වුණත් කේක් කපාපු පිහේ තිබුණු වැලි අයිසිං එක්ක මිශ්‍ර වෙලා අපේ දත් අස්සෙයි විදුරුමහේ ඇමිණෙද්දී අපි හැමනියං කාලෙකදීම මේ ගමට වැස්ස වැටෙන්න කියලා ප්‍රාර්ථනා කෙරුවා .

මොහොතකින් කෙල්ලගේ මාමා (කෙලීගේ පියාගේ අයියා) ගෙදර උදවියව අපිට අඳුන්වා දුන්නා ඊට පස්සේ රණමලා උගේ පාප මිත්‍රයන් වෙච්ච අපිව කෙල්ලගේ ගෙදර උදවියට අඳුන්වා දුන්නා .

"මේ සාගර , මේ පුස්පෙ , මේ රිපිටා , මේ ජානක , එතකොට මෙයා තමයි සඳරු මෙයා නිසා තමයි මල් කුමාරිටයි මටයි අඳුනගන්න ලැබුණේ .


"ආ එතකොට මෙයා කපු මහත්තයා නේ !


කෙල්ලගේ පැත්තේ උන්නු නාකි ලොක්කෙක් මට අමු ටොකක් දුන්නා

"නිකං නෙවේ ෆේස්බුක් කපුවා !
රිපිටා හීන් හඬින් කොඳුරද්දී අපේ එවුන් හෙමි හෙමිහිට හිනා වුණා

"ආපිට ගියාම මම තෝව මරන එක මරනවා !" රිපිටා එක්ක මලේ මල පැන්න මම හිතෙන් හිතාගත්තා

මොහොතකින් ඇතුළු කාමරේක ඉඳන් විලි ලැජ්ජාවෙන් ගැහෙමින් මල් කුමාරි අපි ඉස්සරහට ආවා. මල් කුමාරි කැත කෙල්ලක් නෙවෙයි ඒත් . අවුවේ වැඩ පල කරලා නිසාදෝ ඒකි බොහොම කළුයි ඒත් ඒ කලු කෙල්ල ගාව සුදු කෙල්ලෝ සියක් දෙනෙක් ගාව නැති අමුතු සුන්දරත්වයක් තිබ්බා.කඩාදාපු කොණ්ඩේ මාගලක් වගේ දිගයි . අර කප් මේකප් නැති මූණෙන් අහිංසක කම බේරෙනවා. ඒකි දැක්ක මොහොතේ මට ඇති වුණේ පුදුමාකාර දුකක් මල් කුමාරි දියෙන් ගොඩ දාපු ගප්පි පැටියෙක් වගේ ගැහෙනවා . බොහෝම හෙමින් බිම බලාගෙන ඇවිදං ආපු මල් කුමාරි ඒ පුංචි ගෙදර සාලේ ලෑලි බංකුවක ඉඳගත්තා .

විනාඩි කීපයක් ගත වුණා . කවුරුත් කතා නෑ . කට්ටියම බකමූණු බිත්තර ගිල්ලා වගේ !

"රණමල් උඹ නංගිත් එක්ක එළියට ගිහින් කතා කරහන්කෝ .


මම එහෙම කීවාම රණමල් නැගිට්ටා. උගේ පස්සෙන් මල් කුමාරිත් හෙමීට එළියට ඇදුණා . උන් දෙන්නා මිදුලේ ටිකක් දුරින් තිබුණු දෙළුම් ගහක් මුල කතාවට වැටුණා . ‍

"අම්මපා කපු මහත්තයා නම් රාජකාරිය දේවකාරියක් ගානට කරනවා . හබෑවට කොම්පීතරෙන් කපුකම් කරනවා කියලා අපි දන්නේ අද . කොම්පීතරෙන් සාත්තර බලන විත්තිය දැන උන්නාට කපුකම් කරනවා කියලා දන්නෑ නොවැ .


කෙල්ලගේ ගෙදර හිටි තරුණ පහේ කොල්ලෙක් ආයෙත් වංඟියක් මට ඇදලා ඇරියා .

"මේ මම කපුවෙක් නෙවෙයි අයියා . මම කොම්පිවුටර් පන්ති කරන කෙනෙක් .


මට මල පැනලා කියලා තේරිලාද මන්දා ඊට පස්සේ එකෙවත් මට කපුවා කීවේ නෑ .

දවල් කෑම වෙලාව ලං වෙද්දී පිරිමි විතරක් ගෙයි සාලේ ඉතුරු කරපු ගෑනු හැමෝම කුස්සියට රිංගවුවා . හිටි ගමන්ම ගෙයි මුල්ලකින් තුවක්කුවක් ඇදලා ගත්තු මල් කුමාරිගේ තාත්තා සරමත් උස්සගෙන එළියට පනිද්දී මම හිතුවේ අපේ රණමලා මල් කුමාරිට අවැඩක් කරලා ඒක මල් කුමාරිගේ තාත්තට පෙනුණා කියලයි ඒත් මම වැරදියි .

ඩෝං ගාලා ඇහුණු ෂොට් ගන් එකේ වෙඩි සද්දෙට ගෙයි ටකරං වහලෙ දෙදරුම් කෑවා . මොහොතකින් ලේ බේරෙන වලි කුකුළෙක් අතින් අල්ලගත්ත මල් කුමාරිගේ තාත්තා කිසිම ගාණක් නැතිව ගෙයි මැදින් කුස්සියට ගියා . අපේ එවුන් මූණට ගලාපු දාඩිය කමිස අත් වලින් පිහිදමන්ඩ පටන්ගත්තා .

"ඒ මුං පුදුම මිනිස්සුනේ බං ?


රිපිටා මගේ කනට කොඳුරවුවා

වලි කුකුල් මසුයි , කතුරුමුරුංගා කොළ මැල්ලුමකුයි . උකුවට හදාපු කවුපි හොද්දයි බෝල බටුත් ,මල් පපඩමුත් එක්ක ගෙදර මිනිස්සු අපිට රජ කෑම වේලක් ලැහැත්ති කරලා තිබුණා . කලු ගල් වගේ හයිය වලි කුකුල් මස් කෑලි අතරේ තිබිලා මට මූනිස්සමක් මට හැපුණාම මම ඒක හොරෙන්ම රිපිටාගේ බත් පිඟානට දමාපු හැටි කවුරුත් දැක්කේ නෑ .

බත් කාලා ඉවර වුණ අපිට අපිම ගෙනාපු දිගාමඩුලු මීකිරි කන්ඩත් බඩ දිග ඇරගන්ඩ සිද්ද වුණා . ඔය අතරේ දිගාමඩුලු කිරි ගැන අභිමානයක් දැනිලා අපේ සෙට් එකේ උන්නු සාගර අයියා ලොකු ටෝක් එකක් දෙන්ඩ ගිහින් අපි කවුරුත් පච වුණා .

"දිගාමඩුලු මීකිරි මුලු ලංකාවෙම ප්‍රසිද්ධයි . රුහුණේ මිකිරිත් කිරිද ? දිගාමඩුලු මීකිරි තමා අම්මාපල්ල මීකිරි !


සාගර අයියා බොහෝම ආඩම්බරෙන් මල් කුමාරිගේ ගෙදර උදවියට දිගාමඩුල්ලේ අභිමානය දෙසාබෑවා .

"ඒ පැත්තේ වැස්සියෝ රට වටේම කිරි පොවුව පොවුවා යන නිසා ගමේ වස්සන්ට පිටින් කිරි බොන්ඩ වෙලා වෙන්ටැ නේද ? .


ඉඳලා ඉඳලා කතා කරපු මල් කුමාරිගේ තාත්තා අපි කවුරුත් ඉදිරියේ ලෝක කුණුහරුපයක් කීවා .

"මොකක්ද්ද බං අර මිනිහා කීව වඳුරු කුණුහරුපේ ?. ඒකිගේ දූ අහල පහළ ඉන්නවා කියලාවත් හිතවුවේ නෑනේ ඒකා . . මහ ජඩයෙක් ඌ නම්"

"කට වහං ඉඳින් . වලි කුකුළට වෙච්චි දේ දැක්කානේ .


මම එහෙම කීවාම මගේ කනට කොඳුරමින් උන්නු සාගර හෙමීට සයිඩ් වුණා .

නොකෑ එකා දරණ ගහනවා කෑ එකා යන්ඩ ඇදෙනවා . සතා සරුපයාගේ වුණත් සුබාවේ ඒකයි . ඒ බව හොඳ හැටි දන්න නිසා අපි කවුරුත් කාලා බීලා මොහොතක් ගත වුණාම ගෙදර මිනිස්සුන්ට සමු දීලා හොඳ හිතින් යන්ඩ පිටත් වුණා . අපිව ඇරලවන්නත් පෙරමගට ආපු ඒ හොඳ මිනිස්සු අපිට ගෙදර ගෙනියන්ඩ බඩ ඉරිඟු සහ ගස් ලබු මලු දෙකක් පිරෙන්ඩම තෑගි කරන්ඩත් අමතක කළේ නෑ .

රණමලාට මල් කුමාරිව යමින් කැපෙනවා . උන් දෙන්නාට දෙන්නා බොහොම ආදරෙයි . ෆේස්බුක් ගිණුමකින් පටන් ගත්තු ආදරයක් මේතරම් ලස්සන වේවි කියලා මම කවදාවත් හිතවුවේ නෑ . අපි ගෙදර පරෙස්සමින් ආවාදැයි බලන්න රණමලාගේ ෆෝන් එකට කෝල් කරපු මල් කුමාරි අපි ආපු එකට අපට නොසෑහෙන්න ස්තූති කරන්ඩ අමතක කළෙත් නෑ . ෆේස්බුක් ගිණුමක් රණමලාට හදාල දුන්නු මටත් මල් කුමාරි බොහොම පින් දුන්නා . ගෙදරදී ලැජ්ජා කාරි වුණාට ඒකි ෆෝන් එකෙන් බොහොම කටකකාරයි .. !

දින සති ගෙවෙනකොට මල් කුමාරිගේ ගෙදර උදවිය අපේ ගම් පළාත වෙච්චි වැවුගම්පත්තුවට අවුදින් රණමලාගේ දෙමවුපියන් මුණ ගැහෙන්න දින දමා ගත්තා . රණමලාගේ අම්මා අප්පා ඩබලත් පදියතලාවේ ඇත්තෝ මුණ ගැහෙන්න කැමති වුණ නිසා රණමලා උන්නේ බොහෝම සන්තෝසෙන් . ඉතින් අපටත් බොහොම සන්තෝසයි .

මල් කුමාරිගේ ගෙදර උදවිය එන නිසාම රණමලා අපිත් එක්ක එක්කාසු වෙලා ගේ දොර කල එළි කරලා වත්ත පිටිය පිරිසිදු කරලා ගන්ඩ බොහොම මහන්සි ගත්තා . අපේ එකාට බොක්කෙන්ම උදවු දීපු අපිත් බෑ නොකියා මහන්සි වෙලා රණමලාගේ ගේ පොඩ්ඩ දිව්‍ය මාලිගාවක් වගේ හැඩ වැඩ ගැන්නුවා .

රණමලාගේ කෙල්ලගේ පැත්තේ නෑයෝ වැවුගම්පත්තුවට එන දවස උදා වුණාම ඒ උන්දෑලට මග පෙන්වන්න මමත් රිපිටත් බයික් බයික් එකෙන් උහන හන්දියට වෙලා කට්ටිය එනතුරු මග බලාන උන්නා. මහඔය, මංගල ගම, පියංගල, පහුකරලා උහනට එනකම් ආපු ඩීමෝ බට්ටා ලොරියක මල් කුමාරිගේ නෑදෑ පිරිස අවුදින් තිබුණා මල් කුමාරි නම් එදා අවුදින් හිටියේ නෑ. අපේ බයික් එක ඉදිරියෙන් ගිහින් රණමලාගේ ගෙදරට එනකම් ඒ ලොරියට මග පෙන්නවුවා .

"බලහං මචං අතපය දිග ඇරලා ලොරියක් පුරෝලා තෑගි බෝග ගෙනත් අපිට කොයින්ද බං මේ වගේ කෙල්ලෝ ලබන්ඩ වාසනාවක් . අනේ මටත් ෆේස්බුක් එකක් හදාල දියංකෝ පදීතලාවේ කෙල්ලක් සෙට්කරගන්ඩ .


මගේ බයික් එකේ පිටුපස උන්නු රිපිටා තමා එහෙම කීවේ . !

අලුත මුණ ගැහුණ නෑදෑයෝ බොහෝම සුහඳව කතා බහ කරනවා හිනා වෙනවා දැකලා මට දැනුණේ පුදුම සැනසීමක් . ජීවිතේ එක වතාවක් හරි මගේ අතින් පටන්ගත්තු වැඩක් බොහොම ලස්සන අවසානයකට කිට්ටු වෙනවා කියලා මට හිතුණා .සත්තයි ! අවංකවම මම එදා ගොඩක් සන්තෝස වුණා ..

"සඳරු පුතේ අරවා ගෙනාවද ?


කඩිමුඩියේ මාගාවට දුවගෙන ආපු රණමල්ගේ තාත්තා මට කලින් කියපු පයිණ්ඩයක් ගැන විතර ඇහැවුවා .

"ගෙනාවා මාමා !


එහෙම කියාපු මමයි රිපිටයි අපි දෙන්නාගේ ඉනේ හංඟාගෙන උන්නු හිඟුරානේ පෙරන රවුන්ඩප් ! බෝතල් එක හමාර හෙමිහිට රණමලාගේ තාත්තා අතට දුන්නා .

"අච්චර දුර ඉඳන් ආපු ඈයින්ට නොසලකා කෝමද ? . සඳරු පුතේ අර උගුරැස්ස පඳුර යට ඉස්ටූල් එකකුයි පුටු තුන හතරකුයි තියලා පොඩ්ඩක් ලයින් කරහන්කෝ මේ වැඩිහිටි අයට සලකන්ඩ .


රණමල්ගේ තාත්තගේ අණ පරිදි රණමලාගේ යාළුවෝ වෙච්ච අපි . උගුරැස්ස පඳුරක් යට මධුවිතට සෙට් වෙන්න හැකිවෙන්ඩ බොහොම පොඩි පොට් එකක් ගොඩ නගලා පදියතලාවෙන් ආපු නෑයින්ට එතනට ආරාධනා කෙරුවා .

වැඩිහිටියන්ට රවුන්ඩප් කෙලින්ඩ දීලා අපි නිදහසේ පදියතලාවෙන් ආපු මල් කුමාරිගේ නෑදෑ කෙල්ලන්ට ඇහැ දැම්මා . ඉතින් වෙලාව යනවා දැනුනෙවත් නෑ . පදියතලාවේ උදවිය අපිට කරපු සංග්‍රහයට නොදෙවනි සංග්‍රහයක් පදියතලාවේ උදවිය වෙනුවෙන් රණමලාගේ ගෙදරත් ලැහැත්ති කරලා තිබුණා .

යාන්තම් බත් දීසිය මේසෙට ගෙනාවා විතරයි . !

"අඩෝ කවුද Paකෝ මට පැස්ටොල් පෙවුවේ . ? මුන් මට පැස්ටොල් පෙවුවා තිරිසන්නු .!මේ අරක්කු නෙවේ මේ පැස්ටොල් ! ! !


මහ හයියෙන් කෑදෙන්නේ කවුද කියලා බලන්න රණමලයි, මායි, රිපිටයි දෙන්නා ගෙයි පිටිපස්සට දිවුවා .අපි දැක්කේ ජීවිතේට එක වතාවක් විතරක් බලන්න ලැබෙන බොහොම වටිනා දර්ශනයක් .

මල්කුමාරිගේ තාත්තා සරම ගලවලා කරේ දාගෙන අමු හෙළුවෙන් පපුව අතගගා කුස්සිය පැත්තෙන් ගෙඩ ගොඩ වෙන්න හදනවා . රණමලාගේ තාත්තා බිම වැටිලා . ගෑනු විලාප තියෙනවා හොදි හැළියක් බිම ඉහිරිලා .

"මොකෝ මේ ?


අපි හනිකට එළියට පැනලා ඇහැවුවා .

"මුන් මට පැස්ටොල් පෙවුවා අරක්කු කියලා . මයෙ පපුව දනෝ මයෙ පස්ස දනෝ . ඉන්ඩ බැරෝ . වතුර දියෝ . !


මම පට් පට් ගාලා ගිහින් ගුටියක් වැදිලා බිම වැටිලා උන්න රණමලාගේ තාත්තව නැගිට්ටෙවුවා
පදියතලාවේ නෑදෑයෝ ඉක්මනට ක්‍රියාත්මක වෙලා කලබල කරන මල්කුමාරිගේ වයසක තාත්තව අතපය ගැට ගහලා ලොරියේ ඉන්දෙවුවා

"අනේ අපෙ මහත්තයට අසනීපයි මොළේ ටිකක් හොඳනෑ . එයා බිවොත් අසනීපේ වැඩිවෙනවා ඇකිරියං කුඹුරෙ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා මෙයාට වැරදිලාවත් අරක්කු බොන්ඩ එපා කීවා .


මල්කුමාරිගේ අම්මා එහෙම කීවාම අපිට මල්කුමාරිගේ තාත්තාගේ අමුතු හැසිරීමට හේතු කාරණා සේරෝම තේරුම් ගියා .

"ඉතින් හත්තිලවුවේ අපි දන්නවාය .? බොනවදෑ කියලා අහපුහාම බොමුය කීවානේ. හාහා ඒකෙන් මේකෙන් කමක් නෑ වෙච්ච දේ අපි අමතක කරමු අපි කවුරුත් මිනිස්සුනේ අපි කවුරුත් ලෙඩ වෙනවා නොවැ. කට්ටියම හොඳ හිත නරක් කරගන්නැතුං කෑම කමු .


රණමලාගේ තාත්තා බොක්කෙන්ම එහෙම කියද්දී පදියතලාවේ නෑයොන්ට ඇඬුණා .

රණමලා ගිහින් පිස්සු තදවෙච්චි මල්කුමාරිගේ තාත්තට බත් කැවුවා . අතපය ගැටදාලා ලොරියේ ඉන්දවලා තිබුණු නිසාම රණමලා බය නැතුං ගිහින් පොරට බත් ගුලි ගිල්ලෙවුවා .කවුරුත් කාලා බීලා ඉවර වුණාම රණමලාගේ දෙමවුපියෝ රණමලාටයි මල්කුමාරියි දෙන්නගේ සම්බන්දෙට අවසර දුන්නා .
ඉතින් හැමෝම බොහොම සන්තෝසෙන් යන්ඩ ගියා . ඉතිරි වෙච්ච ගල් බාගයක් ඉනේ ගහගෙන රණමලාගේ ගෙදරින් බත් එකකුත් ඔතාගත්ත මායි රිපිටයි දෙන්නත් හෙමීට කැලේ පැත්තට පද්දවුවා .
                                                   *******

කල් ගතවෙනකොට අපි කාටත් ඔය කෙළි අමතක වෙලා ගියා මටත් රණමලාව වැඩියෙ හම්බුනේ නෑ . ඒත් පහුගිය සතියේ දවසක මට නොදන්නා කෙනෙක් ෆේස්බුක් පණිවිඩයක් එවලා තිබුණා . මමත් හොඳට ළංවෙලා බලවුවා . හත්තිලවුවේ ඒ මල් කුමාරි .

"සඳරු අයියේ රණමල් මට කෝල් කරන්නේ නෑ . එයා ෆේස්බුක් එකට එන්නෙත් නෑ . අනේ මට කෝල් කරන්ඩ කියන්ඩ .


මල් කුමාරි එවාපු මැසේජ් එක දැකලා පොඩ්ඩක් කලබල වෙච්ච මම එදා හවස් වරුවේ රණමලා හොයාගෙන ගියා . කැටකෑල ගහක් යට ඉඳන් දුම් වැටියක් බොන ගමන් රණමලා මට උගේ ආදර කතාවේ අවසානය කිවුවා .

"මම මල් කුමාරිව අතෑරියා බං .! . මට ඒකි ළොවෙත් හොඳයි කිසි අඩුවක් නෑ . ඒත් බං ඒකි මට නිතරම කියනවා අපි දෙන්නා එකතුවෙලා අන්තිම සතේ හරි වියදම් කරලා තාත්තව සනීප කරමු කියලා .


"ඉතින් පවුනේ බං "

"පවු තමා බං . යකෝ ඒකිගේ තාත්තව ගොඩ දාන්න වියදං කරන්ඩ මට සල්ලි කෝ .තාත්තට බෙත් කරන්ඩ උන් මුලු සේසතම දිය කරලාලු තියෙන්නේ . මමත් රුපියල් හත්දාහක් දුන්නා එක වතාවක් බං . මේක හරියන්නෑ මෙහෙම ගියොත් සඳරු මල්කුමාරිගේ තාත්තගේ පිස්සුව හොඳ වෙද්දී මට පිස්සු හැදිලා තියේවි .


"උඹට හරියි කියාල හිතෙන දෙයක් කරහන් රණා .


"අපි කියලා සල්ලි කාරයෝ නෙවෙයිනේ සඳරු . ඒකි ඒකිගේ දෙමවුපියෝ ගැන හිතනවා වගේ මම මගේ දෙමවුපියෝ ගැන හිතන්ඩ ඔනෑ . මම හම්බුකරන තුට්ටු දෙක උන්ට වියදම් කරන්ඩ මට බෑ බං. ඒක මට යාදින්නෑ .


"හ්ම්. උඹ හරි රණා .. ඒත් උඹ ඒ බව මල්කුමාරිට කියහන් .


"අපෝ බෑ සඳරු ආයේ ඒකිත් එක්ක කතා කරන්ඩවත් මට බෑ මට ඒකිව දැක්කොත් ආයේ ආදරේ හිතෙනවා . උඹ මයෙ ෆේස්බුක් එකවුන්ට් එක මකලා දමාපං . මම සිම් එකත් තළලා ඇළට විහික් කෙරුවා .


"හ්ම් . මං එහෙම කරන්නම් .


"ආ සඳරුවා තව උදවුවක් කරහන් .


"මොකක් ?


රණමලා මට උගේ සාක්කුව ඇදලා මල් කුමාරිගේ පොටෝ එකක් දුන්නා

"මේක පුච්චාපිය . දැන්ම පුච්චාපිය .


රණමලා දුක්බර හඬින් එහෙම කියද්දි මම අතේ තිබුණු සිගරට් එකෙන් මල් කුමාරිගේ ෆොටෝ එකේ ඇස් දෙකයි කටයි පුච්චවුවා අන්තිමේට ෆොටෝ එකම පුච්චලා දමවුවා .

ඉතින් ඔය විදිහට මම මුල් වෙච්චි තවත් එක සිදුවීමක් කඳුලකින් අවසන් වුණා . රණමලා ටික දවසක් මූඩ් ගහලා ඉඳලා ආයෙමත් පුරුදු විදිහට වැඩ කරන්ඩ පටන් ගනීවි .මල් කුමාරිත් ටික දවසකින් රණමලාව අමතක කරලා දමාවි. ඉන් පස්සේ ආයෙමත් හෑම දෙයක්ම හරියාවි .දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් සල්ලි වලටම විතරයි .දුප්පත්කම අස්සේ අවංක ආදරේට කිසිම තැනක් නෑ.! මම ඒ වග මේ කතාවෙදිත් හොඳට තේරුම් ගත්තා .

111 comments:

  1. pissu hadenawa sandaru meka kiyewwama. digatama liyahan. ubata jays

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හැමදාම ලියන්ඩ කියලා කියන්ඩ බෑ. ඒත් පුලුවන් හැම වෙලාවෙම හිස් අහසට අපි ගොඩවෙන බව මතක තියාගනින් මලේ.
    කතාව හොදයි කියලා අමුතවෙන් කියන්ඩ දෙයක් නෑ පටන් ගත්ත කික් එකෙන්ම තාම ඈදගෙන යන එකම බ්ලොග් එක මේක කියලා බය නැතිව කිව්වැහැකි.

    උඹට ජය මයෙ මලේ!!!

    ඈනොමිස වෙන්ඩ උනේ මගේ එකෙන් ලොග් වෙන්ඩ මුර පදේ මතක බැරි උන නිසා
    සුරේෂ් වනිගසේකර

    ReplyDelete
  4. හ්ම්ම්ම් අද කාලේ සල්ලි කියන දේ නැතිව මුකුත් කරන්න බැ ..ආදරෙටත් එච්චර තමා ..

    ReplyDelete
  5. ඇත්තටම ඔව්. අගහිඟකම් එක්ක ආදරේ පෑල දොරෙන් පැන යනවා කියන්නේ ඕකයි.

    ReplyDelete
  6. රණමලා කොහෙද ගොබ්බයෙක් වෙන්නෙ.. උෟට කොල්ලො කෙල්ලො දාහකට නැති තරං මොළයක් තියෙනවනෙ... හි හි...

    ReplyDelete
  7. හෙම රෙද්දකටම සල්ලි තාමා බං...
    අරූ පැස්ටෝල් බිව්වා කියල කෑ ගහපුවම මට ඇත්තටම හිතුනේ උඹ හිඟුරාන වෙනුවට පැස්ටෝල් බෝතලයක් දීල කියල...

    ReplyDelete
  8. පලවෙනි කොටසේදී හිනා වුනාට මේ කොටසේදී නම් ....හ්ම්....ජීවතේ හැටි ඔහොම තමයි. ලොකු නවකතා දාහක ගන්න බැරි , කොලු දාර්ශනිකයින් කාටවත් පිටු ගානක් ලියලා වත් කියාගන්න බැරි ගැඹුරු ජිවන දහමක් සඳරුගේ ලිපි වල තියෙනව . පොඩි දේටත් හිනා වෙන්න පුළුවන් දරුණු අත්දැකීම් වලට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු .

    ReplyDelete
  9. හිනා වෙන්න දීලා දීලා උඹ අන්තිමේ ඒ අවලස්සන ඇත්ත අපි ඉස්සරහ ගෙනත් තියනවා. උඩින් බින්දි කියලා තියන කතාවට සම්පූර්ණයෙන් එකඟයි. උඹ සැහැල්ලුවෙන් උණත් කියලා දෙන්නේ ජීවිතේ ගැන ගැඹුරු පාඩම්.

    ReplyDelete
  10. / මොහොතකින් කෙල්ලගේ මාමා (කෙලීගේ පියාගේ අයියා) /

    ඒ බාං කොල්ලො බොලායෙ අහ පියාගෙ අයිය මාමය? අපෙ අහ නං ලොකු තාත්ත.

    වත්පොත් පෙමක අවසන එසේ සනිටුහන් විය.... :(

    ReplyDelete
  11. කතාව කියෙව්වට පස්සෙ කියන්න දෙයක් හිතා ගන්න අමාරුයි මචො.

    උඹ ඉදල හිටලා ලිව්වට අව්ලක් නත්තෙ ලියන පොස්ට් එක ගන හිතන්න තව මාසයක් විතර යන නිසා

    උඹෙ කරදර අවසාන වී ඇතයි සිතමි

    ReplyDelete
  12. අම්මප සදරුවෝ හිනාව වේගෙන කියවපු මේ කතාව අන්තිම හරියට එද්දි කතාව මුලින් කියෙව්වේ මමද කියලත් සැක හිතුවා. තනිකරම මුඩ් වෙනස් උනා. අන්තිම පේලි දෙක තවත් නන්නත්තාර කරා. උඹ සුපිරි ලියන්නෙක් විත්තිය හැමෝම කිව්වට මං සතේකට විස්වාස කරේ නෑ. හැක් හැක්. ඒක ඇත්ත තමා බොල..

    ReplyDelete
  13. අරූ නියම කොල්ලෙක්. අනුන් ගැන හිතන්න කලින් තමන් ගැන හිතන්න ඕන. බැන්දා නම් වෙන්නේ ඌ කියපු දේම තමයි. එහෙම මිනිස්සු ගැන දුකයි. උඹට මල් කුමාරිත් එක්ක කනෙක්ෂන් තියෙනවනම්. ඒ දරුවගේ තාත්තා අම්පාර ඉස්පිටිතාලේ, මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කියහන්. වෙන මක්කා කියන්නද...?

    සල්ලිම නෙමෙයි. ඔහොම තත්වයක් සල්ලි තියෙන මිනිස්සුන්ට ආවත් ඔච්චරයි. ජීවිතේ එතනින් ඉවරයි කියලා හිතන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණු වෙලා තියෙන කාලේත්, ගුරුන්නාසෙලා පොහොසත් කරන එක තමයි උගත් ඒවුනුත් කරන්නේ.. ඒ අතින් නම් අපේ උන් ගොබ්බ හරක්..

    ReplyDelete
  14. ඔයාගෙ යාළුවා අම්මා තාත්තා ගැන හිතන හොඳ කෙනෙක්, සමහරුන්ට කෙල්ලෙක් හම්බඋනාම දෙමවුපියන්වත් අමතක වෙන කාලෙ එහෙම යාළුවෙක් ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන්

    ReplyDelete
  15. දුක හිතෙන කතාවක්.
    සඳරූ ගේ මුල්ම කපුකම වැරදුණ එක ගැනත් දුකයි!

    ප/ලිඃ
    මේඩින් චටිනා 2 සිට මේ බ්ලොග් එක මගේ රො!රෙල් අප්ඩේට් වුනේ නෑ!

    ReplyDelete
  16. "කලු ගල් වගේ හයිය වලි කුකුල් මස් කෑලි අතරේ තිබිලා මට මූනිස්සමක් මට හැපුණාම මම ඒක හොරෙන්ම රිපිටාගේ බත් පිඟානට දමාපු හැටි කවුරුත් දැක්කේ නෑ ." ~ මාර්ටින් වික්‍රමසින්හගෙ 'බේගල්' කෙටි කතාව මතක් වුනා.. :)

    ReplyDelete
  17. පට්ට මචං! දිගටම ලියහං! ජය!

    ReplyDelete
  18. ado, patta kathawa machan,,,

    ReplyDelete
  19. කියෝගෙන කියෝගෙන ඇවිත් අන්තිමටම මහා හිස්කමක් දැනුන බං.උඹ ඔලුව අතගාල අතගාල අනින ටොක්ක බොහොම සැරයි.

    ReplyDelete
  20. හරිම දුකයි .. :( හ්ම්ම්ම්

    ReplyDelete
  21. තවත් දුක හිතෙන කථාවක් සදරුගෙන්!!!!!!!!!!!

    ReplyDelete
  22. රණමලා ගත්ත තීරණේ හරි බං. කෙල්ලෙක් හින්ද තමං හදාපු දෙමවුපියන්ට සලකන්නෙ නැතුව ඉන්නෙ කොහොමද.
    වෙනද වගේම හිතට වදින්න කතාව දීල තියෙනව.

    මටත් හිතුනෙ උඹ මලක්වත් ඇදල බයික්කෙට දාන තෙල් බොතෙලෙයි හිඟුරාන එකයි මාරු කරල දීල කියල.

    ReplyDelete
  23. ආතල් එකේ කියවාගෙන ඇවිත් ..පට්ට දුකකින් කෙලවර වුනා. මන් හිතන්නේ සංවේදී කතා කියලා කියන්නේ මේවට වෙන්න ඇති. වෙන කියන්න දෙයක් නෑ ..එළ

    ReplyDelete
  24. ජීවිතේ හැටි ඔහොමයි.. ආදරේ ගැන ඇත්ත කතාවක්.. හැමෝම ඉස්සෙල්ලම ආදරේ තමුන්ටයි.. අනිත් අය එන්නෙ ඊට පස්සෙයි..

    ReplyDelete
  25. රන්මලා එල කොල්ලෙක්.... කාගේවත් පවු වලට කරගහන්න කලින් තමන් ගැන තමන්ගේ අම්ම තාත්ත ගැන හිතන්න ඕන...... :D

    ReplyDelete
  26. නියමයි.. කොල්ලා ගත්ත තීරණේ හොදයි,,අපි වෙනුවෙන් ලීවට ස්තුති

    ReplyDelete
  27. palaweni kotasa kiyaddi mehema wei kiyala poddk wath hithune ne ...
    onna oka thamai kedhawaachakaya :(

    ReplyDelete
  28. ලස්සන කතාවක් ඇත්තමයි ....................

    ReplyDelete
  29. ආදරණීය සඳරූ......මම උඹේ බ්ලොග කියවන්නේ උඹේ තියෙන විවෘතව ලිවීමේ රටාවට ඉමහත් ආදරය කරමින්. බ්ලොග් ලෝකය තුල විවෘත මනසින් ලියන එකෙක් උඹ. "හැමනියං" කාලේකම උඹ වගේ වරුසාවක් වහින්න කියලා හිස් අහස දෙස බලා මම ප්‍රාර්ථනා කරනවා. උඹට ජය සහ ශක්තිය!! උඹ රසවතෙක්.

    ReplyDelete
  30. @හසිත මදුශංක= ස්තූතියි මචං පුලු පුලුවන් වෙලාවක අවුදින් මොනා හරි ලියාල යන්ඩයි ඉන්නේ .. ජය වේවා උඹලට
    .............................................................................................................................
    @Anonymous = ස්ථානය නොවේ සහභාගීත්වයයි වැදගත්
    .............................................................................................................................
    @සුරේෂ් වනිගසේකර = හැමදාම ලියන්ඩ බැරි වුණත් ඉඳ හිටලා හරි මම ලේ බහුබූතයක් ලියලා යන්නේ මේක කියවන එවුන් ටිකක් ඉන්නබව හොඳටම දන්න නිසයි මචං . උඹලා වගේ එවුන් තමා මේ බ්ලොග් එක වැටෙන්නැතුං ගෙනියන්න මට සප් එක දුන්නේ . ස්තූතියි මචං .
    .............................................................................................................................
    @Nimesh Gamage = කියලා වැඩක් නෑ මචං ."සල්ලි" ඒක තමා ජීවිතේ .
    .............................................................................................................................
    @සුදීක = ස්තූතියි සුදීක අයියා එදා ඉඳන් සප් එක දෙනවට
    .............................................................................................................................
    @හිරු = ඒක ඇත්ත හිරූ රණමලා මගේ යාළුවානේ ඌට මගෙත් එක්ක ඉඳලාද කොහෙද හොඳ බුද්ධියක් තියෙනවා
    .............................................................................................................................
    @ශානි = අනේ අපොයි
    .............................................................................................................................
    @සොමි කොල්ලා = ඕං බලහංකෝ උඹත් අපි ගැන හිතාන ඉන්න හැටි දවසක අපිත් එක්ක සෙට් වෙලා බලහංකෝ අපි උඹටත් අපි පැස්ටොල් පොවුවනවදැයි කියාල
    .............................................................................................................................
    @Bindi = ස්තූතියි බින්දි . කාලෙකින් අවුදින් ආයෙ ලිපි ලීවම ඔයාල අවුදින් ඔය වාගේ දිරිමත් කෙරුවාම නොලියා උන්නේ අපරාදේ කියලා හිතෙනවා
    .............................................................................................................................
    @තිසර = ස්තූතියි මචං වෙච්චි සීන් එක එහෙම්ම ලීවා විතරයි . බොහොම කාලෙකින් උඹලා ලියන කමෙන්ට් දැක්කාම හිතට පට්ට සන්තෝසයි බං
    .............................................................................................................................
    @රවී = එතන පොඩි මිස්ටේක්කුවක් වෙලා . මයෙ හිතේ අම්මගෙ මල්ලි වෙන්ටැ . සිදු වූ දෝසයට සමාවන්ඩ අයියා . වත්පොත් පෙම එසේම ඩිසේබල් වී ගියා රවි
    .............................................................................................................................
    @Sanka Ranawaka = කරදර නම් අවසානයි මචං . දැන් තියෙන්නේ අතල් එකේ බ්ලොග් ලියන්ඩ කාලේ තමයි ඒත් ලියන්ඩ දැන් ඉස්සර වගේ කතා මතකෙට එන්නෙත් නෑ
    .............................................................................................................................
    @දේශකයා = ස්තූතියි මචං මෙච්චර කල් නොලියා ඉඳලා උන් ගමන් එකක් කොටලා දාලා ඒකට උඹලා පට්ට කමෙන්ට් දාද්දී තවත් ලියන්ඩයි හිත දෙන්නේ .
    .............................................................................................................................
    @මාතලන් = උඹ මුල් ටිකේ හිතවුව සීන් එක නෙවේ නේද බං උනේ . මටත් දැන් මල් කුමාරිත් එක්ක කනෙක්‍ෂන් නෑ බං මම ඒකිව බ්ලොක් කරවුවා . ඒකිගේ ගෙදර ගිහින් කාලා බීලා කෝමද බං ඒකි අඬනකොට අහක බලන් ඉන්නේ ඒ නිසා බ්ලොක් කරවුවේ .
    .............................................................................................................................
    @අනූ = කියලා වැඩක් නෑ අනූ ඒ ගැන නම් රණමලා ඒ අතින් හොඳ තීරණ ගන්ඩ හැකි එල බුද්ධිමත් කොල්ලෙක් ඌට ඒ බුද්ධිය ලැබිලා තියෙන්නේ නිතරම මගෙත් එක්ක ඉන්න නිසා තමයි ඉතින් නේද ?
    .............................................................................................................................
    @කතන්දර කාරයා = ඔන්න ඉතින් කකාත් මට මොත්තෙ දානවා . අවුලක් නෑ අද මම ආතල් එකේ ඉන්නේ කකා කරපු නොවරදින කපුකමක් නිසානෙව . බ්ලොග් එකේ හෙන අවුලක් තිබුනා කකා . ඊයේ රෑ බොහොම වෙහෙස වෙලා ඒක හරිගස්සාගත්තා දැන් බ්ලොග් එක නොලීවත් අප්ඩේට් වෙයි .

    ReplyDelete
  31. Anonymous = නෑ ඒක බේගලක් නෙවෙයි මචං පුරෝපු පතුරන් වලින් වෙඩි තීවාම එක පතුරමක් අස්සෙන් මූනිස්සම් විස්සක් විතර එලියට විදිනවා . මම පොඩිකාලේ දඩමස් කනකොට ඔය මූනිස්සම් නිතර හැපෙනවා . මම ආසාවට එවුවා හපන එකමයි වැඩේ . දැන් නම් ඉතින් දඩමස් අඩු නිසා කොහෙද මූනිස්සම්
    .............................................................................................................................
    @pamudithazenanjana = ස්තූතියි සුදා කියෝලා කමෙන්ට් එකක් දාලා අපිට සප් එක දුන්නට
    .............................................................................................................................
    @Anonymous = තැන්කූ තැන්කූ මචං
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි වේවා ඇනෝ මචං . ඔහේ වින්ද අදැකීම ලීවා උඹලට ඒක ගතිනම් මට හැපී
    .............................................................................................................................
    @සමී = තැන්කූ සමියා අවුදින් අදහසක් දුන්නට
    .............................................................................................................................
    @Sajith Lab = මොනා කරන්ඩද ලාලු මට පාත් වෙන්නෙම ඔයිං එවුවානේ
    .............................................................................................................................
    @Praසන්ன = අඩේ ඒම කරන්නෑ අපි උඹලත් දවසක අපිත් එක්ක අඩියක සෙට් වෙලා බලහල්ලාකෝ අපි අරක්කු වලට පැස්ටොල් මාරු කරනවාදැයි කියලා . :) එනිවේ ස්තූතියි මචං
    .............................................................................................................................
    @ඉවාන් පව්ලූශා = අපිට ඉතින් වෙන්නෙම ඔහොම දේවල් තමා මිත්‍රයා . හිනා වෙන්ඩ හැකි දෙයක් වුණොත් ඉතින් බොහොම කලාතුරකින් තමා ඉතින්
    .............................................................................................................................
    @සරත් ලංකාප්‍රිය = මුලින්ම අපි ගොඩ ගිහිල්ල අහවර වුණාමයි අපිට අනෙක් එවුන් ගොඩ දමන්ඩ හයිය ලැබෙන්නේ නැත්තං දෙගොල්ලනටම ගිලෙන්ඩයි වෙන්නේ නැද්ද අයියා ?
    .............................................................................................................................
    @Soda ගුනේ = අනිවා අනිවා ඌ ඔය තීරණය නොගත්තානම් ඌත් අමාරුවේ වැටිලා අපිත් අමාරුවේ වැටිලා හතර වටේටම කෙලවෙනවා . ඒ නිසා ඌ බොහොම පරෙස්සමෙන් කාටත් කරදරයක් නැතුං අයින් වෙච්ච එක වටිනවා
    .............................................................................................................................
    @අපූර්වී = කියෝලා කමෙන්ට් එකක් දීලා සප් එකක් දුන්නට ස්තූතියි මෙයා
    .............................................................................................................................
    @Anonymous= ස්තූතියි මිත්‍රයා අදහසක් දීලා ගියාට
    .............................................................................................................................
    @Anonymous = ස්තූතියි ඒකත් බොක්කෙන්ම !
    .............................................................................................................................
    @arugeadaviya = ස්තූතියි මචං . අමු අමුවෙන්ම අපිව වර්ණනා කරාට . මෙතැන් සිට දිගටම මාසෙට එක කතාවක් හරි දමන්ඩයි මම හිතාගෙන ඉන්නේ .
    .............................................................................................................................
    @Prasanna Rathnayake = ජයම වේවා මචං

    ReplyDelete
  32. වෙනදා වගේම හක්ක රිදෙනකම් හිනාවෙවී කියොකියෝ හිටි මට උබ එක පාරටම කනට ගැහුව වගේ වැඩක් උනා මලේ....නමුත් ජීවිතයෙ නොපෙනෙන ඇත්ත ඔතන තියෙනව.අපිට ඒක හැම වෙලාවෙම පේනව අඩුයි.මම වඩාත්ම කැමති අපේ ගැමි ගතිය නොඅඩුව උබේ සටහනේ පෙන්නන නිසා...දිගටම ලියාපන් මලේ..උබට සදා ජය.ආ කියන්න අමතක උනා.මම උබට පොරොන්දු උන එක තව මාස කිහිපයකින් ලන්කාවට එනකොටම ගෙනත් දුන්නොත් තරහද?..එක මම ගානෙ උබට තෑග්ගක්....

    ReplyDelete
  33. මම උඹේ කතා කියවන්නේ වැඩේ වේගෙකින් නෙවෙයි, මොකද ඔය උම්බලකඩ කෑලි, සුදු ලූණු, තලලා දාපු ඉඟුරු කෑලි, ගොරක, කුරුඳු පොතු හෙම මිස් වෙයි කියලා බයට.

    අර රවී කිව්ව නෑ දෑ කම නම් හදපං සඳරූ. අපේ පැත්තේ කියන්නේ මහප්පා කියලා තාත්තගේ මල්ලි බාප්පා.

    ReplyDelete
  34. හ්මදාම මෙක තමයි උබෙ වටිනාකම.කවුරුවත් නිහිතන අවසානයක් දෙනව.නියමයි සදරු.

    ReplyDelete
  35. හුටා මේ තියෙනෙන් යකූ 2..
    මගේත් ඒ කියන්නෙ අප්ඩේට් වෙලා තියෙන්නෙ පරක්කු වෙලා.
    උඹේ කථා වල කථාව පුරාම අපිව හිනස්සල, අන්තිමේ කඳුලක් දීලා තමා ඉවර කරන්නෙ . ඇයි බන් ඒ???

    "කට වහං ඉඳින් . වලි කුකුළට වෙච්චි දේ දැක්කානේ .”---------> මේක දැක්කම හිනා කාල මැරෙනවා බන්

    ReplyDelete
  36. උබෙ බ්ලොග අප්ඩෙටෙ නොවිමෙ අවුලක් තිබිල තියනො මචො.පහුගිය පොස්ට් දෙකම මට අප්ඩෙටෙ උනෙ නැ

    ReplyDelete
  37. සල්ලි නිසා අපි අසරණ වෙන තරම් .. (මේ මගේ පළමු කොමෙන්ටුව, ඔබේ ලිවීම හරිම රසවත්)

    ReplyDelete
  38. කොටස් දෙකම අද කියෙව්වේ.. සඳරු, මාත් උඹලගේ ගමේ, ඇල ඉවුරේ, කඩේ පිටිපස්සේ හෙම උඹලත් එක්කම හිටියා මේ ටික වෙලාවේ.. උඹට ලියන්න තව තව කාලය ලැබේවා...

    ReplyDelete
  39. කතාව කියවගෙන යද්දි මුලින් මුලින් රණමලාගෙ ගැන පොඩි අප්‍රසාදයක් තිබුනත් මටත් පස්සෙ හිතුන රණමලගෙ තීරනේ හරි කියල.ආදරේ ,කසාදෙ මොකක් වුනත් කෙනෙක් තවකෙනෙකුගෙන් මේ වගෙ දේවල් බලාපොරොත්තු වෙන එක වැරදියි.පුළුවන් උදව්වක් කරන එක වෙනම දෙයක්.කොහොමටත් මට අර කෙල්ල ගැනත් පොඩි දුකක් නැතිවාම නොවෙයි.මෙහෙම ප්‍රශ්නෙකුත් තිබෙනවා.මිනිස්සු හරිම සංකීර්නයි.පිටතින් බලලා අහිංසකයි කියල හිතන්න බෑ.අර සෙක්කු පීරිස් කිව්ව වගේ ලෝකය රඟ හලකි එහි වෙසෙන්නෝ නළුවෝය කිව්වෙ.රණමලා අහිංසකය නම් කෙල්ල ඌව අඩියටම හින්දවන්නත් ඉඩ තිබුන.එහෙම වෙලා වෙන එකෙක් එක්ක යන්නත් ඉඩ තිබුන.කඩවුනු පොරොන්දුව චිත්‍රපටියෙ වගේ.

    ReplyDelete
  40. සල්ලි..!
    ඉස්සරත් කසාද හොයනකොට....මුලින්ම බලනවලුනෙ..පවුලේ කාට හරි..පිස්සු,අබ්බගාත,ගොලු,බිහිරි අය ඉන්නවද කියල..දැන් බලනකොට ඒවයෙත් සත්‍යක් තියෙනව..!

    ReplyDelete
  41. ලස්සන කතාවක් මචන්...උබයි මායි එකම ගම්පත්තුවේ ඉදල තාම මුනිච්චි නොවුන හැටි බලහන්කො...

    ReplyDelete
  42. වෙනදා වගේ ඉදියි කියලා හිතුවට හුඟක් දේවල් හිතින් අයින් කරන්න සෑහෙන අමාරුයිනේ සදරුවෝ.. පළවෙනි කපුකම හරිගියේ නෑ කියලා අසාර්ථක වෙන්න එපා.. පුළුවන්නම් ඌටම වෙන එකක්ම සෙට් කරලා දියන්..

    ඒක නෙමෙයි.. මේකේ පළවෙනි එක මට අප්ඩේට් වෙලා නෑ බං.. දැනුයි මේ දෙකම එකට අල්ලලා කියෙවුවේ මම..

    ReplyDelete
  43. සදරුවා මේ කමෙන්ට්බොක්ස් සිස්ටොං එක වෙනස් කරහං. සාමාන්‍ය විදියට. මේ මගුල නිසා ලොකු සාකච්ඡා ඇහිරෙනවා ඇයි බං රිප්ලයි කරන්න බෑ නේ එතනම... ටිකක් හිතල බලන්න සුදෝ..

    ReplyDelete
  44. රණමල් ට එයාගේ දෙමාපියන් වගේම මල්කුමාරිට එයාගේ දෙමාපියන් ඕන. ඒ නිසා එයා බලන්නේ කොහොම හරි එයාගේ තාත්තාව සනීප කර ගන්න.ඒත් කසාද බඳින්නේ වත් නැතිව තාත්තා හොඳ කර ගන්න එක ගැනම කතා කරන එක වැරදියි.සල්ලි තිබුනත් නැතත් එහෙම නිතරම කියද්දී එපා වෙනවා නේ.

    කොහොම වුණත් ඇත්ත ඇති සැටියෙන්ම මල් කුමාරිට කිවුවා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.එතකොට අඩු තරමේ කවදා හරි මල් කුමාරිට වෙන, හරි යන සම්බන්ධයකදී වත් එයාගේ පවුලේ තත්ත්වය කියලාම කැමති නම් දිගටම සම්බන්ධය තියා ගන්න පුළුවන් නේ.

    රණමල්, මල් කුමාරි අත් හැරිය එක ගැන නම් මම අදහස් දක්වන්නේ නැහැ.ඒක එයාගේ කැමැත්ත.ඒත් මං කළින් කීවා වගේ මල් කුමාරිට අයිතියක් තියනවා සම්බන්ධය නතර කළේ ඇයි කියලා දැන ගන්න.ඒක මගේ අදහසක් විතරයි.

    මොකද මට හිතුණේ මම මල් කුමාරි වුණා නම් කියන අදහසෙන්....

    ReplyDelete
  45. රණමලා කෙල්ලව අතඇරපු එකට ඌට සාධාරණ හේතුවක් තියෙනව. ඒක වැරදී කියල කියන්න බෑ... හැබැයි ඌ ඒක කරපු විදිහ වැරදී... මෙන්න මේ හින්දයි මේක නොවෙන්නෙ කියල කෙල්ලට කියන්න පුළුවන් කමක් ඌට තියෙන්න ඕන...

    ReplyDelete
  46. ඇයි බං කෙල්ලගෙ තාත්තව ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට එක්ක යන්ඩ කියහංකෝ.කොළඹ එනවනං 59 වාට්ටුව.යන එන ගමනට විතරනේ බං සල්ලි යන්නේ.නැත්තං ඔය ළඟ පාත ඉස්පිරිතාලෙක.

    ReplyDelete
  47. කථාව කියෙව්වහම නම් හුඟක් දුක හිතුනා ... හරිම අපූරුවට ලියලා තියෙනවා ...

    ReplyDelete
  48. අපිට ලස්සන කතාවක් උනාට ඔයාගේ යාලුවට ගොඩක් දුකහිතුන සිද්දියක් වෙන්න ඇතිනේද. මොනව උනත් රණමල්ට හොඳ girl කෙනෙක් හම්බවෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  49. හිඟුරානේ පෙරන රවුන්ඩප් කියන එක ඔය තරම්ම අවුල්ද බං ? ලබන පාර බීලා බලන්ඩ ඕනේ....

    ReplyDelete
  50. ලස්සන කතාවක් :) . අපි වෙනුවෙන් ලීවට ස්තුති.

    ReplyDelete
  51. රනමලාලගේ මල්කුමාරිලාගේ වගේ ආදර කතා කොතෙකුත් ඇතිවෙලා නැතිවෙලා යනවා ඇත්ද?
    මේ ලෝකයේ අපි හිතන දේවල්ම වෙනවානම් ලෝකය කොච්චර සුන්දර වෙයිද?
    ආදර කතාවකදීත් දෙදෙනාම තේරුම් ගත යුතු කටුක ඇත්ත ඒකයි...
    ජය වේවා සදරු....

    ReplyDelete
  52. අනේ මේ ජීවිත මොන තරම් සරළද කියලා උඩ ඉදන් කථාව කියවගෙන මැද හරියට එද්දි මට හිතුනෙ මෙදා පොටේවත් මේ කාරිය යහපත් ආකාරයෙන් විසදේවි කියලා...ඒත් අන්තිම හරියෙදි ඒකටත් කෙළ වෙලා. හැබෑටම සදරුවො මොකෝ බන් හැම වෙලේම අන්තිම මොහොතෙ කොකා ගැස්සෙන්නෙ.....මොනා උනත් මාසෙකට සැරයක්වත් යමක් ලියන්න බලමු...බොට ජය !

    ReplyDelete
  53. වළාකුලු උඩ ඇවිදින මිනිස්සුනට . පොළවෙ පය ගහල ඉන්න උඹගේ අත්දැකීම් . ජීවිතේට හරි අපූරු දේවල් එකතු කර්ව්න බන් ..
    …ජයවේවා

    ReplyDelete
  54. hamadama wage niyamae sandaru aiye., oyage post akak danakam balan inne api :)

    ReplyDelete
  55. සෑම් : මචන් උඹට හිතෙන්නෙ නැද්ද ,ලේඛකයෙක් වෙන්න , ඔක්කොටම සල්ලි තමයි , හැබැයි බ්ලොග් එකෙන්ම උඹේ ආසව කියල දාහන්, ඔය විදියට අත්දැකීම් අකුරු කරන්න පුලුවන් මිනිස්සු ලොකේ අඩුයි.පොතක් ගැහුවොත් මම අනිවා ගන්නවා කොපි දෙක තුනක් වත්

    ReplyDelete
  56. ado patta kathawa ban.awasanayanam dukak thama.loke hati wenasa karanna bane ban.ranamala weraddak kiyanna ba.monawa unath kathawa wenada wagema thama patta.

    ReplyDelete
  57. කමෙන්ට් දුන්න සෙට් එකටම ස්තූතියි !.. හමෝටම උත්තරයක් දෙන්ඩ බැරි වුණාට සමාවෙයල්ලා .. ඊලඟ කතාවේ ඉඳන් කස්ටියටම උත්තර දෙන්නම්

    ReplyDelete
  58. උබ ඔය වෙච්ච සිද්දි එලියට දාන විදිය තමයි උබේ සාර්තකත්වය...බොක්කටම වදින්න කියනව....සදරුවෝ උබේ කතා කියල ඉවර වෙනකොට අපිත් අපිට නොදෑනීම ඒ ඉසව්වට හිතින් ගිහින් ඉවරයි....පුලුවන් වෙලාවක ඈවිත් අපිට කියවන්න දෙයක් ලියල යන්න....මේ කතාව ගෑන තනි වචනෙන් කියනව නම් "පට්ට"

    ReplyDelete
  59. This comment has been removed by the author.

    ReplyDelete
  60. මම බ්ලොග් කියවන්න ගත්තෙත් මුලින්ම සඳරු අයියාගෙ හිස් අහස කියවලා ඇති උන ආසාව හින්දා... කාලෙකින් ජංජාලෙ නැතුව හිටියා සෑහෙන කාලයක්... ආයෙ ආපු ගමන් කොරේ හිස් අහස බලපු එක..
    ආයෙ ලියන එක ගැන සතුටුයි..

    ReplyDelete
  61. කොහොද සඳරු ගිහින් හිටියෙ? නොලිය ඉන්න එපා .දිගටම ලියන්න. කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා. හිනාවෙවී කියවලා ඔළුවට මහ බරක් අරගෙනයි යන්නෙ. ඒකයි සඳරුගෙ ලිවිල්ලෙ මහිමාව!
    ජය!

    ReplyDelete
  62. එල එල අයියා ,, අපි බලන් ඉන්නවා අප්ඩෙට් වෙනකම්

    ReplyDelete
  63. හුටා මක්කයි යකෝ ඒ කලේ.. සෝයි එකට ලියං ආව ලව් එක තප්පරෙන් දහෙන් පංගුවක්දාල ඉවර කලේ? හපුයි

    ReplyDelete
  64. ekenma pattai ah....adenawa,,,, thiththa unath atta ekai.......

    ReplyDelete
  65. දුප්පත්කම අස්සේ අවංක ආදරේට කිසිම තැනක් නෑ

    උඹ දෙන ටෝක් වලට බඩ පපුව රත් වෙනවා යකෝ! ඇයි මේ වගේ ඇත්ත දාන්නේ! යකෝ! හැමතැනම තියෙන්නෙ දුක! ඉදලා හිටලාවත් හිනාවෙන්න එකක් දාපං! නෙදකිං! උඹෙ සීරියස් ටෝක් වලට මගෙ බඩ පතුව පත්තු වෙනවා බං!

    (කතාව නං වෙනදා වගේම උපරිමයි!)

    ReplyDelete
  66. සිරාවටම හිතේ මොකක් හරි තැනකට උඹේ මේ ඉස්ටෝරිය ගැඹුරින්ම දැණුන කියල හිතෙන්නෙ යාන්මින් ඇස් තෙත් වෙනව වගේ නිසා. මේ පෝස්ට් එක විතරක් නෙවෙයි මම උඹේ හැම පෝස්ට් එකක් ම කියවල තියේ මම හිතන්නෙ.ඒ් මට කමෙන්ට් කරන්න හිතුණෙ නැත්තෙ මගේ සහජ කම්මැලිකම නිසා මිසක් අනිත් පෝස්ට් ලස්සන නැති නිසා නෙවෙයි.මම බ්ලොග් කියවන්න ඇබ්බිසි උනෙත් උඹේ පෝස්ට් නිසා.දිගටම ලියන් පලයන් බොක්ක. දුකයි ඒත් කියවන්න ආසයි .ආයෙත් කියනව දිගටම ලියං යං. මොකා මොනව කිව්වත් සල්ලි තමයි සේරම.
    ලිවිල්ලෙන් ලබන සතුට ඇරෙන්න වෙන මොන ලබ්බක් වත් උඹට මේ බ්ලොගෙන් ලැබෙන්න නැති විත්තිය දැනදැන මේ තරම් කල් කමෙන්ට් නොකරන්න තරම් කුහක උන එක ගැන සමාවෙයන්.දිගටම ලියපන් පුලුපුලුවන් වෙලාවට.

    ReplyDelete
  67. අඩේ මමත් FB එකෙන් මගුල් කාපු එකෙක්

    ReplyDelete
  68. බොක්ක හීතල උනා බං

    ReplyDelete
  69. කො බොල අලුත් කතා

    ReplyDelete
  70. හුඟ දවසකින් අලුත් කතා නැ ...තව එකක් ලියහන්කෝ ...

    ReplyDelete
  71. අදමයි මේ පැත්තෙ ආවෙ. ඒ "බොර දියක ඉඳුවර" ලියන සඳරු මල්ලිගෙ මගපෙන්වීමකින්. මේ කතාව හරිම රහයි. මෙතෙක් කල් මේ බ්ලොග් අඩවිය මගහැරුනු එක ගැන දුකයි. ඔන්න දැන් ඉඳන් යාවජීව සාමාජිකයෙක් උනා.

    ReplyDelete
  72. සල්ලි නැති නම් අද කාලේ කව කරන්නත් බැහැ. කොහොම කිව්වත් එක තමයි ඇත්ත

    ReplyDelete
  73. hmmm
    kollaa gaththa theeranea hariyi kiyalath hithenawaa

    ReplyDelete
  74. සිංහල බ්ලොග් එකක් ලියන්න අසාව ඇති උනේ අයියගෙ බ්ලොග් එකෙන්...ඔයාට සුභපතනවා අයියේ...

    ReplyDelete
  75. මොකද බන් මල්ලියේ සද්දයක් බද්දයක් නැත්තේ. අවුරුදු සරු ද. මේ අහා හෙම ඇවිත් ගියේ නැතෙයි.

    සඳරුගේ කතා ගොඩාක් ඒවායේ දුප්පත්කම කියනෙක අන්තිමට මතු කරල පෙන්වන එක හරි සංවේදී. දුප්පත් වුනත් ඒ මිනිස්සුන්ගෙ හිත් කොච්චර සුන්දර ද සිහිනයෙන් මිදිල යථාර්ථයේ පය ගහන් ඉන්න මිනිස්සු කියල පෙන්වන හැටි හරි අපූරුයි.

    ඉතින් සඳරුට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා....හරිය.

    ReplyDelete
  76. වෙසක් 2014

    ReplyDelete
  77. යකෝ බොට කරදරයක්වත්ද ? මොනවා හරි ලියපන්කො බං

    ReplyDelete
  78. කමෙන්ට් එක දාන්නෙනම් මේක ලියවිලා මාස ගානකට පස්සෙ. ඒත් සඳරු මේ කාලෙ වරින් වර ඔයාගෙ පෝස්ට් ගොඩක් කියෙව්වා. අපේ ගම් පළාතට ඉතාම සමීපනිසාත්, ඔයාලගෙත් අපේත් පරිසරය, භාශා විලාසය, වගේ මේ හැමදේම ගොඩක් සමීප නිසාත් ඔයා ලියන දේවල් අනිත් හැමදේටම වඩා බොක්කටම වදිනවා. කියවන්න ආසා හිතෙනවා. අනික අග නුවරින් බොහොම ඈත අපි වගේ උන් කියන බ්ලොග් කියවන්නත් ආස හිතෙනවා. මොකද ගොඩක් බ්ලොග් රචකයෝ අගනුවරට සීමාවෙලා ඉන්න නිසා.

    කියන්න ඕනි අනික් වැදගත්ම කරුණ නම් ඔයාගෙ ලිවීමේ ශෛලය ඉතාම සිත්ගන්නා සුලුයි. විශේෂයෙන්ම ඔබ අපිට සමීප අපේ ගම් පළාතෙ භාශා ව්‍යවහාරයෙන් මේවා ලියල තියෙනවා. බොරුවට පොශ් වෙන්න දඟලන අපේම එවුන් එක්ක බලනකොට උඹ ලඟ තියෙන අපේ කම ගැන, ඒකට ලැජ්ජා නොවී ඒක ආබරණයක් කරගෙන ඉන්නෙක ගැන පට්ට සතුටුයි මචං.

    ජයෙන් ජයම වේවා.

    ඉක්මනට අලුත් පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
  79. sadaru mama me blog eka kiyawanne Colombo inna kale idalamai. eth dan mama inne ampare. ampare kenek liyana blog ekak kiyaweemath satutak

    ReplyDelete
  80. මාතලන් මාමගේ පොස්ටුවක හිස් අහස ගැන වර්ණනාවක් දැකලයි හොයන හොයන ආවේ..උබේ ලිවිල්ල නම් සුපිරි මචෝ...ෆලෝ පාරක් දාලා බූක් මාර්ක් පාරකුත් දාගත්ත... පරණ ටික ඔක්කොම කියවන්න ඕනි...දිගටම ලියපන් සහෝ උබට ජය

    ReplyDelete
  81. ඇයි බන් ජනවාරි වලින් පස්සෙම ලියන්නෙ නැත්තෙ? අපි බලාගෙන ඉන්නවා අයෙත් ලියපන් ඉක්මනට.දවසම කට්ට කාලා හවසට සැනසෙන්නත් එක්ක හිස් අහස කියවනවා.උඹ ලියපු පරණ කතා අයෙ ආයෙත් කියවනවා.ඇයි උඹ ලියන්නෙ නැත්තෙ? උඹට මොකක් හරි අව්ලක් වත්ද?

    ReplyDelete
  82. හ්ම්ම්....කතන්දරේ නම් දුකයි සඳරු....

    ඇයි කාලෙකින් නොලිවුවේ...

    ReplyDelete
  83. godak kalekin awe malli. great story.

    ReplyDelete
  84. ey aiye liyannaththe

    ReplyDelete
  85. සඳරු , නොලිව්වත් කමක් නෑ ඇවිත් හොඳින් ඉන්නවා කියල පලයං.

    ReplyDelete
  86. සුපිරියටම ලියල. එක හුස්මට කියෙවුවෙ. ජය වේවා මලේ

    ReplyDelete
  87. හොදින් ඉන්නවද කියලාවත් කියපං.

    ReplyDelete
  88. මචං සදරු....
    උඹට මක් වෙලාද... සතියකට සැරයක් හිස් අහසට ගොඩ වෙලා අළුත් දේ සොයන මට දැන් එපා වෙලා.. උඹ එනවද නැද්ද.. උඹ අපිව අනාත කලා වගේ ඈ... ඉවසලා බැරිම තැනයි මේ කියන්නෙ... තෝ ඉක්මනට පෝස්ට් එකක් දානවද නැද්ද... ඇයි යකෝ... ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න ඇහැක්ද... මාසයක් දෙකක්නම් කමක් නෑ.. මාස අටක්.... අඩේ තරහට කියෙවුවා මිසක් උඹ හොදින්ද අහන්නත් බැරි උනා.......

    ReplyDelete
  89. දැන් මට රැජින පත්තරෙන් සල්ලි ගෙවනවා. උඹලා වෙනුවෙන් ලියලා මට මොනවද ලැබුනෙ? නිකම් පුක නොදී පලයන් පොන්නයෝ

    ReplyDelete
  90. මේ කමෙන්ට් එක දැම්මේ සදරැ නෙවෙයි කියලා දන්න්වා එත් මේ වගේ අවජාතක බල්ලේා ඉන්න එක ගැන ගොඩක් කනගාටුයි.සදරු ආයේ ලියන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්.අපි බලාගෙන ඉන්නවා

    ReplyDelete
  91. ආයේ ලියන් නැහැ පොන්ස්

    ReplyDelete
  92. කෝ යකෝ තෝ?????? මැරුණු තැනල්කින් වර මැරුණවත් කියලවත් කියල යන්න.

    ReplyDelete
  93. ai bn liyanne natte....ehema karanawanam apiwa danuwath karapan

    ReplyDelete
  94. සදරු ..උබට මොකද වෙලා තියෙන්නේ? උබ හොදින්ද ? ඇයි උබ දැන් ලියන්නේ නැත්තේ ?ලියන්නේ නැති උනාට කමක් නැහැ ,උබට කරදරයක් නැත්නම් ඒ ඇති ,කොල්ල ..!!

    ReplyDelete
  95. මම පත්තරේට විතරයි ලියන්නෙ! මේ හුත්තේ බ්ලොග් කටු වල ලියන්නෙ නැහැ පොන්ස්

    ReplyDelete
  96. macho .. Kathandara blog eaken thama umbea blog eaka set unea ... man mula indalama post tika okkoma kiyewwa .. patta macho ... man dannea naha umba dan blog eakea comments balanawadawath kiyala ... ado liyapan bun .. dan mata nikan kawea biwwea naha wagea ubea post eakak kiyewwewa naththam ...

    DR

    ReplyDelete
  97. දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ...
    මා ඒකයි ඔබෙන් වෙන්වන්නේ...

    ReplyDelete
  98. කෝ .... මේ සඳරුවා........

    ReplyDelete
  99. Wow 😲 pattai.Kywann patn gtta kthawda iwr une kyl hthenw. Supiri

    ReplyDelete
  100. //අපි 'හැමනියං' කාලෙකදීම මේ ගමට වැස්ස වැටෙන්න කියලා ප්‍රාර්ථනා කෙරුවා//

    එක පාරට මීටර් උන එකමද මන්දා උඹ අදහස් කොලෙත්

    ReplyDelete
  101. නියමයි සදරුවා මන් මේ කතා සේරම කියවන ගමන් උබේ හැම කතාවක්ම අපේ ජිවිත වලට ගන්න දෙයක් අන්තිමට ඉතුරු කරනවා .. දෙපාරක් හිතන්න හිතට ඉඩ දෙනවා

    ReplyDelete
  102. දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් සල්ලි වලටම විතරයි .දුප්පත්කම අස්සේ අවංක ආදරේට කිසිම තැනක් නෑ.! මම ඒ වග මේ කතාවෙදිත් හොඳට තේරුම් ගත්තා .

    ReplyDelete

තැන්කූ බං