23.12.14

ඇල ළඟ T කඩේ වෙච්චි වින්නැහිය




        මෙච්චර කාලයක් මහ ඇලේ එගොඩ මෙගොඩ යාකරලා දමලා තිබුණු මුරුංගා පාලම වෙනුවට රෝද හතරේ වාහනයකට මාරු වෙන්ඩ පුළුවන් විදිහේ අලුත් පාලමක් වැටෙනවාලු ඔය කතාව පට්ටලේ වැඩකරන නිශාන්ත අයියා හන්දියේ කඩේ ගාවදී කීවාම හැමෝගෙම හිත් වලට සතුටක් දැනුණා , නොදැනුණා

පාර මට්ටමේ ඉඳන් බලද්දි මහ ඇල හරි ගැඹුරුයි . මයෙ හිතේ මිම්මට ගත්තොතින් අඩි පාළොහක් , විස්සක් තරම් ඇති. අවුරුදු ගාණක් අපි මහ ඇලෙන් එගොඩ මෙගොඩ ගියේ අපිට හුරු පුරුදු මේ පුංචි මුරුංගා පාලමෙන් ඇත්තටම කීවොත් ඒක පාලමකටත් වඩා හැඩ හුරුකම් කීවේ මුරුංගා කරලකට ඒ නිසයි කවුරුත් ඒ පොඩි පාලමට මුරුංගා පාලම කියලා නම්බු නාමයක් දීලා තිබුණේ .පිට ගමකින් එන බයික් කාරයෙක් තමන්ගේ බයික් එක ඒ පාලමෙන් දැම්මේ බොහෝම කලාතුරකින් . මුරුංඟා කරල් වගේ හිත් ඇති මුරුංගා පාලමෙන් එගොඩ වෙන්න බැරි ඩයල් නම් හෑම වෙලේකම පාලම ගාව හිටපු රස්තියාදු කුපාඩි ළමා සමාජයේ කටගැස්ම වුණා .

"
මොනා බං අයියා උඹ කරන්නේ ? ඔය බයික්කේ සුස් ගාලා එක ජියරෙකෙන් දමාපන්කෝ මෙහෙට්ට ! " 

බයික් එක මුරුංගා පාලමෙන් දමාගන්න බැරිව තටමන ටවුමේ බයික් කාරයෙකුට පාලම ගාව කාලෙ කන කොලෙක් විටෙක එහෙම කියනවා .

"
බැරි නං අයියා දියං ඕක මං දමන්ඩ ! " 

විටෙක හොඳින් හෝ තවත් විටෙක බලෙන්ම බයික් එක උදුරාගත්තු කුපාඩි ළමයි, අසරණ බයික් කාරයාගේ බයික් එක මුරුංඟා පාලමෙන් අරගෙන දීලා බයික් කාරයාගේ පොකට් එකට තට්ටුවක් දාලා එකම එක සිගරට් එකක් ගැහුවා .

 අනේ ඒකටත් එක්ක අපි ..... විටෙක අරක්කු බීලා විටෙක මල් උරලා පයින් ගමනින් නැතිනම් බයික් හෝ පුස් බයිසිකල් කටු වලිනුත් අපි පාලම තරණය කළා . ඉඳලා හිටලා බයික් පෙරළාගෙන ඇල පල්ලේ වැටුණ අවස්ථා දෙකක් තුනක් නැතුවමත් නෙවෙයි ඒත් මුරුංඟා පාලමෙන් වැටිලා ඇඟ පතේ කැළලි විදිහට ඇඳෙන ඒ මතක සටහන්, පොඩි අඩියක් දාගත්තාම වටේටම පෙන්වලා පාලමෙන් වැටුණ හැටි කියාපාන්න සාක්කි විදිහට අපි කාටත් නොසෑහෙන්න වැදගත් වුණා .

 රෝද හතරේ වාහන නැති අපිට මහ පාලමකින් සත පහක වැඩක් නැති වුණත් කොහොමින් කොහොම හරි සංවර්ධනේ අපේ ගමටත් වඩින එක ගැන අපි නොසෑහෙන්න සතුටු වුණා . ඒ නිසාම පාලමේ වැඩ කටයුතු වලට අපි අපිට පුලු පුළුවන් විදිහට උපරිමයෙන්ම අපේ දායකත්වයත් ලබා දුන්නා .. වැඩ වලින් නම් නෙවෙයි කටින් . සතියකට දෙකකට විතර පස්සේ පාලම හදන්න ගල් වැලි ආදිය ගෙනල්ලා දැම්මා , අපේ ගමේ උදවිය රජයට පින් දීලා ගල් තාච්චි හතර පහක් (45ක්) වැලි තාච්චි දෙක තුනක් (23ක්) ඇන්න ගිහිං තමන්ගේ වත්තේ කොනක ගොඩ ගහගත්තා ... සංවර්ධනේ ගෙයි දොරකොඩට අවුදින් ඉද්දී මොකදෑ අපි නොදැක්කා වගේ ඉන්නේ ?                                                ..................

දවසක් හවස් යාමෙක මගේ යාළුවෙක් වෙච්ච ජගතා හන්දියේ කඩේ ගාවදී මට මුණගැහුනා . එවෙලේ මම හිටියේ මගේ බොක්කේ යාළුවා වෙච්ච රිපිටා එක්ක වැඩි සීනි ප්ලේන්ටියක් බොන ගමන් ..

"
සඳරුවා මම පට්ට වැඩක් දෙන්ඩ යන්නේ ඈ අදින් පස්සේ උඹලා මගේ කඩෙන් ප්ලේන්ටි බීපල්ලා මමත් හෙට ඉඳන් දානවා කඩයක් ! බුවහ් හ්හහ්හා" 

 වැඩි සීනි ප්ලේන්ටියෙන් මගේ හිත මධු මේහ තත්වයට පත් වෙලා ඉපිලෙමින් තිබුණ නිසා මම කතා කෙරුවේම නෑ . ඒත් මම යටි හිතින් හිතමින් උන්නා මූ කඩයක් දාන්නේ කොයිබද ? , මූ මොනා විකුණන්න යනවාද ? , මූ කසාදත් බඳීවිද ? , මගුල දා අපිට බොන්ඩ දේවිද ? , හිඟුරාණ අරක්කූ බොන්ඩ දැන් බෑ වගේ .. . . . මම ඔහේ විකාර හීන ලෝකෙක සැරි සරවුවා . 

මම කතා නොකෙරුව නිසා ජගතට පොඩ්ඩක් අවුල් ඌ හිතන්න ඇති මම ඉරිසියාවේ කියලා

"
අපි මොනා හරි කෙරුවොත් උඹලට ඇහෙන්නෙත් නෑ පෙන්නේත් නෑ . "ජගතා නොක්කඩු කීවා

"
ඌට පොඩ්ඩක් ඉන්න දියං බං ඌ උඹගේ කඩේට නමක් කල්පනා කරනවා ඌ මයිටා පාරක් කෙළලා ඔය ඉන්නේ . "මගෙ හොඳම යාළුවා රිපිටා මගෙ පැත්තට කතා කළා

ඔන්න එදායින් දවස් දෙක තුනකට පස්සේ ජගතා පාලම හදන තැන පුංචි කඩයක් දමවුවා .තනියම නෙවෙයි අපි සේරෝම දෙනා . ඒ ගොඩනැගිල්ල හදන්න ජගත්ට උදවු දුන්නා . පොල් අතුත් , කාඩ් බෝඩ් සහ පට්ටලේ යටින් අහුල ගත්තු පිට ලෑලි කෑලි එක්කාසු කරලා අපි හදාපු කඩ කාමරේ සමහරුන්ට පරණ කාලේ කක්කුස්සියක් විදිහට පෙනුණා වුණත් අපේ හිත හොඳටෝම දැනගෙන උන්නා මේක අපි වගේ කාලෙ කාල ආතල් ගන්න කොල්ලන්ටත් පාලමේ වැඩ කරන බාසුන්නැහේලා ගෝලයන්ටත් සුපර් මාකට් එකක්ම වේවි කියලා .

"
උඹලා කාටත් නොසෑහෙන්න පිං"  

ජගතා උගේ කඩේ හදන්න සප් එක දුන්න අපිට නොසෑහෙන්න පිං දුන්නා. . . . අපි උගේ පිටට තට්ටු කරලා කඩේ ඇතුළට ගිහින් බීඩි මිටියකට වැඩේ දුන්නා .

 අපේ නොමද සහයෝගය මැද ජගතගේ කඩ පොඩ්ඩ බොහෝම උජාරුවට පාලම හදන තැන රජ කළා . පාලම හදන කම්කරුවන්ට උදේ සහ දවල් කෑමත් , අත්‍යවශ්‍යම ද්‍රවය වෙච්ච බීඩි , සිගරට් , බුලත් විට , තේ .වගේම හවහට ආප්ප එක්ක කට දැවිලා යන කට්ට සම්බෝලයකුත් කඩේ ඉදිරිපස දොරින් පිවිසුණ අය ආසාවෙන් භුක්ති වින්ඳා .කඩේ පස්සා දොරින් ආපු උදවියටත් බෑ නොකියා පැල මයිටා , මුල්ල පටස් සහ, ටුඩේ ඉස්පැසල් ගල් කෝපි ,සහ ගුලි ආදියත් බෑ නොකියා විකුන්නා .

 මම ලෑලි කෑල්ලක "ඇල ළඟ T කඩේ" කියලා ලොකුවට කඩේ නම ලීවා. ලියලා ඒක කඩේ වහලට කිට්ටුවෙන් හතර දිබ්බාගෙටම පේන විදිහට සවි කළා . ජගත්ට නම් ඔනෑ වුණේ "දිය සිසිල කඩේ" කියලා දාන්න .. ඒත් මම තදින් කියාපු නිසා මම කියපු නම අන්තිමේ කඩේට දාන්න කවුරුත් කැමති වුණා

 මේ පුංචි කඩේ නිසා ගමේ කොල්ලෝ සෙට් එකටම හොඳ කල දසාවක් උදා වුණා . අපිට කයිවාරු ගහන්නත් බීඩි බොන්නත් හොඳ තැනක් සෙට් වුණා . සමහරුන්ට තමන් මෙතෙක් කල් හොරෙන් වගේ කරගෙන ගිය බිස්නස් එක කඩේ ඉඳගෙන එළිපිටම කරගන්න චාන්ස් එකක් වැදුණා . ඒකෙන් මේකෙන් අපි කාට කාටත් බිං කරුවල වැටෙන ජාමෙට බියර් ටින් එකක් හිඟුරාණ රවුන්ඩප් බෝතලයක් කෙළලා ඇඟපත පොඩ්ඩක් පදං කරගන්නත් පුළුවන් වුණා

හැමදේම හොඳින් කෙරීගෙන යන අතරේ එක දවසක මුස්පේන්තු උදේ වරුවක මම කඩේ ගාවට යද්දි එතන පොඩි කලබලයක් වෙලා තියෙන බව පෙනුණා .

"
මොනා බං උණේ ?" මම හනික විස්තර එකතු කළා

"
කවුද ඊයේ රෑ කඩේට පැනලා සීනි ගෝනි බාගේ හිල් කරලා . බඩු මුට්ටු සේරෝම එහේ මෙහේ ඇදලා දාල බං කඩේ ඇතුළේ ජෝගි නටලා .."  

මමත් හනිකට එබිලා බලවුවා . ඇත්ත තමා කඩේ පිට ලෑල්ලක් ඈත් කරලා කඩේට රිංඟාපු එකෙක් කඩේ කාබාසිනියා කරලා දාලා . බඩු සීසීකඩ විසි කරලා ගොම මැටි පිරියම් කල පොළව තැන් කීපයකින්ම හිල් කරලා .

"
මේක කරන්න ඇත්තේ 65හේ කොළණියේ හුthතිgEපුthaලා තමයි උන්ගේ පොඩි එකෙක් එදා මයිටා ඉල්ලාගෙන ආවම අපි බැනලා එලාගත්ත එකේ වාඩුව තමා මේ අරං තියෙන්නේ .." 
 අටේ ගෙදර වික්‍රම අයියා බලං උන්නා වගේ වෙච්ච සීන් එක සම්පුර්ණයෙන්ම අපිට පැහැදිලි කෙරුවා . අපේ ඇඟවල් ඇතුළේ මාළු නටවුවා ! .  

කොහොමත් අපේ කොලණියත් එක්ක එදා ඉඳන්ම වටේ කොලනි වල ඉන්න සේරෝම එවුන් පුදුම විදිහට අමනාපයි . උන් නිතරම කියන්නේ කොලනි අංක 17 කියන්නේ පඬියෝ රැළක් ඉන්න කොලනියක් කියලයි . ඔයිං මෙයිං 17කොලනියට හෑම තැනම හතුරෝ උන්නා .

"
වරෙල්ලා යන්ඩ කඩේ කඩවුව වාඩුව ගම්මු . "ඇවිස්සිලා හිටපු අපේ ගමේ බජාර් එක උදලු වල මිටවල් ගලවලා අමෝරාගෙන බයික් වල නැගලා 65 කොලියට රිටන් එක දෙන්න යන්න පිටත් වුණා .

"
වරෙන්ඩෝ සඳරුවා තෝ මොනා කරන්නේ එන්නෑද යකෝ ?" 

මගේ බයික් එකටම නැගලා ඒක මර හඬින් රේස් කරන ගමන් වෙලේ ගෙදර මහත්තයා මටත් සද්දෙ දානවා . මමත් දුවල ගිහින් ලෑලි පටියකුත් අමෝරාගෙන බයික් එකේ ඉඳගත්තා .

 අසූවට සීයට ඇදිලා ගිය බයික් සෙට් එක 65හේ කොලනියට නොගිහින් මුලින්ම ජගත්ලෑ වෙල පැත්තට ඇද්දුවා . වෙලේ අයිනක හංඟලා තිබුණ වෙලේ සුදා බෝතල් කීපයක් සප්පායම් වෙලා ජගත් ගේ කඩෙන්ම ගෙනා ලෑතර වගයක් බයිට් එකට ගත්තා . ඇඟපතට වඩා කටට පණ ගහලා එන වෙලාව ආපු ගමන් . අපේ අයියලා ආයෙමත් 65හේ කොලනියට රිටන් එක දෙන්න යන්න පිටත් වුණා . අපේ බයික් සෙට් එක වේගෙන් ගිහින් 65හේ කොළනියේ ඉන්න තුන් වැනියට ලොකුම ගණන් කාරයා වෙච්ච ගජන්තගේ වත්තට බයික් ටික හැරෙවුවා .

"
වරෙන්ඩෝ ගජංතයා එළියට !!! අද තොට ගහන්නේ වරිග තහංචියෙන් !"  

අමුතුම ආයුධයක නමක් කියාගෙන වෙලේ ගෙදර මහත්තයා ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයික්කෙන් බැස්සා. ට්‍රිබල් දාලා ආපු බයික්කේ පිටුපස හිටි මමයි රිපිටයි දෙන්නම එකපාරටම බයික්කෙත් එක්ක බිම වැටිලා කටවල් බිම ඇනුණා . බත් පිඟානක් අරගෙන එළියට බැහැපු ගජංතයාට අපේ බීමත් අයියලාගෙන් පොලු පාරවල් හතර පහක් එකදිගට වැදුණා කකා හිටි බත් එක වීසි කරලා ගජංත පිට කොන්දට වැදුණු පොලුපාරකුත් කාගෙන කැලේ පැන්නා . මමයි රිපිටයි දෙන්නා ගජංතගේ මිදුලේ වේල්ලෙන්න තියාල තිබුණ පරණ හෙල්මට් එකක් අතේ තිබුණු පොලු වලින් ගහලා කුඩු සංසාර කරලා නැති කරලා දැම්මා . කඩේ කඩපු පලිය අරගෙන අපි වීරයෝ වගේ ආපිට යන්ඩ හැරුණා

 එද්දි වෙලේ ගෙදර මහත්තයා මගේ බයික් එක බිම දමාපු එක මතකේ තිබුණ නිසා යන ගමනේදි බයික් එක පදින වැඩේ මම බාරගත්තා . මමයි රිපිටයි අසංකයි එක බයික් එකක නැගිලා කාටත් ඉදිරියෙන් තරමක වේගයෙන් ඉදිරියට ගියා .

"
අඩේ සඳරුවා ඇදපාං !!" මගේ පිටිපස්සේ හිටපු රිපිටා කෑගහපු සද්දෙ ඇහිලා ළඟ බලාන ගිය මම ඉදිරිය බැලුවා . දෙයියෝ සාක්කි පොලිස් මාමලා සෙට් එකක් හෙල්මට් නැතුං , පොලු අරගෙන , බයික් වල කට කපලා නැගලා එන අපේ නඩේ දිහෑ කටෙන් බලාන ඉන්නවා . ඒ තත්පරේම මම ක්‍රියාත්මක වුණා මම බයික්කේ වේගේ වැඩි කළා පිටුපස හිටි රිපිටා පොල්ල විසි කරලා පිටුපස අංක තහඩුව වහගත්තා . අපි තුන් දෙනා නතර වුණේ කඩේ ළඟටම ආවට පස්සෙයි 

 .. හැන්දෑ වෙද්දී ජගත් අපිව හොයාගෙන ආවා

"
මාර වැඩේ වෙලේ ගෙදර මහත්තයා පොලීසියේ !"

"
මොනා බං වුණේ කියපංකෝ "අපි කට්ටියම ජගතා වටේ වට වුණා

"
පොලීසියෙන් අත දැම්මට අනික් බයික් ඇදලා ගියා බයික් එක නතර කළාම වෙලේ ගෙදර මහත්තයා පණ්ඩිතයා වගේ බයික්කෙ නවත්තලා සීන් එක පොලීසියට කියලා ."

"
මොනා ඌ කීවේ ඌ ගම කෑවාය ?"  

ඌ කියලා . "රාළහාමි අපි ගියේ රාලහාමිලා කරන්න ඕන ඩියුටියකට . අපේ කඩේට ආපු 65 කොලනියේ පොඩි කොල්ලෙක් පැල මයිටා (gන්ja ) ඉල්ලවුවා . පොඩි එවුන්ට ඔවුව දෙන්ඩ බෑනේ රාලාමි අපි ඌව බැනලා එලවවුවා . මූ ඊයේ රෑ අවුදින් කඩේ කඩලා රාලාමි . අපි ගියේ පොඩ්ඩක් බය කරලා එන්න ."

"
මරු .. ඊට පස්සේ මොනා වුණේ ?"

"
ඊට පස්සේ උන්දෑ පොලීසි . හෙට ඇප දීලා ගන්ඩ බලන්ඩ ඕන" බීපුහාම කටට බ්‍රේක් නැති අයියලා ඔනෑ තරම් අපේ ගම් වල ඉන්නවා . වෙලේ ගෙදර මහත්තයා ඉන් එකෙක් විතරයි .  

එදා රෑ අටට විතර මමයි රිපිටයි දෙන්නා ඇළෙන් නාගෙන ගෙදර එන ගමන් කඩේ ගාව බංකුවේ ඉඳගෙන අතේ තිබුණ සිගරට් එකක් බොන්න ලැහැත්ති වුණා .. එතකොට තමා අපිට ජගත්ගේ කඩේ ඇතුළෙන් සර බර ගාලා සද්දයක් ඇහුනේ . අපි දෙන්නා පොලවටත් හොරෙන් අඩිය තියන ගමන් හෙමීට කඩේ ඇතුළට එබුණා . අප්පට සිරි තඩි වල් ඌරු නාම්බෙක් කඩේ ඇතුළේ බඩු මුට්ටු පෙරලනවා . මට වෙච්ච සීන් එක මුල ඉඳන්ම මීටර් වුණා . අපරාදේ වල් ඌරු නාම්බෙක් හන්දා නිකරුණේ අහිංසක (ඒතරම් අහිංසකත් නැති) කොල්ලෙක් ගුටි කෑවා . 

අපි හෙමීට ඒ ළඟම තිබුණු වනිගෙ අයියගේ ගෙදෙට්ට දීවා . වනිගෙ අයියාවත්, උන්දැගේ අච්චු තුවක්කුවත් අඬගහගෙන කඩේ ගියපු වල් ඌරා ඉන්න තැනට එන්න අපිට ඒ හැටි වෙලාවක් ගියේ නෑ . දඩයමක් කීවොත් අපේ අයියලා ඉගිල්ලිලා වුණත් ඒවි .  

ඒ තඩි ඌරු නාම්බා වනිගෙ අයියාගේ වෙඩි එක පාරින් මියැදුනා . වෙඩි සද්දෙට එතනට එක්කාසු වෙච්ච උදවියට ඌරගේ ඇඟේ තියෙද්දිම මස් කිලෝ හතර පහක් විකුණලා රවුන්ඩප් බෝතල් හතරක් ලැයින් කරන්න රිපිටා කටයුතු කළා .

 එදා රෑ එකොළහ පයිනකොට තඩි වල් ඌරු මස් හැළියක් වටේ එකමුතු වෙච්ච කොලනි අංක දා හතේ තරුණ කැල පරණ කතා, පුරසාරම් ආදිය කියමින් රවුන්ඩප් සොට් එක දෙක ලැජ්ජ නැතිව වනමින් හිටියා . තම්බාපු මඤ්ඤොක්කා හැළියක පතුල පේන මට්ටම කිට්ටු වෙද්දි , ඌරු මස් හැළියෙ බාගයක්ම අඩු වෙද්දී, බෝතල තුන හිස් වෙලා කට්ටිය නිච්චි නැතිව කියෝ කියෝ උන්නා .

"17 pa
yo බැහැපියවු එළියට චණ්ඩිනං වරෙවු !"


ගම දෙදරවාගෙන හෙණ හඬකින් පරුස වදන් වනාගෙන, 65 කොලනිය අපිව හොයාන අවුදින් තිබුනා .

 පදමට මත් වෙලා උන්නත් ඒ ඇවිදින් උන්නේ 65 කොළනියේ මැර හමුදාව කියලා අඳුනගන්න අපිට බැරි වුණේ නෑ .. අපි ඌරු මස් හැළියත් , මඤ්ඤොක්කා හැළියත් පරිස්සම් කරගෙන කැලේ මැදින් බඩ ගාමින් ගිහින් වෙල කෙලෝරේ තිබුණ ජානකගේ පැලට රිංඟගත්තා . පහුවදා උදේ වෙනකං කංසා දුම් බොමින් කමින් සද්ද නොකර උන්නා . කංසා මල් වලින් අපේ හිත් සාමකාමි නොවෙන්න අපේ අත් වලින් 65 කොළනියේ කීදෙනෙක් මියැදෙන්ඩ තිබුණද කියලා අපි කල්පනා වුණා .. සත්තයි කංසා කියන්නේ "සාමදානයේ සැතපෙන සාමකාමී පානය" බව මට ඒ මොහොතේ අවබෝධ වුණා

 පහුවදාට එළිය හතර වටින්ම වැටෙනකං බුදියෑව අපි පස්ස පැත්තට අවුව වැටුණාම අවදිවෙලා හන්දිය පැත්තට ගෑටුවා . අපි හන්ඳිය ගාවට ගිහින් එතන වෙච්ච කතා බහ කනේ තියාගෙන කෙළින්ම අපේ ඇල ළඟ T කඩේ බලන්න දීවා ....

කඩ පොඩ්ඩ කෑලි කෑලි වලට කැඩිලා ලෑලි කෑලි ඇලේ වතුරේ පාවේවී තිබුණා . හෙවිලි කළ පොල් අතු විදුලි කම්බි වල එල්ලිලා ලෙලදුනා . ආප්ප පුච්චපු තාච්චියට පිරෙන්න කවුදෝ එකෙක් හුජ්ජ කරලා තිබුණා . පිටි මුට්ට භාගයක් ඇල අයිනේ මඩ වළකට වැටිලා පිටි පිපිලා ඉදිමිලා තිබුණා . සුනාමියක් අවුදින් කෙළලා ගිහින් වගේ අපේ පොඩි කඩේ දූවිලි වෙලා තිබුණා . 65 කොළනියේ එවුන් වාඩුව අරගෙන ගෙහුන් තිබුණා .  

කොලනි වල එදා ඉඳන්ම තත්වය ඕකයි . පොඩි සිද්ධියක් ඇති මහ විසාල ගෝරියකට මුලපුරන්ඩ .. සංගීත සන්දර්සනයකදී , මගුලකදී , කොටහළු ගෙදරකදී රුස්සන්නේ නැති කොලනි කාරයෝ දෙගොල්ලක් එකට හම්බුනොත් එතන මරණයක් සුවර් . . .  

ඒත් මරණ ගෙදරකට එන්න කිසිම කොලනිකාරයෙකුට තහංචි නෑ . මරණ ගෙදරකදී පරණ තරහ අහක දමලා කට්ටියම ඕමි අතක්, සිගරට් එකක්, බුලත් විටක් , කසිප්පු වඩියක් ගහලා දුක බෙදාගන්නවා . කොලනි කාරයන්ගේ හැටි ඔහොමයි


අලුත් පාලම

 



කඩේ ළඟ විට හපන සුදූ සහ චමී
.......................................................................................................................................................

කොළඹ ගෙවෙන ජීවිතේට නිවාඩු ලැබිලා ගමට ආවේ මාස තුනකට විතර පස්සේ . පරණ පරිගණකයත්, පරණ මතයකුත් අලුත් වෙලා මේ කතාව ලියලා දාන්න කියලා මට නොකියා කීවා . කොළඹ ගියාම අගුල් වැටෙන හිතට කතා ලියන්න බෑ . ඒකයි මේ ගමේ ඉන්න සතියෙ දෙකේ හිතේ පිරිලා තියෙන කතා ටික ලියලා දාන්න හිතාගෙන ආයෙත් පරණ බ්ලොග් එකට ගොඩවෙන්න හිතුවේ ...

72 comments:

  1. බොහොම කාලෙකට පස්සේ සඳරුගේ ලිපියක් දැක්කම හරි සතුටුයි. සාමය,සතුට,ආදරය පිරි සුභ නත්තලක් සඳරුට සහ පවුලේ අයටත්,හැමෝටමත්.!

    ReplyDelete
  2. හ්ම්ම්... උඹ ආපු එක හොඳයි.
    තාම කතාව බැලුවේ නැහැ, බලල ඉවර වෙලාම කතාව ගැන කතා කරමු...

    ReplyDelete
  3. හ්ම්ම්... උඹ ආපු එක හොඳයි.තාම කතාව බැලුවේ නැහැ, බලල ඉවර වෙලාම කතාව ගැන කතා කරමු...X 2

    ReplyDelete
  4. @ඇනෝ : ස්තූතියි මිත්‍රයා . ඔබටත් එසේම වේවා කියලා පතනවා

    ReplyDelete
  5. අප්පේ , අම්ම අප්පා දැක්ක වගේ .අම්පාරෙ හුලග වදින්නම ඕනෙ නේද බ්ලොග් එක ලියන්න?

    ReplyDelete
  6. මරු කතාව සදරුවො
    මං පහු ගිය දවස් වල උඹේ බ්ලොග් එක ෙපරල ෙපරල කියෙව්ව
    උඹේ ශෛලිය නං පට්ට මචො...
    ඒක නෙවී මොනාද බං ගල් ෙකා්පි කියන්නෙ අහල තියේ වෙග් මතකයි ඒත් හරියටම මීටර් නැ
    අනික්ව නං දන්නව....

    ReplyDelete
  7. Welcome Back !!

    ReplyDelete
  8. සදරෑවා පොස්ට් එකක් දාලා..දුවලා වරෙල්ලා රබන් ගහපල්ලා බෝතල් කඩපන් අද බොනවා සතුටට යකෝ මගේ බෝලෝග් ලෝකේ විරයා අලුත් ලිපියක් දාලා.
    මම උඔ ගැන ලක්බිම පත්තරේ ලිපියක් කියවලා බොලොග් කියනනේ මොනවද කියලා හොයාගන ඇවිත් අද බෝලෝග් යාලු මිත්‍රෙයා් ගොඩක් ඇතිකරගෙන. ඉතිං මට උඔ හැමදාමත් බොලෝග් විරයා..
    එල ද බ්‍රා

    ReplyDelete
  9. කොලනි ජීවිතේ නිසා මොකුත් කියන්න බෑ. නැත්නං බං සදරුවෝ කන මිනිහෙකුට පොලලෙන් තියා වචනෙන්වත් අපි නං බනින්නේ නෑ. අනික උඹ වගේ එකෙක් සීනි ගෝනිය හිල් කරපු එක නොබලපු එක තමා මේ හෙනේට මුල. උම කඩේට වෙච්චි වැඩේ කියන කොටම මට මතක් උනේ ඌරු නාම්බෙක් රිංගුවද දන්නෑ කියලයි.. ඈ බං අර කව්ද මහත්තයා එක්ක උඹල ඉහ ගහගෙන ඉන්නේ කෝමද අප්පා. හැක්.. හැක්..

    රිදම් එක ඒ විදියටම තියෙන එකට මෙන්න මගේ සැලුට් එක..

    ReplyDelete
  10. කාලෙකින් ආසවෙන් බ්ලොග් එකක් කියෙව්වා.ටැංකූ සඳරුවා

    ReplyDelete
  11. මොන හුthතk ද යකෝ මල්ලි තෝ මේක ලියන්නෙ නැතුව කරන්නෙ. කොළඹ තියා මොන තූත්තුකුඩියෙ ඉඳල හරි මාසෙකට එකක්වත් ලියහං.
    තව පොඩ්ඩෙන් වල් ඌරෙක් හින්ද එකෙක් දෙන්නෙකුට එලොව යන්න තමයි වෙන්නෙ.වෙලේ ගෙදර බුවානං නියම පොරක් තමයි. උෟ අතිනුත් දාල කියන්න ඇති රාළහාමිට.

    //ජානකගේ කඩෙන්ම ගෙනා ලෑතර වගයක් බයිට් එකට ගත්තා// ජානකද ජගත් ද?

    ReplyDelete
  12. හිස් අහසට සඳ පායලා කාලෙකින්... සතුටුයි. හැමදාමත් කියනවා වගේ මම බ්ලොග් ලියන්නියක් උණේ හිස් අහස නිසා.

    නිවාඩු ඉවර වෙන්න කළින් තව ලිපි කීපයක් ලියන්න මල්ලී.

    ReplyDelete
  13. ඇත්තටම කොලණිවල තත්වය තාමත් ඔහොමද? මට මතක් උනේ..රාජාංගනය ජලාශය තේමා කරන් ටීවී එකේ ගිය කොලණි ගැන ටෙලියක්...අන්තිමට චම්පා ශ්‍රියාණි රාජාංගනය ජලාශයට පැනල මැරෙනව.

    ReplyDelete
  14. ඔන්න ඔය මල් කතෑල්ලක් හොයාගන ගහල කොලබදිත් ලියහං බං

    ReplyDelete
  15. අඅම්මට උඩු සඳරුවා......සාදරයෙන් පිළිහනිමි මලේ...හෙහ්,හෙහ්..

    උඹේ ඉට්ටැයිල් එකට ලියන්ට ආය උඹම ඉන්ට ඕන බං...නියමයි...

    කාලෙකට ඉස්සර හඳ පායපු රැයක්, මලක් සහ සීගිරිය උඩ ගත කරපු අමතක නොවන හෝරා කිහිපයක් ගැන කතාවක් මාත් මේ ඊයෙ පෙරේද ලිව්ව...:)

    ReplyDelete
  16. කොළණි කාරයෝ මොකක්ද බං... රටේම හැටි ඔහොම තමයි..

    ReplyDelete
  17. මල්ලි උඹ වගේ එකෙක්ට ලියන්ඩ කොළඹ තරම් හොඳ තැනක් තවත් නෑ... එම් සී එකේ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකේ නෙමෙයි.. පාරට බැහැල බලපන්.. හැම තැනම කතන්දර.. එකෙම තැන ඉර එලිය වැටෙන්න කලින් එක කතන්දරයක්, දවල්ට තවත් එකක් රෑට රෑ වුනහම තවත් කතන්දරයක්.. උඹට ලියල ඉවරකරගන්න බැරි තරම් කතන්දර හම්බ වෙයි....
    දිගටම ලියපං.. බ්ලොග් වේලෙන කාලයක් මේ...

    ReplyDelete
  18. සදරු ගොඩක් ස්තුටුයි ආයේ ලියන්න පටන්ගත්තට උබගේ බ්ලොග් එක කියවලා අපි හීන ලෝක වල ඇවිදිනවා පොත් බැලුවට teledrama බැලුවට උබගේ ලිවිල්ලේ ඇති ආතල් ඒවගෙන් හොයාගන්න මට බෑ . පින්සිද්ද වෙයි මල්ලි මේක දිගටම ලියපන්

    ReplyDelete
  19. උඹේ පොස්ට් එකක් තරම් රසවත් දෙයක් මේ බ්ලොග් ලෝකෙම නෑ. දැන් පාලමේ වැඩ ඉවරද ?

    ReplyDelete
  20. සඳරුවෝ... හීනයක් වගේ. ඇති යන්තම් බොලාට ආයෙ ලියන්න හිත පහල උනා. උඹේ බ්ලොග් එක අග ඉඳල මුලට, මුල ඉඳල අගට කියවල උඹෙන් අලුත් පෝස්ට් එකක් දානකල් බලන් උන්නේ. කෝ ඉතින් දානව දානව කිව්වට දැම්ම එකක්යෑ.. ආසාවට කමෙන්ට් එකක් දාගන්න. දැන් හරි. එළ මචෝ, එළ.

    මේ උඹේ ඉට්ටැයිල් එක. අපි හැමෝම එක විදියට කැමති ශෛලිය. උඹ ලියන ඒව කියවන්න මඟබලන් ඉන්න උන් වෙනුවෙන් මාසෙකට එකඛරි ලියහං බං.

    ජයවේවා!!

    ReplyDelete
  21. උඹේ පොස්ට් එකක් තරම් රසවත් දෙයක් මේ බ්ලොග් ලෝකෙම නෑ

    …ගෙදර ඉන්න ටිකේ කොහෙවත් යන්නෙ නැතුව දිගටම ලියපන් ,..
    …උඹ කොළඹ ගියැයින් හිස් අහස හිස්ම උනා ,
    …ගමේ ජීවිතේ ගැණ උබ තරම් ලස්සනට ලියන්න පුලුවන් එකෙක් මේ සයිබරේ තවත් නෑ බන්

    ReplyDelete
  22. අඩේ සඳරුවෝ..උඹ ලිව්ව දෙය කියෙව්වම හිතට අමුතුම මිහිරක් දැනෙනවා බං. හරියට උඹත් එක්ක අපිත් ජීවිතේ වින්ද වගේ.

    ReplyDelete
  23. අනේ අම්මේ මෙන්න මු තමයි මාවත් බොලොග් කියවන්න හුරු කලේ .උඹ හැමදාමත් ලිව්වේ අපේ කතාව මචෝ .ගමේ ජීවතේ රහ උඹ හැමදාමත් මතක් කරනවා .අපේ ගමේ එක පෝය දවසක ඔහොම වලියක් ගියා .එක සෙට් එකක් කඩු පොලු උස්සගෙන ඇවිත් ජාතිය අමතනවා .අපේ පන්සල තියෙන්නෙත් හන්දියෙමයි .වලිය යන අතර පන්සලේ බණ පටන් ගන්න ලොකු හාමුදුරුවෝ නමස්කාරය කියන්න කියනවා . නමස්කාරය ඉවර වෙනවාත් එක්කකම හැමෝටම ඇහුනේ අතන හිටපු ලුවිස් කියන එකා ශුද්ධ සිංහලෙන් පන්සිල් දෙනවා .("අඩෝ කැ# බල්ලෝ @#$වරෙව් යකෝ .)නියමයි සඳරු .උඹ ලියනකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා .බුකියේ දාන එකක් හරි මෙතනත් ලියපන් මචෝ .ජයවේවා !!!!!!!!

    පැල් කවියේ රස තවමත් 
    බුලතේ රස සමඟ නොයේ
    පන්සල් බිම ගඳකිළියේ 
    ඒ නාමල් සුවඳ නොදේ
    උළු තියලා හදා මොටද 
    අපෙ පොල් අතු ඉස්කෝලේ 
    ගමේ සුවඳ ගමට හොරෙන් 
    ඇයි දුරු රට අරං ගියේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
    ගායනය : එඩ්වඩ් ජයකොඩි

    ReplyDelete
  24. හම්මේ පාළුවට ගිහින් තිබ්බේ බ්ලොග් ලෝකෙම.. මොකක් කියෙව්වත් වැඩක් නැ උඹේ පොස්ටුවක් කියෝනවා වගේ නෙමේ. පුළුවන් තරම් ලියපන් කොල්ලෝ

    ReplyDelete
  25. //සදරෑවා පොස්ට් එකක් දාලා..දුවලා වරෙල්ලා රබන් ගහපල්ලා බෝතල් කඩපන් අද බොනවා සතුටට යකෝ මගේ බෝලෝග් ලෝකේ විරයා අලුත් ලිපියක් දාලා.
    මම උඔ ගැන ලක්බිම පත්තරේ ලිපියක් කියවලා බොලොග් කියනනේ මොනවද කියලා හොයාගන ඇවිත් අද බෝලෝග් යාලු මිත්‍රෙයා් ගොඩක් ඇතිකරගෙන. ඉතිං මට උඔ හැමදාමත් බොලෝග් විරයා..
    එල ද බ්‍රා//
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    මෙන්ඩෝ මාත් ඉන්නවා හොඳේ ....
    සඳරුගේත් බ්‍රෑන්ඩ් එක ගල් ( හිඟුරාන උනත් ගල්නේ )

    ReplyDelete
  26. ඒ කතාවත් පට්ටයි ඒ... කොලබ උන්නට කමක් නෑ මලේ... පුළුවන් සතියකට එක පාරක් වත් ලියහන්..

    මම සිංහ අඩවිය කරපු එකා..

    ReplyDelete
  27. මුව දැක්ක කල්...... මේ නැද්ද බන් අලුත් කෑල්ලකට ඔකද වෙච්ච සිද්දි එහෙම...

    ReplyDelete
  28. //සදරෑවා පොස්ට් එකක් දාලා..දුවලා වරෙල්ලා රබන් ගහපල්ලා බෝතල් කඩපන් අද බොනවා සතුටට යකෝ මගේ බෝලෝග් ලෝකේ විරයා අලුත් ලිපියක් දාලා.
    මම උඔ ගැන ලක්බිම පත්තරේ ලිපියක් කියවලා බොලොග් කියනනේ මොනවද කියලා හොයාගන ඇවිත් අද බෝලෝග් යාලු මිත්‍රෙයා් ගොඩක් ඇතිකරගෙන. ඉතිං මට උඔ හැමදාමත් බොලෝග් විරයා..
    එල ද බ්‍රා//
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    මෙන්ඩෝ මාත් ඉන්නවා හොඳේ ....
    සඳරුගේත් බ්‍රෑන්ඩ් එක ගල් ( හිඟුරාන උනත් ගල්නේ )


    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  29. ඔය මුරුංගා පාලමෙන් උඹලගෙම බ්‍රේක් අවුංසයක් නැති බයික් එකක් මම සුටුස් ගාලා එහා පැත්තට දාල තියෙනවා... ඒ අර අපි දෙන්නා ආධාර දීලා ගානක් හොයා ගත්තු දවසේ...

    මොනා උනත් වෙල්කම් බැක්...

    ReplyDelete
  30. වැඩි සීනි ප්ලේන්ටියෙන් මගේ හිත මධු මේහ තත්වයට පත් වෙලා ඉපිලෙමින් තිබුණ නිසා මම කතා කෙරුවේම නෑ . ඒත් මම යටි හිතින් හිතමින් උන්නා මූ කඩයක් දාන්නේ කොයිබද ? , මූ මොනා විකුණන්න යනවාද ? , මූ කසාදත් බඳීවිද ? , මගුල දා අපිට බොන්ඩ දේවිද ? , හිඟුරාණ අරක්කූ බොන්ඩ දැන් බෑ වගේ .. . . . මම ඔහේ විකාර හීන ලෝකෙක සැරි සරවුවා .-------------------> යකූ උඹයි මායි දෙන්නම හිතන්නෙ එකම විදියටනෙ බන් :v :v :v

    ReplyDelete
  31. මරු කතාවක් අයියා...ආහු ආපු එක හොදයි...

    ReplyDelete
  32. කොමෙන්ටුවක් දාන්නේ නම් පලවෙනි වතාවට. හැබැයි මමත් හිස් අහසේ රසවතෙක්.

    ReplyDelete
  33. ඇමරිකාවේ සුද්දියන් වෙත..
    නත්තල් දවස් ටිකේ තොපි හිටපියව් හෙලුවෙන් 29 වෙනකන් මම නිවාඩු යනවා. සදරැවා ලියපිය තව එකක..බලපන් උඔට මිනිස්සු කොච්චර ආදරේද කියලා..
    බ්‍රැන්ඩ් එක ගල්.

    ReplyDelete
  34. ඒ බං, අර පාළම එතකොට තාම හදල නැද්ද? යකෝ මේ බ්ලොග් ලෝකෙ උනුත් උඹල වලූරු ගාතෙකුයි හිඟුරාන රවුන්ඩ් අප් එහෙකුයි අරන් උඹ එනකල් බලා ඉන්නව, තෝ කොළඹ රෑට අතක් දාල බුදිය ගන්නව...


    හෙහ් හෙහ්...ලියහන් මිත්‍රය...මේක තමයි උඹට හරියන ජීවිතේ.

    ReplyDelete
  35. සෑහෙන කාලෙකට පස්සේ රස කතාවක් ගෙනත් තියෙන්නේ.
    කියවලාම කමෙන්ටුවක් අතාරින්නම්.

    ReplyDelete
  36. ජයවේවා සඳරුවා! බාප්පොච්චි දැක්කා වගේ සන්තෝසයි.. :-D

    බලහං උඹ පෝස්ට් එකක් ලිවුවහම කී දෙනෙක්නං උද්දාමෙන්ද කියලා.. :-D

    ReplyDelete
  37. මෙච්චර කල් කොහෙද හිටියෙ?

    ReplyDelete
  38. ඉඳලා ඉඳලා බ්ලොග් එකට ගොඩ වුනාම සඳරුවගේ පෝස්ට් එකක් තියෙනවා කියන්නෙ කොච්චර ආනන්ද ජනක දෙයක්ද !! සන්‍තෝශයි ආයෙ උඹව කියවන්න ලැබීම සඳරුවෝ.. උඹකොළඹ නෙමේ කොහෙ හිටියත් පරණ එකාම තමා කියලා පේනවා...

    කතාව වෙනදා වගේම රසයි.. පරණ රසය එහෙම්මමයි... දිගටම ලියමු කියලා ඉල්ල සිටිනවා...

    ReplyDelete
  39. මට නම් මුලින්ම මීටර් වුනා කඩේට වැඩේ දීලා තියෙන්නෙ වල් ඌරෙක් කියලා.

    කොහොම වුනත් ආගමනය ගැන හරිම සතුටුයි. දිගටම රැඳී හිටියොත් අපිටත් මොනවහරි ලියන්න හිත් දේවි.

    ReplyDelete
  40. mal 7i sadaru digatama liyamu . patan gattha eka nathara karanna epa digatama liyanna .

    ReplyDelete
  41. සදරූ... ආයෙත් උඹ ලියන්න අරං. හරි සතුටුයි මචං. මාත් අවුරුද්දකට විතර පස්සෙ ආයෙ ලියන්න ගත්තා.

    ReplyDelete
  42. බොක්කා .. වෙල්කම් බැක් කිව්වා !!
    බිඳක් වෙනස් නෑ . එහෙම්මයි !! ටොපේ ටොප්.. සෑහෙන කාලෙකින් ගෙදර ඇවිත් බත් ඩිංගක් කෑව වාගෙ.. ඕ යේස්

    ReplyDelete
  43. සෑහෙන කාලෙකින් ගෙදර ඇවිත් බත් ඩිංගක් කෑව වාගෙ.. ඕ යේස්
    +++++++++++++++++++++++++++++++++++++++++++++
    පත්තරේ අන්න මචෝ වචනේ ...
    තව කියනවානම් ගමේ යාලුවෝ සෙට් එකත් එක්ක කාලෙකින් ගල් බෝතලයක් ගැහුවා වාගේ .. (සඳරුට බ්ලොග් ලියන්න වෙලාවක් නැ මචෝ බුකියේ වැඩ වැඩියිලු ...) හැක් හැක්

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. හප්පේ ඇති යන්තන් කාලෙකින් අහස බර වෙලා. අපි ගැන ඔඉට වඩා හිතල මාසෙකට එකක්වත් ලියහන් මලේ. ජයවෙවා!!!

    ReplyDelete
  46. මේක පට්ටයි සඳරු. මම මේ බ්ලොග් එක කියවන්න පටන් ගන්නකොට ඔයා ලියන එක නවත්තලා. ආයෙත් ලියන්න ගත්ත එක ගැන බොහොම සතුටුයි!

    ReplyDelete
  47. අඩා ....උබ අවා නේ ඒනම් ..!! කියවන්න කලින් , කොමෙන්ටුවක් දාලම ඉන්නවා.මාස එකොලාකට පස්සේ .උබව දැකීමත් සතුටක් කොල්ල .බොල උබේ , බොග මේ මාස එකොලාට මුල ඉදන් අගටයි ,අග ඉඳන් මුලටයි කියෙව්වා යකෝ . කී වතාවක්ද කියන්න මතක නෑ .!! කෝම උනත් සුබ අලුත් අවුරුද්දක් කීවා .!! ආයි ලියාපන් ,වැඩ කෝටියක් තිබ්බත් කියෝලා තමයි ,අනික් එව්වා ගැන හිතන්නේ .!!

    ReplyDelete
  48. මුල ඉඳලම සේරම ලිපි කියවපු බ්ලොග් එකක්. ඔබ නිහඬව සිටි කාලයේදියි අපි ආවේ. නැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි. නිර්ව්‍යාජ ස්වයං විවරණ ලේඛන රටාවක් ඔබට තියෙන්නේ.

    ReplyDelete
  49. කමෙන්ට් දාපු ආපු ගියපු කාටත් ස්තූතියි .. හැන්දෑ වරුවේ කාගෙත් කමෙන්ට් වලට උත්තර බඳින්නම් ....

    ReplyDelete
  50. ෂුවර් එකටම වික්‍රමයට මොනවා හරි ආරවුලක් තිබිලා තියෙනවා හැට පහේ වත්ත එක්ක... නැත්තං මෙච්චර සතා සීපාවා ඉන්න රටේ එක පාරට ඌට ඔය කොලණියක්ම මතක් වෙන්ට ඕනයෑ... අර වෙලේ ගෙදර යෝධයනං මරු.. ඌ හොදයි සාම සාකච්ඡා වගේ වැඩකට ගෙනියන්න.. මගුල් කපුකමටත් කියාපු බුලට් එකක්... :D

    කොළඹ ජීවිතේ ගැන කතා කරන්න එපා බං... ලියන්න කතා කොච්චර කොළඹ තිබුනා උනත් ලියවෙන්නේ නැහැ... තෝව බලන්න එන්නං කියලා සෑහෙන දවසක් වෙලත් මට වෙලාවක් අහු උනේ නැහැ බං.. මේ පාර ආවමවත් බලමු.. :D

    ReplyDelete
  51. හරිම සතුටුයි සඳරු ආයෙත් ලියන්න පටන් ගත්ත එක. මම ආසාවෙන්ම කියවපු බ්ලොග් එක. කොහෙද මෙච්චර කාලයක් ගිහින් හිටියෙ. දැන් ඉතින් ආයෙත් රස කතා කියවන්න පුළුවන්. ආයෙ නම් ලියන එක නවත්තන්න එපා. ජය වේවා!!!

    ReplyDelete
  52. ඔය කෙළලා තියෙන්නේ හතර වටේටම!!! :)

    ReplyDelete
  53. මේ ලිපි කියවාගෙන යන විට මානසික රෝගී ලක්ෂන දැකිය හැකියි.එක් වරෙක බල්ලෙකුගෙ ප්‍රශ්නෙකට යාළුව එක්ක මරාගන්න ගියා.තමන්ගෙ නංගිට ශිෂ්ට විදියට විවාහ යෝජනාවක් කළ තරුණයෙකුව මරන්න හැදුව.ඉතා ඉක්මනින් කලබල වෙන මානසික රෝගියෙකුගෙ හැසිරීම තමයි පේන්න තියෙන්න.මේක කියවන හුඟක් දෙනෙකුට ඒක තේරෙන්න ඇති.වචනෙ වැරදුනත් කපන්න කොටන්න යන මේ වගෙ අය පුනරුත්ථාපනය කළ යුතුයි.මේක පැහැදිලිව ලෙඩක්.තේරෙන්නෙ නැද්ද මෙයා හැමතැනම ඕවර් යන බව.මේක හැසිරීමෙ ගැටළුවක්.

    ReplyDelete
  54. කියවන්න කලින් මේක ලියන්නේ. මාස ගානක් අතුරුදහන් වෙලා ඉඳල හරි අයෙත් බ්ලොග් එක මතක් උන එක ලොකු දෙයක්.

    ReplyDelete
  55. සුපිරි , උඹ ලියන එක ගැන සතුට කියල නිම කරන්න බෑ.

    (හොඳ වෙලාවට උඹට හවස් වෙන්න කලින් මම ආවේ නැත්තම් මගේ කොමෙන්ටුවට උත්තර නැතුව යනවා , උඹ කියලා හ්ටින්වනේ හවස් අතේ කට්ටියට උත්තර දෙනවා කියලා :P)

    ජයවේවා

    ReplyDelete
  56. හිත පිරුණා.. බඩ පිරුණා... :D

    දැන් උඹ කොළඹ ඉන්න එකේ නරකද "ගමක බයියෙක් දුටු නගරයේ සුන්දරත්වය ." පෝස්ට් එක රිමික්ස් කලොත්...

    ReplyDelete
  57. @ලොකු පුතා= ස්තූතියි මචං..
    .............................................................................................................................
    @ඉන්දික උපශාන්ත = එල කිරි මචං
    .............................................................................................................................
    @කම්මල = ඔවු බං ඒ හුලඟේ තමයි මට ගමේ වෙච්ච සීන් ආයේ ආයේ මතක් කරවන්නේ
    .............................................................................................................................
    @ Mahesh Rathnayaka = ගල් කෝපි කියන්නේ මචං කංසා දමාලා හදන කෝපි ජාතියකට මම කලින් ලීව කංසා කෝපි කඩේ කියන පෝස්ට් එකේ තියෙන්නේ ඔය ගල් කෝපි ගැනම තමයි .
    .............................................................................................................................
    @Anonymous = අයුබෝවන්ඩ මිත්‍රයා
    .............................................................................................................................
    @sanjeewa mendis = ස්තූතියි මචං කියවන උඹලා නැත්තං අපි මොන වීරයෝද බං ? ... දවසක ඉතින් සෙට් වෙලා බෝතලයක් එහෙම කඩන්න උඹටයි මටයි වාසනාව ලැබේවා කියලා පතනවා බං
    .............................................................................................................................
    @දේශකයා = මොනා කරන්නද බං ජීවිතව එක එක පැත්තට අනුව වෙනස් වෙනවා .. එක එක මනුස්සයට අනුව වෙනස් වෙනවා ... ලෝකේ ගෝලයි කොලනි විවිධාකාරයි ...
    .............................................................................................................................
    @මලික් = ස්තූතියි මලික් අයියා
    .............................................................................................................................
    @Praසන්ன = නෑ බං අපේ එවුන් කොච්චර ගහ ගත්තත් මරා ගන්නෑ .. වරද නිවැරදි කලා බං ස්තූතියි උඹට
    .............................................................................................................................
    @තරුරසී = ස්තූතියි සහෝදරී ආයේ ලියාදාලා ඉස්සර වගේ ෆන් එකේ ඉන්න ආසයි ඒත් දැන් නැත්තේ හිතේ නිසදහස කොහොම වෙතත් ඉස්සර වගේම අවුදින් මගේ බ්ලොග් එක කියෝලා යන ඔයාලට ස්තූතියි බං සහෝදරී
    .............................................................................................................................
    @වීපොකුරෙ වීයා = දැන් හොඳයි ඉස්සර මීට වඩා ගොඩක් දරුණු සීන් වෙලා තියෙනවලු
    .............................................................................................................................
    @අටම්පහුර = කොළඹ තියෙන්නේ කේරල නොවැ .. මම එවුවට ඒ හැටි ප්‍රිය නෑ අටම්
    .............................................................................................................................
    @රවී = ස්තූතියි රවි අයියා ඉස්සර ඉඳන්ම වගේ මගේ බ්ලොග් එක පස්සෙන් ඉඳන් හයිය දෙන උඹ ආයේ දැක්කම මාර ෆන් බං ...උඹට 33කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!
    .............................................................................................................................
    @ මාතලන් = ඒකත් හැබෑව ...මනුස්ස සුවබාවේ නොවැ හටන් කරන එක
    .............................................................................................................................
    @සපතේරු උන්නැහේ = මම අද මේ ඉන්න ජොබ් එකට හරි යනවා කියලා පළවෙනි අනාවැකිය කීවේ උඹ අයියේ ... උඹට මම හැම දාකම ඒකට ස්තූතියි කීවත් මදි ...
    .............................................................................................................................
    @huwa huwavi = මගේ ලිපියක් උඹලට ආතල් නම් මට ඒක නොසෑහෙන්න වටිනවා ස්තූතියි බං මම දිගටම ලියන්නම්

    ReplyDelete
  58. @සුදීක = පාලමේ වැඩ අවසන් දැන් ඉතින් ඇස් පියාන යා හැකි
    .............................................................................................................................
    @Manosh Sandaruwan = ස්තූතියි මචෝ .. හෙට අනිද්දා දිහෑට තවත් එකක් ලියාදාලා ආතල් එකක් ගන්නයි හිතාන ඉන්නේ ඉඳලා ඉඳලා ලීව මටත් මේ වගේ සප් එක දෙන උඹලා ඉන්නකොට නොලියා කොහොම ?
    .............................................................................................................................
    @චතුවි = ස්තූතියි මචං ... ගමේ ජීවිතේ මගේ ලේවල තියෙනවා බං ඒකයි මට කොළඹ ජීවිතේ ඒතරම් සෙට් වෙන්නැත්තේ ... මම ආයේ ලියන්නයි ඉන්නේ දිගටම
    .............................................................................................................................
    @Manosh Sandaruwan =ඔන්න උඹට ආයෙත් ලියනවා... දවසක වරෙන් අපේ ගමේ ඒ ජීවිතේ හැබෑවටම විඳගම්මු
    ..........................................................................................................................................................................................................................................................
    @සින්දු ඇනෝ = ඒක මට ලොකු සතුටක් මචං ගමේ ලැයිෆ් එක තරම් මගේ ජීවිතේට වගේම ගොඩක් එවුන්ගේ ජීවිත වලටත් කිට්ටු කරන්න පුලුවන් ආතල් තවත් නැති තරම් ... උඹට වගේම මටත් ගම ගැන කියන්නපුලුවන් කතා නම් එමටයි ... ඒත් එයින් සියේට අනූවක් ලියන්ඩ බෑ ඒකයි දුක ...දවසක පුලුවන් නම් සෙට් අපේ ගමේ වෙම්මු .. සෙට් වෙලා කට් වෙමු .. පහුවදා නැගිටිද්දී අපි අරගත්තු ආතල් ජීවිතේ මැරෙනක්කම්ම ලැමිනේට් කරලා වගේ හීටීවි බං ...
    .............................................................................................................................
    @Nimesh Gamage = උපරිමයෙන්ම ලියන්නම් මචං .. ස්තූතියි උඹලට
    .............................................................................................................................
    @Gayan Rupasinghe = දැන් සිංහ අඩවිය කෝ බං ... සතියකට එකක් නම් වැඩි වගේ දෙසතියකට එකක් වගේ දෙන්නයි හිතාන ඉන්නේ අයියා ...
    .............................................................................................................................
    @බූට් ඇනෝ = දැන් කොළඹනේ බං .. එහේ කෑලි නම් එමට ඒත් උන් දැකලා හිත ඔකඳ වුනේම නෑ ... ඇයිද මන්දා හිතේ වරදක්ද කොළඹ පොලවේ ඇදක්ද මන්දා බං
    .............................................................................................................................
    @අභීත = මට මතකයි අභියා මම නම් හිතුවේම උඹ ඇල පල්ලේ කියලා ...
    .............................................................................................................................
    @තරු = හක්ක හක්ක .. අඩෝ මම වගේ හිතන තවත් එකෙක් ඉන්නවා එහෙනම් .. ජය වේවා මචං දිගටම හිතමු ලෝකේ වෙනස් විදිහට කාල බලන්නේ අපි වගේ එවුන් තමා
    .............................................................................................................................
    @ඉන්ද්‍රජිත් = ස්තූතියි මචං .. ඉඳලා ඉඳලා ලීව මගේ ලිවිල්ල කියෝලා ගියාට ස්තූතියි
    .............................................................................................................................
    @පොල්වත්තෙ ගෙදර = ඉතින් වෙල්කම් කියලා මේ පැත්තට ලිපිගත්තා ඕං
    .............................................................................................................................
    @sanjeewa mendis = මොකද්ද බං ඒ කීවේ දැන් මටත් ඇමරිකාවේ එන්ඩ හිතෙනවා බං ....

    ReplyDelete
  59. @ඉන්දික උපශාන්ත = පාළම දැන් හදාල ඉවරයි අයියා ඔය මා ගාව තිබුනේ පාළමේ විවෘත්ත කරනට පෙර ගත් රූපයක් දැන් ඒක අහවරයි ... ඕ ඉන්දික අයියා දැන් මගේ රස්සාවත් ලියන එක
    .............................................................................................................................
    @මධුරංග = ස්තුතියි මචං .. පරෙස්සමට මොණරාගල ගිහින් වරෙන්
    .............................................................................................................................
    @Buratheno = ඒක නේන්නම් මචං මමත් මේ නිදහසක් ලැබුන හැටියේ මොනා හරි ලියාල දාන්නේ .. මටත් ආයේ උඹලාගේ කමෙන්ට් එකක් දැකලා මාර හැපී
    .............................................................................................................................
    @chathu = පොඩි විවේවකයක් ගත්තා යාළු ඒ වගේම පොඩි රස්සාවක් කරනවා
    .............................................................................................................................
    @සෙන්නා = ස්තූතියි සෙන්නා .. උඹට වෙනම කාරණයක් කියන්නම් ...දැන් මම කරා රස්සාවට උඹගේ බ්ලොග් එක කියෝලා මම අරගත්ත දැනුම ටිකක් සෑහෙන්න වැදගත් වුණා
    .............................................................................................................................
    @Suresh Wanigasekara =දෙසතියකට එකක් වගේ ලියන්න දැඩිව හිතාගෙන ඉන්නේ මචං ...
    .............................................................................................................................
    බස්සී = ස්තූතියි බස්සී ..
    .............................................................................................................................
    @Umesh J= සුබ අලුත් අවුරුද්දක් උඹටත් .. දැන් ඉතින් පටන්ගත්ත එක දිගටම ලියාන යන්නයි හිතාන ඉන්නේ බලමු මචං ...
    .............................................................................................................................
    Madhumadhavi Poetry = ස්තුතියි යාළු ..
    .............................................................................................................................
    @මාරයාගේ හෝරාව = මාරේ මෙඩාපාර ආවාම මම කෝල් එකක් දෙන්නම් .. අපි අනිවා හම්බුවෙමු
    .............................................................................................................................
    @මනාගේ පින්තාරුව = කොළඹ ගියා මචං පොඩි රස්සාවකට වැඩ අධික වුණා අපි හිර වුණා ඒකයි සීන් එක ... දැන් ආයේ ලියන්න හිතාගෙනයි ඉන්නේ බලමු
    .............................................................................................................................
    @නාඩියා නාඩිරත්න = තව ඉවර නෑ නාඩියා ... තව කෙලින්ඩයි බලාපොරොත්තුව
    .............................................................................................................................
    @Anonymous = පුක පොඩ්ඩක් දියංකෝ !!
    .............................................................................................................................
    අම්බලන්ගොඩ කථා = බ්ලොග් එක අමතක වුණේ නෑ ඒත් වැඩ වැඩි වෙලා මං හිර වුණා ..ස්තූති මචං
    .............................................................................................................................
    @ඉවාන් පවුලූශා = මට උත්තර දෙන්න පොඩ්ඩක් පමා වුණා ඔන්න දැන් තමයි ඒකට පොඩි වෙලාවක් ආවේ
    .............................................................................................................................
    @Beetle Bailey = මම ලියනවා බීටල් මම උඹගේ බ්ලොග් එකෙන් මගේ වැඩ වලට අදහස් තොග ගනං ගන්නවා . ඒකට උඹට ස්තූතියි කියන්න මට තාම බැරි වුණා


    ReplyDelete
  60. අම්මට සිරි. මෙන්න සදරූ ඇවිත්. මම හිස් අහසේ රසිකයෙක් උනාට පස්සේ දැක්ක පලවෙනි අලුත් පොස්ට් එකද කොහෙද මේ. ආයෙත් ලියපන් යාලුවා. උබේ කතා විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. Uba wagemai yaluwe math. Me aluth kathawak dakkamai.

      Delete
  61. එල එලස් සදරුවෝ. ඔහොම යාන්

    ReplyDelete
  62. elama tama bn... echcharai kiyanna thiyenne.... anith hama dema anith comment wala thiyenawa...

    ReplyDelete
  63. නියමයි සදරු අයියේ හැමදාම වගේ කතාව සුපිරි.දිගටම ලියන්න අපි හැමදාම ඹයත් එක්ක

    ReplyDelete
  64. Math his aha okkoma baluwa. Eth mata hithuna meka wahala dapu ekak kiyala. Sahena kalekin mukuthma dala nathi nisa ehema hithune. Aththatama godak hodai . Digatama liyamu yaluwa.

    ReplyDelete
  65. ආයෙමත් ලියන්න ගත්ත එක බොහොම සතුටක්..උඹලගෙ කොලනියෙ සංචාරයකට එන්නත් භයයිනෙ බං මේ විදියට...අහක යන වළියක් අපේ ඔලුවට කඩා පාත් උනොත් කන්න වෙයි වගේ ගමකට...මෙදා පොටේ වත් දිගටම ලියහං...බොට ජයම වේවා !

    ReplyDelete
  66. සෑහෙන කාලෙකින්....යන්තම් ඇති ආයෙ ලියන්න පටන් ගත්තා:) මරු ආ....

    ReplyDelete
  67. උඹේ ලිවිල්ල ගැන ආයෙ කියන්න වචන නාස්ති කරන්න බෑ.
    නමුත් අර උඩ ඇනෝ කෙනෙක් ටිකක් නරක බාසාවකින් කිව්ව උනත් ඇත්ත කියල තියනව. කොලනියෙ ඉපදුනාට හැදුන වැඩුනට කොලනියෙ ඉන්න එවුන්ට වඩා යමක් කමක් තේරෙන ඉන්ටර්නෙට් පාවිච්චි කරන උඹත් 'යමං' කියන පමාවෙන් අරවගේ ගමනක් යන්න බයික්කෙට නගිනව කියන එක මට නං හිතාගන්න බෑ.
    කොලනි වල එවුන් තව ශතවර්ශයක් ගියත් ඔය විදියටම ඉඳීවි උඹලත් ඔහොම නං.

    ReplyDelete
  68. කොලබදිත් මොනවහරි ලියහන්කෝ උඹේ කුනුහරුපයක් කියවන්ඩ නැතිව හරිම සංකාවයි ...

    ReplyDelete
  69. එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ඔහේ මුහුණූ පොතේ කරග්ගගහ ඉන්නකොට අහම්බෙං වගේ උඹේ බ්ලොග් එක සැට් උනේ. ඔන්න උඹේ මුහුණු පොතේ ~හිස් අහසටත්~ ලයික් පාරක් එහෙම දැම්මා ඈ.... වැඩිපුර දේවල් කියවුනාද මංදා... නෑ එහෙම ගොං බූරැ ගතියක් එදා ඉදලම වාසනාවකට වාගේ මා ගාව තියෙනව බං.........

    ReplyDelete
  70. එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ඔහේ මුහුණූ පොතේ කරග්ගගහ ඉන්නකොට අහම්බෙං වගේ උඹේ බ්ලොග් එක සැට් උනේ. ඔන්න උඹේ මුහුණු පොතේ ~හිස් අහසටත්~ ලයික් පාරක් එහෙම දැම්මා ඈ.... වැඩිපුර දේවල් කියවුනාද මංදා... නෑ එහෙම ගොං බූරැ ගතියක් එදා ඉදලම වාසනාවකට වාගේ මා ගාව තියෙනව බං.........

    ReplyDelete
  71. එල..එල... මචං සදරැවෝ. උඹේ කතා නං පට්ට බං. මං ඔන්න ඔහේ මුහුණූ පොතේ කරග්ගගහ ඉන්නකොට අහම්බෙං වගේ උඹේ බ්ලොග් එක සැට් උනේ. ඔන්න උඹේ මුහුණු පොතේ ~හිස් අහසටත්~ ලයික් පාරක් එහෙම දැම්මා ඈ.... වැඩිපුර දේවල් කියවුනාද මංදා... නෑ එහෙම ගොං බූරැ ගතියක් එදා ඉදලම වාසනාවකට වාගේ මා ගාව තියෙනව බං.........

    ReplyDelete

තැන්කූ බං