15.2.18

රතු ගූ










මෙය විද්‍යා ප්‍රබන්ධයක් විය හැක :
නම් ගම් සහ සිද්ධිය මනංකල්පිතයි
කතෘ අනාථයි .





පෙරුම් පුරාගෙන ඉඳලා, ඉඳලා, ඉඳලා... පෝය නිවාඩුවක්  අල්ලලා මං පහුගිය දවසක අම්පාරේ ගියා ගියා ..ඒ මගේ ගමනේ . ගමේ ගියොත් ඉතින් බොන්න එපෑය . ඉතින් මට පෝය කියලා අමතක වෙලා ගියා .. මම ආ විජහට උඩදාගෙන බොන්ඩ ගියා .

මගේ හොඳම බොක්ක වෙච්ච රිපිටා මේ වතාවේ ගමේ හිටියේ නෑ..ඉතින් තවත් බුදු බොක්කක් වෙච්ච කොමඩා එක්ක මං සෙට් වුණේ මොන පුke අමාරුවද කියලා දැන් මට හිතෙනවා..මං කොමඩා ගැන විස්තර කියන්න යන්නෑ උඹලම හිතාගනිං ඌ මොන ජාතියේ පක්කිලියෙක්ද කියලා ..

බොහෝම කාලෙකට පස්සේ ... !! සඳරුවන්+ කොමඩා + කිතුලා + අම්පාර... හැමදේම ආයෙමත් එකට සෙට් වුණා.. දැන් මොනාද අඩු ? ..අරක්කු ජුංඩක් විතරයිනේ මෙතැනට අඩු..

“ඒත් අද පෝය බාර් වහලා ..”

කොළඹ මාස ගාණක් තැපලා ඉඳලා ඉඳලා ගමට එන්නේ නිදහසේ අඩියක් ගහන්ඩ . පෝය දවසේ බීවා කියලා අපි මොකෙට්ට වත් කරදරයක් කළේ නැත්තං පවක් නෑනේ . මගේ මාමා කියන විජිහට පෝය දාට බොනකොට අරක්කු වතුරත් එක්ක කලවං කරං බිවුවොත් ළොවෙත් පවු නෑනේ .

මෙහෙමයි ... මට අනුව මං වැඩියෙ ..පවු කරන්නැති හින්ඳා..  එහෙමටම පිං කරන්ඩ යන්නෙත් නෑ..! ඉතින් ඉඳලා හිටලා හීනියට ගසලා පුඩියක් ඇදගෙන පවක් දෙකක් කරගත්තා කියලා මට ළොවෙත් ගානකුත් නෑ ..

ඒත් එහෙමෙයි කියලා ඉතින් මම මගේ ආගමට දහමටම කෙලින්ඩ රෙද්ද උස්සගෙන යන්නෙත් නෑ .. ඉතින් වැඩිය පන්සල් නොගියට මම මගේ ආගමට ජාතියට තියෙන මෙවුව එක ජීවිතේට නැතිකරගෙන නෑ ..

“පෝය කියලා බෑ අද හොරෙන් හරි බොන්ඩෝනේ !! කීය ගියත් කමක් නෑ ..”

ඒ පුන් පෝය දවසේ මං පළවෙනි පවට කර ගහපි ..!!

සඳරුවන් ගනිං බයික්කේ.. නැගහන්.. යං, මං කියන්නං අරක්කු තියෙන තැන ..”

අරක්කු ලීඩර් කොමඩා දෙවනි පවට කර ගහපි ..!!!

ඉතින් අපි අරකු සොයා ගියේ මුනිදාස මාමාගේ ගෙදර .. ඒ නාකි මයිනා ලොකුම පවට කරගහපි !!!!

මේ කතාව පටන් ගත්තේ අන්න එතැනින් .. හරියටම එතැනින් !!

*********

මුනිදාස තමයි මීට අවුරුදු හාරසීයකට විතර කලින් කොලනි අංක 17 ගමේ හිටපු ග්‍රාම සේවක මහත්තයා .. ඒ වගේමයි ආයේ බොන්ඩ දෙයියා !! අරක්කු කීවොත් ගූත් පුච්චං කයි...

ඉතින් අපි බක්තියෙන් නැවිලා, අරක්කු සොයාගෙන මුනිදාසයාගේ ගෙදර ගියා ..මුනිදාස මාමා අපිව ආදරෙන් පිලි අරගෙන පෝය දවසෙත් අරක්කු විකුණන , අපූරු තැනක් ගැන සුබ ආරංචියක් දුන්නා . ඒ නින්දවුර්  වල තියෙන මුස්ලිම් ගෙදරක් ..!! ..

නින්දවූර් දියෑවට උඹලාව තනියෙන් යවන්නෙ කොහොම ? යමං මාත් එන්නං

මුනිදාස මාමා එයාගේ පරණ ඩෙලිකා වෑන් එක එළියට ගත්තා .. මම හිතුවේ ඒ බුස්නාම්බුව වයිං කරලා ඉස්ටාට් කරන්ඩ වෙයි කියලා ..මොන පිස්සුද බං..! පුක් ගාලා ඉස්ටාර්ට් වුණා .කොස් ඇට කොත්තු කාලා පඩිනවා වගේ ටියුන් එකක් ඇන්ජිමෙන් ආවා. හැබැයි අවුලක් නෑ.. කොමඩාගේ කට කනේ .. මගෙත් ..

වයසක මුනිදාස ගොයියයි , මමයි, කොමඩයි, කිතුලයි කියන හතර දෙනා විතරක් මුසල්මානු රාජධානියකට අරක්කු සොයාගෙන යන එක නුවනට හුරු නෑ .. ඉතින් අපි අතර මගදී සක්ති සම්පන්න හෙලු පුරුසයෝ කෂ්ටියක් වාහනේට පටෝගත්තා .. ඒ ..අටේ ගෙදර ජානක ,ත්‍රීවිල් පදින මද්දු කුමාර සහ මගේ තවත් හොඳම බොක්කක් වෙච්ච රත්නායක. අනේ උන් ටිකත් බොහෝම සර්ධාවෙන් ඒ උතුම් වන්ඩ නා ගමනට එකතු වුණා .
දැන් ඉචිං ඕන ගේමකට අපි රෙඩියි .. පෝ නං පෝ - බී නං බී

ඉතින් අපි ගැම්මෙන් වගේම බක්තියෙන් අරක්කු බොන්ට නින්දවුර්  බලා ගියේ.. යටට අන්ඩ වෙයර් එහෙම ඇඳගෙනයි.

නින්දවුර්  කියන්නේ කොලනි අංක 17 ඉඳන්  සෙන්ටර් කෑම්ප් පාරේ ගියාට පස්සේ හම්බුවෙන පුංචි මුස්ලිම් ගමක් . ආ සොරි..!! පුංචි මුස්ලිම් ගමක් වුණේ ඉස්සර .. දැන් ඒක තනිකර පියෝ මුෂ්ලිම් ගමක්, රට ඉඳි පවා වැවෙනවා...ඕනං එහේ ගෙවල් අස්සේ රිංගලා බැලුවොත් ඔටුවෝ වුණත් හොයාගත හැකි..

පිහිටීම ගැන කීවොත් නින්දවුර් තියෙන්නේ කල්මුණේ සහ අක්කර පත්තු යන තම්බි රාජ්‍ය දෙක මැද .. දකුණු සයිඩ් එකෙන් අර්සද් , උතුරු සයිඩ් එකෙන් කාර්තිවු .. අල්ලපු ගම සමන්තුරේ , තනි තම්බිපන්නිය ..අරාබියට අයිතියි උන් හිතාන හිටියට මේ ගම්මාන සේරම අයිතිවෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයට තමයි .. 

ඒ ඉසවුවේ බැලූ බැලූ අත පුංචි ලඳු කැලෑ , කුඹුරු , එක යායට තල්ගස් පිරිලා.. එළුවෝ , හරක් ගැන්සි බැහැලා ආතල් ගන්නවා.. හෙට අනිද්දාම හලාල් වෙන්ඩ යනවා කියලා උන් දන්නෑනේ . මට ඒ හරක්, එළුවෝ ගැන හරි දුකයි...!! දෙයියම්පා මේ වගේ අහිංසක සත්තු කන එවුන්ගේ දිවේ මයිල් එන්ඩෝනේ ...

අපි නින්දවුර්  වලට එනකොට වෙලාව ඇති උදේ එකොළහට විතර .. තාර කුට්ටි ගැලවෙච්ච, අම්බානට කෙළවෙච්ච අපූරු පාරක් දිගේ මුනිදාස මාමා වෑන්නෙක පරෙස්සමෙන් පැදගෙන ගියා . ටික දුරක් ගිහින් එරමිණියා දෙවැටකට හරවාපු ඩෙලිකා වෑන් එක වැලි පාරකට එන්ටර් වුණා.

බලාපං බං මට්ට තම්බි හැත්තගේ ගඳ .. මුං නාන්නෑ නේ බං චිහ්..!!”

ඔවුමයි ගඳේ බැරුං අඩා ..!! ගහ ගහ පන්නන්ඩ ඕනෑ..උංව, හැබැයි මම මට්ට කෙල්ලෝ තුන් දෙනෙක් දැක්කා ..ෂූටබල් කඳ බං .. !!”

ඕ ඕ උංගේ ගෑනු නිකං චීස් බෝල වගේ.. ගහත හැකි ..මෙන්න මෙහෙම .. මෙන්න මෙහෙම ..”

ඒ වගේ ඩර්ම සාකච්ඡා වල යෙදෙමින් රහ මෙර සොයා ගියපු අපි පුංචි ගෙදරක වත්තට ඇතුළු වුණානේ . ඒක හරි අපූරු වත්ත..!!

 එක් පසකින් තඩි වෙල් යාය ..
යායේ දිගේ මහ තල් යාය ,
තල් යාය මුල කදුරු මල් යාය ,
මල් යායේ වනාපු -- තම්බි ගර්ල් කෙනෙකුගේ යට සාය …!!
ඒ ..අසහනේ තියෙන ඇසට කෙළ උනන දසුනක්.

ගේ මිදුලේ ඉඳලා තරුණ තම්බියෙක් ‍මුනිදාස මහත්තයාව පිලිගන්ඩ දුවගෙන ආවේ හරිම ආදරෙන් .

මුනිදාෂ මාත්තියා .. යෙන්ඩ අප්පා !! අපිලා දියෑ යෙන්ඩා..”

ඇත්තටම ..මෙහෙමයි.. ඒ තම්බියා එච්චරම කැඩිච්ච සිංහලෙන් කතා කළේ නම් නෑ . ඒත් මං එහෙම ලීවේ නැත්තං මේ ඉස්ටෝරියට මුෂ්ලිම් ටච් එක දෙන්ඩ බෑ.. ෆීලිං හැලෙනවානේ !! .

තම්බියා මුනිදාස මහත්තයාට වැන්ඳේ නැති එක විතරයි. එච්චරට ගවුරවේ.. ඒත් ඕකුංව සතපහකට විස්සාස කරන්ඩ හොඳ නෑ. බුලත් කෙළ පඩික්කමෙන් ගහලා ඕකුං මේ මවු බිමෙන් එලවන්ඩ ඕනෑ.. මං ගලේ කොටවුවා වගේ හිතෙන් හිතාගත්තා ..

ගෙයි මිදුලේ පැත්තක ලෑලි මේස බක්කියක සෙට් වෙලා බිබී හිටපු තඩි තම්බි සෙට් එක නම් අපිට දැම්මේ එච්චර මිත්‍රසීලී බැල්මට් එකක් නම් නෙවෙයි . මයෙ හිතේ උන් ෂුන්නි මුෂ්ලිම් .. ඉතින් මට ජුම්මාද ? මමත් එවුන්ට කෂඩ බැල්මක් දැම්මා.

සඳරුවන් පුතේ , කොමඩා පුතේ මේ ඉන්නේ රිෆායි .. මෙයා ගාව ඕනෑ වෙලාවක අරක්කු තියෙනවා .. අද ඉතින් පෝය නිසා පොඩ්ඩක් මිලයි

මොන හු!! යකෝ අපේ පෝයට තොපේ අරක්කු මිල වැඩි වෙන්නේ කොහොම ?මං එහෙම ඇහුවේ ඇහුවේ නෑ !!

“නේ නේ .. මාත්තියා මුනිදාෂ මාත්තියාට මං වැඩිය ප්‍රයිෂ් කියන්..නේ .. බාර් ප්‍රයිස් තමා . ප්‍රයිෂ් ලෝ ..!!”

අනේ අපිට ඒ තම්බි මරක්ලයාව බදාගෙන, ඉඹගෙන, ඉඹගෙන, ඉඹගෙන යන්ඩ හිතුණා . සත්තයි අප්පා ඌ මතු බවේක අපේ සහෝදරයෙක් වෙලා මේ ලංකා බූමියේම උපදින්ඩ ඕන . උන් හරි හොඳයි . උන් වගේ එවුන් තමයි අපිට ඕන ..

ඉතින් මහත්වරුනේ එදවස , ඒ අපූරු තම්බි නිවෙසේ.. මිදුලේ රවුමට තියාපු ලී බංකු උඩ වාඩිගෙන රිෆායිට පින් දිදී අපි හිත පිරෙන්න අරක්කු බිවුවා ..මොහොතකින් දුම් දාන තඩි ගෙරි මස් බන්දේසියකුත් අරගෙන රිෆායි ආයිමත් අපි ඉන්ඩ තැනට ආවා ..

යෙපිලාගේන් පොඩි බයිට්ටෙකක්.... සාප්පුඩුංග.. බීෆ් !

ඒ මහා විසාල ගෙරි මස් බන්දේසිය දැක්ක හැටියේ  කට්ටියට මල පැන්නා , කට වටෙන් කෙළ පැන්නා
.. මේ අද පෝය දා හරක්මස් !!.. හරි නෑනේද බං ?.. මේ කිරි අම්මා යකෝ..!! මේ කිරි අම්මා !!”

කිරි අම්මා නෙවෙයි බොලවු ..ඔය හැපී කවු ... හැපී කවු .. සේප්පෙකේ.. කාප්පුඩුංග” මං එහෙම කීවා..

ඔය එක එක ගස් වැද්දෝ නෙවෙයි.. මං වෙජිටේරියන් ,හැබැයි මස් තිබුණොත් කනවා .. අනික ඒ මොහොතේ එතන හිටියේ සඳරුවන් නොවේ අරක්කු!!.. මං දන්නෑ මං මොනා කෑවද, මොනා කීවද කියලා. ඒ නිසා ඒ වෙච්ච දේවල් අනිච්චානුක ප්‍රතීක ක්‍රියා ගණයට මිසක් පාපක්ක්‍රියා ගණයට දාන්ට බෑ.

කට්ටියම වැඩ ඇල්ලුවා .. හැපී කවු හපන ගමන් මුල්ම අරක්කු බෝතලේ ඉවර කරන්න අපිට ගියේ විනාඩි 30ක් විතර.. රිෆායි තව බෝතල් දෙකක් ගෙනාවා .. ඒ බෝතලත් ඉවර කරාම .. අනේ මේ නොසන්ඩාල තම්බියා රා බූලියක් ගෙනාවනේ ..!!

තම්බින්ට පදිරි නෑ ඩෝ මේ සඳරුවනා!!.. මං කෙළියා ඇළුමිණියං මුෂ්ලිම් ජෝගුවෙන් රා පාරවල් තුනක් .. හෆ්ෆා කං අගුල් වැටුණා ..හීනියට ඉක්කා වැටුණා ..අක්මාවට උම්බෑ කියැවුණා..

හැබැයි සත්තම්පල් අඩා..!! හරි අපූරු රා ජුංඩ.. හීනියට වගේ අන්ඩස්කර්ට් ටේස්ට් එකක් තිබ්බා.. ඒත් අවුලක් නෑ .. බී ලූණු බෑයක් හපවුවම කට පදං වුණා..නියමයි.. ටොප් බඩු .. උඹලත් ට්‍රයි කරපල්ලා වෙලාවක.. මං ගාව ඇති රිෆායිගේ ෆෝන් නම්බරේ ..ඕන්නං ඉල්ලපල්ලා !!

ඉන් පස්සේ ... සුරාවේ බලය දසත පැතිරුණා.. පැය කීපයකින් වටේ පිටේ වෙන වෙනම බිබී හිටපු අනෙක් තම්බි ෆ්‍රෙඩාලා සෙට් එක අපේ මේසෙටම සෙට්ටා පුඩුංග වුණා . මුෂ්ලිම් ගීත අතරේ හදවත් ඔකඳ වුණා.. රිෆායි මට කල්මුණේ හොර සිගරට් එකක් දුන්නා ..මං ඒක පත්තු කළේ හරිම බක්තියෙං ....

මුනිදාස මාමා මුස්ලිම් පිඟානකට තලමින් වාංග මචා සින්දුව අල්ලවුවා .. තම්බි සෙට් එක උඩ පැන පැන නැටුවා .. අපේ ජානකයි රත්නායකයි දෙන්නා බිම පෙරළි පෙරළි වැලි ගොඩේ වැටිලා නටවුවා .. නට නට වැලි කෑවා.

ඕං ඊට පස්සේ කොමඩා ට මොහිදීන් බෙග් මහත්තයාගේ පෝය ඩේ සින්දු කියන්ඩ ඕන වුණානේ .. හොඳ වෙලාවට කිතුලා මීටරෙන් හිටියේ..ඌ හරි අමාරුවෙන් හරක් මස් කුට්ටි දෙකක් කටේ ඔබලා .. රා ජෝගුවක් පොවලා කොමඩා ව බ්‍රේක් කරගත්තා .. ඊට පස්සේ අපි සින්දු කියන එක පොඩ්ඩක් නවත්තලා සං හිඳියාව කියන මාතෘකාවට ගියා ..

හැබැයි විල්පත්තු , හලාල් , කල්මුණේ මුස්ලිම් නීති .දීඝවාපී පන්සලට තම්බි කෙලින හැටි. වගේ දේවල් කතා නොකරන්න අපි පරෙස්සම් වුණා . ඇයි ඩෝ !! සංහිඳියාව කැඩුනොත් , නැත්තං කොන්දක් කැඩුනොත් ? ..
අපිට අරක්කු දීපු රිෆායි කියන තම්බියාට අපිව කොච්චර හිතට ඇල්ලුවාද කීවොත් මිනිහා අපිට දීපු අරක්කු වලට හෝ රා වලට සත විසිපහක්වත් ගත්තේ නෑනේ ..සල්ලි එපාම කීවා .. අන්න ඒක තමයි ඩෝ රියල් සංහිඳයාව.. ආයේ මුනා ... ?

හැබැයි මේ සඳරුවන් කියන්නේ ඔය ෂුලු ජාතින්ට ණය, වෙලා මහ ජාතියේ රෙද්ද කඩන හූතවාලියෙක් නෙවෙයි ..!!

රීපයි ... ෂොරි ....ෂොරි ..රීපයි නෙවේ.. රිෆායි.. මෂං උඹ මේ ශල්ලි ගන්ඩෝනේ ..” මම වෙරි පිට එහෙම කීවාලු .. හැබැයි මගේ අතේ තිබ්බේ රුපියල් 500ක් ලු .. මං ටෝක් කළේ රු පන්දාහක් තියාගෙන වගේලු .

“යෙපා මෂං යුඹලා , යෙපිලා ගත්ත ආතල් රුපියැල් පන්ෂීයෙන් ක්ලේම් කරන්ඩ බේ ...”

බේ බේ නෙවෙයි මෂං .. අපි ෂිංහල .. අපි ණය නෑ.. ණය නෑ ඩෝ .... මේ ගනිං ..ඔක්කෝම ගනිං .. තව රුපියල් හැත්තෑවක් ඇති ඒකත් ගනිං .. ආ .. ඉඳා ..”

මං කොච්චර බල කළත් රිෆායි කීවේ වචන තුනයි ..!!

“මල්ලී.. ෂල්ලි . යෙපා..”

දෙවනි පාර “යෙපා” කියපු ගමන් මං බහිරවයා වගේ පන්සීය හංඟා ගත්තලු .. මට මතක නෑ ඉතින් .. මං බීලා නේ.

හවස තුන හමාර හතර වෙනකොට අපි ආයේ යන්ඩ හිතාගත්තා .. තම්බි බ්‍රදර්ස්ලාට බායි කියලා උන්ව සිප වැළඳගෙන..බදාගෙන අඬාගෙන.. එන්න හදනකොට රිෆායි මෙහෙම කීවා ..

“මචං මට සප් එකක් දියන් .. මට යුඹලෑ පෙත්තෙන් කෙඩ කේමර ඕන ..”

කෙඩ කේමර කීවේ මේ... මොනර ගූ වලට නේ .? ගෝනියක් ඇන්න වර අහුලලා දෙන්නං ”

නේ නේ මොනර ගූ නෙවෙයි අප්පා !!.. කෙඩ කේමර ..කියන්නේ ඉස්ටෝර් එකක් ..”

ආ කඩ කාමරයක්ද..? සිංහලෙන් කියනෙපැයි... ආ එන්න දෙන්නං ..”

“ෂරිම ෂරි ..මෂං හෙබ්බැයි රෙන්ටෙකට නෙවේ කෑෂ් වලට..ඔඳ ලොකු ලෑන්ඩ් එක එක්ක ..”

අඩෝ අපි හොයලා දෙන්නං .. ..”  අපේ සිංහල කොල්ලෝ සෙට් එකම එක පයින් කැමති වුණා

මං මචං යුඹලට ෂලකන්නං .. ගිෆ්ට් දෙන්නං ..යෙපිට ලොකු ලෑන්ඩ් තමා ඕන

අඩෝ රිෆායි දැං යං .. මේ දැන් යං අපි දැන් හොයලා දෙන්නං ..වරෙන් යන්ඩ .. ගනිං සල්ලි ..ගමම වුණත් ලියලා දෙන්නං උඹට ..”

“නේ නේ ෂුදා දෙං නෙවේ .. ෂෙඳුදා යෙන්නං.. ෂප් එක දෙන්ඩයියා අපිලට ..අපිල මුෂ්ලිම් නිසා අපිලට ලෑන්ඩ් එක දෙන්නෑ .. යේක ඉන්ඳා ෂප් එකක් දෙන්ඩෙයියා ...”

තොපිල වගේ රියල් තම්බින්ට සප් නෙවේ ඩෝ... ෆුක් එක වුණත් දෙනවා!! එහෙම කීවේ මං නෙවෙයි..වෙන එකෙක් ..”

ඉතින් හැමෝම බෝම සතුටෙන් වෑන් එකට නැගලා වැනි වැනී ගෙදර බලා ආවා .. එනකොට එක වලකවත් නොවැටී බෝම පරෙස්සමෙන් වළවල් බේරමින් ආපු මුනිදාස මහත්තයා .. යනකොට වෙඩිල්ල වගේ ගියා ..වාහනේ දුනු බුස් බල්ටි ගැහුවා . අපේ කුඩා බඩවැල් කටිං එන්ඩ හැදුවා..

අඩෝ උන් හොඳ තම්බි ..එළ බොකු !”

එකෙන්ම බොකු හොඳයි .. උන්ට කඩ ඉඩමක් හොයා දෙමුද ..?

“පිස්සුද..? ඉඩං හොයලා දෙනවා කියලා කිය කියා.. උන් ගානේ තව බොමු ”

“ආ ඒක මරු “

ඒක නෙවෙයි අඩෝ සඳරුවන් තොට මතකද අපි මොන්ටි සෝරි යන කාලේ තම්බි ගැන සින්දුවක් කීවා ..”

තම්බි මරක්කල - පුකට තිරික්කල
තම්බි මරක්කල - පුකට තිරික්කල
තම්බි මරක්කල - පුකට තිරික්කල

අත්පුඩි ගහමින් ප්‍රීතියෙන් ගී ගයමින් අවුදින්, වෙරි පිටම ගෙදර ගිහින්, බත් කන්නෙත් නැතුං, නිදාගත්ත මම පහුවදා එළි වෙලා අවදි වුණා .. තේකක් ගහලා..සිගරට් එකක් බීගෙන.. කක්කුස්සියට ගියාම මාර සීන්ස් එකක් වුණා කියහංකෝ ..

උඹලා විස්සාස කරන එකක් නෑ .. ගූ ගොඩක් ගියා බොලං තනිකර ජේ වී පී පාටට ..
රතුම රතුවට, උකුම උකුවට !!



ඇයි මට ලේ බඩ ගියේ .. මොනා හරි ජරාවක් කෑවයි ..?

දවල් වෙනකොට කිසි අවුලකුත් නැති එකේ මම ආයෙත් කොමඩා හම්බුවෙන්ඩ ගියා .. ඌ ඉස්කෝලේ පිට්ටනිය වත්තේ මයිල ගහ යට තාපසයෙක් වගේ බලාන හිටියා ..

ඒ මට ලේ බඩ ගියා බං .. ” මාව දැක්ක හැටියේ කොමඩා එහෙම කීව ..

ඒ මටත් ගියා බං මාත් කීවා

මොහොතකින් අපි දැනගත්තා .. ජානකට , මද්දු කුමාරට , ලේ බඩ ගිහින් කියලා .. රත්නායකට නම් පාට බලන්ඩ අමතක වෙලා !! ඌ ආයේ රීලා බලලා කියනං කිවුවා .

කොමඩා කෙලින්ම තීන්දුව දුන්නා ..

මචං අර පර තම්බියෝ අපිට වඳ බේත් දාලා අරක්කු දීලා ..”

එහෙම වඳ බේත් දුන්නම ලේ බඩ යනවද ?

නැතුං ..!!සරීරේ ඇතුළතින් හානියක් වුණාම ලේ එකතු වෙලා එවුවා අසූචි එක්ක එපිටට යනවා .. අපේ ග්‍රන්ථි වලට හානි වෙලා .. ඒකයි මේ ලේ බඩ ගියේ ..”

කොමඩා විද්‍යාවට විෂයට සම්මාන තියෙන එකෙක් .. ඌ කීවොත් කීව තමයි ..

මං කිතුලගෙන් කෝලෙකක් දීලා අහන්ඩද ?

එපා එපා .. ඕකා හෙණ පඩ ටෝකක් දෙයි ..”

කොමඩා එපා කීව නිසා මං කිතුලාගෙන් අහන්ඩ ගියෙත් නෑ ..

“දැන් ඉතින් ඉවරයි ..” ජානක අඬන්න වගේ .. “ඕක තමයි බං තම්බියාගේ ප්ලෑන අපිට වඳ බේත් දීලා උන් අපේ මාර්තු බූමිය අල්ලනවා .. දැන් හරිනේ .. දැන් හරිනේ ..”

දැන් අපි අපිට මේ වඳ බේත් දුන්න පරයන්ට කෙළවලා ඉන්ඩෝනේ ..”

මද්දු කුමාර එහෙම කීවාම කට්ටියම සසල වුණානේ ..

දැන් ඔය පරයා රිෆායි එනවා කීවානේ කඩ කාමරයක් බලන්ඩ .. එන්ඩ කියලා දෙමු හොම්බෙන් යන්ඩ ..
අන්න හරි .. දෙමු .. පරයට දෙමු .. එකෙක්වත් මෙතන බාවනාව නාව ඉන්ඩ බෑ අරි ..අපිත් උන්ට දෙමු ලේ බඩ යන්ඩ .”

.. අපිට අරින්ඩ ආවොත් නං සුදා අපි අලියෙක්ට වුණත් අරින එක නං අරිනවා .. ඉතින් එහෙවු අපිට තම්බි ගේමක්දැ ?

පහුවදාට, පහුවදාට, පහුවදා රිෆායි සහ තම්බි සෙට් එකක් චඩයං තලාව ගමට ආවේ ත්‍රීවීලර් දෙකකින් .. ඌ හිතාන එන්නැත්තේ .. චඩයං තලාව ගමෙන් කඩ කාමරයක් ගන්න .. නැතිනං ඉඩමක් ගන්ඩ .. එවුවා වානා !!.
එදා ඌව සිප වැළඳගෙන ගියපු හිත හොඳ සිංහල මල්ලිලා හොඳ කඩ කාමරයක්, ඉඩමක් ලෑස්ති කරලා ඇති කියලා ඌ හිතන්ඩ ඇති . උන් කට්ටිය ත්‍රීවීලර් වලින් ආවේ අපිට තෑග්ගට රා බූලියකුත් අරගෙනයි .අනේ උන් පවු ..!

රිෆායිට සහ උගේ තම්බි මිතුරන්ට මීට් වුණේ .. එදා දැක්ක හිත හොඳ සිංහල මුනියා නෙවෙයි .. වෙසමුණියා වගේ ඇවිසිච්චි නරුමයෝ කැලක් .. ජානක, මද්දු කුමාර ,රත්නායක සහ කොමඩා සෑහෙන ගැන්සියක් එක්කාසු කරගෙන ඇවිදින් උන්නා ..මං බලං උන්නා ..

“අඩා තොපි අපිට මොනාද දුන්නේ ..එදා .. අරක්කු වලට බේත් දාලා දුන්නා නේ ද ? තොපෙ අම්මට !! තොපි හූතවාලී....#@$% ”

නැ මෂං උඹලා බීපු අරක්කුම තමා අපිලත් බීවා .. ඇයි ඩා අපිට එන්ඩයි කියලා ගහන්ඩේ .. යුඹලා යෙපිලගෙන් කාලා බීලා යෙපිලට කෙළෙවුවා පුණ්ඩා ..!! වන්න වන්න පූච්චියාරේ ... වන්නාතු පූච්චියාරේ ..”
රිෆායි ගුටි කාකා අපිට මුෂ්ලිම් බාසාවෙන් මරණ තර්ජනේ කළා …

ගමේ විසි පහක් විතර සෙට් වෙලා රිෆායි සහ උගේ ගජයන්ගේ රෙදි ඉරලා .. පාරේ දණගස්වලා ගෙනාපු රා පනිට්ටු උන්ගේ ඔළුවේ හළලා, පුකට පයින් ගහලා.. දුන්නා අඩි පෝමා !!.. මං බලාගෙනම උන්නා .. මට ආසාවට එක ගුටියක්වත් දීගන්න බැරි වුණානේ .. ඒ තරම් සෙනග .. කොමඩා උඩ පැනලා ගහපු කරාටි පාරවල් වැදුණේ මටයි ළඟ තිබ්බ සියඹලා ගහකටයි ..

රිෆායිලෑ තම්බි සෙට් එක ගුටිකාලා ගියා ..හැබැයි ගේම අවසන් වුණේ නෑ .. එතනින් තමයි ගේම පටන් ගත්තේ .

පහුවදා උදේ දාන පිංකමකට අලුත් මාළු ගේන්ඩ ගේන්ඩ ගියපු සිංහල සෙට් එකකට නින්දවුර්  වලදී දැවැන්ත ගුටි පෝරියල් එකක් ලැබුණා .ගුටි වල සැරට උන්ට සුදු ගූ ගිහින් .. !!

වඩු වැඩකට එහේ ගියපු අපේ සෙට් එකකට මසල වඩේ අඩි වැදුණා.. සරං කඩාගෙන තුවාල කරගෙන උන් ආයෙත් අපේ බෝඩරේට දුවගෙන ආවා .

වලතාපිඩ්ඩි වැවේ මාළු බාන්ඩ ගියපු සිංහල ධීවර අයියලා සෙට් එකකට තම්බි මල්ලිලා වගයක් හොඳවයින් ජල ගුටි දිලා කියලා ආරංචියකුත් ආවා .අන්තිමෙට මේ කේස් නවත්තන්න STF එකටම බහින්ඩ සිද්ධ වුණා ..

STF එක සාමකාමීව වලියේ සැර බස්සන්න හැදුවා..ඒ අස්සේ එස්ටී එෆ් කොල්ලෙකුගේ තුවක්කුව උදුරගෙන ඒ කොල්ලව ප්‍රාණ ඇපේට අරගෙන රිෆායිලාගේ සෙට් එක හෙණ දර්සනයක් දැම්මා ..හැබැයි අන්තිමට උන් සෙට් එක නම් ගුටි කෑවා ලංකට් පැලෙනකං..

කොහොමත් ඕකුංගේ සයිලේ වැඩියි ඕකුංව ගහ ගහ පන්නඩ ඕන..

ඔය අතරේ අපේ ගමට ආපු තම්බියෙකුගේ පිට මැද්දෑවටම ඇට්ටේරියා පොලු පාරවල් තුනක් ගහන්ඩ කොමඩාට හැකි වුණා .. පස්සේ තමා දැනගත්තේ ඒ කොල්ලා දෙමළ කියලා ..

පෝය නිවාඩුවකට ගමේ ඇවිදින් මේ කරපු හරිය මදෑ !! මම ටිකක් නිවුටල් ගියා.. හැබැයි කොමඩා හිටියේ සිංහයා වගේ ..ඌට ජෙට් ආතල් !!. ඉතින් ඔය විදිහට ගෙවුණ නිවාඩුව අවසන් වෙලා මම ආයේත් කොළඹ එන්ඩ දවසකට කලින් මට කිතුලා හමු වුණා ..

අපිට එදා අරුන් වඳ බේත් දීලා අපි හැමෝටම ලේ බඩ ගියා . හැබැයි අපි දුන්නා උන්ටෑ..උඹ දන්නෑනේ කිතුලෝ කේස් එක ..”

ලේ බඩ ගියේ කවද්ද ?

මට නම් පහුවදා උදේ ..කොමඩා ට එදාම රෑ ..අනෙක් උන්ටත් එහෙමයි .. උඹට ගියේ නෑද ?

දැන් තොපිට මතක නැද්ද අපි එන ගමන් මගදි ..ඩ්‍රැගන් පුට් ජූස් බීවා !! යකෝ ඩ්‍රැගන් පුට් බීවාම එහෙම තමයි .. රතුපාටින් බොක යනවා ..අනික තොපි රා ගැහුවනේ .. ළපටි රා ගැහුවාම කෝමත් පහුවදා බඩ බුරුලට තමා යන්නේ ..ඉඳකිං තොපි !”

“ආ .. බීවා නේන්නං .. “

“සඳරුවන් උඹ තමයි සල්ලි දීලා ඩ්‍රැගන් පුට් ගත්තේ ..අර අයිස් ක්‍රීම් දාලා ලොකු ජෝගු දෙකක් ගත්තේ .. අපි ඒක බීලා සිකරට් ගහලා තමයි ගෙදර ගියේ ..”

මට එවේලේ හිතුණ දේවල් මං කියන්ඩ යන්නෑ.. ඔය හිතෙන හැමදේම කියන්ඩ, ලියන්ඩ හොඳ නෑ .
හැබැයි කොමඩා පිළිගත්තෙම නෑ නේ ඩ්‍රැගන් පුට් බීවට ලේ පාටට ගූ ගිය කතාව . ඌ කිතුලට විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කළා ..කොමඩා ට විද්‍යාව විසයට සම්මාන තියෙනවානේ .

“එහෙනං පෝටෙලෝ බීවම , ළමා පැන්ඩෝල් බීවම,රතු ලූණු ,පැණි පූල් කෑවාමත් රතුපාටට යන්ඩෙපෑ .. මට හිතෙන්නේ උන් වඳ බේත් දුන්නා දුන්නා .. අපේ ගන්ති වලට හානි වෙලා රුධිරය නිකුත්..”
ඒක අහලා ..කිතුලට මල පැන්නා නේ

“අනේ බං සඳරුවන් .. උඹ මේ මිනිහා කියන දේ අහනවා නං තොටත් පිස්සු .. යකෝ මූ කියන දේ අහලද බං අර තම්බි එවුන්ට කෙළියේ .. යකෝ.. මූ වගේ විල කජ්ජෙක් කියන කතා අහනවට තෝ වගේ එකෙක්ටත් ගූ ගහන්ඩ ඕන .”.

“අනේ පලයං කිතුලෝ යන්ඩ .. දැං ඉතින් මට ළමයෙක් හදන්ඩ බෑ .. ඒකේ වේදනාව තියෙන්නේ මට ..”

the ගහ ගහ ගහ ඉඳලා ළමයි හදන්ඩ බෑ .. ඉස්සරවෙලා බැඳපිය ..”

“මොකක්ද තෝ කීවේ ..?

ඔන්න ඊට පස්සේ කොමඩයි කිතුළයි අතරෙ ගෝරියක් ගියා..

 සෙන්ටර් කෑම්ප් ගමේ ඉඳන් නින්දවුර්..පොතුවිල්  වලට යනකම්ම ..සිංහල මුස්ලිම් ඇරියස් එක නැගලම ගියා ..
එස් ටී එෆ් එකෙන් විටින් විට ඇවිදින් අපක්‍ෂපාතීව දෙපැත්තටම අඩි දීගෙන ගියා .
.
මං හිබිජ්ජා වගේ කොළඹට ගියා ..
************

 පසුගිය දවසක මං කොළඹ ගුඩ් මාකට් කියන තැන තිබුණ පලතුරු කඩේකින් ඩ්‍රැගන් පුට් ජූස් වීදුරුවක් බීවා .. මට ඔනෑ වුණේ කිතුලාද කොමඩා ද හරි කියලා දැනගන්න ..



හැබැයි පහුවදා කක්කුස්සි ගියාම .. රතු ගූ නම් තිබුණේම නෑ .. ලාවුලු පාට උදලු මිටක් වගේ එකක් තමයි තිබුණේ .

එතකොට කවුද හරි .. කොමඩද ? ... කිතුලද ? .. අපි වඳ වුණාද ..? නැත්තං රැවටුණාද ? . ඔය ගැන වැඩිය හිතන්න හොඳ නෑ... ඉතිං විනාඩි 1 යි තත්පර 34ක් විතර ඒ ගූ ගොඩ දිහා බලාගෙන ඉඳලා ඇතිවෙලා.. මං හෝදගෙන එන්න ආවා ..


ඉවරයි ..


ප.ලි

අඳින් පස්සේ මේ බ්ලොග් අවකාසේ මෙච්චර කාලයක් රන් කරපු  මගේ නං කෑල්ල වෙච්ච සඳරු කියන නම අයින් කරනවා ..!! ඉතින් මහත්තයෝ උඹලාටත් සීලංකා මාතා සමාජවාදී ජන රජයටත් . සිංහල බ්ලොග්ගවකාසේ  හැමෝටමත් කියලා ඔන්න නම සඳරුවන් කියලාම තියාගත්තා ..ඒක ඉතින් මගේ නම නේ ..

ආයේ දවසක ලියන්න බලන්නම් .. 

132 comments:

  1. ආයෙත් පාරක් මේ බ්ලොක් එක පටන් ගත්තාට උබට පින් සඳරු කතාව කියවලා එන්නම්

    ReplyDelete
  2. ඈ බං ඔය තම්බින්ගේ හුරිජ්ජ බොන්නේ නැතිව, හිගුරාන රවුන්ඩප් බෝතලයක් ලයින් කර ගන්න කන්ටැක්ට්ස් තියෙන එකෙක් හිටියේ නැද්ද උඹලගේ ගමේ...

    ReplyDelete
  3. වෙච්ච දෙයක්..

    ReplyDelete
  4. ෂේාක් කතාව.
    ඇඟ කිලිපොලාන ගියා.

    ReplyDelete
  5. මේක කියෙව්වා වෙලේ ඉඳන් මං මේ හෙට රෙනකන් බලං ඉන්නේ ගූ මොනපාටද කියලා බලන්න හැක පට්ට ඕයි

    ReplyDelete
  6. කියෝලා හිනාවෙලා කලිසමේම රෙවුනා යකෝ.. මම මේ කක්කුස්සියට යන ගමන් පාට මොකක් ද බලන්න..

    ReplyDelete
  7. සඳරු හරි සඳරුවන් හරි වෙන මොන හු&$$%@! ක් උනත් අපිට අදාල නෑ ඩෝ. බොලා ආයෙ මේක ලියුව එකටනං හෙට උදේ ‍බොක දාල විනාඩි 1 යි තත්පර 34 ක් පාට මොකක්ද කියල බලන්න වෙනවමයි. හැක්..

    ReplyDelete
  8. කොහෙද යකෝ තොලොංචි වෙලා හිටියේ මෙච්චරකල්? හා හා සඳරු (සඳරුවන්) කොල්ලෝ දිගටම ලියමු අයෙත්. ජය වේවා කිව්වා එහෙනම් !

    ReplyDelete
  9. http://www.redpoop.com/red_poop_misdiagnosis.html


    http://www.redpoop.com/red_poop_causes.html#foods_causing_red_poop

    ReplyDelete
  10. හිනාවෙන් හිනාවෙන් කියෙව්වට උඹ මේ ලියපු කතාවෙ අබ්බියන්තරේ බොක්කටම වැදුනා මචං... අර ලක්බිමේ ආටිකල් එකේ තිබුණා වගේ උඹ තමා නූතන මායාරන්ජන්... ඒකෙ ආයෙ දෙකක් නෑ... ඕ යෑස්

    ReplyDelete
  11. ප.ලි. ටයිටලේ දැක්කම හිතුවේ මූ ජේවීපී එකට කිණ්ඩියක් දාල වත්ද කියලා.. හැක්

    ReplyDelete
  12. මැජික් ලිවිලි

    ReplyDelete
  13. මොන පාටට බොක ගියත් නම වෙනස් කරපු එකනම් අවුල් මචෝ...

    ReplyDelete
  14. කිතුලට හෙන ගැහැව්ව වගේ, සාලෙට ටියුප් බලුප් දැම්ම වගේ, පාරෙ වැටිල තිවිලා රුපියල් සීයක් හම්බවුනා වගේ අප්රමාන සතුටක් දැනුනා මේක දුටුවං. අනේ තව තවත් ලියවේවා!!!!!!!

    ReplyDelete
  15. කමෙන්ට් කළ නොකළ තොපිලාට ස්තූතියි .. හෙට දිහාට උඹලා හැමෝටම උත්තර දෙන්නං .. ජය

    ReplyDelete
  16. සඳරුගේ මෙම පොස්ට් එක දාපු ගමන්ම GTRZ නොහොත් රංග තේනුවර සක්කිලියාගේ බලුකිරියේ(එළකිරි ඩොට් කොම්) බල්ලෙක් උස්සලා දාලා.

    ReplyDelete
    Replies
    1. දන්න එකෙක් කියපන්කො elakiri.com එකට මොකද උනේ කියලා

      Delete
  17. මම දන්නවා ඕකට හරිම විසඳුම.ඒ කියන්නේ එදා ඔවුවා රතු පාටට ගියේ වඳ බේත් දීල ද? නැතිනම් කොමඩු බීල ද කියල. තක්කෙටම ඕක දැන ගන්න ඇහැකි ළමෙක් හදන්න ට්‍රයි කරොත්....
    ඉතින් සඳරුවන් “ සුබ වැලන්ටයින් දිනයක් “

    ReplyDelete
  18. හනේ අම්මේ...වෙලාවට වැඩ ඉවරවෙලා කියෙව්වෙ,,නැහ්නං මුන් මාවත් මානසික ලෙඩට බේත් කොරන දොස්තරය ගාවට යවනවා නොමිලෙම බේත් කොරන්න..කොහොම හරි ආයෙ ආපු එක ලොකු දෙයක්..

    ReplyDelete
  19. බලපිය තොගෙ අන්තිම පොස්ට් එකට දවස් කියක් කෙමෙන්ට් දැම්මාද කියලා අලුත් පොස්ට් එකක් ලියන්න කියලා..
    එදා ඉදන්ම උබ එක්ක හිටපු සජිත්ම තමයි...එල ද බ්‍රා මෙන්ඩා කියන්නෙත්

    ReplyDelete
  20. Kalyana,

    /කියෝලා හිනාවෙලා කලිසමේම රෙවුනා යකෝ.. මම මේ කක්කුස්සියට යන ගමන් පාට මොකක් ද බලන්න../

    මීට පස්සෙ මේ මූදු XXXXගෙ කතා කියවන්ට ඉස්සෙල්ල දුඹුරු පාට කළසමක් ඇඳගං..මාත් එහෙම කොරන්ට අදිස්ටාන කොරගත්ත.............

    ReplyDelete
  21. /අක්මාවට උම්බෑ කියැවුණා../

    ඔක්කොමත් හරි මේකත් හරි බං...:)

    ReplyDelete
  22. ලියන්ට එපා..එක්කො ලියපං මම කියවන්නෙ නෑ..නිකං රෙවුවගන්න ඕන නෑ බං.
    නිවාඩු එද්දි උබ යන පාරෙ මමත් ඉන්නෙ.වර ආතල් එකක් දාල යම.

    ReplyDelete
  23. බ්ලොග් ලෝකෙ ඉන්න නොම්බර එකේ කතා රචකයා..උඹ සඳරුවන් නෙවෙයි සඳරුවන් ජයවික්‍රම මහතා විදියට ලියුවත් කතාවනම් සුපිරි..කිතුලා රිපිටා තුන්ගෙ මාමා වනිගෙ අය්යා ..ඔය 17 කොළනියෙ හැමෝම අපේ හිත්වල පදි0චි කෙරුවෙ උඹේ කතා කලාව..

    ReplyDelete
  24. කමෙන්ට් වලට කෙළින්ම රිප්ලයි කරන්න ඇහැක් විදිහට මේක හදපියකෝ...

    ReplyDelete
  25. තම්බින්ට පුක දෙන අම්පාරේ සිංහලයෝ.අරක්කු උගුරට මාත්තුරුභුමිය පාවා දෙන්න එපා යකෝ.. හැක් හැක්. රතු ගූ වලට හේතුවක් නං මට හිතාගන්න බෑ. සමාර විට ඩ්‍රැගන් ෆෘට් වලටත් රතු වෙනවා ඇති. මොකද බීට් කෑවත් රතු පාටයි

    ReplyDelete
  26. අම්මෝ කොල්ලො. තෝ යහමින් ඉන්නවද?
    ඒක නෙමෙයි මේක ඇත්තටම වුන සිදුවීමක් ද?
    සුපිරි කතාව මල්ලෝ

    ReplyDelete
  27. What a post Bro. Keep up the good work.

    ReplyDelete
  28. රෙවුනා යකෝ!!!
    ලාවුළු පාටයි! :D :D

    ReplyDelete
  29. උඹ හොද සිංහලයා....හෙළයා කවදාවත් පච කෙලින්නෑ . ඒ අතින් උඹ නියමයි....

    ReplyDelete
  30. බෙට්ට දාල පාට බැලුව එකනෙ මේ ඔක්කොම ගැටලු වලට හේතුව. මීට පස්සෙ වල කක්කුස්සියකට පල.

    ReplyDelete
  31. සිරි ලංකාවේ ඊළඟ ජාතිවාදි යුද්ධයට ආසන්නම හේතුව ගූ බෙට්ටක් කියලා කටක් ඇරල කොහොම කියන්න ද බොලල්ලා.... ඒක් හින්දා උඹ වහාම ආයෙ ගිහින් වෙන හේතුවක් පටලෝගෙන අරුන්ට නෙලලා වරෙන් හොඳේ...

    උඹ ලියනවා දකිනකොට බ්ලොග් ලෝකෙට කඩන් වැ‍ටුන මුල කාලේ මතක් වුනා..

    ReplyDelete
  32. කොහෙද ගල් මූසලයො ගිහින් හිටියෙ මෙච්චර කල්..
    අලි අලි කමක් නෑ ආයෙ ලියන්න පටන් ගනින් සුඩූ...

    ReplyDelete
  33. මේක අහල මටත් ගූ යන්න එනවා කියහංකො අම්පාරෙ සඳා!

    ReplyDelete
  34. Anonymous : එල බොක්ක !!
    -----------------------------------------------------
    මහිම මදුරංග: දැන් තව සඳරුලා ලියනවා බං උංගේ හිත් කඩන්න නාකයි
    -----------------------------------------------------
    හසිත මදුශංක : මොනා කරන්ඩද බං නැති දාට නැත්තටම නෑනේ .. එදා ගේමක් දීලා දීලා බැලුවා අන්තිමට හම්බුනේ එතැන විතරයි .
    -----------------------------------------------------
    Anonymous 12:42 : තැන්කූ ඇනා
    -----------------------------------------------------
    හද පතුල : නැතුව නැතුව ඔයිං ගියා මදෑ ..
    -----------------------------------------------------
    Sudath Padmasiri : ස්තූතියි මහත්තයෝ
    -----------------------------------------------------
    ඉවාන් අයියා : රීලා ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරලා තවත් තුන් දෙනෙකුට ටැග් කරන්න බලන්න ( උඹගෙන් කෙමෙන්ට් එකක් ආවම හරි සතුට බං ඉස්සර හෝ ගාලා ලියූ දවස් මතක් වුණා ..)
    -----------------------------------------------------
    වැවු ඉස්මත්ත : තැන්කූ අප්පා !!
    -----------------------------------------------------
    කල්‍යාණේ : බඩ බුරුලට ගියාම ලෙඩ හොඳ වෙනවා අයියා .. ඒ පින මට ඇතිවෙයි බං නිවන් යන්ඩ
    -----------------------------------------------------
    ප්‍රසන්න : නිල් පාට එහෙම තිබුනොත් අට පට්ටමට කියන්න එපා !! මයිත්‍රී මහත්තයා ගාවට ඒ කක්කා සාම්පල් එකක් අරගෙන රස බලන්න කියලා උඹ වරෙන් අපෙ අයියේ ..
    -----------------------------------------------------
    Nuwan Jayasuriya : පොඩ්ඩක් මිසිං වෙලා හිටියා මයෙ දෙයියා .. බලමු ඉඳලා හිටලා ආයේ ලියන්ඩයි ඉන්නේ
    -----------------------------------------------------
    Pra Jay : දැක්කා නේද කලර්ෆුල් කක්කාස් ස්තූතියි මේ විස්තර වලට
    -----------------------------------------------------
    ඩිල්ෂාන් : මොන ජේවීපීද බං .. මං මේ අපි ගැනම හ්තලා සූටබල් කතාවක් ලියලා අපිට ඇත්තටම වෙච්ච දේ එක්ක සං සංදනේ කරලා පොඩි ආතල් එකක් ගත්තා
    -----------------------------------------------------
    ජේමිස් බන්ඩා : එය මට ගවුරවයකි ..
    -----------------------------------------------------
    ලොකු පුතා : මොනා කරන්ඩද කැලුමා .. දැන් සඳරුලා ගොඩක් ඉන්නවා මං උන්ගේ තැන ගන්ඩ නාකයි . මං මගේ නමින් යන්නං

    ReplyDelete
  35. surangamlr : ජය වේවා මතං ඉඳ හිට තව ලියනවා උඹලා කමෙන්ට් දානකොට ඇඬෙනවා ..
    -----------------------------------------------------
    සඳරු හිස් අහස: උඹ මොන ගොබිලෙක්ද බල්ලෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්ඩ ආවේ
    -----------------------------------------------------
    Anonymous 19:22 : මචං ඌ මගෙන් අහලා ඒක එලකිරියේ දැම්මේ .. ඇයිදැයි බං තරහ ගන්නේ ෆන් එකක් ගනිංකෝ
    -----------------------------------------------------
    සොඳුරු සිත : අපේ අක්කේ .. මොනා බං මේ අහිසක සඳරුවාව අමාරුවේ දාන්ඩ යන්නේ .. මං දැන් නොබැඳි ජාතින්ගේ සම්මේලනයේ ලොක්කා වෙලා ගෙවන තුන් වැනි අවුරුද්ද .. මට මේම හොඳයි අපෙ අක්කේ
    -----------------------------------------------------
    ඉන්දික : හිනා වෙනකොට කැලරි පිච්චෙනවා අපෙ අයියා .. ඒ අතින් බැලුවාම මා දැන් අයියාගේ කැලරි ගෝනියක් විතර පුච්චලා ..
    -----------------------------------------------------
    එල ද බ්‍රා මෙන්ඩා : මට මතකයි මහත්තයෝ මොනා කරඩද මේ සඳරුවනාගේ කම්මැලිකම ලොකුයිනේ ඌට අනික් හැමදේටම වඩා .. නෙද්දකිං මං .. උඹලාව දැක්කාම මේ විදිහට හරි මාර ආතල් බං ..
    -----------------------------------------------------
    රවී: අපෙ අයියේ .. කෝමද බං උඹට .. රෙන කතා පැත්තක දාපංකොයි .. උඹ හොඳින් ඉන්නවාද ? .. උඹට කෝමද .. අඳුනගන්ඩ වරෙන් වෙලාවක අයියේ
    -----------------------------------------------------
    Anonymous : 22: 21 = අයියා මෙදාපාර යද්දී උඹත් යමා මා එක්ක .. මම
    -----------------------------------------------------
    SDC : තැන්කූ මචා .. වෙලාවක මාව කන්ටෑක් කරගෙන යමං අපේ ගෙවල් දිහෑ ඔය ආතල් සජිවීව බලලා පං එකක් අරගෙන ගූ ගොඩක් පාගලා පොලීසි ගිහින් නයිටක් ගහලා එහෙම එමු බං ..
    -----------------------------------------------------
    ලොකූ : ඒ වැඩේට නම් මේ ටෙම්ප්ලේට් එක අයිං කරන්ඩ වෙනවා මයෙ දෙයියෝ
    -----------------------------------------------------
    දේශක යා : පිස්සුද බං අපි අපේ මාර්තු බූමිය වෙනුවෙන් තමයි මේ හැම දේම කළේ .. ඩ්‍රැගන් පුට් වලට රෙඩ් පාට චූ පවා යන්ඩ හැකි බව ගූගල් සමාගමේ පත් ඉරු වල ලියා තිබෙනවා මයෙ පුතේ
    -----------------------------------------------------
    Buru Babe : යහතින් ඉන්නවා මහත්තයෝ .. මේක ඇත්ත කතාවක් .. නම් ගම් පොඩ්ඩක් එහෙමෙහෙ කළා .. තව ලියන්ඩ බැරි කෑලි තිබිලා අයින් කළා
    -----------------------------------------------------
    Anonymous 10:57: තෑන්කූ මචා .. බොක්ක
    -----------------------------------------------------
    නාඩියා : උකුද ? දියාරුද ? තදද ..ඔබේ පිළිතුර සඳහන් කර ඔබේ ගූගොඩ සමග සෙල්ෆියක් අරං පබ්ලිස් කරන්න
    -----------------------------------------------------
    වැව් ඉස්මත්ත : පච පොඩ්ඩක් කෙලිනවා .. ඒත් කාටවත් හානියක් නැති පච .
    -----------------------------------------------------
    ඩියෝන් මිතිල : තෑන්කූ දෙයියා
    -----------------------------------------------------
    කම්මල: මචං පෝච්චි ලැට් එකකනේ ගියේ .. කොමඩ් එකේ ගියා නම් පේන්නෑ.. බලහංකෝ ..
    -----------------------------------------------------
    සෙන්නා : උඹගේ කමෙන්ට් එක බලලා මට හිනා වෙලා බඩ ගියාද කොහේද බං ..අඩෝ එහෙම වුණා නම් මේ රට ගැන ලෝකයා මොනා හිතයිද බං
    තරු :
    අඩෝ බයින්ඩ එපා අපෙ අයියා .. පොඩියක් වහං වෙලා උන්නා
    -----------------------------------------------------
    අමිල ජයචන්ද්‍ර : ගියාට කමක් නෑ මහත්තයෝ හැබැයි පාට බලලා මට කියන්ඩ ඕන .. හරි..

    ReplyDelete
  36. අපූරු කතාවක්.
    මේ වගේ කතා කියවන්න ලැබෙන්නෙ බ්ලොග් අවකාශෙක විතරයි.
    යටි අරුත් රැසක් අපූරුවට මතු කරල තිබුනා.
    හාස්‍යය සමග උපහාසය.
    එල.......

    ReplyDelete
  37. //"ඉවාන් අයියා : රීලා ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරලා තවත් තුන් දෙනෙකුට ටැග් කරන්න බලන්න ( උඹගෙන් කෙමෙන්ට් එකක් ආවම හරි සතුට බං ඉස්සර හෝ ගාලා ලියූ දවස් මතක් වුණා ..) "//
    Kandulu awa bola. 😭

    ReplyDelete
  38. මේව කියවනන ගිහින්බොකකුත් සැට් උනා.

    ReplyDelete
  39. මල්ලිගෙ
    ගම දඩයම්තලාවද? මගෙ ඉස්කෝලෙ
    හිටපු යාලුවෙක ඉන්නවා

    ReplyDelete
  40. නින්දවූර් මාත් ගියා දෙසැම්බරේ... හැබැයි අරං ආවෙනම් සොඳුරු මතක ගෝනි ගානක්..

    ReplyDelete
  41. පේලි අතර කතාව කියෙව්වම හිතුනෙ, සන්දරු දැන් "මිනිහෙක් වෙලා"කියල. සතුටුයි. ජය මලේ!

    ReplyDelete
  42. දිගටම ලියන්න. එතකොට පරණ රිදම් එකට එයි. මේකත් මරු.

    ReplyDelete
  43. Ayya Ela kiri @hare

    ReplyDelete
  44. ගූ ගොඩක් ගැන ලිව්වත් හිට් එකක්...පට්ටයි හොදේ....
    මාසෙකට පාරක්වත් නැති එකයි දුක....

    ReplyDelete
  45. මෙච්චර කල් නොලීව එක ගැන තරහා...යි

    ReplyDelete
  46. mage hithe loku hina dekak thiyanawa ba. ekak jewithe kawada hari dawsaka ubath ekka adiyak gahana eka. adooo sira ban. aye liyana eka nawaththanna epa. uba wate gdk un innawa.

    ReplyDelete
  47. යකෝ රුපියල් පන්සීයක් සාක්කුවේ දාංද අච්චර සෙට් එකක් වෑන් එහෙක දාං බොන්න අරං ගියේ...

    ReplyDelete
  48. භාෂා විලාසය සහ යටිපෙල මරේ මරු!

    බෝඩිම් වර්ණනාව කවි පෙලත් බ්ලොගයේ පළ කරන්න!

    ReplyDelete
  49. මෙන්න බොලී ලියනවා ආපහු

    ReplyDelete
  50. එල කොල්ලෙක් හරක් හොරෙක්........

    ReplyDelete
  51. නියමයි

    ReplyDelete
  52. koheda bn hitiye mechara kal.
    e-mail eka baluwe wat nadda uba
    anyway alut katawat issata wageama පට්ට්යි

    ReplyDelete
  53. මාත්තුරූකාව ගූ වූවාට, පණිවුඩේ රත්තරන් පුතේ..

    ReplyDelete
  54. හම්බෝ ..චූ චුට්ටකුත් ගියා..

    ReplyDelete
  55. ඇත්ත: විද්‍යා ප්‍රබන්දයක් තමයි.

    ReplyDelete
  56. අනේ යකොඕ. තෝ කොළඹදී ඌක චෙක් කරන්න කොයි ලපටි රා??

    ReplyDelete
  57. මේකේ කමෙන්ට් ටික සුපිරි. මන් අහම්බෙන් අවේ බන්. ඉක්මනට අපේ කමෙන්ට් පබ්ලිෂ් කරපන්. සුපිරි කතාව. ජාති වාදී ගැටුමට හේතුව "ගු බෙට්ට රතු වීම"

    ReplyDelete
  58. එක් පසකින් තඩි වෙල් යාය ..
    යායේ දිගේ මහ තල් යාය ,
    තල් යාය මුල කදුරු මල් යාය ,
    මල් යායේ වනාපු -- තම්බි ගර්ල් කෙනෙකුගේ යට සාය …!!

    ReplyDelete
  59. ඒක කියෝලා මටත් රතු ගූ රෙවුනා වගෙයි බන්.. පට්ට පට පට.. එල බන්.. දිගටම ලියපන්..
    මම ජීවක ( කළුවා )

    ReplyDelete
  60. කමෙන්ට්ස් ඩාපු ඩාපු අයට බෝම ස්තූ !! .. ආදරෙයි මහත්වරුණි..

    ReplyDelete
  61. යකෝ ඒක...මෙිකට මෙික ගැන මතක් උන එකත් ලොකු දෙයක්...වෙනද වගේ නැති වුනත් ඔය හොරට ලියන එක නවත්තලා ලියන්න පටන් ගත්තා නමි වෙනදා වගෙ තියෙවි...උඹෙි නම සදරැ මිසක් සදරැවන් නෙවෙි..කොල්ලො...

    ReplyDelete
  62. රවින් B8 March 2018 at 18:20

    ලියන්ඩකෝ දෙයියනේ

    ReplyDelete
  63. දන්න එකෙක් කියපන්කො elakiri.com එකට මොකද උනේ කියලා

    ReplyDelete
  64. තවත් කතවක අවසානය!!!!!!!!!!!!!!

    ReplyDelete
  65. Mn oyage hama kathwama kiyeuwa godak lassanai mn mage hithata waduna katha tikk fb ekt danwa

    ReplyDelete
  66. Mn oyage hama kathwama kiyeuwa godak lassanai mn mage hithata waduna katha tikk fb ekt danwa

    ReplyDelete
  67. Mn oyage hama kathwama kiyeuwa godak lassanai mn mage hithata waduna katha tikk fb ekt danwa

    ReplyDelete
  68. දිගටම ලියන්න අයියෙ කථාව නියමයි

    ReplyDelete
  69. අටම්පඩය7 June 2018 at 13:40

    කොලොම්පුරේ වත් නැති ඩ්‍රැගන් පුට් ජූස් උඹලයි ඔය හද්දා පිටිසර නන්නත්තාර නැට්ට පිටිං අලිත් ඉන්න ගං තුලානෙ තියනෝ කියල ඇහුවම ඔකඳ වෙනවා බම්.

    හෑබෑට උඹලයි අහ අලිත් ඩ්‍රැගන් පුට් ජූස් බොනවයි ?

    ReplyDelete
  70. යකෝ යකඩ කැල්ලක් අතට අරන් මේක කියවන්න ඕන උත්තෝ . එච්චරට හිනා යනවා .. එලම තමා සඳරුවන්

    ReplyDelete
  71. සදරැවෝ ලියහන් අඩා....

    ReplyDelete
  72. එලම තමයි රතු ගූ....

    ReplyDelete

  73. බයික් එකේ පොත තමා දාන්ට වෙන්නෙ

    Reply
    Replies

    දේශක යාSeptember 6, 2018 at 8:49 AM
    මතකද අර සඳරුවා බයික් එකේ ලයිසන් එකෙන් රොකට් ඇරියා.. හැක්

    එල ද බ්‍රා මෙන්ඩාSeptember 7, 2018 at 12:25 PM
    කවුද සද‍රැ කියන්නේ???????????????????????????????????

    Delete

    Udaya DissanayakeSeptember 7, 2018 at 1:03 PM
    සඳරු කියන්නේ රටක් වටිනා බ්ලොග් පුත්‍රයෙක්. කියවලාම බලන්න...
    https://hisahasa.blogspot.com


    දේශක යාSeptember 7, 2018 at 3:00 PM
    ++++++++++


    එල ද බ්‍රා මෙන්ඩාSeptember 8, 2018 at 2:16 AM
    චැ...ඒ මොන ජාරාවක්ද? ඔවාටද බ්ලොග් ලියනවා කියන්නේ....මමනම් ඔය හිස් අහස කියවලත් නැහැ කියවන්නේත් නැහැ...
    දේශා..ඔය සදරු කියන එකාට කියපන් ඔකා ලියන ඒවා අපි කියවන්නේ නැහැ..ආය ලියලා තිබුනොත් දිගාමඩුල්ලට ඇවිත් මායාරන්ජන්ගෙයි උගෙයි අඩු කඩනවා කියලා..

    Delete

    ReplyDelete
  74. උඹ මේක ලියන්නැද්ද?

    ReplyDelete
  75. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  76. This comment has been removed by the author.

    ReplyDelete
  77. කදිම රචනාවක්!
    මේ කථාව බොහොම වේගයෙන් හාස්‍ය, දිවත්ව-අරුත් සහ තරුණ මදය සමග ගලාගෙන ගිහිල්ලා පාඨකයා මතුපිටින් ජනප්‍රිය ජාතිවාදි සීනි තට්ටුවක් දාලා රැවටුවත් යටි පෙළ හෙවත් බෙහෙත් පෙත්තේ මදයේ තියෙන්නෙ බොහෝ ජාති විදී කලබල හා කැරළිවලට හේතු වෙන්නෙේ සොයා බැලීමකින් තොරව ගන්නා පටු තීරණ බවයි. සියල්ලට හේතුකාරකයා වන කතෘ හිමින්ම කොළඹට මාරු වෙන්නෙ ඒකනේ.
    ඩේ ජා වූ වල තිබූ භාෂා සංයමය අත් හැර දැමීම පාඩුවක්. එය ඉල්ලන දේ (FM සිංදු වගේ) දීමක්ද?
    කොහොම වුනත් ලබා දුන් ආනන්දයටත්, ආන්නදයෙන් ප්‍රඥාවට ගෙන ආවටත් ස්තුතියි!

    ReplyDelete
  78. දැන් ඒතොට මෙි දේශපාලන අස්ථාවරත්වය මෙවිවා ලියන කටිටියටත් බලපාලයි.......?අපි වෙිලෙනවා.....:(

    ReplyDelete
  79. සදරැ අලුත් අවුරුද්දේ අලුත් එකක් ඔිනි..

    Blog වාසි ඡනතාවනි සුබ නව වසරක් වෙිවා..

    ReplyDelete
  80. ඔන්න ඉතින් ආයමත් කම්මලි වෙලා

    ReplyDelete
  81. Liyapanko mona hari

    ReplyDelete
  82. දැං ඉතිං තවුසෙට ගහන්න වෙන්නෙ කලු ගූ තමයි මල්ලි. හැක්..

    ReplyDelete
  83. Are liyahanko apahu okkoma kiyewwa Bola mula idanma

    ReplyDelete
  84. Sadaru...

    https://www.facebook.com/chinthaka.jayawickrama

    https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/397683_141673565944886_812503440_n.jpg?_nc_cat=110&_nc_oc=AQnOG9L6Qc7DyCD5KoD-tWeCwz8brkA0d-clGOwyXDl7q-ImgehIutKQWvOKcO6nuJo&_nc_ht=scontent.fcmb1-1.fna&oh=c027b235582bd86f521bf17b62429252&oe=5E524F8B

    ReplyDelete
  85. අයිසෙ සඳරු, යුශ්මතා කොහෙද ඉන්නෙ? ලියනවකො මොනා හරි...

    ReplyDelete
  86. Machan okkotoma niwadu. Ubata niwadu nadda. Niwadu thiyenam kathawak dapankooo corona athal ekath ekka....

    ReplyDelete
  87. This comment has been removed by the author.

    ReplyDelete
  88. තණමල්විල කොල්ලෙක් කතාව බලන්න ගත්තම සඳරුගෙ බ්ලොග් එක මතක් වෙනවා. එක ලියන කෙනා මේක කියවල තියෙනව වගේ.
    සඳරු උබද වෙන නමකින් එක ලිව්වේ?

    ReplyDelete
  89. තනමල්විල කොල්ලට මේකෙ තියෙන කතා වලින් යමක් අරගෙන තියෙනවා.කිතුලාත් ඉන්නවා.ගොඩක් දේවල් මේකට සමාන්තරව යනවා.

    ReplyDelete
  90. කෝ හුකන්නෝ උඹ තව ලියපිය මාසෙට එකක් වත්
    Shaanaa

    ReplyDelete
  91. සඳරු උඹලා කෝ බන්? මේවා දකිද්දි පපුව හෝස් ගාලෙ යනවා බ්ලොග්වල ස්වර්නම යුගය මතක් වෙලා..

    උඹ දැන් මොනවද කරන්නෙ? මොකක් හරි දෙයක අධික කාර්‍යය බහුල වෙලා ඇති කියලා හිතනවා...

    ReplyDelete
  92. බ්ලොග් එක අතෑරලද

    ReplyDelete
  93. ආයෙ ලියපන්කො බන්

    ReplyDelete
  94. ආයෙ ලියපන්කො බන්

    ReplyDelete
  95. තවුසෙ මේක ලියන්නැද්දෝයි.

    ReplyDelete
  96. https://www.facebook.com/photo/?fbid=10211295978293637&set=ecnf.1185402210

    ReplyDelete
  97. Chinthaka Sandaruwan Jayawickrama

    වදින්න නොවේ විඳින්න

    පුංචිම කාලේ නාහෙයි ඇස් දෙකයි තද කරලා වහගෙන තිත්ත බේත් බිවා වාගේ මමත් හිඟුරාන ඉස්පැසල් උගුරක් ගුඩුස් ගාලා බඩට දාගත්තා. බයිට් එකට තිබුනු ලොකු ජම්බු ගෙඩියෙන් පලුවක් කඩාගෙන කාලා මම මගේ ලඟ තිබුනු වීදුරුව තව එකෙකුට පාස් කෙරුවා .

    රුපියල් හස්සිය හැත්තෑවකට ගත්තු හිඟුරාන බෝතලයක් නොමිලේ ලැබෙන ඇල්ටෝ(ඇල්වතුර) එක්ක සැන්ඩි කරලා බයිට් එකට ජම්බු හරි කඩල හරි එක්කාසු කරගෙන බොනකොට දුර ඉඳන් බලන එවුන්ට පේන්නේ අපි විඳින්නේ අපා දුකක් කියලා .. සැන්ඩි වලට ඇල්ටෝ වගේම බයිට් එකට ජම්බු හරි ප්‍රමිතියක් නැති හිඟුරාන අරක්කු වගේ සැර බීමටක කොහෙත්ම සෙට් වෙන්නේ නම් නෑ තමයි . ඒත් බෝතලේ වටේ බිම වාඩිගෙන ඒ ලෝදිය වගේ අමෘත්තය බොන අතරේ ගමේ එකෙකුට වෙච්ච පදිරි සීන් එකක් , ජොලි කතාවක් , ගමේදි කරවුව කුපාඩි වැඩක් ගැන ඇදිලා එන නිමක් නැති කතන්දර වල රස බඩේ තියෙන අරක්කුවල සැර බාල කරනවා වගේම සුපිරි කට ගැස්මක රසය ගේනවා ! ....

    අරක්කු හරිම අමුතු බීමක් .. ඒක බොන එකත් අමුතු ජාතියෙ කලාවක්.. කලාවකට අරක්කු බොන එකාට අරක්කු වල තිත්ත රස අතරේ හැංඟුනු පුදුමාකාර රහසක් හොයගන්ඩ පුලුවන්. අරක්කු වල හැංඟිලා තියෙන ඒ අමුතු ජාතියේ රහස හොයාගන්න එකා ජීවිතේ අමුතුම විදිහකට විඳිනවා .. කාලෙකට උඩදී මම ඒ රහස අඳුනගත්තා .

    මම කවදාවත්ම කැමති නෑ මේසයක වටේට වාඩිවෙලා අරක්කු බොන්න . ඒ වගේම මහා සද්ද බද්ද වලින් සිගරට් දුමින් පිරුනු බිල ගැන මතක් වෙද්දි වෙරි හිඳෙන ආපනශාලාවකට වෙලා අරක්කු බොන්නත් මම පොඩ්ඩක්වත් කැමති නෑ .. මගෙ ඔලුවට උඩින් වහලක් තියෙනවාට වත් , කකුල් වලට යටින් සිමෙන්ති හෝ ටයිල් පොලවක් තියෙනවාටවත් මම කැමතිනෑ .. මට ඔනෑ හිස් අහස දකින්න සෙරෙප්පු නැති කකුල් වලින් පොලව පාගන්න ..තණකොල ගොඩක හරි ගල්තලාවක් මුදුනේ හරි සෙරෙප්පු කටු දෙක පස්සට තියෙලා බිම ඉඳගෙන නිදහසේ බොන්න එච්චරමයි මට ඕනේ ..

    පාන්දර ජාමේ හීතල ලංවෙනකොට ආතල් කතා ටික ටික ඉවර වෙලා ...අපිට එලිය දුන්නු ගිනි මැලෙත් ටිකෙන් ටික නිවිලා යනවා . හිස් වෙච්ච හිඟුරාන බෝතල් පොඩි ගාණකට හරි විකුනන්න කියලා හිතාගෙන අපි එවුවා පඳුරක් අස්සේ හැංඟුවා වුණත් ඒවා ආයේ හොයාගෙන විකුනාපු දවසක් නම් මට මතක නෑ . ඉතින් පොලීසියේ රාත්‍රී මුර දේවතාවුන්ට නෑහෙන ගානට හීනිවට සින්දුවකුත් කියාගෙන අපි පාරට එනවා . වෙලාව පාන්දර එක දෙක වුණත් ඒ ගැන නිච්චි නැති අපි කාට කාටත් ගුඩ් නයිට් කියලා ගෙවල් වල ගිහින් ඇල වෙන්නේ පුදුම නිදහසකින්....

    හිඟුරාන අරක්කු බෝතලේ හරිම සරළයි ! ඒ අරක්කු බෝතලේ වටේ ඉඳ ගන්න එවුනුත් ඒ වගේම සරළයි . හෙටක් ගැන බලාපොරොත්තු එකෙක්ටවත් නෑ . කරුවලේ අතපත ගාගෙන ජීවිතේ හොයන උං හෙට දවස උකස් කරලා අද දවස වෙනුවෙන්ම ආතල් හොයනවා .

    සඳරු ...

    ReplyDelete
  98. ඕං ඒකත් හරි..🥴

    ReplyDelete
  99. ගූ හැත්තෑවයි ඕයි මේක ලිවුවෙ නැත්තං.

    ReplyDelete
  100. සන්දරුවව කව්රු හරි උස්සල ද?

    ReplyDelete
  101. Meka Liyapan yakooo...

    ReplyDelete
  102. ලියාපන්කෝ සඳරුවන් පුතේ.....

    ReplyDelete
  103. Liyapan ban.. 2018 idadla balagena inne ban

    ReplyDelete
  104. තෝ ආයෙත් ලියන් නැද්ද

    ReplyDelete
  105. liyanne nadda bn meka ayeth. uba jeewath wenawada

    ReplyDelete
  106. This comment has been removed by the author.

    ReplyDelete
  107. සඳරු මහතා මීට මාස කීපයකට පෙර හදිසි අසනීපයක් නිසා මිය ගොස් ඇති බව කිතුලාගෙන් අසන්නට ලැබිණි. මෙම අසනීපය නිසා ඒ මහතා වසර කීපයක්ම ප්‍රතිකාර ගත්තද, සුවයක් නොලැබ අවසන්නවන්ත ලෙස මිය යාම ඉතා දුක්බරය. කෝවිඩ්වලින් පසු, ලංකාවට පැමිණි මම, අම්පාර මිතුරෙකුගේ උදව්වෙන් සඳරු මහතා සොයා ගියද, අවාසනාවට එතුමා අප අතර නැත. සිංහල බ්ලොග් කලාවේ ආරම්භකයෙක්වන එතුමාට නිවන් සුව පතමි....!!

    ReplyDelete
  108. Rest in peace legend

    ReplyDelete
  109. මං මැරුනේ නැහැ ලෙඩක්වත් නැහැ හොඳින් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. සදරු අයියෙ... 2018 ඔයාගෙ blog එක මුලින්ම කියෙව්වේ. කවදාවත් comment එකක් දාලා නෑ. ඔයාව එක පාරටම මතක් වුනා. ඔයා හොදින් ඇති කියලා හිතනවා. අහ් තණමල්විල කොල්ලෙක් බලද්දී ඔයාව මතක් වුනා. ඔයා දැන් ලියන්නෙ නැත්‍තේ ගොඩාරියක් බිසී නිසා වෙන්න ඇති නේද 🙂 හැමදාම හොදින් ඉන්න... බුදු සරණයි...

      Delete
  110. aluth kathawak liyapan Sadaru....
    elakiri.com ekke ewun balagena inne uba liyanakan...

    ReplyDelete
  111. Hodin, sathutin inna. welawak awoth liyanna.

    ReplyDelete

තැන්කූ බං