17.10.10

බොස් මට බැන්න දවස අදයි චි:හ්


                            මෙවුවා බ්ලොග් වල ලියනවාද මන්දා මම දන්නෑ මම තාම බ්ලොග් වලට අළුත්. ඉන්නකෝ සඳරු කියන මේ මාව ඔහේලට හඳුන්වා දෙන්න මම වැඩ කරන්නේ ඈත පලාතක IT උගන්වන ප්‍රසිද්ධ ආයතනයක පලාත කියන්නේ නෑ එතකොට මම හැමෝටම මාට්ටු .  
 
                              ඔන්න අද මට වෙච්ච ලැජ්ජ නැති දේ . අපේ ආයතනයේ ශාකාවක් තියනවා මොනරාගල අපේ ආයතනය BIT, FIT, AAT උගන්වන ආයතනයක්. අපේ ප්‍රධාන දේශක තුමා තමයි අපේ බොසා (මාර වැඩ්ඩා) එයා මෙහෙ සෙනසුරාදාට උගන්නලා  ඉරිදට යනවා දේශනේ දෙන්න මොනරාගලට . ඔන්න අද ඒකියන්නේ සෙනසුරාදාවක් . අදත් අපි හෝ ගාල වැඩ. අපිට වැඩ වැඩිම දවස සෙනසුරාදා. උදේ ඉඳන් කට කැඩෙනකං පොඩිඑකා ගේ ඉඳලා වයසක ලොක්කා දක්වා ඉගනගන්න එනවා. ඉතින් අද මම Lecture එකක් කරමින් ඉද්දී බොසා පැමින මට මෙසේ කිවුවා. අහගන්නකෝ එයාගේ කටින්ම  

        “ සඳරු මට හෙට මොනරාගල ගෙනියන්න නෝට් වගයක් අහවල් පරිගණකයේ ඩෙස්ක්ටොපේ දාලා තියනවා ඒව ටොප් සීක්‍රට්  පාස්වර්ඩ් එක ****** මේක . ඒක මෘද්‍රනය කරලා තියන්න මගේ බෑග් එක ලගින් කියලා. හරි මම මගේ පන්තියත් නිමකරලා හොරෙන් ඒව මෘද්‍රනය කරලා බොස්ගේ මල්ල ලගින් පැක් කරා ඉන්පසු මම දඩයමේ ගියා (කෑල්ලක් ටෝක් කරන්න ) හරි කොහොම කොහොම හරි දවසේ වැඩ නිම උනා 5 .30 ට . අපි ගෙදර ගියා බොස් ගත්තා නිලරථය ගියා මොනරාගල නිකංම නෙවේ අපේ මැනේජර් මෑන් වත් එක්කං (මගදී අලි ගහයි කියලා බයට හි හි හි ) මම ගෙදර ආවා විනාඩි 15 ටීවී බැළුවා 7.00 විතර නෑව . (දුරකථනය ඕෆ් කරලයි තිබ්බේ )

                 ඔන්න මම නාමින් ඉද්දී මට පනිවිඩයක් ආවා බොස්ගේ පියා මාව බැහැදකින්න පැමින් ඇති වග මම ටිකක් වැඩිපුර නාලම ආවා . ආවා විතරයි ! බොස්ගේ පියා (අනේ හරි හොඳ කෙනෙක් ) මට එයාගේ ජංගමේ දීලා කිව්වා . බොස්ට කෝල් එකක් ගනු ! කියලා . මමත් ගත්තා මගේ සල්ලියැ . රිං වෙනවා ……… තවම ……. “හලෝ අප්පච්චි” (බොස්ගේ තාත්තගේ ජංගමේ නේ) “සර් මේ … මම …සඳ්”…කියනකොටම  “සඳරු කෝ අර මම ගන්න කියපු ප්‍රින්ට් අවුට් . “සර් මම මල්ල ගාව තිවුවා ” අපේ මැනේජර් කියන්නේ ඒවා එතන තිබ්බේ නෑ කියලා ආ මෙන්න මම ෆෝන් එක එයාට දෙනවා එයාගෙන්ම අහගන්න ” (බඩු ටික නිලරථයට පටවගත්තේ ලොක්කයි මැනේජර් අයියයිනේ  ) මැනේජර් අයියා මට බනින්න පටන්ගති කෝ බොල ඒව එතන තිබ්බේ නෑ . තිබ්බනං මට පෙනේ !. මම මාර මීටරේ! . මූ මට බැනපි ඇයි හත්වලාමේ මම අර තිවුවේ බෑග් එක ලගින් බලන ඔයාලත් සාක්කි ! මූ මාව කාලා කාලා ෆෝන් එක තිබ්බා . 

           වෙලාව 8.00  මැනේජර් අයියා ටිකකින් මට කතාකරා නිවිලා වගේ ඒ මචං . එතකොටම මම පටංගත්තා තිබ්බනේද තියාගෙනනේ මට බැන්නේ . “රෙද්ද ඒව නෑ යකෝ ” එහනං ? 

      මචං මම අයිංවෙනවා බොස් මට බැන් … බැන්…. බැන්නාආආආආආආආආආආආආආ ඊඊඊඊඊඊඉ…. මෙන්න මූ අඩනවා ! මට මාර අවුල මම නිසා මූ ගියොත් මම කොහොමද ලෝකයාට මූන දෙන්නේ . මම ගත්තා තීරනයක් ! කතාකරා අයියට (මගේ අයියා නෙවේ නැන්දගේ පුතා ) අපේ එකෙක් නං මට කන්න වෙන්නේ .. “අයියේ යමං මොනරාගල” L .  “කොහේ කිවුවා ? මොනරාගල ?  යමං ඒ ගමංම නන්නපුරාවෙත් ගිහිං එන්න! ” ඌ හිතුවේ මම බීල කියල මම ඌට තත්වය පැහැදිලිකරා මොනා උනත් ඌ මරු ඩයල් එක බයික් එක ගත්තා අපි නැග්ගා ගියා . මුලින්ම අපි අපේ ආයතනයට ගියා අර ප්‍රින්ට් අවුට් තියේද බලන්න . මමගාව යතුර තිබ්බා ඉතිං අපි ඇතුලු උනා . මට නං ෂුවර් ඒවා මොකෙක් හරි ඉස්සුවා ! මම හැමතැනම බැලුවා නෑ එවුවා නෑ . මෙන්න යකෝ ! !!! ප්‍රින්ට් අවුට් !  සිංක් එකගාව තියලා මොකෙක් හරි . හරිනේ මම බෑග් එක ලග තිවුවානේ ! . මොකෙක් හරි (මම හිතන්නේ මාත් එක්ක ඇරියස් එකෙක් ඉන්නවා ඌ තමා මේ වල් වැඩේ කලේ .
            දැන් මොනා කරන්නද ? කමක් නෑ මේටික අරං මම මොනරාගල යනවා . ගත්තා බයික්කේ අපි දැන් යනවා. ගියාට මම දන්නෑ බොස් නැවතිලා ඉන්න තැන මම මැනේජර් අයියට කෝල් කරා “ඒ උඹලා මොනරාගල කොහේ බං ඉන්නේ ? “ ඇයි ”  “කියපියකෝ පන්ඩිත කං කියන්නේ නැතිව  අපි මේ එනගමං දැන් සියඹලාන්ඩුව පැන්න විතරයි ”මම කිවුවා  “ආ අපි ඒවා 25 ෆොටෝ කොපි ගහගත්තා ”  මට පුදුම සතුටක් දැනුනා ඇයි යකෝ 400 පැට්‍රොල් පිව්විවා මම ඌ කොපි අර0 ඕක මුලදිම කරලා මට බැන්නනං මොකද ? මටත් ගහන්න ඕන වේලපු බූවල්ලෙන් . චි: මම කාපු කට්ට . මක් කොරන්නද මම ආයේ ආවා . ඉඳපංකෝ අරවා හංගපු එකාව මම තාම හොයනවා. ඔය වැඩේ කරේ මොකාද කියලා උගේ හිත දන්නවනේ. මම කොහොම හරි ඕකව හොයලා අනිනිවා 2 ක් . කුඩා බඩවැල් කටිං එන්න !
  
           හප්පේ ඉවරයි මම බැනුං ඇහුවා චා උනා බලු උනා ඔක්කොම උනා . කමක් නෑ අරූ ව මම අල්ලගත්තම ඔය දුක අඩුවේවි . එහෙනං මේක මගේ කෝපය පිටකරගන්නයි ලිවුවේ . මම ඩිංගක් මේවෙලාවේ පාවිච්චි කරලයි ඉන්නේ … අයිතක් හිතන්න එපා ඕං .

හරි මම යනවා ඉවරයි කථාව ඉවරයි …. අරූව හොයාගෙන මම තව පෝස්ට් එකක් දාන්නං   

මෙවන් දෙයක් සතුරෙකුට වත් ඇතිනොවේවා !


14 comments:

Geeth Nuwan said...

හික් හික් !! 

මාරයාගේ හෝරාව said...

මල්ලි දැන් තියෙන්නේ මෙ පෝස්ට් එක බොස්ට පෙන්නන්න...
එතකොට කෝටියක් දෝස නිවාරණයි...

හිස් අහස said...

අපේ බොස් නිකං හිට්ලර් වගේ (ඊට එහා )මේකටත් ඇදයක් කියයි කාර්‍යාල වේලාවේදී ඉන්ටර්නෙට් භාවිතකලාය කියයි . ගීත් , මාරයාගේ හෝරාව ඔය දෙන්නා තමයි මුලින්ම Comment දාපු දෙන්නා ගොඩක් පිං අයියලා දෙන්නටම මමත් ඔබදෙපලගේ බ්ලොග් වෙත එන්නයි මේ සූදානම (අද බොස් නෑ ඒකයි )

-HacKrisH- said...

ඔය වගේ බලු වැඩ කරලා කැපිල්ල දාන ගෝතයො හැම තැනම ඉන්නවා මචෝ...

h said...

ඔයාට හෙන චාටර් වැඩේ කරල තියෙන්නේ... ඒ වුණාට ඔයා අදාල මනුස්සය එක්ක වලි දාගන්න එපා. එහෙම කරල ඔය ආයතනයේ එකට වැඩ කරන්න බෑනේ.

ඔයා මනුස්සයව හොයාගන්න සාක්ෂි ඇතුව. ඊට පස්සෙ ඔය නෝට්ස් ටිකත් එක්ක බොසාට පෙන්නන්න වුණ වැඩේ කියලා... එතකොට බොස් කරන්න ඕන දේවල් කරයි...

v said...

Give us your boss's e mail
I can mail link
hikz...

ow ohomathama

ara diya redhdhen bella kapana akagen pawesam weyan.

හිස් අහස said...

ඔයාල හරි. වලි දාගන්න බෑ මොකද මේ මගේ පලමුවෙනි ජොබ . මම ඕක කරපු එකාව දන්නවා ඒත් කොහොම ද ඌ තමා මේක කරේ කියලා ඔප්පු කරන්නේ . කෙලගන්න ගියා නම් මගේ ඇගේ තවත් අරවා ගෑවෙනවා . ඕ කට මොලෙන් ගේමක් දෙනවා . දුන්න දාට තව පෝස්ට් එකක් දාන්නම් කෝ . ඔය අදහස් ඔයාලා හැමෝගෙම බ්ලොග් වලට මම දැන් එන්නයි මේ සූදානම .

හිස් අහස said...

මචෝ බොස්ගේ මේල් එක දුන්නොත් මෑන් දැනගන්නවා මම මේ බ්ලොග් එකක කරනවා කියලා අප්පේ මම මාට්ටු . අරූට මම සියුම් ගේමක් දෙනවා ඉන්නකෝ

පිස්සු පුසා said...

හි හි සදරුවෝ උබ ඩිංගක් පාවිච්චි කරලා ලියන ඒවා මරුනේ..ලොල්

මාධව විදුරංග said...

meeee post bosa balanawada?? ehenam pennannai thiyenne! kathawa TOP!

uba matat passene bn blog liyanna patan aran thiyenne! eeth uba maru ekata liyana nisama uba nagala awith! ela ela!

Weni said...

ඔව් මට මතකයි මෙ පෝස්ට් එක මන් කියෙව්වා ඒ දවස්වල.. ඒත් කමෙන්ට් එකක් දැම්මෙ නැහැ.. ඔහේ කියවල යනවා විතරයි !

චකබ්ලාස් said...

උඹ මේක ලියලා තියෙන්නෙ 2010 10 17. අද 2012 05 02. දැන් කියපන් උඹ ඒකාව අල්ල ගත්තද..? (ප:ලි උඹ ඌව අල්ලගෙන අපහු පොස්ට් එකක් දැම්මද කියන්න තාම දන්නෙ නෑ. )

Anonymous said...

සඳරු මාත් ටික දොහක ඉඳන් බොලෑ කයිකතා කියෝනව.බොලෑ බ්ලොගේ නං සෝක්. හැබෑම කයිකතන්දර දාන හිංදා ඉස්තරං.

sanka said...

මුගේ ඕප දූප කොච්චර කියෙව්වත් රහයිනේ බොල ....

Post a Comment

තැන්කූ බං