29.12.10
අවංක ආදරයක පැහැය දුටිමි .
26.12.10
විකටයාගේ ආදරය..
22.12.10
බ්ලොග් අවකාසේ මෑතකදී වෙච්ච වෙනස්කම්...!
දැනට මාස කිපයකට උඩදී තමයි මම බ්ලොග් ලියන්න එකතු උනේ . මුලින්ම ලියන්න එනකොට . හිතාගෙන ආවේ තාක්ෂනික පැත්තට බර බ්ලොග් එකක් කරනවා කියලා . ඒත් මටත් නොදැනීම මගේ යටි හිත එයාගේ සිතුවිලි බ්ලොග් එක පුරාම ලියන්න පටන්ගත්තා . මමත් එයාට ඉඩදීල බලාගෙන හිටියා ..තවමත් බලං ඉන්නවා ..
බ්ලොග් ලියන ගොඩ දෙනෙක් ඒ වගේ . තමන්ටත් නොදැනීම තමන්ගේ යටි හිත කතාකරන්න පටන්ගත්තම . ආයේ නවත්තගන්න අමාරුයි . ඒ වගේම ඒ යටි හිතේ සත්‍ය හැඟීම් හරිම අමුතුයි ..හරිම සුන්දරයි
මේ බ්ලොග් අවකාසේ මෑතකදී වෙච්ච වෙනස් කම් කීපයක් ..!
******************************************************************************************
යටි හිතට ඉඩදීල බොක්කෙන්ම ලියපු බ්ලොග් අඩවියක් දැන් අපෙන් ඈත් වෙලා ..ගොඩ දෙනෙක් තවම දන්නේ නැතුව ඇති . සුන්දර සිතිවිලි වලින් පිරිනු මේ බ්ලොග් අඩවිය . මගේ ජීවිතයම වර්ණවත් කරපු බ්ලොග් අඩවියක්... නමින්ම හැඳින් වූවොත්
මේ සොඳුරු සිත හිමිකාරිය "වත් " මොන හේතුවක්උඩ. තමන්ගේ ලස්සන හිතිවිලි වලට වැට බැන්දද දන්නේනෑ . සමහරවිට කෙටි කලට . අපෙන් ඈත් උනා වෙන්නත් පුලුවන් . "වත්" අක්කව අඳුරන කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවානම් . පොඩ්ඩක් අහල බලන්න . එයාට උදවුවක් ඕන නම් . ඒ උදවුව කරන්න ..
ඉතින් මේ හිස් අහස කරන ආරාධනය . ඇහෙන පෙනෙන මානයක ඉන්නවානම් . පුළුවන් කමක් තියනවානම් ආයෙත් සොඳුරු සිත අවදිකරන්න...
******************************************************************************************
මගේ හොඳම යාළුවෙක් ඇත්තටම කීවොත් මගේ හොඳම බොක්කක් . අමුතුම ආකාරයක බ්ලොග් එකක් දියත්කරා .. ඒක දැක්ක හැටියේ මම පුදුමෙනුත් පුදුම උනා . මේ මගේ යාළුවගේ අදහස්මද ?
ඔයාලත් ගිහිං බලන්න අමුතුම ආකාරයක කෙනෙක් . .ඇත්තටම කීවොත් මිනිහා මිත්‍යාදෘෂ්ඨිකයෙක් !!!
මිනිහගේ හැමදේකම අමුත්තක් තියනවා .. ටිකක් විතර පන්ඩිතයෙක් .ඒත් මගේ හොඳම බොක්ක..මිනිහා තමන්ව හඳුන්වන්නේ මේ මේ විදිහට
“මාගේ විශ්වාසය පදනම් වී ඇත්තේ හුදෙක්ම මාගේ දැනුම මතය. කෙනෙක් සර්ව සාදාරණ පදනමක් මත සිට දෙයක් විස්වාස කිරීමට උත්සහ කරන්නේ නම් ඔහුටද, විශ්වයේ කෙලවර සෙවීමට උත්සහ කල මුගලන් තෙරුන්ට සමාන ප්‍රතිඵලයක් අනිවාර්යන්ම අත් වේ"”
පිළිගන්න …....”මිත්‍යාදෘෂ්ඨිකයාගේ සටහන් "
******************************************************************************************
බ්ලොග් අවකාසෙට තවත් තරුවක් ලඟදී පෑයුවා කඩාවැටෙන්න නොදී ඒ තරුවටත් ඔයාලගේ සහයෝගය ලබාදෙන්න..!
පිළිගන්න "තරු ඇසක් අමා දහරක්"
******************************************************************************************
ඒ වගේම බ්ලොග් මම කියවන බ්ලොග් නිසා මම අමාරුවේ වැටුනු වාර ගනනත් ටික ටික වැඩි වෙමින් යනවා .
දුමීගේ කට කැඩිච්ච කතා අහලා උන්හිටි තැන් අමතක වෙච්ච මට හයියෙන් හිනාගිය මට ගිය සතියේ බොස් බැන්නා !!
"සඳරු Office එක ඇතුලේ මෙච්චර සද්දෙන් හිනාවෙන්නේ මේක කෝලම් මඩුවක් ලියලා හිතාගෙනද ?” පිං සිද්දවෙනවා දුමියට
අකේලේ හම් ලියන දිනේශ් ! ඔයාට අපේ ඉස්ටාෆ් එකේ කෙනෙකුගෙන් පනිවිඩයක් තියනවා !!
ඔන්න දවසක් හිස් අහස බ්ලොග් එකේ Link එකක් අස්සෙන් අකේලේ හම් වලට ගියපු අපේ Institute එකේ පිළිගැනීමේ නිළධාරිනිය . මට මට මෙහෙම කීවා
"අකේලේ හම් ලියන ඒ කොල්ල මහ කුපාඩියෙක් "
"ඒමොකද ? ඔයා එහෙම කියන්නේ "
"බලන්න අර ලියලා තියන දේවල් ..”
"මමත් බැලුවා .. ඇයි ඔයා දැක්කේනැද්ද ? කොල්ලන්ට වඩාත් සුදුසුයි......!!! කියලා දාල තියනවා …"
"ඒ උනාට කෙල්ලන්ට නුසුදුසුයි කියලා දාලා නෑ නේ … ඉතිං මම බැළුවා .. “
"එහෙනම් නොදැක්ක වගේ ඉන්න ..”
"ටිකකින් මෙයා මගෙන් අහපි .."සඳරු මල්ලි ඔයා ගාව ඒ ලියන කෙනාගේ නම්බර් එක තියනවද ?”
"නෑ මූනු පොතේනම් ඉන්නවා ! “
"එයා පවු තනියම ඉන්න නිසා වෙන්න්ඩ ඇති .ඕව ලියන්නේ නම්බර් එක ඉල්ලගන්නකෝ මම වෙලාවක කතාකරන්න ඕන !”
ඒ මොකෝ
නෑ මේ නිකං එයාගේ හිත හදන්න
බලන්න මේ කෙල්ලොන්ගෙත් හැටි ...නේද ?
යන්නම් :
ඇත්තටම මම මේක ලීවේ අර උඩ ඉන්න අළුත් තරු දෙකට (තරු ඇසක් අමා දහරක්, මිත්‍යාදෘෂ්ඨිකයාගේ සටහන් ) අත්වැලක් වෙන්න හිතාගෙන ..මම පගාවක් එහෙම ගත්තේ නෑ ඕං
ජයවේවා !!