Showing posts with label ලියවුනු කවිපද. Show all posts
Showing posts with label ලියවුනු කවිපද. Show all posts

13.3.12

සාටර් පෙම්වතාගේ කවිය



කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත
පරණ කමිසයක් නිතරම ඇඳගත්ත
සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත
පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත

හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති
සල්ලිය යාන වාහන ගේ දොර නොමැති
පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති
චාටර් කන මටද ඔබගේ හිත කැමතී

ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී
දෙවරක් චක්කරේවත් මට කියනු බැරී
මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් බැරී
මා නොමැතිව ඇයි ඔබ හට ඉන්න බැරී

ගංජා සුරුට්ටුව මම එතුමට දනිමි
අත පය වනා හයිරං පෑමට දනිමි
බොන්නත්, නාන්නත් මම හොඳ හැටි දනිමි
ඔබ මට කැමති හේතුව නම් නොම දනිමි

කකියයි යටිපතුල් ගංජා ගැට හින්දා
කලු වී ඇත දෙතොල් මම දුම් බොන හින්දා
සැවොම බනින බේබද්දා මම හින්දා
නුඹත් දුක් විඳියි දවසක මම හින්දා

මා ගැන මතකෙ දින දින අමතක වීයන්
ඔය රත්තරන් මුහුණේ හසරැල් නැඟියන්
දිනෙන් දිනම නුඹ තව තව හැඩ වීයන්
සඳක් වගේ කොල්ලෙක් නුඹහට ලැබියන්

කයියක්ම පමනයි !

26.2.12

කිතුලට යන මාමණ්ඩියේ



බිමෙන් නැඟ අහසට
උසස් රැකියාවට
උරුම කී ඔබ තමා
මගේ සුදු මාමණ්ඩි

විඳවලා ඇති පමණ
මල් තලා රොන් රැගෙන
පැසවලා රා ලෙසින
විකුණලා දිවි ගෙවන

ගහේ බැඳි ගැට වලට
ඔහේ පය තබ තබා
මල් තලන, රා පෙරන
මගේ සුදු මාමණ්ඩි

අතේ රැඳි මන්නයෙන්
මගේ ගෙල සිඳලන්න
කලින් අහපන් ඉතින්
මගෙ කථාවත් සොඳින්

නුඹ මදින කිතුල් මල
වගෙයි මගෙ හිත් මලත්
උඹේ කෙළි පොඩිත්තත්
මට මලක් වගේමයි

ඇගේ සිත නොම තලා
හෙමින් මම රොන් උරමි
මලින් මල පියඹලා
ඇයව නොම රිදවමි

ධන බලය නැණ බලය
ඈ සතුව නැති වුණත්
නුඹගෙ දූ සිඟිත්තට
පෙම් කරමි මම හුඟක්

කිතුල් රා මුට්ටියට
කෑදරව වහ වැටුණ
උගුඩුවෙක් කියා මට
එපා නුඹ අමතන්න

නුඹේ දුව නම් ඉතින්
නැවුම් රා මුට්ටියක්
එසේ ගෙන බැලුවොතින්
ඇත්ත මා උගුඩුවෙක් !

කිතුල් ගහ පොල් ගහත්
මගේ දෑතට හුරුයි
මන්නයත් ගස් කඳත්
මටත් කදිමට හුරුයි

නුඹෙ දුවව සරන ගමි
පවුල් බර කරට ගමි
නුඹට මගෙ සහය දෙමි
රා පොඩිත්තකුත් බොමි

නුඹේ පොඩි පැල් කොටේ
මම බින්න බහින්නම්
අරං නුඹෙ පිහි කොටේ
මමත් මල් තලන්නම්

කිතුල් මල් තලන්නම්
මමත් රා පෙරන්නම්
නුඹ කියන දෙයට මම
හැමදාම නැවෙන්නම්

දිවිය ඇති තුරාවට
මගේ පණ දෙවැනි කොට
නුඹෙ දුවව රැක ගනිමි
මගේ පණ වුව පුදමි

ඉතින් සැක දුරු කරන්
මුලු හදින් සුබ පතන්
මන්නෙ අහකට කරන්
නුඹෙ දෝණි මට දියන්



තවත් කිතුල් කයියක් මෙතනින් බලන්ට

29.12.11

දුම් වැටියයි පෙම්වතියයි.



දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා
සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා
කවියක් කතාවක් ලියනට සිත් ගත්තා
ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා

දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ
වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ
අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ
හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ

මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ
එනමුදු ඒ හඬට මම නම් තැති ගත්තේ
සරම තදකරන් හොඳ හැටි ඇඳ ගත්තේ
හඬ එන දෙසට දෙසවන් යොමු කරගත්තේ

ඇඳ පොල්ලක් අරං ආවුදයක් ලෙසට
හෙමිහිට එබුණි මා නැඟ හුන් ඇඳ යටට
කළුවර නිසා කිසිවක් නොපෙනුණු කලට
එළියක් ඇල්ලුවයි මම මගෙ ඇඳ යටට

ආලෝකයෙන් ඇඳ යට කළුවර මැකුණේ
දුටුව දෙයින් මගෙ සියොළඟ ලේ හිඳුනේ
කඳුළු පෙර පෙරා සෝකෙන් තැවෙමින්නේ
සිගරෙට්ටුවකි හයියෙන් අඬලා තිබුණේ

ෆිල්ටරෙ කෙළවරින් කඳුලැලි වැගිරෙනවා
දුම් කොළ කැබලි ඒ අතරින් විසි වෙනවා
දැක්කොත් ඔබ හදත් අනිවා උණු වෙනවා
දුම් වැටියක් හොඳටම කඳුලැල් බොනවා

අසරණ දුම් වැටිය කුමකට හඬන්නෙද
කවුරුන් හෝ නුඹට බැන්නද ගැහුවාද
ඇවිදින් ඉතින් ඔතනින් එළියට ඇවිද
කියහන් මිතුර නුඹහට උනු දුක කිමද

මා කී බස් අසා නැසිලා ආ වේගේ
ආවා දුම් වැටිය ඇවිදං වෙත මාගේ
කරණමක් ගසා හොඳ චණ්ඩියෙක් වගේ
දුම් වැටියත් මගේ ඇඳ උඩටම නැංගේ

වාඩි වෙලා මගෙ ඇඳ විට්ටම අයිනේ
බැල්මක් හෙළා මාදෙස ඒ නෙතු අගිනේ
කියූ කතාවම මගෙ පපුවට දැනුණේ
එදා පටන් මගෙ දිවියම වෙනස් වුණේ

රූප පෙට්ටියෙද පත්තර පිටු අතර
සද්ද කලයි ඉස්සර නම් අපි නිතර
දැල්වී නේක තරුණන්ගේ තොල් අතර
එදා ගත්ත ආතල් අද නැත මිතුර

මට දැන් ලැබෙන නින්දා අපහස බෝමයි
බොරු චෝදනා බොරු අවලාදද බෝමයි
ප්‍රසිද්ධියේ සිටියෝතින් දඩ උරුමයි
ඉඳින්නට වඩා ඇති සැප මිය යාමයි

දුම් බීවොතින් ලෙඩ දුක් හිමි වන බවට
කැලෑ පත්තරත් ගහලා ඇත එමට
ටීවී එකෙත් මා ගැන යයි ඇඩ් කවට
විෂ දුම කියයි උන් මගෙ නිර්මල දුමට

දුම් ඉරුවොත්න් ලිංගික සවි වියැකේලු
කටේ උගුරෙ පිළිකා තව ඇති වේලු
වයසට වඩා පෙනුමක් ඔබහට ඒලු
අසන්නට එපා ඒ බොරු බස් යාළු

භාවනාවකින් පිට කර ගත නොහැකි
සියක් වේදනා මට නම් නැසුව හැකී
චණ්ඩ සයුර මෙන් කැළඹුණු මනස සකී
නිසල වන්ට ඕනෑ දුම් ෂොට් එකකී

සිගා ගහන අය නෑ පොන්සියො වෙන්නේ
දිනෙන් දිනම ගත සවියෙන් වැඩි වෙන්නේ
දත් තිස් දෙකත් දෙතොලත් සුන්දර වෙන්නේ
කෙල්ලො වුණත් උන්ටයි තම සිත දෙන්නේ

ගිනි කූරක් අරං මගෙ කොන පුච්චාලා
මගේ පස්ස කෙළවර ඔබෙ මුව තියලා
ඇදපන් මචං ලෝකෙම අමතක කරලා
පිට කරලපං දුම් කඳ හද ගිනි නිවලා

දුම් වැටියේ කතා බහ ඒ මගෙ සිත රැඳුණේ
මටත් හොරා එය මා දෙතොලේ තැබුණේ
ගිනි පෙට්ටියෙන් එක කූරක් පත්තු වුණේ
මගේ මුවින් දුම් පාරක් නිකුත් වුණේ

දින සති මාස එක දිගටම එදා සිට
දුම් වැටි අරන් ඉරුවයි මම විටින් විට
කාලය ගෙවී යන බව නෑ දැනුණෙ මට
දත්වල රැඳුණි කහ පැහැ සිගරට් කහට

මුලින්ම මගෙ පපුවට හීතල දැනුණා
හදේ රැඳුණු දුක ටිකකට ඉවත් වුණා
මූහුණ වල ගැහී දත් කහ පාට වුණා
ටික ටික මගේ මුලු සිරුරම දුබල වුණා

උදේට තේ නැතත් දැන් සිගරට් ඕනේ
කක්කුස්සියට යන්නත් කලියෙන් ඕනේ
හවස තේ වෙලාවට තවෙකක් ඕනේ
මට ජීවත් වෙන්න ඉන් පසුවට දුම ඕනේ

සොඳුරු යුවතියක් මට හමුවන තුරුම
දුම්වැටි ඉරුවෙ මම දිනෙකට දහයක්ම
ඇගෙ ආදර වදන් මා වෙළනා තුරුම
නොමැදන උනිමි මා කල වරදක තරම

එපා රත්තරන් දැන් සිගරට් බොන්න
ඔබට බැහැ ඔහොම මට ළමයෙක් දෙන්න
තොල් කලු ඔබට හාදුවක් වුණත් දෙන්න
හිත නෑ රත්තරන් මට ඔබ හා ඉන්න

සිගරට් නොබීවොත් මම ඔබ සමග ඉමී
ඔබේ දෙපය ළඟ මම වැතිරි ඉඳිමි
සිගරට් සුවඳ නොම එන ඔය මුව සිඹිමි
මගෙ මුලු දිවිය ඔබ වෙනුවෙන් කැප කරමි

සිගරට්ටුවත් ආදරයත් අතින් ගෙන
දැම්මෙමි තරාදියකට මම බඩු කිරන
බර වුණු පැත්ත ආදරෙ බව දැන හැඳින
සිගරට් අත්හලෙමි ආදරෙ තබාගෙන

ගෙදරට හොරෙන් පස් වසරක් යන තුරුම
සිගරට් බීමි මට ඇය හමුවන තුරුම
අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ඈ ළඟ සිටිනා තුරුම

සිගරට්ටුවෙන් ලද මත අමතක කරලා
අලුත් දිවියකට අඩිතාලම දමලා
සිටියත් ඇය සමග අද මුලු සිත පුදලා
ඇය ගියොතින් මැරෙයි මම සිගරට් ගහලා



 ප/ලි : දුම් බීම අත්හලෙමි . 

27.12.11

බොසාට කියන කවි



සිනා සෙන්න නොම දන්නා
නිවාඩු දින ගැන නොදන්න
කතා බහට හරි අකමැති
මගේ හොඳ බොසා

නිතරම නීතියට සිටින
බඩේ ගින්න නොම හඳුනන
ඔබත් එක්ක වැඩ කළෙ මම
කරුමෙටද බොසා

සෙනෙසුරාද ඉරිදත් වැඩ‍
පොහොය නත්තලේදිත් වැඩ
කරන්න අප යොමු කරවයි
අපේ හොඳ බොසා

කෝඩිං ලියපං කොල්ලෝ
අතුපතු ගාපං කොල්ලෝ
ලෙක්චස් කරපං කොල්ලෝ
කියයි මට බොසා

පරි සමාප්ත අර්ථයෙන්ම
බොසා ඔබ තමයි ගමටම
අපිට ඔබව දැකපුහාම
ඇඬෙනවා බොසා

හැදුනොතින් ලෙඩක් කරුමෙට
නිවාඩු ගනු නොහැක අපට
පඩියෙන් රුපියල් දාහක්
බොසා කපන්නේ

ඕටී ගැන නොකර කතා
පඩි දවසට සවන් පුරා
ගොතමින් ගල් පැළෙන මුසා
බොසා හිනැහුණේ

කොතරම් දඬුවම් දුන්නත්
පරුස වචනයෙන් බැන්නත්
පඩිය නොදී මැග හැරියත්
බොසා වටිනවා

බීල වැටිල මහ පාරේ
සිටිනව දැක මම අඳුරේ
රැකියාවට පුරුදු කරේ
ඔබ තමයි බොසා

සම්මජ්ජාතියක නොලද
වගකීමක් ගෙල එල්ලා
මාව මනුස්සයෙක් කළේ
රත්තරන් බොසා

එහෙවු ඔබට බනින්න බෑ
කැවූ අත හපන්නට බෑ
මුලු දිවියම ඔබ පාමුල
ගෙවමි මම බොසා

නමදිමි ඔබෙ දෙපය සදා
මලින් පුදමි ඔබ සැමදා
ප්‍රමෝෂන් එකක් සාදා
දෙන්නකෝ බොසා ...!