එදා අපේ හමුවීමෙන්
පස්සේ දවස් තුනක් නිකම්ම
ගෙවිලා ගියා.
ඔය ගෙවිලා
ගිය කාලෙදී මම හීනෙන් නම්
කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත
වාර ගණන නම් අනන්තයි අප්රමාණයි
. ඒ
දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න
තිබුණාම කොයිතරම් හොඳද කියලා
නින්දෙන් අහරින අහරින වාරයක්
පාසා හිතට දැනෙනවා.
රුක්මන්
මහත්තයා සුබ නැකතක් බලලා
යොදාගෙන තිබුණු දිනේ උදා වුණා
. එදා
උදේ රුක්මන් මහත්තයාගේ ගෙදර
කිරිබතක් උයලා තිබුණා .
ලුණු කිරි
යහමින් දාලා තිබුණ ඒ කිරිබත
උම්බලකඩ නැති කට්ට සම්බෝලයක්
එක්ක මම නම් බඩ පිරෙන්නම කෑවා
. "කිරිබත්
කාලා වැඩේ වෙලාවට පුළුවන්
නම් බුදිය ගනිං "
තරිඳුවා මගේ
කනට කෙඳිරුවා වුණත් මම නෙවේ
කෑම අඩු කෙරුවේ .
අපි කෑම
කාලා ඉවර වෙලා වත්ත පහළට ගියා.යන
අතරේ මම රුක්මන් මහත්තයාගේ
සාගරයක් තරම් ලොකු වත්ත වටේම
මගේ ඇහැ යැවුවා.
රුක්මන්
මහත්තයාගේ වත්ත සෑහෙන ලොකුයි
. කලෙකට
ඉහත ගම්මුළාදෑනියෙක් වෙලා
උන්නු රුක්මන් මහත්තයාගේ
සීයා මේ ඉඩම අල්ලගෙන වැටක්
ගහලා තමුන්ගේ නමට හදාගෙන
තිබුණා. පහු
කාලේ ඉඩම අයිති වුණේ රුකමන්
මහත්තයාට.
ඒ ඉඩම තරම්
ලොකු ඉඩම් ගමේ තව තිබුණ බව නම්
මට මතක නෑ .
මහ විශාල
ඉඩමක හිමි කාරයෙක් වුණත්
රුකමන් මහත්තයාට ඒතරම් වත්කමක්
තිබුණේ නෑ .
රුක්මන්
මහත්තයාගේ තාත්තා පිළිකාවක්
හැදිල අවුරුදු දෙකක් දුක්
විඳලා මැරිලා ගියා තාත්තගේ
බේත් හේත් වලට මරණෙට ,
හද්දා දානෙට
රුකමන් මහත්තයාට බරට වියදම්
කරන්න සිද්ධ වුණා .
ඒ නිසාම
රුක්මන් මහත්තයා උන්දැගෙ මහා
විශාල ඉඩම උකස් කරලා තිබුණා
.ඉතින්
මේ වගේ වැඩකට රුක්මන් මහත්තයා
අත ගැහුවේ වෙන කරන්න දෙයක්
නැති නිසාම වෙන්නැති .
වත්තෙ හැදෙන
පොල්, දෙහි
,දොඩම්,
වලින් ලැබෙන
මුදලින් තමා රුක්මන් මහත්තයා
උකස් කල ඉඩමට පොලිය ගෙවුවේ
..ඒත්
ඒක වුණත් හැමදාකම කරන්න පුළුවනෑ
?
"කට
බලියාගෙන මම නිකම් උන්නොත්
මගෙ ඉඩමත් නෑ මට ඉන්න තැනකුත්
නෑ .ඉඩම
සින්න වෙලා යාවි ඔය පොළවෙ
වැළලිලා තියනදේ අරන් ඉඩම
බේරගත්තොත් ඇරෙන්න මට වෙන
කරන්න දෙයක් ඇත්තෙම නෑ .
අනික
ඔවුවා වළලා තියෙන්නේ අල
බහින්නැයි !
."
අපි වත්ත කෙළවරේ තිබුණු පොඩි ගල් තලාවට ආවාම රුකමන් මහත්තයා අතේ තිබුණු ජංගම දුරකථනය ක්රියා විරහිත කරලා දැම්මා . මම දැක්කා ඒ ගල් තලාවේ කොනක අමුතු සලකුණු කීපයක් තියන හැටි .
"මේ
ගල් තලාවේ භාගයක් අයිති වෙන්නේ
මගේ ඉඩමට අනික් බාගේ අයිති
ඉතින් අභය භූමියට තමා .
මගේ
ඉඩමේ මේ කොටහේ තමා බඩු ටික
තියෙන්නේ .
නා
කියාගෙන සූදානම් වෙලා රෑ 11:45
තියන
පූජාවට වාඩි වෙමු ඊට කලියෙන්
අපි මෙතන ටිකක් සුද්ද කරලා
ගමු නේද ?
රුකමන්
මහත්තයා අණ කළා විතරයි අපි
කඩියෝ වගේ වැඩ පටන් ගත්තා .
ඇඟ පතේ පිරිලා
තිබුණු අමුතුම ජවය නිසා අපි
පැයෙන් දෙකෙන් ගල් තලාව සුද්ද
කරලා දැම්මා.
බත් පතක්
වුණත් හලාගෙන කන්න පුළුවන්
තරම් සුද්දෙට අපි එතන පිරිසිදු
කළා . වැඩේ
ඉවර කරලා අපි ගල් තලාවේ වැවුණ
ලාකඩ පඳුරක හෙවනට වෙලා ඉඳගෙන
බීඩි කොට දෙකකුත් දල්වාගෙන
කතාවට වැටුණා .
"මෙතන
කෝටි ගානක බඩු තියන බව නම් මට
හොඳාකාරවම කීව හැකි උඹලට
කියන්න මෙතන මැණික් ගලින්
හදාපු ඉබ්බෙකුගේ රූපයක්
තැන්පත් කරලා තියනවාය කියලා
පාතාල අඳුනෙන් කියවුණා .ඒක
තිබුණොත් මගේ පංගුව ඇරුණාම
උඹලා එකෙක්ට කොහොමත් ලක්ෂ
පනහක් වත් වැටෙනවා සුවර් ."
මගෙ
පපුව හීතල වෙලා ගියා .
ලක්ෂ පනහක්
? දෙයි
හාමුදුරුවනේ .
! මගෙ පපුව
ගැහෙන සද්දෙ මටම ඇහෙන්න ගත්තා
. හිච්චි
ඔළුවේ අත් දෙක තියාගෙන කටින්
බලාගෙන ඉන්න අතරේ සුනන්ද
අයියත් සේන අයියත් දෙනට දෙන්න
බදාගත්තා .
"පොඩියක් අහගනිල්ලා !!" රුක්මන් මහත්තයා ආයේ කතා කරද්දි අපි හැමෝම ඒ හඬට බලු පැටවු වගේ කීකරු වුණා
"දැන්
ඔය ගන්න දේට අපි හතර හය දෙනාම
අත ගහන්න ඕනෙලු .
නැත්තම්
මොනවා වෙයිද මන්දා ඒක නිසා
ඔය අත් වලින් පුළුටු එහෙම
අල්ලන්න එපා කිළුට තියන තැන්
වලට යන්නත් එපා .
හුජ්ජ
කළත් අත කහ වතුරෙන් හෝද ගනිල්ලා
."
ඒ සිද්ධිය
දැකින ඕනෙම කෙනෙකුගේ ඇස් වලට
කඳුළු එනවා ආයේ ඒකේ දෙකක් නෑ
. සේන
කියන්නේ කවදාකවත් කාටවත්
නැවුන මිනිහෙක් නෙවෙයි ඒත්
ලක්ෂ පනහක් නිසා ඌ අද රුක්මන්
මහත්තයාගේ කකුල් දෙක අල්ලලා
වැඳ වැටුණ හැටිත් මම ඇස් දෙකෙන්ම
දැක්කා . ඒත්
මට ඒක පුදුමයක් වුණේ නෑ .
මම වුණත් ඒ
දේ කරන්න හොඳටම ඉඩ තිබ්බා .
"එහෙනම්
දැන් යමු.
කට්ටියම
තමන්ගේ කටවල් පරිස්සම් කරගන්න
.
කට
නිසා තමා මේක වැරදුණොත් වරදින්නේ
!
හවස
හය වෙද්දී පිරිසිදු වෙලා මෙතන
ඉන්න ඕනෙ අනික තමා මෙතනට එනකොට
තනි තනිව වරෙල්ලා ..
"
රුක්මන් මහත්තයා කීව දේට ඔළුව හොලෝලා . අපි කට්ටිය බෙදිලා ගෙවල් වලට යන්න පිටත් වුණා . ටික දුරක් යද්දී තරිඳු ටවුන් එකේ තිබුණු ෆෝන් කඩේ පැත්තට හැරුණා .
"මොකෝ රීල් ලෝඩ් දාන්නද ?"
"නෑ බං ෆෝන් එකක් බලන්න .. "
"යකෝ තාම ලස්සපතියෝ වෙලා නෑ නේ තව සතියකින් විතර එමු ."
"අද බලලා යමු ඔන්න ඔහේ ."
තරිඳු
ගැන මට දුක හිතුණා වුණත් මොහොතක
හිතුණා මගේ හිතෙත් ඔය වගේ
හැගීම් කීයක් නම් හැංඟිලා
තියනවාද කියලා ඒ හැඟීම් එළියට
එන්න කොයිතරම් දැඟලුවත් සල්ලි
නැති නිසා උඩට නෑවිදින් හැංඟිලා
තියනවා . සල්ලි
අතට ආපුහම වතුරේ ගිල්ලාපු
රබර් බෝලයක් වගේ ඒවා උඩට එන්නමයි
දඟලන්නේ .
පැය
කාලක් විතර ෆෝන් තෝරාපු තරිඳුවා
සිම් හතරක් දාගත හැකි එක චීන
ෆෝන් එකක් තෝරගත්තා දවස් තුන
හතරකින් සල්ලිත් අරගෙන ආපහු
එනකම් ඒ ෆෝන් එක කාටවත් නොදී
ඉන්න බවට කඩේ අයිති කාරයාව
පොරොන්දු කරවාගෙන අපි ආපහු
ගෙවල් පැත්තට ගෑටුවා
"යකෝ ලස්ස පතියෙක්ට චීන ෆෝන් එකක් හරියනෑ !!" එන අතර මගදී මම එහම කීවම තරිඳුට හිනා ගියා .
" සිම් හතරක් දාන්න පුළුවන් ෆෝන් එකක් කොච්චර වටිනවාද ?"කථාවෙන් කථාවෙන් අපි ගෙවල් වලටත් ආවා . හැන්දෑවේ හය හමාරට ඇල ගාවදී හමුවෙන්න කතා වෙලා තරිදු උගේ ගෙදර ගියා . මම මගේ ගෙදරට ගියා .
මම
ගෙදර යනකොට ගෙයි සාලේ මේසේ
උඩ සල්ලි බැඳපු රිසිට් එකක්
තිබුණා මම ආ හැටියෙම ඒක අරන්
බැලුවේ මගේ නම ඒකේ සඳහන් වෙලා
තිබුණ නිසයි .
ඒ තිබුණේ
මගේ අන්තර්ජාල බිල ගෙවා දාපු
රිසිට් එක .
කාමරේ
ඉඳන් ආපු අම්මා එහෙම කියනකොට
මට දැනුණේ පුදුම දුකක් .
අන්තර්ජාලේ
මට කොයිතරම් වැදගත්ද කියලා
අම්මා දන්නවා .
ඒකයි එයා
මටත් හොරෙන් බිල ගෙවාදාලා
තිබුණේ . කමක්
නෑ මට සල්ලි ලැබුණ ගමන්ම එයාට
ලොකු ගාණක් දීලා දානවා .
මම හිත හදාගත්තා
.
වෙලාව
යන්තම් රෑ හත වුණා විතරයි මම
නාල කරලා හෙමිහිට ගෙදරි පැනලා
රුක්මන් මහත්තයාලාගේ ගෙදර
වත්ත පහළට එකතු වුණා .
පපුව නම් එක
දිගටම ගැහෙනවා.
නෑවා වුණත්
මගෙ ඇඟම දාඩියෙන් තෙත් වේගෙන
එනවා . සෙරෙප්පු
දෙක පවා ලෙස්සනවා වගේ මට දැනුණේ
මගේ යටිපතුල් වලටත් ඒ මොහොතේ
දාඩිය දාලා තිබුණ නිසා වෙන්නැති
.
හතයි
පහළොව වෙනකොට අපි කට්ටියම
ගල් තලාව ගාව එකතු වෙලා හිටියා
. අපිට
අමතරව පාදාවේ ගුරුන්නාන්සේ
මාමයි උන්දැගෙ පුතයි දෙන්නා
ඇවිදිල්ලා හිටියා .
උන් දෙන්නා
කිසිම කතාවක් නැතිව හෝ ගාලා
වැඩ . අපිත්
හෙමි හෙමිහිට ගිහින් ඒ වැඩපල
වලට උදවු වුණා .
ටික වෙලාව
ගත වුණා. වෙලාව
ගත වෙන්න ගත වෙන්න අපේ හිත්
වල බයත් වැඩි වුණා .
"මේවා
සෙල්ලම් වැඩ නෙවෙයි බහිරවයෝ
එළවන්නත් එපැයි !"
ගුරුන්නාන්සේ
එහම කීවම කට්ටිය ටිකක් බය වුණා
. බහිරවයෝ
එකෙක් නෙවෙයි සීයක් මේ නිදානෙට
අරක්ගෙන හිටියත් මම තනියම
හරි මේක ගන්නවාමයි මම තදින්ම
එහෙම හිතාගත්තා .
හීතල
හුළඟක් හැමුවා .
මම ඒ වෙලාවේ
ෆෝන් එකෙන් වෙලාව බැලුවා වෙලාව
පාන්දර එකට කිට්ටුයි .
කුරුන්නාන්සේ
දිග තේඩාවක් අරගෙන ඒකට මොනවාදෝ
මතුරන්න වුණා .
ගුරුන්නාන්න්සේගේ
පුතා ඒ තේඩාවේ එක කොනක් අල්ලා
ගන්නකොට අපි කට්ටියම පිළිවෙළට
ගිහින් ඒ තේඩාව අල්ල ගත්තා
.පුදුමයි
අපිට කරන්න ඕනෙ දේවල් කවුරුවත්
කීවේ නෑ අපේ හිත් වලට කවුදෝ
ඇතුළේ ඉඳන් උපදෙස් දෙනවා වගේ
දැනුණා .. මට
දැනුණේ මම නිකං මෝහනය වෙලා
වාගේ .
මොහොතක්
ගත වුණා .
තේඩාවේ අන්තිම
කොන අල්ලාගෙන හිටි රුක්මන්
මහත්තයා තේඩාවත් අරන් නිධානය
තිබුණ ගල වටේට යන්න පටන් ගත්තා
. අපිත්
ඒ පිටි පස්සෙන් ගමන් කළා .
විනාඩි
කීපයකින් අපි ආයේ හිටපු තැන
තේඩාව වළල්ලක් වගේ ගල වටේට
විහිදිලා තිබුණා.
ගුරුන්නාන්සේ
ඇවිදින් තේඩාවේ මුල් කොනත්
අග කොනත් එක්කරලා කහ පාට නූලකින්
ගැට ගැහුවා ගැට දාන අතරේ
නොනවත්වාම මතුරන්නත් වුණා
. ඒක
හරි අමුතුම මැතිරිල්ලක් .
ගැටයක් දානවා
මතුරනවා ආයේ ගැටයක් දානවා
මතුරනවා .. !
ගැට හැත්තෑ
හතක් ගහලා ඉවරවෙලා ගුරුන්නාන්සේ
තේඩාව බිමින් තිවුවා .
"කවුරුවත් මම කියනතුරු මේ තේඩාවෙන් වට වෙලා තියන රවුමෙන් පිටට යන්න එපා . ගියොත් වැරදිලාවත් ආපහු එන්න නම් එපා !! . මේ පැත්ත හැරිලාවත් බලන්න එපා ."
ඔන්න
ඒ වෙලාවේ තමයි අපි කවුරුත්
අපේ ෆෝන් ඕෆ් කරල දැම්මේ .
ඒ දිහා බලාන
හිටපු ගුරුන්නාන්සේ ෆෝන්
සේරම ඕෆ් වුණාට පස්සේ ආයෙමත්
ගැඹුරු හඬින් මන්තර මතුරන්න
වුණා . ටිකෙන්
ටික ගල උඩ පත්තු කරලා තිබුණ
තැඹිලි තෙල් පුරෝපු මැටි පහණේ
එළිය වැඩි වෙන්න ගත්තා .
හිච්චි යකඩ
ඉන්නත් , සේන
අයියා කුළුගෙඩියත් ගත්තා .
"ඕං හාරි ජාතා හාරි තූ: !"
සෑහෙන
දිග මන්තරයක් අවසානයේදී
ගුරුන්නාන්සේ විධානය දුන්නා
. සේන
අයියා එතකොටම කුළු ගෙඩි පාර
දුන්නා මිලි තත්පරයක්වත්
අඩුත් නෑ වැඩිත් නෑ නියමම ගාන
. කුළු
ගෙඩි පාර හෙණ ගහන්නා වාගේ ගලට
වදිනකොට පොඩි ගල් කැට වැස්සක්
වගේ අපේ දිහාවට විසික් වෙලා
ආවා කුළුගෙඩි පාර වැදුණ තැනින්
ආවේ බොල් හඬක් .
හරියට බෙර
හමකට තට්ටු කළා වගෙයි.
"වැඩියෙ මහන්සි ගන්න එපා . ඇඟේ සේරෝම හයිය දාන්නත් එපා කලබල නොවී ඊළඟ පාරත් ගහන්න ."
ගුරුන්නාන්සේ
ආයේ උපදෙසක් දුන්නා සරම කැහැපට
ගහගත්ත සේනක අයියා ආයෙමත්
කුළුගෙඩිය අතට ගත්තා .
ගුරුන්නාන්සේ
ආයේ මතුරන්න ගත්තා .
ඔය විදිහට
කුළුගෙඩි පාරවල් තුනක් විතර
ගලට වැදුණා .
ගලෙන් සෑහෙන
කොටසක් ඒ වෙනකොටත් කැඩිලයි
තිබුණේ . අපේ
අරමුණට, අපෙ
අලුත්ම අළුත් ජීවිතයට තව
තිබුණේ කුළු ගෙඩි පාරවල් කීපයක
දුරක් ඒ කුළු ගෙඩි පාරවල්
වලින් පස්සේ අපි දිහා සමාජය
බලන්නේ බොහොම ගරුත්වයෙන් අද
ගෙවන මේ ජීවිතයට වඩා
කුළු ගෙඩි පාරින් පස්සේ උදාවෙන අළුත් ජීවිතය කොයිතරම් වෙනස් වේවිද ? මම නොනවත්වාම හිතුවා ...ඇත්තටම
හැම දේම
අකුරටම හරියන්න ඉඩ තිබුණා .
ඒත්
....
"කුළුගෙඩිය අතාරින්න ළමයා .. !" ගුරුන්නාන්සේ බොහොම සන්සුන් හඬකින් සේන අයියට කීවා .. ගුරුන්නාන්සෙගෙ මූණ අමුතු වෙලා .
"මේ අපි කරන වැඩේ පොලීසියට ආරංචි වෙලා තව විනාඩි පහකින් මෙතනට පොලීසිය එනවා . සේරම දාලා යමු යන්න ."
"කොහොමද දන්නේ ?" බය වෙලා උන්නු අය අතරින් මුල්ම ප්රශ්නේ ඇහුවේ මම .
“මට ඒක දැනෙනෙවා . ඔය ඇහෙන්නේ සපත්තුවලට කොළ පෑගෙන හඬ .. හොඳට කන් දෙන්න ".
ඇත්තටම
ඒ වෙනකොට චරස් චරස් හඬ අපේ කන්
වලට යාන්තමට දැනුණා .අපි
දිහාට කවුරු නමුත් එනවා ඒත්
ප්රධාන පාරෙන් නෙවෙයි අතුරු
පාරකින් .
තවත් මොහොතකින්
ගල් තලාවේ සපත්තු ගැටෙන හඬත්
ඇහෙන්න ගත්තා .
"ඔන්න දැන් ගලට කට්ටිය ගොඩ වුණා . තව ටිකකින් අපිව දකීවි කට්ටියම මේ වතුර අරන් මූණේ ගාගන්න ආයේ මේ පැත්ත පළාතේ ඉන්න එපා දුවන්න .. එකටම දුවමු තනි වෙන්න නරකයි ."
ගුරුන්නාන්සේ
අපේ මූණුවලට වතුර ඉහලා සේරටම
කලින් දුවන්න ගත්තා උන්දැගෙ
පුතා ඊළඟට දුවද්දී රුක්මන්
මහත්තයා සරමත් උස්සගෙන ඒ
පස්සෙන් දිවුවා .
අනිත් උන්
දුවන පස්සෙන් මමත් දිවුවා .
කවදාකවත්
දුවපු නැති තරම් වේගෙන් .
ගඳපාන
කැන්ද පඳුරු අස්සෙන් අපි ඒදා
හඳ එළිය නොවැටුන කළුවර මං බල
බල වැටි වැටී දුවපු හැටි
මැරෙනකම්ම මට මතකෙ තියේවි .
එරමිණියා
කටු අත්තකට මගේ යටිතොල ඉරිලා
යද්දී මගේම ලේ රහ මගේ දිවට
දැනුණා . ඒත්
මම හයියෙන් දිවුවා මට ඉස්සරහින්
පපුව අල්ලගෙන අමාරුවෙන් දුවන
රුක්මන් මහත්තයාගේ සරම මට
පෑගුණා . සරම
කැඩිලා වැටුණත් රුකමන් මහත්තයා
වේගෙ වැඩි කරලා දුවන්න ගත්තා
.
අපි
කට්ටියම වෙල් යායට වැටුණා .
මඩ කරලා තිබුණ
වෙල් යායට අඩිය තිබ්බ හැටියෙම
මගේ කකුල අඩි දෙකක් විතර යට
මඩේ එරුණා .
සෙරෙප්පු
දෙක මඩේ අතුරුදහන් වෙද්දී මම
ජීවිතේට දුවපු නැති තරම්
වේගෙකින් අනික් සේරෝම දෙනා
පහු කරමින් ඉදිරියෙන්ම දුවමින්
හිටියා .විනාඩි
ගාණක් එක දිගට දුවපු අපි කැලේට
රිංගලා ලොකු තෙළඹු ගහක් අද්දර
ඉඳගත්තා .
දෙයියන්ගේ
පිහිටෙන් කාටවත් කරදරයක්
වෙලා තිබුණේ නෑ .තුවාල
වෙලා තිබුණත් හැමෝම යහතින්
හිටියා .
සරම
නැති නිසා ඇඳන් උන්නු සුදු
කමිසේ ඉණ වටේ ඔතාගෙන හිටිය
රුක්මන් මහත්තයා ඔළුවේ අත්
දෙක ගහගෙන හූල්ලන්න ගත්තා .
ඈත වෙල් යායේ
විදුලි පන්දම් එළි සෑහෙන ගාණක්
කැරකෙන හැටි අපිට පේනවා .
සේන අයියගේ
ඇස් දෙකෙන් සට සට ගලා කඳුළු
වැටෙනවා ඒ කඳුළු වැටෙන්නේ
සේන හිතින් මවාපු අහස් මාළිගාව
කැඩුණට වෙන්නැති .
"මම නම් අහුවෙයි මගේ ගෙදරට දැනටමත් පොලීසිය පැනලා ඇති ."
"බය වෙන්න එපා රුක්මන් මහත්තයා ඕනෙ දේකට අපි හැමෝම ඉන්නවා" . සුනන්ද අයියා රුක්මන් මහත්තයාව සැනසුවා .අපි පාන්දර හතර හමාර වෙනකම් ඒ තෙළඹු ගහ යට බීඩි උරමින් උන්නා . එළිවෙන්න ඔන්න මෙන්න ජාමෙට යාන්තම් ගෙදරට ගියපු මම මුකුත් නොදන්න ගානට ඇඳට වැටුණා . ඒත් මට නින්ද ගියේ නම් නෑ .. පහුවදා උදේ දහය වෙනකොටත් මම ඇඳේ දිගා වෙලා කොට්ටේ මගේ මූණ උඩින් තියාගෙන කල්පනා කරමින් උන්නා . එතකොටයි මට රුක්මන් මහත්තයාගෙන් කෝල් එකක් ආවේ
"සඳරු මල්ලි .. ! "
"රුකමන් මහත්තයා .. ?"
"මල්ලිට කරදරයක් නැද්ද ?"
"නෑ රුක්මන් මහත්තයා මහත්තයට කොහොමද ?"
"මේ..මල්ලි කොණ්ඩ තිලක ඇමති තුමා අපේ දිහා ආවා උදේම . "
"මොකක් ඒ ඇයි ? "
"එයා තව කට්ටියක් එක්ක ඇවිදින් අරක අරන් ගියා .. මට ලක්ෂ එක හමාරක් දුන්නා කට හෙල්ලුවොත් පොලීසි ගෙනියනවා කීවා . "
"ඉතින් .."
"ඉතින් මම මොනා කරන්නද මල්ලි උන් ඇවිල්ලා පටවගෙන අරන් ගියා ... ! "
"මම තියන්නම් රුක්මන් මහත්තයා "
"උඹ තරහද සඳරු"
"නෑ .. "
"සඳරු ! "
"ඇයි රුක්මන් මහත්තයා "
"අර ඉබ්බා ඒක තුවායකින් ඔතාගෙන අරන් යනවා මම දැක්කා සඳරු .. " මම ලොකු හුස්මක් ඇද්දා ඒ හුස්මේ හඬ රුක්මන් මහත්තයාටත් ඇහෙන්න ඇති . එදා හවස අපි හැමෝම හිචිලාගේ ගෙදරදී එකතු වුණා . කාටවත් වෙච්ච දේ හිතාගන්න බැරුවයි හිටියේ හැමෝගෙම ඇස් රතුපාට වෙල තිබුණා . ඒ අඬලාද නැත්තම් නිදි මරලාද කියලා මම දන්නේ නෑ .
අපි හැමෝම
හීනයක් දැක්කා ඒ හීනය තමයි
ලක්ෂපතියෝ වෙන එක .
ඒ හීනේ හැබෑ
කරගන්න අපිට බැරි වුණා .
එක මොහොතකින්
ඒ හැම දේම වැරදුණා .
කවුරු පොලීයට
ඔත්තුව දුන්නද කියලා අපිට
හිතාගන්නත් බැරි වුණා .
ඒත් ඒ අපේ
අයගෙන් කෙනෙක් නොවන බව නම්
ඉර හඳ වගේ විශ්වාසයි .
රුක්මන්
මහත්තයා අපි එක්කෙනාට රුපියල්
තුන්දාහ ගානේ දුන්නා .
"මේ කතාව අපි කාටවත් නොකියා ඉමු .." එහෙම ගිවිසගත්ත අපි ආයේ ගෙවල් බලා යන්න පිටත් වුණා . වෙනදා වගේම මමත් තරිඳුත් එකටමයි
"තරිඳු උඹගේ ෆෝන් එක කීයද බං ?" බිම බලාගෙන හූල්ල හූල්ල යන තරිඳුගෙන් මම එහෙම ඇහුවා
"ඒක ආයේ ගන්න වෙන්නේ නෑ ආත්ම හතකට .. ඒක රුපියල් හත් දාහයි .. !"
"මේ තුන්දාහත් උඹ ගනින් ..එතකොට හයදාහයි නේ තව දාහක් හොයාගෙන උඹ ඒ ෆෝන් එක ගනිං බං . කොහොමත් උඹනේ මේ වැඩේට මාව හොයගෙනත් ආවේ .. තව වැඩක හම්බ වුණත් උඹ මාව හොයාගෙන එන බව මම දන්නවා ." තරිඳුවා ආලවට්ටං මොකුත් නැතුව "පින් සිද්ධ වෙනවා බං" කියලා ඒ සල්ලි සාක්කුවේ දාගත්තා
තරිඳුට
යන්තම් හරි සැනසිල්ලක් සතුටක්
දැනෙන්න ඇති කියලා මට විශ්වාසයි
. කවුරු
මොනා කීවත් සතුට කියනදේ සල්ලි
වලට ගන්න ඇහැකි බව මම දන්නවා
. මේ
හැම දේම වුණේ හොඳටයි කියලා
මම හිත හදාගත්තා ..
ඒත් මට ලක්ෂ
පතියෙක් වෙන්න කෙස් ගහක දුරක්
නේද තිබුණේ කියලා හිතනකොට බඩ
පපුව දාලා යනවා..
!
මේ හැම
දේකින්ම පස්සේ මම වෙනදාටත්
වඩා මහන්සිවෙලා මගේ වැඩ පල
කරලා ගාන හොයන්න පටන් ගත්තා
. අද
වෙනකොට නම් හිතේ සැනසීම උපරිමේට
තියනවා .
සාක්කුවත්
පිරිලා .
පහුගිය ටිකේ
නොලියා හිටපු නිසාම ලියන්න
දේවල් බොහෝමයක් හිත ඇතුළේ
කැලැත්තෙනවා .
දැන් ඉතින්
ආයේ පරණ ජීවිතේට වැටෙන්න කාලේ
හරි .