24.8.11

ධනංජනී ගෙන් පළි ගැනීම .!


සංගීතයක් බලන්න ගිහිං මම එදා ගෙදර එනකොට පාන්දර 3 විතර ඇති ..සොරි වෙන්න අරගෙනත් හිටි නිසා මට ඇඳට වැටුණ ගමන් නින්ද ගියා පහුවදා.. උදේම මම ඇහැරුණේ උඩ වීසි වෙලා !!

"අයියා අයියා අන්න ඔයාට ප්‍රපෝසල් එකක් !!

මට හීනෙන් වගේ නංගිගේ කට හඬ ඇහුණා !”

"නැගිටපංකෝ !! අන්න උඹට කෙල්ලෙක්ව කතා කරනවා.. හපෝ උඹ ළඟ ගඳ !!” නඟා දෙවනි පාරටත් කෑගැහුවා

"මොකක් ? මට ප්‍රපෝසල් එකක් කවුද ?”

හිකි හිකි ..ඔයාගේ සක්කර වට්ටම ධනංජනී..!!නඟා මට කින්ඩි කෝටියක් පාස් කරලා යන්න ගියා

නඟා කියපු දේ ඇහුන හැටියේ මගේ නින්දයි යන්තම් වෙරි මතයි ශීඝ්‍රයෙන් පහළ බැස්සා .මම ඇඳේ මුනිං අතට පෙරළිලා ධනංජනී ගැන හිතන්න ගත්තා .. ! උඩ අතට බුදියගෙන ඔවුවා හිතන්න බෑ නේ.. දන්නෝ දනිති !

අපි හිටපු ගෙදරට ගෙවල් දෙකකට එහාහින් තමයි ධනංජනී ලෑ ගෙවල් තිවුණේ. අපි මේ ගමේ මුල් පදිංචි කාරයෝ වුණාට ධංනංජනීලා නම් මේ ගමට පිටින් ආපු උදවිය ..

මට ඒ දවස් යාන්තමට වගේ මතකයි . අපේ ගෙවල් ගාව පදිංචියට ආපු අලුත කෙහෙල් ඇවරියකුත් අරං ධංනංජනීගේ පවුලේ උදවිය අපේ ගෙදර ආපු හැටි !

ධනංජනී එතකොට පොඩි කෙල්ල .සාය කොටයක් ඇඳගෙන "චූස් චූස්" ගාන සපත්තු දෙකකුත් දාගෙන අමාගේ ගවුමේ එල්ලිලා අපේ ගෙදර ආව හැටි ඇවිත් මගෙ දිහා හොරෙං බලං හිටපු හැටි. හප්පා !! මට නම් ඒවා මලත් අමතක වෙන්නෑ .

එදා පළමු වතාවට අපේ ගෙදර ආව ධනංජනී ඊට පස්සේ නිතරම වගේ මට හම්බ වුණා ..එයාව බරදුන්නෙත් මම ගිය මොන්ටිසෝරියටමයි ..ඊට පස්සේ ඉස්කෝලේ ගියෙත් මම ගිය ඉස්කෝලෙටමයි , මගේ පන්තියටමයි .. ඉතින් ඒ පුංචි කාලේදී අසල්වැසි අපි දෙන්න පුදුම විදිහට යාළුවෝ වුණා .. විටක වැලි ගහගත්තට , බැනගෙන රණ්ඩු වුණාට ,අපි දෙන්නට දෙන්නා නැතිව බැරි තරමට ළංවෙලා හිටියා .හ්ම් අපි දෙන්නා කොයිතරම් ළඟින් හිටියද ?

මොන්ටිසෝරි කාලේ ගැන මට වැඩි මතකයක් නැතත් ඉස්කෝලේ 1වසරේදී සිද්ධ වෙච්චි සිදුවීමක් මගේ හිතේ කොනක නොමැකෙන්නම ඇඳිලා තියනවා අදටත්..

එතකොට අපිව 1 වසරට බාරදුන්නු අලුත . මට මතකයි පන්තියේ හිටපු කොල්ලෙක් ධනංජනීට කලු ලෑල්ල මකන කොට්ටෙන් දමලා ගැහුවා ! ..ඒකිගේ ඇස් දෙකට රටහුණු ගිහිල්ලා දැවිල්ල අරං අඬන්න පටන්ගත්තා . ! මට ඒ වෙලාවේ දැනුණේ පුදුම තරහවක් හරියට මේ මගේ ඇස් දනවා වගේ. අතේ තිබුණු වතුර බෝතලේ ලොකු රවුම් මූඩිය ගලවලා අරං මම අර කොල්ලට ගහගෙන ගහගෙන ගියා ..

"ගහපිය අනේ ඕකට.. ගහපිය ! අනේ ගහපිය .. . !”

ධංනංජනී මට චියර් කරන්න පටන්ගත්තා !!

කෙල්ලත් චියර් කරනවා නම් ආයේ මොනාද ? මමත් ඇරසෝලා ! අරූට ගැහුවා ..තොල පැලිලා ලේ එනකම්ම ගැහුවා..! පන්තිභාර ටීචර් දුවගෙන ඇවිල්ලා මාව ඇදලා ගන්නකම් ගැහුවා .!!

.එදා මගේ අතට පුංචිම පුංචි වේවැල් පාර දෙකක් වැදුණා .. මට යන්තම්වත් රිදුන්නෑ ..ඒත් මට පුදුම විදිහට දුක හිතුණා .ඒ මම පන්තිය ඉස්සහරා ගුටි කාපු පළමු වතාව ..ධනංජනී බය වෙලා අඬන්න ගත්තා .. ඒක දැකලා මමත් ඇඬුවා . ඔන්න මම අඬාපු අවස්ථා වලින් මට මතක එක අවස්ථාවක් ..

ඔන්න ඔය වගේ පොඩි පොඩි සිදුවීම් වලින් අපි දෙන්න අතර තිබුණු බැඳීම තව තව වැඩි වුණා ..අපේ බැඳීම කොයිතරම්ද කීවොත් ගුරුවරුත් අපිට විහිළු කළා .."නෝනයි මහත්තයයි" කියලා .ඒත් අපි නෙවෙයි සැලුණේ ..!

අපි දෙන්නා එක එක පිඟානෙන් කෑම කාලා තියනවා .එක බේසමේ බැහැලා නාලත් තියනවා...ආයේ මොනාද මම ධනංජනීව වඩාගෙනත් ඉඳලා තියනවා .

ඒ පුංචි කාලේ හැමදාම තියෙන්නේ නෑ නේ !.. ඔන්න ටිකෙන් ටික අපි ලොකු මහත් වෙන්න පටන්ගත්තා. ධනජනීත් අනිත් කෙල්ලෝ වගේම ගෙට වුණා ! ඊට පස්සේ ඒකි අපේ ගෙදර එන එක ටිකක් අඩු කළා ..ඉඳලා හිටලා මිසක් වෙනදා වගේ නිතරම අපේ ගෙදර ආවේ නෑ ..මමත් වැඩේ තේරුම් අරං හිටි නිසා මට එයාගේ වෙන්වීම දරාගන්න පුළුවන් වුණා .

ඒත් දවසක්දා ධනංජනී මගේ යන්තම් තරුණ හදවතට තට්ටු කළේ අමුතුම විදිහටක මම හිතන්නේ මේ සිදුවීම වෙනකොට මම අට වසරේ !

මම දවසක් පුස් බයිසිකලෙන් කොහේදෝ ගිහින් එනකොට ධනංජනී තනියම ඇළ පාර දිගේ එනවා ..බින්දු බින්දු වැටිච්ච නිල් පාට ගවුමක් ඇඳලා හිටපු ධනංජනී ගෙන් දැන් අමුතුම ලස්සනක් පේනවා . පොඩි කාලේ මාත් එක්ක හිටි හොටු පෙරාගත්ත කෙල්ල වෙනුවට දැං ඉන්නේ පින්නේ පිපුණු මලක් වගේ ලස්සනම ලස්සන පුංචි කෙල්ලක් ..

"නගින්න ධනී මගෙත් එක්ක යමු ..!”

"අනේ අම්මෝ මට බෑ ! සඳරු තමුසේ යනවා ..මං පයිං එනවා !”

මට පුදුමයි මෙච්චරකල් මගේ බයිසිකලේ ගියපු හිටිගමන් මාවත් දාගෙන පැදපු මේ කෙල්ල මගෙත් එක්ක යන්න බෑ කියනවා ..දැන් ඉතින් මේකි ලොකු කෙල්ලක් නේ . මටත් අහපු එක ගැන මාරම ලැජ්ජාවක් හිතුණා ..

"හෙහ් ! අපෝ උඹට එන්න බැරි නම් හිටපං උඹව මේකේ පටෝගන්න වැඩේමයි .”.මම ආපහු යන්න හැරුණා

"නෑ නෑ ඉතින් ඉන්නවා මාත් එනකං එහෙනම්..

ඔන්න ධනංජනී ඇවිත් මගේ බයිසිකලේ මැද පොල්ලේ ඉඳගත්තා .. ඉතින් වළවල් වලින් පිරුණු ඒ පාර දිගේ ධනීවත් තියාගත්තු මම හෙමිහිට බයිසිකලේ පැදගෙන ගියා ..

ඇල ඉස්මත්තෙන් හමාගෙන ආපු හීතල හුළඟ විසින් ධනංජනීගේ කෙස් වැටිය මගේ මූණ පුරාවටම විසුරුවා හැරියා .. තෙත කොණ්ඩේ මගේ මූණේ වදින අතරේ , ධනංජනී මගේ ඇඟේ ගෑවෙන අතරේ මට අමුතුම අමුතු හැඟීමක් දැනෙන්න ගත්තා , පළමුවෙනි වතාවට ..ඔව් අන්න එදා මම පළමු වරට ඔකඳ වුණා ..

එදා ගෙදර ගිය මොහොතේ ඉඳන් දවස් ගාණක් මම බලාගත්තු අත බලාගෙන හිටියා .. මම තනියම කල්පනා කළා .. කප්පරක් හිතුවිලි මගේ හිත ඇතුළේ පැටලැවිලා ..බලන බලන අත මට පේන්නේ ධනංජනී විතරයි ! ඇහෙන්නේ ඒකිගේ කතාව විතරයි මට ඒ දවස් වල හිතුණෙම මම ජීවත් වෙන්නේ ඒකි හින්දමයි කියලා …

මම ආයේමත් ඇඳේ අනික් පැත්තට හැරුණේ මුනිං අතට ඉඳලාම ශරීරාංග කීපයක් රිදුම් දෙන්න පටන් ගත් නිසාමයි ..

සති දෙකකට පස්සේ මට තේරුම් ගියා මම ධනංජනීට ආදරේ කරනවා කියලා ..! මම එහෙම හිතලා සතුටු වුණා ඇත්තටම එදා මගේ හිත ඇතුළේ ඇඳුණු ඒ හැඟීම පොඩි කොල්ලෙක්ට කෙල්ලෙක්ව නිතර දැක්කාම දැනෙන ආකර්ෂණය බව තේරුම් ගන්න තරම් මගේ මනස මෝරලා තිබුණේ නෑ !

එදා ඉඳන් මාස ගණනාවක් මම ධනංජනීට හිතින් පෙම් කරන්න පටන්ගත්තා ..

"ධනී ඔයා මට කැමතියිද ?"
"ධනී ඔයා මට ආදරෙයිද
?"

මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිං කී ගමනක් නම් තනියම එහෙම අහන්න ඇතිද ? . ඒත් ධනංජනී ඉස්සරහා හිටගත්තහම මම ගොළු වෙනවා ධනංජනීට "ඔයා" කියන්න තරම් වත් හයියක් මට තිබුණේ නෑ ! ඒකයි මම එයාට හැමදාමත් "උඹ" කීවේ ..ඉතින් හැමදාමත් මම හිතින් විතරක් පෙම් කරමින් ඈතට වෙලා බලං හිටියා ..

මගේ අම්මයි ධනංජනීගේ අම්මයි ගෙදර සාලේ මැද ඉඳන් කතාකරනවා මට යාන්තමට ඇහෙනවා ..ඒ හඬින් මම ආයෙමත් පියවි සිහියට ආවා ..

"මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ නංගී ..ඒ දෙන්නා ඉස්සර ඉඳන් හරි එකතුයි නේ ..එයාලා තමන්ගේ දියුණුව හදාගනීවි .අපිත් උදවු කරමු ..ඒ හඬ ධනීගේ අම්මා වන සීලවතී නැන්දගේ.

මම හෙමීට නැගිටලා සාලේ පැත්තට යන්නයි හැදුවේ ..ඒත් මේ අරක්කු ගඳ සීලවතී නැන්දට ආවොත් ඒකිට සිහි මුර්ජා වේවිද .. ? ඒකනම් බැරියෑ අම්මා මගේ ටීෂර්ට් සේරම වැලේ වනලා ..අතේ තියන පච්චෙත් පෙන්නගෙන සාලෙට ගියොත් "මූ වගේ පෙරේතයකුටද මම දූව දෙන්න ආවේ" කියලා සොක් එක ඇවිදිල්ලා ..සීලවතී නැන්දා පපුව පැලිලා මැරුණොත් ?

මම ආයෙමත් ගිහිං ඇඳ උඩ වාඩි වුණා .කොට්ටෙට ඔළුව තියාගෙනම .ආයෙමත් හිතින් අතීතයට ඇදුණා ..

මම එතකොට නවය වසරේ A පන්තියේ. ධනංජනී හිටියේ මගේ පන්තියේ නෙවේ .එයා හිටියේ B පන්තියේ .. ඉතින් මම ධනංජනීව දකින්න තියන ආසාව නිසාම නිතරම B පන්තියට රිංගනවා ඒකේ ඉන්න කොල්ලෙත් එක්ක නිකං බොරුවට වල් පල් කතා කරනවා .. ධනීට පේන්න විහිළු කරනවා ..මගේ විහිළුවකට ධනංජනී හිනහා වුණ දවසට මට කෑම ඕන්නෑ මගේ බඩ පිරෙනවා ..! ඇත්තට මම ඒකිගේ හිනාවට පුදුම විදිහට ආස කළා ..

ඔය අතරේ දවසක් ධනංජනීලෑ පන්තිභාර ටීචර් කවුරුත් නොහිතපු විදිහට ප්‍රසූත්‍ර නිවාඩු ගත්තා ..! අපේ ඉස්කෝලේ ඒ කාලේ වෙනකොට ටීටර්ලා හරිම අඩුයි ..ඉතින් B පන්තියේ ළමයි සහ Aපන්තියේ ළමයින්ව එකම හෝල් එකකට වැටුණා. ටික දවසකට ..

ධනංජනීයි මායි එක පන්තියට වැටුණ එකට මට නම් හරිම සතුටුයි !! ඒත් ඒ සතුට වැඩි කල් තිබුණේ නෑ..! ඒ සතුට යන්න ගියේ මගේ හිතේ තිබ්බ ආදර ගින්නත් නිවාගෙන..

..මේ සිදුවීම වුණේ පන්ති දෙක එක්කාසු කරලා දෙවනි දවසේ. මට තාම මතකයි ..ඒ ගෙවුණේ සමාජ අධ්‍යනය පීරියඩ් එක . ස්කෝලේ හිටපු සැරම සැර යක්‍ෂණියක් කියලා නම් දරාගෙන හිටපු "බුරියානි මිස්" තමයි ඒ මොහොතේ පන්තියේ හිටියේ .ටීචර් එදා උගන්වපු පාඩම භූ විෂමතාවය ..මට ඔවුවා අදටත් මතකයි ..

ටීචර් පොඩ්ඩක් පන්තියෙන් එළියට යනකම් හිටපු මම නිකමට ධනංජනීගේ අතින් අල්ලලා මගේ පැත්තට ඇදලා ගත්තා ..මට එහම කරන්න හිතුණේ ඇයිද කියලා මම අද වෙනතුරු දන්නේ නෑ ..! මම දන්නේ මම එහෙම කළේ වනචර කමට නොවන බව විතරමයි ..

"අනේ එපා සඳරු”කියලා හුරතල් වෙච්ච කෙල්ල මගේ අත ගසා දාලා ආයෙමත් ගිහිං එයාගේ පුටුවේ ඉඳගත්තා . කොල්ලෝ සෙට් එක නම් මට නියම විසිල් පාරක් දුන්නා ..ධනංජනීටත් හිනහයි මම හොඳටම දැක්කා ඒකි හිනා වෙනවා ..ඒත් ..

ඔන්න ඔය අතරේ බුරියානි මිස් පන්තියට ආවා .. ටීචර් ගුරු පුටුවෙන් ඉඳගන්නත් කලින් ධනී ටීචර් ගාවට ගියා ..මම හිතුවේ පොත පෙන්වන්න යනවා ඇති කියලා ..ඒත් මම හිතුවා වැරදියි ..

"සඳරු මෙහෙ වර !! තෝ .තෝ.!” මට ඒ එදා ටීචර් කතාකරපු ගිනියම් වචන ටික තවම මතකයි ..

මම ඉස්සරහට ගිය ගමන්ම බුරියානි ටීචර් පැන්න ගමං මගේ පිට හරහා පාරවල් හතරක් ගැහුවා .. මට රිදුනා ..මට වාර්තා පොතෙනුත් ගැහුවා. ඒකත් මට රිදුනා .. මගේ කනෙං ඇදලා ආයෙම පිටට ගැහුවා .ඒකනම් හොඳටම රිදුනා ..!

"වර යන්න තෝ ලොකු සර් ගාවට ..” 

ටීචර් මාව ඇදගෙන ලොකු සර් ගාවට යන හැටි පොඩි පන්තිවල ළමයි පන්ති කාමර වල පුංචි දැල් අතරින් බලං හිටියා ..ඒත් මගේ වෙලාවට ලොකු සර් ඔෆිස් එකේ හිටියේ නෑ. මම බේරුණා.. ඒත් ..මට දැනුණේ ලොරියකට යට වුණා වගේ හැඟීමක්..මගේ තොල් දෙක වෙවුලුවා .උගුර කට වේලිලා .. මට මේ කිසිම දෙයක් අදහාගන්න බැරුව මම මොකෙද්ද එකෙක් වගේ කල්පනා කළා ..!

එදා කලු ලෑල්ලේ ලියැවුණු කිසිම දෙයක් මම දැක්කේ නෑ . කලු ලෑල්ලේ කළුපාට පසුබිමේ ධනංජනීයි මායි සෙල්ලම් කරපු අපේ අතීතය මට මැවිලා පේන්න ගත්තා ..එදා ධනංජනීව බේරගන්න ගිහිං මම ගුටි කාපු හැටිත් ..අද ධනංජනී නිසාම ගුටි කාපු හැටිත් ..

එදා මට වැදුණු ගුටිවල වයිර පාර මගේ පිටේ නොහිටියාට ඔය සිදුවීම මගේ හිතට වයිර පාරක්ම වුණා.. එදා ඇතිවෙච්ච කැළල මගේ හිතේ තවම තියනවා .. ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක දුරලු . ඒ කතාව ඇත්ත ගුටි කාපු දවසේ ඉඳන් මම ධනංජනීට වෛරකලා .ඒකිව මතක් වෙන වාරයක් පාසා මම දත් මිටි කෑවා ..ඒකිගෙන් පලි ගන්න ඕන..!

හිතා ගන්න බෑ අච්චර ආදරේ කරපු කෙල්ලෙකුට කොහොමද මම එච්චර වෛර කළේ ? අදටත් මම ඒක දන්නෑ..

පස්සේ කාලෙක මම ඔය හැම දෙයක්ම අමතක කරලා දාලා ධනංජනී එක්ක හොඳින් කතා බහ කළා .ඒත් මම ඒ කතා කළේ කපන්න බැරි අත ඉඹින්න මිසක් වෙන මගුලකට නෙවේ .... කෙල්ලක් නිසා මට ඒකිට ගහන්නත් බෑ ..ඒත් ඒකි එදා කරපු වැඩේ මතක් වෙද්දී මට එන තරහව තවම මට යටපත් කරගන්නත් බෑ ..

සීලවතී නැන්දා පිටවෙලා ගියාම මම ඇල්බම් එක අරගෙන මගෙයි ධනංජනීගෙයි ෆොටෝ බැලුවා ..එතන තිබුණු එකම එක ෆොටෝ එකක් දිහා මම මොහොතක් ආදරෙන් බලං හිටියා ..මොන්ටිසෝරියේදී ධනංජනී මගේ අතින් අල්ලං දුවන හැටි ඒ පින්තුරේ සටහන් වෙලා තිවුණා ....

හ්ම්..මම නම් එයාගේ අතින් ඇල්ලුවේ වනචර කමට නෙවෙයි පොඩි කාලේ ඉඳන් තිබුණු ලෙංගතු කමට ..ඉතින් ආයේ වතාවක් ඒ අතින් අල්ලන්න මගේ කිසීම කැමැත්තක් නෑ ..මම දැන් ධනංජනීට කැමති නෑ ..! මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න ..අන්න එහෙමයි මම ධනීගෙන් පලි ගන්නේ ..!


පින්තුරේ අතට අරං මම ඇල්බම් එක වහලා දැම්මා ..!











ප.ලි = ඔය උඩ ඉන්න කොල්ලා මම.. ඔය මගේ අතින් අල්ලං දුවන්නේ ධනංජනී.....( මගේ නම හැර අනෙක් නම් අසත්‍යයි)


91 comments:

පූසා said...

හ්ම්ම්ම්ම් උඹට හොඳ විදිහක් තමයි.....

හැබැයි අර කතාවනම් මරු බං :D
"උඩ අතට බුදියගෙන ඔවුවා හිතන්න බෑ නේ.. දන්නෝ දනිති !"
:DDDDDDDDDDDDD

පිණිබිඳු... said...

කොහෙද මේ කෙල්ල කොල්ලව ඇදගෙන දුවන්නෙ. අනිත් උන් තුෂ්නිම්බූත වෙලා බලන් ඉන්නෙ මොකෝ. මොනා උනත් ආදරේ පලුද්දක් ඇති උනොත් ඒක හදන්නම බෑ.

පිස්සු පුසා said...

උබේ මේ කතාව අහලා සිරාවටම දුක හිතුනා බං.මට මේක කියවද්දී මමත් එතන ඉදන් මේ දේවල් බලාගෙන හිටියා වගේ.උබ මේක ඒ තරමට හිතට වදින්න ලියලා තියෙනවා බං.සිරා....

Praසන්ன said...

ඇත්තටම සඳරු මල්ලි උඹ මේක ලියල තියෙන විදියට මටත් මේක මැවිල පෙනුන.
කොහොම උනත් දැන් උඹ එක හිතක ඉන්න එක වටිනවා.

ය.ලි. (යටින් ලියමි) ඇත්තටම අර ෆොටෝ එකේ ඉන්නෙ උඹද?

හිස් අහස said...

දෙයි හාමුදුරුවන් පල්ලා !! ඒ ෆොටෝ එකේ ඉන්නේ සඳරුවා ..

Gizaa said...

මට නම් කියන්න දෙයක් හිතාගන්න බෑරිය කිව හෑක්කේ සියල්ල සිද්ද වෙන්නේ හොදට කියලා විතරය............ :D

සාතන් said...

එල පොටෝ එක බන්... හින්දි ෆිල්ම් එකක වගේ ;)

ඔහොම බොන්න එපා යකෝ... බිව්වත් ඔහොම දාන්න එපා... මේ වැස්ස වෙලාවල් වල බොන්න හිතෙනව...

රස්තියාදු කාරය.. said...

පට්ට මචන්, චු කලේ කරපු love මතක් වෙද්දී හෙන අතල් එකක් යනවා නේද බන්?
"මම ආයේමත් ඇඳේ අනික් පැත්තට හැරුණේ මුනිං අතට ඉඳලාම ශරීරාංග කීපයක් රිදුම් දෙන්න පටන් ගත් නිසාමයි .."
අනිවා, මාත් උදේ නැගිටින්නේ, ඔය අමාරුවට.. හික් හික්..
සේරම එක බෝට්ටුවේ හේ හේ...

එල කතාව, අර හැමෝම කියනවා වගේ උබටමයි වෙන්නේ නේද?

මේ blog එකේ template එක වෙනස් කරලා උබට single comment & reply දන විදිහට හදාගන්න බැරිද?
scroll කරලා පන යනවා..

හා පැටික්කි (MS) said...

මෙය අද ඊයේ සිදුවූවක්දැ????

ධනීත් මාර වැඩක් කරලා තියෙන්නේ......

Anonymous said...

boru kyanna oni na man ecchara blog kyawana eknke nemai ada tama meka dakke patta storya moko mata oya wage scen hugak wela thenawa grade7 8 9 ...mokada oya storya mage hethata waduna tak gala

Anonymous said...

/සොක් එක/
මේක lsයවල මට හිනාව නවත්තගන්ඩ බැරි වුනා... එක්කො මං මේ රස්සාව කරයි නැත්තං උඹ හින්ද ගෙදර යයි මලයො...

නදී said...

ඔව්ව ඔහොම තමා මල්ලි.

අන්න පොඩි එකා ඔරලෝසුවකුත් බැදලා,කමිස සාක්කුවේ එම් අකුරකුත් ගහල. :)

මහිම මදුරංග said...

මම ඇඳේ මුනිං අතට පෙරළිලා ධනංජනී ගැන හිතන්න ගත්තා .. ! උඩ අතට බුදියගෙන ඔවුවා හිතන්න බෑ නේ.. දන්නෝ දනිති !

එල කැල්ල නියමයි

ලකී සිරි said...

හැබැයි මට නම් හිතෙන්නෙ ධනන්ජනී උඹව බලන්න ආවොත් උඹගෙ ඔය සේරම අදහස් වෙනස් වෙලා ඔකඳ වෙලා යයි

චික්. මේකට තරහ කාරයෙක් ගැන මතක් වෙනකොටත් මුනින් අතට හැරෙන්න ඕනද ?...

වෙනද වගේම එළ ස්ටෝරි එකක් සඳරුවො...අම්මපා මේ සේරම උඹටමනෙ වෙන්නෙ

Dasun said...

උඹට වෙන්නෙ මාර දේවල් බං... උඹ කියන්න වගේ ඔය ධනීව අල්ලලා දාපන් බං..


"මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න ..අන්න එහෙමයි මම ධනීගෙන් පලි ගන්නේ ..!"

මේක තමා පලිගන්න හොදම විදිහ...

Unknown said...

ඔව්වා ඔහොම තමා..කෙල්ලන් විශ්වාස කිරීමට නොහැක..!!!
සිම්පල් තියරියකි

රාජ් said...

මම නං හිතන්නෙ පළිගන්න තරං වැරැද්දක් ධනංජනී කලාද කියලා.

Anonymous said...

niyamata liyala thiyenawa.Superb!

චතුර.... said...

"ගහපිය අනේ ඕකට.. ගහපිය ! අනේ ගහපිය .. . !”
පට්ටයි..

හැමදාම ඉතින් උඹට ඔකඳ වෙනවනේ.. හැබැයි ඉතින් හොඳම දේ හොයන්න ගිහින් අතට හම්බවුන හොඳම දේ නැති කර ගන්නත් එපා.. දෙපාරක් හිතපන්..

Ravi said...

/ මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න ..අන්න එහෙමයි මම ධනීගෙන් පලි ගන්නේ ..! /

පිස්සිද කොල්ලො,....උඹට ධනංජනී ගෙන් පළිගන්න තියෙන හොඳම ක්‍රමේ බං ඒකිව බැඳපං.......හෙහ්, හෙහ්, බඩුම තමා......

හසිත මදුශංක said...

"එදා මගේ අතට පුංචිම පුංචි වේවැල් පාර දෙකක් වැදුණා .. මට යන්තම්වත් රිදුන්නෑ ..ඒත් මට පුදුම විදිහට දුක හිතුණා .ඒ මම පන්තිය ඉස්සහරා ගුටි කාපු පළමු වතාව ..ධනංජනී බය වෙලා අඬන්න ගත්තා .. ඒක දැකලා මමත් ඇඬුවා . ඔන්න මම අඬාපු අවස්ථා වලින් මට මතක එක අවස්ථාවක් .."

සඳරුට ගහද්දි ඇයි ධනංජනී අඩන්නේ.......

ටීචර් එහෙම ඇහැව්වේ නැතෙයි?

Anonymous said...

මට පුංචි කාලේ පිරිමි යාලුවෝ තමයි ගොඩක් හිටියේ..මගේ හොදම යාලුවා උනේත් පිරිමි යාලුවෙක්..ඒ කාලේ වුන්නු යාලුවෝ දැන් එක එක තැන් වල ජොබ් කරනවා..ඉගන ගන්නවා..ඒ හැම දේම මට අද හීනයක් වගේ මතක වුනා..

මොනවා වුනත් ධනී වෙන කෙනෙක්ට අයිති වුනු දාට ඔයාගේ ඔය හිතට දුකක්නම් හිතෙයි....ඒක එහෙම තමයි...

ItalyDilan said...

හිතට එකග ගන්න පුලුවන් හොදම තීරනේ ගනින්..උබට දැන් කෙල්ලෙක් ඉන්නවා නේ

duliponline said...

//"මම ආයේමත් ඇඳේ අනික් පැත්තට හැරුණේ මුනිං අතට ඉඳලාම ශරීරාංග කීපයක් රිදුම් දෙන්න පටන් ගත් නිසාමයි .."//

ඇඳ බොක්කාව නොහොත් මෝල් මාන්දම . . . . ඉක්මනින් ප්‍රතිකාර නොකලොත් තත්වය වඩාත් බරපතල වෙන්න පුලුවං . . . . .

BLOG ගඩොල් said...

හපොයි! උඹටත් වෙන දේවල්. උඹ ධනංජනීගෙන් ඇහුවෙ නැද්ද අර සිද්දිය බුරියානි ටීචර්ට කිව්වෙ ඇයි කියලා?

ශානි said...

හප්පා............. ඔකඳ වෙන සීන් එක මෙයාට උප්පත්තියෙන්ම ඇවිත්ද මන්දා :D

Gayan Rupasinghe said...

හෆොයි මලේ.. මේ මොකක්ද මේ වෙන්න යන්නේ...

රස්තියාදු කාරය.. said...

@ඕනයා, අඩෝ එක ලෙඩක්ද? සිරාද?

සාගර said...

පට්ට කතාව සදරුවෝ, එලෙසටම ලියල තියනවා.

ඇයි බන් උඩ අතට බුදියගෙන ඔවුවා හිතන්න බැරි ?

වැප් said...

කියන්න දෙයක් නැහැ වෙනවා වගේම .... උබේ කතාව උපරිමෙන් රස වින්දා ...

හැබැයි ඔන්න පුතේ තව කතා දෙක්ක දාන්න ඔනේ .... තව දවස් 7 ක් ඇතුලත :DDDD

ඉන්දික said...

කතාවනම් මාරයි ආ!!
ඇත්ත කතාවක් කියවදදි ප්‍රබන්ධයකට වඩා පුදුම ළඟ බවක් දැනෙනව!

Gimhani said...

මමනම් ආසයි ඔයා ධනීව බදිනවනම්.. එතකොට ආදරේ කරන්නත්.. පලිගන්නත් දෙකම පුලුවන්නේ...

Kasun said...

කෙල්ලො ඔහොම තමයි බං, හිටීගමන් හිතන්නෙවත් නැති වැඩ කරනව.

හා පැටික්කි (MS) said...

ඇ සඳරු..... මං අද සඳරුගේ බ්ලොග් එකේ මඟ ඇරුණු සියළු ලිපි එක හුස්මට බැලුවා. හැබැයි එකකටවත් කොමෙන්ට් දැම්මේ නෑ ඕන් තරහා අවසර.

මං මේ තකහනියේ දුවන් ආවේ......

මේ සඳරු..... අම්මගෙන් අහලා බලන්නකෝ ඉපදුන දවසේ අල්ලපු ඇදේ හිටපු ගෑණු බබාව දැකලත් ඔකඳ උනාද කියලා ඔයා...... මට නම් සුවර් අම්මා කියයි ඇයි ඒ කෙල්ල දිහා බලන් උකුළු මුකුළු කොරේ සෑහෙන කාලෙක ඉඳන් දන්නවා වගේ කියලා..... හික්ස්......

කතන්දර Kathandara said...

1. ඔය අතරේ දවසක් ධනංජනීලෑ පන්තිභාර ටීචර් කවුරුත් නොහිතපු විදිහට ප්‍රසූත්‍ර නිවාඩු ගත්තා ..!

යකෝ අඩු ගානේ රීචර් ගේ මහත්තයාවත් දැනගෙන හිටියේ නැද්ද අම්මපා?

කතන්දර Kathandara said...

2. මට හිතාගන්න බැරි සඳරූ ගේ මේ කතාවේ හැටියට මේ විසි එක්වෙන ශතවර්ෂයේත් ළමයින්ට ගහන ටීචර් ලා ඉඳලා තියෙනවාය කියන එකයි.
සඳරු නමේ පන්තියේ හිටියේ 2004-05 වගේ ය කියලා හිතලායි මේ ලියන්නේ.

AUTOArena said...

ඕක තමා කියන්නෙ එකට හිටියත් බොක්ක වෙනස් කියලා.....

"මම ඇඳේ මුනිං අතට පෙරළිලා ධනංජනී ගැන හිතන්න ගත්තා .. !"
හැබැයි පුතෝ උලුක් උනොත් සොරි.com තමා....

Anonymous said...

ඔය කිව්වට අට වසරට කලිනුත් ඔකඳ වෙන්ඩ ඇති. අපි නොදන්න සඳරුවනෙ.
අර පින්තූරෙ ඉන්න ගෑනු දරුව උඔට කලින් දුවනවනෙ බන් උඔවත් ඇදගෙන.
අදත් කතාව උපරිමයි.
JH

Anonymous said...

හප්පද බොල.. ආයෙමත්.........
ප්‍රීතී බං ප්‍රීතී ! ධනී උඹට ආයෙම වැට මුල්ලෙ ඉඳල දිව දික් කරල ඇහැක් ගැහුවම බලන්න බැරිය ඔකඳ වෙලා යන අපූරුව.

ඒක නෙමෙයි, කොහෙද බං අර කෙල්ල උඹව ඇදං යන්නෙ ?

හිස් අහස said...

පූසා = හි.හි මුල්ම කමෙට් එක දුන්නට ස්තූතියි මචං
.............................................................................................................................
@පිණිබිඳු = ඔය අපේ මොන්ටි සෝරිය ඇරෙන වෙලාව ඔය ළමයි බලාන ඉන්නේ කැමරා කාරයා දිහා ..අපි දෙන්නා නම් දැක්කේ නෑ ෆොටෝ ගහනවා . අපේ තාත්තා තමා කැමරා මන් ව ගෙනල්ලා හොරෙන්ම මේක ගහලා තියෙන්නේ
.............................................................................................................................
@පිස්සු පූසා = ස්තූතියි පූසෝ ..උඹලටත් මේ වගේ දේවල් වෙලා ඇති මයෙ හිතේ ?
.............................................................................................................................
@Praසන්ன= ඔය මම තමයි බං උඹ අපේ දිහෑ ආවොත් පෙන්වන්නම් ඇල්බම් එක සේරම ..බොහොම ස්තූතියි නිතටම ඇවිදින් යනවට ඔයා බ්ලොගක් නොලියන්නේ මන්ද ?
.............................................................................................................................
@Gizaa = ඒකත් ඇත්ත මචං පෙරලුනු පිට හොඳයි .
.............................................................................................................................
@සාතන්= අපෝ මට නිකම් ලැබුනොතින් මිසක්ක දැන් බොන්නෑ බං මේ මාසෙටම බීපු දෙවනි වතාව ..
.............................................................................................................................
@රස්තියාදු කාරයා = අනේ ඔවුමයි බං ඒකාලේ කරාපුවා දැන් මතක් වෙද්දී එපා වෙනවා . උඹටත් තියේද ඔය අසනීපේ ඈ ? .. බලමු හොඳ ටෙම්පක් ලැබුනම දාමු
.............................................................................................................................
@හා පැටික්කි (MS) = මෙය ගිය ආත්මයේ සිදු විනැ .. නෑ නෑ හාවි මේක වෙලා නම් දැන් සති තුනකටත් වැඩියි ..
.............................................................................................................................
@Anonymous = අපි කාටත් සහෝ ළමා කාලේ අමතක කරන්න බෑ ඒකාලේ වෙච්ච පොඩි දෙයක් වුණත් අපේ හිත් වලට කා වැදිලා තියනවා .. කොහොම හරි එච්චරයි අපිට ගෙනියන්න ඉතිරිවෙන්නේ ..ස්තූතියි අදහසට
.............................................................................................................................
@hansakinkini= අනේ අක්කන්ඩි මම හිනා වෙන්ඩ දෙයක් කීවයෑ ..! මට වෙන දේවල් වලට ඔයාලට හිනාද
.............................................................................................................................
@නදී = කීවාමයි මතක් වුණේ. අක්කේ එදා අඟහරුවාදා දවසක් .. එම් කියන්නේ මන්ඩේ අපිට සතියට කමිස හතක් තිබුනා ..
.............................................................................................................................
@mahima = ඇත්ත ඇති සැටියෙන් කීවේ සහෝදරයා ..උඩ අතට බුදිහගෙන කෝමෙයි ගෑනු ළමයි ගැන හිතන්නේ ..හිකි හිකි
.............................................................................................................................
@Luckey = නෑ නෑ මචං අයියා ..අයේ ධනංජනී මාව බලන්න දිව්‍ය සලු පිලි පලඳගෙන ආවත් මම නෙවේ බලන්නේ ..මම ඊයෙත් ඒකිව දැක්කා ..තරහ කාරියක් නේ අයියේ මතක් කලේ ඒකනේ මුනිං හැරුනේ
.............................................................................................................................
@නිර්මල = මචං මම ඒකිව අල්ලලා දාලා ඉවරයි .. මම කෝමත් කෙල්ලෙකුට සාරීරික වද හිංසා කරන්න යන්නේ නෑ .. ඉමෝසනල් ගේමක් දෙන්නයි ඉන්නේ
.............................................................................................................................
@ChammA = ඇයි මේ අසරන කොල්ලන්ව මුං කන්න හදන්නේ නේද ?
.............................................................................................................................
@රාජ් = මම තමා වැරදි ..ඒත් මගේ හිත මහ ලැට් වලක් බං ..මට ඕක අමතක කරන්නම බෑ
.............................................................................................................................
@u4j10 = ස්තූතියි මිත්‍රයා
.............................................................................................................................
@චතුර = මම කියන්නං ධනීට ..උඹ ඒම කීවා කියලා

හිස් අහස said...

@Ravi = අපෝ බෑ ..මට ඒකි එපා එපා එපාමයි ..ඔයා කියන විදිහට ඒනම් තමා හොඳම ක්‍රමේ ..ඒත් දැං ඉන්න කෙනා ට මක්කයි වෙන්නේ ?
.............................................................................................................................
@හසිත මදුශංක = ඒ කාලේ ඔය සින්දුව ප්ලේ වුණේ නෑ මස්සිනා ..ටීචර් අපිට පස්සේ අවවාද කලා ආයේ මම ගහන්නෑ ඔයාල අඩන්නත් එපා .කීවා .
.............................................................................................................................
@අසනි = අනේ නෑ අසනි ධනීට ඕන කුදයක් ගහගන්න කියනවා මම ..ඇයි බං ඒකි ඉන්නේ දැන් ගෑනු කම නලලේ කොටාගෙන නෙව ..මම අතින් ඇද්දා කියලා ටීචර්ට කීව්වේ
.............................................................................................................................
@ItalyDilan =මම දැන් ඉන්න එකී එක්ක ඉන්නවා ධනීට ඩෙඟන්න කියනවා !! දැන් කෝමද ගිනි කන්දේ තතු ?
.............................................................................................................................
@ඕනයා = ඕක නේ මම උඹ කමෙන්ට් කරනවාට බය ! මම කමෙන්ට් ගොඩට යන්නේ උඹගේ කමෙන්ට් එකක් තියේද කියලා බයෙන් වෙවුලමින් ..මචං මොනාද ඔය ලෙඩේට ගන්න පුලුවන් ප්‍රතිකාර ..
.............................................................................................................................
@blog gadol= කෝමද බං රෙද්දක් ඇඳං ආන්නේ ? මම ඒක මතක් කරන්නවත් කැමති නෑ ..
.............................................................................................................................
@ශානු = ඒක ආවේ ආරෙන් ශානු
.............................................................................................................................
@Gayan Rupasinghe = වෙලා ඉවරයි අයියා ..
.............................................................................................................................
@සාගර = එතකොට මචං මම හිතනදේ වටේ ඉන්න අයට තේරෙනවා ..!
.............................................................................................................................
@වැප් = අනිවා කොහෙන් හරි ගේනවා තව කතා දෙකක් මට දවස් හතක් තියනවා නෙව ..ස්තූතියි බස් පියානනි
.............................................................................................................................
@ඉන්දික = මගේ කතාව කෙනෙක් රස වින්ඳා නම් මට ඒ ඇති මචං
.............................................................................................................................
@Gimhani = එතකොට ගිම්හානි අක්කේ තව හදක් දුකෙන් ..මටත් ඒකම කරන්න හිතෙනවා මොකද මගේ හිත එක තැනක නෑ නේ
.............................................................................................................................
@Kasun = ඒකෙන් තැලෙන්නේ අසරන කොලුවෝ තමයි නේද බං
.............................................................................................................................
කතන්දර = මගේ උපන්නේ 1989 ඔය සිද්දිය වුණේ 2002 විතර .. අයියා දන්නවද මගේ නංගි දැන් ඉන්නේ 11වසරේ එයාගේ පන්තියේ ළමයෙකුට දැන් මාස දෙකකට උඩදී සර් කෙනෙක් ගැහුවා ඉස්පිරිතාලේ නතරවෙන්නම ..ඔය ගහන ඒවා මෙහේ අදටත් නෝමල් ..කවුරුත් මොකුත් කියන්නේ නෑ ..
.............................................................................................................................
@-:සුදු කොල්ලා = හප්පට සිරි උලුක්කු වුනොත් කාට කියන්නද නේද බං ..ආයේ ඕක කරන්න හොඳ නෑ බයෙත් බෑ දැන් නම්
.............................................................................................................................
@JH = ඒ ක තමා කීන්නේ මුන්ට මගේ අතින් අල්ලන්න හොඳා මම ඇල්ලුවාම අල්ලලා ඇද්දාම තමා හොඳ නැත්තේ කාට කියන්නද අයියා මේ දුක
.............................................................................................................................
@nawammawatha = හපෝ නෑ මේ ඔකඳ වෙච්ච මුල් වතාව ..අනේ මතක නෑ බං ඒකි මාව කොහේ අදිනවද කියලා ..දැන් කොච්චර කල්ද

Sabith said...

මේක මං කලෙකින් කියවපු සිරාම ලව් ස්ටෝරිය සඳරුවෝ!

පැන්ඩා said...

අඩෙ සඳරුවා rss feed එකක් ආවම උඹ පොස්ට් එකක් ලියල කියල මේ දවස් වල එක්සැම් තිබ්බත් නොබල ඉන්න බැනෙ..පාඩම් කරන්න තව කොච්චර තිබ්බත් මෙක බලන එකත් ඒ තරම්ම වටිනව කියල මම දන්න නිසා මම ආවෙ මේක බලල යන්න ආවෙ, මටත් හිටිය නෙ ඔහොම යාලුවෙක් ඒ කාලෙ ඒකට නාන්න එකට බත් කන්න එකට ක්‍රිකැට් ගහන්න එකට ඉස්කොලෙ යන්න 5 වසර වෙනකං ඔක්කොම සෙල්ලම් එ කෙල්ල එක්ක..හිකිස්..ඒත් මම කොළඹ යැව්වාම ඒ සෙල්ලම් ඉවර වුනා..

Chanaka Aruna Munasinghe said...

ධනංජනී ඕනෙත් නෑ. සානිකා ඕනෙත් නෑ. උඹ වෙන කෙල්ලෙක් හොයා ගන්. උඹ වගේම දඟකාර අහිංසක එකියක්ව

Anonymous said...

මචෝ මේ තියෙන්නේ සාක්කිත් එක්ක, උබට මිස්ට පෙන්නන්න තිබ්බේ, මම ඇද්දේ මෙය තමා, පොඩි කලේ ඉදන් මව තැන තැන වලට අදින්නේ කියල..
හික් හික්.. මේ උබ සිරාවට ඒකිව කොහාටද ඇද්දේ..? හේ හේ.. දැනගන්නම නෙමෙයි, මත මේ මුනින් අතට ඉන්න ගමන් හික් හික්..

Podi Kumarihami said...

පේන විදියට ඔයාට ගැලපෙන්නේ ධනංජනී. ඔයා එයා හන්දා ගුටිකාලත් තියනවා. අඬලත් තියනවා. ඉතින් තවත් මොනවද?

ඔයාගේ හිතේ ඔය තරහව වගේ තියෙන්නේ ආදරේ. ඒක චුට්ටක්වත් තේරෙන්නේ නැද්ද?...:D

Bindi said...

අනේ ඔව් අලුත් ළමයට බුට් එක හෙම දෙන්නේ නැහැ ඔන්න

ඉන්දික උපශාන්ත said...

ඔය අතරේ දවසක් ධනංජනීලෑ පන්තිභාර ටීචර් කවුරුත් නොහිතපු විදිහට ප්‍රසූත්‍ර නිවාඩු ගත්තා ..!

ඇයි යකෝ බඩ පෙනුනෙ නැතෑ ඊට කලින් මොකෙක්ටවත්?

ඉන්දික උපශාන්ත said...

ඇතා මරාගත්ත නරි ටිකේ කතාව මතක් උනා!

ayesha said...

සමහරවිට හිත ඇතුලේ ඔයාටත් නොතේරෙන ආදරයක් ඇති ධනංජනී ගැන. ඒත් ඉතින් ඔයාට හුඟාක් ආදරේ කරන කෙනෙක් ඉන්නවනේ දැන්.

Anonymous said...

මට හොඳටම ෂුවර් උඹ කසාද බඳින දවසට ධනංජනී අඩනවා ගඟ පිරෙන්න... බොරු නම් බලපං...

networkdisa said...

අඩෝ සදරැවෝ...
ධනී මට සැට් කොරකෝ.....

Anonymous said...

සඳරු මල්ලි..

දැන් උඹට අර ඉන්නවනෙ... ආයි ඉතින් ධනංජනී තියා වෙන අංජනියක් ගැනවත් හිතන්න එපා..

හැබැයි ඒ පලිගන්න නෙමෙයි...

............

මෙන්න මේක කියවන හැමෝටම රසවත් ගීතයක්.." ධනංජනා.." ( ක්ලික් කර ගීතයට යන්න )

..............
@ කතන්දර

මගුලක් කතාකරනව...
ලංකාවෙ මාසෙකට සැරයක් විතර ගුරුවරු ගහල ලමයෙක් ඉස්පිරිතාලෙ ගෙනියපු නිවුස් එකක් ඇහෙනව අනිවා... සමහර විට කන්බෙර පැලිල..

සරත් ලංකාප්‍රිය said...

දෙන දෙයියෝ ගදරටම ගෙනත් දෙනවා වගේ සඳරුට හැමදාම.. ඔය වේලි වේලි ඉන්න කොල්ලන්ට මොකෙක්වත් නැහැනේ..

කැමීලියා said...

"මම දැන් ධනංජනීට කැමති නෑ ..! මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න ..අන්න එහෙමයි මම ධනීගෙන් පලි ගන්නේ ..!

පින්තුරේ අතට අරං මම ඇල්බම් එක වහලා දැම්මා ..!"

මේ ටික නම් සුපිරියි. වැඩියෙන්ම අපූරු මේ ගලා හැලෙන්නේ කතාවකට වඩා ඔයාගේ ජීවිතේ නිසා. ඔයා ලියන ඉට්ටයිල් එක නම් නියමයි සඳරු. දුක හිතෙන සිද්ධියක් නේද? තාම අකුරක් නෑර මතක හැටි. ඒත් දැන් ඕවා අමතක කරලා දාන්න.
ඔය ඉන්න මතයේ ජීවිතේ සතු‍ට හොයාගෙන අනන්තයටම යන්න ඔය දෙන්නට හැකියාව ලැබේවි..

මකුළුවා..... said...

කෙල්ලෝ.........

පුරවන්න අමාරු හිස්තැනක් බං.....

හිස් අහස said...

Sabith = ස්තූතියි මචං
.............................................................................................................................
@පැන්ඩා = විභාග දාලා බ්ලොග් බලන්ඩ එපා පැන්ඩෝ පාස් වෙයං විභාගේ උඹලා උපාධිය අරං රටේ මුල් පුටුවකට ආවම අපිට නෙව සෙතේ .. "අනේ බුදු පැන්ඩා සෑර් මට මේකට අස්සන් කරලා දෙන්න" කියලා මට එතකොට නැවී ගෙන එන්න වෙයි එතකොට නේද ?
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = යුරේකා යුරේකා ...!!
.............................................................................................................................
@Anonymous = මචෝ මම ඒකිව ඇදලා ගත්තේ මගේ ලඟට පමනි .. ඔය වයසේ කෙල්ලක්ව එහේ මෙහේ අදින්න හිතුවත් මට හෙන ගහයි බං !
.............................................................................................................................
@Podi Kumarihami= ඒක ආදරේදැයි ? එතකොට මම මේ දැන් කරන එක මොකද්ද බොලේ ? අක්කන්ඩි ඔයා මගේ දෑස පෑදුවාද , නැත්තම් පෑගුවාද ..? සෑහෙන්න ....ඕන ප්‍රශ්නයක් !
.............................................................................................................................
@බින්දි = බූට් අපි නම් එවුවා දන්නෙත් නෑ ..මොකද්ද අක්කේ බූට් කියන්නේ මම හිතාගෙන හිටියේ පරිගණකය ඔන් වෙනවා වෙනුවට කියන නම බූට් කියලා .. :)
.............................................................................................................................
@ඉන්දික උප ශාන්ත = පොතේ පතේ ඇලී ගැලී හිටපු නිසාම අපි බඩ දිහා බැලුවේ නෑ නෙව ! ඇතා මරාපු කතාව කියහංකෝ බං මම ඒක දන්නෑ ..
.............................................................................................................................
@ayesha = පමා වැඩියි යාළු දැන් ධනී පමා වැඩියි ..
.............................................................................................................................
@prasanna86k = ඒකි බඳින්න තත්පරයකට කලින් හරි මම කසාද බඳිනවා එහෙනම් ..!
.............................................................................................................................
@Networkදිසා = අඩෝ බෑ ! උඹ ඒකිව බැඳොත් එහෙම මට යන එන මං නෑ !
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = එදා අර සිදුවීමෙන් පස්සේ මම ආයේ ධනංජනී එක්ක ඉස්කෝලේ ඇතුලේදී කතා කලෙත් නෑ . මම අනික් කෙල්ලෝ ඒක්ක එයා ඉස්සරහා නියමෙට විහිලු කරලා කතා බහ කලා එයා කතාවට එනකොට මම කකතාව නැවැත්තුවා ..මම එයාට නියම දුකක් දුන්නා ..
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = මේ දවස් වල මට සිකුරා ලබා ඇත අයියන්ඩි ..
.............................................................................................................................
@කැමීලියා = ස්තූතියි සහෝදරී පොඩි කාලේ වෙන සමහර සිදුවීම අපිට කවදාවත් අමතක කරන්න බෑ . ඔයාටත් මටත් කාට වුණත් එහෙමයි .මටත් මේ සිදුවීමේ අමතක වෙච්ච තැන් නම් බොහොමයි ..ස්තූතියි අදහසක් දුන්නට
.............................................................................................................................
@මකුළුවා = සහතික ඇත්ත මචං ඇතුවත් බෑ නැතුවත් බෑ

කියවන්නෙක් පමණී said...

@නදී = කීවාමයි මතක් වුණේ. අක්කේ එදා අඟහරුවාදා දවසක් .. එම් කියන්නේ මන්ඩේ අපිට සතියට කමිස හතක් තිබුනා ..
.............................

මටනම් පේන්නේ එම් කියන්නේ මොන්ගල් හු.......හු..... අගහරැවාදා එම් වුනේ කො‍හොමද දන්නේ නෑ.. ඉංගිරිසි වලින් වරිගෙ නහගත්ත කථාව පේපර් එකට සිංහලෙන් උත්තර ලියපුවා ඇත්තම වගේ

හිස් අහස said...

@කියවන්නෙක් පමණී = ඔවුවා මොනාද බං .. කාටත් වැරදි වෙනවානේ .. ඕක ටයිපිං මිස්ටේක් එකක් .. ඇත්තටම මට හිතෙන්නේ සන්ඩේ කියන්නේ සඳුදා කියලා ..! ඒකයි මේ හැමදේකටම මුල . මිනිහෙක්ට වැරදුනාම ඇයි බං හූ කියන්නේ ? කමිස පහක් ලෙස නිවැරදි විය යුතුය ..

මැරා... said...

අඩො අද විභගය නිසා බලන්න පරක්කුවුනා....මේ උබට එ කෙල්ලව ඇයි මැද පොල්ලේ තියා ගත්තේ ලැගිජ් එකේ තිය ගන්න තිබුනනේ......මේ අර කොස් ගහේ හොල්මන් කතාව ඉක්මනටම දපන්....උබ ඔය කියපු කෙල්ලව බදින දවසට අපිටත් කියපන් මොන ලොකෙ ඉදල හරි අපිත් එනව ධනීගේ ඊරිසියා මුණ දකින්න..එල එල ජය වේවා....!

කිඩෝ said...

ලොල්ය මේකා කෙල්ලෙක් දැකලා ඔකද නොවී ඉදලා නෑ වගේ :P
අහ් මේ පලි ගැනීම කිව්වේ දනංජනීව බදින එකද බන්ස්... බලනකොට ඒකත් එක අතකට පලි ගැනීමක් තමා උබ කෙල්ලෙක් දකින දකින පාරට ඔකද වෙන ලෙඩේට ඒකි බෙහෙත් කරන්නත් එපැයි :P (ඕකනං හොද වෙන ලෙඩක් නෙවේ)

සිතුවිලි නිහඬයි said...

ඔයා ලියන විදියනම් නියමයි සඳරු...ඒ වගේම කතාවත්....අර අන්තිමට කියපු වචන ටික තමයි ගොඩක්ම වැදගත්...."මම දැන් ධනංජනීට කැමති නෑ ..! මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න.."
ඔයාගේ ආදරෙත් එක්ක සතුටින් ඉන්න පරණ ඒවා අමතක කරලා....

geeth said...

අපෝ කෙල්ලන්ගේ කොන්ඩෙ ගාවගන්න එපා... අමුතු ලෙඩක් හැදෙනවා නහයෙ ගෑවුනාම...

මාධව විදුරංග said...

katha karala wadak naa bn! hate wenna epa! :) eeki karapu dee amathaka karapan! :) eeki kawadahari dana ganiwi uba kochchara hoda ekekda kiyala!! nice story!

පන්සල් හංදිය said...

අල්ලලා දාපං මල්ලි පරණ තරහවල් .......

ඔය වගේම නොවුනත් මටත් ඔය වගේ ආදර සිතුවිල්ලක් ඇති වෙලා තියනවා පොඩි කාලේ .....

"මම එහෙම හිතලා සතුටු වුණා ඇත්තටම එදා මගේ හිත ඇතුළේ ඇඳුණු ඒ හැඟීම පොඩි කොල්ලෙක්ට කෙල්ලෙක්ව නිතර දැක්කාම දැනෙන ආකර්ෂණය බව තේරුම් ගන්න තරම් මගේ මනස මෝරලා තිබුණේ නෑ !"

මට අදටත් හිතා ගන්න බැහැ ඒ මට ඇති වෙච්ච හැඟීම ආදරේමද නැත්නම් ඔය සඳරු කියනවා වගේ දෙයක්ද කියලා ......

පන්සල් හංදිය said...

@රස්තියාදු කාරය..,
single comment & reply හදා ගන්න ලේසි ක්‍රමයක් තියනවා නම් කියන්න පුලුවන්ද, හබැයි මගේ පරණ කමෙන්ට් එහෙමත් තියාගෙන කරන්න පුලුවන් වෙන්න ඕන .......

Deeps said...

වෙනදා වගේම රසවත් කතාවක්. මම නම් වැඩියෙන්ම කැමති ඉවර වෙන විදියට. දුක් වෙවී ඉන්නේ නැතිව ඉස්සරහට යන්න ඕනේ..

duliponline said...

@රස්තියාදු කාරය...:
ඔව් . . එක්තරා ආකාරයක ලෙඩක් තමා

@සඳරු:
පින්නෙ ඇවිදින්න එපා, ගොම්මනේ තනියම දොට්ට පිලට යන්න එපා, හඳ දිහා කෙලිං බලන්න එපා, පුලුවං තරං අලුකෙහෙල් වගේ ජාති කෑමට එකතුකරගනින්
ඔක්කොටොම වඩා . . . පුලුවං ඉක්මනට කසාදයක් කරගනිං . . . ඒක තමයි හොඳම බේත

පොත් ගුල්ලා said...

අද කතාවත් හුඟක් හොඳයි.
මොනව උනත් පළිගැනීමේ අදහස හිතින් අත් හැර ගන්න. ඔය ආපු ප්‍රපෝසල් එක රිජෙක් කරපු එකම ඇති. දැනටත් ධනන්ජනීගේ හිත රිදිලා ඇති. ඔයා වෙන කෙල්ලෙක්ව බඳින්න ඕනේ ඒ කෙල්ලට තියෙන ආදරේට මිසක් ධනන්ජනීගෙන් පලිගන්ඩ නෙමෙයිනෙ.

දිනුක said...

ගෑනු තමයි බං ගෑනු.උං ඔහොම විකාර විදිහට හැසිරෙන්නෙ ඇයි කියලා මම හිතන්නෙ උන්වත් දන්නෙ නෑ.වැඩේ ඉතිං එකක් දෙකක් වෙනකොට පාඩමක් ඉගෙන ගන්නැති උඹටත් ගහන්න ඕනෙ මඩු වල්ගෙන්ම තමයි.හඃ හඃ හා

Anonymous said...

නිදාගන්න ඔන්න මෙන්න කියල තියෙද්දියි මේ පැත්තේ ආවේ. ආවගමන් දැක්කේ මේ පොස්ට් ඒක. පස්සේ වෙලාවක එන්නම් වැඩිදුර කියවන්න. දැන් නිදිමතයි

Observer said...

කතාවය්, කොමෙන්ට් ඔක්කොමය් කියෙව්ව, නියමය්.

අනේ මන්ද උඹේ බීම නං මගේ හිතට චුට්ටක් වද දෙනව.
(මාත් අඩියක් නොගහන කෙනෙක් නෙමේ)

සිත් අහස said...

අනේ මන්දා... අපරාදේ එදා අතින් ඇල්ලුවේ.. එහෙම නොවුනා නම් සඳරු ගුටි කන්නෙත් නෑ නේ,.. පොඩි කාලේ පොටෝ එක නම් මරු හැබැයි.. ඔය කෙල්ල කසාද බැන්දොත් සඳරුට කොහොමත් වෙන්නේ පස්සෙන්ම දුවන්න තමයි. ඒ නිසා ඇත්ත දැනගත්ත එක ගැන සතුටු වෙන්න, ඔයා පලි ගන්න හැදුවට ඒක ධනංජනීට ඒක වගක්වත් වෙයිද?

Observer said...

සඳරුවො, කෝ බන් මගේ කොමෙන්ට් එක?

පැණි දොඩම් said...

නෑ බං ඒකිට හොඳටම ලැජ්ජ හිතෙන්න ඇති.. ඒකයි එකපාරටද දුවං ගිහින් ටීචර්ට කියන්න ඇත්තෙ.
පළිගන්න වැඩේ අතෑරල දාපං....

ලකී සිරි said...

මට ඇත්තටම මේ ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි..
එදා සඳරුවා ඔය කෙල්ලගෙ අතින් ඇද්ද එක ටීචර්ට නොකිව්වනම් මූ පහුවදාට තව මොකක් හරි අදිනවා..අන්තිමේ ඔය ඇදිල්ල කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ..මොනව වුනත් ඒ ගැණු දැරිවි මේකව යහ මගට ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් තමයි ඕක කරන්න ඇත්තෙ...

එහෙම නොකල නම් අපට අද සඳරුවෙක් නැහැ...මොනව වුනත් ධනංජනී කියන්නෙ බ්ලොග් අවකාශේ ගෞරවයට පාත්‍ර විය යුතු හැදිච්ච කෙල්ලෙක්..

ඇහුනා නේද සඳරුවො.........මට මේකට උත්තර ඕනමයි.

හිස් අහස said...

Luckey = ඒම කියන්න එපා ලොකු අයියා !! මම පවු නැද්ද ? අච්චර ළමයි ඉස්සරා ඒකි මට ගැස්සෙවුවා . මට ඇඬෙන්නම ආවා බං මම කාගෙන හිටියා . බලහං මම ඒකිට බොක්ක දීලා හිටපු වෙලාවේ ඒකි මට දීපු ගින්න මම මචං අනිත් හැම කෙල්ලත් එක්කම වාගේ විහිලු කරලා තියනවා උන් මට මොකුත් කියලා නෑ කවදාවත්.. බලහං ඒකි මගේ අතින් ඇදං දුවන හැටි මට තමා හොඳ නැත්තේ ..

හිස් අහස said...

උඩ අයට තැන්කුයි කීවා !!!

සංකල්ප said...

මොනවා උනත් මල්ලිගේ හිතේ ආදරයක් ධනංජනීට තියෙන පාටයි. නැත්නම් කොහොමද එකපාරටම වෛරයක් අති වෙන්නේ.

මල්ලි ධනීව බන්දා නම් මාත් සතුටු වෙනවා. අපට කේක් කෑල්ලක් කන්න ඇහැකි.

පිස්සා පලාමල්ල said...

යකෝ හිස් අහසකිව්වට බන් මේකේ මේ වෙද්දි කෙල්ලො කී දෙනෙක් ගැන කෙටුවද බන්... මට නම් මතක හැටියට 8 - 10 ක් වෙන්න ඕනි... පිංචි සරුත් නිකන් ඉදල නෑ...

ගුරුවරු ප්‍රසූත නිවාඩු ගැනිල්ල නම්... හපොයි හික් හික් හික්.... ඒ කාලේ අපේ ස්කෝලෙ උන්නා එන්ගිලිස්ද මන්ද ඒ මිස් හැම අවුරුද්දෙම බඩින්.

ඇත්තම කියහන් ඇයි උබ ඒකීගෙ අතින් ඇද්දෙ එක පාර... ? උබ ඇහුවෙ නැද්ද ඒකිගෙන් ඇයි ටීචට කිව්වෙ කියල ??

Anonymous said...

අඩෝ උබේ හිතේ ඇත්තටම ආදරයක් තිබ්බනම් කවදාවත් උබ ඔය ගුටි කාපු එකට වෙර කරන්නැ.....උබ පටු විදිහට හිතලා තියෙන්නේ බන්....(මේ මට තේරුන විදිහ...මම වැරදිනම් සොරි බන්)
anyway gudluck :)

චතුවා said...

පිස්සු හැදිලා ආයි හැදෙනවානෙ බොල.. :D මොට්ටිසෝලියේ ඉදලා හය වසරට විතර වෙනකන් මටත් හිටියා ඔහොම ෆිට් එකක්.. අදටත් අපේ අක්කලා එහෙම මට විහිලු කරනවා ඒකි ගැන කිය කියා.. ඒත් පාරෙදී දැක්කාම ඒකිත් අහක බලාගන්නවා.. මමත් අහක බලාගන්නවා.. :D :D

Hishan de Silva said...

බ්ලොග් අවකාසෙ පළවෙනි proposal එකද?

said...

පලිගන්න හොඳම විදිහ බැඳපන් බන් ඔය කෙල්ලව :-D

Anonymous said...

danenna liyala tiynawa.... keep it up brother.....

rachi said...

Anonymous උඹ කාටවත් ආදරේ කරලා නැද්ද බන්. ආදරේ කරන කෙනා පොඩිම පොඩි දෙයක් කරත් හදවත පසාරු කරගෙන යනවා. අඩුම ගානේ පොඩිම පොඩි බොරුවක් කිව්වත් ඒක මහමේරු පරුවතෙටත් වඩා ලොකුවට දැනෙනවා.

එහෙම බලනකොට මේක ගොඩක් ලොකු දෙයක්.

මොලෙන් බලනවා කියන්නෙයි හදවතින් බලනවා කියන්නෙයි 2 ක්.

සඳරු හිටපු තැන මම හිටියා නම් මමත් ඔය දේම තමා කරන්නේ. එහෙම කරන්නේ පටු විදිහට හිතන හින්දා නෙවෙයි. ආදරේ වැඩි කමට. ආදරේ කරන කෙනා දෙන දුක දරාගන්න බැරි කමට. එහෙම උනාම හදවත බිඳෙනවා. ඒක ආයේ එකතු කරන්න ගොඩාක් අමාරුයි.ඒක කාටවත් පෙන්නේ නෑ. ආදරේ කරපු කෙනෙකුට දැනෙන දෙයක් විතරයි. එත් කෙල්ලට නම් ගොඩක් දුක ඇති.
Anonymous මම තරහට කියන දෙයක් නෙවෙයි හදවතින් කියන දෙයක්....

Charith Samarakoon said...

උඹටමයි වෙන්නෙ නේ... කතාවනම් මල් හතයි... උඩුබැලි කතාව ඔක්කොටම වඩා රසයි... :)
මේ හැබෑටම ධනීට ඔච්චරම වෛර කරන්න හේතුව මොකක්ද? එක්කො පරණ මගුල් මොකටද... දැන් ඒවා ඉවරයිනෙ... එල කතාව...

Anonymous said...

දන්නෙ නැති හින්දා අහන්නෙ ඔකඳ වෙනවා කියන්නෙ මොකක්ද?
තේරුම දන්නෙ නැති උනාට වතාවක් දෙවතාවක් මාත් ඔකඳ වෙලා තියෙනවා ඕං

Admin said...

elama ela kathawak

ටීම් ට්‍රැවලර්ස් said...

Well Said සඳරුවා..
උඹේ අර ප්‍රියම්බිකාව ගේන දවස ආවාම මම හැමදාම උඹට මේල් කරන මගේ ඊමේල් එකට පොඩි මේල් එකක් දාපං. ලංකාවේ කොහේ උනත් මම උඹේ මඟුලට එනවාමයි.

නවෝ!

සුදු නෝනා said...

adoz patta kathawa...akigen pali ganna epa bro

Post a Comment

තැන්කූ බං