24.10.11

ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව

  http://www.ticketslk.com/movies/217/show_movie

ම මීට දින කීපයකට උඩදී අපේ එහා ගමේ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරපු ගාමනී චිත්‍රපටිය බැලුවා .ඒත් ඒ චිත්‍රපටිය තුළ තිබුණේ මගේ ගමට හුඟක්ම සමාන පරිසරයක් විතරයි . චිත්‍රපටියේ පළමු විනාඩි විස්ස නම් සියේට සීයක්ම ඇත්ත සිදුවීමක්. ඒත් අනික් ටික කතාවක්ම විතරයි .

. අම්පාර ගෝනගල ගමේ සිද්ධ වේච්චි ඔය අහස පොළව නුහුලන සිදුවීම ඇතුළේ තරමක් වෙනස් ආදර කතාවකුත් තිබුණා . ඒක දන්නේ එදා ඉඳලම මේ පළාතේ ජීවිතේ ගෙවපු අපි විතරමයි ..මම කැමතියි ඒ කතාවත් බ්ලොග් අවකාසේ ඔබත් එක්ක බෙදා ගන්න . කියවලාම බලන්න ..

අපේ ගමේ සුරවීර අයියට කොයි කවුරුත් වගේ ඔළුව නැමුවා .ගමේ පොඩි කොල්ලා ඉඳලා පොලීසියේ ඔවයිසී මහත්තයා පවා සුරවීර ලඟදි ඔළුව නැමුවා .ඒත් ඒ සුරවීර කෝටිපතියෙක්වත් , බල පුළුවංකාර දේශපාලකයෙක්වත් , මැරයෙක්වත් නම් නෙවෙයි . සුරවීර කරණවෑමියෙක්. ඔවු කොණ්ඩේ කපන බාබර් කෙනෙක් . ඉතින් ගමේ ඕනම ලොකු ඔළුවක් සුරවීර ඉදිරියේදී නිකම්ම නැවුණා .

ගමට කොණ්ඩේ කපන ඈයෝ කීප දෙනෙක් හිටියත් සුරවීර තමයි හැමෝගෙම හිත් දිනාගෙන හිටියේ .වයස අවු 27ක විතර කොල්ලා වෙච්චි නිසාම අද කාලේට ඔබින රැවුල් කොණ්ඩ විලාසිතා ගැන සුරවීර හොඳට දැනං හිටියා .ඒකයි අපේ ගමේ වයසක උදවිය පවා රැවුල් , කොණ්ඩා කපන වැඩ වලට සුරවීරවම හොයාගෙන ගියේ .

නුවර ,කොළඹ කොණ්ඩ විලාසිතා ගමට එන්නේ මාස හතක් අටක් විතර ගිහිං අවුට් ඔප් පැසන් බවට පත් වුණාට පස්සේ . ඒ වුණාට ඒ අලුත් විලාසිතා වැලඳගන්න ගමේ කොල්ලෝ පුදුම ආසයි . අද කාලේ ගම්වල වුණත් ඉන්නේ ඉස්සර වගේ කොණ්ඩේ මැදින් බෙදාපු තෙල් ගාපු දියාරු කොල්ලෝ නෙවෙයි .අතට, පයට, නාහෙට, දිවට,බුරියට මුදු දාගනිපු, කොණ්ඩේ මැක්සා වෙන්න හදාගනිපු නළුවෝ වගේ ඩයල් අද ගම් වලත් ඉන්නවා .! ඉතින් ඔය කොයි කාටත් සුරවීර අයියව නැතුවම බෑ .! සුරවීර ගේ සැලුන් එක සතියක් එක දිගට වහලා තිබ්බත් , හිපියෙකුගේ තරමට කොණ්ඩේ වැවුණත් ගමේ අය වෙන සැලුන් එකක් හොයාගෙන නොයන්න හේතුව ඒකයි .

මාස හතරකට විතර උඩදී දවසක මමත් සුරවීර අයියව හමුවෙන්න ගියේ වැවිච්ච කොණ්ඩේ රැවුල අඩු කරගෙන මනුස්සයෙක් වෙන්න හිතාගෙන.

පනාවත් කතුරත් අතර එකට තෙරපෙන කොණ්ඩ ගස් මගෙ ඇඟවටේ එතිලා තිබුණු සුදු රෙද්ද උඩට වැටෙන අතරතුරේදී මගෙ කලිසම් සාක්කුවේ තිබුණු ෆෝන් එකට කෙටි පණිවිඩ ගලාන එන්න ගත්තා .

එයා එවන කෙටි පනිඩ එකකට හරි උත්තර නොබැන්ඳොත් නාහෙන් ඇඬිල්ලකට මට ඉදිරි දවස් කීපයේදීම මුහුණ දෙන්න වෙන බව මම අත්දැකීමෙන් දන්නවා . ඉතින් තැන නොතැන නොහිතා ඇඟ වටේ පටලැවිලා තිබුණු සුදු රෙද්ද උස්සලා ෆෝන් එකෙන් එස් එම් එස් කොටන්න මමත් පටන්ගත්තා .. මොහොතකින් සුරවීර ගේ මල පැනපු මූණ මට ඉදිරියෙන් තිබුණු පැහැදිලි කණ්ණාඩියෙන් මම දැක්කා ..

"මොනාද බං රෙද්ද උස්සගෙන එස් එම් එස් ගහන්නේ !! හරි එහෙනම් උඹ ඔය වැඩේ ඉවර කරලා මට කියපං මම එතකොට එන්නම්.. සුරවීර කතුරයි පනාවයි මේසේ උඩ දමලා ගැහුවා !

"නෑ නෑ බං හරි හරි මේ නැවැත්තුවා උඹ මේ කොණ්ඩේ අඩු කරපං !

මම ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවේ දාගත්තේ සුරවීර මගේ කොණ්ඩේ කැතට කපාදාවි කියන බය හිතට දැනිච්චි නිසාමයි .

"කෙල්ලන්ට ඔච්චර බය වෙලා බෑ මල්ලී .!

සුරවීර එහෙම කීවේ අයෙමත් පනාවයි කතුරයි මගේ කෙස් උඩ හෙමිහිට ගෙනියන ගමන් .

"බය නෑ බං ඒත් ආයේ හම්බ වුණාම ඇයි එස් එම් එස් නොකළේ කිය කිය කෙල්ල නාහෙන් අඬන එක මට දිරවන්නෑ . උඹ නම් ඒ කාලේ ලවු කරේ නැතුව ඇති උඹ කෙල්ල ඉස්සරහා පොර වෙන්නැති අනෙ පල බං යන්න !!!”.

"මල්ලී උඹ මගේ ලවු එක ගැන නොදැනයි ඔය කතා කරන්නේ ! . මට වුණා වගේ දෙයක් උඹලා කිසිම කෙනෙකුට වෙලා නැතුව ඇති .

සුරවීර මගේ ඔළුවට "පටස්" ගාලා පාරක් ගහන ගමන් කීවා . පාර රිදෙන්න වැදුණත් එකට ඉන්න යාළුවා නිසා මගේ තුන් හිතකවත් වෛරයක් තරහවක් නම් ඉපදුණේ නෑ . ඔය අතරේ මට හොඳටම තේරුණා සුරවීර මේ අර අදින්නේ ලොකු කතාවකට කියලා. ඒත් එක්කම මම බය වුණා මුගේ කතාව අහං ඉඳලා මට මේ කොණ්ඩේ කපන පුටුව උඩ නින්ද යාවිද කියලත් .

"ඉතින් කියහංකෝ බලන්න මොකද වුණේ කියලා . අපිටත් දැනගන්න උඹගේ රාජකීය පෙම් කතාව !

මමත් යට පැත්තෙන් යන්තමින් හිනා වෙන ගමන් නක්කලේට වගේ සුරවීරට එහෙම කීවා .මගේ නළලට වැටිච්ච කෙස් කොට ඉස්පන්චි කෑල්ලකින් පිහලා දාලා සුරවීර කතාව පටන්ගත්තා.

ඒක දිග කතාවක් !!.

සුරවීර එදා ඒ කීව කතාව මම කිසිම අඩු වැඩියක් නැතුව ලියන්නම් . මේක තවත් එක බූට් කතාවක් නම් නෙවේ . හුඟක්ම වෙනස් ආදර කතාවක් ..! එදා සුරවීරගේ කටින් ගිය වචන අද මට මතක හැටියට මම අමුණන්නම් ..!

"ඒ සිද්ධිය වුණේ 1999 යේ ! උඹලා ඒ දවස් වල පොඩි එවුං මම නම් එතකොට දහය වසරේ ඉගන ගන්න කාලේ. මම හිටියේ ගෝනගල ගමේ කුරුණෑගල බන්ටෙකේ ..

ඔන්න ඔය වචන කීපය සුරවීර අයියගේ කටින් පිට වුණා විතරයි මගෙ මූණෙ තිබුණු හිනාව අතුරුදහන් වුණා ඒ එක්කම මේ කියන්න යන කතාවේ අවසානයට වෙන්නේ මොකක්ද කියලත් මම තේරුම්ගත්තා .අපේ අල්ලපු ගමේ තිබුණු කුරුණෑගල බන්ටෙක කියලා හඳුන්වාපු කොළණියේ අයට 1999 කාලේදී වෙච්ච අවාසනාවන්ත සිදුවීම මම මගේ කන්දෙක පිරෙන්න අහලා තියනවා ඒ වගේම දැකලත් තියනවා . ඉතින් ඒ කාලකණ්ණි හැඟීමත් එක්ක ලෙයින් තෙත් වෙච්ච ආදර කතාවකට සූදානමින් මම සුරවීරගේ කතාවට ඇහුංකන් දුන්නා .

"උඹ දන්නවානෙ මල්ලි ! ඒ දවස් වල අපේ ගමේ තිබුණ නීතිය . කෙල්ලෙක් නම් ගාමන්ට් යන්න ඕන කොල්ලෙක් නම් ආමි යන්න ඕන එහෙම නැත්තං කුඹුරට බහින්න ඕන. ඉතින් බං ඔන්න ඔය හේතුව නිසා අපේ පවුලේ අයියලා දෙන්නම ඉස්කෝලේ ගියේ නෑ. මමයි නංඟියි විතරයි ඉස්කෝලේ ගියේ .මම ගියේ අහවල් ඉස්කෝලෙට . ඉස්කෝලේ යන එකත් මම ඒතරම් ආසාවෙන් කල දෙයක් නෙවේ .සමහර දාට හරක් බඳින්න යනවා, සමහර දාට කුඹුරු වැඩ, තව දවසකට කම්මැලියි . ඉතින් මම ඉස්කෝලේ ගියෙත් නිකම් අවාරෙට පොල් වැටෙනවා වාගේ . අනික ගම වටේම හිටියේ කොටි ! ඉතින් මිනිහෙක් එළියටවත් බහින්න බයයි . ඕවා අස්සේ කෝමද ඉස්කෝලේ යන්නේ ?

බොහොම හෙමින් කොණ්ඩේ කපමින් යන අතරෙම සුරවීර කතාව කියනවා . මමත් පිටි පස්ස හැරිලා බලන්න බැරි නිසා ඉස්සරහා තියන කණ්ණාඩියෙන් ඉඳලා හිටලා සුරවීරගේ මූණ දිහා බලනවා .

"ඒකිගේ නම මාලනී එතකොට ඒකි හිටියේ අට වසර පන්තියේ !

ඒ ටික කියද්දී සුරවීරගේ මූණේ අමුතු එළියක් වැටුණා .ඉතින් සුරවීර තමන්ගේ පළමු පෙම්වතියගේ නම ඔන්න ඔය විදිහට මට එළි කළා .

"මාලනී අපේ ඉස්කෝලේ එක වසරෙන් ඉස්කෝලෙට බාර දුන්නු දවසේ පටන්ම මම ඒකිව නිතරම දැක්කා .මාලනීලගේ ගෙවල් තිබුණෙත් කුරුණෑගල බන්ටෙකේ මුලටම වෙන්න . මම පොඩ් කාලේ ඉඳන්ම ඒකිව නිතර දැකලා එහෙම තිබුණට වැඩිය කතා බහ කරලා නම් තිබුණේ නෑ . මුලදී මට එහෙම කතා කරන්න උවමනාවක් තිබුණෙත් නෑ. මොකද ඒකි මට වැඩිය අවුරුදු දෙකක් විතර බාලයි මල්ලි . අනික මාලනී ඒතරම් ඇඟපත තිබුණු මහත කෙල්ලෙකුත් නෙවෙයි බොහොම චූටි ළපටි කෙල්ලෙක් ..‍‍

මම ආයෙමත් වතාවක් කණ්ණාඩියෙන් පේන සුරවීරගේ මූණ දිහා බැලුවා. සුරේ අදටත් හොඳ කඩවසම් හාදයා . වයස අවු 15 දී 17 දී ඌ බොහොම ලස්සන කොල්ලෙක් වෙන්නැති ! ඉතින් උගේ හිත ගන්න සමත් වුණු මාලනීත් කැත කෙල්ලක් වෙන්න බෑ ! ඒකිත් අපේ පළාතටම ආවේණික ලස්සනින් සම්පූර්ණ කෙල්ලෙක් වෙන්නැති ..!

"පොඩි කාලේ ඉඳලා එක දිගට ඒකිව දැක්කට මට ඒකි ගැන යන්තමටවත් කැක්කුමක් හිතට ආවේ නෑ බං . ඒත් දවසක් දා මම නොහිතපු විදිහට ඒ කෙල්ල මගේ හිතට බරක් වුණා .

ටිකක් වෙලා නිහඬව හිටපු සුරවීර ආයෙමත් කතාව පටන්ගත්තා . සමහර විට එක දිගටම කතාව කියාගෙන යන කොට හරියට ඉවසීමෙන් කොණ්ඩේ කපන්න බැරිව ඇති !. නැත්නම් මේ කතාව කියන එක සුරවීරට දුකක් වෙන්නැති . !

"ඒ දවස් වල අපේ ඉස්කෝලේ ඔය ගොම එහෙම එකතු කරලා කොම්පෝස් පොහොර හදන වැඩසටහනක් ගියා උඹට මතක ඇති .?

"හ්ම් ඔවු ඔවු මට මතකයි බං !

"ඕකෙදි ඉතින් උණේ පන්ති වල කොල්ලෝ කෙල්ලෝ සේරම මහ දවාලේ එළියට දාලා උදලු, මුල්ලු, රේක්ක දීලා ඉගැන්වීම් පැත්තක දාලා පොහොර හදවාපු එක. ඒ දවස් වල ඉතින් ගුරුවරුන්ටත් අයිස් ගහන්න තියේනම් වෙන මොනාද ඉතින් ?. එයාලා පැත්තටවත් එන්නෑ.! ළමයි ටික උදේ ඉඳන් දාඩිය දාගෙන අර ගොම පොහොර වළේ බැහැලා කොටනවා .

"ඒක ඇත්ත බං මමත් අනන්ත ගිනි අවුවේ ඉඳලා තියේ ඔය විකාර වැඩ වලට ! අන්තිමට ඔය පොහොර ගෙනිච්චෙත් චීචර්ලා සර්ලා විතරයිනේ .

"එක දවසක් ඔහොම පොහොර හද හදා ඉන්දෙද්දී මාලනී එකපාරම කලන්තේ දාලා වැටුණා . ! ඒ කෙල්ල එදා වැටිලා හිටපු හැටි දැක්කාම මට පුදුම දුකක් දැනුණා . තව කොල්ලෙක් එක්ක ඒකිව පන්තියට උස්සගෙන ගියෙත් මම , ඒකිගේ මූණට වතුර බෝතලේකින් වතුර අරං ඉස්සෙත් මම . කොහොම හරි ඒකි ඇස් ඇරලා මා දිහා බැලුවා ඒ බැල්මම ඇති බං මම ඒකිට පිස්සු වැටෙන්න . ඔන්න ඔය දවසේ ඉඳලා මම ඒකිට බොක්කෙන්ම ලවු කරා ! .”

වතුර විදින බෝතලේ ගත්තු සුරවීර මගේ කොන්ඩෙට කීපවාරක් වතුර විදලා ආයෙම කතාව කියන්න පටන්ගත්තා .

"එදා ඉඳන් මගේ හිතේ ඒකි ගැන අමුතු ලෙංගතුකමක් ඉපදුනා බං . වෙනදාට අකමැත්තෙන් ඉස්කෝලේ යන මම ඊට පස්සේ දිගටම ඉස්කෝලේ යන්න පටන්ගත්තා .අපේ ගෙවල් තිබුණේ කුරුණෑගල බන්ටෙකේ අවසානෙට වෙන්න මාලනීලෑ ගෙවල් තිබුණේ මුලටම වෙන්න . ඉතින් මම උදෙන්ම නැගිටලා ඉස්කෝලේ යනවා . උදේට නොකා යන්නත් බෑ. ඒත් කකා හිටියොත් පරක්කු වෙලා මාලනීව මිස් වෙනවා ඉතින් බං මම පාර දිගේ බත් එක කකා තමයි උදේ ඉස්කෝලෙට ගියේ . මතකද අර හතරෙ කෑල්ලේ පාලම ?

"හ්ම්..මමත් හූමිටි තියමින් කතාව අහනවා !

"ඉස්සර ඕක බෝක්කුවක් විතරයි ඒකේ ඇතුළේ මම බෙලෙක් පිඟාන හෝදලා හංඟලා ඇළෙන් වතුර බීලා ඉස්කෝලේට යනවා . හවසට ගෙදර එනකොට ආයේ පිඟාන අරගෙන එනවා . ඔන්න ඔහොම චාටර් කකා මම මාලනීලගේ ගෙවල් ගාවට ලං වෙලා ඒකි ගෙදරින් එළියට බහිනකම් ඉන්නවා . ඊට පස්සේ එයාගේ පස්සෙන් මමත් හෙමීට ඉස්කෝලෙට යනවා .

"ඒකිත් එක්ක කතා කර කර නෙවේද උඹ ගියේ ?

"පිස්සුද බං !. මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?


/ලි = කතාව ටිකක් දිග වැඩියි . ඒ නිසා මට මේක කොටස් දෙකකට දාන්න වෙනවා ඒකට සමාවෙන්න අනිත් කොටහ හෙට හෝ අනිද්දාට .

නම් ගම් මනංකලිපිතයි !

94 comments:

මාතලන් said...

එක හුස්මට කියෙව්වා. ෆිල්ම් එකක් වගේ මැවිලා පෙනුනා. දැන් ඉනටවල්. අයිස් චොක එකක් කාලා එන්නම්...

Podi Kumarihami said...

ඔයාගේ මාර රචනා විලාශයක්නේ තියෙන්නේ. බලන්ටකෝ කරණවෑමියාට හැමෝම ඔලුව නවන හැටියි, එයාගේ කොන්ඩා මෝස්තරවලට වයසක උදවිය එන හැටියි, කෙල්ලන්ගෙන් නොලැබුනාම එන නහයෙන් ඇඬිලියි. ලාවට උපහාසෙත් තියනවානේ.

අර මගදිගට බත් කමින් ගිය ගමන නම් ටිකක් විතර හිතාගන්ට අමාරුයි. කාටවත්ම ඕක පෙනුනේ නැද්ද හැබෑට???

කතාව ප්‍රසිද්ධ එකක් නම් කියවන සමහරු දන්නවත් ඇති.

Test Profile said...

ගාමනී නම් මමත් බැලුවා. ඒත් ඒ කතාවට වැඩිය මේ කතාව හොඳයි වගේ.

Gimhani said...

සඳරූ මල්ලී රසවත් කතාවක් . එක හුස්මට කියෙව්වා ආපුගමන් ...
අ…වසානය දුකින් කෙලවර වන එකක් වගේ ...

ශානි said...

මමත් අහලා තියෙනවා ඔය ගාමිනී ෆිල්ම් එකේ ඇත්ත කතාව තියෙන්නෙ පොඩි කොටසයි ඉතිරිවා හදපු එකක් කියලා මමත් අද හවස ඕක බලන්න ඉන්නෙ හැමදාම වගේ නියමෙට සංවේදීව කතාව ලියලා තියෙනවා මල්ලි සුභ පැතුම්

Unknown said...

ඉතුරු ටික මේ වෙලාවෙම ලියල ඉවරකරල තිබුනනම් හොදයි කියල හිතුනා. කමක් නෑ බිලොග් අඩවියට අවෙත් අහම්බෙන් කතාව ගොඩක් ලස්සනයි> ස්තුතී

http://www.facebook.com/budditha

ඔබ නොදු‍ටු ලොවක්..... said...

ලියන්න ලියන්න සම්පූර්න විස්තරේ......ඒක නෙමයි මොකක්ද අර ආවේනික ලස්සනක් ගැන කියලා තියෙන්නේ ......

Bunny said...

ඉතිරි ටිකත් දාපං අයියේ..!!

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

අගේ ඇති කථාවක් වගේ. අනිත් කොටස එනකම්ම බලා ඉන්න එපෑ.....

Praසන්ன said...

ගාමිණී නොබැලුවත් 'හිස් අහස' සෑම ශ්‍රීලාංකිකයෙක්ම නැරඹිය යුතුය.
නියම කතාවක් වගෙයි මල්ලි. ඉතුරු ටිකත් ලියහං ඉක්මනට.

බොලැයි පැත්තෙ කෙල්ලන්ට තියෙන ආවේනික ලස්සන මොකක්ද?

Gayan Rupasinghe said...

බොලේ මෙන්න තවත් කොටස් කතාවක්.. ඉක්මනට නික දාපන් මලේ..

ජය...

Asanka Udayanga said...

ගාමනී කියන්නේ මම ලගකදි බලපු හොදම ෆිල්ම් එකක්,
එක නෙමෑයි මචන් ඉක්මනට ඉතුරු කොටහත් දාපන්,අපි බල්න් ඉන්නවා

cjgayan said...

අනිත් කොටස එනකං කමෙන්ට කරන එක හොඳ නෑ. ඒකත් ඉක්මනට දැම්මනං හොඳයි මලයෝ..

පිස්සා පලාමල්ල said...

අඩේ නිකන් මැවිලා පේනව බන් සිද්දිය... ගාමනි මමත් බැලුවා... වරදක් කියන්න බෑ... මට හාමුදුරුවො දැක්කම දිබුලාගල හාමුදුරුවො මතක් උනා...

එහෙව් කාලයක්... යුද්දෙ උණුසුම හොඳට මටත් දැනිල තියෙනවා... බොට ආවනේ මූනු පොතේ පනිවිඩේ.

Observer said...

අද රෑම ලියමු ඉතුරු ටිකත්

Anonymous said...

ඉතුරු ටිකත් කියන්නකො එහෙනං! :)

miuranga said...

ඇසින් දුටුවෙකුගේ හෘද සාක්ශිය.
ෆිල්ම් එකට වඩා මේක හිතට වදින කතාවක් වගේ

මන්තරකාරි said...

ගාමනීනම් බලන්න බැරි උනා... ඒ වෙනුවට මේ ලස්සන කතාවක් මැවිලා පේන්නේ... ඉක්මනට ඊලඟ ටිකත් දාන්න සඳරුවෝ...

Unknown said...

දුක හිතෙන කතාවක් වගේ.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න..

ලකී සිරි said...

//පනාවත් කතුරත් අතර එකට තෙරපෙන කොණ්ඩ ගස් මගෙ ඇඟවටේ එතිලා තිබුණු සුදු රෙද්ද උඩට වැටෙන අතරතුරේදී ///..
බොක්කටම වදින්න ලියලා සඳරූ..සුපිරියි



උඹ කතාවක් දෙකට කැඩුවම මාර දුකයි මල්ලියෙ...කොච්චර දිග වුනත් මේවා කියවන්න පුළුවන්..ඒත් ඉතින් ලියන්න අමාරුයිනෙ...ඉක්මනට ඉතුරු ටිකත් කොටලා දාපන්...අපි බලාගන ඉන්නවා.

නචියා said...

දුක හිතෙන අවසනයක් තියේවි කියලා හිතෙනවා, ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචං...

ජය..!!!!

රාජ් said...

ඉන්ටවල් එකට එලියට ගියාත් වැඩක් නෑ. 22 උනාට පස්සෙ සිගාත් නැවැත්තුවනේ.

දුකා said...

අඩේ නියමයි බන් . ..

ඕනෑම කතාවක් කියවන්නන්ට බෝරින් නොවෙන විදිහට ලිවීමේ රහස උඹ දන්නවා මල්ලෙ . .

ඉතුරු කොටස එනකම් මඟ බලා හිඳිමි . .

ආඩම්බරකාරී said...

ආසාවෙන් කියෙව්වා ඉක්මනට ඉතුරු ටිකත් දාන්න අය්යා..

ගොඩයා said...

සඳරුවෝ... ඉක්මණට ලියහන් ඉතුරු ටිකත්. අර එක එක වාහිනීවල වගේ කතාව පරක්කු කර කර ඇඩ් දෙන්න ඔට්ටු නෑ ඕං.......

සාතන් said...

පාර්සල් බෝම්බයක් එවන්න කලින් ඉතුරු ටික දාපන් හරිය... මම වසයි..

පන්සල් හංදිය said...

ගාමිණී දෙක “හිස් අහස“
ඉක්මන් කොරලා දාපං මලයා .....

Raj said...

සඳරු..උඹට කියන්ට මම ඔය ගමනී ෆිල්ම් එක බැලුව..බ්ලොග් කැල්ලකුත් ලීව උබ එක දන්නවනේ...ඒ ෆිල්ම් එක කතාවක් උනාට එකේ හිතට වදීන තැන් ගොඩක් තිබුනා....
එකනෙවෙයි මචො...ඒ කියන්නේ උබැ ඉන්නේ අම්පාර දීසාවේ...මම කලින් රැකියාව කරන කාලේ මයියන්ගනේ පැත්තේනුත්...සියබලාන්ඩුව පැත්තේනුත් බිබිලේ ඉඟිනියාගල හරහාත් අම්පාරට සෙන්දුවෙලා තියෙනව....රාජකාරි වැඩවලට ඇත්තේන්ම ඔවා සුන්දරගම්...බොහො තැන්වල කර්කෂ පරිසරයක් තිබුනත් ඒ දේවල්වලට මං බොහොම පෙම් කරනව සහෝ...මේ පුංචී ලංකාවේ අපීත් කොයිවෙලේක හරි හමුවේවි.

පිණිබිඳු... said...

හයියෝ බන් මේක දෙකට කැඩුවෙ ඇයි බොල. ඉක්මනට දාපන් ඉතුරු එක.

දුමී said...

ගාමිණී ෆිල්ම් එක මේ ලඟදි බැළුවා. කාලෙකට පස්සෙ බලපු හොඳම සිංහල ෆිල්ම් එක.

අර ගමේ කට්ටියව කපලා කොටලා, විශේෂයෙන් පොඩි එවුන්ව අම්මලාගේ ඇකයෙන් ඇදලා අරගෙන, ඇඳ යට හැංගිලා හිටපු පොඩි එවුන්ව කකුල් දෙකෙන් උස්සලා පොලොවෙ ගහලා මරණ සීන් ටික මමයි අපේ ගම හාමිනෙයි බැළුවෙ ඇස් දෙකෙන් මොර ගෙඩි වගේ කඳුළු කැට සට සට ගාගෙන වැටෙන ගමන්....!

මේ වගේ ෆිල්ම් තමයි හඬ කවලා අපිට හතුරුකම් කරන බටහිර එකාලට පෙන්නන්න ඕනෙ, අපේ පෙරමුණ ගම්වල මිනිස්සු මානව හිමිකම් නොතිබිච්චි විදිහට බල්ලෝ බලල්ලු වගේ මරලා දාපු හැටි උන් දැන් මානව හිමිකම් කිය කිය මොරදෙන ම්ලේච්ඡයෝ අතින්...

Anonymous said...

පිස්සු කෙලින්නෙ නැතුව ඉතුරුටික ඉක්මනට ලියල දාපන්.
අදත් කතාව (කතා කෑල්ල) එලයි. ජය වේවා.
JH

පූසා said...

අඩේ හෙට දාපන් හරිය...

Buru Babe said...

සඳරු,
මේ ගෝනගල කියන්නේ අම්පාරෙන් එහා නේද? අර බෝම්බ ගැහුවේ ගමකට? මට මතකයි මගේ යාළුවෙක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට එහේ ගියා හරිම දුක්බර කතාවක් කියලා කිව්වා. මම හිතන්නේ එයා ගෝනගල කඳුළු කියලා වැඩසටහනකුත් කලා.

චිත්‍රපටිය නම් දන්නේ නෑ. (කොහේද ඉතින් මෙතුවක් කාලෙකට බලල තියෙන්නේ අක්ශරයය, මචං, හා ඔය සම්මාන හම්බ වෙච්ච පිට රට ගිය ෆිල්ම් කිහිපයක් විතරයි. දුප්පත් වුනාම ඔහොම තමයි.)
කොටියෝ කියලා කීවම භය වුනා. ඒ ගෝනගල කොටි නේද? නැත්නම් සඳරුගේ ගමේ අලි බලන්න එන්න හිතාගෙන ඉන්න මට ඒක නම් ටිකක් දෙපාරක් හිතන්න දෙයක් වගේ.
මේ කතා අස්සේ මම ආසම පාට් එක තමයි සඳරු ඔයා වයස ගිය අත්දැකීම් බහුල කෙනෙක් විදියට ලියන එක. නිකම් අර අවුරුදු විසි හතේ අයියා වගේ. සඳරුගේ ලිවීමේ ස්ටයිල් එක නම් පංකාදු පහයි.

තාරක Dilsh@n said...

කතාව කියල ඉවර වෙද්දි උඹේ කොන්ඩෙ ඉතුරු වෙලා තිබ්බද බන්???

MUHUDU said...

අනේ ඇත්තට, කට ඇරගෙන ෆිල්ම් එකක් බලනව වගේ කියවගෙන එද්දි, එක පාරට ජබොහ්! ගාල නවත්තල.

මෙව්ව හොඳ වැඩද මං අහන්නෙ?

පැන්ඩා said...

ඔන්න දැන් ඉතින් කස්ටිය දන්නව උඹ අම්පාරෙ කිට්ටුව වග..තාම මට බැරි වුනා නෙ බොලාගෙ ගෙදර එන්න අප්පා..ශික්..

මාත් ගියා ගාමිනි බලන්න, පැන්ඩි අඬන්න ගත්ත එකෙ සීන් දැකල.පස්සෙ මඟදි ආව..මෙහෙ ඉඳන් ෆිල්ම් එක බලල ඔහොම නම් ඔය ගම්වල මිනිස්සු කොච්චර විඳවන්න ඇද්ද ඒ සිද්ධියේදි..

සත්සමුදුර said...

කතා ශෛලිය බොහොම හිතට ඇල්ලුවා. දෙවන කොටසත් බලනවා ඕං එහෙනං...

Chamila said...

මැක්සා මචන් මැක්සා. කට්ටිය කියනව වගේ සීන් එකෙන් සීන් එකට මැවිල පෙනෙනවා...

ක්සැන්ඩරයා said...

උඹේ පොස්ට් එකක් එනකම් මං එත් මගබලන් හිටියේ.. මේ ටිකනම් එක හුස්මට කියෙව්වා ඕන්... ගාමණී බලන්න විදියක් නැති හින්ද මලේ මං උඹේ කතාව බොක්කෙන්ම කියවන්න අරන් ඉන්නේ.. එක හින්ද ඉන්ටවල් එකෙන් පස්සේ ඉතුරු ටික ඉක්මන් කරලා දාහන්.

Weni said...

දෙවනි කොටහත් කියවලම බලමුකො! තවම ලියන්න මුකුත් හිතා ගන්න බැහැ..
කෙල්ලට සිහිය ගන්න වතුර ගැහුවයි කියලා ඒ එක්කම මලයාගෙ ඔලුවට වතුර ස්ප්‍රේ කරපු එක පොඩ්ඩක්.. කොයිකටත් පරීසමින් මලේ... මෙහෙ නම් සැලොන් වල ඉන්න සමහර උන්.. මොකට කියනවද ඒ හරිය..

හසී said...

ෆිල්ම් ඒක හම්බුනා තාම බැලුවේ නෑ.... මේක කියවලාම ඒක බලනවා.. ඉක්මනින් දාන්න ඉතිරිය.....

Anonymous said...

සඳරු මට එන තරහා...අර බෝක්කුවෙ පිගාන හැංගුවා වගේ හංගන්න හිතෙනවා බොලාවත්..අපරාදෙනේ දිගටම කියන්න තිබුනේ...හොදම හරියෙදි නැවැත්තුවනේ...

රහට ලියනවා යාලු කවදත් ඔයා..නියමයි..

Anonymous said...

උඹ කතාවක් දෙකට කැඩුවම මාර දුකයි මල්ලියෙ

කස්ස said...

පටට ස්ටෝරියක් නේ.ඉතුරු ටිකත් ඉක්මනට ලියපන්.උඹේ ලිවීමේ හැකියාවනම් මැක්ස.

කතන්දර Kathandara said...

දැන් අර හත ගණින කොට, මේකයි ඊලඟ එකයි එකක් ද? දෙකක්ද?

ගලයා said...

එක හුස්මට කියෙව්වා...මාර කතාව..ඉතුරු එක දානකන් මග බලා සිටිමි.....අවසානය සංවේදී එකක් වේවි.

හිස් අහස said...

@මාතලන්=අයිස් කාලා එනඩකෝ අයියා .බදාදා උදේට අවසාන කොටහ බලන්න
.............................................................................................................................
Podi Kumarihami= ඔවු අපේ සුරේගේ සැලුන් එකට එන අය නම් මේ කතාව දන්නවා . පිගාන හංගපු කතාව ඇත්ත . ඒ දවස් වල ගොඩක් අය ඉස්කෝලේ ගියේ එහෙම . මොකද කීවොත් ඔය පැත්තේ නිතර වෙඩි සද්ද ඇහෙන නිසා ගොඩක් අය ඉක්මනින් කාලා බීලා ගෙදරින් යන්න තමයි බලන්නේ .
.............................................................................................................................
@Prasanna = තෑන්කුයි මචං ..බදාදා උදෙන්ම අනිත් ටික වැටෙයි
.............................................................................................................................
@Gimhani = අනිවා දුකකින් ඉවර වේවි ඒත් දැන් මේ කතාව අහවර වෙලා දැන් හෙන කාලයක් නිසා ඒ දුක තත්පර කීපයකට සීමා වේවි
.............................................................................................................................
@ශානු = එහෙනම් අද කතාව බලන්න ඒ පරිසරය නම් අපේ ගම වගේමයි . හොඳ ෆිල්ම් එකක් .ස්තූතියි
.............................................................................................................................
@Budditha Fernando = ස්තූතියි මචං ආවට බදාදා උදේට එකතුවෙන්න අනිත් කොටස බලන්න
.............................................................................................................................
@ඔබ නොදු‍ටු ලොවක් = ආවේනික ලස්සන තමා අවුවට පිච්චුනු කලු බව සහ හිනා වෙනකොට මූනේ පිරෙන සීදේවි පෙනුම ඔය ගතිය අපේ ගමේ ගොඩක් කෙල්ලොන්ට තියනවා . මෙහේ සුදු අය ටිකක් විතර අඩුයි
.............................................................................................................................
@Bunny = ලියන්න වෙලා අඩුයි මල්ලියේ . ඒකයි කුට්ටි කලේ බදාදාට ඉතිරිය ලියනවා අනිවා ඩෙෆා
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = බදාදා වෙනකම් ඉවසන්න වෙද මාමේ ඉක්මනට ලියනවා
.............................................................................................................................
@Praසන්ன =ආවේනික ලස්සන තමා අවුවට පිච්චුනු කලු බව සහ හිනා වෙනකොට මූනේ පිරෙන සීදේවි පෙනුම ඔන්න ඕක තමා අයියන්ඩි අපේ පලාතේ කෙලි පැටික්කියන්ට උපතින්ම පිහිටන ගමේ ලස්සන .
.............................................................................................................................
@Gayan Rupasinghe = මේ දවස් වල පන්ති තියනවා උදේ ඉඳන් ඒක නිසා ගෙදර ආවම ලියන්න තබා වාඩි වෙන්නවත් බෑ මහන්සිය . ඒක නිසා කොටස් කලා ටිකක් . අනිතිම කොටස දෙන්නම් මචෝ බදාදට
.............................................................................................................................
@අසංක = ඇත්තටම ඒක එල ෆිල්ම එකක් . බදාදා උදෙන්ම අනිත් කොටහ් පල කරන්නම්
.............................................................................................................................
@cjgayan = අනිවා ලියනවා බදාදා වෙනකම් ඉවසන්න අද රෑම ලියලා හෙට අඩු පාඩු බලලා අනිද්දාට දාන්නම්
.............................................................................................................................
@පිස්සා පලාමල්ල = පොඩි කතාවක් කියන්නම් උඹ නිසා . ගෝනගල ඔහොම හාමුදුරුවෝ කෙනෙක් නම් හිටියේ නෑ ඒත් බොට්ල් එකට පෙම් බැඳපු හාමුදුරු නමක් නම් ඒ කාලේ හිටියාලු මචං
.............................................................................................................................
@Observer = අද රෑම ලීවා හෙට අඩුපාඩු බැලුවා අනිද්දා දැම්මා සුවර්
.............................................................................................................................
@තනි අලියා = බදාදා උදේට අලියෝ
.............................................................................................................................
@miuranga = අපිත් ඇසින් දුටු සාක්‍ෂි කාරයෝ තමයි මචං ඕක වෙච්ච දා මමත් ගියා බලන්න . ජීවිතේ තිත්ත වුණා
.............................................................................................................................
@මන්තරකාරි = වටින කියන ෆිල්ම් එකක් සහෝදරී ඒක නිවාඩු පාඩු වෙලාවක ගිහින් බලන්න

හිස් අහස said...

@නිසූපා = ඇත්තටම දුකක් ඒත් දැන් අතීතයට එක් වුණු දුකක් කියලා කීවැකි අක්කන්ඩි
.............................................................................................................................
@ලකී = ඇත්තටම මචං මගේ බ්ලොග් එකේ ගැටලුවක් නිසා දිග ලිපි දාන්න බෑ මම අත් දැකීමෙන් දන්නවා ඕපන් ඔෆිස් රයිටර් වර්ඩ් ප්‍රොසෙසර් එකේ පිටු හතරයි මට උපරිම මේකේ පබ්ලිස් කරන්න හැකි කියලා . ඊට එහා දැම්මොත් ෆීඩ් එක අප්ඩේට් වෙන්නෑ . අන්න ඒකයි ප්‍රධාන හේතුව
.............................................................................................................................
@නචියා = අනිවා එහෙම අවසානයක් තමා අන්තිමට ඉතුරු වෙන්නේ . උඹව දැක්කාම තියන සතුට
.............................................................................................................................
@රාජ් = ස්තූති වේවා . බොහෝ දුරට මම ඒක ඉගන ගන්න ඇත්තේ ඔයාගෙන්ම වෙන්නැති .
.............................................................................................................................
@ආඩම්බරකාරී = බදාදා උදේට එනඩලා
.............................................................................................................................
@ගොඩයා = අනේ බුදු මල්ලියේ ලියන්නත් මාරුයි බ්ලොගෙත් අබලං ඉතින් මම යන්තම් කුට්ටි කලාට අහිතක් හිතන්න එපා
.............................................................................................................................
@සාතන් = ඒක නේ සාතන් කියන්නේ නිකංයැ බදාදා දෙන්නම් අවසානය
.............................................................................................................................
@පන්සල් හංදිය = මේකේ ගාමනීලා නෑ අයියා ඉන්නේ බාබරේ කෙනෙක් .හිකි හිකි හිත හොඳ බුවෙක්
.............................................................................................................................
@Raj = ඔයා ඒ පලාතෙන් නෑවිත් නුවර හරහා ආවනම් . ඔයාටත් ගෝනගල සයිඩ් එකෙන් එන්න හැකි . ආයේ එනවානම් මට කෝල් එකක් දීලා කොන්ටෑක් කරගන්න . මට මේල්ලුවක් දාන්නකෝ .
.............................................................................................................................
@පිණිබින්ඳු = බලන්කෝ සුදු අක්කේ මගේ බ්ලොගේ පිටු හතරට වඩා වැඩි ලිපි දාන්න බැරි ගැටලුවක් ආවා ඒක හදන්න නම් දවසක්ම නිවාඩු දාලා මැරෙන්න වෙනවා ඒකයි දෙකට කැඩුවේ .
.............................................................................................................................
@දුමී = ඔය සිද්දිය වෙච්ච දවසේ සේරම ෆොටෝ ගැහුවේ මගේ මාමා . ඒවා තාම මගේ ලඟ තියනවා මම ඒවා පල කරන එක හොඳයිද නරකයිද ? අයියාට හිතන හැටියකට කියන්න බලන්න .
.............................................................................................................................
@JH = බදාදා උදෙන්ම ආවොත් ඔයාට මම අනිත් ටික දෙන්නම් සහෝදරයා . ස්තූතියි ඈ . මොකද්ද ජේ එච් කියන්නේ ?
.............................................................................................................................
@පූසා = අනිද්දා මචං ! ප්ලීස්
.............................................................................................................................
@Il mondo di una povera pazza = අම්පාර ටවුන් එකේ සිට කිලෝ මීටර විසි අටක් විතර ගිහින් . හැරිලා තව කිලෝ මීටර දහයක් විතර ගිය තැන ගෝනගල හමු වෙනවා අක්කේ . ඒක අයිති උහන ප්‍රාදේශීය සභාවට . ඔය මගේ ගමට එහා ගමට එහා ගම .
.............................................................................................................................
@තාරක = එලට කොන්ඩේ කපලා තිබ්බා මචං අපි කැපුවේ සස්පැන්සර් කට් එක
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = සමාව අයදිමි අයියා බදාදා උදෙන්ම දෙන්නම් නැවුම් කොටහ

හිස් අහස said...

@පැන්ඩා = ඒකනේ කියන්නේ ඔයා එන දවසක මම රෙඩි පිට ඉන්නම් අපේ පලාත සම්පූර්ණයෙන්ම පෙන්වන්න අර වාහන දෙකක් තියෙන්නේ අරගෙන වරෙංකෝ
.............................................................................................................................
@දිනේශ් දීපාල්= අනිවා ලියනවා අයියා ..මෙහෙදී දැකපු එක සතුටක්
.............................................................................................................................
@චමිල = ස්තූතියි මිත්‍රයා .
.............................................................................................................................
@ක්සැන්ඩර් = ඉන්ටර්වල් එකට තව දවසක්ම තියේ මචං බදාදා උදැහැනැකේ මේ පැත්තේ ගාටපං අලුත් කොටහ දෙන්නං
.............................................................................................................................
@Weni =දෙවනි කොටහ දෙන්නම් බදාදා උදෙන්ම . ඉතින් වෙනී අයියේ . ඔයා ඔය කියන හොර සෑලුන් එකකට ගිහින් තියේද ? මම අවලා තිබුනා ඒ වගේ සැලුමක් ගැන පත්තරෙන් .
.............................................................................................................................
@හසී = හම්බුනා ? ඒකොහෙන්ද ? පරිස්සමෙන් ඔයාට හිරේ යන්ඩ වේවි
.............................................................................................................................
@අසනි = ජය වේවා සහෝදරී බදාදා උදෙන්ම එන්න අන්තිම කොටස බලන්න
.............................................................................................................................
@Anonymous = ලියන්නම් මෙයා ආයේ නොකඩා ඉන්නම් . මට වැඩත් වැඩියි ඒ වගේම බ්ලොගේ ලිඩකුත් තියනවා දිග ලිපි දාලා පබ්ලිශ් කරගන්න බැරි විදිහේ ඒකයි මේ කැඩුවේ . සාමාව දියං . මචෝ
.............................................................................................................................
@කස්ස = දෙන්නම් කස්සා ඉතිරිය බදාදා උදෙන්ම
.............................................................................................................................
@කතන්දර . ඇත්තෙන්ම ඒහෙම බැලුවොත් හයයි නේද . මම කීවේ මම පෝස්ට් හතක් දානවා කියලා නේ ! එහෙම බැලුවාම මම හරි .. නෑ අයියේ මේකයි අවුල කතාව කොච්චර දිග වුණ්ත් ඉස්සර නම් මම දැම්මා පස්සේ මගේ ෆීඩ් එක අවුල් ගියාට පසු මම ෆීඩ් බර්නර් එක දාගත්තා . ඒපාර වැඩේ ගොඩ ගියා ඒත් මම අද්දැකීමෙන් දන්නවා පිටු හතරකට (ඕපන් ඔෆිස් වල මම ලිපි ටයිප් කරමි) වඩා ලොකු ලියවිල්ලක් පබ්ලිස් කලොත් ෆීඩ් එක අප්ඩේට් නොවන වග . අන්න ඒකයි හැබෑ හේතුව
.............................................................................................................................
@ගලයා = අවසානේ සංවේදී තමා මචං ගොඩක්ම සංවේදීයි . මොනා කරන්නද ? ඇත්ත කතාව ලියන්ඩෙපැයි .

Dinesh said...

ගාමිණි මම බලලා නෑ.. බලන්න අවස්ථාවක් ඉතින් ලැබෙන්නේ නෑ කියලා මලයා දන්නවනේ.. අවුලක් නෑ.. මේ කතාවෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ... අනික ඉක්මනින් දාන්න... මං යනවා ඉන්ටවල් එකේ අයිස් පලමක් අරන් එන්න...

duliponline said...

මචං . . . මෙහෙම කරපං . . . ඊලඟ වතාවෙ උඹ කතාවක් කොටස් දෙකකට ලියනව නං . . . පෝස්ට් දෙකකට ලියල එකලඟ පබ්ලිශ් කරපං.

ශශී said...

මමත් ගාමණී බලල නෑ මේක කියවලම බලනවා.....ඉක්මනට අනිත් කෑල්ලත් ලියපන්

නදී said...

ඉතිරි කොටසත් ඉක්මනට ලියන්ඩො

Anonymous said...

සදරූ, කුරුනැගල බන්ටෙක කියලා නම වැ‍ටුනෙ කොහොමද ?

හිස් අහස said...

@Dinesh = ලංකාවට ආපු මොහොතක බලමු අයියා .ආයේ එනකොට අර ගුවන් සුර දූතිකාව ආයෙත් දකින්න ලැබේවා කියලා පතනවා

@ඕනයා =ඇත්තටම මම හිතාන ඉන්නේ එහෙම කරන්න . ඊලඟ මාසේ ඉඳලා බැරිම වුණොත් මිසක්ක මම කතාව කඩන්නෑ

@ශශී = කියවලා බලන්ඩකෝ මචා හෙට අනිද්දම ඉතිරිය දෙන්න්ම්

@නදී = = බැ බැ :)

@Anonymous = ඇනෝ මචං ඔය ගමේ නියම නම 31 කොළනිය . ඒත් මේ පලාතේ හැමෝම කීවේ කුරුණෑගල බන්ටෙක කියලා . සමහර විට ඔය ගමේ අයගේ මුල් ගම් පලාත් කුරුණෑගල නිසා වෙන්නැති . එතකොට උඩහ ගම ඇවිල්ලා හලාවත බන්ටෙක . ඔන්න ඔහොමයි අපි ඔය ගම් හඳුන්වන්නේ

ලහිරු said...

ලස්සනට ලියලා තියෙනවා, ඊළඟ එකත් ඉක්මනට දාන්න.

සංකල්ප said...

කතාවේ හොදම හරිය වෙනකොට මැද්දෙන් කපා දාලා !!!!
ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න.
මම් හිතුවේ සුරවීර කියන්නේ වලිකාරයෙක් පොරක් කියලා. මොකද හැම එකාම ඔලුව නමනවා කියලා තියෙනවානේ. හික්ස් :(
බැලින්නම් මූ කොණ්ඩේ කපන පොරක් !!!

Prabhath said...

මොන මගුලක්ද බං. මං එක හුසමට කියෝගෙන ආපු එක උඹ කෑවනෙ....
ඉක්මනට දාහං අනික දැං ඉතිං... :))

සයුරි said...

ඉතුරු ටිකත් ඉක්මනට දාන්න සඳරු ..ආසයි මේ වගේ කතා කියවන්න..ආ, මේ මාසේ ඉවර වෙන්නත් ලඟයි නේ...තව පෝස්ට් 3 ක් වැටේවි නේද ඉක්මනටම :)

Beetle said...

අපේ ගමේ සැලෝන් එකේ හිටිය බුවාත් ඔය විදියමයි... කොන්ඩේ කපනවට වැඩියි වතුර ඉහිල්ල...වතුර ඉහිල්ලට වැඩියි කතාව... :)

දුක් සීන් එකක් කියවන්න ලේස්ති වෙලා ඉන්නේ...

මහිම මදුරංග said...

යකෝ බදාදා වෙනකන් ඉන්න ඕනෙද
අනේ බං කලින් දාපං කෝ

Jeew said...

ඉක්මනට දාපන් බං....

Anonymous said...

Prabhath kiyana ekama thama matath kiyanna thiyenna malli..
මොන මගුලක්ද බං. මං එක හුසමට කියෝගෙන ආපු එක උඹ කෑවනෙ....
ඉක්මනට දාහං අනික දැං ඉතිං... :))

-Pabalu-

Malee said...

ඉක්මනට ඉතුරු ටිකත් ලියාපිය! අපිට බෑ බලන් ඉන්න.

ක්සැන්ඩරයා said...

මං ඉතින් ඕන් අද උදෙත් මේ පැත්තට ගෑටුව.. කොච්චර උනත් මං මගේ ෆීඩ් එක විස්වාස කරන්නේ නා උඹේ පොස්ට් ගැන නම්.. ඊටවඩා හැමදාම ආවත් පාඩු නෑ..

සිතුවිලි නිහඬයි said...

ගෝනගල කීවාම මන් බැළුවා ඒත් අපේ පැත්තෙද කියලා....

කතාවනම් කියවලා ගියේ ඊයේ....කමෙන්ට් කරන්න බැරි වුණා...

දුක්බර පෙම් කතාවක් වගේ......

Unknown said...

සඳරුවො.........හෙට හරි අනිද්දා හරි ...මේ කතාවෙ ඉතිරිය නාවොත් මම උඹව හොයාගෙන ඇවිත්..ගාමණි ගඩාෆි කරනවා..මතක තියා ගන්න (මාරාන්තික කේන්තියෙන්)
ඇයි මනුස්සයො ඉන්ටවල් දෙන්න ඕනේ දේ තියෙනවා නැති දේ තියෙනවා... නොදකිං උඹ... තේරුම් ගනිංකො..(දත් මිටි කමින්). මේක මේ මාසෙ 7 වෙනි පෝස්ට් එක වුණා නම් ඉවරයි නේද? දවස් පහක් ඉන්න ඕනෙ නොවැම්බර් වෙනකං...(ඔලුව බිත්තියෙ ගසා ගනිමින්) ඇයි බං අපට මෙහෙම කරන්නෙ... ඇඬෙනවානෙ.....
අර ටික පෙන්නනකං ලස්සනයි කියන්නෙ නැහැ.... ( පෙරළි පෙරළී හඬමින්)

The Lion said...

කෝ බන් ඉතුරු ටික .........?

widanarala said...

හැමදාම හිතාගෙන ඉන්නවා උඹේ කතා කියවද්දි කතාව ඉවර වෙලාද කියලා බලලා පටන් ගන්න, ඒත් අදත් අමතක උනා.....
කතාව ගැන කමෙන්ට් කරන්න තාම කල් වැඩි උනත් ලිවීම ගැන ඒක එහෙම නෑ,හමදාමත් වගේ එලය...

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

සිරා!

සීතල අයියා said...

හයියෝ!!! මොකද බොල හැමදාම හොඳ හරියෙන්ම නවත්තන්නෙ ~X(

Anonymous said...

උඹට ලියන්න මාර හැකියාවක්නේ තියෙන්නේ මලයා... මම උඹලාගේ ගම පැත්තේ ඇවිල්ලා තියනවා මගේ අනුමාන කිරිල්ල හරි නම්....... ඔය කියන්නේ වෑරන්කැටගොඩ හංදියෙන් හැරිලා ගියාම මුන ගැහෙන ගම් ටික නේ..? මං හිතන්නේ උඹ සේනාගම කිට්‍ටුව??

හොදට ලියපං ජය වේවා.................

Kasun said...

අයියෝ එක හුස්මට කතාව කියවනවා කියල පටන් ගත්තේ. කොහෙද ඉතින්! ඉක්මනට දාපන් ඉතුරු ටිකත්.

esh said...

අනේ ඉතුරු ටිකත් දැන්ම කියවන්න තුබුනනම් කියල හිතුන.ඉක්මනට දාන්න. අපි බලාගෙන ඉන්නවා.

මාධව විදුරංග said...

nama gama eliyata awilla thiyenne! k!k! mmm! ikmanata anik kotasa daapan! kiyawanna! :)

BLOG ගඩොල් said...

මමත් ළඟදි ගාමණී බැලුවා. උඹලගෙ පැතිවල මිනිස්සු ඒ දවස්වල වින්ද දුක ගැන හරි අවබෝධයක් මට ලැබුනෙ ඒ ෆිල්ම් එක බැලුවට පස්සෙ. කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචං.

දේව් ගේ අඩවිය said...

කතාවේ ඉතුරු ටිකත් දාන්න මල්ලි.. මේ දවස් වල නම් ෆට්ටම බිසි වෙලා උන්නේ.. කොහොමහරි ඉතුරු ටික ඉක්මනටම එනවානම් හොදයි ගත්තු හුස්ම බිමින් තියන්න කලින්

ක්සැන්ඩරයා said...

කොයි බං මේ කතාව? මං මේ ඔෆිස් එකට ආව ගමන් ලැපා දිගෑරගෙන උඹේ බ්ලොගේට වැදුනේ.. ඔන්න මලේ පොරොන්දු කඩන්න හොඳ නෑ.. අද බදාදා දැන් ලංකාවේ වෙලාව 10. මට තාම උදේ හතයි..

Bindi said...

මේ ටිකේම කම්පියුටරය ළඟටවත් ආවේ නැහැ . වැඩ වැඩිකමටත් වඩා කම්මැලි කමට . ඇබ්බැහි වෙච්ච දෙකින් පොඩ්ඩක් අයින් වෙන්න ඕනෑකමට . අද තමයි මේක කියෙව්වේ . මලයාගේ ලිවීමේ හැකියාව එන්න එන්නම දියුණු වෙනවා . හැම නරක දෙකම හොඳක් තියෙනවා කියන්නේ ඕකයි . ගමේ දුක් කරදර ඔබට ලියන්න පන්නරය දෙනවා . ජය

සරත් ලංකාප්‍රිය said...

ඉස්තරම් කතා ශයිලිය පුතා ඊළඟ කොටසට යන්නම්..

Anonymous said...

Great story. When's the next episode? Sorry i don't have sinhala fonts.

ධනික | Dhanika said...

අපූරුයි! ආසාවෙන් කියෙව්වා.

Anonymous said...

Pattai.. Eeye thama GAMANI film eka baluwe.. ekatath wada supiri kathawak meka.. dukai machan.. ela.. digatama liyapan..

Anuradha (DSSC)

Thushara Perera* said...

FILM eke wage antimata grama arakshakoyoi army ekai kotinta gemak dunnada? ehema cn ekak une nadda????

Suri said...

තනි ඇහට ඇඩුනා එක film 1 බලද්දි වගේම කතාව කියවද්දිත් . ඔයාගෙ style එක නම් මාරයි එල එල.............

Kauwa Ekanayake said...

machan puluwannan meka english walata convert karala FB dapan. api meka hama wall ekakama post karamu. meka sinhala api kiyawala wadak na suddo danaganda one

SachinVinod said...

ලංකාවේ මේ වගේ සිද්ධි කොච්චර නම් වෙලා ඇද්ද ඔය කාලේ.මේ කතාව ඇත්තටම නියමයි.

Anonymous said...

adenawa

රත්නේ said...

පට්ටයි මචං කොහොමද මට මේ කථාව මිස් උනේ කියල කල්පනා කලේ.. අනික් කොටමත් කියවන් ඔනි..

Anonymous said...

Harima Lassanai...Asawen Kiyewwa..Lassanata Liyala Thiyenawa...

Anonymous said...

i have no words to tell u malli.any way best of luck.thilini

Sula (සුලා) said...

මෙන්න මම හොයමින් හිටි කතාවක මුල... මොකද මමත් දැන් අම්පාරේ වටේම කරක් ගහන එකෙක්නේ... :P බලමුකෝ ඉතිරියත්....

Anonymous said...

niymaii aiye ........................

Anonymous said...

මමත් අම්පාරෙ ඔය කියන ගම කිට්ටුවමයි මම 18 ඔයගෙ කතාව ගොඩක් ලස්සනට ලියල තියෙනව ඔයාට දිගු ගමනකට ආසිරි

Post a Comment

තැන්කූ බං