අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා
අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් . උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි . ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි . ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා වෙලා .
පහුගිය දවස් කීපයේම වාගේ අදත් මම සුපුරුදු විදියට සරම ඇතුළේ ගුලි ගැහිලා, වකුටු වෙලා හීතලෙන් මිරිකෙමින් නිදියාගෙන උන්නා . කන ගාව තියලා කාලතුවක්කු පත්තු කළත් ඒ මොහොතේ මට නෑහෙන ගානයි ! .. ඒත් එක පාරටම ඇඟට පොඩි කිති කැවීමක් දැනෙන්න ගත්තා ..අනෙක් පසට හැරිලා නිදන්න උත්සහ කළත් ඒ කිති කැවීම වැඩි වෙනවා මිසක්ක අඩු වුණේ නම් නෑ !. මොහොතකින් මගේ පංචේද්‍රියන් වලට මීටර් වුණා ඒ කිති කැවීම දැනෙන්නේ මගේ ජංගම දුරකථනය වයිබ්රේට් වීම නිසා බව.
වෙලාව පාන්දර හතට විතර .. ! මම මර නින්දෙන්ම, කෙළ මෝලෙන්ම යාන්තම් ඇස් ඇරලා මගේ ෆෝන් එකේ තිරය දිහා බැලුවා දුරකථන තිරයේ වැටිලා තිබුණු නම දැක්කාම මගේ මර නින්ද මම නිදාන උන්නු ඇඳෙන් පැනලා ඉඩමේ හතර මායිමෙන් ඔබ්බටත් පලා ගියේ සරම අස්සේ උන් මාවත් ඉද්ද ගැහුවා වාගේ නැගිට්ටුවන අතරෙයි .
පහුගිය දවස් කීපයේම වාගේ අදත් මම සුපුරුදු විදියට සරම ඇතුළේ ගුලි ගැහිලා, වකුටු වෙලා හීතලෙන් මිරිකෙමින් නිදියාගෙන උන්නා . කන ගාව තියලා කාලතුවක්කු පත්තු කළත් ඒ මොහොතේ මට නෑහෙන ගානයි ! .. ඒත් එක පාරටම ඇඟට පොඩි කිති කැවීමක් දැනෙන්න ගත්තා ..අනෙක් පසට හැරිලා නිදන්න උත්සහ කළත් ඒ කිති කැවීම වැඩි වෙනවා මිසක්ක අඩු වුණේ නම් නෑ !. මොහොතකින් මගේ පංචේද්‍රියන් වලට මීටර් වුණා ඒ කිති කැවීම දැනෙන්නේ මගේ ජංගම දුරකථනය වයිබ්රේට් වීම නිසා බව.
වෙලාව පාන්දර හතට විතර .. ! මම මර නින්දෙන්ම, කෙළ මෝලෙන්ම යාන්තම් ඇස් ඇරලා මගේ ෆෝන් එකේ තිරය දිහා බැලුවා දුරකථන තිරයේ වැටිලා තිබුණු නම දැක්කාම මගේ මර නින්ද මම නිදාන උන්නු ඇඳෙන් පැනලා ඉඩමේ හතර මායිමෙන් ඔබ්බටත් පලා ගියේ සරම අස්සේ උන් මාවත් ඉද්ද ගැහුවා වාගේ නැගිට්ටුවන අතරෙයි .
ෆෝන් එකේ තිරයේ තිබුණේ BOS කියලයි !
බොස් කෝල් එකක් ගනිද්දී මම මොන වැඩේ තිබ්බත් අහක දාලා ඒ ඇමතුමට උත්තර බඳින්න පුරුදු වෙලා හිටියා . ඉතින් අදත් නින්ද එළවා දමාපු මම බොස් ගේ ඇමතුම ලබා ගන්න ෆෝන් එක ආන්සර් කලා .
"ගුඩ් මෝර්නින්ග් සඳරු !”
වෙනදා නැති අමුතු ලෙංගතු කමක් බොස්ගේ ෆෝන් එක දිගේ මගේ ෆෝන් එක වෙතට ගලාන ආවා.
"ගුඩ්ම මෝනිං සර්"
"මම දැන් පත්තර ගැන විස්තර ටීවී එකෙන් බලද්දී සඳරු ගැන ආටිකල් එකක් පත්තරේ තියනවා දැක්කා .”
"එහෙමද සර් ?”
"හ්ම් එහෙම තමයි කොච්චර ආඩම්බරයක්ද අපට .. උදෙන්ම ගිහිල්ලා පත්තරයක් ගන්න . අපි ඒක නෝටීස් බෝඩ් එකේ දාමු ළමයින්ට පේන්න .”
"හොඳයි සර් "
"මම නම් ඇත්තටම හිතුවේ සඳරුගේ රූපේ දකිනකොට මොනවා හරි මගෝඩි වැඩක් කරලා පොලීසියෙන් වත් හොයනවා ඇති කියලයි .”
"අනේ නෑ සෑර් .. මං අහිංසකයිනේ"
"ඒක තමා .. මයි කොග්රැඩුලේෂන් ඒනං "
බොස් ෆෝන් එක කට් කලා ..
උදේ වැඩට යන අතරේ ලක්බිම පත්තරයක් ගන්න පත්තර කඩේට ගියපු මට දැනගන්න ලැබුණේ පත්තර මේ තරම් උදෙන් අපේ දිහෑවට කවදාකවත් නොලැබෙන බවයි .
මම ඉතින් ජීවිතේකට පත්තරක් කඩේකින් ගත්ත එකෙක් නෙවෙයි නේ . !
ගෙදර තියන පත්තරේ නිතර කියෙවුවත් මම කඩේකින් පත්තර අරගෙන නෑ ගොඩ කාලෙකින්. ඉතින් පත්තරේ විස්තරේ මම බලද්දී දවල් දොළහට විතර ඇති .
ලක්බිම පත්තරේ පිටු අතරේ මගේ මූනත්තහඩුව දිස් වෙනකොට මට දැනුණේ මාර සතුටක් . ඉතින් ඒ සතුට දවස පුරාම හිතේ රැඳිලා තිබුණ බවත් නොකියාම බෑ . ඉතින් ඉක්මනටම මගේ ස්ත්‍රී රත්නයටත් කෝල් කරලා මේ ශුභාරංචිය දැනුම් දෙන්න මම තීරණය කලා . එයාටත් හරිම සන්තෝසයි .
"මම තාත්තටත් මේ පත්තරේ පෙන්නන්නං"
එයා ගලා බහින සතුටු කඳුළු ගඟේ කිමිදෙමින් කියද්දී මට අමුතු ෆිට් එකක් දැනුණා .
මොහොතක් ගිය තැන බට කැලේට ගිනි ඇවිලුණා වාගේ මගේ හත්මුතු පරම්පරාවෙන්ම මට දුරකථන ඇමතුම් ගලාන එන්න ගත්තා . හත් අවුරුද්දකින් මට කතා නොකළ, මම කෑවද ?, නැද්ද ?, උන්නද?, මළාද?, කියලාවත් නොහොයාපු මගේ නෑසියෝ මට මුව නොසෑහෙන්න ප්‍රශංසා කළා ඒ ප්‍රශංසා අතරේ . මෙහෙම දේවල් කියැවුණා
"අපි මෙච්චර කල් හිතාන හිටියේ උඹ ගොබ්බයෙක් කියලා නෙව" = එහෙම කීවේ ලොකු මාමා
"උඹට අකුරු ලියන්න බෑ කියලා නේ මම හිතාන උන්නේ !” -= එහෙම කීවේ පුංචි තාත්තා
"ඇඩෝව් උඹ දැන් පොරද ?” = මම නොදන්නා කෙනෙක් එහෙම ඇහුවා !
"කොයිදබද මයෙ පුතේ උඹේ බ්ලොග් ගල් වාඩිය තියෙන්නේ ?” == එහෙම ඇහැවුවේ බාල ආත්තම්මා
"පුතේ මහ ඕකෙන් රජතුමා ගැන ගුණ වයපන් ගෙදෙට්ට ප්‍රාඩෝ ඒවි" = එහෙම කීවේ පොඩි මාමා
නෑදෑයන්ගේ කන් කීරි ගස්ස්සන ප්‍රශ්න රැසකටම උත්තර දුන්නු මම යන්තම් කටට නිවනක් ගන්න කියලා හිතාගෙන කවුරුත් නැති තැනක් අල්ලගෙන ඉඳ ගත්තා .ඒ අතරේ ආයෙත් ෆෝන් එක නාද වෙනවා.
''කවුද යකෝ මේ ?” කියලා ආයෙමත් ෆෝන් එක දිහා බලද්දි ඒ ෆෝන් එකේ තිරේ "අනූ" කියලා සටහන් වෙලා තිබුණා .මගේ කෝප ගින්න නිවිලා ගියේ ගිනි මැලේට වතුර ගැහුවා වාගේ
ඇමතුම මගේ ස්ත්‍රිය ගෙන් !
"හලෝ මයෙ අම්මා, ඇයි මයෙ පැටියෝ කතා කොලේ .. ?”
වෙනදා නම් මම එහෙම අහද්දී මගේ කනට බේරෙන ආදර වදන් වැල් වෙනුවට මේදා පොටේ මට
ඇහුණේ කං කඩාන යන ගොරැහැඩි මධුර නාදයක්
"සඳරු පුතා මම අනූගේ අප්පුච්චා !”
"හත්තිලව්වුවේ කෙල්ලගේ අප්පුප්පුච්චා !” වම් කණෙන් ඉපිද පිට දිගේ ගලා බහින්න පටන්ගත් දහඩිය බිඳුවක් කලිසම අස්සෙන් ගමන් කරලා දකුණු කකුලේ සපත්තුව අස්සට වැටුණා .
"ඇ ඇයි .. මා මේ .. මම මේ හිතුවේ අනූ කියලා එයාගේ මේ මේ ෆෝං එක නේ ඒකයි"
"හා හා කාරි නෑ කාරි නෑ . මම මේ කතා කළේ පුතා පත්තරේ ඉන්නවා දැකලා . ඉතින් කොච්චර හොඳයිද ? ඔන්න ඉතින් මට දැන් පේනවා පුතා තමන්ගේ අනාගතේ හදාගෙන තියන වග . දැන් ඉතින් ආයේ අපේ ගෙදරින් බලපෑම් නෑ. පුතාලෑ අම්මට කියන්න ඉක්මනටම අපේ ගෙදර ඇවිදින් ඔය දෙන්නාගේ අනාගතේ ගැන කතා බහ කොරලා මේක එකලාසයක් කරන්න කියලා.
"හා මාමා"
"මම විශ්වාස කළේ ම නෑ පුතා ගැන දූ කියන දේවල් . මම හිතුවේ මේ කොහෙද යන රෑ ගුඩ්ඩෙක් හරි ගංජා කාරයෙක් හරි වෙන්නැති කියලයි . ඒකයි මම අර එදා ඔයාට ටිකක් තදින් කතා කළේ .. හික් හික් ඉතින් දන්නැද්ද මේ ..”
"ආ ඒකට කමන්නෑ අකංල් "
"ඒනම් පුතා වැඩේ ස්ථීරයි දුව දෙන්නේ උඹට තමා"
"බුදු සරණයි මාමේ"
"බොක්ක තමයි පුතා !”
ෆෝන් එක කට් වුණා .
ඉතින් හැම දේම බොහෝම ලස්සට අවසාන වුණා. කවුද හිතුවේ පත්තර පිටුවක් මගේ ආදරේ මේ තරම් සවි බල ගන්වන්න සමත් වෙයි කියලා . කොහොම හරි ඒක එහෙම වුණා . ඒ ගැන සිහි වෙද්දී ආයෙමත්, ආයේ ආයෙමත් හිත සතුටින් කෑමොර දෙන්න ගත්තා .
"මේ සේරම බ්ලොග් එක නිසා නේද ?” මම අන්තිමේදී මගේ හිතෙන්ම ඇහුවා .
මම මහා ලොකු ලියන්නෙක් නෙවෙයි . හිතේ තියන දේ අමු අමුවේ කතා කරන භාෂාවෙන්ම අකුරු බවට හරවන එකෙක් . ඉතින් එහෙවු එකෙක් වෙච්ච මට මේ ලැබුණු ගෞරවය මහ මෙරක් තරම් . උපන්දා පටන් එකම එක සහතිකයක් එකම එක කුසලානයක්වත් ගෙදෙට්ට ගේන්න තරම් වාසනාවන්ත එකෙක් නොවෙච්ච මට ලැබුණු මේ තෑග්ග ගොඩක් වටිනවා .
මම මේ බ්ලොග් එකෙන් සෑහෙන්න හම්බ කරා .
යාළුවෝ බර ගාණක් හම්බ කරා .ආත්ම ශක්තිය හම්බ කරගත්තා ,ගෞරවය හම්බ කරගත්තා . සේරටම වඩා මම බ්ලොග් නිසා මගේ ජීවිතේ ඉදිරි කාලේ ගෙවන්න ජීවන සහකාරියක් හම්බු කරගත්තා . ඉතින් මට මේ සේරම දීපු හිස් අහස බ්ලොග් එකට දක්වන ගෞරවයක් හැටියට මම මේ මාසේ හත් වෙනි පෝස්ට් එක ලියනවා . මේ තමයි මේ වසරේ අවසන් ලිපිය .
"සඳරු ළිඳකින් වතුර නොගෙන හිටියොත් ළිඳ පල් වෙනවා ,ඒ වගේමයි නිතර නිතර වතුර ගද්දී ළිඳ හිස් වෙනවා . ! ඕනෙවාට වඩා ලියන්නත් එපා, ඒ වගෙමයි නොලියා ඉන්නත් එපා . “
මේ පණිවිඩේ මට දුන්නේ මේ බ්ලොග් අවකාසේ ඇතුළේ ඉන්න මම වඩාත්ම ගරු කරන උගත් මනුස්සයෙක් . ඒ කතාව අහපු ගමන් මට ඒ කතාව ඇතුළේ ගැබ් වෙලා තිබුණු අරුත මොහොතකින් වැටහුණා . ඉතින් ලබන අවුරුද්දේ ඉඳලා මම වෙනස් වෙනවා.
ඉතින් 2011අවුරුද්දම මම හිස් අහස බ්ලොග් එක ඇද්දා . මම මාසෙට ලිපි හතක් ලීවා . උඹලා ඇවිදින් මගේ අඩුපඩු පෙන්නා දීලා මාව දිරිමත් කරලා මෙ බ්ලොග් කරත්තේ මට ඇදගෙන යන්න දිරිය දුන්නා. උඹලා මාව දිරිමත් කරනකොට මම තවත් ලිවුවා . වැරදි පාරට මම වැටෙද්දී මේ බ්ලොග් අවකාසෙම අය මාව හරි පාරට ඇදලා දැම්මා . ඉතින් මට දෙන්න තියෙන්නේ උඹලා හැමෝටම හද පිරෙන්න ස්තූතිය විතරමයි.
මාසෙකට හතක් ලියන එක මට ලොකු බරක් . ඉතින් මම ලබන මාසේ ඉඳන් ලිපි හතරක් ලියලා කියවන ඔබට තිළිණ කරන්න කැමතියි . ගොඩගැහුණු වැඩ කන්දරාවකුත් එක්ක මට මාසෙකට ලිපි හතක් ලිවීම තව දුරටත් කරන්න බෑ . රස්සාව බේගන්නත් ඕනෙ . බ්ලොග් එක ඇදං යන්නත් ඕනෙ . කෙල්ලට කෝල් දෙන්නත් ඕනෙ . ඉතින් 2012 සිට අපි ටිකක් හෙමින් ගමන යමු ..
මේ වසර පුරාටම හිස් අහසත් එක්ක රැඳී ඉඳලා මට හයිය හත්තිය දුන්නු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූතියි . ලූණුයි පානුයි කන සාටර් බුවෙක් වෙච්ච මට උඹලට දෙන්ඩ කියලා තියෙන්නේ මේ පපුව අස්සේ තියන අවංක ස්තූතිය විතරමයි ..
"සඳරු ළිඳකින් වතුර නොගෙන හිටියොත් ළිඳ පල් වෙනවා ,ඒ වගේමයි නිතර නිතර වතුර ගද්දී ළිඳ හිස් වෙනවා . ! ඕනෙවාට වඩා ලියන්නත් එපා, ඒ වගෙමයි නොලියා ඉන්නත් එපා . “
මේ පණිවිඩේ මට දුන්නේ මේ බ්ලොග් අවකාසේ ඇතුළේ ඉන්න මම වඩාත්ම ගරු කරන උගත් මනුස්සයෙක් . ඒ කතාව අහපු ගමන් මට ඒ කතාව ඇතුළේ ගැබ් වෙලා තිබුණු අරුත මොහොතකින් වැටහුණා . ඉතින් ලබන අවුරුද්දේ ඉඳලා මම වෙනස් වෙනවා.
ඉතින් 2011අවුරුද්දම මම හිස් අහස බ්ලොග් එක ඇද්දා . මම මාසෙට ලිපි හතක් ලීවා . උඹලා ඇවිදින් මගේ අඩුපඩු පෙන්නා දීලා මාව දිරිමත් කරලා මෙ බ්ලොග් කරත්තේ මට ඇදගෙන යන්න දිරිය දුන්නා. උඹලා මාව දිරිමත් කරනකොට මම තවත් ලිවුවා . වැරදි පාරට මම වැටෙද්දී මේ බ්ලොග් අවකාසෙම අය මාව හරි පාරට ඇදලා දැම්මා . ඉතින් මට දෙන්න තියෙන්නේ උඹලා හැමෝටම හද පිරෙන්න ස්තූතිය විතරමයි.
මාසෙකට හතක් ලියන එක මට ලොකු බරක් . ඉතින් මම ලබන මාසේ ඉඳන් ලිපි හතරක් ලියලා කියවන ඔබට තිළිණ කරන්න කැමතියි . ගොඩගැහුණු වැඩ කන්දරාවකුත් එක්ක මට මාසෙකට ලිපි හතක් ලිවීම තව දුරටත් කරන්න බෑ . රස්සාව බේගන්නත් ඕනෙ . බ්ලොග් එක ඇදං යන්නත් ඕනෙ . කෙල්ලට කෝල් දෙන්නත් ඕනෙ . ඉතින් 2012 සිට අපි ටිකක් හෙමින් ගමන යමු ..
මේ වසර පුරාටම හිස් අහසත් එක්ක රැඳී ඉඳලා මට හයිය හත්තිය දුන්නු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූතියි . ලූණුයි පානුයි කන සාටර් බුවෙක් වෙච්ච මට උඹලට දෙන්ඩ කියලා තියෙන්නේ මේ පපුව අස්සේ තියන අවංක ස්තූතිය විතරමයි ..
තව මොහොතකින් එළඹෙන 2012 වසර බ්ලොග් කියනවන ලියන ඔබ තමුන්නාන්සේලා හැමෝටම ජයෙන් ජයම වේවා..!!! කියලා මම එක හිතෙන්ම සුබ පතනවා ...
සඳරු .
203 comments:
«Oldest ‹Older 1 – 200 of 203 Newer› Newest»සදරුටත් සුබ අලුත් අව්රුද්දක් !
සු බ න ව ව ස ර ක් වේ වා !!!!!!!
උඹටත් සුබ අලුත් අවුරුද්දක් සහෝ...උබ කොහොම ලිව්වත් අපි කියවනව...ලබනාවූ අවුරුද්ද සාර්ථක වේවා..ජය
ළිඳකින් වතුර නොගෙන හිටියොත් ළිඳ පල් වෙනවා ,ඒ වගේමයි නිතර නිතර වතුර ගද්දී ළිඳ හිස් වෙනවා . ! ඕනෙවාට වඩා ලියන්නත් එපා, ඒ වගෙමයි නොලියා ඉන්නත් එපා
Great Advise....
This is the Reality.....Now you going to Balance your life....
ඔබට ජය
AsK
එහෙනං බ්ලොග නිසා ගොඩගිය එකෙක් උඹ! උපරිමෙන්ම සන්තෝසයි!
හත හතරක් උනාම හොදද බං?? අවුලක් නෑ.. ඔක්කොම බේර ගන්නත් එපැයි.. උඹට කෙල්ල ඉස්තීර්වම ලැබුන එක ගැන සතුටුයි.. මම ඉතින් මීට කලිනුත් විශ් කලානේ.. ඒත් කමක් නෑ.. උඹේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
උඹේ හිස් අහසේ අද වෙනකොට දහසක් රන් තරු පායලා මල්ලි. මට හැමදාමත් උඹ උත්කෘෂ්ඨ කතා කාරයෙක්. උඹට මම හැමතිස්සෙම ඒක කියලා තියෙනවා.....!
උඹ ගැන මට හද පත්ලෙන්ම සන්තෝසයි....!
සදා ජය සඳරු මල්ලියේ....!
උඹටත් උඹේ පවුලේ අයටත්, කෙලි පොඩිත්තටත් සුභ අළුත් අවුරුද්දක් වේවා....!
ක්පිත්ක්ථ් සන්තෝසයි.මං වගේම ගොඩ දෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ මේ හිස අහස නිසා.ඉතින් ඔය අපේ ගුරුතුමා.ගෝලයෙක් විදියට බොක්කෙනම සතුටුයි.
ජයවේව!!..
නව වසර සුබ වේවා..!!
කියන්ඩ වචන නෑ සඳරු... අවංකවම සන්තෝසයි උඹේ මේ ජයග්‍රහණය ගැන..
දිගටම කරගන යන්ඩ යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි, හද පතුලෙන්ම පතනවා මචන්..
ලබන්නාවූ 2012 වසර..තව තවත් සාර්ථක, ජයග්‍රහණ ලැබෙන සුබම සුබ නව වසරක් වේවා !!
හැමදේම හොඳින් සිද්ධ වෙලා නේද සඳරූ..සන්තෝසයි.සන්තෝසයි අප්‍රමාණ සන්තෝසයි.
2012 තවත් අඩියක් ඉස්සරහට තියන සුභ නව වසරක් වේවා..අර ප්‍රමෝෂන් එකේ වැඩෙත් බොස් කරල දෙයි නේද ?
අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !
2012 අවුරුද්දෙ ඉස්සරෝලම කිරි හට්ටියක් එහෙම ඇන්න චානුක වත්තේගම මහත්තය ඉන්න තැනක් හොයාගෙන ජෝඩුව ගියා නං නේද හොඳ...
හිස් අහසේ මෙතෙක් කියවූ ලිපි 108 වෙනුවෙන්ම එක කමෙන්ට් එකකින් සුභ පැතුම්!
සුභ අළුත් අවුරුද්දක් වේවා!
-පැතුම් හර්ෂණ
කතා නොකරන හදවත තුල තියෙන කතන්දර මාසෙකට කීය ගානේද කියලා හිතන්නෙ නැතුවම එනකම් අපි බලා ඉන්නම් ! හැමෝටම සුභ නව වසරක් !
අවුරුද්ද කියල මේ පාර විශේෂ මුකුත්ම නොකර රස්සාව අස්සෙ අමතක උන අනිද්දා විභාගෙට මැරීගෙන දගලන අතරෙත් හරියට රෑ 12 ට උඹෙ බ්ලොග බලන්න හිතුනෙ ඒක බලන එක මගෙ දින චරියාවෙ කොටසක් නිසා. මගේ කොමන්ට් දෙක තුනකට වඩා හිස් අහසෙ කොටල නැතුව ඇති ඒත් මේ හැම ලිපියක්ම අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා. උඹටයි අම්මා නැන්දා ඇතුලු පවුලෙ අයටයි උඹෙ මැනිකෙටයි මුලු ගමටමයි සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
අවුරුද්ද කියල මේ පාර විශේෂ මුකුත්ම නොකර රස්සාව අස්සෙ අමතක උන අනිද්දා විභාගෙට මැරීගෙන දගලන අතරෙත් හරියට රෑ 12 ට උඹෙ බ්ලොග බලන්න හිතුනෙ ඒක බලන එක මගෙ දින චරියාවෙ කොටසක් නිසා. මගේ කොමන්ට් දෙක තුනකට වඩා හිස් අහසෙ කොටල නැතුව ඇති ඒත් මේ හැම ලිපියක්ම අකුරක් නෑර ආසාවෙන් කියෙව්වා. උඹටයි අම්මා නැන්දා ඇතුලු පවුලෙ අයටයි උඹෙ මැනිකෙටයි මුලු ගමටමයි සියලු පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
read the article in Lakbima..wish u success in the new year!
සුබම සුබ අලුත් අවුරුද්දක් සඳරු.. මමත් පත්තරේ හොයාගත්තා.. එහෙනම් මේ 2012 අවුරුද්ද ජන්ම ජය වේවා!!
ඔක්කොටොම කලින් සදරුට ලබන්නාවූ 2012 වසර සුබම සුබ නව වසරක් වේවා !!
කියලා පාර්ථනා කරනවා
"ඒනම් පුතා වැඩේ ස්ථීරයි දුව දෙන්නේ උඹට තමා"
"බුදු සරණයි මාමේ"
"බොක්ක තමයි පුතා !”
සිරා කැල්ල හොදේ
හත හතරට බස්සපු එකට බලවත් විරෝදය
අඩේ... 2012.. හිස් අහසට මුල්ම කමෙන්ට් එක මගෙන් වැටිලා නේද... ඒකත් හරියටම... 00:00 ට....
අපිත් එහෙනං වාසනාවන්ත උනා ඈ උඹ වගේ පොරක්ව දැකල කතා බහ කරන්න තරං. දැං ඉතිං අපිට කවද හරි කියන්න පුලුවන් ඔය සඳරු එක්ක අපි පොටෝත් ගහල තියනව කියල.. එල එල.. මොනව උනත් උඹ 7 , 4ට අඩු කරපු එක ගැන මම සතුටු වෙනව. මොකද ඒක උඹට බරක් නිසා. අඩුවෙන් ලිව්වත් හොඳ දෙයක් දීපන් 2012 අවුරුද්දෙදි. උඹට ජය !
අලුත් අවුරුද්ද සුභ වේවා මචං! සයිබරෙන් එහාට තව සෑහෙන දුරක් යන්න ලැබේවා!
බොක්ක තමයි පුතා.. ... !!! සුභ වසරක්...
මං ඒත් බැලුවා කෝ අද හත කියලා... සුභ පැතුම්...
දැන්වත් උබේ අගය උබට තේරුණා නම් ලොකු දෙයක්...!
පොස්ට් අඩු වෙන එකට නම් මම කැමති නෑ ... ඒ උනාට ඉතින් නිදහසට කරුණු දැක්වීම බලපුවාම කමක් නෑ ඉතින් කියල හිතුනා.
උබට ජය ....!
සුභ නව වසරක් වේවා !!!
මේ ලක්බිම ලිපියට සුබ පැතුම් !!!
http://www.lakbima.lk/img/33.jpg
ජය වේවා !!!
ජිවිතේ ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න හැමෝටම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න....
අනිත් හැමෝම හිතනා විදිහට නෙමෙයි.... ටිකක් අළුත් විදිහට හිතන්න....
අළුත් හිතකින්...අළුත් බලාපොරොත්තු රැසක් එක්ක......
අධිෂ්ඨානය පෙරටු කරගෙන...... හැමදේම සල්ලි කොල වලින් විතරක් මනින්නේ නැතුව...
පුලුවන් තරමින් තව කාට හරි පොඩි උදවිවක් එහෙම කරගෙන....
හැමෝම සතුටු කරන්න බැරි උනත්.. කාගේවත් හිත් රිදවන්නේ නැතුව...
සියළු දෙනාට ආදරයෙන්..සතුටින් පිරුනු................
නැවුමි වු හැගුමි හා බලාපොරොත්තු සමගින්.............
2012 වසරට පියනගන්න ආරාධනා.....
සුභම සුභ...නව වසරක් වෙිවා!!!!
සදරුවෝ....
2012 අවුරුද්ද උදා වෙන කොටම උඹට හොද ආරංචියක් ලැබිලා තියෙනවා කියලා නමි පේනවා. ඒකනේ මාමණ්ඩි කෝල් කරලාම දුව දෙන්නේ උඹටයි කියලා කිවිවෙි... සුභ පැතුමි. ඒ වගේම තමයි උඹෙි පෝස්ටි එකක් කියවන්න මෙිතන ගොඩාක් අය ආසාවෙන් ඉන්නවා, මොකද උඹෙි පෝස්ටි එක ඇතුලේ තියෙන්නේ නිකමිම නිකමි හිස් වචන නෙමෙයි, අපි කාගෙත් හිතට කතා කරන්න පුලුවං ලොකු බලයක් උඹෙි අකුරුවල ගැබි වෙලා තියෙනවා. මම ලොකු බොලොග් කරණයේ යෙදෙන කෙනෙක් නෙමෙයි මචෝ... ඒත් මෙි දේ මම උඹට කියනවා...උඹ කවදාහරි දවසක මෙි රටෙි නමගිය ලේඛකයෙක් වෙනවා. ඒක තව අවුරුද්දකින් වෙන්න පුලුවං.. දෙකකින් වෙන්න පුලුවන්.. ඊට වඩා සමහරවිට කල් යන්න පුලුවන්. ඒත් මම කිවිව දේ වෙනවා කියන්න විතරයි මම දන්නේ. සමහරවිට ඒ දේ ඇත්ත වෙනකොට මම උඹ ලග නැති වෙන්න පුලුවන්.. මොනවා උනත් එදාට මට මෙිල් එකක් දාපං ඉන්න තැනකින් බලලා උඹට පිලිතුරු එවනවා...
අද මට හරි සතුටුයි... මොකද උඹ රටක් වටින මනුස්සයෙක් නිසා අපිට.....
ජයෙන්...ජයම වෙිවා......!!!!!
සඳරු උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
සුභ පැතුම් මලේ... ජය !!!
මම හදවතින්ම උබ ගැන සතුටු වෙන උබට ගොඩාක් ආදරේ කරන කෙනෙක් කියලා උබ දන්නවනේ.. හැම ලිපියම කියවන (පරක්කු වෙනවා සමහර එවට නම්) එත් උබ ට මේ අවුරුද්දේ තවත් ගොඩාක් ඉස්සරහට යන්න දිනෙන් දින දියුනු වෙන්න හදවතින්ම සුබ පතනවා මම...
ජය වේවා..
ලිපි 4 ක් වෙන නිසා පොඩ්ඩක් තරහෙන් නැ නැ දුකෙන් :'(
සඳරු පට්ට සන්තෝසයි බන්.. කෙලි පැටික්කිගෙ ගෙදරින් කොළ ලයිට් දැම්ම ඉයල ඇහුවම ඒක දෙගුණයි.. බොට කියන්නෙ මම අපේ ගෙදරට කොර්ල් කරල කිව්ව පත්තරේ අරන් තියන්න කියල..
ආයෙත් බොක්කෙන්ම හැපි. උබට.. අම්මට නංගට... කෙලීට ඔක්කොටම සුබ නව වසරක් වේවා...
ඒ එක්කම පොඩි දෙයක් හිතුනා.. ඒක මන් බොට කෝල් කරලම කියන්නම්.
සුභ මංගලම් අයියේ...!!!
සුභ අලුත් අවුරුද්දක් මචෝ,,මම බුකියේ හැලුවේ අලුත් අවුරුදු තෑග්ගක් කියලා බලද්දි තෑගි ගොඩක් හම්බෙලානේ බන් මේ පත්තර පිටුවෙන්,,,
වැඩියේ කියන්ට ඕනි නැහැ, මේ පොස්ටුවේ පවා සෑම රසයක්ම තියෙනවා..
උඹ බ්ලොග්කරණයට සම්පතක්. ඒ වගේම බොහෝ දෙනෙක් කියනව් වගේ උඹ බ්ලොග් වලින් ඔබ්බට යා යුතුයි.
ඇත්තටම මම උඹේ බ්ලොග් එක කියවන්න පටන් අරන් වැඩි කාලයක් නෑ. ඒත් මම උඹේ කතා බොහොමයක් කියවලා තියෙනවා. උඹට වරදින්නේ නැහැ. උඹට වරද්දපු එවුන්ට වඩා ඉහලට යන්න උඹට පුළුවන්. පරිස්සමින් ඒ ගමන පලයන්.
ප.ලි. - උඹේ බොසා හොඳ එකෙක්
මාමට උඹව කන්න හිතෙන්න ඇති, උඹ එයාගේ දුවට තියෙන ආලෙ දැකලා.අන්න ඒකත් හරියට කර ගන්..
HNY2012.
Check your eMail.
සුභ අලුත් අවුරුද්දක් වේවා......!
ඒ වගේම උඹේ ජයග්‍රහණයටත් සුභ පතනවා..............!!!
ඔන්න මලයා මගෙනුත් නව වසරකට උණුසුම් සුබ පැතුම් ....
හදවතින්ම සතුටුයි මලයා ඔයා ගැන තිබුන ආටිකල් එකට ......
බලපු නැති අයට
මෙන්න පාර
ඕකට ගිහිං මංජුසාව බලන්න ........
I just got to know about yr blog through the article published in " Lakbima".. so i visited yr blog and become a fan ....
i wish you a happy new year and all the best for yr blog....
-Krish-
සුභ අළුත් අවුරුද්දක් වේවා....ජය......
ලබන්නාවූ 2012 වසර..තව තවත් සාර්ථක, ජයග්‍රහණ ලැබෙන සුබම සුබ නව වසරක් වේවා !!
I'm Really Happy for you brother :)
මාමණ්ඩිගේ කැමැත්ත ලැබුනා වගේම බෝසාගෙන් ප්‍රමෝෂන් ඒකත් ඉක්මනටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරනවා...
සුභ 2012 ක් ...!!!!
බොසාත් එහෙනං බ්ලොග් කියවන්ඩ පටාං ගත්තා එහෙනං ඈ..........
ජයවේවා සුභ අලුත් අවුරුද්දක් වේවා....
" හ්ම්ම් මාසෙකට ලිපි 4 ක් එහෙම හොදයි සතියකට සුපිරි ලිපියක් තිබුනම මදෑ "
උණුසුම් සුභ පැතුම්!!!
මම මේ බ්ලොග් එක කියවන්න ගත්තේ මාස දෙකක විතර ඉදන්. ඔක්කොම පෝස්ට් ටික එක දිගටම කියෙව්වා(වීදුරු ගෙවල් ලියන සුදු පූසා තමයි පාර කිව්වේ). සදරු බ්ලොග් ලියන විදියට කාටත් හිතෙනවා කියවන්න. දිගටම ලියන්න. ලක්බිම පත්තරේත් පිටුවක්ම තියෙන්නෙ...
http://www.lakbima.lk/manjusawa%20pages/page1.htm
සුභ පැතුම් මල්ලී. උඹේ රචනා විලාශය බොහොම වෙනස් උඹටම ආවේණික එකක්. ඒක කවදාවත් නැති කරගන්න එපා. දිගටම ලියපන්.
මං කියන්නේ එච්චරයි.
සදා ජය!
සුබ පැතුම් සඳරු...... ජය!
මගේ උණුසුම් සුභ පැතුම් මලයා.... ඒවගේම සුභ නව වසරක් වේවා !
ඔය වගෙම කන බොන මටත් ඔච්චරම තමයි බං කියන්න තියෙන්නෙ....
..........දෙදහස් එකොළහ වසරේ තුන්සිය හැට පස්වෙනි දවසේ සිට තවත් සුවිශේෂී දින තුන්සිය හැට හයකට නව බලාපොරොත්තු ප්‍රාර්ථනා සමගින් ලබන්නා වූ 2012 වසර සුබම සුබ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කොරනව......
යන්තම් මගෙත් එක්ක ෆිට් එකෙක් ගොඩ ගියා..
උඹට ජයෙන් ජය..
ජය වේවා සඳරු!!!
පත්තරේ විස්තරේ දැක්කා... හරිම සතුටුයි! දිගටම ලියන්න අදහස් සහ දිරිය ලැබේවා...
සුබ පැතුම් සඳරු......
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!
- පූර්ණ -
jaya wewa!!! magulak kanna puluwan... :) meeka nam tikak kuppa widihata liyapu post ekak.. mee wage ekak dakkamai... :P
suba mevva ekak vevaa!!!
Okkoma hodai ban ube 7, 4 karana eka tama awla..!!!eth wada asse e liyana 4th watinawa apita
mokada ube lipi kiyawanna hamadama net log una gaman HIS AHASA link eka click karan man wage un tawa godak inna nisa...
Awlak na...wada asse puluwan ganak liyapan..
Cngrtz macho..
Cheerz...!!!
-Ranga-
එල මචො..!! සුබපතුම්..!! උබ මොනා ලිව්වත් අපි මෙක කියවනවා..!!,මන බ්ලොග් එක්ක්ට කියල පලවෙනියටම කියපු එක..!! සන්තොසයි ම්ච්න් ..!!
…
…- පොඩ්ඩා -
හරිම සතුටුයි අපිටත් සඳරු..
අලුත් අවුරුද්ද මීටත් වඩා අපේ සඳරුට ජයෙන් ජය වේවා..
සුභ අළුත් අවුරුද්දක් සඳරු
ජය මංගලම් පොඩ්ඩෝ
ජයවේවා !!!!
අවංක සුබ පැතුම් සඳරූ....සුබ අලුත් අවුරුද්දක්....!!!!!!
ඔයාට ජයෙන් ජයම වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා.
මම මේ කල්පනා කලේ බ්ලොග් ලියන්ට ආවේ නැත්නම් ඔයා වගේ ප්‍රසිද්ධ කෙනෙක් අපට මුන හැහෙන්නේ නෑනේ. ඒකත් වෙලාව....:D:D:D
සියලු පැතුම් ඉටු වන සුභම සුභ නව වසරක් වේවා!
සදරු උබට සුබ අලුත් අවුරුද්දක් වේවා .උබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා ,ජයෙන් ජයම ලැබේවා !!!
ගිය ලිපියේ කීවා වගේ මට පට්ට සතුටුයි මචන්.... ජය වේවා.....! සුභ නව වසරක් වේවා..... උඹට ජය....
ඊයෙ වගේම අදත් මගෙන් සුබ පැතුම් සඳරු මල්ලී..
උඹගෙ කතා කියවල සතුටු වුන එකෙක් හැටියට මාත් ඔන්න සුබ පතනවා ...
සුබ නව වසරක් වේවා !!!!!!!
ජය වේවා! සුභ අළුත් අවුරුද්දක් වේවා! හිතේ ගොඩගැහෙන දේ අමුවෙන් ලියුව නිසයි හිස් අහස ලස්සන උනේ... ලබන අවුරුද්දෙත් අපි එනෝ... ජීවිතේ දිනපු හැමදේටම හදවතින්ම සුභ පැතුම්...
දැන් කාලෙ "මගේ ජීවිතේ ජය කෙසේවෙතත් පරාජයනම් නොඅඩුව ලැබෙනව" කියන එක අයින් කරල දාන්න...එක්කො තිබුනාවෙ බං,ඒකෙ අමුතු ලස්සනක් තියෙනව...මොනා උනත් උඹ දිනුම්නෙ...
මේ ඔය පත්තර පිටුවෙ පින්තූරයක් හරි ලින්ක් එකක් හරි දාපන්කො බුකියෙවත්... වෙනදවගේම එල! ජය!
අඩෝව් හත හතර කරපු එකනම් කැතයි හොඳේ... හික්... අවුලක් නෑ සුපිරි හතරක් දෙන්නකො එහෙනම්... ජයවේවා අයියන්ඩි!
තව දෙයක් කියන්ඩ ඕනා අලුත් අව්රුද්දෙ...
නරකද ප්‍රොෆයිල් එකේ තියන " අරක්කු වලට ගොඩක් කැමතියි . ඒව නිසා තමයි මම ජීවත්වෙන්නේ " කියන එක අයින් කලොත්...
උඹ දැන් රටම දන්න ජනප්‍රිය චරිතයක්.. එහෙම් අයව අනුගමනය කරන එක තමා සාමන්‍ය පුරුද්ද.. ඒකයි ඇඩ් වලට ජනප්‍රිය අයවම ගන්නේ..
ඉතින් උඹ " අරක්කු වලට ගොඩක් කැමතියි . ඒව නිසා තමයි මම ජීවත්වෙන්නේ " කියන එක සමාජෙට දෙන වැරදි පණිවිඩයක්. අරක්කු සමාගම් වලට නොමිළේ දෙන ප්‍රචාරණයක්..... අනිත් එක උඹ දැන් එච්චර බොන්නෙත් නැහැනේ...
ඔය මට හිතුන දෙයක් විතරයි.. උඹම හිතලා සුදුස්සක් කරපන්..
ජය වේවා !!!
මමත් අද උදෙන් ම මලයා ගේ ඒ ආටිකල් එක කියෙව්වා, ලස්සනයි ඒක. සුබ පැතුම් මගෙන්!
මේ තරම් කාලයක් පුරාවට හිතේ තිබුණු ගොඩක් බලාපොරොත්තු ඉටු වුණා වගේ ම ඉස්සරහටත් හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ඨ වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා!
සඳරු මල්ලි, 2011 ට වඩා 2012 උඹේ ජීවිතේට සාර්ථක වසරක් වේවා!!!,
මාමණ්ඩිය කිව්ව එකටම මම මෙහෙම කියන්නම්...බොක්කත් එක්ක අක්මාවත් මල්ලි...බොක්කත් එක්ක අක්මාවත්......හෙහ්, හෙහ්,
ජය වේවා සඳරු.....!!!!
උණුසුම් සුබ පැතුම් සඳරුවෝ.....සුබ මංගලම්....
Suba aluth awruddak wewa Sandaru....
mama me basha wilasayata harima kemathiy
his ahasa kiyawanna aran thawama wedi kaalayak naa
ee unath mage sama wayase kenek jeewithe labala thiyena athdakeem diha balapuwama mama jeewithe athdakeem labala thiyenne bohoma tikai kiyala hithenawa,Keep going Sandaru....... wish yo gud luck :)
සුබ පැතුම් මල්ලියේ... මට හරි ආඩම්බරයි ඔයා ගැන... හිස් අහස පුරා තරු පායලා කියලා දැන් දැනෙනවා නේද මල්ලියේ...
සුබම සුබ නව වසරක් වේවා සදරු මලයා!!!
සඳරු අයියට හදවතින්ම සුබ පැතුම්!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ela.math article eka dakala thamay me patthata gatuwe..
happy future boss!
නියමයි. සඳරු අයියේ තව තවත් ලස්සන කතා රසට ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කොහොම හරි සේරම ගොඩ නේ.ඕකට කියන්නේ දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා කියලා.
හරිම සතුටුයි.
එළකිරි වගේ පිරිසිදු රසවත් අනාගතයකට සුභ පැතුම්!
පාන්දර 7.... :P :P ඒ පැත්තෙන් බැලුවම නම් උඹයි මමයි එකම බෝට්ටුවේ.....
එළ මචං.... ගින්දර වගේ තව පෝස්ට් ලියවෙන්න ඕනේ.. ලබන දෙසැම්බර් මාසේ තුරුළු කරන් නිදා ගන්න හිත්ලාපු කැකුළු ගෙදරට කැන්දන් එන්න ඕනේ... අළුත් අවුරුද්ද ජයෙන් ජය වෙන්න ඕනේ...
පත්තරේ ලිපිය කියෙව්වා... ලින්ක් දාපු කස්ටියට ස්තුතියි.... හරිම සන්තෝසයි සඳරු...
සඳරුගෙ අළුත් අවුරුද්ද ලස්සන එකක් බවට දැන්මම සලකුණු පහළ වෙලා ඉවරයි... ඒ නිසා ලැබුවාවූ 2012 වසර තව තවත් ලස්සන සුභම සුභ එකක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....!!
අනේ මන්ද හද පතුලේ අඩියේන්ම සතුටුයි බන් !!
අඩේප්පා...මන් බැලුව දැන් ඊයේ ලක්බිමෙ හම්බුන් නැනේ උබෙ මූන..
පතමි සුබ නව වසරක්....
සුබ අලුත් අවුරුද්දක් වෙවා සඳරු අය්යා !!!
ජය වෙවා , සුබ පැතුම් හැම දේටම !
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :)
මම අද උදෙන්ම හන්දියට ගිහින් පත්තරේ ගෙනාවා. මල්ලිගේ ෆොටෝ එකක් එක්කම පෝස්ට් දෙකකුත් තියෙනවා දැක්කම සතුට ඉහ වහා ගියා. මල්ලිට මම හදවතින්ම ජය පතනවා. ජය වේවා මල්ලි !!!
මල්ලි ලියන අකුරක් ගානේ මම කියවනවා.
මාසෙකට දාන පෝස්ට් ගාන අඩු වෙනවා කියන එක නම් දුක හිතෙන සීන් එකක්
ජය වේවා මචෝ ,උඹ ගැන සන්තෝසයි ගොඩක්...
මේ බ්ලොග් එක වරද්දන්නේ නැතිව කියෙව්වත්, කොමෙන්ට් දෙක තුනකට වඩා දාල නැතිව ඇති. කොහොම උනත් මම සුභ පතනවා උඹට, සුභ නව වසරකටයි, මේ ලබාපු ජයග්රහනයටයි.
ඒ වගේම චානුක වත්තේගම මහතාටත් ස්තූතීවන්ත වෙන්න ඕනේ මේ වගේ ලිපි සම්පාදනය කරලා අපේම බ්ලොග් කරුවන් දිරිමත් කරන එක ගැන.
මචං සඳරු.... මම උඹේ හැම පොස්ට් එකක්ම කියවල තියනව......... එත් අදයි කොමෙන්ට් එකක් දන්නේ,,,, බ්ලොග්ස් වල මම ආසම writing style eka තියෙන්නෙ බොටයි රත්ගමයටයි......
එලම කිරි මච්ං මගේ උනුසුම් සුභ පතුම්....
මගේ උණුසුම් සුබ පැතුම් මල්ලි....
මං පුරුද්දක් විදියට උදේට ටීවී එකේ පත්තර විස්තර බලනවා..... ඊයෙත් නැගිටල ටීවී එක දාපුගමන් මෙන්න සඳරුගෙ රූපෙ!!!!!! මට හරි සතුටු හිතුනා මල්ලි... මගෙ යාලුවත් ඔයාගෙ බ්ලොග් එක කියවනවා.එයාටත් මං කෝල් කරලා කීවා අපෙ සඳරූ පත්තරේ දාල කියලා....
ඔයාට ගොඩාක් ලස්සන අනාගතයක් තියෙනව මල්ලි... කොහොමටත් දැන් මංගල්ලෙත් ස්ථීර උන එකේ ඔයාගෙ අනාගතේ ලස්සනට ගොඩනගා ගන්න... මං ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා...
ජය වේවා!!!!!!!
ඔබ තුමාගේ මතු අනාගතය දියුණුවෙන් දියුණුවට පත්වේවා!
නව වසරට සුභ පැතුම්
සඳරු කවදාවත් පත්තර සල්ලි වලට නොගන්න චීටා අද ලක්බිමක් ගත්ත සල්ලි සල්ලි කියල බලන්නැතුව. ඒ උඹ නිසා. උඹේ ඉස්සරහ දැන් පාරක් තියෙනවා. (ඉස්සරත් තිබුනට ඒ තරම් කලඑළි වෙලා තිබුනේ නෑ). ඒ උනාට ඒ පාරේ පරෙස්සමෙන්, කල්පනාවෙන් යන එක උඹට බාරයි. පරෙස්සමෙන්, කල්පනාවෙන් කියන වචන තද පාටින් දැම්මේ චීටගේ කොමෙන්ටුවේ වැදගත්ම වචන ඒවා කියල චීටට හිතෙන නිසා. උඹට ජය.
අපේ උණුසුම් සුභපැතුම්....! මම එදා ඉඳන්ම ආසාවෙන් බලපු බ්ලොග්එකක් තමයි මේක... මම මුලින්ම හිස් අහසේ බැලුවේ "මගේ පවුකාර ආදරයේ අලුත්ම තත්වය !!" කියන පෝස්ට්එත. ඒකත් අහම්බෙන් වගේ තමයි... හැබැයි ඒ පෝස්ට් එක ලියපු ශෛලිය මගේ හිතට කොච්චර තදින් වැදුනද කියනවනම්, එදා ඉඳන් අද වෙනකන් මොන තරම් වැඩ තිබුනත් කොහොමහරි ඔයාගේ පෝස්ට් එකක් නෑර කියවනවා...
හැබැයි කවදාවත් කමෙන්ට් එකක් දාන්න තරම් වෙලාවක් තිබුනේ නෑ... ඒකට නම් තරහ වෙන්න එපා...
ඒ කොහොම වෙතත් ඉස්සරහට දිග ගමනක් යන්න තියෙන ඔයාට මම මගේ හදවතින්ම සුභ පතනවා.....
සංතෝෂයි....අප්‍රමාණ සංතෝෂයි...
ජය වේවා මල්ලී...!!!
ජය වේවා!!...එලම කිරි
මගේ උණුසුම් සුභ පැතුම්.
JH
මං කවුරු හරි බුකියේ උඹේ ආටිකල් එක තියන පත්තර පිටුව දාල තියනවා දැක්කා..මට එවෙලේ හිතුන සංතෝශෙ හැටියට උඹට හිතුන සතුට ගැන හිතා ගන්න පුලුවන්...ජය වේවා මචං
සුබ නව වසරක් වේවා
කියන්න වචන නෑ අයියේ ජය වේවා
"මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජය නම් මට නොඅඩුව ලැබෙනවා ..............!"
අන්තිමේදි මේ බ්ලොග් එකෙන්ම අයියට වාසනාව ජය අරගෙන ආවා ඉතිං මේ ලැබූ නව වසරේ ඉදන් දිගින් දිගටම ජයග්රහන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මුළු හදවතින්ම අයියගේ අනාගතයටයි කෙල්ලටයි සුභ පතනවා දැන් ඉතිං ප්‍රොමෝෂන් ෂුවර්....
ලිපි අඩුකරන එක ගැන විරුද්ධත්වයක් නෑ 7ක් ගහන්න අමාරු බව දන්නවා.අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා හරි 2011 වෙනුවෙන් 7 ගැහුවට බොහෝම ස්තූතියි....
අනික සෙන්නා අයියා කිව්ව කථාව මම කියන්නමයි හිටියේ "අරක්කු වලට කැමති" කියන කථාව දැන්වත් අයින් කරමු.දැන් නම් බැගෑපත්ව හරි ඉල්ලන්න වෙනවා.
ජයවේවා සදරු අයියේ සුභම සුභ නව වසරක් වේවා පවුලේ හැමෝටමයි අර පින්වක් ස්ත්රියටයි.එල එල කොල්ලා
Happy New Year..............
ela macho....panui lunui noka sausage ekka toasted bread kewa nam umbata mehema liyanna puluwanda...so lest build the future with this foundation...congrats macho...maya ranjan kenek wenna umbata labewa kiyala pathanawa!!!
සුභ පැතුම් යාලුවා!!
මම ඔයා ගැන පත්තරේ තියෙන විස්තරය කියවේවා!!
හරිම ආඩම්බරයි!! තවත් ඉදිරියට ලියන්න ශක්තිය, ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...
ලැබුවා වු නව වසර සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා..ඔබට ජය..
ආඩම්බරයි යාලුවා ඔයා ගැන... !උදේම කියෙව්වා පත්තරෙන්... තව ඉදිරියටත් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...
ලැබුවා වු නව වසරේ ඔබගේ සිතුම් පැතුම් සියල්ල ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ජයවේවා!!!
සුභ පැතුම් මලේ හදවතින්ම. හුඟක් සතුටුයි බං
සුබ නව වසරක් වේවා..ඒ වගේම මගේ උනුසුම් සුබපැතුම් සදරු මචෝ.දිගටම ලියන්න....
I also got to know about you through the paper article.:pissu sira
රස්සාවත් පරස්තාවත් බේරාගෙන රාජකාරිය දේවකාරිය කරගෙන ලැබුවා වූ 2012 අවුරුද්ද උඹටත් උඹගේ පවුලේ සැමටත් කෙලි පොඩිත්තටත් ලා හිරු දාහක් පායන අහසක් වේවා .. බ්ලොග් ලෝකේ ඉන්න එක සොඳුරු අවංක කතා කාරයෙක් වෙච්ච උඹට තව දිග ගමනක් යන්න මේ අවුරුද්දේ දී හැකිවේවා......
පොඩි මාමා එක්ක අස්සරේ පොඩ්ඩක් වැඩි කරපන්... මිනිහා දියුණු වෙන පාටයි... :) :)
සුභ නව වසරක් වේවා...
සදරු අයියේ අපිටත් ගොඩාක් ආඩම්බරයි.. මම පත්තරේ ඒ කොටස අම්මිටත් පෙන්නුවා මේ අපේ අයියා කෙනෙක් කියලා. අම්මිත් කියෙව්වා. ඇත්තටම ඔයා ගැන හරිම ආඩම්බරයි.. ඒ වගේම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ;;;
well done Sandaru...
post අඩු වෙන 1 ට නම් කැමති නෑ
උඹේ බ්ලොග් ගල් වාඩියටත්, උඹටත් ජයෙන් ජයම වෙන අවුරුද්දක් වේවා....!
අම්මට, කෙල්ලට,වෙන්ඩ මාමණ්ඩිට,බොසාට, ගමේ උන්ට විතරක් නෙමෙයි අපි හැමෝටමත් උඹ ගැන ආඩම්බරයි සදරුවෝ..
සියළු පැතුමන් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම මමත් සුභ පතනවා..
(පලි කෑල්ලක් දාලා ලක්බිමේ ලිපියට ලින්කුවක් දැම්මොත් හොදා නේද?)
අනේ මචන් මීට වඩා විස්තර සහිත මොකද වුනේ කින්ද මන්ද කියල දාපන්කො විස්තරේ,,
මෙතන උඹෙ අම්ම කියපුව නැ..නැන්ද කියපුව නැ..නංගි කියපුවා නැ..
උඹේ බ්ලොග් එකෙ ජීවත් වුන චරිත මේ සිද්ධිය ගැන කියපු හැමදේම ගමේ වෙච්චි කතා බොසා බ්ලොග් එකට කියපු කතා ඔක්කොම දාපන්කො...
සුභ නව වසරක් වේවා..පත්තරේ සීන එකට ඉතින් මම එවලේම බුකීයෙන් හද පිරි සුභ පැතුම් දුන්න නේ..මෙන්න බ්ලොග් අවකාශෙන් උම්ම එකක්
සුභපැතුම් මචන්.ජයවේවා.
රහමෙට වගකීම ටිකක් අඩුකරපං
සුභ නව වසරක් වේවා!
අප්‍රමාණ සංතෝසයි ලිපිය දැක්කම. දිගටම ලියන්න ජය පතනව. ඒ වගේම කියන්න දෙයක් තියනව. මාසෙකට අහවල් ගනනක් කියල හිතල ලියන්න එපා. හිතේ තියනදේ හිත කියනදේ ඒ වෙලාවට ලියපන්. අමතර බරක් දාගන්න එපා.
ආ... මාමන්ඩිගෙ අනුමැතිය ලැබුනු එකටත් සුභපතනව.
සදරු උබට සුබ අලුත් අවුරුද්දක් වේවා.උබ ට මේ අවුරුද්දේ තවත් ගොඩාක් ඉස්සරහට යන්න දිනෙන් දින දියුනු වෙන්න හදවතින්ම සුබ පතනවා.ජය වේවා !!!
සඳරු අයියාට ජය වේවා..!! ලැබූ 2012 වසර වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
සාමය සතුට පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!! සදරු..
ගෙදර හිටපු කාලෙට වඩා ජොබක් කරද්දි තමයි කාලයෙ අගේ අපිට තේරෙන්නෙ.මටනම් දැන් එක හොදටම තේරෙව.එත් උබේ ලිපි වලට කොමෙන්ට් කරන්න බැරිඋනාට වෙලාවක් හම්බුන ගමන් උබේ බ්ලොගේ පැත්තෙ අපි ආවිත් යනවමයි. දීඝායු උබට...
subama suba nava vasarak veva sandaru aiye..2012 vasareedeeth api nisekavama oba samaga redenava.
pa.li,
2012deevath pasveni silpade rakinna balanna.
pa.pa.li,
oyage genu daruva vana nama nodanna akkiyatath suba pethum!
Suba Aluth Auruddhaka Subama Suba Aranchiyak.Dan Mata pena hatiyata Meka ayeth his-ahasak wenne naha wage-Sri Suba Mangalam ayye!!!!!!!!!!!!!!!!
අමුතුවෙන් සුභ පතන්න දෙයක් නෑ වගේ....ඒ වුනත්
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!.
කස්ටියටම හෙට හැන්දෑවට ප්‍රති උත්තර දෙන්නම් . අද පලවෙනිදා නිසා ෆුල් වැඩ පට්ට බිසී .
එතෙක් ඔබ තමුන්නැහේලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
උපරිම සුභ පැතුම් මචං, අලුත් අවුරුද්දටත් එක්ක...
මාමණ්ඩ් බ්ලොග් කියවන්නේ නෑ නේද??
නැත්නම් දෝණිට බොන්න දුන්න කියල තව අවුලක්...
ඔක්කෝටම ඉස්සසෙල්ල සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...
මාත් පත්තරේ බැළුවා..බොහොම සංතෝසයි..බොහෝම ආඩම්බරයි...
තවත් ඉස්සරහට යන්න සුභපතනව හදවතින්ම...
මගේ සුභ පැතුම් ! ලක්බිම පත්තරේ පිටුවක් පුරා ලිපියක් පල වු පළමු හා එකම බ්ලොග් කරුවා ඔබයි. නව වසරේ ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා !
ඔබට සුභ නව වසරක් වේවා !
ඔයාටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!
සුභ නව වසරක් වේවා සඳරු අය්යේ... ඔබට ජය!!
malaya mulinma suba aluth awuruddak wewa mamath oyage blog eka mulinma dakke lakbima news eken eka husmata article 12 k kiyewwa marai bokkatama wadina ape kamak thiyenawa thawa kiyawanawa dan 12i heta wadata yanna oni ohoma yamu malli umbata jayawewa!!!!!!
හද පිරි සුබ පැතුම් සඳරු....ඔන්න බලන්න බ්ලොග් එක නිසා ගොඩ ගියපු කොල්ලෙක් :) මාමණ්ඩිට කලින්ම බ්ලොග් එක පෙන්නන්නයි තිබුනේ...
නියමයි බන් උඹගේ හැම දෙයක්ම අති සාර්ථක වෙන්න කියලා පතනවා සුභම සුභ නව වසරක් වේවා. කොමෙන්ටු නොදැම්මත් නිතරම උඹගෙ බ්ලොගට එනවා. කොමෙන්ටු දාන්න වෙලාව මදි ඒකට නම් සමා වෙයන් මලේ....
අහින්සක - අ.පේ.
පත්තරේ විස්තරේ දැක්කා හරිම සන්තෝස හිතුන මල්ලි උඹ ගැන.ඔහොම යමු ජයවේවා සදරුවන්..............
සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ..මේ අවුරුද්දේ අර ප්‍රමෝශන් එකත් ලැබිලා කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල පතනවා..
හරිම සන්තෝශයි සදරු ඔයා ගැන.. දැන් නම් ඉතින් බොහොම කල්පනාකාරීව ඉදිරි ගමන හදා ගන්න ඕනෙ...
අහ් තව එකක්... දැන් බොස් බ්ලොග් එක බලයි නේද ?
ලක්බිමේ ලිපිය දැක්ක වෙලාවේ පට්ට සතුටක් දැනුනෙ බන්......
සුබ අළුත් අවුරුද්දක් උඹට.....
ජය වේවා !!
Anu
මාත් මචන් අලුතින් උබේ බ්ලොග් එක කියවන්න ගත්තෙ.. හැබැයි උබ ලියන විදියෙ රසට 2010 ඉදන් ලියල තිබ්බ කථා ඔක්කොම එක හුස්මට කියෙව්වා..උබ පුදුම හැකියාවක් තියන කොල්ලෙක් මචන්. උබට සුභ අවුරුද්දක් වගේම උබ කරන කියන ඔක්කොම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්..
ඇත්තෙන්ම හරිම සතුටුයි සඳරු.
උඹ ඇත්තටම අපූරු ලිවීමේ හැකියාවක් තියෙන කොල්ලෙක්.
ඒ හැකියාව දවසින් දවස දියුනු වෙනවා දකින කොට ඇතිවෙන්නේ පුදුම සතුටක්.
සුභ අලුත් අවුරුද්දක් වේවා . .
ජය වේවා . ..
මටත් උඹ ගැන ගොඩක් සතුටුයි සඳරු....
ඒ වගේම උඹගේ ආදරේට තිබුන බාධක නැතිවෙලා ගිය එක ගැනත් සතුටුයි
උඹගේ බ්ලොග් එක කියන්නේ මමත් ගොඩක් ආසම තැනක්
උඹ ලියන පෝස්ට් ගාන 4 ට අඩු කරන එක ගැනනම් හිතට දුකයි තමයි, ඒත් ඉතින් උඹගේ දියුණුවට කරන වැඩක් නිසා එපා කියන්නත් බැහැනේ
මේ ගමන උඹට තව ගොඩක් ඉස්සරහට යන්න ධෛර්යය සහ වාසනාව ලැබේවා කියල පතනවා
2012 නව වසරේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා....!!
සඳරු අයියේ මමත් ලක්බිම පත්තරේ ඔය ගැන තිබුන ආර්ටිකල් එක කියෙව්වා ......
මම comments දැම්මේ නැතුවට පුළුවන් හැම වෙලාවේම ඔයා ගේ බ්ලොග් එක කියවනවා ...
මේ විශිෂ්ට බ්ලොග් ක්‍රියාදාමය අලුත් අවුරුද්දෙත් සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා...
ජයවේවා....
සාමය සතුට පි සුබම සුබ අත් අවුද්දක් ෙවා!!! සද..
LA
ලක්ම ලින්ක් එක...
http://www.lakbima.lk/archive/last_01_01_12/index.htm
LA
උඹ මාවදන්නෙ නැතිඋනත්, උඹේ ලියවිල්ලෙන් උඹව හමුනොවුනත් උඹව වඩාත්ම උඹේ හිත හොඳින් අඳුනන කොමෙන්ටු නොදැම්මත් උඹ පෝස්ටුවක් දානකං බලං ඉන්න කෙනෙක් මම. උඹට කියන්න දෙයක් නෑ... එකදෙයයි කියන්න තියෙන්නෙ... හද පත්ලෙන්ම ජයවේවා..!!!!! හත දහය නොකර හතර කරපු එකට තොට .....(පස්සෙ කියන්නං)...සූටිකෑල්ලට සහ උඹට සුබ නවසරක් වේවා.... මහ මුහුදෙන් එහා ඉන්න මට කේක් කෑල්ලක් කන්න බැරි උනත් උඹල කේක් කනව බලන්න වාසනාව මේ වසරේම උදාවේවා....!!!!!! ... මේ බොලොක්ක ලෝකයෙ ඉන්න හොඳම කතා කාරයින් කීපදෙනාගෙන් මුලින්ම ඉන්න එකෙක් උඹ...උඹේ ලියවිල්ලට ගහන්න එකෙක් නෑබං.....
X-Porter
නව වසරට සුභ පතන අතරේම ඔබගේ කටයුතු තවතවත් සාර්ථක වේවායිද පතමි...
ලක්බිමේ ගිය කකාගෙ ලිපියක් බලල තමයි මාත් මේ බ්ලොග් අඳුන ගත්තෙ. එදා මට වගේම අද තවත් අයට මේකට එකතුවෙනවන්න පාරක් කියපු චානුකට බොහොමත්ම ස්තූතියි වගේම මේ ආ ගමණ ගැන සඳරු මලයාටත් උණුසුම් සුභ පැතුම්!
Jayen Jayama wewa sandaru....
Jaya siri Mangalam !!!
Labuwa u 2010 awurudda Subama suba aluth awuruddak wewa....
All the best for 2012 machng!
උණුසුම් සුබ පැතුම් සමග සුබ නව වසරක් වේවා!
සුභ නව වසරක් වේවා මචන් සඳරු >>>>
"බුදු සරණයි මාමේ"
"බොක්ක තමයි පුතා !”
උබලගෙ මාමත් උබටම ගෙලපෙන පොරක් වගෙ...හිකිස්....
ගෙදරදී පත්තරේ මල්ලි ගැන තිබ්බ ලිපිය පෙන්නුවේ බනිලගේ තාත්තා . ආපහු ඇවිදින් මුලින්ම ගොඩවුනේ මෙහාට . සුබ පතල යන්න ඕන නිසා . ආයේ අලුතින් කියන්න දෙයක් නැහැ . කවදත් කියන පරිදි ඔබේ හැකියාව අසීමිතයි . මේ සුබ පැතුම අපි දෙන්නගෙන්ම . විවාහ වුනාට පස්සෙත් ලියන්න නිදහසත් ඉඩකඩත් ලැබේවි කියල පතනවා . ජයෙන් ජය !!!!
Suba Pathum.
මලයෝ උබ උබේ තාත්ත වෙනුවෙන් දෙන්න ඕනි හොදම තෑග්ග උබේ තාත්තා වෙනුවෙන් දීලා තියනවා. බලපන් තව දෙයක් උබේ තාත්තා වෙනුවෙන් උඹට කරන්න තියනවා, ඒ බොන එක නවත්තපන්. ගිහින් කියපන් තාත්තා වෙනුවෙන් මම බොන එක අත් හරිය කියල. බලපන් අම්මගේ ඇස් දෙක දිහා, බලපන් උබේ අම්මට තියන සතුට !. උමබ අම්මට තාත්තට ආදරය කරන කොල්ලෙක් නම් උඹට එක සුළු දෙයක්. මම වැඩ කරන්නේ ලංකාවේ හොදය කියල පිළිගත්ත සමාගමක, මගේ මාසයක පඩිය මිලියන බගක විටර වෙනවා, අපි ඕනි තරම් ලොකු පාටි වලට යනවා, මුලදී බොන්නේ නැහැ කියල නොන්ඩි කරට අපි කොන්ද කෙලින් කරන් ඉන්නවා, දැන් එකෙක් කියන්නේ නාහේ බීපන් කියල. ඒ මොකද මට මගේ දෙමව්පියන් ගේ හිනාව ගොඩක් වටිනවා. ඉතින් දැන් උඹේ වාරය. උඹට ඕනි වෙලාවක හොද පැත්තට යන්න උදව් කරන්න අපි ඉන්නවා. උඹට සුබ නව වසරක් !
ජය වෙවා..
සුභ අලුත් අවූද්දක් වේව සදරු අයියා....
- Chinthaka_tc
මටත් සෑහෙන්න සතුටුයි සඳරුවෝ උඹ ගැන.. ඒ ගැන කියන්න වචන නෑ බං.. ඒ වගේම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
සුභ අලුත් අවුරුද්දක් වේවා !!කියල මුලින්ම කියනව මලේ..
හිස් අහසේ පහු ගිය පෝස්ට් කීපයක්ම මට කියවන්න වුනේ නැ.වෙලාවක් උනේ නැ.
කොහොම හරි අද මුණුපොතේ ලක්බිමේ ආර්ටිකල් එක දැක්කම මට ඇතිවෙච්ච සතුට කියන්න බැ. මම තනියම ම හින වුනා. හරිම සන්තෝසයි මලේ..හැමදාමත් වගේ සජීවි උබේ ලිවිල්ලට මම කැමති.හිත් ගත්ත බ්ලොග් අතරින් හිස් අහසත් එකක්.
පෝස්ට් 4ක් කියන්නෙත් මහ මහා හුගාක් තමයි මලේ..( මම ලියන විදිය බැලුවම ) .දිගටම ලියන්න.ජයෙන් ජය
මම සෑහෙන්න පරක්කුයි ව්අගේ...:( කමක් නෑ.. අයියාටත් මේ ලබපු අවුරුද්ද ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා..තව තවත් ඉදිරියට ගිහින් හැම කටයුත්තක්ම සාර්ථකව කරගන්න ගමන්, ජීවිතේ දිනාගන්න ලැබෙන්න කියල සුභ පතනවා!!!
ජය වේවා අයියා..
"දිගාමඬුල්ලේ ආශ්චර්යය 2 - හිස් අහස - තෝරාගත් බ්ලොග් රචනා එකතුව" කෘතිය එළිදක්වන දවසට මම අනිවාර්යයෙන්ම දිගාමඬුල්ලට එනවා.
Issellama mama umbata subapathanava!. Umba maha loku lekakayek novunath Ape jathiye ekek nissa eththatama mata umba gena adambarai. maseta 4 ka nemei ekak vunath kamak nehe liyapan!!. Jayaveva!!.
අඩේ සඳරු මම උඹ ගැන ලියලා තියෙන ආර්ටිකල් එක කියවන්න මාර කට්ටක් කෑව බන්. මේ ෆේස්බුක් වල එහෙම දාල තියෙන ෆොටෝ එකේ එහෙම එච්චර පැහැදිලි නෑනෙ..උඹ ගාව තියෙන එක පරිස්සම් කරල අරගෙන තියාගනින් අපි ආවහම බලන්න
පට්ටම සතුටුයි සඳරුවෝ....... ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!!!!
සදරැ තනියෙන් ලිව්වේ නැහැ.. ලියන අනිත් එවුන්ට හයියක් වුණා, ගුරෙක් වුණෘ. පැත්තකට වෙලා බ්ලොග් එකක් ලියන සෑමා ඒක දන්නවා. අනිත් බ්ලොග් වල කමෙන්ට් දැක්කම ඒක තහවුරැ වෙනවා.
ලක්බිමේ කතාව මම බැලුවා...
ජය ශ්‍රී.. !
Well Done Sandaru!
යකෝ මේකේ කොමෙන්ට් බලන්නම වෙනම වෙලාවක් ගන්න එපෑ...බොහෝම අමාරුවෙන් පීරගෙන පීරගෙන මෙතනට ආවේ...
සඳරු මලේ ඔන්න දැන්නං මං හිතන්නේ උඹගේ අර කොළඹ ගමනට කාලේ ටිකක් විතර හොඳයි මං හිතන්නේ...නිකංම දෑත වන වනා ඇවිත් මෙහෙ එන්න හිටිය සඳුරුට වඩා අද වෙනකොට දෙයක් අරං කොළඹට එන්න තරං උඹට පුළුවන් කියලා හිතෙනවා.. උඹ කලින් ලෑස්ති උන වෙලාවට වඩා දැන් උඹට පාරවල් තියෙනවා කියලා මං හිතනවා මෙහෙ එන්නත්... ඒ හින්දා දැන් අපි බලමු ඒ ගමන එන්න..උඹ තාමත් ඒ අදහසේ ඉන්නවනං විතරක්...
තව කතාවක් තියෙනවා..මං ඒ ගැන උඹට බුකියෙන් මැසේජ් එකක් එවන්නම්...
මැක්සා, කියන්න දෙයක් නෑ, විශිෂ්ඨයි....
අප්‍රමාණ සංතෝසයි සඳරූ...
ඔන්න බලපන් උඹ මේක හීනෙන් වත් හිතාපු දෙයක්ද. උඹගෙ හොඳ කාලෙ ඇවිත්. බලපන් උඹ ඉස්සර හිටියට වැඩිය කොච්චර වෙනස් වෙලාද....
මේ පටන් ගත්ත අළුත් අවුරුද්ද උඹටමයි. හිතේ කොනක තියන අහිංසක බලාපොරොත්තුව සාර්ථක කරගන්න ලැබේවා කියලා පතනවා මේ අවුරුද්දෙ...
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා උඹටත්, උඹගේ පවුලේ අයටත් කෙලි පොඩ්ඩටත්....
ජය...!!!!
සුභ පැතුම් !
හරීම සතුටු හිතුනා පත්තරේ දැකලා. හරියට මම පත්තරේ හිටියා වගේ. මට නම් බ්ලොග් එකක් නැහැ. කමෙන්ට් කරන්නෙත් හරිම අඩුවෙන්. ඒත් අද නම් විෂ් කරන්නම හිතුනා.
ජයෙන් ජය සඳරු...
සුභා.
සුභ පැතුම් !
හරීම සතුටු හිතුනා පත්තරේ දැකලා. හරියට මම පත්තරේ හිටියා වගේ. මට නම් බ්ලොග් එකක් නැහැ. කමෙන්ට් කරන්නෙත් හරිම අඩුවෙන්. ඒත් අද නම් විෂ් කරන්නම හිතුනා.
ජයෙන් ජය සඳරු...
සුභා.
හදවතින්ම ෂුභ පතනව සඳරු. සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය!
(මේක කියවන්න පුළුවන් උනේ අද. සුභ පතන්න පරක්කු උනාට සොරි වෙන්න ඕනි.)
suba nawa wasarak wewa.mama dhangaththeth paththaren thama.
I don’t know whether you read this comment or not but I have red almost all the posts after seen the article on Lakbima, within two days. Most of them are good and poetic. Keep on writing you have gifted with a fabulous imagination, but some of the romantic “dedawili” don’t make any sense. On the other hand it is ok b’cos you still 22! Keep up the good work. Jayawewa
සදරු, ලක්බිමේ ලිපිය කියෙව්වම ඔබ ගැන ආඩම්බර හිතුනා.මුල සිටම ඔබේ බ්ලොග් එක කියවපු කෙනෙක් විදියට මගෙනුත් සුභ පැතුම්!!!
මට ලියන්න පුළුවන්.ඒ්ත් ෙකාම්පියුටර් බෑ.ලියන්ඩ පත්තරත් නෑ.බ්ෙලාග් ඒකක් කරන්න ටයිප් කරන්ඩ බෑ.හිෙත් ඉපදිලා හැම ෙමාෙහාෙතම ගබ්සා ෙවලා යන ෙද්වල් ගැන දන්නවනං උඹලා මාව මරලා මෙග් හිත ෙහාරකං කරයි.අවයව ෙහාරු.ෙතාපිට ෙහන ගහනව.මට ෙහාද ෙවලාවට ෙකාම්පියුටර් බැරි උෙන්. ෙහාද ෙවලාවට ලියන්නඩ පත්තර නැති උෙන්. වල් බල්ෙලා්.ගෑනිෙයකුට නිදහෙස් තමන්ෙග් අාත්ම ෙගෟරෙව් අාංබාං කරෙගන ඉන්ඩ ෙදන් නෑ.මම මෙග් කන්‍යා භාවය මැෙරනකං නැති කර ගන්ෙන් නෑ මරාෙගන මැෙරනවා ෙහාදයි.
ඔන්න සඳරුට මගෙනුත් උනුසුමි සුභ පැතුම්..දිගටම එන්නම්..මම නම් අලුත්..හෙමින් යන තරමට ගොඩක් දුර යන්න පුලුවන් ලු නේ...සුභපතනවා ඔයාගේ අනාගතයට
මගේත් සුභපැතුම් මචං. උඹ කොළඹ නාවොත් අපි ඔය පැත්තෙ එනව
මාසයක් ජංජාලෙන් තොරව හිටිය හින්දා මට එන්න බැරි උනා. අලුත් අවුරුද්දේ මාසෙට දාහතර ගන්නේ ලියන්න හැකියාව ලැබේවා !!
කමක් නෑ මචං.දිගටම ලියපං.ලියන එක නවත්තන්න එපා.අපි කියවන එක නවත්තන්නෙත් නෑ.
yaluwa..ela kiri..suba!
Changed URL :
http://www.lakbima.lk/archive/last_01_01_12/img/33.jpg
Good Luck Sandaru, mamath me blog eka balanna patan gatte paththre tibunu article eka balala.
mewa hariyata 'modern jana katha wage' ai oya me katha dala pothak gahanne naththe, internet nathi ayatath oyage kata kiyawanna puluwan ethakota...
මම වැඩිය කමෙන්ට් දාන්නේ නෑ, හැබැයි උබේ බ්ලොග් එක කියවනවා.
එහෙනම් මගේ සුබ පැතුම්
සිරාවටම පරක්කු වෙලා ඔන්න මමත් බොක්කෙම්ම සුභපැතුම් කිව්වා !
අනේ මලේ උඹ නුවර ඉන්න කාලෙ වෙච්ච සිද්දියකුත් ඉක්මනටම දාපන්කෝ.
ජය වේවා මචං!!!!!!
Sadaru aiya, හිස් අහස දෙස බැලූවන් ! 500115
magen suba pathum. ohoma yan.
සඳරූගෙ ලිපිය මම දැක්කෙ ලියන්නගෙ බ්ලොග් එකෙන්. අපිට හරිම ආඩම්බරයි. හතර ගානෙ හරි කමක් නෑ වැඩේ ඇදගෙන යං. නිවාඩුවට ආපු වෙලේ අනිත් බ්ලොගර්ස් ල මුන ගැහුණු වෙලේ අපි සඳරූගෙ බ්ලොග් එක ගැනත් කතා කලා මම නම් පුද්ගලිකව නොදන්නවා වුනත්. සඳරූ මගෙ බ්ලොගර් ID එකට ඇන්නොත් යන්නෙ මගෙ ඉංග්‍රීසි බ්ලොගියට. සඳරූ ඉංග්‍රීසි වලට වැඩි මනාපයක් නැති බව ලියලා තියෙනවනෙ. සිංහල බ්ලොගියෙ ලින්ක් එක තියෙනවා ඒකෙ.
සුභ නව වසරක්!
henryblogwalker the Dude
500,000 සුබ පැතුම්..... !!!!
suba pethum aiyaa....harima sathutui.akkitath suba pathanava.namuth 7,4veema gena sathishaya sanvegaya!
පරක්කු වෙලා හරි ඔන්න මමත් සුභ පතනවා....
සුභ අලුත් අවුරුද්දක්ම වේවා සදරු...හිතන පතන හැමදේම ඉටුවෙන්නත් මේ බ්ලොගියට ඇඩ් කොරන්න අලුත් අලුත් අදහස් පහළ වෙන්න කියලත් පාර්තනා කරනවා ඔන්න.....
සදරු මලේ ලක්බිම පත්තරේ දැකල මමත් බ්ලොග් එක කියෙඋවේ.ජීවිතේටම කියෙඋව පලවෙනි බ්ලොග් එක.මම මගේ සුන්දර ළමාවිය නැවතත් මතක් කලාට උඹට ස්තුති. උඹේ ලිවීම සුන්දරයි.මමත් අද ඉදං පාඨකයෙක් තමයි . ජය ශ්‍රී !!!!
ප .ලි - සිංහල කොටන්න ඉගෙනගතේ උඹට කොමන්ටුවක් දාන්න ඕනෑම උණු නිසාය්. Prasanna ( wattala)
සුභ පැතුම් සඳරු අයියේ.. ජය වේවා..!!! දීර්ඝ ගමනක් යන්න ලැබේවා...
මුලින්ම සඳරුට සුභම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.... පත්තරෙන් හරි මූනත්තහඩුව දකින්න හම්බුනු එකට නම් හරි සතුටුයි... ඔයාගෙ ලියන ශෛලිය හැමෝගෙම හිත් ගන්නව තමයි... ඉතින් ඔයාටත්, ඔයාගෙ පෙම්බරියටත් සුභම සුභ අනාගතයකට මම සුභ පතනවා...
පරක්කු වෙලා හරි ඔන්න බීටා සඳරු අයියටයි අයියගේ පෙම්බරීටයි දෙන්නටම සුභ පතනවා.....
machoo man parakku una! mmm bt subapathanawa ubata bokkenma! mmm! kellawa labuna ekata nam eeta wada apita happy machan! hamadeema hodata karaganin! mmm! maseta 7k nathuwa paaluweida manda bn mee paththa! hamadaama sathutin hodin idahan! mmm!
ela ela man kiyewwa! ado aththatama patta happy ! bt uben ahalada pora artical 1 kale? mokada ube PVT eewath dotta daaida danne na ooka! :D :D :D
.
ඔබගේ ධනන්ජනී ලිපියෙන් පටන් ගෙන සැම ලිපියක්ම බලල තියෙනෙව.. පුවත්පතේ ඔබ දැක්කම පුදුම සතුටක් ඇතිවුනා . හැමදාමත් මම ඔබව අගයකරනවා. ඔබගේ අනිත් වැඩ වලට බාධා කරනොගෙන දිගටම ලියන්න. වාසනාවන්ත ඉසුරුමත් දිවියකට සුභ පැතුම්!
මෙතන සුභ පතන්නෙ නෑ . .. . බුකියෙ පැතුවනෙ . . . ඒත් . . . උඹට "ජය" . . . .
ලක්බිමට ලිපිය ලියපු . . . සිහි සටහන් ලියන චානුක වත්තේගමට ස්තුතියි . . . .
සුභ පෑතුම් සඳරු මල්ලියෙ...
උඹේ ලිවිමේ හෑකියාවනන් සුපිරි කොල්ලෝ.
ජයෙන් ජයම වේවා.!
Nishi
නියමයි සදරු අයියේ.. බොක්කෙන්ම සුභ පතනවා.. ජංජාලාය පුරාම හෙවුවා 31-12-2011 ලක්බිම පත්තාරේ.. ඒත් අයියගේ ආර්ටිකල් 1ක තියන පිටුව හොයා ගන්න බැරි උනා.. කාගේ හරි ලග තියනව නම් link 1ක් දාන්න.. මට කියවන්න ආසයි..
ජය වේවා...!!
oyyyyy sandaruwooooo kooooo sathiyata ekak wath dapiyaaaaaa
ubata JAYA ..............
මල්ලියේ, සුබම සුබ අලුත් අවුරුද්දක් උඹට...අවුරුද්ද පටං අරං තියෙන්නෙත් සුබම සුබ නිමිත්තකිං නෙව.. මං හැමදාම ලියනව වගේ උඹට තියෙන්නෙ අසාමාන්‍ය හැකියාවක්....! ඒක මේ සයිබර් ලෝකෙ හිස් අහස කියවන හැමෝම පිලිගන්න දෙයක්....
වෙන කියන්ඩ දෙයක් නෑ!! උඹට මගේ හද පිරි සුබපැතුම්!!
අම්පාර පැත්තෙ ආව වෙලාවක මං කොහොමිං හරි උඹව බලන්ඩ එනව
ඒක නෙවෙයි.....හිතත් පිරිල තියෙන එකේ දැන් මේකට හිස් අහස කිව්වම හරි යයියැ??
බොල සදරුවෝ මේ පොස්ට් 4 තීරනේන්නම් උඹ අනාගන්නව කොලුවෝ. වැඩිය comment නොකලට බොහොම කාලයක් ඉඳල, මුල ඉඳලම උඹේ පොස්ට් බොහොම ආසාවෙන් කියවපු එකෙක් මම. බ්ලොග් ඔස්තාර්ලාටත් වඩා ඉහලම වේගයෙන් උඹේ හිට්ස් ගානත් ඉහලයනවා මම බලාගෙන හිටියේ බොක්කෙන්ම සන්තෝසෙන්. නිතර උඹේ බ්ලොග් එක පැත්තේ ඇවිත් අලුත් පොස්ට් තියෙනවද කියලත් නිතර බලනවා. හැබැයි උඹේ අලුත් තීරණයත් එක්ක, අලුත් අවුරුද්දේ තවමත් එකම පොස්ට් එකක් වත් උඹෙන් නැහැ. මේකෙන් වෙන්නේ නිතර උඹේ බ්ලොග් එකට ආපු, අලුත් පොස්ට් දානකන් බලන් හිටපු ගොඩක් කට්ටියක් උඹෙන් හැලෙන්න ඉඩ තියෙන එක. උඹ අමාරුවෙන් ගොඩනගාගත්ත දෙය නිකම්ම කඩන වැටෙන්න ඉඩ දෙන්න එපා. අඩු තරමින් උඹ අලුත් පොස්ට් එකක් දාන දවස fix කරලා තියාගනින්. (සෑම සඳුදාවකම වගේ). නරකද මේ ලැබුණු ප්රසිධ්ධියත් එක්ක, උඹේ නම හදාගන්නත් එක්ක (බ්ලොග් නොකියවන අය අතරෙත්) සතිපතා වගේ පත්තරයකටත් ලියන්න ගත්තොත්. මට හිතෙන්නේ මේ හොඳම කාලයයි.
@අන්තිම ඇනෝ = සොරි වෙන්ඩ මිත්‍රයා මේ දවස් ටිකේ මට වැඩ ගොඩ වෙලා බොස් නිවාඩු දවස් සේරම කැන්සල් කරලා දමලා . දවසෙම වැඩ කරලා ආවම මට රැට නින්ද යනවා . ඉතින් ඒකයි ටිකක් පමා . මම හෙට උදේ අලුත්ම ලිපියක් වැටෙන්න සලස්වන්නම් .. මම පොරොන්දු වෙනවා ඒක වෙනස්ම ආරක ලිපියක් වේවි .
හිස් අහසට ආව ගිය හැමෝටම තෑන්ස්ක්
ඔන්න 200 වෙනි කොමෙන්ට් එක මගෙන්..
මමත් හිත හිත හිටියෙ ඇයි සඳරූ අලුත් පොස්ට් එකක් දාන්නෙ නැත්තෙ කියලා...වැඩ වැඩි කම නිසානම් කමක් නැහැ...
පුළුවන් වුන ගමන් පොඩියට හරි කමක් නැහැ, මෙච්චර කල් ලියපු රිද්මය වෙනස් නොකර හොඳ පොස්ට් එකක් දෙන්න..
මේක කොහොම මිස් වුනාද දැන් නැහැ කොල්ලෝ. කොහොම වුනත් බොසා කිව්ව වගේ ' මයි කොන්ග්‍රැජුලේෂන්ස් '
200 වෙනි කොමෙන්ට් එක මගෙ ගානෙ වගේ හෙහ්...හෙහ්...
කෝ බං ඊයෙ මං 200 වෙනි එක කියල හිතාන දාපු කොමෙන්ට් එක?
මම මහා ලොකු ලියන්නෙක් නෙවෙයි . හිතේ තියන දේ අමු අමුවේ කතා කරන භාෂාවෙන්ම අකුරු බවට හරවන එකෙක් . ඉතින් එහෙවු එකෙක් වෙච්ච මට මේ ලැබුණු ගෞරවය මහ මෙරක් තරම් . උපන්දා පටන් එකම එක සහතිකයක් එකම එක කුසලානයක්වත් ගෙදෙට්ට ගේන්න තරම් වාසනාවන්ත එකෙක් නොවෙච්ච මට ලැබුණු මේ තෑග්ග ගොඩක් වටිනවා .
ඔන්න ඔය අවංකකම නිසා තමයි මල්ලි ඔයාට හරි යන්නේ.. ඇත්තටම ඔයාගේ හදවත ඔයාගේ වටපිටාව හරිම අවංකයි නිහතමානියි. ඒ මනුස්සකම දැක්කම ඇස් දෙකේ එකතු වෙන උනු කඳුළු බිංදු ටිකකුත් එක්ක ඔයාට අවංකවම සුභ පතනවා. ඔයාගේ ජීවිතේ හැමදාමත් සතුටින්ම පිරෙන්න ඕන. කාලෙකින් බ්ලොග් කියවන්න ආවෙ.. වැඩ වැඩියි ටිකක්.
Post a Comment
තැන්කූ බං