තරමක් මල බැඳුණු යකඩ කූරු අතරින් වදින සැර එළියට ඇස් දෙක පොඩ්ඩක් විතර හුරු වෙලා . නොකඩවාම ඇහෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රවලින් නැගෙන ගොරැහැඩි යාන්ත්‍රික හඬ දැන් කන් දෙකටත් තරමක් හුරුයි . මොහොතකට කලින් නහහය දිගේ ගමන් කරමින් මගේ බොකු බඩවැල් අඹරවලා දමාපු වමනේ ගන්ධස්සාරෙත් දැන් නාහෙට නොදැනෙන ගානයි. ඒත් එකම එක දෙයක් මට තාම නුහුරුයි . මම දැන් ලැගලා ඉන්න මේ බලු කූඩුව නම් මට පුරුදු නෑ ..
පරම්පරාවේ නම ගෙනියන්න කොලු පැටියෙක් ලැබුණාය කියලා මම උපන්න දවසේ මගේ නෑදෑ පරපුරම සෑහෙන්න සතුටු වුනාලු . එදා සතුටු වුණු මගෙ නෑදෑ සහනුරේ කවමදාකවත් නොහිතන්න ඇති මම පොලීසියේ හිර මැදිරියක තත්පරයක් වත් ගතකරාවි කියලා . උන් මේ ගැන දන්නවා නම් හරි වැරදි ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මාව පවුලෙන් නෙරපලා දමාවි . ඒ ගැන හිතෙනකොට මේ යකඩ දොරේ කම්බි කූරු අඹරවලා දාලා මෙතනින් පැනලා යන්න තරමේ ආවේගයක් මගේ හිතට දැනුණා .
වෙලාව රෑ 9 විතර ඇති . ඇඟට දැනෙන්නේ පුදුම කෙඩෙත්තු ගතියක් .ගෙදර මතක් වෙලා හිත ඇතුළේ ඇවිලෙන ගින්දර කඳ නිසා වෙන්නැති මගෙ මහන්සිය දෙගුණ තෙගුණ වෙලා දැනෙන්නේ . කැලතෙන හිත සන්සුන් කරගන්න හිතලා මම හිර කූඩුව වටේටම ඇහැ යැවුවා . ඒක සාමාන්‍ය හිර කූඩුවක් . හිර කූඩුවේ වම් පසට වෙන්න සිමෙන්තියෙන් හදාපු කණ්ඩියක් තියනවා. මගෝඩි වැඩක් කරහම පොලීසියට ගෙන එන මදාවියෙකුට ඉඳගෙන ඉන්න හරි වැතිරිලා නිදාගෙන ඉන්න හරි එතන පාවිච්චි කරතහැකි . මමත් දැන් මදාවියෙක් , නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් දැන් ඉතින් මමත් එතන ඉඳගත්තට වරදක් නෑ . සිමෙන්ති කණ්ඩිය උඩ ඉඳගත්තු මම මට වෙච්ච සිදුවීම ටිකෙන් ටික ආයෙමත් ආවජනය කරන්න පටන්ගත්තා .
මේ අලුත් අවුරුද්දේදී නම් කිසිම කඩප්පුලි වැඩකට සම්මාදම් වෙලා වරිගේ නහගන්නේ නැතෙයි කියලා හිතාගෙන බීමත් කමටයි දුම් වැටියටයි දෙකටම ආයුබෝවං කියාපු මට දෛවය දුන්නේ මහ අරුම පුදුම දඬුවමක් . මේ සේරම සිද්ධ වුණේ හරියටම 2012 ජනවාරි 1වැනිදා ඉර බැහැගෙන යන හැන්දෑ වරුවකදී.
ඉඳලා හිටලා යාළු මිත්‍රයෙක් එක්ක පොඩ්ඩක් වීදි සංචාරයක නිරත වෙන එක පොඩි එකා සන්දියේ ඉඳලාම මගේ ගාව තිබුණු පුරුද්දක් . පොඩි එකා කාලේදී නම් ගෙදරින් මගේ මේ වීදී සංචාරයට තදබල විරෝධතා මතුවුණත් ටිකෙන් ටික මගේ කර දඬු උස් මහත් වෙනවත් එක්ක්ම ඒ විරෝධයන් නිකම්ම දියවෙලා ගියා .
ගෙදරින් එල්ලවෙච්ච විරෝධයන් වියැකී යන අතරේ අපි ගාල කඩාගත්ත හරක් වගේ ගම පුරාම අයිලේ යන්න පටන්ගත්තා . ජීවිතේ ඔන්න ඔය අයුරින් කාලකණ්ණි විදිහට ගෙවෙමින් යන අතරේ මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මට රැකියාවක් ලැබුණා .රැකියාව ලැබිච්චි මම අයාලේ ගිය ජීවිතයට පොඩ්ඩක් නැවතීමේ තිත තියලා කාර්‍ය බහුල ජීවිතයකට මුල පිරුවා. ඒත් මගේ පරණ මිතුරු සේනාව නම් රැකියාවක් ගැන ඒතරම් නොහිතා ගමේ පාරවල් අයිනේ බඩවැටි ගානේ , වැවු බැමි උඩ ආදී තැන් වල ජීවිතේ වටිනා කාලේ දියකරලා දමමින් හිටියා .
දවසේ වැඩ නිමා කරලා "පාං" කියාගන්නවත් බැරිව ගෙදරට ගාටන මට උන් ගෙවන නිදහස් ජීවිතේ ගැන මොහොතකට ඉරිසියයි !. ඒත් මට පහු පහු වෙද්දී ටිකෙන් ටික තේරුම් ගියා මුං මේ ගෙවන්නේ නිදහස් ජීවිතයක් නෙවෙයි දුකින්, අග හිඟ කමින් පිරුණු ජීවිතයක් බව .

"උඹ ජොබක් කරන එක හොඳයි සඳරුවා නැත්නම් උඹත් අපි වගේ කාලකණ්ණි වෙනවා'
නිවාඩු දවසක මගේ අතිජාත මිතුරු කැල හමුවෙන්න ගිය මොහොතක මෙන්න මේ වදන් පෙළ නම් අනිවා එක මිතුරෙකුගේ කටකින් එළියට ගාටනවා.
"මොනවා කළත් මුං එදා ඉඳන් මගේ යාළුවෝ ! මම ජොබක් කළා කියලා මුංව අමතක කරන්න ඕනෙද ? නෑ නෑ මම එදා හිටපු ඒ පරණ අවලම් කොල්ලම තමයි . මම කවදාකවත් මුංව අමතක කරන්න හොඳනෑ" මගේ යටි හිත මට ඔහොම උපදෙස් දුන්නු නිසාම මම කවමදාකවත් මගේ ජීවිතේට ළඟින් උන්නු කිසිම මිතුරෙකුව අමතක කළේ නෑ . මමත් උන්ට මට හැකි පමණින් උදවු පදවු කළා . උනුත් හැමදාම මා එක්ක හිටියා . හැන්දෑ වරුවක මල්පැණි උගුරකට සෙට් වෙන මොහොතක , හොරෙන් පොල්වල්ලක් බාන්න යන මොහොතකත් , මාළු බාන්න වැවට යන වෙලාවකත් උන් මාව අමතක කළේ නෑ ..
"සඳරුවා අද අපි ටිකක් එකමුතු වෙන්නයි හදන්නේ උඹත් එනවද ? “
පරිගණක පන්තියක් මැද උගන්වමින් ඉන්න අවස්ථාවක මට ලැබෙන මෙන්න මේ තාලයේ දුරකථන ඇමතුම් වලට මම හදවතින්ම වෛර කළා . මේ ජොබ් එක දමලා ගහලා ගිහින් උන් එක්ක එක්කාසු වෙලා ඉන්න ඇත්නම් කියලා මම හීන දැක්කා, සුසුම්ලෑවා . ඒත් සුසුම් වලින් , හීන වලින් පලක් නොවූ තැන මම හිතේ උපදින දාහක් හමාරක් දුක් ගින්දර මැද ඒ යෝජනාවන් ප්‍රතික්‍ෂේප කළා .
"මට බෑ බං මට අදත් කප්පරක් වැඩ !”
"අරි ඒනම් අවුලක් නෑ මචා උඹගේ කොටහා අපි උඹලෑ ගේ පිටිපස්සේ කෙහෙල් පඳුර අස්සේ හංඟලා යන්නම් .. “
"එලම කිරි බං"
"බොක්ක තමා"
ඔන්න ඔය විදිහට නිමා වෙන දුරකථන සංවාදයකින් පස්සේ මට ආපහු මම ඉස්සර ඇලිලා උන්නු ආදරණීය රස්තියාදු ජීවිතේ සුවඳ දැනෙන්න ගන්නවා. ඉන් පස්සේ යලටත් නැති මහටත් නැති කුඹුරක් වගේ මගේ හිතත් පුරන් වෙලා යනවා .. ඉතින් එදා මුලු දවසම කරන හැම වැඩක්ම පුදුම විදිහට මස්තයි.
හැමදාකම මේ විදියට යාළුවෝ කාණ්ඩෙ මාව අමතනකොට මාව මැදි කරගෙන උන්නු දාහක් වැඩ රාජකාරි මට යන්න නොදී මාව බදලා අල්ලා ගෙන උන්නා . ඒත් එක දවසක මට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්‍ෂේප කරන්න නම් මගේ හිත කොහොමටවත් මට ඉඩ දුන්නේ නෑ .

"මචං හෙට අපේ කට්ටිය අලුත් අවුරුද්දට පොඩ්ඩක් එක්සේසත් වෙනවා උඹත් පොඩ්ඩක් ඒ පැත්තේ පද්දලා යන්න වරෙංකෝ !”
ඒ වෙනකොටත් මම මල්පැණි බීම සදහටම අවසන් කරලා දාන්න හිත හදාගෙන ඉවරයි . ඉඳලා හිටලා බීපු බීර ටින් එකක් ඇරෙන්න ඇත්තටම මම ඒ වෙනකොටත් මතින් දුමින් ඈත් වෙලා ඉවරයි .
"මම දැන් අඩිය දාන එක නම් නතර කළා බං ..”
"හා හා කමක් නෑ නිකං අපි එක්ක සැටිස්පයි වෙලාවත් යන්න වරෙන්කෝ !!”
"මම එන්නම් ..”
ඔන්න ඔහොමයි මම සෑහෙන කාලෙකට පස්සේ මගේ මිතුරු සේනාවත් එක්ක ආයෙමත් එකතු වුණේ . ඒත් කවුද හිතුවේ එදා මගේ ජීවිතයේ මාරකයක් පනින්න තියනවාය කියලා !, කවුද හිතුවේ මට කූඩුවක ලගින්න වේවිය කියලා . ජීවිතේ හැටි එහෙමයි හැම දේම වෙන්නේ මිනිස්සුන්ට , මොන තරම් කරණම් ගැහුවත් මේ ජීවිත දුවන්නේ අපිට ඕනෙ විදිහට නෙවෙයි දෛවයේ ලියවිලා තියන විදිහට .
තම්පලාවත්තේ මලිත් කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක් . අම්මා අප්පා වුණත් කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නැති ඒකා අමු හිතුවක්කාරයෙක් . හැබැයි ඉතින් අපිට නම් ඌ සොමි බර මිත්‍රයෙක්. . ඉතින් ජනවාරි පළමුවැනිදා හවස තුනට විතර මගේ ආදරණීය බොස්ට ගල් පැළෙන බොරුවක් ඇදබාලා ඔෆිස් එකෙන් පැනලා මම කෙළින්ම ගියේ මලිත්ලෑ දිහාට .
මලිත් මාව දැක්ක හැටියෙම බුලත් විටක් එහෙම සප්පායම් වෙන්න දීලා ඇල පාරේ උණ ගස් ලන්ද අසල පැවැත් වීමට නියමිත වෙලා තිබුණු අපේ ගමේ මිත්‍රයින්ගේ සාදය සඳහා යන්න සූදානමින් බාටා සෙරෙප්පු ජෝඩුවකුත් ඇඳගෙන ලක ලැහැත්ති වුණා . මම බුලත් විටේ සෑහෙන දුරට හපනකල්ම ඌ ලැහැත්ති වෙන්න වෙලා අරගත්තේ හරියට නිකම් කෙල්ලෙක් බලන්ඩ යන්න වගේ .
හවස පහයි දහයට විතර අපි දෙන්නා කකුල් දෙකේ තිබුණු බාටා සෙරෙප්පු දෙක වැලි පාරේ අතුල්ල අතුල්ල උණ ගස් ලන්ද පැත්තට හෙමිහිට කිට්ටු වුණා . ඔහොම ටික දුරක් ගාටනකොට ඇනිකට් එක ගාවදී දැක්ක පුංචිම පුංචි සිදුවීමක් තමයි මේ හැම දෙයකටම මුල් වුණේ..
!ඇලේ ඇනිකට් එක ගාව වතුර පාර තරමක් සැරයි ! ඒත් කෙනෙක් ගහගෙන යන්න තරමට නම් සැර නෑ . වෙනදා හැන්දෑවට සෙනග පිරිලා ඉන්න ඇනිකට් එකේ ඒ මොහොතේ නම් උන්නේ උස හීන්දෑරි කෙල්ලෝ දෙන්නෙක් විතරයි . ඇල තියෙන්නේ පාරට තරමක් පාතින් නිසා පාරේ යන කෙනෙක් යාන්තමට ඔළුව හැරෙවුවානම් ඇලේ නාන සොඳුරු යුවතියන් දෙතුන් දෙනෙක් බලා කියාගන්න එක කොහෙත්ම අපහසු නෑ .

"අඩේ අර බලහංකෝ බං .. “
මලිත් එකවරම මට යමක් පෙන්වන්න උත්සහ කල නිසා ලොකු කල්පනාවක හිටි මම මොහොතකට ඒ කල්පනාවෙන් මිදුණා .
"කෝ ? මොකද්ද ?, කොහෙද ? , කිඹුලෙක්ද බං ?”
"කිඹුලෙක් නෙවෙයි බං අර බලහංකෝ අර නාන කෙල්ල දිහා . අපෙ අප්පේ ඉතින් ....... !!!! “
මලිත් උගේ අතේ දබරැඟිල්ල ඒ කෙල්ලෝ දෙන්න දිහාට දිගු කරලා මට පෙන්වන්න උත්සහ කළා ..
"ඇඟිල්ල දික් කරන්න එපා යකෝ !”
මට ගන දෙවි නුවන තිබුණ නිසා මලිත් හනිකට උගේ ඇඟිල්ල පහතට දැම්මා . මමත් මලිත් පෙන්නාපු කෙල්ලෝ දෙන්නා දිහා නිකමට වගේ බැලුවා . හ්ම් . තරමක් කලු වුණත් ඒ කෙල්ලෝ දෙන්නගේ අමුත්තක් තිබුණා. උන් දෙන්නා අපේ ගමේ කෙල්ලෝ දෙන්නෙක් නම් නෙවෙයි. ඒත් ඒ ඇඟටම ඇලිච්ච දියරෙද්දෙන් එළියට මතුවෙලා පේන සුන්දරත්වය මගේ නේත්‍රා යුගලයෙන් ඇතුළට රිංගලා මගේ හිත මොහොතකට ඔකඳ කළා .දිය බේරෙන්න කඩා දාපු තෙත කොණ්ඩයත් ඇල මායිමේ සැඩ හුළඟට යාන්තමට හෙලවෙනකොට ඒ දිහාවේ බලං හිටපු මගේ කුඩා බඩවැල් පවා ඇඹරිලා ගියා .
හපෝ කෙල්ලෝ නම් ඕනෙම නෑ
මම මගේ හිත තද කරගෙන කලිසමේ සාක්කු දෙකට මගෙ අත් දෙකම තදින් ඔබාගෙන සන්සුන් ගමනින් ඉදිරිය බලාගෙන මගේ ගමන යන්න පිටත් වුණා . ඒත් මම නොදැක්ක දෙයක් තමයි මලිත් තවමත් කෙළ බේරන මුවින් යුතුව අර කෙල්ලෝ දිහා බලාගෙන ගමන් කරන බව .. !
"මොනාද තමුසේ බලන්නේ ?”
ඇලේ දිය නාමින් හිටි එක කෙල්ලෙක් එකවරම අපේ දිහා බලලා කෝපයෙන් පිපිරෙමින් අහද්දී තමයි මම දැනගත්තේ මලිත් තවමත් කෙල්ලෝ දිහාවේ බලාගෙන අනිමිස ලෝචනයේ යෙදිමින් ඉන්නවාය කියලා .
"වරෙං බං යන්ඩ "
මම මලින්ත්ගේ අතින් ඇදගෙන එතනින් යන්න උත්සහ කළා .මලිත් මගේ අණට කීකරු වුණා නම් හැම දේම හොඳින් අවසන් වෙන්න තිබුණා . ඒත් ඌ වීසි කල එක කට කැටිච්ච පිළිතුරක් නිසා හැම දෙයක්ම වෙනස් වුණා .
"අක්කේ ඕම නැවෙන්ඩ එපා අප්පා අපේ හැඟීම් ඇවිශ්ශෙනවා “.
ඒ පිළිතුර දීලා අපි දෙන්නම ඇල පාර දිගේ තරමක් වේගෙන් ඉදිරියට ගියා . මමත් වැඩිය ඒ සිදුවීම ගැන නොහිතුවේ . ඒ කාන්තාවෝ දෙන්නා මීට කලින් අපේ ගමේදී දැකලා නැති නිසයි . "කොහෙන් හරි ආපු කෙල්ලෝ දෙනෙක් වෙන්නැති" එහෙම හිතමින් මමත් සිනාමුසු මුහුණින් හෙමිහිට අඩි තියමින් උන්නා .
ඔන්න ඔය අතරේ තමයි වේගයෙන් ආපු තුන් සක් රියක් අපිව පහු කරලා නැවැත්තුවේ . ඒ තුන් සක් රිය නතර කරනකොටම මම ඉදිරියට වෙන්න යන දේ හිතෙන් මවා ගත්තා . ඒ තුන් සක් රියේ ඉඳලා එළියට බැස්සේ හොඳට කාපු තරබාරු මිනිස්සු හතර දෙනෙක් . මම නම් මීට කලින් උන් හතර දෙනාව උපන්තේකට කවදාකවත් දැකලා නෑ .

"තොපි දෙන්නගේ හෙණට හැඟීම් ඇවිස්සෙනවා නේද ?”
තුන්සක් රියෙන් එළියට බැහැපු එක තරබාරු පුද්ගලයෙක් අපෙන් එහෙම අහද්දී මටත් ඌරු ජුවල් නැංඟා . පිටගං කාරයෝ කොහොමද අපෙන් එහෙම අහනේ ?.මේ ගම අපේ , ඇල අපේ , පාර අපේ අපි අපේ , ඉතින් අපිට ඉහළින් මේ ගමේ යන්නේ කාක්කෝ විතරයි ඒත් මේ තරබාරු මිනිහා .අපිව බය ගන්නන්න හදනවා !
"ඔයාලා කොහේද ? ඔයාල දන්නවද මේ ඉන්නේ කොහේද කියලා . ? නිකම් ප්‍රශ්න දාගන්න ඔන්නෑ නේ අයියා. පිට ගමකට ඇවිදිල්ලා කේස් දාගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න “
මගේ වාග් මාලාව වැදිලා තරබාරු මිනිසුන් හතර දෙනාගේ බල මොහොතකට බිඳිලා ගියා . ඉතින් ඒ සම්පූර්ණ ප්‍රශ්නෙම එතනින් අවසන් වෙන්න තිබුණා . ඒත් මලිත්ගේ ශ්‍රී මුඛයෙන් එළියට පැන්න එක ගොං වාග් මාලාවක් නිසා හැම දෙයක්ම ආයෙමත් වෙනස් වුණා .
"ඇඩෝව් ! මට එක හූවකින් කොල්ලෝ සීයක් මෙතනට ගෙන්නන්න පුළුවන් .. !”
මලිත් උජාරුවෙන් එහෙම කීවේ අර තරබාරු මිනිස්සු හතර දෙනා බයේ පහුබැහැලා යාවි කියලා හිතලා වෙන්නැති .
මලිත් කීවේ බොරු ! මෙතන අපි ගිරිය කඩාගෙන හූ කිවුවත් එකෙක්වත් එන්නේ නෑ . අපි මෙතන හූ කීවොතින් අපේ ගමේ එවුන් නරි ඇවිදිල්ලාය කියලා හිතලා ගල් කැබලි මේ පැත්තට එවන්නත් බැරි නෑ .
"ආ එහෙමද.? එහෙන් උඹ හූ කියපං .!”
තරබාරු පුද්ගලයෙක් මලිත්ගේ බෙල්ලෙං අල්ලලා මුහුණට වේගවත් පාරක් එල්ල කළා . මම එතනට වේගයෙන් පැන්නේ මලිත්ව බේරගන්නයි . ඔන්න එතකොටම ලොකු ගුටි කෙළියක් ආරම්ඹ වුණා .
මම දකුණු අත උස්සලා වේගවත් පාරක් දෙන්න හදනකොටම නා කපන වැස්සක් වගේ මගේ ඔළුවට මුහුණට ගුටි වදින්න පටන් ගත්තා . මම ඇස් ඇරලා බලද්දී තුන්සක් රිය නොපෙනී ගිහින් . මලිත් ඇල පල්ලමේ නිදිකුම්බා ගාලක ඉඳලා නැගිට්ටා . මගේ නහයෙන් නොකඩවා ලේ ගලනවා . මලිත්ගේ කම්මුල තුවාල වෙලා .
තරබාරු පුද්ගලයින් හතර දෙනෙකු විසින් අපිට තඩිබාපු පුවත මොහොතකින් ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් පැතිරිලා ගිහින් තිබුණා . සිරිපාල අයියලා , රොමියෙල් මාමලා , ලැම්බට් අයියලා ආදී ගමේ ගණංකාරයෝ හැම දෙනෙක්ම හතර වටින්ම වැටිලා තිබුණු බිං කලුවරත් නොතකා අතට අහුවුණු අවි ආවුදත් අරගෙන කාණ්ඩ හතරකට බෙදිලා ගමේ හැම ගහක් ගලක් ගානෙම පීරමින් තරබාරු මිනිසුන් හතර දෙනා සොයමින් හිටියා .

"උං පිට ගං කාරයෝ වගයක් උන්ට එහෙම මේ ගමේ වැඩ දාන්න දෙන්න බෑ"
හැම කෙනාගෙම මුවින් පිට වුණේ අපිව දිරිමත් කරවන වදන් විතරමයි . මමත් ලේ පෙරෙන නහයට පුළුන් කෑල්ලක් තියලා තදකරගෙන වමතින් ගිනිසීරිය කෝට්ටකුත් දරාගෙන ගමේ උදවියත් එක්ක සතුරන් සොයමින් උන්නා .
මට නාදුනන පිරිසක් පහරදුන් වග මගේ ප්‍රියාවියට ආරංචි වෙලා තිබුණේ ඔන්න අතරෙයි . එයා නොනවත්වාම හඬා වැටෙන අතරේ මගේ මාමණ්ඩි දුම්මල වරම අතින් ගත් කට්ටඬියෙක් වාගේ පරල වෙලා යකඩ ඉන්නකුත් අරගෙන මට පහරදුන් උදවිය සොයමින් ගේ ඇතුළේ සිට ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරලා තිබුණා .
පැයක් පමණ දිගු දුර මෙයෙයුමකින් පස්සේ . උඩහ පාරේ කුමාරි නැන්දලාගේ ගෙදර වත්තේ ඉඳපු එක තරබාරු පුද්ගලයෙක්ව අපි දැක්කා . කාණ්ඩ හතරම එකවරම වත්තට කඩා වැදුණේ සතුරු බලකොටුවක් ආක්‍රමණය කරන්න සති ගාණක් බලාන උන්නු බල සේනාවක් වගේ .

"අනේ මයෙ ලොකු නැන්දගේ පුතාට ගහන්න එපෝ ..!”
කුමාරි නැන්දා විලාප තියන්න ගත්තා . එතකොට තමයි අපි දැනං උන්නේ මේ උදවිය කුමාරි නැන්දලාගේ ගමේ නෑදෑයෝ විත්තිය . ගේ ඇතුලේ ජනේලයකින් එබිකං කරමින් බයෙන් වෙවුලමින් මුවැත්තියන් දෙන්නෙක් වාගේ අර ඇලේ නාපු කෙල්ලෝ දෙන්නත් බලාන උන්නා .
පවු.! උන් මේ තරබාරු පුද්ගලයන්ගේ බිරින්දෑවරු වෙන්නැති . කුමාරි නැන්දගේ මූණ බලාගෙන දැන් ඉතින් මුන්ට ගහන්න බෑ .අලුත් අවුරුද්දේ මේ හැම දේම අමතක කරලා දාන එකයි නුවනට හුරු . මම එහෙම කියලා අපේ කට්ටියව ආපහු යන්න හරව ගත්තා . ඉතින් ඒ විදිහට අපි ආපහු හැරිලා ගියා නම් මේ මොහොත වෙනවිට බොහොමයක් දේ සාමාන්‍ය විදියට සිද්ධ වෙන්න තිබුණා . ඒත් මලිත් ආයෙත් උගේ හැකර කටේ හිරි ඇරගත්තා ..

"මෙච්චර දුර ඇවිල්ලත් අපි නිකං ගියොත් මුං හිතාවි අපි පොන්** කියලා . අඩෝව් අපි මුන්ට නෙලමූ !!”
මලිත් එහෙම කෑගැහුවාට පස්සේ කීප දෙනෙක් ආයෙමත් ආවේශ වුණා . එතන තත්වය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තා .
ඔන්න ඔය අතරේදී තමයි කවුරුන් හෝ නීති ගරුක අසල්වැසියෙක් එකයි එකයි නවය අමතලා දැහැමෙන් සෙමෙන් ආතල් එකක් අරගෙන තිබුණේ .. ගේට්ටුව ළඟ පොලිස් ජීප්පුවක් නවත්තනවා දුටු හැටියේම අපේ ගමේ චණ්ඩි සෙට් එක බිම ඉහිරිච්චි ආප්ට සේවු දියර බිඳුවක් වාගේ වාෂ්ප වෙලා ගියා .කකුල් වල වේදනාව නිසා දුවගන්න බැරිව ඉතිරි වුණේ මමත් මලිතුත් විතරයි .
එතනින් එහාට වෙච්ච දේ තමයි කථාවේ මුල් කොටසේ සඳහන් වෙලා තියෙන්නේ .
ඔවු අපි පොලීසියේ කූඩුවේ හිරවුණා !.
මම ආයේ හැරිලා බැලුවා මලිත් කකුල් දෙක අස්සේ උගේ මූණ සඟවාගෙන හිර මැදිරියේ බිම බුදියන්න උත්සහ ගන්නවා .ඌට පයින් එකක් දීලා මගේ තරහා පිරිමහගන්න හිතුවත් මේ අල්ලපු අඩවුව හොඳටම ඇති නිසා මම ආයෙත් නිසොල්මන් වුණා .
මම ආයෙමත් සිමෙන්ති බංකුවේ ඉඳගෙන කල්පනාවට වැටුණා . ගුටි කාපු එකා කූඩුවේ !, ගහපු එවුන් සතුටින් නිදැල්ලේ .
මේ පොලීසිය මට නුහුරු තැනක් නෙවෙයි . මොකද කීවොත් මම තමා මේ පොලීසියේ ඇතුළේ පරිගණක පන්තිය කළේ . ඉතින් ඒ පරිගණක පන්තියට සහභාගී වෙච්ච බොහොමයක් නිලධාරින් මම හොඳින් අඳුනනවා . මම කූඩුවෙන් එළියට නෙත් යොමාගෙන බලාපොරොත්තුවෙන් උන්නේ මම දන්න කියන නිලධාරී තුමෙක් එනතුරු .
වෙලාව රෑ දහයයි හතළිස් පහට විතර ඇති . මම හිතන්නේ මට නින්ද යන්න ඇති . මොහොතකින් කූඩුවේ යකඩ කූරු වලට කෙනෙක් තට්ටු කරනවා දැනිලා මම උඩ ගිහින් ඇහැරුණා .
"සඳරු මල්ලී මේ මොකෝ මේ..? හද් දෙයියනේ . ! සිරිලෝ..!! සාජන් අතුල..!! කොල්ලනේ ඇරපියවු මේ කූඩුව. යකෝ මේ අපේ කොම්පීතර ඉන්ස්ට්‍රක්ටර් මලයා .. !!"
දෙයියොම බලන්ඩ ඕනෙ !. ඒ ඇවිදින් උන්නේ අයි පී ගුණතිලක මහත්තයා උන්නාන්සේ මගේ පරිගණක පන්තියේ ඉදිරිපස පේළියේ දීප්තිමත් සිසුවෙක් ඉතින් අන්තිමේදී ඒ උත්තමයාට පින්සිද්ද වෙන්න මම නිදොස් වුණා . ඊට පස්සේ එතුමාගේ මග පෙන්විම මත මම පොලිස් පොතේ පැමිණිල්ලකුත් ලීවා . දින කිහිපයකට පස්සේ අදාල පුද්ගලයන් මා හමුවට පැමිණ හඬා වැටීම නිසා පසුව ඒ පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා .
කොහොමින් කොහොම හරි ජනවාරි පළමුවෙනිදා පොලිස් කූඩුවක ලගින්න තරම් මම අවාසනාවන්ත වුණා , නාහේ උඩ නොමැකෙන කැළලක් හදාගන්න තරම් මම අවාසනාවන්ත වුණා .
"මේ කූඩුව තියෙන්නේ බලු වැඩ කරන එවුන්ට මල්ලී. උඹ මොකටද මේක අස්සේ රිංගන වැඩ වලට සම්මාදම් වෙන්න ගියේ .? “
අයි පී ගුණතිලක මහත්තයා මගෙන් එහෙම අහද්දී මට දෙන්න උත්තරයක් ඒ මොහොතේ කල්පනාවට ආවේ නෑ ! . ඒත් මට හොඳටම වැටහුණා එතුමා මට හිමිහිට හින්ට් එකක් පාස් කල විත්තිය .
ජීවිතේ හැටි ඔහොමයි කියලා හිතාගෙන මම හිත හදාගත්තා. !
මෙම සිදුවීම විදෙස් සිත්තරා දුටු ආකාරය දැක බලා ගැනීමට මෙතනින් සයිබර් යායට හැරෙන්න !

අපි හරියට සත් ගුණවත්ව හිටියා කියලා අපිට හැමදා යහතින් ඉන්න ලැබෙන්නේ නෑ . කරදර අපිව පන්නගෙන එනවා . මගේ හෘද සාක්‍ෂියට එකඟව මම හොඳටම දන්නවා මම මේ සිදුවීමේදී වැරදි කාරයෙක් නොවන වග . කෙටියෙන්ම කීවොත් වැරදි වෙලාවේදී වැරදි තැනක හිටියාටයි මට මේ විදිහට දඬුවම් ලැබුණේ .
ජීවිතේ හැටි ඔහොමයි කියලා හිතාගෙන මම හිත හදාගත්තා. !
මෙම සිදුවීම විදෙස් සිත්තරා දුටු ආකාරය දැක බලා ගැනීමට මෙතනින් සයිබර් යායට හැරෙන්න !
නම් ගම් මනංකල්පිතයි