5.2.11

හැරදා නුඹ ගිහින් .





             අදට අවුරුදු හතරකට විතර කලින්  කණ්ණාඩියක් ඉදිරියේ හිටගෙන  මම මටම පොරොන්දු උනා හදවතින්ම ආදරේ නොකරන බවට කිසිම කෙල්ලෙකුට කිසිම දවසක .  

අතේ තිබුනු sony ericsson K310 ෆෝන් එකේ SMS ටික සේරම හෙමීට එකින් එක මකල දාන්න හිතුවත් .ඒක එදා සෑහෙන්න අමාරු වැඩක් උනා . ඒක නිසා තවත් වැඩිය ගැන හිතන්නේ නැතුව K310 දකුනු පැත්තේ බිතියට වේගයෙන් දමල ගැහුවා ..

මගේ ජීවිතේ මුලින්ම අරගත්ත ෆෝන් එක . වගේමයි මුලින්ම කරපු ආදරේ !

.ඇත්ත .. මගේ පලවෙනි ෆෝන් එක . වේගයෙන් ඉගිල්ලිලා ගියපු ෆෝන් එක බිත්තියේ වදිනවාත් එක්කම කොටස් දෙකකට වෙන් උනා ..දෙකටම කැඩුනා

හරියටම හරි ..

මගේ හදවත වගේ ..දෙකටම කැඩුනා .!  

තමයි මගේ පලමුවෙනි ආදරේ මට දඬුවම් කරපු හැටි

එදා මම මටම වෙච්ච පොරොන්දුව කැඩුවට මට අද දඬුවම් ලැබුනා . කමක් නෑ ඒකත් හොඳ අත්දැකීමක් .

මීට අවුරුදු හතරකට පෙර !

*******************************************************************************************
                                               
.අතෙන් කුකුලාවත් වඩාගෙන  . මම වෙනදටත් වඩා උදෙන්ම  ඊයේ  වැඩට ගියා . වෙනදා වැඩට යන අතරමගදී ..ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉඳගෙන .මට මල් හිනාවක් තෑගි කරන එයාව නම් දකින්න මට බැරි උනා . එයා මට ගේට්ටුව ගාව ඉඳන් හැමදාම හිනහා නොවුනත්. ඉඳලා හිටලා . එයා දුන්න හිනා මල්වලට මම හරිම කැමතියි .

අයේ කවදාකවත් හිනාව මට බලන්න බැරිවේවි ,

  මම වෙනදා උදේට නැගිටින කොට හිතනවා අද මම මගේ හුරුබුහුටි කෙල්ලව හම්බ වෙන්න ඕන නේද කියලා . ඒක නිසා වෙනදාට මම අමාරුවෙන් හරි උදෙන්ම නැගිට්ටා අමුතු සතුටකින් . දැන් සතුට මට උරුම නෑ . කරටි කැඩෙන්න බොන අය හොඳටම දන්නව ඇති  බීව්වම උදේට නැගිටින්න තියන අමාරුව . මටත් අමාරුව හොඳටම තියනවා . දැං උදේට නැගිටිනකොට අමාරුව ඩබල් .!

වැඩට ගියපු වෙලේ ඉඳන් 20 පාරකට වැඩිය මම ෆෝන් එකේ තිබුනු එයාගේ පින්තූරේ බැලුවා . දුකක් නෑ කියලා පොරටෝක් දුන්නට පපුව හිරි වැටිලා වගේ  .. හිනාව , කතාව , ආදරබර වචන , හවස 2න් පස්සේ නොකඩවාම ගලාගෙන එන SMS මේ හැම දෙයක්ම නැතුව දැන් මට පොඩි පාලුවක් දැනෙනවා . ඒත් දුක නෑ .!

මට මේ ලෝකෙන් 100% හරි යනවා කියලා මම හිතපු එකම කෙල්ල .  මට ආදරේ කරලා , මගේම වෙලා ඉඳලා , අද මාව දාල ගිහිල්ලා . එයා මට වරදක් කරානම් මට පොඩ්ඩක්වත් දුක නෑ . මගෙ අතිනුත් අබමල් රේණුවක තරමින්වත් අහිංසකීට වරදක් වෙලා නෑ .. මේව මතක් කර කර මට ඉන්න බෑ ඉතින් මම එක දිගටම වැඩකරා . වැඩකරන එක දුකට නියම බේහෙත

කල්පයක් තරම් දිග දවසක් ඔය විදිහට ඉවර උනා  !

වෙලාව 5.45 විතර ඇති මහ හයියෙන් වැස්සා මම තෙමීගෙනම ගෙදර ආවා . ගෙදර එනකොටම වැස්ස නතර උනා . අහසත් මට කොලොප්පං කරනවා ! .

එතකොටම කෝල් එකකුත් ..

හලෝ !

සඳරු මල්ලී මම ජයසිරි අයියා කතා කරන්නේ

කියන්න අයියේ

මල්ලි ගං වතුර අධාර බෙදන්න ආපු සුද්දෝ වගයක් මට කොටයක් දීල ගියා .මම ඉතින් ඕවට නෑනේ . උඹ ඇවිල්ලා අරගෙන පලයං

හ්ම් මම එන්නම්

ඉක්මනට වරෙං නැත්නම් මේක වීසි කරනවා

මටත් නොදැනීම මගේ අඩිය ඉක්මන් උනා . අතරමග බයිට් කරත්තෙන් . බයිට් ටිකකුත් අරගෙන . මම ජයසිරි අයියගේ බෝඩිමට ගියා .

අන්න අරක දොර මුල්ලේ ඇති . බීල බෝතලේ පේන්න තියන්න එපා .! මම යනවා උඹ පිටිපස්සේ දොර වහගෙන වරෙං

 මමත් දොර මුල්ලේ පැදුර අස්සේ හංගලා තිබුන බෝතලේත් අරගෙන . පිටිපස්සේ පඩි බංකුව උඩ වාඩි උනා. පෙට්ටිය ඇරල බලනකොට රෙඩ් ලේබල් එකක් .. තනියම ගහන්න බෑ .. අද  බාගයක් ගහනව..!  

පලමුවෙනි ෂොට් එක උගුරෙන් පහලට වැටෙනකොට මට මගේ සම්පූර්න ආදර කතාවම මතක් උනා ..ඇයි මම එයාව අමතක කරේ කියලත් මතක් උනා .එයාව අන්තිමට දැකපු දවසත් මතක් උනා ! හරියට චිත්‍ර පොතක පිටු පෙරලෙනවා වගේ .

මගේ තාත්ත ගොඩක් නම්බුකාර විදිහට , ආඩම්බරෙන් ගමේ ජීවත් වෙච්ච කෙනෙක් . එයා මැරුනේ .එයාගේ නම්බුව එයාගේ නම් . මේ හැමදෙයක්ම මගේ අතේ තියලා ..මම ආදරේ කරන කෙල්ලගේ අම්ම හරි තාත්ත හරි අයියලා හරි මගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා . කෑ ගැහුවොත් . තාත්ත එයාගේ ජීවිත කාලෙම හම්බකරපු නම්බුව .මම නිසා නැතිවෙලා යනවා ..එහෙම උනොත් මට කවදාකවත් සැනසීමෙන් ඉන්න බැරිවේවි.ඒක නිසා මේ ඇවිලිච්ච ගින්දර .ආයේ වැඩි කරන්න මම කැමති නෑ .හැබැයි මම මේක නතරකරාට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් මොකෙක් හරි පිරිමියෙක් ඇවිල්ලා . කෑගහන්න හැදුවොත් මම ඌව යහතින් යවන්නෙත් නෑ !

 ටිකෙන් ටික කලුවර වැටුනා . බෝතලෙත් බාගයක් විතර ඉතුරු උනා .. මම වටපිට බැලුවා ..

අද උදේ තිබිච්ච ලස්සන උදෑසන නෙවෙයි දැන් තියෙන්නේ කලුවර පාලු හැන්දෑවක් . මගේ ආදරෙත්  හරියට ගෙවිල ගිය උදේ කාලේ වගේ . ..හරිම සුන්දරයි ! .

කිසිම දෙයක් හිතන්නේ නැතුව . පොඩ්ඩක් මම අවට සද්ද වලට කන් දීගෙන හිටියා ..!  කිසිම සද්දයක් නෑ . හරිම නිහඬයි .මම ගොඩ කාලෙකින් ඇතිවෙන්නම තනිකම විඳ ගත්තා !

කලුවරට අයිති හෙවනැල්ලක් වගේ .මම බංකුව උඩ වාඩි වෙලා හිටියා. එක කුරුල්ලෙක්වත්  මං වෙනුවෙන් එකම එක සින්දුවක්වත් කිවුවේ නෑ .! ..උන්ටත් දැන් මාව එපා වෙලා !

කමක් නෑ මම අළුත් ඇරඹුමකට සූදානමින් හිත හදාගත්තා

 සඳරු //

































3.2.11

වැරදිලයි පෙම් කලේ ..





හීනෙකින්වත් නොසිතූ විලසට
ලංවෙලා මගේ හදවතට

ආදරයේ පැහැය කිමැයි
පසක් කර දුන් සොඳුරියේ !

තනිකමේ කඳුළු කැට
නෙතු අතර අලවා

සියක් දහසක් සිහින පෙන්වා
ජීවිතය අඳුරු කොට

අහසට පිටුපා වෙන්ව ගිය
අකීකරු වැහි බිඳුවක් මෙන්

ගියත් නුඹ වෙන් වෙලා ........

සාප නොකරමි වෛර නොකරමි
තනි නොවෙමි නුඹ නමින් කිසිදා !

පවුකාර ආදරයක
සොඳුරු මතකයන් ලඟ
*************************
ඉතින් .......පුංචි ආදරියේ
යලි නොඑනු මැන මා සොයා

ඉතින් නුඹ මට අහිමි නම්
තවත් දුක් නොවන්නෙමි.

ගිලන් වූ සිතකින්
පතන්නෙමි පැතුමක්

සුපුරුදු සෙනෙහසින්.......

ජීවිතය නුඹගේ පැනියෙන්ම පිරේවා.... !!
මතුද උපදින බවේ නුඹ මගේ නොවේවා ...!!

සඳරු //