9.2.11

වෝල්ට් 33000ක් වැදුනා .!



                        වැඩිපුරම මට මල පැන්න දවස තමයි ඕං අද . මට මල පැන්නේ මනුස්සයෙක්  එක්ක නම් නෙවේ . රජයේ ආයතනයක් එක්ක . විදුලිබල මණ්ඩලය  එක්ක

මේ සිද්දිය  පටන් ගත්තේ හරියටම ඊයේ උදේ ..විදුලිබල  මණ්ඩලයට අයත් වාහනයක්  යකඩ කටකින් ගෑ ගහමින් පාරේ ගියපු වෙලාවේ යකඩ කටින් කියැවුනේ . විදුලි බිල්  ගෙවපු නැති හැමෝගෙම ඉදිරි පැය 24 ඇතුලත විදුලිය විසන්ධි කරන බව . කතාව ඇහුනහම තමයි මටත් මතක් උනේ අපේ ගෙදරත් රු 2400 විදුලි බිලක් ගෙවන්න තියනවා කියලා . ඒක  නිසා  මම තීරණය  කරා ඔය ගාන ඉක්මනටම ගෙවලා මේ බිලෙන් නිදහස් වෙන්න . ඒත් දෙයියනේ ! මා ගාව පිච්චියක් වත් තිබුනේ නෑ . සන්තකේටම තිබුනේ . ෆෝන් එකේ තිබිච්ච රු 14 විතරයි ..ඒකත් ඩයලොග් එකෙන් ගත්ත ලෝන් එකක් .. වෙලාවෙම අම්ම ඇවිදිල්ලා මට රු 3000 දීල කිවුවා

අද වැඩට ගිහිල්ලා එනකොට මේ බිල් එකත් ගෙවලා එන්න නැත්නම් ආපු ගමන්ම කොම්පියුටර් එක ඉස්සරහා වාඩිවෙනවා බොරු   කියලා ..

ඉතින් මමත් සල්ලි අරගෙන වෙනදා වගේම වැඩට ගියා . මේ දවස්වල මම බොන්නේ කලවම් ඒව හින්දද මන්දා දැන් මට පොඩ්ඩ ඇත්නම් තරහා යනවා . වැඩට ගියේ බස් එකේ ඉතින් තරහා ඩබල්. එක මිනිහෙක් මගේ කන ගාවින් යන්න බුලත් කෙල පාරක් ගැහැවුවා ..සූ සූ සූස් සූ ස් .. ගාලා .. මමයි තව ඇන්ටි කෙනෙකුයි එකතුවෙලා මිනිහට පලු යන්න බැන්නා! .මට පස්සේ පවු කියලා හිතුනා .ඒත් අර ඇන්ටි දිගටම බනිනවා  . මම බහින තැන ආවා ..මම බැස්සා .. ඇන්ටි තාම බනිනවා ..අනේ පවු අසරන බුලත් කාපු එකා !

ඉතින් මම දවල් වෙලා විදුලි බිල ගෙවන්න ගියා ..ගෙවන්න තියෙන්නේ රු 2400 අම්ම රු 3000ක්ම ගෙවන්න කියලා දුන්නා වැඩි හොඳට . මට නිකමට හිතුනා රු 200 අරගන්න අරං බියර් එකක රස බලන්න ..පොඩි එකාගේ ආසාවනේ ..අම්ම මොකුත් කියන එකක් නෑ ! එහෙම හිතලා මම රු 200 යට ගහගත්තා ..මොකෝ මට තවම පඩි හම්බ උනෙත් නෑ නේ ..

ඔන්න ඔය විදිහට මම විදුලි බිලට රු 2800 ගෙවුවා ..ගෙවලා රිසිට් එකත් අතට ගත්තා. දැං තමයි වැඩේ මේ රිසිට් එක අම්ම අතට දෙන්න බෑ . දුන්නොත් අම්ම අහනවා කෝ අහ රු 200 කියලා .මොනා කියන්නද ? . බොරු කියන්න බෑ . බියර් ගැහුවා කියන්න කොහෙත්ම බෑ .

ඒක නිසා මම රිසිට්ටුව මගේ පොකැට්ටුවේ තැම්පත් කරා . අම්ම ඕක ඉල්ලන්නේ නෑ .අම්මට ඕක අමතකයි එහෙම හිතලා මම ..වැඩේ හීන් නූලෙන් යට ගැහුවා ..

ෂක්තිමත් බියර් එකකින් පදම් වෙලා මම සතුටෙන් ගෙදර ගියා සින්දුවකුත් හිතෙන් කිය කිය .මා නෙත් කැදැල්ලෙ……සැතපීලා නිදැල්ලෙ…” ඔන්න ඔය විදිහට දවස ඉවර උනා ..පහුවදාට අලුත් දවසක් ඇරඹුනා ..මම වෙනදා වගේම වැඩට ගියා ..

උගන්වන පන්ති ටිකෙන් බාගයක් අවසන් කරා පස්සේ ඔන්න මම කෑම කන්න අත හෝදගත්තා විතරයි ..මෙන්න ගෙදරින් කෝල් එකක් ! අම්ම කෝල් කරනවා

පුතා ඔයා ලයිට් බිල් එක ගෙවුවේ නැද්ද ?

මොකෝ නැත්තේ ඊයෙනේ ගෙවුවේ  ..

මෙන්න විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා  ලයිට් කපන්න යනවා .!

යකෝ ! මම රු 200 මාටියා ගහගත්තට . නියම ගානටත් වැඩියෙන් සල්ලි ගෙවුවනේ ! විදුලිබල මන්ඩල් කාරයෝ බීලද ?. මට හිතුනාන අනික අපේ පලාතේ මිනිහෙකුගේ ගෙදරක ලයිට් කපන එක අනික් ගෙවල් වල මිනිස්සුන්ට ගොයං කපනවා වගේ දර්ශනයක් ..හැමෝම ගෙවල් වලින් එලියට බැහැලා ..

අයියෝ ! මෙයාල කොච්චර හොඳට හිටපු උදවියද .

බලන්න දැං හතේ හත වැදිලානේ කියනවා ! . මදිවට ගෑනු ..හෝ ගාල හූල්ලනවා ..අන්න ඒක නිසා ලයිට් කපනවා කියන්නේ හතර විලි ලැජ්ජ්ජා නැති වැඩක් ..

ඉතින් ගොල්ලන්ට කියන්න අපි බිල් ගෙවලා තියෙන්නේ කියලා ..මම කීවා

එයාලා රිසිට් ඉල්ලනවා ! අම්ම කියනවා

රිසිට් එක මා ගාව දැන් මොකෝ කරන්නේ …”

කෝ ඔය ෆෝන් එක දෙන්න ලයිට් කපන්න ආපු එකාට බැරිම තැන මම කීවුවා ඉතින් අම්මත් පොරට ෆෝන් එක දීල ..මාත් එක්ක කතා කරන්න කිවා.

හලෝ ..සිංහල නොවන කෙනෙක් කැඩිච්ච සිංහලෙන් හලෝ කීව

අපි බිල් ගෙවලා තියෙන්නේ ඔයාල කරන්ට් එක කපන්න එන්නේ හොයල බලල නෙවේද  ?

ඔයල තව රු 2400 ෂෙවන්න ෂියනව ! එයාගේ කැඩිච්ච සිංහලෙන්ම කීව ..

මට පුදුම සතුටක් දැනුනා ..

මේ ඕයි ..මම ඊයේ ගිහිං සල්ලි බැඳලා ආවේ .මගේ ලඟ තමා රිසිට් එක .බොරුනං තමුන්ගේ ඔෆිස් එකට කෝල් කරලා අහගන්නව

එයා ෆෝන් එක කට් කරා පොර යන්න ඇති මම හිතා ගත්තා ..

අම්ම ආයෙමත් කෝල් කරා ..

පුතා අන්න කරන්ට් එක කැපුවා ! ..ඔයා ඇත්තටම බිල් ගෙවුවා නේද ? යකෝ අම්මටත් මාව සැකද ?

 මට හොඳටම මල. මල උපරිමයි !

මම කෙලින්ම ගියා විදුලිබල මණ්ඩලයට බිල් ගෙවන්න ආපු පෝලිම පාර  දිගටම ඉන්නවා ..මම කෙලින්ම ඇතුලට ගියා

එතන මේසෙයක් තියාගෙන වාඩි වෙලා හිටපු කෙනෙකුට මම රිසිට් පෙන්නලා කීව .මම ඊයේ  බිල් ගෙවුව අද ලයිට් කපල ගියා කියලා

පොරත් ඕනෑවට එපාවට  එහෙට මෙහෙට ගිහිං ඇවිල්ලා  මට මෙහෙම කීවා

ආයේ කරන්ට් එක දෙන්නම් ඒත් සිඳලීමේ සහ නැවත සවි කිරීමේ ගාස්තු විදිහට රු  850 අය කරන්න වෙනවා කියලා

මටත්  මාර ජොලි දෙන්නං උඹට 850ක් ..

හලෝ මේ තමුසෙට මම කිවුවද හොයලා බලන්නේ නැතුව ගිහිං කරන්ට් කපලා එන්න කියලා .බිල් ගෙවලා තියෙද්දී  කපලා ගියාට තමුසෙලා මට දෙනවා 850ක් ..හොඳ හිතිං ආයේ කරන්ට් එක දෙනවා නැත්තං ..බලා ගන්න පුලුවන්

මහත්තයා මෙවුවා රජයේ ආයතන අපි වැඩ කරන්නේ  ආයතන වල නීති රීති වලට අනුව ..

ඒක ඇහුව්චට ප්ස්සේ මගේ කටින් අසැබි වචන සමූහයක් පිට වෙනවා වටේ හිටපු අයට ඇහිලා තිබුනා ..

මම මේසේ උඩ තිබ්බ මල්වාස් එකකුත් බිමට දැම්මා

ඔන්න බොලේ සිකුරිටි මහත්තයෙක් එනවා . දෙවනි ලෝක යුද්ද කාලේ පාවිචි කරපු .මහා ලොකු ගිනි අවියකුත් අරගෙන .වර .මමත් හිතාගත්තා  කාල තුවක්කු අරගෙන ආවත් පැරදිලා නම් එලියට බහින්නේනෑ කියලා ..

 මිනිහා ගන් එක මට පේන්න ගෙනාවේ. මම ඒක දැකලා පන එපා කියලා දුවයි කියලා හිතලා වෙන්න ඇති. ඒත් මම දන්නවා ඒකෙන් වෙඩි තියන්න ඒතරම් ලේසියෙන් බැරි බව

මම ආයෙමත් පටන් ගත්තා ..මම සත 5ක් වත් දෙන්නේ නෑ තමුසෙලා ගේ වැරදි වලට ..අපි මොකටද ඕයි සල්ලි ගෙවන්නේ .

කස්ටිය නිකං හක්ක පටස් කාපු වල් ඌරෝ වගේ ..මීක් නෑ

ඔන්න එතකොටම තවත් ලොක්කෙක් ආවා .. එයා හරිම කාරුනික පාටයි .දත් සේරම ඉස්‍රහට ඇවිල්ලා ..ජරාව කාලමද කොහෙද ?

එයා හරිම සන්සුන් ගමනින් පැමින . මම බිම දාපු මල් පෝච්චිය ආයේ මේසේ මතින් තියලා කතාවට බැස්සා ..

මොකද සර් මේ කෑ ගහන්නේ ..?

ඇයි ඔයා බබාද ? මම දැක්කා ඔයා අර එහාපැත්තේ ඉඳන් අහගෙන ඉන්නවා ..ආයේ අමුතුවෙන් කියන්න බෑ ..මම සල්ලි  ගෙවලා තියෙද්දී  කරන්ට් එක කැපුවට ඔයාල වැරදි ඔයාල වරද පිලිගන්න මම ඔයාලට ඕන ඕන විදිහට නටන්න ලෑස්ති නෑ ..

වටේ බිල් ගෙවන්න ඇවිල්ලා හිටපු එක මිනිහෙක්වත් මගේ පැත්තට කතා කරේ නෑ..! උන් සේරම දෙනා ..7.30 යන ටෙලි නාට්ටිය බලනවා වගේ කටිනුයි අනික් පැත්තෙනුයි බලං හිටියා .

හරි හරි කෝ ඔයාගේ රිසිට් දෙන්න බලන්න ….. රිසිට් එක පැත්තට මේ පැත්තට හරවලා බලල . මෙයත් කියනවා ..

මේක අඩුවෙලා නෑ . ඊයෙ උදේනේ ගෙවල තියෙන්නේ ..

මම ආයේ මල් පෝච්චිය බිමට දැම්ම්මා ඒක බිම දිගේ රෝල් උනා  .. සිකුරුටි ඒක  පස්සේ දිවුවා

තව වලි දාගන්න බෑ ..මම දවල්ට කාලත් නෑ ..

හරි තොපිට ඕන සල්ලිනේ ඉඳා කාපල්ල සල්ලි කියලා මම රු 850ක් බැන්ඳා

හැබැයි තව  විනාඩි 10 යන්න කලින් කරන්ට් එක නාවොත් මම ඇවිල්ලා තමුසෙව අල්ලගන්නවා බෙල්ලෙන්ම ..(බොරුවට කීවේ)

මම එලියට බැස්සා

හරියටම විනාඩි හතකින් අම්ම කෝල් කරා ..අන්න කරන්ට් එක හදනවා ..ඔයා සල්ලි  දුන්නද ?

ඔවු මම කිවුවා ..

ඔන්න ඔය විදිහට කරන්ට් ගැටලුව අවසන් උනා ..මට නිකම් වෝල්ට් 33000 ක් වැදුනා වගේ ..ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ ..මුන් පගා කාලම තනිකර හොරු බවට පත් වෙලා රජයේ ආයතනයක් නෙවේනම් දනී කරන දේ මුන්ට ගැහුවොත් මට අනිවා බලු කූඩුවේ ලගින්න වෙනවා .ඒක නිසා හෙමීට පැරදිලා ආවා

චි:  

සඳරු //

 

6.2.11

තේ බී වෙරි උනා...!




කටි දුම් පිටවෙන

වැසි වසින සීත උදයක

නංගි ගෙන තේ එක

බීගෙන ගියා එක හුස්මට


රසින් රස වෑහිනි

කෝප්පේ අඩිය පෑදිනි

අහෝ ඛේදයකි...........!

කෝප්පය තුල හූනෙකි


සුදුම සුදු පැහැගැන්වි ලා

වල්ගෙ රවුමට කැරකි ලා

කටත් බාගෙට විරවෙ ලා

හිටියා බාගෙට මියැදි ලා


ලෝකයම කැරකු නා

කබරයා විසි නා

දෙපය පන නැති නා

තේක බී මම වෙරි නා ..!!


දැන් තේ දකින විට

හූනා සිහිවෙයි හැම විට

ඉතින් මම තේක වෙනුවට

ගසමි අඩියක් උදේ හවසට

සඳරු//