16.3.11

නුඹලාට ස්තූතියි...

                             



                  ටයිප් කරන්න කියලා දවස් ගානක් කීබෝඩ් එකට අත තිවුවත් හිත එක තැනක නැති නිසා හරිහමං දෙයක් ටයිප් කරගන්න මම බැරි උනා . පහුගිය දවස් ටිකේම නිල්පාට ඇස් දෙකක් පස්සේ එළවලා එළවලා මට දැන් හොඳටම මහන්සියි . මේ ගෙවෙන මාර්තු මාසේ මට ඒතරම් හිතට අල්ලලා ගියපු මාසයක් නෙවේ . මේ මාසේදී මට වෙන තරමක් උනේ මහම මහ මස්ත සිදුවීම් විතරමයි .යන්තම් හිතට සතුටක් කියලා ආවේ පහුගිය ඉරිදා විතරමයි !

මම හිතන්නේ වෙලාව එදා හවස රෑ 7.00 විතර ඇති . මම මගේ පුංචි පරිගණකය ඉස්සරහා වාඩි වෙලා . බ්ලොග් එක බලන්න සූදානම් උනා . පරිගණකයේ . Power Button එක එබුවත් තවම පරිගණකයට වගේ වගක් නෑ වගේ ඉන්නවා . මොනව වෙලයි මගේ පරිගණකෙට . ? හොඳට බලන කොට තේරුම් ගියා . මේකට කරන්ටෙක එන්නේ නැති බව .

"දෙයියනේ ආයෙමත් ගෙදර කරන්ට් එක කපලද ? !! “

නෑ මගේ යූ පීඑස් එක වැඩ නෑ ඇඟේ පතේ හයිය දලා යූ පීඑස් එකට දෙකක් දුන්න දෑත බදල ! ඔන්න යන්තම් පරිගණකය ඔන් උනා . ඒත් මගේ යූ පීඑස් එක කෑලි දෙකකට කැඩුණට .! කෑලි වලට කැඩුණට තවම හොඳට වැඩ …..

මම බ්ලොගර් එකට ලොග් වෙලා කමෙන්ට් කොටසට ආවා . මෙන්න තියනවා . "සීයා" කියල කෙනෙකුගෙන් කමෙන්ට් එකක් !. එයා කියනවා . මගේ බ්ලොග් පෝස්ට් එකක් . ජාතික පුවත් පතක තිබුණාය කියලා . මම හිතුවා මොකක් හරි වැරදීමක් වෙන්ඩ ඇතිය කියලා මම ඔන්න ඕක අමතක කරලා දැම්මා . ….

ඉතින් මම සිග්නල් එකක් විතරක් එන පුංචි ඩොංගල් එකෙන් බ්ලොග් වල බඩගානකොට . ඔන්න මට කෝල් එකක් අවා . කාගෙන්ද ? මගේ චීන ෆෝන් එකේ ෆෝන් බුක් එක වැඩ කරන්නේ නෑ මොකක් හරි අවුලක් ඉතින් කෝල් කරන කෙනාගේ නම බලාගන්න බෑ . මමත් ඉතින් "හලෝ .. හලෝ " කිවුව එහා පැත්තෙ එක්කෙනා . බොහෝම නිවිච්ච හඬකින් කතා කරා . කවුද දන්නවයි කතා කරේ .? අපේ පිස්සා ! . ඇයි බොල අර පලාමල්ල කර තියාගෙන යන පිස්සා ! මෑන්ස් තමයි මට කතා කරේ . ඔන්න එයා මට කිවුවා . ඔන්න මල්ලි ඔයාගේ බ්ලොග් පෝස්ට් එකක් ඉරිදා ලක්බිම පත්තරේ තියනවා . මට ඉතින් පට්ට හැපී . පිස්සා මට කතා කරපු එකත් මට හැපී ….

ඇත්තටම කියනවා නම් මම බ්ලොග් කියන දේ ඉගන ගත්තේ පිස්සගේ බ්ලොග් එකෙන් . ඩොංගල් එක තිබ්බත් මම සිංහල යුනිකෝර්ඩ් පාවිච්චි කරත් සිංහල බ්ලොග් ගැන මෙලෝ හසරක දෙයක් නොදැන හිටි කාලෙක . දවසක් මගේ අතින් වැරදීමකින් මොකක්දෝ සිංහල වචනයක් ගූගල් එකේ වැදිලා සර්ච් උනා . සර්ච් රිසල්ට් එකේ මුලින්ම ආවේ පිස්සගේ බ්ලොග් එක . ලියලා තිබ්බේ කවුදෝ කෙල්ලෙක් ගැන . "දිනිති" කියලා කෙල්ලෙක් ගැන … හි ක් … පිස්සගේ ෆ්‍රස්ට් ලවුස්ටෝරිය … මමත් ඉතින් ඒ ලවු ස්ටෝරිය අසාවෙන් කියෙවුවා . ඊට පස්සේ මම පිස්සගේ බ්ලොග් එකේ තිබිච්ච ලිංක් වලින් වටේ පිටේ බ්ලොග් වලට ගියා ….. පස්සේ සින්ඩි ගැන හොයාගත්තා … කාලෙයක් ගියාම … මමත් "හිස් අහස" කියලා බ්ලොග් කෑල්ලක් පටන් ගත්තා ඉතින් "පිස්සා" අයිය තමයි මගේ බ්ලොග් ලිවීමේ මුල් ගුරුතුමා . මට ඔය පිස්සාව කොහේදී හම්බ උනත් දනගහලා වඳින්න ලැජ්ජාවක් නෑ !

 කොහොමහරි මම දන්න කියන කීපදෙනෙක් මට සුබ පැතුවා ...නිර්මල , පැන්ඩා , Dul , .සීයා.සොඳුරු සිත, නම බැරි වෙච්ච අය ඉන්නවනම් මේ අමතක වෙන කොල්ලට සමාවක් දියල්ලා . ඉතින් පත්තරේ පෝස්ට් එක ගිය එක ඒහැටි ලොකු දෙයක් නෙවේ කියලා කට්ටිය සමහරවිට හිතයි . ඒත් මට පට්ට හැපී … ! මගේ පෝස්ට් එක පත්තරේ දාපු කෙනා කවුරු උනත් කමක් නෑ එයාට ස්තූතියි ! කොයිතරම් සතුටු උනත් මම මේ පත්තරේ පිටුව කාටවත් පෙන්නුවේ නෑ . මොකද මම ලියන මේ බ්ලොග් එක දැක්කොත් මගේ අම්මටයි සීයටයි . දෙන්නටම කලන්තේ හැදේවි .. ! ...

  අද බ්ලොග් කියවන්න ආපු ගමන් කනට ගහන්නා වගේ දෙයක් දැක්කා ! සොඳුරු සිත ලියන වත් අක්කා . ඔන්න එයැයිට දැන් අපිව එපා වෙලාලු . ! මම මුල් කාලෙදීම බලපු තවමත් හදවතින්ම කියවන තවත් ලස්සන බ්ලොග් එකක් . කවියක් රස විඳින්න තබා කවියක් කියවන්නවත් ආසාවක් නැති කාලයක් මගේ ජීවිතේ තිබුනා . සොඳුරු සිත බ්ලොග් එක නිසා . මම කවි කියවන්න පටන් ගත්තා . එයා එක්ක යන්තම් වචනයක් චැට් කරපු වෙලාවක එයා කියපු එක දෙයක් තමයි "අනේ මල්ලි මගේ ගැන නම් මොනවත් ලියන්න එපාය කියලා" ඒත් ඉතින් සඳරු කියන්නේ කියන දෙයක් අහන එකෙක් නෙවෙයිනේ ! . මම නම් ඉල්ලන්නේ එකම දෙයයි .මහන්සි නම් කෙටි විවේකයක් ගන්න අතිරස උනත් දිගටම කද්දී තිත්තයි . කෙටි විවේකයක් අරගෙන හෙමීට ආපහු ලියන්න …..

 ඔන්න ඔහොමයි මගේ ජීවිතේ ගත වෙන්නේ ඉතින් එක පැතකින් නිල් පාට ඇස් තියන කෙල්ලෙක් හිත ගිනි තිවුවා ! හිතේ පැත්තක් පිච්චුනා ! අනික් පැත්තෙන් බ්ලොග් එකයි බ්ලොග් එකට එන උඹලයි (උඹල කිවුවට අමනාප වෙන්න එපා ! මගේ කමටයි එහෙම කීවේ) මගේ හිතට සීතල වතුර ඉහිනව... උඹලට ස්තූතියි !!

සඳරු //














11.3.11

මම ඇයට පෙම් කරමි




                       දෙකට මැදින් නවලා . සියුම්ව මැද දාරය නිය පොත්තෙන් තෙරපලා . A4 කොලේ දෙකට මැදින් ඉරුවා A5 කොල දෙකක් බවට පත්කලා . හරියටම මගේ හදවත වගේ දැන් කෑලි දෙකයි . මොනවදෝ මගුලක් ඒ කොල බාගේ ඇතුලේ ලියැවුනා ….හෙට තීරණාත්මක දවසක් !



අද රැය මගේ ජීවිතයේ නිදන්නට අපහසුම රැය වේවි.!
ඒ ගැන ලියන්නටද මට හැකිවේවි
සොයිබේ කැඩුනු ජනේලයෙන් එන දූවිලි මිස්‍ර හුලඟ
දාඩියෙන් පෙඟුනු මගේ අත් දෙකට සීතලක් ගෙනේවි

ඉතින් මේ හිස් අහස යට හිඳ
තඩිස්සි වෙච්ච මගේ හිත පිරෙන තුරාවටම ..
කොයිතරම් වාරයක් සිපගත්තෙමිද මම ඇයව
මුවින් නොව සිතින් විතරම විතරක් ….

ඇත්තටම ඇය මගෙද ? ඇය මැවුනේ මටමද ?
සත්තයි …..................
ඇය කාගෙදැයි නොමදැන .
බලාපොරොත්තු තබාගෙන හිස් අහස පිරෙන්නම
මම ඇය කොතරම් පෙම් කලාද ?

හෙට දින ඇයව මුන ගැසීමෙන් පසු
විඳින මේ අනේක වේදනාව නිමාවනු ඇත
ඇය මගේම වනු ඇත !
නැතොත් ඇය මගේ නොවනු ඇත !

ඇය මගේම නොවන්නේනම් …..
හෙටින් පසු
නොලියවෙනු ඇති එකදු අකුරක්
ඇය නමින්
ඒත් ඒ නිල්වන් නිසොල්මන් දෑසට
ආදරය නොකර කෙලෙස සිටිම්ද ?
මම

සඳරැස් ගලා ගිය
පාළු වැවු කන්ඩිය දිගේ …....
දහස් ගනං අඳුරු හෙවනැලි අතරේ .
ඒ අත ගෙන ඇවිදින්නට .!
වරම් අයදිමි දෙවියනේ ! ! !
හිරු එලිය දකින්නට , මල් වැසි වැටෙන්නට .
නිල් අහස දකින්නට , නුඹේ අත ලබන්නට .


සඳරු //