ඒ සිදුවීම නම් මට කවදාකවත්ම අමතක වෙන එකක් නෑ . ඒ ඇයි කියලා කීවොත් මගේ ජීවිතේට මම අත් විඳලා තියන සිදුවීම් එක්ක බැලුවහාම මේ වගේ සිදුවීමක් නම් මම කිසි දිනෙක විඳලා නැති නිසා වෙන්නැති .මේ සිදුවීම මගේ හිතේ කාලාන්තරයක් තිස්සේ කැලතෙමින් තිබුණා ඒත් ඒක අකුරු කරගන්න විදියක් නැතිව මම දවස් ගාණක් කල් මැරුවා. අන්තිමේදී තීරණයක් අරගෙන මේ සිදුවීම ලියලා දාන්න හිතාගත්තා .
පායන කාලෙට මගේ ගම් පළාත හරිම වෙනස් .වැහි කාලෙට පිරිලා තිබුණු ගස් වැල් සහ මිනිස්සුන්ගේ මූණු පායන කාලෙට මැලවිලා යන හැටි බලන්න දුකයි . කොළ හැළුණු ගස් වැල් සමහරක් මැරිලා යද්දී ඒ අතරින් එරමිණියා පතොක් වගේ කටු ගස් වර්ග වැවෙන්න පටන් ගන්නවා . ගස් කොළන් වල විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ වුණත් ගතිගුණ මේ කාලෙට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්.

කුඹුරු ගොයි තැන් පාළු වෙන කොට සමහරු හොර වැඩ පටන් ගන්නවා . වැලක වනලා තියන රෙදි කෑල්ලේ ඉඳන් අල්මරියේ තියන සල්ලි ටිකටත් උපරිම ආරක්‍ෂාව දෙන්න මේ පළාතේ මිනිස්සු පායන කාලෙට සූදානම් වෙන බවත් නොකියාම බෑ . ඉතින් මේ ලියැවෙන්නේ අපේ ගමේ හිටි එක හොරගෙඩියෙක් දුන්න රොබරියක් නිසා මගේ ගමම පච වෙච්ච කතාවක් .
අවුරුද්ද නම් හරියටම මතක නැති වුණත් . ඒ අගෝස්තු මාසේ එක සිකුරාදා දවසක් බව මට ටක්කෙටම කීව හැකි .පහුවදා ඉස්කෝලේ නිවාඩු දවසක් බව මට හොඳට මතක නිසා මට දවස හරියටම කියන්ඩ පුළුවන් .
ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අම්මා බෙදලා දුන්න බත් එක කටට දෙකට ගිලලා දාන එක මගේ හැටියක් .රහ ගුණ බලන්න ඒ තරම් උවමනාවක් නැති ඒ කාලේ බඩ පුරුවා ගන්න මැටි ගුලියක් වුණත් ගිලින්න පායන පළාතේ අපි අනුවර්තනය වෙලා හිටියා . ඉතින් එදත් කඩිමුඩියේ බත් එක ගිල දාන අතරේ මගේ පිඟානට අඩු වැඩි සපයන්න මගේ ගාවට ආපු අම්මා පොල් කටු හැන්ඳකින් මගේ බත් පිඟානට හොදි ටිකක් වක්කරන ගමන් මම ඉස්කෝලේ ඉන්න අතරේ ගමේ වෙච්ච කතාවක් මට කියාපෑවා .
"පුතේ චූටික්කු අයියලෑ දිහාට ඊයේ රෑ හොරු පැනලා"
"මොහක් ..”
කටේ බත් පුරුවාගෙන හිටපු මම කලබලයෙන් එහෙම අහනකොට අම්මට ටිකක් කේන්ති ගියා .
"ඉස්සර වෙලා කාලා ඉන්නවද මම කතාව කියන්නම් ඊට පස්සේ .”
බත් එක ඉක්මනට ගිල දාලා කාලා ඉතුරු කල බත් පිඟාන මේසේ උඩ අතෑරලා යන්තම් අතත් හෝදගත්ත මම කුස්සියේ තිබුණු මැටි කළේ උස්සලා අරගෙන ඒකෙන්ම වතුර ටිකකුත් බීවේ කෝප්පෙකට වතුර ටිකක් නවා ගන්න තිබුණු කම්මැලි කම නිසාමයි . ඊට පස්සේ හෙමිහිට දෙර රෙද්ද අතරින් සාලෙට එබිකං කරපු මම අම්මට හොරෙන් පිටි පස්ස දොරෙන් පැනලා මගේ මිත්‍රයෙක් වෙච්ච ජනාව හමුවෙන්න ගියා .
අම්මගෙන් මේ සිදුවීම ගැන කරුණු දැනගන්නවාට වඩා ජනා එක්ක ඒ හොරකම වෙච්ච තැනටම ගිහින් ඒ සිද්ධියේ අලගිය මුල ගිය තැන ඉඳන් හාරාවුස්සලා දැනගන්න මගේ හිතේ ආශාවක් තිබුණා . ටීවී එකේ ඒකාලේ නිතරම ගියපු පුංචි වීරයන්ගේ රහස් පරීක්‍ෂක කතා බළලාම ඔය වගේ සිද්ධියක් වෙච්ච හැටියේම අපිත් එතනට එක් රොක් වුණේ සීනි ගෝනියට එකතු වෙන ඇඹලයෝ රොත්තක් වගේ .
මම ජනාලාගේ ගෙදර යනකොටත් ඌ හිටියේ උගේ තාත්තගේ පුට් සයිකලේට හුළං ගන ගමන් .
"ඒ..ඒ සඳරු මෙන්න මේ පොම්ප බටේ ටිකක් තද කරලා අල්ල ගනිං .”
මම ළඟට කිට්ටු වෙනකොටම ජනා කීවේ පුදුම සතුටකින් . මොකද කීවොතින් ජනා උඩ පැන පැන බයිසිකලේට හුළං ගැහුවත් ඒ කැඩුණු පොම්ප බටේ අතරින් හුළං පාරවල් එළියට පැනලා හතර අතේ විහිදෙනවා . තව කෙනෙකුගේ උපකාරයක් නැතුව මේ විදියට හුළං ගහන්න ගියොතින් ඌට තව සුමාන දෙකක්වත් ඒ බයිසිකලේට හුළං ගහන්න වෙන එකනම් සිකුරුයි කියලා මට හිතුණා .ඉතින් මමත් හනි හනිකට ගිහින් ඒ කැඩුණු පොම්ප බටේ කීප පොලකටම අත තියලා තද කරගත්තා . ඉතින් මගේ උදවුව නිසා විනාඩි කීපයක් ඇතුළත බයිසිකලේට හුළං ගහගන්න ජනාට පුළුවන් වුණා .
"චූටික්කු අයියලෑ ගෙදෙට්ට ඊයේ හොරු පැනලා නේද බං . ?”
"ඔවු වොවු ! මමත් මේ එහේ යන්ඩ තමා මේ .”
"යමු දෙන්නම යමු එහෙනම් .”
ජනාව සයිකලේ පොල්ලේ ඉන්ඳවාගත්තු මම බයිසිකලේ පදින්න පටන් ගත්තා . ජනා මට වඩා ඇඟපතින් තරබාරු කොල්ලෙක් වුණත් ඌ හුළං ගහන්න මහන්සි වෙච්ච නිසා මම බයිසිකලේ පැදගෙන අපේ චූටික්කු අයියලෑ ගෙවල් දිහාට ගියා .
චූටික්කු අයියා වැඩ කළේ සමූපකාරේ . ඉතින් ඒකෙන් බඩු මුට්ටු අරගන්න ගමේ ඕනෙම එකෙක් චූටික්කු අයියාව හොඳට අඳුනනවා . ඉතින් අපි දෙන්නා චූටික්කු අයියලෑ ගෙවල් පැත්තේ ගාටනකොටත් ගමේ සෑහෙන දෙනෙක් චූටික්කු අයියලෑ ගෙදරට එකතු වෙලා හිටියා .
ගමක තත්වය ඕකයි.. දානයක් , බණක් , මගුලක් වගේ දෙයකදී විතරක්ම නෙවෙයි මරණයක් , හොරකමක් වගේ කරදරයකට හිරිහැරයකට ගම්වැසියෙක් මුහුණ දුන්නොතින් ගමේ භාගයක් දෙනා මොන වැදගත් වඩේ තිබුණත් ඒක අහක දාලා එතනට විජහට එකතු වෙනවා . පුළු පුළුවන් විදිහට විපතට පත්වූ එකාට උපකාර කරනවා . සල්ලිය බාගේ විය පැහැදම් කරලා උපකාර කරන්න බැරි නම් වචනයකින් හරි සවියක් වෙන්න ගමේ එවුං කවදාවත් පසුබට වුණේ නෑ .
චූටික්කු අයියලෑ ගෙදරට ලං වෙද්දිම මම දැක්කේ පපුව හීතල වෙලා යන දසුනක් . ගෙදර ප්‍රධාන දොර කඩා දාලා ! ඒ විතරක් නම් මදෑ . ගේ ඇතුළේ තිබුණු ලස්සන විදුලි පහන ඉස්සරහා පිල් ගැට්ටේ ගහලා කෑලි වල කඩා දාලා . ඒ අතරෙම මිදුලේ තැනින් තැන මුනිං අතට හරවලා තිබුණු මුට්ටි කීපයකුත් මම දැක්කා .
"අඩෝ මල්ලියා . බලාපං අපිට වෙච්ච දේ “.
එකපාරටම පිටු පසින් ඇහුණු වේදාත්මක හඬකින් මම ගැස්සිලා ගියා . ඒ චූටික්කු අයියා .
"මොකද බං අයියේ මේ උඹලට උණේ ?”
"අඩෝ මල්ලියා එක තඹ සතයක් උං ඉතිරි කරලා නෑ බං . සාක්කු වල තිබුණු දේවල් පවා අරං ගිහිං බං .”
"අයියේ හොර ගෙඩියෝ මෙච්ච හරියක් කරද්දී උඹලා බතල තැම්බුවැයි ?”මම එහෙම අහද්දී ජනාට පොඩි හිනාවකුත් ගියා .
"නෑ බං උං අපි නිදාගෙන ඉන්දෙද්දී වහලේ උළු අයිං කරලා අපිට නිදි බේත් ඉහලා ! ඉතින් අපි අද උදේ නැගිටිනකොට සේරම සුද්ද කරලා දාලා බං .”
"පොලීසියෙන් ආවේ නැතෙයි බං ?”
"මොකෝ නැත්තේ .මේ මිදුල පුරා තිබුණු අඩි පාරවල් කීපයක් මුට්ටි වලින් වහලා තිබ්බේ පොලීසියෙන් තමා . හවසට ආයේ පොලීසිය මේ පැත්තේ ඒවි . ඒත් බං දැන් පොලීසිය මොනා කරන්නද ?”
එහෙම කියාපු චූටික්කු අයියා ආයෙමත් ගේ පිටිපස්සට ගියා .
"මේ හොරු නම් ගමේ එවුං වෙන්ඩ බෑ කතා දෙකක් නෑ මුං අල්ලපු ගමෙන් ආපු කාණ්ඩයක් තමා !
“ගමේ කීප දෙනෙක් එගෙම කතාවෙන හැටි මම එක කනකින් අහගෙන හිටියා . මටත් ඒ කතාව හොඳටම විශ්වාසයි . මගේ මේ ගමේ හොර තක්කඩි හිටියේ බොහොම අඩුවෙන්. දෑත වෙහෙසලා හේන් කුඹුරු වැඩ කල බහුතරයක් දෙනා අතරේ ඉඳලා හිටලා කසිප්පු පෙරන්නෙක්, ගංජා හේනක සාඩම්බර හිමි කරුවෙක්,කැලෑ පාළුවෙක් දෙනෙක් උන්නත් හොරෙක් මංකොල්ල කාරයෙක් මේ ගමේ බෝම කාලෙකට ඉහත ඉඳන් නොහිටිය බව මට සහසුද්දෙන්ම කීව හැකි . ඒත් අවට ගම් වල නම් නම් දරාපු හොර ගෙඩියෝ රෑනක් ඒවෙනකොට හිටි බව මට හොඳට මතකයි.
එතනට ආපු ගමේ ගෑනු මිනිස්සුන්ගේ කටවල් දිහෑ බලාගෙන කටපල්ලෙන් වැටෙන නොයෙක් වචන අහුලමින් හිටි අපි දෙන්නා ගෙදර යන්න පිටත් වුණේ හවස බිං කළුවර වැටෙන්න කිට්ටු වුණාට පස්සෙයි .
පහුදාට එළි වුණා . එදා සෙනසුරාදා දවසක්. සෙනසුරාදාට පස්ස පැත්තට ඉර එළිය වැටෙන තුරු නිදාගන්න මට එදා නම් ඉක්මනින් අවදි වෙන්න වුණා .
"පුතා ඉක්මනට නැගිටින්න .චූටික්කුලාගේ හොරකම ගැන හොයන්න අන්න පොලිස් බල්ලෝ වගයක් ඇවිදිල්ලා ! බලන්න උං හරිම විශාලයි"
මමත් හනිකට අවදි වෙලා මූණේ වතුර ටිකක් ගාගෙන හනිකට පාර දිහෑට ගියේ උපන්තේකට නොදැක්ක පොලිස් බල්ලෝ නෙත් පුරා දැක බලාගන්න හිතාගෙනයි !
හන්දියේ මාළු ලෑල්ල ගාව පොලිස් ජීප්පුවක් නතරකරලා තිබුණා ගමේ ලොකු පොඩි බොහොම දෙනෙක් ඒ ජීප් එක වටේ එක්රැස් වෙලා උන්නේ නිකම් නියං ආධාර බෙදන්න ආපු වාහනයක් වටේ එකතු වෙන පීඩිත පන්තියේ ජන සමූහයක් වගෙයි .

එතන වට වෙලා උන්නු ගමේ උං අස්සෙන් රිංගලා මමත් කෝම හරි ඒ ජීප් එක ගාවට කිට්ටු වුණා . එතකොටම ජීප් එකෙන් තඩි පොලිස් බල්ලෝ දෙන්නෙක් බිමට බැස්සා . උන්ගේ කරපටි වලින් අල්ලාගෙන රාලහාමිලා දෙන්නෙකුත් ඒ අය සමගම හිටියා .
"හප්ප්පුච්චියේ !! ඒ බල්ලොන්ගේ ලොකූ , . . . . !”
"කිරි අත්තේ උංඟේ පත .. . . . . ! “
"මයෙ අම්මා මෙහෙමත් බල්ලෝ . . . . !“
"මුං බල්ලොද අලිද ...?”
ඔන්න ඔය වගේ ජොලි කියමන් ගමේ බොහෝ දෙනෙකුගේ කටින් එළියට විසික් වුණේ ඉබේටමයි . ඇත්ත . . . ! ජීප් එකෙන් බිමට බැහැපු පොලිස් බල්ලෝ දෙදෙනා නම් ගොඩාක් තරබාරුයි . අපි නිතර දෙවේලේ පාර තොටේදී දකින වල් බල්ලොන්ට , ලොං හැලිච්ච සිමෙන්ති බල්ලොන්ට , සිරුර පුරා තුවාල පිරුණු අච්චරු කුකන්ට වඩා උන් ගාම්භීරයි , උඩඟුයි ! ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරින්ටම හිමි චණ්ඩ සැර පරුෂ පෙනුමත් ඒ බල්ලෝ දෙන්නාට නොඅඩුව පිහිටලා තිබුණා .
පොලිස් බල්ලෝ දෙන්නා සමග පොලිස් නිලධාරින් පිරිසක් චූටික්කු අයියලෑ හොරු බිඳපු නිවස වෙත ගාටද්දී ගමේ සාමාන්‍ය ජනතාවත් ඒ පිටිපස්සේ බයෙන් බයෙන් ගමන් කලා . ඔන්න ඔහොම සිද්ධිය වූ ස්ථානයට ගමන් කරපු පොලිස් රාලහාමිලා සමග උන්නු පොලිස් බල්ලෝ දෙන්නා වහ වහා තමන්ගේ රාජකාරිය ආරම්භ කලා.
චූටික්කුලෑ ගේ ඇතුළටත් වටේටත් ගියපු පොලිස් සුනඛ ඩබලගේ නාස් දෙකට මොකක්දෝ මන්දා සරොම් කඩාමල්ලක් එක් පොලිස් රාළහාමි මහත්තයෙක් ගාවන විදිහ මම ඈතක ඉඳන් බලාන හිටියා . ඒ සරොම් කෑල්ල්ලේ සුවඳ බලාපු පොලිස් නිල සුනඛ ජෝඩුව දෙපැත්තකට ගමන් කළා .
ගමේ උදවියත් කාණ්ඩ දෙකකට බෙදිලා ඒ පොලිස් බල්ලන් පිටුපසින් ගමන් කරන්න උත්සහ කළත් පොලිස් නිලධාරී මහතෙක් මම ජීවිතේට අහලා තිබුණු සුන්දරම බස් වහරකින් රැස්ව සිටි පිරිස අමතලා ආපසු ගෙවල් බලා යන්න කීව නිසා ගමේ උදවිය සමගම මමත් ගෙදර යන්ඩ ආපහු හැරුණා
ගෙදර ගියපු මම උදේ වරුවේදී ජීප් එකෙන් බැහැපු පොලිස් බල්ලෝ දෙදෙනා ගැන අම්මට විස්තරයක් කරමින් ඉන්න අතරේ පාර පැත්තෙන් ඇහුණු කලබලයක් නිසා මට ඒ වැඩේ මොහොතකට නවත්තන්න සිද්ධ වුණා ! ඒ කලබලේ මොකද්ද බලන්න එළියට බැහැපු මම දැක්කේ පාර දිගේ ගෑනු පිරිමි රොත්තක් කොහේදෝ දුවන හැටියි .
"චන්ද්‍රා අක්කේ කොහේද දුවන්නේ ?”
අම්මා පිලේ ඉඳන් කෑගහලා එහෙම අහද්දී පාර දිගේ දුවමින් සිටි අය අතරේ හිටි චනද්‍රා නැන්දා ආපහු හැරිලා අපේ වත්තට දුවගෙන ආවා . එයාගේ කොණ්ඩේ අවුල් වෙලා ඇස් දෙක එළියට පැනලා .මට එයාව පෙනුණේ නොමළ ගෙයකින් අබ ටිකක් හොයාන දිවුව කිසාගෝතමී වාගේ .
"කොහේද බං මේ පණ කඩාගෙන දුවන්නේ ?”
අම්මා ආයෙමත් එහම අහද්දී බයෙන් ගැහෙමින් හිටි චන්ද්‍රා නැන්දා කටහඬ අවදි කලා !
"අනේ නංඟියේ ගුණේ මල්ලිලෑ ගෙදරට තමයි පොලිස් බල්ලෝ දෙන්නා ඉව අල්ලගෙන ගිහින් තියෙන්නේ අන්න පොලීසියෙන් ගේ පෙරලනවා .”
ඒ කතාව ඇහුණා විතරයි මම අඩියට දෙකට ගුණේ මාමලෑ ගෙදරට දිවුවා මම යනකොටත් අහලපහල හිටි බොහෝමයක් දෙනා ගේ අවට එකතු වෙලා ඉන්න හැටි මම දුර තියාම දැක්කා . ඒ එක්කම මම මගේ ජීවිතේට මගේ මේ ඇස් දෙකෙන් දැක්ක දුක්බරම සිදුවීමත් එදා දැකගත්තා .
ගුණේ මාමාව පොලීසියෙන් වටකරගෙන උන්නා . එයා අපිට මූණ දෙන්න බැරිවද කොහෙද බිම බලාගෙන කඳුළු හලමින් උන්නා . ඒ අතරම ගේ ඇතුළේ බඩු මුට්ටු සී සීකඩ විසුරුවමින් ගේ ඇතුළේ හොර බඩු හොයන පොලීස් නිලධාරින් කීප දෙනෙකුත් මම දැක්කා . ඒත් මම දැක්ක දුක්බර සිදුවීම ඒ එක නම් නෙවෙයි .
ගුණේ මාමගේ අම්මා තමයි පුංචි හාමි ආච්චි . එයා ගේ වයස එතකොට අවුරුදු 80 විතර වෙන්නැති . ඒ මහලු කාන්තාව බිම වැතිරිලා කඳුළු වගුරුවමින් කාටදෝ වඳිමින් හිටියා . මමත් වටේ හිටි උදවිය අතරින් රිංගලා එතනට කිට්ටු වුණා . ඔන්න එතකොට මගේ ඇස් දෙකට කඳුළු උණාපු ඒ අමුතුම සිද්ධිය මම දැක්කා . පුංචි හාමි ආච්චි වඳිමින් හිටියේ පුවක් ගහක ගැටගහලා උන්නු පොලිස් බල්ලෙකුට .
"අනේ බුදු මහත්තයෝ , අනේ මගේ පුතා හොරෙක් නෙවෙයි මහත්තයෝ. අනේ මේ අයට ඇත්ත හොරාව පෙන්නාදෙන්න මහත්තයෝ. අපි එදා වේල හොයාගෙන පාඩුවේ ජීවත් වෙන මිනිස්සු මහත්තයෝ .”
බල්ලෙකුට "මහත්තයෝ" කියමින් වඳින කාන්තාවක් ජීවිතේට දැකලා තියනවාද ? මම හිතන්නෑ ඔබ කවුරුත් මම එදා ඒ දැකපු දසුනට සමාන දසුනක් ජීවිතයේ කවදාකහෝ දැකලා ඇතෙයි කියලා . එදා ඒ සිදුවීම දැකලා ගමේ යකඩ හිත් තිබුණු පිරිමි පවා ඇඬුවා . ගමෙන්ම වැඳුම් පිදුම් ලද බොහෝම වයස් ගත කාන්තාවක් ජර්මන් සෙප්පඩ බල්ලෙක් ඉදිරියේ වැඳ වැටිලා ඇඬුවා . ඒත් ඒ ආඩම්බර කාර පොලිස් බලු තඩියා පුංචි හාමි ආච්චිගේ අඳෝනාව කනකටවත් ගත්තේ නෑ . ඌ දක්වාපු එකම ප්‍රතිචාරය තමයි කකුලක් උස්සලා ඌව ගැටගහලා හිටි පුවක් ගහට මුත්‍රා කරපු එක.
පැයක් දෙකක් ගේ දෙවනත් කරමින් බඩු මුට්ටු සීසීකඩ විසුරුවමින් හෙවුවත් ගේ ඇතුළේ තිබිලා හොර බඩුවක් තබා රුපියලක්වත් වත් හොයාගන්න පොලීසියට බැරි වුණා . ඒ වුණත් පොලීසිය ගුණේ මාමව කුදලාගෙන පොලීසියට ගෙනිච්චා
.
සතියක් පුරාම පොලිස් රාලහාමිලත් පොලිස් බල්ලෝ දෙදෙනාත් හොර බඩු හොයමින් ගම පුරාම කරක් ගැහුවා ඔය කියන දවස් වල ගමේ තිබුණු තත්වය මට තාම මතකයි .

පොලිස් බල්ලෝ වැරදීමකින් හෝ තම වතු වලට ඇතුලුවේවි කියලා හිතාපු මිනිස්සු තමන්ගේ වත්ත වටේට කහ වතුර ඉහින්න ගත්තා , ගෙවල් වල තිබුණු කරවල උම්බලකඩ වගේ දේවල් කැලේට විසිකළා. යන්තම්වත් මේ මස් මාළු වල සුවඳ වැදිලා පොලිස් බල්ලෙක් තමන්ගේ ගේ දිහාවට ඒවි කියන බය හැම ගැමියෙකුගේම හිතේ මුල් බැහැගෙන තිබුණ නිසාම ඒ දවස් කීපයේම ගමේ ගෙවල්වල මිනිස්සු කෑවේ බතුයි එළවළුයි විතරමයි . කවදාවත් හොරකම් නොකරපු ගුණේ මාමට වෙච්ච දේ එක්ක බලද්දී බය සාධාරණයි . ගමේ මිනිස්සු වත්තට දිවගෙන එන වල් බල්ලෙක් දැක්කත් සිහිමුර්ජා වෙලා බිම ඇදවැටෙන තරම්, රෙද්දේ රෙවෙන තරම් බෙලහීන වෙලා තිබුණා .
බඩුත් එක්ක ඇත්තම හොරාව අල්ලගන්නා තුරුම අපේ ගමේ උදවිය ගතකළ ඒ දුක්බර කාල සීමාව මට කවදාකවත් අමතක වෙන එකක් නෑ . මේ සේරම දේවල් සිද්ධ වුණේ එක වැරදි ඉවක් නිසා .තිරිසනෙකුට මිනිහෙක් පරදින්න හැටි මම එදා මයෙ මේ ඇස් දෙකෙන්ම දැක්කා .
ගුණේ මාමා හැබෑවටම හොරෙක් කියලා ඔප්පු වුණා නම් මම මේ කතාව කිසි දවසක නොලියන්න ඉඩ තිබුනා ඒත් රට ඉඳන් ආපු දක්‍ෂ පොලිස් බල්ලන්ට අල්ලන්ඩ බැරි වුණ ගෙවල් බින්ඳ හොරා හිත් පිත් නැති කනප්පුවක් විසින් අල්ලගත්තා .ඒ අරුම පුදුම කථාවත් මම දවසක ලියාදාන්නම් .
ඒ කනප්පුවේ අරුම පුදුම කතාව දැනකියාගන්ඩ මෙතනින් යූ ටර්න් එකක් ගන්ට
ප/ලි මෙම කතාව සත්‍ය බවත් මෙහි එන සියලු නම් මනංකල්පිත බවත් පොලිස් බල්ලන් කියා මා මෙහි සඳහන් කර ඇත්තේ පොලිස් සුනඛයන්ට වන අතර මේ කතාව මගින් කිසිවෙකුට අපහාස කිරීමට හෝ චෝදනා කිරීමට මා උත්සාහ කර නොමැති බවත් කරුණාවෙන් සලකන්න .