ඉර උපරිමේටම පායලා ! .අහසේ එකම එක වලාකුලක්වත් නෑ .ඒ තරම් පායපු ගිනි මද්දහනක වුණත් එදා නම් මාව වෙවුලන්න ගත්තා .මොකක්වත් නිසා නෙවෙයි හිතේ දෙගිඩියාව නිසාමයි .. කාලයක් තිස්සේ හිතේ තදකරලා තියාගෙන හිටපු එක අහිංසක හැඟීමකට පණ දෙන්නයි මගේ මේ සූදානම .පපුව හයියෙන් ගැහෙන්නේ , අත් දෙක වෙවුලන්නේ . අන්න ඒ නිසයි .
දිනය 2010 / සැප්තැම්බර් මාසේ.. 8 වෙනිදා හෝ 9 වෙනිදා .! .
මගේ කතා නොකරන හිතේ ඒ කාලේ බුර බුරා නැඟුණු තවත් එක් මුරණ්ඩු සිතිවිල්ලක් තමයි පච්චයක් කොටා ගන්න එක . ඒ සිතිවිල්ල මගේ හිතට කොහොම ඇතුල් වුණාද..? කවදා ඇතුල් වුණාද ? කියලා මම තවම දන්නේ නෑ . ඒ සිතිවිල්ලට පණ දෙන්න පුදුමාකාරයේ තදියමක් තමයි මටත් තිබුණේ .
ඒ වෙනකොට මගේ වයස යන්තම් අවුරුදු 21යි. පච්චයක් කොටා ගන්න නම් ඒ වයස හොඳටම ප්‍රමාණවත් ..ඒත් ...පච්චය කොටාගෙන ගෙදර යන්න නම් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් මදි ..පච්චයත් එක්ක සමාජයට බහින්නත් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් නෑ .
ඒ වෙනකොට මගේ වයස යන්තම් අවුරුදු 21යි. පච්චයක් කොටා ගන්න නම් ඒ වයස හොඳටම ප්‍රමාණවත් ..ඒත් ...පච්චය කොටාගෙන ගෙදර යන්න නම් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් මදි ..පච්චයත් එක්ක සමාජයට බහින්නත් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් නෑ .
ඉතින් කල්පනා කළා.. විටෙක උඩ බලාගෙන ..තව වතාවක මාපටඟිල්ලෙන් පොළව හාරමින් , අතේ නියපොතු කොට වෙන්නම දතින් හපමින් . මම කල්පනා කරා........
අන්තිමට තීරණයක් ..!
ඒත් හිතුවා තව පාරක් !
මේක මුලු ජීවිත කාලෙටම බලපාන තීරණයක් .!
මුලු පවුලටම බලපාන , මගේ මුලු අනාගතයටම , ජීවිතයටම බලපාන තීරණයක් ! නැතිවෙච්ච තාත්තගේ ගෞරවය ..අම්මාගෙයි නංගිගෙයි හිනාව . මේ හැමදෙයක්ම .පරදුවට තබලා ගත්තු තනි තීරණයක් .
ඔවු..! එදා මම ඒ තීරණය ගත්තා .පපුව පිරෙන්නම හොඳ හුස්මකුත් ගත්තා . ඊට පස්සේ පච්චය දකුණු අතේ කොටාගන්න හිත හදාගත්තා ..
අම්මගෙ කඳුළු , නංඟිගේ රැවිලි , නැන්දගේ කොහු පාර , ගමේ උන්ගේ නින්දා , නෑදෑයොන්ගේ පඩත්තර කතා . මේ හැමදේකම බර එකවර මගේ දකුණු අතේ එල්ලගන්නවා කියන්නේ සෙල්ලමක් නම් නෙවෙයි ..දරාගෙන ඉන්න හැකි වේවිද මට ඒ මහා ලොකු බර ? ජීවිත කාලය පුරාම ?
"හ්ම්.. පුළුවන් වේවි ..”
බයික් එකට නැගලා හෙල්මට් එකත් තද කරගෙන . සමරේ ගැරිජ් එකේ නන්දනව හම්බ වෙන්න ගිය මොහොත මට තවම මතකයි .
මුලු පළාතෙන්ම පච්ච කොටන වැඩේ කළේ "සමරේ ගැරිජ් එකේ නන්දන" විතරමයි ..නන්දන පච්ච කොටන්න පටන්ගත්තේ මේ මෑතකදී .ඊට කලින් පන්සල් වල චිත්‍ර ඇන්දා , පෝස්ටර් කටවුට් ඇන්ඳා , හරකුන්ට හණ ගැහුවා .! අන්තිමටම පච්ච කොටන ව්‍යාපාරයට බැස්සා..ඉතින් ඔන්න මමත් නන්දනගේ කස්ටමර් කෙනෙක් වෙන්නයි සූදානම .
ඉතින් පච්චය කොටන්නයි සූදානම .. නන්දන එයාගේ පච්ච මැසිමට වැඳලා ..ඒ මැසිමේ ගැලවෙලා තිබුණු තැනක් සුපිරි ගම් වර්ගයක් යොදලා ඇළෙවුවා . ඒ සිදුවීම දැකලා මගේ හදවත පොඩ්ඩක් ගැස්සුණා .!
ඉතින් පච්චය කොටන්නයි සූදානම .. නන්දන එයාගේ පච්ච මැසිමට වැඳලා ..ඒ මැසිමේ ගැලවෙලා තිබුණු තැනක් සුපිරි ගම් වර්ගයක් යොදලා ඇළෙවුවා . ඒ සිදුවීම දැකලා මගේ හදවත පොඩ්ඩක් ගැස්සුණා .!
"මොකද්ද බං ඔය කරන්නේ ? ඕක කබල් වෙලානම් කියපං අලුත් එකක් ගන්නකම් මම මේ පැත්ත පළාතේ නෑවිත් ඉන්නම් ..”
"නෑ නෑ මල්ලී මේ දැන් හරි ..”
නන්දන ඒ පච්ච උපකරණයේ තිබුණු කළු පැහැති උල් කටුව ඉටිපන්දම් දැල්ලකින් පුච්චලා .පුළුන් කෑල්ලකින් පිහිදැම්මා ..
"මචං මේ ඔය කට්ට අලුත් එකක් නෙවෙයිද ? මට මොන සමාජ රෝගෙ හැදෙයිද දන්නෑ බං අලුත් එකක් දාමු . මම ගාන දෙන්නම් ..”
"අලුත් කටු නෑ සඳරු මලේ .. මේකෙන් තමයි බං මම ආරොං මාමාගෙයි , චාර්ලිස් සීයාගෙයි බුලට් ගෙයි. ඔය හැම ඩයල් එකකගෙම පච්ච කෙටුවේ ..උන්ට කිසි ලෙඩක් නෑ නේ උං යහතින් ඉන්නවානේ ..”
"ඒ වුණාට බුලට් මැරුණනේ බං !”
"ඒ බෙල්ලේ වැල දාගෙන නේ බං ...පිස්සු නැතුව කොටමු ..! “
නන්දනගේ තර්ක විතර්ක ඉදිරියේ . මම පසු බැස්සා මේ තරම් දුරට හිත ගලක් කරගෙන ඉඳලා . මේ අවසාන මොහොතේ කට්ටක් හින්දා ගත්තු තීරණය වෙනස් කරන්න මට හිතුණෙම නෑ ..
නන්දන මගේ දකුණු අත ඩෙඩෝල් වතුරෙන් යන්තම් හෝදලා . මම තෝරලා දිපු ඩිසයින් එක ටිෂූ කොළේක ඇඳලා මගේ අතේ ඇළෙවුවා ..ඊට පස්සේ තත්පර දහයකින් විතර ඒක ගලවලා දැම්මා . එතකොට ඒ ටිෂූ කොලේ තිබුණු ඩිසයින් එක මගේ අතේ ලාවට වැදිලා තිබුණා ..
දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ !
දෙදරන පච්ච මැසිම මගේ අතට ලං වුණා .."රිදෙයිද ?” මගේ හිත මගෙන්ම ආහනවා .”.රිදිච්ච දෙන්" . මම තදින් හුස්ම අල්ලගත්තා . ! බ්ලේඩ් තලයකින් අත කපනවා වාගේ සියුම් රිදීමක් මට දැනෙන්න වුණා ..මම කාගෙන හිටියා .මොහොතකින් ඒ රිදීම මට ආතල් එකක් වුණා .. සමහරුන්ට රිදෙන එක ආතල් එකක් ...
විනාඩි හතළිස් පහකින් විතර පච්චය කොටලා ඉවරයි . යන්තම් මතුවෙච්ච ලේ බින්දු සමග පච්චයේ තින්ත එකතු වෙලා මගේ දකුණු අතේ සුන්දර රටාවක් මැවිලා තිබුණා .මගේ හම සුදු නිසා පච්චය නියමෙට කැපිලා පේන්න පටන්ගත්තා.. මමත් කණ්ණාඩියෙන් ඒ දිහා බලලා . බයික් එකේ නැගිලා ගෙදර ගියා ..
විනාඩි හතළිස් පහකින් විතර පච්චය කොටලා ඉවරයි . යන්තම් මතුවෙච්ච ලේ බින්දු සමග පච්චයේ තින්ත එකතු වෙලා මගේ දකුණු අතේ සුන්දර රටාවක් මැවිලා තිබුණා .මගේ හම සුදු නිසා පච්චය නියමෙට කැපිලා පේන්න පටන්ගත්තා.. මමත් කණ්ණාඩියෙන් ඒ දිහා බලලා . බයික් එකේ නැගිලා ගෙදර ගියා ..
දැන් කළුවර වැටිලා .. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ! ...
ගෙදරට ගිය ගමන්ම මම ඉක්මනින්ම නාගෙන ඉක්මනින්ම නිදාගත්තා ..පහුවදා මම ළිඳ ගාව නාද්දී .මට දුර ඈතකින් කවුදෝ කෑගහන සද්දයක් ඇහුණා ..මම හැරිලා බැලුවා ඒ කෑමොර දෙන්නේ මගේ නැන්දා .. මාව පාලනය කරන කෙනා , ගෙදර ජේලර් තුමිය .!
"සීවරං දෙයියනේ !! .. මෙන්න මූ පච්ච කොටලා ! .. නංගී එළියට වරෙං .. සඳරු මම තෝව අද තියන්නේ නෑ ! හම ගහනවා මම තෝව" . !!
නැන්දා ගස්ලබු ඉත්තක් වන වනා මගේ ළඟට දුවගෙන එනවා ! ..ඇත්තම කියන්නම්. මම බය නෑ කාටවත් .මට ගහන්න සීයක් ආවත් මම දුවන කෙනෙක් නෙවෙයි .ඒත් නැන්දා ඉදිරියේදී මම අත දරුවෙක් විතරයි . මම බාල්දිය විසිකරලා දිවුවා වත්ත වටේ ..
අල්ලපු ගෙදර මිනිහා එබිකම් කරනවා ..! “ඇයි අයියේ එබෙන්නේ ඔයාට හාල්ද ? ” ඌ ගෙට වුණා
කොහොම හරි මම නැන්දාගෙන් බේරුණා ..
ටිකක් වෙලා ගිහින් හැම දේම යහපත් අතට හැරුණා කියලා මට දැනුනාට පස්සේ මම හෙමින්ම ගිහිල්ලා ආයෙමත් මගේ නෑම සම්පූර්ණ කරගත්තා ..ඊට පස්සේ තමයි මම යන්තම් ගෙට ගියේ ..
අම්මා අඬ අඬා තේ හදනවා . නංගිට නම් කිසිම ගාණක් නෑ .හිනා වෙවී ඉන්නවා මුල්ලකට වෙලා .මමත් හෙමීට අම්මා ළඟට කිට්ටු වෙලා ..
අම්මා අඬ අඬා තේ හදනවා . නංගිට නම් කිසිම ගාණක් නෑ .හිනා වෙවී ඉන්නවා මුල්ලකට වෙලා .මමත් හෙමීට අම්මා ළඟට කිට්ටු වෙලා ..
"නැන්ද ගියයි ?”
"ඔවු අන්න යන්නම යනවා කියලා ගියා ..”
"ඔය ගියාට ආයේ ඒවි ..”
අම්මා මගේ දකුණු අතේ තිබුණු පච්චය දිහා බැලුවා ..පපුව ආයෙමත් ඩිග් ඩිග් ගෑවා . ගහයි , බණියි කියලානම් නෙවෙයි අම්මා ආයෙමත් කෑ ගහලා අඬන්න ගනීවි කියලයි ..
අම්මගේ ඇස්වලට හැමදාමත් කඳුළු ගෙනාවේ මම . හැමදාකම මම කරේ වැරදිම විතරයි .ගහමරාගෙන ගෙදර එනකොට , බීලා ගෙදර එනකොට . අම්මා හැමදාම කළේ අඬන එක . ඊටපස්සේ මම බීගෙන වලි දාගත්ත දාට . ගෙදර එන්නේ නැතුව වෙන වෙන තැන්වල නතර වුණා .ඒ අම්මට කඳුළු දෙන්න බැරි නිසාමයි ..පච්චයක් නිසා මම ආයෙම වතාවක් එයාව ඇඬෙවුවා ..
"මේක නිකං අන්නාසි මලක් වගේනේ .. වෙන ලස්සන මෝස්තරයක් තිබුණේම නැද්ද ? “
අම්මා එහම ඇහුවේ කඳුළු අතරින් නැගුණු පුංචි හිනාවක් හංගන්න උත්සහ කරන ගමන්මයි ..මට පුදුම හිතුණා..!
මම වැරදි ඇති .. මට ඕනෑ වුනේ පච්චයක් ගහගෙන පොරක් වෙන්න නෙවේ .! , මම කොහොමටත් පොරක්නේ මට එදා ඕනෑ වුනේ .මගේ ජීවිතේ හැමදාමත් මම ඒ සතුටින් ගතකරපු දවස් අමතක නොවෙන්න මගේම කරගන්නයි .
මේ පච්චයට දැන් අවුරුද්දකුත් වෙන්න ළඟයි . මම මීට කාලෙකට කලින් ගතකරපු ඒ ජීවිතේ , එදා සිද්ධ වෙච්ච සිදුවීම් . මේ හැම දෙයක්ම මගේ දකුණු අත දිහා බලන විට මට මතකෙට එනවා ..! මම මැරෙන කල්ම මේ පච්චය මගෙත් එක්ක ඉඳීවි . මම තරුණ කාලේ කරපු කියපු හැමදෙයක්ම මට ආයෙමත් මතක් කරලා දේවි ..ජීවිත කාලෙ පුරාවටම මගෙත් එක්ක ඉඳීවි ..
මේ පච්චයට දැන් අවුරුද්දකුත් වෙන්න ළඟයි . මම මීට කාලෙකට කලින් ගතකරපු ඒ ජීවිතේ , එදා සිද්ධ වෙච්ච සිදුවීම් . මේ හැම දෙයක්ම මගේ දකුණු අත දිහා බලන විට මට මතකෙට එනවා ..! මම මැරෙන කල්ම මේ පච්චය මගෙත් එක්ක ඉඳීවි . මම තරුණ කාලේ කරපු කියපු හැමදෙයක්ම මට ආයෙමත් මතක් කරලා දේවි ..ජීවිත කාලෙ පුරාවටම මගෙත් එක්ක ඉඳීවි ..
මේ හැමදෙයක්ම ඉවර වෙච්ච දවසට . . . . . .
ඔවු ! ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන ..
"සත්තයි" මට ඕනෑ එච්චරයි ..!

