මම ඇහැවුවොතින් "ජීවිතේ සුන්දරම කාල සීමාව මතකද කියලා ..? වැඩි දෙනෙක් මට කියාවි පුංචි කාලේ තරම් සුන්දර කාල සීමාවක් තවත් නැතෙයි කියලා . මටත් එහෙමයි .පුංචි කාලේ මතක සටහන් මතක් කරකර මමත් තනියම හිනහා වෙච්ච අවස්ථා නම් ඕන තරම් . මේ ලියැවෙන්නේ ජීවිතේ සැහැල්ලු අවධියේ සිද්ධ වෙච්ච තවත් පොඩි සිදුවීමක් .
අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ඔන්න කුඹුරු කැපෙන්න පටන් ගන්නවා . ලංකාවට වැඩිම වී අස්වැන්නක් බෙදන මගේ පළාත කුඹුරු කැපිලා ඉවර වුණු කාලට නිකම් ලාස් වේගස් ටවුම වගේ .ගමේ ගොවියෝ , මෝල් කාරයෝ (වී) , අත් ට්‍රැක්ටර් කාරයෝ , ලොරි කාරයෝ, මුට්ට කරගහන ඈයෝ .මුං හැමෝටම කුඹුරු කැපිලා ඉවර වුණාම මාරම ආතල් වැඩි හිටියොන්ට ආතල් එකක් ලැබෙනකොට ඒ ආතල් එක දෙකෙන් වැඩි වෙලා පොඩි එවුන්ට ලැබෙනවා .
ක්‍රිකට් ගහන්න , ජිල් ගහන්න , සරුංගල් අරින්න . මල් ගහන්න . ගමේ ඉන්න ගොඩක් කොල්ලෝ සූදානම් වෙන්නේ ඔන්න ඔය කියන නිදහස් මාස කීපයේදී තමයි .
මමත් ඉස්සර මාරම ආසාවෙන් ජිල් ගැහුවා .මම ජිල් බෝල චැම්පියන් කෙනෙක් ! . ඒත් පස්සේ කාලෙක නොබිය යුතු දෙයක් බීලා ඒක විස වෙලා ඇහැක ඇති වුණු වපරයක් හේතුවෙන් අද මම ජිල් ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙනයි ඉන්නේ .කොහොම හරි ඉතින් මේ සිදුවීම වුණේ නම් ටික කලකට ඉස්සර දවසක .එතකොට මම අට වසරේ ඉගන ගන්න කොල්ලා .
ඒ කාලේ අපේ ප්‍රියතම විනෝදාංශයක් තමයි සරුංගල් ඇරීම . හුළං සැරට තියන කාලෙට මහ ඇලේ බන්ටෙක ළඟට එකතු වෙන අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ සරුංගල් අරින හැටි බලන්න ගමෙන් බාගයක්ම එකතු වෙනවා .
මහ ඇලේ බන්ටෙක උඩට වේගෙන් හුළං හමනවා . ඒ සීමාවේ තියන සවි ශක්තිය උපරිම ගස් පවා ඒ හුළඟට පොළවේ ගෑවෙන්නම නැවෙන හැටි බලන්න ලස්සනයි . .බන්ටෙකට එන කෙල්ලෝ නම් පැත්තකට වෙලා ගවුම් කෙටි තද කරලා අල්ලගෙන එක පෙළට වාඩි වෙලා ඉන්නවා මිසක් බන්ටෙක දිගේ ඇවිදින්න නම් යන්නේ නෑ මොකද කීවොත් හුළඟ සැර නිසා ඇඳන් ඉන්න ගවුම් සරුංගල් බවට පත් වෙන නිසා..

ඔන්න ඉතින් ඔය කියන නිදහස් කාල වකවානුවේදී මම සහ මගේ මිතුරු කැල සරුංගල් අරින්න කියලා හිතාගෙන දවසක්දා හවස තුනට විතර අපි හැමදාමත් එකතු වෙන තැන වෙච්චි කුණු ඇල ගාවට එකතු වුණා .
අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ වැඩිහිටියෝ පවා සරුංගල් අරින්න එකතු වෙනවා . අද කාලේ නම් පොඩි එවුන්ටත් සරුංගල් අරිනවාට වඩා කරන්න වැඩ ඕන තරම් තියනවා .
කොහොමින් කොහොම හරි එදා අපි කට්ටියම ගෙවල් වලින් අරගෙන ආපු සරුංගල් වලට පොඩි අලුත්වැඩියාවක් දාමින් හිටියා . සරුංගලේ අලුත් වැඩියා කරනවා කියන්නේ ඒකේ පොඩ්ඩක්කක් විතර ඉරුණු තැන්වලට පැච් දාලා ! රැළි සමබර කරලා බොක්ක පොඩ්ඩක් විතර වැඩි කරලා හදලා ගන්න එකට තමයි . ඔය මොනවා කළත් සරුංගලේ දෙපස රැළි ගණං කලෝතින් නම් සරුංගලේ කූරියා ගහනවා කියලා අපේ ගමේ කොල්ලෝ අතරේ කතාවක් තිබුණා . මාළු ටැංකියක මාළු ගණං කළොත් මාළු මැරෙනවා වගේ තව කතා ගොඩාක් අපේ කොල්ලොන්ගේ කතා පෙට්ටි වල ඒ කාලේ නිතර වාදනය වෙන කියමන් .
අපේ ගමේ ඉන්න සරුංගල් සූරයා තමයි සුරංග අයියා . එයැයි හදන බොහෝම පුංචි සරුංගලයක් වුණත් සෑහෙන්න ඉහළ නගින බව අපි හැමෝම දැකලා තිබුණා . ඒක නිසා සුරංගට කියලා සරුංගලයක් හදාගන්න ගමේ කොල්ලෝ අතරේ පුදුම තරඟයක් තිබුණා.
ඉතින් අපිත් එදා අපේ සරුංගල් වල අඩු වැඩිය පොඩ්ඩක් හදාගෙන සරුංගලේ ටියුන් කරගන්න හිතාගෙන .සුරංග හම්බෙන්න උගේ ගෙවල් පැත්තට ගියා . මේ හුළං කාලෙට සුරංග බරටම සරුංගල් හදනවා .වටේ පිටේ ඉන්න හොටු කොල්ලෝ සේරම සුරංග ගාව බිම ඇන තියාන ඌ සරුංගලේ හදන හැටි කෙළ බේර බේර බලං ඉන්නවා .සුරංගයා නිතරම කීවේ ඌ හදන සරුංගල් ඉහළ නගින්නේ උගේ අත් ගුණේ නිසා කියලා ..
අපි සුරංග අයියගේ ගෙදර වැට මායිමට ගියා . අපිත් එක්ක හිටපු රසික සුරංට ගෙන් කෑගහලා මෙහෙම ඇහුවා
"සුරං අයියා . අපේ සරුංගලේ පොඩ්ඩක් මෙවුවා කරලා දියංකෝ .”
බිම ඇන තියාගෙන හිටි හොටු කොල්ලෝ කීපදෙනෙක් සුරංග ළඟ ඉඳන් සුරංගට මොනවාදෝ කොඳුරන්න ගත්තා . වැට මායිමේ කඩුල්ල ළඟ හිටි මට ඒ වචන ඇහුණේ නැති වුණාට ඒ කියාපු දේවල් හිතාගන්න පුළුවනි .
"අනේ අයියේ උන්ට ඉස්සරවෙලා මගේ සරුංගලේ හදලා ඉන්න " උං කියන්න ඇත්තේ ඔන්න ඔහොම වචනයක් .
ලබ්බ තිබ්බා වගේ හිටපු සුරංග නෙවේ යන්තම් වත් හෙලවුනේ .! ඉතින් අපිත් කඩුල්ලේ උණ ලී තුනට අතරින් රිංගලා සුරංගගේ වත්තට ඇතුළු වුණා .
" සරුංගල් ටික පොඩ්ඩක් හදලා දියංකෝ බං" ඒ වතාවේ වචන මගේ
"ඇයි උඹලට අත පය නැද්ද ? ගාන රුපියල් දහයයි උඹලා සල්ලි ගෙනාපල්ලා මම වැඩේ කරන්නම් .ගනිං සල්ලි ගනිං !! සල්ලි සලී , සල්ලී”
සුරංගගේ කතාවට මට මල පැන්නා ඌට කුණු හරුපයක් කියාගෙනම මම ආයෙමත් කඩුල්ල පැත්තට ගියේ ආයේ කිසිම දවසක සුරංගයාට උදවුවක් කරන්නෑ කියලා හිතාගෙනම . අනික් කොල්ලෝ ටිකත් මගේ පස්සෙන් වැටුණා .
අපි පැරදිලා පාර දිගේ යන අතරේදී "අපි අලුත් සරුගලයක් හදමු" කියන අදහස මගෙන් එළියට ආවා . අනික් අයත් එකහෙළාම ඒ අදහස අනුමත කළේ සුරංගගේ සරුංගලයට වඩා උඩ යන එකක් අපිට හදන්න පුළුවන් කියන වචනෙත් එක්ක .
"අපි කස්ටියම එකතු වෙලා හදමු ලොකූ සරුංගලයක් .! සල්ලි කීයක් ගියත් කමක් නෑ එලම කිරිවට අපි සරුංගලේ හදමු" . අන්තිමට අපි හැමෝම එහම තීරණය කලා .
"අපි කස්ටියම එකතු වෙලා හදමු ලොකූ සරුංගලයක් .! සල්ලි කීයක් ගියත් කමක් නෑ එලම කිරිවට අපි සරුංගලේ හදමු" . අන්තිමට අපි හැමෝම එහම තීරණය කලා .
අපිට දවස් තුනක්ම ගතවුණා අලුත් සරුංගලේ හදාගන්න . රතු පාට සවු කොළ ගෙනල්ලා කොළ පාටින් රැළි දාලා දිග වලිගයක් දැම්මාම සරුංගලේට නියම ලුක් එකක් ඇවිදින් තිබුණා . මට මතක විදිහට ඒ සරුංගලේ හදලා ඉවර වෙනකොට . අපේ කට්ටියටම රු 20 විතර වැය වෙලා තිබුණා . අපිට මුදල් වියදම් වුණේ නම් සවු කොළ වලටයි , සන් නූල් පන්දුවටයි විතරයි . අනික් හැමදෙයක්ම අපි වටෙන් පිටෙන් හොයාගත්ත එවා .
අපි සරුංගලේ හරි මැද . පිරිත් කොටුවේ අලවනවා වගේ ලස්සන පොඩි රටාවක් කපලා ඇලෙවුවේ . ඒක උඩ ගියාම ලස්සනට පෙනෙන්න . කොහොමින් කොහොම හරි අපි හදාපු සරුංගලේට බොහොම ලස්සන පෙනුමක් ඇවිදින් තිබුණා. කට්ටියම එකතු වෙලා හදාපු නිසා වෙන්නැති .
"අපි මේක දැන්ම යවන්නැතුව හෙට යවමු . හෙට ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අපි මේක අරගෙන ගිහින් සුරංගයට පේන්න යවමු . “සෙට් එකේ කවුරු හරි කෙනෙක් එහෙම යෝජනා කළා .
පහුවදා ඉස්කෝලේ පළවෙනි පීරියඩ් එක ඉඳලා අටවෙනි පීරියඩ් එක වෙනකම් අපි හිටියේ ඇඟිලි ගැන ගැන . ඒ කාලේ ඉස්කෝලේ අරින්නේ හවස දෙකට . ඉතින් අපි ඔරලෝසු දිහා බලමින් . සරුංගලේ ගැන පම්පෝරි ගහමින් සිහින මවමින් පන්තියට වෙලා වාඩිවෙලා හිටියා .
අපි එදා හවස සරුංගලේ අරගෙන ඇල ඉස්මත්තට එනකොට එතන තවත් විස්සක විතර කාණ්ඩයක් සරුංගල් අරින්න එකතුවෙලා හිටියා . කෙල්ලෝ කට්ටියක් වල්පල් කතා කරමින් ඇල ඉවුරේ වැවෙන කහපාට කදුරු මල් එක්ක සෙල්ලම් කරමින් සරුංගල් ඉගිලෙන දිහා බලමින් හිටියා .

අපිත් කරඬුවක් වඩම්මන්නා වාගේ බොහෝම ගෞරවයෙන් අරගෙන ආපු අපේ මහා සරුංගල් රාජයා . හෙමිහිට එළියට ගත්තා . වටේ පිටේ හිටපු හැමෝගෙම ඇස්වල බැල්ම පැහැරගන්න අපි හදාපු ලොකු සරුංගලේට පුළුවන් වුණා.
"අපොයි ඕක උඩ යන්නෑ . !!”
"බලපල්ලකෝ මෝඩයිනේ ඕකේ ලොකු , ඕකේ බොක්ක වැඩියි , අපරාදේ සල්ලි . ! “
ඔන්න ඔය වගේ කයි කතන්දර , ඇස්වහ කටවහ මැද අපි අපේ සරුංගලේ ගුවන් ගත කරන්න සූදානම් වුණා .
කුඹුරු පැත්තේ ඉඳලා හමාගෙන ආපු ලොකුම ලොකු සැඩ හුළඟකට අහුවෙලා සරුංගලේ උඩ ගිහින් වට දෙකක් විතර කැරකිලා ඇල ඉවුරේ තිබුණු .වරා පඳුරු ගොඩක් උඩ රැඳුණා . ! වටෙන්ම ඇහුණේ මහා හූ හඬක් !! . අපිට දැනුණේ හරියට සෙනග මැද අපේ රෙදි ගැලවුනා වාගේ හැඟීමක් .
රසික ආයෙමත් නූල ඇදං ඇල පාර දිගේ දුවන අතරේ ඔන්න දෙවියන් විසින් පිඹපු හුස්ම පොදක් වාගේ සියුමැලි හුළඟක් ආවා .! පොඩ්ඩක් අමාරුවෙන් වගේ අහසට නැගුණු සරුංගලා උඩු හුළඟට ඇහුවෙලා එකවරම ඉහළ නැඟුණා . ගොඩාක් ඉහළට ..! උපරිම ඉහළට !. අනික් හැම සරුංගලයක්ම පහු කරගනෙ ඉහළට.!
අපිට දැනුණේ වචනෙන් කියන්න බැරි තරම් අමුතු හැඟීමක් . සතුට එකතු වුණු ආත්ම ශක්තිය කැටි වුණු සල්ලි වලට ගන්න බැරි අපූරුම හැඟීමක් තමයි ඏඒක . සරුංගලේ උඩ ගියා විතරයි හැමෝම ඒක දිහා බලමින් සතුටුවෙන්න ගත්තා . ඒ ගැන කතා වෙන්න ගත්තා . කලින් අශුභවාදී අදහස් දුන්නු අයත් අපේ සරුංගලේ බලමින් සතුටු වුණා .

අපිටත් සතුටුයි .
ඒත් සතුට කොතනද එතන දුකකුත් රැඳිලා ඇති .. !
අපේ සරුංගලේ කන්ට්‍රෝල් කරේ අපි කට්ටියම මාරුවෙන් මාරුවට . අපේ කවුරුහරි කෙනෙක් සරුංගලේ යව යවා ඉන්න අතරේ අපි නොහිතපු දෙයක් සිදුවුණා .
අපේ සරුංගලේ කන්ට්‍රෝල් කරේ අපි කට්ටියම මාරුවෙන් මාරුවට . අපේ කවුරුහරි කෙනෙක් සරුංගලේ යව යවා ඉන්න අතරේ අපි නොහිතපු දෙයක් සිදුවුණා .
සරුගලේ සෑහෙන්න ඉහළ ගියා . පදවන්නා අතේ තිබුණු නූල් පන්දුව ටිකෙන් ටික හිස් වෙන්න ගත්තා . සන් නූල් බෝලේ අන්තිම හරියට වෙනකම් නූල් අඩු වුණා . . . . ! ඒ සන් නූල් බෝල වල අවසානයේ ගැටයක් දාලා නෑ නූල තියෙන්නේ නිකම්ම . ඉතින් අපේ සරුංගලෙත් . නූල අරං එකවරම ඈතට ඇදිලා ගියා .
අපිට දැනුණේ හරියට අපේ ඇඟේ කෑල්ලක් අපිට නැතිව ගියා වාගේ . වටේ හිටපු වැඩිහිටියෝ ඒ සරුංගලේ පස්සේ දුවලා ඒකේ නූල අල්ලගන්න ගොඩාක් උත්සහ කළා . ඒත් ඒ සරුංගලේ අපිව දාලා යන්න ගියා . බයිසිකල් වල නැගිලා ගම වටේම සරුංගලේ හොයන්න ඇවිදපු අපිත් හවස හයට විතර බඩගිනි දැනුණ නිසාම ගෙදර ගියා .

පහුවදා නිවාඩු දවසක් .
මම උදේ පාන්දර මූණ හෝදන අතරේ .මාව හම්බවෙන්න දුවගෙන ආපු මගේ සරුංගල් මිතුරෙක් කීවේ . අල්ලපු ගමේ කොල්ලෙක් ගාව අපේ සරුංගලේ තියනවා කියලා දැනගන්න ලැබුණු බව . මමත් ඉක්මනට තේක බීලා අනික් අයත් එක්ක අල්ලපු ගම බලා බයිසිකල් වලින් පිටත් වුණා .
අපි ඒ කීව ගෙදරට යනකොටත් සරුංගලේ ඒ ගෙදර මිදුලේ ක්‍රෝටන් ගහක එල්ලි එල්ලී තිබුණා ඒ සරුංගලේ රැළි එක්ක සෙල්ලම් කරමින් හිටියේ අමු හෙළුවෙන් හිටපු පොඩි එකෙක් !! ඌ අපිව දැක්ක හැටියේ ගේ ඇතුලට දිවුවා .
අපි ඒ කීව ගෙදරට යනකොටත් සරුංගලේ ඒ ගෙදර මිදුලේ ක්‍රෝටන් ගහක එල්ලි එල්ලී තිබුණා ඒ සරුංගලේ රැළි එක්ක සෙල්ලම් කරමින් හිටියේ අමු හෙළුවෙන් හිටපු පොඩි එකෙක් !! ඌ අපිව දැක්ක හැටියේ ගේ ඇතුලට දිවුවා .
සරුංගලේ දැක්කම අපිට දැනුණේ පුදුමාකාර සතුටක් .
"ගෙදර කවුද ? ගෙදර කවුද ? “
අපිත් ගෙදර අයට කතා කළේ සරුගලේ ඉල්ලගෙන යන එක නොකියාම අරගෙන යනවාට වඩා හොඳ නිසා .
"ආ..! මොකද ?”
ගෙදරින් එළියට ආවේ මම කවදාවත් දැකලා නැති ටිකක් අහංකාර ගැමි බුවෙක් .!
"මාමා මේක අපේ සරුංගලේ අපි ආවේ මේක ගෙනියන්න ආවේ ගන්නද ? “
"මොකක් !! මේ මේ ළමයි මගෙන් ගුටි නොකා යනවද ? මේක මේ අපේ පොඩි එක්කෙනාට මම හදා දීපු සරුංගලේ .ආවද ඒකට අයිතිවාසිකම් කියන්න .”
අපේ සෙට් එකේ රසිකට ඇඬෙන්න වගේ .
"මේ තියෙන්නේ අපි කපලා අලවාපු කැටයම් ටික එහෙම්ම මේක අපේ සරුංගලේ .” රසික කඳුළු පුරෝගෙන එහෙම කීවත් . ගෙදර මහ එකා නෙවෙයි යන්තම්වත් අපි කියන දේ පිළිගත්තේ .
"පලයවු යන්න ගුටි නොකා . !” ඒ වෙනකොට අපි අටවසරේ . ඉතින් ඔළුව නමාගෙන එළියට බහින එක තමයි අපිට කරන්න තිබුණු එකම දේ .. ඒත් .. අපි කාටත් දෙවනි නෑ පොඩිකාලෙත් එහෙමයි අදත් එහෙම්මයි .
"අපි සරුංගලේ ඉරලා දුවමු බං .! " ඒ අදහස මගෙත් එක්ක හිටි මිතුරා කණිශ්කගේ .!
"රායිට්.!! අන්න එහෙම කරමු" . මමත් එක පයින්ම ඒ යෝජනාවට කැමති වුණා .
එකපාරටම සරුංගලේ ළඟට පැනපු අපි දෙන්නා . සරුගලේට මිටි ගුලි ගුස්ති පාවල් දෙකක් දුන්නා ඒක සුණේ සුන් වෙන්නම . අපි ආදරෙන් හදාපු සරුංගලේ , අපිට සතුටක් දුන්න සරුංගලේ ඔය කිසිම දෙයක් අපි ඒ මොහොතේ හිතුවේ නෑ . "අපිට නැතිනම් උඹලටත් නෑ !!” අපි හිතුවේ ඔච්චරයි .
ගෙදර පොඩි එකා කෑගහලා අඬන සද්දේ අපිට ඇහෙනවා .. අපිට ආතල් ..පට්ට ආතල්
අපි පණ කඩාගෙන දිවුවා . මුලින්ම දිවුවේ මම. මම දුවලා ගිහින් කඩුල්ලට උඩින් පැන්නා . රසිකත් පැන්නා .අනික් අයත් පැන්නා
දුවල ගියපු මම මම බයිසි කලේට නැංගේ හැටට හැටේ පාගන්නම් කියලා හිතාගෙන . ඒත් එකපාරටම "දඩාස්..!!” ගාලා සද්දයක් ඇහුණා .
කණිෂ්ක වැටේ වැදිලා කැරකිලා බිම වැටුණා .ඌට කඩුල්ල උඩින් පැනගන්න බැරි වෙලා ! . උගේ පස්සෙන් දුවගෙන ආපු ගෙදර බුවා . කණිශ්කගේ පිට මැදට අත පුරෝලා සොට් හතරක් දුන්නා . කණිෂ්ක අඬන්න ගත්තා . . . . ! උගේ කකුලෙන් ලේත් එනවා .
අපි ආපු පාරෙන්ම ගිහින් කණිශ්කගේ ගෙදර අයට මේ සිදුවීම අකුරක් නෑර කීවා . අපි දැනගෙන හිටියේ නෑ අපි ඒ කළේ කොයිතරම් වරදක්ද කියලා . අපි වාචාලයෝ වගේ . අපේ හිතේ තිබුණු දේ කියාගෙන ගියා .ඔන්න එතකොටම කණිශ්කගේ අයියලා දෙන්නා . බයික් එකට නැගලා බොහෝම වේගෙන් කණිෂ්කට ගහපු කෙනා හොයාගෙන ගියා ..

අපිත් ගෙදර ගියා .. !
පහුවදාට එළි වෙනකොට . අපේ ගෙදරට පොලීසියෙන් ඇවිත් .පොලීසියේ අය ඇවිදින් තිබුණේ මගෙන් කට උත්තරයක් ගන්න .ඒත් මගේ අම්මා පොඩ්ඩක්වත් ඒකට කැමති වුණේ නෑ මාව කාමරේට දාලා දොර වහලා අම්මා කොහොම හරි පොලීසියේ අයව පිටත් කරලා ඇරියා .
කණිශ්කගේ අයියලා දෙන්නා ගැමි බුවාට නෙලලා එන අතරේ ඒ ගමේ සෙට් එක එකතු වෙලා ආයෙමත් උන් දෙන්නට නෙලලා බයික්කේ කුඩු කරලා .!! ඊට පස්සේ අපේ ගමේ ඇයෝ සේරමල්ල ගිහින් උන් එක්ක ගහ මරාගෙන .
කණිශ්කගේ අයියලා දෙන්නා ගැමි බුවාට නෙලලා එන අතරේ ඒ ගමේ සෙට් එක එකතු වෙලා ආයෙමත් උන් දෙන්නට නෙලලා බයික්කේ කුඩු කරලා .!! ඊට පස්සේ අපේ ගමේ ඇයෝ සේරමල්ල ගිහින් උන් එක්ක ගහ මරාගෙන .
සරුංගලයක් ගිය දුරක් !!
ගම්මාන දෙකක් ගහ ගත්තා . බඩු මුට්ටු කඩා ගත්තා .අත පය කඩාගත්තා .පොලීසි ගියා ., උසාවි ගියා . කවුද හිතුවේ රුපියල් විස්සකට හදාපු සරුංගලයක් මේ තරම් වින්නැහියකට මුල වේවි කියලා .
හැමෝම දෝස්මුරේ දැම්මේ අපිට.
හැමෝම දෝස්මුරේ දැම්මේ අපිට.
ඔය සිදුවීමෙන් පස්සේ වැඩිහිටියෝ ළමයින්ට සරුංගල් ඇරීම තහනම් කළා ! .අල්ලපු ගමට බේතක්වත් හොයාන එන්න යන එකටත් නතර කළා . මහ රෑ අලි ඇවිදින් ඒ ගමේ උන් හූ කියලා කෑගැහුවත් අපේ ගමේ උං නෙවේ යන්තම්වත් ඒ පැත්තට හැරිලාවත් බැලුවේ .. අදටත් මගේ ගමෙයි අල්ලපු ගමයි අතරේ තියෙන්නේ පුදුම වෛරයක් .ඊට පස්සේ කීප විටකදීම අපේ ගමත් ඒ අල්ලපු ගමත් අතරේ ගුටි කෙළි කීපයක්ම ඇවිලුණා මට හිතෙන විදිහට තව අවුරුදු ගණනාවකට ඒ රණ්ඩු සරුවල් නම් අවසන් වෙන එකක් නෑ . !
මේ කතාව ඇතුළේ ලොකු දෙයක් නෑ ඒත් ගම්මාන දෙකක් අමනාප කරවපු මේ සරුංගල් සෙල්ලම මට ලේසියෙන් අමතක කරන්න බැරි නිසාම මේ කතාව ලියලා දාන්න හිතුණා .. !
ආයෙමත් සරුංගලයක් යවන්න ආසයි ..! මට තවම සරුංගල් හදන විදිහත් මතකයි .ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් මම දැන් ඉන්නේ සරුංගල් යවන වයසක නොවන නිසා.
"කාලය මැවු වෙනසක අරුමේ !!”