මේ කතාව ලියන්න පටන් ගත් දිනය 2013 පෙබරවාරි මාසයේදී බව සලකන්න
දැයට කිරුළ ප්‍රදර්ශනේ මේ වතාවේ පැවැත්වෙන්නේ අපි ඉන්න ඉසවුවෙලු . ටවුමේ හයි කරාපු සද්දන්ත බෝඩ තඩියක එහෙම ලියලා තිබුණා . ඉතින් මේ පළාතේ බොහොමයක් දෙනාට වගේම මටත් සතුටු හිතුණා . සමහරු නම් තුහ් නෙද්දකිං කියලා කෙළ ගැහුවා ඒත් වැඩි මනක් දෙනා වගේම මමත් දැයට කිරුළට නම් එකෙන්ම මනාපයි .
දැයට කිරුළ බෝඩ් එක
එල්ලුවාට ඒක අපේ පළාතේ පැවැත්වෙන බවට කිසිම හාවක් හූවක් තිබුණේ නෑ. ඉතින්
අපිටත් ඔය කිරුළ අමතක වෙලාම ගියා . ඒත් දැන් මාස දෙකකට
උඩදී කඩි මුඩියේ පාර හදන්න පටන් ගත්තායින් පස්සෙයි දැයට කිරුළ අපේ ඔළුවට
වැටෙන්නබෝහෝම ළඟ විත්තිය අපිට තේරුම් ගියේ. කුරු
බල්ලෙකුටවත් යන්න බැරි තරම් අබලන් වෙලා තිබුණ අපේ අත්තලා මුත්තලා ගේ කාලේ තාර දාලා
හදාපු ප්‍රධාන පාරවල් වලට දවසින් දෙකෙන් කාපට් වැටෙන්න පටගත්තා . මොන දේ කරලා හරි කමක් නෑ පාර කාපට් වෙච්ච එක ලොකූ දෙයක් .! අපේ ගමේ කවුරුත් වාගේ එක හඬින්ම පාර හැදෙන එකට නම් මනාපයි . අන්න ඒකයි පාර පළල් කරද්දී පාර දෙපැත්තේ තිබුණ ඉඩම් වලින් පොඩි කොටසක්
පාරට අයිති වුණත් කවුරුත් මුවින් නොබැණ ඉවසාගෙන හිටියේ .
අපි වසන ඉසවුව වෙච්චි මේ වැවුගම් පත්තුවේ අබලන් වෙච්ච පාරවල් හදන්න කොන්තරාත් සමාගම් කීයපයක්ම බාර අරගෙන තිබුණා . ඉතින් ඔය එක සමාගමක සේවක ඉංජිනේරු මහත්තුරු පිරිසක් කැලේ රිංඟලා අලි රැලකට කොටු වෙලා ඇති බවක් හදිසියේම අපි කාටත් ආරංචි වුණා . ඉතින් ගමේ වැඩිහිටියෝ සහ වෙන්නඩ වැඩිහිටියෝ එතනට හනි හනිකට එතනට දිවුවා .
අපි යනකොටත් පාර හදන උදවිය ලොකු කුඩා ගස් උඩ නැගගෙන පණ බයෙන් වෙවුලනවා . පාර මනින්න ගෙනා මිනුම් උපකරණ එකක් දෙකක් අලින් විසින් පාගලා පොළවට යටකරලා ..අපි හූ කියලා අලි වෙඩි දමලා අලි රංචුව එලෝලා දමලා මහා ගස් වල මුදුනේ නැගගෙන හිටපු ඉංජිනේරු මහත්තුරු සෙට් එකව බේරාගත්තා .
“මේ මහත්තයෝ ..? මොකාට යන්ඩදෑ මහත්තයෝ මේ පාර මනින්නේ? මේ අලි මංකඩක් . මේකේ මිනිස්සු වැරදිලාවත් යන්නේ නෑ .”
ගහෙන් බැස්ස මිනිහාට අලියා ගැහුවා වගේ අපේ ගමේ තිලකෙ වර්ධන අයියා ඉංජිනේරුවෝ සෙට් එකට ලෝක ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා ..
“අපොයි මයි ගෝඩ් එතකොට මේ 26B පාර නෙවෙයිද ?”
“නෑ මහත්තයෝ ඒක තව හෙණ එහා .. ආං අර පේන කැටකෑල ගහ ලැඟින් තමා ඒකට හැරෙන්නේ .”
ඔන්න ඔය විදිහට අපි වෙන්න ගිය මහා විනාසයක් වළක්වා ගත්තා ඇත්තටම ඒ පාර හදන උදවිය තව ටිකක් දුර පාර හදාගෙන කැලේ මැදට ගියා නම් අලි ගහලා මැරෙනවා ඒකාන්තයි . කොහොමින් කොහොම හරි ඔය සිදුවීමෙන් පස්සේ ඒ පාර හදාපු සේවකයෝ වගේම ඒ ඉංජිනේරු මහත්තුරු ගමේ අපිත් එක්ක බොහෝම සුහඳ වුණා . ඉතින් ඊට පස්සේ තමා මම කියන්න හදන කතාවට අඩිතාලම වැටුණේ .
පාර හදන ඉංජිනේරු මහත්තුරු අතරේ චීනෙං ආපු චීනෙක් හිටියා . කොණ්ඩේ බැඳලා නැතිවා වගේම ඒ හැටි වයසක් නොපෙනුනා වුණාත් පීනසටදෝ මන්දා මිනිහගේ ඉහේ කෙස් ගහක් දෙකක් අතරින් පතර ඉදිලා තිබුණා . දවසක් මම ජයසේන අත්තගේ තේ කඩේ ඉන්දෙදී තමා ඔය චීනා මාව මුණ ගැහෙන්න ආවේ . තනියම නම් නෙවේ සිංහල ඉංජිනේරු මහත්තයෙක් එක්ක තමා චීනා මාව බලන්න ආවේ. චීනා අඩවන් දෑසින් ටකරං ගහපු කඩේ දිහා අමුතු බැල්මක් දාන අතරේ උන්දැ එක්ක ආපු සිංහල ඉංජිනේරු තුමා මට කතා කලා .
“මල්ලි නේද සඳරු කියන්නේ . ?”
ඕ !
“මේ මහත්තයාගේ නම යොන්ග් . මෙයාගේ ලැප්ටොප් එකේ පොඩි අවුලක් ඇවිදිලා අපිට කීප දෙනෙක්ම කීවා ඔයාට කොම්පියුටර් නොලේජ් එක හොඳට තියනවා කියලා . ඉතින් පුළුවන්නම් මේක පොඩ්ඩක් හදලා දෙන්න .”
කඩේට බඩු ගන්න, තේ බොන්න ඇවිදින් හිටිය ගෑනු, මිනිස්සු, කෙල්ලෝ, කොල්ලෝ, දැල්ලෝ ඉස්සරා මටත් මාර පල්ලම . මමත් උදුරලා වගේ චීනා තුරුල් කරගෙන හිටපු ලැප්ටොප් පරිගණකය මගෙ අතට ගත්තා . ඔය අතරේ චීනා එක්ක ආපු සිංහල ඉංජිනේරු තුමා හෙමිහිට කඩේ පිටිපස්සට පල්ලම් බැස්සා . මම විතරක් ජීවිතේට නොදැක්ක චීනෙක් එක්ක හුදකලා වුණා .
ලැප්ටොප් එක කීප විටක්ම එහා මෙහා කරලා බැලුවා වුණත් මට ඒකේ දෝෂයක් පෙනුණේ නෑ .ඒ මදිවට ඒ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම තිබුණේ චීන භාෂාවෙන් .”ඔහේගේ පරිගණකයට මොකද්ද කරලා ඕනේ ?” කියලා ඉංග්‍රීසියෙන් අහන්න මට පුළුවන් කමක් තිබුණෙත් නෑ .කඩේට ඇවිදින් උන්නු ඕපදූප කියෝන එවුන් එකෙක් දෙන්නෙක් කට ඇරගෙන මගෙ දිහා බලාන ඉන්නවා . උං එකෙට්ට වත් ඉංග්‍රීසි බැරි බව සහ සුද්දෙන්ම දන්න නිසා මමත් දන්න විදිහට ඉංග්‍රීසි ගැටගලා චීනගෙන් මෙහෙම ඇහුවා .
“සර් වට්ස්ද පොබ්ලම් දැට් ඉස් කොම්පුයිටර් .. ?”
“ඕ ඕ ඔ ..” චීනා තටමන්න ගත්තා .
“සර් වට් කැනයි ඩූ දිස් කොම්පියුටරේ ?”
චීනා මට ඇඟිල්ල දික් කරලා ඩෙක්ස්ටොප් එකේ තිබුණ Autocad මෘදුකාංගය පෙන්නුවා . වරද තිබුණේ ඒ මෘදුකාංගය ක්‍රියාත්මක නොවීමයි .මම පොඩ්ඩක් දඟලලා තටමලා 2ජී සිග්නල් වලින් අන්තර්ජාල ගතවෙලා.. සීරියල් නම්බර් දීලා ක්‍රැක් එකකුත් ඩවුන්ලෝඩ් කරලා දාලා චීනව මෘදුකාංග හොරෙක් බවට පත් කරලා මට Autocad මෘදුකාංගය නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට හදන්න පුළුවන් වුණා . චීනට බොහෝම සන්තෝසයි මිනිහා සාක්කුවෙන් ගත්ත රුපියල් 500 කොළයක් මට දුන්නේ උගේ චීන ඔළුව මගේ දිහාවට නමන ගමන් .
“සර් ඉටිස් ඕකේ අයි නෝ නීඩ් යුව මනි. යූ කැන් කීපිට් “
ඒත් චීනා දඟල දඟල “සල්ලි ගනිං යකෝ” කියලා විටක චීන භාෂාවෙනුයි තවත් විටෙක කැඩිච්ච ඉංග්‍රීසියෙනුයි කියන්න වුණා. ඒත් මම නෙවෙයි සල්ලි ගත්තේ . ඉතින් චීනා මට අතට අත දීලා මගේ පිටට තට්ටුවක් හෙමත් දාලා මගේ නමත් අහගෙන විස්තර කීපයකුත් කතා කරලා තේ කඩෙන් මට ක්‍රීම් බනිස් ගෙඩියක් සහ දුම් වැටියක් අරගෙන දීලා නැවත හමුවෙමු කියලා යන්න ගියා .
“සෙහ් සුපිරි ඉංග්‍රීසි නේ ! ..කොල්ලා කොම්පීතරත් එක්කම ඉන්න නිසා තමයි ඉතින් “මගේ හැකියාව ගැන කඩේ හිටි එවුං හීනිවට කොඳුරවුව හඬ මට ඇහැහුණා
චීනෙක් වචනයක් දුන්නොතින් ආයේ දුන්නම තමා . ඉතින් එදයින් පස්සේ චීනාව මාවත් මගේ යාළුවෝ සෙට් එකත් නිතරම හමුවෙන්න ආවා . අපිත් චීනාට චීනා කියලා නොකියා මිනිහාගේ ඇත්තම නම වෙච්ච යොන්ග් කියලාම කතා කරන්න පටන් ගත්තා .
යොන්ග් හරිම ප්‍රිය මනාප බුවා . හැබැයි පොරට වුණත් වැඩියෙ ඉංග්‍රීසි බෑ . ඒක නිසා අපි කවුරුත් යොන්ග් එක්ක අදහස් හුවමාරු කලේ අංග චලනයෙන් සහ බිම වැල්ලේ ඇඳපු රූප සටහන් මගිනුයි . යොන්ග් මට කතා කලේ සැන්ඩරු කියලා . ඉස්කෝලේ පිටනියේ බෝල ගහන්න යන වෙලාවටත් යොන්ග් අපිත් එක්ක ආවා . ක්‍රිකට් ගැන මෙලෝ හසරක දෙයක් නොදන්න නිසාම අපි ක්‍රිකට් ගහන දිහා යොන්ග් බලාගෙන උන්නා . විටක ඌ පිට්ටනියෙන් එපිටට යන බෝලෙ පස්සේ කඟවේනෙක් වගේ දිවුවා .. ගමේ ලොකු පොඩි කොල්ලෝ කවුරුත් යොන්ග්ට බොහොම කැමති වුණා .
සැටල් හන්දියට 3ජී සිග්නල් ආපු එක වැහි දවසක දවසක් යොන්ග් උගේ ලස්සනම ලස්සන චීන කෙල්ලට ස්කයිප් කෝල් එකක් අරන් අපි එකිනෙකාව හඳුන්වලා දුන්නා .ඔන්න එදා අපි කවුරුත් යොන්ග් කියන්නේ නියම චීන බොක්කක් කියලා හොඳටම තේරුම් ගත්තා .
යොන්ග් බෝඩිම් වෙලා හිටියේ ගමට කිලෝමීටර් තුනක් විතර එහයින් තිබුණ බිමට පිඟන් ගඩොල් ඇල්ලු ගෙදරක. ඒ බෝඩිමේ බෝඩිම් පාට්නර්ස්ලාත් එක්ක යොන්ග් ටිකක් ඔරොප්පු වෙලයි උන්නේ . ඒක නිසා නිවාඩු ලැබුණ හැම වෙලාවකම යොන්ග් ආවේ අපිව හම්බුවෙන්න . අපෙත් මොකෝ..? යොන්ග් ඉන්න නිසා ඒ දවස් ටිකේම මිල වැඩි දුම්වැටි ඇති තරම් බොන්න ලැබුණා . සමහර වෙලාවන් වලදී අපි උපන් හඳවියකට කටේ තොලේ ගාවලා වත් නැති රෙඩ් බුල් බෝතල් පවා අපිට යොන්ග් නිසා බොන්න ලැබුණා .
වැවුගම්පත්තුවේ කොලනි අංක 17 එවුන් වුණාට අපි ඇවිල්ලා නයට කන බොන උන් නෙවෙයි . අතේ සතේ නැතත් රෙස්පා තියාගෙන කාටත් සෙකන්ඩ් නොවී ඉන්ඩ අපිත් එකෙන්ම මනාපයි . චීනා ගෙන් දත ගැලෙවුවා වුණත් අපිත් අපිට හැකි විදිහට වියදම් කරලා චීනට සැලකුවා .ගමේ පොඩි කොල්ලෝ පුලු පුළුවන් වෙලාවට ගල් ඉබ්බෙක් අල්ලලා මස් කරලා හොඳට රම්පෙ කරපිංචා දාලා උයලා යොන්ග්ට කන්න දුන්නා . අපේ වයසේ උන් වැවු මාළු අල්ලලා යොන්ග්ට උයලා දුන්නා ඌත් හිස නමලා වැඳලා කරලා අපි දෙන කෑම බස බස ගාලා කාලා තැන්කිවු කියලා ස්තුති කලා .
පහු වෙච්චි දෙසැම්බර් මාසේ යාන්තමට වැහැපු එක සිකුරාදා දවසක හවස යොන්ග් මල්ලකුත් අරගෙන තරමක් විශාල කුඩයක් යටින් කඩේ ළඟට ආවා .ජයසේන අත්තගේ කඩේ ළඟ කාලෙ කකා හිටපු අපි යොන්ග් ව දැක්ක හැටියෙම බංකුවෙන් නැගිටලා කට පුරා ගුඩ් මෝර්නිං කියලා මිනිහව පිළිගත්තා . ගුඩ් මෝනින්ම කියලා අපිටත් කියාපු යොන්ග් සාක්කුවෙන් ගත්ත දුම් වැටි කීපයක් අපි කා අතරත් බෙදා දුන්නා . තැන්කිවු කියලා අපිත් ඒ දුම් වැටි දල්වාගෙනම කතාවට වැටුණා . ඔය අතරේ තමයි මගේ මිත්‍රයා රිපිටා අලුත් කතාවක් කීවේ ..
“මචං අපි හැමදාම මූගෙන් කනවා බොනවා මූටත් කියලා ආතල් එකක් තියෙන්ඩෙපෑය අපි අද මූට එල කැඩෙන පාටියක් දෙමු . “
රිපිටා එහෙම කීවම මගේ අත කෙළින්ම ගියේ සාක්කුවට .දෙයියනේ කියලා මයෙ සාක්කුවේම තිබුණේ රුපියල් හැතෑවයි .

මගේ වෙනස්වීම දැක්ක හැටියෙම රිපිටා ට මාව තේරුම් ගියා . ඌ ඉතින් මාව මිසිහාමි ඇන්ටිගේ පෙරපාසල් ගිය කාලේ ඉඳන්ම දන්න එකානේ .. ඌට කවදාවත් මට බොරුවක් මුලාවක් කරන්න බෑ වගේමතමයි මම හැරෙද්දී ඌට පුළුවන් ඕනෙම වෙලාවක මගේ හිත කියවන්න ..
“මේ මේ දාස් ගණන් පාටි දෙන්ඩ අපි පෝඩියාර්ලැයි ..? අපි මූවත් එක්කං ගිහින් හොඳ ගං කොරලි ටිකක් අල්ලලා පුංච්චලා මාපිලා බෝක්කුව යටින් බෝතල් දෙක තුනක් ගෙනල්ලා පොඩියට ආතල් එකක් ගමු .. පොඩියට..”
මාපිලා බෝක්කුවට යටින් මතුවෙන මත් පැන් බෝතලයක් වැඩිම වුණොත් රුපියල් 200ක් වෙයි ඒත් දැන ඇඳුනුම් කමක් තියන එකෙක් ගියොත් ඔයි ගානට බෝතල් දෙකක්ම ගතහැකියි .ඉතින් කට්ටියම රිපිටාගේ යෝජනාව ස්ථීර කරවුව නිසා අපි චීනාවත් ඇදගෙන වැවට ගියා ..
“සර් ලෙට්ස් ගෝ කැචිං සම් ෆිෂින් ඉන්ද වැවෙන්” කියාපු ගමන් .. “ගුඩ් අයිඩියා” කියලයි චීනත් අපිත් එක්ක එකතු වුණේ
බයික් හතරක නැග ගත්තු අපි වීරගොඩ වැව ගාවට කිට්ටු වෙනකොටත් උඩහ ගමේ කීප දෙනෙක් වට පිට බලන ගමන් වීසි දැල් ගහනවා .උන් අපිව දැකලා වීසි දැල මොහොතකට හංඟා ගත්තා වුණත් අපි අහල පහළ එවුන් කියලා දැන ගත්ත හැටියේම ආයෙමත් බය සැක හැරදාලා වීසි දැල් ගහන්න පටන් ගත්තා .. වැවේ වීසි දැල් ගහලා මාළු අල්ලන එක තහනම් .ඒ වුණත් බිලී පිත්ත දමාගෙන පැය ගණන් සීතල වතුරේ තපින්න අපි කවුරුත් කමැති වුණ නිසාම කොයි කවුරුත් වාගේ අපිත් කලේ වීසි දැලක් ගහමින් මාළු අල්ලපු එක .මාළු අල්ලන අතරේ චිනා මගෙන් වැව ගැන ප්‍රශ්න තොගයක්ම ඇහුවා .
“වටිස් නේම් ඔෆ් දිස් ටෑන්ක් .?”
“ දිස් ඉස් වීරගොඩ ටෑංකි .. “ මම හැරෙන තැපෑලෙන් කඩුව වැනුවා .
“යකෝ මේක ටැංකියක් නෙවෙයිනේ කියපන් මේක වැවක් කියලා . මාළු අල්ලමින් උන්න කුරුට්ටා මා ගාවට දුවගෙන ඇවිදින් මට කීවා . “
“හූ බිල්ඩ් දිස් ටෑන්ක් .?”
“අඩා මේ වැව හැදුවේ මොකාද කියලා චීනා අහනවා .. මම මුනා බං දැං කියන්නේ ?”
මෙලෝ සිහියක් නැතුව මාළු අල්ලන අපේ එවුන්ගෙන් මම එහෙම ඇහුවේ වැවේ වතුර ගැන හෝ මාළු ගැන මිසක්ක අපි කවුරුත් වැවු හදපු මිනිස්සු ගැන හොයන්න මෙතුවක් කාලෙකට හිතවුවේ වත් නැති නිසයි..
“කවුද බං ඔවුවා දන්නේ ..? ආ උඹ මෙහෙම කියහන් .. මේ වැව හදවුවේ පියසේන රජතුමාය කියපන් .. ආයේ මූ හොයන්ඩ යැ..?”
රිපිටා දුන්නු උත්තරේ සිංහල නොදන්නා චීනාට නියමෙට පෑහුණා .
“දිස් ටෑංකි ඉස් මේඩ් බයි කිං පියසේන . ! හීස් ග්රේටස් කිං ඔෆ් දිස් කන්ට්‍රි ..”
මම එහෙම කීවම චීනා කට පියාගත්තා ..
එදා වැවේ වතුර බොහෝම වැඩි දවසක් . යාන්තමට වැව වාන් දමනවා . වැවේ වතුර වැඩි නිසාම අපි හිතූ තරම් වැවු මාළු අපේ දැලට අහුවුණේ නෑ . ඒත් මල්ලක් පිරෙන්න තරමට වැවු ඉස්සෝ අපිට අහු වුණා . මීටරයකට වඩා දිග අඬු තියන ඉස්සෙක් පවා ඒ අතර හිටියා . පෙරළුන පිට හොඳයි කියලා හිතලා අපි කට්ටියම බයිට් එකට ඉස්සෝ ටික සූදානම් කරලා අඳුර වැටෙනකොට බෝතලයක් කඩලා චියර්ස් කියලත් ඉවරයි .. චීනත් එක්ක කොයි තරම් දුම් බීලා තිබුණත් අපි කවදාවත් පොරත් එක්ක මත් පැනට සෙට් වෙලා නම් නෑ ඉතින් තඩි වැවු ඉස්සෝ හපන ගමන් චීනෙක් එක්ක චීන අඩියකට සෙට් වුණ ඒ දවස මගේ ජීවිතේ අමතක නොවෙන මතකයන් ගොන්නට අළුත් මතකයක් එකතු කලා …