මෙච්චර කාලයක්
මහ ඇලේ එගොඩ මෙගොඩ යාකරලා දමලා
තිබුණු මුරුංගා පාලම වෙනුවට
රෝද හතරේ වාහනයකට මාරු වෙන්ඩ
පුළුවන් විදිහේ අලුත් පාලමක්
වැටෙනවාලු ඔය කතාව පට්ටලේ
වැඩකරන නිශාන්ත අයියා හන්දියේ
කඩේ ගාවදී කීවාම හැමෝගෙම හිත්
වලට සතුටක් දැනුණා ,
නොදැනුණා
පාර මට්ටමේ ඉඳන් බලද්දි මහ ඇල හරි ගැඹුරුයි . මයෙ හිතේ මිම්මට ගත්තොතින් අඩි පාළොහක් , විස්සක් තරම් ඇති. අවුරුදු ගාණක් අපි මහ ඇලෙන් එගොඩ මෙගොඩ ගියේ අපිට හුරු පුරුදු මේ පුංචි මුරුංගා පාලමෙන් ඇත්තටම කීවොත් ඒක පාලමකටත් වඩා හැඩ හුරුකම් කීවේ මුරුංගා කරලකට ඒ නිසයි කවුරුත් ඒ පොඩි පාලමට මුරුංගා පාලම කියලා නම්බු නාමයක් දීලා තිබුණේ .පිට ගමකින් එන බයික් කාරයෙක් තමන්ගේ බයික් එක ඒ පාලමෙන් දැම්මේ බොහෝම කලාතුරකින් . මුරුංඟා කරල් වගේ හිත් ඇති මුරුංගා පාලමෙන් එගොඩ වෙන්න බැරි ඩයල් නම් හෑම වෙලේකම පාලම ගාව හිටපු රස්තියාදු කුපාඩි ළමා සමාජයේ කටගැස්ම වුණා .
"මොනා බං අයියා උඹ කරන්නේ ? ඔය බයික්කේ සුස් ගාලා එක ජියරෙකෙන් දමාපන්කෝ මෙහෙට්ට ! "
බයික් එක මුරුංගා පාලමෙන් දමාගන්න බැරිව තටමන ටවුමේ බයික් කාරයෙකුට පාලම ගාව කාලෙ කන කොලෙක් විටෙක එහෙම කියනවා .
"බැරි නං අයියා දියං ඕක මං දමන්ඩ ! "
විටෙක හොඳින් හෝ තවත් විටෙක බලෙන්ම බයික් එක උදුරාගත්තු කුපාඩි ළමයි, අසරණ බයික් කාරයාගේ බයික් එක මුරුංඟා පාලමෙන් අරගෙන දීලා බයික් කාරයාගේ පොකට් එකට තට්ටුවක් දාලා එකම එක සිගරට් එකක් ගැහුවා .
අනේ ඒකටත් එක්ක අපි ..... විටෙක අරක්කු බීලා විටෙක මල් උරලා පයින් ගමනින් නැතිනම් බයික් හෝ පුස් බයිසිකල් කටු වලිනුත් අපි පාලම තරණය කළා . ඉඳලා හිටලා බයික් පෙරළාගෙන ඇල පල්ලේ වැටුණ අවස්ථා දෙකක් තුනක් නැතුවමත් නෙවෙයි ඒත් මුරුංඟා පාලමෙන් වැටිලා ඇඟ පතේ කැළලි විදිහට ඇඳෙන ඒ මතක සටහන්, පොඩි අඩියක් දාගත්තාම වටේටම පෙන්වලා පාලමෙන් වැටුණ හැටි කියාපාන්න සාක්කි විදිහට අපි කාටත් නොසෑහෙන්න වැදගත් වුණා .
රෝද හතරේ වාහන නැති අපිට මහ පාලමකින් සත පහක වැඩක් නැති වුණත් කොහොමින් කොහොම හරි සංවර්ධනේ අපේ ගමටත් වඩින එක ගැන අපි නොසෑහෙන්න සතුටු වුණා . ඒ නිසාම පාලමේ වැඩ කටයුතු වලට අපි අපිට පුලු පුළුවන් විදිහට උපරිමයෙන්ම අපේ දායකත්වයත් ලබා දුන්නා .. වැඩ වලින් නම් නෙවෙයි කටින් . සතියකට දෙකකට විතර පස්සේ පාලම හදන්න ගල් වැලි ආදිය ගෙනල්ලා දැම්මා , අපේ ගමේ උදවිය රජයට පින් දීලා ගල් තාච්චි හතර පහක් (45ක්) වැලි තාච්චි දෙක තුනක් (23ක්) ඇන්න ගිහිං තමන්ගේ වත්තේ කොනක ගොඩ ගහගත්තා ... සංවර්ධනේ ගෙයි දොරකොඩට අවුදින් ඉද්දී මොකදෑ අපි නොදැක්කා වගේ ඉන්නේ ? ..................
දවසක් හවස් යාමෙක මගේ යාළුවෙක් වෙච්ච ජගතා හන්දියේ කඩේ ගාවදී මට මුණගැහුනා . එවෙලේ මම හිටියේ මගේ බොක්කේ යාළුවා වෙච්ච රිපිටා එක්ක වැඩි සීනි ප්ලේන්ටියක් බොන ගමන් ..
"සඳරුවා මම පට්ට වැඩක් දෙන්ඩ යන්නේ ඈ අදින් පස්සේ උඹලා මගේ කඩෙන් ප්ලේන්ටි බීපල්ලා මමත් හෙට ඉඳන් දානවා කඩයක් ! බුවහ් හ්හහ්හා"
වැඩි සීනි ප්ලේන්ටියෙන් මගේ හිත මධු මේහ තත්වයට පත් වෙලා ඉපිලෙමින් තිබුණ නිසා මම කතා කෙරුවේම නෑ . ඒත් මම යටි හිතින් හිතමින් උන්නා මූ කඩයක් දාන්නේ කොයිබද ? , මූ මොනා විකුණන්න යනවාද ? , මූ කසාදත් බඳීවිද ? , මගුල දා අපිට බොන්ඩ දේවිද ? , හිඟුරාණ අරක්කූ බොන්ඩ දැන් බෑ වගේ .. . . . මම ඔහේ විකාර හීන ලෝකෙක සැරි සරවුවා .
මම කතා නොකෙරුව නිසා ජගතට පොඩ්ඩක් අවුල් ඌ හිතන්න ඇති මම ඉරිසියාවේ කියලා
"අපි මොනා හරි කෙරුවොත් උඹලට ඇහෙන්නෙත් නෑ පෙන්නේත් නෑ . "ජගතා නොක්කඩු කීවා
"ඌට පොඩ්ඩක් ඉන්න දියං බං ඌ උඹගේ කඩේට නමක් කල්පනා කරනවා ඌ මයිටා පාරක් කෙළලා ඔය ඉන්නේ . "මගෙ හොඳම යාළුවා රිපිටා මගෙ පැත්තට කතා කළා
ඔන්න එදායින් දවස් දෙක තුනකට පස්සේ ජගතා පාලම හදන තැන පුංචි කඩයක් දමවුවා .තනියම නෙවෙයි අපි සේරෝම දෙනා . ඒ ගොඩනැගිල්ල හදන්න ජගත්ට උදවු දුන්නා . පොල් අතුත් , කාඩ් බෝඩ් සහ පට්ටලේ යටින් අහුල ගත්තු පිට ලෑලි කෑලි එක්කාසු කරලා අපි හදාපු කඩ කාමරේ සමහරුන්ට පරණ කාලේ කක්කුස්සියක් විදිහට පෙනුණා වුණත් අපේ හිත හොඳටෝම දැනගෙන උන්නා මේක අපි වගේ කාලෙ කාල ආතල් ගන්න කොල්ලන්ටත් පාලමේ වැඩ කරන බාසුන්නැහේලා ගෝලයන්ටත් සුපර් මාකට් එකක්ම වේවි කියලා .
"උඹලා කාටත් නොසෑහෙන්න පිං"
ජගතා උගේ කඩේ හදන්න සප් එක දුන්න අපිට නොසෑහෙන්න පිං දුන්නා. . . . අපි උගේ පිටට තට්ටු කරලා කඩේ ඇතුළට ගිහින් බීඩි මිටියකට වැඩේ දුන්නා .
අපේ නොමද සහයෝගය මැද ජගතගේ කඩ පොඩ්ඩ බොහෝම උජාරුවට පාලම හදන තැන රජ කළා . පාලම හදන කම්කරුවන්ට උදේ සහ දවල් කෑමත් , අත්‍යවශ්‍යම ද්‍රවය වෙච්ච බීඩි , සිගරට් , බුලත් විට , තේ .වගේම හවහට ආප්ප එක්ක කට දැවිලා යන කට්ට සම්බෝලයකුත් කඩේ ඉදිරිපස දොරින් පිවිසුණ අය ආසාවෙන් භුක්ති වින්ඳා .කඩේ පස්සා දොරින් ආපු උදවියටත් බෑ නොකියා පැල මයිටා , මුල්ල පටස් සහ, ටුඩේ ඉස්පැසල් ගල් කෝපි ,සහ ගුලි ආදියත් බෑ නොකියා විකුන්නා .
මම ලෑලි කෑල්ලක "ඇල ළඟ T කඩේ" කියලා ලොකුවට කඩේ නම ලීවා. ලියලා ඒක කඩේ වහලට කිට්ටුවෙන් හතර දිබ්බාගෙටම පේන විදිහට සවි කළා . ජගත්ට නම් ඔනෑ වුණේ "දිය සිසිල කඩේ" කියලා දාන්න .. ඒත් මම තදින් කියාපු නිසා මම කියපු නම අන්තිමේ කඩේට දාන්න කවුරුත් කැමති වුණා .
මේ පුංචි කඩේ නිසා ගමේ කොල්ලෝ සෙට් එකටම හොඳ කල දසාවක් උදා වුණා . අපිට කයිවාරු ගහන්නත් බීඩි බොන්නත් හොඳ තැනක් සෙට් වුණා . සමහරුන්ට තමන් මෙතෙක් කල් හොරෙන් වගේ කරගෙන ගිය බිස්නස් එක කඩේ ඉඳගෙන එළිපිටම කරගන්න චාන්ස් එකක් වැදුණා . ඒකෙන් මේකෙන් අපි කාට කාටත් බිං කරුවල වැටෙන ජාමෙට බියර් ටින් එකක් හිඟුරාණ රවුන්ඩප් බෝතලයක් කෙළලා ඇඟපත පොඩ්ඩක් පදං කරගන්නත් පුළුවන් වුණා .
හැමදේම හොඳින් කෙරීගෙන යන අතරේ එක දවසක මුස්පේන්තු උදේ වරුවක මම කඩේ ගාවට යද්දි එතන පොඩි කලබලයක් වෙලා තියෙන බව පෙනුණා .
"මොනා බං උණේ ?" මම හනික විස්තර එකතු කළා
"කවුද ඊයේ රෑ කඩේට පැනලා සීනි ගෝනි බාගේ හිල් කරලා . බඩු මුට්ටු සේරෝම එහේ මෙහේ ඇදලා දාල බං කඩේ ඇතුළේ ජෝගි නටලා .."
මමත් හනිකට එබිලා බලවුවා . ඇත්ත තමා කඩේ පිට ලෑල්ලක් ඈත් කරලා කඩේට රිංඟාපු එකෙක් කඩේ කාබාසිනියා කරලා දාලා . බඩු සීසීකඩ විසි කරලා ගොම මැටි පිරියම් කල පොළව තැන් කීපයකින්ම හිල් කරලා .
"මේක කරන්න ඇත්තේ 65හේ කොළණියේ හුthතිgEපුthaලා තමයි උන්ගේ පොඩි එකෙක් එදා මයිටා ඉල්ලාගෙන ආවම අපි බැනලා එලාගත්ත එකේ වාඩුව තමා මේ අරං තියෙන්නේ .."
අටේ ගෙදර වික්‍රම අයියා බලං උන්නා වගේ වෙච්ච සීන් එක සම්පුර්ණයෙන්ම අපිට පැහැදිලි කෙරුවා . අපේ ඇඟවල් ඇතුළේ මාළු නටවුවා ! .
කොහොමත් අපේ කොලණියත් එක්ක එදා ඉඳන්ම වටේ කොලනි වල ඉන්න සේරෝම එවුන් පුදුම විදිහට අමනාපයි . උන් නිතරම කියන්නේ කොලනි අංක 17 කියන්නේ පඬියෝ රැළක් ඉන්න කොලනියක් කියලයි . ඔයිං මෙයිං 17කොලනියට හෑම තැනම හතුරෝ උන්නා .
"වරෙල්ලා යන්ඩ කඩේ කඩවුව වාඩුව ගම්මු . "ඇවිස්සිලා හිටපු අපේ ගමේ බජාර් එක උදලු වල මිටවල් ගලවලා අමෝරාගෙන බයික් වල නැගලා 65 කොලියට රිටන් එක දෙන්න යන්න පිටත් වුණා .
"වරෙන්ඩෝ සඳරුවා තෝ මොනා කරන්නේ එන්නෑද යකෝ ?"
මගේ බයික් එකටම නැගලා ඒක මර හඬින් රේස් කරන ගමන් වෙලේ ගෙදර මහත්තයා මටත් සද්දෙ දානවා . මමත් දුවල ගිහින් ලෑලි පටියකුත් අමෝරාගෙන බයික් එකේ ඉඳගත්තා .
අසූවට සීයට ඇදිලා ගිය බයික් සෙට් එක 65හේ කොලනියට නොගිහින් මුලින්ම ජගත්ලෑ වෙල පැත්තට ඇද්දුවා . වෙලේ අයිනක හංඟලා තිබුණ වෙලේ සුදා බෝතල් කීපයක් සප්පායම් වෙලා ජගත් ගේ කඩෙන්ම ගෙනා ලෑතර වගයක් බයිට් එකට ගත්තා . ඇඟපතට වඩා කටට පණ ගහලා එන වෙලාව ආපු ගමන් . අපේ අයියලා ආයෙමත් 65හේ කොලනියට රිටන් එක දෙන්න යන්න පිටත් වුණා . අපේ බයික් සෙට් එක වේගෙන් ගිහින් 65හේ කොළනියේ ඉන්න තුන් වැනියට ලොකුම ගණන් කාරයා වෙච්ච ගජන්තගේ වත්තට බයික් ටික හැරෙවුවා .
"වරෙන්ඩෝ ගජංතයා එළියට !!! අද තොට ගහන්නේ වරිග තහංචියෙන් !"
අමුතුම ආයුධයක නමක් කියාගෙන වෙලේ ගෙදර මහත්තයා ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයික්කෙන් බැස්සා. ට්‍රිබල් දාලා ආපු බයික්කේ පිටුපස හිටි මමයි රිපිටයි දෙන්නම එකපාරටම බයික්කෙත් එක්ක බිම වැටිලා කටවල් බිම ඇනුණා . බත් පිඟානක් අරගෙන එළියට බැහැපු ගජංතයාට අපේ බීමත් අයියලාගෙන් පොලු පාරවල් හතර පහක් එකදිගට වැදුණා කකා හිටි බත් එක වීසි කරලා ගජංත පිට කොන්දට වැදුණු පොලුපාරකුත් කාගෙන කැලේ පැන්නා . මමයි රිපිටයි දෙන්නා ගජංතගේ මිදුලේ වේල්ලෙන්න තියාල තිබුණ පරණ හෙල්මට් එකක් අතේ තිබුණු පොලු වලින් ගහලා කුඩු සංසාර කරලා නැති කරලා දැම්මා . කඩේ කඩපු පලිය අරගෙන අපි වීරයෝ වගේ ආපිට යන්ඩ හැරුණා .
එද්දි වෙලේ ගෙදර මහත්තයා මගේ බයික් එක බිම දමාපු එක මතකේ තිබුණ නිසා යන ගමනේදි බයික් එක පදින වැඩේ මම බාරගත්තා . මමයි රිපිටයි අසංකයි එක බයික් එකක නැගිලා කාටත් ඉදිරියෙන් තරමක වේගයෙන් ඉදිරියට ගියා .
"අඩේ සඳරුවා ඇදපාං !!" මගේ පිටිපස්සේ හිටපු රිපිටා කෑගහපු සද්දෙ ඇහිලා ළඟ බලාන ගිය මම ඉදිරිය බැලුවා . දෙයියෝ සාක්කි පොලිස් මාමලා සෙට් එකක් හෙල්මට් නැතුං , පොලු අරගෙන , බයික් වල කට කපලා නැගලා එන අපේ නඩේ දිහෑ කටෙන් බලාන ඉන්නවා . ඒ තත්පරේම මම ක්‍රියාත්මක වුණා මම බයික්කේ වේගේ වැඩි කළා පිටුපස හිටි රිපිටා පොල්ල විසි කරලා පිටුපස අංක තහඩුව වහගත්තා . අපි තුන් දෙනා නතර වුණේ කඩේ ළඟටම ආවට පස්සෙයි
.. හැන්දෑ වෙද්දී ජගත් අපිව හොයාගෙන ආවා
"මාර වැඩේ වෙලේ ගෙදර මහත්තයා පොලීසියේ !"
"මොනා බං වුණේ කියපංකෝ "අපි කට්ටියම ජගතා වටේ වට වුණා
"පොලීසියෙන් අත දැම්මට අනික් බයික් ඇදලා ගියා බයික් එක නතර කළාම වෙලේ ගෙදර මහත්තයා පණ්ඩිතයා වගේ බයික්කෙ නවත්තලා සීන් එක පොලීසියට කියලා ."
"මොනා ඌ කීවේ ඌ ගම කෑවාය ?"
ඌ කියලා . "රාළහාමි අපි ගියේ රාලහාමිලා කරන්න ඕන ඩියුටියකට . අපේ කඩේට ආපු 65 කොලනියේ පොඩි කොල්ලෙක් පැල මයිටා (gන්ja ) ඉල්ලවුවා . පොඩි එවුන්ට ඔවුව දෙන්ඩ බෑනේ රාලාමි අපි ඌව බැනලා එලවවුවා . මූ ඊයේ රෑ අවුදින් කඩේ කඩලා රාලාමි . අපි ගියේ පොඩ්ඩක් බය කරලා එන්න ."
"මරු .. ඊට පස්සේ මොනා වුණේ ?"
"ඊට පස්සේ උන්දෑ පොලීසි . හෙට ඇප දීලා ගන්ඩ බලන්ඩ ඕන" බීපුහාම කටට බ්‍රේක් නැති අයියලා ඔනෑ තරම් අපේ ගම් වල ඉන්නවා . වෙලේ ගෙදර මහත්තයා ඉන් එකෙක් විතරයි .
එදා රෑ අටට විතර මමයි රිපිටයි දෙන්නා ඇළෙන් නාගෙන ගෙදර එන ගමන් කඩේ ගාව බංකුවේ ඉඳගෙන අතේ තිබුණ සිගරට් එකක් බොන්න ලැහැත්ති වුණා .. එතකොට තමා අපිට ජගත්ගේ කඩේ ඇතුළෙන් සර බර ගාලා සද්දයක් ඇහුනේ . අපි දෙන්නා පොලවටත් හොරෙන් අඩිය තියන ගමන් හෙමීට කඩේ ඇතුළට එබුණා . අප්පට සිරි තඩි වල් ඌරු නාම්බෙක් කඩේ ඇතුළේ බඩු මුට්ටු පෙරලනවා . මට වෙච්ච සීන් එක මුල ඉඳන්ම මීටර් වුණා . අපරාදේ වල් ඌරු නාම්බෙක් හන්දා නිකරුණේ අහිංසක (ඒතරම් අහිංසකත් නැති) කොල්ලෙක් ගුටි කෑවා .
අපි හෙමීට ඒ ළඟම තිබුණු වනිගෙ අයියගේ ගෙදෙට්ට දීවා . වනිගෙ අයියාවත්, උන්දැගේ අච්චු තුවක්කුවත් අඬගහගෙන කඩේ ගියපු වල් ඌරා ඉන්න තැනට එන්න අපිට ඒ හැටි වෙලාවක් ගියේ නෑ . දඩයමක් කීවොත් අපේ අයියලා ඉගිල්ලිලා වුණත් ඒවි .
ඒ තඩි ඌරු නාම්බා වනිගෙ අයියාගේ වෙඩි එක පාරින් මියැදුනා . වෙඩි සද්දෙට එතනට එක්කාසු වෙච්ච උදවියට ඌරගේ ඇඟේ තියෙද්දිම මස් කිලෝ හතර පහක් විකුණලා රවුන්ඩප් බෝතල් හතරක් ලැයින් කරන්න රිපිටා කටයුතු කළා .
එදා රෑ එකොළහ පයිනකොට තඩි වල් ඌරු මස් හැළියක් වටේ එකමුතු වෙච්ච කොලනි අංක දා හතේ තරුණ කැල පරණ කතා, පුරසාරම් ආදිය කියමින් රවුන්ඩප් සොට් එක දෙක ලැජ්ජ නැතිව වනමින් හිටියා . තම්බාපු මඤ්ඤොක්කා හැළියක පතුල පේන මට්ටම කිට්ටු වෙද්දි , ඌරු මස් හැළියෙ බාගයක්ම අඩු වෙද්දී, බෝතල තුන හිස් වෙලා කට්ටිය නිච්චි නැතිව කියෝ කියෝ උන්නා .
"17 paකyo බැහැපියවු එළියට චණ්ඩිනං වරෙවු !"
ගම දෙදරවාගෙන හෙණ හඬකින් පරුස වදන් වනාගෙන, 65 කොලනිය අපිව හොයාන අවුදින් තිබුනා .
පදමට මත් වෙලා උන්නත් ඒ ඇවිදින් උන්නේ 65 කොළනියේ මැර හමුදාව කියලා අඳුනගන්න අපිට බැරි වුණේ නෑ .. අපි ඌරු මස් හැළියත් , මඤ්ඤොක්කා හැළියත් පරිස්සම් කරගෙන කැලේ මැදින් බඩ ගාමින් ගිහින් වෙල කෙලෝරේ තිබුණ ජානකගේ පැලට රිංඟගත්තා . පහුවදා උදේ වෙනකං කංසා දුම් බොමින් කමින් සද්ද නොකර උන්නා . කංසා මල් වලින් අපේ හිත් සාමකාමි නොවෙන්න අපේ අත් වලින් 65 කොළනියේ කීදෙනෙක් මියැදෙන්ඩ තිබුණද කියලා අපි කල්පනා වුණා .. සත්තයි කංසා කියන්නේ "සාමදානයේ සැතපෙන සාමකාමී පානය" බව මට ඒ මොහොතේ අවබෝධ වුණා .
පහුවදාට එළිය හතර වටින්ම වැටෙනකං බුදියෑව අපි පස්ස පැත්තට අවුව වැටුණාම අවදිවෙලා හන්දිය පැත්තට ගෑටුවා . අපි හන්ඳිය ගාවට ගිහින් එතන වෙච්ච කතා බහ කනේ තියාගෙන කෙළින්ම අපේ ඇල ළඟ T කඩේ බලන්න දීවා ....
කඩ පොඩ්ඩ කෑලි කෑලි වලට කැඩිලා ලෑලි කෑලි ඇලේ වතුරේ පාවේවී තිබුණා . හෙවිලි කළ පොල් අතු විදුලි කම්බි වල එල්ලිලා ලෙලදුනා . ආප්ප පුච්චපු තාච්චියට පිරෙන්න කවුදෝ එකෙක් හුජ්ජ කරලා තිබුණා . පිටි මුට්ට භාගයක් ඇල අයිනේ මඩ වළකට වැටිලා පිටි පිපිලා ඉදිමිලා තිබුණා . සුනාමියක් අවුදින් කෙළලා ගිහින් වගේ අපේ පොඩි කඩේ දූවිලි වෙලා තිබුණා . 65 කොළනියේ එවුන් වාඩුව අරගෙන ගෙහුන් තිබුණා .
කොලනි වල එදා ඉඳන්ම තත්වය ඕකයි . පොඩි සිද්ධියක් ඇති මහ විසාල ගෝරියකට මුලපුරන්ඩ .. සංගීත සන්දර්සනයකදී , මගුලකදී , කොටහළු ගෙදරකදී රුස්සන්නේ නැති කොලනි කාරයෝ දෙගොල්ලක් එකට හම්බුනොත් එතන මරණයක් සුවර් . . .
ඒත් මරණ ගෙදරකට එන්න කිසිම කොලනිකාරයෙකුට තහංචි නෑ . මරණ ගෙදරකදී පරණ තරහ අහක දමලා කට්ටියම ඕමි අතක්, සිගරට් එකක්, බුලත් විටක් , කසිප්පු වඩියක් ගහලා දුක බෙදාගන්නවා . කොලනි කාරයන්ගේ හැටි ඔහොමයි .

අලුත් පාලම
කඩේ ළඟ විට හපන සුදූ සහ චමී
.......................................................................................................................................................
කොළඹ ගෙවෙන ජීවිතේට නිවාඩු ලැබිලා ගමට ආවේ මාස තුනකට විතර පස්සේ . පරණ පරිගණකයත්, පරණ මතයකුත් අලුත් වෙලා මේ කතාව ලියලා දාන්න කියලා මට නොකියා කීවා . කොළඹ ගියාම අගුල් වැටෙන හිතට කතා ලියන්න බෑ . ඒකයි මේ ගමේ ඉන්න සතියෙ දෙකේ හිතේ පිරිලා තියෙන කතා ටික ලියලා දාන්න හිතාගෙන ආයෙත් පරණ බ්ලොග් එකට ගොඩවෙන්න හිතුවේ ...