14.1.12

සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක් 2




මේ ඇත්ත කතාවේ පලමු කොටස නොබැලුව කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියෝලම දෙවනි කොටසට එන එක හොඳයි


"මම කුමාරකන්ද ගමට පය ගහනකොටත් ආච්චිලාගේ ගෙදරට අපේ නෑදෑයෝ සෙට් එක කෝල් කරලා කියලා තිබුණා මට තනිවම ගෙයින් එළියට පයගහන්නවත් දෙන්න එපා කියලා . ඒ මිනිස්සුත් මට යන්තම්වත් ගෙදරින් පිටට යන්න දුන්නේ නෑ. උඹට කියන්න මම හුජ්ජ කරන්න යනකොටත් එකෙක් පස්සෙන් එනවා නේ . අනික තමයි සාස්තර කාරයා කියාපු විදිහට අම්මාගේ හිටපු ගම බූස්ස . මම එහේ යන්න හදද්දී මේ ආච්චිලාගේ ගෙදර එවුං මාව බය කරා . බූස්ස පැත්තේ මිනිස්සු ළමයින්ව අල්ලගෙන බැලමෙහෙවර කමට තියාගන්නවා කියලා .”

"උඹ ඉතින් බය වුණාද ?”

"ඒ කාලේ මම පොඩි එකානේ බං මමත් ඔවුවා විශ්වාස කළා . අන්තිමේ දවස් තුනක් එහේ ඉඳලා හිස් අතින්ම ආපහු ගමට ආවා . හැම දේම අමතක කරලා දානවා කියලා හිතාගෙන මම ගමේ ටික කාලයක් ඔහේ නිකම්ම හිටියා .ඔන්න ඔය අතරේ ඒ ලෙවල් රිසල්ට් ආවා . උඹට මගේ රිසල්ට් එක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනේ"

"ඕනෙ නෑ බං අපි දෙන්නම ෆේල් නේ .”

"ඔන්න ඉතින් මම ආයෙමත් දවසක මගේ කෙල්ලගේ ගෙදරට ගියා . ගිහින් අර සාස්තර කාරයාවත් පොඩියකට එහේට ගෙන්නගත්තා . ගෙන්නගෙන මම කීවා මම දකුණට ගිය බවත් මට අම්මව හොයාගන්න බැරි වුණ බවත් . ඒක අහලා ඌ හොඳටම හිනා වුණා . ඌ කීවා ඒක තමා කීවේ යන්ඩ කලින් මාව හමුවෙලා යන්ඩ කියලා . ඉතින් බං මම හොඳටම පසු තැවුණා . මුගෙන් සාස්තරයක් අහලා ගියානම් මට අනිවා අම්මව හමුවෙනවා කියලා මම හිතුවා . ඉතින් මම එදා ඒ සාස්තර කාරයාට රු100 දුන්නා . ඊට අමතරව දෙවියන්ට පලතුරු වට්ටියක් සහ තිරයක් පූජා කලා . ඔය සේරම කරලා මම බලාන හිටියා අම්මා මට හමුවෙයි කියලා“

"ඉතින් සාස්තරෙන් වැඩක් වුණාද බං ?”

මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදීපු කිතුලා පහළින් ගලාගෙන යන කුණු ඇලේ වතුර පාර දිහා බලාගෙන හිටියා . ඌට තව තව කරුණු කාරණා මතකෙට ගන්න ඉඩ දීලා මමත් සද්ද නොකර ඒ කොළපාට ජල තලය දිහාම බලාගෙන හිටියා .මොහොතකින් කිතුලා ආයෙමත් කටහඬ අවදි කලා .

"මචං ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට කලින් දවසේ මම කෙල්ලගේ ගෙදර ගිහින් මම ඉතුරු කරගෙන හිටි සල්ලි වලින් රු 2000 ඒකිට දුන්නා . අවුරුද්දට මොනවා හරි ගන්ඩ කියලා . උඹට කියන්න මම අම්මටත් ඒ කෙල්ලටත් දෙන්නටම ආදරේ කලා හිත පිරෙන්නම .දවසක අම්මයි ඒ කෙල්ලවයි දෙන්නවම එක වහලක් යටට ගෙනල්ලා මගේ අත පයේ හයිය තියනකම් බලාගන්නම් කියලයි මම හිතාන හිටියේ . ඒකයි මමවත් අවුරුද්දට කිසිම දෙයක් නොගෙන ඒකිට මගෙ සේරම සල්ලි ටික දීලා දැම්මේ .”

"ඒකි ඒ සල්ලි ගත්තද ?”

"අපොයි ඒකි සල්ලි ගත්තා . ඉතින් මම හිත සතුටෙන් ගෙදර ගියා .ඔන්න ඉතින් අනිත් පහුවදා තමයි බං සිංහල අලුත් අවුරුද්ද. ඉතින් මම ගෙදර හදාපු කැවිලි මල්ලකුත් බයිසිකලේ බැඳගෙන කිලෝ මීටර 30 දුර ෂුගර් එක පැත්තට බයිසිකලෙන්ම ඇද්දා .”

මම කිතුලා ආපු බයිසිකලේ දිහා බැලුවා. ඒක සාමාන්‍ය පාපැදියක් තමයි ඒ වුණත් කිතුලා ඒ බයිසිකලය ඌට හැකි උපරිමෙන්ම අලුත් වැඩියා කරලා තිබුණ නිසා ඒක නිකම් යතුරු පැදියකට සමානකම් දැක්වුවා . ඒක පදිනකොට ඒ තරම් වෙහෙසක් වැය කරන්න ඕනෙ නැති වග මම අද්දැකීමෙන්ම දන්නේ මමත් නිතර එහේ මෙහේ ගියේ ඒ බයිසිකලේ නැගිලා නිසයි .

"එදා මට කෙල්ලගේ වෙනසක් පෙනුණා . මට එයා එදා වතුර එකක්වත් දුන්නේ නෑ . ටිකක් නිහඬව හිටි එයා මට ටිකකින් කීවා"

"එරන්ද ආයේ ඔයා මෙහේ එන්ඩ එපා අම්මා මට වෙන කසාදයක් ලැහැත්ති කරලයි තියෙන්නේ කියලා . අවුරුද්ද දවසෙම මට නිකම් හෙන ගැහුවා වගේ වුණා බං . ඉතින් මම ආයේ හැරිලා ගෙදර ආවා .මම ගෙදර නැති විත්තියත් මම කෙල්ලගේ ගෙදර ගිහින් ඇති විත්තියත් ඔන්න ඔය වෙලාවේ මගේ නෑදෑයොන්ට ආරංචි වෙලා තිබුණා"

"නෑ ..! එහෙනං පුතෝ උඹට හම්බුවෙන්ඩ ඇති බඩ පිරෙන්න .”

මම එහම කීවේ කිතුලාගේ නෑදෑයන්ගේ හැටි හොඳට දන්න නිසාමයි . ඒ අය හොඳට හොඳයි නරකට නරකයි . එපා කී දෙයක් කෙරුවොත් ආයේ ඒ වරද කල එකාට ලැබෙන දඬුවම නම් ආයේ සුලු පටු එකක් නෙවේ .

"මම ගෙදර යනකොටම මුලින්ම මගෙ මූණටම හමුවුණේ මයෙ පුංචි තාත්තව . එයා මගේ බෙල්ලෙන් අල්ලලා කොහේද යකෝ තෝ රිංගුවේ කියලා අහලා මට දෙක තුනක් දීලා මාව කළුවර කාමරේකට දාලා වහලා දවස් තුනක් තිබ්බා . හැබැයි බං මට කන්න බොන්න නම් හොඳටම දුන්නා . කාමරේ ටීවී එහෙකුත් තියලයි තිබුණේ .”

කිතුලා ඒ කොටස කියද්දී මගේ මූණේ ලාවට හිනාවක් ඇඳුණා . ඌත් යන්තම් හිනා වුණා .

"ඉතින් බං මම ඒ කාමරේ ඉන්න අතරේ තීරණයක් ගත්තා . මේ කොහේවත් යන කෙල්ලක් මට නැති වුණාට කමක් නෑ ඒත් අම්මව නැති කරගන්න බෑ ඒක නිසා මම කොයි දීපංකරෙන් හරි අම්මව හොයාගන්නවා කියලා . කොහොම වුණත් බං මගේ ගාව අම්මගේ පින්තූරයක් තිබුණා .”
"කොයින්ද උඹට පින්තූරයක් . ?”

"දවසක් මම නැන්දලාගේ ගෙදර අස් කරද්දී මට පෙට්ටගමක තිබිලා ෆොටෝ එකක් හම්බ වුණා . ඒ මගේ අම්මා තරුණ කාලේ ගත්ත එකක් . නැන්දත් මට කීවා මේ පින්තූරේ ඉන්නේ මගේ අම්මා බව ඉතින් මම ඒ පින්තූරෙත් හොරකම් කරගෙන ලැමිනේටිං කරලා අරං තියාගත්තා . ඒ විතරක් නෙවේ . මම කොමියුනිකේෂන් එකකට ගිහිං ඒ පින්තූරේ ස්කෑන් කරලා මගේ ෆෝන් එකටත් දාලා තියාගත්තා .
කිතුලා උගේ ෆෝන් එකේ මෙනු එක ඇතුළේ සැරිසරලා කාන්තාවකගේ රූපයක් ඕපන් කරගෙන මට පෙන්නුවා . හ්ම් ඒ තමා කිතුලාගේ අම්මා ! ඇරපු අතක් නෑ එයා කිතුලා වගේමයි .

"දවස් තුනකින් පස්සේ මම ඒ කළුවර කාමරෙන් නිදහස් වුණා . ඊට පස්සේ මම ආයේ අම්මව හොයන්න යන්න සල්ලි එකතු කරන්න පටන් ගත්තා . ඔන්න ඔය අතරේ තමයි බං මට දෙයියෝ බැලුවා වාගේ සල්ලි ටිකක් හම්බ වුණේ . මම හිතන්නේ මගේ ගමනට හයියක් වෙන්න දෙයියෝ දීපු තෑග්ගක් වෙන්නැති .”

"කෝමද සල්ලි හම්බුනේ ?”

"එක දවසක් රෑ මම තැන්නෙ ගෙදර රුවන් එක්ක උගේ කෙල්ලව හම්බ වෙන්න ගියා. රුවනයයි කෙල්ලයි කතා කරන අතරේ බං මම කළේ ගේට්ටුව ළඟට වෙලා ඔත්තු බලපු එක . ඔය අතරේ ඉස්සරහා වැලි පාර දිගේ බයික් එකක් ගියා ඒ බයික් එකේ එළියෙන් මම දැක්කා පාරේ මැද යමක් වැටිලා තියන හැටි. මම ළඟටම ගිහින් බැලුවා. ඒ ෆෝන් එකක් !. මම ඒක අතට ගත්තා ඒක නොකියා 6230 ෆෝන් එකක්. මම ඒ ෆෝන් එකේ නම්බර් වලට කතා කරලා ඒ ෆෝන් එකේ අයිතිකාරයා හොයාගන්න ට්‍රයි කලා . ඒත් ඒකේ සල්ලි තිබුණෙ නෑ බං .ඉතින් ඒක මම තියාගත්තා .”

"කමක් නෑ ඒක උඹගේ වාසනාවට උඹටම ලැබෙන්න තිබුණු දෙයක් බං .”

මම එහෙම කීවේ කිතුලාව සනසන්න නම් නෙවෙයි දවසක් ඌට සල්ලි පිරුණු පසුම්බියක් හමුවෙලත් ඌ ඒක අයිතිකාරයා හොයාගෙනම ගිහිං ආපහු දීලා ආපු එකෙක් බව දන්න නිසාමයි . අන්තෙටම දුප්පතා වුණත් උගේ හිතේ ජරා ගති නෑ .!

"මම ඒ ෆෝන් එක විකුණලා 4500 හොයාගත්තා , සිමෙන්ති ගල් හදලා තව 5000 හොයාගත්තා . දැන් ඉතින් සල්ලි තියන නිසා මම බය වුණේ නෑ ..”

"ඉතින් දැන් අම්මා හොයාන යන්ඩ උඹ එයා ඉන්න තැන හරියට දන්නේ නෑ නේ .”

"මචං උඹට කියන්න මම ඔන්න දවසක් බස්ටෑන්ඩ් එකේ ඇවිදිනකොට ජයන්ත කියලා කෙනෙක් හම්බුනා . පොර අපේ නෑදෑයන්ව හොඳට අඳුනනවා . ඉතින් පොර දැනං හිටියා කාලෙකට කලින් අම්මා හිටි ගෙදර . ඉතින් මිනිහා මට ගෙදරට යන පාර කොළේක ඇඳලා දුන්නා .”

"කොහේද ඒ. දකුණෙමද ?”

"ඔවු බං සාස්තර කාරයා හරියටම හරි. ජයන්ත කියාපු ගම තමා එදා සාත්තර කාරයා මට ඇඳලා පෙන්නුවේ .”

කිතුලා එහෙම කීවේ තරමක පුදුමෙන් . මම මේ සාස්තර ගැන විශ්වාස කරන කෙනෙක් නිසා මට ඒ ගැන වැඩි පුදුමයක් හිතුණේ නෑ

"දැන් සේරම හරි දැන් ඉතිරි වෙලා තියෙන්නේ ගෙදරින් පැනගන්න එක සහ දකුණු පළාත ගැන හොඳින් දන්න කෙනෙක්ව සෙට් කරගන්න එක . උඹ දන්නවානේ ගැලාව"

"මොකද මං නොදන්නේ ?”

"ඉතින් මම ගැලාට සේරම කතාව කියලා ඌත් එක්ක ගමන යන්න පිටත් වුණා . ගැලාගේ ගම ගාල්ල ඉතින් ඌ ඔය පළාත ගැන නියමෙට විස්තර දන්නවා . හැබැයි මචෝ මම ගෙදර හොරෙන් තමා ඒ ගමන ගියේ .”

"උඹට මටවත් කියන්න තිබුණා නේද ?” . මෙච්චර වෙලා කතාව අහං හිටි මම එහෙම කියද්දී කිතුලාගේ මූණ අඳුරු වලාකුළකින් වැහුණා .

"කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ බං. මගෙ ෆෝන් එකට සල්ලි දාගන්නවත් බැරි තරමට මම හිඟන්නෙක් වෙලා හිටියේ එතකොට හැම සතයක්ම මම ගමනට වියදම් කරලයි තිබුණේ ඉතින් හැම දෙයක්ම ඉවර වුණායින් පස්සේ මම මේ කතාව මුලින්ම කියන්න ආවේ උඹට”.

"කමක් නෑ බං උඹ කතාව කියපංකෝ ..”

"ගැලාට ගමන් ගාස්තු දුන්නෙත් මම . කොහොමින් කොහොම හරි අපි ගිය අවුරුද්දේ පෙඹරවාරි 13 වෙනිදා හවස 5.30ට විතර ගැලාගේ නැන්දාලාගේ ගෙදරට යන්න මෙහෙන් බස් එකකට නැග්ගා . අපි ගැලාලෑ නෑදෑ ගෙදරට යනකොට පාන්දර 5.00 විතර ඇති . ටිකක් විවේක අරගෙන අපි උදේ දහයට විතර අම්මව හොයාන යන්ඩ කියලා පිටත් වුණා .. “

"එතකොට එදා වැලන්ටයින් දවස නේද බං ? මම එහෙම ඇහුවේ මගේ පපුව ඇතුළේ උතුරන අමුතුම සතුටකින් .”

"ඔවු ඔවු බං අන්න ඒකයි මට ඒ දවස කවදාකවත් අමතක වෙන්නේ නැත්තේ !. ඉතින් එදා වැලන්ටයින් දවසේ මමයි ගැලයි දෙන්නම අර මගේ ගාව තිබුණු කොලේ බලාගෙන අම්මා ඉන්න ගෙදර හොයාගෙන ගියා . මම සමහරුන්ට අම්මගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මෙයාව දන්නවද ? කියලා . ඒත් සමහරු මට මොකුත් නොකියා යන්න ගියා. සමහරු නම් අතට අරං ඕනෑවට එපාවට බලලා දන්නේ නෑ කියලා යන්ඩ ගියා .

"ඒ ගාල්ලේ අයගේ හැටි නේ බං . ඒ පැත්තේ උදවිය ඉන්නේ නිකම් කැත්තට පොල්ල වගේ නේ"


"ඒකනම් ඇත්ත . සමහරු මගෙන් ඇහුවා මොකටද හොයන්නේ කියලත් ! මම ඉතින් එතනදී සේරම කතාව කියලා බේරුණා . ඉතින් බං කොහොම හරි අර කොලේ තිබුණු පාරත් අපි හොයාගත්තා . ඒ පාර දිගේ ඉදිරියට යද්දී මට මුලින්ම හමුවුණේ දර කඩමින් හිටිය ඇන්ටි කෙනෙක්ව . මම අම්මගේ පින්තූරේ පෙන්නලා ඒ ඇන්ටිගෙන් අම්මව දන්නවාද කියලා ඇහුවත් ෆොටෝ එක ගොඩාක් ඉස්සර ගත්ත එකක් නිසා එයාට අඳුනගන්න හැකි වුණේ නෑ .ඒත් ඉතින් මමත් අතහැරියේ නෑ ! මම තව ඉස්සරහට ගියා . ඔහොම යනකොට අපිට පොඩි කඩයක් හමු වුණා. ගොඩක් දුර ආපු මහන්සියටත් එක්ක අපි හිතුවා මේ කඩෙන් බීම එකක් බීලා ගියොත් හොඳයි කියලා . “

කිතුලා කතාව කියන අතරේ ඈත පේන කුඹුරු යායෙන් එහා අපේ කොල්ලෝ කට්ටිය සීමිත ඕවර් ක්‍රිකට් තරඟයකට ලකලැහැත්ති වෙන බව මට පෙනුණා . වෙනදා නම් මම මොන වැඩේ තිබුණත් ඒක දාලා ක්‍රිකට් ගහන්න දුවනවා ඒත් අද ?. අද මම කිතුලාගේ කතාව අහගෙන මිසක් ගෙදර යන්නේ නෑ කියලා හිතාගෙන ඉවරයි .

"මචං ඔය අතරේ මම කඩේ හිටි ඇන්ටිට අම්මගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මෙයාව දන්නවද කියලා . ඒ ඇන්ටි එකවරම මගේ අම්මව අඳුනගත්තා බං . එයා ඉක්මනට එළියට බැහැලා පරණ ගෙයක් පෙන්නුවා .ඒ ගෙදර පාළුවට ගිහිං ජරාවාස වෙලයි තිබුණේ . මගේ හිත අමුතු බයකින් පිරෙද්දී ඒ ඇන්ටි කිවුවා මේ තමයි මෙයා ඉස්සර හිටි මහ ගෙදර දැන් මෙයා ඉන්නේ ටිකක් උඩහට වෙන්න කියලා . මම එවෙලෙම කාපු බීපුවගේ සල්ලි ගෙවලා එළියට බැස්සේ ඒ පැත්තට දුවන්න හිතාගෙන . ඒත් ඒ කඩේ ඇන්ටි ත්‍රීවීලර් එහෙකට කතා කළා . “

"ඒ මොකටද ?”

"මමත් මුලින් හිතුවේ මොක් හරි ගේමකටද දන්නේ නෑ කියලා . ඒත් ඒ ඇන්ටි ත්‍රීවීලර් එකේ අයියට කීවා මාව අහවල් ගෙදරට එක්ක යන්න කියලා ඉතින් අපිත් ත්‍රීවීලර් එකේ නැගලා එහේ ගියා . ටික දුරක් යනකොට පාර ත්‍රීවීලර් එකට යන්න බැරි තරම් පටු වුණා . ඔන්න ඔය වෙලේ ඒ අයියා ත්‍රීවීලර් එක නතර කරලා අපිට මග පෙන්වමින් ඉස්සර වුණා .එහෙම ටිකක් දුර ගිහිං අපි පොඩි ගෙයක් ඉස්සරහට ආවා .”

"ඉතින් ඉතින් ?”

"ගේ ගාවට ගිය ත්‍රීවීලර් එකේ අයියා අම්මගේ නම කියලා කීප වරක් කතාකළා . එතකොට ගේ පිටිපස්සේ ඉඳලා අම්මා අපි ගාවට ආවා බං. මම එක තත්පරෙන් මගේ අම්මව අඳුන ගත්තා බං"

ඒ මොහොතේ සියඹලා ගහ යට තිබුණේ ලොකූ නිහඬතාවයක් . මෙච්චර වෙලා කෑමොර දුන්නු රැහැයියෝ කොරවක්කෝ , තාරාවෝ පවා නිහඬයි ! . උනුත් මේ කතාව අහං ඉන්නවද කොහෙද ?

ඒ නිහඬ බව බිඳලා ආයෙමත් කිතුලා කතා කරන්න ගත්තා .

"මචං මම එදා තමයි ජීවිතේ පළමුවෙනි වතාවට අම්මව දැක්කේ . ත්‍රීවීලර් එකේ අයියා මාව පෙන්නලා අම්මගෙන් ඇහුවා මෙයාව අඳුනනවද ? කියලා"

"ඉතින් බං අම්මා අඳුනගත්තද උඹව ?” මටත් ඉවසුමක් නෑ

"අම්මා එකවරම කීවේ හපොයි මේ මගේ ලොකු පුතා කියලා ! . ඊට පස්සේ අම්මා ඇඬුවා . මටත් ඇඬුණා බං . “

මම කිතුලාව පොඩි කාලේ ඉඳන් දන්නවා මට මතක විදියට ඌ කවදාකවත් අඬලා නෑ . මවු සෙනෙහස ඉදිරියේ ඕනෙ කෙනෙක් පොඩි එවුන් වෙන එකේ . ඒක එච්චර දෙයක් නෙවෙයි .

"මචං මම අම්මා ළඟ නතර වෙන්න ගාලු යනවා බං ?”

හෙණ ගැහුවා වගේ කිතුලා එහෙම කියද්දී මගේ බඩ පපුව දාල ගියා . එදා ඉඳන් මාව බලා කියගත්ත මගෙත් එක්කම හිටි මගේ හොඳම මිත්‍රයා මාව දාල යනන්නයි හදන්නේ ..

"එතකොට උඹ ගාල්ලේ යනවද ?”


"ඔවු බං මම මොනවා හරි වැඩක් කරලා අම්මව බලාගන්න ඕනෙ . ආයේ කවදාකවත් මම අම්මව තනි කරන්නේ නෑ . මම කෝම හරි රස්සාවක් හොයාගෙන අම්මව බලාගන්නවා . මට දුකයි බං උඹලව දාලා යන්න . ඒත් මොනවා කරන්නද ? . මම ආවේ මේක උඹට කියලා යන්ඩ . මම අනිද්දා උදේම පිටත් වෙනවා බං .”

මගෙ හිත ඇතුළේ මොකක්දෝ මන්දා මහා අමුතු දුක් ගින්දරක් ඇවිලෙනවා . කිතුලා මට අඹ යාළුවෙක් , සහෝදරයෙක් . මට තව කොතෙකුත් යාළුවෝ හිටියත් ඒ එකෙක්වත් කිතුලා හා සසඳන්න මට කොහෙත්ම පුළුවන් කමක් නෑ . සිංහයෙක් වගේ ඔළුව උස්සගෙන සීයක් එක්ක හරි පැටලෙන්න යන්න මට හයිය දුන්නේ කිතුලා . ඌ මගේ පෞද්ගලික ආරක්‍ෂකයා .

ඇත්ත..! කිතුලා මාව ආරක්‍ෂා කලා. කොයි වෙලත් ඉනේ ගහගෙන උන්නු නංචක්කුවෙන් සටන් කරලා යකඩ බජාර් එකේ බේබදු චණ්ඩි කීප දෙනෙකුගෙන් මාව ආරක්‍ෂා කල හැටි එයින් එක සිදුවීමක් විතරයි .ඒත් දැන් ඒවා හැම දෙයක්ම පරණ මතක සටහන් විතරයි .

මම වම් පැත්තට හැරිලා කිතුලා දිහා බැලුවා . ඌ මහපට ඇඟිල්ලෙන් වළක් හාරනවා . මම දන්නවා ඌට මේ ගම , ගමේ අපිව අතහැරලා දාලා යන්ඩ කොයිතරම් අමාරු ඇද්ද ? මට ඒ දුක තේරුම් ගන්න පුළුවන් . ඒත් අම්මා නැතිව වසර විසි දෙකක් ඌ වින්ද දුක නම් මට හිතාගන්නවත් බෑ . ඌට ආයේ ඒ දුක ඇති වෙන්න දෙන්න බෑ !. කිතුලට අහිමි වුණු මවු සෙනෙහස ඌට ආයෙ ලබා දෙන්න දෛවය කාරුණික වෙලා තියෙද්දී මම මොකටද ඒකට දුක්වෙන්නේ ? ,ඇයි මා හරස් කපන්නේ ?. මමත් ඌට හිතින් සුබ පැතුවා ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්ඩ !! කියලත් පැතුවා .

හැන්දෑ කළුවට ටික ටික අපිව වෙලා ගන්න උත්සහ කරනවා . මෙච්චර වෙලා සුන්දරව නිස්කලංකව තිබුණ සියඹලා ගහත්, කුණු ඇළත්, වෙල්‍ යායත් හෙමිහිට පැතිරුණු අන්ධකාරේ එක්ක මහ අමුතු ගුප්ත බවකට හැරුණා . අපි දෙන්නත් බයිසිකලේ තල්ලු කරගෙන පාර පැත්තට ගියේ එතන ආපු මදුරු , හෝ හපුටු සේනාවගේ දෂ්ට කිරීම් වලින් බේරිලා ඉන්න බැරි නිසාමයි .

ඔහොම ටික දුරක් ඉදිරියට ගියපු අපි තාර පාර ගාවදි වෙන් වෙන්න සූදානම් වුණා . වෙනදත් අපි මෙතනදී වෙන් වෙනවා අනික් පහුවදාට හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා . ඒත් අද ? අපි ආයේ වසර ගණනාවකට හමු නොවෙන්නම සමුගන්නයි හදන්නේ .

"එහෙනම් මචෝ මම යන්නම් ..”

කිතුලා උගේ කරගැට පිරුණු හැඩිදැඩි අත මගේ දිහාවට දිගුකළා . කීබෝඩ් එකේ යතුරු එක්ක නිතර ඔට්ටුවෙන මගේ අතයි , මේ ගම් පළාතට උරුම අනේක දුක් ගැහට එක්ක ඔට්ටුවුණු උගේ අතයි අතර වෙනස නම් හරියටම අහසට පොළව වගේ .

කිතුලට මේ ලෝකේ කොහේ ගියත් නොවැටී ඉන්න පුළුවන්. මම හොඳටම දන්නවා ගිනියම් අවු කූටකේට පිච්චෙමින් මේ නැගෙනහිර හිස් අහස යට අවුරුදු විසි දෙකක්ම කට්ට කාලා ජීවිතේ ගැටගහගත්තු කිතුලට දකුණේ මූදු හුළඟ එච්චර සැරට දැනෙන එකක් නෑ .

කෙල්ල දාලා ගියා කියලා වස කුප්පියක් සල්ලිවලට අරං ඒකෙන් ඇබිත්තක් බොන, ළිඳේ පනින, බෙල්ලේ වැල දාගන්න සෝබන පෙම්වතුන්ට කිතුලා ආදර්ශයක් . කාගෙන් ලැබෙන ආදරේටත් වඩා අම්මගෙන් ලැබෙන ආදරේ වටින බව කිතුලා වැලන්ටයින් දවසේදී ඔප්පු කරලා පෙන්නුවා .

කිතුලා මේ කතාව මට කීවේ මීට මාස හතකට අටකට විතර කලින්. අද වෙද්දී කිතුලා මේ ගමේ නෑ. ඒත් අදටත් මගේ යටි හිත මට නිතර හඬගා කියන කරුණක් තමයි කිතුලා වගේ මිතුරෙක් ආයේ මට මේ ජීවිතේදී හමු නොවෙයි කියන එක . ජීවිතේ ඌට නියම මග පෙන්නුවා , නියම ආදරේ , නියම සෙනෙහස තියන තැන පෙන්නුවා . දැන් ඌ තමන්ගේ අම්මවත් බලා කියාගෙන ගාල්ලට වෙලා ජීවත් වෙනවා . මතක් වෙන මතක් වෙන වාරයක් පාසා මම ඌට හිතින් සුබ පතනවා .!

/ලි .. 2012ජනවාරි මාසේ 15 වැනිදා තමයි කිතුලාගේ 23 වැනි උපන්දිනේ . ඉතින් ඔය පහළ තියන සබැඳිය හරහා කිතුලාව දැන හැඳිනගෙන ඌට සුබ උපන්දිනයකුත් කීවොත් ඌට ඒක ලොකු සතුටක් වේවි . අනික කිතුලා නිතරම මට ෆෝන් කරලා කියන දෙයක් තමයි ගාල්ලේදී ඌට වැඩිය යාළුවෝ හමුවුණේ නෑ කියන එක . ඉතින් මම හිතනවා මේ පෝස්ට් එකෙන් පස්සේ කිතුලට දකුණෙන් හොඳ යාළුවෝ සෙට් එකක් හමුවේවි කියලා

ප/ප/ලි = කිතුලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ "එරන්ද ලක්මාල්" නැමති මාගේ මිත්‍රයාගෙන් මෙම කතාව, පින්තූර සහ නම් ගම් ආදිය පළකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවසරය ලබාගත් බවත් දන්වා සිටිමි

129 comments:

Podi Kumarihami said...

කිතුලාට එයාගේ අම්මා හමුවීම ගැන නම් හරිම සතුටුයි. :)

පවනි said...

ඔන්න අද නම් මම එක....

Sihina said...

සදරුවෝ....

කිතුලගේ අමිමා ආපහු කිතුලට මුන ගැහීම නමි ඇත්තටම සතුටුයී. මොකද අමිමා කෙනෙක්ගෙන් ලමයෙක් වෙන් කරලා තියෙන එකනමි හොද දෙයක් නොවන නිසයි මම එහෙම කියන්නේ.
අනීත් එක තමයි යාළුවෙක් ගෙන් තවත් යාළුවෙක්ට අහන්න පුලුවං උපරිම ලකුණු ටික අරගන්න තරමි කීතුලා සමත් වෙලා තියෙනවා. මොකද උඹලා දෙන්නා අතර තිබුනේ යාළුකමට වඩා සහෝදරකමක් නිසයි. කොහොම උනත් උඹටත් අවුලක් නොවෙන, කිතුලටත් අවුලක් නොවෙන සුන්දර ජිවීතයක් ඉදිරියේදි ගත කරන්න ලැබෙිවායි කියලා ප්‍රාර්ථනා කරනවා.

සැ.යුඃ- ඊයේ පොරොන්දු උනු වෙලාවටම අද ඇවිත් පෝස්ටි එක දැමිමට පිං...

ඊ මේල් කවිකාරි said...

කතාවේ අවසානයට කැමතියි. ඔබගේ මිතුරාටත් ජය!

ශානු said...

කිතුලා මල්ලි සුභ උපන්දිනයක් කතාව අවසානෙදි ඇඬුනා ඇත්තටම.

priyantha said...

කිසිම කෙනෙක් කලු හා සුදු කියා වෙන් කරන්න බෑ. ඒ වගේම හිස් අහස යට දහසක් සුවඳ මල් පිපෙනවා නේද.
කිතුලාට සුභ උපන්දිනයක් වේවා කියා ප්‍රියන්ත අයියත් කීවා කියන් සඳරූ...

Gimhani said...

සඳරූ ඔබට කමෙන්‍ටුවක් දාන්න කලින් . කිතුලව බලල ඔන්න සටහනක් තබල ආවා. මේ කතාව හරිම ආදර්ශමත් කාතාවක් අපි හැමෝටම. සිත බර උනා කියවද්දී. බොහොම ස්තූතියි මල්ලී ඔබගේ ජීවිත අත්දැකීම් අප සමග මෙසේ බෙදා ගන්නවාට.

saumiya said...

es dekata kandulak awa me kathawa ahuwama...
attamai sandaruwo.... niyama story ekak...

kithulata subama suba upandinayak wewa !!!

පිස්සා පලාමල්ල said...

අඩෝ කිතුල සිර ඩයල් එකක් නේ.. උබේ බ්ලොග් එකේ ප්‍රධාන චරිතයක් අදුරගන්න ලැබීම සතුටක්.

ලංකාවට ආවම කිතුලව සෙට් කරගන්න ඕනි. ගාල්ලෙ නෙ මාත්. උබත් වරෙන් ඌව බලන්නත් එක්ක. ඉදුම් හිටුම් ඔක්කොම දෙන්නම්.

Praසන්ன said...

හරිම සංවේදී කතාවක් සඳරු මලේ.
එකට ඉඳල හැමදේම එකතුවෙලා කරන ඔය වගේ යාලුවෙක් ඈත් වෙනකොට සෑහෙන්න හිතට අමාරුයි තමයි. උඹ වගේ හොඳ යාලුවෙක් ලබන්න කිතුලත් වාසනාවන්ත වෙලා තියෙනව.
කොහොම උනත් කිතුලට වාසනාවන්ත අනාගතයකට මාත් සුබ පතනව !

ඔය ෆේස්බුක් ලිංක් එක මම ඊයෙම හොයාගත්ත.

පන්සල් හංදිය said...

හදවතින්ම සතුටුයි, අම්මා කෙනෙක්ගේ ආදරේ කියලා නිම කරන්න බැහැ .........

පන්සල් හංදිය said...

මෙතන ෆේස් බුක් බ්ලොක් කරලා මලේ, ගෙදර ගිහිං කිතුලව හම්බ වෙන්නම් .........

ඉන්ද්‍රජිත් said...

niyama kathawa
godak sanwedhi
kithulata suba upan dhinak

Theekshana said...

හ්ම්ම්ම් ඇත්ත කතාවක් නේද. හිතාගන්න බෑ බන් සදරු මොකද කියන්නෙ කියලා

ayesha said...

sathutu wennna puluwan awasanayak

වෙද ගෙදර මහ වෙදනා said...

"ගේ ගාවට ගිය ත්‍රීවීලර් එකේ අයියා අම්මගේ නම කියලා කීප වරක් කතාකළා . එතකොට ගේ පිටිපස්සේ ඉඳලා අම්මා අපි ගාවට ආවා බං. මම එක තත්පරෙන් මගේ අම්මව අඳුන ගත්තා බං"

මේ තමයි මම ජීවිතේටම බ්ලොග් එකක දැක්ක මට සංවේදීම වැකිය. අපි දිනක කිතුලාව හමු වෙමු. ඔය කියන විදියට මට වැඩි ඈතක වෙන්න බැහැ. සුභ පතන්නම් හදවතින්ම.

මකුළුවා..... said...

බෙදා ගත්තට ස්තූතියි යාළුවා මේ අත්දැකීම....කිතුලා නියම කොල්ලෙක් මචං.....

යසයා said...

අනිත් හැම පෝස්ට් එකක් වගේම කියන්න තියෙන්නෙ එකම දෙයයි.. කියන්න වචන නෑ සදරු අයියා.. (මේක කොපි කොරලා තියා ගත්තනම් හරි කමෙන්ට් කරන්න ලේසි.. :P)

"ඒ ගාල්ලේ අයගේ හැටි නේ බං . ඒ පැත්තේ උදවිය ඉන්නේ නිකම් කැත්තට පොල්ල වගේ නේ"

මං මේ ලගදි ගාලු ගියා.. එහෙම දැනුන් නෑනෙ.. :O

Mithuru said...

ජීවිතේ හරි පුදුමයි.දෙයක් නැතිවෙන්නේ තව එකක් ලැබෙන්නයි කියලා කියනවනේ.අන්තිම ටික කියවද්දි බොද වෙච්ච අකුරු කෑලි ගැටගහන්න උනා.
(කිතුලා අයියාට හායි කියන්න විදියක් නැත.මං මූණු පොතේ නැත.)
කෙසේ වෙතත් කිතුලා අයියාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්තනා කරමි.

රාජ් said...

උඹේ කතාව ගැන මොකුත් කියන්නෙ නෑ. කිතුලට සුභපතනව. උපන්දිනේට සුභපතන්නම් හෙට.

නිශාන්ත said...

ගොඩක් සංවේදී කතාවක් සදරු...ඉතින් කිතුලාට සුබම සුබ උපන් දිනයක් වේවා!!!

ලහිරු said...

ඔන්න මමත් කිතුලාට රික්වෙස්ට් එකක් දැම්මා, හිතට දැනෙන කතාවක්, අම්මා ගැන නේ!

අපි වගේ... said...

//මේ කොහේවත් යන කෙල්ලක් මට නැති වුණාට කමක් නෑ ඒත් අම්මව නැති කරගන්න බෑ //

කිතුල් අයියා ඇත්තටම ආදර්ශයක් ලව් කරල පච වුනු උන්ට.ඒ වගේම ආදර්ශමත් පුත්‍ය රත්නයක්.

Senna said...

හ්ම්ම්ම්ම්ම්ම්ම් පැත්තකින් දුක්බර, පැත්තකින් සතුටුදායක අවසානයක්... !

කිතුලට ජයම වේවා !!!!

Sandaruwan said...

කිතුලාට සුභ උපන්දිනයක් වේවා! කරන කියන සියළු වැඩ කටයුතු වලින් ජයම ලැබේවා! ආයු බෝ වේවා!

රූ.... said...

යනෙන මග
පැතුම් මල් සැබවින් පිපෙන්නට
සොයුර සුභ උපන්දිනක්...

ඇට්ටර අප්පු said...

ඒක පාරටම කියන්න දෙයක් හිතට එන්නේ නෑ, කථාව අන්තිමට හොද විදිහට ඉවරවෙලා තියෙන නිසා සතුටුය.

prasanna86k said...

සතුටුයි මචං... උඹ ගැනත් උඹේ මිත්‍රයා ගැනත්....

පැණි දොඩම් said...

ඈ බං.. මේක නිකන් හින්දි ෆිල්ම් එකක් වාගෙනේ බං... මැක්ස්..

දිල් said...

මොන උනත් දැන් කිතුලා අම්ම ලඟ..එතැනින් කිතුලගෙ හිත බිඳින්න බෑ කාටවත්...ඌට හරි යාවි...අනිවාර්යෙන්ම...

``` Outsider``` said...

සංවේදී කතාවක්. ඌ නියම කොල්ලෙක්.

මංගල... said...

සඳරු මල්ලි මම පලවෙනි වතාවට බ්ලොග් එකෙක් කියවන අතරේදී කඳුළු අස්දෙකම කඳුලෙන් පිරිලා ගියා,කිතුලට ජය මම කිතුලාව ඒ වෙලාවේම add කලා.තැන්ක්ස් මචෝ

රන්සකු said...

තාත්තා දාල ගිය එක හරි නෑ නේද ? අම්ම කෙනෙක් නැතිව හැදුව කියන්නේ ලොකු වැඩක. කිතුලට එක කියල දීපන් මචන්. ඔය වැඩේ තාත්තල දැන් නෑ. ළමයි දාල යන තාත්තල ඉන්නේ.

~~තරූගේ ලෝකය~~; said...

හිතාගන්න බෑ එක සැරේම මොනවා කියන්නද කියලා...බලාගෙ හිටියෙ මේ කොටස කියවන්න...ඇත්ත අම්මගේ ආදරේට සමාන කිසිම දෙයක් මේ ලෝකෙ නෑ...හදවතින්ම සුභ පතනවා එරන්දට...ඒ වගේම සුභ උපන්දිනයක් වේවා.....!!!

ItalyDilan said...

ලස්සනට ඉවර උනා ඒ කතාවත්,,ඇත්තටම උගේ අනාගතේට සුභ පතනවා

පූසා said...

සංවේදී සටහන් සංවේදී විදිහට ලියන්න උඹට තියෙන හැකියාව නිසයි මේ කතාව මෙච්චර හිතට දැනෙන්නේ!

කිතුලාට සුභ උපන්දිනයක් වේවා!

ChammA said...

කිතුලාගේ උපන්දිනේ හෙට නේද..ඒ කියන්නේ කිතුලට හොදම උපන් දින තෑග්ගක් මේ පාර ලැබිලා තියෙනවා..ගොඩක් සතුටුයි...

බීටා said...

දුක හිතෙන කතාව අයියේ.........
කොහොම හරි අම්මව හම්බවුන එක නම් හොඳයි....

මහිම මදුරංග said...

අවසානේ නම් මාරම ලස්සනයි
යාලුවට සුබ උපන් දිනයක් කිවුවා කියන
මේ මාසෙට තව 2කද ලියන්නේ :(

Ice (අයේෂා කුලතුංග) said...

මේ විදිය කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ අයියේ..
සුබ පැතුම් කිතුලා අයියට.. :)
බලාපොරොත්තු නොවිච්ච තරම් හිත සංවේදී වුණා. සතුටුයි මෙහෙම කතාවක් අහන්න ලැබුණට සඳරු අයියේ.
ඔන්න මමත් එරන්ද අයියට රික්වෙස්ට් එකක් දැම්මා. 15 වෙනිදටම සුබ පතන්නම්කො.. :DD

Ravi said...

අපූරු කතාවක් මලේ.....මව් සෙනෙහස කියන එක ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ...කිතුලට සුබ උපන් දිනයක් සහ ජීවිතේ සතුට සැනසුම නොඅඩුව ලැබේවා කියල බොක්කෙංම ප්‍රාර්ථනා කලාය කියාපං කොල්ලො හොඳේ....

Charitha said...

එල මචං. මාර සංවේදී කතාවක්. මමත් කිතුලට සුභ පැතුවා

Anonymous said...

මචෝ. හිතට ගොඩක් සතුටක් දැනුන. කිතුලට . අම්මව ලැබුන 1 ගැන . හිත හොද කොල්ලෙක්ට කවදාවත් වරදින්නේ නැහැ මචෝ. ...
මමත් ''කිතුලට'' . සුබම සුබ .. ''උපන් දිනයකට'' .. සුබ පතමි .... ! ..... උබත් . හොද යාලුවෙක් මචං... අද කලේ ඉන්න .. යාලුවෝ එන්නේ .. නමට .. බුදු සරනයි!

ලොකු පුතා said...

උඹ කියපු වෙලාවටම ඇවිත් පොරොන්දුව ඉෂ්ට කලා එහෙනම්...
කතාව කියෙව්වේනම් බර වෙච්ච හිතකින්
කිතුල කියන්නේ නියම යාලුවෙක් බං
ඌට වරදින්න විදිහක් නැහැ, හිත හොඳ මනුස්සයෙක්
බොහොම ස්තුතියි මේ කතාව අපිත් එක්ක බෙදාහදා ගත්තට

කිතුලාට සුභ උපන් දිනයක් වේවා....!!

සයුරි said...

සුඛාන්තයක්...!! මේ වගේ අවසානයක් තියන කතා අහන්න මම හරිම කැමතියි...කිතුලාට සුබ උපන්දිනයක් වේවා!!

Era said...

sadaruwa ma post 1n passa mata yaluwo godak labuna thanks mcn.ubata jaya.........

මුහුදු කොල්ලකාරයා said...

සැබෑ ජිවිතේ සමහර වෙලාවට ප්‍රබන්දයකට වඩා පුදුමාකාරයි! මේ කතාව සතුටු දායක විදිහට ඉවර වීම ඇත්තටම සතුටක්! :)

Nuwan Tharaka said...

තනි ඇහැට ඇඩේනවනෙ!
එත් කිතුලගේ අම්ම එයාගෙන් වෙන් උන සිද්ධිය මට පැහැදිලි නෑ!:/

uwiniran said...

මේක මරු කතාවක් මචෝ, ඒ වගේම මං හිතනවා කිතුලා අම්ම එක්ක හොඳින් ඇති කියලා...
ඌ කවදා හරි එයි උඹව බලන්න...

Shani said...

සතුටුදායක විදියට කෙලවර උණු සංවේදී කතාවක්... හොඳටෝම ඇත්ත, අම්ම කෙනෙක්ගේ ආදරේ ළඟ අනිත් හැම ආදරේම පරාදයි..

බට්ටා said...

හිතුවා වගේ ම හොඳ අවසානයක්. හොඳ ම යාලුවෙක් ගෙන් දුරස් වෙන එක ලොකු දුකක් තමයි. මොකද මම හොඳට ම දන්නවා හොඳ යාලුවෙක් ගේ වටිනාකම. ජීවිතේ දුක නැති කරන්න ලඟ ඉන්න හොඳ ම කෙනා හොඳ යාලුවෙක් විතරනේ. (හොඳ වැඩිවෙන එක කොච්චර හොඳ වුනත් මෙතන නං හොඳ හොඳට ම වැඩියි වගේ නේ.) මොනා වුනත්, කිතුලා අයියට හොඳ උපන්දිනයක් කිව්වයි කියන්න.හික්
-හොඳ බට්ටා

කතන්දර Kathandara said...

කිතුලා කිව් දේට වඩා නොකිව් දේ සංවේදී ඇති!

දඟ මල්ල said...

kithula mallita happy birthday!!!!!!!!!!!!

පොඩි මෑන් said...

මම කිතුලට මැසේජ් එකක් දැම්මා.... මමත් ගාල්ලෙ... අර උඹල කිවුව වගේ කැත්ත පොල්ල වගේ උනාට මනුස්සකම වෙනුවෙන් බොක්කත් දෙන්න පුලුවන්...

ඌට කියපං මට කතාක්‍රන්න කියල... ජොබක් හොයාගන්න හෝ මොනයම් වැඩකට කරන්න පුලුවන් උදවුවක් කරන්නම්...

මම ඌට මගේ ටෙලිෆෝන් නො එකත් මැසේජ් කරා... උඹත් ඌට කියපං...

Anonymous said...

කිතුලා මල්ලි සුභ උපන්දිනයක්

අසරණයා said...

ඇත්තටම ගොඩාක් සතුටුයි.එත මං දන්නවා හොඳම යාලුවෙක් දුරස වෙද්දී දැනෙන දේ.අවුරුදු 22 පස්සේ ඒ අම්මට පුතාව අඳුර ගන්න පුළුවන් උන කියන්නේ ඒ අම්මා කොච්චරවත් එයාල ගැන හිතන්න ඇද්ද?

හිතුවක්කාරි said...

//කෙල්ල දාලා ගියා කියලා වස කුප්පියක් සල්ලිවලට අරං ඒකෙන් ඇබිත්තක් බොන, ළිඳේ පනින, බෙල්ලේ වැල දාගන්න සෝබන පෙම්වතුන්ට කිතුලා ආදර්ශයක් . කාගෙන් ලැබෙන ආදරේටත් වඩා අම්මගෙන් ලැබෙන ආදරේ වටින බව කිතුලා වැලන්ටයින් දවසේදී ඔප්පු කරලා පෙන්නුවා . //

ඇත්ත අයියේ.. සම්පූර්න ඇත්ත.. හරිම සංවේදී.. දුක හිතුනා හුඟාක්.. කිතුලාට හරියනවා...ඒ වගේම කිතුලාට සුභම සුභ උපන්දිනයක් වේවා!!!

දුකා said...

හරිම හැඟීම්බර කතාවක් සඳරු . .

ඔන්න මමත් කිතුලට සුභ පැතුවා. .

පිටකොටුව said...

ඔන්න අදත් කොල්ලගෙ කථාවක් පත්තරේ තියෙනවා. සතිපතා ලිපිය ගානේ පත්තෙරේටත් දාන්න වෙන හින්දා දැන් ආයෙත් 4, 7 කරන්න වෙනවා.

කස්ස said...

අම්මගෙ ආදරේ මේ ලෝකෙ තියන හැමදේටම වඩා උතුම්.අම්මට සලකන පුතෙකුට කවදාවත් වරදින්න විදියක් නෑ මචන්.උඹ බය නැතුව හිටපන්.ඌ මේ ලොකේ ඉන්න උතුම් මනුස්සයන්ගෙන් එකෙක්.ඌට හරියයි,මේ අපිටත් වඩා.කිතුලට ජය.

krish said...

katawa nam ela.. eth me wage hegimbara katawak medde.. maduruwo.. panagetiyo.. pala polongu gena liyanne ei ban.. mala paninawa.. anyway .. maxxa katawa.. hebei putho.. deparakata demmata eka katawane .. eka nisa tawa tunak liyapan me maseta..

ඕනයා said...

ඇත්තටම උඹේ යාලුවා අදහන්න ඕනෙ බුවෙක් මචෝ . . . .

නන්ඳු said...

අවුරුදු ගාණකට පස්සෙ අම්මගෙ ආදරය ලබන්න ඒ හිතේ ලියැවිලා තියෙන කතාවෙන් බිඳක් මේ විදිහට අපි අතර බෙදාගත්තට ගොඩක් ස්තූතියි සහෝ. ඇත්තටම සතුටුයි..
අයියගෙ යාළුවට සුබ අනාගතයකට සුබ පැතුම්..

ඉඳුනිල් said...

පහු වෙලා ආවේ. කිතුලටත් අම්මටත් සුභ පතනවා..

සවිගු said...

"ඒ ගාල්ලේ අයගේ හැටි නේ බං . ඒ පැත්තේ උදවිය ඉන්නේ නිකම් කැත්තට පොල්ල වගේ නේ"
මම මේකට නම් එකඟ නෙහ මචො.....මමත් ගාල්ලෙ කොල්ලෙක්....ගාල්ලෙ කොල්ලො කවදවත් මුලයි උපන්ගමයි අමතක කරන්නෙ නැහැ....කිතුලටත් ඒක එහෙම්ම්මමයි.....

මම මෙක කියවල ඉවරවෙනකොට...මම හිතුවෙ මම විතරයි ඇඬුවේ කියල....කොම්මෙන්ට් කියෙව්වාම තේරුනෙ....කට්ටියම අඬල කියල....

හිස් අහස said...

අදහස් දුන් නොදුන් ඔබ හැම දෙනාටම ස්තූතියි අද නම් යාලුවනේ හැමෝගෙම අදහස් වලට රීප්ලයි දෙන්න වෙන්නේ නෑ . බ්ලොගර් කාරයා මාත් එක්ක මොකක් හරි කෝන්තරයක් තියන නිසාද මන්දා මට කමෙන්ට් රිප්ලයි පහසුකමත් දීලා නෑ ..සමහරවිට ඌට ඉරිසියා ඇති

ඉතින් කිතුලා ඔබ සැම දෙනාටම ස්තූතියි කීවා .. මමත් ඔබ තමුන්නාන්සේලාට හැමදාමත් වගේ ස්තූතියි කියනවා ..

Dinesh said...

හිතට මාර විදිහට දැනුනා සදරුවෝ.. කිතුලා නියම යාළුවෙක්.. උඹ වෙනුවෙන් කල දේවල් බොහොමයි කියලා උඹමනේ කියන්නේ.. ලගින් නොහිටියත් හොද යාළුකම් හැමදාටම රැදෙනවා.. ඒ, ඒ යාළුකම් බැදිලා තියෙන්නේ හිතේ නිසා.. කිතුලගේ අනාගත ජීවිතේට මමත් සුභ පැතුවා කියපන් සදරුවෝ...

Ruka said...

හැමදාම වගේ අදත් කතාව අසාවෙන් කියිව්වා.
මාත් කිතුලට ජය පතනව.

Hashan Thalgasduwa(Jelliya) said...

Paw kolla.Valentine day eke hari ammawa hambenna eya pin karala athi.Api langa nathi unath ayye Jayen Jaya pathanawa.

ගැමියාගේ පත් ඉරුව said...

හිත කම්පනය වෙන විදියේ දුක්බර කතාවක් සෑහෙන්න හොද විදියට අවසාන වෙලා තියෙනවා......ගෑනු ලමයි හරි ඉක්මන්ට වෙනස් වෙනවා නේද අයියේ මට නම් පුදුම කලකිරීමක් ඇතිවුනා මේකේ කෙල්ල ගැන...කිතුලා අයියාගේ සමුගැනීම ගැන කියවද්දි කදුලූ එන්නත් ආවා හැබැයි වැටෙන්න දුන්නේ නෑ ලියලා තියෙන විදිය හරිම හැගුම්බරයි අයියේ මමත් කිතුලා අයියාට හායි පාරක් දාන්න රික්වෙස්ට් එකක් දැම්මා.ඒ අයියටත් සුභ පතනවා ඔයාටත් එක්කම...ජය වේවා අයියේ

ගීතක - ඇත්ත කතා...!!! said...

එල එල කොහොමහරි යාළුවට අම්මා හම්බුනානේ... ඒක සතුටක්!

ක්සැන්ඩර් | Xander said...

පොස්ට් දෙකම එක හුස්මට කියෙව්වා.. අද කිතුල කවුද කියල ආයේ අඩු පාඩු නැතුව දැනගත්ත.. ඒ එක්කම කිතුලට අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න පුළුවන් දවසක් උදාවේවා කියල මම ප්‍රර්ථනා කරනවා. කොහොම උනත් ඌ නියම පපුවක් තියන කොල්ලෙක්..

Observer said...

කිතුල බලන්න ගියා, ඌට සුභ පතල ඇවිත් තමා මේ කොමෙන්ට් කෑල්ල දැම්මෙ.

Sachith said...

පොස්ට් දෙකම කියවල කිතුලට මැසේජ් එකකුත් දැම්මා උපන්දිනේට සුබ පතල.....කතාවනම් නියමයි සදරුවෝ...

Praසන්ன said...

අද ලක්බිමෙත් උඹේ කතාවක් තියෙනව කොල්ලො.

සංජිව said...

කතාව ගොඩාක් සංවේදි.. ඒ සංවේදි කම හොදටම දැනෙන්නනේ එ ඇත්දැකිම තියෙන කෙනෙකුට.. කිතුලා ගැන අවංකවම ඊරිසියයි මට. උට උගේ අම්මාව අන්තිමට හම්බවුනා.. අමුතුවෙන් සුභ පතන්න දෙයක් නැ කිතුලාගේ මේ උපන්දිනය තමයි ජිවිතේ ලබපු හොදම උපන්දිනය..

මම ඉස්කොලේ 4 වසර වෙනකොට අම්මා තාත්තාගේ ප්‍රශ්ණ හින්දා පාසල් 6කට ගෙහුං තිබුනා.. 5 වසරේ ඉදන් A/L ඉවර වෙනකං එක ඉස්කොලේකට ගියේ.. එහෙම යන්න පුලුවන් වුනේ අම්මා තාත්තා වෙන්වුන හිනදා.. නැ අපි 3න් දෙනාම වෙන්වුන හින්දා.. එදා ඉදන් අද වෙනකං මගේ අම්මාව හෙව්වා එත් තාම හොයාගන්න බැ.. එ වේදනාව මේකයි කියලා කාටවත් තෙරැම් කරලා දෙන්නබැ.. එ වේදනාව කිතුලා නැති කරගත්ත හින්දායි මට කිතුලා ගැන ඊරිසියයි.. එත් එක්කම පුංචි සතුටක් තියෙනවා උට හරිගිය හින්දා මටත් දවසක අම්මා දකින්න පුලුවන් වෙයි කියලා. මැරේන්න මොහොතකට කලින් හරි අම්මාව දකින්න පුලුවන් වේයි..

සංජිව said...

අඩේ මචං දැනුයි දැක්කේ උඹගේ ලිපි ඔක්කොම ටික ටික ලක්බිම පත්තරේ යනවා නේද? බං... දැන් මම අද පත්තරේ දාපු ටික කියෙව්වා බොලොග් එකෙන් කියෙව්වාත් ආයෙත් පත්තරේ කියවනකොට හිතට අමුතුම ගතියක් එනවා බං.. හරියට මගේ බොක්කක් ලියපු එකක පත්තරේ ගියා වගේ සින් එකක් මචං...

දැන්නම් හරි යන්නේ නැ කොලුවො.. උඹගේම පුංචි පොතක් ලියපං..

පබලු said...

කිතුලගේ උපන්දිනේ දවසෙමයි මම මේ පෝස්ට් එක කියවන්නේ..මමත් සුභ පැතුවා කියන්න ..

ඉන්දික උපශාන්ත said...

කිතුල හොඳද හරිද කියන්න මම ඉක්මන් වෙන්නෙ නෑ. මොකද ඌව මෙව්ච්චර කල් බලාගෙන ඒ ලෙවල් වෙනකල් උගන්නපු, තරහට කාමරේකට දාල දොර වහල තියනකොට ඒකට ටි වී එකකුත් දාල තියපු තාත්ත සහ අනික් නෑයො කරපු දේ අවතක්සේරු කරන්න නරකයි.

මේ කතාවෙ අර කකා කිව්ව වගේ යටි පෙලක් පේනව. හැබැයි කිතුලට ඒ හැම දේකිම්ම හිත සැලෙන්නෙ නැතුව දිගටම අම්ම එක්ක ඉන්න ලැබේවා කියල පතනව!

rachi said...

ගොඩක් කාලෙකින් හිස් අහසට ආවේ. උඹේ කතා ටික එකතු කරලා පොතක් ලියපන්. මට යන්න උනේ නෑ. උඹව හම්බවෙන්න එන්නම් වෙලාවක

Nishi said...

වෙනදා වගෙම කියන්න තියෙන්නේ උඹේ ලිවිමේ හෑකියාවනන් සුපිරි සඳරු මල්ලියෙ.... බොහොම ස්තුතියි උඹේ අත්දකීම් බෙදා හදා ගන්නවට.
කිතුලා මලයට සුබ උපන්දිනයක්.,,,උඹේ හිත හොද කමට උඹට හරි යනවා මලේ.
දෙන්නටම ජයෙන් ජයම වේවා.

පුංචි කුමාරිහාමි said...

කිතුලාට සුබ උපන්දිනයක්.අම්මා මුන ගැසුන එකට සතුටුයි.. ඔයාගේ සංවේදී හිත ගැනත් හරිම සතුටුයි.

Rasika Kariyawasam said...

සංවේදී කතාවක්. අවසානය ගැන සතුටුයි !!

ඔබ නොදු‍ටු ලොවක් said...

කිතුලට අම්මා හම්බෙච්ච එක ලොකු දෙයක්..දැං ඌ සතුටින් ඉඳියි....

කිතුලෝ...සුභ උපන් දිනයක්.....

Beetle said...

මම දන්න විදියට නම් කිතුලා අපායට ගියත් ගොඩ යනවා සුවර්... ගාල්ලෙ ඌට ගොඩ යන්න බැරිද... :)

මම හිටි පිටි පස්ස පේළියේ මගේ ළඟින්ම වාඩිවෙලා හිටියේ "කිතුලා" . ඌ තමයි ඒ දවස් වල මගේ බොක්ක . ඌ එක පාරටම මෙහෙම කිවුවා !
"සර් මෙතන ඉඩ තියනවා .” !
ඒ කතාවට වැඩිපුරම මල පැන්නේ මට .. "උඹ එහෙනම් ඌට පුටුව දීලා උඹ බිම ඉඳගෙන හිටපන් . මගේ පුටුවේ නම් යන්තම් වත් ගෑවෙන්න එන්න එපා .! මම හෙමීට කිවුවා"
"සඳරු උඹට තේරෙන්නේ නැද්ද ? අපිට මුගෙන් මාස ගාණක් කෑව හැකි . මූ මෝරෙක් බං !”කිතුලා මගේ කනට කෙඳිරුවා ..
"හ්ම්.හ්ම් එහෙමනම් එන්න ඇරපං .”.මගේ හිතෙත් පොඩි කාරුණික හැඟීමක් ඉපදුනා ..

සරත් ලංකාප්‍රිය said...

සැබෑ මනුස්සයෙක්ගේ කතාවක් කියවන්න අපිට අවස්තාව දුන්න උඹට පින් සඳරු...

සිතුවිලි නිහඬයි said...

අනේ ගාල්ලේ පැත්තේ අය එහෙම නැ....ටික දවසකින් කිතුලට ඒක තේරේවි.....

කිතුලටයි අම්මටයි ඉදිරි කාලය සතුටින් ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම සුභ උපන්දිනයක් වේවා කියලත් කියනවා....

Anonymous said...

kithula aiye,api umbava dekala nethi vunata umbava apema sahodarayek vage aduranawa.umabata amma muna gehunu ekata sathutui.hebei mechchara kalayak mona vidiyen hari umbava bala gaththu aya amathaka karanna epa.

pa.li;
sadaru aiye,umbata honda yaluvek ahimi venava.ee gena dukai.eeth jeevithe kiyanne himiveem saha ahimiveem godak.yam ahimiveemak kiyanne thava deyaka himiveemak venna puluwan!(udaharanayak vidiyata oyata oyage girlva den himi vunane.ee ekkama yaluvek ahimi vuna.ookata thamai jeevithe kiyanne.)

Warsha..

මන්තරකාරි said...

කිතුලා ගාල්ලේ, අපි දන්නෙත් නෑ... කිතුලාගේ උපන්දිනේ නම් පහු වෙලා.. කිතුලාට සුභ අනාගතයක් කියන්නම්....

Bassa said...

සුබ උපන් දිනයක් කිතුලා....

Mr.Sithi said...

අම්මෙක් ඉන්න අපිට ව‍ඩා, අම්මෙක් නැති අය තමයි සදරු අයියේ එකේ දුක දන්නේ.. කථාව ලස්සනය ලියලා තියනවා..අවසානයේ දුක හිතෙනවා.. මෙනවා උනත් දැන් කිතුලා සතුටෙන් ඉන්න 1ට දැන් සතුටුයි.. ඔක තමයි කියන්නේ දුක් වින්දම කවදා හරි සතුට ලැබෙනවා කියලා...

පිණිබිඳු... said...

උපතෙදි වෙන් උනත් අවුරුදු ගානක් ගිහින් හරි අම්මා කෙනෙක්ට දරුවෙක්ව එක බැල්මකින් අඳුර ගන්න පුලුවන් කොහොමද කියන එක නම් හරිම පුදුමයි. මව්වත් සුවඳ කියන්නෙ ඒකට වෙන්න ඇති.

geeth said...

බොහෝම හැඟිමබර කතාවක්‌ අපිත් එක්‌ක බෙදා ගත්තට මල්ලිට බොහෝම ස්‌තූතියි.

ජය වේව !

නිසුපා said...

කිතුලා මලයට සුබ උපන්දිනයක්.....

Weni said...

මේ සිද්ධිය විඳපු කිතුලාටත් අන්තිමේදි අම්මා හමුවීමේ සතුට විඳින්න වාසනාව ලැබුනා. ඒ සිද්ධිය අපිට ගෙනත් දුන්නට මලයටත් පිං..

මධුරංග said...

කිතුලා මල්ලිට එයාගේ අම්මව හම්බ උන එක ගැන සතුටක් වගේම සඳරු මල්ලිට හිටපු හොද යාළුවෙක් නැති උන එක ගැන ටිකක් දුක හිතුනා.
මොනා උනත් කිතුලට සුබ පතමු !!!!

දිනේෂ් තරංග said...

"..ජීවිතේ කියන්නේ මේකට තමයි සහොදරයා....හැමදාම අපිට නැතිවෙන්නෙ අපිට වැඩියෙන්ම වටින මිනිස්සුන්ව...ඒක හමෝටම පොදු දෙයක්...අම්මා කෙනෙක්ව ආදරෙන් බලාගන්න එක තරම් වටින දෙයක් මේ ලෝකෙ තවත් නෑ...ඉතිං හැමදාම හිතිං සුබ පැතුව මම අද මුල්ම කොමෙන්ටුව දැම්මා අද... දිගටම ලියපං මලයා....ලියන එක නම් නවත්තන්න එපා... සුබ අනගතයක් වේවා උඹටත් උඹගෙ සෙට් එකටත්....."

ගජං මල්ලි said...

ඉස්සෙල්ලම කිතුලා බලල තමයි මේ පැත්තට ආවෙ...

මං කියවපු සංවේදීම කතාවක්...කිතුලට වරදින එකක් නෑ...සඳරු අයියට හොඳ යාලුවෙක් නැති වෙලා...ඔය වගේ යාලුවො ලබන්න පිං කරන්න ඕන.

ගාල්ලෙ උන් එකපාරට බොක්ක දෙන්නෙ නෑ..හැබැයි බොක්කට ෆිට් වුනොත් වෙනස් වෙන්නෙත් නෑ..

දිගට ලියන්න කියල ජය පතනව..!!

Era said...

mama kawdawth muladi udaw karapu aya amatahka karan na..........

ජනක රත්නායක said...

පහු වෙලා ආවේ. කිතුලටත් අම්මටත් සුභ පතනවා..

වර්ණා said...

අම්මව හම්බවුනු එක නම් කියාගන්න බැරි සතුටක්..

නචියා said...

කිතුලාට සුභ උපන්දිනයක් වේවා....!!!

Chamikawp said...

කිතුලට සුභ පතනවා උපන්දිනයට!!! එත් දැන් ටික දවසක් පරක්කු වෙලා‍ !!
අපිත් දැම්මා රික්වෙස්ට් එකක් කිතුලට.... මොකද ඉතින් මම ඉන්නෙත් ගාල්ලෙ නේ හරිය!! හදිසියකට අපිව සෙට් කරගන්න වුනත් කිතුලට පුළුවන් වේවි!!
ජයවේවා!1

sAm (සෑම්) said...

නියමයි සදරැ. මිතුරාට මාත් සුභ පතනවා !

Marquis said...

පළමුව සුබ උපන්දිනයක් කිතුලා මල්ලියෙ කියල අර අහිංසක කොල්ලට මගේ හද පතුලින්ම මම සුබ පතනවා !!! බොරු කියන්නේ මොකටද කිතුලට මෙ සුබ පතන වෙලාවෙට් මගේ ඇස් දෙක රිදෙනවා .. අර මොකද කිව්වොට් කතාව කියවද්දී ඇස් දෙකෙන් කදුළු එන්න හදනකොට තද කරගෙන ඉදල ... සන්දරුවෝ අර ලක්බිමේ උබ ගැන ගිය ආර්ටික්ලේ මම එදාම දැක්ක. පස්සේ කියවල හදිසි වැඩකට යන්න ඕන හින්ද එක එටනම තියල ගිය. යකදූ අවිට් බලද්දී ආර්ටික්ලේ නෑ. අපී ගෙදර උනදලා එක කොහේ හරි දාල. මම දවස් තුනක් හැම ටනම හොයල එකම පත්තර ගොඩ ටුන්පරක් අවිස්සුව . එක දැකල අපී තාත්ත අහනවා මොන මගුලක්ද කවදවට් නැතුව ඔච්චර හොයන්නේ කියල. පත්තර ටික පොලවේ ගගහ හෙව්වට් කොහෙද එක නෑ. හබෙය් සදරුවෝ මම ට්‍රය් එක ඇත ඇරියේ නෑ. ගූගල් ට පින්සිද්දවෙන්න මම කොහොමහරි ආර්ටික්ලේ හොයාගත්ත. හුරෙ !!

Pisakkaatuwa said...

කිතුලාට සුභ උපන්දිනයක්! කිතුලාට අම්මා මුණගැහුන එක සතුටක් වගේම උඹට ඔයවගේ යාලුවෙක් ළඟ නැති එක ලොකු පාඩුවක්. ඔය වගේ යාලුවෝ ලේසියෙන් හම්බවෙන්නේ නැ. සමහරුන්ට නම් ජිවිත කාලයටම ඔයවගේ යාලුවෝ හම්බවෙන්නේ නැ. කිතුලගේ අම්මට නොසිතු විදිහට එකපාරටම තමන්ගේ පුතා දැක්කම මොනවා හිතෙන්න ඇද්ද? කිතුලටයි මල්ලිටයි පොඩි කාලෙදිම අම්මා නැතිවුණා. උඹටයි නංගිටයි තාත්තා නැතිවුණා. උඹයි කිතුලයි සිරාවටම ෆිට් වුනා. බලපන්කො එකෙත් හැටි. මලේ මට තියනවා පොඩි ප්‍රශ්නයක්. කිතුලගේ තාත්තා ලඟදි නැතිවුණා. කිතුල අම්මා ලඟට ගියා. එතකොට කිතුලගේ මල්ලි. ඌට අම්මත් නැ, තාත්තත් නැ, අයියත් නැ. එතකොට කිතුලගේ මල්ලි තනි වෙනවනේ. ඌ පව්නේ බං.

දිනුක ජයකොඩි said...

සැබෑ මිත්‍රයා යනු කවුරුන්දැයි හඳුනා ගතිමි.උඹනං පට්ට යාළුවෙක් මචං.ඔහොම යාළුවො හැමෝටම හම්බවෙන්නෑ.

අවංක පැට්ටා said...

අඩේ වාසනාවන්ත කොල්ලෙක් බන්... අර කෙල්ලට පින නෑ මේ වගේ වාසනාවන්ත කොල්ලෙක් ලබන්න. සමහර විට අර කෙල්ලගෙ නස්කිල්ල තමා කිතුලට වැදිල තියෙන්න ඇත්තෙ, ඒ සම්බන්දෙ කැඩුනා විතරයි මූට වාසනාව ලැබුනා අම්ම හොයාගන්න....

කිතුලට සුබ උපන් දිනයක්, අම්මත් එක්ක හිත සතුටින් ජීවත් වෙන්න ලැබෙවා..

තාරක said...

ලක්බිම පත්තරේ චානූක වත්තේගමගේ ලිපියක් කියවලා තමයි "හිස් අහස" ගැන දැන ගත්තේ, කියවන්න ඕන කියලා හිතාගෙන හිටියත් අද තමයි පළමු වතාවට මේ පැත්තේ ආවේ. ගූගල් දෙයියාගේ පිහිටෙන් "සඳරු" කියලා ගහපු ගමන් වැඩේ ගොඩ...

කිතුලා මිත්‍රයාට සුභ පතන්න නම් දැන් ටිකක් පරක්කු වැඩි උනත් එහෙම නොකර ඉන්න හති දෙන්නේ නෑ...

කිතුලාට සුභ පතමි... ඔබටද ජය පතමි!

Anonymous said...

kalekin enna bari una sandaru..kithulage thaththa neda pahunu dawasaka nathi una kiwwe.
kohoma unath kithulata suba pathannam upan dineta.
me sathiye indan lakbima paththareth ganna wenawane dan ithin..

සිඳු said...

හරිම ශෝක් මල්ලි......!!! අම්මලා වචනයක් තරහෙන් කිවුවත් තරහ වෙලා නොකා නොබී ඉන්න කොල්ලන්ට මෙන්න ආදර්ශ

Kasun said...

කියන්න වචන නෑ බං. එල කොල්ලෙක්. කොහොමහරි අන්තිමට ඌට අම්මව හම්බ වුනා නේ. කිතුලට උපන්දිනේට සුභ පතන්න පරක්කු වැඩියි නේ.:(

රෙප් මහත්තයා said...

දරුවන්ට දෙමාපියන්ගේ අගේ තේරෙන්නේ ඒ අය ගෙන ඇත් වෙලා ඉන්න කොට. මේ වගේ දරුවෝ තව කොච්චර නම් ඉන්නවද? කතාව නම් බොක්කටම වැදුනා සදරුවෝ.

Anonymous said...

yaluwo dennatama jayen jayama wewa!dawas 3k parakku unath suba upan dinayak kithula!

Sajith said...

Ela ela.... Uba Supiriyatama liyanawa SANDARUWO...
Mama dawas 5 idan post kiyawala adai comment karanne... Sorry wenna ona Singlish walin liyawata... sinhala unicode support karanne nathooooooo

Jaya wewa....

D-tec Creations said...

Hi Kithula...

Welcome to Galle........:)

චරිත්|charith said...

හ්ම්ම්...සංවේදී කතාවක්.... කිතුලට උපන්දිනේට සුභ පතන්නනම් බැරිඋනා...අවුලක් නෑ කිතුලට ජයවේවා! ජීවිතේ දිනන්න වාසනාව නොඅඩුව ලැබේවා...

ඩෝන්ට් වොරි සඳරුවො ෆේස්බුක්,ස්කයිප් තියෙන එකේ දෙන්නට ආගිය කතා චැටක් දාන්න බැරියැ... උඹ ගාලු සවාරියක් දාගත්තනම් එලනෙ... කතාව එල!

rawana said...

සුබ උපන් දිනක් කිතුලා මල්ලියේ .උඹට සුබ හෙට දවසක්

මාරයාගේ හෝරාව said...

නැගෙනහිර හිස් අහස යට...

ඇත්ත නැගෙනහිර අහස විතරයි හිස්...

නිර්මාල් said...

නියම කතාව. මේකත් බලන්න.
http://sithama.blogspot.com/

Suranimala Wanasinghe said...

Siyalu denatama Jayawewa

Siri said...

Kithulatath umbatath dennatama jaya pathanawa.

හසී said...

සතුටු විදියට අවසාන උන එක ලොකු දෙයක්... අම්මා කෙනෙක්ගේ ආදරේ එක්ක එයාට ජිවිතේ ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

Chandi said...

සංසාරික බැඳීමක්! මෙහෙම අය ජීවිතේට එකතු වෙන්නේ අපේ පෙර පිනකට. වාසනාව සතුට සම්පත පිරේවා! ඔබ දෙපලගේම ජීවිත වලට. කිතුලාට වාසනාවන්ත උපන් දිනයක් පතනවා. කාලෙකින් එන්න ලැබුනේ. පමාවට සමාව ඉල්ලනවා.

Osanda said...

ado mata aduna machan... ubala dennagema friendship eka sadakal thiyenna one...matath innawa oya wagema hoda yaluwek...

warna said...

කථාව වගෙම ඒක ලියලා තියන විදියත් හරිම සංවේදී සඳරු.

Boo La said...

සිරාවටම සංවේදියි මචන්.අපි මේවගේ කතා ටීවී එකේ පත්තරවල දකිනවා තමා.ඒත් මේක ඊට වඩා සැරට දැනුනා.

chanaka eranga said...

ජීවිතය කියන්නෙ මහ පුදිමාකර දෙයක්.....ලගින්ම ඉන්න කෙනෙක් ඈත් වෙනවා කියන් නෙ විස්තර කරන්න අමාරුම දෙයක්....උබට එ දැනුන දේ මටත් එ විදියටම දැනුනා....එ කියන්නේ උබේ උත්සාහය සාර්තකය්.....

සුවනි said...

"ඒ ගාල්ලේ අයගේ හැටි නේ බං . ඒ පැත්තේ උදවිය ඉන්නේ නිකම් කැත්තට පොල්ල වගේ නේ"

අපිත් ගාල්ලේ තමයි සඳරු. ඒත් අපි මෙහෙම නෑ.. ඇවිත් බලන්නකෝ වෙලාවක මේ පැත්තේ..

Post a Comment

Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ජය වේවා !!