කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත
පරණ කමිසයක් නිතරම ඇඳගත්ත
සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත
පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත
හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති
සල්ලිය යාන වාහන ගේ දොර නොමැති
පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති
චාටර් කන මටද ඔබගේ හිත කැමතී
ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී
දෙවරක් චක්කරේවත් මට කියනු බැරී
මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් බැරී
මා නොමැතිව ඇයි ඔබ හට ඉන්න බැරී
ගංජා සුරුට්ටුව මම එතුමට දනිමි
අත පය වනා හයිරං පෑමට දනිමි
බොන්නත්, නාන්නත් මම හොඳ හැටි දනිමි
ඔබ මට කැමති හේතුව නම් නොම දනිමි
කකියයි යටිපතුල් ගංජා ගැට හින්දා
කලු වී ඇත දෙතොල් මම දුම් බොන හින්දා
සැවොම බනින බේබද්දා මම හින්දා
නුඹත් දුක් විඳියි දවසක මම හින්දා
මා ගැන මතකෙ දින දින අමතක වීයන්
ඔය රත්තරන් මුහුණේ හසරැල් නැඟියන්
දිනෙන් දිනම නුඹ තව තව හැඩ වීයන්
සඳක් වගේ කොල්ලෙක් නුඹහට ලැබියන්
පරණ කමිසයක් නිතරම ඇඳගත්ත
සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත
පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත
හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති
සල්ලිය යාන වාහන ගේ දොර නොමැති
පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති
චාටර් කන මටද ඔබගේ හිත කැමතී
ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී
දෙවරක් චක්කරේවත් මට කියනු බැරී
මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් බැරී
මා නොමැතිව ඇයි ඔබ හට ඉන්න බැරී
ගංජා සුරුට්ටුව මම එතුමට දනිමි
අත පය වනා හයිරං පෑමට දනිමි
බොන්නත්, නාන්නත් මම හොඳ හැටි දනිමි
ඔබ මට කැමති හේතුව නම් නොම දනිමි
කකියයි යටිපතුල් ගංජා ගැට හින්දා
කලු වී ඇත දෙතොල් මම දුම් බොන හින්දා
සැවොම බනින බේබද්දා මම හින්දා
නුඹත් දුක් විඳියි දවසක මම හින්දා
මා ගැන මතකෙ දින දින අමතක වීයන්
ඔය රත්තරන් මුහුණේ හසරැල් නැඟියන්
දිනෙන් දිනම නුඹ තව තව හැඩ වීයන්
සඳක් වගේ කොල්ලෙක් නුඹහට ලැබියන්
කයියක්ම පමනයි !

106 comments:
අන්න ඒකට තමයි නියම ආදරේ කියන්නෙ....ඔයා හරි වාසනාවන්තයි අයියේ........:)
බොරුවක් මුලාවක් කිසිවිට නුඹගෙ නැතී
සැමවිට සිනාවක් මුවගේ රැඳී ඇතී
නුඹ පුදනා ආලේ මහ මෙරක් වැනී
ඒ ඇති හොඳටම දිවියම සුවෙන් නිතී
තමන්ගෙ කෙල්ල ගැන එච්චර හිතන එකෙක් සාටර් පෙම්වතෙක් වෙන්නෙ කොහොමද අයියා....?
සල්ලියට නම්බුවට ආදරේ නොම කරන
උඹ ගැන සිතා උඹටම ආදරේ පුදන
ලක් කාරයා උඹ ඈවම මුණ ගැසුන
මම තවමත් සොයන නැත තාමත් මුණගැසුන! :D
අනේ මන්ද ලොක්ක ඕව නම් :) කවි ටික සුපිරි...
බොහොම අගෙයි සඳරු,අනෙකාගේ යහපත පිණිස අත්හැරීමත් ප්‍රේමයම තමා.දෙපා පණනැති වුන මා මගේ පෙම්වතියට නික්ම යන්න ඉඩ දුන් ආකාරය සිහිවෙනවා.
ගංජ සුරුට්ටුව එතුමට පුළුවන්නම්
ආයේ මොන අඩුපාඩුද කියපන් බන්
වෙන මොන ශිල්ප නොදැනම හිටියත් නෑ කම්
ඕකම ඔතලා යුග ජීවිත සරි කරගන්...
කවි ලියන්න බැරිය කී එකා මේ ලියන්නේ එලට කවි.. පෙමට ලියු කවි වෙන්නැති..
කනට ගැහුවා වගේ.. පට්ටම පට්ටයි.. මෙච්චර හිතන කොල්ලො ඉන්නවා එහෙනම් චාටර් සෙට් එකෙත් එහෙනම්?
කෙල්ලයි කොල්ලයි දෙන්නම හොදයිනෙ.ආදරේ ඇති සැටියෙන්ම තියෙනවා.
උඹ කමිසෙයි සෙරෙප්පු දෙකයි විතරද ඇඳගෙන ඉන්නෙ. එතකොට යටට මොකවත් නැද්ද.
නියම කවි සෙට් එක සඳරුවො.
නියම කවි ටික මචෝ. පෙම්වතා සාටර් උනත් ආදරේ අවංකයිනෙ. ශේප් එකේ මල් බිස්නස් එක කොරගත්තනං ගොඩ. හැබැයි පොඩ්ඩක් පරිස්සමෙන්.
ඒළකිරි කවි ටික...
//ගංජා සුරුට්ටුව මම එතුමට දනිමි
අත පය වනා හයිරං පෑමට දනිමි
බොන්නත්, නාන්නත් මම හොඳ හැටි දනිමි
ඔබ මට කැමති හේතුව නම් නොම දනිමි//
මේ ටික කිව්වටනම් කටේ මසුරන් දාන්න වටිනවා අයියේ අම්මපා ඇත්ත....ගහන්න වගේම ගුටිකන්නත් දනිමි කියලා දැම්මනම් පට්ට හි හි
ලව් එක ඉස්තරම් හැබැයි කොල්ලගේ වැඩ ටිකයි චාටර්...
හොඳහැටි බොන්නත් පුළුවන්
බීලා නාන්නත් පුළුවන්
බීලා නොවැටි දඬු මොණරෙන්
ඔබ වෙත එන්නම්
හොඳට ගහන්නත් පුළුවන්
කාගෙන ඉන්නත් පුළුවන්
ඒ ගැන මගේ බ්ලොග් අඩවියේ
අකුරු කරන්නම්
ඕං පොඩි මඩක් ගැහුවා එහෙනම්....පායන කාලේ වැහි වැටෙනකන් බලන් ඉන්නවා වගේ දැන් ඔයාගේ පෝස්ට් එකක් එනකන් බලන් ඉන්න එකත්...දාන එක හැබැයි දෙනවා උතුරන්න...එලකිරි
මොකටද කරගන්නේ චාටර් වැඩ හැමදාම
හැදෙන්න බැරිද ඇය ඔබේ හින්දාම
ඇය ළග ඉන්න දින තව තව වැඩිවූවාම
නොතියෙයි උඹේ බේබදු ගති හැමදාම
මට කවි නම් බෑ ..... කියන දේ උඹට තේරුනොත් ඇති ... ;)
සැබෑ ආදරේ කියන්නෙ ඉතින් පරිතයාගයනෙ..නේද? මලයො...
පාරක සිගා කෑවත් ඔබ හින්දා
හිතට සැපක් මේ පිවිතුරු පෙම හින්දා
නොබෝනා සෝබන කොල්ලන්ටත් වැඩියා
ඔබගේ මේ මහා මෙර ප්‍රේමය මට ඇතිවා
සෝබන කාරයොන්ට වඩා අවංකකමම ඇති සඳරු අයියෙ.....මොකෑ මේ කයියක්ම පමණයි කිව්වෙ.
මරු කවි සැට් එක
සාටර් වුවත් කමි නැත ඔබෙ හිත හොදය
නාගන්නේ නැතිව බොනඑක අගනේය
අත මිට සරු නැතත් ඇගෙ හිත ඔබටමය
සදක් තව මොටද ඔබ ඇයගේ සදය
හෙහ්..හෙහ්...නියමයි
කියන්ඩ දේවල් නං හිතට එනව...ඒ වුනාට කයි පද බඳින්ඩ බැරි හින්ද ඔන්නොහෙ නිකා ඉන්නව
ඔයා යන්න කිව්වට
"මටම දුකයි දාලා යන්න මගේ පෙම්වතා"
"ගංජා ගැට" කියන්නෙ මොනාටද?
හැමදාම වගේ සුපිරි කවි ටික සදරු මලේ...
ඇත්තට මෙච්චර ආදරය කරද්දී කෙල්ලට සාටර් පෙම්වතෙක් කියන බැනේ අප්පා...
මරු කයි පද ටික මචන්...
අභියා කිව්ව එකත් හරි... හික් හික්
හිතහොඳ පිස්සා : එහෙම කියල තියෙන්නේ කයියක් විතරක් නිසානේ බොල... සඳරුවා මෙහෙම කියල හිතන්න එපා බොලන්.
බොරු සෝබන නැති හින්දම වෙන්න ඇති..ඒ කෙල්ලට ඔච්චර වටින්නෙ බොලාව..අදහසක්ම විතරයි ඒකත්...
පිළිතුරු කවිය මයෙන් හෙම නොවෙයි ඕං
සඳරුගෙ කෙල්ලගෙන් ...
පරණ කමීසය සෝදා මැද දෙන්න
කොණ්ඩය කපා තෙල් ගාලා පීරන්න
හිත හොඳ නුඹේ දිවි අරුතින් පුරවන්න
පාවෙන හිතත් අරගෙන මෙහි නවතින්න
පොෂ් ඇදුමින් නිතරම ඇග පත වැසුනු
සන්ග්ලාසයෙන් ඇස් දෙක නිරතුරු වැසුනු
ඔපදැමු සපත්තුවෙ දිස්නෙට ගිනිකන වැටුනු
කෙල්ලක් නෙමෙයි මම නුඹ ගැනයි සිත වැටුනු
හන්දියෙ ගැන්සියේ නිතරම හිටියාට
නැත කැත කතා කෙල්ලන් වෙත නුඹගාව
බේබදුකමත් තිබුනට ඔය සිත ගාව
නවති නොවෙ ද රස මධු පැණි බොන දාක
ඉංගිරිසියෙන් දොඩවන අය ළඟත් ඇති
සිංහල දොඩන නුඹ ළඟ අඩුවෙන්ම ඇති
වංක බොරු කතා මායම් වලට නැති
නුඹහට මා කැමැති නුඹෙ ගුණ නුඹ දන්නෙ නැති
අම්මා තාත්තා අකැමැති වෙන හන්දා
නුඹ බේබදුලු ගංජා මල් බොන හන්දා
කවුරුත් කියයි අතහැරපන් බේබද්දා
පිස්සු ලු මටත් නුඹටම සිත බැදි හන්දා
මෙන්න මගෙන් ඒ ගැහැණු ළමයට....
පස්සෙ කාලෙක හදා ගන්නව කියල හිතාන මේ වගේ කෙනෙක් කසාඳ බදින්න නම් එපා....
කකියන කකුලේ ගංජා ගැට මැකීයන්!
කලුවුණු දෙතොල දම්පාටින් දිලීයන් !
බේබදු කම උඹේ සදහට අත් හැරීයන්!
රන්වන් පෙම්වතී උඹටම ලැබීයන් !
ඔන්න මම උඹට සෙත් කයියක් කිවුවා......
අනේ මංද????? සිතේ දුකට ලියවෙන කවි වලට Comment දැමිම දැලි පිහියෙන් කිරි කන්නා වැනිය....
මුල් කවියෙ මුල් පද තුන මීට මාස හතරකට කලින් තිබුන මගෙ ඇපියරන්ස් එක කෙලින්ම කියල දාල තියේ...
ඒත් ඒකෙම හතවෙනි පදයෙ අර්ථයත් එක්ක නම් ප්‍රායෝගික වෙලා නෑ මම...සෑහෙන කාලෙකට වෙන පාටකුත් නෑ....
කොහොම වුනත් මේ පෙම්වතා සාටර් පෙම්වතෙක් නම් නෙමෙයි..... ඒකපාර්ශවීය ආදරේ ගොඩක් උතුම්..... මේ තරම් කැපකිරීමක් කරන්න පුලුවන් කෙනෙක් සාටර් කෙනෙක් වෙන්ට බෑ....
ලස්සන කවි ටික....
lassanai.
කෙල්ල ගැන ඔහෙම හිතනවනමි ැාදරේ කොහොමට ඇතිද?
ලස්සන කවි ටික
කොටියම කාපිය කවි දාල ඇග බේර ගන්නවට. තාත්වික කතාවක් බලන්න තියන 1 ම තැනත් නැති කරනවට.
"..නියම කවි ටික සඳරු මලයා ... ආදරයට හේතුවක් නෑ මචෝ , එහෙම හේතු හොය හොය ආදරේ කරනවනම් උඹටවත් මටවත් කවදාවත්ම කෙල්ලෙක් සැට් වෙන්නේ නෑ..ඒක නම් මම දන්නවා සහසුද්දෙන්ම..පවුඩර් දාන සෝබන කොල්ලොන්ට වඩා උඹල අපි වගේ පොළොවේ පය ගහල ඉන්න,අම්බානක චාටර් කාපු කොල්ලොන්ට තමා චූටි නඟාලා කැමති බොල...ඒක නෙමේ සහෝ ; පැමිණිල්ලක් තියේ කොරන්ට...උඹ පෝස්ට් එකක් දැම්මාම එදාම හවස 8 වෙනකං කොමෙන්ට් කොරන ඒවට තමා උඹ රිප්ලයි දාන්නේ...දවසක් පහු වුනු ඒවට මලාට රිප්ලයි නෑ...එහෙම කරන්න එපා සහෝ...උඹට තියෙන ෆිට් එකටනේ හැමදාම රිප්ලයි දාන්නේ... ඒක නිසා පෝස්ට් එකට දාන හැම කොමෙන්ටුවකටම රිප්ල්යි කරපං සහෝ මීට පස්සේ...ලියපං දිගටම සහෝ...උඹට බුදු සරණයි......"
හිත ගිය තැන මාලිගාවලුනේ. කෙල්ලට කොල්ලා කසිප්පු කාරයෙක් වුනත්, කොල්ලට කෙල්ල හෙරක් වුනත් හිත වැටුනානම් ගලවනවා බොරු මේ කපේට,
සදරු අයියා දැන් කවියෙක් වෙලා.. කවි ලියනවා අගේට.. ආයෙත් කියන්න දෙයක් නැතිවෙන්න අපිව පිස්සු ව්ඇටෙන්නම..:D
ආදරේ තියෙනවානම්,අනිත් දේවල් නිකන්ම වෙන්ස් කරගෙන ,ඇති කරගෙන ජීවිතේ අලුත් කරගන්න ලස්සන කරගන්න පුළුවන්.. අව්ංක හොද ආදරේකට හුඟාක් ලස්සන දේවල් ජීවිතේට එකතු කරන්න පුළුවන්..:D
කයිය කියන කෙනා සාටර් පෙම්වතෙක්නම් නෙවෙයි ව්අගේ..
හරිම සංවෙදී අෆ්ෆා
ජය වේවා !!
ලස්සන කවි පෙල
අඩේ දැං කකුලෙ ගැටත් ඇවිල්ලද ???
hari lassanai
කතා විතරක් නෙවේ කවි කාරයෙකුත් වෙලා නොවැ.. ජය ශ්‍රී කිව්වා.. !
නුඹ ගැන තියෙන අවතක්සෙරුවටත් වැඩියෙන්
ඒකි ආදරෙයි උඹ හට වැඩි වැඩියෙන්
අතිනත අරන් කූඩුවෙ එකවන දිනයෙන්
ඇත් වියන් ඔය හැම ජහජරා වැඩෙන්
ඔය කාරණා කොහොම උනත් උඹ හොද එකා කියලා කෙල්ල දන්නවනේ.. ඒකයි උඹට ඔච්චරම කැමති..
@අග්නි ධාරා = බොහොම ස්තූතියි සහෝදරී ඒවගේමයි ලස්සන පිළිතුරු කයියක් .
.............................................................................................................................
@බට්ටා= ඒකත් හැබෑව තමා බට්ටෝ ! ඒක නෙවේ ඇයි බං බට්ටා කියලා නමක් දාගෙන මට එතකොට මතක් වෙන්නේ අර කකුල් කැඩෙන්න බිම වලලන බට්ටෝ
.............................................................................................................................
@පූසා= උඹටත් හනිකට සෝයි පූසියෙක් සෙට් වෙන්ඩ කියලා මම බොක්කෙන් සහ හිතෙන් උඹට සුබ පතනවා . උඹත් බීලා බලහංකෝ සමහරවිට උඹටත්...
.............................................................................................................................
@සාතන්= තෑන්කුයි මචෝ .. ඕවුවා නම් මොනා ?
.............................................................................................................................
@Anonymous = ඔබගේ කමෙන්ටුව ඇත්තක්මයි කියලා මම හිතනවා . ඔහේ හිතට ආපු පලියට මේ කවිය ලීවාට මම මේතරම් හොඳ එකෙක් නොවෙයි .ඒත් ඔබගැන මට පුදුමෙනුත් පුදුමයි .ඒ වගේම ඔබ වැන්නෙක් මෙතන කමෙන්ට් කිරිම ගැන මට හරිම සතුටුයි
.............................................................................................................................
@අභීත= නීතියේ දෑස් මල් දුමින් රක්ත වෙන නිසා කෝමද අයියේ මම හැමදාමත් මල් ඔතන්නේ ?
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය= මේ වගේ පද කෑලි අමුනන එක මොන කවි බැඳීමක්දැ අයියන්ඩි
.............................................................................................................................
@ක්සැන්ඩර්= එහෙම එවුනුත් ඔය ලාහෙට ගෙම්බෝ ඇහිඳින්නා වාගේ අල්ලාගත හැකිය
.............................................................................................................................
@නිසූපා= ආදරේ නම් ගමකට තියේ ඒත් ඒ වගේම උන් දෙන්නට ලෝකයක් විතර ප්‍රශ්නත් තියේ
.............................................................................................................................
@Praසන්ன= ඕං බලාපල්ලා ඉතින් අනිත් වුන් නොබලාපු කෝණයකින් මූ බලාපු රඟේ
.............................................................................................................................
@කිරිපුතා = ආදරේ සහ මල් කියන්නේ නියමෙට කැපෙන ජාති දෙකක් නිසා ආයේ ගැටළුවක් වෙන එකක් නෑ නේද
.............................................................................................................................
@ඉන්ද්‍රජිත්= ස්තුතියි මිත්‍රයා !!
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = ස්තූතියි පිලිතුරු කයියක් දුන්නට ගති ඈ . මේ දවස් වල වැඩිය ලියන්ඩ අමාරුයි බොලේ නහුතෙට වැඩ ඒකයි
.............................................................................................................................
@Harshana = ඔය ලියලා තියෙන්නේ ජයටම . ඉතින් ඔයිට එහා තවත් මක්කෙයි ?
.............................................................................................................................
@geeth = සහතික ඇත්ත .
.............................................................................................................................
@Dush = වාවු ! පට්ට ලස්සන මෙවුව කවියක් සහෝදරී . සිරාවටම ගති
@හිත හොඳ පිස්සා= ඒක මචං හිතේ ඇඳුන විකාර රූපි කවි කීපයක් පමනි
.............................................................................................................................
@Beta bawa= ස්තූතියි
.............................................................................................................................
@manu fonseka = හැබෑවටම මම නේන්නම් සඳ ! ස්තූතියි පිළිතුරු කයියට
.............................................................................................................................
@Observer = ඔබා මාමගේ හිතට මොනා හරි ආවා නම් ඒක එලියට නොදාම ඉඩ අප්පා ! මට බයේ බෑ මේකා මොන කතාවක් කියාවිද කියලා
.............................................................................................................................
@බට්ටි= මේ බට්ටි අර උඩ කමෙන්ට් කරලා තියන බට්ටා ඔයාගේ යාළුවෙක්ද ?.
.............................................................................................................................
@පරිකල්පන= ගංජා ග සාටර් බුවාලෑ යටි පතුල් වල නැගෙන ගෙඩි විසේසයක් ඒවා ආවාම කෂ්ටිය ඇවිදින්නේ නීල් ආම්ස්ට්‍රෝන් හඳේ ඇවිද්දා වාගේ උඩ පැන පැන
............................................................................................................................
@හිරු = එහෙනම් කොච්චර දෙයක්ද ? බොහොම ස්තූතියි ආවට
............................................................................................................................
@පිස්සා පලා මල්ල = ස්තූතියි බොස් . ඉතින් ගොඩ කාලෙකින් .
............................................................................................................................
@Weni =අපෝ නෑ මම හිතන්නේ මම නිකං හැන්ඩියා වගේ හින්දා වෙන්න ඇති ඒකි මට මේතරම් කැමති .
............................................................................................................................
@සොඳුරු සිත =මගේ කවි ටික බල්ලට දාපියවු මේකනේ කවිය . සෙහ් මාර කොලිටි වත් අක්කේ දැන් ඔයාට බස බස ගාලා කවි ලියැවෙනවා ඇති නේද ? මට නෑ බං ඒ ටැලන්ට් එක . මම හිතුවේ ඔයා මා එක්ක අමනාපයෙන්වත් පසු වෙනා ඇතැයි කියලා
............................................................................................................................
@bindu = ස්තුතියි සහෝදරයෝ . මේ වගේ එකෙක්ට සෙත් කයියක් කීවට දැන් ඉතින් මට සෙතක්ම වේවි .
............................................................................................................................
@Sajith Lab= අනේ මස්සිනේ දුකට නෙවේ මේක මේ ආතල් එකටයි ලීවේ හිතුනා ලීවා එපමනි
............................................................................................................................
@පවනි = ඔයත් මේ වගේ කෙනෙක් වෙලා උන්නාද? මම දැනං උන්නේ නෑ නෙව . මෙහෙම බුවාල හැබෑවටම ඉන්නවාද කියලා මමවත් දන්නේ නෑ මචෝ
............................................................................................................................
@Anonymous = තෑන්ස්ක් ඇනෝ
............................................................................................................................
@සොඳුරු මිනිසා = ආදරේ හිස් අහසට වඩා ලොකුයිලු
............................................................................................................................
@Anonymous = සමා වෙයං මචෝ හනිකට කතාවක් දෙන්නම් .
@දිනේශ් තරංග = අනේ සමාවෙයං කොල්ලෝ මේකයි මට වැඩ ගොඩ වෙලා කෙල්ලට කෝල් නොකරොත් නාහෙං අඬනවා අපේ ගේ හදන්න උදවු නොදුන්නම අම්ම බයිනවා . වැඩට නොගියොත් බඩගින්නේ ඉන්න වෙනවා . රීප්ලයි නොදුන්නොත් උඹලා මට බයිනවා . සමාවෙයං මචෝ ඊලඟ වතාවේ ඉඳන් දෙන්නම් ඊප්ලයි . ඉතින් මට ඊ පනිවිඩ දාපල්ලා මම ඒවට බුසු ගාලා ප්‍රති උත්තර දෙනවා .
............................................................................................................................
@පැතුම් = ආයෙත් අහලා මහ බබා මැවුව කෙනාට පිටින් යන්න බෑ
............................................................................................................................
@හිතුවක්කාරි = අනේ ඔය හිතෙන දේ අකුරු කොලාට මං කවියෙක් වෙනවාද කෙල්ලේ
............................................................................................................................
@අහිංසකි = ස්තුතියි අහිංසකී
............................................................................................................................
@ඊමේල් කවි කාරි = තෑන්ක්ස් අක්කන්ඩි ..
............................................................................................................................
@ඕනෙයා = පස්සේ ඒ ගැන උඹට කියන්නම්
............................................................................................................................
@Anonymous = තෑන්ස්ක් ඇනෝ
............................................................................................................................
@සෑම් = අනේ ඉතින් පදයක් දෙකක් ගැලපුවා උඹලත් කැමතියි නම් ඉතින් මටත් සතුටු නොවැ
............................................................................................................................
@Ruka = තෑන්ක්ස් මචෝ පිලිතුරු කවියක් ලියන්ඩම වෙලාව වෙන් කලාට ..මරු
............................................................................................................................
@දිනේශ් = ඔයි කීවට දවසක මට පොල් පිත්තකින් නෙලලා ඒකි යන්ඩ යාවිද මන්දා ?
මම ලියන්න උන්න එක සොසී ලියලා නේ. මරු ඈ.. ආයේ කතා දෙකක් නෑ...
අන්තිම පදේ " සඳරු වගේ කොල්ලෙක් නුඹහට ලැබියන් " ලෙස වෙනස් විය යුතුය.
ela
පුලුවන් නිසා බොන්නට වගේ නාන්නටත්
ගඳ නැති නිසා පුළුවන් ඇති ඉඹින්නටත්
තව තව හේතු ඇති උඹ නොකියා සිටියත්
ගන්නයි තියෙන්නේ දෙදෙනා හට අතිනත්
අහින්සක.
කවි ටික වෙනදා වගේම ඉස්තරම්.හරියට නිකං ගැහෙන බාපු රා කට්ටක් වගේ..
කාලෙකින් සදරූ කයියක්! එල එල! මේක තමයි ඇත්ත බං දැන්!
කතා ලිවීම වගේම තමා සඳරු ගෙ කවි ලිවීමේ හැකියාවත්! උපරිමයි!
මේකට දාමු ගංජා කයිය කියලා ....
"සඳක් වගේ කොල්ලෙක් නුඹ හට ලැබීයන්.."
අහිංසක ප්‍රාර්ථනාවක් !!!
කොමෙන්ට එක නමි සැහෙන්න පරක්කු වෙලා කමක් නෑනේ
මේක කියෙව්වේ මම ක්ලාස් එකෙදි
කවියකින්ම කොමෙන්ටි එක දාන්න හිතාගෙන ඉන්න කොට පිටිපස්සේ හිටපු එකා කියපු එක ඇහිලා හිතපූ පද ටිකත් අමතක උනා
අඩෝ මචෝ දවසක කෙල්ලත් එක්කම බොන්න ඕනි බන්
තාම ගැට ආවෙ කකුලෙ විතරයිද උඹෙ ඈ ?
අම්මප ඇයි බං මේ වගේ නසරාණියෙකුට කෙල්ල කැමති [අදහසක් විතරයි කියාපු හන්ද ඇහුවෙ ?]
ම්ම්ම්....මාර ලස්සනයි...
සඳලුතලෙන් බැස මම පහලට එන්නම්
සෙරෙපු කුට්ටමක් දෙපයේ ලා ගන්නම්
ගංජා ඔතන්නත් පොඩි සහයක් දෙන්නම්
බොන්නට අඩු වැඩිය ළඟටම සපයන්නම්
මට බැරි උනත් මම බත් උයලා දෙන්නම්
කුටි කා එද්දි තෙල් බේතුත් ගල්වන්නම්
කබරය දාද්දී ඒවත් පිසදන්නම්
චාටර් වෙද්දි මං නුඹ බේරාගන්නම්
කලු තොල් වලටනම් බෑ මට උම්මා දෙන්න
බිව්වම ගදයි ගදනම් බෑ ඉවසන්න
මගේ ආදරෙන් ඇයි බැරි මිනිහෙක් වෙන්න
මම කැපවෙද්දි වෙයි උඹටත් කැපවෙන්න
අනේ ඉතිං ඔය කවිය දැකපු පෙම්වතිය මෙන්න මෙහෙම කියනව...
සිටියත් ඔහොම දුප්පත් කොල්ලකු විලස
ලැබුනත් රටෙන් නව නිග්‍රහ රුදුරු ලෙස
බිව්වත් සදා රහ මෙර සහ විවිධ වස
දැනෙනව මට සැමදා ඔබෙ පෙම් පහස
නුඹේ දුකත් මගෙ හදවත තුල රන්දා
සැමදා ඔබට මගෙ ආලය මම බැන්දා
මේවා ඔබට අමතක වෙන් නැති හන්දා
එන්නම් අයිය යනවානම් මා කැන්දා
අද පෝස්ට් එක දැක්කෙ බොස්.. :D
අඩේ සඳරු පට්ට සුස්තියෙක් වගේ නේ.. හික් හික්.. කවිය නම් එල! ඈ..
ආදරයේ විවිධ ස්වරූප තියනවා..මේක වෙන්න ඇති නියම ස්වරූපය..හැබැයි අද කාලේ උන්දලට මේ තරම් පරාර්ථකාමී කැපකිරීමක් කරන්න තරම් මානසිකත්වයක් තියෙයි කියලා නම් මං හිතන්නේ නෑ (බහුතරයකට)
ගංජා ගැට ආවත් තොල් කළු උනත් ආදරේ ආදරේමයි සහෝ.....
ඔහොම ලව් කරන කෙල්ලව බැඳලම බලපංකෝ......
කවියක්ම පමණයි නම් හොඳයි
ආලය අන්ධ බව ඔබ නැතුවද අහලා
කිව්වේ පරණ පඬිවරු කටවල් කහලා
කාලය ගෙවෙන කොට හොඳ හැටි ඇස පෙනිලා
ලියපන් කවි, කෙල්ල පැන ගිය බව කියලා
@ සබිත්
අද කාලේ කෙල්ලෝ මැටියෙන් හදල නැති හන්ද. උන් පොත් පත් කියවන්න අකුරු සාස්තරේ දන්නා හන්ද . ඒත් කලාතුරකින් ඔය වගේ මැටි කරත්ත නැති වෙන්න බැහැ මලේ .
හ්ම්ම් මොනා කරන්නද :(
කවි ටිකනම් සුපුරි සහෝ
අවංක ආදරය හා පරිත්‍යාගය... බර වැඩිද මන්ද වචන... හි හි... පංකාදු කවි ටික...එල එල...
සුපිරි කවිය හොදේ......
http://magedinasatahan.blogspot.com
මටත් help එකක්
අදුනිකයෙක් තාම
ඇත්ත නැත්ත කෙසේ වුණත් අයියට හදවතින් ම සුබ පැතුම්!!! =)
ela....
polwattacom
http://www.sahithya.lk/archives/907
මල්ලි මගෙ උණුසුම් සුබ පැතුම් . ..ලින්ක් එකෙන් ගිහින් බලන්න
සිටිත් සිටිත්...
මෙවන් බුවාලා සිටිත්...
මටද හමු වී ඇත්...
ඔවුන් ගතින් මුදලින් දුප්පත් ය.. එහෙත් සිතින් බිල් ගේට්ස්ටත් වඩා පොහොසත්ය..
ගැටලුව ඇත්තේ එවන් පොහොසතුන් තේරුම් ගන්න තැනක් දෙන්නා වූ අගය වටහා ගන්නා වූ වටහා ගත්තත් තැනක් නොදීමට තරම් ආත්මාර්ථකාමී වූ වත්මන් සමාජය තුළ ඔවුන්ට ඇති නොසැළකිල්ල හා පහත්කොට සැළකීම ය...
අනේ මලයා මේ දවස් වල බ්ලොග් කියවිල්ල සැහෙන්ට මග ඇරෙනවා අප්පා... මොනවා වුනත් පරක්කු වෙලා හරි කියවනවා මලයාගේ හැම අකුරක්ම..
සුපිරි කවි ටික.. කවි ලියන්ට බෑ කිව්වට ඔය ලියවෙන්නේ හරි අපූරුවට...
// අකීකරු හිත//
sandaru..dan nam oyage kathandara tiken tika pallam bahagena yanawa wagey.
ඔයාගේ බ්ලොග් එක කියවන්න ගත්තේ FB එකෙන් "ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව" දැකලා. ඊට පස්සේ තිබුන පරණ posts හොයා හොයා කියෙව්වා. ඔක්කොම ලස්සනයි. කියවන්න පටන් ගත්තම නවත්තන්න හිතෙන්නේ නෑ ඉවර වෙනකම්.
ඒවා කියවලා, මගේම බ්ලොග් එකක් පටන් ගන්න මටත් ආසාවක් ඇති වුනා. මේක මේ ආසාවට කරපු දෙයක් විතරයි. තාම මුල්ම පොස්ට් එක විතරයි තියෙන්නේ. මේ දවස්වල ගොඩක් busy නිසා අලුත් දෙයක් ලියන්න, හිතන්නවත් වෙලාවක් නෑ. පුළුවන්කමක් තියෙනවනම් මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න.
http://chootinona.blogspot.com
සුබ පැතුම් මචං
පට්ට සතුටුයි.......
උණුසුම් සුබ පැතුම් මචං........!!!
සුභ පැතුම් !!!!!සුභ පැතුම් !!!!!!!!සුභ පැතුම් !!!!!!!!(මගේ ජීවිතයේ ජය කෙසේ වෙතත් පරාජය නම් මට නොඅඩුව ලැබෙනවා ) WHO SAID????
මේකයි සදරු අය්යේ.. ඔයාගේ කෙල්ල හරි ලක්කාරි ඔයා වගේ පිස්සු මරගාතයක් ලබාගන්න.ඒ වුණත් ඔයා වගේ බේබද්දෙක් එක්ක ඒකි යාළු වුණාට වෙනම තෑග්ගක් දෙන්නෝනෙ.මොකද මං වගේ නං කවදාවත් බේබද්දෙක් එක්ක යන්නෙ නෑ.
ඔයාගෙ ඔය බේබදුකම ඇරුණාම අනිත් ගතිගුණ ටික නම් මරු.කඩ්ඩට වදින්නැති එවුන් මේ කාලෙ දකින්න ලැබෙන එකත් සන්තෝසයක්.
කවදාවත් ඔය කෙල්ලගෙ හිත වෙනස් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව.
විශිශ්ට ජයට සුභ පැතුම්...
බ්ලොග් ලොව සුපිරි වැඩ කරු ඔබ බව දනිමි
ජය ගැන මෙන්ම ඉදිරියටත් සුභ පතමි
ජයග්‍රහණයට සුභ පැතුම් සඳරු මලේ.....!!!!
දිගටම ලියන්න. ඔයගෙ පොස්ට් කියවන්න ගොඩ දෙනෙක් බලන් ඉන්නවා නෙවැ. තව තවත් මේ විදියට ලස්සනට ලියන්න හැකියාව ලබේවා කියලා ප්‍රර්තනා කරනවා.
ජය වේවා මලේ.!!!!
ලැබූ ජය වෙනුවෙන් මගේ සතුට සහ සුබ පැතුම් . ඔබේ අහිංසක නිරහංකාර ජීවිතය ලියවෙන මේ බ්ලොග් එකට අපි හැමදාම ආදරෙයි . මුකුත් නැහැයි කිව්වට මේ හැකියාව තමයි ඔයාගේ ධනය . බ්ලොග් කලාව වගේම ජිවිතේ ඉදිරි ගමනත් සමබරව ගෙනියන්න ශක්තිය ලැබේවා !!
සුභ පැතුම් සඳරු !!!
සඳරු උඹට සුභ පතලා වැඩක් නෑ බං... මොකද මෙතන මෙහෙම කොටම සුභ පැතුමත් කියන්නේ නිකම්ම වචන ගොඩක් විතරක් නිසා... අනෙක උඹ මේ වචන ගොඩට ඔඵව උදුම්මා ගන්න එකේක නොවෙන නිසා. ‘ගොඩේ‘ කියා සම්මත තැනකින් සයිබරයට පැමිණ සයිබරයම ජයගත් උඹේ උත්සාහයට මගේ ආචාරය !!! ජයවේවා කොල්ලෝ... මැරෙන කල් ලියපන් !!!
සුභ පැතුම් සඳරු අයියේ ලැබූ ජයග්‍රහණයට
උනුසුම් සුබ පැතුම් සඳරූ :D
Congratz ලොක්කා.. කොහොම හරි හොඳම එක උනා නේද?
හ්ම්ම් කොල්ල කෙල්ලට ඔච්චරම ආදරෙයි නම්,එයාගේ සතුට බලාපොරොත්තු වෙනවා නම්,එයාගේ සතුට තමන්ගේ ආදරේ කියල දන්නවා නම් ඉතින් මේ සාටර් වැඩ ටික අත හැරියොත් හොදයි වගේ නේද..
කවිය නම් මල් හතයි..
Congrates his ahasa............
මලයා උඹේ ජයග්‍රහණය ගැන අවංකවම සතුටුයි. මගේ සුබපැතුම්!
අවංකවම සතුටුයි මල්ලි උඹේ ජයග්‍රහණය ගැන .......
ඔන්න මගෙනුත් උණු උණු නොවුනු සුබ පැතුම් මල්ලිගේ ජයග්‍රහණයට.. කවි ටික නියමයි..
සුභ පැතුම් මල්ලි....
මේක මහ විකාර කවියක් කියල හිතෙන එක නවත්තගන්න පුලුවන් එකම විදියක් මම හොයාගත්ත.. ඒ තමයි ඔය කියන සාටර් පෙම්වත්තු ගැන මම හිතන් ඉදපු විදිය වැරදියි කියල තේරුම් ගන්න එක. උන්ගෙත් ගංජ දුමෙන් පිරුණු පෙනහලු වලට යටින් හදවතක් තියනව කියන එක මතක් කරගන්න එක...
උඹේ ලිවීම තුලින් ගොඩක් උඹේ ජීවිතයේ පරාජයන් උලුප්පා පෙන්නුවත් හැමදාම අපිට නම් උඹ ජීවිතය අත්දැකීමෙන් පුරවාගත් සැබෑම ජයග්‍රාහකයෙක්......!
උඹේ අති දක්ශ ලිවීමේ හැකියාවට මේ ලැබුණු සම්මාන සංග්‍රහ සදා ආභරණයක්ම වේවා....!
හදවතින්ම සුභ පැතුම් සඳරු මල්ලියේ....!
හික් හික් හික්..... :D
මගේ උණුසුම් සුබපැතුම් කොල්ලෝ ! චන්දයක් තිබ්බනම් එත් දිනන්නේ උඹම තමයි..
:) post එක නම් ලස්සනයි අයියා.. ඉතින් ඒ අදාල 'පෙම්වතාට' තියෙන්නෙ තමන් කරන 'චාටර්' වැඩ ටික නවත්තන්න නෙ.. කෙල්ලට එච්චර ආදරේ නම්, එයා දාල යනවට වඩා වටින්නෙ ඒකනේ.. :)
අන්න හරි සිතූ..මාත් ඔයා කියන දේ පිළිගන්නවා.
මගේ සුභ පැතුම් කොල්ලෝ.. උඹට මේ ක හම්බ නූන නම් තමා මට පුදුමේ....
ඔබේ ජයග්‍රහණයට උණුසුම් සුබපැතුම් සඳරූ
henryblogwalker the Dude
සුබ පැතූ හැමෝටම ගොඩක් ස්තූතියි !! මේ දවස් වල පරිගණකේ අවුලක් නිසා කට්ටියට ස්තූතියි කියන්නවත් මට සෑහෙන පමා වුණා ..
ස්තුතියි කියලා විතරක් මදි ...... සඳරුවෝ පොස්ට් එකකුත් දාපං ඉක්මනටම
මමත් ආවා ඔන්න
සදරු අයියගේ post එකක් කියවන්න විදින දුක.. විභාග අස්සෙත් තාත්තාගෙන් බැනුම් අහ අහ එනවා අද දාල ඇති අද දාල ඇති කියල... කෝ නැනේ..................
කියල වැඩක් නැ අයියා...සුපිරි.....
නියමයි! උභ සාටර් පෙම්වතෙක් නෙවි !
අහ් සොරි.. කයියක් පමනිලුනේ... :) හිකිස්
Post a Comment
Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..
ජය වේවා !!