16.5.16

අම්මට හුඩු ඩේ ජා වූ



එකම දේ දෙපාරක් වෙන්නෑ . ඒක ලෝක සුබාවේ . ඒත් ජීවිතේදී අපි අත්දකින සමහර පුංචි පුංචි සිදුවීම් .. මීට කලින් දැකලා තියෙනවා නේද කියලා පටස් ගාලා ඔලුවට එන අමුතුම හැඟීමක් අපි ඉඳලා හිටලා විඳිනවා.. තත්පර ගානකින් ඇතිවෙලා තත්පර ගානකින් චුත වෙලා යන මේ අරුම පුදුම මානසික කෙලිය නිසා මොහොතකට අපි පුදුම වෙනවා .. ඊළඟ මොහොතෙ ඒක අමතක කරලා දානවා ..

අන්න ඒ මානසික පෙරළියට සුද්දා දීපු නම තමයි ඩේ ජා වූ . .

පුංචිම කාලේ මට ඩේජාවූ හැදෙන්න පටන් ගත්තාම ඉක්කා වැටෙන්නා වාගේ කීප විටක්ම එක දිගට ඒක සිදු වෙන්න පටන් ගත්තා .. මේ සිද්ද වෙන දේ විස්තර කරන්නවත් බැරි තරමට මම මේ මානසික අවුලේ පැටලිලා හිටියා . ඩේජාවූ නිසා මට හිතාගන්න බැරි තරම් කරදර විඳින්න සිද්ද වුණා .. වැලේ වැල් නැතිව පැය ගණන් ඒ ගැන කල්පනා කර කර හිටියා ..

ඉතින් මේ කියන්නේ මට අමතක නොවිච්චි නිර්ලජ්ජිත ඩේජාවූ මතක සටහන්  වලින් කීපයක් විතරයි..

මං ජීවිතේ පුංචිම කාලේ ගෙවුවේ අම්පාර , පදියතලාව කියන ගම ඇතුළේ  හැංඟිලා තිබුණ කැලෑ ගම්මානයක් වෙච්චි වහව කියන ගමේ ..

වහව , ලූණු  බොක්ක , මාරාව කියන ග්‍රාමසේවා වසම් තුනේම ග්‍රාමසේවක වුණේ මගේ තාත්තා . ඊයේ පෙරේදා විදුලිය ලැබුණ මේ ගම්මානවල ඉස්සර කාලේ සුන්දරත්වේ මං අමුතුවෙන් වනන්ඩ ඕනෑ නෑ නේ ..
ඒ වනගත ජීවිතේ ගෙවපු අපි නාන්ඩ , කක්කුස්සි යන්න මේ හැමදේටම ගියේ බොහොම හොඳට වතුර තිබ්බ හරි අපූරු ඔයක් අයිනට .. දවසක් අම්මයි මමයි ඔයේ නාන්ඩ ගිය අතරේ අම්මා දිහෑවට ඇදීගෙන ආපු අමුතු සර්පයෙක්ව මං දැක්කා ..

අම්මේ මේං සර්පයා ..” කියලා කියන්ඩ ..මට තේරුමක් නෑ .බොහොම පොඩි එකෙක් වෙච්ච මගේ මනස එතකොට හරිම ළාමකයි ..දැනටත් හරිම ළාමකයි  ..

ඔන්න ඔතනදී මට මුලින්ම ඩේජාවූ හැදුණා  

අම්මා මං ඒක දැක්කා .. මං ඒක දැක්කා  . මට ඉබේම එහෙම කියැවුණා ..”

තමන්ගේ මෝඩ පුතා මේ දැක්කේ මොකක්ද කියලා බලන්න අම්මා වටපිට බලන්න ඇති ... අපේ දිහාවට ඇදිලා එන කැති මිටක් තරම් දිග සර්ප නාම්බව එයා දකින්න ඇති.. ඒ නිසාම අනතුරක් නොවී පණ  බේරගෙන යන්න අපිට පුළුවන් වුණා.. එදා මං මගේ අම්මව බේරගත්තා ..

ඒ වෙච්චි සිද්දිය මගේ හිතේ තදින්ම වැදිලා තිබුණ නිසා එදයින් පස්සේ හැම ඩේජාවූ සීන් එකක් හැදුන ගමන් “මං මේක කලින් දැක්කා “ කියලා මට ඉබේටම කියැවෙන්න පටන් ගත්තා .

ඒ සිද්දියෙන් කාලෙකට පස්සේ .. උගුරැස්ස පැහෙන කාලෙක ..මමයි මගේ තාත්තයි අපෙ පුංචි ආච්චිගේ ගෙදරට ගියා .. මතක හැටියෙට මං එතකොට ඉස්කෝලේ එක වසරේ .. පුංචි ආච්චි කියලා මං හඳුන්වවුවේ මගෙ තාත්තගේ පුංචම්මාව .එයා ඒ වෙනකොට ජීවිතේ හැන්දෑ කාලේ ගෙව ගෙවා හිටියා  .

කෙල්ල කාලේ අම්පාරේ කොරියෙ කැලේ දර කඩන්න ගියාම අලියෙක් ගහලා එයාගේ කකුල් දෙකම පණ නැතිව ගිහින් තිබුනා . ඉතින් පුංචි ආච්චි හැම දේම කළේ බිම ඉඳගෙන .. කෑවේ, බිවුවේ, නිදාගත්තේ වගේම කක්කුස්සි ගියෙත් බිම තියාපු ඇලුමිනීයම් පෝච්චියකට ..

වයසක කාන්තාවක් වුණත්, පෝච්චියට වැසිකිළි  ගියත් පුංචි ආච්චි බොහොම පිරිසිදුවට,ආඩම්බරේට උන්නා ..එයා වැසිකිළි  ගියාම එයාගේ ඇලුමිණීයම්  පෝච්චිය කවුරු හරි අස් කරනකම් ඒකේ ඇතුළේ  තියෙන මළපහ  ගොඩ කවුරුත් නොදකින විදිහට පත්තර පිටු වලින් වහනවා.. ඒ වයසක අයගේ අභිමානය .

එදා පුංචි ආච්චිගේ ගෙදර ගියපු මම කතාවක් අහන්න හිතාගෙන කෙළින්ම  ගියේ පුංචි ආච්චි ඉන්න කාමරේට ..මේ වෙලාවේ ආච්චි වැසිකිළි  ගිහිල්ලා අත පය හෝදගෙන පෝච්චියේ තිබුණ මළපහ  පත්තරේකින් වහන වෙලාව ..හරිනම් මං ආයෙත් හැරිලා නොදැක්කා වගේ යන්න ඕන වෙලාව..

පූරුවේ කරුමෙක මහත.. හදිසියේම ඔය හරියෙදි මට ඩේජාවූ හැදුණා  .. මං මේ සිදුවීමම මීට කලින් කොහෙදි හරි දැක්ක බව මගේ මනස කියන්න පටන් ගත්තා .. නොදැනීම මට මෙහම කියැවුණා ..

මං ඒක කලින් දැක්කා !!”

හයියෝ සංසාරේ !! ආච්චි හිතුවේ මං එයාගේ මළපහ  ගොඩ දැක්කා කියලයි .

මො .. මොකක්ද ..නෑ නෑ ..මේ මං නෙවෙයි.. මේ සතෙක් ජරා කරලා ..ඔය ඔතනින් හොර පූසෙක් ගියා ඌ තමයි ජරා කරේ ” ආච්චි බොරු කියනවා

නෑ නෑ මේක මං කලිනුත් දැක්කා !!”

මම තාමත් කියවන්නේ ඩේජා වූ ගැන.. පුංචි එකෙක් වෙච්චි මගේ මනස මේ සංකීර්ණ මානසික අවුල ලිහන්න තරම් දියුණු මදි .. වෙච්චි දේ තේරුම් ගන්න තරම් ආච්චිගේ මනස තියුණු මදි .. !

ආච්චි අඬ අඬා මට බැනලා මාව කාමරෙන් එළියට එලෝලා දාලා දොර වැහුවා ...

තමන්ගේ මළපහ  පොඩි එකෙක් දැක්ක ..ඒ භයානක සිදුවීම තදින්ම හිතට වැදිච්චි අසරණ පුංචි ආච්චි මානසිකව වැටුනා .. එයාට මල පැන්නේ නෑ.. මලබද්ධය හැදුණා  ..

පොඩි එකා මගේ කක්කා පෝච්චිය දැකලා .. අනේ මට වාවන්නෑ ,ඒක මතක් වෙනකොට කක්කුස්සි යන්න බෑ..”  පුංචි ආච්චි එහෙම කියමින් ඇඬුවලු..

මල බද්දය උත්සන්න වෙලා පුංචි ආච්චිට වස්ති කරන්න සිද්ද වුණා .වස්තියෙන් වස්තිය යද්දී පුංචි ආච්චිට අන්තිම වුණා .. පවුලේ වැඩිහිටියෝ අදටත් මතක් කරන විදිහට පුංචි ආච්චි මලේ මං ගැන මලෙන් (තරහෙන්) !!
යාළුවොත් එක්ක බිලා පාන්දර ජාමේ දඩයන් තලාව පාලම ගාවින් තනිවම එද්දි මට ඉඳ හිට පුංචි ආච්චිගේ කක්කුස්සි පෝච්චිය මැවිලා පේනවා .. හීතල පාන්දරක වුණත් ඇඟට හීන් දාඩිය දානවා .. “මං මොනවා කරන්නද ? ..වෙච්චි දේ වුණා එතකොට මං හිත හදාගන්නවා ...

කාලේ ගත වෙලා මං ඇටෙන් පොත්තෙන් එළියට එන්න හදන දඩබ්බර කාලේ මුල් අවදිය ඇරඹුනා ..

එතකොට මං ඉස්කෝලේ පහ වසරේ .. මගේ වයසේ අනික් උන් වගේම මමත් මහා දරුණු සිස්සත්ත විබාගෙට ලියන්න විභාග ශාලාවේ ඉඳගෙන හිටියා .. ශාලාවේ ටීචර් කෙනෙක් බෙද බෙදා යන භයානක සිස්සත්ත පේපරේ මගේ ළඟට එනකම් මං වෙවුලමින් බලාගෙන හිටියා .

ප්‍රශ්න සේරටෝම ලියන්න ඕන, කෑගහන්න බෑ .. උවමනාවක් නම් මේසෙට තට්ටුවක් දාන්න මං එනවා ..
පේපරේ මගේ අතට දුන්නු නපුරු පෙනුමක් තිබුනු ගුරුවරියක් එහෙම කිවුවා ..ඔන්න එතකොටම මට ඩේජා වූ හැදුණා  ..

මං ඒක කලින් දැක්කා ..”

හිතේ තිබුණ පීඩනේ වැඩි කමට, ශිෂ්‍යත්ව පේපරේ මගෙ අතට ලැබෙන තත්පරේදිම මට එහෙම කියැවුණා ..
මොකක්ද දැක්කේ .. ඔය ළමයා මේ පේපරේ කලින් කරාද ? .. කොහෙන්ද ? අම්මා හරි තාත්ත හරි චීචර්ස් ලද ?”

පේපරේ ප්‍රශ්න මදිවට මට තවත් ප්‍රශ්න එකතු වෙලා . මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට ශාලාධිපති තුමා ගාවට ගාටන්න සිද්ද වෙලා..

ඔය පුතා මේ පේපරේ කලින් දැක්කේ කොහේදිද ?”

මං දැක්කේ නෑ සර්”

නෑ නෑ බොරු ..පේපරේ දැක්කා කියලා ඔය ළමයගෙ කටින්ම අහු වුණා ..”

වෙච්චි දේ තේරුම් කරන්නේ කොහොමද ?. වෙච්චි දේ කියන්න වචන ඒ වෙනකොටත් මගෙ හෝඩියේ නෑ .විනාඩි විස්සක ප්‍රශ්න කිරීමකින් පස්සේ මට ආයෙත් විභාගේ ලියන්න යන්න ලැබුණා .ඒත් මාව සැක කරපු ඒ දරුණු ටීචර්.මා ගාවම පුටුවක් තියාගෙන ඉඳගෙන මගේ මූණ දිහෑ බලාන පේපරේ ඉවර වෙනතුරුම ඔරවගෙන හිටියා.මං පේපරේ උඩින් පල්ලෙන් ලියලා බුම්මගෙන උන්නා.. කාලි මෑණියන්ගේ පෙනුමට සමාන ඒ ගුරු මෑණියෝ මගේ සිස්සත්ත විභාගේ බිල්ලට ගත්තා ..

මං කොහොමත් ව්භාග ෆේල් වෙන නැකතකින් උපන් එකෙක් නිසා ඒ ශිෂ්‍යත්වේ ෆේල් වුණා කියලා අමුතුවෙන් නැති වෙන්නවත්, ඇති වෙන්නවත් දෙයක් මට තිබුණේ නෑ .. අරළු පෙති බීලා බඩඑළිය ගියා වගේ ඒ සිදුවීමත් බුරුස් ගාලා යන්න ගියා ..

දැලි රැවුල් මතුවෙන, මොරාල් අප් වෙන කාලේ පහු කරමින් සාමාන්‍යපෙළ පන්තිවලටත් මම අමාරුවෙන් බඩගාගෙන වගේ ආවා .. ජීවිතේ තදින්ම රිදිච්චි ඩේ ජා වූ අත්දැකීම මං එතනින් අරගත්තා ..

ඒ වෙසක් මාසේ එක දවසක් .. ඉගෙනගන්න එක පැත්තක තියෙලා මමත් මගේ පන්තියේ කෙල්ලෝ සහ කොල්ලෝ ඔක්කෝමත් එකතු වෙලා වෙසක් කුඩු හදමින් .. පන්තියේ බාල්ක වල එල්ලමින් බොදු බැතියෙන් ඔකඳ වෙන ගමන්, දැහැමෙන් සෙමින් ගණිත පීරියඩ් එක කට් කරමින් උන්නා . අද කාලේ ඕ ලෙවල් පොඩි එවුන් කුණු හරුප රැප් කරනකොට ඒ කාලේ වෙසක් කූඩු හද හදා හිටි අපි ගැන ලියන්නත් ලැජ්ජයි .. 

සුදු පාටින් කොළ අලවලා, පාට පාටින් රැළි දාන වෙසක් කූඩු වහලේ බාල්ක වල එල්ලන්න මම ඩෙස්ක් එකක් උඩ නැගලා හිටියා .. බිම උන්න පන්ති නායිකාව මට උපදෙස් දෙමින් හිටියා.. ඒකිගේ නම බුද්දිකා .

සඳරු ඒ ඔහොම නෙවේ .. ඔය රැළි පැටලිලා .. නෑ නෑ ඒ ඔහොම අදින් එපා නූල කැඩෙයි .. කෝ පැත්තක් ඇදයිනේ ..!”

ඔන්න ඔහේ තෝම කරපිය ..මං බහිනවා බිමට ..”

ඌරු ජුවල් නැග්ග නිසා මං ඩෙස් එකෙන් බැහැලා පැත්තකට වුණා ..
හ්ම් මං ම කරලා පෙන්වන්නම්කෝ ..”

බුද්ධිකා කෙල්ල අමාරුවෙන් ඩෙස් එක උඩට නැංඟා .. හොඳින් එල්ලලා තිබ්බ වෙසක් කූඩුවම ආයෙත් ඒකිට ඔනෑ විදිහට හදලා .. ඒකි ඩෙස් එකෙන් බිමට පැන්නා ..

බුද්ධිකා බිමට පැන්නා .. ඒකිගේ ගවුම පැරචුට් එකක් වගේ ඉහල ගියා .නිවුටන්ගේ නියමයක් සඵල වුණා උඩ ගිය ගවුම අස්සෙන් බැබළුණ  චූඩාමාණික්‍යක් නිල් පාටින් දිස්නෙ දුන්නා .. ඇස් තියෙන කොල්ලොන්ට ඉස්ම යන තරමට දිස්නෙ දුන්නු ඒ ආලෝක පූජාව දකින්න මමත් පවු කරලා තිබුණා ..

ඒ අස්සේ මට ඩේ ජා වූ හැදුණා  !!

අම්මට හුඩු මං ඒක කලින් දැක්කා !!”  කීවා නෙවෙයි මට කියැවුණා ..

පන්තියෙ කොල්ලන්ගේ , කෙල්ලන්ගේ කටවල් ඇරිලා හකු පැන්නා ...

 “මොකද්දෑ සඳරුවෝ තෝ කීවේ ..තෝ කොහොමද ඒක කලින් දැක්කේ .. කියාපිය කියාපිය .. උඹලා දෙන්නගේ ජිංගි චිකා ..ඈ ඈ”

වෙසක් කූඩු හැදිල්ල පැත්තක දාපු පන්තියේ උන් බුද්ධිකාටත් මටත් වෙඩින් කාඩ් හදන්න කොන්ත්‍රාත්තුව බාර ගත්තා ..

බුද්ධිකාට ඩෝං ගියා ඒකි කෙළින්ම  ගිහින් උසස් පෙළ පන්තියක උන්නු ඒකිගේ බෝයි මහත්තයා හෙවත් අජිත් සේන කියන චණ්ඩියාට මේ කතාව කියලා තිබුණා .. ආලෝක පූජාව බලපු පවු මට පඩිසන් දුන්නා.. අජිත් සේන උගෙ ගැන්සියත් එක්ක අවුදින් මගෙ තොල් පැලෙන්න අඩි දුන්නා ..  බුද්ධිකා දින්නා ..

හරියටම ඊට දවස් දෙකකට පස්සේ මං (අපි) අජිත සේනගෙන් පලිගත්තා ..

මගේ හොඳම බොක්ක සහ වරලත් බොඩිගාඩ් කිතුලා ඉස්කෝලේ කුණු වල ගාවදී අජිත සේනට කැරකිලා වැටෙන්න පාරක් ගැහුවා .. මමත් නිකම් හිටියෙ නෑ ..පරණ වෙච්චි බත් පාර්සලකින් අජිත සේනගේ හොම්බටම දමලා ඇරියා .. අජිත සේන හොම්බෙන් ගියා .. මං දින්නා ..

පිස්සු හැදෙන තරම් සතුටින් අම්පාරේ ගත කළ වසන්ත කාලේ  මටත් හොරෙන් ඉවර වෙලා තිබුණා ..සිංහල රයිටරයෙක් විදිහට කොළඹ ජොබක් ලැබුණාට  පස්සේ මට ඩේජාවූ අමතක වුණා 

කොළඹ ජීවිතේ ගතකරන ජීවිතේ එකම හොඳ විදිහට මට දැනුනේ විවිධ ජාතියේ රට අරක්කු හිතේ හැටියට බොන්න හොඳ චාන්ස් එකක් ලැබිච්චි එක .. කොළඹ ඔෆිස් එකේ උදවිය ගමේ උන් වගේ ගල් අරක්කු බොනවා හරිම අඩුයි .. නොබොනවත් නෙවෙයි ..

ට්‍රැෆික් එක වැඩි දවසක, හැන්දෑවෙ හවසක නුගේගොඩ හන්දියේ රොමියෙල් කියලා තැබෑරුමක අපි මතට සෙට් වුණා..මගේ සහෝදර සිංහල රයිටරයෙක් වෙච්ච ගිහාන් මං එක්ක එකතු වුණා .. ඒ වෙලාවේ තමයි මගේ හිතේ පිස්සු නටමින් තිබුණ මේ සිදුවීම් ගැන මම ගිහාන් ගෙන් ඇහුවේ ..

අඩේ ගිආන් ෂමහර ශීන්ස් දැක්කම ..ඉක්..ඉක්..  මට ඉතෙනවා බං මං ඒවුවා කලින් දැකලා තියෙනවා කියලා ..මට අධි මානසික මෝලක්වත් තියේද දන්නෑ බං ..මචං.. ඈම් අ සම් කයින්ඩ සූටබල් ගායිද ..අයි ඩෝන්නෝ බට් අයි බිකෝස් සම්තිං මචං ”

හරි හරි බං ඒක නෝමල් බං . ඒකට කියන්නේ ඩේ ජා වූ කියලා !..”

ගිහාන් මට ඩේ ජා වූ ගැන කියා දුන්නා .. මං කට ඇරගෙන අහගෙන හිටියා ..

අන්තිමේට මට හිනා ගියා .. ගුලි  කාපු එකෙක් වගේ හිනා ගියා .ඉංග්‍රීසියෙනුත් හිනා ගියා. අමාරුවෙන් හිනාව තද කරගෙන මං වීදුරුවේ තිබ්බ අරක්කු සොට් එක ගුඩුස් ගාලා ඇදලා ඇරියා .. පොඩ්ඩක් විතර ඇඟේ හලාගත්තා..

වෙරි පිට නිදාගත්ත එදා රෑ මට මහා අමුතු හීනයක් පෙනුණා  ..

පදියතලාවේ ඉඳන් ආපු සර්පයෙක් වැසිකිළි  පෝච්චියක දරණ ගහගෙන හිටියා .. උගේ ඇඟට උඩ විසාල අසූචි ගොඩක් තිබුණා .. පහ වසරේ ශිෂ්‍යත්ව පේපරේකින් ඒ අසූචි ගොඩ වහන්න වයසක ආච්චි කෙනෙක් උත්සහ කරමින් ඉඳින අතරේ .. මගේ ඕලෙවල් පන්තියේ පන්ති නායිකාව බුද්ධිකා පැරචුට් එකක් දාගෙන ඇවිත් මේ අසූචි ගොඩ උඩට පැන්නා .. බුද්ධිකාගේ .....



නෑ නෑ..මට මතක එච්චරයි ..

62 comments:

maxxa said...

supiri ban wenada wagema me kathawath..

නාඩියා නාඩිරත්න said...

ඔපිස් එක ඇතුලේ මේක කියවලා තව පොඩ්ඩෙන් හිනා වෙලා චූ යනවා!

Praසන්ன said...

ඕක උඹට විතරක් තියෙන ලෙඩක් නෙමෙයි බං ගොඩ දෙනෙකුට තියෙන එකක්. හැබැයි අනික් උං උඹ වගේ වැඩේ අනාගන්නෙ නෑ. හැක්..

උඹ අර බුද්දිකාගෙ කේස් එකේදි කිවුව එක ගැනනං අපිට සාධාරන සැකයක් ඇතිකරගන්න වෙනව.

හීනෙ අන්තිම ටික දකින්න ඉස්සෙල්ල උඹ ඇඳ පල්ලෙ වැටුන එක හොඳයි මල්ලි.

Maathalan - Priyantha Hewage said...

අම්මට හුඩු මම මේක කලින් දැක්කා.....

වල්ලා පට්ට... වෙන කියන්න දෙය්ක් නැත....

සූටික්කා said...

ඔය ඩේ ජා වූ සීන් එක මටත් සමහර වෙලාවට තියෙනවා බං ..... මම මෑතක කියවපු කොහේ හරි තිබුනා ඒක මොලේ අවුලක් කියලා..... ඒ හින්ද දැන් ඒක ගනං ගන්නේ නෑ ...

උඹ සිරාවටම බුද්ධිකාගේ නිල් පාට චූඩාමාණික්‍ය කලින් දැකලා නේද තිබ්බේ ? දැන් ලැජ්ජාවටද කොහෙද තෝ බොරු කියනවා.....

තිසර said...

අඩේ ඔය ඩේජා වූ එක ප්‍රංස කෑල්ලක්.... දැන් නං ඉංගිරිසියෙත් පාවිච්චි වෙනවා තමා... අර අන්තිම කෑල්ල නම් නියමයි බං...

Mayya said...

ඩේ ජා වූ කියලා ඩෙන්සිල් දිවසෝදනගේ පිචෑර් එකක් තිබ්බා......

loku said...

Thota a para hakkapatas ekak wath kawnada.eka digata liyagana liyagana yanne.hoda hoda...liyapan...ela

රාජ් said...

ඕක හැම එකාටම තියන සීන් එකක් බං

සින්දු ඇනෝ said...

අම්මට හුඩු මම මේක කලින් දැක්කා.....

පට්ටයි සඳරුවෝ ........

Sanjeewa3399 said...

නියමයි සදරැ... ඔය සීන් එක මටත් තීනවා බං. මාත් මේ ඕක මොකක්ද කියලා තේරැම් ගන්න බැරිව හිටියේ දහස් වාරයක් තැන්කූ උඹට මචෝ මේ ගැන තේරැම් කරල දුන්නට.නැත්තං ඩේ ජා වූ වැඩිවෙලා මට වෙන මොකක් හරි හැදෙනවා

Janaka Manjula said...

මට නම් හිතෙන්නෙ ඕක පිස්සුවක් වගෙ දෙයක්, මොකද මමත් ඔය අත්දැකීම විදල තියනවා..
හැබැයි පුතෝ උබ බුද්ධිකාගෙ චූඩාමාණික්ය සීන් එකනම් මීට කලිනුත් දකින්න ඇති මට නම් උබ සුවර් නෑ.......

ලොකු පුතා said...

මට ඕක වැඩිපුර හැදෙන්නේ ටොයිස් කෑල්ලක් දැක්කම...
"මම මේක කලින් දැකල තියෙනවා" වගේ මතකයි කියල හිතෙනවා...

කතාව එළ, හැබැයි සඳරු ශෛලය නැති වේගෙන එනවද මන්ද බං...

ලොකු පුතා said...

මට ඕක වැඩිපුර හැදෙන්නේ ටොයිස් කෑල්ලක් දැක්කම...
"මම මේක කලින් දැකල තියෙනවා" වගේ මතකයි කියල හිතෙනවා...

කතාව එළ, හැබැයි සඳරු ශෛලය නැති වේගෙන එනවද මන්ද බං...

Pra Jay said...

https://en.wikipedia.org/wiki/D%C3%A9j%C3%A0_Vu_(2006_film)

සමී said...

ඩේ ජා වූ :-D

සොමි යා said...

හැක්,අම්මට හුඩු ඕක කලින් දැක්කේ කොහොමද? පට්ටම ඩෙජා වූ. මටත් ඔයක වෙනවා හිටපු ගමන්, ඒ කියන්නේ එවෙලේ වෙන සිද්දිය මීට ලකින් වෙලා තියෙනවා වගේ ෆිල්ම් පෙන්න පටන් ගන්නවනේ. :D

ඉන්ද්‍රජිත් said...

පට්ට සීන් ටික...

කුරුටු ගෑ ගී පවුර said...

අර පැරෂුට් එක තමා සුපිරිම.........

සු දී ක said...

මට සිද්දිය රිපීට් කියලා හිතෙනවා. ඒත් අවස්ථා සම්බන්දේ එන්නේ නෑ. සමහර පැති වලට ගියාම (මුල් වතාවට) මම එතැන කලින් හොඳට දන්නා තැනක් කියලා හිතට එනවා. උඹ කියන්නැහේ එවෙලාවට ඔලුව මඥ්ඥං වෙනවා.

දේව් ගේ අඩවිය Devaka Sadaruwan said...

තරහ එපා සදරු.. උබේ ඉස්සර කතා වගේ මේක නම් ඒ තරමටම හිතට වැදුනේ නැ බන්... උබේ පරණ කතා තාලෙට එනවනම් මම නම් කැමති...
මොනවා උනත් නොලියම ඉන්නවට වඩා මෙහෙම අවුරුද්දකට 5/6ක් වත් ලියන එක වටිනවා බන්

පත්තර මල්ලි said...

" නංගි මං ඔයාව මීට කලින් කොහෙදි හරි හොඳට දැකල තියනවා ."

හැක හැක ..

රෙෂ්පට් සඳරු බොස් !!!!

Anonymous said...

මේක කියෝනකොට තෝත් එක්ක තරහක් එන්නේ.

Anonymous said...

හැබැයි පුදුම වෙන්න දේකුත් නැහැ. තෝ ඉතින් ගොන් බයියෙක්නේ මරාට පුක දෙන. සාමාන්‍යයෙන් ඉතින් මොලේ ක්‍රියාකාරීත්වය අඩු කෂ්ටියනේ

Aruna Perera said...

මචං ඔය හැමදාම නොයන බාර්වලට බොන්න ගියාමත් ආ මම දැකලා තියෙනවා කියාගෙන ඇවිත් කඩ්ඩෙන් ටෝක් දෙන පොරවල් ඉන්නවා. උන් නම් ඩේජාවු නෙමේ එපාවු.
අතේ කීයක් හරි වැඩිපුර තියෙන වෙලාවට නම් කමක් නැහැ. ඒත් උන් පව් බං. උන්ගේ ඒ ආට් එක දාන්නේ පොඩි අඩියක් ගහගන්නනේ. රෑ වෙනකොට උන් තමයි හොඳටම ඩෝප්.

ඉන්දික උපශාන්ත said...

සඳරු, මේක හරියට ඊයෙ ලස්සනට තිබ්බ නෙළුම් පොහොට්ටුවක් අද පිපිල හිනාවෙන්න හදනව වගේ, එහෙම නැත්තන් කෝෂෙක හිටි දළඹුව සමණළයෙක් වේගෙන එලියට එනව වගේ ගතියක් තියෙන පෝස්ට් එකක්.

උඹ අර ගමේ සුන්දර අසුන්දරත්වය ගමේ වචන වලින් අමුවට කියන තැනින් එහාට ඇවිත් වෙනස් ආකෘතියක් ඇතුලෙ අමුතු ලියවිල්ලකින් අත්දදා බලල ( රස්සාවෙ අත්දැකීම් හින්දද මන්ද ) වගේ මට දැනෙන්නෙ.

මම මේ සමණළයා පියාඹන තුරු බලා සිටිමි!

ගස් ලබ්බ said...

කාටත් උරුම අත්දැකීම උඹට වෙනම හැඩේකින් නෙව ලැබිල තියෙන්නෙ..
ජයවේවා..!!

Dude said...

අම්මට හුඩු මේක මාත් කලිං කියවලා තියෙනවනෙ.

Lalith Rajapaksha said...

sandaru..me post eka umbe style eka nemei.. i dont like

Lalith Rajapaksha said...

also ..yaanhalla asanka whatever posting now same in your way..i dont know what happened to both of your guys

Dinesh said...

අම්මපා ඉතින් උඹට උනොත් ඉතින් ඔහොම සීන් ටිකක්ම තමයි. මීට පස්සෙවත් කෑ නොගහා ඉන්න පුරුදු වෙයන්.

දේශක යා said...

මේ කට්ටිය කියන්නේ මේ පෝස්ට් එකත් ඩේජාවූ කියලද?? හැක්..

ඩෙන්සිල් වොසින්ටන්ගේ පිලුමත් බැලුවා. ඒත් මට මතක හිටිටම ඩේජාවූ කෑල්ල තියෙන්නේ මැට්‍රික්ස් පිලුමේ.. ජය

ප්‍රාර්ථනා said...

මටත් ඔය ලෙඩේ තියෙනවා... ඕක නිසා කෙල වෙන්න ගිය වෙලාවල් නතර වෙලත් තියෙනවා.බැනුම් අහන්න තිවිච්ච එව්වා කලින් මතක් වෙලා ඒ බැනුම් අහන්න වුන වරද නොකර ඉදපු වෙලාවල් අනන්තවත් තියෙනවා. හික්ස්... මරු පෝට් එක සඳරු.කාලෙකින් මේ පැත්තේ ආවේ...

Unknown said...

👍🏼📱

Lalith perera said...

. පස්ටයි ...ජයවේවා

Anonymous said...

නුගේගොඩ බාර් එකකට ගොඩවෙලා ගෙදර යන පුරුද්ද මටත් ඉස්සර තිබුනා හැබැයි බාර් එකේ අපිත් එක්ක හිටපු එකෙක් බෙර ගන්න කියන්න බෙල්ලන්විල පන්සලට යන්න පටන් ගත්ත මට ජීවිතේ හුගක් දේවල් ඉගෙන ගන්න බීම පමණක් එකම දහම නොවෙන බව වගේ දේවල් තේරුම් යන්න පටන් ගත්තා . බෝතලයක් කඩන්න දික් වෙන සල්ලි කොළ ගෙදර මිනිස්සුත් එක්ක කොහේ හරි ගිහින් කෑමක් කන්න කවදාවත් සපත්තු දාපු නැති ළමයෙක්ට සපත්තු දෙකක් අරන් දෙන්න වගේ දේවල් වලට දෙන්න පටන් ගත්තා. අපිට හැම දාම වැරදුනත් හරි යන්න ට්‍රයි කරන එක නවත්වන්න හොද නැහැ කෙල විලා ගියත් ලොවෙත් හිතන් නැති විදිහට හරියනවා හැබැයි බාර් එකෙන් එලියට බැස්සොත් !

සිරාගෙ කාමරේ said...

ඇත්ත කියහං...උඹ නිල් පාට මාණික්‍ය කලින් දැක්කා නේද...ඔය බොන කන වෙලාවට පොඩි මැසේජ් කෑල්ලක් එවහං...එතකොට තමයි හොදට පත්තියං වෙන්නෙ...අපිට ජය වේවා !

හිස් අහස said...

හැමෝටම උත්තර දෙන්න බැරි වුණාට සමා වෙයල්ලා ... උඹලෑ අදහස් වලට බොහොම ස්තූතියි .. මේ දවස් වල මාර වැඩ ඒ නිසා ඊළඟ කතාවේදී කස්ටියගේ අදහස් වලට උත්තර දෙන්නම් .. සමාවෙයල්ලා .. මේ බ්ලොග් එකේ රිප්ලයි පහසු කම මං හදාගත්ත ගමන් හැමෝටම උත්තර දෙනවා

Manoj Fernando said...

අඩේ එකට කියන්නේ "ඩේජාවූ" කියලයි එහෙනම්.

අජිත් සේනවත් බුද්ධිකාගේ "ඩේජාවූ"දැකලා නැතුව ඇති.එකනේ ඌටත් ගොඩක් ඩොන් ගිහින් තියෙන්නේ.

සජ්ජාගේ පඩංගුව said...

සඳරුවා.. උඹේ බ්ලොග් එක තමයි බ්ලොග් එක. බ්ලොග් ලියන්න අදහස ආවම (ඒ තරමට බ්ලොග් කුයවල නොතිබ්බ මට)බහුතරක කියවන්න නිර්දේශ කරපු බ්ලොග් එක තමයි උඹේ බ්ලොග් එක. කොමෙන්ටු නොදැම්මට උඹ ලියපු කතන්දර මම අකුරක් නෑර කියෝලා තියනව. මහින්ද මහත්තයගෙ වියෝවෙන් පස්සෙ අන්තිම ලියවිල්ල කියල එකක් ලියල බ්ලොග් වලින් අහක් වෙච්ච බ්ලොග් රෝලේ අගටම ගිහිං තිබ්බ මේක ආයෙත් උඩට එන එක ගැන අප්‍රමාණ සන්තෝසයි. පහුගිය ටිකේ වැඩ නිසා කොමෙන්ටු දාන්න බැරි උනත් ඒ ටිකත් කියෙව්වා. බ්ලොග් වසන්තයාට හෝ මොකා හෝ වෙනුවෙන් ආයෙත් ලියන එක ගැන අප්‍රමාණ සන්තෝෂය. රහ පෝස්ට් එක්ක කමෙන්ටුත් එක්ක ආයෙත් හම්බවෙමු...

ගාලු කොල්ලා said...

මචන් මට උබගෙ මේ කතාවෙන් මම මගේ ජීවිතේ ගොඩාක් අතීතයට ගියා මචන්.... මටත් ඔය වගේම ගොඩාක් ලස්සන අතීතයක් තිබුන.... ඒ වගේම උබට තිබුන කියන ලෙඩෙත්... හැබැයි උබට වගේ දරුණුවට තිබුනෙ නෑ......

මේ වගේ කතා තවත් ලියපන්..... මගේ බ්ලොග් එක පැත්තෙත් පුළුවන්නම් කරක් ගහපන්.... මොකද මමත් ලියල තියෙනව මගේ ජීවිතේ ගැන.....

Anonymous said...

ade comment nokalata math hichci kale idann ube blog eka balanawa. mehema klaekata sarayakk hari liyanna aiyye.. superb .. meka dakina kan me seen eka dann hitye na ne bn.

විචාරක Wicharaka said...

මමත් මේ පෝස්ට් එක කලින් දැකලා තියනවා වගේ.

ලෙවියාතන් said...

අපි ඉන්නේ මායාලෝකේක මොලය මගින් කරන ප්‍රක්ශේපණයකට අහුවෙලා <අන්න එකේ තියෙන ඩැමේජ් එකක් තමයි ඩෙජාවු කියන්නේ
Matric fillm එකෙත් තියෙනනව එහෙම තැනක්
ඔය වගේම ඔයිට වඩා Creep අත්දැකිමක් තමයි Sleeping paralysis කියන්නේ මට නං දැන් එපා වෙලා තියෙන්නේ

ලෙවියාතන් said...

අනිත් එක උඹෙි පොස්ට් එකත් සින්ඩියේ තැන් කිහිපයකම ඩෙජාවු වෙලා

WAGOLLA said...

මමත් මේක කලින් දැකලා තියනවා වගේ.

SHaN Malli said...

අඩේ සදරුවෝ මාව උබේ මුණු පොතට දා ගනින්කෝ..හෙව්වා හෙව්වා හෙව්වා හම්බුනේ නෑ කියහන්කෝ උබව..

Idunil Srinath said...

සතුටුයිඅයියෙ ආපහු ලියන එකට දිගටම ලියන්න අපි ඔයා එක්ක

දුකා said...

uba aaye liyanna patan gattu eka niyamai mallee . . !!
jaya

එල ද බ්‍රා මෙන්ඩා said...

එලද බ්‍ර මචෝ

Bindi said...

මට මේක මග ඇරිලානේ. අපොයි බුද්ධිකා

tharindu rathnayake said...

අම්මො ඉල්ලන් කලා තියෙන තරමක් :D . ඕක හැමොටම වගෙ වෙන එකක්ලු. හැබයි කට ඉස්සර උනෙ නැති හින්ද අවුලක් උනෙ නැ. එක ඇහකින් එන signal එක අනිකට කලින් මොලේට යන එක ඕකට හේතුව කියල අහල තියේ ඇත්තද දන්නෙ නම් නැ.
හන්සි තමයි link එක දුන්නෙ මෙහෙට එන්න.:)

tharindu rathnayake said...

අම්මො ඉල්ලන් කලා තියෙන තරමක් :D . ඕක හැමොටම වගෙ වෙන එකක්ලු. හැබයි කට ඉස්සර උනෙ නැති හින්ද අවුලක් උනෙ නැ. එක ඇහකින් එන signal එක අනිකට කලින් මොලේට යන එක ඕකට හේතුව කියල අහල තියේ ඇත්තද දන්නෙ නම් නැ.
හන්සි තමයි link එක දුන්නෙ මෙහෙට එන්න.:)

Anonymous said...

ado sandaru uba buddikata galakwath kepuwanam thamai ajitha sena peradila uba dinanne eth uba karala thiyenne wena ekek lawa uta gassana ekane do ewa maha guu weda yako uba maha ponna hukannekne

Ajith Dharma said...

අපූරු කතාව . බ්ලොග් වසන්තයෙන් දිනුවටත් සුභ පැතුම්. මටත් ඔය ඩේ ජා වූ එක හරියට තියෙනවා. වෙලාවකට කරදරයක්.

Ajith Dharma said...

මෙතන පළ කරාට කමක් නැහැ කියා හිතනවා.
http://nelumyaya.com/?p=5973

Pasan Umayangana Wickramasekara said...

ඕක මටත් පොඩි කාලෙ තිබ්බා..ඕකෙ වෙන්නෙ අපි එකම වෙලවක දකින් දර්ශනය වෙලාවල් 2කදී මොලේට යන්නේ. ඒ කියන්නේ එක ඇසකින් යන සංඥාව පරක්කු වෙලා යන්නේ.මට නම් ඒක ආතල්...ඒක නෙවෙයි.අපි ol කලාට රැප් කරන්නෙ නැහැනෙ..මාව සමාජය reject කරයිද දන්නෙ නෑ

NS said...

Digatama liyapan yako. masekata ekakwath. welawa nanam kiyanda epa. 2011 idan ube blog balana apita awuruddata 1-2 watena eka wawanne ne.

Suresh Madushan said...

මම ‍මෙ මාසෙ මුල තමයි මේ බ්ලොග් එක කියවන්න ගත්තෙ අද තමා සේරම කියවල ඉවර උනේ..... නියමයි ආසාවෙන් සේරම කියෙව්වා....... කියවගෙන යද්දි දැනුනෙ උබත් එක්ක උබෙ ගමේ හිටිය වගේ හැගීමක්........ ජය වෙිවා..... දිගටම ලියහන්කො....

Manosh Sandaruwan said...

ඔය ලෙඩේ මටත් අම්බානෙකටම තියෙනව බොලං..

Sudara Fernando said...

///අද කාලේ ඕ ලෙවල් පොඩි එවුන් කුණු හරුප රැප් කරනකොට ඒ කාලේ වෙසක් කූඩු හද හදා හිටි අපි ගැන ලියන්නත් ලැජ්ජයි .. //

++++++++++++++++++++++++++++

එල ද බ්‍රා මෙන්ඩා said...

ලියපන් බන්

Post a Comment

Comment නොකලට මගේ හිතේ කහටක් නෑ කවදාකවත් !...මේ තත්පරෙත් ඔබට වටින බව මම හොඳටම දන්නවා ..

ජය වේවා !!