මචංලා ගොඩ
කාලෙකට ඉස්සල්ලා අපේ රටේ තිබුණා දැයට කිරුළ කියලා පොඩි එක්සිබිසන් එකක් .. මට තාම
මතකයි අපේ ගං වල අය ඩීමෝ බට්ටා ලොරියේ ඉඳන් කුබෝටාවේ පවා නැගලා ඈත පළාත් වල පැවැත්
වුණ දැයට කිරුළ බලලා ඇවිල්ලා ගමේ ඉඳන් ආතල් ගත්ත හැටි ..
කොහොම හරි
සීන් එක පටන් ගත්තේ දැයට අපේ කිරුළ අපේ පළාතටත් එනවා කියලා නිල
වසයෙන් තීන්දු කරලා ඉවර වෙච්ච කාලේ . ඔන්න ඔය කාලේ තමයි අර මේඩින්
චයිනා සීන් එකත් සිද්ද වුණේ .
ඒ දවස් වල
ගමේ පාරවල් වල ගන්ඩම දෙයක් තිබුණේ නෑ .. පයින්වත් යන්ඩ බැරි තරමට පාර චාටර් වෙලා තිබුණා
.. ඔලුවිල් වල අලුතෙන් හැදෙන වරායට ගල් වැලි ඇදපු සද්දන්ත ටිපර් දාස් ගානක් එක
දිගටම ගිහිල්ලා ගිහිල්ලා .. වෙන වාහනයකට යන්ඩ බැරි තරමට පාර නැති නාස්ති වෙලා
තිබුණා ..
දෙයියනේ
කියළා දැයට කිරුළට පින්සිද්ද වෙන්න ඒ පාරවල් ටික ගින්දර වගේ හැදෙන්න පටන්ගෙන
තිබුණා .. ඒත් පාර හදනකොට වදින දූවිල්ල නිසා යන්තම් පාරට බැහලා රවුමක් ගිහින් ආවත්
ආයෙත් ගෙදර යද්දි අපේ හැඩ හුරුකම් සෙල්ල කතරගමට බාරයක් ඔප්පු කරන්ඩ බිම දිගේ බඩ
ගාගෙන ආපු එකෙකුට සමාන වුණා ..
දවසක් මමයි
.. මගේ යාළු මිත්‍රයෝ හය දෙනෙකුයි එක්කාසු වෙලා පොඩි මීටිමක් හෙම සාර්තකව ඉවර
කරගෙන අඩවන් දෑසින් තීරණයක් ගත්තා අපේ ගමෙන් ටිකක් ඈත පාරවල් නොහැදෙන නිස්කලංක
පැත්තක පොඩි දිය කඩිත්තක් හොයාගෙන ගිහින් නාලා එන්ඩ ඕනෑය කියලා ..
සමීර , ගලප්පත්ති , තාපසයා , රත්නායක , අමරෙ සහ
සඳරු කියන අපි හය දෙනාගෙන් යුත් කණ්ඩායම මේ කාලකණ්ණි ගමන යන්න සෙට් වුණා ..
සිලි සිලි
බෑග් කීපයක දාගත්ත රෙදි කීපයක් අරගෙන අපි හය දෙනෙක් බයික් තුනක නැගිලා ..
අම්පාරෙන් කිලෝමීටර් කිහිපයක් ඈත සුන්දර පළාතක් වෙච්චි පොල් වගා ජනපදය බලා පිටත්
වුණා ..
පම්පෝරි
ගහනවා නෙවෙයි මචං.. අම්පාරේ තියෙන ලස්සනම ඒරියා එක තමයි අම්පාරෙ පොල් වගා ජනපදය.
ඒකට හේතුව තමයි ගල් ඔයේ වතුර ටික ගලා බහින්නේ ඔය පොල් වගා ජනපදය මැදින් වීම .
ගල් ඔය
තමයි අම්පාරේ හදවත .. නියගෙටවත් ලේසියෙන් හිඳෙන්නැති ගල් ඔයේ වතුර ටික තියෙන නිසා
තමයි නැගෙනහිර අපිත් අද ඩයල් වගේ රඟාගෙන ඉන්නේ ..
පොල්
වගාජනපදයට යන පාරත් පට්ට ලස්සනයි.. පාර
දෙපැත්තෙන් කොයි පැත්ත බැලුවත් ඇත් දල පාට කකුල් තියෙන කෙල්ලෝ රංචු පිටින් ඇලේ නාන
විසුවල් ඕනෑ තරම් .. ඒ මදිවට .. ඇළ ඉවුර දිගේ .. අඹ ගස් ,කජු ගස් , පොල් ගස්
එක විමාණයයි මාර සරුසාර පොළොව ..අන්ඩවෙයාර් එක හිටෙවුවත් පැලවෙනවා ..
ඉතින් ඔන්න
වගේ මග දෙපස සුන්දර සීන් බල බලා .. ඉස්සරහට ගියපු අපි බොහෝම සාමකාමී තැනක පුංචි
දිය කඩිත්තක් හොයාගෙන නා කියාගත්තා .. පිරිමි නාන්ඩ ගියාම ගෑනුන්ට එහා .. පැය
ගානක් නාලා නාලා තමා ගොඩ එන්නේ ..
හීතල
වතුරෙන් නා කියාගෙන අපි ආයෙත් යන්න පිටත් වෙද්දි වෙලාව පහමාරට කිට්ටුයි ..
දවාලේ
තිබ්බ ඉර අවුවත් බැහැලා ගිහින් .. බයික් වල යද්දී වදින හුලං පාරට සිතුවිලි
නන්නත්තාර වෙනවා .. අපි පොල් වගා ජනපදේ පහුකරගෙන ටික දුරක් ඉදිරියට යමින් උන්නා ..
ඔන්න ඔය අතරේ තමයි අපි හය දෙනා වසරේ මැජික් එක දැක්කේ ..
මොකද්ද ඒ
මැජික් එක ..
තට්ටු දෙකේ
බස් එකේ බස් එකක් අපේ ඉස්සරහට එනවා .. !! ඒ විතරක් නෙවෙයි ඒ බස් එක පුරෝලා
කෙල්ලෝ... 100% පියෝ කෙල්ලෝ !! ..
ටීවී එකෙන්
ඇරුනාම මම නම් තට්ටු දෙකේ බස් එකක් කවදාවත් දැකලා තිබුණේ නෑ .. ඒ මදිවට ඒකේ කෙල්ලෝ
.. උන් ට්‍රිප් එකක් යනවා වගේ ජොලි කර කර ගෙදර යනවා ..
ඔවු ..! ඒක
ගාමන්ට් ගෑල්ලමයි වැඩ ඇරිලා ගෙදර යන බස් එකක්.. අම්පාර දැයට කිරුළ පැවැත්වෙන නිසා
ඒකට විසේසෙන්ම ගෙන්වාපු බස් එකක් ..
පලවෙනි
වතාවට අම්පාරෙ ගමන් අරඹපු ඒ බස් එකේ බඳේ දැයට කිරුළ කියලා ලොකුවට ලියා තිබුණා
.මහින්ද මහත්තයගේ චුට්ටං ෆොටෝ එකකුත් සයිඩ් එකේ අලෝලා තිබුණා ..
ඉතින් නෝනෝ , මහත්තයෝ ..
!
ඒ බස් එකේ
ගිය කෙල්ලො සෙට් එක අරන් තිබුණ රිස්ක් එක උඹලා දන්නෑ .. ඔය කෙල්ලන්ගේ ගාමන්ට් එක
අයිති ලොක්කා තද යූ ඇන්පී කනුවක් .. නම නොකීවට උඹලා දන්නවා ඇති .. උන්දෑගේ ගාමන්ට්
එකේ ළමයින්ට වෙනම බස් සේවයක් තියෙනවා .. ඒත් ඒ බස් සේවේ අතෑරලා මහින්ද මහත්තයාගේ
තට්ටු දෙකේ බස් එකේ නට නටා යන්න තරම් ගැම්ම තියෙන මේ කෙල්ලො සෙට් එක ගැන මට පට්ට
රෙස්පට් එකක් උපන්නා .. ඉතින් ඒ රෙස්පට් එක නිසාම අපේ බයික් ඉබේටම නැවතුණා .. !
“අඩෝ ඒ ..
කෙල්ලො සෙට් එකක් යන්නේ .. ආපහු හරෝලා යමං .. ලැයින් පාරක් දැම්ම හැකි ..”
සමීරගේ
යෝජනාව අහක දාලා කොල්ලන්ගේ හිත රිද්දන්න බැරි කමට මමත් ආපිට බයික් එක හරෝ ගත්තා..
ඔය කියන සන්දියේ මට කෙල්ලක් උන්න නිසා තවත් ලැයින් දාන්න කොහොමත් මට ඔනෑ වුණේ නෑ
.. අනික තට්ටු දෙකේ බස් වල යන කෙල්ලන්ට ලැයින් දාන එක කෝමත් මගේ ඉස්ටයිල් එක
නෙවෙයි ..
කලකට පස්සේ
ඇළකට බැහැලා හීතල වතුර නාලා කොන්ඩේ පැත්තට පීරලා ප්‍රෙස් පිට හිටපු ගමේ කොල්ලන්ගේ
කඩවසම් බව ඒමොහොතේ උච්චතම තලයක තිබුණා .. කඩවසම් බවේ පල නෙලාගන්න මේ තමයි හොඳම
වෙලාව .
කෙල්ලන් ගේ
බස් එක පස්සෙන් ගාඩ් එකට යන බයික් තුනක් වගේ අපි කට්ටියත් හෙමි හෙමීට තට්ටු දෙකේ
බස් එකට ලං වුණා ..
බයික් වල
පාස් ලයිට් දල්වලා හීනිය හෝන් පාරක් ගැහුවම කෙල්ලො සෙට් එකටත් පට්ට ආතල් .. උනුත්
කිචි බිචි හඬින් ඇහෙන නෑහෙන ගානට මොන මොනාදෝ කියන්ඩ පටන්ගත්තා . අපිට පේන්න
නොපෙනෙන්න වගේ නට නටා උන්නා ..
මගේ
බයික්කේ පිටිපස්සේ උන්න ගලප්පත්ති .උගේ හෙල්මට් එක ගලෝලා මට දුන්නා ..
“සඳරුවා
මේක අතේ එල්ල ගනින් ..මාත් නොම්බර් එකක් අල්ලන්ඩ යන්නේ .. ”
“අල්ලන
ලබ්බක් අල්ලහං වැටෙන්ඩ විතරක් එපා ..”
ගලප්පත්ති
හෙල්මට් එක ගලෝලා කොණ්ඩෙ නිකං විවේක් ඔබරෝයි වගේ පැත්තට පද්දලා බයික් එකේ හිට
ගත්තා ..
මචලා .. මේ
බයික්කේ උඩ හිට ගත්තා කියන්නේ .. ඔය ටැමිල් ෆිල්ම් වල දාන ඇඩ්වාන්ස් වැඩ කෑල්ලක්
නම් නෙවෙයි නෙවෙයි.. අපේ ගමෙන් එහෙම වැඩ්ඩො බිහිවෙන්නේ ගොයං කැපෙන කාලෙට විතරයි ..
ගලප්පත්තියා කළේ බයික්කේ ඉඳන් හිටි ඉරියවුව මාරු කරලා මගේ කරට බර දීලා නැගිටපු එක
විතරයි .. ඒක බෝම ආරක්‍ෂිත ඉරියවුවක් ..
වලවල් බහුල
පාරේ ඇද කුද නුපුරුදු සද්දන්ත දෙමහල් බස් එක ඉදිරියට ඇදුනේ පැයට කිලෝමීටර්
විස්සකටත් වඩා අඩු වේගයක් .. බයික් වල ගිය අපේ ගෑනු කිච්චෝ කීපදෙනාට ඒක දෙයියෝ
දුන්න චාන්ස් එකක් වුණා.. මමත් අඩියෙන් අඩියෙ බයික්කේ බස් එකට කිට්ටු කළා ...
ගලප්පත්ති
බයික්කෙ උඩ හිටං උගේ ලේන්සුව අරන් බෙල්ල වටේ ගැට ගහ ගත්තා .. ගලප්පත්තිට සප් එක
දෙන්න රත්නායකගේ බයික් එකේ උන්න සමීරයත් නැගිට්ටා .. අන්තිම බයික්කේ උන්න තාපසයා
නම් යන්තම්වත් හෙල්ලුනේ නෑ .. ඌ ලබ්බ තිබ්බා වගේ වාඩි වෙච්ච විදිහට ගුලි වෙලා
උන්නා .. ඒ උගෙ හැටි .!
ගලප්පත්ති
අත් දෙක උඩට උස්සලා උදාර ලීලාවෙන්.. සිංහ සෙයියාවෙන් උගේ නම්බර් එක ඇල්ලුවා ..
වන්ටූ තී .. වන්ටූ තී
ආයු බෝ වේවා !! මහ ... රජා
නනේ !!
මට බකස්
ගාලා හිනා ගියා .. බස් එකේ උන්නු කෙල්ලො ටිකකත් ගුලි කාලා වගේ හිනා වෙනවා .. බස්
එකේ කොන්දා පවා ෆිට් එකක් දාලා අපිට සප් එක දුන්නා .. ඉතින් හැමෝටම ආතල් ..
ඔය බස් එකේ
හිටියා .. ගලප්පත්තියාටම ගැලපෙන පොඩි කෙල්ලක් .. ඒකිගේ කටත් ගලප්පතිටම දෙවනි නැති
බව අපිට තේරුම් යන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ ..
ටික
වෙලාවකින් ගලප්පත්ති සමාන හැකර කටක් එක්ක, ආස්මි පාට හමක් තිබ්බ ඒ කෙලිපොඩ්ඩ
ගලප්පත්තිගේ සින්දුවට සප් එක දුන්නා ..
ආයි බූ
වීවා !!..
කෙල්ල
නාසික්‍ය රාගයෙන් ගීතය වළඳනවා ..
.. ෆට්ට ආතල්
බං .. උනුත් සින්දු කියනවා .. අපේ උනුත් සින්දු කියනවා .. අපි හෝන් ගහනවා . උන්
යාන්තමට නටනවා .. බස් එක ගැස්සෙනවා .. කෙල්ලො බොරුවට කෑගහගෙන වැටෙනවා .අපි හිනා
වෙනවා.. ආයේ ඒකාත්මික වෙනවා ..අඩෝ ඒ වගේ රට ආතල් ක්ලබ් වල නෑ ..
පාර දෙපස ඇළ
මායිමේ ගස් කොළං බෝමයි .. නෝමල් බස් එකක් නම් මේ වගේ ගස් වල වදින්නෑ .. ඒත් මේ
හදිසියේ ආපු දෙමහල් බස් එක අනික් බස් වගේ දෙගුණයක් උසයි .. ඒ නිසා ගස් වල අතු අතර
වැදෙමින් පැටලෙමින් බස් එකට ඉස්සරහට යන්ඩ පොඩි ගේමක් දෙන්ඩ වුණා ..
ටිකෙන් ටික
ඉස්සරට ගිය දෙමහල් බස් එක පාරට හුඟක් ඉහළින් තිබුන අඹ ගහක අතු වල වැදීගෙන ඉස්සරහට
ගියා .. ගහෙන් කඩා හැලුන අඹ මල් වැස්සට අපිව නැහැවුණා .. හින්දි ෆිල්ම් පරාදයි ...
සමීරයි විසිල් පාරක් ගැහුවා ..
ජීවිතේට එන
ලස්සන සීන් ඇස්පිය ගහන ඉක්මනට සුං වෙලා යනවා .. ඉතින් ඊළඟට ...
ඊළඟට බස්
එකේ වහල බකිනි ගහක පැටලුණා .. දැවැන්ත බස් එක බකිනි ගහේ අතු රිකිළි කඩාදාගෙන
ඉස්සරට ගියා .. තියරියට අනුව නම් සුවඳවත් බකිනි මල් වැස්සකින් පස්සෙන් එන අපි
නෑහැවෙන්ඩ ඕන.. ඒත් එහෙම වුණේ නෑ දෙයියෝ ..
බකිනි ගහේ
තිබුන දෙබර කූඩුවක පළුවක් කැඩිලා බස් එක
සහ බයික් අතර මැද පාරෙට වැටුනා .. ආයුබෝ වේවා ගීතය..දෙබර නාදය එක්ක රීමික්ස් වුණා
..
මම දුර
තියා බයික්කේ හරවා ගත්තට .. අනික් බයික් තුන සංගීතයෙන් මත් වෙලා බ්‍රේක් නැතුව
ගිහින් ඇවිස්සුන දෙබර රංචුව මැද්දෑවේ හිර වුණා ... ඉස්සරහින් ගිය රත්නායක කලබල
වුණා ... උගේ පල්සර් 135 බයික්කේ පාර මැද පෙරළුණා .. පිටිපස්සේ සින්දු කීව සමීර බිම දිගේ රෝල්
වුණා .. ක්ලච් එක මිස් වෙලා අමරෙගෙ බයික් එකත් නතර වුණා ..
බස් එකේ
උන්න කෙල්ලෝ විලාප දුන්නත් බස් ඩ්‍රයිවර් මොළේ ඇතුව බස් එක රේස් කරලා දුම් දාගෙන
ඉස්සරහට ගියා .. ඒ දුම නිසා සහ බස් එකේ දොර ජනෙල් නිසා දෙබර ඇටෑක් එකෙන් කෙල්ලො
බේරුණා .. කෙල්ලො ඉතින් මල් වගේ නොවැ .. දෙඹරන්ගෙන් බේරගන්ට එපෑ ....
අපිට මොකෑ
වුණේ ..?
මමයි
ගලප්පත්තියයි බයික්කේ නතර කරලා දුවගෙන ගිහින් එක තැන කැරැකැවෙමින්, දඟලමින් උන්න සමීරවයි රත්නායකවයි
ඇදලා අරං දුවන්න ගත්තා .. කුරුම්බැට්ටි වගේ විසාල දෙබරු දෙතුන් දෙනෙක් ඇඟේ හැප්පුණා
වුණත් එකෙක්වත් මට විද්දේ නෑ ..
අපි එතන
තිබ්බ පස් කණ්ඩියක් මුදුනිං පැනලා ගම මැදට දිවුවා .. පස්සෙන් ආපු දෙබර රැල
ගලප්පත්තිට විදගෙන විදගෙන ගියා .. ඌ කෑගැහගෙන මෙන්ටේරියා පඳුරු යායකුත් කඩා ගෙන
වෙන කොහේද දිවුවා ..
ලංකාවේ
ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට .. ඉතින් අපිත් ඇස්
මානේ තිබුන පන්සලට දිවුවා .. රත්නායක පන්සලේ කම්බි වැටට උඩින්
පැන්නා .. මං වැටට යටින් බඩ ගාගෙන ආවා .. විනීත විදිහට පන්සලේ ගේට්ටුවෙන් යන්න
දුවපු තාපසයා සුපිරි දෙඹර ප්‍රහාරයකට ලක් වුණා ..
පන්සලේ
පොඩි හාමුදුරුවෝ ඝාන්ඨාර කුළුණ ගාව වළඳක් හෝදනවා
.. ..
“සුවාමින්
වහන්ස !! .. දෙඹරු ඇවිත් ... !!”
ඔච්චර වෙලා
කට පියාන හිටි අපේ තාපසයා... ලතෝනි දීලා කෑගැහුවා ..
පිංවතුණි..
පිංවතියනි අහිතක් හිතන්ඩ එපා ..ඒ මර ළතෝනියට බය ගත්තු පොඩි හාමුදුරුවෝ ආවාස ගෙට පැනලා දොර
වහගත්තා ..
පන්සල්
වත්ත පාළුවට ගිහින් .. පූස් පැටියෙක්වත් පේන්ඩ නෑ .. පොඩි සාදු දොර අරින්නෙත් නෑ ..
කෙල්ලො
නැමති මිරිගුව පස්සේ ලුහු බැඳලා ..කරුමය නැමති දෙඹරුන්ගෙන් බැට කාලා , සංසාරේ
සෙත්ත පෝච්චි වෙච්චි අපි වගේ අයියලාට පන්සලෙත් පිහිටක් නැති හැටි ..
අපි පන්සල්
වත්ත වටේ දුවන්න පටන්ගත්තා ... බෝමළුවෙන් චෛත්‍යට , එතනින් පසු
බුදු මැදුරට , වැලි මළුවෙන්, වැසිකිළියට.... අපි නොනවත්වා
දුවමින් උන්නා ..
චෛත්‍ය පහු
වෙනකොටම .. මට දෙබරු තුන් දෙනෙක් විද්දා .. උරහිසට පිටට සහ ඔළුවට .. ටීෂර්ට් එක
ගසා දාලා මම තවත් හයියෙන් දීවා ..පන්සල් වත්තෙන් එපිට ග්‍රාමසේවා කාර්‍යාලේ ගාවට
කිට්ටු වෙනකොට දෙඹරුන්ට අපිව මිස් වෙලා උන්නා ..
සමීරට සහ
රත්නායකට දෙබරු හොඳට විදලා උන්නත් උන්ට එච්චර අමාරු නෑ.. නැතිනම් අමාරුව පෙන්නුවේ
නෑ .. යන්තම් දෙබර පැටවු දෙන්නෙක් විතර විදලා හිටපු තාපසයට මැරෙන්ඩ වගේ අමාරුයි ..
ගලප්පත්ති කොහෙ ගියාද දන්නෑ ..
ත්‍රීවීල්
එකක් කතාකරගත්තු අපි .. වැහි ආවර්ණ දාගෙන කවර් වෙලා ආයෙත් බයික් තිබුන තැනට ගියා
.. ගමේ අය එකතු වෙලා .. පොල් අතු පුච්චලා දෙබරු එලෝනවා ..
“ඔයාලත්
එක්ක ආපු කෙනෙක් වෙන්නැති අන්න හොඳටම දෙබරු විදලා”
ගමේ එකෙක්
එහෙම කියද්දි මට ඉක්ක වැටුනා ..
දෙබරු විද්ද
අපේ ඈයොන්ගේ හැඩ රුව බලන්ඩ ලස්සනයි.. ඇඟපුරාම ලාවුලු ගෙඩි වගේ ඉදිමුං ගෙඩි .. මට
පූතිගත්ත තිස්ස තෙරණුවෝ සිහි වුණා ..
ගමේ අයත්
එක්ක එකතු වෙලා ..අපි ගලප්පත්තිව වීල් එකකට දාගත්තා . අමාරුවෙන් හිටපු සමීරත්
තාපසයත් , අමරෙවත් ඒ වීල් එකේම පටෝලා..
රත්නායකයි මායි බයික් එකක් අරගෙන වෙඩිල්ල වගේ රෝහලට ගියා .. ඒ ගමන මගේ ජීවිතේටම
අමතක නොවේවි ..
ඉගිනියාගල
පාරේ කොණ්ඩුවටුවාන කෑම්ප් එක පහුවෙනකොට .. රත්නායකට සෙම වමනේ ගියා ..ඌ වේගයෙන් හුස්ම ගන්න පටන්ගත්තා ..මම පුළුවන්
තරම් වේගෙන් බයික්කේ පැදගෙන ගියා .. රෝහලේ ගේට්ටුව ළඟදි රත්නායක අන්තිම වතාවට වමනේ
කළා .. එච්චරයි ... !
එතනින් එහා
කේස් නෑ බං රත්නායකට අවුලක් වුණේ නැ .. හැබැයි දවස් හයක් දැඩි සත්කාරේ තපින්ඩ
සිද්ද වුණා ..
පුවක්
ලෙල්ලක් පොඩි කරලා උලාගත්තට පස්සේ මගේ දෙබර අමාරුව හොඳ වුණා .. ඒත් මං මගේ යාළුවෝ
සෙට් එක බලන්ඩ හැම දවසකම වගේ රෝහලට ගියා ..
විදින
තරමක් දෙබරු විදලා තිබුණේ ගලප්පත්තිගේ තට්ටං දෙකට .. සිල්ක් රෙද්දෙන් මහපු කලිසමක්
ඇඳගෙන උන්න නිසා වෙන්නැති උගේ පස්ස වංගෙඩියක් තරමට වෙනකම් ඉදිමිලා තිබුණා ..මට තාම
මතකයි ඇඳේ මුනිං අතට දපලා ඉන්න ගමන් ඌ කොච්චරවාත් සිගරට් ඉල්ලමින් මට වාත වෙච්ච
හැටි ..
“සඳරුවා
හොරෙන් බොන්ට බ්‍රිස්ටල් ගෙනෙංකෝ ..”
ඒ
ගලප්පත්තිගේ හැටි . තට්ටං කපලා ඉවත් කරත් ඌට ඕන සිගරට් ..
ගලප්පත්ති
රෝහලේ උන්නු දෙවනි දවසේ ඌව බලන්ඩ අමුත්තියක් අවුදිං හිටියා .. රෝහල ඇතුළට යන්ඩ
පාස් නැති නිසා ඒ අමුත්තිය සහ එයාගේ සහයට ආපු පරිවාර ඉස්තිරික්ක තුන රෝහලේ
සිකුරුටි කාමරේ නැංගුරං දාගෙන හිටියා ..
ගලප්පත්තිට
සිගරට් ගේන්න හිතාන ඔතනින් එළියට යමින් උන්න මට රෝහල් සිකුරුටි මහත්තයා කතා කළා .
“මල්ලී .. ඔයා නේද දෙබරු විදපු අය බලන්ඩ ආවේ ..”
“ඕ ..”
“මේං මේ නංගිලත් ඇවිත් ඉන්නේ එයාලව බලන්ඩ .. ඔයාගේ පාස් එකෙන්
එක්කෙනෙක් ඇතුළට එක්ක යන්න පුළුවන් ..”
ඒ ඇවිදිං
හිටියේ තට්ටු දෙකේ බස් එකේ නාහෙං සින්දු කියපු .. ආස්මිපාට හමක් තිබ්බ පුංචි නංඟි
..
“අයියී අර
අයියීලට දැන් හුඳයිද ?” ඒකි ඇහුවෙ නාහෙන් ..
“ඔය
අපූරුවට ඉන්නේ..”
“අර
ගලප්පත්ති අයියට කොහොමද ?”
අප්පා මේකි
උගේ නමත් දන්නවා .. මං නම් දන්නෑ ඒ කොහොමද කියලා ..
“ඌට නංගී
හොඳට ඇවිදින්න පුළුවන් .. ඒත් ඉඳගන්න බෑ .. පස්ස පැත්ත නිල් වෙන්ඩ දෙබරු විදලා ..”
“මට බලන්ඩ
පුළුවන්ද ?”
“මොකද්ද
..උගේ පස්ස පැත්තද ?”
“චිකේයියා
!! නෑ හලෝ .. එයාව .. ”
“යං මං
එක්ක යන්නම් ..”
ගලප්පත්තිගේ
නිල් වෙච්චි, තටටම බලන්ඩ
ඒ ගෑල්ලමයා ආපු ගමන ටිකක් දුරදිග ගියා .. නාහෙන් කතාකරන ගාමන්ට් නංඟි සහ මගේ
යාළුවා ගලප්පත්ති හඳ පානේ පැනලා ගිහින් කසාද බැන්ඳා ..
කරුම පිට
කරුම .. කෝටියක් ආවත් කමක් නෑ .. අන්තිමට හරි පුංචි ආතල් එකක් දැනුනනම් ඒ මදෑ බං
ජීවත් වෙන්න ..
ගලප්පත්තිගේ
කසාද පාටියේදී මං ඉස්ම යන්ඩ බීලා . පිස්සු නටලා .. ගලප්පත්තිට අත මිට මොලවපු
ලියුම් කවරේ ඇතුළේ රුපියල් දාහකුත් එක්ක… මං වෙරි පිටම ලියපු මේ කවියත් තිබුණා..
අරුමයක්
හොයං අපි ජීවිතේ ගෙවනවා
බුරුමයක්
වගේ එක තැනම කැර කැවෙනවා
උරුමයක්
තිබුණොතින් පැරදුණත් දිනනවා
කරුමයක්
ගෙවෙන තැන ..සැමරුමක් තියෙනවා ..
සුබ
වෙඩිමක් මස්සිනා !!!
ඊට අවුරුදු
එක හමාරකට පස්සේ ගලප්පත්තිලා අසල්වැසි ග්‍රාමාරක්‍ෂක නිලධාරියෙක් එක්ක ඇති කරගත්ත
ආරවුලක් දුරදිග ගිහින් තිබුණා .. අන්තිමේට ඒ ග්‍රාමාරක්‍ෂක නිලධාරියා තමන්ගේ
රාජකාරි ගිනි අවියෙන්ම ගලප්පත්තිට වෙඩි තියලා මරලා දාලා ජීවිත කාලෙටම හිරේ ගියා ..
බ්ලොග් නොලියා හිටි අපිව ආයේ ලියන්ඩ ඇදලා ගත්ත බ්ලොග් වසන්තයට සප් එකක් දෙන්න . ඔබ කැමති ලිපි 5කට මනාපෙ දීලා එන්න ..
-------------------------------
ප.ලිබ්ලොග් නොලියා හිටි අපිව ආයේ ලියන්ඩ ඇදලා ගත්ත බ්ලොග් වසන්තයට සප් එකක් දෙන්න . ඔබ කැමති ලිපි 5කට මනාපෙ දීලා එන්න ..
96 comments:
හුහ්.. හින්දි පිලුමක් වගේ.. උඹ අතරමගදි දාපු උපහැරණ, සෝපාහාස ගොඩත් එක්ක මාත් උඹගේ බයික්කේ ගියා වගේම තමා.. නියමයි.. එක හුස්මයි. කෙලින්ම කමෙන්ට් තීරුවට.. බැක් ඉන් ෆෙෘ්ම් සඳරු..
එක හුස්මට ඔන්න කියවගෙන ගියා සඳරුවෝ.දෙබර රඟේ තේරෙන්න ඇනගෙනම බලන්න ඔනෙ..පවු යකෝ ඌ වෙඩි කාපු එක අපරාදෙ ජීවිතේ.මොනව නමුත් උඹ ආපහු ලියන්න ගත්ත එක නම් ජාති
උස්සල උස්සල උඩටගෙනල්ලා අන්තිමට දුක සහිත අවසානයක්
උස්සල උස්සල උඩටගෙනල්ලා අන්තිමට දුක සහිත අවසානයක්
උඹ ලියන ස්ටයිල් එක පෝඩ්ඩක් වෙනස් වෙලාද මංද සදරුවා.... බයිද වේ.. පට්ටයි අත්දැකීම දෙබරු කාල බොලා ආතබූත කඩාන දුවන හැටි මැවිලා පෙනුනා බොලේ
වෙසක් පොසොන් කාලෙට කුබෝටා,ලොරි පස්සෙන් බයික්කෙකක් ලයින් කරොත් නොම්බරයක් දී ගන්න ඇහැකි.කෝල් එක එන්නෙ හැරෙන තැපෑලෙන්.. හෙහ් හෙහ්
ජයවේවා..!!
හිටගෙන බයිසිකලේ යනව කියන එක පට්ට අවුලක් වෙන්නේ පදින එකාටනෙ. කොහොමත් උඹ ආයේ ලියන එක ලොකු දෙයක්. උඹ නොලියූ පාර බෝව හොයං අම්පාරේ එන්න කෙල්ලෙක් ලැහැත්තිඋනා කියලා උඹ දන්නවද ?
හිනාවෙලා පන ගියා බං, චන්ද දෙක තුනක්ම දාන්න ඕන මේකට
මේකට මාතෘකාව දාන්න තිබ්බේ "සුවාමීන් වහන්ස... දෙබරු ඇවිත්" කියලා :)
මරු... ෆිල්ම් එකක් බැලුවා වගේ.. දුකකින් අවසන් උණු එකයි අපරාදේ.. මෙහෙම අවසානයක්. අයියෝ..
adoo issara vagema pattama man ube blog eka kiyevve goda kalekin man hithan hitiye uba meka liyana eka navaththala kiyala sathutuy aye liyanava dakkama
ගලප්පත්ති මැරිච්ච කෑල්ල නැත්තන් නියම කථාව
/ පාර දෙපැත්තෙන් කොයි පැත්ත බැලුවත් ඇත් දල පාට කකුල් තියෙන කෙල්ලෝ රංචු පිටින් ඇලේ නාන විසුවල් ඕනෑ තරම් . /
අනේ..මේ..පල නරිය යන්ට..අපි නොදන්න අම්පාරෙ කෙල්ලො....ඇත්දළ පාට....හුහ්...එක්කො උඹ අම්පාරෙ කෙල්ලන්ගෙ කකුල් දැකල නෑ..එක්කො ඇත්දළ දැකල නෑ.
පලි - මල්ලි දැන්තමයි උඹ පරණ සඳරුගෙ ඉට්ටයිල් එකට ආයෙම එන්ටර් වුනේ...හෙහ්..හෙහ්..මම හිතන්නෙ පහුගිය පෝස්ට් දෙක නිකං ට්‍රයල් එකක් වහෙ.
රවි අයියෙ ඇද්දළ කියන්නෙ හෙණ කිළිටු පාටක්නෙ බං... ඉතිං සදරුවා වැරදි නෑ
මේන්න මේවනෙ මල්ලි කතා කියන්නෙ. උඹ උපහැරන දක්වමින් කියල තියෙන විදියට සිද්ධිය මැවිල පේනව බං. කොහොම හරි උඹල කාටවත් දෙබරු කාල කරදරයක් නොවිච්ච එක ලොකු දෙයක්.
//ලංකාවේ ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට// හැක්.. හැක්..
අන්තිමට දුක හිතෙන කතාවකින් ඉවරවෙච්ච එක තමයි මේකෙ තියෙන එකම අවුල.
අර රවී අයිය කියල තියෙන ඒව ඇත්තද බං.
මල්හතයි ඈ......උඹ, බුද්ධි වගේ උන් දිගටම ලියනවා කියන්නේ ඉතින් සිංහල බ්ලොග් අවකාසෙටම සදාකල් වසන්තෙ තමා.....
//ලංකාවේ ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට ..//
:D
වටිනා පාඩමකි!
එක හුස්මට.. ඉතාම රසවත්.. අවසානය නම් ඛේදාන්තයක්...
තව එකක් කියන්න අමකත උනා.
අන්ඩවෙයාර් එක උනත් පැලවෙනවනං උඹට තිබුනෙ එකක් හිටවන්න. එහෙනං පල නෙලල කොළඹ පටෝල උඹට හොඳ ගානක් හොයාගන්න තිබ්බ. හැබැයි හිටෝනකොට මතක ඇතුව හෝදපු එකක් හිටෝපං. හැක්..
තිසර කීවා වගේ මේකේ මතෘකාව වෙන්න තිබ්බේ"සුවාමීන් වහන්ස... දෙබරු ඇවිත්"
මරු.. ලිවීමේ උපරිමය !!
උඹ ආපහු ලියන එක ලොකු දෙයක් බං ..... ළඟදීම දවසක උඹත් වරෙන්, අපි ටිකත් පොඩියට ඇස් පුංචි වෙන්න මීටිමක් දාමු..... මම call එකක් දෙන්නං .....
//ලංකාවේ ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට // - හරියට හරි බං .... බලපන්කෝ මහ රජතුමා උනත් එහෙමනේ....
excellent reading. Thanks for starting to write again.
අන්ඩවෙයා එක යටින් නංපැලවෙන්න තිබ්බ වෙන මොනව හරි හැක්..
ඇත්තට ඇත් දළ පාටය කිවෙ විහිළුවට වෙන්න ඇති නේ...
මැවි පේනව අඩේ අ හින්දි කොමඩියක නළුවො සෙට් එකක් වගේ ගම පුරාම පළු පැලෙන්න දුවනව..
ගලප්පත්තිය නං පව්..උගෙ නෝන නමත්තැං ඊට වඩා පව්
උඹ නං පට්ට යකෝ... මොන විදිහෙං හරි උඹ ආපහු ලියන එක ලොකු දෙයක්. උඹ පළාත් පාලන ඡන්දෙ ඉල්ලපං. මං අම්පාරෙ පදිංචියට ඇවිත් උඹට ඡන්දෙ දෙනව.
//ජීවිතේට එන ලස්සන සීන් ඇස්පිය ගහන ඉක්මනට සුං වෙලා යනවා // එකෙන්ම...
ගලප්පත්ති මැරුවෙ ඇයි කතාවෙ අන්තිමට, හොඳට හිනාවෙවී කියවන් ආපු ලියමනේ?
උඩ කිව්ව වගේ ෆිල්ම් එකක්ම තමා. ජයවේවා...
එල සඳරුවෝ.. කවියත් එල. එත් යාලුවා අද මතකයක් විතරක් වෙලා... එතනදි පපුව කඩාවැටුන බං.
ඩ්‍රැකී, අපිත් එනව බං. මූ ඉල්ලුවොත් මූව ජනාධිපති කරල තමයි පස්ස බලන්නෙ. නැද්ද.
Aiyoh yaluwa maruna eka nam aparade. Kathawa nam elah 😄😄 wennema akarathabba ithin, hikz
Aiyoh yaluwa maruna eka nam aparade. Kathawa nam elah 😄😄 wennema akarathabba ithin, hikz
@රවී
මූ කියන්නෙ මේ මඩේ බැහැපු අැත්තුන්ගෙ දළ ගැන
අනම් මනම් එපා කතා මෙන්න ලියලා නියම කතා
පම්පෝරි නැ මෙතන කතා මන් ඔයාට සුහද ලතා
නියම කතාව බං අරූ වෙඩිකෑවෙ නැත්තං.
අපරාදේ එදා උඹටත් දෙතුන් දෙනෙක් ඇනලා දැම්මනං මෙලාට වපරේ තියෙන නංගි පැටික්කියෙකුටවත් කර ගාලා... ගල් ඔය අයිනේ පැලක් අටෝගෙන... නේද ඈ...?
බලහං දෙඹරත් උඹට හරහට ඉදලා තියෙන්නේ..
යකෝ මුලදි හින්දි පිචර් එකක් වගේ ගියාට අන්තිම වෙනකොට සංහල පිජර් නෙ. ශෝකාන්තෙකින් ඉවර වුණා
(අම්පාර ට ආයිත් එන දවස උඹ ටික ටික ලං කරකරනවා මල්ලියා)
අඩේ ගලයා එතකොට කූරියා ගැහුවද බං... බොරැ කියන්න ඕනෙ නෑනෙ උඹ මේ කතාවෙ හෙඩිමට "නිල්පාට තට්ටම්" කියල දාල තීන කොට මගෙහිතේ ලාවට පොඩි වලත්ත ගතියකුත් දැනුනා.. දිගටම ලියපං සදරෑ උඹ කතාවක් දානකං මග බලං ඉන්නේ..පුලුවං හැමවෙලාවකම ලියපං...
/- .. ෆට්ට ආතල් බං .. උනුත් සින්දු කියනවා .. අපේ උනුත් සින්දු කියනවා .. අපි හෝන් ගහනවා . උන් යාන්තමට නටනවා .. බස් එක ගැස්සෙනවා .. කෙල්ලො බොරුවට කෑගහගෙන වැටෙනවා .අපි හිනා වෙනවා.. ආයේ ඒකාත්මික වෙනවා ..අඩෝ ඒ වගේ රට ආතල් ක්ලබ් වල නෑ ..-/
මේ වගේ ආතල් අරන් තියෙනව. එකෙන්ම මැවිල පේනව ඒ වෙලාවෙ ආතල් එක.
ඔහොම දෙබරු ඇනල බේරුන එක හොදයි. අපේ පැත්තෙ කෙනෙක් මැරුන ඔහොම 40ක් විතර ඇනල.
“සුවාමින් වහන්ස !! .. දෙඹරු ඇවිත් ... !!”
ඔච්චර වෙලා කට පියාන හිටි අපේ තාපසයා... ලතෝනි දීලා කෑගැහුවා ..
පිංවතුණි.. පිංවතියනි අහිතක් හිතන්ඩ එපා ..ඒ මර ළතෝනියට බය ගත්තු පොඩි හාමුදුරුවෝ ආවාස ගෙට පැනලා දොර වහගත්තා ..----------------> කථාවෙන් හොඳම කෑල්ල තමා මේක :-)
මරු කතාව...අන්තිම ටික තමයි අවුල...
සිනහා කඳුළු එනවා යනවා...මේ පෝස්ට් එක කියවගෙන පහලට යනකොට.
සඳරු....තාමත් උඹයි තරුව. ජය වේවා...!
සඳරු
තවම අවුරුදු නිවාඩුවට ගිය ගමන් ගමේද? කොහොම වුන්ත් ආයි ලියන්න පටන් ගත්තට සුබ පතනවා.මේක ලියල තියන ස්ටයිල් එකනම් මරු.
අදාලත්වය මදි ඒත් ඉඟිනියාගල දුම් කරවල මතක්වුනා
නියමයි මචන්
දෙබරු ඇන්නම නේද...ඔය ප්‍රියංකා චොප්‍රාගේ තොල් වලටත් පොඩි කාලේ දෙබරෙක් ඇනලා තියෙනවා...තොලේ පැත්තක් ඉදිමිලා තියෙන්නේ ඒකයි...
කථාවනම් පට්ට සුපිරි ඈ
නියමයි.. මීටර් සීය දිව්වා වගේ කියෝගෙන කියෝගෙන ගියා..
ජය වේවා..!
උඹගේ පරණ ස්ටයිල් එකට දැන් ගානට එනවා. ඒත් මට පොඩි දුකක් තියෙනවා උඹ නාගරීකරණය වෙලා කියලා. එහෙම හිතුණේ මට විතරයිද මන්දා ?
කමෙන්ට් දුන්නොදුන් කියවා ගිය සැමට ස්තූතියි ... කෂ්ටියට ප්‍රති උත්තර හෙට දෙන්නම් ..
ඔහොම අපිව අසරණ කරන්ඩෙපා යකෝ !!!
මනාප සේරම උඹේ පෝස්ට් වලට දෙන්න සිද්ධවෙනකොට අනික් එව්වොන්ට දෙන්නෙ ලබ්බද .…
//උස්සල උස්සල උඩටගෙනල්ලා අන්තිමට දුක සහිත අවසානයක්// * 2
//ලංකාවේ ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට ..//
:D
වටිනා පාඩමකි! * 2
//අපි නොදන්න අම්පාරෙ කෙල්ලො....ඇත්දළ පාට....හුහ්...එක්කො උඹ අම්පාරෙ කෙල්ලන්ගෙ කකුල් දැකල නෑ..එක්කො ඇත්දළ දැකල නෑ.// *2 :p
//සිනහා කඳුළු එනවා යනවා...මේ පෝස්ට් එක කියවගෙන පහලට යනකොට.
සඳරු....තාමත් උඹයි තරුව. ජය වේවා...!// * 2
මට කියන්න ඕනි වුනු ඔක්කොම මුන් කියලා..
දෙඹරු විද්දාම කොර වෙනවනේ බං... මගේ ගෙස්ට්ලා දෙන්නෙකුටත් එක පාරක් සීගිරියෙදි ඇන්නා... උන් දෙන්න කඩ්ඩේ හොඳම එකෙන් මට ඇන්නා...
දෙඹරු ඇවිත් කියලා මරු සෝ එකකුත් ආවා ඒ කාළේ...
අර ගාමන්ට් එකේ ලොක්කා කව්ද කියල කියන්නද....
පට්ට කතාව... හැමදාම වගේ,,,
උබේ බ්ලොග් එක පෙන්නුවා ඔෆිස් එකේ එකියෙක්ට.. එකී තනියම හිනා වෙනවා මේ දවස් වල
ජය,,,,
Patta sandaru aiye (y)
උඹටමනේ මෙහෙමෙ දේවල් වෙන්නේ සඳරූ. කතාව නැගලම ගියා. අරූට අන්තිම වතාවට වමනේ ගියයි කිව්වාම මම හිතුවෙ බඩු හරි කියලා.. එහෙම නිවිච්ච හන්දා හිත හදා ගෙන ටික වෙලාවයි ගියේ ග්‍රාමාරක්ෂකයා ඌට වෙඩි තිබ්බා.
අර ඉංග්‍රීසි හිරර් මූවීස්වලත් ඔහොමයි. ඔන්න කෙල්ල දුහුල් ඇඳුමක් ඇඳගත්ත කතා නායිකාව මහ රෑ පාලු ගේ හරහා යනවා බයෙන් බයෙන්. මිනී මරුවා ඕනෙම අඳුරු මුල්ලක හැංගිලා ඉන්න පුලුවන්. මෙන්න එක පාරටම පනිනවා ඇඟට. බැලුවාම පූසෙක්. යාන්තම් අපිට හුස්ම වැටෙන්න ගන්නවා. ඔන්න ආයෙම පනිනවා ඇඟට. අපි හිතන්වා පූසා තමයි කියලා. මේ පාර පූසා නෙවෙයි. මිනිමරුවා.
උඹලගේ ගම් පැත්තේ එන්න ඕනේ බොලව් ඔය ඩයල් ටික බලලා යන්න!
අච්චර හොඳට ලයින් එක දාගෙන ඇවිත් බඹරු මැද්දට පැනලා වැඩේ අබ්ලික් කෙරුවාම මට මතක් වුනේ උඹ අර වාතවක් කියලා තිබ්බේ "හරියනවා කියන්නෙ ඒ ලාගම කෙලවිමක් තියෙනවා" කියලා කිව්ව කතාව.
එනිවේ තපසයාගේ කතාව තමයි මරු.
කියවල ඉවර වෙනකන් දැනෙන්නේ වත් නැත්තේ මට විතරද? අවසානය දුකක්.
හැමදාම සඳරු අය්යෙ උඹේ කතා අතරමැද්දෙ හිනා ගිහින් අන්තිමට ඇහැට කඳුළක් එනවා.. ඒකම තමා මේ කතාවල තියෙන විශේෂත්වයත්..
//හීතල වතුර නාලා කොන්ඩේ පැත්තට පීරලා ප්‍රෙස් පිට හිටපු ගමේ කොල්ලන්ගේ කඩවසම් බව//
ආ බන්, නාන්න යනකොට පනා එහෙමත් අරගෙන යනවද ඒ පැත්තේ කොල්ලෝ?
දැන් ඉතින් ස්ට්‍රීට් විව් තියන හන්දා ඕන හැටියේ පොටෝ දාන්න බැරියෑ. බොහොම හොඳයි පින්තුරේ දාපු එකනම්. ඇත්තටම ලස්සන පලාතක් තමා. ඇත් දළ ගැනනම් මුකුත් කියන්නේ නෑ ඉතින්.
//ඊට අවුරුදු එක හමාරකට පස්සේ// කියනකොට මම හිතුවේ ළමයෙකුත් වඩාගෙන ආවා වගේ එකක් කියන්න හදනවා කියලා...ඒත් ...:(
කුබෝටාවේ කිව්වේ කුබෝටා බැකෝ එකේද ගල් රෝලෙද
උබලගෙ කතාවක් බලන්නත් ආසාවෙන් උන්නෙ,,,ඔය දෙබර,බඹර ප්‍රහාර ගැන නම් කියලා වැඩක් නෑ,,,හොදි ඕන් නැ
Harima apooruyi !Eka husmata kiyewwa.
ෆිල්ම් එකක් උනත් ගහතෑකි කතාවක්නෙ බං!
දෙබරෙක් ඇන්නාම ගලකින් ගැහැව්වා වගෙයි රිදෙන්නේ! මටත් එක දවසක එකෙක් ඇණලා තියෙනවා!
/.. අන්තිමේට ඒ ග්‍රාමාරක්‍ෂක නිලධාරියා තමන්ගේ රාජකාරි ගිනි අවියෙන්ම ගලප්පත්තිට වෙඩි තියලා මරලා දාලා ජීවිත කාලෙටම හිරේ ගියා ..//
සුන්දර කතාවක අසුන්දර අවසානය. වෛද්‍ය රුවන් ජයතුංග නිතරම මතු කරනවා මේ යුධ කම්පනයන් ගැන කාරණය. මට හමුවූ මිතුරු හමුදා නිලදාරීන් කීපදෙනෙකුම පැවසුවා (2011 පමණ) ඒ වනතුරුත් ඔවුන්ට යුධ මානසිකත්වයෙන් මිදීමේ හරියාකාර උපදේශනයක් නොලැබුන බව. මේ ප්‍රදේශවල ජීවත් වුන සාමාන්‍ය මිනිසුන්ට පවා යුධ ආතතිය දැනුන එකේ ග්රාමරක්ෂයෙකුට එය තරමක් තදින් දැනෙන්න ඇති. හරි උපදේශනයක් තිබුනා නම් අඩුම ගනනේ තුවක්කුව වෙනුවට අතපය පාවිච්චි කරලාවත් ඔහු නතර වෙන්න තිබුනා.
සරුසාර පොළොව ..අන්ඩවෙයාර් එක හිටෙවුවත් පැලවෙනවා ..මේ වගේ ලියන්න පුලුවන් වෙන කාටද බන්,,,,,
සදරුවා උඹගේ ගොඩක් කතා ඉවර වෙන්නෙ මොකක් හරි අවාසනවන්ත සිද්දියකින්නෙ බන්...
එක හුස්මට කියවගෙන ගියා.උඹ ආයෙ ලියන එක ගැන සතුටුය්..
ඇත්තටම හදවතින්ම සතුටුයි මල්ලි උඹ ආයෙත් ලියන්න ගත්ත එකට. සෑහෙන කාලෙකින් හොඳට හිනා උනා..! :D
දේශකයා: හින්දි ෆිල්ම් එකක තියෙන ස්ලෝ මෝෂන් ඒහෙමත් මේ කතාවේ තිබුණා බං ඒත් ඒක පෙන්වන්න විදිහක් නෑනේ උඹලට
-----------------------------------------------------------------
කස්ස= තැන්කූ කස්සා උදෙම්ම අවුදින් කතාව බලලා යමක් කියලත් ගියාට
-----------------------------------------------------------------
ChAnDiKa~ = දුක නැති අවසානයක් මගේ කතාවල නෑ මයි මචෝ .. කෙහෙන් ගියත් දුක ..
-----------------------------------------------------------------
Dilshan = ඔවු උඹලටම තමා තේරෙන්නේ .. සමහර විට ඉස්ටයිල් එක වෙනස් ඇති බං දැන් ගමේ උන්නා වගේ නෙවේ නේ .. උදේ ඉඳන් ඇහෙන්නේ.. මෝනිං.. වට්ස් අප් වගේ වචන
-----------------------------------------------------------------
ගස් ලබ්බ = හරියට හරි . අපේ අයියලත් වෙසක් බලන්න යන්නේ විසිටිං කාට් හදාගෙන ..
-----------------------------------------------------------------
surangamlr =අඩෝ ඒ කවුද කියලා කියපං .. ඔන්න උඹ මගේ කුතුහලේ ඇවිස්සුවා
-----------------------------------------------------------------
ඉවාන් පවුලූශා = පණ යවා ගන්ඩ එපා මස්සිනා තව කතා මග එනවා ..
-----------------------------------------------------------------
තිසර = සෙහ් මට ඒක මිස් වුණා මචෝ .. ඒක තමා හොඳම ටයිටල් එක
-----------------------------------------------------------------
නිර්මාණි = කරන්ඩ දෙයක් නෑ සහෝදරී ජීවිතේ කෙලවර දුකයි (ෆිල්ම් වලට නම් ටිකට් කඩනවා සල්ලි ඔය කොහෙන් හරි තියලා පලයල්ලා )
-----------------------------------------------------------------
pavithra rox =
පොඩි වැඩ කීපයක් සහ රස්සාවට හිර වෙලා හිටියා මචෝ ඒකයි ටික කාලෙකට සද්ද නැති වුණේ
ඉයන් = ඔයා දැකලා නෑනේ අයියා මෙහේ කෙල්ලංගේ සුදු .. සුදු නැතත් අපි එවුවා සුදු කරලා හරි ලියන්න ඕන නැද්ද .. තැන්කූ අයියා උඹ ඉස්සර ඉඳම්ම මට උපදෙස් දෙනවා .. එවුවට පිං
-----------------------------------------------------------------
Dilshan = මෂ්ෂිනා මේ අපේ ගමේ ඇද්දල ඇවිල්ලා ඔප දමාපු එවුවා හරි කෝචෝක් එපා .. වෙලාවක වරෙන් පෙන්වන්න
-----------------------------------------------------------------
සෙන්නා = බුද්ධි ලියනවා නම් අපි මොක්කුද බං .. වසන්තේ තියෙන්නේ උඹලෑ සප් එක නිසා
-----------------------------------------------------------------
Sa rasa = අනිවා අනිවා .. කෙලවා ගන්නෝ ටෙම්පල් රන්
-----------------------------------------------------------------
Tharurasi තරුරසී = ස්තූතියි තරුසි .
-----------------------------------------------------------------
ප්‍රසන්න = පටි ජොක්කු එහෙම හිටවන්නයි මං කල්පනා කලේ .. පල නෙලන කාලෙට වරෙන් අයියියේ ඉදිච්චි ජොකෙක් දෙන්නම්
-----------------------------------------------------------------
Buru Babe = තෑන්ක් මස්සිනා . මාතෘකාව වෙනස් වෙන්න තිබ්බා අපරාදේ
-----------------------------------------------------------------
සූටික්කා = අඩෝ කෝල් එකක් දියන් උඹ ගාව මගේ අංකේ තියේද .. නැත්තං ෆේස් බුක් එකෙන් අහපං .. මං දෙන්නං මීටිමක් දාමු
-----------------------------------------------------------------
Gishara Indeewarie = ආයෙත් පටන්ගන්නයි යන්නේ .. හෙට අනිද්දා දිහාට තව ටිකක් ලියන්නයි ඉන්නේ ..
-----------------------------------------------------------------
Mahesh Rathnayake = ගම පුරා අපි දුවද්දි අපිත් එක්ක ගමත් දීවා ඒවා ලීවේ නෑ ඉතින් ගමේ උන් නටපු නැටුං ලියන්ට ඉඩ මදි
-----------------------------------------------------------------
ඩ්‍රැකී= චන්දේ බෑ අයියා .. මට රැස්වීම් වල ඉස්ටේජ් එකට නැංගම කුනුහරප කියවෙනවා
-----------------------------------------------------------------
ලේපාට හීන = තැන්කූ මෙයා දුකකොටස ඇත්තම සීන් එකක් තමා ඒක නොදා ඉන්නත් හිතලා ඔන්න ඔහේ දැම්මා
මනොෂ් සඳරුවන් = මගෙත් එහෙමයි බං .. එකට හිටපු එකෙක් ගියා කීවම වැලඳෙන දුක හැමදාම බෝතලේකට සෙට් වුණාම ආයෙත් මතු වෙනවා
-----------------------------------------------------------------
ප්‍රසන්න = ජනාධිපති වුනොත් මං උඹව මාද්‍ය ප්‍රකාෂක කරලා තමා පස්ස බලන්නේ
-----------------------------------------------------------------
Mahesh Rathnayake = මොනා කරන්නද මචෝ උගේ ආයුස එච්චර වෙන්ටැ
-----------------------------------------------------------------
Anonymous = ඒ තැන්කූ සුවඳ ලතා .. ෆිට් එකක් දාපිය
-----------------------------------------------------------------
රාජ් = ඒ සීන් එක නොදා ඉන්නත් හදලා ඇයි ඒක වහන්නේ කියලා ඒකත් එකතු කළා රාජ් අයියා
-----------------------------------------------------------------
මාරයා = එදා වෙනකොට එකියක් උන්නා බං මේ ඊයේ පෙරේදා ඒකිට හැදුනානේ හොඳ කඩි කුලප්පුවක් ඉතින් ඒකි ගියා යන්ට මාව දාලා
-----------------------------------------------------------------
Ishara Gunawardana = මචං උඹ අම්පාරෙද ? අම්පාරේ එනවද .. මාව කන්ටෑක් කරගනින් ... මචං උඹ නම තියෙන්නෙ ඉෂාර කියලා ඒකයි මට මීටර් නැත්තේ
-----------------------------------------------------------------
තරු = මටත් අදටත් හිනා ගිහින් බොක සෙට් වෙන්නේ මේ කෑල්ල මෙනෙහි වුණාම මචෝ
-----------------------------------------------------------------
ඉන්ද්‍රජිත් = හැබෑව ඉන්ද්‍රේ මොනා කරන්නද බං මගෙත් අන්තිමේ ඔහොම වේවි
-----------------------------------------------------------------
ඉන්දික උපශාන්ත = තැන්කිවු ඉන්දික තරු නං පෙනිලා තියෙන්නේ මේ ටිකේ
-----------------------------------------------------------------
Anonymous = නෑ මං අවුරුද්දට ගෙදර ගිහින් ආපිට ආවා . දැන් ඉතින් ආයෙත් කොළඹ ඉඳන් ගමේ කතා මතක් කරමින් ලියනවා
-----------------------------------------------------------------
Pra Jay = සුහ් .. අම්මපා පට්ට කොරලි කරෝල තියෙනවා බං එහේ කෑ හැකි පොල්සම්බෝලයක් හදාගත්තානම් බත් හැලි පහ හයක් ..
Anonymous = අඩෝ තැන්කූ මචා !!
-----------------------------------------------------------------
මයියා = ඔවුවා දාන්ඩ එපා මේ අපේ කෙල්ලොත් දෙබරන්ට කියලා විද ගනීවි .. මචං මට හිතෙන්නේ ප්‍රියංකාගේ තොලට නෙවේ ලැම දිහාට ඔය දෙබරු විදලා තියෙනවා ..
-----------------------------------------------------------------
Liyanage Indunil = ජයම වේවා ඉඳුනිල් බොක්කෙන්ම තුති
-----------------------------------------------------------------
සුදීක = ඇත්ත උදේ ඉඳන් දැන් ඇහෙන්නේ වට්සප් මෑන් , පක් යූ මෑන් වගේ වදන් .. ඉතින් මාත් පක් වෙලා මචෝ
-----------------------------------------------------------------
පත්තර මල්ලි = ඒ අඩෝ මගේ පෝස්ට් වලට මොන ජන්දද මට උඹලෑ කමෙන්ට් එක මදෑ .. ඔය අනික් එවුන් ටික පොඩ්ඩක් දිරිමත් කරලා ගනිල්ලා ..
-----------------------------------------------------------------
කල්‍යාණ මිත්‍ර = තැන්කූ මස්සිනා තරු පෙනිලා ඉන්නේ අවුරුද්දට ගෙදර ගිහින් වියදං කරා පකීර් වගේ දැන් ඉන්නවා සුගතං වගේ
-----------------------------------------------------------------
මාතලන් = නෑ නෑ මස්සිනා ඒ දෙබරු ඇවිත් නෙවේ .. බඹරු ඇවිත් .. උඹ දැක්කද ඒ ෆිල්ම් එකේ ඇඩ්වර්ටයිසිංපාර පට්ටයි මාතේ පෝස්ටරයෙ මෙහෙමයි තිබ්බේ[ " බඹරු ඇවිත්" ඇවිත් ]
-----------------------------------------------------------------
Gayan Rupasinghe = දෙයෝ උඹ හදන්නේ මාව මොනරාගල බන්ධනාගාරේ කක්කුස්සි පාටියට යවන්ඩද .. අනේ ඔය නං කියන්ඩ එපා
-----------------------------------------------------------------
Shalika Ashan = #කනවා #රියෝ උඹත් මෙකේ .. අඩෝ මම හොඳටම දන්න කියන එකෙක් කියලා මෙතුවක් කල් කමෙන්ට් කලේ උඹ .. වරෙන් බොමු
-----------------------------------------------------------------
ඩූඩ් = අයියා මං උඹගේ කතා බලලා ටීවී ඇඩ් හදන්න උද්වීපනය වෙනවා කියලා උඹ දන්නවද ? අඩෝ උඹ ළඟ උන්නා නම් කකුල් දෙක අල්ලා වැඳලා වැඳලා මැරෙනවා යකෝ
-----------------------------------------------------------------
නාඩියා නාඩි රත්න = දෙයි හාමුදුරුවනේ වර .. මටත් ආතල් එකක් ගත හැකි .. මාව කන්ටැක් කරපිය
-----------------------------------------------------------------
Manoj Fernando = තාපසයාගේ තව කතා තියෙනවා මං වෙලාවක උඹලට කියන්නම් ඒවත්
-----------------------------------------------------------------
Salitha Rajamuni = තැන්කූ වේවා .. බොක්කෙන්ම
වැසි දැරිය = නංගියේ උඹලා යන්තම් හරි හිනා වෙලා ලේ පනිට්ටුවක් දෙකක් ක්ලීන් කරගත්තානම් ඒකම මට ඇති
-----------------------------------------------------------------
සයුරි = ඉතින් ස්ට්‍රීට් විවු තියෙන එකේ සයුරිටත් බැරියා අපේ ගං තුලාන පැත්තේ පොඩි රවුමක් දාලා එන්ඩ .. සමහර විට පාරෙ අයිනේ ඉඳන් මාත් මුණ ගැහේවි
-----------------------------------------------------------------
Anonymous= මොකක්දෑ ඒ ප්‍රශ්නේ .. මං තාම කල්පනා කරනවා
-----------------------------------------------------------------
ItalyDilan = ඉතාලි ඩිලාත් මට පේන්නේ දෙබර පාරක් කාලා පරාගනය වෙලා වගේ .. ඉතින් කියහං ඔය කතා අපිටත්
-----------------------------------------------------------------
තනි අලියා = හෙහ් හෙහ් සම්බාව්‍ය මන්ඩලේ ෆිල්ම් එකක් ..
-----------------------------------------------------------------
කකා= කොහොමද කකා දැනෙනෙ සප මගේ දෙබරු විද්ද පාරවල් තාම තියෙනවා උපං ලප වගේ එවුවා මැකෙන්නෑ
-----------------------------------------------------------------
SDC = තැන්කූ මචා !!
-----------------------------------------------------------------
Prasad Sanjeewa = අවාසනාවට ඇත්ත කතාවක් ප්‍රසා උඹලා ආයෙත් කියවන එක ගැන සතුටුයි
-----------------------------------------------------------------
පංසල් හන්දිය = බොකු බඩවැල් කඩාගෙන සතුට එනවා උඹ ආයේ ආවම .. උඹ එක වතාවක් මට කෝල් කළා .. ඒත් ඒ අංකේ දැන් වැඩ නෑ මචෝ ආයෙත් මැසේජ් එකක් හරි දාපල්ලා ..
සඳරුට දෙබරු අනි......ගලප්පත්තිගේ කතාව දුකයි.
ඇතා කළු වුනාට ඇත් දළ එච්චරම කළු නැහැනේ බන්...
අන්ඩවෙයාර් පැලකලාම පලගන්නේ වම්බටුයි, තලන බටුයිද.....
ඒ කියන්නේ දැන් දිගට ම ලියනවා නොවැ.... නේද????
මල් හතයි, බ්ලොගක් කියෙව්ව ද ෆිල්ම් එකක් බැලුවද? දන්නෙම නැතිව කොමන්ට් ලයින් එකේ.
වසන්තේ පිපුන මල් හැලුනාවෙ පුළුවන් වෙලාවට හිස් අහස සරසපන් මල්ලියේ.
ආතල් එක අන්තිම පේලි දෙක තුනෙන් කුඩු උනාට ,
ආයෙ ලියන්න ගත්තු එකට නම් උබට පින්
…ජයවේවා
ගොඩක් කල් ඉඳන් බ්ලොග් කියෙව්වත් ඔයාගේ බ්ලොග් එක කියවන්න ලැබුණේ අදයි.ඉස්සර පොස්ට් ගොඩකුත් බැලුවා ගොඩක් වෙලා.ඔයා ලියන විදිය හරිම සිත්ගන්නා සුලුයි.කියවනකොට අතාරින්න හිතෙන්නේ නෑ.
තමන්ගේ ජීවිතේ අත්දැකීම් නිසා තමයි එච්චර ලස්සනට ලියලා තියෙන්නේ.දිගටම කියවනවා මේ බ්ලොග් එක.
එන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ හින්ද.හිනා වෙලා පන යනවා බන් මේ කතා අහල.ඔය පොල් වගා ජනපදය හරහා නේද ඉගිනියාගල,බිබිල, පැතිවලට මන්ගච්චන්නේ.
මෙන්න ආපහු පරණ ඉස්ටැයිල් එකටම! නියමයි ඈ...
හිනා වෙලා හිනා වෙලා අන්තිමට පුංචි දුකකුත් ඉතුරු වුනා...
ම්‍ෙක කියවලා ඉවරවෙන කාෙට ඔපීසියෙ එවුන් හිතලා තියෙන්න්‍ෙ මං ගුලි කාලා කියලා.... ස්ටයිල් එක්‍ෙ පාෙඩි වෙනසක් දැනුනද මංදා.... ජය ව්‍ෙවා...!
ප.ලි.
අවසානය අවුල් සහගතයි. මුල් ටිකත් එක්ක බැලුවම....
දිගටම හිනා වෙවී ඇවිත් අන්තිමට කියලා තියන එක හෙන ගැහුවා වග්‍ෙ.
ස්ටයිල් එක්‍ෙ වෙනස හිංදද මංදා...
ම්‍ෙක කියවලා ඉවරවෙන කාෙට ඔපීසියෙ එවුන් හිතලා තියෙන්න්‍ෙ මං ගුලි කාලා කියලා.... ස්ටයිල් එක්‍ෙ පාෙඩි වෙනසක් දැනුනද මංදා.... ජය ව්‍ෙවා...!
ප.ලි.
අවසානය අවුල් සහගතයි. මුල් ටිකත් එක්ක බැලුවම....
දිගටම හිනා වෙවී ඇවිත් අන්තිමට කියලා තියන එක හෙන ගැහුවා වග්‍ෙ.
ස්ටයිල් එක්‍ෙ වෙනස හිංදද මංදා...
අදයි මෙහෙට ආවෙ මෙච්චර රහ බ්ලොග් කට්ටක් මට මිස් වෙලානෙ තිබ්බෙ අපරාදෙ :( ..කතාවනම් නියමයි කියෙව්වා කියෙව්වා එක දිගටම .. හැබැයි පව් අර ගලපත්ති
තාම මී මැසි ප්‍රහාර වලට විතරක් ලක්වෙලා තියෙන නිසා දෙබර ප්‍රහාර වල වේදනාව දන්නේ නැහැ...
කතාව කියවද්දී මැවිලා පෙනුනා...
දැන් පටන් ගත්තු එකේ දිගටම ලියමු...
මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ.
එල එල හිනාත් යනවා බන් ඒ උනාට ගලප්පත්තියට උන දේ දුකයි ...මගේ බ්ලොගය පැත්තෙත් වරෙන් ඔන්න සයිට් එකටත් එක් උනා http://kasikabal.blogspot.com/
උඹෙ පරණ පෝස්ට් එකක් වත් කියවන්න කියල හිතාගෙන නිකමට මේ පැත්තට ආවේ, ආයෙත් ලියන්න පටං අරං ජයවේවා !
පොල් වගා ජනපදය චාරිකාවක් අතරතුර මමත් කරක්ගහපු තැනක් බං...ඒ ගැන මම මුල් කාලෙම ලිපියකුත් ලිව්වා..ඔය පන්සලේ තියෙනවා පත සයිස් ගෙඩි හැදෙන අඹ ගහක්..පන්සලේ පිටිපස්සෙන් ගලන ඇළ පාරෙ වතුර ටික ගැන නොකියාම බෑ...දවස් දෙකක්ම නෑවා එතනින්...ඇගට දැනුන සනීපෙ කියලා වැඩක් නෑ...උඹ ආයෙ ගමේ යන දවසක උඹේ නඩේ එක්ක අඩියක් ගහන්න මමත් එන්නං...කථාව නියමයි..උඹට ජය !
හැමදාමත් වගේ එලද බ්‍රා
ගලයා මැරුණා කිව්වම දුක හිතුන
සඳරු, කතා නොකරන හදවත් ඇතුලෙ හිර වෙලා තියන කතන්දර දොරේ ගලාගෙන එන තරන් හදවත් ඇතුලට කතා කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ අතේ ඇඟිලි ගානට,, ඒ නිසා ලියන්න පටන් ගත්තු දවසෙ ඉඳලා අවුරුද්දෙන් අවුරුද්ද ටිකෙන් ටික අඩුවේගෙන යන හිත ඇතුලේ කතාව හිර නොකර දිගටම ලියන්න.. ඒ වගේම හදවතින් වැඩ කරන කාටත් පොදු පැරදුම් ගැන ඕනවට වඩ හිතන්නේ නැතුව ඉනිමඟක් හදාගන්න ඒ අත්දැකිම් එකත් කරලා...
කොලුවෝ !, උඹේ කතා , ලියන විදිය සුපිරී !, පුතෝ මොකද කාලෙකින් මොනවත් ලිව්වේ නැත්තේ ?, කරදයක්වත්ද ?
"උඹ ලියන ස්ටයිල් එක පෝඩ්ඩක් වෙනස් වෙලාද මංද සදරුවා....."ජිවිතේ හැම දේම වෙනස් වෙන එකේ එකේ ලොකු අරුමයක් නැහැ.. ලොකු හානියක් වෙලත් නැහැ වගේ තවම නම්....!
maru maru :D supiri
බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ලස්සන කතාවක්. අවසානය නම් පට්ට දුකයි. එක ලිව්වේ නැත්තම් පට්ට
test
Post a Comment
තැන්කූ බං