3.11.10

හිස් අහස හිස් උනු හැටි


කාලය:-1997
මාසය:- කියන්නේ නෑ

දිනය :- කියන්නේ නෑ

පලාත :- ලංකාවේ දුශ්කර පළාතක්


ඔය දුශ්කර පළාතේ ළමයෙක් හිටියා. ඒ වෙනකොට ඒ ළමයා ඉගන ගත්තේ 3 වන වසරේ . 1997 ඔය කාල වකවානුව හැමෝටම මතක ඇති . මිනීමරු කොටි රටම ගිනි තිය තිය හිටපු කාලයක් .

ඒ ළමයා ජීවත් උනේ කොටි තර්ජන වලින් තරමක් ඈත් උන පලාතක . ලස්සන ගෙදරක . ගෙදර හිටියේ ළමයයි , ළමයගේ මාස 3ක චූටි නංගියි, අම්මයි තාත්තයි විතරයි හැබැයි ඒ ගෙදරට වෙඩි සද්දෙත් ඉඳල හිටල නෑහුනාම නෙවේ. ළමයගේ තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක් ළමයගේ තාත්තා වැඩකරපු වසම තිබුනේ ටිකක් දුර කිලෝ මීටර් 150 විතර දුරින් . වැඩට ගියේ බස් එකේ . ළමයාගේ පොඩිකාලේ වීරයා තමයි ළමයගේ තාත්තා හොඳම යාලුවත් තත්තා. ඒ දෙන්න. දෙන්න ඒකාලේ හැමතැනම රවුම් ගහනවා . මේ ළමයා හරිම ආසයි තාත්ත එක්ක ඇවිදින්න. පොඩි කාලෙනේ .!

ළමයාගේ තාත්තා වැඩට ගියාම එන්නේ දවස් දෙක තුනකින් තමයි . ඉතින් මම මග බලාගෙන ඉන්නවා . තාත්තා එනකම් . ළමයගේ නංගිට නම් කිසිම ගානක් නෑ ඒ දවස් වල හිනාවෙන්න විතරයි පුලුවන් මාස 3යි නේ . ඉතිං ඔය පවුලේ අය හිනාවෙවී කාලයක් හිටියා….

ඔන්න අඟහරුවාදා දවසක තාත්තා වැඩට යන්නයි සූදානම. උදේ තාත්තා එක්ක ඇවිදින්න අර ආසාවක් ළමයගේ හිතට ආවා .ළමයා මොකද කරේ . බොරු ලෙඩක් ඇඟට ගත්තා . ඉස්කෝලේ යන්න බැරිවෙන්න .හැබැයි ළමයගේ තාත්තා ඒතරම් ලේසියෙන් රවට්ටන්න බැරි බවත් ළමයා දැනං හිටියා . ඒක නිසා ළමයා අමුතු වැඩක් කරා . උදේ තේ එක බීලා . කාටත් හොරෙන් ඇඟිල කටේ ගහලා ඇඳ ලඟ වමනේ කරා .මට හොඳටම අමාරුයි ඔලුව හොඳටම රිදෙනවා. එහෙම කියලා අඬන්න ගත්තා . ගෙදර අය රැවටුනා . තාත්තා ඉක්මනට ලෑස්ති උනා එහෙන්ම් අපි බෙහෙත් ටිකක් ගමු කියලා ඩිස්පැන්සරියට යන්න සූදානම් උනා. ඉතිං ළමයා ඩිංස් පැන්සරි ගියා බොරුවට බෙහෙත් ගත්තා . මගදී තාත්තා ලමයට සෙල්ලම් බඩුවකුත් අරංදුන්නා පැය 3 විතර ඇවිදලා . දෙන්නම ගෙදර ආවා දැන් ලමයට හරිම සතුටුයි . ඒත් ළමයාගේ තාත්තාට එදා වැඩට යන්න බැරි උනා .

අනිත් පහුවදා බදාදා උදේ උනා . ළමයාගේ තාත්තා ඉක්මනට වැඩට යන්න සූදානම් උනා .

“අද නොගියොත් වැඩ ගොඩ ගැහෙනවා ඔක්කොම හිර වෙනවා” කියන ගමං

ඉතිං ළමයාගේ තාත්තා උදෙන්ම නැගිටලා කෑමත් උයලා .ලමයට බත් කැවුවා, ළමයගේ නංගිටත් පුංචි බත් ඇටයක් කැවුවා . ළමයගේ අම්මා ළමයගේ තාත්තට ඉක්මනට බත් එකක් බෙදලා දුන්නා. ඒත් ! එක බත් කටක්වත් කන්න කලින් .. ඒ වීදුරු බත් පිගාන තාත්තගේ අත උඩම දෙකට මැදින් පැලුනා . කෑම වල රස්නෙට තමයි . ඒත් තාත්තට හිතුනේ නෑ මේ මොකක්ද උදේ පාන්දර උන අසුබ ලකුන කියලා. එයා වෙන පිඟානකින් කෑම කාලා . ළමයවත් ඉස්කෝලේට ගිහිං දාලා වැඩට ගියා .

දවල් උනා ඉස්කෝලේ ඇරිලා ලමය ගෙදර ආවා . ඒත් එදා . මහ නරකම නරක දවසක් . ළමයාගේ තාත්තා වැඩට ගිය පාරේ වාහන වලට කොටි දිගටම වෙඩි තියනවලු . බස් සේරම ආපහු හරවලා එවනවා . ළමයාගේ තාත්තා ගිය බස් එක ආපහු ආවා . ඒත් ළමයාගේ තාත්තා ඒකේ නෑ . ළමයගේ අම්මා බස් එකෙන් ඇහුවා මහත්තයා කෝ ? කියලා . ඩ්‍රයිවර් කිවුවා .එයා වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා වැඩට ගියා අපි නම් බස් හරවගෙන ආවා කියලා . ළමයයි ගෙදර අයයි නෑදෑයොයි තොරතුරක් එනකම් බලං හිටියා ….

එකපාරටම නිල්පාට ලොරියක් ඇවිල්ල ඒ අයගේ ගේ ඉස්සරහා නැවැත්තුවා. එකේ හිටියේ තුවක්කු ගත්ත හමුදාවේ කට්ටියක් බව ළමයා දැක්කා . එයාලා ලොරියෙන් බැහැලා ආවා. ඇවිල්ලල . ළමයගේ අම්මගෙන් මෙහෙම ඇහුවා. අදට අවුරුදු 14 කලින් උනත් ලමයට ඒ වචනටික මතකයි.

මහත්තයා ගෙදර ආවද ?
නෑ !

මේ .. මේ... මහත්තයාට පොඩි කරදරයක් වෙලා !

ඒක අහපු ගමං ළමයගේ අම්මා අඬපු හැටි ළමයට තාම මතකයි . අමතක වෙන්නේ නෑ කවදාවත්
ළමයට නම් හිතුනේ පොඩි තුවාලයක් වෙන්න ඇති පොඩි කරදරයක් නේ කියලා .

ටික ටික ළමයගේ ගෙදරට කට්ටිය පිරුනා කට්ටියක් ගෙදර කැලන්ඩර් අනික් පැත්ත හරවනවා , තව කට්ටියක් . උඩු වියන් බඳිනවා. ළමයා ඇත්තටම හිතුවේ මෙන්න මේවගේ දෙයක්.

පිරිතක් කියන්න යනවා ඇති තාත්තිට සනීප වෙන්න! කියලා !

ටිකකින් කට්ටියක් වාහනයකින් ලොකු පෙට්ටියක් අරං එනවා ළමයා දැක්කා . ඔවු ඒක මිනී පෙට්ටියක් ! මම ඒක අඳුරගත්තා ගෙදර සාලේ මැද ඒක තියලා කිහිපදෙනෙක් ඒක ඇරියා. ළමයගේ තාත්තා ඒකේ නිදාගෙන හිටියා. තාත්තගේ ඔලුව සම්පූර්නයෙන්ම වෙලුම්පටි වලින් ඔතලයි තිබ්බේ.කකුලත් අතත් ඒවගේ .

කෙනෙක් ළමයට කීවා පුතේ මේ ඉන්නේ තාත්තා. කොටි එයාට 4 පොලකට වෙඩි තියලා . …..බලන්න තාත්තා බස් හරවලා යවද්දීත් වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා නේ . ඊයේ නිවාඩු දාපු නිසා අද කොහොම හරි යන්න ඕන කීවලු.ලොරියට ආමි එකේ කට්ටියකුත් නැගලා ඉඳලා . කොටි ඒ සේරමලව මරලා …

………..ළමය ඒක ඇහුනම තේරුම් ගත්තා තමන් බොරු ලෙඩක් ගත් නිසා නේද මේක උනේ කියලා. ඒත් දැන් පරක්කුයි . ආයේ තාත්තා එන්නේ නෑ. ළමයා අම්ම දිහා බැලුවා අම්මට සිහිය නැතිවෙලා ඇඳක නිදිකරවලයි හිටියේ .!

1997 ඉඳලා අද වෙනකම් ළමයා තමන් ගත්තේ බොරු ලෙඩක් කියන එක කාටවත් කියලා නෑ !

ළමයා පොඩිකාලේ කාත් එක්කවත් කතානොකර ඉන්න උත්සහා කලා. වයස 18 විතර වෙනකොට මේ හිතේ හිරවෙච්ච රහස බර වැඩි නිසා බොන්න ගත්තා

. අදවෙනකම් ඒ ළමයා . …..ඒ විදිහයි.

ටිකක් ඉගන ගත්තා , ගොඩක් බිවුවා යාලුවොත් හදාගත්තා ජොබක් හොයාගත්තා . ඒත් එයාගේ ජීවිතේ හිස් !

………තාත්තා නැතිවෙලා අවු 14 වෙන දවස ලඟම එනවා .

තාත්තගේ අවු 14 දානයට සහභාගී වෙනකොට වෙනදා වගේ නැතුව මේක කාට හරි කියලා .හිත නිදහස් කරගෙන ඉන්න ඕන කියලා ලමයට හිතෙන්න ඇති..මොනව උනත් ඒ තමන් කලේ සමාව දෙන්න බැරි වරදක් බව ළමයා නොදන්නවා නෙවේ !

ඔයාලට හිතෙන්නේ තාත්තගේ මරනෙට ළමයා වග කියන්න ඕන කියලද ?















50 comments:

dinesh said...

ළමයගෙ කිසි වැ‍රැද්දක් නෑ සහෝ.තාත්ත ගෙනාපු ආයුෂ එච්චරයි.ඒ ගැන හිතල ඌ බොනව කියන්නෙනම් තාත්තට කරන ලොකු අගෞරවයක්.ඔය වාගෙ සිද්ධි අපේ හිත්වලට කා වැදුනම ඒක මැරෙන තුරාවටම හිතට වද දෙනවා.මටත් මම නිසා අපේ අම්මට විදින්න උන කරදරයක් ගැන හිතට ලොකු වදයක් තියනවා.ජීවිතේ හැටි ඔහොම තමයි.අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා.තාත්තගෙ හිතේ ළමය පොඩිකාලෙ හීන ගොන්නක් තියෙන්න ඇති.ළමයගෙ යුතුකම තමයි තාත්තගෙ ඒ බලාපොරොත්තු පුළුවන් උපරිමයෙන් ඉ‍ටු කරන එක.

මාරයාගේ හෝරාව said...

ළමයාට මට කියන්න තියෙන්නේ..ඒ ළමයින්ගේ හැටි..ඒවාට වැරදි කියලා කියන්නේ නැහැ.

හා පැටික්කි (MS) said...

දිනේෂ්ගේ කතාවත් එක්ක මාත් එකඟයි........ මාරයියත් හරි.
ළමයාගේ යුතුකම ඒ ගැන පසු තැවෙන එක නෙමෙයි. ඊටත් ළමා කමට කරන වැඩ වල හරි වැරදි හොයන්න ළමයි දන්නැහැනේ.... අද ඒ ගැන තේරුම් ගත්තට එදා.......
අර දහජරාවෙන් ජීවිතේ විනාශ කර ගන්න එක නවත්තන්න.... තාත්තා වෙනුවෙන් නංගිවයි අම්මාවයි හොඳට බලා ගන්න.... තාත්තා බලාපොරොත්තු උන විදියේ හොඳ පුතෙක් අයියෙක් වෙන්න..... අද ඉදන් උත්සාහ කරන්න බීමෙන් ඈත් වෙන්න....... ඔයාට පුළුවන්..... පුංචි හිතෙන් ලොකු දෙයක් දරා ගත්තු ඔයාට දැන් ඒක කොහොමටවත් බැරි කමක් නැහැ.....

sahan ළියනගෙරත්ගමයා said...

අයියා ඕකට පලි නෑ...නොබී ඉන්න....
දැන් ජීවිතේ වෙනස් වෙන්න යන්නේ..ලස්සන වෙන්න යන්නේ
බොනවට අම්මවත් අර පුන්චි කෙල්ලවත් කැමති නෑ නේ...
ලසනට ජීවත් වෙන්න
එතක්කොට ඒ දිහා බලලා තත්තා කොහේ හරි ඉදන් හිනා වේවි..

C0de BlUe said...

මමත් උඩ තුන්දෙනා එක්කම එකඟයි ...

තාත්තා ගියා කියලා ඒ ලමයා බොනවා නම් , ඒක තාත්තට කරන අගෞරවයක් .. , තාත්තා කොහේහරි හොඳ තැනක ඉඳගෙන ලමයා දිහා බලාගෙන ඉන්නේ... ඒක නිසා ලමයට කරන්න පුලුවන් හොඳම දේ තමා අර තාත්තා බලාපොරොත්තු වුන රටට වැඩදායික පුද්ගලයා ලමයා තුලින් ඇතිකරගැනිම ... එදාට ලමයාට හිනැහෙන්න පුලුවන් ලමයා දිනුවා කියලා .... ජය !!!

Anonymous said...

මෝඩ මී හරකෝ... තොගේ අහස තවත් හිස් නෑ බොල. පුංචි කෙල්ලෙක් ඉන්නවා උඹට, ඒ මදිවට තව මේ හැත්ත බුරුත්ත පිටින් යාළුවෝ තොගේකුත් ඉන්නවා. අම්මපා තෝ මට හම්බුනොත් කනට 2ක් ගහලා උඹට මේ ටික කියන්නේ මතක තියාගං ඒක. මිනියෝ උඹ වැරදි නෑ ඒකට. මමත් ඔය වගේ තමා මගේ තාත්තා අනුරාධපුරේ වැඩ කරද්දී. සෙනසුරාදා ඈවිත් එයා ඉරිදා යනවා. මමත් මොනා හරි ලෙඩක් ගත්තම ආයේ තාත්තා යන්නේ අගහරුවාදා, නැත්තං බදාදා.
අපි හැමෝම එහෙම තමා බං. තවත් උඹ වැරදි කාරයෙක් කියලා හිතන්න එපා. දැන්වත් උඹේ අම්මගැනයි, අර පුංචි කෙල්ල ගැනයි හිතලාවත් බොන එක අඩුකරන්න එපා... නවත්තලා දාපං. අයෙත් කි​යන්නේ තොගේ අහස තවත් හිස් නෑ හරී....

Anonymous said...

අමතක වුනා කියන්න, උඹට නංගි කෙනෙකුත් ඉන්නවානේ බං.. උඹ බීලා ජීවිතේ නාස්ති කරත්තම ඒ ගොල්ලන්ව බලාගන්නේ පොලිසියෙන්ද? දැන් උඹේ ජීවිතේ වාසනාවන්තයි නේ. දැන් ඉතිං ටික ටික පිළියෙල වෙයන් ... වෙඩිමට. ජයවේවා.

මකුළුවා..... said...

මචං මකුළුවට අනුව නම් උඹ වැරදි නෑ....මොකද උඹ බලපන් බස් එකේ ඩ්‍රයිවර් කියලා තියෙන කතාව "එයා වැඩට යන්නම ඕන කියලා ලොරියකට නැගලා වැඩට ගියා අපි නම් බස් හරවගෙන ආවා කියලා"...ඉතින් හිතන්න තාත්ත මොන දේ කරත් එදා වැඩට යනවාමයි.මම ඔය දෛවය,ආයුෂ,හොල්මන් වගේ දේවල් නම් විශ්වාස කරන්නේ නෑ.හැබැයි බුදු හාමුදුරුවන්ට අනුව කර්මය කියන දේ කොයිවෙලේ හරි පල දෙනවා.හැබැයි මචං උඹ තාත්තා නැති වුනේ උඹේ වැරැද්දෙන් කියලා උඹ බොන්න පටන් ගත්ත නම් උඹ ජීවිතේ කරලා තියෙන ලොකුම වැරැද්ද ඒක.පුළුවන්නම් ඒක නවත්තලා දාපන්.මොකද උඹේ අවිනිශ්චිත ආදරය වුණත් උඹ බොන එකට කැමති වෙන එකක් නෑ මචං.තාත්තට වුණත් ගෞරවයක් ලැබෙන්නේ එතකොට......

Aditha Jayasuriya said...

මමත් කියන්නේ අයියගේ කිසි වැරැද්දක් නෑ.තාත්තා ගේ පවු පින් අනුව තාත්තට ජීවත් වෙන්න පුලුවන් එච්චරයි.අනිත් එක අයිය කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි නේ.දැන් ඔයාගේ ජීවිතය හුඟක් වාසනාවන්තයි. ඒ හින්දා බීලා ජීවිතය අවුල් කරගන්නේ නැතුව ඉන්න.
ජයවේවා!

Hansi said...

මටත් හිතෙන්නේ ළමයා වග කියන්න ඕනි නෑ කියලයි,ඒක තාත්තගෙ වෙලාව

හිස් අහස said...

dinesh, මාරෙ අයියේ,හා පැටික්කි,ර ත් ග ම යා,Unknown_User/හිඟන්නා,prasanna86k,මකුළුවා,අදිත ජයසූරිය,Hansi.හැමෝටම කියන්නේ . කතාව කිවුව එකෙන් පරන මතකය අලුත් උනා. පොඩි සහනයක් ලැබුනා තමයි... . ඔය හැමෝම මගේ හොඳම යාලුවෝ . අද මට වචන එන්නේ නෑ . වැඩිය කියවෙන්නේ නෑ .

අද බීවේ නෑ ...කොහොමහරි නවත්වනවා ...

Anonymous said...

ඇති යන්තං මොලේ පෑදිලා...

Anonymous said...

හිස් අහස ටික ටික නිල් අහසක් වෙයි කියල මට හිතෙනවා...
සුබ පැතුම් ....

හිස් අහස said...

එහෙම හිතමු "වත්" අක්කේ !

ජයවේවා !!

Anonymous said...

වෙන්න තියන දෙයක් වලක් වන්න කාටවත් බෑ අයියෙ.... ඒක ඔයා තාත්තට යන්න දුන්නත්ත් ඒ දේ වෙන්න තියනවනම් ඒක වෙනව... ඒත් වෙන දෙයක් නවත්තන්න පුලුවන් නේ... බීල ජීවිතෙ කාලකන්නි කරගත්තොත් ඔයාගෙ අම්මටයි නන්ගිටයි අර අනිත් නන්ගිටයි වෙන්නෙ මොනාද කියල හිතුවද? ඒ අය ගැන හිතලවත් නොබී ඉන්න බලන්න....

හිස් අහස said...

@Anonymous = මාව සැනසුවාට ගොඩක් ඉස්තූතියි, මම නොබී ඉන්න බලන්නම්

Anonymous said...

එල අන්න එහෙම තමයි ඉන්න ඕනෙ නියම පිරිමියෙක් වගේ.....

පිස්සා පලාමල්ල said...

මුලින්ම මම මේ කත කොරන විදියට උබ අමනාප වෙන්ට එපා මලේ... ඒ මගේ හැටි.. උබේ බ්ලොග් එක කොනක ඉදන් කියවන් යද්දි මේක දැක්කේ...

ඈ බොල මී හරකො... තෝ බොන්නේ ඒකද ?? එහෙනම් තෝ අමුම අමු මී හරකෙක්... කොල්ලො අපේ ජීවිත ඇවිල්ල ලියපු පොතක්... අපි ඒක රගපානවා... ඒක ලියවිච්ච විදිය තමයි ඔය... උබේ වරදක් නෙමෙයි. උබ එහෙම හිතල පිස්සු කෙලින එකෙන් උබට තියා ඒ තාත්තට වත් සැනසීමක් නැහනේ...

මේ මමත් බොනවා.. ඒත් ඔහොම දිවලට බොන්න එපා...

සංකල්ප said...

සදරු වගේ පුතෙක් ජාතක කරවපු පියාට මං හිස නමා ආචාර කරනවා !!!!

මොනවා උනත් අප්පච්චි ගෙනාපු ආයුශ ඉවර වෙන්න ඇති සහෝදරයා. ඉස්සරහට කරන්න තියෙන්නේ අම්මවයි නංගිවයි හොදින් බලා කියා ගන්න එක හිත ධෛර්යමත් කරගන්න සහෝදරයා ආපු මග කෙටියි. ගොඩක් දුර යන්න තියෙනවා.

හිස් අහස said...

@පිස්සා පලා මල්ල , @ මදුරංග

සහෝදර වරුනි මම දැන් මට දැන් මේ පෝස්ට් එක දාපු එකට අපරාදේ කියලා හිතෙනවා ..

ඔයාලට පිං සිද්ද්වෙනවා මගේ හිත හදනවට .. ඒත් මගේ හිත එහෙම ලේසියෙන් හැදෙන එකක් නෑ ..

Nuwanga said...

ඇයි ඒ?

osanda chamupa said...

heloo ayye oya nikan oyage jeewithe nasthi karaganne epa jeewithe bohoma keti eka nisa hodin jeewathwela pindaham karala inna bye

Nature Lanka said...

මමත් කියන්නේ අයියගේ කිසි වැරැද්දක් නෑ.තාත්තා ගේ පවු පින් අනුව තාත්තට ජීවත් වෙන්න පුලුවන් එච්චරයි.අනිත් එක අයිය කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි නේ.දැන් ඔයාගේ ජීවිතය හුඟක් වාසනාවන්තයි. ඒ හින්දා බීලා ජීවිතය අවුල් කරගන්නේ නැතුව ඉන්න.

අලුත් කොල්ලා | The New Guy said...

මචං පසුතැවෙන්න එපා..... වෙන්න තියෙන දේ කොහොම උනත් වෙනත් විදියකින් හරි වෙනවා.......හොඳම දේ වර්තමානයට මූණ දීම තමයි.....

http://aluthkolla.blogspot.com

Anonymous said...

සඳරු, මම සිංහල blog අවකාශයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නෙවෙයි. ඒත් මේ blog එක අග ඉඳන් මුලටම කියෙව්වා. මේ post එක දැක්කමනම් දරා ගන්න අමාරු දුකක් දැනුනා. හැම වචනෙකින්ම පෙනුනේ වේදනාව, පසු තැවීම. ඒත් ඒක එහෙම වෙන්න ඕන නෑ. ඒ වැරැද්ද, තාත්තට තියන ආදරේ නිසා බොරු ලෙඩක් ගත්තු අහිංසක ළමයෙක්ගේ පිටේ පටවන්න තරම් කවූරුවත් මෝඩ නැහැ. වැරැද්ද කරේ තාත්තට වෙඩි තියපු උන්. උන් ඒකට විඳවන්න ඇති. කිසිම තේරුමක් නැතුව තමන්ගේ ළමයා නාස්ති වෙන බව තාත්තා දන්නවනම්????

මැරිච්ච තාත්තට අගෞරාවයක් වෙන්න ඉඩ තියන්න එපා. මේ දේ මට උනානම් සමහර විට මම උන්ගෙන් පලි ගන්න හමුදාවට බැදෙයි. එහෙම බැරිනම් අඩු තරමේ හොඳ පුතෙක් වෙන්න උත්සාහ කරනවා. මාස ක් වත් තාත්තගේ ආදරේ නොලබපු නංගිට හොඳ තාත්තා කෙනෙක් වෙනවා. තමන්ව පහලට ඇදල දාන්න හදන අයට අභියෝගයක් වෙන්න. අතින් පයින් නෙමෙයි, ඔලුවෙන්. එතකොට තාත්තා ආඩම්බර වෙයි.

P.S - ඊයේ ඔසාමා බින් ලාඩන් මරපු දවස. ප්‍රභාකරන් මැරුවට අවු 2 කට පස්සේ. President Obama announced "Justice has been done to all the families who suffered from terror attacks including 911". ඇත්ත ඊයේ මිනිස්සුන්ට පුදුම සතුටක් තිබුනේ. මට මතක් උනා ප්‍රභාකරන් මැරුන දවසෙත් අපේ මිනිස්සුන්ට මෙහෙම දැනුනා නේද කියලා. So "Justice has been done" to all of us including your father. The ones who should suffer, did suffer.

ලකී සිරි said...

දුක් වෙන්න එපා මලේ....ඒත් උඹ ප්‍රශ්නෙට මුහුන දෙන විදිහ නම් හරිම අසාධාරණයි. මම ගොඩක් දෙවල් කියන්නෙ නැහැ. උඩ තියන කොමෙන්ට්ස් වලින් ගොඩාක් දෙවල් දැනටමත් කියලානේ.....
....................................................
......................................................
..................................................
ගොඩක් දිගට ලියලා මම සේරම ආපහු delete කලා මල්ලි.
මොනවාටද උඹගෙ හිත රිද්දන්නෙ.

ඒත් බොන්න එපා මල්ලියෙ...ඒක තාත්තාට කරන අගෞරවක්...

තිශ් said...

මං දැන් ගොඩක් වෙලා ඉඳං ඔයාගේ පලවෙනි පොස්ට් එකේ ඉඳං ආයෙමත් කියවගෙන එනවා සඳරු..මට මේ පොස්ට් එක මතකයි.ඒත් එදා මොකක් හරි හේතුවකට මේක මට මුකුත් ලියන්න බැරි උනා.මං දැක්ක විදියට මේක ඔයාගේ 10 වෙනි ලිපිය.ඇත්ත ලෝකේ මෙහෙම විඳවන කොල්ලෝ තවමත් ඉන්නවා කියල දැනෙන්නේ මේවා කියවද්දී සඳරු..මේ පොස්ට් එක කියවද්දී දැනගත්තේ උඹත් මාත් දෙන්නම කලබල කාලේ ඉපදුන දෙන්නෙක් කියල.තාත්ත කෙනෙක් නැතිව අම්ම කෙනෙක් දරුවෝ දෙන්නෙක් හදන්න විදින දුක මං අපේ අම්මගෙන් දැක්ක මචන්.උඹට තියන සමහර අත්දැකීම් මං තවම අත් විඳලා නෑ.
මට තව උඹේ පොස්ට් 48 ක් කියවන්න තියනවා..අද කීය වෙනකල් හරි කියවනවා.. දිගටම ලියපන්....

තාරක Dilsh@n said...

මචං උඹේ හිතට එහෙම දැනෙන එක සමහර විට තාමත් උඹට නවත්තගන්න බැරුව ඇති. ඒත් එහෙම උනා කියල උඔ බිබී උඹේ ජීවිතේ නාස්ති කරගෙන, අර අම්මටයි නංගිටයි බරක් වෙන්නද ඕනේ? නෑනේද?
තාත්තා ඒතරම් රස්සාවට කැප වෙලා වැඩ කලේ ඇයි? උඔලට හොඳ අනාගතයක් දෙන්න නේද? තාත්තා නැති වුනාට පස්සේ අම්මා කොච්චර දුකක් වින්ඳඳ අයියවයි නංගිවයි ලොකු මහත් කරන්න. දැන් අයියටත් ඒ නංගියි අම්මයි ගැන ලොකු වගකීමක් තියෙනවා නේද?
ඒක අමතක කරන්න එපා. තාත්තා කලා වගේම තමන්ගේ රැකියාව වගකීමකින් කරපන්.. උඔට වරදින්නේ නෑ..
බීපන්, බීල වැටිලා අනුන්ට කරදරයක් වෙන්න නෙමේ, පොඩි සොමියකට විතරක්!!

මම පරණ මතකයක් අවිස්සුවනම් සමාවෙයන්!

කතන්දර Kathandara said...

සඳරූ,
අපි කවුරුත් මැරෙනවා. දැන් උඹ තුනේ නෙමේ, හයක් හතරක් තේරෙන වයසේ. බොන එක මේකට ගාවන්න එපා.
තාත්තා ගැන හිතලා, ලොකු වුනාම ඒ වගේ හොඳ තාත්තා කෙනෙක් වෙන්ණ හිතපං. බොන තාත්තාලා වාතයක් ළමයින්ට.
කකා

මැණික් - සුදු මැණිකේ said...
This comment has been removed by the author.
මැණික් - සුදු මැණිකේ said...

ඒක ඔයාගේ වැරෑද්දක් නෙමෙයි අයියේ. තාත්තා ගෙනාපු ආයුෂ එච්චරයි වෙන්නැති. ඔයා තමන්ගෙ පිට වරද පටවන් බීලා ජීවිතේ නාස්ති කරගන්න එපා. අම්මවයි නංගිවයි හොඳට බලාගන්න ඔයා හොඳින් ඉන්න ඕනිනේ.ඊටත් කිසිම කෙල්ලෙක් තමන් ආදරය කරන කොල්ලා බොනවට කැමති නෑනේ. බීම නවත්තලා හොඳ කෙනෙක් වෙන්න අයියේ. ඔයා සාර්ථක වුනු දවසට හැමෝම ඔයා ගැන ආඩම්බර වෙයි. තාත්තත් ඉන්න තැනක ඉඳලා සතුටු වෙයි. ඒ සාර්ථකත්වයට ඉක්මනින් ළඟාවෙන්න ඔයාට හදවතින්ම සුභ පතනවා.

Anonymous said...

හිස් අහසට මම ඇද වැටුනේ අහම්බයෙන්, ඒකත් මාරයාගේ හෝරාව හරහා
මාරයා දාල තිබුනා බ්ලොග් අවකාශයේ තියෙන මොකක්ද තරඟයක් ගැන
ඒකෙ ගොඩ දෙනෙක් සන්දරුගේ හිස් අහස ගැන හොඳ කියල තිබුන නිසා තමයි මමත් ඔලුව දාල බැලුවේ
පෝස්ට් එකක් දෙකක් කියවන්න ගත්තා... බොක්කටම වැදුන නිසා 2011 දාල තිබුණු පෝස්ට් ඔක්කොම එක පාරටම කියවල ඉවර කළා
ඊට පස්සේ හිතුනා මේකා 2010 දී මොනවද කලේ කියල හොයල බලන එක හොඳයි නේද කියලා....
ඔන්න ඉතින් මුල ඉඳලා කියවලා දැන් මම ඉන්නේ මෙතන
තව පොඩ්ඩක් කියවල දැම්මහම අද රෑම හිස් අහස බලල ඉවර කරන්න පුළුවන්
මේක බැලුවහම මට හිතුනේ මෙන්න මේ වගේ දෙයක්, සඳරු කියන්නේ හොඳට ලියන්න පුළුවන් අව්‍යාජ ගැමිකම ඇඟේ තියෙන ගමේ කොල්ලෙක්...
ඒ වගේම ලිවීමේ හැකියාව උපතින්ම අඩුවක් නැතිව අරගෙන ආපු කොල්ලෙක්
මම මේ දාන කමෙන්ට් එක මේ පෝස්ට් එකට ඒ තරම් අදාළ නොවුනත් මමත් කොහෙන් හරි පටන් ගන්න එපාය
ඒත් ඉතින් ඇනෝ කෙනෙක් විදිහට තමයි ලියන්න වෙන්නේ

සඳරු, ජීවිතේ ගැන උඹට උපදෙස් දෙන්න මම හදන්නේ නැහැ, මම උඹට වඩා අවුරුදු දහයක් වැඩුමල්
මමත් උඹ කරලා තියෙන දේවල් ගොඩක් දේවල් කරලා තියෙනවා, දැනුත් කරනවා
අරක්කු බොනවා, සිගරට්, පුලුවන්නම් මලක්... ඒත් මේ හැම දෙයක් අතරේම මට ඉගෙන ගන්න හිතුනා
ඉතින් ඒකත් කරා,,, කරන්න පුළුවන් උපරිම හොඳට
ගණිත අංශයෙන් කෙනෙකුට යන්න පුළුවන් උපරිම මට්ටමට මම ඉගෙන ගත්තා
සමාජයේ තියෙන පිළිගැනීම, තත්ත්වය මේ හැම දෙයක් අතරේදීම ලොකු හිස් බවක් මටත් දැනෙනවා
ඒත් වෙලාවකට මට හිතෙනවා ඇයි මම මේ විදිහට ඉගෙන ගත්තේ කියලා

ඉතින් උඹේ කතාවල් වලට මටත් හිනා ගියා, දුක හිතුනා, ඇඩුනා , පුදුම හිතුනා.... මේ ඔක්කොම වරින් වර උනා
උඹට අලි එපා වෙලාලු, මම අලි හොයා හොයාගෙන ගිහින් බලනවා, උඹ MC එකට යන්න හීන මවනවා, මම ඒකට එහා පැත්තේ පාරක තියෙන සුපිරි ගෙයක(මගෙනම් නෙමෙයි, කම්පැනි එකෙන් නතර වෙන්න දීපු එකක්) ඉඳගෙන මේ කාලකන්නි කොළඹින් මිදිලා කොහේ හරි නිදහස් තැනකට යන්න වෙලාවක් එනකන් ඇඟිලි ගැන ගැන හිටියා.
එහෙම බැරි උනහම (බොහෝ විට බැරි වෙන නිසා) කවුරු හරි සහයට හිටියත් නැතත්, තනියම හරි(බොහෝ විට තනියම) බොන්න පටන් ගත්තා
සමහර මාස වල දවස් 30 න් දවස් 22 ක් හෝ 24 ක් එක දිගට බීල ඇති....
හැබැයි මම බිව්වේ කිසි හේතුවකට නෙමෙයි, මට බොන්න ඕනි කියල හිතුන නිසා බිව්වා

ඒ උනත් ඔයා කියන විදිහට යමක් අමතක කරවන්න, එහෙම නැත්නම් දුක දරා ගන්න බැරි නිසා කියල සාදාරණ හේතු කියල බොන එකෙන් ඔයාගේ පෞරුෂය අවමානයකට ලක් වෙනවා
ඒ වගේම මම ගෙදර ඉන්න කාලෙත් ඔය වගේ මාසෙට දවස් 20 ට වඩා බීපු දවස් තිබුණා
ඒත් අද වෙනකන් මම බොන බව මගේ අම්ම දන්නේ නැහැ..... ඒ වගේම බිව්වහම මම ගොඩක් සන්සුන් වෙනවා
බොහෝ විට මම කරන්නේ බීල පොත් කියවන එක..... කට්ටිය එක්ක බිව්වත් මම බජව් වලට එහෙම වැඩිය කැමති මිනිහෙක් නෙමෙයි
මොනවා හරි දෙයක් ගැන කතා කරනවානම් ඒකටත් කැමැත්තෙන් සහභාගී වෙනවා...

බීමෙන් පසු එක එක මනුස්සය හැසිරෙන විදිහ වෙනස්, නමුත් බීමෙන් පසු වළි දා ගැනීම මොනම හේතුවක් නිසාවත් කරන්න හොඳ දෙයක් නෙමෙයි මළයා

මේ උඩ තියෙන පුංචි ළමයාගේ කතාවේ ළමයාගේ තාත්ත නැති වෙන්නේ කොහෙත්ම ළමයාගේ වරදින් නෙමෙයි
ඒක තමයි දෛවය ... හිත සැනසෙන්න හේතුවක් වෙයි කියල හිතෙන නිසා මේක කියන්නම්
ඔය දෛවය කියන දේ වෙනස් කරන්න බැරි හැටි කියවෙන ලස්සන ෆිල්ම් එකක් තියෙනවා Time Machine (2003) කියලා
අන්න ඒක බලන්න, ඒකෙ කියවෙනවා අපිට දෛවය වෙනස් කර ගන්න බැරි වෙන්නේ ඇයි කියන එක ගැන

ඒ වගේම තමයි සඳරු මට හිතිච්ච දෙයක් තමයි තමන්ව පාලනය කර ගන්න ඉගෙන ගත්තොත් ඔයාට කවදාවත් වරදින එකක් නැහැ

හිස් අහසට ජය
පෙරේදා ඉඳල මමත් උඹගේ නිත්‍ය පාටකයෙක්....
KLM

හිස් අහස said...

@KLM .. ස්තූතියි මචං .. මට මේ පෝස්ට් එක යටදී උඹට කියන්න පුලුවන් එච්චරයි ..

මේ පෝස්ට් එක මකන්න මම සිය පාරක් හිතුවා ..හ්ම්..

Anonymous said...

මචන්, උඹට මේ කමෙන්ට් එක නොගැලපෙනවා කියල හිතෙනවනම් සහ මම වැරදි ටෝක් එකක් දුන්න කියල හරි හිතෙනවනම් ඒක මකල දාපන්
ඒකට උඹට සම්පුර්ණ අයිතිය තියෙනවා
මටත් දැන් හිතෙනවා මම වැරදි තැනක වැරදි විදිහකට කමෙන්ට් කලාවත්ද කියලා
උඹ ඒ කොමෙන්ට් එක මැකුවත් උඹගේ හිස් අහස මම ඉස්සරහටත් බලනවා
ජය....!
klm

සාතන් said...

උඹේ බ්ලොගේ පහුගිය මාසෙක දෙකක ඉඳන් දිගටම බැලුවත් පළවෙනි පෝස්ට් එකේ ඉඳන් කියවන් යන්න වෙලාව ලැබුනෙ අද... අනිත් ඒවට කමෙන්ට් දාන්න දේවල් හිතුනත් නොද හිටියෙ ගොඩක් පරණ‍ පෝස්ට් හින්ද... ඒත්‍ මේකට කමෙන්ට් කරන්න වෙනව...

මම නම් හිතන්නෙ මචන් පොඩි එකාගෙ වරදක් නෑ කියල තමයි... උඹ හිතන විදිහට වැරැද්ද පොඩි එකා පිට දැම්මොත් උඹට විතරක් නෙමෙයි අපේ කරපිටත් සෑහෙන මිනී ගොඩක් ගොඩගහන්න වෙනව... මොකද අපේ ජීවිත වලට සම්බන්ද කී දෙනෙක් මැරිල ඇද්ද... උඹ නොකල වරදකට වැරදි පටවගන්න එපා...

බොන්න එපා කියලනම් මම කියන්නෙ නෑ පුතේ... මොකද එක දවසකට හරි උඹත් එක්ක ෂොට් එකක් දාන්න සෙට්වෙන්න ඕන :)

මාධව විදුරංග said...

ubata pissuda? oona tharam lamai boru leda ganna eka samanya ledak! UBA OOKA hithanna epa bN!! :(

Prabhath said...

මම හිස් අහසේ හුඟාක් ලිපි කියෙව්වා. එක කමෙන්ට් එකක් වත් දැම්මෙ නෑ මට මතක හැටියට... ඒත් මේ පරණ ලිපියට කමෙන්ට් එකක් නොදා බෑ...

සඳරු. උඹෙ හිත හදන්න අපිට බෑ. ඒත් ඒ ළමයා බොරු ලෙඩක් ගත්තෙ තාත්තට තියෙන ආදරේට... ඇරත් ඒ සිදුවීමට ඒ ළමය වැරදිකාරයෙක් නෙමෙයි... නෙමෙයි...මයි.

ඒ තාත්ත ඒ ළමයට හුගාක් ආදරේ කලා. ඒකනෙ වැඩට නොගිහින් නැවතුනෙත් එදා. ඉතිං ඒ ළමයට වගකීමක් තියෙනවා. ඒ තාත්තගෙ බලාපොරොත්තුව වෙච්චි සමාජයට වැඩදායී යහපත් ළමයෙක් නිර්මාණය වෙන එක... ඒකට තාම ඒ ළමය ප්‍රමාද නෑනෙ...

Weni said...

ඉන්න තැනක ඉඳන් උඹ ගැන ආඩම්බර වෙනවා ඇති මල්ලි.. විශේශයෙන්ම උඹෙ ලිවීමේ හැකියාව ගැන !

Pubudu said...

සංවේදී කතාවක්, ඔහොම ලියන් ගිහින් දවසක පොතක් ගහල එලියට දාන්න, ලිවීමෙ ශෛලිය කියවන්න ආස හිතෙන විදියට තියෙනවා, ජය වේවා!

පන්සල් හංදිය said...

පිස්සුද මල්ලි උඹ මොනා කරන්නද, ලමයි කියන අය එහෙම තමයි, ඔයාගේ තාත්තා ගෙනාව ආයුෂ තමා ඒ ......

දැන් ඉතිං දුක් වෙලා වැඩක් නැහැනෙ මලයා, සංසාරේ කියන්නෙ ඕකට තමා ........

සංජිව said...

මම උඹගෙන් උපුටා ගන්න අවසර ඉල්ලුවා උඹ කොයිවේලේවත් බැ කිවේවේ එ වේලාවේ ඉදන් බිම දාගෙන හිස් අහස කියවන්න පටන්ගත්තා.. එත් මේ මගේ පලවෙනි කමේන්ට් එක..

මේතැන මට කියන්න දේයක් ඉතුරැවේලා නැ.. හැමොම කියන්න ඕන දේවල් ටික කියලා..

එක දේයක් මතක තියගනින් සදරැ.. උඹගේ තාත්තා මැරිලත් උඹ දිහා බලාගෙන දුක් විදින්න ඇති.. කවදාවත් ප්‍රශ්ණවලට බොන්න එපා මචං.. කවදාවත් බොන්න එපා..

සෙන්නා said...

උඹ ලස්සන හේතුවක් හොයාගන තියනවා බොන එක සාධාරණීය කරන්ඩ.

Anonymous said...

ange hirigadu pipuna... sattay. kohoma ewasan innawada manda. amma dena gatta dawasakata....?

YashoK said...

මේ පෝස්ට් එක කියෙව්වෙ අද...ළමයාගේ කිසි වරදක් නෑ. එයා කරපු එකම දේ එයා තාත්තට කොච්චර ආදරේද කියලා පෙන්නපු එක විතරයි. ඒදේ නිසා තාත්තට එහෙමවුණා කියලා හිතන්න එපා. ඒ ගතකරපු දවස ගැන තාත්තා සන්තෝසෙන් හිටියා කියලා මතක තියාගන්න. පුංචි ළමයෙක්ට විතරක් දෙන්න පුලුවන් විදිහේ සතුටක් ඒ තාත්තට දුන්නු එක ගැන සතුටු වෙන්න.
මම හැමතිස්සෙම කියන දෙයක් තමා "අහස කවදාවත් හිස් නෑ, ඒ අපිට පෙනෙන හැටි"

Dude said...

කියන්න දෙයක් ඉතුරු කරලා නෑ අනිත් උන් අවුරුදු දෙකක් තිස්සෙ.

තුන් වෙනිඡේදයේ තියෙන මෙන්න මේ වාක්‍යයේ //ළමයාගේ තාත්තා වැඩට ගියාම එන්නේ දවස් දෙක තුනකින් තමයි . ඉතින් 'මම' මග බලාගෙන ඉන්නවා .// 'මම' කියන වචනයට 'ළමයා' කියලා දැම්මනම් හරි නේ?

henryblogwalker the Dude

Anonymous said...

mama mulinma ubage adara kathawa kiyewwa ekata comment ekak liyalath mata eka daganna beri una ..... eththatama machan ape jeewithe thiyena bedim apita nodenima apen wen wela yanawa... eka ubatath matawath wenas karanna be.... e de me mulu lokayatama podui.. bila jeewithe kalakanni karaganne nethiwa thaththa wenu wenuwen pawule wagakim itukarana hoda puthek weyan.... nangita hoda sahodarayek kellata hoda adarawanthayek weyan... monawa unath uba grate kollek.... suba anagathayak machan

dantha said...

machan sadaru uba mara porak ban. eththatama uba marama porak. mata uba gena kiyanna wachana nehe ban. ube thaththa meloken giye ube waradak nisa newei. uba thaththata aseemithawa adare karapu ekek. thaththekta adare karana eka wereddak neweine machan. uba hitapu thena mma hitiyanam mama karanneth uba karapu dema thamai. machan hithanna epa godak a gena. uba gpodak hoda ekek ban. eththatama uba godak soduru minihek. uba adambara weyan uba gena sadaru. ubata jaya.

Anonymous said...

Mulinma machang samawenna one mama mehema singlish walin comment eka danawata mata Unicode ekenwath ehema godak ikmanata type karanna purudu naha...
Thawa ekak KLM kiwwa wage mama me dana comment eka methanata galapenawada kiyalath mama danne naha machang ekatath samaweyan...
mulinma kiyanna one me lamaya athin ua waraddak handa a lamayage thaththa nathi una newei thaththa genapu ayusha adu nisa ea de une... 3 wasare inna lamayek oya wage deyak karana eka samanya deyaka mama scole gihin wamane karala apahu gedara avlla thiyenawa machan thaththata enna kiyala... ekata me lamayage waraddak naha kohoamatawtahma...

me dan dana comment ekanam methanata galapennema na machang mama blog kiyawapu ekek newei his ahasa thamai mama kiyawanna gaththa palaweni blog eka mage yaluwek thamai kiwwe mata kiyawanna kiyala... samaharavita umba kamathi nathi wev mehema warnana karanawata eth warnana karanna one minihawa one thanadi warnana nokarana eka kunamakuwek kiyalai mata ape amma kiyala thiyenne...
eka nisa kiyanne machang mama mulinma kiyewwe umbe bathalaya kthawa ekedima mama umbe blog ekata pissu watuna umba liyana vidihata umbe adahas walata umba hithana vidihata hamadetama... umba niyamata liyanna puluwan hoda kollek machang mama umbata suba pathanawa me blog eka wageema liyana paththen godak issarahata yanna...

mama keewa mona deyak nisa hari machang umbata apahasa wena deyak hari hitha ridena deyak hari thiyenawanam samaweyan... mokada mama blog walata purudu ekek newei eka nisa waradi deyak kiyala thiyenawanam samaweyan...

umbata Jayen Jaya Mchang..
Sam

ගස්ලබ්බ said...

පෝස්ට් එකට අවුරුදු ගානක් වයසයි.වචන වල සැර එලෙසමයි.බ්ලොගේ වටිනාකම ඒකයි.
ළමයගෙ වැරැද්දක් නෑ කියලා මේ වෙනකොට මුහුකුරා ගිය ළමයා තේරුම්ගෙන ඇතැයි කියා හිතනවා.
ජයවේවා..!!

තිත් said...

කියවන්නම ඕන උනාට කියෙව්වම ඇඩෙන හින්ද කියවන්නෙ නෑ කියල හැමදාම හිතන්නෙ මෙන්න මේව නිසා. මේ කතා... පූසන්ට කුප්පමේනියා...

Post a Comment

තැන්කූ බං