18.11.10

මුල්ල පටස් පානය කලෙමි !

ටික කාලෙකට පස්සේ සතුටු හිතෙන ආරංචියක් මට අහන්න ලැබුනා මාරම හැපී ! අද තමයි කෝල් එක ආවේ . මේ සිකුරාදා මට ගෙදර යන්න පුලුවන් . වැඩි දවසකට නම් නෙවෙයි සිකුරාදා ඇවිදින් සඳුදා ආපහු යන්න වෙනවා.

ගෙදර අයවත් නොදැක ඉන්න බැරුව හිටියේ ඒ වගේමයි මට ආයේ මගේ පුංචි කෙල්ලව මොහොතකට හම්බවෙන්න පුලුවන් වෙයි ඒ නිසාම අද මට පුදුම සතුටක් තියෙන්නේ . හෙට දවස ඉතින් බොහෝම හෙමීට ගෙවෙයි …
ඉතිං මම සතුටෙන් ඉන්න අද දවසේ මම මගේ යාලුවෙකුට වෙච්ච පොඩි සිද්ධියක් කියන්න හිතුවා .
මේක මුල්ල පටස් නැමති අමෘත්තය පානය කිරීමට යාම නිසා සිදු උනු හදියක්
..............................................................................................................................................................................................................................................................................................

අවසරයි !
සොඳුරු සිත” වත් අක්කා ප්‍රමුඛ අමද්‍යප බැටෑලියන් එකෙන් .!

ඔන්න දවසක් මගේ යාලුවෙකුයි තව මායි නිවාඩු දවසකදී අපේ ගෙදරදී හම්බ උනා. ඉතිං අපි ටිකක් වෙලා කතාවක් දාගෙන උන්නා. අපි ඉතිං IT පැත්තේ අය නිසා කතාකරේ තොරතුරු තාක්‍ෂණය ගැන තමයි. ඉතිං ගොඩාක් වෙලා අපි තොරතුරු තාක්‍ෂණය ගැන කතාකර නිසාද කොහෙද මගේ යාලුවට තිබහක් දැනෙන්න ගත්තා ! මම ඉතිං කීව මචං තැබිලි ගෙඩියක් බොමු නේද ? කියලා ඇඟටත් ගුනයිනේ !

මේකා ගත්කටටම කියපි.

“යකෝ තැබිලි බොන්න තූ: ! මටනම් එපා නැද්ද අරවා”? …...මට වැඩිය අරවා කීවට මීටර් උනේ නෑ
මොනා බං අරවා කීවේ ? ..

අනේ නොදකිං තෝ ඒවවත් දන්නේ නැද්ද කියලා මූ මගේ කනට කරලා මොකක්ද වචවයක් කීවා !
සීවරං දෙයියනේ !

මාගේ සරුවාංගෙම Refresh වෙලා ගියා මූ කියපු ජරා කතාව අහලා
මොකකද දන්නවද කනට කරලා කීවේ
“මුල්ල පටස්" ටිකක් බොන්ඩ බැරිවෙයිද මචෝ ? ”

මම කියන්නම් “මුල්ල පටස්” කියන්නෙ මොනවාද කියලා. සමහර අය නම් දන්නවා ඇති. ඒව සැර ජාතියක් සුපිරි වෙළඳ සැලෙන් එහෙම මේවා ගන්න බෑ. මේවා දේශීය නිෂ්පාධන.

හදන්නේ කවුද ඒවා ?

ඇත්තටම අපේ පලාතේ එක දෛර්යවන්ත මනුස්සයෙක් හිටියා . ඒ මනුස්සයාගේ නම කියන්න බෑ. මම ඇඩ්ඩිං මාමා කියලා කියන්නම් .පෙනුමෙන් නම් හරිම කරුනාවන්තයි .පෝයට සිල් නොගත්තට , හරිම ගුනයහපත් මිනිහා.දේහ දාරී පුරුෂයා . ඒ මනුස්සයා රැකියාවක් කලේ නෑ ගුන යහපත් කම නිසා කවුරුත් කුලී වැඩකට වත් කතාකලේ නෑ. ඒ උනාට මිනිහා වීර පුරුෂයෙක් පටංගත්තා තමංගෙම කියලා ස්වයං රැකියාවක් . ඒ තමයි “මුල්ල පටස්” නැමති මහා බලසම්පන්න ඔසුව සෑදීම ….
අපේ පලාතට මේක අලුත් කටින් කට මේක හෙමීට පැතිරිලා ගියා “මුල්ල පටස්” වෙන පලාත්වල තිබ්බට අපේ පැත්තේ මේවා එවකට තිබුනේ නෑ.. “කචල් ෆැන්ටා” නම් කලින් තිබුනා ඒත් වසර 2පෙර ඒව හදාපු ජීවක තුමා පරලොව් සැපත් උනා !

ඉතිං මගේ යාළුවත් ඒ බෙහෙත පානය කරන්න පුදුම ආසාවකින් තමයි ඉඳලා තියෙන්නේ ...උගේ හද ගැහෙනා රාවය මට ඇහුනා ! මම නම් ඕව වැඩිය පාවිච්චි කරන්න කැමතිනෑ ! ඒක නිසා මම බෑම කීවා ...ඒත් ඉතිං ඌ මාව බලෙන්ම ඇදගෙන ගියා ඇඩ්ඩිං මාමගේ පරීක්‍ෂනාගාරයට .

ඇඩ්ඩිං මාමත් එතකොට මේ බෙහෙත වෙලඳපොලට නිකුත් කරලා නෑ. මාමත් මාමගේ යාළුවෙකුගෙන් තමයි බෙහෙත හදන ෆෝර්මියුලා එක ඉල්ලගෙන තිබුනේ. ඉතිං පරීක්‍ෂන මට්ටමේ තමයි මේක තිබුනේ .මමයි යාලුවයි දෙන්නම මාම හම්බවෙලා මේ ගැන කතාකලා මාම හරිම කරුනාවන්තයි ...

“මාමෙ අපිට මුල්ල පටස් ටිකක් දෙන්න බලන්න ” යාළුවා ඉල්ලුවා
“දෙන්නම් දෙන්නම් හැබැයි දරුවනේ මේක තමයි පලවෙනි සාම්පල් එක තාම මම චෙක් කරලා නෑ ඔය දෙන්නා රස පරීක්‍ෂාවක් තියලා බලන්නකෝ පලවෙනි කස්ටමර්ල දෙන්නනේ ”

අපි දීපු රු.200 අතට අරං ඇඩ්ඩිං මාමා “ටුක්” ගාලා ඇටයක් කඩන ගමං කීවා
“තව දෙයක් තියනවා මගෙ දරුවනේ “ මාමගේ කටින් කරුනාව බේරෙනවා !

එයා මෙහෙම කීවා
“මගේ අතින් පොඩ්ඩක් ඉස්ප්‍රීතු වැඩි උනා ඒක නිසා ඩිංග වෙන්න ගන්න මොකද ඕකේ ජීවශක්තිය කොච්චර කල් තියෙයිද දන්නේ නෑ මේව නියම ගෙදර හදපු බඩුනේ ඒකනිසා පවර් එක වැඩියි”

අපි නොබී ඉඳියි ඔහොම කීව කියලා ! එහෙම කියලා මගේ යාලුවා බේත එක හුස්මට බීව ..

‍අප්පට සිරි එල කොල්ලා ! මාමට මාර ෆන් .

ඉතිං මං සෙකන්ඩ් වෙන්නේ කොහොමෙයි ! මමත් ඇදලා දැම්මා … “අඩේ මූත් මගේ කොල්ලා “! මාම දරු සෙනෙහසින් අන්දවෙලා ..

මුල්ල පටස් වලින් කියපුතරම් බලයක් අපට ලැබුනේනෑ ! අපි මාමට කින්ඩිය දැම්මා .

අයියෝ ඇල් ජලය සේ මට හැඟේ ! යාළුවා කීවා
“ඕක වැඩකරන්නේ තැපැල් ඒකියන්නේ පහු වෙද්දී එලටම වැඩකරයි දැන් රෑ වෙලා දෙන්න යන්න ”

ඉතිං අපිත් යන්න පිටත් උනා ….......................ඒත් ….

මගදී යාලුවට ටිකක් හති වගේ
මොකද බං ! ?
නෑ මම වීල් එකක් කතාකරගෙන යන්නම් බං උඹත් එහෙම කරපං .

ඌ කියනවා ..ඉතිං මම ඌව ටවුන් එකට ගිහිං වීල් එකකට දැම්මා …
මම නම් තව ටිකක් දුර යන්න ඕන ...කිලෝමීටර් 3 විතර මට කිසි අවුලක් නෑ ..දැනට එලටම මම යනවා ...ඒත් ටිකක්දුර යද්දී මුල්ල පටස් වැඩකරන්න පටන් ගත්තා !

ඒක මහ පුදුම ඔසුවක් කියන්නේ මුලින්ම මගේ දෙපය හිරි වැටීගෙන එන්න ගත්තා. අඩිය තියන්න තියන්න මාරම අමාරුයි ..කකුලේ වංගෙඩි බැන්දා වගේ .. අම්මෝ ! කකුලක් උස්සන්න තියන අමාරුව.
ඈත බස් හෝල්ට් එක තියනවා පේනවා ….

ඇදපං පුතා ඔය ටිකත් මම පුරුෂ ශක්තිය දෙපයට ගත්තා …...තව අඩි පනහක් හැටක් විතර තමයි තියෙන්නේ . ඇදපා …...පා.....න් මම කකුල් දෙකට චියර් කරා …..

මම ඇද වැටුනා !

ඒත් මම විගහට නැගිටලා බස් හෝල්ට එකටම ගියා වෙලාවට කවුරුත් නෑ ….මට එතනම නින්ද ගියා .............

….මම හිතන්නේ ම්ම ඇහැරලා බලනකොට….වෙලාව 8.00 විතර මයෙ හිතේ . මොකෙක්ද මහ ජරා යකෙක් මෙතන කබරයා පාරකුත් දාලා ෂි:හ්
නින්ද ගිය පැය දෙකට මට ටිකක් සනීපයි ..මම හෙමීට ගෙවල් බලා ගියා ...දැන් මෙහෙම ගියොත් ගෙදරට මාට්ටු ඒක නිසා මම ලඟම මිතුරෙකුගේ නිවසට ගියා ...ඌ වැඩේ තේරුම් ගත්තා ඌ මගේ නියම බොක්කක්. ගිය මාසේ පොර හමුදාවට ගියා.

පොර මගේ ලඟින් හමන සුවඳ එහෙම අඩුකරා මූන හෝදන්න චතුර එහෙම දීලා ...මාව ගෙදරට බයික් එකෙන් ගිහින් දැම්මා … ගේ ගාවට ….

මම ගියපු ගමං ඇඳට පැනලා දොයිය ගත්තා …........................................................
මොනවා උනාද මන්දා අහරිනකොට වෙලාව උදේ 6..00 ඇත්තටම මට ඉන්න බැරිව හිටියේ ,,,,

මම නාල එහෙම එනකොට අම්ම අහපි
ඇයි ඔය මූන ඉදිමිලා ? ඇස් දෙකත් ඉදිමිලා !

ඒ හැටි
එහෙම කියලා මම ඉක්මනින් වැඩට ගියා ...වැඩට ගියත් මට ඉන්න හරිම පහසුවක් දැනෙනවා ..

“වෙනදා වගේ නෙවෙයි ඔයා අද හරි හැන්සම්”
අපේ පිලිගැනීමේ නිලධාරිනිය එහෙම කීවා !

මම ගිහින් අද උගන්වන්න තියන පාඩම ටිකක් බලාගන්න කියලා පොත අතට ගත්තා ! හපොයි මෙන්න අකුරු දිහා බැලුවා විතරයි මාව කැරකෙන්න ගත්තා ….බුදු අම්මෝ ! දැනුන සනීපේ !
මේ මොකද ? මුල්ල පටස් තාම වැඩකරනවාද ? මට හිතාගන්න බැරි උනා …......කං දෙකෙන් මිහිරි හඬකුත් එනවා ..බඩෙන් අමුතු සද්දෙයක් එනව .. ඒ මදිවට ..ඊයේ උදේට කාපු කෑම වල රස නැවත නැවත දැනෙනවා....ඔලුව මේසේ ගහගෙන උන්නා මං මද වේලාවක් …........

වෙලාව ගියා. තත්වේ බයානකයි මම උගන්වන පන්ති සේරම නැවැතුවා ලමයිව ආපහු ඇරියා !!

බොස් ඇවිලා අහනවා !

සඳරු මොකද අසනීපේ අපි බෙහෙත් ටිකක් ගමුද ?

ඕන් නෑ සර් ..දැං අඩුවෙයි මේ ඔලුව ටිකක් රිදෙනවා ….......................

කොහොම හරි හවස් උනා ….මාව ඔෆිස් එකේ එකෙක් ගෙදරටම ගෙනල්ලා දැම්මා ….ඒ ආපු ගමං මං කලේ බුදිය ගන්න ගිය එක ….

අම්ම මේ වතාවේ නම් බය උනා …...

බෙහෙත් ගන්න යමු කියලා වදේ …....මම කීවා හෙට අඩු නොවුනොත් බලමු පොඩි ඔලුවේ කැක්කුමක් නේ කියලා …

කීව වගේම අනික් පහුවදා උදේ වෙනකොට මට ගානක්වත් නෑ …...හරිම සතුටුයි !

ඉතිං මං වැඩට ගියා …..නෝට් එකත් හදාගෙන ...පන්තිය ඇතුලට ගියා ….ලමයි නැගිටලා මාව පිලිගත්තා වෙනදා වගේම ...

අප්පේ ..! එකපාරටම ප්‍රොජෙක්ටර් එක දිහාට මගේ ඇහැ යවුනා … .මෙන්න මුල්ල පටස් ආයේ වැඩ කරන්න ගත්තා ...යකෝ! දැන් දවස් 2ත් ඉවරයි ඒත් මෙවුවගේ පවර් එක ඉවර නෑ !
අමාරුවෙන් මම එලියට ගියා ...මං වැටෙන්න ආසන්නනයි ….අමාරුවෙන් ඉඳගත්තා පුටුවක …..ඒ පන්තියත් කල් දැම්මා …

එදානම් මම තනියම වීල් එකක් කතාකරං බෙහෙත් ගන්න ගියා ඩොක්ටර්ට සේරම කීව ….

මම මුල්ල පටස් බීවා !

බඩු තාම වැඩ

..ඉන්ඩ බෑ මොනාහරි දෙන්න කියලා...

ඩොක්ටර් මට කියනවා මුල්ල පටස් විකුනපු කෙනා කියන්නලු ! පොලීසියට කියන්න ...එයාගෙ නම මම දන්නේ නෑ කියලා මම යන්තමට ඇඩ්ඩිං මාමව බේරගත්තා !

ඉතිං තව දින දෙකකින් පසු මට හොඳටම හොඳ උනා ….ආයේ කවදාවත් මම "මුල්ල පටස්" නම් බොන්නේ නෑ …. මගේ යාලුවා ..මාත් එක්ක බීපු එකා ඌ සතියක් ඉස්පිරිතාලේ ඉඳලා !

ඉතිං මං ඔය ජරාව බොන එක එදාට පස්සේ නැවැත්තුවා ! ….....

දැං බොන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒත් වැඩිම උනොත් දුකක් වේදනාවක් ආවොත් විතරමයි .
කිසිම සතුටදී බොන්නෙත් නෑ !

ඔයාල එහෙම කවදාවත් ඔය වගේ බාල. ප්‍රමිතියකින් තොර ඒව බොන්න එපා !

මේ කතාව ඇත්තටම පහුගිය මැයි මාසේ මගේ යාලුවෙකුට සහ ඒ යාලුවාගේ යාලුවෙක් වන මට වෙච්ච දෙයක් මට මේක මතක් උනේ මම අද පුදුම සතුටකින් ඉන්න නිසා ..‍

මම අනිද්දාට ගෙදර යනවා ඒක මතක් වෙනකොට තියන සතුට කියලා නිම කරන්න් බෑ . ඒ ඇයි කියලා මගේ කලින් කතාව බලපු අය දන්නවනේ


සෙනසුරාදා රෑට මොනවා හරි තව ලියන්න ඕන්න …...........
එතකම් …

.ජයවේවා ! !


ප:ලි

ඇයි මේවට මුල්ල පටස් කියන්නේ කියලා දන්නවද ?
මේව දාල දෙනේ බෝතල් වල නෙවේ ! පොඩි ෂොපින් බෑග් වල. ඉතින් ෂොපින් එකේ ගැටේ ලිහ ලිහා ඉන්න බැරි නිසා බෑග් එකේ මුල්ල "පටස්" ගාල අතින් කඩන්න ඕන පස්සේ කටේ හලා ගන්න ඕන
ඕකයි මුල්ල පටස් කියන නම දාන්න හේතුව ..














67 comments:

Anonymous said...

මම බැලුවා මේ මොකද කියන්න යන්නේ කියලා..හ්ම්ම්ම්

ජය වේවා..!! අමධ්‍යප බැටෑලියන් එකට නේද..??

dinesh said...

යකෝ උඹ ගමේ ඔය පොට් වලටත් රිංගල තියනවද?මොනව උනත් පට්ට කතාව.

Praසන්ன said...

මේකනං නියම කතාවක් තමයි.

Anonymous said...

අදහන්න වටිනවා බං උඹව, අපේ පැත්තේ ආසාවකටවත් නෑනේ, ඔය වෙල් ෆැන්ටා, මුල්ල පටස්, කසියා ටිකක් හොයාගන්න. හැම දාමත් ඉතිං, lager හරි strong හරි, applo නැත්තං gin තමා. දැන් ඒවා එකක් වත් answer කරන්නේ නෑ බං. බීල බීලම. වෙලාවට දැන් බොන්නේ නෑ මං.

තරු අහස said...

ඔන්න ඔයාගෙ හොර දැන් තමයි එළියට එන්නෙ.අවුලක් නෑ.දැන් හොද කොල්ලනෙ.එළ එළ.......!නොහොම හරි නගාගෙ මුණ බලලා වරෙන්කො.

මාරයාගේ හෝරාව said...

අපි බය වෙයිද ඔය දොඩවන බබ්බුන්ට කිව්වළු...
අඩෙ ඒක නියම භාණ්ඩයක්නේ කොල්ලෝ..නැවත නැවතත් නැවත නැවතත්..ෂෙහ් මරෙ මරු...

මුල්ලපටස්..

කෝ මෙ අමද්යප කස්ටිය..?

Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) said...

මොනව බිව්වත් ඹ්ක ගැහුවොත් නම් පුතෝ උඹ ඉවරයි..

ඹ්ව හදනකොට මුලින්ම එන්නෙ මෙතනෝල්. (උඹ දන්නවනෙ)
ඊට පස්සෙ තමයි බීමට සුදුසු එතනෝල් එන්නෙ. හොහ් හොහ්..
ගාණට වෙලාවට බොයිලිං පොයින්ට් එක බලල එහෙම තමයි වෙන්කර ගන්නෙ. (ඒත් ඉතින් ඇඩ්ඩිං මාම දන්නවයැ ඹ්ක)

මෙතනෝල් කියන්නෙ උග්‍ර විෂ. කෙලින්ම ස්නායු පද්ධතියටලු ඇටෑක් එක දෙන්නෙ. ඇස් අන්ධවීම සයිඩි ඉෆෙක්ස් එකක්ලු.
ඹය ගම්පහ පැත්තෙ එකපාර 20-30 කූරියා ගහන්නෙ ඹ්ව මික්ස් වෙලා තමයි.
ඇඩ්ඩිං මාමගෙ පළවෙනි සාම්පල් එක ගහලා ඹයින් බේරිච්ච එක නම් ලොකු දෙයක් කොල්ලෝ.

෴ හසියා ෴ said...

ජය වේවා අපේ අමද්‍යප බැටෑලියන් එකට....!!!!

poppy said...

Lol.I wanted to try kasippu too.oya wadema wei kiyala rasa baluwe wath na.(ape thaththalage gam palaathe oya business eka jayatama wenawa.ehe gedarakata giya dawasaka bothalayakma thibba)hehe

Hasitha Gunasinghe said...

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්

http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_04.html

Unknown said...

මමත් ඉතින් පොඩ්ඩක් කරල තියනව.. හැබැයි ඔච්චරම අවුල් ගිහින් නම් නෑ. අපේ ගමේ දෙන්නෙක් ඊට පස්සෙන්ද කජ්ජ ගැහුව පොඩි පදම අවුලක් වෙලා.. මම බයටම ආයෙ පැත්ත පලාතෙ ගියේ නෑ..

BLOG ගඩොල් said...

හික් හික්!! මරුවට ලියලා තියනවා බං! නියමයි...හැබැයි අර කිව්වා වගේ උඹ ඔයින් බේරුණ එක ලොකු දෙයක්

නිපු said...

අමිමෝ ඇති යන්තමි කොල්ලට නිවාඩු හමිබුනානේ..

හිස් අහස said...

@nimanthi අමද්‍යප කන්ඩායමට උන ගැනෙන්න ඇති නේද නිමන්ති හි .හි

@dinesh = අයියා මම ඉතින් ඌරු මීය වගේ රිංගපු නැති තැනක් නෑ . මචං උඹේ බ්ලොග් එකත් ලියපංකෝ මට බලන්න …

@Praසන්ன = ආ !! අළුත් අයියෙක් ඇවිලා ! වෙල්කම් අයියා ! තෑන්කූ

@prasanna86k = මචං දවසක අපීනපං අපේ පැත්තේ . “මුල්ල පටස්” එපා නම් දෙන්නම් “බොකු දියාස්” අපේ පලාත්වලා ඕව ඕන තරම් …නාවලා යවන්නම් …දවසක වරෙන්කෝ !

@ S.Madurange = බලහං මචා නගා බලන්න බැරි උනා !මට පොඩි අවුලක් උනා ! රිය අනතුරක් උනා මට ..දැන් නම් අවුලක් නෑ ..

@මාරයාගේ හෝරාව = මාරේ මගෙ දෙයියෝ ! . මුල්ල පටස් නම් එපෝ ! වෙන ඕනදෙයක් ගහමු . මම දැන් ඒවට හීනෙනුත් බයයි .

@Nuwan Kumaranayake = මාව බය කරන්න එපා බුදු අයියේ ! දොස්තර මාමත් කීවෙ ඔය ටිකම තමයි . අපි ඉතින් ගමේ කමට ඇදල ඇරියා ! මට මුල්ල පටස් එපා උනා ! ආයේ බොන්නේ නෑ නිකම් දුනොත් මිසක්ක ! අයියා බොනවද ? තරහ ගන්න එපා !

@෴ හසියා ෴ = අඩෝ ! මෙන්න විපක්‍ෂේ එකෙක් ඇවිලා මාරේ ගනිං ඔය ….බෝතලේ විගහට…බීගෙන බීගෙන යන්න .

@poppy = මම නම් ආයේ ඔය දේශීය නිෂ්පාධන කටේ කොනක වත් තියන්නේ නෑ ..අඩේ බෝතලයක්ම තිබ්බද ? අපරාදේ ? කීයද ගාන ?

@Hasitha = මෙන්න අපේ බැටෑලියන් එකට තව කොල්ලෙක් ! නියමයි පුතා ! දාපං 5 ඒව දෙකක් . ජයවේවා Hasitha

@වැම්පයර් = ඔයත් අපේ පැත්තෙද එහෙනම් අපි ඩ්‍රැකියුලාට වත් බයනෑ. ඔන්න අපේ බැටෑලියන් එකට තව වීර කොල්ලෙක් ! අඩේ දෙන්නෙක් මලාද ? මං පූරුවේ පිනකට බේරුනේ !

@blog gadol = ඔයා අද නේද ආවේ . මම ඔයාගේ අඩවියට කීප වතාවක් ආවා ! අදහස් දක්වන්න බැරි උනා සමාවෙන්න ඒ ගැන . දැන්මම ඔයාගෙත් ගඩොල් එකිං එක කියවනවා අදහස් දෙන්නම් ගමකට !

@ නිපූ = මටත් හැපී ! තෑන්කූ.. තැන්කුයි . ඔයා අපේ බැටෑලියන් එකට එනවද ?

සොඳුරු සිත !
මටත් ඔන්න බැටෑලියන් එකක් ඉන්නවා !!

Nuwan Kumaranayake (නුවන් කුමාරනායක) said...

මාත් ඉතින් පක්ෂයි. හැබැයි විදේශීය බලවේග වලට තමයි ඉතින් කැමති.
තරහ වෙන්නෙ මොකටද බං මම උඹත් එක්ක.
මොකද්ද මේ ඇක්සිඩන්ට් එකක් ගැන කියල තියෙන්නෙ?

හිස් අහස said...

@Nuwan Kumaranayake = නුවන් අයියේ මාත් දැං විදේශීය තමයි....
ඔවු බං මැරෙන්නේ නැතුව බේරුනා අත විතරක් කඩාගෙන ! ඒ කතාව දන්න හිතෙනවා ..බලමු

අපේ බැටෑලියන් එකට තවත් වීර කොල්ලෙක් ! ජයවේවා !!

Jeew said...

හරි මල්ලි... ඔය බැටෑලියන් එකේ වැඩ බලන්න පුළුවන් එකා දෙකා තුනා වෙනකල් විතරයි. ඊට පස්සේ සම්භාධක වැටෙද්දි බලන්ඩ බැරියෑ ‍බෝම්බ ප්‍රහාර, මිසයිල වලින් එහෙම බේරෙන්නේ කොහොමද කියලා...
හික්... හික්....
කෝ.. මේ හසියා... මල්ලි... ගණින් බලන්ඩ හොඳ තේ එකක්... චික්... වල් කසියා වගේද මේ වගේ අනර්ඝ තේ එක....

ayesha said...

හොඳම වැඩේ ඔය ජහ ජරාව බොනවට..
අමද්‍යප බැටෑලියට ජයවේවා!!

654654654 said...

නොදකිං කාලකන්නියා !!!

මාරයාගේ හෝරාව said...

අඩෙ මොකාද මෙ ඉලක්කං වීරයා..
මෙකා මාර ආලෝකයක් රටටම..අනේ..මගෙ කට..

Unknown said...

@654654654 කාගෙද මේ සද්දේ ? ඊ ලඟ පාර නම දාල පටන්ගන්න !

හිස් අහස said...

ඉන්ටෙර්නෙට් වල නම් ඔට්ටු නෑ

මාරයාගේ හෝරාව said...

ඒ පාර මගේ නමත් අරගෙන ලියනවද..?
කරන එක හරියට කරපං..හෝරාව කියලා හරියට ලියන්නවත් පුරුදු වෙලා වරෙං...

හිස් අහස said...

නිර්නාමික ඔබ කවුරු උනත් කියන්න බලන්න මගෙත් එක්ක තියන තරහ මොකක්ද ?

මාරයාගේ හෝරාව said...

ඔන්න එහෙනං හරියට

හිස් අහස said...

නිර්නාමික වීරයාට = මාරයාගේ හෝරාව කියන නම පාවිච්චි කරන්න එපා ! මොකක් හරි වීර නමක් හදං එන්නඩ සාකච්චාවට ..

හිස් අහස බලං ඉන්නවා ....

මාරයාගේ හෝරාව said...

මොකා හරි ආතල් එකක් ගන්නයි හදන්නේ..

නිර්නාමික වීරයා said...

ඔන්න ආවා.........!!!!!!!!!!

හිස් අහස said...

@නිර්නාමික වීරයා = මක්කයි ඕන ? කියමු බලන්න ..

නිර්නාමික වීරයා said...

මෙව්ව දැක්කම පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනව

හිස් අහස said...

එහෙමද ? ඉතින් බලන්නේ නැතිව ඉන්න සහෝදරයා

Chinthaka Rajapakshe said...

බැරිද මටත් ටිකක් හොයලා දෙන්න

හිස් අහස said...

@චින්තක සදරුවන් අපෝ මම ඒව නැවැත්තුවා ! අයියා ගොඩ කාලෙකින් මේ පැත්තේ .

මකුළුවා..... said...

යකෝ උඹට බොන්නම ඕනෙ නම් ස්කාගාර සංස්ථාවෙන් අනුමත කරපුව විතරක් බීපං.ඔය ජරාව ගහලා ඉක්මනට එක්ස්පයර් වෙන්නේ නැතුව.

අමද්‍යප බැටෑලියන් එක කොහොමත් දිනුම් හැමදාම....
ජයවේවා!!!!

නිර්නාමික වීරයා said...

මාරයයි උඹයි දෙන්නම බිලොග් ලියන්නෙ තව ටික දවසයි! පිං අතේ වැඩක් කරගන්න බලපල්ලා.

Anonymous said...

@මාරයාගේ හෝරාව අඩේ මාරේ අර ඉලක්කං වීරයාට මාර web එකක්නේ බං තියෙන්නේ... www.www.com හී හී...

Anonymous said...

@නිර්නාමික වීරයාකොහේ හරි යන එල පොරක්.. වරෙං ඩෝ සිරා පොරක් වගේ.. අපිත් එක්ක බ්ලොග් ලියන්න.අපිත් ආසයි උඹේ අත්දැකීම් කියවන්නත්. එලනේ එහෙනම්, වරෙන් ආ.. ඉක්මනට... මට හිතෙන විචියට උඹ ගාවත් සිරා කතා සෙටි එකක් ඇති.

හිස් අහස said...

@මකුලුවා = මට එදා තමයි ඔය කතාව තේරුනේ අප්පේ දැන්නම් පරිස්සම් වෙනවා මචෝ ..

@නිර්නාමික වීරයා = අවජාතක උතුමානනි ඔබට ඔය නම තැබුවේද මමය. ඊට පෙර ඔබට නමක් තිබුනේ නැත ..මගේ බ්ලොග් ලිවීම නැවැත්වීමට අවජාතකයකුට බැරි වගනම් මම දනිමි ..ඔබට ජය

@prasanna86k = ගනංගන්න එපා මචෝ අතවරයකට ලක්වී බෙලහීන වූ තරුනයෙක් කරන අඳබාල වැඩක් මේක ...

හරී said...

වමනෙ දාපු එකාව හොයාගන්න බැරි වුනාද?

සංකල්ප said...

නියම කතාවනේ අයියා !!! හිස් අහසට ආපු පලවෙනි අවස්තාව තාම කතා ටික කියවන ගමන් ඉන්නේ

පිස්සා පලාමල්ල said...

හික් හික් හික්....

මේ මලයෝ... ඔය මොක බිව්වත් ඔය ගමේ එව්ව නම් බොන්න එපා.. අර කිව්ව වගේ ඇඩ්ඩින් මාම දන්නවනෙය එතනෝල් මෙතනෝල්... යකෝ ශුවර් නෑ කියද්දිනේ මූ බීල තියෙන්න්නේ... අර කෙල්ල දන්නවනම් උබ පටස් තම... හාක්‍රොස්.

Nuwanga said...

Tell the 5 th sentence in පන්සිල් පද්ද

osanda blog said...

hey are you silly and are you a bloody fool? why do you use alchol as a addictive please do not use alchol again .Alchol is dangerous virus that can be damage your all systems and your all positive ideas so think of that and please do not use alchol. you have a bright future and great phillosophies. bye wish you best of luck !! and wish you a great future !! I am osanda
my email is osanda1000@gmail.com

සූර සරදියල් said...

මෙතනොල් නම් ලොවෙත් නෑ සහෝ!!! කස්ස ගහද්දි බලාගෙන

Lanilu Wickramasekera said...

What ever you drink, don't drink those made in villages man.

networkdisa said...

බ්රෝ අපි සැට් වෙමුද?

දුකා said...

ඔය ජරාව බීල උඹ ඉතුරු වුනා ඇති

රවින් said...

මචෝ ඕවටත් හූනෝ එහෙම දානවද???

Kiri said...

මාත් එක්ක බීපු එකා ඌ සතියක් ඉස්පිරිතාලේ ඉඳලා !
හහා..අපොයි

saumiya said...

asa nadda ayeth mulla patas pawichchi karanna??

මාධව විදුරංග said...

yakoo hina wela pana giya! meeka baladdi! hikk hikk!

Weni said...

ඔය මුල්ල පටස් කතාව අල්ල ගත්තෙ මේ කෙන් කියලා ආයිමත් මතක් උනා මල්ලි !

Anonymous said...

අම්මෝ ....... මල්ලියෝ ..... ඔය දහජරාවත් බිව්වද ඔයා?
අපෙ පැත්තෙත් ගජරාමෙට තියෙනවා ඕවා...
හැබැයි මෙහෙ ඕවට කියන්නෙ "ඇති හිටියා" කියලා
මොකද ඕව බොන්න පුරුදු උන එකෙක් අවුරුදු 2ක් යනකොට වලපල්ලෙ....
එම්බාම් කරන්න ඕනිත් නෑ.....

Anonymous said...

I like what you guys tend to be up too. This
type of clever work and coverage! Keep up the superb works guys I've incorporated you guys to my blogroll.
My webpage ... confound.com

Anonymous said...

Yesterday, while I was at work, my cousin stole my iphone
and tested to see if it can survive a 30 foot drop, just so she
can be a youtube sensation. My iPad is now destroyed and she has 83 views.
I know this is completely off topic but I had to share it with someone!
Here is my web page black Friday 2012

Anonymous said...

Hi there very nice web site!! Man .. Beautiful .. Superb .
. I'll bookmark your blog and take the feeds additionally? I'm happy to find so many helpful information here in the publish,
we want develop extra strategies on this regard, thanks for sharing.
. . . . .
my webpage :: how to lose weight fast

Anonymous said...

Hello there! Do you know if they make any plugins to
help with SEO? I'm trying to get my blog to rank for some targeted keywords but I'm not seeing very
good results. If you know of any please share. Kudos!
Also visit my site - cheap social bookmarks

Anonymous said...

I blog frequently and I seriously appreciate your content.
The article has truly peaked my interest. I'm going to bookmark your website and keep checking for new details about once a week. I opted in for your Feed as well.

Have a look at my web site: social bookmark
Also see my site :: buy Social bookmark

Anonymous said...

We stumbled oveг here ԁіfferent page and thοught I may as well
check things out. I like what I see ѕo nоw i'm following you. Look forward to exploring your web page for a second time.

Feel free to surf to my blog post: http://easternsamar.gov.ph/index.php?option=com_easygb&Itemid=27

Anonymous said...

I гeаd this article fullу concеrning the comρariѕon of mοst recent
аnd earlier technologieѕ, it's awesome article.

Visit my site server cardsharing cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing|
My webpage > card sharing servers cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing| cccam server|server cardsharing|skybox f3 cardsharing|cccam|cardsharing anbieter|cccam pay server|cccam server premium|dreambox|server dreambox|buy cardsharing|cardsharing|cardsharing server|dreambox 800|free card sharing server|satellite cardsharing kings|test line cccam|card sharing|card sharing servers|cardsharing canalsat|cccam line|cccam test line|free cccam server|sat keys|satellite cardsharing|

Anonymous said...

Aѕking quеstions are rеally good thіng іf you aге not unԁerѕtanԁing something totally,
excеpt this post proνides fastidiouѕ undегstаndіng even.


Also visit my pagе ... cccam test line cccam server|server cardsharing|sk

Anonymous said...

Your current гepoгt has pгoven bеnefiсiаl to
mуself. It’s verу eduсatiоnal anԁ you rеаlly are obviouslу really еduсаted in thіs area.
You hаve openеԁ my pеrѕonal sight
in orԁer tο vaгious thoughts about this spеcifiс mаtter together
with inteгesting and solid artiсlеs.
Also visit my web site :: ambien

Anonymous said...

Hmm is anyone else having problems with the images on this blog loading?
I'm trying to determine if its a problem on my end or if it's the blog.
Any feedback would be greatly appreciated.

Review my page ... Pirater Un Compte Facebook

Anonymous said...

My family every time say that I am wasting my time
here at net, but I know I am getting familiarity every day by reading thes nice content.



Feel free to surf to my blog post Psn Code generator

Anonymous said...

Hello! I realize this is somewhat off-topic but I had to ask.

Does building a well-established website like yours
require a lot of work? I'm completely new to writing a blog but I do write in my diary everyday. I'd like to
start a blog so I will be able to share my personal experience and views online.
Please let me know if you have any kind of recommendations or
tips for brand new aspiring bloggers. Thankyou!

Also visit my blog post ... generateur de Code Psn

Anonymous said...

Wow, this piece of writing is fastidious, my sister is analyzing such things, thus I am going to
let know her.

Also visit my web blog ... Psn Code Generator

Anonymous said...

I desired to thank you a lot more for this incredible website
you have created here. It's truly is stuffed with
practical tips for those who are genuinely enthusiastic about this
area of interest, especially this very post.

my web blog 1

Post a Comment

තැන්කූ බං