8.12.10

මගෙ සටනට ජය පතන්න .!




****************************************************************************************************************
අත් වැල් පැටලැවූ
දඟකාර හිනා හඩ
කෙලිලොල් වූ
කතා පෙල

ඉඟි කලා සටනකට
නැති වූ පැතුම
අහිමියි පැතුම
වියරුයි ජීවිතය

ඉතිං පැතුමට
කුමක් නම් කියන්නද ?
පැරනි මිතුදමේ
අළුත් වෛරයම මිස
****************************************************************************************************************

මිතුරෙක්ව සිටි ඔබට:

හෙටින් පසු ඔබත් මමත් නැවත කිසි දිනක වචනයකින් වත් කතාබහ නොකරනු ඇත

හෙටින් පසු අප දෙදෙනාගෙන් එක් අයෙක් පරාජය ලබනු ඇත !

ඒ නුඹද ?

නැත්නම් මමද ?

දෛවය විසින් එය තීරනය කරනු ඇත.


****************************************************************************************************************


අද දවල් ඔහු විසින් මට කල අභියෝගය :- පිරිමියෙක් නම් වරෙං හෙට හැප්පිලා බලමු උඹද මමද ?

දැන් මට එය තවත් එක තර්ජනයක් ලෙසින් අමතක කර දැමිය නොහැක . මන්දයත් මා නිවටයකු නොවන බැවිනි.ඉතින් හෙට දින ඔහු විසින් සූදානම් කල සටනට සහභාගී වීමට මම ඉතා කැමැත්තෙන් සිටිමි ...

සටනට නොගොස් නිවටයකු වනවාට වඩා මියයාම මට සැපතකි !

මිතුරනි කමෙන්ට් තීරුවේ නොලිවුවාට කම් නැත ඔබේ හිතින් මට ජය පතන්න ! කමෙන්ට් එකට වඩා ඔබ අවංක හිතෙන් පතන ජය මට වැදගත් .


සඳරු



34 comments:

Anonymous said...

හ්ම්ම්ම්

Anonymous said...

ජයවේවා... ගහල වරෙන් මචං...

-වැම්පයර්

Anonymous said...

එල එල සදරු අයියේ... හොක්ක තලලාම එන්න ඕනා... කලින් වගේ ගුටි කන්න එපා ඔන්න.... මගේ සුභ පැතුම්....

dinesh said...

අපේ වීරයට ජයවේවා.............

සටන කල යුතුම නම් ජය පතනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.සාකච්චා මාර්ගෙන් වැඩේ ඉවර කරගන්න පුලුවන්නම් හොඳයි.

කොහොම උනත් උඹ පරදින්නෙ නෑ.ඒ තිරිසනා පරද්දන්න සියලු ශක්තිය උඹට තියනවා.

mhasantha said...

මං නම් මේ වැඩේට එච්චර එකග නෑ සහෝ.....
එත් මේකට මුණ දුන්නේ...එතන බලාගෙන හිටියේ...ගුටි කාවේ උබ....
ඉතින් උබ ගන්න තීරණේ හරි ඇති....ඉතින් කරන දෙයක් පරිස්සමින්.....
මෙහෙම කියන්නේ මං ස්වභාවෙන්ම ප්‍රශ්න ඇති කර ගන්න කැමති නැති කෙනෙක් නිසයි...
මොකද මං දන්නවා ඔය විදිහට දිග ඇරෙන දේවල් ඉවර වෙන්නේ මහා විනාශයක් වෙලා....
අපිට ඕනි නෑ ඔයාට කරදරයක් වෙනවා දකින්න...අඩුම තරමේ තුවලයක්වත්....
බුදුහාමුදුරුවොත් කිවුවේ...."නහි වේරේන වේරානි" කියලනේ...
හිතන්න....ස්වභාදහම මිනිස්සුන්ට වෙලාවට දඩුවම් දෙවි....

Anonymous said...

මල්ලී උඹ දිනලා ඉවරයි බං. දැන් පැත්තකට වෙලා හිටපං.

Anonymous said...

අත පය සනීප වෙලාද ඔය රණ්ඩුවට යන්නේ....

මට බොබ් මාලෙගෙ සින්දුවක් මතක් වුනා...

Get up, stand up, Stand up for your rights. Get up, stand up, Don't give up the fight.

මෙතනදි ඔයා සටන් කරන්නේ අහිංසක සතෙක්ගේ මානව හිමිකම් ..නැහැ නැහැ සත්ත්ව හිමිකම් වෙනුවෙන්...

ඒක නෙමෙයි... සටනට යන්නම ඕනි ද ?

තරු අහස said...

උඹ දන්නවා අපි හදවතින්ම ඒක පතන බව..මොනවා ලියන්නද...හදවතින් අප යුධ බිමේ ඔබ තනි ‍කලේ නැත කිසි දිනේ...

පිණිබිඳු... said...

කොමෙන්ටුවෙන් වගේම මම හදවතිනුත් සුභ පතනව සහෝ

නිශ් said...

විකාර


පලි/

තරහ වෙන්න එපා මල්ලි ඔකට කියන්නෙ උණ කියලා.
උඹට අද තේරෙන එකක් නෑ මන් මොකක්ද කිව්වෙ කියලා.
ඒත් කවදහරි තේරූම් යයි

මාරයාගේ හෝරාව said...

හ්ම්ම්..හරි උඹ වැඩෙ පටන් ගන්නනේ හදන්නේ..

උඹට ගහ ගන්නම ඔනද..?

හරි එහෙනං වැඩි කතා එපා උගෙ ඇස් දෙක දිහාම බලා ගෙන ඉඳපන්..උඹට කිව්ව හැකි ඌ උඹෙ කොතනටද මුලින්ම ගහන්න හදන්නේ කියලා..කිසිම වෙලාවක ඇස් දෙක උගේ ඇස් දෙකින් අහකට ගන්න එපා..
ඌ ගහන්න හදනවා කියන දේ උඹට තේරෙනවා ඌටත් කළීන් අන්න ඒ පළමු පහරට දශමයකට හරි කළින්..
උඹෙ නුහුරු අතින් ඒ කිව්වේ උඹ දකුණත් කාරයෙක්නම්..
උඹෙ වම් අතින් පටන් ගනින්..කිසිම වෙලාවක පළමු පහර හුරු අතින් ගහන්න යන්න එපා..මොකද පළමු පහර ආවරණය කිරීමේ හැකියාව වැඩියි.
දෙවෙනි පහර තමයි වැඩි ජවයකින් එල්ල කරන්න ඔන..

මතක තියා ගනින් ගහන්න යනවා කියන්නේ හුරතල් කරන්න යනවා කියන එක නෙවෙයි.
ඒ හින්දා පැය ගනන් ගහගන්න ලෑස්ති වෙන්න එපා..
සාමා්‍යයෙන් හරි හමන් පාරවල් තුනක් ඇති ම්න්හෙක් වට්ටන්න.

පළමු පහර මිට මොළවා වැඩි වෙගයක් නොගෙන උගේ නහයට කෙළින් එල්ල විය යුතුයි..
ඒත් එක්කහ උඹෙ තියෙන උපරිම ජවයෙන් උඹට හුරු අතින් පහල සිට ඉහළට ඇදී යන වදියට අපර් කට් එකක් උගේ නිකටට පහළින් ඛෙල්ල ගැලවිලා යන තරමින් ඉහළට..
ඒ පහරවල් දෙකින් පස්සේ උඹ කැමති විදියකට තුන් වැනි පහර එල්ල කරන්න පුළුවන්..මම නම් ඉළ ඇට තල තලා ඉන්න කැමති නැහැ..
කෙළින්ම දණහිස නවා යටි බඩට එල්ල කරන පහර වැදගත්..එතනින් සටන ඉවරයි..

මතක තියා ගනින් ඔනවට වඩා ලං වෙන්න දෙන්න එපා දුර පිළිබඳ සැලකිලිමත් වෙයන්..
ඇස් දෙක අහක් කරගන්න එපා...
පොරකන්න ලෑස්ති වෙන්න එපා..
සටනට තුන්වන පාර්ශවයකින් වෙන්නට තියෙන බලපෑම් ගැන හොඳ අවධානයකින් ඉඳපන්...

හරි මම උඹට මුළින්ම කිව්වේ වැඩෙ ඉවර කරන විදිය...

හැබැයි මතක තියා ගනින් උඹ ගහගන්න නොයා ඌට දිනුම දීලා පැත්තකට වෙලා ඉන්නවනං මම කැමතියි..

මොකද වෛරයේ අවසානයක් නැති හින්දා..

උඹ ගහන පාරවල් වලින් උගේ ජීවිතේට හානි වීමෙ ඉඩකඩ වැඩියි..

නීතිමය පැත්ත යකාට ගියාවෙ..අර හරකා මරපු එකාගෙයි උඹෙයි වැඩි වෙනසක් නැහැ කියලා එතන ඉඳලා හැම තත්පරයේදීම උබට දැනෙයි..
ජීවිතේ අපායක් වෙයි..රෑට නින්ද යන එකක් නැහැ.
උඹට කවදාවත්ම උඹටම සමාව දී ගන්න බැරි වෙයි.

උඹ ඔය වලියට නොගියොත් ගමෙ උං උඹට හිනාවෙයි..උඹට ලැජ්ජා හිතෙයි..ඒත් ඒ හැම දේම සති දෙක තුනක් ඇතුළත අවසන් වෙයි..

හැබැයි...

උඹ වලියට ගියොත් ඇති වෙන දේවල් ජීවිත කාලයටම උඹත් එක්ක රැදිලා තියෙයි...
වෛරක්කාරයින් එක්ක හැමදාම ජීවත් වෙන්න වෙයි..
ඇයි මං හදිසි උනේ කියලා හැමදාම උඹට හිතෙයි..
ඒක කවදාවත් හරි ගස්සන්න බැරි වරදක් විදියට උඹෙ ජීවිතේට එකතු වෙයි...

ඔන්න මම කියලා ඉවරයි..

තීරණය උඹෙ අතේ...
මම උඹට කිසිම දෙයක් කියන්නේ නැහැ.

ayesha said...

සටනට යන්න එපා කියන්න බෑ. ජය පතනවා එක හිතින්ම. ඔය තිරිසන් මිනිස්සුන්ට මේ ආත්මේ නැත්තම් ලබන ආත්මේ හරි ඔවා පළිසන් දෙනවා.

Paraya said...

මල්ලී මම කියන්න යන්නෑ උඹ කරන දේ හරිද වැරදිද කියලා... එත් මල්ලී බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලාව හපන්න යනවද? පොඩ්ඩක් හිතලා බලපන්.

මගේ අදහස කියනවා නම් ඒ නිවටයාව අතෑරලා දාපන්.

”පිරිමියෙක් වරෙං නම් හෙට හැප්පිලා බලමු උඹද මමද ?”

මල්ලී ඌ පිරිමියෙක් නම් අර තිරිසන් සතෙක්ට දස වද දෙයිද..?
තීරනේ උඹේ අතේ...

මොනවා උනත් උඹට ජය...

pandukabaya said...

ඌට හොම්බෙන් යන්න ගහලා වරෙන් මචන්

Dasun said...

සහෝදරයා, වලියෙන් ප්ර්ශ්න විසඳීම සාර්ථක් නෑ...
ඒ වුණාට ඔන්න ඕකට හොඳවැයින් දෙකක් ඇනලා වරෙන්....
උඹට ජය...

samadhi said...

බට වෙන්න එපා. බුදු සරනය්.

මකුළුවා..... said...

මන්දා මචං මෛත්‍රියට මෛත්‍රී....වලි නම්........?
ප්‍රශ්නයක් තමා......
ගහගන්නව නම් මාරයාගේ උපදෙස් පිළිපැදපන්....හැබැයි ගුටි නොකා වලිය ෂේප් කරන්න පුළුවන් නම් ඒකටත් ට්‍රයක් දාපන්....
කොහොම වෙතත් උඹට ජය!!!!!!!11

පූසා said...

අනේ මන්දා මටත් කියන්න තියෙන්නේ මාරයා අයියා කියපු කතාව හරියටම හරි කියලා තමයි

පැන්ඩා said...

මම නම් කියන්නෙ වෛරයෙන් වෛරය නොසංසිදේ...ඔය වගේ බාල මිනිහෙක් කොහොමද උඹෙ පිරිමිකම තීරණය කරන්නෙ,,,කොහේ හරි ඉන්න නැහැදිච්ච මිනිහෙක් ගෙ වචනෙකට ඇ‍යි උඹේ ජිවිතෙ අනතුරෙ දාගන්නෙ...මචං අපි කලබල වෙන්න ඕනි කවුරු හරි හැදිච්ච මිනිහෙක් සත්පුරුශයෙක් අපේ වැරද්දක් කීවොත් විතරයි..කොහෙවත් ඉන්න නපුංසකයෙක් කියන ඒවට උත්තර දෙන්න යන්නෙ නැ වැදගත් මිනිස්සු...එහෙම දෙන්න ඕනි ත් නැ...
මම නම් කියන්නෙ යන්න එපා...එ වගෙ එකෙක්ට කියල මැනගන්න ඕනි නැ උඹෙ පිරිමිකම..පිරිමිකම මැන ගන්න ඕනි ගැලපෙන පිරිමියෙක් එක්ක මිසක් තිරිසෙනෙක් එක්ක නෙවෙ.ඔන්න ඔහ උඹ රස්සාව කරගෙන ඉඳින්...උඹට තෙරුවන් සරණයි

පබලු said...

hm..kiyanna deyak ne vage..Marayage kathaavata ekagayi...

paressamen male...

හිස් අහස said...

සටන ඉවරයි මම ඌට ගැහුවා ! ඒත් වැඩේ චැරදුනා .අපරාදේ ගහ මරාගන්න ගියේ .මගේ යාලුවෙකුට කට්ටියක් මග රැකලා ඉඳලා ගහලා ..මම දන්නවා කවුද කියලා ..ඒත් මේ ඔක්කෝම මං නිසා ..ඒ යාළුවාගේ දෙමවුපියෝ මට කෝල් කරලා බැන්න හොඳටම

ආයේ මම කිසිම දවසක කාට අසාධාරනයක් උනත් ඇස් කොනකින් වත් බලන්නේ නෑ ..ඕන දෙයක් වෙච්චාවේ මට මොකද ..! අදින් පසු මම හිතන්නේ මම ගැන විතරයි ..

dinesh said...

මම හොඳටම බයෙන් හිටියෙ බං.දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ.උඹ ඇවිල්ලනෙ.

හැම තිස්සෙම වැ‍රැද්ද මලයගෙ කියල හිතන්න එපා.ඒක නම් හොඳ පුරුද්දක් . අසාධාරණේට විරුද්ධව සටන් කරන එක අද සමාජෙ දකින්න ඇත්තෙම නෑ.ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ දැන් ඔය අන්තිමට උනා වාගෙ සිද්ධි , .ප්‍රථිපල විදියට ඉතුරු වෙන හින්ද. පහුවෙනකොට ඒදෙමව්පියො තේරුම් ගනී සමහරවිට.කොහොම උනත් උඹ එල පොරක්.
ජයවේවා........!!!

හිස් අහස said...

@sameerausa = ජය..!

.......................................................................................................................................

@වැම්පයර් = දුන්න මචං ඔන්න !

.......................................................................................................................................

@නිම්ශා = මම ෆයිට් එක දින්නා ! හැබැයි මමත් පොඩ්ඩක් ගුටි කෑව ..ඌ තමයි වැඩියෙන් කෑවේ ...

.......................................................................................................................................

@dinesh = බොක්කෙන්ම ඉස්තූතියි මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ නේ ..! ඒකයි වලියට ගියේ දැන් නම් හිතෙනවා අපරාදේ කියලා !

.......................................................................................................................................

@mhasantha = මොනවා කරන්නද මචං මම බලෙන් දාගත්ත ලෙඩක් නෙවේ මේක ..උඹලා අපි මං ගැන හිතන එක කොච්චර දෙයක්ද ! ආයේ වලි නෑ මම අද නියම පාඩමක් ඉගන ගත්තා ...

.......................................................................................................................................

@prasanna86k = සමාවෙයන් ! මචං උඹ කියපු දේ මම ඇහුවේ නෑනේ ...මට පස්සේ තමයි උඹ කියපු දේ තේරුනේ ... ආයේ කිසිම වලියකට නෑ මම
.......................................................................................................................................

@ wath = ඔන්න මම අතක් පයක් කඩා ගන්නේ නැතුව ආවා ! හැබැයි අනේ මගේ තොල පැලුනා කකුලේ නිය පොත්තක් ගැලවුනා . මම නොගිහින් හිටිය නම් ඌ මාව හොයං ඇවිල්ල හරි ගහනවා ..මම ඊට කලින් මම ක්‍රියාත්මක උනා .
.......................................................................................................................................

@ තරු අහස = සහෝදරයා ඉතින් මගේ බොක්කනේ !
.......................................................................................................................................

@ පිණිබිඳු = එච්චරයි මට ඕන ! ඉස්තූතියි සහෝදරී ..

@ නිශ් = ඔයා හරි දැන් ඒ උන හරි ගියා ..මම නිසා යාළුවෙක්ට අත කඩාගන්න උනා ..ඒකට මම පුදුම දුකකින් ඉන්නේ ...

ayesha said...

අම්මෝ යාළු ඇති යාන්තම් ඒක ඉවරයි. ඔය සටන ඉවරවෙනකම් බලාගෙන හිටියේ හිතේ බයෙන්. ඇත්තටම හොඳ හිත තිබුනම තමා ප්‍රශ්න වැඩි.

පැණි දොඩම් said...

ඔයින් ගියා මදැයි. මේ හැමදේකින්ම ජීවිතේට පාඩමක් ඉගෙන ගනින්.

මාරයගෙ උපදෙස් ටික නම් ෆට්ට. මටත් හිතෙනවා කාටහරි නෙළලා බලන්න.

හිස් අහස said...

@මාරයාගේ හෝරාව= ඔයාගේ උපදෙස් ටික නොවන්න මම අද අම්බානෙට කනවා මම හිතපු තරම් ප්‍රථිවාදියා ලේසි උනේ නෑ මොකද මම කවදාවත් මූ එක්ක ගහගෙන තිබ්බේ නෑ නේ ...ඔයා කියපු විදිහටම මම පහර දුන්නා ..හැබැයි මම එක පාරක් බිම ඇදවැටුනා ඒත් පස්සේ දෙවනි පාරට ඌට මම ආයේ හොඳ වයින් අපර් කට් එකක් දුන්නා ඒකෙන් පස්සේ ඌ පසු බැස්සා ..ඒත් මගේ යාළුවෙකුට කරදරයක් උනා ඒක නිසා මම පුදුම විදිහට දුකකින් තමයි මේ වෙලාවේ ඉන්නෙ ..ආයේ මම කාට කරදරයක් උනත් ඒ ගැන නොබල ඉන්න ඔයාවගේ ඕන දෙයක් වෙද්දෙන් කියලා ඉන්න තීරනය කරා ..හැම දේටම ඉස්තූතියි..
.......................................................................................................................................

@ayesha = ලැබුවේ දිනුමක්ද පැරදුමක්ද කියලා මම දන්නේ නෑ යාළු ඒත් මම ආයේ රංඩු වලට නොයන බව නම් දන්නවා ..
.......................................................................................................................................

@පොජ්ජේ= මම අද නොගියනම් ප්‍රෂ්නේ තව දුරදිග යනවා අයියෙ මම නොගිය නම් මම පාරේ බැහැල ගිහිං ඉවරයි ..ඌ තවත් උඩ යයි මම ඌට බයේ ඉන්නවා කියලා හිතලා ..දැං මේක මම අමතක කරලා දානවා ..ආයේ මගේ ජීවිතේටම වලි දාගන්න අදහසක් නෑ...
.......................................................................................................................................

@pandukabaya = දෙන එක දුන්නා ආයේ අමතක නොවෙන්න මමත් කෑව මදි නොකියන්න කොහොම හරි ඌට දෙකක් වනාගත්තා ..ඒ ඇති
.......................................................................................................................................

@නිර්මල = ඉස්තූතියි මචං දුන්න ගැම්මට. මම ඌට නියමෙට නෙලුවා. ඇත්ත කියන්න එපැයි මමත් ටිකක් තුවාල කරගත්තා ..(මටත් වැදුනා )
.......................................................................................................................................

@samadhi = ඉස්තූතියි.හයියක් උනාට ඔයාටත් බුදුසරනයි !
.......................................................................................................................................

@මකුළුවා = ඌට මචං මම පැහැදිලි කරන්න උත්සාහ කරා ! ඒත් ඌට ඕන ගේම ..ඉතින් මම කොහොමද බං මගේ ඔලුවට අත හෝදන්න දෙන්නේ ..? මම බැරිම තැන තමයි වලියට ගියේ
.......................................................................................................................................

@ පූසා = බැරිම තැන තමයි මම වලියට ගියේ .මචං
.......................................................................................................................................

@පැන්da = මම කොහොමද අයියේ මගේ යාළුවෝ ඉස්සරහා කොං වෙන්නේ ..මට ඒක කරන්න බෑ .මං වෙනුවෙං ආයේ කිසිම කරදරයකට එතකොට යාළුවෙක් එන්නෙ නෑ නේ ! අයියගේ කතාව හරි ..ඒත් මම මොනා කරන්නද ? මම අද නොගිය නම් මට වදින කාඩ් එක අවුරුදු ගානකට මකා ගන්න බැරි වේවි ..
.......................................................................................................................................

@පබලු = මාරයා හින්දා තමයි අක්කේ මම ගුටි නොකා බේරුනේ ..මම හිතං හිටිය විදිහට ගැහුවනම් අද මම රෝහලේ ..අක්කට ඉස්තූතියි ..
.......................................................................................................................................

@dinesh = මම ආවා ඒත් මාර අවුල ..එපා වෙලා ඉන්නේ ..
.......................................................................................................................................

@ayesha = ඔයා නම් ඇත්තටම නියම යාළුවෙක් යාළු ..අදින් පසු මම සාමකාමී කොල්ලෙක් ..

හිස් අහස said...

@Nuwan Kumaranayake (නුවන් කුමාරනායක)
අමතක නොවෙන පාඩමක් ඉගන ගත්තා අයියේ ආයි මෝඩයා වගේ ගහ මරාගන්නේ නෑ ..හැබැයි ගහන්න ආවොත් නම් .....

අයිය කාටද ගහන්න යන්නේ ? මාරයාගේ උපදෙස් නම් කියලා වැඩක් නෑ මම බේරුනේ ඒව නිසා මාරයාට මල් තියලා වඳින්න හිතෙනවා මට ..

කේෂාන් De சில்வா said...

අනේ මන්ද මොනව කියන්නද කියල. හැබැයි ​වෛර කරල ප්‍රශ්ණ විසදන්න බෑ නේද???

මේ ලෝකෙ හැමෝම එක වගේ නෑ. අපි කැමති දේවල් අනිත් හැ​මෝම කරන්නෙත් නෑ. අපි ටිකක් කල්පනා කරල වැඩ කරන්න ඕනෙ නේද? ලෝ​කය වැරදි නම් ඒක හදන්න අපි උත්සහ කරන්න ඕනෙ. ඒත් ඒක කරන්න පුළුවන් සීමාවක් තියනව. එතනින් එහා අපි යන්න හැදුවොත් වෙන්නෙ අපි කොන් වෙලා යන එකයි.

සතුටින් ජීවත් වෙන්න. බුදු සරණයි!!!!

සංකල්ප said...

මොන දේ කලත් අයියා පරිස්සමෙන් හොදද ??? අයියා හැප්පෙන්න යන්නේ අණක් ගුණක් නැති තිරිසනෙකු ගානටත් වඩා පලට වැටිච්ච මනුස්සයෙක් එක්ක කියලා හිස් අහස ලියන සදරු අයියා අමතක කරන්නේ නැහැ නේද ?? මොනවා උනත් අයියා මුලින් කතා කරලා වැඩේ ගොඩ දාගන්න බලන්න. මොකෙක් උනත් අහිංසක සතෙක් නේ. පව්... අයියට එක හිතින්ම ජය පතනවා !!!!! නරක දැක දැක නැසූ කන්ව නොබැලු දෙනෙත්ව ඉන්නනවට වඩා මොනවහරි දෙයක් කරන එක වටිනවා. එක එක අතකට ලොකු සමාජ මෙහෙවරක් !!!! එත් අයියා..... පරිස්සමෙන් !!!!!

Anonymous said...

මං දැනුයි සීන් එක කියෙව්වෙ. කමෙන්ටු ටිකත් මුල ඉදන් අගටම් කියෙව්වා. මචන් මෙහෙම වරදක් වෙනකොට ඒකට එරෙහි වෙන්න හැමොටම ගට නෑ. ඒ නිස උඹට උඹ ගැන ආඩම්බර වෙන්න පුලුවන්. මේ වලිය උඹ දින්නා කියල වැඩෙ අල්ලලා දාන්න එපා.

අර අය්යා මලො ගැන ටිකක් සෙවිල්ලෙන් හිටපන්. මං අත්දැකීමෙන් දන්න දෙයක් තමයි වලියකදි කාපු එකෙක් අනිවා return එක දෙන්න උත්සාහ කරනව.ඒක දෙන්නෙ හදිස්සියෙ උඹ නොහිතන වෙලාවක unconventional විදිහට. ඌට ඔනෙ ඌත් උඹට නෙලුවා කියන එක විතරයි. කොයිවිදිහටද කියන එක වැදගත් නෑ (උඹ තනියම ඉන්න වෙලාවක වටපොරියල් එකක් වෙන්නත් බැරි නෑ) නැත්තම් ඌට වස නොන්ඩියනෙ. එනිස උඹෙ ආරක්ශාව ගැන සැලකිල්ලෙන් හිටපන්.

Hasitha Gunasinghe said...

ඌට රිදෙන්න සබ්බුවක් දීපු එක නම් හොඳා...... කෝකටත් පරිස්සමෙන් ඉන්න. කියන්න බැහැනේ

"සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා, මිනිසා තමා හඳුනාගත නොහැකි සතා"

චානු.. said...

ගහගෙන ප්‍රශ්න ඉවර කරන්න බැ කොල්ලෝ.. අත උස්සන එක කටත් පුළුවන්. එත් ප්‍රශ්නෙකදී ඉවසන්න පුලවන් ගොඩක් කලාතුරකින් කෙනෙක් ට විතරයි. අනික බල්ලෝ නිසා කරන වැඩ නාවත්ත ගන්න එපා. යන ගමන දිගටම යන්න කරන දේ බොක්කෙන් කරන්න. ජය වේවා..!

පිස්සා පලාමල්ල said...

මලයෝ ඔහොම කලක් මටත් තිබ්බා... ගහ ගැනීම.. වලි... ඔව්වා මහ බොරු දේවල් බන්... ඕවයෙන් ප්‍රශ්න වැඩි වෙනව මිසක්... විසදුමක් නැහ..

මාරයෝ.... උබත් මාරායෙක්ම තමා...

මාධව විදුරංග said...

maaraya nam maara gurek! man ee tika copy karala thiyagaththa! :D :D :D ee unath sandaru uba aaye game walata yanna epa! anika bn mokada dan eeke new thaththweee?? eekath daapan!

Post a Comment

තැන්කූ බං