9.1.11

පවුකාරයකුගේ ඇරයුම .!



[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[


සැඟවෙමින්, පැකිලෙමින්, 
යලිදු මා වෙත ඇවිත්
මසිත හඬවන පාලුව
අතුගා දමා රැඳෙනු මැන...


සිත හඬන හෙට දිනක
පවන් රැල්ලක්ව පැමින
තනිකමේ ගිනි දැල්ල
සෙනෙහසින් නිවාලනු මැන...


අඳුරු හිස් අහසක
තනිව මියැදෙන තරුවක
අවසන් එලි බිඳත්
නිවෙනතුරු ලඟ රැඳෙනු මැන...


මගෙම ආදර කතාවට
තිතක් නැවතුම් තබන්නට
වෙවුලන දකුණු අතකට
අවසන් සවිය දෙනු මැන....
 

 [[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[
 
 සඳරු//

26 comments:

Anonymous said...

සදරු අයියේ මොකද උනේ......... :/

dinesh said...

මේ ටික අහන්නද අපි මෙච්චර කල් බලන් හිටියෙ.මේ බ්ලොග් අවකාශෙ දැකපු ලස්සනම ආදර කතාව උඹේ ආදර කතාව.හැබෑටම මොකද බං උනේ.මොකෙක් හරි පාහරයෙක් බලු වැඩක්වත් කෙරුවද දෙන්නගෙ හිත් බි‍ඳෙන විදියෙ.මොනව කියන්නද කියල මට හිතා ගන්න බෑ.හිත ගොඩක් අප්සෙට් ගියා බං.

පූසා said...

:O අඩේ මොකද උනේ බං??

Anonymous said...

අහස අඳුරු ද තරුව ඇත ළඟ
කුමන කරුණට හඩන්නෙද නුඹ
තිත තියන්නට වාරු නැති අත
‍ලියන්නට නුඹ දිරිය දෙනු ඇත

අහස හිස් වී යන්නේ කොහොම ද
සඳරු පායා ඇති වෙලාවට
හිතක් හිස් වී යන්නෙ කොහොම ද
ආදරය දළුලන වෙලාවට

කාලයක් ඔසු ටිකක් ඉවසනු
කෙනා එයි හිමි නොවරදීමව
කෙනෙක් නැති නම් දුකක් කියනට
නුඹේ සොහොයුරි මෙමයි මතක ද?

අකීකරු හිත said...

අනේ මේ මොකද වෙලා තියෙන්නේ?
ඔය නැවතුම තියන්න හදන්නේ මතට නම් ඔය අතට සවිය දෙන්න කියලා අපටත් ප්‍රාර්ථනා කලහැකි... ඒත් මල්ලියේ..මේ වගේ ලස්සන ආදර කතාවකට කොහොමද නැවතුමක් තියන්නේ... ඉවසලා ඉන්න....හැමදේම හරියයි..

Unknown said...

මොකද සඳරු අයියේ උනේ?

ayesha said...

ඇයි මොකද උනේ යාළු? එහෙම උනේ කොහොමද?

සංකල්ප said...

ඇයි මල්ලි අර පාහරයා තව මොනවහරි කලාද ඔයාලගේ ආදරයට ??? බයවෙන්න එපා මලයෝ ඉක්මනින් ඔයාට හොද පිළිතුරක් ලැබෙයි. ඔයාල එහෙම පව් කරලා නැහැනේ ඔය විදිහට හිතින් දුක් විදින තරම්ම.
මේ කවි ටික කියවගෙන යද්දී හිතටත් ලොකු දුකක් දැනුනා.බයවෙන්න එපා මල්ලි උඩ දෙවිවරු කියලා ජාතියක් ඉන්නවා. එයාලගේ බැල්ම හොද අයට තියෙනවා. මල්ලිත් හොද කෙනෙක් හන්ද එයාල ඔයගැන නොබලා ඉන්න එකක් නෑ

මම මේ කවි ටික ලස්සනයි කියල කියන්නේ නෑ. මොකද මම එහෙම කවි හිස් අහසෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ.

Anonymous said...

මොකෝ බං මේ, අර පන්තිය නැවතුනත් හරි උඹ පීළි පැනල නේ.....

C0de BlUe said...

අප්පා මේ මොකද ????

පුතා said...

ඇයි මචං මේ...

Hishan de Silva said...

"මෙහි අදුරු මතකයන් යනු බොහෝ විට ඔවුන්ගේ පෙර අතීතයට අයිති, එක් අයෙකු අතින් සිදුවූ වරදක් හෝ දෙදෙනාම අතින් සිදුවූ වැරදි විය හැක. ඇයට එය පැහැදිළි කළ නොහැක.

සමහර විටක මෙම භවයේදී හෝ දෙදෙනා, දෙදෙනාගේම වැරදි හා කටුක අත්දැකීම් ඉවසා, එක්ව සිටින්නට ඇය විසින් කරනු ලබන ආරාධනයක් ලෙසට අවසන් පද පෙළ අපට සැලකිය හැක. "

හිතල බලල වැඩ කරපං කොළුවො.

In The Peek Of Happiness Take No Action
In The Peek Of Anger Take No Action

හිස් අහස said...

ඔයාල බය වෙන්ඩ එපා ! කලබල වෙන්ඩ එපා ! මම මේ බ්ලොග්එක නවත්වන්නේ නෑ ආදරේ නවත්වන්නෙත් නෑ ඊයේ රෑ පොඩි කේස් එකකට හිත මගේ රිදී ගියා . අද වනවිට සියල්ල සන්සුන් .

ආදරේ කරද්දී ඉතිං ඔයවගේ පොඩි අවුල් එනවා නේද ? ඔයාලව කලබල කරානම් සමාව ..

Thusitha (දිමා) said...

ජය වේවා !!

මෙවන්ත මධුරංග said...

ඔයා පිස්සු පූසෙක්නෙ හලෝ අපි සෙට් එකව හොදටම බය කලා නේද?

Unknown said...

ආහ් ඒක මිසක්.ජය වේවා!!!! :ඩී

Anonymous said...

වෙලාවට මම දැන් බැලුවේ...
උඹ හිත කලබල කරගන්න එපා, පේනවනේ නැවතිල්ලක් නැතුව වහින හැටි...

Anonymous said...

ආ ඒක මිසක්...ඔයත් පිස්සු කරනවනේ :D
"මම"

පිණිබිඳු... said...

මොකෝ උනේ. ආදර කතාවට මැදින් වල් අලියෙක් වත් පැන්නද

Sandaru said...

ආ යාලුවා මම අනිත් සඳරූ ඔයාගෙ වැඩේ එල..

සිත්රූ සිහින said...

මේක තමයි ආදරේ..සතුට වගේම දුකත් ආදරේට උරුමයි..හැමදේටම හිත ශක්තිමත්ව තියගන්න ඕනා..

ඔබේ ආදරේට ජය වේවා !

රත්ගමයා said...

මේ...බොට නට් ද??? මම උඹව දන්නවා හොදේ....හොයා ගෙන ඇවිල්ලා දෙන්නේ හොම්බට හරිය

හිස් අහස said...

උඩ ඉන්න සහෝදර සහෝදරියන්ට ඉස්තූතියි .. මට අද හැමෝටම එකපාර ඉස්තූතිකරන්න වෙනවා මා ගැන(බොරුවට හරි ) හොයා බලනවට .

අද අපට කරන්ට්එක නෑ ඉතින් යූ පී එස් එකේ අන්තිම බැටරි බලයෙන් තමයි මේ ඔකෝටම එකවර ඉස්තූතියි කීවේ ..

ජය වේවා !! මගේ සෙට් එකට ..

පිස්සා පලාමල්ල said...

වෙලාවට කොමෙන්ට් ටික බැලුවෙ... යකෝ මෙහෙම ලියන්න එපා අපිවත් අවුල් වෙනවා

෴ හසියා ෴ said...

මම පරක්කු වෙලා වගේ....ඒත් කමක් නෑ....උඹ හොදින්නම්....ගනන් ගන්න එපා බං ආදරේදි පොඩි පොඩි දේවල් වෙනවනේ....(ගනන් ගන්නෙපා කීවට ඉතිං මාත් උඹේ බෝට්ටුවේම තමයි ඕන්....)

හැමදේම හොදින් වෙයි ඉදිරියටත්....

උඹ උඹේ ආදරේ වගේම ඇයව විශ්වාස කරපන්.....වැඩේ ගොඩ....

ජය වේවා...!!!

රස්තියාදු කාරය.. said...

කට්ටියම ගොන් පාර්ට් නොදා, මුට පාඩුවේ love කරන්න දෙනවද? පව් පොඩි එක.. තම ඉගන ගන්නවා..

ජය වේවා...!!!

Post a Comment

තැන්කූ බං