24.2.11

අයියා ජන්දෙන් දිනුවම මල්ලිට ලැබෙන Benefit



 




           මේ වෙලාව රෑ .1.45 පැනලා හයර් එකට ගත්ත වෑන් එකක නැග්ග අපි හත් දෙනෙක් ගම වටේ පොඩි රවුමක් දාන්න යනවා . වෑන් එකේ ඉස්සරහාම සීට් එකේ වාඩි වෙලා ඉන්නඅතරේ මම නිකමට පිසිපස්ස බැලුවා අපේ පාක්‍ෂිකයෝ බුදිද කියලා නෑ ..එකෙක්වත් බුදි නෑ . කට්ටියම හොඳට තේරුම් අරං හිටියා අපි මේ කරන්න යන වැඩේ වැදගත්කම . අපි යන්නේ ජන්ද වැඩකට .ඇත්තටම කිවුවොත් පෝස්ටර් පාරකට.


 මම පිටිපස්ස සීට් දිහාවට ඔලුව දාල බලනකොට අපි ගෙනාපු ආම්පන්න පෝලිමට පේන්න ගත්තත . පෝස්ටර් මිටි හතර , පාප්ප බල්දි දෙක . තරමක් දිග කෙකි දෙකක්. එහෙම.වාහනේ වලකට වැටෙනකොට හීනිවට බෝතල් එකට ගැටෙන සද්දයකුත් ඇහෙන්න ගත්තා . මම ඒක ඒතරම් ගනං ගත්තේ නෑ .

 මම මීට කලින් කවදාකවත් මේ වගේ  මැතිවරණ අපේක්‍ෂකයොන්ට . කඩේ ගියේ නෑ ! . කාගෙවත් පෝස්ටර් අලව අලව යන්න මගෙ ජීවිතේටම හිතුවේ නෑ ! . ඇයි ..?  කිසිම අපේක්‍ෂකයෙක් මෙතුවක් කාලෙකට අපේ ගමටවත්, මටවත් හරිහමං උදවුවක් කරලා නෑ !.ඒත් මෙදා පාර තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ..මගේ ලොකුතාත්තගේ පුතා පුංචි ජන්දෙට ඉදිරිපත් වෙනවා . ඉතිං සඳරුත් මෙදාපාර ජන්දෙට බැහැලම වැඩ ..

 මහරෑ දොලහෙන් පස්සේ .පාරවල් ගානෙ යන එක . ලයිට් කනු උඩ නැගලා බැනර් එල්ලන එක . ගස් ගල්වල .පෝස්ටර් ගහන එක . විරුද්ධ පාක්‍ෂිකයන්ගේ කටවුට් වලට ගොම ප්‍රහාර එල්ලකරන එක .දැන් මම මේව පුදුම කැමැත්තකින් තමයි කරන්නේ . මම මේව කරන්නේ මගේ එකා වෙනුවෙන් . මගේ එකා දිනනවනම් මට ඇති . බැනර් කපන්න පෝස්ටර් වහන්න . කටවුට් ගලවන්න ගිහිං අම්බානෙට කන්න සෙට් වෙන්නත් බැරි නෑ ! .ඒත් .අපේ එකා දිනවනකම් අපි නවතින්නෙත් නෑ ..

 පහුගිය දවස් කීපයේම අපි පෝස්‍ටර් ව්‍යාපාරෙට සම්මාදම් උනා . පෝස්ටර් මිටියත් පාප්ප බාලිදිත් අරගෙන ෆෝන්වලින් විහිදෙන කනාමැදිරි එලියෙන් . අපි පෝස්ටර් අලවනවා ! . තුම්මං හන්දිවල . හතරමං හන්දිවල තාප්පවල බස් නැවතුම්පලවල් වල. වහල තියන කඩවල් වල. අපේ කොල්ලගේ පෝස්ටර් වරදින්නේ නෑ . . ලයිට් කනුවල . උස ගස්වල . අපේ කොල්ලගේ කටවුට් එල්ලන්නත් අපි අමතක කරන්නෙත් නෑ .  සමහර තැන්වලට අපි පෝස්ටර් අලවන්න යනකොට මේ දැං තව සෙට් එකක් ඇවිල්ලා උනු උනුවේම අලවාපු දුං දාන පෝස්ටර් තියනවා පාප්ප බේරි බේරි . ! අනේ ඉතින් මොනාවා කරන්නද ?. අපිටත් ගොඩක් දුකයි !.ඒත් අපි පෝස්ටර් වලට උඩින් අපේ කොල්ලගේ පෝස්ටර් තියලා තදකරලා එනවා . පාප්ප ගන්න ඕනෙත් නෑ නිකම්ම ඇලෙනවා .!! 

විරුද්ධ පාක්‍ෂිකයන්ගේ කොඩිවැල් කපලා . අපේ ගම පිරිසිදු කරන්නත් අපි අමතක කරන්නේ නෑ . කොඩිවැල් කපන්නම හදපු අඹ කඩන කෙක්කක් අපි නොවැරදීම අරගෙන යනවා . අපේ ඇස්වලට නොගැලපෙන ජරා පාටකින් හදාපු කොඩිවැල් තිබුනොත් අයේ කතා දෙකක් නෑ කැපුවා ! කපලා එවුවා වාහනේට පටවගන්නවා . අපේ ගෙදරට හැරෙන පාරේ තියන . පැත්තක් කැඩිච්ච වැසිකිලි වලක කොඩිවැල් ආදරෙන් තැම්පත් කරනවා !

 කටවුට් ගැලවීම මීට වඩා ගොඩක්ම වෙනස් .  ගොඩක් අපේක්‍ෂකයො කරන වැඩක් තමයි  . බොහෝම අමාරුවෙන් හිනාවෙලා එහෙම නැත්නම් වැඳගෙන ඉන්න පින්තූරයක් දාලා . ලොකුම ලොකු කටවුට් එකක් හදලා . විරුද්ධ පාක්‍ෂිකයකුට ලඟාවෙන්න බැරි තැනක එල්ලන එක . අනිත් කාරනාව නම් ඔය තරම් ලොකු කටවුට් හයි කරපු තැනකින් ගලවන්න අමාරුයි . ! ඒව බාන්නත් අපි ලඟ පිලියම් තියනවා . අහගන්නකෝ එක පිලියමක් ..

බොහෝමයක් අපේක්‍ෂකයෝ කටවුට් එල්ලන්නේ තමන්ගේම අධාරකරුවෙකුගේ ගෙදරක් ඉස්සරහා පාරේ ! . එල්ලලා විතරක් නිකම් ඉන්නේ නෑ .අධාරකරුවගේ ගෙදරින් වයර් එකක් ඇදලා රෑට කටවුට් එක ලස්සනට පේන්න බලුප් එකකුත් දානවා . හරියට තොරන වගේ . ඔහොම එකක් දැක්කොත් අපි කරන්නේ .අපේ කන්ඩායමේ ඉන්න ගස් නගින්න එකාව යවනවා . මිනිහා ගහට නැගලා . කටවුට් එක ලඟට කිට්ටු වෙලා .අපේක්‍ෂකයාගේ මූන රවුමට කපනවා .කපලා සාක්කුවේ දාගන්නවා .අපේක්‍ෂකයාගේ මනාප අංකයත්  කපාගන්නවා . ඔන්න ඔච්චරයි අපි කරන්නේ . වැඩිය කඩන අය නෙවේ අපි ! ඉතින් අනිත් පහුවදාට අයිතිකාරයොම කටවුට් එක බාලා ..

 ඉතින් ඔන්න ඔය විදිහට මැතිවරණ ප්‍රචාරනේට ගිහිල්ලා පාන්දර ජාමෙට මම ගෙදර එනවා . ඇවිල්ලා අනිත් පැත්තට වැඩට යනවා  .! මම වැඩට යනකොට ඇස්දෙක බාගෙට පියවිලා . ඒත් පාර දිගට අපි හදාපු සැරසිලි පෝස්ටර් කටවුට් . දකිනකොට ආසාවේ බෑ ! ඒත් හවස වැඩ ඇරිලා ගෙදර එනකොට . අලවපු ඒවගෙන් 99% ක්ම බිම සමහර එවුවගේ බාගයයි . ඉතින් ගෙදර ඇවිල්ලා ආයේ පටන්ගනවා . .

 මේ දවස් ටිකේම මහ රෑ අපි ඇවිදින හින්දා අයියා අපි වෙනුවෙන්ම ඉස්තරම් වර්ගයේ බෝතල් ගෙනැවිත් දෙනවා .! ආයේ ඉතින් මොන කතාද ? ලංකාවම උනත් පෝස්ටර්වලින් වහන්නම් මේ විදිහට බොන්න ලැබෙනවානම් . මහ රෑ ඇවිදලා පින්න වැදිලා මට දැන් හොඳටම හෙම්බිරිස්සව . ඒත් මම මගේ සහෝදරයා දිනනකම් මේ ගේම අතාරින්නේ නෑ ..

  අයියා දිනන එක මට ගොඩක් වැදගත් . මගේ ගමටත් ගොඩක් වැදගත්. අයියා දින්නාම මම මුලින්ම කරන්න හිතාගෙන ඉන්නේ .ගෙදරට එන පාර හොඳට හදාගන්න එක . ඊලඟට ඉතින් හෙල්මට් එකක් නැතුව උනත් බයික් එකේ ගිය හැකිනේ ! .. ඕනම වලියකට බය නැතුව සම්මාදම් උන හැකි . මගේ වටේ ඉන්න යාලුවෝ සෙට් එකටම ජොබ් සෙට් කරන්න ඕන . මට නොමිලේ ත්‍රීපෝෂ ඉල්ලගන්නත් පුලුවන් :)  අයියට වාහනයක් ලැනොත්  අප්පේ ! මට ඒක අරගෙන කෙල්ලෙක් එක්ක රවුමක් ගියහැකි .. වන ජීවී එකට අයිය ලවුවා සද්දෙයක් දාලා වල්අලි ටික ඈතකට එලවලා දානවා . මට බලපත්‍රයක් සහිතව තුවක්කුවක් ගන්න බැරිවෙයිද දන්නේනෑ ? (ආත්මාරක්‍ෂාවට )

දැං ඉතින් මගේ දිහා නපුරු විදිහට බලන්න එපා ! මේවට තමයි මැතිවරණ කියන්නේ ! ඕනෑම අපේක්‍ෂකයෙක් දිනුවාම එයාගේ පවුලේ අයට ලැබෙන Benefit තමයි මේ මම ලියලා තියෙන්නේ !   මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ ..  ඉතින් අයියා දිනුවොත් . මම දිනුම් . මම දිනුවොත් ගම දිනුම් !

 ඉතින් හිස් අහස කියවන සහෝදර සහෝදරියනි .සඳරුගේ අයියාට ජය පතන්න . ! අයියා දිනපු දවසට මම දාන සද්දෙන් බ්ලොග් අවකාසෙත් අහල ගම් හතකුත් හෙල්ලෙයි .!  .

ජය වේවා !!!



සඳරු //












40 comments:

Charmi said...

අයියට මොනවා උනත්
මල්ලි හරි මල්ලි...!!
මල්ලිට ජය වේවා........

Anonymous said...

මලයො, අයියා ඉල්ලන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණෙටද​? නැත්නම් ජනාධිපතිවරණෙටද? :)
කොහොම උණත් දිනන්න ලැබේවායි පතනවා.

MaRLaN said...

මේකට ඉතින් කරන්න තියෙන්නේ දත් විලිස්සා හිනාවෙන එක තමයි...
සදරු අයියේ තමන්ට කරගන්න ඉස්සර ගමට කරන්න දෙන්න... එහෙම උනානම් ඊලග චන්දෙන් ගොඩම තමයි... තේරුනාද?

නචියා said...

සදරුට හරි ගියා කියන්නේ අපටත් පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන්නේ....
ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

පබලු said...

අනේ මන්ද සඳ... :)

පිණිබිඳු... said...

කොතනත් ඉතින් එකම කතාව තමා. කරදරයක් කරගන්නැතුව මේ දවස් ටික ගෙවා ගන්න සහෝ.

``` Outsider``` said...

මේ කුණු දේශපාලනේටනම් හුරේ දාන්න බෑ යාඵවා. ඒත් ඉතින් ඔයා ලියන විදියටත් ලියන අවංකභාවයටත් නම් හුරේ පාරක් දාන්නෙ නැතිව ඉන්න බෑ කොහොමත්..
(මේ ක්‍රමේ තුළ ගෙදරට යන පාර හදාගන්න වගේ දුෂ්කරතා ජය ගන්න වෙන ක්‍රමයක් නෑ ඇත්තටම ඒක නිසා අයියට ජය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්)

Anonymous said...

රට හදන්න නොකියා උඹ ඇත්තම කිව්ව එක අගෙයි, නැත්නං උඹ ජෝක් එකක් වෙනවනෙ මලේ. මොනව හරි වෙලා උඹ කියන විදියට ගමට පහසුකම් ටිකක්වත් ආවොත් ලොකු දෙයක් නේද?

Anonymous said...

wali nathi jayak ( i hate politics)

Anonymous said...

(අනේ මන්දා.. කියන්න දෙයක් සිතමින්)

සහෝදර ප්‍රේමයෙන් වැඩ නේ..!

//චතුවා (ළමයා)

රත්ගමයා said...

අඩේ අප්පා...මේක කියෙවම මට දාන්න හිතුනා බොලේ අපි පෝසර් ගහන්න ගියපු ජැටි..... එකම පක්ෂේ නිසා ජය වේවා කියනවා...නැති නම් ඉටිහ්න් කපනවා...
අපි නම් පාප්ප..පෝස්ටර් වලට අමතරව...කඩු පොලු තුවක්කුත් අරන් ගියා..නැති නම් මෙහේ උන් මෙල්ල කොරන්න බෑ නේ....
ලොකු තාත්තගේ පුතාට ජය වේවා!!!මාටියා නොගහා ගම හදන්න හැකි වේවා!!
අර තුවක්කු ඕනේ කිව්ව නේ..මගේ ගාව තියෙනවා ටොප් බඩු..කෝල් එකක් දාන්නකෝ...බලපත්‍ර නම් නෑ..හැබැයි තිබ්බොත් වදිනවා කෑලි යන්න..ඕකට ඉතින් මේකා දිනන කල් ම ඉන්න එපා...කෝල් එකක් දෙන්න....හික්...ඉකේයියා දාන්න තැනක් අහු උනේ නෑ..ඒත් ලාවට දැම්මා.....

ඉලංදාරියා said...

උබේ හිනේ එළිකරගන්න් අපුලුවන් උනොත් එහෙම .. ඔය ගමේම ..උබලගේ අයියා හරහා ගමත් උබත් රටත් ..ගොඩ..



අයියාට ජයවෙවා!!!

සූර සරදියල් said...

ඔන්න මමත් සුබ පෑතුවා එහෙනම්

Anonymous said...

ayya hari math bahala wada karaddi mage eka mata puduma sala killa

Thusitha (දිමා) said...

ඡජ

Anonymous said...

උඹේ හීනේ සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ලබන පාර වෙද්දි සදරුටත් චන්දේ ඉල්ලයිද දන්නැ සහෝදරයගේ අඩි පාරේ ගිහින්......

-නිර්මල-

Hishan de Silva said...

ලයිසන් තිබුනත් නැතත් කෙරෙන්නෙ එකම වැඩේ නොවැ ඔය තුවක්කුවෙන්...

dinesh said...

දැන් බ්ලොග් අවකාශෙ දෙන්නෙක් ඉන්නවා.එල,එල කවුරු ඕනෙ නෑ කිව්වත් වැඩක් කර ගන්න උනාම තමා පොලිටික්ස් සපෝට් ඕනෙ වෙන්නෙ.මේ දවස් ටිකේ ලඟින්ම ඉඳපන් මලේ.හැබැයි ෂේප් එකයි,පාරයි. දන්නවනෙ ඉතිං,

ජය වේවා..........!!

Dinesh said...

අපිත් ජය ප්‍රර්ථනා කරනවා....

පූසා said...

එළ..... සඳරුට ජය වේවා!
කවුරු දින්නත් කමක් නෑ උඹටත් සෙතක් වෙනවනම් එච්චරයි :)

සංකල්ප said...

පරිස්සමෙන් මලයෝ. ඔයවගේ එවුන්ට අනක් ගුනක් කියලා නෑ. අපිත් ඉස්කෝලේ යන දවස්වල ඔයවගේ වැඩ කරනවා. හිනාවෙලා ඉන්න පෝස්ටර් එකක්දැක්කොත් දත් දෙකක් තුනක් පාට කරනවා. එතකොට නිකන් හරියට ඒකාට දතක් අඩුයි වගේ පේන්නේ. හෙනම චාටර්.

හිස් අහස said...

@Charmi = එහෙමනම් සහෝදරයා ඔයයි අපට මුලින්ම ජය පැතුවේ ! අයියා දින්නම මම මුලින්ම සලකන්නේ ඔයාට
.....................................................................................................................................................
@Anonymous = හි ..හි එයා වෙන්ඩ ජනාධිපති ...
.....................................................................................................................................................
@MaRLaN = මාලන් හිනා උනොත් එහෙම . බලාගෙනයි ! බයවෙන්න එපා ! ගම කාලා රට හදනවා
.....................................................................................................................................................
@නචී = මේ මොන කතාද දෙන්නම් මචං හඳ උනත් ගෙනල්ලා ! . අයිය දින්න ගමන් මට කතාකරන්න හරිය !
.....................................................................................................................................................
@පබලු = ජය වේවාවත් කියන්න පබලු අක්කේ
.....................................................................................................................................................
@පිණිබිඳු = මේදවස්වල මොන කරදරද ? සේරම බඩු නිකංම ලැබෙනවා කාල බීල ඉන්නයි තියෙන්නේ ..ජය වේවා !!
.....................................................................................................................................................
@Outsider = ස්තූතියි මචං මම මේ ලිවුවේ ඇත්තම සිද්දියක් තමයි ඒත් අයිය උනත් දින්නම විස්වාස නෑ
.....................................................................................................................................................
@nawammawatha = මේක තමයි නවම් අයියේ මම දන්න දේසෙ පාලනේ . මොන පහසුකම්ද මූට දැනටමත් අපිව අමතකයි .
.....................................................................................................................................................
@prabathw7 = මමත් අකමැතියි ..ඒත් ලොකුතාත්තගේ පුතානේ ! . අනික මොනාහරි කඩාගන්න ලේසියිනේ
.....................................................................................................................................................
@චතුවා (ළමයා) = මොකද මේ වෙස්මූනු දාගෙන . දැන් අපේඅයිය දින්නම ළමයට මොනවද ඕනේ ? ලැජ්ජ වෙන්න එපා ළමයෝ ඉල්ලපං
.....................................................................................................................................................
@රත්ගමයා = මෙන්න් අපේ පාක්‍ෂිකයෙක් . ජය වේවා !! මේපාර අපි අල්ලමු . අප්පටසිරි මල්ලිත් බැහැලම වැඩ වගේ . ලියපං මච පෝස්ටර් අලවපු හැටි. අපිත් ඔය දෙපැත්ත කැපෙන මොනවාදෝ අරගෙන ගියා . ඒත් ඒව කියන්න හිත දෙන්නේ නෑ .සුදු පාට වෑන් ආවොත් ? . ඔයා ගාව ගන්ස් තියන එකේ මට හොයලා දෙන්න ඩෙසට් ඊගල් අවියක්. ඊබේ එකෙන් වත් ගෙනෙල්ල දියන්

හිස් අහස said...

@ඉලංදාරියා = මූ ලොකුතාත්තගේ පුතාඋනාට බං මට අබ මල් රේනුවක තරම්වත් සුවර් එකක් නෑ . මූ අපෙන් වැඩ අරගෙන අර පැත්තට පයිං ගයිද මන්දා ? එහෙම උනොත් පාරත් නෑ මාත් නෑ
.....................................................................................................................................................
@සූර සරදියල් = උතුවං කන්දේ සූර සරදියෙල් මමයි ..//
.....................................................................................................................................................
@Anonymous = මටත් පුදුම සැලකිල්ල. හැබැයි මොකා උනත් දිනනකම් විතරයි .. නැද්ද මචං.?
.....................................................................................................................................................
@annanmannan = මම ජන්දේ ඉල්ලුවොත් මගේ අම්මවත් ජන්දේ දාන්නේ නෑ.මට ඒ තරමට මිනිස්සු ආදරෙයි බං
.....................................................................................................................................................
@Hishan Melanga = නෑ මට ගන් එකක් ඕන ලස්සනට තියාගන්න විතරයි . මම ඕකෙන් වෙන මොනවත් කරන්න යන්නේ නෑ ..
.....................................................................................................................................................
@dinesh = අනිවා මචං ..ඔන්න ඔය කන්න බොන්න පුලුවන් දෙයක් කාලා බීල මමත් යන්න යනවා . බයික් එකක් තියනවා අපේ දිනේශ් කොල්ලට ආඩම්බරයි ආ... ජය වේවා !! ඔයාට මොනාද ඕන කියන්න ? හඳ උනත් ගෙනල්ලා දෙන්නම් .
.....................................................................................................................................................
@Dinesh = ජය වේවා .. මවං ජය වේවා !!
.....................................................................................................................................................
@පූසා= පූසට ජය වේවා !! අපිට සෙත් පිට සෙත් මචං ...
.....................................................................................................................................................
@මධුරංග . = අඩේ මධු අයියේ මේකා මගේ ලොකු තාත්තගේ පුතන්ඩියා .! මේක මාව පරිස්සම් කරනව ඇහැක් කනක් , ගහක් ගලක් වගේ .බය වෙන්න දෙයක් නෑ අයියා ජන්දෙය වැඩ නැතෙයි

පැන්ඩා said...

රට වැහෙන්න පොස්ටර් ගහල හරි කමක් නැ ඔය පොරට කියල උඹලගෙ පාරයි අලි ප්‍රස්නෙයි විසඳ ගත්තොත්..උඹ ඒ අරමුණින් ඔය ඔක්කොම කරන හින්ද අපි මෙකෙ හරි වැරදි හොයන්න යන්නෙ නැ..
උඹට පුලුවන් නම් අලි අල්ලල ලයිසන් එකක් සෙට් කොරන්න උඹට සල්ලි දීල ඇරන් යන්න කැමති ඕනි තරං සල්ලි කාරයො අලි හාම්පුතෙක් වෙන්න බලාගෙන රත්නපුර පැත්තෙ නම් ඉන්නව

Observer said...

අපිය බොන්න දෙනව නං.................
අපිට කන්න දෙනව නං.....................

Anonymous said...

‍දේශපාලනය ‍මොක වුනත් සඳරු දැන් හරි ලස්සනට ලියනව ‍නෙව... ඔන්න ‍නොකිවයි කියන්න එපා ර‍ජෝ .. ‍මොනා කරත් කමක් නැහැ . කම්පීටර‍යේ අකුරක් ‍දෙකක් ‍කොටන අත පරිස්සම් කර ගන්න..

අයියල, මල්ලිල, තාත්තලා, ‍‍ලොකු තාත්තල , පුතාලා ඔක්කමල තමයි දැන් රට පාලනය කරන්‍නේ. ඒත් ඉතින් පාරවල් ‍තොටවල් තාමත් එ‍හෙමමයි...

හරි හරි කමක් නැහැ.සඳරු අපිට, අපි සඳරුට....

හැබැයි ඉතින් ‍ලොකු තාත්ත‍‍ගොපුතා අන්තිමට කියාවිද දන්‍නොනැහැ.

“ සඳරු ...මචං මම ‍මේ තනතුරු වලට ආ‍වේ ඥාති සංග්‍රහ කරන්න ‍නෙ‍මෙයි මචං “ කියල.

Anonymous said...

මේ මජර දේශපාලනය ගැන වගේම ඒක මේ තරම් සරුවට වැඩෙන්න බලපාල තියෙන එක හේතුවක් ගැනත් උඹ ලියලා තියෙන එක ගැන උඹට ස්තූති වෙන්න ඕනෙ.

තමන් මේ දහජරා දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් මේ තරම් දිවා රෑ නොබලා වැඩ කරන බව මෙහෙම ප්‍රසිධියේ කියන්න කෙනෙක් ඉදිරිපත් වීමම මට තාමත් ටිකක් පුදුමයි. මේ තුච්ච දේශපාලනය පවතින්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන රාශියක් දෙනා නිසා තමයි. ඒත් ඒ බව ප්‍රසිධියේ පිළිගන්න ඉදිරිපත් වෙන්නෙ බොහොමම කලාතුරකින්. මට හිතුනෙම, මේක ඇත්ත කථාවක ස්වරූපයෙන් දාල තියෙන ප්‍රබන්ධයක් කියලයි.

ඒත් මේ බ්ලොග් එකේ අනිත් පෝස්ට් දැක්කම මට හිතුනා මේක ඇත්ත කථාවක් තමයි කියලා. මිනිස් දූවිලි බවට පත්වෙලා ඉන්න උඹ වගේ එවුන් බිහි වෙලා තියෙන්නෙම මේ ක්‍රමය නිසාවෙන්. ඒත් උඹලට විමුක්තියක් ලබාගැනීමක් ගැන මොනම බලාපොරොත්තුවක්වත් නැති නිසා උඹලට ඉතිරිවෙලා තියෙන්නෙ හීන ටිකක් විතරයි. උඹලා වගේම උඹලගෙ හීනත් මේ ක්‍රමයේම නිශ්පාදන. මේ ක්‍රමයේම නිශ්පාදන විසින්ම මේ ක්‍රමය පවත්වා ගෙන යාමට වැඩ කරන හැටි ගැන, දිවා රෑ නොබලා වැඩ කරන හැටි ගැන, මේ ක්‍රමය පවත්වා ගෙන යාමට අවශ්‍ය අය (සහ ඔවුන්ට බැලීමට දිය යුතු හීන ) නිශ්පාදනය කිරීමට මේ ක්‍රමයම සමත් වී තිබීම ගැන මට හිතෙන්නෙ හොඳ ප්‍රතිභාවක් තියන කලා කරුවෙකුට මාර නිර්මාණයක් කළ හැකියි කියලයි. මට හිතෙනවා "පාර කපා ගන්න ඕනෙ" වගේ යෙදුම් මාර ප්‍රබල විදියට යොදා ගන්න පුළුවන් වෙයි කියලා, එහෙම නිර්මාණයක් තුලදි.

කතන්දර Kathandara said...

මේ ජඩ ක්‍රමයෙන් අපිට ගැලවීමක් ම නෑ වගේ නේද?

Nuwanga said...

සදරු අයියේ
ලොකුතාත්තගේ පුතා මොන පක්සෙද?

Anonymous said...

ayye taraha wenna epa mama nam oya deesa paluwanwa penna bae.oya deasa paluwo nattan mae rata kochara diyunu welada horakamai cheat karana ekai.mama kiyan nae eka packshayak kiyala koyi packsheth ekai

BLOG ගඩොල් said...

මම මේ ලිපිය ගැන මොනවත් කියන්නෙ නෑ. බායි

හිස් අහස said...

@පැන්da = අයියෝ පැන්ඩයියේ .අපේ අයියා නියමෙට වැඩක් දෙයි එයා පත් උනාට පස්සේ . මගේ ප්‍රධාන අරමුණ ගමට පාරක් , ඊලඟ අරමුන බොන්න යමක් . දැන් කෝ මේ පැන්ඩා අපේ දිහා ආවේ නෑ නේ . මම වත්ත පිටිය හිටන් සුද්ද කලා මේක එනව කියපු නිසා .
.....................................................................................................................................................
@Observer = ඔබා අයියේ මොනාද මේ කතා ! . අපි නටමු එන්න එන්න ..
.....................................................................................................................................................
@සොඳුරු සිත = බට කැලේට හඳ පෑවුවා වගේ අක්කා මගේ බ්ලොග් එකට ආපු එක .. බය වෙන්න එපා අක්කේ මම රක්‍ෂණාවරනයක් අරගෙන ඉන්නේ මං මැරුනොත් අම්මට ගානක් හම්බවෙනවා . ඒක නිසා මම බය නෑ . ආ . අයියා මට එහෙම කීවොත් ඉතින් එයාව උස්සනවා .! ..ජය
.....................................................................................................................................................
@Anonymous = මෙච්චර කොලිටි අදහසක් දුන්න ඔයා ඇයි අප්පා නම දැම්මේ නැත්තේ ? අමනාපයක් නැත්නම් ආයේ ඇවිල්ලා නම කියන්න . මමත් සාමාන්‍ය මනුස්සයෙක් මචං අපිට දේසපාලයෙක් හම්බවෙන්න බොහොම අමාරුයි . අපේ එකෙක් ඔය පුටුවේ හිටියොත් බයක් නැතුව හරි හිටිය හැකි . අන්න ඒ හැඟීම නිසා මමත් මෙදාපාර වැඩ . මම සමහර දේවල් ලීවේ විහිලුවට මම ඔය තුවක්කු වගේ දේවල් වත් කන බොන ඒවවත් ඉල්ලන්නේ නෑ . පුලුවන්නම් පාර හදාගන්න බලනවා . ඒච්චර තමයි . මේ කතාව නම් ඇත්තක් මගේ ගමේ බ්ලොග් බලන අය නැති නිසා මම මේව ලියන්න කියන්න බය නෑ ...ඔයා නම දැම්මේ නැත්තේ මොකහරි හොඳ හේතුවකට වෙන්න ඇති . ඔයා ලියපු ඒවගෙන් මට හිතාගන්න පුලුවනි ඔයා අදහස් වලින් පරි පූර්ණ එක්කෙනෙක් කියලා .
.....................................................................................................................................................
@Kathandara = කකා අයියේ . මදුරුවාගේ ජීවන රටාව හා දේශපාලඤයාගේ ජීවන චක්‍රය එක සමානයි ...
.....................................................................................................................................................
@Nuwanga = කියන්න බෑ මයෙ මල්ලියේ . මේකා දැනට ඉන්න පැත්ත දින්නට පස්සේ මාරු වෙයිද දනේ නෑනේ ! :)
.....................................................................................................................................................
@මෝල්ඩර් ෆයිල්ස් = තරහා වෙන්නේ මොකටද බං අපි අපි . ඔයා කියන කතාව සහතික ඇත්ත . එයාල හරියට හිටියනම් රට අද ගමේ මිනිස්සුන්ට ගම එපා වෙන්නෙත් නගරේ මිනිස්සුන්ට නගරේ එපාවෙන්නෙත් නෑ හැමෝම සතුටින්
.....................................................................................................................................................
@blog gadol = අපි දිනුවම මුලින්ම මේ බ්ලොග් ගඩොල් ලියන පූසෙක් සල්ලිවලට ගන්න ඕන ...සුරතලේට ඇති කරන්න

Anonymous said...

මම කමෙන්ට් කරන්නෙ නිර්ණාමිකව විතරයි. ඒ බයකට කියලම නෙමෙයි. බය වෙන්නත් ඔනේ තමයි, මේව ලියනකොට. ඒත් මම නිර්ණමිකවම ඉන්නෙ, ඒක මගේ හැටියක් සහ බ්ලොග් අවකාශයේ හැටියක් නිසා.

හිස් අහස said...

@Anonymous අපෝ මචා මම දැන් කීවද බය කතාවක් ? මමත් මේ ඉන්නේ හැංගිලා කීපදෙනෙක් ඇරෙන්න ගොඩක් අය මාව අඳුනන්නේ නෑ . අවුලක්නෑ මචං නම එපා උඹේ මැක්සා අයිඩියාවක් දෙකක් තිබ්බම හොඳටම ඇති.. ස්තූතියි මචං

Podi Kumarihami said...

අලියෝ ඉන්න ගමක නේද ඉන්නවා කීවේ? ඉතින් රෑට ඕවා අලවන්න යනකොට අලියෝ එහෙම මුන ගැහෙන්නේ නැද්ද? රෑ තිස්සේ ඕවා අලවන්නේ නැතිව අය්යට ඔය ජන්දේ දිනන්න බැරිද? අය්යා ඉල්ලන්නෙත් පීඩිත පක්ෂෙන් වෙන්ටැතිනේ. කොහොමහරි කමක් නෑ සඳරූ අලින්ට නොපෑගී.

Anonymous said...

කෙලියා තාප්පෙට.... මට පේන්නේ අයියා දිනන්න කලිංම මල්ලි දිනලා ඉවරයි වගේ.... හැබැයි පුතේ උඹේ අයියත් දේශපාලනය කරන එකෙක් කියලා මතක තියාගනින්... දන්නවනේ උන්ගේ පොරොන්දු ගැන. පස්සේ අපිට චුරු චුරු ගාන්න එපා.

පිස්සා පලාමල්ල said...

කොලුවො 13 වෙනිද ලක්බිමේ 11 පිට බලපිය... :)

Dul said...

පෝස්ට් එක පත්තරෙත් ගියා එහෙනම්.එල එල.ජය වේවා!!! :) http://lakbima.lk/ 2011-03-13

දුකා said...

අලුත් පෝස්ට් එක නිසා තමයි මේ පෝස්ට් එක ගන දැන ගත්තේ.
පහුගිය කාලේ නිවාඩු ගොහින් උන්නු නිසා වැඩිය බ්ලොග් කියවන්ට ලැබුනේ නෑ.

මේ ලිපිය ඇත්තෙන්ම වගේ පත්තරේක මැද පිටුව නෙමෙයි මුල් පිටුවෙම යන්න ඕන ලිපියක්.

අපේ (මහජනයාගේ) ඇස් බලමු මේවායින් වත් ඇරේවිද කියලා??

මම එක පාරක් ලිව්වා එක පෝස්ටර් එකක් වත් අලවන අපේක්ශකයට චන්දේ දෙනවා කියනන් තරම් අපේ කොඳු නාරටි හයිය වෙන්න ඕන කියලා.

මේ තියෙන්නේ ඒ ලිපිය

චේතක said...

ඉතින් මොකද දැන් තත්වේ.. අයියා දින්නද ?

Post a Comment

තැන්කූ බං